Tag: featured

  • ගඩාෆි නැති ලිබියාව මිහිපිට අපායක් වෙයි…(Video)

    ලිබියාවේ ඇති සංක්‍රමණිකයින්ගේ අර්බුදය ඉලක්ක කර යුරෝපා සංගමය ලිබියාවේ ඇති කරන බලපෑම් සමග සිවිල් හමුදාව (militias) මෙය අවස්ථාවක් ලෙස දැකීමට ගෙන ඇත.නීතිය උදෙසා කල්ලි අතර සටන් ඇති වී ඇත. තරඟකාරීත්වය ද උද්වේගකාරියි.ට්‍රිපොලී හි ධනවත් නාගරික ප්‍රදේශයක ප්‍රතිවාදී කල්ලියක් මේ වන විටත් ලිබියාවේ මධ්‍යම ආරක්ෂාවට එකතු වී ඇත.ඔවුන් රැඳවුම් මධ්‍යස්ථානයකට යැවීම සඳහා සංක්‍රමණිකයින් කණ්ඩායමක් එකතු කර ඇත.ඒකකයේ නායක මරාද් අබ්දෙල් කති අප සමග කතා කිරීමට එකඟ වුනා.

    “මෙම බලකාය පිහිටුවේ විමුක්ති අරගලයටත් කලින්අපි අපේ cellsලාට(සමාජය අතර සිවිල් වැසියන් සේ ඉදිමින් නියෝග ආ විට පමණක් ක්‍රියාත්මක වන මරාගෙන මැරෙන ත්‍රස්තයින්) දැනුවත් කළා මුඅම්මර් ගඩාෆි ගේ බලකාය එක්ක සටන් කරන්න
    ඊට පස්සේ අපිව නවාසි බලකාය ලෙසින් හැඳින්වුනාඉතින් අපි ආරක්ෂක කමිටුවත් සමග එකතු වුනා.අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් අපට ලැබුණු පුහුණුවෙන් පස්සේ දැන් අපි උතුරු ට්‍රිපොලි මධ්‍යම ආරක්ෂක ශාඛාවේ කොටසක් වෙලා ඉවරයි අපිට ගර්ගරේශ් නගරය පිලිබඳ තොරතුරු ලැබුනා, එහි මුහුද දෙසට යන්න උත්සහ කරන අප්‍රිකානුවන් ඉන්නවා කියලා අපි අත්අඩංගුවට ගත් පුද්ගල සංඛ්‍යාව 441″ – මරාද් අබ්දෙල් කති

    අප හා කතාකල තවත් සංක්‍රමණිකයෙක්

    “මට කියන්න පුළුවන් මෙතන ඉන්න 95% විතර යුරෝපයට යාමට පිටත් වීමට උවමනා අය නෙවෙයි මේ අය රස්සාවක් හොයාගෙන, මෙහෙ ජිවත් වෙන්න ආපු අය මම දැන් ලිබියාවේ ඉන්නවා අවුරුදු දෙකක් විතර, කාර්මික ශිල්පියෙක් විදිහට සේවය කරනවාඑදා රෑ පොලිසියෙන් ඇවිල්ලා මිනිස්සුන්ට පහරදෙන්න ගත්තා. අත්අඩංගුවට ගත්තා. ඒ අපි අවුරුදු ගානක් ජිවත් වෙලා හිටපු නවාතැනක දී එයාලා දෙන්නෙක්ට කකුලට වෙඩි තිබ්බා. ලියකිවිලි ගැනවත් මොනවත් ඇහුවේ නෑ. එයාලා අපිව නිකන්ම අරගෙන ආවා.හැමෝම දන්නවා දැන් ලිබියාව කියන්නේ සාමයේ දේශයක් නෙවෙයි කියලාමේක ආරක්‍ෂිත රටක්, කිසිම ආරක්ෂාවක් නැති” – සංක්‍රමණිකයෙක්

    අපිට එම සංක්‍රමණිකයාගේ කතාව තහවුරු කරගැනීමට නොහැකි වූවත්, අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රමාණය වැඩි කරගැනීම සිවිල් හමුදාවේ(militia) පිළිගැනීම(legacy) වර්ධනය කරගැනීම උදෙසා භාවිත කරන්නේ නම් එය දැනටමත් ලිබියාවේ පදිංචිව සිටින සහ රැකියා කරන දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයින්ට රැඳවුම් මධ්‍යස්ථාන වල සිර ගත වීමේ තර්ජනයක් වනු ඇත
    ටශිරෝ වල ඇති කඳවුරේ සිවිල් හමුදාව(militia) විසින් සංක්‍රමණිකයින්ව මද්‍යස්ථානය වැඩිදියුණු කිරීම වැනි වැඩ වල යෙදවීමට පටන්ගෙන ඇත. අපගේ අවසන් සංචාරයේදී ඔවුන් විදුලි සම්බන්ධතාවය ලබාගනිමින් සිටි අතර මෙවර නල ජලය සහ පිරිමින් සඳහා නාන කාමර පහසුකම් ගොඩනගමින් සිටිය හ.

    “අද අපිට ඔවුන්ට නෑමට පහසුකම් ලබාදෙන්න ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) නාන කාමර වලට සැපයුම් ගෙනත් දුන්නා.සැප පහසුකම් පසෙකින් තබා, සති ගණනකින් පසුව නා ගැනීම හැකි වීම ඔවුන්ට ඉතාමත් සහනයක් වුවා.නලජලය සම්බන්ධ කිරීම කාන්තා ශාලා වලටද සිදු කෙරෙමින් පැවතුනා. මේ මිනිස්සු වෙනුවෙන් මුළු ලෝකයම වගකිව යුතුයි.ඊට වඩා දෙයක් මට කියන්න නෑ” –ටශිරෝ ආරක්ෂක නිලධාරියෙක්

