Tag: featured

  • අපි වැටිලා නෑ..! පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් හතරක් ඉන්නවා..! ධම්මිකත් ඒ අතර..! ලේකම් සාගරගෙන් ප්‍රකාශයක්..!

    අපි වැටිලා නෑ..! පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් හතරක් ඉන්නවා..! ධම්මිකත් ඒ අතර..! ලේකම් සාගරගෙන් ප්‍රකාශයක්..!

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය

    එම සිවු දෙනා අතර ප්‍රධාන පෙළේ  ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද සිටින බව  සාගර කාරියවසම් මහතා පැවසීය.

    කාරියවසම් මහතා මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

  • ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්..!

    ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්..!

    ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බව ලෝක බැංකුව පවසයි.

    එය සලකා බලා “Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation” යන ඩොලර් මිලයන 500ක වැඩසටහනෙහි දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.

    අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති “RESET DPO”, වැඩසටහන සඳහා 2023 ජූනි 28 වනදා අනුමැතිය ලැබුණි.

  • ලංවිම සේවකයන්ට මෙවර ප්‍රසාද දීමනා – වෙනත් දීමනා කිසිවක් නෑ..!

    ලංවිම සේවකයන්ට මෙවර ප්‍රසාද දීමනා – වෙනත් දීමනා කිසිවක් නෑ..!

    ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට මෙම වසරේ ද වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේස්කර මහතා එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී තිබේ.

    එම මණ්ඩලයේ පාරිපාලන සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස මීට පෙර වසරවල ද වාර්ෂික ප්‍රසාද දීමනා නොගෙවූ බවත් 2015 වසරේ සිට වසර තුනකට වරක් හිමිවූ සියයට 25 ක වැටුප් වර්ධකය ද නොගෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

  • වෙරළ රකින්න පස් අවුරුදු සැලැස්මක්..!

    වෙරළ රකින්න පස් අවුරුදු සැලැස්මක්..!

    වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් (2024-2029) ප්‍රකාශයට පත් කෙළේය.

    බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (20) ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම (2024-2029) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පිළිගන්වනු ලැබීය.

    වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ පනතේ නීති ප්‍රකාරව, වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සැකසීම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ.

    එමෙන්ම වෙනස්වන තත්ත්වයන් සැලකිල්ලට ගිනිමින් සෑම වසර පහකටම වරක් එම සැලැස්ම යාවත්කාලීන කළ යුතුයි. මෙරට අවසන් වතාවට වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් පිළියෙල කරනු ලැබුවේ 2018 වසරේදීය.

  • විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා මහජන අදහස් විමසයි..!

    විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා මහජන අදහස් විමසයි..!

    2023-2025 කාලසීමාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මහජන අදහස් අපේක්ෂා කරයි.

    “විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය” යනු රජයන්, සිවිල් සමාජය සහ පුරවැසියන් අතර හවුල්කාරිත්වය තුළින් විනිවිදභාවය, සහභාගීත්වය, වගවීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන විවෘත රාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වික මුලපිරීමකි.

    මේ වන විට ලොව පුරා රටවල් 75 ක්, පළාත් පාලන ආයතන 104 ක් සහ සිවිල් සමාජ සංවිධාන දහස් ගණනක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන සමඟ සම්බන්ධ වී කටයුතු කරයි.

    විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, සිය 2023-2025 කාලසීමාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ‍සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එය ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ලෙස රජයේ සහ සිවිල් සමාජ පාර්ශවකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    ඒ අනුව මෙම විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ක්‍රියාකාරී සැලැස්මෙ හි සම-නිර්මාණකරුවෙකු ලෙස සිය වටිනා අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට අවස්ථාව ලබා දී තිබේ. එමඟින් ශ්‍රී ලංකාව තුළ විවෘත, සහයෝගීතාවයෙන් යුතු සහ ප්‍රතිචාරශීලී රාජ්‍ය පාලනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාව වෙත ආරාධනා කෙරේ.

