Tag: featured

  • ප්‍රතිපත්තියක් ජන පදනමක් නැති විමල්ලට ගම්මන්ලට නිදහස් පක්ෂයේ ඉඩක් නෑ.. – එස්.බී

    මෙවර මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද සම්බන්ධ කර ගනිමින් තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට ජනපති විශාල උනන්දුවකින් කටයුතු කරමින් විවිධ කැපකිරීම් පවා කරන්නට සූදානමින් සිටි බව සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා පැවසීය.

    මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා නාම යෝජනා බාර දීමෙන් පසු (19) මහනුවර මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඇමැතිවරයා මේ බව කීවේය.

    අසූචි වළ කර වටක් ගිලී සිටින විමල් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් කර ගැනීමේ කිසිදු අවශයතාවක් නොමැති බවත් ඔහු කීය.

    පක්ෂය සමඟි කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් උත්සහය ව්‍යර්ථ කිරීම නිසා අද මහින්ද, බැසිල්, නාමල් කෙරෙහි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කේන්තියෙන් පසුවන බව ද අමාත්‍යවරයා කීය.

    [rns_reactions]

  • ජාතික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික හෝ ඕනැම මට්ටමක උත්සවයක දී පොලිතින් යොදා සැරසිලි කලොත් වැඩ වරදී…

    ජාතික පාරිසරික පනතේ 37 වගන්තිය අනුව ජාතික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික හෝ  ඕනැම මට්ටමක උත්සවයක දී පොලිතින් සැරසිලි භාවිතය තහනම් වන බවමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල්  මර්වින් ධර්මසිරි මහතා එම අධිකාරියේ ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවක දී පුකාශ කර සිටියේය.

    දේශපාලන රැස්වීම් පිළිගැනීම් හෝ එවැනි වෙනත් උත්සවවල පොලිතින්වලින් සැරසිලි සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙවර ඡන්දයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී එවැනි සැරසිලි සිදුකරන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිසියට පැමිණිලි  කරන්නැයි එතුමා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. 

    පොලිතින් හා ප්ලාස්ටික් තහනම් කරමින් ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කර ඇති අතර 2034/ 36  දරන නිවේදනයෙන් පොලිතින් හෝ ප්ලාස්ටික් විවෘත ස්ථානවල දමා පිළිස්සීමද තහනම් කර ඇති බව සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.

    මාධ්‍ය හමුව ඇමතූ සභාපතිවරයා මෙසේ ද කීය.

    ‘‘ සැප්තැම්බර් පළමුවැනිදා සිට පොලිතින් හා ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කළ නමුත් ඒ  පිළිබඳ දැඩි පරික්ෂාවන් ආරම්භ වෙන්නේ ලබන පළමුවැනිදා සිටයි. ඒ කාලය ලබා දුන්නේ විකල්පවලට මාරුවෙන්නයි. මේ වනවිටත් පොලිතින් නිෂ්පාදනය කරන ස්ථාන පරික්ෂා කරමින් ඉන්නවා. මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි ආයතන මෙන්ම ලියාපදිංචි නොවු ආයතනත් පවතිනවා. මේ සියල්ල පරික්ෂාවට ලක්කරනවා. ලියාපදංචි නොවී පොලිතින් නිෂ්පාදනය කරන ස්ථාන පිළිබඳ දන්නේ නම් මධයම පරිසර අධිකාරිය දැනුවත් කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා‘‘

  • අයවැය විවේචනයට ඒකාබද්ධයේ කිසිම දැණුමක් හෝ හැකියාවක් ඇති කවුරුත් නෑ…- මොහාන් සමරනායක

    මුදල් අමාත්‍යවරයා මෙම අයවැය නීල හරිත අයවැයක් බවට ප්‍රකාශ කලද මෙම ධනවාදී නිශ්පාදන  පරිභෝජන සහ ආයෝජන රටාව කිසිසේත් පරිසර  මිතුරු එකක් නොවන බවත් 2018 අයවැය යෝජනාවළියේ  ආර්ථික දෘෂ්ටිය  මතු කරගැනීමට හෝ විවේචනය කිරීමේ හැකියාවක් ඒකාබද්ධ විපක්ෂයට නොතිබූ බවත් අයවැය යෝජනාවළිය සම්බන්ධයෙන්   ඔවුන්ගේ  දැනුමේ දුගී කම හෝ විකල්පයක්  නොමැති කම මෙයට හේතුවිය හැකි බවත් ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා  ඊයේ(19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

