Tag: featured

  • දුම්රියේ වැටුප රුපියල් ලක්ෂ 2ටත් වැඩියි..අවරුදු 2ට 22000+ 2020දි 50400ක්.. එත් මදිලු.. අදත් වර්ජනයේ..

    දුම්රිය රියදුරෙකු අතිකාල දීමනාද සහිතව මසකට රුපියල් දෙලක්ෂ විසි හයදහසක(226 000) වැටුපක් ලබාගන්නා බව මේ වනවිට ප්‍රසිද්ධ රහසක්..

    එසේ තිබියදී මෙලෙස වැඩ වර්ජනය කිරිම අමන ක්‍රියාවක්..

    දුම්රිය රියදුරන්ගේ පඩිය රුපියල් 10 000 න් වැඩිකළාම මේ අවුරුදු දෙකට රුපියල් 22 000 න් පඩිය වැඩිවෙලා තියෙනවා. 2020 වෙද්දි රුපියල් 54 000 න් පඩිය වැඩිවෙනවා. ඔවුන් අතිකාල දීමනා එක්ක මාසෙකට දෙලක්ෂ විසි හයදාහක්( 2 26 000 ) පඩිගන්නවා. සමහර අය දෙලක්ෂයක් , එක්ලක්ෂ හැත්තැ පන්දහසක් ගන්නවා. දුම්රිය රියදුරෙක් පැය අටත් වැඩකරනවා. පැය නවයක් විවේක කාලයක් තිබෙනවා. ඒ විවේක කාලය පැය නවයට එක පැයකට පැය එකහාමාර ගානේ පැය 600 ක් අතිකාල ගන්නවා…‘‘

    දුම්රිය වෘත්තීය සමිති පසුගිය (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.

    [rns_reactions]

  • ” ආසි‍යාවේ කායවර්ධන ක්‍රීඩාව නගා සිටවූ” ආසියාවේ කලු සිංහයා අපේ ලූෂන්ට ඇමෙරිකාවෙන් උපහාර .!

    ඇමරිකාවේ ටෙක්‌සාස්‌හි පැවැති ‘ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්‌’ කායවර්ධන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාඡ්ට එහිදී සිව්වැනි ස්‌ථානය හිමිවිය. ලොව ප්‍රමුඛතම කායවර්ධන තරගාවලියක් වන  ‘ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්‌’ කායවර්ධන තරගාවලියට රටවල් 34ක් නියෝජනය කරමින් කායවර්ධන ක්‍රීඩකයන් සහභාගි වී තිබුණි. ශ්‍රී ලංකාවේම ක්‍රීඩා සම්මේලන වලින් එල්ල වූ පීඩන හා පෙත්සම් මැද ඇමෙරිකා එක්සත් ජනපදයට වීසා ලබා ගැනීම පවා ලූෂන්ට අපහසු වී තිබුණි.

    එවැනි අවස්තාවක , ප්‍රමාද වී ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය ලූෂන් පුෂ්පරාජ්ට සිය පෙර පුහුණුවීම් ඇරඹීමට සිදුවූයේ ප්‍රමාද වී බව සදහන්, කෙසේ වෙතත් එලෙස නො‍යෙකුත් තාඩන පීඩන මැද්දේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙම ආදරය හා ආශීර්වාදය සමග තරග කළ ලූෂන් මුල් වටයේ ඉහළ ලකුණු ලබා අවසන් වටයට තේරී පත් විය.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ලූෂන්ට දිරි දීමට සිංහ කොඩි රැගෙන පැමිණ තිබුනද මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් , සිංහ කොඩිය යටතේ තරග වැදීමට ලූෂන්ට වරම් නොවීය, ඒ ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය විසින් ලූෂන් පුෂ්පරාජ්ට ජීවිතාන්තය තෙක් තරග තහනමක් පනවා තිබෙන නිසාය.

    කෙසේ වෙතත් පුංචි ශ්‍රී ලංකාවේ ඉපිද , නිළධාරීන් සහ සංගම් කකුලෙන් අදිද්දි , පීඩ මැදින් ලොව හොදම කා‍යවර්ධන තරගාවලියක , හොදම කාාවර්ධකයන්  පස් දෙනා දෙනා අතරට ප්‍රවිෂ්ඨ වීමම මහා ජයග්‍රහනයක් බව විචාරකයන් සදහන් කර තිබුණි. තරගාවලියේ පළමු හා දෙවැනි ස්‌ථාන සත්කාරක ඇමරිකානු ක්‍රීඩකයන්ට හිමිවූ අතර තෙවැනි ස්‌ථානය අසල්වාසී ඉන්දියාවට හිමි විය.

