Tag: featured

  • ඇමති සාගලට අගමැති ආරක්ෂකයන්..! සියලු ජනතාවගේ අවධාණය පිණිසයි….

    නීතිය සහ සාමය ඇමැති සාගල රත්නායක හෙවත් ‘ඩීල්ගල‘ නමැත්තා රටේ නීතිය අවභාවිතා කරමින් තමන්ට නීතියෙන් අවසරයක් නැති ආරක්ෂාවක් මහජන මුදලින් නීති විරෝධීව ලබා ගෙන තිබෙන බව අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙළිදරව් වී තිබේ. 

    මෙහි දැක්වෙන්නේ ඒ බව තහවුරු කරන සේයාරුවකි.

    සාමාන්‍ය ඇමැතිවරයෙකු වන සාගල, අගමැතිවරයාගේ ආරක්ෂකයන් තම ආරක්ෂකයන් ලෙස මහජන මුදලින් විදේශ සංචාර වලටද රැගෙන ගොස් තිබේ. ඒ බව තහවුරු කෙරෙන මෙහි දැක්වෙන සේයාරුවේ රතු පැහැයෙන් ලකුණු කර ඇති දෙදෙනාම අනුයුක්ත වන්නේ අගමැති ආරක්ෂක ඛණ්ඩයටය. ඒ සාගල සමග ගිය විදේශ සංචාරයක දී ය.  මීට අමතරව සාගල රටේ මග තොට ගමන් කරද්දී පවා අගමැති ආරක්ෂකයන් සහිත රථ 6 ක් භාවිතා කරයි. 

    ජීවිත තර්ජනයක් පිලිබඳ ආරක්ෂක කවුන්සිලය අනුමත කිසිදු වාර්තාවක් නොමැති නමුත් තමන් පෙළෙන හුදු ප්‍රදර්ශන කාමයට හෝ හීනමානයට හෝ  “නාරි මොටාලාගේ“ හිත සුව පිණිස හෝ එක එකපුද්ගලයන්ට මහජන මුදලින් හිතූ හිතූ ආකාරයෙන් ආරක්ෂාව සැපයීමට රටේ නීතියෙන් ඉඩක් නැත.

    ජනාධිපති ආරක්ෂකයන් ආරක්ෂාව සැපයිය යුත්තේ ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට ය. අගමැතිවරයාගේ ආරක්ෂකයන් ආරක්ෂාව සැපයිය යුත්තේ අගමැතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට ය.

    එසේ නොමැතිව මාතර අඩුම ජන මනාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ, රාජපක්ෂලා සමග ඩීල් දේශපාලනයේ යෙදෙන සාගලට අගමැති ආරක්ෂකයන් ගේ ආරක්ෂාව ලබා දීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීය. බලය අයුතු ලෙස භාවිතා කිරීමකි. ඇමැතිවරයෙකු සතු බලය අයුතු ලෙස භාවිතා කිරීම යනු සදාකාලිකවම ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි විය හැකි වරදකි.

    මේ සම්බන්ධයෙන් රටේ ආරක්ෂාව බාර ජනාධිපතිවරයා තීරණයක් ගත යුතුය.

    [rns_reactions]

  • පුජිත් පොලිස්පති කළ සමාජ ජාල ඔහුට එරෙහිව අවි අමෝරන ලකුණු!

    සමාජ් ජාල මාධ්‍ය යනු සමාජයේ ජනතාවගේ මතය ධනය, බලයට හා වෙනත් වරප්‍රසාද වලට යට නොවී සැබෑ ජනතාවට හඬ නැගීමට අවකාශය ලබා දෙන පුරවැසි මාධ්‍යකරණ ඉඩකඩයි. කොටින්ම කියතොත් සමාජ මතය නිරුපනය කරන්නට සමාජ ජාල සමත්ය. එය පසුගිය මැතිවරණ කාල වලද අද සමාජය තුලද සැමට ප්‍රායෝගිකව අත් දකින්නට ඇත.

    මේ දිනවල සමාජ ජාල හා වෙබ් මාධ්‍ය වල පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත දැඩි විවේචන එල්ල වෙමින් පවතී. ඒ ඔහු පොලිස්පති ධුරය හෑල්ලුවට ලක් කරමින් දේශපාලන ව්‍යාපෘතියක නිරත වන බවට කියමිනි. ඔහු ඔහුගේ තනතුරට අදාළ  තීන්දු තීරණ ගන්නවා ජනප්‍රිය චරිතයක් සේ සමාජයේ කැපී පෙනීමට උත්සාහ දැරීම හේතුවෙනි. එයට එක් හොඳම උදාහරණයක් සපයමින් වත්මන් පොලිස්පතිවරයා ඔහුගේ උත්සව ආදිය වෙනත් දේශපාලකයන් හා නළු නිලියන් මෙන් ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදමින් සිටීම දැක්විය හැක.

    එමෙන්ම මෙසේ ඔහුට විවේචන එල්ල වීමට හේතුව රටේ අපරාධ රැල්ල මෙන්ම ඝාතන රැල්ල මඩින්නට ඔහු කිසිවක් නොකිරීමත් වංචා දුෂණ වැලක්වීමට කටයුතු නොකිරීමත් පසුගිය පාලන සමයේ දුෂණ චෝදනා එල්ල වූ අයට නිතිය ක්‍රියාත්මක නොකිරීමත් මෙන්ම ජනප්‍රිය වීමට එක් එක් බොරු දේවල් කීමත් නිසායි,

    බොහෝ දෙනා පවසන්නේ පොලිස්පති වූ පසු කලින් සිටි පුජිත් ජයසුන්දර චරිතය එහෙන් පිටින්ම වෙනස් වූ බවයි…කලින් තම පරමාදර්ශී චරිතයක්ව  සැලකු පුජිත් දැන් කරන දේවල් සිතා ගැනීමටවත් නොහැකි බවයි.

    මේ හේතු නිසා ඔහුව පත් කිරීමට මතය සකස් කල සමාජ ජාල හා වෙබ් අඩවි ඔහුට විරුද්ධව මතය ගොඩ නැගීම ආරම්භ කොට ඇත.

    ඔවුන් පවසන්නේ පොලිස්පති ගෙදර යවන තුරු ඔහුගේ වැරදි සමාජ ගත කරන බවයි.

     

    https://www.facebook.com/voicelanka/videos/1341362692606743/

    [rns_reactions]

  • යකඩ යකා කෝටි 680ක් ගිලලා – ඇත්ත මෙන්න…

    දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වස‍රේදී රුපියල් ‍කෝටි 680ක පාඩුවක් ලබා ඇත. මේ අලාභය ගැන උපුටා දක්වන මහ බැංකුව වාර්තාව පසුගිය වසරේදී 2015 වසරට වඩා ආදායම වැඩි වී ඇතත් දෙපාර්තමේන්තුවේ පාඩුව ඉහළ අගයක් ගන්නා බව පෙන්වා දී ඇත.

    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ග පද්ධතිය පාලම් මෙන්ම වර්ණ සංඥා ඇතුළු සියල්ල නඩත්තු කිරීම් සහ ස්ථාපිත කිරීම් සියල්ල සිදු කළ යුතු හෙයින් මේ අතිවිශාල අලාභය ‍සිදුවන බව පෙන්වා දෙන ප්‍රවාහන විශේෂඥයන් පෙන්වා දෙන්නේ දුම්රිය මඟී ප්‍රවාහනයෙන් ආදායම් ඉපැයීම නොව ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමත් දුම්රිය ස්ථාන පිහිටා ඇති අධි නාගරික ප්‍රදේශවල මහල් ගොඩනැගිලි ආයෝජකයන් හරහා ඉඳි කිරීමත් කළ යුතු බවත්ය.

    එසේම නගරාසන්න දුම්රිය ගාස්තුවද බස් රථ ගාස්තුවෙන් අඩක් පමණ වන බවත් දුම්රිය මඟීන්ගෙන් 70%ක් පමණ නගරාසන්න මඟීන් වන නිසා ගාස්තු අඩුවීමද බෙහෙවින් බලපා ඇති බ වත් විශේෂඥයෝ පෙන්වා දෙති.

    [rns_reactions]

  • පාට පාට ලෝකයේ නො පෙනෙන අවදානම!

    ඇඳුම් අඳින්නේ විළි වසා ගැනීමට ය . එහෙත් ‘ නිරුවත් වානරයා ‘ නම් සුප්‍රකට කෘතිය රචනා කළ මානව විද්‍යාඥ ඩෙස්මන් මොරිස් ඇදුම් ගැන කියන්නේ පුදුම කතාවකි . ඔහුට අනුව මිනිසා මුලින් ම කෙළේ කොළ අතු යනාදියෙන් තම රහස්තැන් වසා ගැනීම ය . ඇඳුම එතැනට පමණක් සීමා විය . රහස් තැන් පමණක් වසා ගත්තේ විළි වසා ගැනීමට නොව ඒ තැන් කෙරෙහි විරුද්ධ ලිංගිකයාගේ වැඩි අවධානය යොමු කැර ගැනීමට ලු ! සත්ත්ව පරිණාමය සහ අනුවර්තනය ආශ්‍රිත සාක්ෂි සාධක සම්භාරයක් ඉදිරිපත් කරන ඔහු තම මතය තර්කානුකූලව තහවුරු කරයි . ඇතැම්විට ඔබ ඒ මතය නො පිළිගන්නවා විය හැකිය .

    හොඳයි නිකමට හිතන්න අද අප ඇදුම් අඳින්නේ හුදෙක් විළි වසා ගැනීමට පමණක් ද ? එහෙම නම් මේ තරම් නානා ප්‍රකාර විසිතුරු මෝස්තර විලාසිතා මොකට ද ? විළි වසා ගැනීමේ ප්‍රාථමික වුවමනාවට වඩා ඇඳුමේ සමාජ හා මනෝ විද්‍යාත්මක භාවිතය ඉහළට ම එසවී තිබෙන්නේ අන් කිසිවක් සඳහා නොව අනෙකා ඉදිරියේ ආකර්ශනීය ලෙස පෙනී සිටීමට ය . ඩෙස්මන් වියතාගේ මතය අන් කවරදාටත් වඩා අද ඉතා හොඳින් තහවුරු වන්නේ ඇස ගැටෙන ඇදුම් විලාසිතාවල ඇති අනෙකාගේ නෙත් පැහැර ගන්නා අංග එන්න එන්න ම වැඩිවෙමින් තිබෙන නිසා ය .

    මේ ඇඳුමට විවිධාකාර වර්ණ රටා එක්වේ . අනෙකා ඉදිරියේ වඩාත් ආකර්ශනීය ලෙස පෙනී සිටීමට ඔබ ඉතා ආශාවෙන් තෝරා ගන්නා ඇඳුමේ වර්ණය මගින් ඔබේ මානසිකත්වය ද අනාවරණය වේ .බටහිර මනෝ විද්‍යාව විසින් මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවලින් සොයා ගෙන ඇති තොරතුරු විස්මිත ය . ඔබ කොතරම් ආශා කළ ද ඔබ තෝරා ගන්නා වර්ණය ඔබට ගැලපෙනවා ද ? මෙය විසඳා ගැනීමට පෙරදිග මෙන් ම අපරදිග ද එකලෙස භාවිතයට ගත් වසර දහස් ගණනක් පැරණි සූත්‍රයක් තිබේ . එමගින් ඔබේ මිතුරු වර්ණය සහ සතුරු වර්ණය හඳුනාගත හැකිය .

    මිතුරු වර්ණය සහ සතුරු වර්ණය සොයන්නේ උපන් ලග්නය අනුව ය .

     මේෂ ලග්නයට රතු වර්ණය ජයගෙන දෙන අතර සුදු සහ කහ පැහය මිතුරු වේ .නිල් සතුරු ය .

     වෘෂභ ලග්නයට විචිත්‍ර වර්ණ ජයගෙන දෙන අතර සුදු සහ නිල් මිතුරු ය .

     මිථුන ලග්නයට කොළ පැහැය ඉතා සුබ වේ . සුදු සහ නිල් මිතුරුවේ . කහ පැහැය සතුරු ය .

     කටක ලග්නයට සුදු ඉතා සුබය . කහ සහ රතු පැහැය මිතුරු ය . විචිත්‍ර වර්ණ අසුබ ය .

     සිංහ ලග්නයට තැඹිලි පැහැය ජයගෙන දෙන අතර සුදු සහ කහ මිතුරු ය .

     කන්‍යා ලග්නයට කොළ පාට ඉතා සුබය. සුදු සහ විචිත්‍ර වර්ණ මිතුරු වේ . කහ පාට අසුබ ය .

     තුලා ලග්නයට විචිත්‍ර වර්ණ ජයගෙන දෙන අතර සුදු සහ කොළ මිතුරු ය . තැඹිලි පාට සතුරු ය .

     වෘශ්චික ලග්නයට රතු ඉතා සුබය . තැඹිලි වර්ණය මිතුරු ය .

     ධනු ලග්නයට කහ පැහැය ජයගෙන දෙන අතර සුදු , සහ නිල් මිතුරු ය .කොළ පැහැය සතුරුය .

     මකර ලග්නයට නිල් පැහය ජයගෙන දේ . සුදු ,කොළ සහ විචිත්‍ර වර්ණ මිතුරු ය .රතු පාට සතුරුය .

     කුම්භ ලග්නයට නිල් පැහැය සුබවේ . සුදු සහ රතු වර්ණ මිතුරු ය .විචිත්‍ර වර්ණ සතුරුය .

     මීන ලග්නයට කහ පැහැය ඉතා සුබය . සුදු රතු සහ නිල් මිතුරුය .කොළ පැහැය සුබ නැත .

