Tag: featured

  • මහින්ද ජාත්‍යන්තරය තරහ කරගෙනයි හිටියේ… අපි මහින්ද පන්නලා ලංකාව සම්බාධක වලින් බේරගත්තා…

    මහින්ද ජාත්‍යන්තරය තරහ කරගෙනයි හිටියේ… අපි මහින්ද පන්නලා ලංකාව සම්බාධක වලින් බේරගත්තා…

    2015 දී මහින්දගේ ආණ්ඩුව පෙරලා නොදැම්මේ නම් මේ වන විට ශ‍්‍රී ලංකාවට සම්බාධක විශාල ප්‍රමාණයක් පැනවී ඇති බවත් එදා මහින්ද පරාද කිරීම තුලින් ජාත්‍යන්තරයේ තිබූ එම සූදානම බිඳහෙලීමට සමත් වූ බැවින් අප රටට සම්පූර්ණයෙන්ම වැසී යාමට තිබූ විදෙස් වෙළදපලෙ බේරා ගැනීමට හැකිවීම යහපාලන ආණ්ඩුව මේ රටට කල ලොකුම සේවයක් බවත් මාතර නගර සභාවට හා ප‍්‍රාදේශීය සභාවට පළාත් පාලන මැතිවරණයේදී තරග වදින එක්සත් ජාතික පක්‍ෂ අපේෂක්‍කයන් අමතමිනි  මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පුකාශ කර සිටියේය.

    යහපාලන ආණ්ඩුව අද වන විට මුළු ලෝකයම දිනගෙන අවසන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

     

  • ශ්‍රීලනිපයටයි පොහොට්ටුවටයි කිසිසේත්ම එකතු වෙන්න ඉඩ තියන්නේ නෑ….

    ශ්‍රීලනිපයටයි පොහොට්ටුවටයි කිසිසේත්ම එකතු වෙන්න ඉඩ තියන්නේ නෑ….

    ගම්පහදී පැවති උත්සවයකික් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ප‍්‍රාදේහීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියාසිටියේ  ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ආණ්ඩුවට සහය දීමට පැමිණියහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව කියා සිටියේය.

    ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව  කිසිසේත්ම එකතු නොවන බව හා කෙසේ හෝ එම පක්ෂ දෙක එකතු ූ වුව හොත් නයයි මුගටියයි කසාද බැදීමක් වැනි වැඩක් යයිද කී ඇමතිවරයා මහින්ද රාජපක්‍ෂ වැන්නෙකු සමග වත්මන් ජනාධිපතිට එකට වැඩ කල හැකි යයි තමන් නොසිතන බවත් එවන් එක්වීමකට තමන් ඇතුළු පිරිස ඉඩ නොතබන බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.

  • ඡන්දෙට කලින් අගමැතිට විශ්වාස භංගයක්…

    ඡන්දෙට කලින් අගමැතිට විශ්වාස භංගයක්…

     

     

    මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් හෙලිව ඇති කරුණු සැලකිල්ලට ගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් තීරණය කර ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පෙර දිනකදී මෙම විශ්වාස භංගය විවාදයට ගෙන එමගින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරිමට එවුන් සැලසුම් කර ඇත.

     

  • මහ බැංකුව මේ වසරේ 5%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරයි..

    මහ බැංකුව මේ වසරේ 5%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරයි..

    වසර 2018 සඳහා වාර්ෂික මාර්ග සැකැස්ම ඉදිරිපත් කරමින් මේ වසරේදී සියයට 5 ත් සියයට 5.5ත් ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා  ප්‍රකාශ කළේයඑමෙන්ම පසුගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 4කට ආසන්න අගයක පැවැති බව පවසන මහ බැංකු අධිපතිවරයා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව ද ප්‍රකාශ කළේය.
     
    කෙසේ නමුත් ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති නිශ්චිතව තබා ගත යුතු බවත් ආයෝජන ආකර්ෂණය කරගත යුතු බවත් පෙන්වාදෙයි. ආර්ථික වර්ධනය කෘත්‍රීමව ඇතිවුවහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා අනතුරු ඇඟවීය. 
     
    මේ වසරේදී ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුව තිබෙන ණය නැවත ගෙවීම්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 1.9කි. ඊට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල පොලීය වන රුපියල් මිලියන 600ක් ද අයත් වේ. ඊට අමතරව බාහරි ගෙවීම් රුපියල් බිලියන 2.5ක් සහ දේශීය වශයෙන් ගෙවිය යුතු ණය රුපියල් බිලියන 380ක් ද ඊට අයත් වේ. 

  • අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනාවේ ජනාධිපතිතුමා නෙමෙයි…පත් කළේ හෝ රැක්කෙත් ජනාධිපතිතුමා නෙමේ…

    අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනාවේ ජනාධිපතිතුමා නෙමෙයි…පත් කළේ හෝ රැක්කෙත් ජනාධිපතිතුමා නෙමේ…

     

    බැඳුම්කර කොමිසමේ  සාක්ෂි ගත්තේ, ඒවා සම්පිණ්ඩනය කළේ .සියලූ කටයුතු නියාමනය කරනු  ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් වන බැවින් නඩු  පැවරීම එතරම් අපහසු නොවන බවන් නඩු පැවරීමේ දී යම් නීති සංශෝධනයක් අවශ්‍ය වේ නම් එය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට කල් ගත නොවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රම ජයන්ත මහතා ප‍්‍රකාශ කළේය.

