Tag: featured

  • විශ්වවිද්‍යාල සිසුවෙකු වටිනා බඩුවක් රට පටවන්න ගොස් මාට්ටු.

    රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් මැණිකක් නීතිවිරෝධී ලෙස විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    දුර්ලභ ගනයේ රතු මැණික් වර්ගයට අයත් මෙය අබුඩාබි වෙත රැගෙන යාමට උත්සාහ දරා ඇති බව රේගුව සදහන් කළේය.

    සැකකරු වයස අවුරුදු 23ක පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකි.

    [rns_reactions]

  • රොෂාන් පිලපිටිය කිසිම ආත්මයක හමු නොගැසේවා…චතුරිකා කියූ කථාව

    සුන්දර දඟකාරියක් ලෙස රංගනයට පිවිසි චතුරිකා පීරිස් මේ වන විට පරිණත රංගන ශිල්පිණියක්. මෑත කාලීනව පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් රැසකට ඇය මුහුණ දුන්නා. වෘත්තීය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් විවිධ අත්දැකීම් රැසකට උරුමකම් කියන ඇයගේ මතයන්, අදහස්, ස්වභාවයන් මතුවන ආකාරයේ ප්‍රශ්ණ කිහිපයක් අපි ඇයගෙන් ඇහුවා. මේ තියෙන්නෙ ඇය දුන්න පිළිතුරු.

    1. චතුරිකාගේ වයස කීයද – 36 යි

    2. ජීවිතයේ අමතක නොවන සිදුවීම – 2005 අවුරුද්දෙදි සුසිල නිෂ්පාදන ආයතනයේදී ගයාන්ව මුලින්ම මුණගැහුණ සිදුවීම

    3. ‍චතුරිකාගේ ජීවිතේ ඉගෙනගත්ත වැදගත්ම පාඩම – ඕනවට වඩා ඕනම කෙනෙක්ව ඕනෙම නෑ. විශේෂයෙන්ම මිතුරන් මිතුරියන් වගේ තමන්ගේ නොවන පිට අයව.

    4. චතුරිකා කැමතිම පිරිමි චරිත 3 – තාත්තා, ගයාන්, රිචඩ් ගෙයර්

    5. කැමතිම ගැහැණු චරිත 3 – අම්මා, මාලනී ‍ෆොන්සේකා, ජෙනිෆර් ලෝපේස්

    6. අතීතයට ගිහිල්ලා ජීවිතේ වැරදුන තැනක් හදාගන්න අවස්ථාවක් ලැබුනොත් මොකද්ද හදාගන්න තැන – 2004/2005 කාලෙදි මගේ පෞද්ගලික ජීවිතේ ලොකු වැරදීමක් වුනා. ඒක ගැන හැමෝම දන්නවා. මම ඒ වැරැද්ද නිවැරදි කරගන්නවා.

    7. චතුරිකාගෙන් පස්සෙ අපේ රංගන ක්ෂේත්‍රයට හොඳ නිළියන් බිහි වුනා නම්, ඒ කවුද? හිමාලි සයුරංගි, සමනළී ‍ෆොන්සේකා

    8. ඉරාජ් ප්‍රඩක්ෂන් එකෙන් නිෂ්පාදනය කරපු වස්සාන හීනේ මියුසික් වීඩියෝ එකේ ප්‍රධාන නිරූපිකාව විදිහට ඔබට ආරාධනා කළා නම් ඔබ ඒකෙ රඟපානවද? ඉරාජ් කරපු ඒ වීඩියෝ එක මගේ ටයිප් එකේ වීඩියෝ එකක් නෙමෙයි.

    9. එහෙනම් මොකද්ද ඔයාගේ ටයිප් එක ? මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුළුවන් සහ පවුලේ සැමට බලන්න පුළුවන් චරිත තමයි මගේ ටයිප් එක.

    10. සමන්ත භද්‍ර හාමුදුරුවො ගැන චතුරිකාගේ අදහස මොකද්ද? විශේෂ අදහසක් නෑ.

    11. ඒ හාමුදුරුවෝ රහත් වෙලා කියලා ඔයා පිළිගන්නවද? මම ඒ ගැන හරියටම දන්නෙ නෑ.

    12. මේ අය ගැන කෙටියෙන් කියන්න –

    a. ජැක්සන් ඇන්තනී – ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙන් සහ අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් ගුරුවරයෙක්.

    b. මෛත්‍රිපාල සිරිසේන – හොඳ නායකයෙක් වෙන්න තාමත් පරක්කු වැඩි නෑ.

    c. ගයාන් වික්‍රමතිලක – මගේ ජීවිතේ නැතුවම බැරි කෙනා.

    d. රොෂාන් පිලපිටිය – කිසිම ආත්මෙකදි මුණනොගැසේවා.

