Tag: featured

  • කුප්‍රකට බැසිල්ගෙන්, ටැලිපෝන් විමල්ට ‘කොකා’.. වීරකුමාර විමල්ගේ පතුරු ගලවමින් එලියට..

    ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගිවී සටන් කරන්නැයි ආණ්ඩු විරෝධී බලවේගවලින් හා බිම් මට්ටමේ පක්ෂ නායකයින් ගෙන් එල්ලවූ බලපෑම නොතකා කටයුතු කරන බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ‘කාල්ටන් කල්ලිය’ට විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ලවී ඇත.

    පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා, ශ්‍රීලනිප – ඒකාබද්ධ සාකච්ජා බිඳ දැමීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපිටම පවසා තිබිණ.

    මැතිවරණයකදී අවශ්‍ය අංක ගණිතය ඉතා සරල බවත් එහිදී අවශ්‍ය බෙදීම හෝ අඩු කිරීම නොව, එකතුකිරිම හා වැඩිකිරීම බවත් වීරකුමාර මන්ත්‍රීවරයා එහිදී පැහැදිලි කර දෙමින් සිටියදී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය සමග එක්විම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

    වීරකුමාර දිසානායක මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී කල කතාවට එහිසිටි බහුතරයක් මන්ත්‍රීවරුන් රැස්වීමෙන් අනතුරුව ඔහුට ස්තුතිය පළකර ඇත. 

    කෙසේවුවද විමල් විරවංශ මහතා එහිදී මුනිවත රැකීම ඔහුගේ පක්ෂයේ නායකයින්ට විශාල ගැටළුවක් වී ඇත.

    විමල් වීරවංශ මහතා එජාපයේ ප්‍රබලයෙකු මෙන්ම එජාප නායකයාගේ කිට්ටුවන්තයකු සමඟ නිදහස් චතුරස්‍රය ආසන්නයේ මෝටර් රථයක් තුළ පසුගියදා සිදුකල රහස් සාකච්ඡාව ඊට හේතුවී ඇත්දැයි ද සැකයක් මතුව තිබේ.

    අපේක්ෂක ලැයිස්තු ?

    මේ අතර,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි ද වාර්තාවේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ වගකීම බාරව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, විමල්ගේ පක්ෂයේ අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් කපා හැරීම ජාතික නිදහස් පෙරමුණේ විරෝධයට හේතුවී ඇත.

    මෙම තත්ත්වය යටතේ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ඉදිරිදින කිහිපය තුලදී තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

    [rns_reactions]

  • 2025 වන විට සම්පූර්ණයෙන් ණය ගෙවා දානවා … – අගමැති රනිල්

    රට තුළට විශාල වශයෙන් ආයෝජන ගෙන එමින් 2020 වසර වන විට ණය පියවීමට ශක්තියක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත් 2025 වන විට කිසිඳු ගැටලුකින් තොරව ණය සම්පූර්ණයෙන් පියවීමට හැකි ආර්ථිකයක් ඇති වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    බිඳවැටී තිබූ මෙරට අපනයන ආර්ථිකය පසුගිය වසර දෙකක කාලය තුළ දී අපනයන දෙගුණයක් දක්වා වර්ධනය වූ අතර දළ ජාතික නිෂ්පාදනය පස් ගුණයකින් වැඩි වූ බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.අම්පාර බස් නැවතුම්පොළ විවෘත කිරීම වෙනුවෙන් එම පරිශ්‍රයේ සංවිධානය කොට තිබූ උත්සවයේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසිය.

    අගමැතිවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.

