Tag: featured

  • ජන දුක හදුනන ජනපති පුතුගෙන් අසරණ දෙව්මිණිට නිවසක්..

    රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ දිවි ගෙවන දෙව්මිණි අධ්‍යාපනයට දක්ෂ දරුවෙක් වන අතර පන්තියේ හැමදාම ඵලවෙනි තැන ලබාගත් ශිෂ්‍යාවක් බවත් වාර්තා වෙනවා. එසේම ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත මෙම දියණිය මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට මෙවර ශිෂත්ව විභාගයට පෙනීසිටින දරුවන් සමග එකට පිළිතුරු ලබාදී පාසලේ වැඩිම ලකුණුද ලබාගෙන තිබෙනවා. පියාද අහිමි දෙව්මිනිගේ මව ඇයව පෝෂණය කරනු ලබන්නේ රෙදි මැසිමෙන්.

    අග හිඟ කම් මද වේල පිරිමසා ගනිමින් දෙව්මිනිගේ අධ්‍යාපනය ඉදිරියට රැගෙන ගිය රෝගී මවට රෝදුරු ගංවතුරට ගසාගෙන ගිය තම නිවස නැවත තැනීම සිහිනයක් පමණක් බවට ඇයගේ මව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනා.

    පෙරේදා දිනයේදී මෙම පුවත දුටු සෑම දෙනාම කඳුලින් බරවුණා. ඒ ඇයට සිදුවූ සිදුවීම නිසා.

    පුංචි දෙව්මිනිගේ මෙම ගැටලුව මාධ්‍ය වලින් දුටු ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා ඊයේ එම ප්‍රදේශයට ගොස් පුංචි දෙව්මිණිගේ කඬාවැටුනු නිවස සහ සිදුවූ සිදුවීම නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදුසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නා.

    එමෙන්ම ඊට අදාල ඉඩමක් ලබා ගැනීම සඳහා දහම් සිරිසේන මහතා ඊයේ කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ හඳපාන්ගොඩ මහින්ද නායක ස්වාමින් වහන්සේ සහ හිටපු ශ්‍රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නායක ස්වාමින්වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේය.

    එහිදී නායක ස්වාමින් වහන්සේලා රජයේ වැඩපිලිවෙලක් යටතේ මෙම නිවස සාදනු ලබන්නේදැයි විමසූ අතර එහිදී හෙළි වූයේ රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන තම පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන මෙම දැරියට නව නිවෙසක් දහම් සිරිසේන මහතා මූලිකත්වය ගෙන සාදා දෙන බවයි.

    ඒ කාරණය පිළිබඳව පැහැදුනු නායක ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කලේ එම නිවෙස සෑදීම සඳහා රජමහා විහාරස්ථානයට අයත් පර්චස් 20ක ඉඩමක් ලබා දීමට සූදානම් බවත්, නිවෙස ඉදිකිරීම සඳහා මුල් ගල තබන දින එහි වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනා කිරීමට නායක ස්වාමින් වහන්සේලා වැඩම කරන බවත්ය.

    .

    [rns_reactions]

     

  • ලොක්කා බණ කියද්දි පොඩ්ඩො වෙරිමතින් – පොලිසියෙන් ඇහෙන කථාව මෙන්න…

    ශ්‍රී ලංකා පොලිසියට දිනෙන් දින එල්ලවන චෝදනා වල නම් කිසි අඩුවක් නැතිය. මේ ඊයේ කන්තලේ ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක්ය.

    බීමතින් සිටි බව කියන සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් දෙනෙනෙකුට කන්තලේ බෝගස්හන්දිය ප්‍රදේශවාසීන් විසින් දිගට හරහට පහර දී තිබේ.

    ගැටුමට හේතුව වී ඇතැයි ගම්වාසීන් කියන්නේ අදාල පොලිස් නිලධාරීන් විසින් ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුට පහර දීමයි.

    [rns_reactions]

  • කොළඹ එකතුවන කුණු කඳු වලින් නිවාස 35000කට විදුලිය ලබාදෙන්න පුළුවන්.

