Tag: featured

  • ඔබත් ලිංගික උත්තේජන පෙති ගන්නවානම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න…

    පසුගිය දිනවල හෘදයාබාධ වලින් මිය ගිය තරුණයන් කිහිප දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් සමාජය පුරා පැතිර ගිය පොදු රාවයක් වූයේ ඔවුන් මෙම ලිංගික උත්තේජන පෙති පානය කිරීම නිසා  හෘදයාබාධ වලට ලක් වී මිය ගිය බවය.

    මේ තත්ත්වය යටතේ මෙහි විද්‍යාත්මක සත්‍යය අනාවරණය කරගනු පිණිස අපි රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා වෙත මෙම ප්‍රශ්න කිහිපය යොමු කළෙමු.

    • පුරුෂයන්ගේ ලිංගික උත්තේජනය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව මඟින් නිර්දේශ කළ පෙති වර්ග තිබෙනවාද?

    ඔව්; ඒ සඳහා Sidenafil, Tadalafil වැනි ඖෂධ වර්ග තියෙනවා.

    Image result for sildenafil pills for sale

    Image result for Tadalafil pills for sale

     

    • මේ දෙකෙහිම ක්‍රියාකාරීත්වය එක හා සමානද?

    මුල් ඖෂධයේ ක්‍රියාකාරීත්වය පැය ගණනක් දක්වාත්, දෙවෙනි ඖෂධයේ ක්‍රියාකාරීත්වය දින ගණනක් දක්වාත් බලපැවැත්වෙනවා. මේ අතරින් බහුලවම භාවිතා වන්නේ මුලින් සඳහන් කළ ඖෂධයයි.

    • Sidenafilයන ඖෂධය මෑතක සිට ජනප්‍රිය වූවක් නේද?

    මේ ඖෂධය මුලින්ම නිෂ්පාදනය වී ඇත්තේ 1989 වසරේ; ඒ අධික රුධිර පීඩනය, පපුවේ ඇන්ජයිනා කැක්කුම ආදී රෝග වලට ප්‍රතිකාරයක් වශයෙන්. නමුත් එය භාවිතයට ගැනීමෙන් පසුව එහි අතුරුඵලයක් ලෙස එමගින් පුරුෂයන් හට ලිංගික උත්තේජනයක් ලැබෙන බව අනාවරණය වුණා. පුරුෂ ලිංගික බෙලහීනතාව මැඩලීම සඳහා නිර්දේශ කරන ඖෂධයක් ලෙස මෙය භාවිතයට ගැනුණේ ඊට වසර දහයකට පමණ පසුවයි.

    • එහෙත් මෙවැනි ඖෂධ වලින් පුද්ගලයන්ට මරු කැඳවන බවට සමාජය පුරා පැතිර යන රාවය කුමක්ද?

    මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වය මත ඒවා භාවිතා කරන පුද්ගලයන්ගේ රුධිර ගමනාගමනය ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා එවැනි අන්තරාකාරී තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්.

    • සියළුදෙනා කෙරෙහි ඒ අවදානම බල පෑ හැකිද?

    බොහෝවිට සුළු වෙහෙස මහන්සියක දී ඇන්ජයිනා කැක්කුම ඇතිවන්නවුන් නයිට්රේට් (Nitrate) ගණයේ ඖෂධ ලබාගන්නවුන් මෙම අවදානමට වැඩිපුර ලක් විය හැකියි.

    • හෘදයාබාධ සඳහා බයිපාස් සහ ඇන්ජියෝ ප්ලාස්ටි සැත්කම් වලට ලක් වූවන් මෙම පෙති පෙති පාවිච්චි කිරීම සුදුසුද?

    කවුරුන් හෝ මෙම පෙති භාවිතයට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. එහිදී වෛද්‍යවරයා රෝගියාගෙන් කරුණු විමසා අවශ්‍ය නම් අදාල පර්යේෂණද සිදුකොට ඒ පෙති සහ ඒවා භාවිතයට ගත යුතු මාත්‍රාව නිර්දේශ කරනු ඇති.  එසේ නොමැතිව තමන්ගේ හිතුමනාපයට මෙවන් පෙති භාවිතා කිරීමේ දී කිසියම් අවදානමක් තිබෙනවා.

    • මෙම පෙති භාවිතයෙන් හෘදයාබාධයකින් කිසිවෙකු මිය ගිය විට එම හෘදයාබාධයට මෙම පෙති ඉවහල් වූ බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය කර ගත හැකිද?

    මූලික පශ්චාත් මරණ පරීක්ෂණයක දී විමසා බැලෙනුයේ මරණයට ආසන්න සහ දෘශ්‍යමාන හේතු පමණයි. එහෙත් එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරුවූ සොයාගැනීමට (Finding) අමතරව වැඩිදුර සොයාගතයුතු යමක් ඇතැයි හැගේ නම් මිය ගිය තැනැත්තාගේ රුධිර සාම්පල් මරණය සිදුවී පැය දහයක් ඇතුළත රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වෙනවා. එවිට මිය යන අවස්ථාවේ ඒ තැනැත්තාගේ රුධිරයේ ඇති රසායනිකයන් වෙන්ව හඳුනාගත හැකියි. ඒ අනුව හෘදයාබාධයකින් මිය ගිය තැනැත්තෙකු වුව මිය යන මොහොතේ මේ ඖෂධය භාවිතා‍ කොට තිබිණිද යන්න එම රසායනාගාර පරීක්ෂණ මගින් මනාව තහවුරු කර ගත හැකියි.