    “ඔයාලා මෙහෙන් පිටත් වුනාට පස්සේ, කෙනෙක් ඇවිත් ඇහුවා ඔයාලා මොනවද අපිට කිව්වේ කියලා එයාලා අපෙන් ඇහුවා හැමෝම මොනවත් නොකියා ඉඳිද්දී අපි ඇයි ඔයාලාට ඇත්ත කියන්නේ කියලා එයාලා මට විතරක් කතා කරනවා කියලා කිව්වේ නැහැ. එයාලා අපි හැමෝටමයි කිව්වේ මොනවත් කියන්න එපා කියලාමෙයාලට මොනවත් කියන්න බැහැ එයාල ඉන්නේ බය වෙලා නිසා, එත් වෙනසක් වෙනුවෙන් මම මගේ ජීවිතය පූජා කරනවා.මොකද මට ඕනේ වෙනසක්. මගේ ගෙදර අය බලන් ඉන්නවා වෙනසක් වෙනකන්. මෙහේ ඉන්න හැමෝටම ඕනේ වෙනසක්.අපි මෙහෙට කන්න, වැඩ කරන්න ආවේ නෑ. අපිට එයාලගේ විදුලිය, වතුර, කෑම ඕනේ නෑ. අපිට ඕනේ මෙහෙන් යන්න.අපිට කාගෙන්වත් ඒකට උදව් ලැබෙන්නේ නැත්නම්, අපිට මුහුද හරහා හරි යන්නයි ඕනේ.මේක අපිට මරණය වගේ. අපි මරණයට බය නැහැ. අපි එරිට්‍රියනුවෝ. අපේ මුලික ඉලක්කය යුරෝපයට යන්නයි.අපිට ඒක බැරි උනත්, අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මැරෙනවා හොඳයි මෙතන ඉන්නවට වඩා. අපි මැරුණු මිනිස්සු වගේ මෙහෙ ඉන්නේ.මම අහලා තියෙනවා ලිබියාවේ එක්සත් ජාතීන්ගේ (UN) සංවිධානයක් තියෙනවා කියලා. එත් ලිබියාවේ එහෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයක්(UN) නැහැ අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍යයි” – ටශිරෝ කඳවුරේ සිටින සංක්‍රමණික තරුණියක්.

    වැඩිදියුණු කිරීම් සිදු වුනත් තවමත් මෙම කඳවුරේ තත්වය ප්‍රාථමික සහ දුෂ්කර තත්වයකයි තිබෙන්නේ. පටිගත කිරීම් සිදු කරන අතරේදීත් ඇතැම් සොල්දාදුවන් මත්ද්‍රව්‍ය බාවිත කර සිටින බවක් අපට පෙනෙන්නට තිබුනේ. සිවිල් හමුදාව (militia) රජයේ කොටසක් බවට පත් වන්නේ නම් තව තවත් විශාල සංක්‍රමණික සංඛ්‍යාවකගේ අනාගත ඔවුන්ගේ අතට පත්වනු ඇත. සිවිල් හමුදා(militia) නායක මර්ජික් ශරුඩර් ගෙන් විමසීමක් කළා, මෙයින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා.

    “මම අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මොහොමඩ් ශඉටර් මහතා මුණගැසුනා.ඔහුට කිව්වා මොවුන් සිටින්නේ මගේ පාලනය යටතේ කියලා.මෙම ගැටලුවේ සම්පූර්ණ පාලනය මගේ යටතට අවශ්‍ය බවත් පැවසුවා.අපට ගුවන් තොටුපළවල්, දේශ සීමා සහ ලිබියාව පුරා සේවය කිරීමට ඉඩ ලබා දිය යුතුයි.අපට උවමනා තැන් වලට අපට යාමට ඉඩ දිය යුතුයි, ලිබියාවේ මිනිස්සුන්ට සේවය කිරීමට ඉඩ දිය යුතුයි. අපේ රටට සහ රටේ ජනතාවට සේවය කිරීමට අපට කාගෙවත් අවසරයක් අවශ්‍ය නෑ” –සිවිල් හමුදා(militia) නායක මර්ජික් ශරුඩර්

    කඳවුරෙන් පිටව යාමට මත්තෙන් අපට එයින් එලියට යා ගැනීමට සමත් වූ රැඳිවියක් සමග සම්බන්ධ වීමට හැකි වුවා‍ෙඔහු පැවසු ආකාරයට සිවිල් හමුදාව(militia) ඔහුව සහ තවත් දුසිම් දෙකක් පමණ ජාවාරම් කරුවෙකුට ඩොලර් 26,000කට විකුණා තිබෙනවා. ඉන් පසුව ජාවාරම් කරුවන් ඔහුගේ නිදහස වෙනුවෙන් ඔහුගේ පවුල අදාළ මුදල ගෙවන තෙක් ඔහුව සිරගත කර තබාගෙන තිබෙනවා. සරණාගතයින් සහ සංක්‍රමණිකයින් කොතරම් විශාල ලෙසට වෙළඳ භාණ්ඩයක් බවට පත් වී ඇත්ද යන්න එයින් අවධාරණය වේ.අපි පිට වීමට පෙර, සිවිල් හමුදාව(militia) විසින් සංක්‍රමණිකයින්ව කම්කරු සේවයට යෙදවීමට පුහුණු කරන බවත් ඔහු අපට පැවසිය. කඳවුරෙන් පැනයාමට උත්සාහ කල පිරිමි අයට දුටු තැනදීම මරණය වූ අතර ගැහැණු අයට වධ දීම සිදු කෙරේ.ලිබියාවේ ස්ථාවරත්වය සඳහා අභ්‍යන්තර සටන් සිදු වන අතර සිවිල් හමුදාව(milita) විසින් දේශපාලනික සහ ව්‍යාපාරික අවස්ථා අහුරමින් සිටියි. පෙනී යන්නේ සිවිල් හමුදාව(militia) විසින් සරණාගතයින්ගේ අයිතිය යටත් කරගෙන මෙම මිනිසුන්ව ඔවුන්ගේ බලය ලබා ගැනීමේ ද්වේශ සහගත උත්සාහයන් වෙනුවෙන් යොදා ගන්නා බවයි.

     

  • පන්සලේ ඉඳන් වැදි බණ දෙසා සීගිරිය කොල්ල කෑ හොර ළඳ කොටු කරගත් හැටි

    රජයේ රැකියා ලබාදෙන බව පවසා ජනතාව රවට්ටමින් මුදල් වංචා කළ කාන්තාවක් සීගිරිය පොලිසියට කොටු කර දීමට සීගිරිය ප්‍රදේශයේ ජනතාව ඊයේ (28) සමත් වී තිබේ.

    මෙම කාන්තාව මාස ගණනාවක් තිස්සේ සීගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක් මුල්කරගනිමින් ග්‍රාමීය ජනතාවගේ මනස උසස් මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා දේශන පවත්වමින් රැඳී සිට ඇත.

    පසුව බැංකු හා ගුරු ක්ශ්ෂ්ත්‍රයන් හී රජයේ රැකියා ලබාදෙන බව පවසමින් ප්‍රදේශයේ  විශාල පිරිසකගෙන් මුදල් ලබාගෙන මෙම කාන්තාව ප්‍රදේශයෙන්  පලා ගොස් තිබේ.

    මේ අතර ප්‍රදේශවාසීන් මැය අල්ලා ගැනීම සඳහා සූක්ෂම සැළැස්මක් ක්‍රියාත්මක කර ඇත. ඒ තවත් කිහිපදෙනෙකුට මැය හරහා  රැකියාවන් ඉල්ලුම් කිරීමයි.