    විශේෂයෙන්ම මැණික් වර්ග සහ ආභරණ පැළඳිමේදී මේ සූත්‍රය නොතකා හැරීම බලවත් වරදකි . එහෙම වෙන්නේ ඇයි ? ඉහත දැක්වෙන වර්ණ සූත්‍රය සකස් කැර තිබෙන්නේ නිකං සෙල්ලමට නොවේ . ඒ සඳහා පදනම් වූ සිද්ධාන්තය තේරුම් ගත්විට ඔබට එහි ඇති අවදානම ද පසක්වනු ඇත. සෑම පුද්ගලයෙකුට ම තම ඉටු දෙවියන් මෙන් පිහිටවන ග්‍රහයෙක් සිටී . ඔහු ලග්නාධිපති හෙවත් පාලක ග්‍රහයා ලෙස හදුන්වමු . සෑම අනතුරකින් ම ජන්මියා ගලවා ගනිමින් ද පෝෂණය කරමින් ද හැකි සෑම ආකාරයකින් ම ජීවිතය උසස් කරමින් ද පාලක ග්‍රහයා සෙනෙහෙවන්ත පියෙකු මෙන් ක්‍රියා කරයි . ඒ කටයුතුවලට අවහිර කරන ග්‍රහයෙක් ද සිටී . ඔහු බාධක ග්‍රහයා ලෙස හැඳින්වේ . ජන්මියාගේ සෑම කටයුත්තකට ම බාධා අවහිර ඇති කිරීම ඔහුගේ කාරිය වේ . දැන් මෙතැනට වර්ණ සම්බන්ධ වන්නේ මෙසේ ය . සෞරග්‍රහ මණ්ඩලයේ වර්ණ සංකේතවත් කෙරෙනුයේ ග්‍රහයන් ගෙනි . හිරුගේ ආලෝකය එක් එක් ග්‍රහයා විසින් පරාවර්තන කරනු ලබන්නේ තමාට ආවේණික වර්ණයකිනි. සඳු සුදු පැහැයට අධිපතිනිය වේ . ඇය හිරු කිරණ පරාවර්තනය කරනුයේ සුදු පැහැයෙනි . ඒ අනුව බුධ කොළ පැහැය ද කුජ රතු පැහැය ද සිකුරු විචිත්‍රවත් පැහැයෙන් ද සෙනසුරු තද නිල් පාටින් ද ගුරු කහ පැහැයෙන් ද ආලෝකය පරාවර්තනය කරයි . යම් කෙනෙකු තම බාධක ග්‍රහයාට අයත් වර්ණයෙන් යුත් මැණික් හෝ එබඳු පාෂාණ හෝ ලෝහ වර්ග හෝ පැළදීම මහින් සිදුවන්නේ පාලක ග්‍රහයාට සහ තමාට එරෙහි කිරණ විශාල වශයෙන් කැඳවා ගැනීම ය . විශේෂයෙන්ම මැණික්වලට එබඳු කිරණ ඇදී එන්නේ කාන්දමට ඉදිකටු ඇදී එන්නාටත් වඩා දහස් ගුණයක වේගයෙනි . එහි විපාකය ඔබ සිතනවාට වඩා බිහිසුණු ය . කරන කියන වැඩ කඩාකප්පල් වීම පමණක් නොව දරුණු රෝගාබාධවලට පවා ගොදුරු වන්නට සිදුවේ .

    දුටුමතින් හෝ ඇසට ප්‍රිය නිසා හෝ අන් කෙනෙකු අනුකරණය කරන මෝස්තරයට හෝ මැණික් , පාෂාණ , සහ ලෝහ වර්ග සහිත ආභරණ පැළදීම අනතුරුදායක ය . සතුරු වර්ණයකින් යුත් ඇඳුමකින් ඇතිවන්නේ තාවකාලික සහ සුළු බලපෑමකි . එහෙත් සිරුරේ පැළඳිමට ගන්නා ආභරණ නිසා ඇතිවන බලපෑම දිගුකාලීන මෙන් ම බරපතළ ගණයට ද වැටේ . අහක යන විෂ ඝෝර සර්පයන් රෙද්ද අස්සේ දාගන්නවා යැයි කියන්නේ මෙවැනි අවස්ථාවලට ය . නිදසුනකට තුලා ලග්නහිමියෙකු ගතහොත් රවි ඔහුගේ බාධක ග්‍රහයා ය . රවිට අයත් තැඹිලි පැහැය පමණක් නොව තඹ ලෝහය සහ පද්මරාග නම් මැණික් වර්ගය ද ඔහුට විෂ සහිත ය . තුලාවට විචිත්‍ර වර්ණ මෙන් ම දියමන්ති සුදු මැණික් සහ රිදී ලෝහය ඉතා හිතකර වන්නේ එමගින් ඔහුගේ පාලක ග්‍රහයාවන සිකුරුගේ කිරණ ආකර්ෂණය බලවත්වන හෙයිනි. ධනුවට කොළ පැහැය ද පච්ච පසිංගල් මැණික් ද විෂ සහිත ය . ඔහුට සුබපල දෙන්නේ පුෂ්පරාග නම් කහ පැහැති මැණික් වර්ගය යි . මේ අනුසාරයෙන් ඔබේ ලග්නයට මිතුරු වර්ණ , මැණික් පාෂාණ සහ ලෝහ වර්ග හඳුනා ගන්න . සතුරු ඒවා ඉවත් කරන්න . එහි ප්‍රතිඵලය ඔබට ම පසක් කැර ගත හැකිය .


    වෘශ්චික ලග්නයට හැර අනෙක් සියලු ලග්නයන්ට සුදු පැහැය සහ මුතු වර්ග මිතුරු වේ . සියලුම ලග්නවලට පොදුවේ කළු පැහැය සුබ වර්ණයක් ලෙස නො සැලකේ . විශේෂයෙන්ම කළු සහ එවැනි තද අඳුරු වර්ණ සහිත යට ඇඳුම් දුරින් දුරු කළයුතු නමුත් ඒ බව බොහෝ දෙනා නො දනිති . යටට කළු සහ අඳුරු වර්ණ අඳින ඇතැමුන් ඒ ගැන කියන්නේ හිනා යන කතාවකි . ‘… කළු ඇන්ඳහම ඉක්මනට කිළිටි වෙන්නේ නැහැලු..’ නමුත් ඇත්ත කතාව වන්නේ සියලු වර්ණ අතරින් ඉතා ඉක්මනින් කිළිටි වන්නේ කළු වර්ණය යි . සිදුවන්නේ එය නොපෙනී ම පමණි . කළු සහ එවැනි අඳුරු වර්ණ ඉතා වේගයෙන් සහ මහ පරිමාණයෙන් ආලෝකය සහ තාපය ඇද ගන්නා අතර පරාවර්තන බලයෙන් ඉතා ම දුර්වල වේ . යටට අඳින කළු විෂ ගොඩක් වන්නේ එහෙයිනි .

    අප ජීවත්වන්නේ පාට පාට ලස්සන ලෝකයක නමුත් ඒ පාට තෝරා ගත යුත්තේ යමක් කමක් දැනගෙන ය .

    [rns_reactions]

  • චීනය දැවන්තයකු කළ විනය හා නීතිය….

    ජනගහනය කෝටි 140ට ආසන්න චීනය පෘථිවිය තුළ ඇති දැවන්ත ලෝකයකි. මේ චීන ලෝකයට අයත් චෙන්දු (CHENGDU)නිරිතදිග චීනයේ සිචුන් (SICHUEN) ප්‍රාන්තයේ අගනගරය වේ. චෙන්දු නගරයේ ජනගහනය මිලියන 15ට ආසන්න වන නමුත් කලබල ගතිය අඩු, මනස්කාන්ත නගරයක් ලෙස මෙය ප්‍රකටය. එය අපට අත්දකින්නට ද හැකි විණි. එහි ජනගහනයට සාපේක්ෂව වාහන ධාවනය හෝ ගමනාගමනය හෝ එදිනෙදා ජනජීවිතය හෝ මොනතරම් නම් කලබලකාරී වටපිටාවක් නිර්මාණය කරනු ඇතිද යනුවෙන් නොදුටු නගරය ගැන සිතෙනු ඇත. නගරයේ සිට දසතට, කිලෝමීටර් සිය ගණන් දුරට අධිවේගී මාර්ග ජාලයක් ඇදී ගියත්, දිවා රෑ වෙනසක් නැතිව ඒවායේ වාහන පිරී ගියත්, කඩි රැළක් මෙන් වීදි සිසාරා මිනිසුන් ඹබ මොබ ඇදුනත්, කොළඹ නගරයේ දී දනවන වෙහෙස නම් එහි ගිය ගමන්වලදී අපට නොදැනුණි. මහල් 20, 30, 40, ඊටත් ඉහළට නැඟුණු ගොඩනැඟිලි හා කොන්ක්‍රීට් මාර්ග පද්ධති අතරින් ඉඩ ඇති සෑම තැනකින්ම ආවේණික ගස් නැගී සිටීමත් මේ මනස්කාන්ත නගරයට ආභරණයකි. ඊටත් වඩා එහි සන්සුන් බව ගෙන එන්නේ ඒ මිනිසුන් වෙතින් ප්‍රකට වෙන විනයානුකූල ගතිය බව අපගේ වැටහීමයි. චීන කොමියුනිස්ට් ක්‍රමය ගැන කටපාඩම් කළ මෙරට දේශපාලනඥයන් අපට පුරුදු කළේ කොයි දේට වුවද විරුද්ධ වෙන විරෝධාකල්පය ප්‍රගුණ කිරීම නමුත් චීන ජනතාව එයින් ඉගෙන ගත්තේ විනය ගරුක සමාජයක වටිනාකම බව වෙන්දු සංචාරයේදී හැම විටෙකම අපට කල්පනා විණි. නගරයෙන් දුර ඈතට වන්නට කලාතුරකින් තනි තනිව නිවාස දැක ගත හැකි නමුදු නගරබදව වෙසෙන චීන ජනතාවගේ වාසය මහල් නිවාසවල බව ද මෙහිදී සිහිපත් කළ යුතුයි. නීතිගරුක, විනය ගරුක සමාජයකට අවශ්‍යම සමාජයේ සාමූහික බව එමඟින් ද ශක්තිමත් කරනු ලැබේ. වෙන්දු නගරයට ආවේනික නෙත සිත පිනන සාමාකාමී ස්වභාවය ගොඩ නැඟි ඇත්තේ මිනිසුන්ගේ සිතිවිලි මතිනි.

    අපගේ සංචාරක වැඩසටහනේ එක් අංගයක් වූයේ ලෙෂාන් ගියන්ට් (Lesshan Giant) බුද්ධ ප්‍රතිමාව දැක බලා ගැනීමයි. ගලක නෙළන ලද වාඩිවී සිටින ලොව උසම බුදු පිළිමය ලෙස මෙය සැලකේ. නූතන යුගයට පෙර එනම් ක්‍රි. ව. 713 – 803 අතර කාලයේ දී මෙය ඉදි කර ඇත.

    වෙන්දු නගරයේ සිට කිලෝ මීටර් 150 ක් පමණ දුරින් පිහිටි ලෙෂාන් නගරයයට බටහිරින්, ගංගා තුනක සන්ධීස්ථානයක මෙය පිහිටයි. ආසියාවේ දිගම ගංගාව සේ සැලැකෙන යැන්ෂි (Yangtze) ගංගාව පිහිටන්නේ ද සෙචුන් ප්‍රාන්තයේ ය.
    එදා ලෙෂාන් ගියන්ට් බුදු පිළිමය ඉදිකරන්නට මුල් වූ බව කියන භික්ෂුන් වහන්සේගේ එක් අධිෂ්ඨානයක් වී ඇත්තේ පිළිමය ඉදිරියෙන් ගලන ගඟේ ගමන් ගන්නා ඔරු පාරු කිසිවකට අනතුරක් නොවී නිරුපද්‍රිතව ගමනාන්තයට යන්නට මේ පිළිමය නිමවූ පසු හැකි විය යුතු බවයි. ඇතැම් විටෙක මෙම දැවන්ත ගඟ එහි ගමන් ගත් ජනයා පීඩාවට පත් කරන්නට ඇති නිසා එවැනි අධිෂ්ඨානයකට හේතු වන්නට ඇත.


    අනෙක් අතට චීනයේ ගංගා, විශේෂයෙන් ම නගරාශ්‍රිතව ගලන ගංගා ගමනා ගමනය සඳහා යොදා ගත්තේ වර්තමානයේ පමණක් නොවන බව භික්ෂුන් වහන්සේගේ එකී අධිෂ්ඨානයෙන් පෙනී යයි. අදත් වෙන්දු හෝ බෙයිජිං හෝ චීනයේ සෑම ජනාකීර්ණ නගරයක් ආසන්යෙන් ගඟක් ගලා යා නම් දුම්රිය බස්රිය ගමන් කරන මාර්ග ඊට සමාන්තරව ඉදි වී ඇත. මේ ගංගා නවීන බෝට්ටු භාවිතා කරන ගමන් මාර්ග වී තිබීම ඊට හේතුවයි.

    එදිනෙදා ගමන් බිමන් සඳහා මෙන්ම විනෝද සංචාර සඳහා ද ගොඩ බිම මෙන්ම ජලමාර්ග ද චීන ජනයා භාවිතයට ගනී. ගොඩබිම මාර්ග හා ජල මාර්ග අතර සහයෝගී ගමන් රටාවක් පවත්වා ගන්නට චීන ගමනා ගමන සැලැසුම් විනයානුකූල වී ඇත. එයම නගරයට, අවට වටපිටාවට අලංකාරයක් ගෙන දෙයි. ඇතැම් විටෙක මේ නගරයද, මේ ගමද කියා වෙන් කර ගත නොහැකි තරමට වටපිටාව සැකසී ඇත.

    ජනාකීර්ණ බව හා වාහන තදබදය අඩු පළාතක සාමකාමී බව නගරය වෙතද කැන්දා ගැනීමට චීන නගර සැලැසුම් විශාල උත්ස­ාහයක් ගෙන ඇති බව දක්නට හැකිය. අප එවැනි චිත්‍රයක් දකින්නේ ජනගහනය උතුරා පිටාර ගලන භූමියක, රටක වීම බව කල්පනා කරන විට එවැනි නගර සැලැසුම්වල වටිනාකම තව තවත් කැපී පෙනෙයි.

    ලෙෂාන් ගියන්ට් බුදුපිළිමය වෙත අප ගමන් ගත් වෙන්දු නගරයෙන් ඈත ගමන පේන තෙක් මානයට විහිදෙන ගොවි බිම් අතරින් යෙදී තිබිණි. වී, ඉරිඟු, දොඩම්, මිදි පමණක් නොව නගරයෙන් ඈතට යන විට තේ වගාවද එහි විණි.

    කෘෂිකාර්මික සශ්‍රීකත්වයට නිදසුනක් සේ චීනය විසින් ඔසවා තබනු ලබන වෙන්දු ‘කිරි පැණි මිටියාවත‘ නමින් අන්වර්ථ නාමයකින්ද හැඳින්වෙයි. ඊට හේතුව ලංකාවේ දකුණ කිරි – පැණි සඳහා ප්‍රසිද්ධ මෙන් වෙන්දු කිරි පැණියෙන් පිරී ඇති නිසා නොවේ.

    කෘෂිකාර්මික සංවර්ධනයේ සාමාකාමී බව හා එහි සරුසාර ගතිය දනවන්නට එවැනි අන්වර්ත නාමයක් යොදා ගත් බව පැහැදිලියි. කෘෂිකාර්මික භෝග අතරින් වෙන්දු වඩාත් ජනප්‍රියව ඇත්තේ තේ සඳහාය. නගරයෙන් ඈත කුඩා කඳු ගැටවල මෙන්ම මිටියාවතේ ද තේ වැවී ඇති අයුරු දක්නට ලැබිණි.