    “අද මම අම්පාර ප්‍රදේශයට පැමිණ ප්‍රාදේශීය සභා කාර්යාලයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවා. ඒ වගේම අම්පාර නව ආර්ථික මධ්‍යස්ථානය, නව බස්නැවතුම්පොළ සහ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට කටයුතු කළා. 
    මා ප්‍රථම වතාවට 1953 අම්පාර ප්‍රදේශයට පැමිණෙන විට මෙහි බස්නැවතුම්පොළක් හෝ වෙනත් කිසිඳු පහසුකමක් තිබුණේ නැහැ. එකල දැකගත හැකි වූයේ පොළව හාරමින් තිබූ බුල් ඩෝසර් කිහිපයක් සහ පැරණි කාර් හා ජීප් රථ කිහිපයක් පමණයි. ඔබේ ප්‍රදේශයේ අමාත්‍ය දයා ගමගේ මහතාගේ උත්සාහය මත මෙම ප්‍රදේශය අද සංවර්ධනය වී තිබෙනවා. 
    මෙම විවෘත කිරීම් සඳහා මා සමග ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා ද සහභාගි වීමට නියමිතව සිටියත් ජනාධිපතිතුමා සමඟ හදිසි සාකච්ඡාවකට සහභාගි වීමට සිදුවීම හේතුවෙන් එතුමාට මේ අවස්ථාවට සහභාගි වීමට නොහැකි වුණා. එම නිසා මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එතුමාගේ සුභපැතුම් පිරිනමන්නැයි අමාත්‍යතුමා මගෙන් ඉල්ලා සිටියා. 
    අම්පාර ආසනය, අම්පාර දිස්ත්‍රික්කය වගේම, නැගෙනහිර පළාත දියුණු කිරීම සඳහා දයා ගමගේ අමාත්‍යතුමා විශාල උත්සාහයක් දරමින් සිටිනවා. දයා ගමගේ අමාත්‍යතුමා එම වැඩ කටයුතු  සිදු කරන අතරතුර මෙම ප්‍රදේශයේ සිට ඒ සියලූ කටයුතු මෙහෙය වන්නේ අනෝමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරියයි. 
    ඒ අනුව මේ ප්‍රදේශයේ සීඝ්‍ර දියුණුවක් ඇති වී තිබෙනවා. මීට පෙර විපක්‍ෂයේ කටයුතු කරන කාලයේ මා මෙම ප්‍රදේශයට කිහිප වරක් පැමිණියා. එදා තිබුණාට වඩා වැඩි දියුණුවක් අද මම මේ ප්‍රදේශයේ දකිනවා. ඒ සියලූ සංවර්ධන කටයුතු වෙනුවෙන් සහ මේ ප්‍රදේශයේ ආර්ථිකය සංවර්ධනය කිරීම වෙනුවෙන් දයා ගමගේ අමාත්‍යතුමාටත්, අනෝමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යතුමියටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු ද සාර්ථක  වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අම්පාර ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් දයා ගමගේ අමාත්‍යතුමා සිදු කරන වැඩ කටයුතු සඳහා අපගේ සහයෝගයත් ලබාදෙනවා. 
    මහවැලි ව්‍යාපාරයෙන් පසුව අම්පාර ප්‍රදේශයට ගෙන එන විශාලම සංවර්ධනය ඇති කරන්නේ අපගේ ජාතික ආණ්ඩුව යටතේ බව මම කියන්න කැමතියි. අප රටට නිදහස ලබා ගැනීමට පෙර අම්පාර ප්‍රදේශය පැවතුණේ වනාන්තරයක් ලෙසයි. නමුත් මේ ප්‍රදේශය සංවර්ධනය කළ හැකි ප්‍රදේශයක් බව ඩී.එස්. සේනානායක මැතිතුමා අවබෝධ කර ගත්තා. ඒ අනුව ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කිරීමට එතුමා කටයුතු කළා. 
    ගල්ඔය ව්‍යාපාරය සඳහා අප යෙදවූයේ අප රටේම මුදල් බව කිව යුතුයි. එම ව්‍යාපාරයට යෙදවූ මුදල්වලින් ඉතිරි වූ ප්‍රමාණය ණය මුදලක් වශයෙන් එංගලන්තයට ලබා දුන්නා. යුද්ධයෙන් පසුව එංගලන්තයට මුදල් අවශ්‍යතාවයක් ඇති වී තිබූ අතර ගල්ඔය ව්‍යාපාරයෙන් ඉතිරි වූ මුදල් ලබා දුන්නේ ඒ අනුවයි. ඒ වගේම ගල්ඔය ව්‍යාපාරය සාර්ථකව නිම කිරීමටත් අපට හැකි වුණා. එකල ශ්‍රී ලංකාව පැවැතියේ එවැනි දියුණු මට්ටමකයි. 
    එකල මා කුඩා අවදියේ පසු වූ අතර මගේ දෙමව්පියන් සමගින් මේ ප්‍රදේශයේ සංචාරයක් සඳහා මා මෙහි පැමිණියා. ගල්ඔය ව්‍යාපාරය හරහා අම්පාර ප්‍රදේශය දියුණුවට පත්වූ අතර මහවැලි ව්‍යාපාරයෙන් අම්පාරට ගල්ඔය ව්‍යාපාරයට නොදෙවැනි සංවර්ධනයක් ඇති වුණා. එකල අම්පාර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේ පී. දයාරත්න මැතිතුමායි. එදා අම්පාර නගරය මීට වඩා කුඩා නගරයක්… දෙහිඅත්තකණ්ඩිය දක්වා තිබුණේ වනාන්තරයයි. ජීප් රථයකින් හැර වෙනත් වාහනයකින් ඒ ප්‍රදේශයට යාමට හැකියාවක් තිබුණේ නැහැ. දෙහිඅත්තකණ්ඩිය, ගිරාඳුරුකෝට්ටේ පැවතියේ නමට පමණයි. නමුත් ඒ සියලූ ප්‍රදේශ දියුණු කිරීමට අපට හැකි වුණා.

    මහවැලි ව්‍යාපාරය යටතේ ගාමිණී දිසානායක මැතිතුමා මේ ප්‍රදේශයට විශාල සංවර්ධනයක් ගෙන ආවා. අපේ ප්‍රදේශවලින් ද ජනතාව පැමිණ මෙහි පදිංචි වුණා. මේ ප්‍රදේශයට එම දියුණුව ගෙන ඒමට පී. දයාරත්න මහතා එකල විශාල උත්සාහයක් දැරුවා. ඒ වගේම නෙල්සන් ඇමැතිතුමාත්, මහියංගනය ප්‍රදේශයෙන් සී.පී.ජේ. සෙනෙවිරත්න ඇමැතිතුමාත් එම දියුණුව ලබා ගැනීම සඳහා විශාල වැඩ කොටසක් ඉටු කළා. අද අම්පාර – කල්මුණේ ආදී ප්‍රදේශවලට ලැබී තිබෙන්නේ එදා ඔවුන් ගොඩනැගූ ආර්ථිකයේ වාසියයි. 
    මේ ප්‍රදේශයේ තවමත් පවතින්නේ කෘෂි ආර්ථිකයක් බව කිව යුතුයි. වර්තමානයේ අප ගෙන එන සංවර්ධනය හරහා අම්පාර ප්‍රදේශයේ මිශ්‍ර ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරනවා. සේවා අංශයෙන්, වෙනත් කෘෂි භෝග, පශු සම්පත් අංශවලින් එම සංවර්ධනය ඇති කරමින් අම්පාර ප්‍රදේශය දියුණු කිරීමට යහපාලන ආණ්ඩුව යටතේ දයා ගමගේ ඇමැතිතුමා කටයුතු කරමින් සිටිනවා.
     
    මෙම සංවර්ධන කටයුතු මීට වසර දෙකකට පෙර ආරම්භ නොකළේ ඇයිදැයි සුළු පිරිසක් අපෙන් ප්‍රශ්න කරනවා. නමුත් එදා අප බාරගත්තේ කුමන ආකාරයේ රටක් ද? අප මේ රට බාර ගන්නා විට රට විශාල ණය බරක සිරවී තිබුණා. පසුගිය බ්‍රහස්පතින්දා දින මා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ ආකාරයට කිසිඳු අනුමැතියකින් තොරව, පැවැති පාලනය විසින් රුපියල් බිලියන 4000 ක ණය මුදලක් ලබාගෙන තිබෙනවා. අඩුම වශයෙන් එම ණය ලබා ගැනීම සඳහා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය හෝ ලබා ගෙන නැහැ. ලබාගත් රුපියල් බිලියන 4000 ක ණය මුදල සඳහා පොලී මුදල් වශයෙන් පමණක් රුපියල් බිලියන 3000 ක් ගෙවීමට සිදුවෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන් ගෙවීමට තිබෙන මුදල රුපියල් බිලියන 7000 ක් වනවා.