    13. දවසකට පිරිමියෙක් වෙන්න අවස්ථාවක් ලැබුනොත් මොකද කරන්නෙ? ඊළඟ දවස වෙනකම් ගෙදරට වෙලා ඉන්නවා.

    14. අනාගත බලා‍පොරොත්තුව – හොඳ කාන්තාවක්, හොඳ බිරිඳක්, හොඳ රංගන ශිල්පිණියක් සහ හොඳ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එක.

    [rns_reactions]
  • මහින්දව විනාශ කළ දේශපාලනය නොදන්නා සොහොයුරන් ගැන ඇමති රාජිත සියල්ල හෙලිකරයි.

    අලුත්ගම දර්ගා නගරයේ දන්වන්තගොඩ පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා – “පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සෑම නිවසකටම පානීය ජලය රජය විසින් ලබා දෙනවා. විදුලි බලයත් එහෙමයි. රජය සිදු කරන සාර්ථක වැඩසටහන් වලට විපක්ෂය විරෝධය පල කිරීම දේශපාලනයේ සාමාන්‍ය ලක්ෂණයක්. නමුත් අද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඒකාබද්ධ වීම හේතුවෙන් විවේචන අවම වී තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ හිටියම ජනතාවට සේවය කරන්න පුලුවන්. විපක්ෂයේ සිටින විට විරෝධතා පවත්වන්න පුළුවන්.”

    “වත්මන් රජය තුල ජාත්‍යන්තර සබඳතා ඉතාම හොඳයි. හදිසි ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට විදේශීය ආධාර ගලාගෙන එනවා. රජය අවබෝධයෙන් කටයුතු කරනවා. විවිධ කථා පවත්වමින් රට හදන්න බැහැ. වැඩ කල යුතුයි. වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියා නම් රට තුල සිවිල් යුද්ධයක් ඇති වෙන්න තිබුණා. එම ව්‍යවසනයෙන් යහපාලන රජය රට බේරා ගත්තා. එවැනි තත්තවයක් උදා වෙන බව මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මහතාට බලයේ සිටින විට පෙන්වා දුන්. නමුත් දේශපාලනය නොදන්නා සහෝදරයින් විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විනාශ කලා. ජනප්‍රියත්වය මත රජය පවත්වා ගෙන යාමට ඔවුන් උත්සාහ කලා. නමුත් රට විනාශ වුණා. තිරණාත්මක අර්බුදවලින් රට බේරා ගත්තා. යහපාලන රජයේ වේගය මදි. ඊට භේද තිබෙනවා. එම භේතු ප්‍රකාශ කර වැඩක් නැහැ. වැරැදි සහ අඩුපාඩු සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි. කිසිවෙකුට යටත් නොවන ජන සමාජයක් බිහි කල යුතුයි.”

    මෙම ව්‍යාපෘතිය සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂන 20 ක් වන අතරල ප්‍රතිලාභි පවුල් සංඛ්‍යාව 70 ක් වෙයි.

    [rns_reactions]

  • පතිරණ, කැනඩාව වෙනුවෙන් ඇමරිකාවට පහරදී ශ්‍රී ලංකා නම බබළවයි…

    ශ්‍රී ලංකාවෙන් තම ක්‍රිකට් අත්පොත තැබූ ධනුක පතිරණ දැන් ක්‍රීඩා කරන්නේ කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමටය.

    කැනඩා කණ්ඩායමට අනුශුරතාවය හිමිකර දෙමින් නිමා වූ  ICC World Cricket League Division Three, 2017  තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන තැනට පත්වීමට ධනුක පතිරණ සමත් විය.

    ධනුක මෙම තරඟාවලියේ ක්‍රීඩා කල හොඳම ඉනිම ක්‍රීඩා කලේ ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවය.ඔහු එහිදී  පන්දු 94 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 87 ලබාගැනීමට සමත්වූ අතර ඔහුගේ පිතිහරඹය සමඟ කැනඩාවේ ප්‍රබල ප්‍රතිවාදියකු වන ඇමරිකාව ලකුණු 91 කින් පරාජය කිරීමටද එම තරඟයේදී සමත් විය.

    [rns_reactions]

  • කිරිඇල්ලගේ දුවටත් ඉන්ෂූරන්ස් කමිෂන්

    මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකෙරෙන මහනුවර පිටත වටරවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ගහී රක්ෂණ ආවරණ හොර පාරේ ලබා දෙමින් මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම් චාන්දණී කිරිඇල්ල රුපියල් මිලියන 300ක් උපයා ඇතිබව වාර්තාවේ.

