Tag: featured

  • 93 නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

    පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වනවා.

    නාමයෝජනා භාරගැනීම ආරම්භ කෙරුණේ ඉකුත් 11 වැනිදායි.

    මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්‍රාදේශිය සභා 68 ක් ඇතුළත්.

    එම පළාත් පාලන ආයතනවලට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (13) දහවල් 12.00 න් අවසන් වුණා.

    නීතිමය ගැටලූ නොමැති පළාත් පාලන ආයතන 93 කයි මෙලෙස මුල් අදියරේදී නාමයෝජනා භාර ගැනීම සිදුවන්නේ. සෙසු පළාත් පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 වැනිදා සිට 21 වැනිදා දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතයි

    මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශිපි‍්‍රය ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය පෙබරවාරි මස 17 වැනි දින හෝ ඊට පෙර පැවැත්වීමට හැකිවනු ඇති බවයි.

    [rns_reactions]

  • නිදහස් පක්ෂය වනසන්න උවමනාව තියෙන්නේ නාමල් බෙබිටයි ප්‍රසන්න කියන හිටපු මහ ඇමතියටයි – දයාසිරි

    ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයින් එක්වීමට විරුද්ධ වූ දෙදෙනෙකු පිළිබදව අමාත්‍ය දයාසිරි ජයසේකර අද අනාවරණයක් සිදුකළා. ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

    එම දෙදෙනා වන්නේ ප්‍රසන්න රණතුංග හා නාමල් රාජපක්ෂ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

    [rns_reactions]

  • ඇමති ජෙයරාජ් ඝාතනය පිටුපස පොලිස් ලොක්කෙක්?? සැලසුම පසුගිය රජයේ සංවේධි නායකයෙකුගෙන්ලු

    හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාව 2008 වසරේ වැලිවේරිය කාන්ති ක්‍රීඩා පිටිය අසල දී මරාගෙන මැරෙන LTTE බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයකින් මිය ගියේ ඔහු  ඇතුළු 16 දෙනෙකු ඝාතනයට ලක් වෙමින්.ලක්වූ සිද්ධියට අදාළ නඩුව අධිකරණයේ විභාග වන අතර විශේෂ කාරණාවක් හෙළිවී තිබේනවා.
    ඒ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිවරයා ඝාතනය කළාට රුපියල් ලක්ෂ 15ක් ලැබිය යුතු වුවත්, ලැබුනේ ලක්ෂ හත හමාරක් පමණක් බවට.එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ තමන්ට ප්‍රකාශ කළබව හිටපු කොටි සාමාජිකයෙකු වූ මොහොමඩ් අලි හසන් අන්සාර් නැමැත්තා අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා තිබෙනවා.
    මෙම ඝාතනයට අදාළව චෝදනා 31ක් යටතේ ත්‍රස්ත නායකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් හෙවත් මොරිස් නැමැත්තා, එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ, කොටි සාමාජිකයෙකු වූ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන තුන්දෙනාට නීතිපතිවරයා අධි චෝදනා ගොනුකර තිබෙනවා.පසුගියදා මෙම නඩුවේ සාක්ෂි විභාගයේ දී සාක්ෂි දුන් හිටපු කොටි සාමාජික අලි හසන් අන්සාර් මෙසේ පැවසුවා.
    “ත්‍රස්තවාදී ක්‍රියාවකට මා අත්අඩංගුවට පත්ව තිබුනා.2007 වසරේ දී මා ත්‍රස්ත විමර්ශන කඳවුරට යොමු කරන විට මොරිස් අත්අඩංගුවට පත්ව එහි සිටියා. මම මොරිස් හා මිත්‍ර වුනා. ලක්ෂ්මන් කුරේත් එහි සිටියා.”
    “ඔවුන් මා හා පෞද්ගලික දේවල් හා හැමදේම කිව්වා. ඇමති ජෙයරාජ් ඝාතනය ගැනත් කතා කළා.
    ඇමති ඝාතනය කළේ සත්‍යම් නමැති කොටි සාමාජිකයා බවත් ඔවුන් කිව්වා.”
    “ජෙයරාජ් ඇමතිවරයා ඝාතනය සම්බන්ධයෙන් මුදල් ගනුදෙනුවක් වූ බවත් කිව්වා.මොරිස් කිව්වා ඔහුට ලක්ෂ15ක් ලැබුනා කියලා. මට ලක්ෂ හතහමාරයි ලැබුනේ කියා ලක්ෂ්මන් කුරේ කිව්වා. එහෙම තමයි අපේ වැඩ කියා මොරිස් එවිට කිව්වා.” 
    නඩුව නැවත ලබන ජනවාරි 09 හා16 කැඳවීමට නියමිතයි.
    [rns_reactions]
  • ගීතාගේ නැටුම නිසා බෙන්තොට පොහොට්ටුව පිපෙන්නට පෙරම පරවෙයි..

