Tag: featured

  • එක්සත් ජාතීන්ගේ සාම නියෝජිතයින් 14ක් කොංගෝවේදී මරුට… 53කට තුවාලයි

    කොංගෝ සමූහාණ්ඩුවේ උතුරුදිග කිවූ පළාතේ කැරළි කණ්ඩායම් සිදුකළ ප්‍රහාරයකදී එක්සත් ජාතින්ගේ සාම නියෝජිතයන් 14දෙනකු මියගොස් 53දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.ප්‍රහාරයෙන් කොංගෝ හමුදා සාමාජිකයන් පස් දෙනකුද මියගොස් ඇත. 

    මෑත ඉතිහාසයේ දී තම නියෝජිතයන්ට සිදුවූ බරපතලම ප්‍රහාරය මෙය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ මෙය යුධ අපරාධයක් බවයි. 

  • රස්සාව තියාගන්න නම් වැඩට එන්න…

    තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන සියළුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි.  

  • මධ්‍යසාර නිශ්පාදනයට සහල් ගන්න අනුමැතිය දුන්නෙ මහින්ද… – මංගල බන්දුලගේ රෙදි ගලවයි(Video)

    මධ්‍යසාර නිශ්පාදනයට සහල් ගන්න අනුමැතිය දුන්නෙ මහින්ද ජනාධිපති වෙච්ච ගෝඨ ආරක්ෂක ලේකමු වෙච්ච බැසිලුත් ඔය මොකෙක්ද වෙච්ච ආණ්ඩුවයි… මංගල  බන්දුලගේ රෙදි ගලවයි…

     

  • “බලය බෙදීමේ අවශ්‍යතාවක් නෑ.. බලය බෙදීමක් ඉල්ලන්නේ බෙදුම්වාදීන්” – අරූන් තම්බිමුත්තු

    මෙරට බලය බෙදාදීමේ අවශ්‍යතාවයක්‌ නැති බවත්, සිංහල ජනතාවට ඇති බලය දෙමළ ජනතාවටද ඇති බවත් මඩකලපු ද්‍රවිඩ දේශපාලනඥයකු වූ අරුන් තම්බිමුත්තු මහතා විසින් ප්‍රකාශ කර ඇත.

    බලය බෙදාහරින ලෙස ඉල්ලීම් මුළුමනින්ම ප්‍රයෝගයක්‌ බව ද ඔහු කියා සිටියේය. එළිය සංවිධානයේ මාධ්‍ය හමුවක්‌ අමතමින් ඔහු මේ බව පළ කළේය. රජය නව ව්‍යවස්‌ථාව පස්‌ස දොරෙන් ගෙන ඒමට ක්‍රියාකරන බව පැවසූ තම්බිමුත්තු මහතා බෙදුම්වාදීන්ගෙන් ශ්‍රී ලංකාව මුදාහැරීම ද්‍රෝහිකමක්‌ නම් තමා ආඩම්බරයෙන් ද්‍රෝහියෙක්‌ වන බව කියා සිටියේය.

    වන්නි මෙහෙයුමෙන් මියගිය සංඛ්‍යාව 4000 ක්‌ බව බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ඩේවිඩ් කැමරන් දන්නා බව පැවසූ තම්බිමුත්තු මහතා එහෙත් කැමරන් එය වසන්කර මියගිය සංඛ්‍යාව 40,000 ක්‌ ලෙස කොටි ඩයස්‌පෝරා මතය ප්‍රකාශ කර ඇති බවද තම්බිමුත්තු මහතා පැවැසීය.

  • මට අගමැතිතුමා එක්ක කතා කරන්න ඕනේ – විමල්ගෙන් එජාප ප්‍රබලයෙකුට පණිවිඩයක්..

    දේශපාලනය යනු අමුතුම තැනකි. කලකදී පසමිතුරන් වූ දේශපාලකයන් කලකදී මිතුරන් බවට පත්වේ. මුදල් බලය යන සාධක මත කට නමැති ආයුධය තමනට හිතෙන හිතෙන ආකාරයට වෙනස් කරන දේශපාලකයන් අතර විමල් වීරවංශ නමැති චරිතය ඉතා ඉහලින්ම ඇත. කලකදී සිරිසේන යනුවෙන් වේදිකාවල කෑමොර දුන් විමල් අවසානයේ අපේ ජනාධිපති සිරිසේන කියන තැනට ආවත් ජනාධිපතිතුමා ඔහුව ගණන් ගත්තේ නැත. අවසාන ප්‍රතිපලය ඔහු යලිත් තම සුපුරුදු ක්‍රියාන්විතයට එක්විය. එනම් ජනපති මෛත්‍රිව පතුරු ගැසීමටය. ජනපති මෛත්‍රී නිහඩව මේ සියල්ල බලාගෙන සිටියේය.. ඒ අතරවාරයේ විමල්ට ඒකාබද්ධය ඇතුළෙන්ම කචල් ආවේය.. ඒ අන්කිසිවෙක්ගෙන් නොව බැසිල්ගේන්ය. පොදුජන පක්ශයේ බලය අල්ලාගන්න බැසිල්ට තිබුණු එකම බාධකය විමල්ය.. විමල්ට පහර පිට පහර ලැබෙද්දී නඩු පිට නඩු පැටලෙන්නට විය. බිරිද රිමාන්ඩ් කල විගස විමල් රනිල් සරණ ගියේය.. අනේ සර් මට අරුන් එලව එලව ගහනවා.. මෙහෙන් මගේ බිරිදව රිමාන්ඩ් කරලා.. සියල්ල සාවධානව කන්දුන් රනිල් විමල්ට පැවසුවේ මෙවැන්නකි. මම ඔයාගේ නඩු වල බර අඩුකරන්නම්. හැබැයි ඔයා මම කියන දවසක එජාපයට එන්න ඕනේ.විමල් එයට හිස වනා එකග වුයේ අන් විකල්පයක් ඔහු සතු නොවූ බැවිනි. විමල්ගේ බිරිද එලියට ආවේය. විමල් කිසිම දෙයක් නෝන්ඩි නොවන පරිදි එජාපය පතුරු ගසමින් සිටියදී විමලේගේ කරුමයට එක වචනයක් කටින් පැන්නේය. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ. විමල්ගේ අවසානයේ ආරම්භය එය විය. පියසිරි විජේනායක විමල්ව ප්‍රසිද්ධියේ පතුරු හැරියේය. වහා ක්‍රියාත්මක වූ විමල් පියසිරිව ඉවත්කළ අතර ඒත් සමගම විමල්ගේ පක්ෂය බලාගෙන ඉද්දි දියවන්නට පටන් ගත්තේ විමල් තනිකරගෙනය. අද වෙද්දී රොජර් වීරකුමාර වැනි ප්‍රබලයන් විමල්ගේ රෙදි ගලවමින් සිටියි. විමල්ට එකාබද්ධයෙන් සහයක් නොලැබෙන බව දැනගෙන විමල් ජනපති මෛත්‍රී සමගින් කතිකාවකට අවසර පැතුවද ජනපති මෛත්‍රී විමලව සත පහකට මායිම් කලේ නැත. අවසාන ප්‍රතිපලය යන එන මං නැතිවූ විමල් එජාප නායකත්වය සමග රහස් සාකච්චාවක් ඉල්ලීමය.. විමල් ඉල්ලුවේ රහසින් උනාට එය මේ වනවිට රටම දන්නා සුප්‍රසිද්ධ රහසක් බවට පත්වී අවසානය. රනිල්ගේ ප්‍රබල හිතවාදියෙක් මේ පුවත මහින්දගේ කනේ තිබීමත් සමග මහින්ද විමල් නයාට අදුකොල මෙන් වී ඇත. විමල් එකාබද්ධයට සම්බන්ධ කර නොගන්නා ලෙස බැසිල් මහින්ද එකමුතුව පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවට අපගේ ලියුම්කරුට තොරතුරු ලැබී ඇත. එහෙත් ඔවුන් ප්‍රචාරය යවන්නේ විමල් එන්නේ නෑ කියාය.. ගම් මට්ටමේ සිටින විමල් පාක්ෂික අපේක්ෂකයන් මේ වන විට නන්නන්තාර වී ඇත. විමල්ව සෙන්පතියෙක් ලෙස පෙන්වූ ඔවුනට දැන් ඔවුනගේම වචන නිසා නිවසින් එලියට ඒමට පවා නොහැකි සේයාවක් පෙනේ. එලියට ආව ගමන් අහවලා ගියා නේද? මොකද උනේ යන ප්‍රශ්න වලට ඔවුනට පිළිතුරු නැත. ඒ අතර අමාරුවෙන් කඩේ ගිහින් දුක් විදලා ලබාගත්ත චිට් එකට කෙළින්නට බැසිල්ගේ නායකත්වයෙන් සහචරයන් පෙරට එද්දී විමල්ගේ පාක්ෂික අපේක්ෂකයන් වන්නට බලාපොරොත්තු වූ අයට සිදුවී තිබෙන්නේ වෙන දෙයක් වෙච්චාවී කියා බලාසිටින්නටය..

