Tag: featured

  • මුල්‍ය වංචා කල පරාජිත මහින්දගේ රියදුරුත් රිමාන්ඩ්..

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය  නියෝග කළාය.

    මෙම සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 08 අංශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

    ප්‍රකාශයක් ලබා ගැනීම සදහා  මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ ඔහු ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘මග නැගුම’ හිටපු සභාපති ජාලිය කුලසේකර නැමැත්තාද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පැවසේ.

    [rns_reactions]

  • ප්‍රින්ස්ගේ රෝහල් බිල ලක්ෂ 25යි. ගෙවන්නේ මෙහෙමයි…

    ජීවිතයෙන් සමුගත් ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්තගේ පෞද්ගලික රෝහල් ගාස්‌තුව වන රුපියල් ලක්‌ෂ 25 ක මුදල සොයා ගැනීමට සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ජාතික තරුණ සේවා සභාව නොමිලේ සිය පරිශ්‍රය සහ  සම්පත් ලබා දීමට තීරණය කර තිබෙනවා.

    තරුණ සේවා සභාපති එරන්ද වැලිඅංගේ මේ බව  ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්‌කුවෙල් වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

    කොළඹ පෞද්ගලික රෝහලෙන් ප්‍රින්ස්‌ගේ දේහය නිදහස්‌ කර ගැනීම සඳහා රුපියල් ලක්‌ෂ 25 ක බිල්පතක්‌ රෝහලට ගෙවීමට තිබූ අතර  එය මසක්‌ ඇතුළත ගෙවන  පොරොන්දුව මත දේහය නිදහස්‌ කර ගනු ලැබුවා.

    [rns_reactions]

  • පොලිස් කාන්තාව පොලිසිය ඇතුලේම ගෙල වැලලාගෙන

    ඉන්දියාවේ ජෝදාන් හි පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරියකගේ මළ සිරුරක් හමුවුණා.

    පොලිස් ස්ථානය තුළම ගෙල වැලලාගෙන මියගොස් තිබුණේ වයස අවුරුදු 24 ක පොලිස් කොස්තාපල්වරියක්.

    ඇගේ මුල්ම රස්සාව තමයි මේ.

    තමන්ට රැකියා ස්ථානයේ පීඩනය දරාගන්න බැරි බවත්, තමන්ව විහිලුවකට අරන් හිරිහැර කරන්න රැකියා ස්ථානයේ අය පෙළඹිලා තිබෙන බවත්, මැරෙන්න කළින් ලියුමක් ලියල ඇය කියල තියෙනවා.

    මේ මරණයට තමන්ගේ රැකියා ස්ථානයේ ඉන්න පොලිස් නිලධාරියෝ වගකියන්න ඕන කියලත් ඇය ලියල තියෙනවා.

    තමන්ගේ දුව, රැකියාවට ගිය දා ඉඳන් ගෙදර ඇවිත් හිතේ අමාරුවෙන් උන් බවත් ඇගේ මව කියල තියෙනවා.

    මේ වෙද්දී මේ මරණය ගැන පරීක්ෂණ වෙන පොලිසියක් භාරයට ගන්න කියලත් පවුලේ අය ඉල්ලීමක් කරලා.

    [rns_reactions]
  • “මාලිගේ පන්දු වලටම උඩපන්දු ගිලිහී යාම අවාසනාවක්…”- නායක මැතිව්ස් කියයි..

    ශුරයන්ගේ කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය හැඳින්විය හැක්කේ අතට ගත් බත්පිඬ ඉහිරී ගිය අවස්ථාවක් ලෙසිනි. තරගයේ 30 වැනි ඕවරය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඒ තරමටම එහි පාලනය සියතට ගෙන සිටියේය. ලකුණු 237 ක ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු පිලේ හය වැනි කඩුල්ලත් ලකුණු 137 දී බිඳ වැටීමෙන් පසුව තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පිල වෙත බර වී තිබිණ.

    එතැන් සිට අවදානම් ගමනක යෙදුණු පාකිස්තානු පිලේ නායක සර්ෆ්‍රාස් අහමඞ්ගේ උඩපන්දු දෙකක්ම 39 වැනි ඕවරයේදී සහ 41 වැනි ඕවරයේදී ගිළිහී යාම පන්දු යවන්නන් හතර දෙනකුගෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායමට දරාගත නොහැකි විය. මෙවන් තරගාවලියකදී ලකුණු 236 ක් යනු කිසිසේත්ම ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවේ. 40 වැනි ඕවරය වන විට පාකිස්තානුවන් පීඩනයට පත්කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වූවද පිට පිටම උඩපන්දු අතහැරීම නිසා පාකිස්තානුවෝ ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දෑත් අතරින් රිංගා යමින් අවසන් පූර්ව තරගයේ දොරටුව සොයා ගත්හ.

    ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙතින් ගිළිහී ගිය උඩපන්දු තුනම ලසිත් මාලිංගගේ පන්දු හමුවේ විය.

    ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම සම්බන්ධයෙන් තරගයෙන් පසුව නායක මැතිව්ස් අදහස් දැක්වූයේ මහත් කළකිරීමෙනි. තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී මැතිව්ස්ට ඉදිරිපත් කෙරුණු ප්‍රශ්න සහ ඔහු ඒවාට දුන් පිළිතුරු මෙසේ වෙයි

    ප්‍රශ්නය – ඇන්ජලෝ, මේ වෙනකොට ක්‍රිකට් ලෝකය පුරාම තියෙන පොදු හැඟීම වෙලා තියෙන්නේ ලෝකයේ දුර්වලම පන්දු රකින්නන් සිටින කණ්ඩායම ශ්‍රී ලංකා පිල කියන එකයි. අද (සඳුදා) තරගයේ තිබුණ තත්ත්වයන් එක්ක බැලුවාම ඒ අදහස එක්ක ඔබ එකඟ නොවෙනවා නම් ඒ ඇයි?
    මැතිව්ස් – අද තරගයේ සිද්ධවුණ දේවල් බැලුවාම ඒක හරිම කණගාටුදායක තත්ත්වයක් තමා. අපි ඒ උඩපන්දු අල්ලා ගත්තා නම් මේ කතාව වෙනස් විදිහකට ලියැවෙන්න තිබුණා. ඉතාමත් තීරණාත්මක අවස්ථාවලදී තමා ඒ උඩපන්දු ගිළිහී ගියේ. පළමු ඕවරයේදී සහ අවසානයට ළං වෙද්දී. විශේෂයෙන්ම අන්තර්ජාතික මට්ටමේ කණ්ඩායමක් වශයෙන් සර්ෆ්‍රාස්ට ගැලවෙන්න දුන්න අවස්ථාව හරිම කණගාටුදායකයි.
    මා හිතන්නේ අපි ටිකක් දියුණු වෙලා තියෙනවා තමයි. ඒත් නිසැක වශයෙන්ම අද නම් අපේ දවස නෙමේ…

    ප්‍රශ්නය – මේවගේ කතා අපිට හැමදාමත් අසන්නට ලැබෙනවා. පන්දු රැකීම දියුණු වෙලා කියලා ඔබත් කියනවා..අසංග ගුරුසිංහත් කියනවා. ඒත් කාලයක් තිස්සේ ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පන්දු රැකීම දියුණු කරගන්න සැබවින්ම අවංක උත්සාහයක් තියෙනවා ඔබ හිතනවාද ?
    මැතිව්ස්  – ඔව්. ඇත්තටම මේ ක්‍රීඩකයන් ඒ වෙනුවෙන් විශාල උත්සාහයක් ගත්තා. අදඅ පි උඩපන්දු තුනක් අතහැරියා තමයි. ඒත් ක්‍රීඩකයනුත් සහායක මණ්ඩලයත් (පුහුණුකරුවන්) ඒ වෙනුවෙන් අවංක උත්සාහයක් ගත්තා. අපි ඒ ගැන  කතා කළා. අදහස් හුවමාරු කරගත්තා, ඒ වෙනුවෙන් විශාල ශක්තියකුත් වැය කළා.

