මෙම අනතුර සිදුවුයේ ඊයේ උදැසන පන්නපිටිය බෝ ගහ අසල බස් නවතුමේදියි අනතුරින් තුවාල ලැබූ තරුණිය මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා
Tag: featured
-
ඇඟ හිරිවැටෙන රිය අනතුරක් (CCTV)
[rns_reactions] -
වැල්ලවත්ත හෝටලය කඩාවැටෙන්නට පෙර සහ පසු දර්ශන මෙන්න…
කඩා වැටෙන්නට පෙර වැල්ලවත්ත The Excellency හෝටලයේ සුපිරි දසුන් මෙන්න
වැල්ලවත්ත ප්‍රදේශයේදී ගොඩනැගිල්ලක් කඩාවැටී එක් පුද්ගලයෙකු මියගිය අතර මේ වන විට එම ගොඩනැගිල්ල කඩාවැටුණු අවස්ථාවේ CCTV දර්ශන නිකුත් වී තිබෙනවා.
මේ එම අවස්ථාවේ CCTV වීඩියෝවයි.
[rns_reactions] -
සමලින්ගික තරුණයන්ට දුන් අපුරු දඬුවම…
සමලිංගික තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර අසූපහක දඬුවමක් ලබා දීමට ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ශරියා උසාවියක් නියෝග කරයි.
විසි හැවිරිදි සහ විසිතුන් හැවිරිදි මෙම තරුණයන් දෙදෙනා යහන්ගතව සිටියදී, සමලිංගික විරෝධී කණ්ඩායමක් විසින් අල්ලාගනු ලැබූ බව පසුගිය මාර්තු මාසයේදී වාර්තා විය. එවක් පටන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවේ පසුවෙති.
අචේ ප්‍රාන්තයේ ශරියා උසාවිය නිවේදනය කළේ මෙම චූදිතයන් ඉස්ලාමීය නීතිය උල්ලංඝනය කර ඇති බවය.
සමලිංගිකව එක්වූ බවට චෝදනා ලත් මෙම තරුණයන් දෙදෙනාට වේවැල් පහර අසූවක් ලබා දෙන ලෙස පැමිණිල්ලේ නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් වේවැල් පහර 85ක් ලබාදෙන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ. ශරියා නීතිය අනුව ලබා දිය හැකි උපරිම වේවැල් පහර ගණන වන්නේ සියයකි.
මීට පෙර වේවැල් පහර ලබාදී ඇත්තේ සූදුවේ යෙදීම සහ මත්පැන් පානය යන චෝදනාවලට වැරදිකරුවන් වූ අයට පමණි.
මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අනෙකුත් ප්‍රාන්තවල සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර නොමැති නමුත් අචේ ප්‍රාන්තය තුළ පමණක් ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී තිබේ.
එම ප්‍රදේශය තුළ හටගත් කැරැල්ලක් නිමාවට ගෙන ඒම සඳහා එවකට ඇතිකරගත් එකඟතා අනුව මධ්‍යම ආණ්ඩුව විසින් එකී බලතල අචේ ප්‍රාන්තයට පවරන ලදී.
පුද්ගලයන්ට වෙනස්කම් සිදුකිරීම සඳහා ඉවහල්වන, අචේ ප්‍රාන්තයට විශේෂිත වූ නීති තහනම් කරන ලෙස ‘හියුමන් රයිට්ස් වොච්’ මානව හිමිකම් සංවිධානය ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගෙන් ඉල්ලීමක් කර තිබේ.
[rns_reactions]
-
ජුලි 01 අපි කොළඹ වටලනවා… කන්නන්ගර විදුහලෙන් අමුතු වැඩක්…
බොරැල්ල කන්නන්ගර විද්‍යාලය ජුලි 01 වනදා කොළඹ වැටලිමට සුදානමින් සිටින බව අපට වාර්තා වේ. පාසලේ නිල් මුහුණුපොතේ පළකල ආන්දෝලනාත්මක සටහන් පිළිබදව අප එම විදුහලේ ආදි සිසු එකමුතුවේ සමාජ මාධ්‍ය සම්බන්ධිකාරක ඒ.එම්.ඒ.ජි අධිකාරි මහතාගෙන් කළ විමසිමකදි ඔහු පැවසුවේ ජුලි මස 01 වන දින තම පාසලේ වාර්ෂික පා ගමණ සදහා සියලු කටයුතු මේ වනවිටත් සුදානම් වෙමින් පවතින වගත් මෙය එහි ප්‍රචාරණ යාන්ත්‍රණයේ පළමු පියවර බවත්ය. …
මේ ඒ පිලිබදව ඔහුගේ අදහස්…
මේ වසර අපේ පාසලට ඉතා වැදගත් වසරක්. මෙවර පා ගමන අප පවත්වන්නේ අපේ විදුහලට විශාල අඩුපාඩුවක් පවතින බස් රථයක් මිලදි ගැනිමට අවශ්‍ය අරමුදල් එක්රැස් කිරිමේ අරමුණින්. අපි Bus For Us වැඩසටහන ආරම්භ කලේ අප විදුහලේ 39 වන උපන්දිනය යෙදුනු පසුගිය මාර්තු මාසයේ. අපේ අරමුණ 40වන උපන්දිනය පාසලට බස්රථයක් ලබාදෙමින්ම සැමරීම. අද වෙද්දි අපේ පාසලේ දක්ෂතා පරිපුර්ණ සිසු සිසුවියන්ව තරග වලට රැගෙන යන්න වෙලා තියෙන්නේ පාරේ බස් එකේ. යද්දි ඔවුන් දැඩි පිඩාවකට ලක්වෙලා. මේ තත්වය වෙනස් වෙන්න ඕනේ. ඒ සදහා තමයි අපේ මේ මෙහෙයුම..
ඒ අතර පාසලේ ඉදිරියේදි පැවැත්වෙන විශේෂ වැඩසටහන් පිළිබදවද ඔහු අපව දැනුවත් කලේ මෙසේය..