    මේ වෙනුවෙන් අයකරගන්නා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගැනීම සඳහා ඊයේ මෙම කාන්තාව යළිත් සීගිරියට පැමිණ ඇත. එහිදී ප්‍රදේශවාසීන් මෙම කාන්තාව නිවසක කොටුකර සීගිරිය පොලිසියට භාර දී ඇත.

    මෙම කාන්තාව මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියන වන අතර රැකියා ලබාදීම සඳහා අයෙකුගෙන් රුපියල් ලක්ෂය, රුපියල් විසිපන්දහස, රුපියල් ලක්ෂ 2 ආදී විවිධ ගණන් වලින් මුදල් ලබාගෙන ඇති බව පොලිසියට පැමිණිලි ලැබී ඇත.

    මෙම කාන්තාව  තවත් සංවිධානාත්මක පිරිසක් සමග එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මේ ආකාරයෙන් ජනතාව රවටමින් විශාල මුදල් ප්‍රමාණයක් එකතු කොට ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

    සැකකාර කාන්තාව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සීගිරිය පොලිසිය පැවැසීය.

  • සිකියුරිටිව බැදලා දාලා සල්ලි කොල්ලකාලා CCTV එකත් අරන් පැන්න හොරා අල්ලයි

    රාත‍්‍රියේ ආරක්‍ෂක නිලධාරියා බැද දමා රුපියල් 15000 ක්ද සමඟින් තාවකාලික සේප්පුව සොරාගන සීසීටීවී දත්ත ගබඩාවද රැගෙන පලාගිය කොල්ලකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    පසුදින පෙරවරුව වනවිට මුදල් හා යතුරුපැදියද සමඟින් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
    එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ වාරියපොල – නෑටිය – මළගනේ ප‍්‍රදේශයේ සැකකරුවෙකු වූ අතර සැකකරු ස්නතකයේ තිබී සොරකම් සඳහා යොදාගන්නා සී ටී 100 වර්ගයේ යතුරුපැදියද වාරියපොල නගරයේදී සොයාගෙන තිබිණ.
    රාත‍්‍රී කාලයේ කුලියාපිටිය – දෙළන – සිල්වාතැන්න – කොහු කමහලකට පැමිණ යතුරු පිදිය මහමග නවතා ඇතුල්වී සිවිලිමෙන් බැස ආරක්‍ෂක නිලධාරියා මරාදමන බවට බියවද්දා ආරක්‍ෂක නිලධාරියා මඟින් කාර්යාලය විවෘතකර එතැනම ආරක්‍ෂකයා බැදදමා හිස වැසෙන සේ මල්ලක් දමා තිබූ බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
    පසුව අදාළ කාර්යාලයේ තිබූ සේප්පුව කඩා එහි තිබූ මුදල් රුපියල් පහළොස් දහසක් කොල්ලකා එම ස්ථානයේ සවිකොට තිබූ සීසීටීවී දසුන් දත්ත ගබඩාවන ඞීවීආර් යන්ත‍්‍රයද ගලවාගෙන ගොස් සැකකරු අත්අඩංගුවට ගෙනතිබූ යතුරු පැදියෙන් පලාගොස් තිබිණ.
    සැක සහිත යතුරු පැදියක් නවතා තිබෙනු විමසිල්ලෙන් නිරීක්‍ෂණය කළ අසල්වැසියෙකු සැකකරු කොල්ලය සිදුකර පලායන අයුරු දැකතමන් දුටු යතුරුපැදි සියාපදිංචි අංකයෙන් අඩක් පොලීසියට පවසා තිබූ අතර ඒ ඔස්සේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිය පරීක්‍ෂණ ආරම්භකර තිබිණ.
    ඒ අනුව පොලීසිය වාරියපොල ප‍්‍රදේශයට යනවිටත් සැකකරු අදාළ යතුරුපැදිය නවතා එහි සිට තවත් පිරිසක් සමඟ සිටිනු දැක වහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
    සැකකරුගේ ප‍්‍රකාශ අනුව නිවසට යාබද ස්ථානයක සඟවා තිබූ සේප්පුවේ තිබී ගෙන තිබූ චෙක් පොත් 5ක්, කුවිතාන්සි පොත් හා බාර් කේත පොත් කිහිපයක් සොයාගෙන තිබූ අතර එහි තිබූ රුපියල් 15000ක මුදලින් රුපියල් හත්දහස් දෙසිය හැටක මුදල පොලීසිය විසින් සොයාගෙන තිබිණ.
    සැකකරුගේ ප‍්‍රකාශ අනුව නොවැම්බර් මස 03 වැනිදා කටුපොත පොලිස් සවමේ මෙවැනිම සේප්පු කොල්ලයක් සිදුකර එහි බහා තිබූ රුපියල් එක් ලක්‍ෂ හැටදහසක මුදලක් සොරාගෙන තිබූ බව අනාවරණය කරගෙන තිබූ පොලීසිය සැකකරු විසින් හිසි සේප්පුව විසි කළේය කියන ගෝනගල මගුරු ඔය ප‍්‍රදේශයට සැකරු සමඟින් ගියත් මේ දිනවල පවත්නා වර්ෂාපතනය හේතුවෙන් එම සේප්පුව සොයාගැනීමට හැකිව නොමැත.
    සැකකරු යතුරුපැදිය හා සොයාගත් මදල් ලිපි ලේකන ආදිය සමඟින් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණ.
  • රට යන්න ගිහින් ලිංගිකව එක්වෙන්න ආරාධනා කරලා

    විදෙස්ගතවීමට ඒජන්සියකට පැමිණි කතකගේ ජංගම දුරකථනයකට අසභ්‍ය වීඩියෝ දසුන් සහිත පණිවුඩ හා අසභ්‍ය වදන් සහිත කෙටිපණිවුඩ යවා වරද පිළිගත් අයෙකුට දඬුවම් නියම කර තිබේ.
    කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් එම නියෝගය ලබා දී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
    එම නඩුව එළැඹෙන ජනවාරි මස 15 දා නැවත කැඳවන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.
    එලෙස අදාළ චෝදනාව හමුවේ වරද පිළිගෙන තිබුණේ කඩවත ප‍්‍රදේශයේ විදේශ සේවා ඒජන්තවරයෙකු වශයෙන් කටයුතු කරන ජාකොබ් මහේෂ් නැමැත්තෙකි.
    පැමිණිලිකාරිය අදාළ ඒජන්සියෙන් විදෙස්ගතවීමට ගොස් සිටියදී තම ජංගම දුරකථනයට දිගින් දිගට අසභ්‍ය දසුන් රැගත් ඡායාරූප වීඩියෝ දසුන් හා ලිංගික හැසිරීම් වලට ආරාධනා කෙරෙන කෙටි පණිවුඩ සැකකරු විසිනු එවා ඇතිබවට පැමිණිළි කොට තිබිණ.
    මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කුලියාපිටිය පොලිසියේ සැරයන් දයාරත්න(58527) මහතා සමඟින් නීතිඥ චන්දන යාපා මහතා පෙනීසිටි අතර නීතිඥ කාංචනා මහත්මිය සැකකරු වෙනුවෙන් පෙනීසිටියේය.
  • සුඟගෙන් හා වැස්සෙන් උතුරට පීඩා…