    ප්‍රශ්නය – උඩ පන්දු අතහැරීම (මෙම තරගයේ පරාජය සම්බන්ධයෙන්) එක් තීරණාත්මක සාධකයක්. ඒත් ශ්‍රී ලංකා පිලට ලකුණු කිහිපයක් මදි වුණාය කියා ඔබ හිතනවාද
    මැතිව්ස් – ඇත්තටම ඔව්. තරගයක් පැරදුනාම කියන්න පුළුවන් ඒකට හේතුව දුර්වල පිතිහරඹය නැත්නම්, දුර්වල පන්දු යැවීම නැත්නම් දුර්වල පන්දු රැකීම කියලා. ඒත් මා නම් හිතන්නේ ඒක එක්තරා ආකාරයක පුදුම සහගත තණතීරුවක්. අපට ලකුණු 30 ක් 40 ක් මදිවුණා කියලා හොඳටම පෙනෙන්න තිබුණා. ඒ කොහාම වුණත් අපි ඒ ලකුණු සංඛ්‍යා ආරක්‍ෂා කරගන්න සටන් වැදුණ ආකාරය ගැන නම් මට විශාල ආඩම්බරයක් තියෙනවා. ඒ ආඩම්බරය අපට තිබුණත් පන්දු රැකීම අපේ බලාපොරොත්තු කඩකළා.
    මම විශේෂයෙන්ම මේ පන්දු යවන්නන්ගේ ධෛර්යය අගය කළ යුතු වෙනවා. ඔවුන් පන්දුවට පහර දීමේදීත් හොඳින් ක්‍රීඩා කළා විතරක් නෙමේ හොඳින් පන්දු යැව්වා. ඒත් අවාසනාවට වගේ ඔවුන්ට අප වෙනුවෙන් තරගය ජයගන්න බැරිවුණා. ඔවුන් පන්දුවට පහර දුන් ආකාරය වගේම පන්දු යැවූ ආකාරයත් අඩම්බරයට කරුණක්.

    ප්‍රශ්නය – ඔබේ කණ්ඩායමේ සමබරතාව පිළිබඳ ඔබගේ කිසියම් කණස්සල්ලක් තියෙනවාද ? ධනංජය ද සිල්වා වුණත් මේ කණ්ඩායමට එක්වුණේ පැය 48 කටත් අඩු කාලයකදී. ඔබට වෙනත් ඉදිරිපෙළ පන්දු යවන්නෙක් සිටියෙත් නෑ.
    මැතිව්ස් – ඇත්තටම එහෙම නෑ. මේ වගේ තණතීරුවකදී අපි අතිරේක පිතිකරුවෙක් ක්‍රීඩා කළ යුතුයි. අනෙක කාසියේ වාසිය දිනාගන්න එක හොඳද නැතිනම් අහිමි වන එක හොඳද කියලත් හිතාගන්න බැරිවයි හිටියේ. ඒ නිසා පළමුව පන්දු යවන්න වුණා නම් වේග පන්දු යවන්නන් හතර දෙනෙක් ඉන්න එක හොඳයි. අනික් අතට පළමුවෙන් පන්දුවට පහර දෙන්න වුණා නම් පිතිකරුවන් හත් දෙනෙක් ඉන්න එක හොඳයි.
    කොහොම වුණත් ඒ කිසිදෙයක් අපේ වාසියට වුණේ නෑ. අනෙක් පැත්තෙන් බලනකොට ධනංජයට වුණත් එක පාරටම කණ්ඩායම ඇතුළට ඇවිදින් මේ වගේ තත්ත්වයන් යටතේ ලකුණු ලබාගන්න එක පහසු දෙයක් නෙමේ. ඒත් පිතිකරුවෙක් සම්බන්ධයෙන් අපට වෙනත් විකල්පයක් තිබුණේ නෑ. තරංගත් තරග තහනමකට ලක්වෙලා හිටියේ. ඒ නිසා අපට තිබුණ විකල්ප ඉතාමත් සීමිතයි.

    ප්‍රශ්නය – තවත් ලෝක මට්ටමේ තරගාවලියකදී ලසිත් මාලිංගව දැකගන්න අපට පුළුවන් වේවි කියලා ඔබ හිතනවාද ?
    මැතිව්ස් – මට ඒ ගැන හරියටම කියන්න බෑ. ඔහු ඒ ගැන කිසිදෙයක් කතා කරලා නෑ. ඒ කෝක වුණත් ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩායට අති මහත් සේවයක් කළ ක්‍රීඩකයෙක්. ඔහු අති විශිෂ්ටයි. ඔහු අද දවසේ දැරූ උත්සාහය කොයි තරම්ද කියලාත් අපි හොඳින්ම දැක්කා.
    අනෙක, අද ගිළිහී ගියේ ඔහුගේම පන්දු වලින් ලැබුණ උඩපන්දු වීමත් මහ අවාසනාවක්. ඒවා අල්ලා ගත්තා නම් ඔහු ඊට වඩා වෙනස් පන්දු යවන්නෙක් වෙන්න තිබුණා. එත් ඔහු හදවතින්ම පන්දු යැව්වා. ඔහු අපට ශූරයෙක්

    ප්‍රශ්නය – ඔබට කොහොමත් හොඳ ආරම්භයක් ලැබුණා. කාසියේ වාසිය මෙම තීරණයට කිසියම් බලපෑමක් කළා කියලා ඔබ හිතනවාද ?
    මැතිව්ස් – එහෙමම නෑ. මා හිතන්නේ ඒක (කාසියේ වාසිය) ඕනෑම පැත්තකට යන්න පුළුවන්. කාසියේ වාසිය තීරණාත්මක යය හිතෙන්නේ තණතීරුවේ තරමක තෙත ගතියක් තිබුණ නිසා. එහි තරමක කොළ පැහැයක් තිබුණා. ඒත් ඇත්තටම එක පුදුමාකාර තණතීරුවක් තමයි. දෙවැනි වර පන්දුවට පහර දීමත් ඒ තරම් ලේසි නෑ. වේග පන්දු යවන්නන්ට වුණත් ඒක තරමක් මන්දගාමී වුණා.

    [rns_reactions]

  • පොළොන්නරුව දන්සලේදී පොඩි හාමුදුරුවෝ, ජනපතිගෙන් ඉල්ලුව දේ..!

    අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සමරමින් ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වාර්ෂිකව මෙම බත් දන්සැල සංවිධානය කරනවා.

    මෙසේ ආරම්භ කරන දන්සලේ ආරම්භක පියවර වන්නේසංඝයා වහන්සේලා වෙත දානය පිරිනැමීමයි. සුපුරුදු පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධ පුජාවෙන් අනතුරුව සංගයා වහන්සේලා උදෙසා දානය පිරිනැමීම ආරම්භ කරා..