මේ සෙනසුරාදා (20) ශිෂ්‍ය නායක සංසදයේ Car Wash වැඩසටහන පැවැත්විමට සියල්ල සුදානම්. ඔවුනගේ ශිෂ්‍ය නායක කදවුර මේ මස 26 27 සහ 28 යන දිනවල විද්‍යාලයේදි පැවැත්වෙන අතර ඊට අවශ්‍ය අරමුදල් සොයාගැනිමයි මෙවර Car Wash වැඩසටහනේ අරමුණ. ඉන්පසුව ශිෂ්‍ය නායක දිනය සහ නිල ලාංඡන පැවැත්විමේ උත්සවයද නුදුරේදිමහ පැවැත්වෙනු ඇති. ඉන්පසුව ජුනි මස 04 වෙනිදා අපේ පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්විම පැවැත්වෙනවා සවස 2.30 විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි. ඒ කොහොම උනත් ජුලි මස 01 වන දින පැවැත්වෙන පාසලේ පා ගමන වෙනුවෙන් මේ වනවිට අපි සියලුදෙනාගේම අවධානය යොමුවෙලා තියෙන්නේ. අපේ අරමුණ ගියවරට වඩා අති සාර්ථක ආකාරයෙන් මෙවර පාගමන පැවැත්වීම…
https://www.facebook.com/cwwkannangaracollege/photos/a.1496130207376783.1073741828.1496121654044305/1840033346319799/?type=3
https://www.facebook.com/cwwkannangaracollege/photos/a.1496130207376783.1073741828.1496121654044305/1839519959704471/?type=3
https://www.facebook.com/cwwkannangaracollege/photos/a.1496130207376783.1073741828.1496121654044305/1839453503044450/?type=3
[rns_reactions]
-
එකසිය එකේ සීයා පැන්න අමුතු පිම්ම මෙන්න..
ආස දේවල් කරන්න වයස බාධාවක් නෑ.
මේ ඒ බව කියන කතාවක්.
ගුවන් කිමිදුම් (skydiving) වටයක් සාර්ථකව නිම කළ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා පොතට එක් වීමට එකසිය එක් හැවිරිදි පුද්ගලයෙකු සමත් වුණා.
ඔහුගේ නම බ්‍රයිසන් විලියම් වර්ඩන් හෙයිස් .
ඔහු එංගලන්තයේ ඩෙවෝන් ගුවනේ කිමිදුණේ පරම්පරා හතරකට අයත් සිය පවුලේ සාමාජිකයන් දස දෙනෙකු එක්කයි.
දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ ඔහු දැන් විශ්‍රාමික හමුදා සෙබළෙක්.
[rns_reactions]
-
සෙවාග් එක්ක සනී ගත්ත ෆනී අාතල් එක මෙන්න…
සනි ලියොන් බොලිවුඩ් සිනමාවට එක්වුණේ නරක නාමයක් සමගයි.
නමුත් ඇය මේ වන විට බොලිවුඩයේ සුපිරි නිළියක් විදිහට ඉදිරියට ගමන් කරමින් සිටින්නේ පැසසුම් ලබමිනුයි.
පසුගියදා මේ සුරූපිනිය අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් වෙනුවෙන් විස්තර විචාරිකාවක ලෙස කටයුතු කර තිබෙනවා.
දස වැනි වතාවටත් පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියේ ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ සහ ‘කිංග්ස් ලෙවන් පන්ජාබ්’ දෙපිල තරග වැදුණු දිනයේදීයි සනී ලියොන් එලෙස විස්තර විචාරයේ යෙදුණේ.
මේ තරගයේ ප්‍රධාන විස්තර ප්‍රකාශකයා ලෙස කටයුතු කළේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක විරෙන්දර් සෙවාග්.
සමහරු සනි ලියොන්ව හඳුන්වන්නේ බොලිවුඩයේ ‘බේබි ඩෝල්’ හැටියටයි. නමුත් එදා ‘ෆෙරෝෂා කොට්ලා’ ක්‍රීඩාංගණයේ පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගයේ විස්තර විචාරය කරද්දී නම් ඇය බෝනික්කෙකු වී නැහැ.
විරේන්දර් සෙවාග් පවසා තිබෙන්නේ ‘සනි එක්ක ‘ෆනි’ අත්දැකීමක් ලද බවයි.
[rns_reactions]
-
අපි අවාසනාවන්තයි – සුපිරි ක්‍රිඩක මුරලිගෙන් අමුතු කතාවක් කරලියට
මේ දින වල ක්‍රිකට් පිටියේ බොහෝ තැන අසන්නට ලැබෙන්නේ එළඹෙන චැම්පියන්ස් කුසලානය සම්බන්දව විවිද අය කියන අනාවැකි සහ,කණ්ඩායම් වල ක්‍රීඩකයන් තමන්ගේ කණ්ඩායම සමබන්දයෙන් කියන කටමැත දෙඩවීම්ය.
මේ ඊට වඩා වෙනස් කතාවකි.ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙවර IPL තරඟාවලියේ ඔහු පුහුණු කල සංරයිසස් කණ්ඩායමේ පරාජය පිළිබඳව කියන කතාවකි.
“අපි ගොඩක් අවාසනාවන්තයි,තරඟාවලියේ ඉස්සරහට යන්න බැරි වුන එක ගැන.අපි තරඟාවලියේ මුල ඉඳලම හොදටම කලා.අන්තීමට අවාසනාව නිසා අපේ ගමන නැවතුනා.”
අවසන් පුර්ව තරඟයේ කලකටා සමඟ ක්‍රීඩා කල තණතිල්ල ගැන මුරලිට පැහැදීමක් නැත.
“ඒ තණතිල්ලේ සෙල්ලම් කරන්න ලේසි නෑ.අපි ඒ වගේ තනතිල්ලක පහරවල් වලට ගියානම් ලකුණු 70-80 සීමාවෙන්න තිබුනා.අපේ ඉලක්කය වුනේ ලකුණු 140 .අපිට ඒ ලකුණු ගානට ලකුණු 10 වගේ අඩු වුනේ.ඒ නිසා කාටවත් කියන්න බෑ.අපි ගත්ත ලකුණු ගණන ආරක්ෂා කරන්න බැරි ලකුණු ගණනක් කියල.මුලදී විකට් කිහිපයක් ගත්තනම් අපිට තිබුන පන්දුවාර 20 දී ඒ ලකුණු ගණන ආරක්ෂා කරගන්න.”
“අපි සැලසුම් හැදුවේ පන්දු වාර 20 දී මොනවද කරන්න ඕන කියල අන්තිමට තරඟාවලිය පුරාම අපි අරගෙන ආපු දේවල් විනාඩි 20කදි වගේ නැති වෙලා ගියා.”
“හැමදාම තරඟ දිනන්න බෑ කියල මම දන්නවා ඒත් මේ පරාජය ගොඩක් අවාසනාවන්තයි.”