    [rns_reactions]

  • කුඩා කල ගෙල පැලැඳ ලොකු වූ විට ගලවා වීසි කරන විමල් නමැති පංචායුධය

    විමල් ජ.වි.පෙ. ඉන්න කාලේ ‘ස්ටාර්’ විමල්ය. ජ.වි.පෙ. වේදිකාව ඉදිරියේ ඉන්නා සාමාජිකයන්, පක්‍ෂය කෙරෙහි අසීමිත ආදරයෙන් නැඹුරු කරගන්නට විමල්ගේ වාග් විලාසයට පුළුවන්කම තිබ්බේය. ඇතැම් විට ඔහු දෙපැයක් පමණ කතා කළේය. විරුද්ධ පාක්‍ෂිකයන් පවා ඒ වාග් විලාසයට අවනත විය. ඔහුගේ තර්කානුකූල ප්‍රවේශයන් ජ.වි.පෙ. ඔසවා තැබීමට බෙහෙවින් ඉවහල් විය. ප්‍රචාරක ලේකම් නමැති භූමිකාවට සාතිශය සාධාරණය ඉටුකළ ප්‍රමුඛතමයා විමල් බවට තර්කයක් නැත.
    ‘කවදා හරි විමල් පක්‍ෂයෙන් ගියොත්?’

    විමල් ‘හිට්’ එක දවස්වල අයෙක් තවත් ජ.වි.පෙ. ක්‍රියාකාරියකුගෙන් ඇසුවේය.
    ‘පිස්සුද, විමල් කියන්නේ පක්‍ෂය නෙවේ. පිටට විමල් පෙනුණට පක්‍ෂය මහමේරුව නම් විමල් වැලි කැටයක්’ ක්‍රියාකාරිකයා එහෙම කීවේය.
    ‘ඒක පිළිගන්න බෑ. ජ.වි.පෙ. ගැන කතා වෙනවට වඩා මිනිස්සු විමල් ගැන කතා වෙනවා’ ඒ කතාව අහපු ජ.වි.පෙ. ක්‍රියාකාරිකයා කට කොනකින් උපහාසාත්මක හිනාවක් නංවා ගත්තේය.

    ‘ඉස්සර ඔසී අබේගුණසේකර මතකද?’ ක්‍රියාකාරිකයා අසයි.
    ‘ඔව් ‘ප්‍රා’ කළා කීවේ මැතිනියයි. ප්‍රේමදාසයි එක්ක ජනාධිපතිවරණෙට ආවේ.’
    ‘ඔව්. ඒ විතරක් නෙවේ. විජයගෙන් පස්සේ විජයගේ පක්ෂෙ නායකයත් මිනිහා තමයි. මිනිහාගේ කතා අහන්න මිනිස්සු හෝ ගාලා ආවා. ඒ තරම් සුපර්. හැබැයි අන්තිමට මිනිහා ප්‍රේමදාසගේ ඉත්තෙක් වුණා. එතැනින් පස්සේ ඔසී ඉවරයි.’

    ‘ඒ කියන්නේ විමල් ඔසී වගේද?’
    ‘ගොඩක් දුරට. විමල්ට ඔසීට වඩා තර්කානුකූල බවක් තිබ්බා. ඔසීට විමල්ට තරම් තර්කානුකූල බවක් නෑ. හැබැයි දෙන්නම දක්‍ෂ කථිකයෝ. ඔසී ප්‍රේමදාසට කිට්ටු වුණාම තර්කානුකූල ඔසී නැතිවෙලා වාචාල ඔසී කෙනෙක් මතු වුණා. විමල්ට වුණෙත් ඒකමයි. මහින්දට කිට්ටු වුණා. තර්කානුකූලකම නැතිවෙලා වාචාල විමල් කෙනෙක් බිහිවුණා. ‘ඒ විමල් හැන්දෑවට බී ගත්ත කෙනෙක් වගේ ඔහේ කෑගැහුවා.’ බලාගෙන ගියාම ක්‍රියාකාරිකයාගේ කතාව වැරැදිම නැත.
    ජ.වි.පෙ. හිටපු විමල්ට මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කළේය. ජ.වි.පෙ. ‘සීනුව’ වූයේ විමල්ය. හැබැයි විමල් ජ.වි.පෙ.න් යන්න ගියේය. ජ.වි.පෙ.න් යන්න කලින් විමල් කළ කතාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් පක්‍ෂ මාරුවට කලින් කරපු ජනප්‍රියම කතාව විය. එහෙම කතාවක් කරපු විමල් ජ.වි.පෙ. පළුවක්ම ගලවාගෙන ගිහින් පක්‍ෂයක් පිහිටුවා ගත්තේය. විමල් හදාගත්ත පක්‍ෂය ජාතික නිදහස් පෙරමුණය.