    ‘‘මේ වාර්තාවේ ඇමුණුම් දහසකට වඩා තිබෙනවා. ඒ නිසා මේකට කාලය ගත කළ යුතු නැහැ. සියලූ කටයුතු සම්පාදනය වී ඇති බැවින් ඉක්මනින්ම චෝදනා පත‍්‍ර භාරදිය හැකියි. පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු පවා මේ ගැන උනන්දුයි. මේ ගැන නීති සම්පාදනය කරගන්න අවශ්‍ය වෙනවා නම් ඉතා ඉක්මණින් හා පහසුවෙන් එයත් කරගන්න පුළුවන්. හිටපු මහ බැංකු අධිපති ලංකාවට ගෙනාවේ ජනාධිපතිතුමා නොවෙයි. පත් කළේ හෝ රැක්කේ ජනාධිපතිතුමා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවෙයි. ඔහුට විරුද්ධව නඩු පවරන එක වළක්වන්න උත්සාහ ගත්තේ ජනාධිපතිතුමා නොවෙයි.” යනුවෙන් ඒ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේයත

  • පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මහබැංකුව දමා තිබූ වාරණය තවත් මාස 6කට දිගු කරයි…

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මහබැංකුව දමා තිබූ වාරණය තවත් මාස 6කට දිගු කරයි…

     

    බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණය අනුව මෙය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව 2018 ජනවාරී මස 4 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම්2018 ජනවාරි මස 5 වන දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 6ක කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට මහ බැංකුව විසින් තීරණය කර ඇති බව නිවේදනයක් මඟින් දන්වා ඇත.

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව පෙනී ඇති බවත්, එය පැරදවීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා එම පෙරමුණෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රගතිශීලී කණ්ඩායම ලෙස වෙනම සංවිධානයක් පිහිටුවාගෙන තිබේ. 

    අනුරුද්ධ පොල්ගම්පොල මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද(5) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති මාලාවක් හෝ මෙතෙක් එළිදක්වා නොමැති බව කී පොල්ගම්පොල මහතා එහි නාමයෝජනා පත‍්‍ර කිහිපයක් ප‍්‍රතික්‍ෂේප වන අයුරින් සැකසීම කිසියම් පිරිසකගේ සිත සැනසවීමේ අරමුණින් කළ අභ්‍යන්තර කුමන්ත‍්‍රණයක්ද යන්න ගැන සැකයක් තිබෙන බව ද කීවේය.

  • මහින්ද මැකෝට කුණුහරුප වදාරයි…

    මහින්ද මැකෝට කුණුහරුප වදාරයි…

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති බව වාර්තාවේ. හිටපු නගරාදිපතිවරයෙකුගේ ජංගම දුරකතනයෙන් දේශප්‍රිය මහතා අමතා ඇති මහින්ද පවසා ඇත්තේ මගේ ඡායාරූපය දාන්න එපා යැයි තමුසේ කියන්නේ කොහොමද. මම ගහන්න ගත්තොත් තමුසෙගේ පැටිකිරියම එළියට දානවා යනුවෙනි.
    මෙයින් වික්ශිප්තවූ දේශප්‍රිය මහතා සමාව අයැද ඇති අතර අද ඡායාරූප භාවිතයට අදාල නීතිය වෙනස් කරන බවද ප්‍රකාශ කොට ඇත.

     

  • ඒකාබද්දය හදාගෙන ආපු බලවේගය විනාස කරේ වෙන කුවුරුත් නෙමේ බැසිල් රාජපක්ෂයි…

    ඒකාබද්දය හදාගෙන ආපු බලවේගය විනාස කරේ වෙන කුවුරුත් නෙමේ බැසිල් රාජපක්ෂයි…

    ඒකාබද්ධ විපක්ෂය ගොඩනගා ගෙන තිබූ වාමාංශික ප්‍රගතිශීලී දේශපාලන බලවේගය අතරට බැසිල් රාජපක්ෂ අතරමගදී කඩා වැදී එම බලවේගය විනාශ කළ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී  (2)දා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවැසුවාය.

    එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයෙන් නොකඩවා දෙවතාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ තමාට එම ව්‍යාපාරයෙන් ඉවත් වීමට සිදුවූයේ අත්තනෝමතික, ඒකාධිපති තීරණ ගන්නා විමලවීර දිසානායක නිසා බව පැහැදිලිව ප්‍රකාශ කරන බවද ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය සඳහන් කළාය.
     

    එහිදී ඇය වැඩිදුරටත් අදහස් දක්වමින්“ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හයදෙනෙකුගෙන්. මම තමයි ඒ හයදෙනා අතර සිටි එකම කාන්තාව. ඒ ව්‍යාපාරය විසින් පැහැදිලි ජනතාවාදී දේශපාලන ගමනක් යන අතරදී පසුගිය අපේ ආණ්ඩුව විනාශ කළ බැසිල් රාජපක්ෂ ඒ මැදට කඩාගෙන වැටුණා. ඔහුට මගේ දිස්ත්‍රික්කය නියෝජනය කළ විමලවීර දිසානායකත් එකතු වුණා. විමලවීර දිසානායක හරියට “දැලි පිහිය අතට ගත් වඳුරා වගේ” කපාගෙන කපාගෙන ගියා. අපේ දිස්ත්‍රික්කයේ ඡන්දය ඉල්ලන්න තිබූ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අත්තනෝමතික ලෙස උඳුරා ගත්තා. ඒ අයිතිය වෙනුවෙන් මට දේශපාලන තීන්දුවක් ගන්න සිදු වුණා.අපි කල්පනාවෙන් කටයුතු කළ යුතු කාලයකටයි පැමිණ තිබෙන්නේ. දේශපාලනඥයන් කියන්නේ යාචකයන් ‍නෙවෙයි.දෙමළ ජාතික සන්ධානය උතුරේ බලය බෙදීමක් පිළිබඳ කතා කරනවා. ඔවුන් උතුරේ ජනතාවට කිසිම දෙයක් කරලා නෑ. ඒ නිසා නව ව්‍යවස්ථාව ගැන කියලා බලය බෙදීම විකුණලයි ඔවුන්ට මේ මැතිවරණය වෙනුවෙන් උතුරේ කටයුතු කරන්න සිදු වී තිබෙන්නේ. නමුත් මේ මැතිවරණය බලය බෙදීමක්වත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනවත් අදාළ නෑ. මේ මැතිවරණය ගමට වැඩක් කළ හැකි ගමට නායකයෙක් තෝරන මැතිවරණයක් පමණයි.,/ යනුවෙන් පවසන ලදී