    ලංකාවේ දිනකට එකතු‍වෙන කසළ මෙට්ට්‍රක් ටොන් 6000න් 60% ක් එකතු වෙන්නේ බස්නාහිර පළාතේ කුණු කඳු 25න් බවත් අඩු භූමියක වැඩි ජන ඝණත්වයක් තිබීම මෙයට හේතුව බවත්  බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරැම මහතා පවසයි.

    ජනතාව කසළ ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියට චර්‍යාත්මකව වෙනස් වී සහය නොදැක්වුවොත් ඉදිරි විසි වසර තුළදී මීතොටමුල්ලේ වැනි ඛේදවාචක සිදුවිය හැකි බව ද ඒ මහතා කියයි.

    රත්මලාන කරදියාන සහ ගම්පහ දඹුවත්ත කසළ අංගනයන්හී එකතුවන කසළ ප්‍රතිචක්‍රිකරණය සඳහා ඕස්ට්‍රේලියාව සහ ඩෙන්මාර්ක් සමාගම් දෙකක් සමග ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් ඒ මහතා මෙම බව කීය.

    “ මේ කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අප ඩෙන්මාර්ක්වල ෆෙයාවේ වේස් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමත් , ඕස්ට්‍රෙලියාවේ ට්‍රයිලොජි ඊටීසී පුද්ගලික සමාගම සහ ඔපස් ක්ලීන් එන්වයමන්ට් එලායන්ස් සමාගම සමග බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුමක් අත්සන් කෙරුණා.“

    මේ සඳහා යොදා ගැනෙන්නේ ඩෙන් මාර්ක් සහ නෙදර්ලන්තෙන් හඳුන්වාදුන් තාක්ෂණය.මෙගා වොට් දහයක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කිරීමටත් බයෝ ගෑස් නිෂ්පාදනය සහ දියර පොහොර නිෂ්පාදනය තුළින් කසළ ප්‍රතිචක්‍රිකරණය සිදු කිරීමටත් සැලසුම් කර තිබෙනවා මේ තුළින් නිවාස 35000කට විදුලිය ලබා දෙන්න පුළුවන් “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

    [rns_reactions]

  • සිදුකළ අපරාධ වලට මහින්ද පෝරකයට යැවිය යුතුයි – ජවිපේ ප්‍රසිද්ධියේ කියයි..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මරණ දඬුවම ලබා දිය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී මේ බව කියා සිටියේ එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේ මහතායි.

    https://youtu.be/-lqliNBK4lY

    [rns_reactions]

  • මාධ්‍ය හමුවේ ලසිත් මාලිංග කියපු සැර කතාව (VIDEO)

    ශුරයන්ගේ කුසලානයට එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියා.පකිස්ථාණය සමග පැවති තීරණාත්මක එක්දින තරගය පරාජය වූවත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනුනා. ශ්‍රී ලංකාවට පැමිණි ජාතික ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමට බොහෝ දෙනෙක් කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටි අතර මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග මාධ්‍යය සකච්ජාවක්ද පැවැත්වුවා.

    එහිදී එක් මාධ්‍යවේදියෙකු ලසිත් මාලින්ගගෙන් විමසා සිටියේ පන්දු රකින ක්‍රීඩකයන් පිලිබදව ඔබ සිතනා දේ පිලිබදව යමක් පවසන්න කියාය. එහිදී මාලිංග පැවසුවේ මම විකට් ගත්තේ නැත්නම් මිනිස්සු මට බනියි.මම විකට් ගත්තොත් මට මිනිස්සු මුකුත් කියන එකක් නැ. මම විකට් එකක් ගත්තහම හැමදාම හොද කියන්නේ මට විතරයි. එක අල්ලන පන්දු රකින්නාට කවුරුවත් හොදක් කියන්නේ නැ.එත් පන්දු රකින්නා අතින් පන්දුවක් ගිලිහුනාහම එයාට විතරක් බනිනවා.එක නිසා බුද්ධිමත් ජනතාව දන්නවා මොකද්ද වුනේ කියලා.

    එහි සම්පුර්ණ වීඩියෝව පහතින්.

