Tag: featured

  • ඉන්දියාවේ තෙල් වැඩි මිලට අපිට එපා.. රියදුරන් IOC ඉන්ධන හල් මගහරින්න සූදානම්

    IOC ඉන්ධන ප‍්‍රතික්ෂේප කිරීමට සූදානම් බව පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියැදුරන් සහ ති‍්‍රරෝද රථ රියැදුරන් පවසනවා.

    මෙම මස සිට පෙට‍්‍රල් සහ ඩීසල් මිල IOC සමාගම විසින් ඉහළ දැමීමට තීරණය කිරීම මීට හේතුවයි.

    සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමයේ සභාපති මල් ශ‍්‍රී ද සිල්වා පෙන්වා දෙන්නේ සුළු කරදරයක් සිදු වුවද සිය සාමාජිකයන් ඉන්ධන මිල අඩු  ඉන්ධන හල් වෙත යනු ඇති බවයි.

    සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. එහිදී ඔහු පෙන්වා දුන්නේ  IOC සමාගමට වැඩි මුදලක් ගෙවීමට සිය සාමාජිකයින්ද සූදානම් නැති බවයි.

    [rns_reactions]

  • කතරගම පුදබිම ලෝකයට ගෙන යන අහස් යන්තරේ

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අළුතින්ම එක් වුණු එයාර්බස් A320 neo ගුවන් යානය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් අද කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී පැවැත්වුණා.

    කොහොම හරි මේ පරීශ්‍රවය තුළ රැඳී සිටි අපට කිසිවෙකුට ඇස නොගිය තැනක් සම්බන්ධයෙන් අපුරු දෙයක් දැකගන්න ලැබුණා. ඒ නඩත්තු කටයුත්තක් වෙනුවෙන් නවතා තිබු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් සම්බන්ධයෙන්.

    ගුවන් යානා නම් ඉතින් ගුවන් තොටුපොළේ නතර කරන්නේ නැතුව කොහේ නතර කරන්නද? ඒක නිසා මේ කියන්න යන්නේ එහෙම සිද්ධියක් ගැන නෙවෙයි.

    මේ ගුවන් යානයේ ඉදිරිපස ප්‍ර දේශය අශ්‍රීතයේ ගහලා තිබුණා අපුරු නමක්. එකේ ගහලා තිබුණෙ “City of Kataragama“ (කතරගම නගරය) යන්නයි.

    අපි ඒ ගැන ටිකක් ඒ හරියේ හිටිය දන්න කියන නෙනෙකුගෙන් ඇහුවා. ඇයි මෙහෙම නමක් දාලා තියෙන්නේ කියලා.

    එයා නම් කිව්වේ ලංකාවේ පෛරාණික තැන් ඒ වගේම විදේශ සංචාරකයින්ගේ ඇස යන ඇතැම් තැන් වල ප්‍රවර්ධන කටයුතු සඳහා මේ විදියට ගුවන් යානා වලට නම් දමා ඇති බවයි.
    නමුත් මේ නම් ගුවන් යානයේ නිල නාමය නම් නෙවෙයිලු. සුරතල් නාමය කියලයි කියන්නේ.

    මේ විදියට City Of Magampura, City Of Anuradhapur වගේ නමුත් මේ වගේ ඇතැම් ගුවන් යානා වලට යොදලා තියෙනවා කියලයි දැනගන්න ලැබුණේ.

    කොහොම හරි ඉතින් මේ විදියට ගුවන් යානා වලට සුරතල් නම් යොදලා තියෙන එකනම්හොඳ වැඩක් කියල අපිටත් තේරෙනවා. මොකද එතකොට අපේ රටේ නගර වලටත් ප්‍රවර්ධන කටයුතු වලින් ඉහළ වටිනා කමක් එනවනේ.

    [rns_reactions]

  • මනිපාල් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් කළුතරට – සයිටම් නිසා වෛද්‍ය පීඨය පසුව එයි

    වෛද්‍ය පීඨයක් නොමැතිව ඉන්දියානු මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව පවතී. 2017 පෙබරවාරි 14 දින උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාකල් ඉල්ලා තිබුණි.
    පසුගිය දා පැවති කැබිනට් රැස්වීමේ දී ඊට අනුමැතිය ලැබී ඇති අතර මෙම විශ්වවිද්‍යාලය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ අක්කර සියයක භූමියක් වෙන් කිරීමට නියමිතය.