  • ඡන්දෙන් පස්සෙ මහින්ද රාජපක්ෂට අගමැති හීනෙන් ඇහැරිලා විශ්‍රාම ගන්න වෙනවා….

    ඡන්දෙන් පස්සෙ මහින්ද රාජපක්ෂට අගමැති හීනෙන් ඇහැරිලා විශ්‍රාම ගන්න වෙනවා….

     

     

    එස්.බී. දිසානායක මහතා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී පසුගිය දිනක පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉදිරි දේශපාලන තත්වය ගැන පහත අයුරින් ප්‍රකාශ කර සිටියේය.

     

    “මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද මේ මූලස්ථානයේ පිහිටුවූවා. පළමු අපේක්‍ෂක හමුව සුගතදාස ක්‍රීඩාංගනයේදී පසුගිය 29 වැනිදා සාර්ථකව පැවැත්වූවා. අපේ පළමු මහ රැලිය අනුරාධපුරයේදී 10 වැනිදා පවත්වනවා. දුමින්ද දිසානායක එය සංවිධානය කරනවා. 11 වැනිදා නැවත කොළඹ රැස්වීමක් පවත්වනවා. අප දැන් ශක්තිමත්. විපක්‍ෂයේ අපේ මිතුරන් එකතු කර ගන්න අපි විශාල උත්සාහයක් ගත්තා. සාකච්ඡා වට ගණනාවක්  පැවැත් වූවා. නිමල් සුසිල් ඇමැතිවරුන් ඊට මැදිහත් වූණා. ඒ එකතුවට ලොකු බාධා ඇති වුණා. දැන් පක්‍ෂ රැසක් අප සමග එකතු වී සිටිනවා. මහජන පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අපට ආවා. ඒ පක්‍ෂයේ නියෝජ්‍ය නායක ආවා. විමල්ගේ පක්‍ෂයේ දෙවැනියා අපට ආවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය එකතු වුණා. ලංකා සම සමාජ පක්‍ෂයේ ක්‍රියාකාරි කණ්ඩායම පවා එකතු වුණා. වතු කම්කරු කොංග්‍රසයත් අප සමගයි. අතාවුල්ලාගේ හා හිස්බුල්ලාගේ පක්‍ෂ දෙක අප සමග එකතු වුණා. පළාත් පාලන ආයතනයට තරග කරන සන්ධානය අපියි. අපි උතුරු නැගෙනහිර සෑම ආයතනයකටම තරග කරනවා. 

    අතීතයේදී යම් යම් පිරිස් පක්‍ෂයෙන් ගියා. නමුත් පසුකාලීනව නැවත එකතුවෙන්න සිදුවුණා. මහින්ද එක්ක ගියේ කනිෂ්ඨයෝ ටිකක්. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පොහොට්ටුව එක්ක එකතු වෙලා නැහැ. අපි මේ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දෙනවා.

    ඡන්දයෙන් පස්සේ පොහොට්ටු පක්ෂයේ අය ශ්‍රී ලනිපයට බැඳෙයි. මහින්ද ඊට පසුව විශ්‍රාම යාවි. ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වීමෙන් ජයග්‍රහණ රැසක් ගත්තා. මේ ඡන්ද ක්‍රමයට යූඑන්පිය පොහොට්ටු පක්‍ෂය විරුද්ධ වුණා. අපියි මේ ඡන්ද ක්‍රමය ගත්තේ. අද සල්ලි නැතිව වුණත් මැතිවණ දිනන්න පුළුවන්. මෙය ලොකු ජයග්‍රහණයක්. මහින්ද පොහොට්ටු රැස්වීමට යෑම ගැන මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දුවක් ගනීවි. ඒකට අපිට හදිසියක් නැහැ. චන්ද කාලවලදී ඔය වගේ දේවල් වෙනවා. අප පළාත් පාලන රාජ්‍යයක් පිහිටුවනවා.

    තනි ආණ්ඩුවක් හදාගන්න අපේ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් එදා යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් පොහොට්ටුවේ අය ඒකට කැමැති වුණේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ටිකක් පස්සට ගිහින් එතුමාගේම පවුලේ චමල් රාජපක්‍ෂ අපට දෙන්න කිව්වා අගමැති අපේක්‍ෂක හැටියට. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මැතිවරණය මෙහෙයවන්න ඉඩ දෙන්න කියලත් අප කිව්වා. ඒකට ඉඩ දෙන්නෙ නැතිව එතුමා එළියට ආවා. ඇවිල්ල සටනට පැමිණියාම වර්තමාන ජනාධිපතිතුමා ටිකක් පස්සට ගියා. ඒ නිසා ඒ මැතිවරණයෙන් අපට බහුතරයක් හම්බ වුණේ නැහැ. කාටවත් ආණ්ඩු පිහිටුවීමේ බලය තිබ්බේ නැහැ. මන්ත්‍රීවරු සල්ලිවලට එහාට මෙහාට උස්සන්න හදපු වෙලාවේ ඒක නැවැත්තුවා. පසුව පක්‍ෂ එකතු වෙලා ආණ්ඩුවක් හදා ගත්තා. ඊට පස්සේ අපි ලෝකය දිනාගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්වාසය දිනා ගත්තා. මුළු යුරෝපයම අපේ පැත්තට ගත්තා.
    අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් ලොකු වෙනසක් කළා. ජනාධිපතිතුමා එතුමාගේ බලතල අතහැර දැම්මා.