    • ලිංගික උත්තේජනයක් වශයෙන් නොමැතිව වෙනත් රෝග සඳහාත් තවමත් මේ ඖෂධය භාවිතා වෙනවාද?

    ඔව්; පෙනහළු රුධිර පීඩනය(Pulmonary Hypertension) සහිත රෝගීන්ට මෙම ඖෂධයෙන් සුළු මාත්‍රාවක් ලබා දෙනවා.

    • මෙම ඖෂධය වැඩි මාත්‍රාවකින් ගැනීමෙන් සිදුවිය හැකි වෙනත් හානි මොනවාද?

    ප්‍රධාන වශයෙන් රුධිර පීඩනය පහළ බැසීම නිසා සිදුවන හානි ඒ අතරින් ප්‍රධානයි. විශේෂයෙන් මෙය සිට්රේට් (Sitrate) සහිත ඖෂධයක් නිසා නයිට්රේට් (Nitrate) සහිත ඖෂධ භාවිතා කරන රෝගීන් මෙම පෙති භාවිතයේ දී වැඩි අවදානමකට ලක්වෙන්න පුළුවන්.

    • ඒ හැරුණු කොට මෙම පෙති අධිමාත්‍රාවක් ගැනීමෙන් ලිංගික ප්‍රාණවත් වීම පාලනය නොවන තත්ත්වයක් ඇති බවට සමහරුන් මත පළ කරනවා මෙහි සත්‍යයක් තිබේද?

    ඔව්; එසේද සිදුවිය හැකියි.

    • ඒ සඳහා වන ප්‍රතිකර්මය කුමක්ද?

    ඒ සඳහා ඇති පහසුම ප්‍රතිකර්මය වන්නේ රෝහලක දී ලිංගේන්ද්‍රිය පද්ධතිය තුළ ගලා යන අධික රුධිරය ඉදිකටුවක් වැනි ශෛල්‍ය උපකරණයක් මාර්ගයෙන් ශරීරයෙන් ඉවත් කිරීමයි.

  • මහින්ද ඇතුළු ඒකාබද්දේ සියළු දෙනාගේම මන්ත්‍රී ධූර අහෝසි කරනවා… -සංධාන මහලේකම් ගර්ජනා කරයි

    ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් දේශපාලන පක්‍ෂයක් ප‍්‍රවාර්ධනය කිරිමට කටයුතු කලහොත් ඔවුනගේ මන්ත‍්‍රී ධුර ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    ඔවුනට වෙනත් පක්‍ෂයක් දිනවීමට අවශ්‍යනම් එයට කිසිම බාදාවක් නැති අතර පක්ෂයේ රැදී සිටිමින්  එසේ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඔවුන්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එසේ කිරීමට හැකියාව අති බව සදහන් කරන ලදී. ඒසේ නොමැතිව පක්ෂයේ සිටිමින් වෙනත් කුමන හෝ පක්ෂයක් දිනවීමට කටයුතු කරන්නේ නම් හිත මිත්‍ර කම් , තරාතිරම් නොබලා පක්ෂයෙන් ඉවත් කරන  බවත් ඔහු පැවසීය.

  • කිසිසේත්ම බියර් ආයි වැඩි කරන්නේ නෑ… මංගලගෙන් සහතිකයක්

    2018 අයවැය මගින් යෝජනා කර ඇති බියර් මිල අඩු කිරීමේ යෝජනාවේ කිසිම වෙනසක් සිදු නොකරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    මත්පැන්වල ඇති මධ්‍යසාර ප්‍රතිශතයට අනුව බදු පැනවීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඒක හැමෝම පිළිගන්න ඕන අපි ලෝකය සමග ඉදිරියට යන්න නම් ජාත්‍යන්තර ක්‍රමවේද අනුගමනය කරන්න ඕන.මේ වගේ ක්‍රමවේදයන් වලින්  රාජ්‍ය බදු ආදායමද ශක්තිමත් වන බව සදහන් කරයි.2018 අයවැය මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට බොහෝ පාර්ශවයන්ගෙන් විරෝධය එල්ල වෙමින් ඇති අතර ජනාධිපතිවරයා මෙන්ම කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුම මීට විරුද්දව ප‍්‍රසිද්ධියේ අදහස් පල කර තිබේ.

  • මහින්ද අප්පච්චි වුණාම චන්ද්‍රිකා අම්මා වෙලා…

    ළබන මැතිවරණය සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපති තුමිය අත්තනගල්ලෙන් තරඟ වදිනවා යන්න මේ දින වල කරළියේ පවතින මාතෘකාවකි.ඒ හේතුවෙන් මේ දින වල Face Book සමාජ ජාලය තුල ඒ පිළිබද නොයෙක් නොයෙක් පිංතූර සංසරණය වනවා දුටුවෙමු…

    ඉන් කිහිපයක් පහත දක්වා ඇත…

     

  • නෙළුම් කුළුන ඉදිවෙන හැටි…(Video)

    මෙම ගොඩනැගිල්ලේ සැලසුම නෙළුම් මලක ආකාරයට සකස් වී ඇත. නෙළුම් මල්  
    නෙළුම් මල් ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ පාරිශුද්ධ භාවය සංකේතවත් කරන අතර 
    රටේ දියුණුව වර්ධනය කිරීම සංකේතවත් කරයි. 
    කුළුණ 350 m (අඩි 1,150) උසින් යුක්ත වන අතර එහි වර්ග අඩි 32,600,000 (අඩි 329,000) 
    කට වැඩි ප්රමාණයක් ඇත. 
    
