Tag: featured

  • එක්වෙනවද? වෙන්ව යනවද? ඉදිරි ක්‍රියාමාර්ග ගැන මහින්ද කියූ රහස් සියල්ල හෙළිවේ .!

    මේ දේශපාලන ක්ෂේත්‍රය අතිශය උණුසුම්ව තිබෙනා සමයකි. ලඟ එන මැතිවරණයක සේයාවක් තිබෙන අතර මින් පෙර විරසකව සිටි දේශපාලන කණ්ඩායම් එක්වීමට සුදානම් බවද තැනින් තැන ප්‍රකාශ වේ.
    මේ අතර ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පුංචි ඡන්දයට එක්ව තරග කි‍රීමට ආරාධනා ලැබෙන අතර තිරයෙන් පිටුපස ඒ සදහා සාකච්ඡා පවා ආරම්භ වී තිබේ. 
    කෙසේ වෙතත් මෙම සාකච්ඡා වල තිරයෙන් පසුපස සිදුවූ  බොහො රසවත් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒවා සැකෙවින් මෙසේය.

    පසුගිය අඟහරුවාදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගියේ අයවැය විවාදයට සහභාගීවීමටය.

    මහින්ද පාර්ලිමේන්තුවේදී දිවා ආහාරය ගනිමින් සිටියදී සුසිල් ප්‍රේමජයන්ත සහ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා හමුවූයේ මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේදීය. 

    සර් අපි එකතුවෙලා ඡන්දයකට යමු සුසිල් යෝජනා කළේය.
    ඔයාලා යෝජනා ටික ලිඛිතව එවන්න. මම අපේ මන්ත්‍රී කණ්ඩායමට දාලා තීන්දුවක් ගන්නම් හිටපු ජනපති කීවේය.
    සර් කියන දේ තමයි ඒකාබද්ධ විපක්ෂය අහන්නේ නිමල් සිරිපාල කීවේය.
    මම එයාලට කියන්නම්. හැබැයි තීන්දුව ගන්නේ ඒ අය තමයි. ඒක නමෛයි. මොකද නිමල් කොණ්ඩයට වෙලා තියෙන්නේ හිටපු ජනපති ඇසුවේ නිමල් සිරිපාලගේ බොරු කොණ්ඩය දෙස බලමිනි.
    මම බාරයක් වුණා සර්. ඒකට කොන්ඩේ කැපුවා නිමල් සිරිපාල උත්තර දුන්නේය.

    ඒ අනුව පසුදා උදෑසන සුසිල් සහ ජෝන් සෙනෙවිරත්න මහින්දගේ රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසට පැමිණියහ. ඔවුන් දෙදෙනා මහින්ද හමුවූයේ උදෑසන කෑම මේසයේදීය. 

    සර් අපි එකතුවෙලා ඡන්දයට යමු ජෝන් දැඩිව ඉල්ලා සිටියේය. 

    මේ අතර පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදයේ නියෝජිතයින් පිරිසක්ද ඒ වන විට මහින්ද හමුවීමට පැමිණ සිටියහ. ඇමැතිවරු දෙදෙනා පිටව ගිය පසුව ඔවුන් යෝජනා මාලාවක් මහින්දගේ අතට පත් කළෝය. ඒ යෝජනා මාලාවේ ඉහළින්ම තිබූ වගන්තිය පසුව පෑනෙන් ලියා තිබුණ වගන්තියකි. එහි තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට යාමට විරුද්ධ බවය.

    මෙතැන සුසිලුයි ජෝනුයි ඉන්නවා දැක්ක නිසා දාපු වගන්තියක් නේද මහින්ද ඇසුවේ සිනාසෙමිනි.
    ඔව් සර්. අපි ඕක දැන් තමයි පෑනෙන් ලිව්වේ. එහෙම එකතුවුණොත් අපි ගම්වලට යන්නේ කොහොමද එම නියෝජිතයෝ විමසූහ.
    මන්ත්‍රී කණ්ඩායම කියන විදියකට මේ ගැන තීන්දුවක් ගන්නවා. මේ ගැන එයාලගේ මතය කියන තුරු අපි බලාගෙන ඉඳිමු. හැබැයි අපේ පැත්තේ ඉඳලා ‍පොඩි ‍පොඩි වරප්‍රසාදවලට එහා පැත්තට ගියපු කීප දෙනෙක් ගන්නත් ඔයාලා මට ඉඩ දෙන්න ඕන. අපේ පැත්තේ ඉන්න සමහරු ‍පොඩි ‍පොඩි වරප්‍රසාදවලට එහා පැත්තට ගිහින් ඉන්නවානේ. ඒ අය කීප දෙනෙක් ආපහු ගන්න ඕන මහින්ද කී විට පළාත් පාලන නියෝජිත සංසදයේ සාමාජිකයින් එයට වැඩි විරෝධයක් දැක්වූයේද නැත.