    පොහොට්ටුවේ අය අපේ ගොඩට ගන්න අපි අද වගේම හෙටත් උත්සාහ දරනවා. ඒ අය අපේ අය. අපේ මිත්‍රයෝ අපේ කිසිම තරහක් නැහැ.”

     

  • නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ පොලිසියට එරෙහිව පසුගිය වසරේ පමණක් මානව හිමිකම් පැමිණිළි 1174 ක්…

    නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ පොලිසියට එරෙහිව පසුගිය වසරේ පමණක් මානව හිමිකම් පැමිණිළි 1174 ක්…

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය වසරේ පළමු කාර්තු තුනේ (ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා) පැමිණිලි 5614ක් ලැබුණු බවත් ඉන් 1174ක්  නීති විරෝධීව පොලිස් අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ සිදුවීම් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි.

    නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව එහිදී වැඩිදුරටත් කියා සිටියාය.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන පැමිණිලිවල නිර්දේශ ලබා දීම ප්‍රමාද වන බවට නැඟෙන චෝදනා ගැන ද මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු දුන් ආචාර්ය උඩගම මහත්මිය ප්‍රකාශ කළේ මානව සම්පත්වල හිඟතාවය නිසා එවැනි ප්‍රමාදවීම් සිදුවන බවයි.

    ‘‘ ස්වාධීන කොමිෂන් සභාවක් විදියට අපිට අවශ්‍ය සම්පත් ගන්න දීර්ඝ පටිපාටියක් තියෙනවා. පැමිණිලි 5000කට වැඩි ගණනක් ආ බව අපි කිව්වා. ඒවා හැම එකක් ගැනම අවධානය යොමු කරලා විභාග කරද්දි මානවසම්පත් ප්‍රශ්නයත් එක්ක කාලයක් යනවා. අපි මේ ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවත් දැනුම්වත් කර තිබෙනවා. ‘යැයි ද උඩගම මහත්මිය කීවාය.

     

  • භූමි හරේන්ද්‍රන්ගේ ලිංග මාරුව ගැන ඔහුගේ අම්මා ඇඩූ කඳුළින් කියන කතාව….

    භූමි හරේන්ද්‍රන්ගේ ලිංග මාරුව ගැන ඔහුගේ අම්මා ඇඩූ කඳුළින් කියන කතාව….

    අපේ ජීවිතයේ අපි වැඩියෙන්ම ආදරය කරන අපිට වැඩියෙන්ම ආදරය කරන කෙනෙක් තමයි අම්මා කියන්නේ. අපේ දේවල්වල සාර්ථකත්වයේදී ඇත්තටම සතුටු වෙන්නෙත් අසාර්ථකත්වයේදී වැඩියෙන්ම දුක් වෙන්නෙත් අම්මා. ඉතින් අපි මේ කියන්න යන්නේ තවත් අම්මා කෙනෙක්ගේ කතාවක් ගැනයි. භූමි හරේන්ද්‍රන් ගැන ඔබ සැවොම දන්නවා ඇති.  ඇය දර්ශිලා රත්නායක ආරච්චිලාගේ අනෝමා ය. ඇය කුමුදු හරේන්ද්‍රන් නම් ලත් පුතෙකු වැදුවාය. එහෙත් වර්තමානයේ ඇය අප හදුනන්නේ භූමි හරේන්ද්‍රන් නමැති ලිංගික සංක්‍රාන්තියට පත් තරුණයාගේ මව ලෙසය. මේ ඇය ගැන පුවත්පතක් සමග කළ සාකච්ඡාවක්.

    විලි ඇවිස්සෙන කොළඹ අහස යට ෆ්ලැට් අයිනේ පුංචි එවුන් සෙල්ලම් ගෙවල් හදති, ක්‍රිකට් ගසති, කෑ ගසති, හූ කියති, එකම කෙළිදෙලකින් පෙළෙති. අම්මා ඒ ලෝකය දෙස බලා සිටියාය. ජීවිතයේ බර ඇය දැන සිටියාය. එසේම ලෝකය ඒ තරම්ම සුන්දර නැත. ඇය එය ද දැන සිටියාය. දිනය එළඹිණ. ඇය කොළඹ කාසල් රෝහලේදී පුංචි කොලු පැටියෙකු ලොවට බිහි කළාය. අද ඒ කොලු පැටියා සොබාදහමට යටත්ව දියණියක්ව සිටී. ඒ අම්මා තමන් වැදූ ඒ දරු පැටියාට සෙනෙහසින් පවුලක බර කරට ගෙන ඇදක් මත වැතිරී අතීත මතක සමග පමණක්ම ගනුදෙනු කරන රෝගී වූ තම සැමියා ද රැකබලා ගන්නීය. ඒ දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණයකය.