    ශ්‍රී ලංකාවේ තේ වගාවට වෙනස් එහි තේ වගාවේ එක් ලක්ෂණයක් ලෙස, ගස් අතර පරතරය වැඩිවීම දක්නට හැකි විණි. ඒ පරතරය වැඩි, තේ ගස් අඩු ඉඩක සරුවට වැඩී ඇති ගෝවා හෝ ප්‍රදේශයට ආවේණික වෙනත් භෝගයක් හෝ සරුවට වැඩී තිබීම සශ්‍රීක බව මෙන්ම අලංකාරයද දනවයි.


    කෘෂිකාර්මික සරු බවක් ඇති වීම කෙරෙහි හේතු වූයේ චීනය සතුව ඉඩම් තිබීම පමණක්ම නොවන බව කිව යුතුයි. කඩිසර ගති සහිත චීන ජනතාවගේ වුවමනාව මෙන්ම නගරයෙන් ඈත ගමටම අධිවේගී මාර්ග පද්ධති ඉදිකිරීම වැනි යටිතල පහසුකම් සලසා රජය විසින් නිෂ්පාදන ආර්ථිකයකට දොරටු විවර කරදීමටද ඊට හේතු වී තිබේ.

    චීන කොමියුනිස්ට් ක්‍රමය හේතු වූයේ නොසන්සුන් සමාජයකට මඟ පෑදීමට නොව හැකිතරම් හිතට සාමය ගෙන ඒමට බව සිතන්නට හැකිය. චීනයට ගොඩබට විට ඉක්මනින් දැනෙන සාමකාමී බව කෙරෙහි එවැනි රාජ්‍ය පාලන සැලැසුමක් ද හේතු වූවා නිසැකයි.

    නූතන චීනය ගොඩ නඟන විප්ලවය ඇරැඹෙන්නේ ඉඩම්හිමි ප්‍රභූ පංතියට එරෙහිව නිර්දන පන්තියේ ජනයා දියත් කරන නිදහස් අරගලයෙනි. ඊට නායකත්වය දෙන්නේ මා ඹ් සේතුං නම් ලෝපතළ ප්‍රබල නායකයා ය. මෙතෙක් ලොව සිදුවූ දීර්ඝතම පාද යාත්‍රාව ලෙස සැලැකෙන චීන මහා පාගමන (1934 – 1935) මා ඹ් සේතුං නම් මහා මිනිසාගේ නායකත්වයෙන් දියත් කෙරුණු විප්ලවයේ ප්‍රධාන ක්‍රියාන්විතය යි. වසර එකහමාරක් එක දිගට, චීනයේ දස දෙසින් අතු ගංගා සේ ඇදී ආ මහා මිනිස් පවුර අවසානයේ බෙයිජිං අගනගරය මහ ගඟක් සේ එක්ව, මහජන චීනයේ නිදහස ප්‍රකාශ කෙරිණි. සඳ මත පා තැබූ මිනිසා පෘථිවි ග්‍රහයා මත පිහිටි යම් සලකුණක් දුටුවා නම් ඒ අන්කිසිවක් නොව චීන මහා ප්‍රාකාරයයි. එහි දැවන්ත බව කීමට තවත් අමුතු හැඳින්වීම් අවශ්‍ය නොවේ.

    චීන මහා ප්‍රාකාරයට නොදෙවැනි දැවන්ත මිනිස් පවුරක් දීර්ඝ පා ගමන වෙනුවෙන් එක් රැස් වූ බව පැවසේ. රටේ දසතින් ගමන් අරැඹමින් තැන තැන කඳවුරු බැඳ, ඉඩම් හිමි පන්තියේ බළ ඇණි සමඟ සටන් වැද, පොදු ජන නිදහස තහවුරු කර ගත් බව කියැවෙන ස්මාරක අදටත් චීනයේ සෑම පළාතකම වාගේ වෙයි. වෙන්දු නගරයෙන් කි. මී. සියයකට එහා පිහිටි රතු සෙබළ ස්මාරකය, එදා මේ පාගමන සඳහා කඳවුරු බැඳගත් එවැනි ප්‍රධාන ස්ථාන කිහිපයෙන් එකකි. මේ ප්‍ර‍ෙද්ශය ජීවත්වීමට ප්‍රිය උපදවන ගම්මාන සිරිය නොඅඩු වුවද ගමනාගමනය, සන්නිවේදනය, වැනි යටිතල පහසුකම් ගෝලීයකරණයටම යා වී ඇත. එහෙත් ඒ විවෘත බව චීනයේ අනන්‍යතාව රැකෙන ලෙසිනි. ලෝකයට මුහුණ දීම පිණීස අවශ්‍ය කරන ඒ ශක්තිය සාම්ප්‍රදායික චීන සංස්කෘතියෙන් ගලා එන්නක් වුව ද සාමූහික බව හා විනය ගරුක සමාජය තව දුරටත් ශක්තිමත් කළේ තවමත් දශක අටක් පමණ වයස, දීර්ඝ පා ගමන මතින් නැඟුණු රතු හමුදාවේ විප්ලවයයි.


    වෙන්දු සංචාරයේ දී නගරයේ මෙන්ම ඈත පිටිසර දී ද චීනයට ආවේණික රසවත් ආහාර පානවලින් සංග්‍රහ ලැබිණි.
    අපට හුරු කන්කුං වැනි දෑ, මස් වර්ග, මාළු වර්ග, අපට නුහුරු විවිධ සුප් වර්ග, එමෙන්ම චීන වයින් වැනි දෑ, චීනයේ ජාතික ආහාරපාන දක්වාම, තරු පහේ හෝටල්වල මෙනු පත දක්වාම පැමිණියේ දීර්ඝ පාගමනේදී චීන ජනයා විඳි දුෂ්කර ජීවිත ඔස්සේයැයි ඔවුන් තම නිදහස වෙනුවෙන් විඳි අනන්ත දුෂ්කරතා අතර කුස ගින්න වෙනුවෙන් මාරාන්තික සටනක යෙදුණු බව කියැවෙයි.

    තම නිදහස දිනා ගැනීම වෙනුවෙන් පා ගමනේ නිරතවන අතර, කුසගින්න ඉවසිය නොහැකි තැන, කෑමට කිසිම දෙයක් නැති විට, තම ඉණ පටිය තම්බා සුප් සාදා බීවාලු. කංකුං වැනි පලා වර්ග ආහාරයට ගන්නට පුරුදු වී ඉතිරි වූ බත් පල්වෙන්නට තබා අවශ්‍ය මධ්‍යසාර පෙරා ගත්තාලු.


    අද අන්තර්ජාතික තලයේ ඉල්ලුමක් ඇති චීන වයින් වැඩි දියුණු වී ඇත්තේ ඒ ඔස්සේය. අපට නුහුරු සර්පයින් අනුභවය වැනි පුරුදු චීන සමාජයට ඇති වූයේ ද පා ගමනේ දී අත්විඳින්නට වූ ආහාර හිඟයට පිළියමක් ලෙස කැලයේ දී හමු වන හැකි සෑම දෙයක්ම ආහාරයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. සටන් මඟ දී තමන්ගේ ජීවිත රකින්ට මුල් වූ ඒ සෑම ආහාර පානයක් ම අද චීන ජනයාගේ ජාතික ආහාර පාන පමණක් නොව චීනයට ඇදී එන සංචාරකයාගේ විශාල ඉල්ලුමක් සහිත ආහාර පාන බවට ද පත්ව ඇත. එපමණක් නොව පාගමනේ දී විඩාවට පත් ජනයා දිරි ගැන්වීමට යොදා ගත් ගැමි සංගීතය හෝ ඔපෙරො හෝ නූතන චීනයේ විඩාව නිවන සංගීත සම්ප්‍රදායන් බවට පති විණි. එය වෙනමම සාකච්ඡාවට ගත යුතු සංස්කෘතික කතාවකි.

    [rns_reactions]

  • වෙඩිසිංහගේ අවාසනාවන්ත මරණය; තොරතුරු සොයන ඔබට පසු කියවීමක්

    මියයන විට 47 හැවිරිදි වියේ පසුවූ ආනන්දගේ හොඳම දක්ෂතා දැකගත හැකි වූයේ වසර දහයකට දොළහකට ඉහත දී වුවද මේ අවාසනාවන්ත සිදුවීම වන තෙක්ම ඔහුට ක්‍රීඩාලෝලී පර්ෂදයන් වෙතින් හිමිව තිබූ ප්‍රතිචාර නම් ඉහළම මට්ටමේ විය. සුපැහැදිලිවම ඔහු හොඳ “එන්ටර්ටේනර්” කෙනෙක් විය.


    සුපිරි ධාවක ආනන්ද වෙඩිසිංහගේ හදිසි අභාවය මෙරට මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය හා සම්බන්ධ අඳුරු පැතිකඩ ගණනාවක් පිළිබඳ ප්‍රසිද්ධ සංවාදයක් රට තුළ නිර්මාණය කිරීමට සමත්ව තිබේ. ශේන් ගුණවර්ධනගෙන් පසු ශ්‍රී ලංකාවේ “මෝටර් ක්‍රෝස් රජා” බවට පත් වූ ආනන්ද ක්‍රීඩා ක්ෂේත්‍රයේ අතිදක්ෂ මෙන්ම ජනප්‍රිය ධාවකයකු වීම තුළ ක්‍රීඩාලෝලීන් පමණක් නොව ධාවකයන්ද උනන්දුවෙන් යුතුව ඒ සඳහා සම්බන්ධ වන බවක් පෙනෙන්නට ඇත. ඇතිව තිබෙන මෙම සංවාදය ක්‍රීඩාවේ හෙට දවස පිළිබඳ කල්පනා කිරීමේදී පොදුවේ ගත් විට යහපත්ය. ඒ පිළිබඳ විවාදයක් නොමැත. එහෙත් වඩාත් වැදගත් වනුයේ එය, හැඟීම්වලට අඩු තැනක් බුද්ධියට වැඩි තැනක් දී සිදු කිරීමය. සැබැවින්ම මේ සංවාදය යහපත් දිශාවකට යොමු කරෙගත හැක්කේ එවැනි පසුබිමක් තුළ පමණි. මෙහිදී වඩාත් පරිස්සම් විය යුත්තේ බොර දියෙහි මාළු බාන්නන්ගෙනි.

    ආනන්දගේ මරණය මිනීමැරුමක් බව පැවැසීමට උත්සාහ කරන කණ්ඩායම අයත් වනුයේ, ඉහත කී බොර දියේ මාළු බාන කොට්ඨාසයටය. විවිධ අපැහැදිලි මන්ද චලන ඡායාරූප ඉදිරිපත් කරමින්, අනතුරට පෙර සුරාජ්, ආනන්දට පා පහරක් එල්ල කළ බව කියමින් මෙය හිතාමතා සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණයක් බව කියමින් සයිබර් අවකාශයේ සැරිසරන්නන් ගෙනා මතයට තටු ලැබුණේ ඕපාදූප වෙබ් අඩවි (Gossip Sites) කිසිදු අධ්‍යයනයකින් තොරව වගවිභාගයකින් තොරව ඒවා ඔහේ පළ කිරීම තුළය. ඉහත කී වර්ගයේ වෙබ් අඩවි අවම සදාචාර ප්‍රමිතින් පිළිබඳ දක්වනුයේ අඩු සැලකිල්ලකි. සදාචාරය හෝ ඉන් වන හානිය අගතිය පිළිබඳ සැලකිලිමත් වීම වෙනුවට ඔවුන් බොහෝ විට උත්සාහ කරනුයේ ඉල්ලුමට අනුව සැපයුම සිදු කිරීමට පමණි. ගංවතුර මධ්‍යයේ වුවද ආනන්දගේ මරණය සම්බන්ධයෙන් වූ පුවත්වලට අන්තර්ජාලය තුළ තිබුණේ ඉහළ ඉල්ලුමකි. ඒ මූලිකවම ආනන්ද ක්‍රීඩාලෝලීන්ගේ ඉහළ ආකර්ෂණයක් තිබු ධාවකයකු වීම නිසාය. මියයන විට 47 හැවිරිදි වියේ පසුවූ ආනන්දගේ හොඳම දක්ෂතා දැකගත හැකි වූයේ වසර දහයකට දොළහකට ඉහත දී වුවද මේ අවාසනාවන්ත සිදුවීම වන තෙක්ම ඔහුට ක්‍රීඩාලෝලී පර්ෂදයන් වෙතින් හිමිව තිබූ ප්‍රතිචාර නම් ඉහළම මට්ටමේ විය. සුපැහැදිලිවම ඔහු හොඳ “එන්ටර්ටේනර්” කෙනෙක් විය. ආනන්දම හැම විට කියූ පරිද්දෙන් ඔහු රේස් පැද්දේ නරඹන්නන් පිනවීම වෙනුවෙනි. ගුවනේදී ඔහුගේ පිම්ම දිගු මෙන්ම හැඩකාර ද විය. සුපර් මෝටාර්ඩ් ධාවන තරගවලට පිවිසුණු පසු ඍජු සරල රේඛිය මංතීරුවේදී ඔහුගේ වේගය අසමසම විය. වංගු ගැනුමේදී පවා තාක්ෂණය අතින් සෙසු ධාවකයන්ට වඩා ඔහු ගව් ගණනක් ඉදිරියෙන් පසු විය. ධාවකයකු ලෙස ඔහු බාහිර පෙනුම කෙරෙහි ද හොඳින් සැලකිලිමත් විය. ඔහුගේ යතුරුපැදිය අලංකාරත්වයෙන් පිරුණු, ක්‍රීඩාලෝලීන්ගේ නෙතට රසඳුනක් වූ අතර ධාවනයේදී ආනන්ද අඳින පලඳින ආකාරය ද ඊට අපූර්වත්වයක් එක් කළේය. මේ නිසාම රටකජු කමින්, අන්නාසි කෑල්ලක රස බලමින් තරග නරඹන ප්‍රේක්ෂකයන් අතර මෙන්ම ඉහළ සමාජ තීරු නියෝජනය කරන්නන් අතර ද ආනන්ද වෙඩිසිංහ අතිශය ජනප්‍රිය චරිතයක් විය. මේ ජනප්‍රියත්වය තුළ මෙය අනතුරක් නොව මිනීමැරුමක් යැයි කියු ඕපාදූපවලට තටු ලැබෙන්නට විය. ආනන්දගේ මරණය සිදු වූයේ අනතුරකින් යැයි පැවැ‍සීමෙන් ලැබෙන දේට වඩා වැඩි යමක් එය මිනීමැරුමකින් සිදු වූයේ යැයි කීම තුළ අනිවාර්යයෙන්ම හිමි වෙයි. හත් දවසෙහි බණට පසු වෙනත් ප්‍රවෘත්තියකට මාරු වීමට වඩා වැඩි කාලයක් එවිට අල්ලා ගෙන සිටිය හැකිය. කුණු රසයට, ඇති එම නොනිමි මිනිස් ආශාව තුළ වගකීම් විරහිත ඇතැම් මාධ්‍ය කැත නැතුව මේ සිදුවීම සම්බන්ධව භාවිත කළ බව හොඳහැටි පෙනෙන්නට තිබිණි.