    පෞද්ගලික ආයෝජකයන්ට ලංකාවේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජන අවස්ථා සලසා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. එහි තොරතුරු තාක්ෂණය, කළමනාකරණය සහ ඉංජිනේරු විෂයන්ට අදාළ උපාධි හැදෑරීමට අවස්ථාව සලසා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 75 ක ආයෝජනයකින් ඇරඹෙන මෙම ව්‍යාපෘතිය සඳහා වෛද්‍ය පීඨයක් ඇතුළත් කර නැත්තේ දැනට පවතින සයිටම් විරෝධය නිසා වුව ද විශ්වවිද්‍යාලය ආරම්භ වීමෙන් පසුව එවැන්නක් ස්ථාපිත කිරීම සිදු කෙරේද යන්න පැහැදිලි නැත.

    [rns_reactions]

  • වේගය මාරු කැඳවයි. 3ක් මරුට…

    කොළඹ කතරගම මාර්ගයේ හුංගම ලුණුම දුටුගැමුණු විද්‍යාලය අසල දී අද (25) අලුයම සිදුවු රිය අනතුරකින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි හුංගම පොලිසිය කියයි.
    තුවාල ලැබූවන් හම්බන්තොට  රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි.
    කොළඹ කතරගම මාර්ගයේ තංගල්ල දෙසට ධාවනය වු ටිපර් රථයක් හා කතරගම දෙසට ධාවනය වු ත්‍රිරෝ ද  රථයක් මුහුණට මුහුණ ලා ගැටිමෙන් අනතුර සිදුව ඇත.
    ත්‍රිරෝද  රථයේ පස්දෙනකු ගමන් කර ඇති අතර එහි ගමන් ගත් දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.

    [rns_reactions]

  • පුත්තලමට නැවතත් නියං තත්වයක අවධානමක්

    පුත්තලම දිස්ත්‍රික්කය පුරා දැනට පවතින නියං තත්වය ඉදිරියටත්  පැවතුන හොත් පුත්තලම දිස්ත්‍රික්කයේ ජල මුලාශ සිදි යාමේ අවධානමක් පවතින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එම්.එන් චිත්‍රානන්ද මහතා කියයි.

    මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ නියං තත්වය දරුණු වෙමින් පවතින බවත් දැනට ජලය ලබා ගන්නා ළිංවල ජල මට්ටම සීග්‍ර ලෙස අඩුවෙමින් පැවතිම නිසා ඉදිරියේදි වැසි නොලැබුනහොත් එම ළිං වලට ජලය ලැබෙන ජල මුලාශ සිදි යාමේ දැඩි අවදානමක් පවතින බව හෙතෙම කියයි.

    මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 16 න් 13 ක ග්‍රාම නිළධාරි වසම් 132 ක් තුළ පවුල් 26418 ක සාමාජීකයින්  92449  පිඩාවන්ට පත්ව ඇති බව ඒ මහතා පවසයි.එය පසුගිය සතියට වඩා වැඩි වී ඇතැයි පැවසේ.

    ජල බවුසර් යොදා ගනිමින් ජලය බෙදා හැරුනද දැනට ජලය ලබා ගන්නා ළිං තුළද ජල මට්ටම අඩුවිම බරපතල තත්වයක් බව ඒ මහතා පවසයි.

    [rns_reactions]

  • ක්‍රිකට් නංවන්න හදවතින්ම ලංකාවට කල සේවයට සංගා මහේල ග්‍රැහැම් ෆෝඩ්ට තුති පුදයි..

    නව පුහුණුකරුවෙකු සොයා මේ වනවිට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසනවා.

    ඒ,ග්‍රැහැම් ෆෝඩ් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීම නිසයි.

    මේ අතර ග්‍රැහැම් ෆෝඩ් තම සේවා කාලය කලින් නිම කිරීම   සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු නායකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර සිය ට්විටර් ගිණුම් ඔස්සේ ප්‍රශ්න කර තිබෙනවා.

    ඔවුන්ගේ ට්විටර් පණිවිඩ පහතින් දැක්වෙනවා.