  • කාණ්ඩ 4ක් යටතේ රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා

    2017 වර්ෂය සඳහා රාජ්‍ය හා රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇත.එසේ ගෙවනු ලබන්නේ කාණ්ඩ 4ක් යටතේ බව 2017/12/11 මහාණ්ඩාගාරයෙන් නිකුත් කල චක්‍රලේකයේ දැක්වේ.

    එම කාණ්ඩ නම්,

    කාණ්ඩ අංක 01 – පෙර වර්ෂයේ අලාභදායි තත්ත්වයන් වළක්වා මෙම වර්ෂය තුළ දී ලාභය උපයාගෙන ඇති දිරි දීමනා ගෙවනු නොලබන ආයතනවල සේවකයන්  –  රු. 15,000

    කාණ්ඩ අංක 02 – පෙර වර්ෂයේ පැවැති අලාභදායි තත්ත්වය මෙම වර්ෂය තුළ දී ලාභදායී තත්ත්වයට පත් කරගෙන ඇති දිරි දීමනා ගෙවා ඇති ආයතනවල සේවකයන් – රු. 13,500

    කාණ්ඩ අංක 03 – අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කළ ද පෙර වර්ෂයට සාපේක්ෂව අලාභය අවම කරගෙන ඇති ආයතනවල සේවකයන් වෙත –   රු. 5, 000

    කාණ්ඩ අංක 04 – අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කර එම අලාභය පෙර වර්ෂයට වඩා අඩු කර ගැනීමට නොහැකි වූ ආයතනවල සේවකයන් – රු. 3, 000

    සාමූහික ගිවිසුම් මගින් හෝ ඒ හා සමාන අවබෝධතා ගිවිසුම් මගින් හෝ වැටුප් හා දීමනා ක්‍රියාත්මක වන රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් ම රජය සතු සමාගම්වලට මෙම විධි විධාන අදාළ නොවේ. එවැනි ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලට වර්තමානයේ මසක හෝ මාස දෙකක වැටුපට සමාන මුදලක් ප්‍රසාද දීමනා වශයෙන් ගෙවනු ලැබන අතර ගෙවීමට පෙරාතුව අදාළ රාජ්‍ය සංස්ථා සහ රජය සතු සමාගම්වලින් මේ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතුය.

     

     

     144 total views, 24 views today

  • ඇස්බැස්ටස් තහනම කල් යයි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයයේදී ඊයේ(19) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී 2018.01.01 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

    රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම් කිරීම බවට දේශපාලන කරළියේ කතා බහට ලක් විය. ඇස්බැස්ටස් සඳහා අමුද්‍රව්‍ය සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් ගන්නා බව ද වාර්තාවේ ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ආනයනය ලබන පළමු වැනිදා සිට තහනම් කිරීමටත්, ලබන 2020 සිට ඇස්බැස්ටස් සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් රජය මුලදී තීරණය කර තිබිණි.
     

  • ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වන්නේ නම් එසේ කරන්නේ රටටත් ශ‍්‍රීලනිපයටත් වාසිදායක තත්ත්වයක් තුළදී පමණයි – මහින්ද අමරවීර

    ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වන්නේ නම් එසේ කරන්නේ රටටත් ශ‍්‍රීලනිපයටත් වාසිදායක තත්ත්වයක් තුළදී පමණක් බවත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි මේ වන තෙක් ශ්‍රීලනිපයේ කිසිවෙකු ඉල්ලීමක් කර නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    එසේ තීන්දුවක් ගන්නවානම් එය ගනු ලබන්නේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් බවත් එසේ සිදු වනවානම් එය සිදුවන්නේ පළාත් පාලන මැතිවරණයට පෙරද පසුද කියා නිශ්චිතව කිව නොහැති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

     

  • ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරඟාවලියේ ඉතිහාසගත වන ජයක්

    සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් තරඟයෙන් කදුළු 8ක පහසු ජයක් ඉන්දියාව විසින් හිමි කර ගත්තේය. තරඟ 2-1ක් ලෙස මෙම තරඟාවලිය ජයගත් ඉන්දියාව නොකඩවා ලැබූ 8වන එක්දින තරඟාවලි ජය ලෙසට ඉතිහාස ගත වීමට නියමිතය.