    භූමි ගැන ලංකාවම දනී. එහෙත් ඒ ජීවිතයට පණ දුන් අම්මා කොහිද? ඇය කුමක් කරනු ඇත්ද? කප්පරක් බලාපොරොත්තු තබාගෙන කුසින් වැදු පිරිමි දරුවා ගැහැනියක් වීම අම්මා නම් වූ සෙනෙහෙබර සංවේදී හදවතට කෙසේ දැනෙන්නට ඇද්ද? ඒ අම්මා සොයා ගත යුතුය. ලෝකයක් වපර ඇසින් බලන මිනිස් ජීවිත දෙස ආදරෙන් සෙනෙහසින් අත්වැල් බැඳගන්නට නම් ඒ හෘද සාක්ෂිය අප සොයාගත යුතුය.

    මම හැදුණේ කොන්වන්ට් එකේ ත්‍රීකුණාමලේ. ගෙවල් කොළඹ. ඉතින් නත්තලට ටිකක් ලෑස්ති වුණා. ඇය අප අපහසුතාවයට පත් වේ යැයි සිතුවා විය හැකිය. ඒ අම්මලාගේ හැටිය. අම්මලාට තමන්ට කලින් අනෙකාය. හුරුබුහුටි නිවසේ කැබිනෙට්ටුව මත භූමි කුඩා කල ගත් ඡයාරූප පෙළකි. ඒ අම්මගේ වස්තුවයි.

    ඇය තම භූමි නම් වූ දියණියට වඩා කුමුදු නම් වූ ආදරණිය පුතාට ආදරේය. ඇගේ හිතට එකලාසයක් නැත. එහෙත් මේ මං වැදූ දරුවා. මට අහක දාන්න බෑ.. මේ මගේ පුතා…” සියල්ල නිහඩය… ඇගේ දෙනෙතින් කදුළු කැට කඩා හැලෙද්දී අපේ පපුව සිර විණි… ඇය අසලම භූමි ඉඳගෙන සිටින්නීය. අම්මා.. ඇය සෙමෙන් ඇගේ හිස පිරිමදින්නීය…. බබා… කදුළු තුළින් ඇය තමන් වැදු පුතුගේ මුහුණ භූමි තුළ සොයන්නීය.

    මිනිසුන්ට ඇත්තේ තමන් ළඟ නැති දේවලට වඩා තමන් ළඟ තිබී නැති වූ දේ පිළිබඳ වේදනාවකි. ඒ අම්මාය. ඇය වැදූ පුතා ඇය තවම සොයන්නීය. භූමිගේ හිත හයියය. ඇය පිරිමි භාවය පසෙකලන්නේ ඒ හිතේ හයියටය.

    මට මෙයා හම්බෙලා මාස තුනෙන් මම රට යනවා… අපි එතකොට හිටියේ බොරැල්ලේ. මම අවුරුදු 17න් කොන්වන්ට් එකේ ඉදලා කොළඹ අවා. මගේ අක්කා ඉන්නවා.. ඉතින් ටික කාලයක් ගිහින් මට මෙයාගේ තාත්තව මුණගස්වනවා මගේ අක්කා.. ඒක යෝජනා විවාහයක්… ඉතින් අපි බැඳලා අවුරුද්දකින් තමයි මට භූමි ලැබෙන්නේ. මෙයාගේ තාත්තගේ ගෙදර බොරැල්ලේ. එහෙ තමයි හිටියේ. ඉතින් මට වඩා තාත්තයි, නැන්දයි, ආච්චියි තමයි පුංචි කාලේ ළඟින්ම හිටියේ. මම එන්නේ අවුරුදු දෙකකට සැරයක්. අපිට ගොඩක් අමාරුකම් තිබුණා. එක නිසා මට රට යන්න වුණේ… මගේ එකම බලාපොරොත්තුව තිබුණේ මෙයාට හොදට උගන්නගන්න එක.” අම්මලාගේ හීන එහෙමය. තමන් විඳි දුක දරුවන්ට දෙන්නට අම්මලා තුන් හිතකින්වත් කැමති නැත. ඒ වෙනුවෙන් තම ලේ ඇට මස් නහර දියකර හරින්නට ඇය සුදානම්ය. ඒ අම්මාය.

    මම අවුරුදු දහයකින් ලංකාවට එනකොට මෙයා ටිකක් ලොකුයි. තාත්තයි, නැන්දයි තමයි සේරම කළේ. තාත්තා හරි ආදරෙයි. අපිට ඉන්න එකම දරුවනේ.. තාත්තා ඩ‍්‍රයිවින් රස්සාව කළේ. ඉතින් අපි කොහොම හරි වියදම් කරලා මෙයාට උගන්නන්න ඕන වුණේ. මහන්සි වෙලා ඞී.එස්. එකට දාගත්තා.. මෙයා හොදට ඉගෙනත් ගත්තා… ඒත්…ඇයට ඉකිගැසෙන්නේය. එය අත්විඳිය හැක්කේ කාටද? ඒ අම්මාය. සියලුම දරාගැනීම් ඈ සතුය.

    අම්මා පුංචි කාලේ ඉඳන් භූමිගේ වෙනස්කම් දැක්කද?
    අවුරුදු පහළවේදී තමයි කටහඬ වෙනස් වෙනවා මට දැනුණේ.. මං තාත්තට කිව්වා. එයා ඉතින් ඒක ගණන් ගත්තේ නැහැ. ඒ ගෙදර තට්ටු තුනක් තිබුණා. මෙයා උඩම තට්ටුවේ තනියම. මම ඔය කාමරේ පිහදාන්න දවසක් යනකොට තමයි ඇඳුම් අහුවුණේ… එතකොට මෙයා අනිත් පැත්තට ගිහින් ඉවරයි…
    ගෙදර ගොඩක් ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ මෙයා යන්න ගියා ගෙදරින්.” ඇගේ පැහැපත් මුහුණ රැලි වැටෙයි. දෑස් මිරිකෙයි… හදවතේ මව් සෙනෙහස රූරා වැටෙයි. අම්මලාට දරුවන්ගෙන් ඈතට යන්නට හිත් දෙන්නේ නැත. දරුවන් අම්මලා හැරදා පියා යද්දී ඒ වේදනාවේ තරම දන්නේ අම්මා කෙනෙකුමය. අම්මලා අසමසමය. ඇයට දරුවා සොයන්නට මඟක් නැත.