    හිටපු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් පොහොට්ටුව ලකුණින් තරග කිරීමට නාමයෝජනා ලබා නොදුන්නැයි පවසමින් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායකවරයකු ලෙස කටයුතු කළ එල්.ඩබ්ලිව්. රත්නපාල මහතා ඇතුළු පිරිසක්  ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් හමුවේ ඇප මුදල් තැන්පත් කළහ.

    බෙන්තොට ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම ගීතා කුමාරසිංහ මහත්මියගේ වුවමනා එපාකම් මත සිදුකළ බවත් ඇය හිතාමතාම තමන් ඇතුළු සභිකයන් කිහිප දෙනෙකුගේ අපේක්ෂකත්වය සඳහා අදාළ නිර්දේශ යවා නොමැති බවත් එසේ හෙයින් තමා ඇතුළු එම පිරිස ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ඇප මුදල්  තැන්පත් කිරීමට  කටයුතු කළ බවත් රත්නපාල මහතා පැවසීය.

    [rns_reactions]

  • “රජයත් අපේ; පොලිසියත් අපේ; අපිට ඕන කෙනෙක්ව අපි එලවලා දානවා” ජෝන් අමරතුංග ලයිෂන් චන්ඩියෙක් වෙයි..

    “රජයත් අපේ, පොලිසියත් අපේ; අපිට ඕන කෙන්ක්ව අපි එළවලා දානවා” ඊයේ දින රැස්වීමක් අමතමින්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය. “අපිට අවශ්‍ය ඔබේ චන්දය පමණයි” ඔහු තම ආධාර කරුවන් අමතමින් පැවසිය.

    ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ වෙළඳපල මිලේ තරඟකාරීත්වය තබා ගැනීමට සහල් සහ පොල් ගෙන්වීමට රජය විසින් පාලනයක් ගෙන එන බවයි. “ජිවන වියදම ඉහල යාම පිලිබඳ රජයට බැනලා වැඩක් නැහැ, මිල පහල දැමීමට අපි කඩිනම් පියවර ගන්නවා”

    එළෙඹෙන චන්දයට සහභාගී වීමට හැකි පරිදි ඕනෑම කෙනෙකුට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම උපකාර කිරීමටත් තමා සුදානම් බවත් අමාත්‍යවරයා පැවසුවේය

     

  • ගුවන්විදුලියේ නව සභාපති ලෙස සිද්ධි මොහොමඩ් ෆාරුක් මහතා වැඩ භාරගනී…

    දිවංගත පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එස්.එම්. ෆාරුක් මහතාගේ පුත්‍රයෙක්,කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක්,හොංකොං විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ උපාධිධරයෙක්,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්,ජංගම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයෙක්,සහජීවනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් ද වූ සිද්දි මොහොමඩ් ෆාරුක් මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් මහතා පත් කර ඇත.

     

     

  • අල්ලසට හා දුෂණයට එරෙහිව 2015 ජනවාරි 08 ඡන්දය දුන් සියලු දෙනාට වූ පොරොන්දු ඉටු කරනවා …

     

    අල්ලස් සහ දුෂණ වලට එරෙහි සටන කඩිනම් කිරීමට ශක්තිමත් ක්‍රියාවලියක් අවශ්‍ය බව නීතිය සහ සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ලෝක දුෂණ පිටුදැකීමේ දිනයේදී ප්‍රකාශ කරන ලදී. , බාධක නොතකා අපගේ නීතිමය අංශ ද මේ වෙනුවෙන් දිව රෑකැප වී වැඩ කරන බවත් සාගල මහතා එහිදි වැඩි දුරටත් කියා සිටින ලදී.

     

  • ශ්‍රීලනිපය වනසන්නට වෙර දරන බැසිල් – රනිල් ඩීල් එක හෙළිවෙයි! මෙන්න සාක්ෂි

    රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ ඩීල් අංශය භාර අමෙරිකානු පුරවැසි කුප්‍රකට බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට කලක සිට අභ්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡාවට බඳුන් වී තිබුණද ඊට සැලකිය යුතු තරමේ සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් පසුගිය දා සිදු වූ සිදුවීමක් සමඟ මෙය අපට කරුණු සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකියාව ලැබී ඇත.