    එහිදී පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.5ක් තුළ ලබාගත් ලකුණු 215ට පිළිතුරු සැපයූ ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් පමණක් අහිමි කරගනිමින් නියමිත ඉලක්කය පසු කර ගිය අතර, ෂිකර් දවාන් නොදැවී ලැබූ ලකුණු 100 ඉන්දීය ජයග්‍රහණයට ප්‍රධාන දායකත්වය සැපයීය.

    ලකුණු 216ක පහසු ඉලක්කයක් කරා යන ගමනේ ඉන්දීය පළමු කඩුල්ල ලෙස පෙර තරගයේදී ලකුණු 208ක් ලැබූ නායක රෝහත් ෂර්මා ලකුණු 7කට අකිල ධනංජයට ගොදුරු වුණද අනෙක් ආරම්භක පිතිකරු ෂිකර් දවාන්ට එකතු වූ ශි්‍රයාස් අයියර් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 135ක සබඳතාවක් එක්කරමින් ඉන්දීය ජයග්‍රහණයට අවශ්‍ය මාර්ගය සකසා දුන්නේය.

    විශාකාපට්නම්හිදී පැවැති මෙම තරගයේදී ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවකදී එක් කඩුල්ලකට ලකුණු 136ක්ව පැවැතුණද උපුල් තරංගගේ හා සධීර සමරවික්‍රමගේ දැවී යෑමෙන් අනතුරුව සෙසු පිතිකරුවන් පෙන්වූ ඉතාමත් දුර්වල පිතිහරඹය සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අහිමි කළේය.

    කෙසේ වෙතත් දෙපිලම තරග එක බැගින් ජයග්‍රහණය කර ඇති හෙයින් කාසියේ වාසිය අතිශය වැදගත්කමක් දැක්වූ මෙම තරගයේ පළමුව ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් අතුරින් ලකුණු 13ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක බුම්රාගේ පන්දුවකට රෝහිත් ෂර්මාට ලබාදුන් උඩපන්දුවක් හමුවේ දැවී යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 15ක් විය.

    ගුණතිලකගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි සධීර සමරවික්‍රම අනෙක් ආරම්භක පිතිකරුවා වූ උපුල් තරංග එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ඉදිරියට රැගෙන ගියේය.
    මොවුන් දෙදෙනා පිටියේ සෑම දිශාවකටම පහර එල්ල කරමින් ඉන්දීය පන්දු යවන්නන්ට බලවත් හිසරදයක් බවට පත්වූ අතර, තරගයේ 9 වැනි පන්දුවාරයේදී උපුල් තරංග විසින් හාදික් පාන්ඩියාට පිට පිට හතරේ පහර පහක් සමඟින් ලකුණු 20ක් ලබාගැනීම විශේෂත්වයකි. මෙම පිතිහරඹය හේතුවෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ලකුණු 100 පන්දුවාර 17කදී වාර්තා විය.

    ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 136ක් වෙද්දී තරංග සමඟින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි සධීර සමරවික්‍රමගේ ඉනිම නිමාවට පත්විය. පන්දු 57කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටි සමරවික්‍රම චහාල්ගේ පන්දුවක් හමුවේ සීමාවෙන් ඉවතට පැන ඩීප් කවර් ස්ථානයට ඉහළින් පන්දුව එල්ල කිරීමට උත්සාහ කළද එම ස්ථානයේ පන්දු රකිමින් සිටි දවාන් අතට උඩපන්දුවක් දීමෙන් දැවී යනවිට තරංග සමඟින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 121ක අගනා වටිනා සබඳතාවක් ගොඩනඟා තිබිණි.