    නෙළුම් කුළුනේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ 
    1.සංචාරක කර්මාන්තය
    2.ඇන්ටනා ලීසිං- * රූපවාහිනී සේවාවන් 50 ක් , FM රේඩියෝ ස්ටේෂන් 20 ක් හා විදුලි සංදේශ 
                       සේවා සපයන්නන් 20 ක් සඳහා ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන 
                       ඇන්ටෙනාවක් ISDB-T සහ යෝජිත DVB-T2 ආධාරක ව්යුහය ලෙස කටයුතු කරනු ඇත.
    
    මෙම කුලුනේ දොරටු හතරක් ඇති අතර ඉන් එකක් ප්‍රභූවරුන් (ප්රධාන ආරාධිත අමුත්තන් සහ රාජ්ය නායකයින්) 
    යන අයගේ ප්‍රවේෂයන් ලෙස භාවිතා කරනු ලැබේ. විදුලි සංදේශ කෞතුකාගාරය සහ ආපනශාලාව 
    බිම් මහලේ පිහිටා ඇත. කුලුනේ පීඨය මහල් 6 කින් සමන්විත වේ. වේදිකාවේ පළමු මහලේ 
    කෞතුකාගාරයක් සහ ප්‍රදර්ශන ශාලා දෙකක් ඇත. දෙවන මහල 500 කට වඩා වැඩි ආසන පහසුකම් 
    සහිත සම්මන්ත්රණ ශාලා කිහිපයක් සඳහා යොදා ගැනේ. අවන්හල්, සුපිරි වෙළඳසල් සහ ආහාර උසාවි 
    තුන්වන මහලේ පිහිටා ඇත. සිව්වන මහලේ දී 1000-ආසන ශ්රවණාගාරයක් පිහිටා ඇති අතර එය 
    බෝල්රාගාරයක් ලෙසද භාවිතා කරනු ඇත. පස්වන මහලට සුඛෝපභෝගී හෝටල් කාමර, විශාල නාන කාමර,
     සහ හත්වැනි මහලේ නිරීක්ෂණ පුස්තකාලය ලබා දෙනු ඇත. භූමි අලංකරණය විශාල ජල උද්යානයක් 
    ලෙස සැලසුම් කර ඇත.
    
    
  • මෛත්‍රි ජනපතිට අවලාද නගමින් වලිගේ නැති බල්ලා වෙන්න එපා – ඇමති ඩිලාන් රනිල්ට කියයි

    ජනාධිපතිවරයාට අවලාද නැගුව හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකං නොසිටින බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

    ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට වලිගේ නැති බල්ලා වෙන්න එපා යයි තමන් කීමට කැමති බවයි.

    රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

    [rns_reactions]

  • අට වසරේ සිසුවා විරුද්ධ පද වලට ලියපු අමුතු උත්තරේ . අම්මා – තාත්තා. පන්තියම හොල්මන්

    පාසල්වල උගන්වන ගුරුවරුන්ට බොහෝ අවස්ථාවලදී අපූරු අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. මේ කියන්න යන්නෙත් එවැනිම කාරණයක් ගැන. පසුගියදා වයඹ පලාතේ එක්තරා ග්‍රාමීය පාසකල සිදුවුන මෙම සිදුවීම නිසා ගුරුවරිය මෙන්ම පංතියේ සිසු සිසුවියන්ද සිනහව නවතාගෙන ඇත්තේ ඉතාමත් අපහසුවෙන්.

    මෙම සිදුවීම සිදුවන දින ගුරුවරිය විසින් 8 ශ්‍රේණියේ‍ෙ සිසු සිසුවියන්ට සිංහල විශයට අදාලව විරුද්ධාර්ථ පද පිළිබඳ උගන්වා තිබුනා. එහිදී ගුරුවරිය විසින් දරුවන්ට විරුද්ධ පද සඳහා උදාහර කිහිපයක් කියා දීමෙන් පසු දරුවන්ටද එවැනි විර්ධ පද කිහිපයක් ලියාගෙන හන ලෙස පවසා තිබුනා.

    සුළු මොහොතකට පසුව ගුරුවරිය විසින් දරුවන්ගේ පොත් පරීක්ෂා කර තිබුනා. එහිදී එක සිසුවෙකු උඩ-යට, අහස,පොළව – කළු – සුදු වැනි විරුද්ධ පද අතර අම්මා – තාත්තා යන වචන යුගලයද ලියා තිබුනා. පසුව ගුරුවරිය විසින් අම්මා සහ තාත්තා යන වචනය විරුද්ධ පද නොවන බවත් එය ස්ත්‍රී ලිංග,පුරුෂ ලිංග වචන බවත් දරුවාට පැහැදිලි කර තිබුනා.