    පසුගිය ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීමත් සමඟම මහින්දට සහය පළකරමින් එජාපයෙන් පැන දින30 ඇමතිකමක් දැරූ තිස්ස අත්තනායකට මහින්ද රාජපක්ෂ නායකත්වය දරණ පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂගෙන් සිදු වූ සැලසුම් සහගත කැපිල්ලක් සමඟ මෙය හෙළිදරව් වී තිබේ.

    පැවති ජනාධිපතිවරණයේදී මහින්දට සහය පළකරමින් තිස්ස අත්තනායක සමඟ පැමිණි මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය අපේක්ෂයින් හට මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා දී නොමැති අතර ඔවුන් තමන්ට අත් වූ ඉරණම තිස්ස අත්තනායක පැමිණ පවසා ඇත.

    ඒත් සමඟම තිස්ස අත්තනායක ඔවුන්ව පොදු ජන පෙරමුණ යටතේ තරඟ කරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා බැසිල් රාජපක්ෂව අමතා අවස්ථාව ඉල්ලා ඇති අතර ඒ සඳහා හමුවක් සඳහා ජැයික් හිලටන් වෙත පැමිණෙන ලෙස බැසිල් තිස්සට පවසා ඇත.

    ඒ අනුව පසුගිය සති ජැයික් හිල්ටන් හිදී බැසිල් සහ තිස්ස අතර හමුව සිදු වී ඇති අතර බැසිල් එහිදී පොදු ජන පෙරමුණින් ඔවුන්ට තරඟ කිරීමේ අවස්ථාව සකසා දෙන බවට තිස්සට පොරොන්දු වී ඇති අතර තව දින දෙක තුනකින් තමා අමතන ලෙසටද දැනුම් දී ඇත.

    ඒ අනුව දින දෙකකට පසු තිස්ස අත්තනායක, බැසිල්ව දිගින් දිගටම ඇමතුවද බැසිල් දුරකථනයට පැමිණ නැත. දිගින් දිගටම තිස්ස, බැසිල්ව සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එම උත්සහය ව්‍යර්ථ වී ඇත. කෙසේ වෙතත් තිස්ස පැමිණ බැසිල්ව හමු වූ බවත්, ඔහුගේ ඉල්ලීම වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයින්ට, පොදු ජන පෙරමුණ හරහා නාමයෝජනා ලබාදැනීම බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෙළි වී ඇත. ඒත් සමඟම බැසිල් වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු විශේෂ දුරකථන ඇමතුමෙන් ලැබී ඇති නියෝගය වී ඇත්තේ, තිස්ස අත්තනායකට හෝ ඔහුගේ කිසිඳු ආධාරකරුවකුට පොදු ජන පෙරමුණේ කිසිඳු ඉඩක් හෝ අවස්ථාවක් ලබා නොදෙන ලෙසයි.

    එසේ ලද නියෝගයට අනුව බැසිල්, තිස්සට මෙලෙස පොල්ල තබා ඇත. මේ හේතුවෙන් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි වූ තිස්සට තම ආධාරකරුවන්ට වත් මුහුණ දී ගත නොහැකි තත්වයකට පත්ව කොන්ව සිටින බවට වාර්තාවේ.

    කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟම බැසිල් සහ රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන ඩීල් ගනුදෙනුව සහ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සහ බැසිල්ගේ මෙහෙය වීමෙන් සිදුවන දේශපාලන කොන්ත්‍රාත්තුව පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සැකයකින් තොරව පෙන්නුම් කරන්නකි.

    මෙම සිදුවීමෙන් තිස්ස ලක්වූ අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා තිස්ස අත්තනායක විසින්ම එක්තරා ජාතික පුවත් පතකට තමා පොදු ජන පෙරමුණ සමඟ කිසිඳු සාකච්ඡාවක් සිදු නොකළ බවට විශේෂයෙන් පවසා තිබෙනු දක්නට ලැබිණ.

    [rns_reactions]

  • මාස 11ක් ඇතුලත මඩකලපුවෙන් ඒඩ්ස් රෝගීන් 31ක්

    ගතවූ මාස 11ක කාලය තුළ  මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එච්.අයි.වී වෛරසය ආසාදනය වූ ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හදුනාගෙන ඇතැයි මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
     
    මෙම 31 දෙනා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 14ට අයත් ප්‍රදේශවල පුද්ගලයින් 24000ක් අතර සිදුකල පරීක්ෂණ වලින් හදුනාගෙන තිබේ‍ෙඒඩ්ස් රෝගීන් යැයි හදුනාගෙන ඇති මෙම ආසාධිතයින් 31දෙනා අතරින් 26 දෙනෙකු කොලඹ සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රතිකාර ලබති.
     