    මේ සඳහා වන ප්‍රශ්නාවලිය වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය https://www.presidentsoffice.gov.lk ඔස්සේ ප්‍රවේශ විය හැක.

  • ත‍්‍රිවිල් මාෆියාව හාන්සියි..! මීටර් අනිවාර් යයි..! මගීන්ටත් ඇප් එකක්…!

    ත‍්‍රිවිල් මාෆියාව හාන්සියි..! මීටර් අනිවාර් යයි..! මගීන්ටත් ඇප් එකක්…!

    මගී ප්‍රවාහනයේ යෙදෙන තීරෝද රථ සඳහා මීටර් ක්‍රමය අනිවාර්ය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

    මීටර් රථ නොමැති ත්‍රිරෝද රථ රියදුරන් විසින් අසාධාරණ ලෙස කුලී ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම පියවර ගනී.

    ඇතැම් ත‍්‍රිරෝද රථ විසින් කිලෝ මීටරයකටත් අඩු දුරක් සඳහා යාමට රුපියල් 300 ලබාගත් අවස්ථා රැසක් පිළිබඳ පැමිණිලි ලැබී ඇත.

    ඒ අනුව ‍මගී ප්‍රවාහනය සඳහා ලියාපදිංචි වී සිටින සියලු ත‍්‍රිරෝද ඉදිරියේදී මීටර් ක්‍රමයකට අනුගත කරවීමට සඳහා දැනටමත් සැලසුම් සකස් කරමින් ඇත.

    ඒ හරහා රට පුරාම කිලෝමීටරයක් සඳහා සමාන්තර ගාස්තුවක් අය කිරීමට නියමිතය.

    මේ වන විට පෙට්‍රල් ලීටරයක් රුපියල් 365කට අලේ වෙද්දී ත්‍රී රෝද රථයක් කිලෝ මීටරයක් සඳහා රුපියල් 300ක මුදලක් අය කිරීම අසාධාරණ බවද ප‍්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

  • අට හැවිරිදි දැරිය හොඳම ඡායාරූප ශිල්පිනිය වෙයි..!

    අට හැවිරිදි දැරිය හොඳම ඡායාරූප ශිල්පිනිය වෙයි..!

    තරුණ ආධුනික ඡායාරූප ශිල්පීන් ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ සහ වේල්සයේ වාර්ෂිකව පැවැත්වෙන, රාජකීය සම්මාන උළෙලේ (RSPCA Young Photographer awards 2023) හොඳම ඡායාරූප ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූයේ අට හැවිරිදි දැරියක වන ජේමී ස්මාට්ය.

    ජේමී ස්මාට්, වේල්සයේ පදිංචිකාරියකි. අට හැවිිරිදි දැරියක රාජකීය සම්මාන උළෙලේ හොඳම ඡායාරූප ශිල්පියා වූ පළමු අවස්ථාව මෙයයි.

    පුංචි ජේමීගේ ඡායාරූපයෙන් දකින්න ලැබෙන්නේ, ඇගේ සුරතල් කළුකුමා ‘ෆෙඞ්රික්’ උගේ කූඩුවේ සිටිද්දී ගත් සමීප ඡායාරූපයකි. පහතින් ඇත්තේ එම ඡායාරූපයයි.(ටෙලිග්‍රෑෆ් ඇසුරිනි)

  • සමරිසි පුද්ගලයන්ට පාප්තුමාගේ ආශිර් වාදය..!

    සමරිසි පුද්ගලයන්ට පාප්තුමාගේ ආශිර් වාදය..!

    සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ.

    දෙවියන් වහන්සේ සියලු දෙනා එක හා සමානව පිළිගන්නා බව පෙන්නුම් කිරීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අරමුණ වී ඇතැයි ද පැවැසෙයි.

    පාප්තුමන්ගේ මෙම ක්‍රියාව, ලොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත්ම ඉදිරි පියවරක් යැයි වතිකානය පවසයි.