    මෙහිදි විශේෂත්වය වූයේ “ආසියාවේ කලු සිංහයා” ලෙසින් හැදින්වෙන ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාජ්ට  ආසියාවේ කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරනු ලබන සේවය උදෙසා විශේෂ ඇගයීම් සම්මානයක්‌ ලබාදීමටද සංවිධායකයෝ කටයුතු යොදා තිබීමයි, තරගාවලිය පුරාවටම ආසියාවේ කායවර්ධන ශූරයා ලෙස ලූෂන් පුෂ්පරාජ්ට ඉහළ අවදානයක් යොමු වී තිබුණු අතර තරගාවලියේ ජනප්‍රියතම ක්‍රීඩකයෙක් ලෙසද ලූෂන් වැජබීම ශ්‍රී ලංකාවටම අභිමානයකි.

    මෙහිදි ලූෂන් පුෂ්පරාජ්ට සම්මානය ලබා දෙන ඇමෙරිකානු නියෝජිතයා පැවසූවේ ” අද ඔබට ඔබගේ අරමුණ ඉටු කර ගන්නට නොහැකි වන්නට ඇත , නමුත් ඔබ කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් , ඔබගේ රට වෙනුවෙන් , ආසියාව වෙනුවෙන්ම , ලෝකය වෙනුවෙන්ම විශේෂ දෙයක් කළා , ඔබ ඔබගේ රටේ තරුණයන්ට ආදර්ශයක් , ඔබගේ රටට විතරක් නෙවෙයි , මුලු රටටම , ඔබ ජාතික වීරයෙක් . දහස් ගණනක් තරුණයන්ට ඔබ වගේ වීමට අවශ්‍යව තිබෙනවා , ඔබයි කලු සිංහයා” යනුවෙනි.

    ලූෂන් පුෂ්පරාජ්ට සම්මානය ලබා දුන් සංවේදී මොහොත

     

    [rns_reactions]

     

  • උපන්ගෙයි මියැදෙන පොහොට්ටුව..

     

    මේ දින වල දේශපාලන කරළියේ වැඩිපුරම අහන්නට දකින්ට ලැබෙන්නේ එළැබෙන පළාත් පාළන මැතිවරණය ගැනයි.ඒ සම්බන්ධව පොහොට්ටු පක්ෂයේ නොයෙක් ගැටුම් නිතරම අහන්න දකින්න ලැපෙනවා..මන්ත්‍රීවරු වරියො පොහොට්ටුව හැරදමා ජනපති මෛත්‍රීත් එක්ක ශ්‍රීලනිපය වෙත වේගයෙන් එමින් පවතින අවධියක පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් කියවෙන්නේ බැසිල් රාජපක්ෂගේ අකටයුතුකම් දරාගැනීමට නොහැකිව මෙසේ සිදුවන බවයි… 

    2015 ඡන්දය පරාද වීමත් සමගම පැදුරටත් හොර රහසේ රටින් පිටව ගිය බැසිල්ට ලංකාවට නැවත එන්න පුළුවං කමක් ලැබුනේ විමල් දිනේෂ් ගම්මන්පිල ප්‍රමුක ඒකාබද්දේ මන්ත්‍රී වරු නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.එම සුළු පක්ෂ ටිකේ උදව්වෙන් පොහොට්ටුව අටවාගත් පසු බැසිල් මුලින්ම කැරන්නේ කන්න දුන්න අත හපා කෑමයි..ඒ විමල් දිනේෂ් ගම්මන්පිල යන අයට පල නොකියා පලා බෙදීමෙනි.මෙසේ කරන්නේ 2020 වන විට බැසිල් අගමැති වෙන්න හීන මවමින් ඉන්න නිසා යන්න ඒකාබද්දය ඇතුලතින් මේ වන විට මතුව ඇත. මෙවන් වාතාවරණයකදී මහින්ද රාජපක්ෂ වටා ආදරෙන් එකතු වූ දේශපාලන ක්‍රියාකරුවන් තවත් ඉවසා සිටීද?පොහොට්ටුව පිපෙන්නටම පෙර පරවෙයිද?