     [rns_reactions]
  • 17 වසරක අදුරු යුගයෙන් පසුව පකිස්ථානයට ජයග්‍රහණයක්…

    ICC චැම්පියන්ස් කුසලාන තරඟාවලිය පෙරළි රැසක ඇරඹුම බවට පත්වූ පකිස්ථාන කණ්ඩායම  ඊයේ සත්කාරක  එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් චැම්පියන්ස් කුසලානයේ අවසන් සටනට සුදුසු කම් ලබාගැනීමට සමත් විය.

    තරඟාවලියේ දුර්වලම කණ්ඩායම ලෙසින් තරඟාවලිය ඇරඹු පකිස්ථානය වාසනාව සහ දක්ෂතාව සමඟ අවසන් තරඟය කරා පැමිණීම අපුරු ගමනකි.ඉන්දියාවෙන් දරුණු පරාජයක් ලැබීමෙන් අනතුරුව යලි පිබිදුන පකිස්ථානය දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම් පළමු වටයේ පරාජයට පත් කල අතර සත්කාරක එංගලන්තය පරාජයට පත් කරමින් අවසන් තරඟයට සුදුසු කම් ලැබීමට සමත් විය.

    පකිස්ථානය ICC ය සංවිදානය කරන  ප්‍රදාන එක්දින තරඟාවලියක අවසන් තරඟයකට පැමිණියේ 17 වසරක අවසන් පුරව තරඟ ජයග්‍රහණ ඉඩෝරයකින් පසුවය.අවසන් වරට 1999 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයට සුදුසු කම් ලැබූ පකිස්ථානයට ඉන් පසුවම එවැනි ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වී ඇත.

    ඊයේ එංගලන්තයට එරෙහිව පැවති තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 211 කට සීමා වූ අතර පකිස්ථාන ඉනිමේ කිසිම අර්ධ ශතකයක් වාර්තා නොවූ අතර වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගත් ජෝ රූට් ලකුණු 46 ලබාගැනීමට සමත් විය.පන්දු යැවීමේදී පකිස්ථාන වේගපන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනුනි.

    ලකුණු 212 ක ජයග්‍රහණය හඹා යාමේදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් පකිස්ථාන පිතිකරුවන් ලකුණු 118 ක සම්බන්දතාවයක් පවත්වා ගත් අතර,තරඟයේ වැඩිම ලකුණු ලාභියා වෙමින් අසාර් අලී ලකුණු 76 ලබා ගැනීමට සමත් විය.

    ජයග්‍රහණය හඹා යාමට පකිස්ථානයට අවශ්‍ය වුයේ පන්දු වාර 34.1 පමණක් වූ අතර ඒ වෙනුවෙන් පකිස්ථානය බිලිදුන්නේ කඩුලු 2ක් පමණි.

    capture-20170616-052628

    capture-20170616-052700

    [rns_reactions]

  • ක්‍රිකට් ලිලිපුට්ටන්, ලොව හොල්ලපු ගලිවර්ලා සම කරයි …

    ක්‍රිකට් පිටියේ ඇෆ්ගනිස්ථානය සහ කොදෙව් දේශය යනු සංසන්දනය කල නොහැකි තරම් ක්‍රිකට් ඉතිහාසය අනුව වෙනස් කම් ඇති කණ්ඩායම් දෙකකි.

    කොදෙව්වන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසයේ හිමි තැන අනුව කොදෙව්වෝ ක්‍රිකට් ගලිවර්ලා නම් ඇෆ්ගනිස්ථානය ලිලිපුට්ටන්ය.නමුත් ඉතිහාසයේ අභිමානය කෙලෙසාගෙන ඇති ක්‍රිකට් ගලිවර්ලා දැන් කලක පටන් සිටින්නේ ක්‍රිකට් ළදරුවන් සමඟය.

    අනෙකුත් ක්‍රිකට් ලෝකයේ ප්‍රබල කණ්ඩායම් චැම්පියන්ස් කුසලානය ක්‍රීඩා කරද්දී කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්ථානය සමඟ ක්‍රිකට් තරඟාවලියකට එක්වේ.කොදෙව් දේශයේ පැවති එක්දින තරඟාවලිය 1-1 ලෙස සම කර ගැනීමට අද ඇෆ්ගනිස්ථානය සමත් විය.