    එහිදී ජනාධිපති තුමා එක් පොඩි හාමුදුරු නමකට දානය බෙදන අවස්ථාවේදී උන්වහන්සේ කණගාටුවෙන් සිටිනවා දැක “ඇයි පොඩි හාමුදුරුවනේ දුකින් වගේ“ යයි විමසුවා.

    එවිට පොඩි හාමුදුරුවන් පවසා ඇත්තේ “නෑ මොකවත් නෑ… “ කියායි. කෙසේ වෙතත් හාමුදුරුවන් වහන්සේ දානය ගැනවත් නොසතුටින් පසුවෙතැයි සිතු ජනාධිපති තුමා නැවතත් “අපේ හාමුදුරුවනේ මොකක්ද ප්‍රශ්නේ මට කියන්නයි” පැවසුවා.

    එවිට පොඩි නම පවසා ඇත්තේ “එහෙනම් පොඩ්ඩක් ඔලුව පාත් කරන්න….” ජනාධිපති තුමාද බොහෝ බැතිබර සිතින් පොඩිහාමුදුරුවන් වෙත ඔලුව නමා කාරණය විමසා තිබෙනවා. එවිට පොඩි හාමුදුරුවන් පවසා ඇත්තේ “මේ ඔයාට පුලුවන්ද මට උඩ යවන ප්ලේන් එකක් අරන් දෙන්න”

    එකවරම ඒ ප්‍රකාශයට එකඟ නොවී ජනාධ්පති තුමා පැවසුවේ “අපේ හාමුදුරුවනේ අපි එහෙනම් ලොකු හාමුදුරුවන්ගේනුත් අහාලාම ප්ලේන් එකක් ගමු” කියායි..

    “ආ එහෙනම් ඉතින් ඒක ගන්න වෙන එකක් නෑ” කියා පොඩි හාමුදුරුවන් පැවසුවද ජනාධිපති තුමා විසින් ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරියකුට පැවසුවේ ලොකු හාමුදුරුවන්ගේ අවසරය ගෙන පොඩි හාමුදුරුවන් හට අවශ්‍ය සෙල්ලම් භාණ්ඩය අරන්දෙන ලෙසයි.

    [rns_reactions]

  • එම්.එස්.‍ ගේ පවුලේ වන්දි ගෙවු එම්.ඩී. ධනුෂ්ක කොන්දේසි සහිත ඇප මත එලියට..

    අවසරයකින් තොරව එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කළ බවට චෝදනා පිළිගත් එම්.ඩී. ධනුෂ්ක ප්‍රනාන්දු මහතාගේ පවුලේ අයට රුපියල් තුන්ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමෙන් පසු ඔහු කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (12) නියෝග කළේය.

    තුන්වසරක් යනතෙක් එම්.එස්. ප්‍රනාන්දු ම හතාගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා නොකරන ලෙසට එම්.ඩි. ධනුෂ්ක හට ඊයේ (12) නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් ලක්ෂ පහක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද නියෝග කළේය.

    අධිකරණය හමුවේ මෙම නඩුව ඊයේ (12) කැඳවූ අවස්ථාවේ මුල් අවස්ථාවේදීම වරද පිළිගත් එම්.ඩී. ධනුෂ්ක මින් ඉදිරියට එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ පවුලේ අයට අගතියක් වන අයුරින් ඔහුගේ ගීත ගායනා නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණයට දැන්වීය.

    මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමත්, නැවත එම ගීත ගායනා නොකරන බවට දිවුරුම් ප්‍රකාශයකින් කරුණු දැක්වීමත්, වන්දි මුදල් ගෙවීම හා වයස සලකා බලා මහේස්ත්‍රාත්වරයා විසින් එම්.ඩී. ධනුෂ්ක කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට එසේ නියෝග කළේය.

    නිසි අවසරයකින් තොරව එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කරන බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් රහස් පොලිසියට කළ පැමිණිල්ලක් මත රහස් පොලිසිය බුද්ධිමය දේපළ පනත යටතේ එම්.ඩී. ධනුෂ්කට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

    [rns_reactions]

  • ජෝන් බැනපු හිරු මාධ්‍යවේදියාගේ මාධ්‍ය හෙළුව ….

    මාධ්‍යවේදී  බෙනට් ෆර්ඩිනැන්ඩස්ගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ බරපතළ ගැටලු රැසක් අප හමුවේ තිබේ. ඒ ඔහු විවිධ පාර්ශ්වයන්ගෙන් අල්ලස් ලබා ගනිමින් උතුම් මාධ්‍ය වෘත්තීය බරපතළ අවභාවිතාවක යෙදීමය. 

    සාමාන්‍යයෙන් ඕනෑම  වෘත්තිකයෙකු තමන්ගේ වෘත්තියට අදාළ පුද්ගලයකුගේ කුමන වරදක්, අඩුපාඩුවක් තිබුණත් අන්‍ය පාර්ශ්වයන්ගෙන් ඔහු වෙත එල්ල වන තර්ජන ගර්ජන බාධාවලට එරෙහිව නැගී සිටීම ‘පොදු වෘත්තීය‘ සිරිතකි. 

    එහෙත් මේ අවස්ථාවේදී වෘත්තීය ගරුත්වය සුරකින ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් වන අපට ජෝන් අමරතුංග ඇමතිවරයා කළ  සදාචාර විරෝධී ම්ලේච්ඡ ක්‍රියාව මුල් කොට බෙනට් ෆර්ඩිනැන්ඩස් නම් වන මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටීමට කිසිසේත්ම නුපුළුවන.  ඊට හේතුව විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන අයථා ලාභ ප්‍රයෝජන මුල් කොට තම මාධ්‍ය සගයන් හට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් සහ ඔවුන් යටපත් කරමින් වනයේ නීතිය අනුව මාධ්‍යකරණයෙහි නියැලීම ඔහුගේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වී ඇති බැවිනි. මෙම වීඩියෝවෙන් ඉදිරිපත් වනුයේ ඔහුගේ එම වනචාරී හැසිරීම් රටාවෙන් අංශු මාත්‍රයක් පමණි

    [rns_reactions]

  • නීතිය අකුරට ක්‍රියාත්මකයි.. ඇමති ලක්ෂ්මන්ගේ පුත් ඔසදට වරෙන්තු..

    රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නැයි කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා. 

    ඒ, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් අනතුරක් සිදු කර යතුරුපැදිකරුවෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි. 

    අද දිනයේ ඔසඳ  යාපා අබේවර්ධන අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කෙරුණා. 

    ඉකුත් 2016 වසරේ දෙසැම්බර් මාසයේ කුරුඳුවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා. 

    [rns_reactions]

  • ලත් පරාජයත් සමගින් මැතිව්ස් සහ ප්‍රධාන පුහුණුකරු තම තනතුරු වලින් ඉල්ලා අස්වීමේ සූදානමක..

    ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිතවත්කම් මත ක්‍රීඩකයන් තේරීම හේතුවෙන් කිසිඳු තරඟයක් ජය ගැනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලො මැතිව්ස් තරඟ සංචාරයේ යෙදී සිටින මෙරට මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.

    තිලංග සුමතිපාලගේ තේරීම මත ක්‍රීඩකයන් තෝරන නිසා ඇතැම් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් නැවත් නැවතත් සිතන තැනට පැමිණීමට සිදුවී ඇති බව ඔහු පවසා ඇත.