    පසුගිය 26 දා දහවල් සිට උතුරු ප්‍රදේශයට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කිළිනොච්චිය, මුලතිව් මාර්ගයේ ස්‌ථාන දෙකකටද වවුනියාව කල්මඩු මාර්ගයේ ස්‌ථාන තුනකටද  වර්ෂාව සමඟ හමා ගිය සුළඟ හේතුවෙන් ගස්‌ කඩා වැටීමෙන් අවහිර වී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.මුලතිව් හා වවුනියාව ප්‍රදේශයට වැඩිම වර්ෂාවක්‌ ලැබී ඇති අතර එම ප්‍රදේශවල කුඩා වැව් මේ වන විට වාන් දමමින් පවතී.මුලතිව් හා වවුනියාව ප්‍රදේශයට වැඩිම වර්ෂාවක්‌ ලැබී ඇති අතර එම ප්‍රදේශවල කුඩා වැව් මේ වන විට වාන් දමමින් පවතී. මුලතිව් ප්‍රදේශයේ තාවකාලික හා ස්‌ථිර නිවාස කීපයක්‌ම ජලයෙන් යටවී ඇති අතර එම නිවාසවල සිටි පවුල්  ආරක්‌ෂිත ස්‌ථානවලට ගොස්‌ තිබේ. 

     

     

  • ඒ කාලෙයි මේ කාලෙයි කියල වෙනසක් නෑ වගේ පාවා දීම ඉතාම දරුණුයි… මහින්දගෙන් ප්‍රකාශයක් (Video)

    සංහාරයේ දෝංකාය නැමැති චිත්‍ර ප්‍රදර්ශනයට පැමිණි මහින්ද රාපක්ෂ හිටපු ජනාධිපති තුමන් එහි තිබූ චිත්‍ර බලා ප්‍රකාශ කර සිටියේ යුධ අපරාද කියන්නේ මෙන්න මේවයි.. මේවට කොමිසමක් පත්කරල ඉතිහාසයේ ඉදන් හොයන්න කියල එක්සත් ජාතීන්ට කියන්න ඕන . ඒ කාලෙ මේ කාලෙ කියල වෙනසක් නෑ පාවාදීම ඉතා දරුණුයි යනුවෙනි…

  • දික්කසාදය දරාගත නොහැකි වූ තරුණයා නාගයෙක්ට කියා දෂ්ඨ කරගෙන මරුට…

    ළගදි විවාහ වූ තම තරුණ බිරිඳගේ දික්කසාද වීම දරාගත නොහැකි වූ රුසියානු ජාතික Arslan Valeev නැමැති තරුණයා තමා සුරතලයට ඇතිකල නාගයාට කියා දෂ්ඨ කරවාගෙන සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්ථා කොට තිබුණා.

    ඔහු මෙසේ නාගයාට කියා දෂ්ඨ කරවාගෙන ඔහුගේ අවසන් මොහොත දක්වා සජීව වීඩියෝවකින් අන්තර්ජාලය සමග එක්වී ඇත.

  • ත්‍රස්තවාදයට නැවත පණ දෙමින් යාපන සරසවියේ ප්‍රභාකරන් වෙනුවෙන් කේක් කපයි…. සිංහල-මුස්ලිම් සිසුන්ගෙන් දැඩි විරෝධතා…

    යාපනය සරසවියේ වව්නියාව මණ්ඩපයේ දමිළ සිසුන් පිරිසක් පම්පමඩුව නේවාසිකාගාරයන්හි සිට ඊයේ (26) රාත්‍රියේ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමකදී උණුසුම් තත්වයක් හට ගෙන තිබුණි.

    ප‍්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් කපන ලද කේක් සිංහල හා මුස්ලිම් සිසුනට බලෙන් කැවීමට යාමේදී මෙම තත්වය ඇතිව තිබේ.

    සිසුන් සිදුවීම පාලනාධිකාරියට දැනුම් දී ඇති අතර පාලනාධිකරිය විසින් සිසුන්ට දැනුම් දී ඇත්ත් අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කොට විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවටයි.

    අදාල අවස්ථාවේ බලෙන් කේක් කැවීමේ දර්ශණ අන්තර්ජාල දමිල මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කර ඇතැයිද වාර්තා වෙයි.

    ඇති වූ උණුසුම් වාතාවරණය හේතුවෙන් එය පාලනය කිරීම සඳහා දෙපාර්ශවය සමගම සාකච්ඡා කිරීමටද වව්නියාව මණ්ඩප පාලනාධිකරිය විසින් පියවර ගෙන ඇත.

    – සේන රඹෑව

  • තහනම් ගස් දෙකක එකවර ගෙඩි කෑ 45හැවිරිදි දෙදරු මව , 55 හැවිරිදි අනියම් සැමියා සමඟම 28හැවිරිදි අනියම් සැමියා අතින් මරුට…

    දැරණියගල පොළිස්බල ප්‍රදේශයට අයත් මාලිබොඩ , රංවල පුදේශයේ නිවසක ඊයෙ රාත්‍රී 9ට පමණ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඝාතනයට ලක් වී තිබිණි.මෙසේ ඝාතනය වී ඇත්තේ 45 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය දෙදරු මවකි.පිරිමි පුද්ගලයා 55 හැවිරිදි වන අතර ඔහු ඇගේ අනියම් සැමියාය.

    මෙම දෙපල එකට ගෙතුල සිටියදී එහි පැමිණි එම කාන්තාවගේම තවත් අනියම් සැමියකු විසින් තියණු ආයුධ භාවිත කරමින් මෙම ඝාතනය කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.සිද්ධියෙන් තුවාල ලැබූ එම කාන්තාවගේ 7 හැවිරිදි හා 4 හැවිරිදි දියණියන් දෙදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හා අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.ඝාතනය සිදුකල 28 හැවිරිදි සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පොළිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.

     

     

  • කොටි සොහොන හදන්න වෙන්කල මන්ත්‍රී විමධ්‍යගත මුදල් අත්හිටුවයි…

    රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කරමින් කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ විනාශ වී ගිය එල්.ටී.ටී.ඊ. සොහොන් බිමක් පිලිබඳ වාර්තා වී ඇත.කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන වය ශීර්ෂය යටතේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවටද තොරතුරු ලැබී ඇත.අදාළ වර්තාවල සඳහන් වන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 40 ක මුදලක් මේ සඳහා වෙන්කර ගෙන ඇති බවයි.කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ මෙම සුසාන භූමිය ඉදිකිරීම සඳහා කරච්චි ප්‍රාදේශීය සභාව සහ කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලබාගෙන ඇති බව සඳහන්.

    රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසන්නේ පුවත්පත් විසින් වාර්තා කර තිබූ මෙම කරුණ පිළිබඳව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුවත් කල අතර එතුමාගේ උපදෙස් පරිදි මෙහිදී විමධ්‍යගත අරමුදල් අවභාවිතාවක් සිදුවීදැයි සොයා බලන ලෙස අදාළ අංශ දැනුවත් කල බවයි.සාමාන්‍යයෙන් විමධ්‍යගත අරමුදල් භාවිත කිරීමේදී ඒ සඳහා නිශ්චිත රාමුවක් පවතින අතර, එය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිර්ණායකයන්ට යටත් විය යුතුයි.විමධ්‍යගත අරමුදල් භාවිත කරමින් සිදුකිරීමට යෝජිත ඉහත ව්‍යාපෘතිය පිළිබඳව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති අතර, එතෙක් යම් ඉදිකිරීමක් සිදු කෙරෙන්නේ නම් එය තාවකාලිකව නතර කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජාතික සංහිදියාවට බාධාවන කටයුත්තක් සඳහා විමධ්‍යගත අරමුදල් භාවිතා කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය පී සර්වේශ්වරන් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් ද වාර්තා වුණා.සංහිඳියාව වෙනුවෙන් රජය දැඩි කැපවීමකින් කටයුතු කරන අවස්ථාවක මෙම දේශපාලනඥයන් සිදු කරන්නේ සංහිඳියාවේ සළුවෙන් හෙළුව වසා ගැනීමක් බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩි දුරටත් අවධාරණය කළේය.

    මාධ්‍ය ඒකකය
    ජාතික ප්‍රතිත්තති හා ආර්ථිකක කටයුතු අමාත්‍යංශය

  • ගීතා ගාල්ලේ දේශපාලන වැඩවලට යළි සම්බන්ධ කරගන්න එපා!

    පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රිනි ගීතා කුමරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලට යළිත් සම්බන්ධ කර නොගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු පළාත් සභා මන්ත්‍රි එකමුතුව ඉල්ලීමක් කර ඇත.

    එජනිස දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාගේ නිවෙසේදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා පළාත් සභා මන්ත්‍රිවරුන් අතර පෙරේදා (25දා) පැවැති සාකච්ඡාවකදී මෙසේ පළාත් සභා මන්ත්‍රිවරුන් විසින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
    මේ ඉල්ලීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදී ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසද මෙහි ඉල්ලීම වී ඇත.
    මේ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නොමැති අතර අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද සහ හිටපු ඇමැති බැසිල් යන මහත්වරුන් දැනුවත් කරන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ මහතා දැනුම් දී ඇත.

    මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රි චම්ලි විතානාච්චි මහතාගෙන් “අප ” විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.
    ඔව්, 25දා පැවැති රැස්වීමේදී අපි එවැනි ඉල්ලීමක් කළා. ඒ සඳහා පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 16 දෙනාගේ එකඟතාව ඇතිවයි ඉදිරිපත් කෙළේ. එම රැස්වීම සඳහා නොපැමිණි හතර දෙනෙක් ඉන්නවා. එහෙත් ඒ අය පවා ඒ ඉල්ලීමට එකඟයි. අපි කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනයට ගීතා කුමාරසිංහ මහත්මිය අවශ්‍ය නෑ. ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල අපි බලාගන්නවා. අවශ්‍ය නම් එතුමිය ජාතික ලැයිස්තු හරි මොනවා හරි එකකින් එන එකට අපි විරුද්ධ නෑ. එහෙත් ගාල්ල සක්‍රිය දේශපාලනය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපි සියලු දෙනාගේ විරෝධත්වය ප්‍රකාශ කරන බවත් අවශ්‍ය නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම හෝ මේ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවද අපි රමේෂ් මන්ත්‍රිවරයාට පැවැසුවා. ඔහු කිව්වා මේ සම්බන්ධයෙන් පක්ෂයෙන් විමසා බලා තීරණයක් ලබා දෙනවා කියලා.

    [rns_reactions]

     
  • පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන්න සූදානම් – ඇමති ෆයිසර්ගෙන් විශේෂ ප්‍රකාශයකුත්

    පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් වූ නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද (27) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    නීතිමය ගැටළු නොමැති පළාත් පාලන ආයතන 93ක් සඳහා මෙම නිවේදනය නිකුත් කරන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඞ් අප වෙත කියා සිටියේ. 

    මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ඇප තැන්පත් කිරීමේ කාලය ද අද සිට ආරම්භ කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

    මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වනවා. 

    [rns_reactions]

  • ඇතුල්වීම දෙන්නටම 250. පඳුරු අස්සෙ ඉඳන් රූම් ගිහින් කරන වැඩ කරන අනුරපුරේ කාම උද්‍යානයක්..!

    මිනිසුන්ගේ වෙහෙස මහන්සිය නිවාගන්නට රට  පුරා බොහෝ ස්ථාන වල විවිධ උද්‍යාන ඉදිකර තිබෙනවා. කොළඹ අවට ඉන්න අයනම් බොහෝ වෙලාවට  නිවාඩු පාඩුවෙ විහාරමහාදේවි උද්‍යානට ගිහිල්ලා කාලය ගත කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම රටේ විවිධ ප්‍රදේශ වල මේ විදියට නිර්මාණය කරල තියෙන උද්‍යාන වලට පුංචි දරුවන්ගෙ ඉඳලා වැඩිමහළු පුද්ගලයන් දක්වාම යන්න පුරුදු වෙලා තියෙනවා.

    කොහොම වුනත් මේ විදියෙ උද්‍යානවල සිදුවෙන ඇතැම් සිදුවීම් නිසා පුංචි දරුවන් පවා එම උද්‍යාන වලට රැගෙන යන දෙමාපියන් විශාල ලෙස අපහසුතාවයට පත්වෙනවා. පසුගිය දිනක අනුරාධපුර ප්‍රදේශයේ උද්‍යානයක සිදුවන අමුතු විදියේ පුවතක් මුද්‍රත මාධ්‍යයක සඳහන් කර තිබුනේ මෙලෙසින්.

    පසුගිය දිනක සිරිමා බෝධිය වඳින්න ගොස්‌ එන අතරමඟදී මේ අමුතු උද්‍යානයේ සිරි නරඹන්නට මට ද සිතිණි. මම උද්‍යානයේ විසල් දොරටුව අසලට ගියෙමි. දොරටුපල්ලාගේ විමසුම් ඇස මගේ දෙපතුළේ සිට හිස්‌මුදුනට යනතෙක්‌ දිව ගියේය.
     