    මේ අතර දිගින් දිගටම මෙම නියෝජිත කණ්ඩායම හිටපු ජනපතිගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් නොවන ලෙසය. 
    මම දැන් පැහැදිලිව කිව්වානේ එකතු වෙන්නේ නෑ කියලා. කලබල නැතිව බලාගෙන ඉන්නකෝ මහින්ද අවසානයේදී කීවේ තරමක් තදින්ය.
    මෙම සාකච්ඡාවෙන් පසුව මහින්ද ගියේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කැඳවා තිබුණේ සුසිල් සහ ජෝන් පැමිණ ලබාදුන් යෝජනා ගැන සාකච්ඡා කිරීමටය.

    මට දිගටම චෝදනා කරන්නේ ඒකාධිපතියා කියලයි. මම පහුගිය කාලයේ තීන්දු ගත්තේ මන්ත්‍රීවරුන්ගෙන් අහලයි. ඒ නිසා මම සුසිල්ලා ඉදිරිපත් කරපු ලියුම ඔබතුමන්ලාට ඉදිරිපත් කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දුවක් ගනිමු මහින්ද යෝජනා කළේය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවෙන්න ලොකු වුවමනාවක් තිබෙනවා. හැබැයි මේ වුවමනාව අවංකවද මේ අයගේ චේතනාව මොකක්ද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය.

    මේ හදන්නේ අපිව බිත්තියට හේත්තු කරලා ඉල්ලීම් දිනාගන්නයි. පහුගිය කා‍ලේ අපි ආණ්ඩුව විවේචනය කරපු විදියට අපිට ආණ්ඩුවේම කොටසක් එක්ක ඡන්දයකට යන්න බෑ පවිත්‍රා සිය විරෝධය දැක්වූවාය.
    විවිධ අදහස් මැද අවසානයේදී තීරණය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ගැන සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමටය. මේ කමිටුව සඳහා කුමාර වෙල්ගම සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් පත් කළත් ඔවුහු එම කමිටුවට යාමට විරෝධය දැක්වූහ. කමිටුවට යාමට අකමැත්ත ප්‍රකාශ වන විට සනත් නිශාන්ත නැගී සිටියේය.

    කාටවත් යන්න බැරි නම් මම යන්නම් සර් සනත් කැමැත්තෙන්ම වැඩේ භාරගත්තේය.
    අ‍පෝ.. ඔයා නම් යන්න එපා. එතකොට කියයි ඔයා දැම්මේ වැඩේ නොකෙරෙන තැනට පත් කරන්න කියලා. ඒ හින්දා ඔයා පැත්තකට වෙලා ඉන්න මහින්ද සනත්ට කීවේ සියල්ලන්ම සිනා ගන්වමිනි. පසුව සී.බි. රත්නායකගේ නම යෝජනා විය. පසුව පවිත්‍රාගේ නමත් මහින්ද යාපාගේ නමත් එයට යෝජනා විය. 

    [rns_reactions]

  • ආණ්ඩුවේ දේශපාලන සුසානයට ඩලස්ගෙන් කිඩාරම් මල් කළඹක්

    කාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයේ සඳහන් කර තිබූ වැදගත් කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත.

    Image result for dalas alahapperuma

    දැනට මාස දෙකකුත් මාස හතක් පුරා නිශ්ක්‍රීය කොට තිබෙන ශ්‍රී ලංකාවේ පළාත් පාලන සභාවන් තව දුරටත් අකර්මන්‍ය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලබන නිර්ලජ්ජිත උත්සාහය , ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ එයට උරුම වූ පිළිකුලෙනි.එකී පිළිකුල සහ අප්‍රසන්නතාවය විසින් නිර්මාණය කරනු ලබන “කිඩාරම් මල් කළඹ” ආණ්ඩුවේ දේශපාලන සුසාන භූමිය අභියස තැන්පත් කිරීම සඳහා ද අපි මෙය අවස්ථාවක් කරගන්නෙමු.