    නමුත් මෙම සිසුවා ගුරුතුමිය දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරමින්  “ නෑ මිස්, අම්මා, තාත්තා නියම විරුද්ධාර්ථ පද. හොඳටම වෙනස්. ඕන දේකට හැම තිස්සෙම ගහමරාගන්නවා. අද උදෙත් ඇර ගත්තා‘‘ යනුවෙන් පවසා තිබුනා.

    පසුව මෙම සිදුවීම පිළිබඳව පාසලේ ගුරු විවේකාගාරයතුලදී මෙම ගුරුතුමිය විසින් මේ පිළිබඳ අනෙත් ගුරුවරුන්ටත් කියා තිබුනා. එහිදී පාසලේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුතුමිය මෙම තමන්ගේද ජීවන අත්දැකීම් ඇසුරින් නිවැරදි කලා කියලා තමයි අපට දැනගන්න ලැබෙන්නෙ

     

    [rns_reactions]

  • ‘‘ඇයට බලයක් – රටට වෙනසක්‘‘ ජනපතිගෙන් කාන්තාවන්ට ලැබෙන වරම

    වත්මන් රජය යටතේ කාන්තා නියෝජනය වෙනුවෙන් නිති සම්පාදනය කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ලොව සංවර්ධිත රටවල බොහෝ අංශයන්හි කාන්තා නියෝජනය වැඩි වශයෙන් හා සම වශයෙන් පවතින බවයි. 

    රාජ්‍ය සේවය තුළ කාන්තාවට නිසි තැන ලබාදීමට මේ වනවිටත් සිදුව ඇතැයි පවසන ජනාධිපතිවරයා සෙනෙහෙබරවූ ආදරය පිරි ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුත් සමාජයක ප්‍රමුඛත්වය සඳහා කාන්තා නියෝජනය වැදගත් බවයි පෙන්වා දෙන්නේ. 

    ‘‘ඇයට බලයක් – රටට වෙනසක්‘‘ තේමාව යටතේ පලාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය පිළිබ`ද දැනුවත් කිරීමේ වැඩසටහනට ඊයේ පස්වරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා. බණ්ඩාරනාක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම වැඩසටහනට වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරියන් ද එක්ව සිටියා.

    [rns_reactions]

  • තෙල් අර්බුධය රහස් පොලිසියට! මැති ඇමතිවරු ගැටෙයි! කැබිනෙට්ටුව උණුසුම්

    රට තුළ මතු වූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කැබිනට් රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ අනු කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමත් සමගයි. ඉකුත්දා ඇති වූ පෙට‍්‍රල් අර්බුදයත් සමග ඛනිජ තෙල් සංස්ථාව තුළ සිදුවූ හැසිරීම් රටා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මෙහිදී සඳහන් කළේ. ඊට ජනාධිපතිවරයාද සිය එකඟත්වය පළ කර තිබෙනවා. 

    මෙහිදී හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අමාත්‍ය චන්දිම විරක්කොඩි කියා සිටියේ අමාත්‍ය අර්ජුණ රණතුංග සිදු කරන ප‍්‍රකාශය සමග තමන් එකඟ නොවන බවයි. මෙම ගැටලූව සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වීමට ඉඩ ඇති බවයි චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ. ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය අර්ජුණ රණතුංග කියා සිටියේ මේ සම්බන්ධයෙන් මතුව ඇති අසත්‍ය ප‍්‍රචාර නිවැරදි කිරීමට තමන් කටයුතු කරන බවයි. 

    වෙළඳ නෞකා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර අතර කතාබහක ඇති  වී තිබෙනවා. එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර වෙළඳ නෞකා වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් මෙරට නැව් සමාගම් සහ හා විදේශීය නාවික ඒජන්තවරුන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවද මෙහිදී මුදල් අමාත්‍යවරයා පැවසුවා.

    අය වැයෙන් යෝජනා වූ මෙම නව තීරණයත් සමගම දේශීය නැව් සමාගම් යම් අර්බුධයකට පත්ව ඇති බවද සඳහන් වුණා.

    කෙසේවෙතත් ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්ද සමරසිංහ පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන්ගෙන් ද විමසා කටයුතු කළේ නම් එය වඩාත් යෝග්‍යවනු ඇති බවයි. ඊට මැදිහත් වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.

    [rns_reactions]

  • ශ්‍රීලනිපය ඒකාබද්ධය සමග පුංචි ඡන්දයට? කපුකමට ඇමතිවරු 03ක්

    එළඹෙන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධාන ගතවී තරග වැදීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව, මහින්ද රාජපක්ෂ මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් තිදෙනෙකු ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එම තිදෙනායි.

    මෙම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින්.

    පුළුල් සන්ධානයක් යටතේ එළඹෙන පළාත් පාලන මැතිවරණය ට තරග වැදීමේ දී දෙපාර්ශවය අතර ඇති කරගන්නා කොන්දේසි කිහිපයක් සම්බන්ධයෙන් ද මේ වනවිටත් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. දෙපාර්ශවය විසින් තෝරාගත් පළාත් පාලන ආයතන 50ක් සඳහා සිය නියෝජතයින් පත් කර ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ඒ අනුව, ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බුලත් කොළය ලකුණින් තරග වැදීමට ද යෝජනා වී තිබෙනවා.