පසුගිය වසරේ IPL ශූරතාව දිනා ගත් සංරයිසස් කණ්ඩායම මෙවර තරගාවලියේ ඉදිරියට යාමේ අවස්ථාවන් අවහිර කරමින් වර්ෂාව නිසා පන්දුවාර 6 කදී ජයග්‍රහණය කල්කටා කණ්ඩායමට පිරිනැමීමට සිදුවූ තරඟය පිළිබඳව මුරලි cricinfo සමඟ මෙසේ අදහස් දක්වා ඇත.
-
අසේල ඇතුලු ක‍්‍රීඩකයින් එංගලන්තේ යන්න කලින් පැවසූ අදහස් මෙන්න (VIDEO)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ශූරයින්ගේ කුසලානයට සහභාගී වීමට ප්‍රථම පැවති අවසන් මාධ්‍ය සාකච්ඡාවේ දී උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න දැක්වූ අදහස්.
[rns_reactions]
-
ශූරයන්ගේ කුසලානයේදී ප්‍රතිවාදීන් පුදුම කරන අවියක් ගැන මැතිව්ස් කියු කතාව මෙන්න..
චැම්පියන්ස් කුසලාන තරඟාවලිය තුලදී ප්‍රතිවාදී කණ්ඩායම් පුදුම කරන අවියක් තමන් සතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා ඇත.
චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලික වටයේ ප්‍රතිවාදීන් වන්නේ දකුණු අප්‍රිකාව,ඉන්දියාව සහ පකිස්ථානයයි.
Cricbuzz සමඟ විශේෂ සාකච්චාවකට එකතුවෙමින් මැතිව්ස් පවසා ඇත්තේ මෙම තරඟාවලියේ තමන්ගේ හොඳම අවිය ලක්ෂාන් සඳකැන් බවයි.
“චැම්පියන්ස් කුසලානේ ප්‍රබලම අවිය තමයි ලක්ෂාන් සඳකැන් ,එයාගේ තියන පන්දු මිශ්‍රණය එක්ක ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි.මොකද ගොඩක් කණ්ඩායම් සඳකැන් දැකල නෑ ඒ නිසා මම හිතනවා සඳකැන් අපිට හොඳ අවියක් වෙයි කියල.”
“මිනි ලෝක කුසලානෙට කවුරුත් එන්නේ දිනන්න බලාගෙන.අපිත් එහෙම තමයි.මේ තරඟාවලියේදී බලන්න පුළුවන් අපි කොහෙද ඉන්න කියල.”
තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය දකුණු අප්‍රිකාව සමඟින් එළඹෙන තුන්වනදා පැවැත්වීමට නියමිතය.
[rns_reactions]
-
මහින්දගේ සුනඛ පෝතකයා සිරස සටනේදී පචවෙච්ච හැටි මෙන්න! (VIDEO)
මහින්ද රාජපක්ශගේ දශකය තුල නිර්මාණය කල තවත් එක් සමාජ පිළිලයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පසුගියදා සිරස සටන වැඩසටහනේදී දැඩි ලෙස විවේචනයට ලක්විය.
සිය ප්‍රදේශයේ මිනී මැරීම්, කප්පම් ගැනීම්, ස්ත්‍රී දූෂණ, දේපළ හානි රැසකට වගකිව යුතු මෙවන් දේශපාලුවන් පාලිමේන්තුවට එවීමට ජන්දය භාවිතා කල අයවලුන්ගේ දරුවන් පමණක් නොව රටේම දරුවන්ගේ අනාගතය මුන් නිසා නාස්ති වන ආකාරය ඉතා අවාසනාවන්තය.
සනත් නිශාන්ත සිරස සටනේ හැසිරුණු ආකාරය සහ ඔහුගේ පැටිකිරිය පිළිබඳ දැක්වෙන වීඩියෝවක් පහතින් දැක්වේ.
https://www.facebook.com/NewsfirstSL/videos/1527743713952548/
[rns_reactions]
-
හොරු රකින්නේ කවුද? – සරත් විජේසූරියගෙන් පුවත්පතකට හෙළිදරව්වක්
ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපති වරණයෙන් පරාද වුණ මහින්ද රාජපක්ෂ මහතා මැදමූලනට ගියේ තමන්ට, තමන්ගේ පවුලේ සාමාජිකයන්ට, සහෝදර යන්ට සහ තමන්ට සේවය කළ සමීපතමයන්ට නීතියෙන් අවශ්‍ය රැකවරණය ලබා දෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ප්‍රතිඥාවක් ලබා ගෙනය යන්න ප්‍රචලිත වූ ප්‍රවෘත්තියකි. ජනාධිපති වරණයෙන් අනතුරුව බලය අත් නොහරින්නට රජ ගෙදර තුළ කුමන්ත්‍රණයක් සිදු වුණ බව ද කරුණු කාරණ සහිතව වාර්තා විය. මේ කුමන්ත්‍රණය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමි ණිල්ලක් කළේ මංගල සමරවීර මහතාය. අද වන විටත් සිදු කෙරුණ පරීක්ෂණයක් නැත. එවැනි පැමිණිල්ලක් සිදු කළ බවට පුවතක් හෝ අසන්නට නැත. ඒ පරීක්ෂණය නොකරන්නැයි අදාළ අංශවලට උපදෙස් දුන්නේ කවුරුන් ද?