    මේ සදහා ඇයට සහාය ලබාදී ඇත්තේ කිරිඇල්ලගේ රක්ෂණ උපදේශකවරයා වන චමින්ද ඩී සිල්වා විසිනි. මෙම චමින්ද ඩී සිල්වා හැරී ජයවර්ධනට අයත් කොන්ටිනන්ටල් රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර ඔහුගේ මැදිහත්වීම මත ඔහුගේ හිතවතියක විසින් පවත්වාගෙන යන රක්ෂණ තැරැව්කාර සමාගමක් වන PRO SITE INSURANCE BROKER Company හරහා සෙලින්කෝ රක්ෂණ සමාගම වෙත අදාල ඉදිකිරීම් රක්ෂණය ලබාදී ඇත.

    [rns_reactions]

  • මැතිව්ස් නැතිව ලංකාවට බෑලු – සංගක්කාරගෙන් අසික්කිත ප්‍රකාශයක්

    ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉකුත් (08) වන දා ශ්‍රී ලංකා හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරයිනම් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල බාධාවක් වනු ඇතැයි කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි.

    මෙවර තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස එක්ව සිටින සංගක්කාර අනිද්දා තරගය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට ලිපියක් ලියමින් මේ බව සඳහන් කර තිබේ.

    එසේම මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 නියමිත වේලාවේදී යොමු කිරීමට කටයුතු කිරීම වඩාත් වැදගත් බවත් ඔහු ප්‍රකාශ කරයි.
    දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවාර 50 යොමුකිරීමට නියමිත වේලාවට වඩා විනාඩි 39ක් ගත කිරීම අනුමත කළ නොහැකි කරුණක් බවත් ඔහු සඳහන් කරයි.

    මෙම තරගයට උපුල් තරංග නොමැතිවීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් බවත් නියමිත පන්දුවාර සංඛ්‍යාව නියමිත වේලාවට යොමු කිරීමට කඩුලු රකින්නා අනෙකුත් පන්දු රකින්නන් මෙන්ම පන්දු යවන්නන් වැඩි වගකීමක් ගත යුතු බවද ඔහු පවසයි.

    ඉන්දියාව හා පැවැත්වෙන තරගයට තිසර පෙරේරා එක් කර ගැනීම වැදගත් බවත් ඉන්දියාව මෙම තරගයට ඉහළ විශ්වාසයක් සහිතව පැමිණෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

    තරගයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නැවත සංවිධානය වීමත් නැවත සිතීමත් වැදගත් බවත් ක්‍රීඩා සැලැස්මද වෙනස් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

    තරගයට පැමිණීමේදී තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම උද්වේගයෙන් යුතුව කටයුතු කළොත් එය ඉන්දියාව හා පැවැත්වෙන තරගය ජයගැනීම හේතුවක් වෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    [rns_reactions]

  • පැත්ත පළාතේ එන්න එපා – ලන්ඩන් නගරාධිපති ට්‍රම්ප්ට අනතුරු අගවයි !

    නුදුරේදීම සිදුවීමට නියමිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ එංගලන්ත සංචාරය වහාම අවලංගු කල යුතු බව ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිධූරයට පත්වූ දා සිටම ලන්ඩන් නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීම එයට හේතුවී තිබේ.

    පසුගිය සමයේදී ලන්ඩන් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව මැඩ පැවැත්වීමට නොහැකිවූ හේතුව මුස්ලිම් ජාතිකයෙකු එම නගරයේ නගරාධිපතිධූරය දැරීම බව ට්‍රම්ප්ගේ මතය වී තිබේ. මෙවන් ප්‍රහාර නැවත ඇති නොවීමට අයි එස් ත්‍රස්තයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

    එංගලන්තය විසින් ගොඩනගාගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතීන්ට ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි හානි ගෙන දෙන බව ලන්ඩන් නගරාධිපතිවරයාගේ මතයයි.

    කෙසේ වුවද සිය රටට පැමිණෙන ඇමරිකානු ජනාධිපතිවරයා පිළිගැනීමට එංගලන්ත අග්‍රාමාත්‍ය කාර්යයාලය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විශේෂ වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ.