    [rns_reactions]

  • හැංගිමුත්තන් කරන අතරේ දහසය හැවිරිදි සිසුවා දස හැවිරිදි සිසුවිය දූෂණය කරලා…

    හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.

    අතවරයට පත්ව ඇති දැරිය සහ සැකකරු අසල්වැසියන් බව ද පොලීසිය කියයි. සිද්ධිය වූ දින දැරිය, සැකකරු සහ තවත් දරුවන් කීප දෙනෙකු හැංගි මුත්තන් සෙල්ලම් කර ඇත. එසේ සෙල්ලම් කරමින් සිටින අතරතුර දැරිය ඇදක් යට සැගවී තිබේ. එම අවස්ථාවේදී සැකකරු විසින් ඇඳ යටට විත් දැරියට අතවර කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.නමුත් ඒ බව ඇය මුලදී කිසිවෙකුටත් පවසා නැත.

    මේ අතර දැරිය අධ්‍යාපන ලබන පාසලේම වෙනත් සිසුවියක්ද පසුගිය දිනක අතවරයට ලක්ව ඇත. ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    එම සිද්ධිය දැන ගෙන ඇති දැරිය තමන්ට ද සිදුව ඇත්තේ මෙවන් සිද්ධියක් බව වටහා ගෙන එම අතවරය සම්බන්ධයෙන් පාසලේ ගුරුවරියක් දැනුවත් කර තිබේ. එම ගුරුවරිය දැරියගේ මව්පියන් කැදවා මේ බව දැනුම් දීමට කටයුතු කර ඇත. ඒ අතර සිද්ධිය දැන ගෙන ඇති දැරියගේ ඥාතියෙකු මේ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දීමට කටයුතු කර තිබේ.

    ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් කරන ලද දැනුම් දීමක් මත සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – මුගුණුවටවන, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.

    මේ අතර, හලාවත පොලීසියේ නිලධාරීන් පිරිසක් පසුගියදා මුගුණුවටවන – මාලිගාවත්ත ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මත් පැන් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී එහි සිටි කීප දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත. පාසල් දැරියට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවාද ඒ අතර සිට තිබේ.

    තමාව පරීක්ෂා කළ පොලිස් නිලධාරියා  තමන් ඇඳ සිටි සරම කඩා දැමූ බව පවසමින් සැකකාර සිසුවා පාසල් යාම ප්‍රතික්ෂ්ප කර ඇත. නමුත් පොලිස් නිලධාරියෙකු සැකකාර සිසුවාගේ සරම කඩා දමා නොමැති බවත්, සිසුවා පාසල් යාම ප්‍රතික්ෂේප කර ඇත්තේ දැරියට අතවර කිරීමේ සිද්ධියෙන් පසුව බවත් විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව හලාවත පොලීසියේ නිලධාරියෙක් පැවසීය.අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.සැකකාර සිසුවා හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    [rns_reactions

  • කඳුළු මුතු කැට වන දිය කිඳුරියෝ…


    අප කවුරුත් දන්නා දියකිදුරියන් ගැබුරු සාගරයේ ජීවත් වන මිත්‍යා ජීවී විශේෂයකි.ඉන ප්‍රදේශයෙන් ඉහල කොටස මිනිස් ශරිරයකින්ද,ඉනෙන් පහල කොටස මත්ස්‍ය ශරීරයකින්ද හැදිලා තියෙන මේ දිය කිදුරියන් තාමත් ලෝකයට අභිරහස් ජීවියෙකි.

    මොවුන් ගැන නොයෙකුත් මිත්‍යා විශ්වාස තියෙනවා.මෙම දිය කිදුරියන් ඉතාමත් ආකර්ශනීය රූපයකින් යුතු අන් අය තමන් වෙත පොලඹවා ගන්න සමත් කියලයි එම කතාවල තියෙන්නේ.එම මිත්‍යා කතා වලට අනුව මොවුන් තමන්ගේ ආකර්ශණීය සංගීතයෙන් නැවියන් තමන් වෙතට ඇදගන්නවා කියන විශ්වාසයක් තියෙනවා.

    තව මෙයාලට මිනිස්සුන්ගේ කන් අඩි පැලෙන තරම් වේගෙන් කෑ ගහන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා.නැව් වල නැවියන්ට මෙයාලගේ ඒ සද්දේ ඇහිලා තියෙනවා කියලා කට කතාවක් තියෙනවා. 
    “Mermaid” යන වචනය සෑදී තිබෙන්නේ,“Mer” යන්නෙන් ප්‍රංශ භාෂාවෙන් මුහුද යන්න සහ “maid” යන්නෙන් තරුණ කාන්තාව යන්නයි.මොවුන් ගැන ලෝකයේ හැම තැනින්ම වාර්ථා වෙලා තියෙනවා.උදාහරණයක් ලෙස ඉන්දියාවේ මිත්‍යා කතාවක් වන අප්සරා නම් ජලයේ සිටිනා දෙවගන,රුසියාවේ රුසල්කා(Rusalka),ග්‍රීක දේවතාවියක් වන සිරෙන්(Siren) දක්වන්න පුලුවන්.