රාජපක්ෂවරුන්ට අනීතිකව සේවය කළ පුද්ගලයන් ජනාධිපති වරණයෙන් අනතුරුව තමන්ට කුමන ඉරණමක් අත්වේවිදැයි භීතිකාවකින් පෙළුණ බව නොරහසකි. එහෙත් වැඩි කාලයක් ගත වෙන්නට මත්තෙන් දූෂණ වංචා සහ අපරාදවලට සම්බන්ධ පුද්ගලයන්ගෙන් සැලකිය යුතු පිරිසක් අලුත් ආණ්ඩුවේ රැකවරණය ලබා ගැනීමට සමත් වන්නේය. තවත් පිරිසක් තමන්ට කිසිවක් සිදු වන්නේ නැත යන විශ්වාසයෙන් පෙර පරිදිම විරාජමානව සිටිනු පෙනේ. තවත් පිරිසක් වත්මන් ආණ්ඩුව දූෂිත බව පවසමින් ආණ්ඩුව පෙරළා දමන බවට අභියෝග කරන තත්වයක් ද විiමාන වේ. මේ තත්වය ඇති කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ අගමැතිවරයා බව පැවසීමට කරුණු කාරණා අණාවරණය වෙමින් තිබේ.අගමැතිවරයාගේ දේශපාලනය
රාජපක්ෂ පාලනය වෙනස් කිරීමට සැබවින්ම උවමනාවක් තිබුණේ මේ රටේ නීති ගරුක පුරවැසියන්ටය. විපක්ෂයට ඒ වෙනුවෙන් වැඩ පිළිවෙළක් තිබුණේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා බලා සිටියේ අධික ණය බරට යටවී රාජ්‍ය පාලනය තව දුරටත් කරගෙන යාමට නොහැකි වූ තැන දී තමන්ගේ අවස්ථාව ලබා ගැනීමටය. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමේ සටනක වික්‍රමසිංහ මහතා නොසිටියේය. සටනකින් තොර බලය ලබා ගැනීම ඔහුගේ කැමැත්ත විය. සටන් කර බලය ලබා ගැනීම තමන්ට අනභිමත බව රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නට පුළුවන. වරක් සරත් ෆොන්සේකාටත්, දෙවනුව මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ජනාධිපති වරණයේ දී තරඟ කිරීමට ඉඩ දෙන්නේ වික්‍රමසිංහ මහතා සටන්කාමී නායකයෙකු නොවන නිසාය. එහෙත් ඔහු රාජ්‍ය පාලනය අපේක්ෂා කළේය. ඒ ආශාව අත් නොහළේය. මහින්ද රාජපක්ෂ සමඟ කළු කෝපි බොමින් තමන්ගේ පැවැත්මට අවශ්‍ය උදවු උපකාර ලබමින්, ඔහුට අවශ්‍ය උපකාර ද කරමින්, කිසි බරක් හිස මතට නොගෙන කිසිවෙකුට රට පාලනය කර ගත නොහැකි තත්වයක් තුළ දී ජනාධිපතිවීම ඔහුගේ සැලසුම වී තිබුණ බව පැහැදිලිය.
වික්‍රමසිංහ මහතා දේශපාලනයට අවතීර්ණ වන්නේ ජනතා බලවේග සමඟ වැඩ කිරීමෙන් නොවේ. ඔහු දීර්ඝ කාලයක් දේශපාලනයේ රැඳී සිටින්නේ පරම්පරාවෙන් උරුම වුණ ඉඩකඩම් බලා හදාගෙන සිටින ඉඩම් හිමි වැවිලිකරුවෙකු ලෙසිනි. පරම්පරාවෙන් උරුම වුණ ඉඩ කඩම් දියුණු කිරීමට කල්පනා නොකරන, ලැබෙන ආදායමෙන් යැපෙන, ආදායමක් නැති වුණ විට දේපළ ටික ටික විකුණා දමා ජීවත්වන, අහිමි වන කිසිවක්ම ගැන කම්පා නොවන හා වගකීමක් නැති, ධනපතියන්ගේ දරුවන් ගැන අපේ සමාජ ඉතිහාසයේ හොඳින් ලියවී ඇත. වික්‍රමසිංහ මහතා ද එබඳු පුද්ගලයෙකු බවය ඔහුගේ දේශපාලන භූමිකාවේ අවසාන කාලය තුළ විදහා පාන්නේ.අගමැතිවරයාගේ න්‍යාය පත්‍රය
තිරු නඬේසන් සමඟ ජනවාරි 08 පාන්දර මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට ගිය වික්‍රමසිංහ මහතා මේ වන විට රාජපක්ෂවරුන්ගේ ගජ මිතුරන් සමඟ පවත්වන සම්බන්ධතා තහවුරු කරන්නේ ඔවුන් සම්බන්ධ දූෂණ වංචා පිළිබඳ සියලු පරීක්ෂණ නිල නොවන අන්දමින් නිමාවට පත් කර තිබෙන බව ද? ශිරන්ති රාජපක්ෂගෙන් කට උත්තරයක් ගැනීමට අදාළ පරීක්ෂණ අංශවලට සිදු වන්නේ කථානායක නිල නිවසට යන්නටය. ඇයට එවැනි වරප්‍රසාදයක් ලබා දීමට හේතුව කුමක් දැයි අගමැතිවරයාගෙන් විමසූ විට පැවසුවේ, හිටපු ජනාධිපතිගේ ඉල්ලීම මත ඒ දේ සිදු කළ බවය. අමාත්‍යවරුන්ට අලුතින් වාහන නොගෙන්වා චෝගම් උළෙලට ගෙනා අධිසුඛෝපභෝගී බෙන්ස් රථ ලබා දිය නොහැකි ද යන්න අගමැතිවරයාගෙන් විමසූ විට ඒ වාහන මහින්ද රාජපක්ෂ අරන් යන්න ඇති කියා කීවේ සිනා රසය දනවමිනි. ඒ වාහන ආපසු ගත යුතු නොවේදැයි විමසූ විට දුන් පිළිතුර කා තුළත් විස්මයකි ඇති කළේ. ඒ පිළිතුර මෙසේය. “අපිට ජනාධිපතිකම දීලා ගියානේ ඒ ඇති”
රාජපක්ෂවරුන්ගේ දූෂණ චෝදනා සහ අපරාද සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සූදානම් නැති බව පෙනේ. මෙතෙක් කල් සිදු කළේ ඔවුන් සම්බන්ධ දූෂණ චෝදනා සහ අපරාද කසල ගොඩක් සේ අවුස්සමින් ජනවාරි 08 වෙනසට කැපවුණ පුද්ගලයන්ට බයිස්කෝප් පෙන්වීමකි. ඒ බයිස්කෝප් පෙන්වීම ද නතර කරන තැනට අගමැතිවරයා පත්ව සිටින බවය පෙනෙන්නේ. එෆ්සීඅයිඩී එක දැනටමත් දිය කර හමාරය. රහස් පොලීසිය අධෛර්යට පත් කරන කටයුතු අපමණය. අගමැතිවරයා සිය අගසව් සේ සලකා කටයුතු කරන සාගල රත්නායක එළිපිටම රාජපක්ෂවරුන්ට හිතෛශීව කටයුතු කරන බවට තොරතුරු කීප වතාවක්ම අනාවරණය වී ඇත.අගමැතිවරයාගේ කැබිනට්ටුව