  • “මෛත්‍රී සර්ට දුන්නා නේද සර් දන්නේම නැතුව…” ෂැන්ග්‍රිලා හොටලේදි මෛත්‍රී, මහින්දට දුන් විරේකය

    රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ උත්සවයේදි මෛත්‍රී- මහින්ද හමුව සහ එහිදි මෛත්‍රී ජනාධිපතිවරයා දැක්වු දැඩි සුහදතාව සහ ඊට අදාල ඡායාරූපය පැය කිහිපයික් තුලදි මාධ්‍ය හරහා සමාජ කිරිමේ මෙහෙයුම හේතුවෙන් මහින්ද පිළ දැඩි ලෙස අර්බුදයකට පත්ව තිබෙන බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

    අදාල ඡායාරූපය එලියට ආ සැනින් ඒකාබද්ධයේ මහින්ද පිළේ කිහිප දෙනෙකුම මහින්දට දුරකථනයෙන් පවසා ඇත්තේ මේ තීරණාත්මක අවස්ථාවෙ ඒ ආකාරයේ ඡායාරූපය පාක්ෂිකයින් අතට පත්විම හරහා මෛත්‍රී ජනාධිපතිවරයා මේ තරම් සුහදත්වයක් පෙන්වද්දි මහින්ද පක්ෂය කඩන්න උත්සහ කරන්නේ කුමක් නිසාද යන්න ගැටලුවක් වන බවයි.

    අදාළ මංගල උත්සවයේදි මෛත්‍රී ජනාධිපතිවරයා තමන්ගේ පක්ෂය කඩා දැමිම සදහා කුමන්ත්‍රණය ප්‍රතිවාදියා වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතාමත් සුහදශීලි ලෙස සිනාසි කතාබහ කරමින් සිටින ඡායාරූපය පුවත්පත් වල ප්‍රධාන පුවත් ලෙස පලවිමත් එම ඡායාරූපය සමාජ ජාලා හරහා වෙගයෙන් ජනතාව අතට යෑමත් සමග මෙම අර්බුදය හටගෙන තිබේ.

    මගුලට පසුදාම මහින්ද හමුවිමට පැමිණී ඒකාබද්ධයේ මාධ්‍ය ලොක්කා ලෙස පෙනී සිටින මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජාතික පුවත් පත් රැසක් මහින්දට පෙන්වමින් ඔලුවේ අත් තියාගනිමින් මහින්දගෙන් විමසා ඇත්තේ “මෛත්‍රී සර්ට දුන්නා නේද සර් දන්නේම නැතුව”යනුවෙනි. එයට පිළිතුරු දෙමින් මහින්ද පවසා ඇත්තේ තමන් නොදැනුවත්වම එම උගුලට හසුවු බවත්ය.

    පසුගිය 07 වැනිදා සැන්ග්‍රීලා හෝටලයේ (shangri la) පැවති මංගල උත්සවය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විමත් එහිදි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දැඩි සුහද දැක්විමත් ඊට ආදාළ ඡායාරූපය ඉතා සියුම්ව ගැනිමේ සහ ඒවා මාධ්‍ය හරහා වේගයෙන් ප්‍රචාරය කිරිම යන් සියල්ලම් ඉතාව සැලසුම් සහගතව ක්‍රියාත්මක වු අතර ඒ සදහා මෛත්‍රී ජනාධිපතිවරයාගේ අධික්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක වි තිබේ.

    ජනාධිපතිවරණයෙන් පසුව කතානායක නිළ නිවසේදී මෛත්‍රී – මහින්ද හමුවු අවස්ථාවේ සිට අහබු ලෙස හමුවු අවස්ථා රැසකදි සතයකට මෛත්‍රීට මහින්ද හමුවුවද මෛත්‍රී,මහින්ද සතයකට මායිම් නොකල අතර පුත් පසඳ යාපා අබේවර්ධනගේ මගුල් ගෙදරදි හදිසියේම මහින්දට දැඩි සුහදත්වයක් දැක්විම මහින්දගේ ඇස් නිලංකාර කරන සිදුවිමක් වුවද එය මහින්දට මෛත්‍රී ගැසු කපොතියක් බව දැන ගත්තේ මහින්ද ගැන ගමේ තිබුන විශ්වාසය නොදැනිම බිද දැමිම හරහාය. එම හානිය පූර්ණය කර ගැනීම සඳහා මහින්ද පොහොට්ටුවේ නාම යෝජනා අත්සන් කිරීමේ උත්සවයක්ද සංවිධානයට කොට ඊටද සහභාගී වුයේ තමා ඒකාබද්ධය සහ පොහොට්ටුව සමඟ සිටින බව පෙන්වීම සඳහාය.