    මෙම දිය කිදුරියන් හා දිය කිදුරන් ගැන ග්‍රීක හා බැබිලෝනියානු  මිත්‍යා කතා රාශියක් ඇත.


    ට්‍රිටොන්(Triton)

    Triton යනු ග්‍රීක දෙවියෙකි.මුහුදට අධිපති වනPoseidon ගේ පුත්‍රයා වේ.මොහු දියකිදුරෙක් ලෙස තමයි ඔවුන් හදුන්වන්නේ.මොහු තමන්ගේ පියා මෙන් ත්‍රිශූලයක් තම දෑතේ රදවාගෙන සිටී.කොහොම නමුත් ඔහු  හක්ගෙඩියෙන් හා හොරණෑවෙන් කෙනෙකු භීතියට පත් කරන නාදයක් නිකුත් කරනවා මෙන්ම එය අසා සිටින්නෙකුට කැලයේ සිටින ඉතා භයංකාර මෘර්ගයෙකු මැවී පේනවා කියල ඔවුන් විශ්වාස කරනවා.මිත්‍යා වට අනුව Triton ගැඹුරු මුහුදු පත්ලේ තියෙන තමාගේ පියාගේ රත්‍රන් මාලිගාවේ වාසය කරයි.

    ගවේශකයෙකු වන Pausanias,ට්‍රිටොන්ගේ හැඩරුව විස්තර කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

    “ඔහුගේ සිරුර මෝරෙකු මෙන් සියුම් ලෙස කොරල වලින් වැසී තියෙනවා.කන් යටින් කරමලක්ද මිනිසෙකුගේ නාසයක්ද මොහුට තියෙනවා.නමුත් ඔහුගේ කට සහ දත් භයානක මෘර්ගයෙක් වගේ සහ නිල් පාට ඇස් ඔහුට තියෙනවා.මිනිසුන්මෙන් අත් දෙකක් හා ඇගිලි මොහුට තියෙනවා.ඉනෙන් පහල කොටස ඩොල්‍ෆින් කෙනෙකුට මෙන් වරල් තියෙනවා.”තවද මුහුදේ රල නැගෙන්නේ මුහුද කලඹන නිසා කියලත් ග්‍රීක වැසියන් විස්වාස කරනවා.


    සිරෙන්(Siren)

    සිරෙන් නම් ග්‍රීක දේවතාවියකි.මැය තමන්ගේ දූපත අසලින් යන නැව් වල සිටිනා නැවියන්ව තමන්ගේ සංගීතයෙන් මෝහනය කර ගල්පර වලින් වටවූ තමන්ගේ දූපතට එම නැව ගෙන්වා මුහුදුබත් කරයි.Sirenum scopuli වර්තමානයේ Capri ලෙස හදුන්වන්නේ මෙම දේවතාවිය සිටියා යැයි කියන ගල්පර වලින් වට වූ දූපතයි.


    සිරෙන්(Siren)ගේ හැඩරුව කුරුල්ලන් හා කාන්තාවන් ගේ හැඩරුවින් විවිධ අයුරින් හදුන්වා දී තියෙනවා.ග්‍රීක සිතුවම් වලට අනුව Siren හදුන්වන්නේ පක්ෂී සිරුරක් හා කාන්තා හිසක් ඇති බවයි.පසුව ඔවුන් මැය ඉනෙන් ඉහල කොටස කාන්තාවක මෙන් හා පහල කොටස මත්ස්‍ය ශරීරයකින් යොදා සිතුවමට නගා තිබෙනවා.ඇයගේ සංගීත භාණ්ඩය වන්නේ වීණාවයි.දීර්ඝ ගමන් වල යෙදී හෙම්බත් වී සිටින නාවිකයන්ට අමෘතය මෙන් සංගීතයක් මැය තමන්ගේ වීණාවෙන් නිකුත් කර එම නාවිකයන් මෝහනයට පත් කර තමන් වෙතට ගෙන්වා ගනී.මෙම සංගීතයේ අවසානය මරණය යැයි නාවිකයන් විස්වාස කරයි.


    රුසල්කා(Rusalka)


    Rusalka යනු රුසියානු මිත්්‍යා කතාවක එන තරුණ කාන්තාවක ගේ ආත්මයකි.ජනප්‍රවාදයට අනුව ඇය තමන්ගේ විවාහයට පෙර ඝාතනය කරන ලදී.පසුව ලත් ශාපයෙන් ඇය විලක දියකිදුරියක් ලෙස ජීවත් වෙලා තියෙනවා.එම විල අසලින් යන මිනිසුන් හට මිහිරි ගීත ගායනා කර එම මිනිසුන් තමන් වෙතට ගෙන්වා ගෙන විල පත්ලට ගෙන යයි.Rusalka  මෙම ශාපයෙන් මුදවා ගත හැක්කේ ඇය ඝාතනය කල පුද්ගලයා විසින් එම වරද පිලිගත හොත් පමණි යන්න රුසියානු ජනප්‍රවාදයේ සදහන් වෙයි.
    එම මිත්්‍යාවේ සදහන් වන පරිදි රුසල්කා සිහින් සිරුරක් හිමි,පිරිපුන් පියයුරු වලින් යුත් ලස්සන කාන්තාවකි.ඇයගේ ඇස් දීප්තිමත් දුඹුරු පැහැයක් ගන්නා අතර හිස කෙස් තබ පැහැයක් ගනී.ඇයට මිනිසෙකු ලෙස වෙස්වලා ගැනීමටද හැකියාව තිබේ යැයි සදහන් වේ.
    මෙම විල ගණ වනාන්තරයකින් වට වී ඇති නිසා මැය ගස් වල අතු අතර හිදගෙන තම විලෙහි සිටින ආත්මයන් සමග මිහිරි ගීත ගායනා කරයි.නමුත් සමහර අවස්ථාවල මැය මිනිස් වෙස් ගෙන ගම්මාන වලට ගොස් මින්සුන් වශී කරගෙන තම විල වෙතට ‍රැගෙනවිත් මරා දමන බවටද මිනිසුන් විශ්වාස කරයි.