දූෂණ වංචා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම, නැවත දූෂණ වංචාවලින් තොරව රාජ්‍ය පාලනයට අවශ්‍ය පියවර ගැනීම ජනාධිපති වරයාගේත් අගමැති වරයාගේත් පරම වගකීමකි. මෙහි වැදගත්කම හා අවශ්‍යතාව ජනාධිපති වරයාට සිවිල් සංවිධාන වසරකට වැඩි කාලයක් තිස්සේ පෙන්වා දී ඇත. සිවිල් සංවිධාන නඟන හඬට ඇහුම් කන් දෙමින්, ඔවුන් පෙන්වා දෙන කරුණු කාරණ සලකා බලා ජනාධිපතිවරයා පොරොන්දු වූයේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට පියවර ගන්නා බවයි. කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා කිහිප වතාවක්ම උත්සාහ ගත්ත ද අගමැතිවරයා ඒ සඳහා නිසි සහයෝගයක් නොදක්වමින් කල් මරන අන්දම කනගාටුදායකය. අගමැතිවරයා කැබිනට් සංශෝධනයකට අකමැත්ත පළ කිරීමට හේතු ගණනාවක් පවතින බව පෙනේ. ඒ හේතු අතර ප්‍රධානතම හේතුව වන්නේ රාජපක්ෂ පවුලට රැකවරණය ලබා දීම බව පෙනී යයි. ඵලදායක අන්දමේ කැබිනට් සංශෝධනයක් සිදු වනවා නම් එහිදී නීතිය හා සාමය භාර අමාත්‍යාංශය තීරණාත්මකය. කවර අමාත්‍ය පදවියක් වෙනස් කළත් සාගල රත්නායකගේ අමාත්‍ය පදවිය වෙනස් කිරීමට අගමැතිවරයා එකඟ වන්නේ නැත. ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ අනුමැතිය අගමැතිවරයාට ලැබෙන්නේ ද නැත.අගමැතිවරයාගේ සිහිනය
රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කාලීන අත්දැකීම් තිබෙන දේශපාලනඥයෙකි. ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීමට තිබෙන හැකියාව ගැන ද ප්‍රකටය. එතුමා අගමැති පදවිය දැරූ කෙටි කාලය තුළ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කිසියම් කීර්තියකට හිමිකම් කියන්නේය. යුද්ධය නිමා කිරීමට අදාළව ගෙන ගිය සූක්ෂ්ම වැඩ පිළිවෙළ ද සුළු කොට තැකිය නොහැකිය. රාජ්‍ය පාලනයට කෘතහස්ත අවබෝධයක් තිබේ යයි පොදුවේ විශ්වාසයක් ද රටේ පැවතිණ. කඩා වැටුණ ආර්ථිකය ගොඩ නැඟීිමට එතුමා සමත් වනු ඇත යන අපේක්ෂාවක් ද පොදුවේ පුරවැසියන් තුළ තිබුණි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාට එක් වතාවක් හෝ රටේ ජනාධිපති පදවිය දැරීමට අවස්ථාවක් නොලැබිණි. එතුමාට පසුව කරළියට පැමිණි තිදෙනෙක් ජනාධිපති පදවිය දැරීමට වරම් ලැබූහ. මධ්‍යස්ථව කරුණු සලකා බලන විට වික්‍රමසිංහ මහතාට මේ සම්බන්ධයෙන් දැඩි මානසික පීඩනයක් තිබෙනවා යයි සිතිමට පුළුවන. එබැවින්ම ලබන වතාවේ දී කෙසේ හෝ මම රටේ ජනාධිපති වෙමි යන සිහිනය වික්‍රමසිංහ මහතාට තිබෙනවා විය හැකිය. ඒ සිහිනය සාක්ෂාත් කර ගැනීම පිණිස මහින්ද රාජපක්ෂ සිය සහයෝගය ලබා දීමට කැමති වී තිබෙනවා ද විය හැකිය. තමන්ට යළි රට පාලනය කිරීමට මොනම විදිහකින් හෝ වරමක් නොලැබෙන බව කාටත් වඩා හොඳින් දන්නේ මහින්ද රාජපක්ෂය. ඔහු මේ අවස්ථාවේ අගමැතිවරයා වෙනුවෙන් කළ හැකි හැම මෙහෙවරක්ම කරමින් තමන්ගේ, තම භාර්යාවගේ, තම දරුවන්ගේ ඉරණම විසඳා ගැනීම, එකම අරමුණ බවට පත් කරගෙන සිටිනවාට සැකයක් නැත.
ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක අගමැති වීම වික්‍රමසිංහ මහතා දකින එක් සිහිනයකි. අනෙක් සිහිනය වන්නේ ශ්‍රීලනිපය දෙකඩ කර ජනාධිපති පදවිය ලැබීමේ සිහිනයයි. වික්‍රමසිංහ මහතා වැඩි කැමැත්තක් දක්වන්නේ දෙවනුව සඳහන් කළ සිහිනය දැකීමටය. ඒ සිහිනය පහසුවෙන් සුව නින්දක් තුළ දී දැකිය හැකිය යන්න අගමැතිවරයාගේ තේරුම් ගැනීම වන්නට පුළුවන. මේ සිහිනය වෙනුවෙන් අගමැතිවරයා උපදෙස් ගැනීම සඳහා මහින්ද ඳී බැසිල් පරිහරණය කළ පොත තෝරා ගෙන ඇති බව පෙනේ. එය නම් ජයග්‍රහණය වෙනුවෙන් අසීමිතව ධනය වැය කිරීමය. බැඳුම්කර වංචාව රටට රහසක් නොවනවා මෙන්ම අර්ජුන අලෝසියස්ගේ මාධ්‍ය ජාලය හා අරක්කු කොම්පැණිය ද මේ වන විට රටට රහසක් නොවේ. කනගාටුවෙන් වුව කිව යුතු වන්නේ මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට ධන බලයෙන් 2015 දී දිනන්නට බැරි වුණ බව අගමැතිවරයාට අමතක වී තිබෙන බවයි. ඒ කාරණාව අගමැතිවරයා තේරුම් ගත යුතුය. එසේ නම් වෙනත් ප්‍රබල සැලසුමක් අවශ්‍ය වන්නේය. ඒ කුමක් ද? එබඳූ සැලසුමක් ගැන ද අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇති බව පෙනේ.අගමැතිවරයාගේ ප්‍රතිවාදියා
ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට හැකි වුවහොත් විධායක ජනාධිපති පදවිය අහෝසි වන්නේය. ඉක්බිතිව රාජ්‍ය පාලනය සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමය සිදු වන්නේ. ව්‍යවස්ථාව වෙනස් කළහොත් එහි ගෞරවය හිම වන්නේ ජනාධිපතිවරයාටය. රටේ සියලු ප්‍රගතිශීලී බලවේග එකතු වන්නේ ජනාධිපතිවරයා සමඟය. පාර්ලිමේන්තු මැතිවරණ යකින් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණය නිසැකවම හිමි වන්නේය. වික්‍රමසිංහ මහතාගේ ගජමිතුරු කැළ මැතිවරණයක දී එතුමා දැනටමත් පරාද කොට අවසන්ය.