    මැතිවරණය නිර්වචනය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ කළ්‍යාන මිත්‍රයා ලෙසය.එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ පරම සතුරා වනුයේ ත්‍රස්තවාදයයි.පසුගිය මහින්ද රාජපක්ෂ පාළන කාලය තුල මෙම කුරිරු සතුරා පිටුදැක කළන මිතුරා සමීපකරගත් ආකාරය “මුස්තාපා මල්ශාලාවේ සිට” කනත්ත දෙසට ඇදෙන පළාත් පාළන අවමංගල පෙරහැරේ මළබෙර නාදයට ඉහලින් පුරවැසියන්ට දරශනය වනු කිසිවකුට වැලැක්විය නොහැක.

    මේ අනුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ හැසිරීම මුළුමනින්ම අදේශපාලනිකය,අතාර්කිකය, අසම්මතය හෙවුන කාලය තුල ආණ්ඩුවේ ප්‍රකාශයකයින් මැතිවරණය සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශ එකතු කොට පොතක් සකසන්නේ නම් එයට උචිතම නම වනුයේ “නුතන ගජබින්නාලංකාරයයි” දුරකතන ඔස්සේ උපදෙස් ලබා පොත් ලියන අමාත්‍ය වරුන්ට නම් ” අලියා සහ දිවුල් ගෙඩිය “ නමින් එය ලියා පල කිරීමේ හැකියාවද නැත්තේ නොවේ.

    පුරවැසියන් ඉදිරිපිට පාලකයන් විගඩමුන් වීම තරම බරපතල ඛේදවාචකයක් කිසිඳු රාජ්‍යකට ස්වභාවික විපතකින් හෝ ඇතිවිය නොහැක.

  • මුහුද යට තනි වුනු 44 දෙනාම අවසන් නින්දේ..!! අතුරුදන් වූ සබ්මැරීනයේ තොරතුරු එළියට.

    පසුගිය නොවැම්බර් 15 දා අතුරුදන් වූ ආජන්ටිනාවට අයත්  සබ්මැරීනය  අඩි 3000 ක්‌ පමණ ගැඹුරු මුහුදේ ඇති බවට ඇමරිකානු අධිතාක්‍ෂණික ගුවන් යානාවක්‌ විසින් සනාථ කරගෙන තිබෙනවා.  සැන්ජුමන් නමින් හඳුන්වන මෙම සබ්මැරීනය 1983 වසරේදී නිෂ්පාදය කර ඇති අතර එය දිගින් මීටර් 66 ක් වනවා.

    මෙම සබ්මැරීනය අතුරුදහන් වනවිට එහි නාවිකයන් 44 දෙනෙකු ගමන් කර ඇති අතර කාන්තා නැවියෙක්‌ ද ඒ අතර රාජකාරියේ යෙදී තිබෙනවා.එලියානා ක්‍රව්සියාන් නමැති මෙම කාන්තා නැවිය ආජන්ටිනාවේ නාවික හමුදාවේ සිටින එකම සබ්මැරීන් නිලධාරිනියද වෙනවා.

    මෙම අතුරුදන් වූ ආජන්ටිනා සබ්මැරීනයේ සිටින නැවියන් කණ්‌ඩායම බේරා ගැනීම වෙනුවෙන් විශේෂ ඇමරිකානු යාත්‍රාවක් ලබා දීමට කටයුතු යොදා තිබුනද එමගින් වරකට බේරාගත හැකි නැවියන් ප්‍රමාණය 18 කට සීමා වී තිබුණා. කෙසේ වෙතත් මෙම සබ්මැරීනය තුල ඔක්සිජන් වායුවද අවසන් වී ඇති අතර සබ්මැරීනය තුල පිපිරීමක්ද සිදුව තිබෙනවා.

     

    මේ හේතුව නිසා දැනටමත් සියළුම නැවියන් මියගොස් ඇති බවට ආජන්ටිනා හමුදාව ප්‍රකාශකර ඇති බව  විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.මෙම සබ්මැරීනය කුල ඇතිවූ පිපිරීම පිළිබඳව ඇමරිකාව දැනගෙන සිට එය වසන්කල බවට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කර තිබෙනවා.