    සමරවික්‍රමගේ දැවී යෑමෙන් අනතුරුව තරංගට එක්වූ මැතිව්ස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 160 සීමාව වෙත ආවේය. මේ අවස්ථාවේදී එතෙක් හොඳින් ලකුණු අතර සිටි උපුල් තරංග ස්ටම්ප් කිරීමට ලක් කිරීමට දෝනි සමත් විය. පන්දු 82කට මුහුණ දී හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමඟින් දියත් කළ එම පිතිහරඹය ශතකය ආසන්නයේම එනම් ලකුණු 95කට සීමා කිරීමට කුල්දීප් යාදව් සමත් වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.

    කෙසේ වෙතත් උපුල් තරංග ලැබූ මෙම 95ත් සමඟින් ඔහු මෙම වසරේදී එක්දින ලකුණු 1000 (තරග 25කදී ලකුණු 1011) සම්පූර්ණ කළ ලොව තෙවැනියා බවට පත්වූ අතර, මෙහි පළමු තැන ඉන්දියාවේ විරාත් කෝලිටත් (තරග 26කදී ලකුණු 1460) දෙවැනි තැන රෝහිත් ෂර්මාටත් (තරග 20කදී 1286) හිමිව තිබේ.

    තරංගගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර, මුලදී ලකුණු 300 සීමාවෙන් ඔබ්බට පහසුවෙන් යාහැකිව තිබූ ශ්‍රී ලංකා ඉනිම අවසානයේදී ලකුණු 220 සීමාවට පිවිසීමටවත් නොහැකි වූයේ තරංග හා සධීරගෙන් පසු පැමිණි පිතිකරුවන් පෙන්වූ ඉතාමත් දුර්වල පිතිහරඹය හේතුවෙනි.

    ලකුණු 42කට කඩුලු 3ක් ලැබූ කුල්දිප් යාදව් තෙවැනි හා අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර, ෂිකර් දවාන් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

    ලකුණු සටහන

    ශ්‍රී ලංකාව (පන්දුවාර 44.5කදී සියලු දෙනා දැවී) 215 (උපුල් තරංග 95, සධීර සමරවික්‍රම 42, අසේල ගුණරත්න 17, ඇන්ජිලෝ මැතිව්ස් 17, ධනුෂ්ක ගුණතිලක 13, නිරෝෂන් දික්වැල් 08, සචිත් පතිරණ 07, යාදව් 3/42, චහාල් 3/46, පාන්ඩියා 2/49)

    ඉන්දියාව (පන්දුවාර 32.1කදී කඩුලු දෙකකට) 219 (ෂිකර් දවාන් නොදැවී 100, ශි්‍රයාස් අයියර් 65, දිනේෂ් කාර්තික් නොදැවී 26, රෝහිත් ෂර්මා 07, තිසර පෙරේරා 1/25, අකිල ධනංජය 1/53)

  • කුඩු ලංසත් ඒකාබද්ධ හොර කල්ලියට…

    ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර සිය ධුරයෙන් මීට ටික වේලාවකට පෙර ඉල්ලා අස්වී තිබේ.

    ඔහු පසුගිය ආණ්ඩු සමයේ කුඩු ගෙන්වීම හා බෙදාහැරීම යටතේ  ඡෝදනා ලැබ තැබූ අතර එසමයේ ඔහුගේ නිවස මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයෙන් වැටලූ අවස්ථාවේදී එවකට හිටපු ජනපති මහින්ද ගොස් ඔහුව වැළද ගෙන විශාල මාධ්‍ය සංදර්ශනයක්ද දැම්මා මෙරට වැසියන්ට අමතක නැත.පසුගිය ආණ්ඩුව විසින් එසේ යටගැසූ එම ප්‍රශ්න වලට අදාල ෆයිල් බැසිල් රාජපක්ෂ විසින්   නැවත එළියට ගෙන ඒමට සැරසෙන බැවින් ඔහු මෙම තීරණය ගෙන ඇතැයි නෙළුම් මාවත පොහොට්ටු කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ….