ඊළඟ මැතිවරණයකට තරඟ කිරීමට මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ කැඳවා ගැනීම අගමැතිවරයාගේ සැලැස්මේ ලියවී ඇතුවාට සැකයක් නැත. මහින්ද රාජපක්ෂ කරළියට එන්නේ අගමැතිවීමට නොව, මෛත්‍රීපාල සිරිසේන මහතා පරදවා වික්‍රමසිංහ මහතාට සිය යුතුකම ඉටු කිරීමටය. එහිදී මහින්ද රාජපක්ෂ එක ගලෙන් ද්විත්ව ඵල නෙළා ගැනීමට කල්පනා කරනු ඇත. එකක් මෛත්‍රීගෙන් පළිගැනීමය. අනෙක රනිල්ට කෘතගුණ දැක්වීමය. කිසියම් හේතුවක් නිසා, විස්මය ජනක ප්‍රාතිහාර්යකින් හෝ මහින්ද රාජපක්ෂගේ දරුවන් සහ බිරිඳ අධිකරණයෙන් දඬුවම් ලැබීම ඉරණම බවට පත්වුවහොත් මහින්ද රාජපක්ෂට තව දුරටත් දේශපාලනය කළ හැකි තත්වයක් ඉතිරි වන්නේ නැත. අගමැතිවරයා රාජපක්ෂ පවුලට රැකවරණය ලබා දීමේ අවකාශය දුර්වල වුවහොත් මේ තත්වය ඇතිවීම අනිවාර්ය වේ. එවිටත් පාර්ලිමේන්තු මැති වරණයකට හෝ ජනාධිපති වරණයට ප්‍රතිවාදියා මෛත්‍රී විය හැකිය. මෛත්‍රී පරාද කිරීමට උපක්‍රමයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ කැඳවීම වික්‍රමසිංහ මහතාට තිබෙන අවසන් තුරුම්පුව වන්නේය. රට පාලනය කිරීමට නීති ගරුක පුරවැසියන් ගෝඨාභයට වරමක් ලබා දෙන්නේ නැත. ඒ බව වික්‍රමසිංහ මහතාම හොඳින් තේරුම් ගෙන තිබෙනවා විය යුතුය. එහෙත් ශ්‍රීලනිපයේ සිංහල බෞද්ධ ඡන්දවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂට ලබා ගැනීමට හැකි වනු ඇත. විධායක අගමැතිවීම හෝ විධායක ජනාධිපතිවීම යන දෙකෙන් එකකට වික්‍රමසිංහ මහතාට ගෝඨාභය අධිකරණ ක්‍රියා මාර්ගවලින් ඉවත් කොට රැක ගැනීමේ උවමනාව එය වන්නට පුළුවන.අගමැතිවරයාගේ ඉරණම
අගමැතිවරයා කිසියම් ක්‍රමවේද ඔස්සේ රටේ ආර්ථිකය යම් අන්දමකට ඉහළට ඔසවා ණය බර අඩු කළහොත් එය ඊළඟ මැතිවරණයක දී වැදගත් වන්නේය. එහෙත් මේ වන විට අගමැතිවරයා ජනතාවගේ විශ්වාසය පළුදු කරගෙන තිබෙන අන්දම ශෝචනීය වේ. අගමැතිවරයා සිවිල් සංවිධාන දිගින් දිගටම රවටමින් දූෂිතයන් හා අපරාදකාරයන්ට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් පවතින පිළිකුළ තව තවත් මෝරනු නියතය.ගත වුණ වසර දෙක තුළ එජාපයේ ඡන්ද පදනම දෙදරා තිබෙන අන්දම ගැන නිසි අවබෝධයක් අගමැතිවරයාට නැත. පසු පෙළ මන්ත්‍රීවරුන් සමඟ යහපත් සන්නිවේදනයක් නැතිකම හේතුවෙන් එජාපයේ ඡන්ද පදනම මැතිවරණයක දී හොඳටම දුර්වල වීමට තිබෙන ඉඩකඩ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩිවෙනු ඇත. අගමැතිවරයාට තම ඉරණම වෙනස් කර ගැනීමට තවමත් කාලය හොඳටම ඉතිරිව තිබේ. කිව යුතු වන්නේ ප්‍රමාදය හා කල්මැරීම මෙන්ම නූල් සූත්තර වැඩ, අගමැතිවරයාගේ ඉරණම තීරණාත්මක අවස්ථාවක් කරා ළඟා කරමින් තිබෙන බවය.
රාජ්‍ය පාලනයට වරමක් ලැබුණ කවර පාලකයෙකු හෝ කළ යුත්තේ රාජ්‍ය පාලනයයි. ලබන වතාවේ බලය ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීම භාර දිය යුතු වන්නේ මහ ජනතාවටය. අගමැතිවරයා ජනවාරි 08 ප්‍රතිඥාවලට පිටු පාමින් 2020 දී ජනාධිපති වීම ගැන හෝ අගමැති වීම ගැන සිතනවාට වඩා වැදගත් වන්නේ නීතිය මත රට පාලනය සඳහා අවශ්‍ය සම්ප්‍රදායන් ප්‍රතිෂ්ඨාපනය උදෙසා කැපවීමටය. 2020 දී බලය ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය සමඟ පොර බදන කවරෙකු වුව තමන්ගේ ජීවිතය අනිත්‍ය බව ද තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත්ය.■මහාචාර්ය සරත් විජේසූරිය (උපුටාගැනීම රාවය)
-
ලංකාවෙන් යන්න කළින් නායක මැතිව්ස් ගැන සුපිරි ක්‍රිඩක අසේල කිව්ව කතාව..
https://www.youtube.com/watch?v=K7EhzqnOySI
[rns_reactions]
-
පිරිමියෙක් කෙල්ලෙක්ව දැක්කාම මුලින්ම බලන දේවල් මෙන්න..