     

    [rns_reactions]

  • පළාත් පාලන ආයතන 93 ට නාම යෝජනා කැඳවීමට තීරණය කරයි

    කිසිඳු ආකාරයේ ගැටලූවක් නොමැති පළාත් පාලන ආයතන 93ක මැතිවරණ පැවැත්වීමට අදාළ නාම යෝජනා කැදවීමේ නිවේදනය නිකුත් කරන ලෙස සියලූම තේරීම්භාර නිලධාරින්ට මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

    මැතිවරණ මහලේකම් කාර්යාලයේදී (25) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ.

    රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ නිලධාරින් හා කොමසාරිස්වරයා අතර මෙම සාකච්ඡාව (25) පැවැත්වුණා.

    ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා සිටියා.

    ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා මෙම මස 27දා සිට දින 14 ක් ඇතුලත  නාමයෝජනා භාර ගැනීමට නියමිතයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කියා සිටියේ එක් දිනයක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බව පවසා පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප‍්‍රමාද කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි කිරීමක් බවයි.

    [rns_reactions]

  • අමාත්‍ය ෆයිසාර් මුස්තාෆාගෙන් ලබන සඳුදාට විශේෂ ප්‍රකාශයක්

    සීමානිර්ණ ගැසට් පත‍්‍රය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ලබන සඳුදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරනු ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

    අමාත්‍යවරයා මේ බව සහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග යටතේ (25) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්. අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා එහිදී කියාසිටියේ පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්යාම සහ අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ හැසිරීම සම්බන්ධයෙන් සැකසහිත භාවයක් පවතින බවයි.

    පවතින තත්ත්වය පිළිබ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට හෝ ජනතාව හමුවේ කිසිදු කරුණු දැක්වීමක් සිදුනොකිරීම අනුමත කළ නොහැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

    ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා විදේශ ගතවී ඇත්දැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණු අතර එයට ප‍්‍රතිචාර දක්වමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවට කිසිඳු දැනුම්දීමක් සිදු කර නොමැති බවයි. 

    [rns_reactions]

  • රට වැනසූ මහ බැංකු හොරු අල්ලන්න – ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ජනපතිට..

    බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීම සහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මේ බව සහන් කළා.

    ජනාධිපතිවරයා මෙහිදී සාධාරණව කටයුතු කරන බවයි මන්ත‍්‍රී කියා සිටියේ.

    [rns_reactions]

  • අම්මපා මුන් රෙදි ඇඳන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද? -ලක්ෂ්මන් සෙනෙවිරත්නගෙන් එජාපයට ටොක්කක්….

    ” මලහත්තිලවුවේ මුං කෝල් 300-400 දීලා තියෙනවනේ.දැන් මුං රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද?ඔහොම පොත් ලියපු අයියල ඉස්සරත් හිටිය. පොතෙන් වහන් වෙන්නෙ නෑ මේ ගමන නම්……”

    ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න විසින් කරන ලද ඉහත ආන්දෝලත්මක ප්‍රකාශයත් සමඟ එජාපයේ මැති ඇමතිවරු මේ දින වල ඉතාමත් කුපිතව පසුවෙන බව දේශපාලන ආරංචි මාර්ග වල දැක්වේ..

     

     

  • තනි එජාප ආණ්ඩුවක් හදන්න සියල්ල සූදානම්…. ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියා නලීන් බණ්ඩාර කියයි….

    මේ වනවිට මන්ත‍්‍රීවරුන් 126 දෙනෙකු සහිතව නව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්‍ෂයට ඇති නිසා කරුණාකර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා සිටින බවට එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

    එසේ පිහිටුවන නව ආණ්ඩුවේ 2/3 බලයක් නැති විය හැකි වුවත් සරල බහුතරය සම්පූර්න කිරීම සදහා තවත් පක්‍ෂ සහ පුද්ගලයින් දැනටමත් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

    යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට උවමනාවක් නැති බවක් තමන්ට පෙනෙන නිසා එක්සත් ජාතික පක්‍ෂයට තනි ආණ්ඩුවක් හදන්නට ඉඩ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්ව යා යුතු බව ඔහු කියා සිටියේය.