    මේ තත්වය මෙසේ තිබේ නම් තමන් නායකත්වය ගැන තීරණයක් ගන්නා බවත් ක්‍රිකට් තේරීම් කමිටුවද පාලක මණ්ඩලයට බාරදී ගෙදර යායුතු බව ඔහු පවසා තිබේ.

    මේ අතර  කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ සමග ඇති මතභේදයක් නිසා කණ්ඩායමෙ පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් චැම්පියන්ස් කුසලානය අවසන් වූ වහාම ඉල්ලා අස් වීම භාර දීමට සුදානම් බව වාර්තා වී තිබේ.

    ගුරුසිංහ සමග ඇති නොහොද නෝක්කාඩු නිසා ෆෝර්ඩ් ට සහය දක්වා සහ ගුරුසිංහ කළමණාකරු තනතුරෙන් ඉවත් කර ගැනීමට ඇන්ජලො මැතිවුස් ද නායකත්වයෙන් ඉල්ලා අස් වීමට සුදානම් වන අතර ඇන්ජලො නැවත්වීමට් ක්‍රීකට් ආයතනයෙ පිරිසක් කටයුතු කරන අතර මෙතෙක් එය සාර්ථක වී නැහැ.

    [rns_reactions]

     

  • කුල ප්‍ර‍ශ්නය නිසා යාපනයේ ලේ හිඟයක්! හමුදාවේ 200ක් ලේ දන් දෙති!

    කුල ප්‍රශ්නය හේතුකොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ‍ලේ නොදීම නිසා යාපනයේ ‍ලේ බැංකුවල ඇතිවූ ‍ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය දෙන්නැයි ‍පොසොන් ‍පොහෝ දින යාපනය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත බස් රථවල නැගී ගිය සෙබළුන් දෙසීයක් ‍ලේ පරිත්‍යාග කර ඇත.

    යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගෙන් යාපනය ශික්ෂණ රෝහල් ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත භට පිරිස් එහි යවා තිබෙනවා. බ්‍රහස්පතින්දා දිනයේදී හමුදා සෙබළුන් ‍ලේ පයින්ට් 170ක්දී  ඇති අතර පසුගිය සිකුරාදා (09) සවස් වන විට ‍ලේ පයින්ට් 100ක් ලබාදී ඇත. උතුරේ ජනතාවගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් මෙම ‍ලේ පරිත්‍යාගයන් කළ බවත් මෙම වසරේ පමණක් දැනට ‍ලේ පයින්ට් දහසක් යාපනේ පිහිටි මහ රෝහල. පේදුරුතුඩුව, තෙලිප්ප‍ලේ, චාවාකච්චේරි, පලෙයි, අච්චුවේලි රෝහල් වෙත ලබාදී ඇති බවයි මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ

    හමුදා භට පිරිස් මෙසේ ‍ලේ දන් දීමට නොසිටියා නම් උතුරේ රෝගීන්ට ‍ලේ නොමැතිව දැඩි අර්බුදයක් ඇති වන බව උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.

    [rns_reactions]

  • ඊයේ තරගයෙන් පසු ලංකාවේ තිසර පෙරේරාට පකිස්ථානයේ පුරවැසිභාවය…

    පාකිස්ථානයට එරෙහි ඊයේ ලද පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීම ප්‍රබල සාධකයක් විය.

    තරඟය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ප්‍රදර්ශණය වූ අතර උඩපන්දු මෙන්ම දුවද්දී දැවීයාම් අවස්ථා ගණනාවක්ද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය.

    පාකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය රැගෙන ගිය සෆ්රාස් අහමඩ් තිසර පෙරේරාට ලබාදුන් පහසු උඩපන්දුව අත්හැරීම පිළිබඳ මේ වනට ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අදහස් දක්වමින් තිබේ.

    එහිදී ට්විටර් මගින් අදහස් දැක්වූ අයෙකු සඳහන් කර තිබුණේ තිසර පෙරේරාට පාකිස්ථානු පුරවැසිභාවයද ලබාදිය යුතුය යන්නයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ඊයේ උඩපන්දු 3ක් ගිලිහී ගිය අතර එම අවස්ථා තුනෙහිම පන්දු යැව්වේ ලසිත් මාලිංගයි.

    තිසර පෙරේරා අතින් ගිලිහුණ උඩපන්දුව පිළිබඳ ට්විටර් මගින් දක්වා තිබූ අදහස් පහතින් නරඹන්න.

     





    [rns_reactions]

  • අද ගොඩක් අය බණින තිසර පෙරේරා එදා සෆ්රාස් ඇතුළු පාකිස්තාන ටීම් එක දණ ගස්වපු හැටි මෙන්න..

    පාකිස්තානය හමුවේ ඊයේ (12) ලද පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීම ප්‍රබල සාධකයක් විය. තරඟය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ප්‍රදර්ශණය වූ අතර උඩපන්දු මෙන්ම දුවද්දී දැවීයාම් අවස්ථා ගණනාවක්ද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියා.

    පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය රැගෙන ගිය සෆ්රාස් අහමඩ් තිසර පෙරේරාට ලබාදුන් පහසු උඩපන්දුව අත්හැරීම පිළිබඳ මේ වනට ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අදහස් දක්වමින් තිබේ. තිසර පෙරේරාට ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු චෝදනා මුඛයෙන් කතා කරන අයුරුද දක්නට ලැබෙනවා.

    කෙසේ වෙතත් අද මෙසේ චෝදනාවට ලක්වන තිසර පෙරේරා 2012 වසරේදී සෆ්රාස් අහමඩ්ද ඇතුළුව කඩුළු ත්‍රිත්වයක් ලබමින් පකිස්ථානු කණ්ඩායම දුර්වල කරනු ලැබූවේ මෙලෙසිනි.

    https://youtu.be/QLp6vg24A-g

    [rns_reactions]

  • තිසර අතින් කුසලාන සිහිනය ගිලිහෙයි! – හදවත් නතර කළ එම උඩපන්දු දෙකේ වීඩියෝව මෙන්න!

    ශූරයින්ගේ කුසලානය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හරින්ට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවිය.

    ඒ පාකිස්ථානය හා පැවති තරඟය කඩුලු 3කින් පරාජය වීම හේතුවෙනි.

    පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කළේය.

    විටෙක කඩුලු 3ක් දැවී ලකුණු 160ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 236කට සීමා කිරීමට පාකිස්ථානු වේගපන්දු යවන්නන් සමත් වූයේ ඉතිරි කඩුලු 7ම ලකුණු 76කට දවාලිමිනි.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල එහිදී අර්ධ ශතකයක් වාර්තා කළේය.

    අනතුරු පිටියට පිවිසි පාකිස්ථානු කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත් අතර ෆකාර් සාමන් වේගවත් අර්ධ ශතකයක් රැස් කළේය.

    කෙසේ වෙතත් පාකිස්ථානු මැද පෙල පිතිකරුවන්ට සාර්ථක වීමට නුවන් ප්‍රදීප් ප්‍රමුඛ ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය කණ්ඩායම ඉඩ නොදුන්නේය.

    නුවන් ප්‍රදීප් එහිදී ලකුණු 60කට කඩුලු 3ක් දවාලීය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ඊයේ පරාජයට හේතුවක් විය.

    පාකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය නායක සෆ්රාස් අහමඩ් ලසිත් මාලිංගගේ පන්දු හමුවේ තිසර පෙරේරාට හා සීකුගේ ප්‍රසන්නට ලබාදුන් පහසු උඩපන්දු දෙකක් ගිලිහි යාම ඊයේ තරඟය ශ්‍රීලංකාව පරාජය වීඹට විශාල හේතුක් විය.

    ඒ අනුව ශ්‍රීලංකා කණ්ඩායමට ශූරයින්ගේ කුසලානයෙන් ඉවත්වීමට සිදුවූ අතර පාකිස්ථානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේය.

    තිසර පෙරේරා සහ සීකුගේ ප්‍රසන්න අතින් උඩපන්දු ගිලිහී ගිය අයුරු පහතින් නරඹන්න

     

    තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

     

    [rns_reactions]
  • මම බොරු කීවේ නෑ සවුදියේදී මගේ වකුගඩුව ගන්න හැදුවා….

    “අපේ රටේ ජනමාධ්‍යයට පිං සිද්ධවෙන්න මම පණපිටින් ලංකාවට ආවා දරුවෝ බලන්න. දැන් විදේශසේවා නියුක්ත කාර්යාංශය මාධ්‍ය මගින් අරගෙන යන ප්‍රචාරයත් එක්ක ඉන්නවට වඩා මැරෙන එක හොඳයි කියලා මට හිතෙනවා.”

    මේ කතාව අපට කීවේ සෞදිඅරාබියේ ගෘහ සේවයට ගොස් නැවත ලංකාවට පැමිණි දඹුල්ල කණ්ඩලම පාරේ පදිංචි ඩබ්ලිව්. ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති (36) මහත්මියයි.

    ඇය මේ බව කීවේ ඇය සෞදි රටට අපහාස කළ බවටද මින් ඉදිරියට සෞදි රටට ශ්‍රී ලංකාවේ කවුරුන් හෝ අපහාසයක් කළොත් වසර 20කට හිරේ යැවීමත් විශාල මුදලක් වන්දි ගෙවීමට සිදුවන බවටත් ශ්‍රී ලංකාවේ විදේශසේවා නියුක්ති කාර්යාංශය මගින් ලංකාවේ මාධ්‍ය හරහා ගෙනගිය ප්‍රචාරයට පිළිතුරු ලබා දෙමිනි.

    ඉන්ද්‍රකාන්ති මහත්මිය සැමියා නොමැතිව දරුවන් තිදෙනෙකු සහ මව ජීවත්කරමින් විශාල වෙහෙසක් දරමින් සිටි කාන්තාවකි. ඇය දරුවන් හා මව ජීවත් කරවීම සඳහා පවුලේ බර කරට ගෙන දරුවන් තිදෙනා මවට හා නැගණියට භාරකර ඔවුන් කුලී නිවසක නවත්වා ගෘහ සේවය සඳහා සෞදි අරාබියට ගියාය. ඒ මීට වසර දෙකකට ඉහතදීය.

    ඇය අත්සන් කළ වසර දෙකක කාලය අවසන්ව සිටියදී ලංකාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණි. එමෙන්ම වසර දෙක අවසන් වී මාස හතරක් ගතවී ගියත් මාසික වැටුපද අහිමි විය. එම තත්ත්වයෙන් මිදීමට නම් ඇයට හාම්පුතුන් විසින් යෝජනා කැර තිබුණේ එම නිවසේ දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන කාන්තාවකට ඇයගේ වකුගඩුවක් ලබාදෙන ලෙසය.

    තමන් පත්ව සිටින බරපතළ තත්ත්වය පිළිබඳව ඇය අවස්ථා කීපයකදී සිය මවත් දරුවනුත් දැනුවත් කැර තිබිණි. මාස කීපයක් ගතවී ගියද යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කරන තුරු ඇයට ලංකාවට ඒමට නොදී තබාගන්නා බවටද තොරතුරු වාර්තා වී තිබිණි.

    ඉන්ද්‍රකාන්ති මහත්මියට අත්ව තිබෙන මෙම ඉරණම පිළිබඳව ඇයගේ වැඩිමහල් දියණියවන දීපනී දිල්හාරාත් මව වන ඩී. ස්වර්ණලතා ජයසිංහ මහත්මියත් මාධ්‍යවේදීන් හරහා රට දැනුවත් කරන්නට වූහ. එමෙන්ම මාධ්‍යවේදීන් අන්තර්ජාලය හරහා සෞදියේ සිටි ඉන්ද්‍රකාන්ති මහත්මියද සම්බන්ධ කැරගෙන මාධ්‍ය මගින් හෙළිදරව් කළහ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ විදේශසේවා නියුක්ති කාර්යාංශය මැදිහත්වී ඇයව බේරාගැනීමේ විශේෂ වැඩසටහනක් දියත් කරන්නට ක්‍රියාත්මක විය. ඒ සඳහා විෂය භාර ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියගේද දායකත්වය ලැබිණි.

    දින කීපයක් ගතවෙද්දී ඇයව බේරාගත් බවත් ඇය විසින් සිදුකළ ප්‍රකාශය බොරුවක් බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නැවත මාධ්‍ය දැනුවත් කැර තිබිණි. එමෙන්ම එම කාන්තාව ලංකාවට ගෙන්වීමත් සමග නැවත වරක් මාධ්‍ය වාර්තා පළවූයේ මෙම කාන්තාව සෞදි රජයට අපහාසයක් සිදුකැර තිබෙන බවත් ඒ හේතුවෙන් එරට දැඩි තීරණ ගෙන තිබෙන බවත් මින් ඉදිරියට එවැනි අපහාස සිදුවුවහොත් බරපතළ දඬුවම් ලබාදෙන බවත්ය.

    කෙසේ වෙතත් ලංකාවට මේ කාන්තාවට එන්නට වරම් හිමිවී තිබිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරන චෝදනා හා ඇය විසින් මාධ්‍ය මගින් බොරු කීවාද යන්න තොරතුරු සෙවීම සඳහා ඇය ලංකාවට පැමිණි වහා අප ඇයව හමුවීමට දඹුල්ල කණ්ඩලම පාරේ පදිංචි නිවසට ගියෙමු. එහිදී ඇය මුහුණදුන් හා අත්විඳි දේ පිළිබඳව මෙසේ පැහැදිලි කළාය.

    “මම මාධ්‍යවලට කිසිම බොරුවක් කළේ නැහැ. මට එහෙම බොරුවක් කියලා එන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද මම අවුරුදු දෙකක් එකම ගෙදර වැඩ කළේ. මට වැටුපක් දුන්නා. ඒ ගෙදර කාන්තාවකට දරුණු ලෙස වකුගඩු රෝගය වැළඳිලා තිබුණා. එයාගේ පුතා තමයි මට නිතර නිතර කරදර කළේ මගේ වකුගඩුව දෙන්න කියලා. මට ඒ සඳහා මුදල් දෙන්නම් කිව්වා. ඒ රටේ ජීවත් වෙන්න පුළුවන් කිව්වා. ලේ පරීක්ෂණයට යමු කීවා. මම ඒ සියල්ල බැහැ කීවා. ඊට පස්සේ තමයි මට කරදර කරන්න ගත්තේ. පඩිය නොදී හිටියේ.