    පැවැති පාලනයට මුදල් නොමැති වීම නිසා මෙසේ විශාල වශයෙන් ණය මුදල් ලබා ගත් අතර එම ණය පියවීමටත්, ඔවුන්ට නැවත ණය ලබා ගැනීමට සිදු වුණා. එය බංකොළොත් වූ මූල්‍ය ආයතනවල පිරමීඩ ක්‍රමයට සමාන ක්‍රමයක් වුණා. මේ සියලු ණය මුදල් ගෙවා අවසන් කිරීමට නම් අඩුම වශයෙන් රුපියල් බිලියන 10,000 ත් 12,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වනවා. ඒ වගේම මීට අමතරව පැවැති පාලනය විසින් ලබාගත් විදේශ ණය ගෙවීමටත් අපට සිදුව තිබෙනවා. මෙවැනි ණය කන්දක සිර වූ රටක් බාරගත් විට ජාතික ආණ්ඩුවක් ඇති කර නොගෙන ඉදිරියට යන්නේ කෙසේදැයි මා ප්‍රශ්න කරනවා.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ තවත් පක්‍ෂ කිහිපයක් ඒකරාශී කර ගෙන ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට අප කටයුතු කළා. එම ජාතික ආණ්ඩුව යටතේ වසර දෙකක් රට ඉදිරියට ගෙන යාමට අපට හැකි වුණා. අපි ජාතික ආණ්ඩුවක් ඇති කර නොගත්තා නම් 2016 වසර වන විට ණය ගෙවා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා.

    එම ණය මුදල් ගෙවීම සිදු කරන අතරම 2015 වසරේ දී ජනතාවට සහන ලබා දෙමින් ඉන්ධන මිල පහත දැමීමටත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමටත්, සෑම ගමකටම සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 බැගින් වෙන් කිරීමටත් අප කටයුතු කළා. විශාල ණය මුදලක් ගෙවන අතරතුර මෙවැනි සහන රාශියක් අප ජනතාවට ලබා දුන්නා නම් ආණ්ඩුවකින් මීටත් වඩා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද ? 
    ඒ අනුව 2016 වසර වන විට ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කිරීමට අපට හැකි වුණා. රටේ ආර්ථිකය ස්ථාවර මට්මටකට පත් කර නොගෙන ඉදිරියට යා නොහැකියි. පක්‍ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළ තනිව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය මන්ත්‍රී ආසන සංඛ්‍යාව ද අපට තිබුණේ නැහැ. ඒ අනුව ජාතික ආණ්ඩුවක් ඇති කර ගනිමින් අප එම වැඩ කටයුතු ඉදිරියට ගෙන ගියා. 
    අප රට බාර ගන්නා විට ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සීඝ්‍ර ලෙස බිඳ වැටී තිබුණා. නමුත් වසර දෙකක අපගේ පාලන කාලය තුළ දී අපගේ අපනයන දෙගුණයක් දක්වා වර්ධනය වූ අතර දළ ජාතික නිෂ්පාදනය පස් ගුණයකින් වැඩි වුණා. නමුත් පසුගිය පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය වර්ධනය වී තිබුණේ දෙගුණයකින් පමණක් වන අතර එම කාලයේ බංග්ලාදේශයේ අපනයනය පස් ගුණයකින් වැඩි වී තිබුණා. වැඩි කල් යාමට පෙර ශ්‍රී ලංකාවට බංග්ලාදේශයෙන් ද මුදල් ණයට ලබා ගැනීමට සිදුවන තත්ත්වයක් එකල උද්ගත වී තිබුණා. පසුගිය පාලන කාලය තුළ අපේ රට පත්ව සිටියේ එවැනි තත්වයකටයි.