    අනතුරු යනු මෝටර් රථ හෝ යතුරුපැදි ධාවන තරගවලදී කිසිසේත්ම ආගන්තුක වූවක් නොවේ. ත්‍රාසය භීතිය වේගය පෙරදැරිව පැවැත්වෙන ඒවාහිදී අනතුරකට ඇති ඉඩ අවසන් වනුයේ තරගය නිම වූ පසුය. මේ නිසාම සියලු ධාවකයන් තරගවලට පැමිණෙනුයේ අවදානම් සහගත ධාවනයන්හි නිරත නොවන බවට එකඟ වෙමිනි. එහෙත් යකඩ ගොඩක් සමඟ පොර බදිද්දී මිනිස් පාලනයෙන් තොරව අනතුරු සිදුවීමට ඇති ඉඩ බහුලය.

    අන්තර්ජාතික මට්ටමේදී මෝටර් රථ හා යතුරුපැදි තරගවල මෙබඳු බරපතළ අනතුරු සිදුවීම සාමාන්‍ය කරුණක් වුවත් ශ්‍රී ලංකාව තුළ ඒ මාදිලියේ මාරාන්තික අනතුරු පිළිබඳව අපට අසන්නට ලැබෙනුයේ අඩු වශයෙනි.

    පන්නලදී මෙන්ම කටුකුරුන්ද ධාවන පථයේදීත් අනතුරු නිසා ධාවකයන් මියගිය බවට කථා ඇතිමුත් මෝටර් රථ ධාවන තරගයක් අතරතුර ධාවකයකුගේ මරණය පිළිබඳ මෙරට ක්‍රීඩාලෝලීන්ගේ මතකය තුළ ඇති ආසන්නතම අත්දැකීම 2008 වසරේ නුවරඑළිය මාර්ග ධාවන තරගය අතරතුරදී සිදු වූ ඩිල්ෂාන් බණ්ඩාරනායකගේ අභාවයයි. “මිනි කාර්” තරග ඉසව්වට සහභාගි වූ ඩිල්ෂාන්ගේ රථය නානුඔය මංසන්ධියේ ඇති වට රවුමේදී සහෝදර තරගකරුවකු වූ අජිත් හේමචන්ද්‍රගේ රථය අබිබවා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී එම අවාසනාවන්ත අනතුර සිදු වූ අතර, තරගය ආරම්භ කර ඒ වන විට ගතව තිබුණේ මිනිත්තු හතරක් පමණි.


    අනතුර සිදුවද්දී එම ධාවකයන් දෙදෙනා අතර උණුසුම් තරගයක් පැවැති අතර ඒ වන විට පැයට කිලෝමීටර් 150ක වේගයෙන් ඔවුන් ධාවනයේ නිරත වී තිබිණි. අනතුරින් දිල්ෂාන්ට ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර, අජිත්ගේ මෝටර් රථය ගසක වැදුණු අතර ඉන් පිටතට විසි වීම තුළ වාසනාවකට මෙන් තම ජිවිතය බේරා ගැනීමේ හැකියාව ඔහුට හිමි විණි.

    මුහුදු මට්ටමේ සිට අඩි 6129 (මීටර් 1868) ක ඉහළ භූමියක පැවැත්වෙන නුවරඑළියේ මාර්ග ධාවන තරගාවලිය අග්නිදිග ආසියාවේ මේ මට්ටමේ ඉපැරැණිතම තරගාවලිය ලෙස සැලැකෙයි. අවුරුදුවලින් පැවැසුවහොත් මෙම තරගාවලිය තවත් වසර දෙකකදී තම සත්වන දශකය සම්පූර්ණ කරනු ලබයි. මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග සම්බන්ධයෙන් කලාපයේ සෙසු බොහෝ රටවලට වඩා සාරවත් ඉතිහාසයක් ඇතත්, ශ්‍රී ලංකාව මෝටර් රථ තරග පැවැත්වීම සඳහා අවශ්‍ය ධාවන පථ ඌනතාවෙන් බලවත් ලෙස පීඩා විඳී. වැඩි කථා අවශ්‍ය නැත. පන්නල හැරුණු විට ධාවනයට සුදුසු මට්ටමේ ඇති එකදු හුදෙකලා කෘත්‍රිම ධාවන පථයක් මේ රටේ නැත. සීගිරියේ හා කටුකුරුන්දේ ද කෘත්‍රිම ධාවන පථ මත මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග පවත්වන මුත් ඒ පැවැත්වෙනුයේ ඒවාහි වෙනත් කටයුතුද සිදු කරන අතරතුරය.


    තරගාවලිය හඳුන්වන ආකාරයටම, නුවරඑළිය මාර්ග ධාවන තරගය පැවැත්වෙනුයේ රථ වාහන ගමන් කරන මාර්ගයකය. පාලම්, බෝක්කු, විදුලි පහන් කණු, දුරකතන කණු, වටරවුම් සහිත එය කිසිදු ලෙසකින් ධාවන පථයක් සේ සැලකිය නොහැකිය. කොතරම් අවදානම් සහගත මාර්ගයකද මේ තරගාවලිය පැවැත්වෙන්නේ යන්න තේරුම් ගැනීමට එයම ප්‍රමාණවත්ය. වසන්ත සැණකෙළියට සමගාමීව පැවැත්වෙන නුවරඑළිය මාර්ග ධාවන තරගාවලියට සම්බන්ධ වන ධාවකයන් මේ අවදානම නොදන්නවා නොවේ.


    වසර ගණනක අත්දැකීම් සහිත ධාවකයකුට එය අමුතුවෙන් විස්තර කර දිය යුතු නැත. එහෙත් ඒ අවදානම දැන දැනම ඔවුහු මෙම තරගාවලිය මඟ නොහරිති. මූලිකවම ඒ මේ තරගාවලියට ඇති ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය නිසාය. වසන්ත සැණකෙළියේ අවසානය සටහන් කරමින් බොහෝ විට අප්‍රේල් තුන්වන හෝ හතර වන සතියේ පැවැත්වෙන මෙම තරගාවලිය නැරැඹීමට ක්‍රීඩාලෝලීහු එක් වනුයේ දහස් ගණනනි. මෙම තරගාවලිය නැරැඹීමෙන් අනතුරුව යළි කොළඹ බලා පැමිණීමට අවුරුදු නිවාඩුව ගතකිරීමට “පුංචි එංගලන්තයට” යන බොහෝ දෙනෙක් පුරුදුව සිටිති.


    නුවරඑළියේ මාර්ග ධාවන ඉතිහාසය තුළ සිදුව ඇති බරපතළ ගණයේ අනතුරු එකින් එක විස්තර කළහොත් මෙම සටහන අනවශ්‍ය ලෙස දීර්ඝ වීම නොවැළැක්විය හැක්කකි. රුවන් පීරිස්, අනුක් හයිද්‍රාමනි වැනි ධාවකයන් බරපතළ ලෙස නුවරඑළියේ දී එසේ අනතුරුවලට භාජනය වූ ප්‍රකට ධාවකයන් දෙපොළකි. මේ අතර නුවරඑළියේදී වූ අනතුරක් හේතුවෙන් ශ්‍රීමාල් වන්නිආරච්චි අංශභාග තත්ත්වයට පත් වූ බව මේ ලියුම්කරු අසා ඇත. එබඳු සිදුවීම් කෙටියෙන් කියතොත් නුවරඑළියේදී තරග කර සුළු හෝ ආබාධයකට මුහුණ නොදුන් ධාවකයකු සොයා ගැනුම අතිශයින්ම අපහසු කාර්යයකි. ඇති මෙම අවදානම නිසාම මෑත කාලයේදී නුවරඑළිය තරගාවලිය මඟහැරීමට ප්‍රකට ධාවකයන් ගණනාවක් කටයුතු කරන ලදී. ගයාන් සඳරුවන් වැනි නාමධාරි යතුරුපැදි ධාවකයන් මෙන්ම මේ මොහොතේ රටේ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගවලදී පෙරමුණේම කියැවෙන “හෙලිබීස්” කණ්ඩායමද තම ධාවකයන්ව මෙම තරගාවලියට සම්බන්ධ කරන්නේ නැත.


    ධාවන පථයේ ඇති අනාරක්ෂිත භාවය පිළිබඳව පමණක් නොව සංවිධානය කිරීමේදී ඇති දුර්වලතා පිළිබදව ද නුවරඑළිය මාර්ග ධාවන තරගය චිරප්‍රසිද්ධය. අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභයක් උපයා ගැනීමේ ලාභ සන්තානය හැර අන් යමක් මෙහි සංවිධායකවරුන්ට නොමැති බවට ප්‍රබල චෝදනාවක් සමාජගතව පවතී. ආනන්ද වෙඩිසිංහ අනතුරට පත්වූ පසු සිදුවූ දෑ ඊට සාක්ෂි සපයයි. ආනන්ද හා සුරාජ් එකිනෙක ගැටී මාරක අනතුරක් සිදුවීමෙන් පසුව පවා තරගය නතර කිරීමට සංවිධායකවරුන් කටයුතු නොකළ අතර. බිමට ඇදවැටුණු වෙඩිසිංහව එම ස්ථානයෙන් පිටතට රැගෙන යාමට විනාඩි විසිඅටක් පමණ ගත කිරීම අදහාගත නොහැකි තත්ත්වයකි. තරගයේ පෙරමුණේ සිටි ධාවකයන් දෙදෙනා මාරක අනතුරකට පත්ව සිටි මොහොතේ “රතු කොඩි” වනමින් තරගය අවසන් කරලීමට තරග සංවිධායකයන් වහා කටයුතු කළ යුතුව තිබූ මුත් තරගය දිගටම පවත්වාගෙන යෑමට ඔවුහු කටයුතු කළහ. මෙම අවාසනාවන්ත අනතුර සිදුවූ තරගය වෙනුවෙන් ආනන්ද සම්පත් අවසාන ජයග්‍රාහකයා ලෙස නම් කිරීමෙන් පෙනී යනුයේ ඔවුන් මෙම තරගය අත්හැර නොදැමු බවය. තරගය අවසන් වූ පසු ද වෙඩිසිංහව රෝහලට රැගෙන යෑමට ගිලන් රථයක් නොතිබූ අතර, අවසානයේදී ඔහුව රෝහලට රැගෙන ගොස් තිබුණේ ගිනි නිවන හමුදාවට අයත් ඔක්සිජන හෝ නොමැති ගිලන් රියකිනි. අනතුර සිදුවූ පසු කකුල කකුල කියමින් වෙඩිසිංහ කෑගසු බව ඇතැමුන් කියා තිබු මුත් ඔහු රෝහල්ගත කළ පසු නම් අවම තරමින් ඇහැක් හෝ ඇර බැලුවේ නැත. රෝහල්ගතව සිටි සති පහකට වැඩි කාලය තුළම ඔහු සිටියේ ජිවිතාධාර යන්ත්‍රයක ආධාරයෙනි. ඉක්මනින් කල්වේලා ඇතිව අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර සිදු විණි නම් ආනන්දගේ දිවි ගලවා ගැනීමට යම් තරමක හැකියාවක් තිබූ බව ඉන් පෙනී යයි. පුදුමයකට මෙන් මෙම අවාසනාවන්ත අනතුරෙන් පසු ආනන්ද වෙඩිසිංහ පසු වූ තත්ත්වය ඩිල්ෂාන් බණ්ඩාරනායක මුහුණ දුන් අනතුර මෙන් ම විය. එවරත් ආනන්දගේ මෙන් ඩිල්ෂාන්ගේ සිරුරේ රුධිරය වහනය වීම් දැකගත නොහැකි වූ අතර, හුස්ම ගත් මුත් ඔහු ඇස් ඇරියේ නැත. ඩිල්ෂාන් මියගියේ ද අභ්‍යන්තර තුවාල නිසාවෙනි. නුවරඑළිය මාර්ග ධාවන තරගයේ තරග සංවිධායකයන් කොතරම් අක්‍රමවත් ලෙස එය පැවැත්වූවාද කියතොත් තරග අධීක්ෂණ නිලධාරීන් ලෙස ඊට සම්බන්ධ කරගෙන තිබුණේ ඒ පිළිබඳ කිසිදු පළපුරුද්දක් සහිත නිලධාරීන් නොවේ. අවශ්‍ය සන්නිවේදන යන්ත්‍ර තියා අනතුරක් සිදුවූ විට වැනීමට රතු කොඩි හෝ ඔවුනට ලබා දී නොතිබිණි. මේ අතර ආනන්ද වෙඩිසිංහ අනතුරට පත්වූ ස්ථානයේ ආරක්ෂිත වැලි කොට්ට තබා තිබූ ආකාරයම මෙය කෙතරම් අනාරක්ෂිත ලෙස පැවැත්වූ තරගාවලියක් ද යන්න පෙන්වයි. එහි වැලි කොට්ට තබා තිබුණේ “කොම්පිට්ටු” සෙල්ලමට ගැළපෙන ආකාරයෙන් මිසක අධිවේගයක් සහිත මාර්ග ධාවන තරගයකට ගැළපෙන ආකාරයට නොවේ. තරගයක් සඳහා පැවැතිය යුතු මූලික අවශ්‍යතා නොමැතිව, විධිමත් රක්ෂණ ආවරණයක් නොමැතිව, වේග සීමා නොමැතිව මහාමාර්ගයක මෙවැනි ධාවන තරගයක් පැවැත්වීමට අවසරය ලබාදීම සම්බන්ධයෙන් ඊට දායක වූ කිසිදු බලධාරියකුට මෙහිදී අත පිහිදාගත නොහැකිය. ඒ සියලු දෙනාම අඩුවැඩි වශයෙන් මේ පිළිබඳ වගකීම අනිවාර්යයෙන්ම භාරගත යුතුය.