  • ශ්‍රියානි විජේවික්‍රම ගියා නෙමෙයි යැව්වා…(Video)

    ශ්‍රියානි විජේවික්‍රම ගියා නෙමෙයි යැව්වා… නාමයොජනා පිළිබඳ සාකච්චා වලදි ඇයට අපෙන් යන්න කිසිම හේතුවක් තිබුනේ නෑ…අම්පාර නාමයොජනා ප්‍රශ්න විසදගන්න එතුමියට 6 වතාවක් කමිටුවට එන්න වුනා… අන්තිම සෙනසුරාද තමයි ඇයට එපා වූනේ ඇය කිව්වා මේ ප්‍රශ්න විසඳගන්නෙ නැතිව මට ගමට යන්න වෙන්නෙ නෑ කියල…

    – උදය ගම්මන්පිල

  • සියල්ල අභිබවමින් ‘ජනපතිට කියන්න’ ඊ ස්වාභිමානී රන් සම්මානය දිනාගනී

    දෙස් විදෙස් ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත යොමුකරමින් විසඳුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘ජනපතිට කියන්න’ වැඩසටහන 2017 ‘ඊ ස්වාභිමානී’ රාජ්‍ය සහ මහජන සබඳතා අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත.

    ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණික නියෝජිතායතනය (ICTA) මඟින් ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීම අගය කිරීම සඳහා ආරම්භ කරන ලද ඊ ස්වාභිමානී රාජ්‍ය සම්මාන ප්‍රදානයට සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මඟින් ක්‍රියාත්මක ඩිජිටල් වැඩසටහන් අධීක්ෂණයට ලක්කොට ඒ අතරින් තෝරා ගන්නා හොඳම ඩිජිටල් වැඩසටහන් ව්‍යාපෘතිය සඳහා මෙම සම්මානය ප්‍රදානය කරනු ලබයි.

    ඊ ස්වාභිමානී සම්මාන ප්‍රදානයේදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මඟින් ජනතාවට තම සේවා සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ක්‍රියාත්මක ඩිජිටල් වැඩසටහන් හි පද්ධති සැකසුම්, ක්‍රියාත්මක ක්‍රමවේදයන්, පරිශීලක පහසුව, කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී මුලික අවධානය යොමුකර ඇත.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසට අනුව ජනතාවගේ නොවිසඳුනු ප්‍රශ්න සහ ගැටලු කඩිනමින් විසඳීම සඳහා ආරම්භ කරන ලද මෙම ‘ජනපතිට කියන්න’ වැඩසටහන සඳහා භාවිතා කරන ඩිජිටල් මෘදුකාංගය ජනාධිපති කාර්යාලයේ අවශ්‍යතාවය මත ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම විසින් නිර්මාණය කොට සංවර්ධනය කරන ලද්දකි.

    ‘ජනපතිට කියන්න’ ව්‍යාපෘතිය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතාගේ සහ මහජන සබඳතා අංශයේ ප්‍රධානී ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

    ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණික නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කළ ‘ඊ ස්වාභිමානී 2017’ සම්මාන උළෙලේ දී ‘ජනපති කියන්න’ සඳහා වන සම්මානය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය නියෝජන කරමින් එහි ව්‍යාපාර විසදුම් අංශ ප්‍රධානී චමිත් හෙට්ටිආරච්චි සහ ව්‍යාපාර විශ්ලේෂණ කළමනාකරු චමිල ඉලංගකෝන් යන මහත්වරුන් සහභාගී වූ අතර ජනාධිපති කාර්යාලය නියෝජනය කරමින් ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය සහ ජනාධිපති මාධ්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාලික රණතුංග මහතා සහභාගී විය.