    දිනක් සන්ක්‍රාන්තික ලිංගිකයන් පිළිබඳ රුපවාහිනී වැඩසටහනක තමන් වැදූ ආදරණිය පුත් රුවන කාන්තා ඇඳුම් පැලඳුම් හැඳ පැලඳ සිටිනවා ඇය දකින්නීය. ඒ මොහොතේ ඇයගේ හැගීම් විස්තර කිරීමට තරම් හැකියාවක් අපට නැත. ඒ අම්මාය. ඇය දරාගන්නීය. ඇගේ ඇසින් කඳුළු කඩා හැලෙන්නට ඇත. ඉකිගැසෙන්නට ඇත. පපුව සිරවී ගල් ගැසෙන්නට ඇත. කොයි මොහොතේ හෝ තමන්ගේ දරුවා තමන්ගේ උණුහුම හොයා නැවත එන බව ඇගේ සිත දැන සිටියාය. අම්මලා දරුවන් එනතුරු කල්ප ගණන් බලා සිටින්නේය. අම්මලා එහෙමය.

    දෙමටගොඩට පිනිබර යාමය උදා වෙද්දී සැවුලන් හැඬලූවේ නැති වුණ ද, කොළඹ රේල්ලූව රජ ගමනින් ආවේය. ඒ එනකොට මේ අම්මා ද ලිප ගිනි මෙළවුයේය. ඇය පින්න මැකෙන්නට කලින් කඩයප්පන් සාදන්නිය. ඒවා තම සහෝදරියගේ කඩයට දී විකුණා ලැබෙන මුදලින් ජීවිතය සරි කරගන්නීය. එතෙකින් නොනැවතී අවුරුදු 27ක් ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන්නීය. ”මං වැඩ කරන ගෙදර මගේ වගේ.. මට හරි ආදරෙයි ඒ නෝනලා… මෙයාට උගන්නන්න එයාලත් උදවු කළා. මෙයාගේ ගැන දැනගත්තම හැමෝම අපිව අතෑරියා… එයාල එහෙම කළේ නැත්නම් අදටත් මං එතැන වැඩ… ගෙදර බර තවමත් අම්මාගේ කර පිටය. ඇය වෙහෙසක් නොපෙන්වන්නිය. සිනහව පරිත්‍යාග කරන්නීය. දුක හංගා ආදරේ කරන්නීය. ඒ අම්මාය.

    අම්මා භූමිට දුව කියන්නේ නැද්ද…?
    කවදාවත් බෑ. මේ මගේ පුතා, මට දෙයියෝ දුන්න දරුවා.. මගේ කුසින් වැදුවේ පුතෙක්. ඒක හැමදාම එහෙමයි. මේ මගේ පුතා.. ඒ උතුරන කදුළු දෙස බලා සිටිය නොහැකිය. මෙයා කලබල වුණා වැඩියි. අපි නැති වුණාම මෙයා ගැන බලාගන්නේ කවුද…?” අප නිහ`ඩ වීමු… මව් පපුතුරේ ගලන වේදනාව වචන කළ නොහැකිය.
    ඇය භූමිට ආදරේය. මම දැන් ලෝකෙට මුණදෙන්න සුදානම්. ඉස්සර මං බය වුණා. ලැජ්ජාවක් දැනුණා… මේ මගේ දරුවා. මට ඉන්නේ මෙච්චරයි… කවුරු මොනවා කිව්වත් මට මගේ දරුවා වටිනවා.” අම්මලාට දරුවන්ගේ සුවඳ අමෘතය මෙනි. ඔවුන් ඒ සුවඳින් ස්නේහයේ පිපාසය සන්සිඳුවා ගන්නීය.

    මෙයාට ගෙදර ඉදන් සාරි ඇඳගෙන යන්න බැහැ. මෙහෙ හරි වෙනස් සමාජයක් තියෙන්නේ.. කුණු කන්ද නිසා තමයි අපිට ෆ්ලැට්වලට එන්න හම්බුණේ. අපි දොර වහගෙන ඉන්නේ හැම වෙලේම. මෙයා ගෙදර කලිසම් ඇඳගෙන ඉන්නේ. මං එළියට යවන්නේ නැහැ. තම දරුවාට නිග්‍රහ වන බැල්මක්වත් අම්මලා අනුමත කරන්නේ නැත. අම්මලා දරුවන් රකින්නේ එහෙමය.

    ඇගේ මුවට සිනහවක් නැගිණි. දවසක් හරි වැඩක් වුණා. මම බොරැල්ලෙන් බස් එකේ නැගලා වැඩට යන ගමන්. එතකොට මෙයා ගෙදර එන්නේ නැති කාලේ.. කතාවක් නෑ අපි එක්ක. මම බස් එකේ ජනේලේ අයිනේ වාඩි වෙලා යද්දී සාරියක් ඇඳගත්ත කෙනෙක් ඇවිත් මගේ ළඟින් වාඩි වුණා.. ඒ මගේ පුතා…