    ‘ජ.වි.පෙ. ඉවරයි’ සමහරු කීහ.
    ‘ආයේ ජ.වි.පෙ. නැඟිටිනවා බොරු’ තවත් අය කීහ.
    හැබැයි කෙටි කාලීන පසුබෑමකට පස්සේ ජ.වි.පෙ. නැඟිට්ටේය. විමල් මහින්දට කිට්ටු වෙද්දී ජ.වි.පෙ. මහින්දට එරෙහි සටන් මඟට පිවිසියේය. අන්තිමට ජ.වි.පෙ.ම මුල්වෙලා මහින්දගේ ආණ්ඩුව පෙරළා දැම්මේය.

    විමල්ට සහ ඔහුගේ පක්‍ෂයට වරක් අභියෝගයක් කළේ කඩුවෙල නගරාධිපති බුද්ධදාසය. ඒ ඔහුව පරාජය කරන ලෙසය. බලය උපරිමව තියෙද්දීත් කඩුවෙලට දැමූ විමල්ගේ නියෝජිතයා ‘සැට විය ඉක්මවූ බුද්ධදාසට’ පරාජය විය. පළාත් සභා මැතිවරණවලදී විමල්ගේ පක්‍ෂය නෙළා ගත්තේම පරාජයන් මිස ජයග්‍රහණ නොවේය. ඔහුට ඉතිරිව තිබුණේ මහින්දගේ ජයග්‍රහණවල ‘රැස්වලට වහන්වී’ කතා පැවැත්වීමය. ඔහුට නොපෙනී මහා ගිනි ජාලාවක් පක්‍ෂයේ යට ඇවිළෙමින් තිබ්බේය.

    ‘රනිල්ගේ පක්‍ෂයේ මහ ලේකමුත් ආවා’ කියා එදා විමල් වේදිකාවල කෑ ගැසුවේය. මෙදා විමල්ගේ ලේකම් විතරක් නොවේ ජාතික සංවිධායක, නියෝජ්‍ය නායක පවා ඔහු දමා ගිහින්ය. දෛවය පුදුමාකාරය.

    ‘ගිය ජනාධිපතිවරණයේදී මහින්ද පැරැදුණ සාධක කිහිපය අතර විමලුත් කෙනෙක්’ සමහරු එහෙම කියන තරමට විමල්ව ‘නරක’ අඩියකට වැටී සිටියේය. විමල් අනෙකාට පහර දෙන්නේ ඔහුගේ දුර්වලම තැන කොනිත්තමින්ය. ඒ විතරක් නොවේ. ඔහු ඒ සඳහා අතිශය පහත් පෙළේ උපක්‍රම භාවිත කරන්නේය.
    ‘සිරිසේන, සිරිසේන කෝ මේ සිරිසේන’ යනාදී ලෙස කළ විමල්ගේ කතා ශෛලිය ඔහුට සමීප අයකුවත් අනුමත කරන්නේ නැත. අවසන් විග්‍රහය වූයේ විමල් නැතිවෙමින් යෑමය.
    විමල් ඊළඟට කළ ප්‍රකාශය වූයේ ‘පාර්ලිමේන්තුවට බෝම්බ ගසනවා’ කියන කතාවය. ශිෂ්ට තබා අශිෂ්ට මිනිසකුවත් ප්‍රසිද්ධියේ එහෙම කතා කියන්නේ නැත. එහෙත් විමල් කීවේය.

    වරක් ඔහු එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කළ උපවාසය එකල මෙකල සිදුවූ ‘දේශපාලන විහිළු රඟපෑම්’ අතර මුල් තැනක් ගත්තේය. අනෙක් පක්‍ෂ කැඩී බිඳී යන හැටි බලමින් විමල් ආස්වාදය ලැබුවේය. ජ.වි.පෙ. සාමාජිකයන් හා ක්‍රියාකාරීන් එම පක්‍ෂයෙන් නික්ම යන විට ඔහු ‘ආස්වාදයක්’ ලැබුවේය.

    ‘පක්‍ෂය වේගයෙන් පරාජයේ ආගාධය කරා රැගෙන යනවා’ කියා ඔහු ජ.වි.පෙ.ට පහර පිට පහර දුන්නේය. අන්තිමට පාරාවළල්ල කැරකෙන්නට පටන් ගත්තේය.
    දැන් විමල්ගේ පක්‍ෂයේ උප නායකයා ඔහු දමා ගොස්ය. ජාතික සංවිධායකවරයා ඔහු දමා ගොස්ය. ප්‍රධාන ලේකම්වරයා ඔහු දමා ගොස්ය. ජාතික බලවේගවල ශක්තිය ක්‍රියාකාරීව පෙන්නමින් ත්‍රිකුණාමලයේ ජාතික කොඩිය එසවූ ජයන්ත විජේසේකර පවා ඔහු දමා ගොස්ය. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය දැන් ඔහුට සමීප නැත.
    ‘දෙකයි පනහේ’ කෑලි ගොදුරු කර ගනිමින් ගෙන යන මෙහෙයුම දෙස බලන විට එක අතකින් අප සතුටු වෙනවා. ඒ ජාතික නිදහස් පෙරමුණත්, එහි නායක විමල් වීරවංශත් විනාශ කිරීමෙන් තොරව තමන්ට පවතින්න බැහැ කියන එක මේ සතුරු කඳවුර තේරුම් ගෙන සිටීම ගැනයි’ කියා දැන් විමල්ගේ පක්‍ෂයෙන් මාධ්‍ය නිවේදන එයි. ඔවුන් කියන්නේ පක්‍ෂය විනාශ කරන්නේ කුමන්ත්‍රණකරුවන් කියාය. සිරිකොතින් හා ඩාර්ලි පාරෙන් ‘රෝ’ සම්බන්ධ වී පක්‍ෂය වනසන බව ඔවුන් කියාවි. කුමන්ත්‍රණ යන්න ඔවුන්ගේ ‘ඒකාන්ත’ වචනයය. වචන දහයකට එකක් ‘කුමන්ත්‍රණ’ තිබීම අනිවාර්ය අංගයක් වෙලාය.