    තරඟාවලියේ පළමු තරඟයේ ජය ඇෆ්ගනිස්ථානය සතු වූ අතර දෙවන තරඟය කොදෙව්වන් ජය ගැනීමට සමත් විය.

    තරඟාවලිය තුල සාර්ථකම පිතිකරුවා වුයේ ඇෆ්ගන් ක්‍රීඩක ගුලබ්දීන් නබී  වූ අතර දෙවන වැඩිම ලකුණු ලාභියා වුයේද ඇෆ්ගන් ක්‍රීඩකයෙකු වූ ජාවෙඩ් අහමදි ය.

    දක්ෂතම පන්දු යවන්නා වුයේ ඇෆ්ගන් ක්‍රීඩක රෂීඩ් ඛාන් ය.රෂීඩ් තරඟ දෙක තුලදී කඩුලු 10 බිද දැමීමට සමත්වීම කැපී පෙනේ.

    [rns_reactions]

  • තවමත් පිත්තෙන් වැඩ පෙන්වන සංගක්කාරගෙන් ශතක 100ක්…

    සිය ක්‍රිකට් දිවියේ සිය වෙනි ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ට ක්‍රීඩාලෝලීන් ගෙන් සහ සහෝදර ක්‍රීඩකයන්ගෙන් සුභ පැතුම් පළවෙමින් තිබේ.

    බ්‍රිතාන්‍යයේ සරේ කණ්ඩායම වෙනුවෙන් තරග කරන කුමාර් සංගක්කාර යෝක්ෂයර් ප්‍රාන්තයට එරෙහි එක් දින තරගයකදී සියවෙනි ශතකය වාර්තා කළේය.

    එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක පිතිකරු කෙවින් පීටර්සන් සහ රූපවාහිනී නිවේදක පියර්ස් මෝගන් ද සංගක්කාරට සුභ පැතූ පිරිස අතර සිටිති.

    මේ දිනවල පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ විස්තර විචාරයටද එක් වී සිටින කුමාර් සංගක්කාර සරේ ප්‍රාන්තය වෙනුවෙන් ඉතා දක්ෂ පිතිහරඹයක නිරතව සිටියි.

    පසුගියදා එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කරමින් පිට පිටම පළමු පෙළ ශතක පහක් වාර්තා කළ ඔහු ලබන සැප්තැම්බර් මාසයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

    [rns_reactions]

  • ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුවන්නට යන වෙනස මැතිව්ස් හෙළිකරයි….

    සිය කණ්ඩායමේ තුන්ඉරියව් කී‍්‍රඩකයන් විටින්විට දක්‍ෂතා දැක්වීම පිළිබඳ ඉදිරියේදී සලකා බැලිය යුතු බව ශ‍්‍ර‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

    පාකිස්තානය සමග ඊයේ (12) පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැතිව්ස් මේ පිළිබඳ අදහස් පළ කළා.

    එහිදී ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් සඳහන් කළේ කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී තුන්ඉරියව් ලෙස වර්ග කිරීමකට වඩා වැඩි අංශයන් ගණනාවක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇති බවයි.

    ඉදිරියේදී බොහෝ දේ වෙනස් කර ගනිමින් ගමන් කිරීමට සිදු වෙන බවද ඔහු පැහැදිළි කළා.

    [rns_reactions]

  • මිත්‍යාදෘශ්ඨික මහින්ද ජනපති මෛත්‍රි ඇතුළු නායකයින්ට කරපු හුණියමක් එලියට…

    කැබිතිගොල්ලෑ පදවිය ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි සොහොන් පිටියක තිබී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනාට හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනකුට සහ පුත‍්‍රයකුට වින කරමින් සිදුකළ හදි හූණියමක් සහිත තඹ පත‍්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවී තිබේ.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය හේතුහාමිගේ නන්දසේන, උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න ඒ මහතාගේ පුත‍්‍රයා වන තුසිත ගුණරත්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් වන පෞද්ගලික ලේකම් කවීන් දිසානායක නීතිඥ, අමිල දිසානායක හා රවීන්ද්‍ර දිසානායක යන මහත්වරුන්ගේ නම් හා ඊට අඳින ලද රූප තඹ පත‍්‍රිකාවේ දක්නට ලැබුණි.