    එතකොට අම්මා මොකද කළේ…?
    මට කර කියාගන්න දෙයක් නැහැ.. පොළොව පලාගෙන යන්න හිතුණා… කොහොම හරි මෙයා මව මුලින් අදුනගත්තේ නෑ.. එක පාරටම මගේ දිහා බැලුවා… දඩිබිඩි ගාලා රාජගිරියෙන් බැස්සා… දැන් මට ඒවා ගාණක් නැහැ… මට දැන් තේරෙනවා මේ ලෝකේ හැටි මෙහෙමයි. එහෙම දේවල් සිද්ධ වෙනවා.. ඒක මගේ දරුවට විතරක් වුණ දෙයක් නෙමෙයි. මම ඉන්න ඕන එයාගේ ළඟින්ම කියලා…

    හදිස්සියේම ඇය හිඳගෙන සිටි පුටුවෙන් නැඟිට කාමරයට ගොස් ගෙන ආවේ තම පුතු ලිංගික සංක්‍රාන්තියට පෙර ඇයත් සමඟ ගත් අවසන් ඡයාරූපයයි. මෙතැනින් පස්සේ තමයි මගේ දරුවා වෙනස් වෙන්න ගත්තේ… දෑසේ කදුළු පුරවාගෙන ඇය ඡායාරූපය ස්නේහයෙන් අතගෑවාය.

    මට ඕන මගේ දරුවා තනි වෙන්නේ නැතුව ජීවත් වෙනවා බලන්න… ඒ අම්මාය… ඇය කිසිදා තම දරුවන් තනි නොකරන්නීය.

    අපි සියල්ලෝම ස්වභාවධර්මයට යටත් වුවෝය. ඉන් ගැලවෙන්නට හැකි කිසිවෙකු නැත. එහෙත් ඒ සොබදහමේම වූ මව් සෙනෙහස සොබාදහමට ඉහළින් කිරි සුවඳ පතුරුවමින් සිටී. එවැනි සෙනෙහසක අම්මාවරුන් ගැන ලියූ තවත් කතාවක් මෙලෙස අවසන් කළෙමු… ජීවිතය නම් නවාතැනේ එකම නොසැලෙන ශක්තිය අම්මාය.

    උපුටා ගැනීමකි

  • පෙර භවයේ ලංකාවේ සිටි බව කියන භූතාන් රජ පවුලේ සාමනේර හිමි….

    පෙර භවයේ ලංකාවේ සිටි බව කියන භූතාන් රජ පවුලේ සාමනේර හිමි….

    බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පවසමින් නිරන්තරයෙන් ඇවිටිලි කළ වයස අවුරුදු දෙකේදී පැවිදි බිමටපත් භූතානයේ රැජිනගේ මුණුපුරු සාමනේර හිමියන් ඇතුළු දූතපිරිසක් නිලනොවන සංචාරයකට පැමිණ පසුගිය දා මිහින්තලය රජමහා විහාරය වැදපුදා ගත්හ.

    සිව්වන වියේ පසුවන රැජිනියගේ මුණුපුරා වන සාමනේර හිමියන් වයස අවුරුදු දෙකේදී පැවිදි වී තිබෙන බවත් සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය පිළිබඳ ඇති දැනීම සම්බන්ධයෙන් මහ රැජිණිය මෙන්ම තමන් වහන්සේද මවිතයට පත්වූ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියයෝ පැවසූහ.

    සාමනේර හිමියන්, භූතාන රැජිනිය සමඟ ඇගේ දියණිය වන සාමනේර හිමියන්ගේ මව සහ පැවිදි වී සිටින මුණුපුරා ගේ විහාරයේ නායක හිමිපාණන්,  හා සාමනේර හිමියන්ගේ සහෝදරයා මෙන්ම ශ්‍රී ලංකාවේ භූතාන තානාපතිවරයා ඇතුළු දූත පිරිස පෙරේදා (31) මිහින්තලය පූජා භූමිය වැදපුදා ගැනීමට පැමිණ සිටියහ.

    දැනට සිව්වන වියේ පසුවන සාමනේර හිමියන් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවට පැමිණිය යුතුබවට ඇවිටිලිකරමින් හඬා වැටීම නිසා නිලනොවන අන්දමින් ශ්‍රී ලංකාවට පැමිණි බව රැජිනිය විහාරාධිපති ධම්මරතන හිමියන්ට පැවසුවාය.

    සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසනික ඉතිහාස සම්බන්ධයෙන් ඇති දැනීම පිළිබඳව මවිතයට පත්වූ විහාරාධිපති හිමියෝ මෙසේ කීය.

    සාමනේර හිමියන් ලංකාවේ සෑම බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳවම හොඳින් දන්නවා. කැලණිය විහාරයට වැඩම කළ අවස්ථාවේ එම විහාරයට බුදුන් වැඩිය බවත් පවසා තිබුණා. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ වැදපුදා ගැනීමට ගිය අවස්ථාවෙත් ශ්‍රී මහ බෝධින්වහන්සේ බුදුන්ට බුදුවීමට පිටදුන් බෝධියේ ශාඛාවක් බව පවසා තිබුණා. රැජිනය හා ඇගේ දියණියත් සාමනේර හිමියන්ගේ මේ ප්‍රකාශයන්ට මවිතවී සිටියා.

    උන්වහන්සේ මීටපෙර ලංකාවට වැඩමකර නෑ. උන්වහන්සේට  මෙම දැනුම ලැබුණු ආකාරය පිළිබඳව මටත් හිතා ගන්න බැරුව හිටියේ. මිහින්තලයට වැඩම කිරීමෙන් පසුව මේ විහාරය මිහිඳු මාහිමිපාණන් ලංකාවට බුද්ධාගම රැගෙනා ආ ස්ථානය යනුවෙන් උන්වහන්සේ හඳුනාගත්තා. මිහින්තලා මහා සෑයේ බුදුන්වහන්සේගේ ඌරණ රෝම ධාතුව  තැන්පත්කර තිබෙන බවත් පැවසුවා.