    ‘2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ යහපාලන කල්ලිය කල්පනා කළා සැබෑ විපක්‍ෂ බලවේග බිමට සමතලා කරලා වසර 20ක පමණ පාලනයක් එක දිගට ගෙන යන්න. ඒත් 2015 පෙබරවාරි 18 වන විට ඒ දේශද්‍රෝහි න්‍යාය පත්‍රය ආපසු හැරවීමට සමත් දැවැන්ත ජන බලයක් අපි නුගේගොඩදී ඒකරාශි කළා. ඒ ක්‍රියාවලියේ මහ මොළකරු වූයේ අපේ පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතාය. ඔහු 2015 ජනවාරි 09 වැනිදාම කීවා ‘අපිට මේ ද්‍රෝහි හවුල පරද්දන්න පුළුවන්. ඒ සඳහා අපි යළි නැඟිටින්න ඕනෙ මහින්ද සමඟයි’ කියා. ඔහු කීවා වගේම එදා මහින්ද වටා නුගේගොඩදී ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් එකතු වුණා. මේ යහපාලන නඩයට එරෙහිව සටන් වදින බව ඒ ජනතාව සපථ කළා’.
    විමල්ගේ පක්‍ෂයෙන් එහෙම නිවේදනයක් එයි. ඒ කියන්නේ මහින්දව නැඟිට්ටවීමේ මහ මොළකරු විමල්ය. ‘එතකොට අපි සියඹලා ගෙනත්ම නැද්ද?’ කියලා මහින්දලා, නාමල්ලා, ඩලස්ලා, දිනේෂ්ලා, බන්දුලලා, කෙහෙලියලා, බැසිල්ලාට හිතෙන්නේ නැද්ද දන්නේ නැත.

    විමල්ගේ පක්‍ෂය සහ එහි සලකුණ ගැන අපූරු සටහනක් සමාජ ජාල අතරේ තිබුණේය.

    ‘හරියටම ගැළපෙන පක්‍ෂ ලකුණ විමල්ට තිබ්බේය. ඒ පංචායුධයය. පංචායුධය කියන්නේ කුඩා කල ගෙල පැලැඳ ලොකු වූ විට ගලවා වීසි කරන එකක්ය.’
    ඒක වුණේ විමල්ටද, ඔහුගේ පක්‍ෂයටද කියා කියන්න තව කල් වැඩිය.

    [rns_reactions]

  • මගේ දණහිස් දෙකම කුඩුවෙන්න වැදුනා මල්ලි ( රණවිරුවෙකුගේ කඳුළු කතාව )

    A/L කාලේ ගාල්ලේ කරක් ගැහුවා වගේම කරාපිටියේ වල බහින්නත් අමතක කලේ නෑ! ඒ දවස්වල මගේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කරාපිටිය රෝහලේ නැවැත්තුවා. දවස් දෙක තුනක් ඔහුව බලන්න අපි රෝහලට ගියා. තුන් වෙනි දවසේ මම තමයි ඔහු ලඟ හිටියේ..

    කරාපිටිය රෝහල කියන්නේ නුහුරු තැනක් නෙවෙයි. ඒ නිසා යාළුවා එක්ක ෆන් එකේ හිටියා. උගේ තුවාලේ පොඩ්ඩක් උද්දන්නත් අමතක කලේ නෑ..

    යාළුවට එහා ඇඳවල් දෙකේම හිටියේ ආමි ස්කිනිය ගහපු අයියලා දෙන්නෙක්. මම හිතුවා ආමි එකේ වෙන්න ඇති කියලා. ඇත්තටම ආමි එකේ තමයි. යාළුවගේ ඇඳ ලඟම හිටපු කෙනාගේ කකුල් දෙකම නෑ. වම් අතත් බැන්ඩේජ් කරලා..

    එදා රාත්‍රිය ගෙවිලා ගියා. හිස් ඇඳක් තිබුණ නිසා මටත් හොඳට නිදාගන්න ලැබුණා.

    උදේම මම තේ එකක් බීලා එනකොට යාළුවා කිව්වා දැන් ටිකට් කපනවා කියලා. ඒ එක්කම එයා මුහුණ සෝදන් එන්න ගියා.

    ඒකෙන් මට අර කකුල් නැති ආමි එකේ අයියා එක්ක ටිකක් කතා කරන්න ලැබුණා.වල් පල් දෙඩුවා.. ගොඩක් සමීප වුණා. ගොඩක් හොඳ කෙනෙක්.
    මම ඇහුවා මොකක් වෙලාද කකුල් නැති වුණේ කියලා..

    ඔහු මට සම්පූර්ණ කතාවම කිව්වා!

    මල්ලි මම මුලින්ම ආමි එකට ආවේ අවුරුදු 22දි. ඒ කාලේ යුද්දෙ ලොකුවටම තිබුණ කාලේ.. අපේ උන් එකා දෙන්නා මැරෙනකොට මට බලන් ඉන්න බැරි වුණා.. අපේ ගෙදර හිටියේ මම විතරයි.මට සහෝදරයෝ නෑ. ඉතින් මම අම්මගෙන් ඇහුවා මමත් ආමි එකට යන්නද කියලා..අම්මා එපා කිව්වා.. කෙල්ලත් එපා කිව්වා.. කවුද මල්ලි යුද්ධ වලට යනවට කැමති.

    පස්සේ මම දෙන්නම කැමති කරගෙන ආමි එකට බැඳුනා. මට කිලිනොච්චියේ වැඩ සෙට් වුණේ.. යුද්දේ දරුණුම හරිය.

    ඒ දවස් වල ගෙදර එන්නෙත් කලාතුරකින්.ආවම මගේ කෙල්ල මට තුවක්කුව උස්සගන්න බැරි තරම් බරට අතේ පිරිත් නූල් බඳිනවා.. අම්මා කහ වතුරෙන් මාව නාවනවා.. මිරිස් පුච්චනවා.. මාව ඉඹිනවා.. ගෙදර ආවම එක යුද්දයයි!! මතක් වුනත් සතුටුයි මල්ලි..

    මම එක පාරක් ආවම මගේ කෙල්ල කිව්වා ඊලඟ පාර ආවම බඳිමු කියලා.. එයා මට පණ වගේ ආදරෙයි මල්ලි. මගෙත් පණ.

    අපි සති දෙකකින් විතර බස් එකේ කිලිනොච්චියේ අළුත් බංකරයකට ගියා.

    එදා තමයි කාලකන්නිම දවස මල්ලි. මගදි බෝම්බයක් ගැහුවා අපිට. ඒකෙන් ලොකු හානියක් වුණේ නෑ. ඒත් උන් ඇවිත් අපට වෙඩි තිබ්බා. මගේ යාළුවෝ ඇස් ඉස්සරහම මැරුණා. මගේ උරහිසටයි, බඩටයි දෙකක් වැදුනා.