    [rns_reactions]

  • දරුවන් වෙනුවෙන් ඇටමිඳුලු බද්ධ කිරීම අරඹනවා – ඇමති රාජිත කියයි…

    ඉදිරි මාස තුන තුළ දරුවන් වෙනුවෙන් ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
    ඒ අනුව ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
    දරුවන්ගේ ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා රුපියල් මිලියන පහක් පමණ වැයවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
    මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගේ ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් සිදු කෙරෙන අතර තැලසීමියා රෝගීන්ගේ  ඇටමිඳුලු බද්ධ කිරීම මහනුවර රෝහලේදී ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
    බණ්ඩාරගම, ගෝනදූව ග්‍රාමීය රෝහලේ නව තෙමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් කියා සිටියේ ය.
    [rns_reactions]
  • “පොඩි වයසක කොල්ලෝ වුණාට ඔවුන්ගේ අදහස් ගැඹුරුයි. මට ගැහුවට මම ඔවුන්ට ගරු කරනවා” රහල් කියූ පුදුම කථාව

    එක්තරා රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරපු රහල් වැඩසටහනට ඇමතුමක් ලබා දීපු තරුණියකට දුන්න පිළිතුර කාගෙත් විවේචනයට ලක් වෙලා. තමන් කළ දේ ගැනත්, මේ විවේචන ගැනත් රහල්ටත් කියන්න දෙයක් තිබුණා.

    මොකක්ද රහල් මේ කරගත්තේ?

    ඇත්තටම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් තමයි සිද්ධ වුණේ.

    වැඩසටහනේදී රහල්ගේ කටින් පිටවුණු වචන නොහිතා පිට කරපු වචන කියලා අත පිහිදා ගන්න බැහැ නේද?

    මම එහෙම කියලා අත පිහිදා ගන්නවා නෙවෙයි. ඇත්තටම මම නිවේදකයෙක් නෙවෙයි. මම ගායන ශිල්පියෙක්. මම මේ වගේ දේකට කලින් මුහුණ දීලා තිබ්බේ නැහැ. ඇත්තටම මගේ අත්දැකීම් අඩුකම ඒ සිද්ධ වුණු දෙයට බලපාන්න ඇති.

    ඒ කියන්නේ රහල් පිළිගන්නවද වුණේ වැරැද්දක් කියලා?

    ඔව්. මම වැරැද්දක් කළොත් සමාව ගන්නවා. මම මගේ ෆේස්බුක් එකෙනුත් සමාව ගත්තා වුණු දෙයට. මං ගැන දන්න අය මම කොහොම පුද්ගලයෙක්ද කියලා දන්නවා. මින් ඉදිරියට මගෙන් ඒ වගේ දෙයක් සිද්ධ නොවන තැනට මම කටයුතු කරනවා.

    මාළුවා නහින්නෙත් කට නිසා කිව්වලු. කොහොමින් කොහොම හරි රහල් වැඩ වරද්ද ගත්තෙත් කට නිසා නේද?

    කට නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම මම ඒ වෙලාවේ හිටපු මානසිකත්වය වෙන්නත් පුළුවන්.

    ඒ වෙලාවේ හිටපු මානසිකත්වය කියලා කිව්වේ?

    මම සජීවී වැඩසටහන ඉදිරිපත් කරන්න එන්න කලින් නිදිමරලා හිටියේ. මේ ඉන්ටවිව් එක ගන්න මොහොතෙත් මම ගංවතුරෙන් පීඩාවට පත් වෙච්ච අයට උදවු කරන්න යන ගමන් ඉන්නේ. ඉතින් එදා මගේ අතින් නොවිය යුතු දෙයක් සිද්ධ වුණා. පළපුරුදු නිවේදකයෙක් නම් ඒ අවස්ථාවේදී ලස්සනට වචන ගළපන්න තිබ්බා. පළපුරුද්දක් නැති නිසා වැරැදි ප්‍රකාශයක් මගෙන් පිට වුණා.

    බැරි දේවල් කරන්න ගිහින් අනාගත්තා කියලා දැන් හිතෙනවද?

    මෙහෙමයි. මම මාස හතක් ඒ වැඩසටහන ඉදිරිපත් කළා. සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණු අභියෝගය මම ඉටු කළා. මම හැමෝම එක්ක මිත්‍රශීලීව තමයි ඒ වැඩසටහන කළේ. ඒත් එදා ඒ ප්‍රේක්ෂිකාවකගෙන් ආව දුරකතන ඇමතුමට මම පිට කළ වචන වැරැදියි. හැබැයි ඒ හිතාමතා ප්ලෑන් කරලා ගත්ත දුරකතන ඇමතුමක්ද කියලත් හිතෙනවා. නමුත් වෙච්ච දේ වෙලා ඉවරයි.