    මම ඒ සේරම තොරතුරු අම්මටත් දරුවන්ටත් කිව්වා. මට කන්න නොදී සිටියා. එයාලා නිතර නිතර කිව්වේ මේ ගැන කල්පනා කරලා උත්තරයක් දෙන්න, ඒකට කැමැති වෙන්න කියලා. මම කිව්වා බැහැ මට ලංකාවට යන්න ඕනෑ කියලා.

    මගේ සේවා කාලය ඉවර උණාම මම ඒ ගැන සෞදි තානාපති කාර්යාලයට පවා කිව්වා. හැබැයි කවුරුත් මා ගැන බැලුවේ නැහැ. ඒ අතරෙදි තමයි මගේ ගෙදර අය මම පත්වෙලා ඉන්න තත්ත්වය ගැන ලංකාවේ මාධ්‍යවලට කිව්වේ. මාධ්‍යවලින් මේ කතාව ප්‍රචාරය උණාට පස්සේ තමයි මා ගැන අවධානය යොමු කෙරුවේ.

    ඒ රටේ පොලිසියට මාව එක්ක එන්න කියලා දන්වලා තිබුණා. ඒ අතරේ ගෙදර කාන්තාවගේ පුතා මාව කාමරයකට දාලා වහලා එයා විතරක් පොලිසියට ගියා. ආපහු නැවත ඇවිල්ලා මට කිව්වා යන්න ලෑස්තිවෙන්න කියලා. එතනට යනකොට අපේ තානාපති කාර්යාලයේ මිස්කෙනෙක් සර් කෙනෙක් ඇවිල්ලා හිටියා. මට එක මාසයක පඩි දුන්නා ගෙදර කාන්තාවගේ පුතා. එයා පොලිසියට කිව්වේ නෑ පුතා කියලා. එයා කිව්වේ බාබා ඉන්දියාවේ ගිහින් එයාගේ මල්ලි කියලා බොරු කිව්වා. මගේ ෆෝන් එකේ තිබුණා ලංකාවේ ටීවී එකේ ගිය ප්‍රවෘත්තියක්. ඒක බලලා මම පොලිසිය ඇතුළේම මකලා දැම්මා. අරාබි භාෂාවෙන් මොනවදෝ ලියලා මාව භාර දුන්නා ලංකාවේ අයට. එතනදී මගෙන් පොලිසිය ඇහුවේ නැහැ මේ වකුගඩු කතාව හෝ මම වරදක් කළා කියලා කිව්වේ නෑ. ඒ අතරෙදි මාව තානාපති කාර්යාලයට එක්ක යනකොට අපේ අම්මා මට කතා කරලා කිව්වා ලංකාවේ පත්තරවල යනවා මම බොරු කිව්වා කියලා. මම ඒක තානාපති කාර්යාලයෙන් ආපු නෝනාගෙන් අහද්දි කිව්වා ඒවා දැන් වැඩක් නැහැ. මහේ සිදුවූ දේවල් ආයේ මීඩියාවලට දෙන්න එපා. මීඩියා අය ආවොත් කරදර කරනවා කියලා පැමිණිලි කරන්න කිව්වා. මට එන්න ඕනෑ නිසා මම හා කියලා කිව්වා.

    තානාපති කාර්යාලයේදී මිස් කෙනෙක් මට කිව්වා මගේ ප්‍රශ්න සියල්ල පසෙකදමා මම ලංකාවට යනවා කියලා ලියුමක් ලියා දෙන්න කියලා. මම ලියුම ලියලා දුන්නා. ආයෙත් ඇවිල්ලා කිව්වා ඒ ලියුමෙම ලියන්න වකුගඩු ඉල්ලමු ප්‍රශ්නය ඉල්ලා අස්කර ගන්නවා කියලා. මම ඒකත් ඒ ලියුමේ යටින් ලියලා දුන්නා.

    ඒ කරලා මම ලංකාවට ඇවිල්ලා ගෙදර එනකොට ආයෙත් ලංකාවේ මාධ්‍යවල යනවා මම බොරු කිව්වාලු. සෞදි රජයෙන් මාව සමාව දීලා එව්වලු කියලා. මේ කිසිම කෙනෙක් සෙව්වේ නැහැ මම කියන්නේ ඇත්තද බොරුද කියලා. අදටත් ගිහින් බලන්න පුළුවන් මම හිටිය ගෙදර කාන්තාව වකුගඩු රෝගියෙක්. ඒ විතරක් නෙවෙයි මට එහෙම බලපෑම් කළා කියලා ඒ ගෙදර අය ලියුමකින් අපේ තානාපති කාර්යාලයට දීලා තිබුණා. ඒත් අන්තිමට මට ආයේ කවදාවත් රටකට යන්න බැරි වෙන්න තහනම් කරලා. මම වැරදිකාරියක් බවට සමාජයට හංවඩු ගහලා තමයි මට පිහිට වුණේ. මම කියන්නේ මට විතරක් නෙවෙයි අපේ රටේ කිසිම ගෘහ සේවිකාවකට ඒ වගේ කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා

    [rns_reactions]

  • උඩ පන්දු අතහරිමින් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවෙයි

    දෙපිලක වේග පන්දු යවන්නන් අතර සටනක් බවට පත්වූ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වේල්සයේ කාඩිෆ් නුවර ඊයේ පැවැති තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කළ පාකිස්තානය 2017 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය. මේ සමගම ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසි විය.

    ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී ශ්‍රී ලංකාව පරාජය වූයේ උඩ පන්දු අතහැරීම හා පන්දු රැකීමේ දුර්වලතාව නිසාවෙනි. ශ්‍රී ලංකාව වෙතින් ජයග්‍රහණය උදුරා ගත්තේ සා‍‍ෆ්රාස් අහමඩ් හා මොහමඩ් අමිර් ය. මේ දෙදෙන 8 වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 15ක් ඇතුළත අතිඅගනා ලකුණු 75ක නොබිඳි සබඳතාවක් ගොඩනගමින් පාකිස්තානය අවසන් පූර්ව වටයට ගෙන ගියේය. නියම නායක ඉනිමක් ක්‍රීඩා කළ සා‍ෆ්රාස් අහමඩ් හතරේ පහර 5ක්ද සමග පන්දු 79කින් නොදැවී ලකුණු 61ක් රැස් කරමින් පාකිස්තානය ජයග්‍රහණය කරා ඇදගෙන ගියේය. ඔහුට නොමඳ සහායක් ලබා දුන් මොහමඩ් අමිර් හතරේ පහරක් සමග පන්දු 43කින් නොදැවී ලකුණු 28ක් ලබා ගත්තේය.

    ලකුණු 237ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී පාකිස්තාන කඩුලු 7ක් ලකුණු 162කට බිඳ වැටී තිබුණද අහමඩ් හා අමිර් තරගයේ තවත් ඕවර පහයි පන්දුවක් ඉතිරිව තිබියදී පාකිස්තානය කඩුලු 3ක විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන යාමට සමත් වූහ.

    මේ තරගාවලියේ මීට පෙර ක්‍රීඩා කළ තරග දෙකේදී එකම කඩුල්ලක් හෝ ලබා ගැනීමට අසමත්ව සිටි වේග පන්දු යවන මොහමඩ් අමිර් ශ්‍රී ලංකා ඉනිම අගාධයට තල්ලු කිරීම ආරම්භ කරමින් පිට පිට ඕවරවලදී ඇන්ජලෝ මැතිව්ස් හා නිරෝෂන් දික්වැල්ල දවාලමින් ශ්‍රී ලංකා ඉනිමේ හදවත ඉරා දැමුවේය. අනතුරුව ජුනයිඩ් ඛාන් හා හසන් අලි ද මේ සංහාරයට එක්වෙමින් මැද පිතිකරු පෙලේ අග කොටසේ කඩුලු බිඳ දැමුවේය.