    මෙම රෝගී තත්වයෙන් සමාජය  ආරක්ෂා කර ගැනීම සදහා මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 14 තුළ ප්‍රාදේශීය මට්ටමින්  ඒඩ්ස්  මර්ධන  වැඩපිළිවෙලක් ආරම්බ කර තිබෙන බව මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.මෙම වැඩසටහනට අනුව මෙම සීමාවන්ට අයත් ප්‍රදේශවල පුද්ගලයින් එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇතිදැයි හදුනාගැනීම සඳහා වෛද්‍ය හා රුධිර  පරීක්ෂාවන්ට ලක් කරන බවත් මෙම ඒකකය කියා සිටීයි.
     
    ගතවූ මාස 11ක කාලයේ  මඩකලපුව දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන් 12000කුත් , මඩකලපුව බන්ධනාගාරයේ රැදවියන් 2400කුත්, මඩකලපුව රෝහලට පැමිණ  3600කුත්, ග්‍රාමීය මට්ටමෙන් පුද්ගලයින් 6000කුත්  එච්.අයි.වී පරීක්ෂාවන්ට ලක්කල බවත් රෝගය වැළදුනු 31දෙනෙකු මේ අනුව හදුනාගත් බවත් එම ඒකකය පවසයි.එච්.අයි.වී ආසාධිතයෙකුට ප්‍රතිකාර ලබාදීම තුළින් තවත් අයෙකුට මෙම රෝගය වැළදීමෙන් බේරාගත හැකි බවද පවසයි.

  • හැටන් – කොළඹ පාරේ ඝණ මීදුමක්… රිය ධාවනයේදී ඉදිරි ප්‍රධාන ලාම්පු දල්වන්න

     

    අද(12) මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජන ජිවිතයට බාධා පැමිණ ඇති අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන්ද  වැසි නොතකා විභාග මධ්‍යස්ථාන වලට පිවිසෙන්නට විය.
    අධික වර්ෂාවත් සමගම හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා අධික මීදුමි තත්ත්වයක්  පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා පැමිණ ඇති අතර  ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙ තරමට ඝණ මිදුමි තත්ත්වය පැවතිම නිසා වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන වාහන ධාවනය කරවන ලෙස රථ වාහන පොලිසිය රියදුරන්ගෙන්ඉල්ලා සිටී.

  • මැතිවරණ නීතිය රට පුරා දැන් ක්‍රියාත්මකයි

    මැතිවරණයක් සහා නාම යෝජනා භාර ගැනිම ආරම්භ කිරීමත් සමග මැතිවරණ නීති ක‍්‍රියාත්මක වීමද ඊයේ  (11) සිට ආරම්භ වන බව පොලිසිය සිහිපත් කරනවා.

    කොළඹ දී  (11) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.

    මැතිවරණ රාජකාරි සහා නිලධාරින් දසදහසක් යොදවන බව ද පොලිස් ප‍්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.

    ඔවුන් නිසි ලෙස රාජකාරී කිරීම තහවුරු කිරීමට ද සැළසුම් සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා භාර ගැනීම ඊයේ (11) ආරම්භ වුණා.

    පළමු දිනයේදී  එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 5කට නාම යෝජනා භාරදුන් බව සදහන් 

    [rns_reactions]

  • සියල්ලන් අභිබවා ඉන්දියානු සාගර කලාපයේ ලොව ප‍්‍රමුඛතම ගුවන් සේවය ශ්‍රී ලංකන්…

    ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයඉන්දියානු සාගර කලාපයේ ලොව ප‍්‍රමුඛතම ගුවන් සේවයට හිමි සම්මානය හිමි වී තිබෙනවා.

    වියට්නාමයේ ෆූ ක්වොක් හි පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේදීයි.  ලොව ප‍්‍රමුඛතම ගුවන් සමාගම් 13ක් මෙම සම්මානය සහා නිර්දේශ වී තිබුණා.

    [rns_reactions]

  • බස් එකේ යද්දී විභාග ප්‍රවේශ පත්‍රය නැති උනොත් ඔබේ විස්තර 0112 784 422ට ෆැක්ස් කරන්න.

    යම් හේතුවකින් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය අස්ථාන ගත වූ විටක නොපමාව 1911 ක්ෂණික අංකයෙන් විභාග දෙපාර්ත්මේන්තුව අමතා ඒ පිළිබඳව දැනුම් දීමට හැකියාව පවතිනවා.

    එමෙන්ම ඔබගේ නිවැරදි තොරතුරු ඇතුළත් ෆැක්ස් පණිවුඩයක් 0112784422 යන අංකයට යොමු කිරිමෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ලබා ගත හැකි බවයි විභාග දෙපාර්ත්මේන්තුව කියා සිටියේ.