    ආනන්දගේ මරණය සම්බන්ධයෙන් සුරාජ් පෙරේරාට ඇඟිල්ල දිගු කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය මේ ක්‍රීඩාව පිළිබඳ හොඳින් දන්නා වෙඩිසිංහ පවුලේ අය හෝ පිළිගනු ඇතැයි මම නොසිතමි. මැදිහත් සිතින් හැඟීම්බර නොවී, මේ දෙස බැලුවහොත් පෙනී යනුයේ සංවිධානාත්මකව සිදුවූ දෙයකට වඩා මෙය හදිසි අනතුරක් නිසා සිදු වූවක් බවය. අපැහැදිලි මන්ද චලන රූප කිහිපයක් ඉදිරිපත් කරමින් ඇතැමුන් පවසන්නේ අනතුරට පෙර සුරාජ්, ආනන්දට පා පහරක් එල්ල කළ බවය. පහර දීමක් කෙසේ වෙතත් අපට වැටහෙන අන්දමට නම් එහිදී සිදු වනුයේ සුරාජ්ගේ යතුරුපැදියේ වේගය වැඩිවී, කෙළින් වී වෙඩිසිංහ දෙසට යද්දී ශරීරයෙහි ඇතිවන ස්වාභාවික ක්‍රියාවලිය තුළ සුරාජ් තම පාදය ඔසවන බවය. එය තේරුම් ගැනුමට යතුරුපැදි ක්‍රීඩාව පිළිබඳ විශාරද දැනුමක් අවශ්‍ය නොවේ. ඔබ යතුරුපැදියක ගමන් කරන විට සුනඛයකු පැන්නොතින් සිදුවන තත්ත්වය පිළිබඳව සිතන්න. එවිට පා ඉහළට එසවන්නේ ස්වභාවයෙනි. අප සිතන අන්දමටනම් මෙහිදීත් සිදු වනුයේ එවැන්නකට වඩා වැඩි දෙයක් නොවේ.


    මෝටර් රථ හෝ යතුරුපැදි වේවා මේ ඕනෑම තරගයකදී ප්‍රතිවාදියා අබිබවා යන සම්මත ක්‍රමයක් පවතී. අනතුරුදායක අන්දමින් ප්‍රතිවාදියා අබිබවා යෑම නොකළ යුතු බවට ඇති සම්මතය නම් අනතුර සිදුවන අවස්ථාවේ සුරාජ් නොතකන බවක් පෙනෙන්නට ඇත. ඔහු, පෙරමුණේ තරග වදින ආනන්ද වෙඩිසිංහව අබිබවා යෑමට ඇතුළතින් පැමිණ උත්සාහ කරනුයේ, අවදානම් සහගත කලාපයකදීය. සුපැහැදිලිවම එය විනය පිළිබඳ ප්‍රශ්නයකි. ඒ ගැන තර්කයක් නොමැත. සුරාජ්ට මේ මොහොතේ ඇතැමුන් එල්ල කරන ආකාරයටම චෝදනාවක් 2011 වසරේදී වැලන්ටිනෝ රෝසීට හා කොලින් එඩ්වර්ඩ්ස්ට එල්ල විණි. මැලේසියාවේ සෙපැන්ග් ධාවන පථයේ පැවැති ලෝක ශූරතා යතුරුපැදි තරගාවලියේ තරගයකදී සිදුවූ අනතුරක් නිසා පෙරමුණෙහි පසු වූ මාර්කෝ සිමොන්සීලී ඇදවැටුණු පසු වේගය පාලනය කරගත නොහැකිව පසුපසින් ආ රොසී හා එඩ්වර්ඩ් ඉතාලි ජාතික ධාවකයාගේ සිරුර මතින් ධාවනයේ නිරත විණි. කිසිසේත්ම එය තරගය ඒ මොහොතේ පැවැති තත්ත්වය තුළ අවාසනාවන්ත ලෙස සිදුවූ දෙයක් මිස, සැලසුම් සහගතව සිදුවූ දෙයක් නොවේ. එබඳු තත්ත්වයකදීත් ඇතැමුන් එඩ්වර්ඩ්ස්ට හා රොසීට “මිනීමරු” ලේබලය ඇලවීමට ඉක්මන් වූ මුත්, සැබෑ සත්‍යය කුමක්දැයි ලෝකය දැන සිටියේය. එම අනතුර සිදුවූ පසු රොසී, සිමොන්සීලිගේ පවුලේ සාමාජිකයන් හා එක්ව තම මිතුරා අහිමි වීමේ දුක බෙදාගත්මුත් මේ අවස්ථාවේදී සුරාජ්ට එසේ කිරීමට ධෛර්යයක් නොතිබිණි. ඇතැම් විට එය අපට මතුපිටින් නොපෙනෙන සංස්කෘතික ප්‍රශ්නයක් විය හැකිය. අනතුරෙන් අනතුරුව ඒ ගැන සුරාජ් ප්‍රසිද්ධියේ තම මතය ඉදිරිපත් කරලීමට කටයුතු කළේ නම් මෙවැනි අභූත චෝදනා එල්ල නොවීමට ඉඩ තිබිණි. ඔහුගේ එම ප්‍රමාදය කෙන්ද කන්ද කිරීමට බලා සිටින්නන් ප්‍රයෝජනයට ගත්තේය.


    දැන්, ආනන්ද වෙඩිසිංහ අප අතරින් නික්ම ගොස් තිබේ. ඔහුගේ වියෝව සමඟ බිරියට ආදරණීය සැමියෙක්, දරුවන්ට හොඳ පියෙක්, ඥාති හිතමිත්‍රාදීන්ට හොඳ හිත මිතුරෙක්, රටට දක්ෂ ක්‍රීඩකයෙක් අහිමි විණි. බොහෝ දෙනකු නොදන්නවා වූවාට ඔහු හොඳ දානපතියෙක් විය. තම අසීරුවෙන් උපයා ගත් දෙයින් කොටසක් තම සම්බන්ධතා ඔස්සේ ලබාගත් බොහෝ දෑ ඔහු නිර්ලෝභීව ජනතාව වෙත බෙදා දුන්නේය. අනතුර සිදුවූ පසු ඔහුව රෝහලට රැගෙන යාමට ගිලන් රියක් නොමැති වුවද, ඔහු තම සම්බන්ධතා හරහා ගිලන් රථ, අධිවේගී බෝට්ටු, කිහිලිකරු, පාපැදි, යතුරුපැදි මෙරට ආරක්ෂක අංශ වෙත නිතර පරිත්‍යාග කළේය. ශූර ධාවකයකුට එහා ගිය මනුෂ්‍යයෙක් ඔහු තුළ ජිවත් විය. ගුරු මුෂ්ටිය නොතැකු ඔහු තමන් දන්නා “ශිල්ප” ආධුනික ක්‍රීඩකයන් සමඟ බෙදා ගත්තේය. ඔහුගෙන් ගුරුහරුකම් ලැබු බොහෝ දෙනකු මේ වන විට යතුරුපැදි ධාවන ක්ෂේත්‍රය තුළ තම ලකුණ තබා තිබේ.

    ආනන්දගේ කුරිරු මරණය මීට වඩා වැඩි මැදිහත් වීමක් යතුරුපැදි ක්‍රීඩාව වෙනුවෙන් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට බල කරනු ලබයි. බලවත් ජීවිත අවදානමක් යටතේ තරග කර ජයග්‍රහණය කළ පසු යකඩ තහඩුවකට වඩා වැඩි දෙයක් යතුරුපැදි හා මෝටර් රථ ධාවන තරගවලදී නොලැබෙයි. ඒ නිසාම එක් අතකින් මෙය තවමත් ප්‍රජාතාන්ත්‍රිය නොවූ ක්‍රීඩාවකි. තවමත් මේ තරග සීමා වී ඇත්තේ එක්තරා පන්තියක් වටාය. යුද හමුදාව, හා නාවික හමුදාවේ මැදිහත් වීම තුළ එහි සුළු වෙනසක් මේ වන විට ඇතිව ඇතිමුත් ඉහත කී තත්ත්වය මුළුමනින්ම වෙනස් වී නැත.

    එක්තරා පන්තියක් වටා ගොනු වී ඇති මේ ක්‍රීඩාවේ පන්ති පදනම් දෙදරවමින් එය ජනතාව වෙතට රැගෙන යමින් මේ ක්‍රීඩාවට සම්බන්ධ ධාවකයන්ගේ ආරක්ෂාව සහතික කරලීමට අවශ්‍ය පියවර ගනිමින් එය මීටත් වඩා වෘත්තිය මට්ටමට රැගෙන යමින් අන්තර්ජාතික මට්ටම කරා රැගෙන යෑමේ අභියෝගය කුරුණෑගලින් පැමිණි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට අප අමුතුවෙන් විස්තර කර දිය යුතු නැත.

    [rns_reactions]

  • හමුදා භූමිය ෂැංග්‍රිලාට දීමෙන් රජයට කෝටි 750ක පාඩුවක්….

    යුද හමුදා මූලස්ථානය පිහිටි කොළඹ ගාලු මු‍වදොර ආසන්නයේ භූමි භාගය ෂැංග්‍රිලා හෝටල් සමූහයට ලබා දීම උදෙසා යුද හමුදා මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පසුගිය රජය සමයේ ගත් තීරණයක් නිසා මේ වන විට රජයට කෝටි 750ක පමණ මුදලක් අහිමිව ඇතැයි වාර්තා වේ.


    යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේ‍‍ගොඩට ගෙන යෑම පිණිස සියලු පිඹුරුපත් සකසා පළමුව සිදු කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටල් සමූහයට භූමි භාගය ලබා දීම වන අතර, මේ නිසා යුද හමුදාපතිවරයාගේ කාර්යාලය සහ තවත් අධ්‍යක්ෂවරුන්ගේ කාර්යාල කිහිපයක් හැර අනෙකුත් කාර්යාල සියල්ල ක්‍රමයෙන් එම ස්ථානයෙන් ඉවත් කර කැලණිය, නාරාහේන්පිට, කොම්පඤ්ඤවිදිය‍, තුම්මුල්ල, ආර්ඒ ද මැල් මාවත ඇතුළු ස්ථාන රැසක අධික කුලී පදනමක් යටතේ ස්ථාපිත කිරීමට සිදුව ඇත.

    2011 වසරේදී ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී සිදු කරන ලද මේ ක්‍රියාවලිය නිසා මසකට රුපියල් කෝටි 10කට අධික මුදලක් කාර්යාල උදෙසා ගෙවන්නට යුද හමුදාවට සිදුව ඇත.


    මේ සම්බන්ධව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ 2011 වසරේ සිට මේ තත්ත්වය උද්ගතව තිබීම සැබෑවක් බවත් මේ වන විට බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයේ වැඩ කටයුතු කඩිනමින් සිදු කරන්නට උපදෙස් ලැබී ඇති අතර ලබන වසරේ අප්‍රේල් මාසය වන විට යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ලට ගෙන යෑමට හැකි වනු ඇති බවයි.

    [rns_reactions]

     

  • මොනවද මේ ප්ලාස්‌ටික්‌ හාල්? දැනගන්න කියවන්න

    U ටියුබ් සමාජ ජාලා වෙබ් අඩවිය ඔස්‌සේ පසුගියදා මහ භයානක වීඩියෝවක්‌ පෙන්වන ලදී. ජුනි මාසය මුලදී පිටකෝට්‌ටේ සතොස ගබඩාවකින් අලෙවි කරන ලද බාස්‌මතී ස්‌වරූපයේ සහල් වර්ගයක්‌ එම වීඩියෝවේ නිරූපණයවිය. පිසීමෙන් පැය 24 කට පසුත් පිළුණු නොවන, ගුලි කර බිම ගැසූ විට බම්ප්වන මේ සහල් වර්ගය ප්ලාස්‌ටික්‌ වලින් සාදා ඇති බව පසුව කියෑවිනි. Face Book ඔස්‌සේ ඉතා ඉක්‌මනින් පැතිරෙන්නට පටන් ගත් මේ වීඩියෝව නිසා සතොස වෙළෙඳ ජාලයට සිදු වූ හානිය ස්‌වල්ප නොවේ. වීඩියෝව U ටියුබ් ජාලයට ඇතුළු වී තිබුණේ ජුනි 3 වැනිදාය. දින 2 කට පසු ප්‍රකාශයක්‌ නිකුත් කළ සතොස U ටියුබ් වීඩියෝව සම්පූර්ණ අසත්‍යයක්‌ බවත් තම ආයතනය විසින් ප්ලාස්‌ටික්‌ සහල් අලෙවි නොකරන බවත් සඳහන් කළේය. සතොස අවසන් වතාවට බාස්‌මතී සහල් තොගයක්‌ ගෙන්වා තිබුණේ පාකිස්‌තානයෙනි. ඒ 2017 මැයි මස 15 වැනිදාය. මෙටි්‍රක්‌ ටොන් 20 කින් සමන්විත වූ එම සහල් ‘ආනයනික බාස්‌මතී’ යන ලේබලය යටතේ විකුණන ලදී. මේ සහල්වල කිසිදු ආකාරයක නරකක්‌ නැති බවට සතොස සහතික විය. එහෙත් සහතිකයෙන් හිතහදා ගන්නට පාරිභෝගික ජනයා සූදානම් නැත. තමන් ප්ලාස්‌ටික්‌ සහල්වලින් පිසූ ප්ලාස්‌ටික්‌ බාස්‌මතී බත් අනුභව කරන ලද බව ජනයාගේ මතය.

    මේ සිද්ධියෙන් දින හතරකට පමණ පසු ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයෙන් සහ හයිද්‍රdබාද් ප්‍රාන්තයෙන් ප්ලාස්‌ටික්‌ සහල් භීතියක්‌ මතු විය. ඉන් දවසකට පසු, එනම් ඉකුත් අඟහරුවාදා (6 දා) ඉන්දියාවේ හයිද්‍රබාදයේ බුරියානි කඩයකින් ප්ලාස්‌ටික්‌ බුරියානි කෑ බවට ප්‍රදේශවාසියෙක්‌ පොලිසියට පැමිණිලි කළේය. එහිම සිල්ලර කඩයකින් තමන් මිලට ගත් බාස්‌මතී සහල් ප්ලාස්‌ටික්‌ සහල් බව වැසියෙක්‌ කීවේය. ඊට පැය කිහිපයකට පසුව සිල්ලර කඩය වටලා සැක කටයුතු සහල් තොගය අත්අඩංගුවට ගන්නා ලදී. එම තොගයෙන් ලබා ගත් සහල් සාම්පල් රස පරීක්‍ෂක වෙත යවන ලද නමුත් එයට අදාළ විශ්ලේෂණ වාර්තාව තවම ලැබී නැත. සහල් කඩය වටලා ස්‌වල්ප වේලාවකට පසු එම කඩයෙන් සහල් මිලට ගෙන කෑ වැඩි දෙනාට වමනය යන්නට පටන් ගත්තේය. තව කට්‌ටියකට නොනවතින පාචන තත්ත්වයක්‌ ඇති විය.