     දෙන්නෙක්‌ ඉන්නවද…? දොරටු පල්ලාගෙන් මට පැනයකි.
     
     ‘නෑ… මම විතරයි…’
     
     ‘එහෙම නම් බෑ. පාක්‌ එකට ඇතුළු වෙන්න දෙන්නෙක්‌ ඉන්න ඕනෑ…’ බකුසු මුහුණ තවමත් මා දෙසට තියුණු බැල්මකය.
     
     පසුව මම ගමන් සගයා ද කැටුව ගොස්‌ උද්‍යානයට ඇතුළුවීමට දොරටු පල්ලාගෙන් අවසර පත්‍රයක්‌ ඉල්ලා සිටියෙමි.
     
     ‘ටිකට්‌ එකක්‌ දෙසිය පනහයි…’ නොරිස්‌සුම් ස්‌වරයෙන් ඔහු අපට වචනවලින් දමා ගැසූ ගානය.
     
     ටිකට්‌පත් දෙකක්‌ මිලට ගෙන අපි විසල් දොරටුවෙන් පහළට පියගැට පෙළ බැස්‌සෙමු. පියගැට පෙළ අවසානය කොන්ක්‍රීට්‌ ගල් ඇල්ලූ මංතීරුව ලඳු කැලෑ දෙබෑ කරමින් ඈතට විහිදේ. අවට සොබාසිරිය විඳිමින් අපි සෙමෙන් ඉදිරියට පිය මැන්නෙමු. 
     
     මඟ දෙපස කැලෑ රොදවල් අතරින් මතු වන සියොතුන්ගේ ගී නාදය හදවත් ඒකාත්මික කරන සංගීතයක්‌ බඳුය. මල්වතුඔය දෙසින් හමන සිසිල් සුළඟ සියොළඟම කිතිකවමින් ගහකොළවල වැදී බිඳී යයි. ඉලුක්‌ පඳුරු, බට පඳුරු සහ විවිධාකාර ශාකවලින් පිරුණු උද්‍යානය ද හරිත පැහැයෙන් දිළිණි. එහෙත් මේ උද්‍යානයේ මල් පඳුරු ඇස නොගැටෙන තරම්ය. එමෙන්ම මඟ දෙපස ඇති ඒ කැලෑ පඳුරු හරි අපූරුවට කූඩාරම් සේ සකස්‌ කර, සෙවණ යට බංකු සකස්‌ කර ඇති අයුරු ද පෙනේ. කැලෑ රොදවල් අතරින් ඇස ගැටෙන ඒ එකදු බංකුවක්‌වත් හිස්‌ නැත. සියලු බංකු පෙම්වතුන්ගෙන් පිරී ගොස්‌ය. තව, තවත් අපි ඉදිරියට පියවර මැන්නෙමු.
     
     අතරමඟ මුණගැසෙන බොහෝ දෙනා බෑග් මලු කරේ එල්ලාගත් තරුණ ජෝඩුය. විවිධ ටිකට්‌ පොත් අතින් ගත් තරුණයන් දෙතුන්දෙනෙක්‌ ඇස නොගැටෙන්න එළිපිට ගමන් කරන පිරිමි දෙදෙනෙක්‌ සිටියා නම් ඒ අප දෙදෙනා පමණි. කැලෑ පඳුරු අතර සැඟ වී පෙම්වතුන්ගේ අනඟ රැඟුම් නරඹමින් කාලකණ්‌ණි වින්දනයක්‌ ලබන පිරිමි බාග මේ උද්‍යානයේ ඕනෑතරම්ය. එහෙත් මේ මොහොත් එවැනි පිරිමි පරාණ අපගේ දෙනෙත්හි නොගැටිණි. ඇස ගැටෙන සෑම කැලෑ රොදකම ආදරයෙන් වෙලුණු පෙම්වතුන් පමණි. මේ නම් පෙම්වතුන්ගේ රාජධානියකි. මේ ප්‍රේම පාරාදීසයේ පෙම් සුව විඳින ප්‍රේමනීය දෙනෙත් සමඟ නිමේෂයකටවත් අපගේ දෙනෙත් නොගැටිණි. සොර සතුරෙක්‌ පැමිණ ඔවුන්ගේ බඩු භාණ්‌ඩ සොරාගෙන ගියද ඔවුන්ට නිච්චියක්‌ නැති ගානය. ඔවුහු එතරම්ම ප්‍රේමාලිංගනයෙන් උමතුවට පත්ව සිටිති. ඇඳුම්, පැළඳුම් පොත්පත් සියල්ල විසිරි තිබියදී ඔවුන්ගේ ශරීර කූඩු පමණක්‌ එක මිටට ප්‍රේමයෙන් බැඳී තිබිණි.
     
     ”අද සෙනසුරාදා නේ. ගොඩක්‌ම ඉන්නේ පන්ති එන ළමයි. දෙමවුපියෝ පොළොව තඩි ගහලා මේ ළමයින්ව ටියුෂන් එවනවා. ළමයි පඳුරු අස්‌සේ රිංගනවා…” අපගේ ගමන් සගයා පහත් ස්‌වරයෙන් සුසුමක්‌ පිට කළේය.
     
     ඔහුගේ කතාව සැබෑය. පෙම්වතුන්ට තුරුලු වී සිටින මේ දැරිවියන්ගේ මවුවරු මේ විගඩම් දුටුවහොත් මාතෘත්වයේ සප්ත මහා ගංගා එක්‌ මුව දොරකින් මුහුදට ගලන්නාක්‌ සේ ළය පැළී යන වේදනාවෙන් ඉකිබිඳිණු නියතය. දිගු හීන කතාන්දර කෙටි අකුණු පහර මත මියෑදෙන බව පෙම්වතුන්ට තුරුලු වී සිටින විසේකාර ගැටිස්‌සියන්ට නොතේරේ. තේරුම් යන විට ඔවුන්ගේ වටිනා වස්‌තූන් නැති වී හමාරය.
     
     ”පේනව නේද… පඳුරක්‌ යටට ගියාට පස්‌සෙ ඉන්නේ කොහේද කියලා දන්නේ නෑ. පඳුරු අයින්වල වැටිලා තියෙන ඉටි බෑග්වලින් ඒ බව හොඳින් පැහැදිළි වෙනවා නේ… මේ පාක්‌ එක හවස පහ වෙනකම් ඕපන්. පාක්‌ එකේ ගෙට්‌ටුව වැහුවට පස්‌සෙත් ජෝඩු එහෙං මෙහෙං රිංගනවා. ඇඳිරි වැටෙනකොට රිංගන්නේ වැඩ ඇරිලා යන තාත්තලා, අම්මලා. සමහර අමාරුකාරයො ටවුන් එකේ ඩීල් වෙන උන් දක්‌කගෙන එනවා… ගමන් සගයාගේ මුවට අගුළු වැටිණි. ඔහුගේ දෙනෙත් කැලෑව පීරගෙන පඳුරකට වහං වෙච්ච බංකුව මතට දිව යන අයුරු මම දුටිමි.
     