    ජනතාවගේ නොවිසඳුනු ගැටලු විසඳන ‘ජනපතිට කියන්න’

    රන් සම්මාන දිනූ ‘ජනපතිට කියන්න’ වැඩසටහන යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු වර්ෂ පුර්ණය වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් වර්ෂ 2016 ජනවාරි 08 වන දින මෙම ‘ජනපතිට කියන්න’ වැඩසටහන හඳුන්වා දෙන ලදී.

    රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක්ගැනවිලි සහ අදහස් හා ‍යෝජනා අතිගරු ජනාධිපතිතුමා වෙත කාර්යක්ෂමව හා සරලව ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනමින් ඵලදායීව ප්‍රතිචාර දක්වමින් විසඳුම් ලබා දීමට පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

    මහජනතාවට 1919 දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ වෙබ්, ඊමේල්, තැපැල් යන ආකාරවලින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි, දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ‘ජනපතිට කියන්න’ වැඩසටහන හරහා ලබා දී ඇත.

    මෙයට ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මඟින් පරික්ෂා කෙරෙන අතර එහිදී එම පැමිණිලි, දුක් ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යංශ හෝ ආයතන වෙත යොමු කරනු ලබයි.

    ඉහත සියලු කටයුතු නව තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ පරිගණක දත්ත පද්ධතියක් හරහා කාර්යක්ෂමව ක්‍රියාත්මක වේ.

    දැනට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව: 164504
    විසඳා අවසන් කල පැමිණිලි සංඛ්‍යාව: 62351
    විසඳමින් පවතින පැමිණිලි සංඛ්‍යාව: 59351
    පරික්ෂා කිරීමට ඉතිරිව ඇති පැමිණිලි සංඛ්‍යාව: 16895

    ජනපතිට කියන්න වැඩසටහන හා සම්බන්ධ විය හැකි ආකාර

    1. 1919 දුරකථන අංකය ඇමතීමෙන්
    2. http://tell.president.gov.lk වෙබ් අඩවියට පිවිසීම මගින්
    3. තැපැල් පෙට්ටි අංක 123, කොළඹ යන ලිපිනයට ලිපි එවීම මගින්
    4. tell@presidentsoffice.lk යන ලිපිනයට විද්‍යුත් පණිවුඩයක් එවීම මගින්
    5. ජංගම දුරකථන මෘදුකාංගය භාවිතයෙන්

    [rns_reactions]

  • ශ්‍රීලනිපයට ශක්තියක් වෙමින් ජවිපේ සහ පෙරටුගාමී මන්ත්‍රීන් ජනපති මෛත්‍රී සමගින් එක් වෙයි

    ඉදිරි දින දෙක තුළදී ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂය සිටි ප්‍රබලයින් විශාල පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීමට සූදානමින් පසුවන බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේය.

    මේ පිරිස අතර හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 12 දෙනෙකු, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු 04ක් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 08 ක් ද සිටින බව අදාළ ප්‍රකාශකයෙ කීය.

    පෙරටුගාමී පක්ෂයේ සිටි ප්‍රබලයින්ද ඇතුළුව 61 දෙනෙකු සිරිසේන මහතා සමඟ අනිද්දා  (13) එක්වන බවද පැවසේ.

    [rns_reactions]

  • ශ්‍රීලනිපය දෙකඩ කරන්න රනිල් එක්ක ඩීල් එක තියෙන්නේ එ්කාබද්දයටයි… (video)

    ශ්‍රීලනිපය දෙකඩ කරන්න රනිල් එක්ක ඩීල් එක තියෙන්නේ එ්කාබද්දයටයි…- වීරකුමාර දිසානායක

  • පළාත් සභා මැතිවරණය මාර්තු අවසානයේ’ – අතිරේක සොලිසිටර් ජනරාල්

    ලබන වසරේ මාර්තු මාසය අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නාය.

    සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත වු වහාම මැතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට බලය ඇති බවද පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල් ද සිල්වා මහත්මිය පළාත් සභාවල කාලය අවසන් වීමක් මිස පෙත්සම්කරුවන් පවසන පරිදි පළාත් සභා මැතිවරණය කල් දැමීමක් සිදුවී නැතැයිද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.

    අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, සිසිර ද අබෲ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සළකා බැලිණි.

    ඕමාරේ කස්සප හිමි, සබරගමුව පළාත් සභා මන්තී‍්‍ර කාංචන ජයරත්න, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු අමාත්‍ය ජී.ඇල්. පීරීස් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පලාන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ නීතීපතිවරයා නම් කොට ඇත.
    ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් වැඩිදුර සළකා බැලීම සඳහා ලබන 17 වැනිදා දක්වා කල් තබන ලදී.

    [rns_reactions]

  • ආන්දෝලනාත්මක කාන්තා නියෝජනයක් සටහන් කරමින් ශ්‍රීලනිපයෙන් දෙහිවලට ගයේෂා..

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙහිවල ගල්කිස්ස නගර සභාව සඳහා රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තබා තිබෙනවා.

    ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිර්ති උඩවත්ත ඉදිරියේ නාම යෝජනා අත්සන් කළ ඇය, දෙහිවල නැගෙනහිර කවුඩාන කොට්ඨාශයට ඉදිරිපත් වන බවයි එම පක්ෂය සඳහන් කළේ.

    රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තැබීම 

    [rns_reactions]
  • ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයන් තිදෙනෙක් ශ්‍රීලනිපයට….

    අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නි.නායක වීරකුමාර දිසානායක මහතා සහ උතුරුමැද පලාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර මහතා, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා ශ්‍රීලනිපයට

    [rns_reactions]

  • එකාබද්ධයේ ශ්‍රියානි විජයවික්‍රම ශ්‍රීලනිපයට

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල දිගාමඩුලු පාර්ලීමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය පලකරන ලදි.

    [rns_reactions]

  • ලාංකීය පුරවැසිභාවය නැති ෆාතිමා මේසපන්දු සමස්තලංකා තරඟ වලට යනකල් සංගමය බුදි…

    අන්තර්ජාතික සහ ජාතික මට්ටමේ නීති රාමුව තුල රටක පුරවැසිභාවය නොමැති ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට එම රටේ ශ්‍රේණිගත කිරීම් සදහා ඇතුලත් වීමට නොහැකි බව අප කවුරුත් දන්නා කරුණකි එසේ වුවත් ෆාතිමා ඩිමා අලි නමැති මාලදිවයින් ජාතික මේස පන්දු (table tennis) ක්‍රීඩිකාවක් වසර තුනක පමණ කාලයක සිට සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලි වලට හා කනිෂ්ට ජාතික තරගාවලි වලට සහභාගී කරවීමට පුහුණු කරුවන් කටයුතු කරමින් සිටි. ශ්‍රී ලංකා මේස පන්දු සංගමය මේ ගැන මේ වනතුරු කිසිම සොයාබැලීමක් කර නැති අතර ඒ මන්ද යන්න මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් අතර කතාබහට ලක්වන කරුණක් වී ඇත. ඇතැමුන් පවසන අන්දමට  මාලදිවයිනේ  ලොකු දේපලකට හිමිකම්මෙ කියන මෙම ක්‍රීඩිකාවගේ දෙමව්පියන්ගේ මුදලට යටවී මෙම සංගමය සහ ඇතැම් පුහුණු කරුවන් මෙම ක්‍රීඩිකාවට තරගකිරීමට අවස්ථාවක් ලබා දෙන බවය…

    මේස පන්දු පුහුණුකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසන්නේ මෙම ක්‍රියාව ලංකාවේ අනෙකුත් ක්‍රීඩිකාවන්ට කරන මහත් අසාධාරණයක් බවත් ලංකාවේ ක්‍රීඩිකාවන් මේ හේතුවෙන් විශාල අසීරුතාවයකට පත්ව ඇති බවත්ය.

     

     

     

     

     

     

     

  • ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයට වෙබ් ගෝඩ්ෆාදර් රුවන් සම්බන්ධයි – ලංකා ඊ නිවුස් කතෘ හෙළිකරයි -Audio

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් වෙබ් ගෝඩ්ෆාදර් ලෙස කුප්‍රකට රුවන් ෆර්ඩිනෑන්ස්ද සම්බන්ධයැයි
    ලංකා ඊ නිවුස් කතෘ සදරුවන් සේනාධීර අනාවරණය කරයි.

    බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් හි පවත්වාගෙන යන ගුවන් විදුලි නාලිකාවක සිංහල වැඩ සටහනක් මෙහෙයවන කල්ප පල්ලියගුරු මහතා විසින් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු මෙම චෝදනාව එල්ල කරන ලදි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ඔත්තුකරුවන්ගේ නම් ලැයිස්තුවේද රුවන් ෆර්ඩිනෑන්ස්ගේ නම තිබූ බවද එහිදී ඔහු අනාවරණය කරයි. අදාල වැඩ සටහනේ හඩ පටය පහතින් අසන්න

    www.abrighterfuture.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී…

    https://www.facebook.com/abrighter.lk/videos/392907081146945/

     

    www.abrighterfuture.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී…

  • අවුරුදු 15 පොඩි ගෑනු ළමයෙකුටවත් ඉන්න දෙන්නැති වෙන්න ජනපති නාමල්….(Video)

    ඔන්න අපේ නාමල් බේබි අවුරුදු 15ක වයස බාලවයස්කාර දැරිවියක්ව අරං යන්න හදන වීඩියෝ එකක් ලීක් වෙලා..

    ශමිල්කා එදිරිසිංහ කියන්නෙ HYBRID HUB , EDIRISINGHE BROTHERS(PVT)LTD එකේ Managing Director වන ගාමිනී එදිරිසිංහ මහතාගේ මිණිපිරියයි.ශම්මිකාට අවුුරුදු 15යි.ඉතිං ඔන්න ශම්මිකා ඊයෙ(10)දවල් instagram එකේ ලයිව් ආව වෙලාවක තමයි මේ වැඩේ මාට්ටු වුනේ… නාමල් මුලින් කමෙන්ට් කර කර ඉදල පස්සෙ ඒ ලයිව් එකට join වුණා… ඒ වෙලාවෙ වුන දෙබස තමයි මේ පහලින් තියෙන්නේ… ඔන්න ඔහොමයි නාමල් අවුරුදු 15 පොඩි ගෑනු ලළමයින්ට ටෝක් කරන්නේ…  

    ශමිල්කා –“හලෝ, ඔයා මොනාද කරන්නේ? කොහෙද යන්නෙ?”

    නාමල් –  “මම වැඩ කරන ගමන් ඉන්නෙ…. අනිත් අයට මාව පේනවද දන්නෙ නෑ”

    ශමිල්කා –“ඒක ඔයා හොයගන්න. ඔයා මට මාස පහකටත් කලින් කිව්වා ලබන සතියේ කොහේ හරි යමු කියලා”

    නාමල් –“හරි අපි ලබන සිකුරාදා යමු. ඒක නෙවෙයි. මම හිතන්නේ මගේ followersලා ටත් ඔයාව පේනවා”

    ශමිල්කා –“ඔව් මමත් හිතන්නේ. ඒත් ඔයාට මට තරම් followersලා නෑ. හහහා විහිලුවට කිව්වේ”

    නාමල් – “හරි හරි මම පස්සේ ඔයාට කතා කරන්නම් මම හිතන්නේ හැමෝටම අපිව පේනවා වගේ”

    ශමිල්කා –“ඔව් ඉතින් හැමෝටම පේනවා හරි එහෙනම් ඔයා ආයෙත් වැඩ කරන්න යන්න. මම ඔයාට මැසේජ් එකක් දාන්නම්. බායි”

  • ඒකබද්දයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට මහින්ද රුව තහනම්…(Video)

    මෙවර මැතිවරණයට තරග කිරීම සදහා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතාටත් ලේකම් ධුරය දිමු ජයරත්න මහතාට ලබා දීමටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කැමති වූ බවත් එමගින් ඔහු දෙවන වතාවටත් පක්‍ෂය රැක ගැනීමට කැපවූ බවත් බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

    මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන නිසා වෙනත් පක්‍ෂයක අපේක්‍සකයන්ට ඔහුගේ පින්තූරය භාවිත කල නොහැකි බැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කිරීම තහනම් බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියහ.

    කෙසේ වෙත්ත ඒකාබද්දයේ සිටින ඩීල් කාරයන් පිරිසකට පක්‍ෂය කඩන්නට උවමනා වු නිසා එම උත්සාහයද අපතේ ගිය බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.