    ඉන්පසුව ධාතුන් වහන්සේලා නැරඹීමට අවශ්‍ය බව පවසා ඒ පිළිබඳව විස්තර පැවසුවා.

    මිහිදු හිමියන් ආදාහනය කිරීමට යොදාගත් දැවයන්හි අඟුරු පෙන්වූ අවස්ථාවේ ඒවා සඳුන් දැව බව උන්වහන්සේ පැවසුවා. ධාතු මන්දිරයට ගොස් සියළුම ගාථා හොඳින් සජ්ජායනා කරමින් වැදුම් පිදුම් කළා.

    රැජිනිය ඇතුළු සියළුම දෙනා මවිතයට පත්වී සිටියේ. මාත් මවිතයට පත්වුණා; සාමනේර හිමියන්ගේ දැනුම පිළිබදව. රැජිනිය පවසනවා සාමනේර හිමියන් පෙර භවයන් වල ශ්‍රී ලංකාවේ හරි ඉන්දියාවේ හරි ඉපදිලා උසස් ආධ්‍යාත්මික ජීවිතයක් ගතකරන්න ඇති කියලා. බුදු දහම සම්බන්ධයෙන්ද සාමනේර හිමියන් බොහෝ දේවල් දන්නවා. උන්වහන්සේ ලංකාවට වැඩම කළ පසුව පෙර භවයන් මතකයට එන්න ඇති කියලා මාත් විශ්වාස කරනවා යනුවෙන් නායක හිමිපාණන් පැවසූහ.




    බුද්ධික මහේෂ් විජේසූරිය

  • බැඳුම්කර කොමිසමේ නිර්දේශ පිළිබඳව ජනපති කල විශේෂ ප්‍රකාශය ගැන සෑහීමකට පත්වෙන්න බෑ…

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ පිළිබඳව ජනපති කල විශේෂ ප්‍රකාශය ගැන සෑහීමකට පත්වෙන්න බෑ…

    බැදුම්කර කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන් ජනාධිපතිවරයා කියවා ඇත්දැයි ප්‍රහ්නයක් පැන නැගෙන අතර ජනපති උපදේශකයින් විසින් හයිලයිට් කර දුන් කොටස් පමණක් බලා කොමිසමේ නිර්දේශ ගැන අවබෝධයක් ලබාගෙන ජනපතිතුමන් විසින් එම ප්‍රකාශය කර ඇති බවක් පෙනී යන බවත් බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා දූෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    තනි පුද්ගලයකුට වරද පටවා මෙම අති විශාල වංචාවට සම්බන්ධ මහ මොල හා අනෙක් දේශපාලකයින් වසන් කිරීමට මෙම ප්‍රකාශය මගින් සිදුවන බව ඉතා පැහැදිලි බවත් එබැවින් එළැඹෙන ඡන්දයට ප්‍රථමයෙන් මෙම සම්පූර්ණ වාර්ථාව ජනගත කර රටේ මිනිසුන්ට මෙම වංචාව සම්බන්දව වගකිවයුත්තන් එළිකල යුතු බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    රජිත කීර්ති තෙන්නකෝන් මහතා  වොයිස් ඔෆ් සිලොන් වෙබ් අඩවිය සමග කල සාකච්ඡාවේ හඩ පටය පහතින් …

    <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/dcL3WYsgk-A” frameborder=”0″ gesture=”media” allow=”encrypted-media” allowfullscreen></iframe>

  • කොලොන්නාවේ පොහොට්ටු පිපෙන්න කලින් පරවෙයි.. ප්‍රබලයන් රැසක් අපේක්ෂකයන් සමගින් ශ්‍රීලනිපයට…

    කොලොන්නාවේ පොහොට්ටු පිපෙන්න කලින් පරවෙයි.. ප්‍රබලයන් රැසක් අපේක්ෂකයන් සමගින් ශ්‍රීලනිපයට…

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කොළොන්නාව හිටපු උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා, පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභා අපේක්ෂිකා රුක්ෂිලා කෝදාගොඩ මහත්මිය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළකිරීමට එක්විය.

    අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ ඔවුහු ජනාධිපතිතුමා සහ කොලොන්නාව ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමාගේ නායකත්වයෙන් කොලොන්නාව ආසනය ශ්‍රීලනිපය ජයග්‍රහණය කරවීමට තම උපරිම සහය ලබාදෙන බවට ඔවුන් මෙහිදී පවසා ඇත.

  • බැදුම්කර වාර්තාවත් සමගින්  ‘ජවිපෙ’ සහය කොන්දේසි විරහිතව ජනපති මෛත්‍රීට..

    බැදුම්කර වාර්තාවත් සමගින් ‘ජවිපෙ’ සහය කොන්දේසි විරහිතව ජනපති මෛත්‍රීට..

    බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුව ඇති පාඩුව අයකර ගැනීමට ජනපති මෛත්‍රී ගෙන යන වැඩපිළිවෙලට සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලැබූ ක‍්‍රියාමාර්ග තම පක්ෂය අගය කරන බවයි. 

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) සිදු කළ විශේෂ ප‍්‍රකාශයේ දී පැවසුවේ මහා පරිමාණයේ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තා 34ක් මේ වනවිට තමන් වෙත භාරදී ඇති බවයි.

    මෑතක දී වාර්තා 17ක් තමන් වෙත ලැබුණු බවත්, ඊට පෙර තවත් වාර්තා 17ක් ලැබුණු බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. ඒ අනුව කලින් ලැබුණු වාර්තා 17 මේ වනවිටත් නීතිපතිවරයා වෙත භාරදී ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.