     ”දැක්‌කද අතන ඉන්න කපල් එක. ගෑනි කලටියක්‌. කොල්ලට දහඅටකවත් පෙනුම නෑ. මුන් දෙන්න මෙතැනට ඇවිත් ඉන්නේ පෙම්බස්‌ දොඩන්න නෙමෙයි නේ. මේ විදිහේ කපල් ඕනතරම් මේ කැලේ පඳුරුවල ඇති. මෙතැන අඩු මුදලකින් වැඩි වැඩක්‌ කර ගන්න පුළුවන් තැනක්‌. සමහර කපල් කෙළින්ම එන්නේ රූම් එකකදි කරන වැඩේ කරගන්න. මෙතැනදී ආතල් එකක්‌ ගන්න අතර එහා පැත්තේ බංකුවේ කපල් එක කරන දේවලුත් බලන්න පුළුවන්. කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ව මේ වගේ තැනකට ගේන්නේ ලව් කරන්න නෙමෙයි, ලිංගික අවශ්‍යතා ඉටුකරගන්න. කෙල්ලෙකුට, කොල්ලෙකුට ගිහිල්ලා කතා කර, කර ඉන්න ඕන තරම් මේ ටවුමේ තැන් තියෙනවා. සම්පූර්ණයෙන්ම කොල්ලට වරද පටවන්නත් බෑ. එන කෙල්ලොත් දැනගන්න ඕනෑ. සමහර කොල්ලො අපිත් එක්‌ක කියනවා කෙල්ලො කතා කරන්නේම ….. පාක්‌ එකට යන්න කියලා. සෙනසුරාදා, ඉරිදා උදේ පාන්දරට පාක්‌ එකට රිංගුවට පස්‌සෙ යන්නේ ඇඳිරි වැටෙනකොට. කෑම, බීම අරගෙන එන්නේ. ඔය ගමේ, ගොඩේ කෙල්ලො මෙතැන ඇත්ත කතාව දන්නෙ නෑ. උන් හිතන්නේ පඳුරක්‌ ඇතුළට ගියාට පස්‌සේ ලෝකයෙන්ම වහං වුණා කියලා. කොල්ලට තුරුලු වෙලා ඇඟ රත්වෙනකොට කෙල්ල දන්නේම නැතිව ඇඳගෙන ඉන්න ඇඳුම් හැළෙනවා. ඒවා බලලා ආතල් ගන්න බැල්මට්‌ලා ගඟ අයින දිගේ මඩ කාගෙන පාක්‌ එකට බඩ ගානවා…”
     
     ”මෑතකදී මරු සිද්ධියක්‌ වුණා. මල්වතුඔය එහා ඉවුරේ ගම්මානයේ ගෙදරක වැඩකට මේසන් බාස්‌ කෙනෙක්‌ ඇවිත්. මිනිහා වැඩ කරලා දවාලට කාලා මුත්‍රා කරන්න කියලා ගඟ පහළට ගිහිල්ලා. පැයක්‌ විතර ගිහිල්ලත් මිනිහා ආවේ නැතිලු. මේ දවස්‌වල ඔයෙත් වතුර අඩුයි, කිඹුල්ලුත් වැඩිපුර ගැවසෙන නිසා ගෙදර මිනිස්‌සු කලබල වෙලා බාස්‌ව හොයන්න අරගෙන. බාස්‌ගේ ගෝලයයි, ගෙදර මිනිස්‌සුයි ගිනි පත්තුවෙලා බාස්‌ව හොයලා. ඒත් හොයාගන්න බැරි වෙලා. ඒ වෙනකොට ගමේ අහල, පහල ගෙවල්වල උදවියත් බාස්‌ව හොයන්න එකතු වෙලා. ගං ඉවුර පීර, පීර බාස්‌ව හොයන අතරේ කෙනෙක්‌ නිකමට වගේ ගස්‌ උඩ විපරම් කරලා. බැලින්නම් බාස්‌ උස ගහක අත්තක්‌ උඩට වෙලා පාක්‌ එකේ ඉන්න පෙම්වතුන්ගේ රැඟුම් බලමින් ස්‌වයං වින්දනයක යෙදෙනවා දැකලා. පස්‌සේ ගම්වැසියො එකතු වෙලා බාස්‌ට හොඳට ගහලා ගමෙනුත් එළවා දාලා. බාස්‌ට ගහපු අය අතරත් මල්වතුඔය තරණය කරලා පාක්‌ එකේ පඳුරු අස්‌සේ රිංගගෙන ආතල් ගන්න උන් ඉඳලා තියෙනවා. ඒත් බාස්‌ කරපු වරද ඉදිරියේ උන් සුදනෝ…”
     
     ”ටවුන් එකේ සමහර කොල්ලො තුන්හතර දෙනා එකතු වෙලා පාරෙන් පැනලා ඇවිත් කපල්වලට ටිකට්‌පොත් විකුණනවා. උන් එන්නේ ගංජා ගහලා, නැති නම් කුඩු ගහලා. අහිසංක කොල්ලන්ව, කෙල්ලන්ව බය කරලා ටිකට්‌ විකුණනවා. කොල්ලව බය කරලා කෙල්ලව අත, පත ගාන අවස්‌ථාත් තියෙනවා. ඒ වෙලාවට කොල්ලා අසරණයි. ඔය අතර ‘අපි පොලිසියෙන්… සීඅයිඩී එකෙන්…’ කියලා කපල්වලින් කප්පම් ගන්න පිරිසකුත් ඉන්නවා. මේ මෑතකදි කොල්ලො සෙට්‌ එකක්‌ ආතල් එකට පොලිසියෙන් කියලා ගිහිල්ලා අයිඩින්ටි කාඩ් එකතු කරලා ඒ විස්‌තර මත කෙල්ලටයි, කොල්ලටයි කියලා ලියුම් දෙකක්‌ ලියවගෙන දිනයක්‌ කියලා අම්මා, තාත්තා එක්‌ක පොලිසියට වරෙල්ලා නැති නම් මේ විස්‌තර මත නඩු දානවා කියලා බය කරලා තිබුණා. සමහර පොඩි කෙල්ලො ලියුම් ලියනකොට ඇඟිලි වේව්ලලා. ඒ කියපු දිනයට අම්මලා එක්‌ක පොලිසියට ඇවිත් තිබුණා කෙල්ලොත් ඉඳලා තිබුණා…”
     