    එසේ වුවත්, සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් වීමට පූජකවරුන්ට සිදුවනු ඇතැයි ද වතිකානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

  • ට්‍රම්ප්ට 2024 ජනපති අපේක්ෂකත්වය අහිමිවන ලකුණු..!

    ට්‍රම්ප්ට 2024 ජනපති අපේක්ෂකත්වය අහිමිවන ලකුණු..!

    ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා ඇත.

    ඒ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවය.

    තීන්දුවට අනුව, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ට 2024 ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වෙයි.

    අධිකරණ තීන්දුව සම්බන්ධයෙන්, අදාළව අභියාචනා ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ට්‍රම්ප්ට අවස්ථාව හිමිවී ඇතැයි ඔහුගේ නීතීඥවරු පවසති.

  • විදුලි බිලට වැට් බලපෑමක් නෑ..! අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනයට පියවර..! ඇමති කාංචනගෙන් ප්‍රකාශයක්..!

    විදුලි බිලට වැට් බලපෑමක් නෑ..! අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනයට පියවර..! ඇමති කාංචනගෙන් ප්‍රකාශයක්..!

    ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී  ජනතාවට යම් සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    එම විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    පසුගිය නොවැම්බර් මාසයේ සහ එළඹෙන ජනවාරි මාසයේදී විදුලි ජනනය සඳහා වැය වන දැවි තෙල් ප්‍රමාණය අඩුවීම නිසා දැවිතෙල් මෙන්ම නැප්තා යන ඉන්ධන වර්ග විශාල වශයෙන් ඉතිරි වී තිබෙන බවද පිරිපහදුවෙන් ලැබුණු නිෂ්පාදන වලින් ලංකා තොග ගබඩා පර්යන්තයේ ටැංකි පද්ධතිය උපරිම ධාරිතාවට පැමිණ ඇතැයි ද අමාත්‍යවරයා කීය.

    ඒ අනුව මෙරට පවතින අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

  • කෙටි කලක් තුල ලංකාව ලද ප්‍රගතිය ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉන්නේ සතුටින්…! ඇමති ෂෙහාන්ගෙන් ප්‍රකාශයක්..!

    කෙටි කලක් තුල ලංකාව ලද ප්‍රගතිය ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉන්නේ සතුටින්…! ඇමති ෂෙහාන්ගෙන් ප්‍රකාශයක්..!

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල සතුටින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

    දෙවන ණය වාරිකය ලබාදීමට පෙර එම අරමුදල විසින් නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනයේ බව දැක්වෙන බවද ඔහු කියා සිටී.

    නමුත් ඇතැම් ආයතන වැරදි තොරතුරු සමාජගත කරමින් කිරීමට උත්සහ දරා තිබෙන නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිවේදනය මගින් ඒ සියල්ල ම අසත්‍ය බව හෙළි වී ඇතැයි ඔහු පවසයි.

    ‘අපි එකඟතා ඇති කරගෙන තිබෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මිසක් වෙරිටේ රිසර්ච් ආයතනයත් එක්ක නොවෙයි. වෙරිටේ රිසර්ච් ආයතනය වැරදි තොරතුරු සමාජගත කරන්න උත්සාහ දරා තිබෙන නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නෙ ආර්ථික සංවර්ධනයට ශ්‍රී ලංකා රජයේ කැපවීම ඉතා හොඳ මට්ටමක තිබෙන බව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙ කාලය අවුරුදු හතරක්. ඒ අනුව අපි වැටී තිබුණ අපෙ රටේ ආර්ථිකය ගොඩගන්න ඉතාම නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු කරගෙන යනවා. පිටස්තර අය මොනවා කීවත් අපෙ රජයේ කටයුතු ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්ව සිටිනවා. ඔවුන් අපේ වැඩවැඩපිළිවෙළ ගැන ඉන්නෙ සතුටින්. ඒ බව ඔවුන් දෙවැනි ණය වාරිකය ලබා⁣දීමට පෙර නිකුත්කර ඇති ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වෙනවා. විවේචනය කරන එක හරිම පහසුයි. නමුත් මේ ක්‍රියාවලිය ඉතාම අසීරු කාර්යයක්. ඔබට මතක ඇති මීට මාස පහළොවකට පෙර රටේ තිබුණ තත්ත්වය අනුව එදා ආණ්ඩුවට බැන්න අය ආණ්ඩුව විවේචනය කළ අය අද රට වෙනස් වී තිබියදීත් එදා විදියටම බණිනවා, විවේචනය කරනවා.’

  • ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා මෙන්න..!

    ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා මෙන්න..!

    ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිත රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

    කොළඹදී මාධ්‍ය වෙතට අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

    ‘රනිල් වික්‍රමසිංහ සර් ව පාක්ෂික දේශපාලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම අනිවාර් යයෙන් වෙනවා. සියලු පක්ෂවල එකතුවක් වශයෙන් තමා මේක කරන්නේ. නොයෙක් අය තරග කරන්න කැමතියි. නමුත් අමාරු අවස්ථාවක රටක අරාජිකත්වයට නායකත්වය දෙන එවැනි ස්වරූප තියෙන පුද්ගලයින් බොහෝම සීමිතයි.

  • කොළ එලි දසතට..! පෙරමග ලකුණු සුබයි..! ජනපති නියමයෙන් එජාප සුක්කානම රවි,මාලේවන,තෙවරප්පෙරුම ඇතුළු වැඩක් කරපු ප්‍රබලයන් අතට..!

    කොළ එලි දසතට..! පෙරමග ලකුණු සුබයි..! ජනපති නියමයෙන් එජාප සුක්කානම රවි,මාලේවන,තෙවරප්පෙරුම ඇතුළු වැඩක් කරපු ප්‍රබලයන් අතට..!

    එක්සත් ජාතික පක්ෂයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන කණ්ඩායම් නායක රවි කරුණානායක මහතාට, කැස්බෑව එක්සත් ජාතික පක්ෂ සංවිධායක උපුල් මාලේවන මහතාට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරපෙරුම මහතාට පක්ෂ යාන්ත්‍රණය තුළ සුවිශේෂී බලතල ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව අපට වාර් තා වේ.

    ඒ අනුව නුදුරේදීම එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධූරය රවි කරුණානායක මහතාටත් පාක්ෂිකයන් සමග සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා බලතල සහිත තනතුරු කිහිපයක් අසීරු මොහොතේ පක්ෂ රැකගත් පක්ෂ ප්‍රබලයන් වෙත ලබාදීමටත් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව සඳහන්.

    ජනාධිපතිවරයා මහ මැතිවරණය පරාජ වූ පසුවද ඔහු සමග සිටිමින් ඔහුව ආරක්ෂා කළ උපුල් මාලේවන පාලිත තෙවරප්පෙරුම වැනි එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත්වූ පසුව තනතුරු තාන්න මාන්න බලාපොරොත්තු නොවී ස්වාධීනව වැඩ කටයුතු කිරීම තුළ සැබවින්ම පාක්ෂිකයාට ආමන්ත්‍රණය කළ හැකි පක්ෂ නායකයන් එක්සත් ජාතික පක්ෂයෙන් දුරස් වූ බව  ජනාධිපතිවරයා වටහාගෙන ඇති බවද වැඩිදුරටත් වාර් තා වේ.

    කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ මෙම නව ප්‍රවණතාවයත් සමඟ බිඳවැටී ඇති පාක්ෂික සන්නිවේදන සම්බන්ධතා සහ පාක්ෂික ආදරය වැඩිදියුණු කරගෙන නැවතත් ජයග්‍රාහි මාවතට ගෙන ඒමට දැවැන්ත ශක්තියක් වනු ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් එම පක්ෂ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් රැසක් පැවසීය.

  • ආසියාවේ ජනප්‍රියම පුද්ගලයා ෂාරුක්..!