    රහල් සැබෑ ජීවිතෙත් ඔය වගේ පුංචි දෙයටත් තරහා අරගන්න නාහෙට අහන්නේ නැති චරිතයක්ද?

    එක එක පුද්ගලයා වෙනස්නේ. අසාධාරණයන් වෙද්දී මම ටිකක් හැඟීම්බරයි. ඒ වගේම මම සංවේදී. තරහා යන ගොඩක් අය සංවේදී. කොහොම වුණත් මේ වුණා වගේ වැරැද්දක් ඉදිරියේදී සිද්ධ නොවෙන්න මම වගබලා ගන්නවා. මම පොළාවේ පය ගහලා ජීවත් වෙන චරිතයක්. වැරැද්දක් වුණා නම් ඒක හදා ගන්නත් ඉඩ ලැබෙන්න ඕන.

    කට වරද්දගත්ත නිසා දැන් රහල්ට විවේචන ගොඩකට මුහුණ දෙන්නත් වෙලා නේද?

    ඔව්. එල්ල වුණු හැම විවේචනයක්ම මම තනියෙන් විඳදරා ගත්තා. මව්බිමෙන් කතා කරලා මේ වෙච්ච දේ අහද්දි තමයි මට කඳුළු ආවේ. මට දුකයි මේ වෙච්ච දේ ගැන. හැබැයි මම මේ සිද්ධ වුණු දේවල් ජීවිතයට හොඳ පාඩමක් කර ගන්නවා.

    රහල්ගේ පැත්තට කතා කරන්න හිත මිත්‍රයන්වත් හිටියේ නැද්ද?

    මං වෙනුවෙන් කතා කරපු පිරිසක් හිටියා. ඒ අය මං වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළා. හැබැයි ඒ අයටත් සමහරු අසභ්‍ය වචනයෙන් කතා කරන්න ගත්තා. ඊට පස්සේ මම ඒ මිත්‍රයන්ට කිව්වා මං වෙනුවෙන් පෝස්ට් එකක්වත් දාන්න එපා කියලා.

    මේ වෙච්ච සිද්ධියෙදි මාධ්‍ය ආයතනයෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද රහල්ට ලැබුණේ?

    මේ වෙනකල් මාධ්‍ය අයතනයෙන් මුකුත් කිව්වේ නැහැ.

    රහල් ඉදිරියේදී නිවේදන කටයුත්තෙන් ඉවත් වෙයිද?

    මම හිතාගෙන ඉන්නවා ඊළඟ වැඩසටහන ඉදිරිපත් කරන්න. ඒ වැඩසටහනේදී මම ආයෙත්, වුණු වැරැද්දට සමාව ගන්නවා. ඊට පස්සේ වැඩසටහනෙන් ඉවත් වෙන්න හිතාගෙන ඉන්නේ. මනස හදාගන්න ටික කාලයක් නිදහසේ ඉන්න ඕන.

    රහල්ට ඔය වැටුණු තැනින් ගොඩ එන්න පහසු වෙයිද?

    මම ගායන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. මම අමාරුවෙන් මේ තැනට ආවේ. නමුත් මම වැටුණා. මාව වැට්ටුවා. මුළු සමාජයම මාව පෑගුවා. ඒ ගැන කිසිම තරහක් නෑ. ඉස්සරහට හොඳ වැඩ කරගෙන ජීවත් වෙනවා. අමාරුවෙන් හරි ආයෙත් නැඟිටිනවා.

    ඉදිරියේදී කරන කියන දේවල් ගැනත් මීට වඩා සැලකිලිමත් වුණොත් හොඳයි නේද?

    අනිවාර්යයෙන්ම. මම ඒ දේවල් හදාගන්නවා. එදා වුණු දේ ආයෙත් වෙන එකක් නැහැ. මම මේ වෙලාවේ දෙයක් කියන්න ඕන.

    ඒ මොකක්ද?

    සමාජ මාධ්‍යවල පේජ් කරන ඇඩ්මින්වරු ගැන දෙයක් කියන්න ඕන. ඒ අය ගොඩක් දක්ෂයි. ඔවුන්ට මේ රට ඉදිරියට ගෙනියන්න ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්.

    රහල්ට පන්න පන්න ගැහුව පේජ් ඇඩ්මින්වරුන්ගේ ඔළුව අතගාන්නද ඔය ලෑස්ති වෙන්නේ?

    නෑ. නෑ. ඒ පේජ් කරන කොල්ලෝ තමයි මට පන්න පන්න පහර ගැහුවේ. ඒත් එයාලා කළ දේ හරි. පොඩි වයසක කොල්ලෝ වුණාට ඔවුන්ගේ අදහස් ගැඹුරුයි. මට ගැහුවට මම ඔවුන්ට ගරු කරනවා.