    නමුත් අප රට බාර ගැනීමෙන් පසු රටේ ආර්ථික ස්ථාවර භාවය ඇති කළ නිසා 2017 වන විට රටේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි වාතාවරණයක් ඇති වුණා. අපේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන ගියේ ඉන් පසුවයි. යුරෝපය ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දුන්නා. චීනය, ඉන්දියාව, ජපානය සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ආරම්භ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් ලබාදීමට එකඟ වුණා. ඒ අනුව දැන් ඉතිරි වී තිබෙන්නේ ඉදිරි වසර කිහිපය තුළ රටේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමයි. 
    රටක් ලෙස අප ලබාගත් ණය ගෙවීමට අපට සිදුවෙනවා. ඒ වගේම රටේ ජනතාව වෙනුවෙන් වැඩි ආදායම් සහිත රැකියා අවස්ථා ඇති කිරීමත් අප සිදු කළ යුතු කාර්යයක්. ඒ සඳහා රටේ වේගවත් ආර්ථික දියුණුවක් ඇති කළ යුතුයි. රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩි වන විට ක්‍රමානුකූලව ණය බර ද අඩු වෙනවා. අප ඒ ආකාරයට කටයුතු කළොත් මේ ණය පියවීමට තවත් වසර 40 ක් පමණ බලාසිටීමට අවශ්‍ය වන්නේ නැහැ. 
    රට තුළට විශාල වශයෙන් ආයෝජන ගෙන එමින් 2020 වසර වන විට ණය පියවීමට ශක්තියක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. එවිට 2025 වන විට කිසිඳු ගැටලූකින් තොරව ණය සම්පූර්ණයෙන් පියවීමට හැකි ආර්ථිකයක් ඇති වෙනවා. අපි රටේ සංවර්ධනය ආරම්භ කළේ පළමුවෙන් රටේ පැවැති තුවාලවලට අවධානය යොමු කරමිනුයි. 
    හම්බන්තොට නැව් නැති වරායක් ඉදිකර තිබුණා. එම වරායේ නඩත්තු කිරීම් සිදු වුණේ කොළඹවරායේ ආදායම් මතයි. ඒ වගේම මත්තල ප්‍රදේශයේ ගුවන් යානා නොමැති ගුවන් තොටුපොළක් ඉදිකර තිබුණා. කටුනායක ගුවන් තොටුපොළේ ආදායම් මත මත්තල ගුවන් තොටුපොළ නඩත්තු කළා. ගුවන් යානා පැමිණියේ නැතත් ඒ ප්‍රදේශයේ මොණරුන් නම් මත්තල ගුවන් තොටුපොළ භාවිතා කළා. අඩුම වශයෙන් එවැනි ප්‍රයෝජනයක් හෝ මත්තල ගුවන් තොටුපොළෙන් ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. 
    අප පිහිටුවා ගත් ජාතික ආණ්ඩුව යටතේ චයිනා මර්චන්ට් සමාගම සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියත් සමග හවුල් ව්‍යාපාරක් ආරම්භ කිරීමට අපට හැකි වුණා. ඒ වගේම හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවීමට ඇති ණය මුදලත් මෙම හවුල් ව්‍යාපාරය හරහා එකවර ලබා ගැනීමට අපට හැකිව තිබෙනවා. හවුල් ව්‍යාපාරය වෙනුවෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.1 ක මුදලක් ලබා දීමට නියමිතයි. මෙම හවුල් ව්‍යාපාරයේ කටයුතු මෙම මාසයේ දී ආරම්භ වෙනවා. 
    එම ලැබෙන මුදල අප මහ බැංකුවේ තැන්පත් අරමුදලකට බැර කරනවා. ඒ අනුව වසර 10 කට පසු ශ්‍රී ලංකාවේ පළමු වතාවට මහබැංකුව තුළ විදේශ විනිමය සංචිතයක් ඇති වෙනවා. එය වෙනත් රටකින් ණයට මුදල් ලබාගෙන සංචිතගත කිරීමක් නොවෙයි. එම මුදල මහ බැංකුවේ තැන්පත් කරන්නේ ශ්‍රී ලංකාවට අයිති විදේශ විනිමය සංචිතයක් ලෙසයි. 
    ඒ වගේම ඉන්දියානු සමාගමක් සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් තවත් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. එම හවුල් ව්‍යාපාරය හරහා ඩොලර් මිලියන 200 – 300 ක මුදලක් අපට ලැබෙනවා. එමෙන්ම දැනට අඩක් නිම කර, අත්හැර දමා ඇති විශාල හෝටල් ව්‍යාපාර ආදිය විදේශීය ආයෝජකයන්ට ව්‍යාපාර වෙනුවෙන් ලබාදීම හරහා ද අපට මුදල් ලබාගත හැකියි. ඒ අනුව වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපේම නමට මහබැංකුව තුළ ඩොලර් බිලියන 1.1 ක් සංචිතගත වීමයි. එය වෙනත් රටකින් ණයට ලබාගත් මුදලක් නොවෙයි. මෙම ව්‍යාපෘති දෙකේම වැඩ කටයුතු ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතයි. 
    අපේ ආණ්ඩුවේ එක් සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක වන්නේ නුවර සිට කොළඹ හරහා හම්බන්තොට දක්වායි. කොළඹ නගරය ශ්‍රී ලංකාවේ වාණිජ මධ්‍යස්ථානයයි. ජපාන රජයේ ආධාර යටතේ මහනුවර නගරය සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු අප දැන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේ මධ්‍යම අධිවේගී මාර්ගය හරහා කුරුණෑල ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වෙනවා.
    ඉදිරියේ දී මහ නගර සංකල්පය හරහා කොළඹ– කලූතර – ගම්පහ විශාල නගරයක් බවට පත් කරනවා. ඉදිවෙමින් පවතින මූල්‍ය නගරය ශ්‍රී ලංකාවේ මූල්‍ය මධ්‍යස්ථානය බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. කොළඹවරාය තවත් සංවර්ධනය කිරීමට, නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. මේ වන විට කලූතර දිස්ත්‍රික්යේ, බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක් ඇති කිරීම සඳහා අක්කර 800 ක භඣමි ප්‍රමාණයක් තායිලන්ත සමාගමකට බදු ක්‍රමයට යටතේ ලබා දී තිබෙනවා. වෙළෙඳ කලාපයට අවශ්‍ය ව්‍යාපාර ඒ ප්‍රදේශයට ගෙන එනවා. 
    නව සංචාරක කලාපයක් ඇති කිරීම සඳහා ගාල්ල ප්‍රදේශයේ අක්කර 3000 ක පමණ භඣමි ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. මාතර ප්‍රදේශයේත් සංචාරක කර්මාන්තය හරහා විශාල දියුණුවක් ඇති කරනවා. හම්බන්තොට වරාය ආශ්‍රිතව තවත් විශාල දියුණුවක් ඇති වෙනවා. වෙළෙඳ කලාප හරහා එම ප්‍රදේශයට විදේශ ආයෝජන රැගෙන එනවා. 
    මේ සියලූ කටයුතු වෙනුවෙන් ආයෝජකයන්ට දිරිගැන්වීම් ලබාදීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම දේශීය ආයෝජකයන් වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ඇති කරනවා. වර්තමානයේ රැකියා බිහි කළ යුත්තේ පුද්ගලික අංශය මූලික කර ගෙනයි. වැඩි ආදායම් සහිත රැකියා විශාල ප්‍රමාණයක් බිහි වන්නේ පුද්ගලික අංශය තුළයි. 