    ආසියාවේ ජනප්‍රියම පුද්ගලයා ෂාරුක්..!

    2023 වසරේ, ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ, අංක එක ස්ථානයේ සිටින්නේ බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුව සකස් කර ඇත්තේ මහා බි්‍රතාන්‍යයේ ‘ඊස්ටර්න් අයි’ පුවත්පතය. සිනමාව, රූපවාහිනිය, සංගීතය, සාහිත්‍ය, කලාව සහ සමාජ මාධ්‍ය ඔස්සේ කැපී පෙනෙන මෙහෙවරක් කළ සහ ජනප්‍රියක්වයට පත්වුණු පුද්ගලයන් මෙම ලැයිස්තුවට ඇතුළත්ය.

    බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ චිත්‍රපට දෙකක් වන ‘පඨාන්‘ සහ ‘ජවාන්’ මෙම 2023 වසරේ තිරගත වූයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමිනි. ෂාරුක් ප්‍රධාන චරිතය නිරූපණය කරන තවත් චිත්‍රපටයක් වන ‘ඩුන්කි’ ලබන දෙසැම්බර් 21 වැනිදා සිට තිරගත වෙයි.

    ‘ඊස්ටර්න් අයි’ පුවත්පත සකස් කළ ආසියාවේ ජනප්‍රිය පුස්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන්නේ ආලියා භාත් සහ ප්‍රියන්කා චොප්රාය.

  • පිස්සුද මං විශ‍්‍රාම ගන්නේ නෑ..! ජනතාව තවම මං ගැන ලොකු බලාපොරොත්තුවක ඉන්නේ..! මන්ත්‍රි මහින්දගෙන් ප්‍රකාශයක්..!

    පිස්සුද මං විශ‍්‍රාම ගන්නේ නෑ..! ජනතාව තවම මං ගැන ලොකු බලාපොරොත්තුවක ඉන්නේ..! මන්ත්‍රි මහින්දගෙන් ප්‍රකාශයක්..!

    දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් තමන්ට මේ මොහොතේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ජනතාව වැඩි වශයෙන්ම එකතු වී සිටින්නේ පොදු ජන පෙරමුණ සමග බවත් පවසන ඒ මහතා යම් වෙනස්කම් සිදු වී ඇතත් ජනතාව පොහොට්ටුවෙන් ඈත් වී නැති බවද සඳහන් කළේය.

    පොදුජන පෙරමුණේ සම්මේලනය විසින් ඔප්පු කරන ලද්දේ එය බවත් පැවසූ ඔහු සෑම පක්‍ෂයක්ම සම්මේලන පැවැත්විය යුතු බවත් පක්ෂයේ ශක්තිය පෙන්නුම් කළ හැක්කේ එවන් දේවලින් බවත් පැවසීය.

    ජනතාව තවමත් පොදු ජන පෙරමුණ ගැන බලාපොරොත්තු තබාගෙන සිටින බවත් ඉදිරි ජනාධිපතිවරණයට තමන්ට තරග කිරීමට හැකියාවක් නැති නමුත් පක්ෂය තීරණය කරන පුද්ගලයා කවුරුන්වත් ඔහු දිනවීමට කටයුතු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

  • දැරියන් පහක් දුෂණය කල දේවගැතිවරයෙක් අත්අඩංගුවට…!

    දැරියන් පහක් දුෂණය කල දේවගැතිවරයෙක් අත්අඩංගුවට…!

    බාල වයස්කාර දැරියන් පස් දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන දේවගතිවරයෙකු කිරුළුපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රදේශයේ ආගමික සභාවක් යටතේ පාලනය වන නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස්දෙනෙකුට මෙසේ මෙම දේවගතිවරයා වරින් වර ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇත.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ හැට තුන්වන වියේ පසු වන අයෙකි.

    පරීක්ෂණවලින් හෙළි හෙළි වී ඇත්තේ මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකළ එකක් බව යයිද පොලීසිය සඳහන් කළේය.