    අනෙකුත් මිත්‍යා විශ්වාස

    මෙම දිය කිදුරියන් නාවිකයන් කරදර වලින් බේරා ගන්නවා යැයි සමහර නාවිකයන් විස්වාස කරනවා.නැවක් මුහුදුබත් වූ අවස්ථාවල එම නැවියන් බේරා ගැනීමට මොවුන් පැමිනෙන බවත්.එම නැවියන්ව දිය කිදුරියන්ගේ මුහුද යට තිබෙන රාජධානි වෙත ගෙනයන බවත්,ඔවුන්ට මිනිසුන් හට වතුර යටදී හුස්ම ගැනීමට බැරි බව අමතක වීම නිසා එම මිනිසුන් මිය යන බවත් විස්වාස කරනවා.තවද මෙම දිය කිදුරියන්ගේ කදුලු වලින් මිනිස් සිරුරේ තාරුණ්‍ය ‍රැක ගැනීමට හැකියාව ඇති බවත් මිනිසුන් විස්වාස කරනවා.තවද මෙම කදුලු මුතු ඇට බවට පත් වෙනවාය යන්න චීන මිනිසුන් විස්වාස කරනවා.


    කෙසේ නමුත් මෙම ජීවී විශේෂය ගැන පිංතූර අන්තර්ජාලයේ තිබුනත් මේවා සත්‍යතාව ඔප්පු කිරීමට අපහසුය. 

  • මම හොරකම් කළේ නෑ අම්මේ කවුරුහරි බෑග් එකට දාලා – බලංගොඩම හැඬවූ පුංචි දියණියගේ මරණයට හේතුව

    බළන්ගොඩ රන්දොලවත්ත ප්‍රදේශයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් දැරියක්‌ පෙරේදා (13 දා) සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ ඇත. මෙසේ මිය ගොස්‌ ඇත්තේ පාතිමා ක්‍රිෂ්ණා (10) නමැති කිරිමැටිතැන්න විදුහලේ ඉගෙනුම ලැබූ සිසු දැරියකි. මරණ පරීක්‍ෂණය ඊයේ (14 දා) බළන්ගොඩ මූලික රෝහලේදී පවත්වන ලදී.
     
    එහිදී සාක්‍ෂි දුන් මියගිය දැරියගේ මව මෙසේ ප්‍රකාශ කළාය.
     
    මෙසේ මියගොස්‌ සිටින්නේ මගේ වැඩිමහල් දියණියයි. ඇය 4 වැනි පංතියේ ඉගෙනුම ලබමින් සිටියා. සිද්ධිය වූ දිනයේ ඇය පාසල් ගියේ නැහැ. මම ඇයගෙන් පාසල් නොයන්නට හේතු විමසුවා. එහෙත් මෙහිදී ඇය “යන්න බැහැ. පසුදා යන්නම්” කීවා. මෙයට මාස තුනකට පමණ පෙර මෙම දියණියගේ පාසල් බෑගයේ ජංගම දුරකථනයක්‌ තිබී මට හසුවුණා. මම පසුව දියණිය ද සමග පාසලට ගොස්‌ ගුරුතුමියට එය භාර දුන්නා. 
     
    මම ෆෝන් එක සොරකම් කළේ නැහැ. එහෙත් පාසලේදී කවුරුන් හෝ මගේ බෑගයට ෆෝන් එක දමා තිබෙනවා කියා දුව කිව්වා. එය ගුරුතුමිය පිළිගත්තේ නැහැ. දුව පාසල් ගිය දිනවලදී මෙම ෆෝන් එක සොරා ගත්තා නේ දැයි කීප වරක්‌ම ගුරුවරිය චෝදනා කර තිබෙනවා. ඉන්පසු පාසලේ ළමුන් ද පාතිමා ෆෝන් හොරා යෑයි උසුළු විසුළු කර තිබෙනවා. මම දුවට කිව්වා ශිෂ්‍යත්ව විභාගය ලියන තුරු කොහොම හරි පාසල් යන්න කියා ඒ ගැන බල කළා. ඇතැම් අවස්‌ථාවල දඬුවම් ද කළා. මම කුලියට තේ දලු නෙළා ජීවත් වන්නේ. මගේ සැමියා මීට වසර තුනකට පමණ පෙර අපිව හැර දමා ගියා.
     