     

     

  • ඇමති සජිත් පාතාලයට සම්බන්ධ බව ඔප්පු වෙයි… බොඩිගාඩ් ගිනි අවි තොගයක් සමග අත්අඩංගුවේ…

    ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආරක්‍ෂකයෙකු හා රියදුරකු ලෙස කටයුතු කරන බව කියන ලද පුද්ගලයකු හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේදී ගිනි අවි තුනක් හා ජීව උණ්ඩ රැසක් සමග සමග පොලිස් සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සැකකරු 26 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    අත්අඩංගුවට පත් මෙම ඇමති අංගාරක්ෂක සැකකරු හිටපු යුදහමුදා සෙබලෙකුද වන අතර ඔහු පාතාල නායක අතුරුගිරියේ ලැඩියාගේ කල්ලියේ සාමාජිකයෙකු බවද සදහන්ය. 

    .

    3,278 Viewers
  • දින 03ක් විභාගය ලියා පාඩම් කරමින් සිටි සිසුවියව නිවසටම පැමිණ පැහැරගෙන ගිහින්…

    දින තුනක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට 16දා රාත්‍රි පාඩම් කරමින් සිටියදී නිවෙසට පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඉදිරිපස ‍ෙදාරටුව කඩා නිවෙසට ඇතුළු වී ඇත.
    සැකකරු රාත්‍රි 10.30ට පමණ දැරියගේ අතින් ඇදගෙන ගොස් ත්‍රිරෝදයක දමාගෙන පලා ගොස් ඇතැයි දැරියගේ මව පොලිසියට පැමිණිලි කර ඇත. ඇය මිරිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන අතර දැරියගේ පවුලේ අය සැකකරු හඳුනාගෙන ඇත. වැලිගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

    [rns_reactions]

  • 2020 ජනපති රනිල් වික්‍රමසිංහ මහතායි… මහින්ද ගෝඨව බැසිල්ව චමල්ව කපලා නාමල් ගේන්න හැදුවට වැඩක් වෙන්නෙ නෑ…

    2020 වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පෙරේදා (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    එහිදී , “දැන් කෝ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂේ? මට සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා කියනවා බලන්න සුජීව අර නරි රැලක් දාගෙන මහින්ද රාජපක්ෂ පිස්සු කෙලිනවා කියලා අපිට කියනවා. අද විශාල ප්‍රශ්නයක් ඒ පක්ෂේ ඇතුළේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ එකම ප්‍රාර්ථනය නාමල් රාජපක්ෂ මහත්තයාව විපක්ෂ නායක කරන එක.අවුරුදු 30ක් විපක්ෂේ ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ප්ලෑන හදන්නේ. ගෝඨාවත් කපනවා, බැසිල්වත් කපනවා,චමල්වත් කපනවා. දැන් ගේම පටන් අරන් පවුල ඇතුළේ. කලින් සෙට් එක එකට ගැහැවුවා. දැන් ඒවා නැහැ.”

    “දැන් හිතා ගන්නකො කොහොමද අපේ අරික්කාල දැන් ඉන්නේ කොහොමද භාගේ, කාල වීගෙන දැන් හැදීගෙන ඉන්නේ. මේක විනාශ වුණ පක්ෂයක්. ගහලා බිම වැටුණු පක්ෂයක් දැන් හැදීගෙන එන්නේ. අලියා කෙලින් වෙලා දැන් කන් සොලෝගෙන එනවා ඉස්සරහට.

    සියයට 4.2 දැන් අපේ සංවර්ධනය. අපි 2020 වෙනකොට සියයට 7 අපි පහු කරනවා ඉන්දියාවට වැඩිය සංවර්ධනයක් අපි වේගයක් ලගා කර ගන්නවා ලංකාවේ ඉදිරි අනාගතයේ. ඒක නවත්තන්න බැහැ කාටවත්. ඒවා කරනකොට 2020 ජනාධිපති කවුද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා ඉතා ආදරයෙන් මතක් කරනවා.” යැයිද එතුමා වැඩිදුරටත් පැවසීය.

  • ජනපති මෛත්‍රී නියමයෙන් පොහොර ගැටලුවට විසදුම්.. පොහොර ටොන් 7000ක් ගොවිජන මධ්‍යස්ථාන වලට

    රටපුරා ගොවිජන මධ්‍යස්ථාන සියයක් සඳහා පොහොර මෙටි‍්‍රක් ටොන් හත්දහසක් ඊයේ (18) නිකුත් කළ බව ලංකා පොහොර සමාගම පවසනවා.