    මීට සති කිහිපයකට ඉහතදී කිසියම් අයෙකුගේ උපදෙස් මත හූනියම සිදුකළ කට්ටඩියා විසින් අඟල් දහයක් පමණ දිග තඹ පත‍්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නාමයන් ලියා එහි තිරස් අතට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා තිබුණි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපති මැතිවරණය සමයේදී ප‍්‍රසිද්ධියට පත් වූ ඉන්දීය අගමැති නරෙන්ද්‍ර සිං මෝදි මහතා පැළඳි ජැකට්ටුව ඇඳ සිටින අයුරු හූනියම් තහඩුවේ ඇද ඇති ආකාරය දකින්නට ලැබේ.

    [rns_reactions]

  • අපේ තරගය වෙනස් කළ තිසර ඔබ අමතයි… කියපු කතාව මෙන්න..

    ශුරයන්ගේ කුසලානයේ ඊයේ පකිස්ථානය සමඟ පැවති තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමත් සමඟ සමාජ ජාල ඔස්සේ විවිධ කතාවන් පැතිරෙන්න වුනා.

    විශේෂයෙන්ම තිසර පෙරේරා සහ සීක්කුගේ ප්‍රසන්න ගැන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විශේෂ කතා බහක් ඇතිවුනා. තිසර පෙරේරාට රැක ගැනීමට තිබු ඉතාමත් පහසු උඩ පන්දුවක් අතහැරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම වෙනස්ම අතකට හැරවූ බවයි ගොඩක් දෙනාගේ මතය වුනේ.

    මේ සිදුවීමට පෙර තිසර පෙරේරා මාධ්‍යවෙත කියු කතාව පහතින්…….

    [rns_reactions]

  • සිත්පිත් නැති රුදුරු ගංදිය නිසා අසරණ වු පුංචි දෙව්මිණියගේ කතාව මෙන්න….

    රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ දිවි ගෙවන දෙව්මිණි අධ්‍යාපනයට දක්ෂ දරුවෙක්. ඇය පන්තියේ හැමදාම ඵලවෙනි තැන ලබාගත් ශිෂ්‍යාවක්. එසේම ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත මෙම දියණිය මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට මෙවර ශිෂත්ව විභාගයට පෙනීසිටින දරුවන් සමග එකට පිළිතුරු ලබාදී පාසලේ වැඩිම ලකුණුද ලබාගෙන තිබෙනවා. පියාද අහිමි දෙව් මිනිගේ මව ඇයව පෝෂණය කරනු ලබන්නේ රෙදි මැසිමෙන්.

    පසුගිය 26 වෙනි දින ගොඩ ගැලු කළු ගං දිය පියකුගේ රැකවරණය අහිමි වූ දියනියකගේද ස්වාමි පුරුෂයකු අහිමි වූ බිරින්දකගේද ජිවිත උඩු යටිකුරු කර දැමුවේ ඔවුනට ඇඳිවත පමණක්ම ඉතිරි කරමින්. ඔවුන් විසු කුඩා නිවස ජල රකුසා රැගෙන ගියේ දෙවුමිනිගේ සහ මවගේ අහිංසක හීනද ගන්වතුරටම යට කරමින්.

    අග හිඟ කම් මද වේල පිරිමසා ගනිමින් දෙව්මිනිගේ අධ්‍යාපනය ඉදිරියට රැගෙන ගිය රෝගී මවට රෝදුරු ගංවතුරට ගසාගෙන ගිය තම නිවස නැවත තැනීම සිහිනයක්.