    මේ අතර අන්තර්ජාලය මහත් සේ දරුණු ලෙස ක්‍රියාත්මක වනු දක්‌නා ලදී. දවසක්‌ පමණ ගත වන විට නෙලන්ගනා සහ අන්ද්‍රd ප්‍රාන්තවල ප්ලාස්‌ටික්‌ සහල් ප්‍රශ්නය ගැන මුළු ඉන්දියාවම දැන ගත්තේය. මේ නිසා බාස්‌මතී සහල් ඉල්ලුම පූසා ගහෙන් බහින්නාක්‌ මෙන් ක්‍ෂණිකව පහළ බැස්‌සේය. අන්තිමේදී බාස්‌මතී සහල් නොමිලේ දීමටවත් බැරි තත්ත්වයක්‌ හට ගත් බව කියනු ලැබේ.

    ප්ලාස්‌ටික්‌ සහල් පිළිබඳ කතන්දරය මුල්වරට ලෝකවාසී ජනතාව එළිපිට දැන ගත්තේ වසර 2011 දී ය. චීනයේ සිටින සමහර වංචනික කර්මාන්තකරුවන් ප්ලාස්‌ටික්‌ සහල්, ප්ලාස්‌ටික්‌ බිත්තර, සුදුÊපැහැති වර්ණකයක්‌ දියකර එයට කැල්සියම්, මෙලමයින් සහ ලුනු දමා සාදන ව්‍යාජ කිරි යනාදිය නිපදවන බවට එකල ලොව පුරා ආරංචියක්‌ පැතිර ගියේය. පසුව එම බඩු අතුරින් ව්‍යාජ කිරි අතටම හසුවිය. මේ සම්බන්ධයෙන් වරදකරුවන් වූ කර්මාන්තකරුවන්ට චීන ආණ්‌ඩුව මරණ දණ්‌ඩනය නියම කළේය. එසේම එම කිරිවලින් සාදන ලද කිරිපිටි පානය කළ චීන ළමයින් 100 ක්‌ පමණ මෙලමයින් විසෙන් බරපතළ ලෙස රෝගී වූහ. සමහරු මියගියහ. ඉන් පසු කතාව යට ගියද යළි එය මතුවන්නේ 2016 දීය. එම වසරේ දෙසැම්බර් 24 වැනිදා නයිජීරියාවේ පොලිsසිය ප්ලාස්‌ටික්‌ සහල් ටොන් 2.5 ක්‌ අත්අඩංගුවට ගත්තේය. මේ සහල් තොගය බෑග් 102 ක අසුරා තිබිණ. සහල් නිෂ්පාදන සමාගම Best Tomato Rice නමැති චීන ආයතනයකි. මෙය අදටත් චීනයේ තිබෙන අංක එකේ සහල් නිෂ්පාදනාගාරයකි. සැකකටයුතු සහල් තොගය අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි සාම්පල කිහිපයක්‌ නයිජීරියාවේ රස පරීක්‍ෂකට යවන ලදී. සති කිහිපයකින් ඔහු සිය වාර්තා ප්‍රකාශයට පත් කරන ලද අතර එහි සඳහන් වූයේ එම සහල්වල ප්ලාස්‌ටික්‌ නැති නමුත් සෞඛ්‍යයට හානිකර ක්‍ෂුද්‍ර ජීවීන් සිටි බවය.

    මෙහිදී අප විසින් සොයා බැලිය යුතු වැදගත්ම කාරණය වූ කලී ප්ලාස්‌ටික්‌වලින් සහල් නිෂ්පාදනය කළ හැකි ද යන්නය. ප්ලාස්‌ටික්‌වලින් සහල් නිපදවිය හැකිය. ප්ලාස්‌ටික්‌ මිදි වලු, ප්ලාස්‌ටික්‌ කෙසෙල් ඇවරි, ප්ලාස්‌ටික්‌ දොඩම් ගෙඩි යනාදිය වසර තිහ හතළිහක සිටම ලංකාව ද ඇතුළු රටවල් ගණනාවක විසිතුරු බඩු ලෙස වෙළෙඳපළේ විකිණීමට ඇත. ස්‌වභාවික කෙසෙල් ඇවරියක්‌ රුපියල් 150 ක්‌ නම් ඒ හා සමාන ප්ලාස්‌ටික්‌ කෙසෙල් ඇවරියක්‌ රුපියල් 550 ක්‌ පමණ වේ. ඒවා කිසිදු ආකාරයකින් අනුභව කළ නොහැකි වනඅතර, කෑම මේසය මත බන්දේසියක බහා අවුරුදු 20 ක්‌ වුවත් තබාගත හැකිය. ප්ලාස්‌ටික්‌ සහල් නිපදවීම සඳහා සුදුසු විනිවිද පෙනෙන ප්ලාස්‌ටික්‌ ඇට (grnules) කිලෝවක ගිය සතියේ මිල රුපියල් 139.50 කි. මේවා චීනයේ නිපදවන අතර ලංකාවට නැවෙන් ගෙන්වන විට නැව් ගාස්‌තු වශයෙන්කිලෝවකට රුපියල් 10 ක්‌ පමණ එකතු කළ යුතුය. මේවා වරායෙන් පිටතට ගන්නා විට කිලෝවට රුපියල් 50 දක්‌වා වූ බද්දක්‌ ගසනු ලැබේ. අනතුරුව යන්ත්‍රානුසාරයෙන් ඒවා සහල් බවට පත් කරන විට නිෂ්පාදන වියදම් වශයෙන් කිලෝවට තව රුපියල් 20 ක්‌ වත් එකතු කළ යුතුය. අනතුරුව නිෂ්පාදකයා සියයට 30 ක්‌ ලාභ තබාගෙන සහල් වෙළෙඳපොළට යවයි. වෙළෙන්දා 10% ක්‌ ලාභ තබාගෙන එය විකුණයි. මේ සියලු වියදම් එකතු කළ විට සහල් කිලෝවක්‌ රුපියල් 330 ක්‌ පමණ වේ . හොඳම කීරි සම්බා රුපියල් 150 ට අඩු මුදලකටත් බුරුම බාස්‌මතී කිලෝව රුපියල් 200 කටත් ලබා ගත හැකි ලංකාව වැනි රටක කොතරම් තැම්බුවත් නොපිසෙන, කොතරම් හැපුවත් නොහැපෙන ප්ලාස්‌ටික්‌ සහල් තිබීම විහිළුවකි. එසේ නම් මේ ප්ලාස්‌ටික්‌ සහල් කියන්නේ මොනවාද?

    ප්ලාස්‌ටික්‌වල ඉතිහාසය රබර්වල ඉතිහාසයට කිට්‌ටුය. ක්‍රි. පූ. 1600 දී විසූ ලතින් ඇමරිකානු ගෝත්‍රික ජනයා රබර් කිරිවලින් බෝල, ශීර්ෂ පළඳනා, කුඩා මිනිස්‌ රූප සෑදූහ. මධ්‍ය කාලීන යුගයේ විසූ ජනයා විෂ්කම්භයෙන් වැඩි හරක්‌ අං දෙකොනින් කපා මැදින් සිදුරු කර ලන්තෑරුම් වශයෙන් පාවිච්චි කළහ. මේ සියල්ල අද කරන්නේ ප්ලාස්‌ටික්‌ වලිනි. එහෙත් රබර් කිරි උණු කර තමන්ට අභිමත පරිදි විවිධ දේ තනා ගැනීමටත්, හරක්‌ අං උණු කර භාණ්‌ඩ තැනීමටත්, එකල තාක්‍ෂණයක්‌ නොවීය. මේ අනුව තමන්ට අවනත කර ගත හැකි කෘත්‍රිම ද්‍රව්‍යයක්‌ සෑදීම කෙරෙහි මිනිස්‌සු උනන්දු වූහ. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1800 දී චාල්ස්‌ ගුඩ්ඉයර් නමැති ඇමරිකන්කාරයා රබර් හා ගෙන්දගම් මිශ්‍ර කර වඩා ශක්‌තිමත් රබර් වර්ගයක්‌ සෑදුවේය. මේ අත්දැකීම් ආශ්‍රයෙන් 1856 දී ප්ලාස්‌ටික්‌ නිපදවා පේටන්ට්‌ බලපත්‍රය ගනු ලැබේ. ඒ ඇලෙක්‌සැන්ඩර් පර්න්ස්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා ය.

    ප්ලාස්‌ටික්‌වලට සිංහල තේරුම් අවම වශයෙන් 9 ක්‌ තිබේ. ඒවා අතුරෙන් වැඩි හරියකින් කියෑවෙන්නේ ප්ලාස්‌ටික්‌ යනු වාත්තු කළ හැකි වීම. පහසුවෙන් නැවිය හැකි වීම, මූර්ති සෑදීම යන ක්‍රියාවලින්ට කියන නමක්‌ බවය. එසේම ප්ලාස්‌ටික්‌ යන වචනය යොදන හැම තැනකම ප්ලාස්‌ටික්‌ යන ද්‍රව්‍යය පාවිච්චි වන්නේ නැත. උදාහරණයක්‌ ලෙස ප්ලාස්‌ටික්‌ සැත්කම් ගතහොත් ප්ලාස්‌ටික්‌ සහ එම සැත්කම් අතර සම්බන්ධයක්‌ නැත. එසේම ප්ලාස්‌ටි සහ ප්ලාස්‌ටික්‌ සහල් අතර ද සම්බන්ධයක්‌ නැත. ප්ලාස්‌ටික්‌ සහල් සාදනු ලබන්නේ ඉරිඟු පිටි බතල පිටි, අර්තාපල් පිටි, මඤ්ඤොක්‌කා පිටි යනාදිය ජලය සමඟ මිශ්‍ර කර එම මිශ්‍රණයට සෝයා වලින් සාදන ගම් වර්ගයක්‌ එකතු කිරීමෙනි. ඉන් පසු එම මිශ්‍රණය යන්ත්‍රයකට ඇතුළු කරන අතර යන්ත්‍රයෙන් පිටතට එන දිගටි බාස්‌මති සහල් වැනි සහල් විශේෂයකි. මේවා යන්ත්‍රයෙන් එළියට එන්නේම වියළිලාය. මේ සහල් තැම්බූ විට සාමාන්‍ය සහල්වල රසය හෝ සුවඳ ඇති නොවෙයි. එහෙත් මේවායින් බුරියානි ප්‍රයිඩ් රයිස්‌ වැනි දැ සෑදූ විට කරදරයක්‌ නැතිව අනුභව කළ හැකිය. ඒ ඒවාට එකතු කරනු ලබන සෝස්‌ වර්ග සහ රසකාරක නිසාය.

    නිසි ප්‍රමිතියට ඇති අමුද්‍රව්‍ය වලින් මේ සහල් සාදන ලද්දේ නම් කිසිදු සෞඛ්‍ය ගැටලුවක්‌ හටගන්නේ නැත. එහෙත් මේ සහල්වලට දමන ගම් වර්ගය සෝයා ආශ්‍රිත නිෂ්පාදනයක්‌ නොවී කෘත්‍රිම ගම් වර්ගයක්‌ වූයේ නම් සෞඛ්‍ය ගැටලුව පටන් ගන්නේ එතැනින් ය.

    ප්ලාස්‌ටික්‌ සහල් වැනි ව්‍යාජ නිපැයුම් ඕනෑතරම් අප අවට තිබේ. අප ඒවා නොදැන පරිහරණය කර තිබෙන්නට ද පුළුවන. සියලු බඩේ අමාරු හට ගන්නේ එම නිපැයුම් ව්‍යාජ ඒවා බව අප දැනගත් දින පටන් ය.

    [rns_reactions]

  • සොහොයුරිය SLIIT යවලා සරසවි සිසුන් නොමග යවන ලහිරුගේ හෙළුව එලියට..

    ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳගේ කලින් විවාහයේ දරුවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු බව මේ දිනවල සමාජජාල මාධ්‍ය වල දැඩි සේ කතා බහට ලක්වනවා.

    පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව ප්‍රභල විරෝධතාවයක් දක්වන ජවිපේ සහ අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය වැනි දේශපාලන කල්ලි කණ්ඩායම් වල ප්‍රධානීන්ගේ දරුවන් සහෝදර සහෝදරයින් සහ සමීපතම ඥාතීන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේම සහ විදේශ රටවල පෞද්ගලික අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබන බව මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

    අප මේ හෙළිදරව් කරන්නේද එවන් එක් කරුණක් පිළිබඳවයි.

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හැදින්වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි සටනේ ප්‍රධාන නියමුවා ලෙසයි. කලින් කලට සයිටම් විරෝධී උද්ගෝෂණ වල ජායාරූප හරහා ඔහු දැවැන්ත චරිතයක් ලෙස හුවා දැක්වීමට අන්තරේ සාමාජික්යින් උත්සාහ කරනවා. එසේම ඔහුගේ නායකත්වයෙන් සිදුකල පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සටන් වලින් අපේ රටට අහිමි වූ ධනය සහ මිනිස් පැය ගනන ඉතා විශාලයි.

    මෙසේ අරගල කරන ලහිරුගේ එක කුස උපන් සහෝදරිය වන තිලිණි වීරසේකර මහත්මිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ 2010 කණ්ඩායමේ ඉගෙනුම ලැබූ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගෙන ඇති බව අපට වාර්තා වී තිබේ.

    ඇයගේ උපාධි ප්‍රධානෝත්සවයට පවා ලහිරු වීරසේකර සහභාගී වූ බවට ඔවුන්ට සමීප ආරංචිමාර්ග අප වෙත ප්‍රකාශ කල බව සදහන් කල යුතුමය..

    ලහිරු වීරසේකරගේ සහෝදරිය පවා ඉගෙනගන්නා පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන ලෙසට ඉල්ලමින් ඒ අක්කාගේ මල්ලීම විශ්ව විද්‍යාල සිසුන් කුලප්පු කිරීම කෙතරම් විහිලුවක්ද?

    සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිසුන් කුලප්පු කරන දේශපාලන ව්‍යාපාර වල පාහර ජඩ නායකයින් සිය දරුවන් සහ පවුල් වල සාමාජිකයින්ට යෙහෙන් වැජඹීමට අවශ්‍ය පරිසරය සකසා දී තිබේ.

    තව වසර පහකින් ළහිරුගේ තනතුරට තවත් එක් නරියෙකු පත්වනු ඇත. ලහිරු සහ පවුලේ අය උගත් ධනවත් සමාජයේ වැජඹෙමින් අර නරියා පෙරටු කරගත් හරක් රැළ කෑගසන අයුරු දෙස බලා සිනා සෙනු ඇත.

    [rns_reactions]

  • කවුද මේ පුංචි සංගා – කියවන්න මේ සටහන ඔහු පිලිබදවයි…

    කුමාර සංගක්කාර නැවතත් ක්‍රිකට් පිටියට පැමිණෙනවා නම් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ඔහු ආදරයෙන් පිළිගන්නට සැදී පැහැදී සිටී.ලහිරු තිරිමාන්න කාලයක් ප්‍රේක්ෂකයන් හැදින්වුවේ මීළඟ සංගක්කාර ලෙසිනි.