    උන් ඇවිත් අපේ බොඩීස් ඔක්කොම එලියට ඇදලා ගත්තා. බොඩීස් ටික පෝලිම් කලා. එතන ලොක්කා වගේ හිටියේ ගෑණියෙක්. දෙමලෙන් මොනවද කියලා තුවක්කුවක් අරගෙන අපේ කකුල් වලට වෙඩි තියාගෙන ගියා. පණ තියෙන උන් ඉන්නවද බලන්න එහෙම කරන්නේ.

    මගේ දණහිස් දෙකම කුඩු වෙන්න වැදුනා. කකුල් දෙකම නෑ වගේ දැනුණා. අස්ථි ඔක්කොම කුඩු වෙලා.. මාර ඉවසීමක් ඉවසුවේ මල්ලි. කනක් හරි හෙල්ලුනානම් ඊලඟ උණ්ඩේ බහින්නේ මගේ පපුවට..ඒත් දැන්නම් හිතෙනවා එහෙම උනානම් හොඳයි කියලා. මම ඉවසුවේ මගේ රත්තරං අම්මයි කෙල්ලයි මතක් වෙලා.මට තාත්තා නෑ.

    පස්සේ උන් අපේ බොඩීස් දාලා ගියා. උදේට ගන්න වෙන්න ඇති.මේක වුණේ හවස. මම ටිකක් රෑ වෙන්න ඇරලා අපේ පණ තියෙන උන් ඉන්නවද බැලුවා. මම හිටියේ කෙලවරේම. මගේ දකුණු අත විතරයි වැඩ කලේ.. වම් උරහිසටත් වෙඩි වැදුනා..

    බඩෙන් ලේ යනවා ගොඩක්. කකුල් වලිනුත් ඒ වගේ.මම අමාරුවෙන් බඩේ රෙදි කෑල්ලක් ගැට ගහගෙන කකුල් වලත් ඔතාගත්තා. කකුල් තියෙනවද කියලාවත් මට දැනුනේ නෑ.පස්සේ දකුණු අතින් ඇදි ඇදි ගියා. තණකොල තිබුණ නිසා පාර හිටින්නේ නෑ. ලේ පාරවල් මමම පිහදැම්මා..

    මට මතකයි රෑ අට නවය වගේ වෙනකම්ම මම බඩගෑවා.. ඇස් බොඳවෙනවත් මතකයි.තවත් මට යා ගන්න බැරි වුණා.. මට මතක් වුනේම අම්මයි මගේ කෙල්ලයි. මට අන්තිමට මතක එච්චරයි. එතනදි මට සිහිය නැතිවෙලා..

    අපේ කෑම්ප් එකේ අය අපිව හොයන් ඇවිත්.ආරංචිය ගිහින් අපි නැති නිසා. එවෙලෙම වගේ ඔවුන් මාව දැකලා මාව රෝහලට අරන් ගිහින්. ගොඩක් ලේ ගිහින් නිසා මැරෙයිම කිව්වලු. ඒත් බේරිලා. මට හරියට සිහියක් තිබිලා නෑ මාස තුනක් විතර. මනස විකෘති වෙලා.මම එතකොට හිටියේ කොළඹ රෝහලේ.

    මට සිහිය ආව ගමන් හොයලා තියෙන්නේ අම්මයි කෙල්ලයි. මම ගාල්ලෙමයි මල්ලි. එයාලා මාව අම්මා පෙන්වන්න එක්ක ආවා.

    අනේ දෙයියනේ මගේ අම්මා නැති වෙලා!
    මම දන්නෙත් නෑ දෙවියනේ.. මම ඔළුව ඇඳේ ගහගෙන මැරෙන්න හැදුවා.ඒත් යාළුවෝ මගේ කෙල්ල ගැන කියලා මාව නැවත්තුවා.

    මට ඒකි ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. මගේ කකුල් දෙකම කපලා.මම ඒක දන්නෙත් පස්සේ..

    ටිකක් සනීප වුනාම අපේ මේජර් මාව මගේ කෙල්ල බලන්න එක්ක ගියා.. මට එයා දිහා බලන්න බෑ.මගේ කකුල් දෙකම නෑ.. එයා අඬාවි. එයා හරි ලාමකයි. චූටි දේටත් අඬනවා.ඒත් මට බලන්න ආස හිතුනා.

    වෑන් එකෙන් අපි ගෙදරටම ගියා. ගෙවල් වහදාලා. මේජර් අල්ලපු ගෙදර සිරිපාල මාමගෙන් ඇහුවා මේ ගෙදර පියුමි කොහෙද කියලා.. ඒ මගේ කෙල්ලගේ නම..

    අනේ මල්ලියෝ..
    ඒ මාමා කිව්වා ඒ දුව කසාද බැඳලා පවුල් පිටින්ම කොළඹ ගියා කියලා..

    දෙවෙනි වතාවටත් මම මැරුණා මල්ලියෝ..

    මම දන්නේ නෑ එයා කැමැත්තෙන් බැන්දද, ගෙදරින් බන්දලා දුන්නද කියලා..

    ඒත් එයා තමයි මල්ලි මේ ලෝකේ ඉන්න හොඳම කෙල්ල..

    මට තාම මතකයි මගේ අතේ පිරිත් නූල් ගැට ගහන හැටි.. ඒ කාලේ යාළුවෝ මට හිනාවෙනවා සිරීපාදේ ඉඳිකටු පානෙවත් ඔච්චර නූල් නෑ කියලා..

    කාලය ගොඩක් දේ වෙනස් කලා මල්ලි.

    ***********
    මම ගොළුයි.. අසරණයි!
    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ!

    මම කිව්වා ජීවිතේ ඔහොම තමයි අයියේ. සතුට කියන දේ අපට හරි අඩුවෙන් ලැබෙන්නේ කියලා..

    ඔහු කිව්වා 
    “ඒක ඇත්ත මල්ලි”..

    ඒ එක්කම ඔහු ඇහුවා,

    උඹ දන්නවද මල්ලි දැන් මගේ අන්තිම බලාපොරොත්තුව..

    මොකක්ද අයියේ?

    මගේ දකුණු අත දෙයියන්ගේ පිහිටෙන් තාම වැඩ කරනවා මල්ලි. මේ ලෝකෙට මම ගොඩක් දේවල් දුන්නා.. ඉතින් මේ ඉතිරි ටිකත් දැන් අරන් ගිහින් තේරුමක් නෑ. කොහොමහරි තව ටිකක් සනීප වුනාම අපේ මේජර්ව ෂේප් කරගෙන මැරුණම මගේ ඇස් දෙකයි, වකුගඩුයි, අනිත් දන් දෙන්න පුළුවන් දේවලුයි පිනට දෙන්න කොලයක අත්සන් කරගන්න ඕන.මගේ දකුණු අත ඒක කරාවි.

    ඒ කිව්වේ අයියේ..

    වසනම් බොන්නේ නෑ කොල්ලෝ වකුගඩු දෙන නිසා.. ඒත් අත්සන් කරලා පස්සේ දවසෙම මම මැරෙනවා..