    [rns_reactions]

  • චාමරී අතපත්තුගේ අර්ධ ශතකය ‘අපතේ යවමින්’ නවසීලන්තය තරගය ජයගනී…

    අයි.සී.සී. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (24) පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

    මෙම තරග පැවතියේ එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී.

    එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත  පන්දු වාර 50 අවසානයේ ලකුණු 188ක් ලබා ගත්තා.

    චාමරී  අතපත්තු ලකුණු 53ක් ලබාගත් අතර ඊට හතරේ පහර 7ක් ඇතුළත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 37.4කදී එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

    එහිදී  සුසී බෙට්ස් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තා

    [rns_reactions]

  • මහින්දට ලකුණු දෙන්න දිලුම් අමුණුගම ගෙතු අමු බොරුවට යුධ හමුදාවෙන් පිළිතුරු!

    මහනුවර නගරයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි කෙරෙන ප්‍රකාශ හමුදාව ප්‍රතික්ෂේප කරනවා.

    යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ තමන් ඊයේ (24) දිනයේ ද එම හමුදා කඳවුරෙහි සංචාරය කළ බවයි.

    එය ඉවත් කිරීමට කිසිදු සූදානමක් නැතැයි ද ඔහු පැවසුවා.

    මහනුවර නගරයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගමයි. මහනුවර දී ඊයේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු ඒ බව පැවසුවා.

    [rns_reactions]

  • දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් තමන් වැඩියෙන්ම ආදරය කරන චරිතය වෙනුවෙන් හඩමින් කියූ ගීතය මෙන්න…

     

    [rns_reactions]

  • දෙවෙනි ඉනිමේ නයනතාරා ජයග්‍රහණයෙන් පසු උම්මා දෙමින් කියපු කතාව මෙන්න…

    https://www.facebook.com/100007235508244/videos/1901902046727627/?autoplay_reason=user_settings&video_container_type=4&video_creator_product_type=0&app_id=350685531728&live_video_guests=0

    [rns_reactions]

  • සරණ නොමැතිව සෝරත පොඩි සාදු ජනප්‍රියම ළමා නළුවා සම්මානය ගත්ත හැටි මෙන්න…

    13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ(24) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

    සම්මාන උළෙලේ 2016 වසරේ හොඳම ලමා නලුවාට හිමි සම්මානය හිමිවූයේ සිදූ ටෙලි නාට්‍යයේ සෝරත පොඩි නමගේ චරිතයට රඟපෑ කවීෂ් විහග පුතාටයි.

    සිය සහය නලුවා වන සරණ පූස් පැටියා නොමැතිව වේදිකාවට ගොඩවූ කවීෂ් විනාඩි කිහිපයකට මුලු ප්‍රේක්ෂකාගාරයේම මුවඟට සිනාවක් ගෙනදීමට සමත් වුණා.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වේ.

    [rns_reactions]
  • හිත්වල කෝ බන් ආදරේ? – රයිගම් 2017 විශිෂ්ඨතම නිළිය උමාලි සාරන්ගගෙන් ප්‍රසිද්ධියේම අසයි…

    13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ(24) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

    සම්මාන උළෙලේ 2016 වසරේ විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ උමාලි තිලකරත්නයි. සම්මාන උළෙලේ නිවේදකයා වශයෙන් කටයුතු කලේ ඇගේ සැමියා වන සාරංග දිසාසේකරයි.

    පසුගිය සමයේදී මෙම දෙදෙනාගේ විවාහය දෙදරා ගිය බවට මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක්වුවත් විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානය අතට ගත් උමාලි සාරංග ගැන සිය සතුට පළ කලා.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වේ.

    [rns_reactions]
  • කොළඹට ගොම ගෙනෙන බව කිරි ගොවියෝ කියති..

    කිරිගොවීනට මුහුණ දීමට ඇති අර්බුදවලට නිසි විසැදුමක් සතියකින් ලැබුණොත් ගොම පිරවු ලොරි හා කරත්තවලින් කොළඹට එන බව සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ල යාපාගම දී අද (24) පෙරවරුවේ පැවැසීය. කිරිගොවීනට සහන ඉල්ලා හෙට (25) දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට කඩාකප්පල් කිරීමට පිරිසක් මාන බලන බව ඔහු චෝදනා කළේය.

    [rns_reactions]