    මේ වැඩ කටයුතු සිදු කරන අතරම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ අමතක නොකිරීමට අප වගබලා ගන්නවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන සැලැස්ම නිර්මාණය කිරීම සිංගප්පූරුවේ සුබානාජුරොං ආයතනයට බාර දී තිබෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි භාවිතා කරමින් ශ්‍රී ලංකාවටත්, ඉන්දියාවටත් අවශ්‍ය ඉන්ධන ගබඩා කිරීමටත්, අවශ්‍ය නම් තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටත් කටයුතු කරනවා. ඒ හරහා එම ප්‍රදේශයටත් විශාල දියුණුවක් ගෙන එනවා. 
    සංචාරක කර්මාන්තය වෙනුවෙන් හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ තවත් විශාල කිරීමට පියවර ගන්නවා. ත්‍රිකුණාමලයේ සිට ආරුගම්බේ දක්වා සංචාරක කලාප ඇති කිරීමට අවශ්‍ය ඉඩම් වෙන් කර දෙනවා. මේ සෑම ව්‍යාපෘතියක් හරහාම අම්පාර දිස්ත්‍රික්කයේ විශාල දියුණුවක් ඇති වෙනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පමණක් නොව, හම්බන්තොට ප්‍රදේශයේ දියුණුව හරහා ද අම්පාර සංවර්ධනය වේගවත් වනවා. අපේ සංවර්ධන කටයුතු අවසන් වන විට මත්තල  සිට අම්පාරට පැය 2 ක පමණ කාලයකින් පැමිණීමට හැකි වනු ඇති බව අපේ විශ්වාසයයි. ඒ වගේම හම්බන්තොට වරායේ සිට ඉතා පහසුවෙන් අම්පාර පැමිණීමේ හැකියාව ඉදිරියේ දී ඇති වනු ඇති.  
    මේ වන විට නැගෙනහිර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය වැඩ කටයුතු පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. මේ ප්‍රදේශයේ පශු සම්පත් දියුණු කිරීම පිළිබඳව පී. හැරිසන් අමාත්‍යතුමා එතුමාගේ කතාවේ දී සඳහන් කළා. සත්ව පාලනය, නව භෝග වගාව ආදිය අම්පාර ප්‍රදේශය ගෙන ඒමේ විශාල වැඩසටහනක් සිදු කිරීමට නියමිතයි. මේ ප්‍රදේශයට අවශ්‍ය රැකියා හා ආදායම් මාර්ග ඒ හරහා නිර්මාණය වෙනවා. 
    ඒ වගේම මේ ප්‍රදේශයේ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. රැකියා අවස්ථා ලබා දෙන්නේ කෙසේදැයි තරුණ තරුණියන් අපෙන් විමසනවා. රටක් දියුණු වන්නේ රාජ්‍ය අංශයේ රැකියාවලින් පමණක් නොවෙයි. පෞද්ගලික අංශයේ හොඳ රැකියා තිබෙනවා නම් ඕනෑම රටක් දියුණු වනවා. ඒ ආකාරයට හොඳ රැකියා ලබා ගැනීමට නම් මේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට හොඳ ශිල්පීය දැනුම ලබාදිය යුතුයි. ඒ සඳහා යොවුන් සේනාංකය ප්‍රතිසංවිධානය කර තරුණ තරුණියන්ට හොඳ ශිල්පීය දැනුම ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එය අපේ ආණ්ඩුවේ ප්‍රධාන බලාපොරොත්තුවක්. අනාගතයට අවශ්‍ය ශිල්පීය දැනුමෙන් පිරිපුන් සමාජයක් අපි ඇති කළ යුතුයි.  
    ඒ වගේම විවිධ ස්වභාවික ගැටලූවලට ද රටක් ලෙස අපට මුහුණදීමට සිදු වෙනවා. මේ වසරේ ජල ගැලීම් ඇති වුණා. නියගයකට මුහුණ දුන්නා. ඩෙංගු උවදුරට, කුණු කන්ද නායයාමේ ඛේදවාචකයට රටක් ලෙස අප මුහුණ දුන්නා. මෙවැනි අර්බුද හේතුවෙන් රටක ආර්ථිකය කඩා වැටීමට හැකියාව තිබෙනවා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ගනුලැබූ පියවර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණේ නැහැ. නමුත් ආර්ථික වර්ධන වේගයේ යම් අඩුවක් ඇති වුවත් අපට ඉදිරියට යාමට හැකි වුණා. 
    නියඟය හේතුවෙන් රටේ සහල් නිෂ්පාදනය අඩු වුණා. වෙනත් රටවල් ද නියගයට මුහුණපෑම හේතුවෙන් ඔවුන්ගේ ද සහල් නිෂ්පාදනවල අඩුවක් දක්නට තිබුණා. එම නිසා මේ වන විට සහල් මිල මෙන්ම පොල් මිල ද ඉහළ ගොස් තිබෙනවා. අප ඒ සඳහා අවශ්‍ය විසඳුම් ගනිමින් සිටිනවා. දේශගුණික හේතඣන් මත වැඩි වී තිබෙන ජීවන වියදම පාලනය කිරීමට අප පියවර ගන්නවා. 
    ඒ වගේම ළෙඟම පාසල හොඳම පාසලෙ යන වැඩසටහන යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වෙන් කිරීමටත්, ගම්මාන දියුණු කිරීම සඳහා මුදල් ලබාදීමටත් අප කටයුතු කරනවා. ස්වශක්ති වැඩසටහන යටතේ කුඩා ව්‍යාපාරිකයන්ට ණය ලබාදීමට කටයුතු කරනවා. ඒ ආකාරයට රටේ සංවර්ධනය වෙනුවෙන් අපි කටයුතු කරමින් සිටිනවා. 
    මෙය අපේ ආණ්ඩුවේ සංවර්ධනයේ ආරම්භය පමණයි. එලැඹෙන වසරේ මම මේ ප්‍රදේශයට පැමිණ ඔබ අමතා කතා කරන විට මීටත් වඩා වැඩි ප්‍රතිඵල පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මට හැකියාව ලැබේවි. 
    ශ්‍රී ලංකාවේ දියුණුව මහනුවරට, කොළඹහෝ ගාල්ලට පමණක් සීමා කළ නොහැකියි. එම දියුණුව මෙම ප්‍රදේශ දක්වා ද අප රැගෙන එනවා. හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයන්වල දියුණුව අම්පාර ප්‍රදේශයේ දියුණුවට ප්‍රධාන හේතුවක් වෙනවා. මේ ප්‍රදේශවල දරු දැරියන්ට තොරතුරු තාක්‍ෂණ දැනුම ලබා දී මේ ප්‍රදේශවලම රැකියා කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙනවා. 
    අපට අවශ්‍ය වී තිබෙන්නේ අම්පාර සංවර්ධනය කිරීමේ තුන් වන යුගය ආරම්භ කිරීමටයි. දයා ගමගේ අමාත්‍යවරයා දේශප්‍රේමියෙක්. නමුත් එතුමා හොරකම් සහ වංචා කිරීමට දේශප්‍රේමය ගැන කතා කරන්නෙක් නොවෙයි. අපි සියලූ දෙනාම මේ රටට ආදරෙයි. අප සියලූ දෙනා හොරකම් නොකරන නිසා දේශප්‍රේමීන් ලෙස ලේබල් ගසා ගෙන නැහැ. අප තුළ යම් යම් අඩුපාඩු තිබෙනවා. ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යා යුතුයි. 
    එදා අම්පාරේ පැවැති තත්වය කුමක්දැයි දයා ගමගේ මහතා හොදින් දන්නවා. මෙවැනි විශාල දියුණුවක් මේ ප්‍රදේශයට ඇති කරනවා යැයි සිතා ගැනීමටත් අපහසුයි. නමුත් අපි එය කෙසේ හෝ සිදු කරනවා. මේ ප්‍රදේශය දියුණු කිරීමේ වගකීමෙන් අප බැහැර වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. මහවැලි ව්‍යාපාරයෙන් පසුව අම්පාර ප්‍රදේශයට උදාවන දැවැන්තම දියුණුව අපේ රජය යටතේ ආරම්භ කර තිබෙන බව මම ඔබට අවසාන වශයෙන් පවසන්න කැමතියි.”