    සංගක්කාර පිතිහරබයේ යෙදෙන අකාරයටම පිතිහරම්බයේ යෙදෙන කුඩා දරුවෙකු ගැන පසුගිය කාලයේ අසන්නට ලැබුණි.ඔහු ශාරුජන් ශන්මුගනාදන්ය.ශරුගේ පුහුණුකරුවන් පවසන අකාරයට නම් ශාරු සංගාගේ කාබන් කොපියකි.එමෙන්ම ඉරියව් පමණක් නොව දක්ෂතාවයන්ද ඔහුගේ වයසට වඩා මුහුකුරා ගොස් ඇති බව පුහුණුකරුවන්ගේ අදහසයි.

    ශාරු තවමත් වයස 11 වන කුඩා ක්‍රීඩකයෙකු වන අතර,ඔහු ccc පාසලේ අන්තර් නිවාස ක්‍රිකට් තරඟාවලියේ හොඳම පිතිකරු හොඳම පන්දු යවන්නා සහ අවසන් තරඟයේ වීරයා සම්මන ලබාගෙන ඇත්තේ 2013 වයස 10 පහල වයස් කාන්ඩයේය.එමෙන්ම CCC පාසැල නියෝජනය කරමින් බැංගලෝරයේ පැවති තරඟාවලියකට සහභාගී වී ඇති ශාරු එහිදී තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලබා ඇත.

    තවමත් සංගලා මහේලලා එනකන් බලා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන්ට ශාරු හොඳ උත්තේජනයක් වනු ඇත.

    [rns_reactions]

  • කානුගෙදර රංජිව දැන් නොදන්නේ කවුරුන්ද? සුපිරි චරිතයක් සුහද කතාබහක්…

    හීන තිබුණට කෝටියක් අතේ නෑ එක රුපියලක්

    ඔව්. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙද්දීම මට ගුරු පත්වීම ලැබුණා. ගෙදර ඇතුළු සැහෙන දෙනෙකුගෙන් දැඩි බලපෑමක් ආවා එයට යන්න කියලා. ඒත් මම ගියේ නැහැ. එදා මං ඒ රැකියාවට ගියා නම් කානුගෙදර රංජි කියලා කෙනෙක් නැහැ.

    හීන තිබුණට කෝටියක්
    අතේ නෑ එක රුපියලක්

    හාර කෝටිය ටෙලි සිතුවමේ තේමා ගීතයේ ඇති මේ පේළි දෙක මේ වන විට සාමාන්‍ය සමාජයට කිඳා බැස අවසානයි. එමෙන්ම එය වෙනස්ම තේමාවක් ඔස්සේ නිර්මාණය වූ ටෙලි සිතුවමක් නිසා ප්‍රේක්ෂකයින් වැඩි දෙනෙක් එය නරඹන්න පෙලඹිලා. එහි චරිතවලට ද බොහෝ දෙනෙකුගේ ආදරය හිමිවෙලා තියෙනවා. හාර කෝටියේ එක්තරා සුවිශේෂ චරිතයක් ඉන්නවා. ඒ තමයි කානුගෙදර රංජි. ඔහු කතා කරන ස්ටයිල් එක පවා අමුතුයි. හාරකෝටිය තරමටම රංජියවත් ජනප්‍රිය වෙලා.

    රොහාන් විජේතුංග.

    කානුගෙදර රංජියගෙ සැබෑ නම එහෙමයි. ක්ෂේත්‍රයට නවකයකු වුණාට ඔහු එම චරිතය හොඳින් ග්‍රහණය කොට ඇති වග පේනවා. අපි ඒ රොහාන්ට මෙලෙස කතාබහකට එකතුකර ගත්තා.

    කානුගෙදර රංජි කිව්වම දැන් නොදන්න කෙනෙක් නැහැ. නොසිතු විරූ අන්දමින් නේද ඔබ හාරකෝටිය නිසා ජනප්‍රිය වුණේ?

    ඔය චරිතය මුල් කොටස් පහළොවේදී එතරම් තිබුණේ නැහැ. අතුරු චරිතයක් විදිහට නාට්‍යයට ආවේ. පසුව පිටපතහි චරිතය නැවත ලියවිලා ඒ කොටස් පහළොව ඇතුළේ රංජිව තවත් ප්්ලේ කෙරෙව්ව කොටස් නවයෙන් පසුයි ඔහු පැමිණෙන්නේ. මේ වන විට කානුගෙදර රංජිව ප්‍රේක්ෂකයින් බොහොම තදින් වැලඳගෙන තිබෙනවා. පෙර වාසනාවක් මට ඒ ලැබුණු අවස්ථාව.

    ටෙලි නාට්‍ය නරඹද්දී පේනවා ඔබ ඒ චරිතයට බොහොම හොඳින් සාධාරණයක් ඉටු කරනවා කියලා?

    ඔය චරිතය ලියවුණේ සද්ධාමංගල සූරිය බණ්ඩාර අතින්. මුහුණෙහි ස්වරූපය හැදුවා වාසනා බණ්ඩාර කියන අංග රචනා ශිල්පියා. රංජිගේ චරිතය කැමරාව ඉදිරියේ හැදුවේ මම. හාරකෝටිය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා අතනොහැර අතදුන්නා චරිතයේ හැඩය ගොඩනඟා ගන්න.

    කානුගෙදර රංජිව ඔබ විසින් හදාගන්න මොන වගේ අධ්‍යයනයක් ද කළේ?

    ඕක නාගරික සමාජය තුළ සිටින චරිතයක්. මං කොළඹ නෙවෙයි. රත්නපුර කුරුවිට මගේ ගම. මට මේ චරිතය හරිම නුහුරුයි. මට මේ චරිතය ලැබුණායින් පසුව මං ඒ සමාජයට බැහැලා මනා අධ්‍යයනයක යෙදුණා. ඒ තරුණයන් හරියට වචනය කියන්නේ නැහැ. ලිස්සලා යන ස්වරූපයක් තියෙනවා. ඒ අනන්‍යතාවය හදාගත්තා. ඒ වගේම මේ චරිතය තුළ අවංකත්වයකුත් තියෙනවා. කොයි වෙලාවෙවත් පාවා දෙන්නේ නැහැ.

    ඔබට කොහොමද හාර කෝටියේ කානුගෙදර රංජිගේ චරිතය ලැබෙන්නේ?

    මං කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ඉගෙන ගන්නා අවධියේ මට හමු වුණා නාමල් ජයසිංහ කියන ගුරුවරයා. ගුරුවරයෙක් වගේම ඔහු හිත හොඳ මිනිහෙක්. ඔහු තමයි බොහීමියානුවා නාට්‍යයෙහි පිටපත් රචකයා. එය අධ්‍යක්ෂණය කළේ හාරකෝටිය අධ්‍යක්ෂණය කරන සිවගුරුනාදන් මහත්තයා. නාමල් සර් මට බොහිමියානුවා නාට්‍යයේ රඟපාන්න චරිතයක් දුන්නා. නම සාලිය. මං එහි රඟපෑවේ හුදෙක්ම කැමරාව ඉදිරියේ රඟපාලා අත්දැකීම් ලබාගන්නට පමණයි. නාමල් සර් ඊට අවස්ථාව ලබා දුන්නෙත් එහෙම කියලා. මට එතෙන්දි සිවා අංකල්ව හඳුනගන්නා ලැබුණා. ඔහු තමයි මාව දිගින් දිගටම රඟපාන්න ගත්තේ. මෙඩි සිනා හීන්පැල්ල ලෙසින් පසුව රඟපෑවා. අනතුරුව කළු කුරුල්ලාහි ඩිංගියා වුණා. දැන් කානුගෙදර රංජියා.

    කානුගෙදර රංජියාට ලැබෙන ජනප්‍රියත්වය කොහාමද ඔබ විඳ දරා ගත්තේ?

    ජනප්‍රියත්වය ගැන මම වෙනමම මතයක ඉන්නේ. ජනප්‍රියත්වය අද තියෙනවා. හෙට නැතිවෙනවා. මේ කලේ මං ජනප්‍රියයි. හාරකෝටිය ඉවර වුණාම ඒ ජනප්‍රියත්වය ඉවරයි. ඒක දැනගෙනයි මං ජීවත්වෙන්නේ. නමුත් මිනිසුන්ගේ සිත් තුළ කානුගෙදර රංජියා මතකයක් ලෙස ජීවත්වේවි.

    ඔබ ගුරු පත්වීමක් පවා අතහැරලායි රංගනයට එන්නේ?

    ඔව්. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙද්දීම මට ගුරු පත්වීම ලැබුණා. ගෙදර ඇතුළු සැහෙන දෙනෙකුගෙන් දැඩි බලපෑමක් ආවා එයට යන්න කියලා. ඒත් මම ගියේ නැහැ. එදා මං ඒ රැකියාවට ගියා නම් කානුගෙදර රංජි කියලා කෙනෙක් නැහැ.

    ඒ තිරණය ගැන ඔබේ මතය මොකක්ද?

    එදත් අදත් මං එකම මතයක ඉන්නේ. කිසිසේත්ම කනගාටු වෙන්නේ නැහැ ගත්තු තීරණය ගැන.

    වෘත්තියක් විදිහට රංගනයේ නියැළෙන්නද අදහස් කරන්නේ?

    නැහැ. ලංකාව වගේ රටක එහෙම ඉන්න අපහසුයි. මට තව ඉගෙන ගන්න තියෙනවා. මං මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය හදාරනවා. කෙදිනක හෝ රැකියාවක් කරන්න හිතාගෙන ඉන්නවා. රංගනය ද දිගටම සිදු කරනවා. කරන්න බලාපොරොත්තු වන්නේ ද රංගනයට බාධාවක් නැති රැකියාවක්.

    හාරකෝටිය රඟපාන්න ගිහින් වෙච්ච කෙදිනකවත් අමතක නොවන අත්දැකීමක් ඔබට තියෙනවා. ඒ ගැන පැවසුවොත්?

    එක්තරා දර්ශනයකදී මාංචු කුට්ටමක් මගේ අතේ හිරවුණා. අතේ බැඳලා තිබුණු නූලකට අහුවෙලා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. ගලවන්න හදද්දී ඒක තවත් තද වෙනවා. අන්තිමේ සිවා අංකල් ඇවිත් තවත් කෙනෙකු සමඟ එය ගැලෙව්වා. නැතිනම් අතේ තියෙද්දීම ඒක කපන්න වෙනවා.ඒ ගැන හිතෙද්දිත් ඇඟ හිරි වැටෙනවා.

    මේ වන විට තවත් ටෙලි නිර්මාණ සඳහා කතාකරලද තියෙන්නේ?

    නැහැ. හැබැයි රඟපාපු ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. ආශා එදිරිසිංහ කරන චිත්‍රපටයකට කතා කළා. එහි රූගත කිරීම් ළඟදීම ඇරැඹේවි.

    ඔබේ පාසලත් මතක් කළොත්?

    ඇහැලියගොඩ ජාතික පාසල.

    අතහිත දුන් පිරිවර?

    රමනි වන්නකු ගුරුතුමිය, තුමිදු දොඩම්තැන්න, නාමල් ජයසිංහ, කෞශල්‍යා ප්‍රනාන්දු, චන්දන අලුත්ගේ, ප්‍රසන්න මහගමගේ, චාමර සමරවික්‍රම, ජයප්‍රකාශ් සිවගුරුනාදන්,සද්ධා මංගල සූරිය බණ්ඩාර මේ අය ඇතුළු උදව් කළ හැමෝටම බෙහෙවින් තුති.

    [rns_reactions]

  • අන්තර්ජාලයේ නිරුවත් පින්තූර දමනවා කියා කාන්තාවට අතවර කළ සැකකරුට ඇප

    තමා සහ තම පෙම්වතාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට යොමුකිරීමට කටයුතු කරන බව පවසා විවාහක කතක්‌ බියපත් කොට දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසු වූ “ප්‍රි්‍රsයා මොබයිල්” නමැති මීගමුව බස්‌ නැවතුම්පළේ පිහිටි සන්නිවේදන ආයතනයේ හිමිකරු බව කියන මාතොට ආරච්චිලාගේ කුසල් සම්පත් වීරසිංහ (30) නමැති විවාහක සැකකරුවකුට තරයේ අවවාද කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා සැකකරු රුපියල් 5000 ක මුදල් ඇප සහ රුපියල් 25,000 ක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට නියෝග කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ සැරයන් (49241) ජිනදාස මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව අතවරයට මුහුණදුන් කත මීගමුව අක්‌කර 50 ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි. ඇය සැමියාගෙන් වෙන්වී ඇත. මේ අතර පුද්ගලයකු ඇය විවාහ කරගෙන දරුවන් බලාගැනීමට එකඟ වී ඇත.

    පැමිණිලිකාර කාන්තාව මුදල් අවශ්‍යතාවයක්‌ සඳහා මීගමුව බස්‌ නැවතුම්පළේ පිහිටි ප්‍රියා මොබයිල් නමැති ආයතනය වෙත පැමිණ ඇගේ දුරකථනය එම ආයතනයට උකස්‌ කොට රුපියල් 2000 ක්‌ ණයට ලබාගෙන තිබේ.

    පසුව දින දෙකක්‌ පමණ ඇය තම දුරකථනය උකසින් මුදාගැනීමට ගිය අවස්‌ථාවේ එම ආයතනයේ හිමිකරු බව කියන සැකකාර පුද්ගලයා කාන්තාවට පවසා ඇත්තේ ඇගේ දුරකථනය තමා පරීක්‍ෂා කළ බවත් එහි (සිම්පතේ) එම කාන්තාවගේ සහ ඇගේ අළුත් පෙම්වතාගේ නිරුවත් ඡායාරූපයක්‌ තිබී තමා ඒවා ගබඩා කර ගත් බවත්ය.

    එම නිරුවත් පිංතූර අන්තර්ජාලයට යොමු නොකිරීමට නම් තමා සමඟ කායික වින්දනයක්‌ ලබාගත යුතු යෑයි බලකර එම කත මීගමුව තලාහේන ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට ගෙනගොස්‌ සැකකරු දූෂණය කළ බව ඇය පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ය.

    [rns_reactions]

  • දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු වැරදිවලට ජනප්‍රියම නිදහසට කරුණ ‘නින්දයැම’

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවන රිය අනතුරු වැරැදිවලදී “නින්දයැම” නිදහසට කරුණක්‌ ලෙස පැවසීමට රියෑදුරන් පුරුදු වී සිටින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    පසුගිය අප්‍රේල් මාසයේ සිදුවී ඇති රිය අනතුරුවලින් සියයට 65 ක්‌ම නින්දයැම නිසා සිදුවී ඇති බවට එම අධිකාරිය පෙන්වා දෙයි.