    ඛාන් ලකුණු 40කට කඩුලු 3ක්ද, අලි ලකුණු 43කට කඩුලු 3ක්ද, අමිර් ලකුණු 53කට කඩුලු 2ක්ද ලබා ගත් අතර සිය මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ෆහීම් අෂ්රෆ් ලකුණු 37කට කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය.

    ඉලක්කය හඹා යාමේදී අසාර් අලි හා ෆකාර් සමාන් පන්දු 52ක් ඇතුළත ඔවුන්ගේ සබඳතාව අර්ධ ශතකයකින් සම්පූර්ණ කර ගත්හ. මේ දෙදෙනාගෙන් වඩාත්ම ආක්‍රමණශීලී පිතිකරුවා වූ සමාන් මුලින්ම දැවී යාමට පෙර හතරේ පහර 8ක් හා හයේ පහරක් එල්ල කිරීමට සමත් විය. මුළු ලකුණු ප්‍රමාණය 74ක්ව තිබියදී නුවන් ප්‍රදීප්ගේ පන්දුවට ‘ෆයින් ලෙග්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි අසේල ගුණරත්න අතට සමාන් උඩ පන්දුවක් ලබා දීමත් සමග ආරම්භක කඩුලු සබඳතාව අවසන් විය. සමාන් පන්දු 36කින් ලකුණු 50ක් රැස් කළ අතර මෙය ඔහුගේ පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් අර්ධ ශතකය විය.

    අහමඩ් හා මොහමඩ් අමිර් කල්පනාවෙන් යුතුව ලකුණු පුවරුවට එක් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 194 දක්වා ගෙන එමින් සිටියදී 39 වැනි ඕවරයේදී අහමඩ් දවා ගැනීමට තිබූ අවස්ථාවක් තිසර පෙරේරාගේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමිව ගියේය. එය පසුව ශ්‍රී ලංකා පරාජයට හේතු වූ එක් ප්‍රධාන සාධකයක් බවටද පත්විය. මාලිංගගේ පන්දුවට අහමඩ් කෙළින්ම ‘මිඩ් ඕන්’ ස්ථානයට ලබා දුන් ඉතාම පහසු උඩ පන්දුව අල්ලා ගැනීමට තිසර අසමත් විය. ඒ වන විට අහමඩ් ලකුණු 38ක් ලබා ගෙන සිටියේය.

    මාලිංගගේ ඊළඟ ඕවරයේදී අහමඩ් ලබා දුන් තවත් උඩ පන්දුවක්ද ශ්‍රී ලංකාව වෙතින් ගිලිහිණි. මෙවර ඒ උඩ පන්දුව රැක ගැනීමට අසමත් වූයේ අතිරේක ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න ය. ඊට පසුව යැවුනු තෙවැනි පන්දුව මොහමඩ් අමිර්ගේ පිත්ත පැරදුවද එය කඩුලු රකින්නාගේ පාදයේ වැදී ගොස් හතරේ සීමාව පසු කළේය.

    කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානයේ තීරණය වූයේ පළමුව පන්දු යැවීමය. ශ්‍රී ලංකාව කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට ඇතුළත් කර තිබූ අතර පාකිස්තානය ෂඩාබ් ඛාන් වෙනුවට ෆහීම් අෂ්රෆ් කැඳවා තිබිණි. දෙපිලම වේග පන්දු යවන්නන් සිවු දෙනෙකු බැගින් ඇතුළත් කරගෙන තිබිණි.

    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් 1983 වසරෙන් පසුව එංගලන්තයේදී ක්‍රීඩා කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වූ අතර එහි 31 වැනි පන්දුවේදී ශ්‍රී ලංකා පළමු කඩුල්ල බිඳ වැටෙමින් දනුෂ්ක ගුණතිලක දැවී ගියේය. ඉන්දියාවට එරෙහි තරගයේදී ලකුණු 76ක ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කළ ගුණතිලකට ඊයේ රැස්කර ගත හැකිවූයේ ලකුණු 13ක් පමණි. නිරෝෂන් දික්වැල්ල සමග ඊළඟට එක්වූයේ ඉන්දියාවට එරෙහි තරගයේ වීරයා වූ කුසල් මෙන්ඩිස් ය.

    මේ දෙදෙන වේගයෙන් ලකුණු රැස් කරමින් පන්දු 53ක් ඇතුළත ඔවුන්ගේ අර්ධ ශතක (ලකුණු 54) සබඳතාව වාර්තා කළහ. එහෙත් එම සබඳතාවට වැඩි ආයුෂ නොතිබිණි. පන්දු පහක් ඇතුළත තවත් ලකුණු 2ක් පමණක් එක්වෙද්දී හසන් අලිගේ වේග පන්දුව මෙන්ඩිස්ගේ පිත්ත පරදවමින් කඩුල්ලේ ගැටුනේය. ඉතාමත් දර්ශනීය පන්දුවක් වූ එය පිත්ත පරදවා මැද ඉන්න මුදුනේ ගැටෙන විට මෙන්ඩිස් ලබා ගෙන සිටියේ 27ක් පමණි.

    දිනේෂ් චන්දිමාල් පන්දු දෙකකට පමණක් මුහුණ දී බින්දුවට දැවී ගියේය. ෆහීම් අෂ්ර‍ෆ්ගේ පන්දුව චන්දිමාල්ගේ පිත්තේ අග වැදී කඩුල්ලේ ගැටුනු අතර එය වේග පන්දු යවන අෂ්ර‍ෆ්ගේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කඩුල්ල බවට පත්විය. ශ්‍රී ලංකාව කඩුලු 3යි..ලකුණු 83යි…ඕවරය 15.1යි.

    දික්වැල්ල සමග ඕවර 16.1ක් ඇතුළත ලකුණු 78ක සබඳතාවක් ගොඩනගමින් සිටි මැතිව්ස්ගේ පිත්තේ අග යාන්තමින් ගෑවුනු පන්දුව කඩුල්ලේ ගැටීමත් සමගම මොහමඩ් අමීර් ට මේ තරගාවලියේ ඔහුගේ පළමු කඩුල්ල හිමි විය. එය තිස් දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුව විය. හතරේ පහර 2ක් හා හයේ පහරක් එල්ල කළ මැතිව්ස් පන්දු 54කින් ලකුණු 39ක් ලබා ගත්තේය.

    අංක 9 පිතිකරු සුරංග ලක්මාල් ඔහුගේ හොඳම ඉනිම වාර්තා කරමින් පන්දු 34ක් ඇතුළත ලකුණු 26ක් රැස් කළේ හතරේ පහර 3ක්ද එල්ල කරමිණි. ලක්මාල් හා අසේල ගුණරත්න අටවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 9යි පන්දු 3ක් ඇතුළත ලකුණු 46ක් එක් කළහ. හසන් අලිගේ පන්දුවෙන් ලක්මාල්ගේ ‘බේල්ස්’ ගැලවෙන විට යැවෙමින් තිබුනේ 45 වැනි ඕවරයයි.