    එවැනි අවස්ථාවක ඔබට ෆැක්ස් පණිවුඩයක් ගෙන්වා ගත හැකි ෆැක්ස් අංකයක් ද විභාග දෙපාර්ත්මේන්තුව වෙත ලබා දිය යුතු වනවා.

    [rns_reactions]

  • පීඩාවට පත්වෙන විභාගය ලියන දරුවන් සහ පොදු ජනතාව වෙනුවෙන් වර්ජකයින්ගෙන් ජනපති කළ ඉල්ලීම

    සාමාන්‍ය පෙළ විභාග අපේක්‍ෂක පාසල් දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් ඇතුළු සියලූ කාර්ය මණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉල්ලීමක් කරනවා.

    උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකදී සිසු දරුවන් පත්වන මානසික තත්ත්වයන් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බැවින් මානුෂීය වශයෙන් සිතා සිය වගකීම් ඉටුකරන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ.

    වර්ජනයට එක්වූවන්ගේ විසඳී නැති ගැටළු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඉදිරියේදී සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකි බවයි ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ.

    [rns_reactions]

  • මනුස්සකම රජකරවමු.. ඔබේ වාහනයෙන් විභාගය ලියන ළමයින්ට ශක්තියක් වන්නට කාරුණික වන්න..

    මේ වන විටත් දුම්රිය වැඩවර්ජනයක් සිදු කෙරෙන බැවින් අද (12) ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට මුහුණ දීමට සිදු විය හැකි ප‍්‍රවාහන දුෂ්කරතා මගහරවා ගැනීමට ඔබට ද ශක්තියක් විය හැකියි.

    ඒ අනුව, ඔබ රාජකාරී කටයුත්තක් හෝ වෙනත් කටයුත්තක් සඳහා පෞද්ගලික වාහනයකින් ගමන් කරන්නේනම් හැකියාව ඇති පරිදී එම වාහනයෙන්ම සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට ද සහාය වන ලෙස අපි යෝජනා කරනවා.

    ඔබේ අසල්වාසීන් වන සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට මෙන්ම පොදු ප‍්‍රවාහන සේවාවක් අපේක්ෂාවෙන් මහ මග බලා සිටින සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට ද ඔබට මෙලෙස සහාය විය හැකියි. 

    [rns_reactions]

  • අමන වර්ජනයක් මැද හෙට ලොව දිනන දැයේ දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි

    2017 සාමාන්‍ය පෙළ විභාගය අද (12) ආරම්භ වනවා.

    රට පුරා මධ්‍යස්ථාන 5116 කදී අයදුම්කරුවන් හය ලක්ෂ 88,573 දෙනෙකු ඊට පෙනී සිටීමට නියමිතයි. ඔවුන්ගෙන් හාර ලක්ෂ 29,493 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා. පෞද්ගලික අයදුම්කරුවන් ගණන දෙලක්ෂ 59,080ක්. 

    පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස කොටස් දෙකක් යටතේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. මධ්‍යස්ථාන 536ක් හරහා එහි කටයුතු සම්බන්ධීකරණය කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

    විභාගයට පැමිණිමේදී සහ පිළිතුරු සැපයීමේදී අයදුම්කරුවන් සැළකිලිමත් විය යුතු 
    කරුණු පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරුණා. 

    එහිදී විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත සඳහන් කළේ විභාගය සඳහා පැමිණෙන විට අත්සන සහතික කරන ලද ප්‍රවේශපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ පිළිතුරු ලිවීමට අවශ්‍ය පෑන් පැන්සල් අමතක නොකර රැගෙන ආයුතු බවයි. ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලිවීමේදී ඊට කාලය ලබා දී ඇත්තේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් කියවීමටද වන හෙයින් පිළිතුරු ලිවීමට පෙර ප්‍රශ්න පත්‍රය හොඳින් කියවා පිළිතුරු ලිවීමට කටයුතු කරන ලෙසද මතක් කර සිටියා.

    විභාගය පෙරවරු 8.30ට ආරම්භ වන බැවින් පෙරවරු 8.00ට පෙර නියමිත විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන්නැයි සියලූ අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් ද කෙරුණා. 

    අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙනවා. විභාග වංචා වැළැක්විම සඳහා සියලූ විභාග මධ්‍යස්ථාන ආවරණය වන පරිදි අධීක්ෂණ වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

    විභාග වංචා සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට දැඩි පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.  

    [rns_reactions]