    මේ ඇගේ කඳුළු කතාවයි

  • රට වෙනුවෙන් උපරිමයෙන් සේවය කළ මාලිංගගේ ඉදිරිය ගැන මම දන්නේ නෑ – මැතිව්ස්ගෙන් ප්‍රකාශයක්

    ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පකිස්තානය සමග පැවති තරගයෙන් අවසනාවන්ත ලෙස පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ඇන්ජෙලා් මැතිව්ස්ගෙන් මාධ්‍යවේදියෙකු ලසිත් මාලිංග ගැන විමසුවා.

    ඒ ඔහු ඉදිරියේදී ජාත්‍යන්තර පිටියේදී හමුවනු ඇත්ද යන්නයි. ඒ වෙනුවෙන් ඔහු ලබා දුන්නේ තරමක  සැක සංකා මතුවන පිළිතුරකි. එනම් එය අවිනිශ්චිත බවකි. මාලිංග කණ්ඩායමේ සිටින චැම්පියන් බෝලර් බවත්, ඔහු තම උපරිමය කළ බවත් මැතිව්ස් මෙහිදී සිහිපත් කළා.

    https://youtu.be/L-xzU9RD__g

    [rns_reactions]

  • දුම්රිය මාර්ගයක සෙල්ෆි ගන්න ගිය අලුත බැඳපු යුවලක් මරුට

    සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අලුත විවාහ උනු යුවලක් දුම්රියකට හසුවුනු පුවතක් අම්බන්ගොඩින් වාර්තා වනවා.

    මෙම යුලව අම්බලන්ගොඩ, කහව උඩුවරාගොඩ දුම්රිය මාර්ගයක සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී පැමිනි දුමිරියකට අවාසනාවන්ත අාකාරයට හසුව තිබෙනවා.

    අනතුරෙන් තරුණයා මියගොස් ඇති අතර තරුණිය බරපත තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

    තරුණ යුවල අවසන් වරට ගත් සෙල්ෆි ඡායාරූපය.

    සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑම තුල මිය ගිය වැඩිම පිරිසක් වාර්තා වන ස්ථානයක් ලෙස දුම්රිය මාර්ගද වාර්තා වේ..

     

     

    [rns_reactions]

  • “මගේ ජොබ් එක මම කළා” – ලංකාවේ පරාජයට හේතුව පකිස්ථාන මාධ්‍යවේදිනියද?

    පාකිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගය පරාජය වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ඉමහත් සිත් තැවුලට හේතුවූ කාරණාවකි. මෙම තරගය  ජයගැනීම මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට අවස්ථාවක් උදාකර තිබීමත් එම අවස්ථාව ගිලිහී යාමත් එයට හේතුවයි. තරගයේ අවසන් පන්දු ඕවර කිහිපයේ දුර්වල පන්දු රැකීමක නිරතවූ ශ්‍රී ලංකා පිලට මෙම පරාජය වළක්වා ගත හැකිව තිබුනේය යන්නද බොහෝ අයගේ අදහසයි.

    මෙම අවාසනාවන්ත පරාජය කල් ඇතිව උදාවන බවට අන්තර්ජාලය තුළ අනාවැකියක් පළව තිබුණි. එයට මුල්වූයේ පාකිස්තානු ක්‍රීඩා මාධ්‍යවේදිනියක සෙල්ෆී ඡායාරූප ලබාගන්නා අය දැවීයාමේ ප්‍රවණතාවයකි.
    පසුගියදා ඉන්දීය පිලේ විරාත් කෝලි හා දකුණු අප්‍රිකාවේ ඩිවිලියර්ස් දෙදෙනා තරඟ දෙකකදී ලකුණු 0ට දැවීයාම හා එම තරග පරාජයවීම පිටුපස සිටින්නේ පකිස්තානු මාධ්‍යවේදිනියක් බවට සමාජජාලා ඔස්සේ  කතාවක් පැතිර ගොස් තිබුනේ පෙරේදා සිටය.

    ඇය කෝලි හා ඩිවිලියර්ස් සමඟින් සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටි අතරම පසුව ඇය ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමඟින්ද සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබුණි.ඊයේ තරඟයට සුභපැතුම් එක්කරන අවස්ථාවේ “ඔන්න මගේ ජොබ් එක අදත් මම කළා” යනුවෙන් ට්විටර් පණිවිඩයක්ද තබා තිබුණි.