  • ශ්‍රීලනිපය දෙකඩ කරන්න එජාපයයි ඒකාබද්දයයි ඩීල් කියල දැන් පැහැදිලියි…(Video)

    ඉදිරි පළාත් පාලන මැතිවණයට එක්ව තරග කිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය අතර පැවති සාකච්ඡා  ඒකාබද්ද විපක්‍ෂය හරියටම බඩ මැදින් මස් රාත්තලම ඉල්ලා සිටි බැවින් බිඳ වැටුනු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ බෙදීම සදහා වන එක්සත් ජාතික පක්‍ෂ බලාපොරොත්තුව මේ මොහොතේ ඉටු කරනු ලබන්නේ ඒකාබද්ද විපක්‍ෂය බවත් ඔවුන් අතර ඩීල් එකක් ඇති බව ඉන් ඉතා පැහැදිලි වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.ඒ අනුව ඉදිරි මැතිවණය අත ලකුණින් හෝ බුදල් කොලයෙන් තරග වදින බවත් ස්ථිර වශයෙන්ම ජයග‍්‍රහණය කල හැති බවත් ඇමති අමරවීර විශ්වාසය පල කරයි.

     

  • දළ පූට්ටුවා මරා දැමූ බව කියන 5ක් අත්අඩංගුවට

    දල පූට්ටුවා යන නමින් හැඳින්වූ ගල්ගමුවේ හස්තියා මරා දැමීමට සැක පිට පුද්ගලයින් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

    නිකවැරටිය ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    [rns_reactions]

  • මාර්ග ගණනාවක් ජලයෙන් යටවේ (Update)

    මාතර නිල්වලා ගඟ ආශ‍්‍රිත පහත්බිම් සමහරක් මේ වනවිට ජලයෙන් යට වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද අලූයම නිවේදනය කළේ නිල්වලා ගඟේ ජල මට්ටම ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවයි. පානදුගම සහ ඊට පහලින් නිල්වලා ගඟ දෙපස වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්විය යුතු බවද එහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මාතර දිස්ත‍්‍රික්කයේ මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබෙනවා. පානදුගම – අකුරැස්ස, අකුරැෙස්ස – මුලටියන සහ කඹුරුපිටිය – මුලටියන යන මාර්ග මෙලෙස ජලයෙන් යටවී තිබෙන මාර්ග කිහිපයක්. 

    ගාල්ල දිස්ත‍්‍රික්කයේ ද ඇතැම් මාර්ග ජලයෙන් යටවී තිබෙනවා. නාගොඩ – බද්දේගම, මාපලගම – ඇල්පිටිය, නාගොඩ – උඩුගම, ගාල්ල වක්වැල්ල යන මාර්ග මෙලෙස ජලයෙන් යටව තිබෙනවා.

    මේ අතර කොළඹ – බදුල්ල මාර්ගයේ වරංගහවල සිට හපුතලේ දක්වා කොටසට තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් පවතින බව හඳුනාගෙන තිබෙනවා.

    [rns_reactions]

  • ජනපති මෛත්‍රීට දකුණු කොරියාවෙන් ගෞරවනීය පුරවැසිභාවයක්

    දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත එරට රජයේ උපහාරය පුද කරමින් සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය පිරිනමා තිබේ.

    සෝල් මෙට්‍රොපොලිටන්හි නගරාධිපති පාක් වොන් සූන් (ර්ථීචපඬ එධද-ඵධධද) මහතාගේ නිල කාර්යාලයේදී ඊයේ (30දා) පෙරවරුවේ පැවැත්වූ විශේෂ උත්සවයකදී ජනාධිපති වෙත එම ගරු පුරවැසිභාවය පිරිනැමිණි.

    ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමක් කර ගැනීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තුළ පවතින නොපසුබස්නා උත්සාහය හා වෙහෙස නොබලා දරන වෑයම බෙහෙවින් තම සිත්ගෙන තිබෙන බවද ර්ථීචපඬ එධද-ඵධධද මහතා මෙහිදී සඳහන් කළේය. ඊට ගෞරවයක් වශයෙන් සමීප මිත්‍රත්වයේ සංකේතයක් ලෙස මෙට්‍රොපොලිටන් නගරයේ ගරු පුරවැසිභාවය ජනාධිපතිතුමා වෙත පිරිනමන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගරු පුරවැසිභාවය නිල වශයෙන් ප්‍රදානය කිරීමේ සහතිකය පිරිනැමීමෙන් අනතුරුව පුරවැසිභාවයේ පදක්කම්ද ජනාධිපති වෙත පැලඳවූ නගරාධිපති ර්ථීචපඬ එධද-ඵධධද මහතා වර්ණවත් සළුවක් ජනාධිපතිතුමා වෙත පැලඳවිය.

    පුරවැසිභාවය පිරිනැමීම තුළින් මෙට්‍රොපොලිටන් සුන්දර නගරයේ පාර්ශ්වකරුවකු වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් නගරාධිපතිවරයාට සහ නගරවැසියන්ට ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා එය තමාට පමණක් නොව ශ්‍රී ලංකා රජයටත් එහි පුරවැසියන්ටත් දැක්වූ ගෞරවයක් ලෙස පිළිගන්නා බවද සඳහන් කළේය.
    ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් හරහා සෝල් මෙට්‍රොපොලිටන් නගරය මෙහෙයවන ආකාරය පාලන මැදිරිය තුළින් දැකබලා ගැනීම සඳහා ද එක්වූ ජනාධිපතිතුමා එම සාර්ථක අත්දැකීම් කොළඹ නගර සැලැස්මේදී උපයෝගි කර ගැනීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය.

    අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරල, මලික් සමරවික්‍රම, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මනීෂා ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    [rns_reactions]

  • ජනපති සොයුරු ඝාතකයාට දුන් දඬුවම

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ප‍්‍රියන්ත සිරිසේනට පොරවකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට ඊයේ රාත‍්‍රියේ දඬුවම් නියම කෙරුණා. ඒ, පොළොන්නරුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර විසින්. හපුතන්ත‍්‍රිගේ දොන් ඉෂාන් ලක්මාල් නමැත්තා මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණා. විනිසුරුවරයා නියෝග කළේ ඔහුට වසර 18ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමටයි. ඊට අමතරව අගතියටපත් පාර්ශවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ද නියම කෙරුණා. 

    මෙම නඩුව විභාග කෙරුණේ 07 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් ඉදිරියේයි. දඬුවම් නියම කිරීමේ නියෝගය ලබාදෙන විට ඊයේ රාත‍්‍රී 7.30ද පසුවී තිබුණා. අදාළ ඝාතනය සිදුවුණේ 2015 වසරේ මාර්තු මස 26 වනදායි. 

    [rns_reactions]

  • ‘‘ ඕකී’’ පිටව යයි! අදත් වැස්ස සමග සුළඟ

    පීඩන අවපාතයක් සහ ගැඹුරු පීඩන අවපාතයක් ලෙස ශ‍්‍රී ලංකාවට බලපෑම් කර මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙන වායුගෝලීය පද්ධතිය ‘‘ ඕකී’’ ලෙස නම් කර තිබෙනවා. සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමෙන් පසු ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද එහි ගමන්මග පිළිබඳ අධ්‍යයනයන් ආරම්භ කර ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ. 