    [rns_reactions]

  • මල්ලී බේරා ගන්න ශෂී පුතා පනිනවාත් සමඟම දෙදෙනාම කෝච්චියට හසුවුණා

    මාරයා සැඟව සිටින්නේ කොයි ඉසවුවකද යන්න අපි කිසිවකුටත් කිව නොහැක.වසර තුනක් සිංගප්පුරු රාජ්‍යයේ සිට අධ්‍යාපනය හදරා කිලෝමීටර් දහස් ගණනක දුරකතරක් ගෙවා කරදිය වලල්ල පසුකර සිය දෙමාපියන් හා සහෝදරයන් සමඟ සතුටින් කාලය ගත කිරීට පැමිණි අනුරාධපුර නගර ආසන්නයේ පදිංචි තරුණයාට සිය බාල සහෝදරයා සමඟින් සැගවී සිටි මාරයා සමඟ මෙලොවින් නික්ම යන්නට සිදුවුණී.

    මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය හා බම්බලපිටිය දුම්රිය ස්ථාන අතරදී දුරකථනයෙන් ස්වයං (සෙල්ෆී) ඡායාරූපයක් ලබා ගැනීමට ගිය අනුරාධපුර නගරයේ පදිංචි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු පෙරේදා (11) දා සවස ගාල්ල දෙස සිට කොළඹ කොටුව දෙසට ධාවනයවු බලවේග කට්ටල දුම්රියක ගැටි මිය යෑමේ සෝචනිය පුවත වාර්තාවිය.

    අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූයේ අනුලා දේවි මාවත, විජයපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි එකම පවුලේ සහොදරයන් දෙදෙනකු වු ශෂී මධුෂාන් රණවීර (24) හා තීක්ෂණ ශක්ෂාන් රණවීර (12) යන අයයි. මරණයට පත්වූ දරුවන් දෙදෙනා ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ රාජකාරි කර විශ්‍රාම ලැබු කෝප්ප්‍රල්වරයකු වන ප්‍රසන්න ප්‍රියංකර රණවීර (49) හා යුද හමුදාවේ කාන්තා බළකායේ විශ්‍රාමික සෙබලියක වු ආර්.ඒ.බණ්ඩාර මැණිකේ (47) යන දෙපළගේ දරුවන්ය.

    දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වයස අවුරුදු 12ක් වු බාල පුත්‍රයා හා වයස අවුරුදු 24 ක් වු වැඩිමහල් පුත්‍රයා මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබුණි.

    මේ අනතුරින් ජිවිතක්ෂයට පත්වු අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුවූ ශෂි මධුෂාන් හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හැදැරීම සඳහා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් වසර 3 කට පසු පෙරේදා (11 ) පස්වරු 4.30 ට පමණ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළින් මෙරටට පැමිණ තිබේ.

    සිය දරුවා සිංගප්පුරුවේ පාඨමාලාවක් හදාරා සහතික පත් ලබාගෙන වසර 03 ට පසු මෙරටට පැමිණිමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔහු කැදවාගෙන ඒම සඳහා මව පියා සහෝදරයන් දෙදෙනා මිත්තණිය ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් කටුනායක ගුවන් තොටට ගොස් තිබේ.

    අනතුරුව ඔවුන් කටුනායක සිට අධිවේගි මාර්ගයේ කොළඹට පැමිණ ගෝල්ෆේස් පිටියේ විනෝද වී කොල්ලුපිටියේ පදිංචිව සිටින ඥාති සහෝදරියනගේ නිවසට යාම සඳහා පිටත්ව තිබේ. එම අතරතුරේදී දුම්රිය මාර්ගය හා මුහුදු වෙරළට සමීපයෙන් ගමන් ගත් ස්ථානයක දී ජංගම දුරකථනයෙන් ස්වයං ඡායාරූප ලබා ගැනීම සඳහා වෑන් රථය නතර කරන ලෙස 12 හැවිරිදි තීක්ෂණ,පියා ඇතුළු පිරිසට ඇවිටිලි කළ බව පවුලේ ඥාතීහු පැවසූහ.

    ගමනට සහභාගීවී අවාසනාවන්ත අනතුර සිදුවන අවස්ථාවේ දරුවන් සමගින් සිටි කම්පනයට පත්ව සිටින මියගිය දරුවන්ගේ මිත්තණිය වන ඩබ්.ප්‍රේමා ගුණවර්ධන (68) මහත්මිය හඩා වැලපෙමින් මෙසේ පැවසුවාය.

    පොඩි පුතාගේ බලපෑමට තමයි ෆෝටෝ ගහන්න කියලා වාහනය නතර කළේ. ඒත් අපි කැමති වුණේ නැහැ. පසුව වාහනයෙන් බැහැලා මුහුදු වෙරළ ආසන්නයේ දුම්රිය මාර්ගයේ අයියයි මල්ලියි ෆෝටෝ ගත්තා. මමත් ඒ ස්ථානයට ආසන්නයේ හිටියා.වේලාව සවස 5.45 ට පමණ ඇති. මම දුටුවා විදුලි ලාම්පු දල්වාගෙන දුම්රියක් පැමිණෙනවා. මුහුදේ ඝෝෂාව නිසා එම ස්ථානයේ දුම්රියක් ළඟට එන තෙක් ශබ්ද ඇසුනේ නැහැ.

    පොඩි පුතාට කෝච්චියක් එන බව කියමින් මා කෑගැසුවා. ඉන්පසු බයවුණු චුටි පුතා එක්වරම රේල් පාර හරහා පැන නැවතත් අයියා සිටින පැත්තට පැන්නා.මල්ලී එන්න එපා යැයි කියමින් ඔහු බේරා ගැනීමට ශෂී පුතා පනිනවාත් සමඟම දෙදෙනාම වේගයෙන් පැමිණි කෝච්චියට හසුවුණා.දරු දෙදෙනා එම ස්ථානයේ බිම වැටි සිටියා.සිද්ධවුනේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරිවුණා.

    ටික වේලාවක් යනකල් කිසිවකුත් ඉදිරිපත් වුණේ නෑ දරුවන්ව රෝහල්ගත කරන්න. ලොකු පුතාගේ කකුලක් වෙන් වී තිබුණා.එම ඒ කකුල උස්සාලා ත්‍රී රෝද රථයකට දැම්මා. ආච්චි කෙනෙකුට මේවා දරාගන්න පුළුවන්ද. චුටි පුතා දෙස බලනකොට හිස කොටස තිබුණේ නෑ.අම්මයි තාත්තයි දරුවෝ දෙන්නා දිහා බලමින් විලාප තියනවා. අනේ මගේ දරු පැටව් දෙන්නා.මා මුලින්ම හිතුවේ කම්පනයට වැටිලා ඉන්නවා කියලා.

    සහතික අරන් ආපු මගේ සුදු පුතා ඒවා පෙන්නන්නේ නැතුවම අපිව දාලා ගියේ ඇයි දැයි කියමින් ඇය හඬා වැලපෙමින් සිහිසුන් විය.දුම්රියට හසුවූ කුඩා දරුවාගේ හිස ඔවුන් ගැටුණු බලවේග කට්ටලයේ ඇමිණි තිබූ ඊයේ (12) උදෑසන ගම්පහ දුම්රිය ස්ථානයේ දී සොයා ගෙන තිබුණි.එම හිස කොටස අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොල්ලුපිටිය පොලිස්ථානයට ලබාදීමට ගම්පහ දුම්රිය ස්ථානයේ නිලධාරීන් කටයුතුකර තිබුණි.

    [rns_reactions]