    තරඟයේ  මැතිව්ස් දැවී ගියේ 39ටය. නමුත් තරගය පරාජය විය.

    18953042_1684022308571088_4297172773833562376_n

    18920575_1495424977145990_2162175165506993741_n

    DB02G3DVwAA9rKn

    zainab-abbas-twitter_806x605_41497066113

    DB02JboVwAAGEyM

    [rns_reactions]

  • ගංවතුර “රත්තරන් වතුර” කරගත් දිරිය දියණියන්ගේ කෙරුවාව මෙන්න…

    පසු ගිය දින කිහිපය තුළ ඇද හැලුනු ධාරානිපාත වර්ශාපතනය හේතුවෙන් ගං වතුරෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් මෙරට සතර දෙසින් ජනයා ඔවුන් හට සහනාදාර රැගෙන එමින් උදව් උපකාර කිරීමට පැමිණියේය..මේ අතරින් ෆේස් බුක් නම් සමාජ ජාල මාධ්‍ය හරහා තරුණ තරුණියන් රාශියක් අවතැන් වූ ජනතාව වෙනුවෙන් දැඩි කැපවීමකින් එකා මෙන් එකතු වී ඔවුන් හට ආධාර රැස් කරමින් විශාල ශක්තියක් වුනි…ඒ අතරින් ජනතාවට උදව් උපකාර කිරීමේ මුවාවෙන් තම දේශපාලන ප්‍රතිරූපය ෆේස් බුක් සමාජ ජාලය හරහා ගොඩ නගා ගැනීමට උත්සහ කළ පිරිසක් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතා බහකට ලක් වී ඇත…ලක්බිමේ දියණියෝ කාන්තා සංවිධානයක් පිහිටුවා ගනිමින් එහි නායිකා සසනිකා ජයලත් ජයසුන්දර ඇතුලු පිරිස අවතැන් වූ ජනතාව ප්‍රසිද්ධ්යේ අවමානයකට ලක් කර ඇත…ඔවුන් පීඩාවට පත් වූ පවුල් කිහිපයක් සොයා ප්‍රජාසත්කාරයක් කිරිමේ මුවාවෙන් ෆේස් බුක් සජීවී පටිගත කිරීමකට ඔවුන් හට ඉදිරිපත් වන ලෙස බැගෑපත්ව ඉල්ලීම් කර ඇත..එසේ ඉදිරිපත් වන පුද්ගලයන්ට පමණක් ද්‍රව්‍යම හා මූල්‍යම ආධාර ලබා දෙන බව පවසා ඇත..දින කිහිපයක් පුරා ගං වතුරෙන් බැට කෑ ඔවුන් අසරණ කම හේතුවෙන් මෙමෙ ඉල්ලීමට එකග වී ඇත..ඉන් අනතුරුව ෆේස් බුක් සජිවී පටිගත කිරීම් කිහිපයක් සමාජ ජාලා මාධ්‍යට නිකුත් කරමින් සසනිකා ඇතුලු පිරිස පවසා සිටියේ ලක්බිමේ දියණියෝ කාන්තා සංවිධානය මගින් අවතැන් වූ ජනයා වෙත විශාල ප්‍රමාණයෙන් මූලයම අධාර ලබා දෙමින් ප්‍රජා සත්කාර කරනු ලබන බවයි..ස්වභාවික විපත් අප කාටත් පොදු වන අතර ඉන් අපහසු තාවයට පත්වන පුද්ගලයන් සරණාගතයන් බව මුලු ලංකාවටම මොවුන් පෙන් වා දී ඇත…මෙවැනි සංවිධාන කිසි දීනක ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැත..ඔවුන් තමන්ගේ ප්‍රසිද්ධ්ය උදෙසා ජනතාව මුලා කරන බව පැහැදිලිව පෙනෙන්නට ඇත…තවද විපතක් වූ විට ජනතාව විකුණන් කන මේවැනි සංවිධාන වහා නැවැතීමට බලධාරීන් පියවර ගත යුතු වේ..

    [rns_reactions]