     ”මෙතැන වෙන භයානකම සිද්ධිය තමයි, සමහර කොල්ලො සෙට්‌ මේ පඳුරු අස්‌සේ රහස්‌ කැමරා ගහලා තියෙනවා. තව සමහර කොල්ලො හැංගිලා ෆෝන් වලින් වීඩියෝ කරනවා. එහෙම වීඩියෝ කරන සමහර උන් සීන් තුන, හතර එකතු කරලා සීඩී ගහලා විකුණනවා. නැති නම් නිල් වෙබ්සයිට්‌වලට විකුණනවා. මදාවි කාලකණ්‌ණි කොල්ලො පඳුරු අස්‌සේ හිටිය කෙල්ලව මීට්‌ වෙලා වීඩියෝ එක පෙන්නලා බය කරනවා. කෙල්ලට ගෙදරට කියන්නත් බෑ. කොල්ලට කිව්වත් වැඩක්‌ නෑ. අන්තිමේ කෙල්ල අර කොල්ලො කියන දේවල්වලට කැමැති වෙනවා. අර කොල්ලො වීඩියෝ එක පෙන්න, පෙන්න කෙල්ලව නටවනවා. ඒ කෙල්ල හරහා උන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කරගන්නවා. එක දවසක්‌ නෙමෙයි සති ගණන්, මාස ගණන් කෙල්ලව තැන්, තැන්වලට ගෙනියනවා. ඊට පස්‌සේ සමහර කොල්ලො ඒ කෙල්ලව තව අයටත් විකුණනවා. කෙල්ලගේ ජීවිතේම ඉවරයි.

     

    පහුගිය කාලේ ඒ වගේ සිද්ධි කිහිපයක්‌ම ලීක්‌ වුණා. පොලිසියටත් ගියා. මාධ්‍යයෙත් පළ වුණා. අන්තිමේ ඒ කෙල්ලන්ගේ අධ්‍යාපනයත් ඉවරයි. යාළු කොල්ලත් නෑ. ගෑනියෙක්‌ වෙලා ගෙදරට කොටු වෙනවා. දෙමවුපියො ගමේ නෝන්ජල් කොල්ලෙක්‌ හොයලා බන්දලා දානවා. සමහර කෙල්ලො මොකක්‌හරි ජොබ් එකක්‌ හොයාගෙන යනවා. ඇති වෙන්න දේකුත් නෑ, නැති වෙන්න දේකුත් නෑ කියලා හිතලා හොඳට මඟුල් නටනවා. මේ උද්‍යානයට ඇවිල්ලා එහෙම වෙච්ච අසරණ කෙල්ලො ඕන තරම් මේ අනුරාධපුරේ ඉන්නවා. සමහර කොල්ලො කෙල්ලව හොඳට ආරක්‍ෂා කරනවා. ප්‍රශ්නයක්‌ ආවත් දාලා යන්නේ නෑ. ගොඩක්‌ම කොල්ලො එහෙම නෑ. ඕන වැඩ ටික කරගෙන සීරුවට මාරු වෙනවා. මේක මහා අසභ්‍ය උද්‍යානයක්‌. උද්‍යානය වටේට තියෙන්නෙ පන්සල් තුනක්‌. මේක ශාසනයටත් කරන අගෞරවයක්‌. අනිවාර්යයෙන්ම මේක නතර කරන්න ඕනෑ…” අපගේ ගමන් සගයා විස්‌තරාත්මකව කතාව පැහැදිළි කරමින් සිටියේය.
     
    අනුරාධපුර මහ නගර සභාවට අයත් භූමි භාගයක කරගෙන යන අසභ්‍ය ගුබ්බෑයම ගැන තව බොහෝ දේ ඔහු අපට කියන්නට ලෑස්‌තිය. එහෙත් පෙම්වතුන්ගේ අනඟ රැඟුම් මැද කාලය ගත වනවා අපට නොතේරිණි. ඒ වන විටත් කිලෝ මීටර් එකහමාරකට වැඩි දුරක්‌ අපි ඇවිදගෙන ගොස්‌ සිටියෙමු. මල්වතු ඔයට මායිම් වූ බිම් තීරුව අක්‌කර පහකට වැඩිය. උද්‍යානයේ පිටුපස කෙළවරේ දොරටුවක්‌ තිබේ. එහෙත් දැන් එම දොරටුව විවෘත නොවේ. අපි ආපසු හැරුණෙමු. මළ හිරු බැස ගොස්‌ය. නවසඳ මෝදු වීමට හෝරාවකට අඩු කාලයකි. අපි ඒ උමතු ලෝකයෙන් සැබෑ ලෝකයට පැමිණියෙමු.
     
     අනුරාධපුරය යනු බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ අති උතුම් සිරිමා බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා භූමිය පිහිටි නගරයකි. දෙස්‌, විදෙස්‌ බෞද්ධ, අබෞද්ධ බැතිමතුන් නිතර සංචාරය කරන නගරයකි. එමෙන්ම උතුරුමැද පළාතේ ප්‍රධාන නගරයයි. එහෙයින් අනුරාධපුරයට එන මිනිසුන්ට විනෝදවීමට සහ නිදහසේ කාලය ගත කිරීමට මල් සුවඳින් පිරුණු හරිත උද්‍යාන නිර්මාණය කිරීමේ වරදක්‌ නැත. අනුරාධපුර මුළු නගරයම හරිත උයනක්‌ ලෙස අලංකරණය විය යුතු බව සැබෑය. එහෙත් එම උද්‍යාන විනයානුකූලව නිර්මාණය විය යුතුය. දෙමවුපියන්ට තම දරුවන් සමඟ පැමිණ විනෝද විය හැකි පිරිසිදු ස්‌ථාන විය යුතුය. එසේ නොමැතිව කාම ගින්නෙන් දැවෙන පෙම්වතුන්ට සහ සලෙලුන්ට පහත් ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට ඇවැසි එළිමහන් රති පිටියක්‌ නොවිය යුතුය. 
     
     සිරිමා බෝධිය පෙනෙන දුරින්, ශුද්ධ භූමිය අපවිත්‍ර කරන අනුරාධපුර ‘එළිමහන් රති පිටිය’ ආරක්‍ෂාවට රටේ මුලසුන හොබවන ප්‍රබල දේශපාලනඥයන් සීරුවෙන් සිටින බව සැබෑය. එහෙත් මේ උද්‍යානය තුළ සිදු වන අවලම් වැඩ නතර විය යුතුය. මේ සම්බන්ධයෙන් ඊටත් වඩා ඉහළ බලධාරීන් ක්‍රියාත්මක වන තෙක්‌ අපි බලා සිටිමු.