ගැහැණු වගේ නෙමෙයි බොහෝ පිරිමින්ගේ වැඩ, කතාව කෙලින්. තමන්ට හිතෙන දේ කෙලින්ම කියලා දානවා. කරන්න හිතෙන දේ හොඳ හරි නරක හරි කරලා දානවා. ගැහැණු වගේ වහෙන් ඔරෝ වැඩ කතා පිරිමින්ගේ නැහැ. මේ ගතිගුණ බොහෝ පිරිමින්ගේ තියෙනවා වුනාට, එහෙම නැති පිරිමිත් ඉන්නවා.
එදිනෙදා ජීවිතයේදී අපිට විවිධ විදිහේ පිරිමි මුණ ගැහෙනවා. පිරිමියෙක් දැක්කහම ගැහැණු ඉස්සෙල්ලාම බලන්නේ මොනවා දිහාද? ඒකට උත්තරයක් දෙන්න පුළුවන් ද?
පිරිමියෙක් ගේ ආකර්ෂණය ඉස්සෙලම දිනාගන්න ගැහැණියකගේ අවයව මොනවාද?ඔබට එක එක දේවල් හිතෙනවා ඇති..පිරිමියෙක් ගැහැනියක දැක්කහම ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ දේවල් දිහා…
1. සිනහව
හිතාගන්න අමාරුයි නේද? හැබැයි ගැහැණියකගේ ලස්සන හිනාවට තමයි මුලින්ම පිරිමියෙක්ගේ හිත යන්නේ. අවංක ලස්සන සිනහවකට පිරිමින් විශේෂ කැමැත්තක් දක්කවනේ එවැනි ගැහැණු එක්ක ඉතා ඉක්මනින් හිතවත්කමක් ඇති කරගැනීමට එය ඔවුන්ට ශක්ති ජනකයක් විදිහට කටයුතු කරන නිසා. ඉතින් හැම විටම අවංකව හිනා වෙන්න කව්ද දන්නේ, ඔබේ ඒ ලස්සන සිනහවට පිස්සු වැටෙන පිරිමියා කොයි මොහොතේ ඔබේ ඉදිරියට එයි ද කියලා.2. ඇස්
කෙනෙක්ගේ ආත්මය කියාපාන කැඩපත ඔහුගේ හෝ ඇයගේ ඇස් දෙක කියලා කතාවක් තියෙනවානේ. ඉතින් 70%ක් ම පිරිමින්ගේ මුල්ම ආකර්ෂණයට ලක් වෙන්නේ ගැහැණුන් ගේ ඇස් දෙක ලු. ලස්සන ගැහැණු ඇස් වලට පිරිමි කැමති නිසාම ඇස් විරුද්ධ ලිංගිකයන් එකිනෙකාට ආකර්ෂණය කරන කාන්දම් වගේ ලු.3. කොණ්ඩය
සැලෝන් එකට ගිහින් පැය ගානක් නාස්ති කරන එක අපතේ යන්නේ යන්නේ නෑ. ලස්සන නිරෝගී පෙනුමැති දිගු හිසකෙස් වලට පිරිමි හරිම කැමතියි. කාන්තාවකගේ හිසකෙස් වල පිළිවෙල ලස්සනට ඔවුන් මුලින්ම ආකර්ෂණය වෙනවලු. ඒ සෞඛ්‍ය සම්පන්න බවත් තරුණ බවත් එමගින් නිරුපනය වෙනවා කියලා ඔවුන් හිතන නිසා.4. ශරීර බර
හිතා ගන්න බැරි වුනත් පිරිමි කාන්තාවක් දැක්ක ගමන්ම ඇගේ ශරීර බර ගැනත් සැලකිල්ලක් දක්වනවා. පිරිමි බොහොමයක් වැඩි කැමැත්තක් දක්වන්නේ පිරිපුන් ශරීර හිමි ගැහැනුන්ට ලු.5. ලැම
මොන පිරිමියා වුනත් මුලින්ම බලන්නේ කාන්තාවන්ගේ ලැම දිහා කියලා කතාවක් තිබුනට ඒ ඇත්ත නෙමෙයි. පිරිමියෙක් ගැහැණියෙක් ගේ ලැම දිහා බලන්නේ ඇගේ සිනහව, ඇස් දිහා බැලීමෙන් අනතුරුවලු. තරුණ බවත් ජනක ශක්තියත් නිරුපනය කරන නිසාලු ගැහැණු ලැම ඔය තරම්ම පිරිමින් ආකර්ෂණය කරන්නේ. නමුත් ඉතින් එක එක්කෙනාගේ රුචිකත්වය එකිනෙකාට වෙනස් කියලත් කතාවක් තියෙනවනේ.6. කෘතීම බව
ඔබ කොයි තරම් කෘතීම ද කියලා පිරිමින් ඉක්මනින්ම තේරුම් ගන්නවා. අද කාලේ බොහොමයක් දෙනා කෘතීම ඇස් පිහාටු, නියපොතු වගේ දේවල් පාවිච්චි කරනවා ලස්සන වැඩි කර ගන්න. ගැහැණුන්ගේ කෘතීම ලස්සන කියන්නේ පිරිමින්ට විය හියදම් වැඩි ගැහැනියක් කියන එක. ඒක නිසාම පිරිමි වැඩියෙන් කැමති ස්වභාවික ලස්සන ඇති ගැහැනුන්ට.7. පාද
දිග, නිරෝගී පෙනුම ඇති ගැහැණු පාද දිහා පිරිමි මුලින්ම බලනවලු. ඒ වගේම ශක්තිමත් උකුලක් හිමි ගැහැණු වෙතත් පිරිමින්ගේ ඇස් යනවා. එයත් වැඩි ජනක ශක්තියත් නිරුපනය කරනවලු.8. සම
පැහැපත් නිරෝගී සමක් දිහා මුලින්ම පිරිමි බලනවා ලු. ඉතින් සම නිරෝගිව සුමුදුව තියාගන්න මහන්සි වෙන එක හොඳයි.9. ඇඳුම්
ගැහැණු අඳින පළදින විදිහත් මුලින්ම පිරිමින්ගේ ආකර්ෂණය දිනාගන්නවා. ඕනෙම දේක රහස් තනියම හෙළි කරගන්න පිරිමි කැමතියි. ඒ නිසාම නිරාවරණය වුණු ඇඳුම් වලට වඩා ශරීරය නිවැරදිව ආවරණය වන විදිහට විලාසිතා කරන ගැහැනුන්ට පිරිමි විශේෂයෙන් කැමතිලු.මේ කාරනා කොහොම වුනත් කලින් සඳහන් කළා වගේ එක එක්කෙනාගේ රුචිකත්වය වෙනස්.