    පසුගිය වසරේ (2016) මේ මාර්ගයේ සිදුවී ඇති සමස්‌ත අනතුරු සංඛ්‍යාවෙන් සියයට 16 ක්‌ම “නින්දයැම” නිසා සිදුවූ ඒවා බවට නිගමනය කර තිබෙන බවද එම අධිකාරිය සඳහන් කරයි.

    රථ ධාවනයේ දී නින්දයැම නිදහසට කරුණක්‌ නොවන අතර නිදිමත හෝ තෙහෙට්‌ටු ගතියක්‌ ඇත්නම් මාර්ගයට අවතීර්ණ නොවිය යුතු බවට රියෑදුරන්ට අවවාද කරන බවද අධිවේගීA මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා පැවසීය.

    [rns_reactions]

  • බැඳුම්කර ජනාධිපති කොමිසම – අලුත්ම තත්වය මෙන්න….

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ප්‍රධාන විධායක නිලධාරී 2009 වසරේ සිට මා හඳුනනවා
    – ලංකා බැංකුවේ අවදානම් කළමනාකරණ අංශයේ හිටපු ප්‍රධාන අලෙවිකරු ඡේ. ඩී. කේ. ධර්මපාල

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිහේන තමා 2009 වසරේ සිට හඳුනන බව ලංකා බැංකුවේ අවදානම් කළමනාකරණ අංශයේ හිටපු ප්‍රධාන අලෙවිකරු ඡේ. ඩී. කේ. ධර්මපාල මහතා ඊයේ (09 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

    ඇක්‌විට්‌ ආයතනයේ වැඩකරන කාලයේ සිටම තමා කසුන් පලිහේනව දන්නා බවද, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඡේ. ඩී. කේ. ධර්මපාල මහතා කීවේය.

    ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු – ඩීලර් කෙනෙක්‌ ලෙස ඔබට කොපමණ කලක සිට අත්දැකීම් තිබෙනවාද?

    සාක්‍ෂිකරු – වසර 19 ක පමණ සිට ස්‌වාමිනී.

    ජනාධිපති නීතිඥ ප්‍රනාන්දු – බැඳුම්කර ගනුදෙනු වර්ග දෙකක්‌ තිබෙනවා. තමන් වෙනුවෙන් කරන ගනුදෙනු සහ වෙනත් ගනුදෙනුකරුවන් වෙනුවෙන් කරන ගනුදෙනු?

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ලංකා බැංකුවේ ජංගම ගිණුම් දෙකක්‌ තිබෙනවා?

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – එහෙත් බැඳුම්කර ගනුදෙනු වෙනම නේද කරන්නේ?

    සාක්‍ෂිකරු – ඔව්. ස්‌වාමිනී.

    ජනාධිපති නීතිඥ – බැඳුම්කර ගනුදෙනුවලදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ගනුදෙනුකරුවකු නොවෙයි. ගනුදෙනු පාර්ශ්වකරුවෙක්‌?

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලංසු ඉදිරිපත් කිරීම වෙනුවෙන් ණය අවදානමක්‌ ගත්තෙ නෑ කිව්වා නේද?

    සාක්‍ෂිකරු – එහෙම කිව්වෙ හැමවිටම රජයේ සුරැකුම් මත අදාළ ගනුදෙනු සිදුවන නිසයි. රජයේ බැඳුම්කරවල අවදානම බිංදුවයි.

    ජනාධිපති නීතිඥ – මෙහිදී හැම විටම රජයේ

    සුරැකුම්පත් සම්බන්ධ වෙනව නේද?

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – ඒවා ණය නොවෙයි නේද?

    සාක්‍ෂිකරු – ඔව්.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා (සභාපති) – අවදානමක්‌ නැති වෙන්න පුළුවන්. නමුත් කිසියම් පූර්ව එකඟතාවක්‌ ඇතිව මේ ගනුදෙනු කරන්නේ?

    සාක්‍ෂිකරු – ඔව්. භාණ්‌ඩාගාර බැඳුම්කර සහ බිල්පත් සඳහා ලන්සු ඉදිරිපත් කිරීමේදී සැබවින්ම ණය අවදානම කියන එකක්‌ මතු වෙන්නෙ නෑ. ණය අවදානම ඇති වෙන්නේ ගෙවීමේ හැකියාව මතයි. මෙහිදී මතු වන්නේ පූර්ව පියවීමේ අවදානම පමණයි. වෙළෙඳ පොළේ පොලී අනුපාත ඉහළයැම මත වෙළෙඳපොළ අවදානම ඇති වෙනවා.

    ජනාධිපති නීතිඥ – මේ 30 ස්‌ අවුරුදු බැඳුම්කරය සියයට 9.35 ක්‌ පමණ වෙයි කියලනෙ ඔබ සිතුවේ?

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – මේ තිස්‌ අවුරුදු බැඳුම්කරයෙන් ලැබුණු ලාභය ලංකා බැංකුවට ලබාගන්න කටයුතු නොකළේ ඇයි?

    සාක්‍ෂිකරු – ඒ ආකාරයේ ඉහළ පොලියකට යයි කියල අපි කිසිවිටෙකත් සිතුවෙත් නෑ. බැංකුව තීරණය කළේ නෑ මේ බැඳුම්කරයේ ආයෝජනය කරන්න. දිගුකාලීන බැඳුම්කරවල ආයෝජනය කිරීමට බැංකු අකමැතියි. හේතුව බැංකු වැඩි වශයෙන්ම තැන්පතු රැස්‌කර තිබෙන්නේ කෙටිකාලීන පදනම මතයි.

    ජනාධිපති නීතිඥ – පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ඉතා විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙක්‌ කිව්වා නේද ඔබ?

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – කිසිම තැනක කියල නෑ එක්‌ ප්‍රාථමික අලෙවිකරුවෙකුට වෙනත් ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ වෙනුවෙන් ගනුදෙනු කරන්න බෑ කියලා.

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – මේ වෙන්දේසියෙන් පසු ලංකා බැංකුව අභ්‍යන්තර රීතියක්‌ දැම්මා වෙනත් ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ වෙනුවෙන් ලන්සු දානව නම් ඉහළ නිලධාරියෙකුගේ අවසර ගන්න ඕන කියල?

    සාක්‍ෂිකරු – ඔව්. මා එසේ කීවා ස්‌වාමිනී.

    ජනාධිපති නීතිඥ- ඒ කියන්නේ එසේ කරන්න පුළුවන් අවසරයක්‌ අරගෙන?

    සාක්‍ෂිකරු- ඔව්.

    ජනාධිපති නීතිඥ- එකම වෙනස ඉහළ නිලධාරියෙකුගෙන් අවසරයක්‌ ගත යුතු වීමයි?

    සාක්‍ෂිකරු- ඔව්.

    සභාපති- ප්‍රාථමික අලෙවිකරුවන්ට අදාළ රීතිවලත් වෙනත් ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ වෙනුවෙන් ලංසු ඉදිරිපත් කරන්න තහනමක්‌ නෑ.

    සාක්‍ෂිකරු- ඔව්. එය මගේ පරීක්‍ෂණයට යවන ලද පිළිතුරෙන් පැහැදිලිව සඳහන් කළා.

    ජනාධිපති නීතිඥ- ලංකා බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සමග කළ රෙපෝ ගනුදෙනුවලින් වසරක්‌ තුළ රු. මිලියන 36 ක ලාභ ලැබුවා?

    සාක්‍ෂිකරු- රෙපෝ නෙවෙයි. ස්‌වැප් ගනුදෙනුවලින් රු. මිලියන 36 ක ලාභයක්‌ ලැබුවා.

    මේ අවස්‌ථාවේදී ලංකා බැංකුව සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අතර සිදුවූ ගනුදෙනුවලට අදාළ ලේඛන දෙකක්‌ ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ ලකුණු කළේය.

    ජනාධිපති නීතිඥ- මම ඔබට යෝජනා කරනවා 2015.02.26 දින දක්‌වා පර්පෙචුවල් සමාගම සමග රු. බිලියන 201 ක පමණ ගනුදෙනු කළා කියලා.

    සාක්‍ෂිකරු- නිහඬයි.

    ජනාධිපති නීතිඥ- මීට පෙර ලංකා බැංකුව තිස්‌ අවුරුදු බැඳුම්කර ගනුදෙනු කරල තියෙනවද?

    සාක්‍ෂිකරු- නැහැ.

    ජනාධිපති නීතිඥ- ඔබට තිස්‌ අවුරුදු බැඳුම්කර ගනුදෙනු ගැන අත්දැකීමක්‌ නැහැ නේද?

    සාක්‍ෂිකරු- ඔව්. මෙහිදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලංසු ඉදිරිපත් කිරීමේ අතරමැදි කාර්යයක්‌ අප කළේ.

    ජනාධිපති නීතිඥ- 2015.02.27 දින තිස්‌ අවුරුදු බැඳුම්කරයේ පොලිය සියයට 9.35 ට වැඩිවෙයිකියල හිතුවේ නැද්ද?

    සාක්‍ෂිකරු- පදනම් අංක 20 ක 25 ක වෙනසක්‌ වෙයි කියල තමයි මම හිතුවේ.

    ජනාධිපති නීතිඥ- ඔබ කොහොමද මේ සියයට 9.35 ක අනුපාතය තීරණය කළේ?

    සාක්‍ෂිකරු- මීට පෙර තිස්‌ අවුරුදු බැඳුම්කර සඳහා පැවැති ද්විතීයික වෙළෙඳ පොළ අනුපාතය මතයි.

    ජනාධිපති නීතිඥ- ඔබ කියන්නේ 2014 මැයි මාසයේ බැඳුම්කරය ගැනද?

    සාක්‍ෂිකරු- ඔව්.

    ජනාධිපති නීතිඥ- එස්‌.එම්.බී. සමාගමේ මධුර නම් මූල්‍ය වෙළෙඳ පොළ තැරැව්කරුවෙක්‌ ඔබේ දෙවැනියා වන ලසන්ත සමග කතා කිරීමේ ඇමතුමේදී බැඳුම්කර අද උඩ යන බවක්‌ සඳහන් කරනවා?

    සාක්‍ෂිකරු- ඔව්.

    ජනාධිපති නීතිඥ- ඒ ඇමතුම ඇවිත් තියෙන්නේ 2015.02.27 දින උදේ 9.06 ටයි?

    සාක්‍ෂිකරු- ඔව්. මම හිතන්නේ මෙහෙම කියන්නේ එදින ස්‌ථාවර පොලී අනුපාතය සියයට 5 සිට සියයට 6.5 දක්‌වා වැඩි කිරීම පදනම් කරගෙන වෙන්න ඕන.

    ජනාධිපති නීතිඥ- ලසන්ත ඔබට ඒක කිව්වද?

    සාක්‍ෂිකරු- ලසන්ත ඒක මට පැහැදිලි කළේ නෑ.

    ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන- එස්‌.එම්.බී. කියන්නේ කවුද?

    සාක්‍ෂිකරු- සෙලින්කෝ මනි බ්‍රොaකර් කියන එකයි.

    විනිසුරු ජයවර්ධන- එය කොයි සමාගමටද අයිති?

    සාක්‍ෂිකරු- එය සෙලින්කෝ සමාගමේ අතුරු සමාගමක්‌.

    ජනාධිපති නීතිඥ- මූල්‍ය තැරැව්කරුවන් වගේම ලංකා බැංකුවේ අලෙවි කාමරයත් පොලී අනුපාත ඉහළ යන බව දැනගෙන සිටියා කියල මම යෝජනා කරනවා?

    සාක්‍ෂිකරු- පදනම් අංක 150 කින් විතර ඉහළ යයි කියල පිළිගන්න අපහසුයි.

    ජනාධිපති නීතිඥ- ඔබේ අලෙවි කාමරයේ පර්යේෂකයන් ඉන්නවාද?

    සාක්‍ෂිකරු- නැහැ. අලෙවිකරුවන් (ඩීලර්ස්‌ලා) පමණයි සිටින්නේ.

    ජනාධිපති- ඔබ මහ බැංකුවත් එක්‌ක කතා කළ විට සියයට 9.35 ක මට්‌ටමේ පොලී අනුපාතය කියන එකක්‌ නෑ කියනවා නේද?

    සාක්‍ෂිකරු- ඔව්. ඒත් මම හිතුවේ පොලී අනුපාතය සියයට 10 ට යටින් වදියි කියලයි.

    ජනාධිපති නීතිඥ- ඔබ මහ බැංකුවේ ශ්‍රීමාලි මහත්මිය සමග කළ දුරකථන සංවාදයේදී ඇය සඳහන් කරනවා පුද්ගලික නිකුතු දෙන්න එපා කියල තියෙනවා කියලා?

    සාක්‍ෂිකරු- එහෙත් පුද්ගලික නිකුතු සම්පූර්ණයෙන්ම නතර කරල තියෙන බවක්‌ කියන්නෙ නැහැ.

    ජනාධිපති නීතිඥ- ඔබ දුරකථන සංවාදයේදී “ආවොත් ඇතා” කියල සඳහන් කරන්නේ කුමන අනුපාතයටද?

    සාක්‍ෂිකරු- සියයට 10.25 අනුපාතය.

    0 ඔබේ විශ්වාසය වුණේ සියයට 10.25 ට නොලැබෙනු ඇති බවද?

    සාක්‍ෂිකරු- ඔව්.

    කොමිසම යළිත් අනිද්දා (12 දා) පෙ.ව. 9.45 ට රැස්‌වේ. එදින සාක්‍ෂි ලබා ගැනීම සඳහා රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා සහ සමාගම් රෙජිස්‌ට්‍රාර් ජනරාල් ඩී. එන්. ආර්. සිරිවර්ධන මහතා කොමිසම හමුවට කැඳවා ඇත.

    [rns_reactions]

     

  • ජනපති නියමයෙන් වකුගඩු රෝගීන්ට දෙන මාසික දීමනාව රු.2000න් ඉහළට…

    වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

    දැනට ලබාදෙන රුපියල් 3000ක් වන මාසික දීමනාව රුපියල් දෙදහසකින් ඉහළ නැංවීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    ඒ අනුව වකුගඩු රෝගියෙකු සඳහා රජය මගින් ලබාදෙන මාසික දීමනාව රුපියල් 5000ක් ලෙස ඉහළ නැංවෙනු ඇත.

    වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු ආදායම් ලාභී පවුල්වල පුද්ගලයින් 20,000කට පමණ මේ වන විට රජය මගින් මෙම දීමනාව ලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.

    [rns_reactions]