    ඉදිරි දින කිහිපය තුළ ගොවීන්ට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් එම පොහොර ලබාගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ. 

    ලංකා පොහොර සමාගම පැවසුවේ කිසියම් පොහොර වර්ගයක හිඟයක් ඇත්නම් ගොවීන්ට ඒ පිළිබඳ තමන්ගෙන් ඍජුව විමසිය හැකි බවයි.

    [rns_reactions]

  • බැසිල්ගේ කුහක දේශපාලනයට විරුද්ධව යසපාල කෝරලගේත් යහපාලනයට…

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහාය පළ කිරීමට ඊයේ(18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුව එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහාය පළකරනු ලැබීය. ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ද පිරිනමා තිඛෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ජනපති අතින් පිළිගැන්විණි.මෙසේ එතුමා ඒකාබද්ධයෙන් වෙන්ව ආවේ බැසිල් රාජපක්ෂ නැවතත් පෙර ආණ්ඩු සමයේ මෙන් ඔහුගේ කුහක දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට දතකන නිසා බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ.

  • ගම්මන්පිලට තියෙන්නේ මොලේ අමාරුවක්… නෙලුම් කුළුණ ගැන ව්‍යාපෘති නිලධාරියා ඇත්ත කියයි..

    ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම උසම කුලුණේ පෙතිවල වර්ණය පිළිබඳව මේ වන විට සමාජය තුල විශාල කතාබහකට ලක්ව තිබෙනවා. මෙලස නෙළුම් මෙලෙහි පෙතිවල වර්ණය දිවා කාලයේදී රතු පැහැයෙන් දිස්වන අතර රාත්‍රී කාලයේ දී නෙළුම් කුලුනෙහි පෙතිවල වර්ණය කොළ පාටෙන් ආලෝකවත් වන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මුද්‍රත මාධ්‍යට ප්‍රකාශ කර තිබුනා.

    එසේම කොළ පාටින් ආලෝකවත් කර තිබෙන ලෝකයේ එකම නෙළුම් මල මෙය බවත්,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ලකුණ පොහොට්ටුව වීම නිසා නෙළුම් කුලුනෙහි මල් පොහොට්ටුව කොළ පාටින් අලෝකවත් කර එමඟින් දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය බොළඳ උත්සාහයක නිරත වන බවත්  ඔහු  වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනා.

    මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ මෙය  බොහෝ දෙනා මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විමසා බලන්නට වුනා. 

    පසුව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ශාන්ත ගුණනන්දන මහතා අප වෙත ප්‍රකාශ කලේ එහි සත්‍යතාවයක් නොමැති බවයි. නෙලුම් කුලුනේ පෙති වලට යොදා ඇති විදුලි බුබුළු රතු,නිල්,කොළ වැනි වර්ණ රැසකින් යොදා ඇති අතර ප්‍රථමයෙන්ම රතු පැහැති විදුලි බුබුළුවල පරීක්ෂණ කටයුතු කිරීමෙන් අනතුරුව පසුගිය දින කිහිපය තුල කොළ පැහැති විදුලි බල්බ පරීක්ෂා කර තිබුනා. එසේම ඉදිරියේදී අනෙකුත් වර්ණයන්ද පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

    එසේම අද (18) දින  පරීක්ෂණ කටයුුතු සඳහා  රතු පැහැති විදුලි බල්බ නැවත දල්වන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලා.

    [rns_reactions]

  • නාමල් අයියා හොදායි.. බොන්නෙත් නෑලු..පෙම් සභදතාවයේ ඇත්ත නැත්ත මාධවී ඇන්තනි හෙළිකරයි .!