    ලැබුණු පබ්ලිසිට්යත් අරගෙන රහල් ගීත එකපිට එක ජනප්‍රිය කරගන්නත් උත්සාහ ගනියිද?

    ඉදිරියට මගේ හොඳ ගීත කිහිපයක් එන්න තිබ්බා. මම මල් ගායකයෙක්, ඵථඵ වලින් ආපු ගායකයෙක් කියලා ගොඩක් අය කිව්වා. ඒත් මම අහිංසක ගමනක් ආවේ. මේ වෙලාවේ ගීත එළියට ගේන්න උචිත නෑ. මට නිහඬව ටික කාලයක් ඉන්න ඕන.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ

    [rns_reactions]

  • ජනපති මෛත්‍රි ලබන මස බංග්ලාදේශයට……

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මාසයේ බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
    බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වීමට නියමිත බවයි.
    ජුලි මස 13 වන දින සිට 16 වන දින දක්වා දින 4ක කාලයක් ජනාධිපතිවරයා බංග්ලාදේශයේ රැදී සිටීමට නියමිතයි.
    මේ අතර ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් ආධාර වශයෙන් ලබාදීමට ද බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.
    බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් අදාළ මූල්‍යාධාරය ලබාදීමට ඊයේ(05) දිනයේ තීරණය කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
    බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා විසින් අදාළ ආධාර මුදල ඉදිරියේ දී කඩිනමින් ශ්‍රී ලංකා රජයට ලබාදීමට නියමිතයි.
    මේ අතර ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීමට ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
    ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ විදෙස් රටවල් රැසක් මේ වන විටත් ශ්‍රී ලංකාවට ආධාර කිරීමට කැමැත්ත පල කර සිටින බවයි.
    හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබදව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
    [rns_reactions]
  • කළු සල්ලි සුදු කල බේබි නාමල් අද මහාධිකරණයට

    අයුතු ලෙස රුපියල් මිලියන තිහක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතට නැ‍ඟෙන වැරැදි සිදු කළ බවට අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවෝ පස්දෙනෙක් අද (06) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටිති.

    කොළඹ මහාධිකරණය මගින් නිකුත් කළ සිතාසි මත ඔවුන් එසේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේටට් සර්විස් සමාගම වෙනත් සමාගමක් සමඟ සිදුකළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් අයුතු ලෙස උපයාගෙන ඇති බවට විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා නගා ඇත.

    නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම, මිත්‍යා සේනානි, ඉරේෂා සිල්වා හා ඉන්දික කරුණාජීව යන විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුවෙන් අධි ‍චෝදනා නගා ඇත.

    [rns_reactions]

  • දක්ෂතාවයෙන් වෝනර්, කෝලි සම කරයි..

    චැම්පියන්ස් කුසලානය යටතේ බංගලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟය වර්ෂාවේ බලපෑම නිසා ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර ඔස්ට්‍රේලියාව තරඟාවලියේ මුහුණ දුන් පලමු තරඟය වූ නවසීලන්තය සමඟ තරඟයේදී ද වර්ෂාව නිසා ප්‍රතිපලයක් ලබා ගැනීමට නොහැකි විය.

    තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක නිරතවූ තමීම් ඉක්බාල් ලකුණු 95 ලබාගත් අතර ස්ටක්ගේ දෙවන කැඳවීමෙන් තමීම්ගේ ශතකය පමණක් නොව බංගලාදේශ පසුපෙළ බලාපොරොත්තුද සුන් වනු දැකගත හැකි විය.

    බංගලාදේශ ඉනිම පන්දුවාර 44.3 තුල ලකුනු 182 කට සීමා විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඕස්ට්‍රේලියා ආරම්භක සබඳතාවය ලකුණු 45 කට සීමා කිරීමට රුබෙල් හුසේන් සමත් වූ අතර වර්ෂාව නිසා තරඟය නතර කරන විට ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලකුණු 83 ලබාගෙන තිබිණි.ඒ වන විට නොදැවී පහර දුන් ඩේවිඩ් වෝනර් ලකුණු 40 සහ ස්මිත් ලකුණු 22 ලබා තිබිණි.

