සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (2017 ජුනි 05) වන දා ජපානයේ ටෝකියෝ අගනුවර දී සිදු විය.
මහින්ද රාජපක්ෂ හිටුපු ජනාධිපත්වරයා මේ දිනවල ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ මෙන්ම එහි විශේෂ නියෝජිතයින්ගේ ආරාධනාවකට අනුව ජපානයේ සංචාරයක නියැළෙමින් සිටී.
මෙම සංචාරය අතරතුර ජපාන රජයේ විශේෂ නියෝජිතයින් කිහිපදෙනෙක් ද හමුවී සාකච්ඡා කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ දිනවල ජපානයේ සිටින වත්මන් යහපාලන රජය නියොජනය කරන බොහෝ දෙනෙක් තම සංචාරයන් අතරතුර දී මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවීමට මහත් උන්නදුවෙන් සිටින බව ද සැලයි.
මේ අය අතරින් ශ්‍රී ලංකාවේ වත්මන් යහපාලන රජයේ අමාත්‍ය ධුරයක් දරන අරුන්දික ප්‍රනාන්දු ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී දීර්ඝ වේලාවක් සාකච්ඡාවක නිරතවීම දේශපාලනික වශයෙන් යම් වැදගකමක් ද උසුලන බව අපගේ ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි. අපට ලැබී ඇති තොරතුරු අනුව මේ සාකච්ඡාවන්හි ගැඔුරක් තිබිය හැකි බව වැටහේ.
මේ සාකච්ඡා අතරතුර ජපානයේ වෙසෙන ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙක් සේ ම, ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වන සමන් ප්‍රියංකර මහතා ද දැකගත හැකිය.
[rns_reactions]


තුසිත හල්ලොලුව යනු නිරන්තරයෙන් ටයි පොල්ලෙන් බෙල්ල සිරකරගෙන සිටින අයෙකු වුවද අ.පො.ස (සා/පෙ)වත් සමත් නැති වාසි පැත්තට පනිමින් දේශපාලනය කරන මැඩියෙකු වන අතර මොහු කෙටි කාලයක් ශ්‍රී ලංකා ටෙලිකොමි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටි අතර එම තනතුර යොදාගනිමින් සිදුකළ කුප්‍රකට ජාවාරම් සහ දූෂණ ක්‍රියා හේතුවෙන් එයින් පන්නා දැමූවෙකි.
ඒ සඳහා රුවන් සහ හල්ලොලුව මේ වන විටත් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඔවුන්ට සුපුරුදු මඩ මාධ්‍ය ව්‍යාපාරයක් අරඹා ඇත. රුවල් ෆෙඩිනැන්ඩස් මේ වන විට දේශපාලඥයින් කිහිපදෙනෙකුට මුවා වී විවිධ කූට ඡඩමාධ්‍ය ව්‍යාපාර කිහිපයක් මෙහෙවන අතර ඒ වෙනුවෙන් අනෙකුත් දේශපාලඥයින්ගේ චරිතද ඝාතනය කරමින් සිටී. කප්පම් මත පුවත් පළකිරීමත් ගැලවීමත් සිදුකරන බවට නම් දරා සිටින මාෆියාකරුවකු වන රුවන්ගේ අතිජාත මිත්‍රයා වන්නේද මංගල මෙන්ම නිසි අධ්‍යාපනයක් නැති එහෙත් ජාවාරම් සඳහා කුප්‍රකට තුසිත හල්ලොලුව බව දේශපාලන සහ මාධ්‍ය කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකු දන්නා කරුණකි.