    මාධවී ඇන්තනි.. නම කියූ පමණින් රටේ බොහෝ දෙනෙක් ඇයව හදුනනවා. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියණිය වන ඇය කලා කටයුතු වලටද සම්බන්ධව සිටිනවා, නමුත් ඇය පිළිබදව පසුගිය දිනවල සමාජජාලා වල කතාබහට ලක්වූයේ  කලා කටයුතු පිළිබදව හෝ වෙනත් යමක් නිසා නොවේ. මාධවී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් , නාමල් රාජපක්ෂ අතර තිබෙනවා යැයි කියූ ප්‍රේම සම්බන්ධයක් පිළිබදව මෙලෙසින් සමාජජාලා වල කතාබහට ලක්ව තිබුණා. පැතිර ගිය කටකතා පිළිබදව පුවත්පතක් සමග සම්බන්ධ වෙමින් මෙලෙසට ඈ පිළිතුරු දී තිබුණා, 

    එම සංවාදය පහතින් 

    මේ දවස්වල මාධවී කාර්යබහුල වෙලා වගේ?
    ඔව්. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. මම වැඩිපුරම කාර්යබහුල වෙන්න කැමති නැහැ. මටම කියලා තනියෙන් ඉන්න කාලයකුත් මට ඕන. හැබැයි මට වැඩවල අඩුවකුත් නෑ. මම දැන් බාහිර කථිකාචාර්යවරියක් විදියට වැඩ කරනවා. පෞද්ගලික විශ්ව විද්‍යාලයක. මගේ පශ්චාත් උපාධියේ වැඩත් කරනවා. නිවේදන, රංගන කටයුතුත් කරනවා. ජිම් යනවා. ඒවගේම මම උයන්නත් ගොඩක් කැමතියි. ඒක මගේ විනෝදාංශයක් වෙලා තියෙන්නේ.

    අලුත් ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණාද?
    නාට්‍ය කිහිපයකට දින දීලා තියෙනවා. හරි අමාරුවෙන් ඒ වැඩවලට දින දුන්නේ. රංගනයේදී මොහොතකට හරි මට තවත කෙනෙක් වෙන්න පුලුවන්. ඒ සුවිශේෂීත්වයටත් මං ආසයි.

    අප්පච්චිගේ නිර්මාණවලට විතරද රංගනයෙන් එහෙම සම්බන්ධ වෙන්නේ?
    එහෙම සීමාවක් නෑ. වෙනත් අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් එක්කම මම වැඩ කරලා තියෙනවා. ඒවා ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. අප්පච්චිගේ වැඩවල විතරක් ඉන්නවා කියලා නැහැ. නමුත් ගුණාත්මකභාවය සහ මගේ රංගනය දැකලා මට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් මට ඒ චරිතය ගැලපෙනවා නම් මම ඒ චරිත තෝරගන්නවා.

    දැන් එහෙම තෝරාබේරා ගැනීමක් කරන්න පුළුවන් හොඳ පිටපත් ලැබෙනවාද?
    ඔව්. දැන් කළින්ට වඩා හොඳ පිටපත් තියෙනවා. හොඳ නිර්මාණ ලංකාවේ බිහිවෙනවා. ගුණාත්මකභාවනේ වැඩි තරුණ අය කරන නිර්මාණ අපි දකිනවා.

    අප්පච්චි මාධවීට සීමා පනවලා තියෙනවාද?
    නැහැ. අප්පච්චි කවදාවත් මට සීමා පනවලා නැහැ. නිර්මාණයකට මම කැමති නම් මට චරිතය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මම අප්පච්චිට කියනවා ඒ චරිතයට මම කැමතියි කියලා. අප්පච්චි කවදාවත් මාව හිර කරලා සීමා කරලා හදලා නෑ.

    මල්ලිලා දෙන්නයි ඔබයි අතර වැඩවලදී තරගයක් නැද්ද?
    නැහැ. හේතුව අපි තුන්දෙනා තුන් විදියක්. අපි හැඩ තුනක්. අප්පච්චිගේ හැඩය තුළ පිහිටපු පුංචි පුංචි චරිත තුනක් තමයි අපි තුන්දෙනා. අපි තාම වර්ධනය වෙමින් ඉන්නවා. අපි තුන්දෙනාටම හොඳට සිංදු කියන්න පුළුවන්. රඟපාන්න පුළුවන්. නමුත් අපි තුන්දෙනා හැඩ තුනක්. ඒ නිසා තරගයක් නැහැ.