    මෙම සුළි කුණාටුව මේ වනවිට ශ‍්‍රී ලංකාවට බටහිර දෙසින් අරාබි මුහුදු ප‍්‍රදේශයේ කොළඹ සිට කිලෝමීටර් 600ක් පමණ ඈතින් ස්ථානගත වී තිබෙනවා. ඒ අනුව එහි බලපෑම ශ‍්‍රී ලංකාව කෙරෙහි ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලූයම 5.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    කෙසේ වෙතත් බොහෝ ප‍්‍රදේශවලට අදත් වැසි සහ විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වනවා.  

    [rns_reactions]

  • ලංකාවේ කාලගුණේ නොදුටු මහ විපත වෙන රටවල් කලින්ම දැකලා…! (PHOTOS)

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්තවය හේතුවෙන් මේ වන විට බෝහෝ දෙනා පීඩාවට පත්ව තිබෙනවා.

    මේ හේතුව නිසාවෙන් මරණ කිහිපයක් වාර්තා වී අතර ධීවරයින් කිහිපදෙනෙකුද අතුරුදන්ව ඇතැයි වාර්තාවනවා.

    දකුණු පළාතේ බොහෝ ප්‍රදේශ වලට තවමත් විදුලිය විසන්ධි වී ඇති අතර ඇතිවූ සුළං තත්වය නිසා බොහෝ නිවාස වලටද හානිවී තිබෙනවා.

    කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව (29) නිවේදනය කළේ විදෙස් වාර්තා බලා කුණාටු තත්වයක් පිළබඳව හෝ ගංවතුර අවධානමක් පිළිබඳව ජනතාවට කලබල නොවන ලෙසයි.

    නමුත් ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට මෙවැනි කාළගුණ තත්වයක් බලපාන බව විදෙස් වෙබ් අඩවි කිහිපයක් මීට පෙර අණාවරණය කර තිබුණා..

    එහි දැක්වුනේ සති මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ කාලගුණ වෙනස්වීමක් හා අධික වර්ෂාපතනයක් දැකගත හැකිවනු බවයි.

    වැසි සහ ගිගුරුම් සහිත වැසි සහිත කාලගුණ තත්ත්වයක් දිවයිනට බලපාන බවත්, සති අන්තය වන විට නිවර්තන සුළි කුණාටුව බෙංගාල බොක්ක හරහා අන්දමන් , නිකොබාර් දූපත් හා ශ්‍රී ලංකාව අතර වර්ධනය වීමට ඉඩ ඇතැයිද එම වාර්තාවන්හි සඳහන් වී තිබුණා.


    [rns_reactions]

  • පො**යා/ පිම්*යා කියමින් ෆොන්සේකා – ගොටාගේ ගුණ වයන ලොකුගේ පාර්ලිමේන්තුවේදී ඇරගනී

    මේ අතර ඊයේ පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු වූයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අතරය.

    සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ඊයේ කාරක සභා අවස්ථාවේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට සහභාගි වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනයට ලක් කළේය.
    විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා ඊට ප්‍රතිචාර දැක්වීම නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.
    පො….. යා සහ පි…සා යන වචන මැතිසබය තුළ රැව්දුන් අතර මෙම බැන ගැනීම් විනාඩි කිහිපයක් තිස්සේම පැවැතුණි.
    මැතිසබය තුළ මෙසේ බැන නොගන්නා ලෙසත් මෙසේ බැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගන්නා ලෙසත් එම අවස්ථාවේදී මුලසුනේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
    ‘ඡන්ද පොඩ්ඩක් අරගෙන ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ඇවිල්ලා මෙතැන අභූත චෝදනා එල්ල කරනවා’ යනුවෙන් ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා චෝදනා එල්ල කළේය.
    ‘හොරකම් කරලා මෙතැනට ඇවිල්ලා කෑගහනවා’ යනුවෙන් ප්‍රතිචාර දැක්වූයේ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය.”අපි හොරකම් කරලා ආවේ නැහැ. ඇමෙරිකානු ඩොලර් මිටි ගණන් හම්බවුණේ කාගේ සේප්පුවේ තිබිලාද’ යනුවෙන් විමසුවේ ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයාය.
    ‘හොරකම් කරලා කෑගහන්න ලැජ්ජා නැද්ද?’ යැයි විමසුවේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයාය.
    ‘සමහරුන්ට බෙහෙත් වෙලාවට බොන්නේ නැති වුණාම පිස්සු හැදෙනවා’ ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා ප්‍රතිචාර දැක්වීය.’
    ‘පි… සා, පි… සා’ යනුවෙන් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කෑගැසීය.

    ‘මෙයා ෆොන්සේකා නෙවෙයි. පො…. යා, පො…යා’ යනුවෙන් ගාමිණි ලොකුගේ මන්ත්‍රිවරයා කෑගැසුවේය. මීට අමතරව සතුන්ගේ නම් කියමින්ද දෙදෙනා බැනගත්හ.
    ඉන් පසුව දෙදෙනා අතර තදබල ලෙස වචන හුවමාරුවක් සිදු වූ අතර ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස මුලසුනේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා දැනුම් දුන්නේය.

    [rns_reactions]

  • එකාබද්ධ විපක්ෂයේ 05ක් ජනපති මෛත්‍රී මවුබිමට පැමිණි සැනින් ශ්‍රීලනිපය සෙවනට.. (Exclusive)

    බැසිල් රාජපක්ෂ ගෙන යන ශ්‍රීලනිප දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව මහින්ද රාජපක්ෂ පිලේ සිටි ශ්‍රීලනිප ප්‍රබල සාමාජිකයන් 05ක් ජනපති මෛත්‍රී විදෙස් සංචාරය නිමවා ලංකාවට පැමිණි විගස ශ්‍රීලනිපය සමග එක්වීමට සියල්ල සුදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර ඇත. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල නායකයෙක්ද මේ පිරිසට අයත් බව සදහන්.

    [rns_reactions]

  • ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි

    පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර (29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන ඇත.