    “පිස්සුද අයියේ.. හීනෙකින්වත් හිතන්න එපා.”
    ඒ මම.

    මට මෙහෙම ඉඳන් මගේ අම්මට ගිය තැනකට දෙයක් කරන්නවත් බෑ මල්ලි. මගේ ඇස් දෙක දන් දෙනවා මගේ අම්මට නිවන් දකින්න ලැබෙන්න කියලා.. වකුගඩු දෙක දෙනවා මගේ තාත්තයි කෙල්ලයි වෙනුවෙන්..

    එපා කියන්නද හා කියන්නද තියා හුස්මගන්නවත් සිහිය නැති මා එවෙලෙම වගේ යාළුවගේ ටිකට් කපන්න තිබුණ නිසා ඒ වැඩ ටික කරන්නට යන්න සිදු වුණා..
    පසුව,
    මම මාසයක් සතියට දෙවතාවක් බැගින් ඔහු බලන්න ගියා..

    එක දවසක මම යනවිට ඔහු සිටියේ නෑ.ඔහු මාස තුන හතරක් පමණ එහි සිටි නිසා ගොඩක් අය අඳුරනවා.මම ලඟ හිටපු ඇටෙන්ඩන්ස් කෙනෙක්ගෙන් ඇහුවා ඔහු කෝ කියලා..

    ඔහු කියපු දේ මට තාම දෝන්කාර දෙනවා.

    “එයා සනීප වෙලා අම්මා හිටපු ගෙදර බලන්න යන්න ඕන කියලා ගියා. අම්මගේ ෆොටෝ එකත් තුරුල් කරන් රෝදපුටුවත් එක්කම බැල්කනි එකෙන් වැටිලා මිනිහා මැරිලා”..

    කරාපිටියටමයි මිනිය ගෙනත් තියෙන්නේ..

    පස්සේ ආරංචි වුණා ඔහුගේ ඇස් දෙකයි, වකුගඩුයි දන් දීලා කියලා..

    ඔහු ඔහුගේ අරමුණ ජයගත්තා..
    ඒ තරම් කටුක ජීවිතයක් ලස්සනට නිමා කලා..

    මහා වෙස්සන්තරයාණනි,
    ලේ, මස්, ඇට, මිදුළු සියල්ල මෙන්ම තම පෙම්වතියද ආදරයෙන් අන් අය වෙනුවෙන් දන් දී ගිය නුඹ,

    “ඔච්චර ලස්සන හිත ඇයි මට දන් දීලා නොගියේ..?”

    අමුතුවෙන් පින් දෙන්න දෙයක් නෑ!
    ඔබට කොහොමත් නිවන උරුමයි!!!
    – උන්මාදකරු –
    සටහන –
    Sunindu Shirantha Wickramarachchige 
    (කරුණාකර සටහනේ අයිතිය සුරකින්න)

    [rns_reactions]

  • ආපදා අරමුදලට ඒකාබද්දයේ කිසිවෙක් වැටුප පරිත්‍යාග කරන්නෙ නැද්ද ?

    පසුගියදා ඇති වූ ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආණ්ඩු පක‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන බවට ප්‍රකාශ වුවද මේ දක්වා සිය මාසික වැටුප පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර ඇත්තේ දහතුන්දෙනෙකු පමණක් බව වාර්තා වුණා.එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙක් මේ වනතුරුත් තම මන්ත්‍රී වැටුප ලබා දීමට කැමැත්ත පලකර නෑ..

    ඒ අතරින් කතානායක කරූ ජයසූරිය මහතා සිය මැයි මස වැටුප රුපියල් දෙලක‍ෂ හැත්තෑ දෙදහස් හත්සිය අසූ දෙකයි ශත විස්සක්  සහ දීමනා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අරමුදල වෙත බැරකර තිබෙනවා.

     

    මීට අමතරව එස් එම් මරික්කාර් සහ ලකි ජයවර්ධන යන මන්තී්‍රවරුන් දෙදෙනා රුපියල් පනස් හතර දහස් දෙසිය අසූ පහක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව පරිත්‍යාග කිරීමට එකග වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් රුපියල් ලක‍ෂයක් වන කාර්යාල දීමනාව පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර තිබෙනවා.

    ලක‍ෂ්මන් සෙනෙවිරත්න, ලක‍ෂ්මන් වසන්ත පෙරේරා, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ටි.බී. ඒකනායක, ඉන්දික බණ්ඩාරනායක, දුලිප් විෙජ්සේකර, ලසන්ත අලගියවන්න සහ නිමල් ලන්සා යන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද ලිපි මගින් දන්වා ඇත්තේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දිමනාව ජුනි මස වැටුපෙන් අඩුකර ගන්නා ලෙසයි.

     

    ඒකාබද්ද විපක්ෂයේ කිසිවකු මේ වන විට වැටුප් පරිත්‍යාග කරන බවට දන්වා නැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

  • හමුදාවෙන් පඩි අරං මහින්දට කඩේ ගිය හම්පඩ කලාකාරයෝ…

    ආරක්ෂක ලේකම් ගෝඪභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත සේනක විජේසිංහ,අර්ජුන කමලනාත් සහ ක්‍රිෂාන් එරන්ද යන කලාකරුවන් තිදෙනා සිවිල් පදනම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකා මුලස්ථානය වෙත බදවා ගැනීමට කටයුතු කරන්නැයි මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා එවකට රාජ්‍ය ආරක්ෂක,මහජන ආරක්ෂාව,නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරියා ලෙස ආරක්ෂක ලේකම්වරයා වෙනුවට අත්සන් කරමින් යුද හමුදාපතිවරයාට දැනුම් දී තිබේ.( BOX අංක 572 සහ “එම්එල්ඩී/එම්ඕඩී/2/1 (බ/ගැ)” යන “මගේ අංකය”යටතේ මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා 2008 නොවැම්බර් මාසයේදී යුද හමුදාපතිවරයාට යැවූලිපියේ පැහැදිලිව සඳහන් වේ.)

    සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ මුල්‍ය අපරාධ කොට්ඪශය විසින් සිදු කරනු ලබන විශේෂ පරීක්ෂණයකදී  හෙලිවූයේ මොවුන් තිදෙනා හරුණු කොට තවත්  ප්‍රවීණ කලාකරුවන්  පිරිසක් ආරක්ෂක අමාත්‍යංශයෙන් මාසික වැටුප් ඇතුළු වරප්‍රසාද රැසක් අයථා ලෙස ලබා ගෙන ඇති බවයි. ඒ අතර 2008 සිට 2015 දක්වාම යුද හමුදාවෙන් මේ මාසික වැටුප් ඇතුළු වරප්‍රසාද ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවීණ කලාකරුවන් වන සේනානායක වේරලියද්ද,රොජර් සෙනෙවිරත්න,ඕෂදී හේවාමද්දුම,රජිත හිරාන්(පිං පොං),ප්‍රියංකර පෙරේරා සහ ගයේෂා පෙරේරා ඇතුළු කලාකරුවන් පිරිසකට ද චෝදනා එලල වී තිබේ.අර්ජුන කමලනාත් මහතා සිය බිරිය වන අමීෂා පෙරේරාගේ නමින් මීට සති කිහිපයකට පෙර කොළඹ රාජගිරිය ප්‍රදේශයෙන් රුපියල් කෝටි පහකට පමණ අති සුඛෝපභෝගී දෙමහල් නිවසක් මිලදී ගැනීම සහ රුපියල් කෝටි 20ක් පමණ වැය කර රජ ඝෝෂ,කුසල් සහ කිඩ්නැප් ඇතුළු චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කිරීම පිළිබඳවද FCIDයේ  උකුසු ඇස ඇරී ඇත.

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ කෝප්‍රල් ඇතුළු විවිධ නිලතලවලට අනුයුක්ත වෙමින් මේ කලාකරුවන් මසකට රුපියල් 60,000ක මූලික වැටුපක්,රියදුරු සමග වාහනයක් සහ ඉන්ධන ඇතුළු වරප්‍රසාද රැසක් ලබාගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටීමේ එකඟතාවය මතය.මේ සම්බන්ධයෙන් මේ කලාකරුවන් හෙට අනිද්දාම FCIDය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත වන අතර මේ කලාකරුවන්ගේ බැංකු ගිණුම්වල තිබෙන මුදල් ඇතුළු දේපොළ සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

     

  • බැසිල් එක්ක බෑ.. සි.බී රත්නායක මොලයක් නැති මෝඩයෙක්.. හිටපු සභාපති ස්වාධීනව සටනට..

    තලවාකැලේ ලිඳුල නගරස සභාවේ හිටපු සභාපති අශෝක සේපාල ඇතුලූ පිරිසක් එළැඹෙන පළාත්පාලන මැතිවරණයේදි තලවාකැලේ ලිඳුල නගරසභාව සඳහා ස්වාධිනව තරග කිරිමට නුවරඑළිය මැතිවරණ කාර්යාලය වෙත ඇපමුදල් තැන්පත්කර තිබෙනවා. 

    ඒකාබද්ධ විපක්ෂය නුවරඑළිය දිස්ති‍්‍රක්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බි රත්නායකගේ කි‍්‍රයාකලාපය හේතුවෙන් තමන් ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් තරග නොකර ස්වාධිනව තරග කිරිමට තිරණය කළ බවයි.  

    ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තමන් ඇතුලූ තලවාකැලේ ලිඳුල නගර සීමාවේ විශාල පිරිසක් කැපවිමෙන් කටයුතු  කරමින් සිටින අවස්ථාවේ  සි.බි. රත්නායක මන්ත්‍රීවරයාට හිතවත් නොවන හා ඔහුට අභියෝගයක් වනබව  සිතන තමන් ඇතුලූ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන්  නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ කටයුතු කළ ප‍්‍රබලයන් රැසකටම නාමයෝජනා ලබාදිම ප‍්‍රතික්‍ෂ්ප කිරිමනිසා තමන් ස්වාධීනව තරග කිරිමට කටයුතු කළ බවයි අශෝක සේපාල අද (07) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුලූ පොදුජන පෙරමුණේ ප‍්‍රබලයන් රැසක් සමග සාකච්ජා කළත් ඔහුන් එයට නිසිවි සදුමක් ලබා නොදි සි.බි රත්නායක මන්ත්‍රීවරයා රැක ගැනිමටකටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

    [rns_reactions]

  • ජනපති මෛත්‍රී ශ්‍රීලනිපය සදහා නව සංවිධායකවරු පත්කරයි

    නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කර තිබෙනවා.  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  (07) පෙරවරුවේ  සිය පත්වීම් ලිපි ලබාගත්තා

    චමින්ද කුමාර දිසානායක, නීතිඥ උපාලි මොහොට්ටි සහ එන්.ටී. දයානන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත්කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් ලෙස ඩී.එන්.ඩී. නුගවෙල පත් කර ඇති අතර දිගාමඩුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායක ගුණරත්න මහේන්ද්‍ර පෙරේරා පත්කර තිබෙනවා.

     

    [rns_reactions]

  • ජනපති මෛත්‍රී සහ කු.පා.ම මහින්ද අතර විශේෂ හමුවක්..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අතර පසුගිය කාලයේ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා.

    එහිදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා සම්බන්ධයෙන් “අපේ ජනාධිපති තුමා” යනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශයක් පිළිබඳව ද බොහෝ සේ කතාවට ලක්වුණා.

    මේ අතර මෛත්‍රීපාල සිරිසේන  සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගේ හමුවීමක් සිදුවුණා.

    ඒ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත්  පසඳ යාපා අබේවර්ධනගේ විවාහ උත්සවයේ දීයි.

    දෙපාර්ශවයේ සාක්ෂිකරුවන් වූයේ ද ඔවුන් දෙදෙනායි.

    [rns_reactions]
  • සොහොනට ගෙනයද්දී පණ ආ දරුවා මියයයි

    උපත ලැබූ අවස්ථාවේ මිය ගියේ යයි ඉන්දියාවේ දිල්ලි අගනුවර රෝහලක වෛද්‍යවරුන් විසින් වැරදි ලෙස නිගමනය කරන ලද බිලිඳා වෙනත් රෝහලකදී මිය ගොස් තිබෙනවා. මෙම බිළිඳා අඩුවයසින් ඉපදී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. නිවුන් දරුවන් ගෙන් අයෙකු වූ  අනෙක් දරුවාද මියගොස් තිබෙනවා.

    මියගිය බවට වෛද්‍යවරුන් නිගමනය කිරීමෙන් අනතුරුව අවමංගල්‍ය උත්සවය සඳහා රැගෙන යන අතරවාරයේ දරුවා ජීවතුන් අතර සිටින බව දෙමාපියන් දැක තිබෙනවා. ඒ දරුවාගේ සිරුර බහාලූ බෑගය සෙලවෙන බව දැකීමෙන්ය. ඉන් කම්පනයට පත් වූ දෙමාපියන් වහාම දරුවා අසල රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණා.

    දරුවා ජීවතුන් අතර සිටියදීම ‘මිය ගිය’ බවට නිගමනය කළ මැක්ස් රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා තුරු දෙවෙනි දරුවාගේ දේහය නිවසට රැගෙන නොයන බව දරුවන්ගේ පියා අනතුරුව පවසා තිබෙනවා.