    වෝනර් මෙම ඉනිම තුල ලකුණු 4000 පසුකර යාමට සමත් වූ අතර ඔහුට ලකුණු 4000 පසු කිරීමට ඉනිම 93 ක් වය විය.ඉන්දීය පිතිකරු වීරාත් කොලිද මෙම කඩයිම් පසු කිරීමට ඉනිම 93 කට ක්‍රීඩා කර තිබුණි.එක්දින ලකුණු 4000 වේගයෙන්ම පසුකර ගිය පිතිකරුවා ලෙස වාර්තාව පිහිටවා තිබෙන්නේ හෂීම් අම්ලා විසින් වන අතර ඔහුට ලකුණු 4000 ලබා ගැනීමට වැයවී ඇත්තේ ඉනිම 81 පමණි.වාර්තාවේ දෙවන තැන සිටින විවියන් රිචඩ්ස් තම ලකුණු 4000 පසුකර යාමට ඉනිම 88 ක් වැය කර තිබේ.ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම ගණනකදී ලකුණු 4000 පසු කල ක්‍රීඩකයා උපුල් තරංග වන අතර ඔහු මෙම කඩයිම පසුකර  යාමට ඉනිම 119 ක් වැය කර තිබේ.

    [rns_reactions]

  • ඊයේ තරගයේදි මාලන් සැමුවෙල්ස්ගෙන් වෙඩි.. ප්‍රතිවාදින් පලායයි…

    ක්‍රිකට් ලෝකයේ ප්‍රබලයන් චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමේ අරමුණෙන් එංගලන්තයේ තරඟ වදිද්දී ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර T 20 තරඟාවලියක් කොදෙව් හිදී පැවැත්විණි.

    කොදෙව් කණ්ඩායම මෙන්ම ඇෆ්ගනිස්ථාන කණ්ඩායමත් T20 තරඟ රටාවට ආවේනික ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතව තිබීම නිසා තරඟාවලිය ආරම්භයේම තරඟාවලිය තියුණු තරඟාවලියක් වනු ඇතැයි මත පල විය.

    කෙසේ නමුත් ඇෆ්ගනිස්ථානයේ අඛණ්ඩ ජයග්‍රහණ වැලට පළමු තරඟයේදීම තිත තැබූ කොදෙව්වන් තරඟ තුනකින් යුතු තරඟාවලිය ජයගත්තේ 3-0 ලෙස ඇෆ්ගනිස්ථානය පරාජයට පත් කරමිනි.

    තරඟාවලියේ අවසන් තරඟයේදී ඇෆ්ගනිස්ථානය කඩුලු 7 කින් පරාජය කිරීමට කොදෙව්වන් සමත් වූ අතර,මෙම තරඟයේදී කොදෙව් පිතිකරු මාලන් සැමුවෙල් තම T20 දිවියේ ලබාගත් ඉහලම ලකුණු ප්‍රමාණය වූ ලකුණු 89 ලබා ගැනීමට සමත් වීමට වැදගත් සිද්දියකි.

    [rns_reactions]

  • කටාර් සිට පැමිණෙන ශ්‍රී ලාංකියන් අමාරුවේ වැටේ…

    කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් කටාර් රියාල් මාරු කිරීම අද (6) සිට ප්‍රතික්ෂේප කිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ .

    වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ විදේශ රැකියාවල නියුක්ත වී පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් අසීරුතාවයට පත් වී ඇත.කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මෙන්ම , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ පිහිටි සියලු සාප්පු ද මෙසේ කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පවතී .

    රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙකුගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ මැදපෙරදිග රටවල හටගෙන ඇති අයි.එස්. ත්‍රස්තවාදීන්ට කටාර් රාජ්‍යය උදව් කිරීම පිළිබඳව අර්බුදය මත ශ්‍රී ලංකා මහ බැංකුව මෙවැනි තීරණයකට එලඹ ඇති බවයි.

    පෞද්ගලික විදේශ  මුදල් මාරු කරන්නන් ද කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.  කටාර් සිට පැමිණෙන මගීන්ට කටාර් රියාල් 1000 ක් දක්වා මාරු කිරිම ලංකා බැංකුවෙන් පමණක් සිදු කැරේ්‍    

    [rns_reactions]    

  • කඩප්පුලි රියදුරන්ට වැඩ වරදී….

    ලොව පුරා වසරකට ලක්ෂ 13ක් රිය අනතුරු හේතුවෙන් මිය යන බව ඇසුවොත් පුදුම හිතෙයි නමුත් ඒක තමා ඇත්ත. ඒ වගේම සෑම තත්පර 6 කටම වරක් ලෝකයේ කොතැනක හෝ පුද්ගලයෙක් මරණයට පත් වන බවයි සංඛ්‍යාලේකන හෙළි කරන්නේ.