    කෙසේ හෝ ඉකුත් (13) දා අසල නිවසකට මම ගියා තේ දලු කැඩීමට වැඩ තිබේදැයි විමසා බලන්න. පැයකට පමණ පසු නිවසට එද්දී දුව ගෙල වැලලාගෙන නිවස තුළ මියගොස්‌ සිටියා. පසුව මේ සිද්ධිය අසල්වාසී අයට දැනුම් දී පොලිසියට දැනුම් දුන්නා.

    දැරියගේ මිත්තණිය මෙසේ ප්‍රකාශ කළාය.

    මෙයා පේන්න නැහැ.ඊටපස්සේ වටේම ගිහිල් මෙතන බලනකොට කෑගහුවේ ඊට පස්සේ තමයි අපි දුවගෙන ආවේ.ළමයින්ට වචනකින්වත් හිතරිදෙන ඒවා කරන්න එපා.වැරැද්දක් තියෙනවනම් දරුවන්ට දෙමාපියෝ ගෙන්නලා ඒක විසඳන්න.ළමයින්ගේ හිත රිද්දන්න එපා.උගන්වලා හොඳ තැනකට ගන්න මම සෑහෙන්න උත්සාහ ගත්තා.අන්තිමට මේ දේ වෙයි කියලා මම හිතුවේ නැහැ.

    [rns_reactions]

  • ඕස්ට්‍රේලියානු නිව්කාසල් කොළඹට

    ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව්කාසල් නෞකාව ඊයේ (නොවැම්බර් 14) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

    නිව්කාසල් නෞකාව දිගින් මීටර් 138.1 කින් යුක්ත වන අතර, පළලින් මීටර් 14.3 ක් වේ. ටොන් 4200 ක ධාරිතාවකින් යුක්ත නෞකාවේ 184 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.

    සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී විවිධ වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් මස 17 වන දින නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.

  • රාජ්‍ය සේවක වැටුප් 15%කින් වැඩිවෙයි

    2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු‍වේ දී ඊයේ (14) පැවැසීය.

    රාජ්‍ය සේවකයන්ගේ එම වැටුප් වැඩිවීම හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

    මෙම වැටුප් වැඩිවීම අනුව රාජ්‍ය සේවයේ පහළම සේවය වන කාර්යාල කාර්ය සේවකයාගේ සිට රාජ්‍ය සේවයේ ඉහළම වැටුප් දරන නීතිපතිවරයා දක්වා වැටුප් වැඩිවීම සිදුවන බවත් ඇමැතිවරයා පැවැසීය.

    ඒ අනුව කාර්යාල කාර්ය සහායක සේවකයාගේ මූලික වැටුප රුපියල් 14,000 සිට රුපියල් 23,000 දක්වා වැඩි කෙරෙන බවත් නීතිපතිවරයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ දසදහස දක්වා වැඩිවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප 60,000 සිට රුපියල් 69,756 දක්වා වැඩිවන බවත් ඇමැතිවරයා පැවැසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා

    2016 වසරේ දී කාර්යාල කාර්ය සහායක සේවකයකුගේ මූලික වැටුප රුපියල් 17,450ක් වුණා. 2017 වසරේ දී ඔවුන්ගේ වැටුප රුපියල් 20,575 ක් උනා.2018 වසරේ දී එම වැටුප 23600ක් වෙනවා.ඒ අනුව කාර්යාල කාර්ය සහයකයකුගේ වැටුප ලබන වසරේ දී රුපියල් 3075 කින් වැඩිවෙනවා.

    නීතිපතිවරයාගේ වැටුප 2018 වසරේ දී 1, 10000 වෙනවා. එය රුපියල් දාහතර දහසක වැඩිවීමක්. ඒ අනුව කාර්යාල කාර්යාල සේවකයාගේ සිට නීතිපතිවරයා දක්වා සියයට පහළොවකින් වැටුප් වැඩිවෙනවා.

  • “සෝවාන් වෙලා ලූ, ගත කරන්නේ සරල ජිවීතයක්ලූ” මුලු බුකියම කතා කරන කවුද මේ සඳ දෙවිඳු ?

    මේ දිනවල එක් සුවිශේෂිත පුද්ගලයෙකු ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ කතා බහට ලක්ව තිබෙනවා.

    ඒ සුදු පැහැති ඇදුමින් , වටාපතක්ද රැගෙන සිටින , ෆෙස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ සඳ දෙවිඳු නමින් පෙනි සිටිනා පුද්ගලයෙක්.

    මෙම පුද්ගලයා කවුරුන්ද , කුමන හේතුවක් මත මෙලෙස පෙනි සිටිනවා දැයි තවම හෙළිව නෑ.

    කෙසේ වෙතත් මෙම පුද්ගලයා පසුගිය දිනෙක , නිවෙසක් වෙත ගොස් සිටි අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

    මේ පිළිබදව සමාජ ජාලා වෙබ් අඩවි ක්‍රියාකාරීකයන් විවිධ අදහස් දක්වා තිබෙන අයුරුද දැක ගත හැකියි.

    එම පුද්ගලයාගේ ඡායාරූප සහ ඒ පිළිබදව සමාජ ජාලා ක්‍රියාකාරිකයෙක් තැබු සටහනක් පහතින්,

     






    [rns_reactions]