    මූලික පරීක්ෂණවලින් අනතුරුව පසුගිය ඉරිදා වෛද්‍යවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරුණු අතර, දෙවෙනි බිලිඳාත් මිය ගිය බව වාර්තා වීමෙන් අනතුරුව මැක්ස් රෝහල දෙමාපියන් වෙත සිය ශෝකය පළකර තිබුණා. ඉන්දීය ආණ්ඩුව ද සිදුවීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වමින් සිටිනවා.

    මෙම සිදුවීමට හේතුව වෛද්‍යවරුන්ගේ නොසලකා හැරීම බව පරීක්ෂණයේ දී නිගමනය කෙරුණහොත් රෝහලේ බලපත්‍රය අවලංගු කිරීමට ඉඩ තිබෙන බව දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවා.

    [rns_reactions]

  • දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලංගමයට වලංගුයි! රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

    දුම්රිය වර්ජනය හේතුවෙන් අද (07) රාත්‍රී තැපැල්දුම්රිය සියල්ල අවලංගුකොට තිබෙනවා. දුම්රිය වර්ජනය අවසන් වන තෙක් වාර ප‍්‍රවේශපත‍්‍ර හිමි දුම්රිය මගීන්ට එමගින් ලංගම බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී තිබෙනවා. 

    දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් සහ නියාමකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තීය සමිතිද ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, වැටුප් ගැටළු ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින්.

    [rns_reactions]

     

  • ඉස්ලාම් තර්ජන ගර්ජන මැද ලෝකයම එපා කියද්දි ට්‍රම්ප් මැතිවරණ පොරොන්දුව ඉටුකල හැටි (VIDEO)

    ඊශ්‍රායලය සහ පළස්තීනය යන රටවල් දෙකම තම අගනුවර ලෙස පිළිගනු ලබන ජෙරුසිලම 1967 වසරේදී ඊශ්‍රායලය විසින් අත්පත් කරගන්නා ලද ප්‍රදේශයක්. ඊශ්‍රායලය සහ පළස්තීනය අතර ගොඩනැගී ඇති අර්බුධයටද ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ මෙම සිදුවීමයි. 

    ලොව පුරා බොහෝ දෙනෙකුගේ මත භේදයට තුඩුදුන් ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කලා. ඒ ධවල මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්. 

    මෙම තිරණය ප්‍රකාශ කිරීමත් සමඟ සෞදි අරාබිය,ඊජීප්තුව,තුර්කිය,බ්‍රිතාන්‍යය,ප්‍රංශය සහ චීනය යන රටවල්ද මේ සඳහා දැඩිව විරෝධය පලකර තිබෙනවා. එසේම මෙම තීරණය වෙනස් කරන ලෙසද ඔවුන් ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    නමුත් මෙය තමන් ලබාදුන් ඡන්ද පොරොන්දුවක් ඉටුකිරීම සඳහා කල බවයි විදෙස් මාධ්‍ය දක්වන්නේ. ට්‍රම්ප්ගේ ජයග්‍රහනය සඳහා ඇමරිකා යුදෙවුවන්ගේ සහයද හිමිවුන අතර ඊශ්‍රායලයට සහය ලබා දෙන ලෙස ඔහු මැතිවරණ පොරොන්දුවක් ලබා දී තිබුනා.

    මේ පිළිබඳව සෞදි සල්මාන් රජු අදහස් දක්වමින් ප්‍රකාශ කලේ ඇමරිකානු ජනාධිපතිවරයා ගත් මෙම තීරණය ඉතා අවධානම් සහගත තීරණයක් බවයි.එසේම තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් ප්‍රකාශ කලේ ජනාධිපතිවරයාට තනිවම මෙවැනි තීරණයක් ගත නොහැකි බවයි.

    මේ හේතුවෙන් හමාස් සංවිධානයේ ඉස්ලාමීය සන්නද්ධ අංශ ඇමරිකානු ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීම් කර ඇති බව වාර්තා වන අතර මේ වන විට ඊශ්‍රායලයේ සිටින ඇමරිකානු රාජ්‍ය නිළධාරීන්ට ජෙරුසිලමේ පැරණි නගරයට හෝ බටහිර ඉවුරට යාමෙන් වලකින ලෙස දන්වා තිබෙනවා.

    [rns_reactions]
  • දළ පූට්‌ටුවාගේ ඝාතන පරීක්ෂණ අතරේ වනජීවී ලොක්කන්ගේ කෙරුවාවල් හෙලිවේ…!!!

    පසුගිය මාසයේම වගේ අපිට ප්‍රධානම මාතෘකාවක් වෙලා තිබුනෙ ගල්ගමුවේ දළ පූට්ටුවා ගැන. කිසිවෙකුටත්  කරදරයක් නැති දෑස් අන්ධ මෙම සත්වයා ඝාතනය කිරීමත් සමඟ මුළු රටම කම්පාවුනේ මෙම හස්තියාතුල තිබුණු ගුණ යහපත්කම නිසාමයි. එසේම මෙම අපරාධය සිදුකළ අය සොයා ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙනු ඇතැයි සැමගේම අපේක්ෂාව වුනා.

    කෙසේ වෙතත් ජනමාධ්‍ය මෙම අපරාධය වාර්ථා කරන තුරු  වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම වන ජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද  මෙය දැනුවත්ව නොසිටි බවට තොරතුරු අනාවරණය වුනා.

    මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන අතරතුරදී මෙම අපරාධය සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග ගත යුතු  තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් සිදුකරන ලද තවත් ජාවාරම් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

    විදෙස්‌ රටකින් නීති විරෝධී ලෙස ගෙන්වන ලද කුරුල්ලන් නීත්‍යානුකූල නොවන අයුරින් හම්බන්තොට සෆාරි උද්‍යානයට ලබාදීමට වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇති බවද මේ වන විට විමර්ශනයකින් හෙලිකරගෙන තිබෙනවා. එසේම මෙම උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඥතියකු බවද අනාවරණය කරගෙන තිබෙනවා.

     
    වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාද  මෙම කුරුල්ලන් සෆාරි උද්‍යානයට භාරදීම සම්බන්ධව කිසිඳු තොරතුරක් නොදැන සිටි  අතර මේ සම්බන්ධව දැනගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ පිළිබඳ සොයා බලා කරුණු තහවුරු කරගෙන  තිබෙනවා.

    මේ හේතුවෙන් වත්මන් වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවට වෙනත් නිලධාරියකු පත්කරන බවත්  වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා  තනතුරෙන් ඉවත් කරන බවත්  රජයේ ආරංචි මාර්ගවල සඳහන් වෙනවා.

    [rns_reactions]