    අපේ රට ගැන අවධානය යොමු කලොත් වසරකට රිය අනතුරු 37,000ක් පමණ සිදුවන අතර ඉන් 6000ක් බරපතල අනතුරු වන අතර ඒවායින් මිනිස් ජීවිත 2,050ක් පමණ අහිමි වන අතර පසුගිය 2016 වසරේ පමණක් මෙසේ අනතුරු වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3,017ක් වන අතර  ඉන් 390 දෙනකු මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථ වලින් සිදුවූ අනතුරු වලිනුයි.

    රටක් ලෙස මෙවන් අනතුරු ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ රියදුරන්ගේ කිසිදු විනයක් නොමැති වීම සහ මාර්ග නීති පිළිබඳව අවබෝධයක් නොමැති වීමයි. ප්‍රධාන වශයෙන් ත්‍රිරෝද රථ රියදුරන්ගේ මෙම තත්වය ඉතා ඉහල මට්ටමක තිබෙනවා. මහා මාර්ගයේ රථවාහන පදවන පුද්ගලයෙක් නම් ඔබට මෙම ත්‍රිරෝද රථ ධාවකයන්ගේ මෙම නොහිමුනු හැසිරීමේ අත්දැකීම් නොමදව ලැබී ඇති බවට සැකයක් නැත.

    අනතුරු අවම කිරීමේ අරමුණින් ත්‍රිරෝද රථ රියදුරන් සඳහා බලපත්‍ර ලබා දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය ක්‍රියා කොට තිබෙන අතර එහිදී වයස අවුරුදු 35 ඉක්මවූ පුද්ගලයින්ට පමණක් බලපත්‍ර ලබා දීමට තීරණය කොට තිබෙන බව ව්ව්ර්තා වනවා.

    ඒ පිළිබඳව සවිස්තරාත්මක වීඩියෝව පහතින් නරඹන්න.
    [rns_reactions]

  • ISIS ත්‍රස්ථ සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ නිසා කටාර් රාජ්‍යට වෙන දේ…

    ලොවටම පිළිලයක් වී ඇති ISIS ත්‍රස්ථ සංවිධානය සමඟින් සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා ඉල්ලවීම නිසාවෙන් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දමමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල් හයක්‌ ඊයේ (05) තීරණ කර තිබෙනවා.
    ඒ අනුව සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන්, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව යන රටවල් මෙලෙස කටාර් රාජ්‍ය සමඟින් පැවති සබඳතා නවත්වා ඇති අතර කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්‌ලක්‌ෂ විසිපන් දහසක්‌ පමණ රැකියාවල නිරතවී සිටිනවා.
    එමෙන්ම කටාර් රාජ්‍යයට විරෝධය පළ කරමින් සබඳතා අත්හළ සියලු මැදපෙරදිග රටවල් ඇමරිකාවට පක්‍ෂපාතී රටවල් වන බවත් දැනගන්නට ලැබෙනවා. ඔවුන් සවුදි අරාබියා ගොඩබිම, මුහුද, ගුවන් සීමාව යන අංශ තුනෙන්ම සිය දේශ සීමා වසා දමා ඇති අතර ෆ්ලයි ඩුබායි, එමිරේට්‌ස්‌ සහ එයාර් ඇරෙබියා යන ගුවන් සමාගම් ද කටාර් දක්‌වා ගමන් කළ සිය ගුවන් ගමන් නතර කිරීමට කටයුතු කර තිබෙනවා.
    එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය හා ඊජිප්තුව පැය 48 ක්‌ තුළ තම රටින් ඉවත්ව යන ලෙස කටාර් රාජ්‍යයේ තනාපති නිලධාරීන් වෙත දන්වා තිබේ. එසේම එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වාසය කරන සියලුම කටාර් වැසියන්ට දින 14 ක්‌ තුළ එරටින් පිටව යන ලෙසද දන්වා ඇත.
    තම රටවල සිටින සියලුම කටාර් වැසියන් හා නේවාසිකයන්ද සති තුනක්‌ ඇතුළත දී පිටව යා යුතු බව සවුදි අරාබිය හා බහරේනය දැනටමත් නිවේදනය කර තිබේ.
    මේ අතර රටවල් හයක්‌ තම රට සමඟ පවතින සබඳතා අත්හැරීම පිළිබඳව කරුණු දක්‌වා ඇති කටාර් රාජ්‍යය මෙම තීරණය අයුක්‌තිසහගත හා කිසිදු පදනමක්‌ නොමැති තීරණයක්‌ බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙයින් කිසිදු බලපෑමක් නැතියි විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා සිටිනවා.

    [rns_reactions]