    පසුගිය කාලේ මාධවීගෙයි නාමල් රාජපක්ෂගෙයි ඡායාරූපයක් සමාජ මාධ්‍යවල හරි හරියට සැරි සැරුවා?
    ඒ ෆොටෝ එක විතරක් අරගෙන ගොසිප් ගැහුවේ ඇයි කියලා මම දන්නේ නැහැ. මම මගේ යාළුවෝ එක්ක ඕන තරම් ෆොටෝ දාලා තියෙනවා. මට හිතාගන්න බෑ එයාගෙයි මගෙයි ඡායාරූපය විතරක් ඒ අතරින් ගත්තේ ඇයි කියලා.

    ඇත්තටම නාමල් එක්ක මාධවීගේ යාළුකමට එහා ගිය විශේෂ සම්බන්ධයක් නැද්ද?
    එයා මගේ හොඳ යාළුවෙක්. තව මට හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. එහෙම ජෝඩු කරන්න ගියොත් ඉවරයක් නැතිවෙනවා. ඒක ඔය දේශපාලන වුවමනාවන්ට ගහපු මඩක් වෙන්න ඇති. ඒක තවත් එක ෆොටෝ එකක් විතරයි. ඒ ඡායාරූපයට කතා හදනවා නම් අනෙක් ඡායාරූපවලටත් කතා හදන්න ඕන. එහෙනම් මට කතා හදලා ඉවරයක් නැති වෙනවා. එහෙම සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක්. ඒක කාටවත් වැඩක් නෑ.

    එතකොට මේ පැතිරෙන කතා බොරු?
    ඔව් නාමල් අයියා බීලා හිටපු නිසා ගෙදරට ඇරලවන්න මම ගියා කියලත් ගොසිප් දාලා තිබුණා. ඒක මොන තරම් හාස්‍යජනකද කියලා දන්න මිනිස්සු දන්නවා. මොකද නාමල් අයියා මත්පැන් බොන්නේ නැහැ. මස් මාළු කන්නෙත් නෑ. එයා පාටිවලට ගියාම බොන්නේ ග්‍රීන් ටී. මං ගැන එහෙම කතාවක් හදලා දාලා තිනේනේ මං ගැන කතා එන්නේ නැති නිසා වෙන්න ඇති.

    එහෙනම් මාධවී දැන් කාගේ හෝ පෙම්වතියක්ද?
    මම පෙම්වතියක්. පොඩි කාලේ ඉඳන්ම පෙම්වතියක්. මගේ අප්පච්චීගේ පෙම්වතිය මම. මගේ මල්ලිලා දෙන්නාගේ ආදරය මම ලබනවා. ආදරය නැතුව ජීවත්වෙන්න බෑ. ආදරය කියන දේ ජීවිතයට අවශ්‍යයි. ආදරය නැත්නම් මිනිස්සු වේලිලා යනවා. මම ජීවිතයේ මුහුණ දුන්න හැම සිද්ධියක්ම සහ පසුකරපු හැම කඩඉමක් එක්කම අද වෙනකොට පන්නරය ලබලා අද යම් තැනක ඉන්නවා නම් ඒ ආදරය නිසා. ආදරය තමයි අපිව ජීවත් කරවන්නේ.

    මාධවීගේ ජීවිතේ සුවිශේෂී දවසක් ලඟදීම උදාවෙයිද?
    විශේෂ දවසක් එයි. ළඟදී කියලා සැලසුමක් නෑ. එවැනි දවසක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

     



    [rns_reactions]

  • පරාජයේ අදුරු සෙවනැලි මතුකරමින් ගම්පහ එජාපය නාය යාමක… ප්‍රබලයන් පිරිසක් ශ්‍රීලනිපයට..

    ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගනිති…….

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් ද ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් අද (18) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ගනු ලැබූහ.

    අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අසිත මාන්නප්පෙරුම, මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ගාමිණි තෙන්නකෝන්, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සුනිල් ශාන්ත නවරත්න, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කීර්ති කොරතොට, නලීන් පීරිස් යන මහත්වරුන් ඇතුථ දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ ප්‍රබල ක්‍රියාකාරින් රැසක් මේ අතර වේ.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

    [rns_reactions]