    දළ පූට්ටුවා සෙවීම සඳහා පොලිසියේ හා වනජීවී නිලධාරීන් 95ක් පමණ එක්ව සතියකට ආසන්න කාලයක සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

    ජායාරූප: අන්තර්ජාලයෙනි

    Sudesh Karunathilake ගේ ඡායාරූපය
    Sudesh Karunathilake ගේ ඡායාරූපය
    Sudesh Karunathilake ගේ ඡායාරූපය
    Sudesh Karunathilake ගේ ඡායාරූපය
    Sudesh Karunathilake ගේ ඡායාරූපය
    [rns_reactions]
  • ගස් කඩා වැටී අවහිර වූ කොළඹ මාර්ග මෙන්න

    කොළඹට බලපා ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වෙනවා.

    ගස් කඩා වැටීම් සහ මාර්ග දෙපස ඇති විශාල දැන්වීම් පුවරු පෙරළීම් හේතුවෙන් මෙම අවහිරතා ඇතිව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

    කොළඹ බෞද්ධාලෝක මාවත, ඩුප්ලිකේෂන් පාර, සෙරමික් හන්දිය, හෙට්ටියාවත්ත හන්දිය, ටෙක්නිකල් හන්දිය, වැල්ලවත්ත ස්ටැෆඩ් හන්දිය, මෝදර පාර ඇතුළු තවත් ස්ථාන කිහිපයක මෙම අවහිරතා ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

    [rns_reactions]

  • දැඩි සුළඟ දේපළ රැසකට හානි කරයි – නායයෑමේ ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න

    පවතින අධික වැසි සහ තද සුළං හේතුවෙන් දිස්ත‍්‍රික් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා.

    කොළඹ මෙන්ම ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්වලට ද දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.

    ගස් කඩාවැටීම හේතුවෙන් ඇතැම් මාර්ග ද අවහිර වී තිබෙනවා. ඊයේ (29) පස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම ප‍්‍රදේශවල විදුලි සැපයුම ද බිඳවැටුණා.

    බදුල්ල දිස්ත‍්‍රික්කයට ද අධික වැසි හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. 

    කොළඹ ප‍්‍රදේශ කිහිපයක මාර්ගවලට ද ගස් කඩාවැටීම් වාර්තා වනවා. කොළඹ තුරග තරග පිටිය අසල ඇති ගොඩනැගිලි කිහිපයක වහල ද ගැලවී ගොස් තිබෙනවා.

    කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය අසල මාර්ගයේ දෙපස පිහිටි ගස් කිහිපයක අතු ද කඩාවැටී ඇති බවයි  වාර්තාකරුවන් පවසන්නේ.

    බොරැල්ල, බත්තරමුල්ල, රත්මලාන සහ තවත් ප‍්‍රදේශ කිහිපයක සවිකර තිබූ විශාල දැන්වීම් පුවරු කිහිපයක් ද කඩාවැටී තිබෙනවා.

    මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 6කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

    මෙම නිවේදනය අද රාත‍්‍රි 10.00 තෙක් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

    රත්නපුර, මාතර, නුවරඑළිය, ගාල්ල, මාතලේ සහ බදුල්ල යන දිස්ත‍්‍රික්ක සඳහා මෙම නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

    නායයාම් ලක්ෂණ දුටු වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියාසිටියේ.

     

    [rns_reactions]
  • පළාත් කිහිපයක අද පාසල් වසා දැමීමට හදිසියේ තීරණය කරයි

    මේ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග කටයුතු ද කල්දැමූ බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියාසිටියේ. 

    [rns_reactions]

  • විලිලැජ්ජා නැති බන්දුලට රෙදි ගැලවෙන්න උත්තරයක් …

    බන්දුල ගුණවර්ධන යනු දේශපාලනයේ විහිලු කාරයෙකි. තමන් හිටියේ කොහොද යන්නේ කොහෙද තැන නොතැන මතක නැති ඔබ විකාරෙන් මෙන් කියවන කතා අප කොතෙකුත් අසා ඇත. දේශපාලනයේ පරිණත භාවයෙන් ඔබ්බට ගොස් මාධ්‍ය දුටු පමණින් මොනවා හෝ පාරම් බෑමට පුරුදු වී සිටින ඔබ ඒ සියලු කථා අවසානයේ කරන ලද විවේචන ඔබගේ රෙද්ද අස්සේද ඇති බව පෙන්වා දෙමි.

    හාල් වලින් බියර් නිෂ්පාදනයට අවසර දුන්නේ මහින්ද රාජපක්ෂ රජයෙන්ය. ඒ මාතලේ එතනෝල් වසන්න නොහොත් ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ අරක්කු නිෂ්පාදන සමාගමටයි. ඒ රජයේ ඔබ අධ්‍යාපන ඇමතිව සිටි බව අප ඔබට සිහිපත් කරමි. මහින්ද රාජපක්ෂ රජය ලංකාවේ සහල් අතිරික්තයක් හැදූ බවට පාරම් බෑවද එම ගබඩාවල ඇති සහල් කුණු කොල්ලයට ගෙන ලක්ෂ්මන් වසන්තලාගේ බියර් සමාගම් වලට දෙනවිට ඔබට ඔය පැනය නැගුනේ නැත්තේ ඇයි දැයි අසමි.

    ජොන්ස්ටන් ප්‍රනාන්දුලා එතනොල් ගෙන්වා වයඹ සිට අරක්කු පෙරත්දී, සතොසට පිටරටින් කුණු කොල්ලයට හාල් ගෙන්වා රටේ ජනතාවට කන්න දී, රටේ වී තිබූ අතිරික්තයෙන් බියර් පෙරන්නට කිලෝවක් රුපියල් 7 ගානේ කුණු කොල්ලයට විකුණත්දී ඔබට ඔය පැනය නැගුනේ නැත්දැයි අසමි. එසේ නොමැතිනම් ඒ සල්ලි මලු අස්සේ ඔබ සැඟව සිටියාදැයි අප නොදනිමි. සමස්ත රට වැසියන් ගොනාට අන්දනවා හැරෙන්නට ඔබට වෙන රාජකාරියක් පවරාගත යුුතුයත එනම් ඔබගේ ඇඟේ ඇති කුණු ටික ඔබ සොදාගෙන පැමිණිය යුතුය.

    ඔබට විශාලම පැනයක් වී ඇති වී බියර් සමාගමට ලබාදීමට වඩා, නුඹගේ පුත්‍රයා විසින් කරගෙන යන කූට ව්‍යාපාරය ගැන මතක් කරමි. රසායන භාවිතයෙන් තොරව එලවලු විකුණනවා යැයි පවසා නුඹගේ පුත්‍රයා විසින් පිටකොටුවෙන් මැනින් මාකට් කුණු එලවලු පටවාගෙන ගොස් විකිණීම හරිදැයි බන්දුලගෙන් අසමි.