     

  • අත වෙනස් කරන්න ගිහින් ලොකු අවුලක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරම්භක ඡන්ද සලකුණ වන අත ලකුනේ හැඩය වෙනස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලනිපය මැතිවරණ කොමිසමෙන් කරන ලද ඉල්ලීමක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.

    [rns_reactions]

  • මා කිසිවිටෙක අගමැති තනතුර හෝ පක්ෂ නායකකම ඉල්ලුවේ නෑ.. ඕවා යු.ඇන්.පී කාරයෝ පතුරන බොරු..

    පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලනිප සමඟ එක්ව තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍ය තනතුර ඉල්ලා කිසිවිටකත් කොන්දේසියක් නොදැමූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

    ඒකාබද්ධ විපක්ෂය අගමැති තනතුර ඉල්ලා සිටි බවට පළවන ඇතැම් වාර්තා සත්‍යයෙන් තොර බවද හෙතෙම බ්‍රහස්පතින්දා (23දා) කොළඹ නව නගර ශාලාවේදී පැවැති ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වීය.

    මේ අතර ශ්‍රී ලනිපය ඉදිරිපත්කොට තිබෙන යෝජනා අධ්‍යයනය කිරීමට කමිටුවක් ඒකාබද්ධ විපක්ෂ විසින් පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

    [rns_reactions]

  • දෙසැ. 8-9 ආණ්ඩුවට තීරණාත්මකයි.. එජාපයේ රනිල් බහුතරය අහිමිව අගමැති පුටුවෙන් විසිවීමේ අවදානමක..

    දෙසැම්බර් 8 සහ 9 යන දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ යම් යම් පෙරළි සිදුවීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දෙසැම්බර් 8 වැනිදා භාරදීමට නියමිතය.

    2018 අය – වැය විවාදයේ අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 9 වැනිදාය.
    දෙසැම්බර් 8 වැනිදා භාරදීමට නියමිත බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව යම් යම් දේශපාලන පෙරැළි සිදුවීමට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ සාමාජිකයකු ඉරිදා ‘මව්බිම’ට ප්‍රකාශ කළේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවයි.
    ඊට අමතරව මෙම ජනාධිපති කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රණාමය පුද කළ බවද එම ජේ‍යෂ්ඨ නියෝජිතයා සඳහන් කෙළේය.

    මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයන් එකිනෙකාට ප්‍රබල විවේචන ප්‍රසිද්ධියේ එල්ල කරගන්නා තත්ත්වයකට පත්ව ඇති අතර මේ වි්‍යාකූලත්වයන් ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වීමේ සූදානමක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

    මේ අතර මේ අර්බුදකාරී තත්ත්වය මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයෝ පිරිසක් සූදානම් කරති.

    දෙසැම්බර් 8 හා 9 දිනවලට පෙර මේ තීරණාත්මක දේශපාලන හමුව පැවැත්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙයි.

    [rns_reactions]

  • ගැටලු නැති පැතිවල ජනවාරි 27 ඡන්දෙ පවත්වන්න සුදානමක්…

    සීමා නිර්ණ ගැටලු අදාළ නොවන පළාත් පාලන ආයතනවල ජනවාරි 27 වැනිදාට පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවට ස්වාධීන මැතිවරණ කොමිසමෙන් නිල නොලත් ආරංචියක් අපට ලැබි ඇත.

    දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල්දැමීම හේතුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ඡන්ද අයිතියට බරපතළ හානියක් සිදුවන බවත් එම නිසා අවම වශයෙන් දැනට සීමා නිර්ණය ගැටලු අදාළ නොවන පළාත් පාලන ආයතන 80කට ආසන්න සංඛ්‍යාවේවත් ජනවාරි 27 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එහි නිලධාරීන් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

    [rns_reactions]

     

     

  • පුංචි ඡන්දෙ ගැන අවසන් තීන්දුව අද….

    කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා / මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා ද  සහභාගී වී ඇති ඊයේ(24) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වීමත් සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතව ඇත.මෙය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේහප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වේ.
    එහිදී  පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් පසුගියදා ලබා දුන්  අධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.