[rns_reactions]
-
සියදිවි නසාගත් කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවිය මියයන්න කලින් වෙච්ච දේවල් හෙළිවෙයි
පසුගිය 15 වනදා තම නිවසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන මිය ගිය කොළඹ විදුහලක 15 හැවිරිදි සිසුවියගේ මරණය ගැන සාක්ෂි විභාගයේ දී කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.
එම සාක්‍ෂි විභාගය පැවැත්වුණේ කළුබෝවිල රෝහල් උසාවියේදීයි.
දිවිනසාගෙන ඇත්තේ කොළඹ 05, විජය කුමාරතුංග මාවතේ පදිංචිව සිටි සචින්තනා නමැති 15 හැවිරිදි සිසුවියක්.
හදිසි මරණ පරීක්‍ෂකවරයා හමුවේ පැවැති සාක්‍ෂි විභාගයේ දී මියගිය දැරියගේ මව- තනුජා තුෂාරී කාරියවසම් එදා සිදු වූ දේ පවසා තිබෙනවා.
“කොළඹ විදුහලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු දුවට වෙනත් අසනීපයක් තිබුණේ නැහැ. ඇගේ පසුපස පිරිමි ළමයකු එන බව මට දැනගන්න ලැබුණා. මම ඇයට අවවාද කළා. දවසක් මගේ ෆෝන් එකටත් කෝල් එක්‌ක ආවා.”
“අනතුරුව මා ඇයගේ ක්‌ලාස් එක ළඟටත් නිතර ගියා. පසුගිය දිනක මගේ ෆෝන් එකට SMS එකක් ආවා. එහි තිබුණේ “හාද” කියලයි.”
“මට සද්දයක් ආ නිසයි බැලුවේ. ඊට පෙර SMSවලට ඇය පිළිතුරු යවා ඒවා ඩිලීට් කරන්න ඇති කියලා හිතනවා. මම ඇයට අවවාද කර කීවා මීට පස්‌සේ මගේ ෆෝන් එක ගන්න එපා කියලා.”
‘ඊට පහුවදා දවස පුරාම දුව කාමරයට වෙලා හිටියා. ඇය කතා කළේ ම නැහැ. මම හවස ආයේ ඇයගෙන් ඇහුවා කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. ඒත් ඇය කතා කළේ නැහැ. මට එයාගේ හැසිරීමට කේන්ති ගියා. මා පාරවල් දෙකක් ඇයට ගැහුවා. ඊට පසුව ඇය කාමරයේ දොර වසා ගත්තා.”
“මීට පෙර ඇය තම අත පිහියකින් සූරාගෙන තිබුණා. මම එවෙලෙත් ඇහුවාම කිව්වා කේන්තියට මම කපාගත්තා කියලා. කාමරයේ දොර වහගත්තාට පසු මමයි, අනෙක් දුවයි දෙන්නම උත්සාහ කළා දොර ඇරගන්න. ඒත් ඇය දොර ඇරියේ නැහැ. ලොකු දුව කණ්‌නාඩියක් දොර අස්‌සෙන් දාලා බැලුවා. ඇගේ කකුල් දෙක පමණයි දුටුවේ.”
” අපිට බය හිතුණා. පසුව උඩ ඉන්න ගේ අයිති අයියලාට අපි කතා කළා. අනතුරුව ඔහු පැමිණ කාමරයේ දොර කඩා බැලුවා. එහිදී මම දැක්‌කා දුව කාමරයේ එල්ලී සිටිනවා. පසුව ගෙවල් ළඟ අයයි මමයි එකතු වෙලා දුව කළුබෝවිල රෝහලට රැගෙන ආවා. රෝහලේදී දැනගත්තා දුව මියගොස් ඇති බව. ඇය විසින්ම මේ දේ කරගත් බව මට විශ්වාසයි.”
මෙම මරණය සිත් තැවුලක් හේතුවෙන් දිවි නසා ගැනීමක් බව කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තීරණය කළේ ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙනයි.
මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළේ ද කළුබෝවිල රෝහලේදී.
[rns_reactions]
-
අබ්දුල් කලාම්ට ගෞරවයක් ලෙස දහඅට හැවිරිදි ඉන්දීය තරුණයා කල සුපිරි නිර්මාණය
දහඅට හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකු විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවක් ඇමරිකාවේ නාසා මධ්‍යස්ථානයේ දී ජුනි මස අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය.
එය ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව විය හැකි බව විශ්වාස කෙරේ.
රිෆාත් ශාරුක් විසින් නිර්මාණය කරන ලද ග්‍රෑම් 64 ක් බරින් යුතු මෙම උපාංගය තරුණ නිර්මාණ ශිල්පීන් අතර තරගයකින් පළමු ස්ථානයට තෝරා ගැනිණි.
සිය ප්‍රධාන අරමුණ 3-D තාක්ෂණයෙන් මුද්‍රිත කාබන් වස්තුවක් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ප්‍රදර්ශනය කිරීම වනබව රිෆාත් ශාරුක් පවසයි.
තම නිර්මාණය පෘථිවියේ උප කක්ෂයක පැය හතරක මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශ ගත කෙරෙනු ඇතැයි බව රිෆාත් ශාරුක් ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කළේය.
ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන එරට හිටපු ජනාධිපතිවරයෙකු වූ අබ්දුල් කලාම්ට ගෞරවයක් වශයෙන් චන්ද්‍රිකාව ‘අබ්දුල්සැට්’ ලෙස නම් කර ඇත.
කෝඩුකාර විද්‍යාඥයෙකු වන රිෆාත් තමිල්නාඩුවේ කුඩා ගම්මානයකින් පැමිණි අයෙකි.මේ වන විට ඔහු තමිල්නාඩුව මූලස්ථානය කර ගත් ‘Space Kidz India’ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥයා වශයෙන් කටයුතු කරයි.
‘Space Kidz India’ දරුවන් සහ නව යෞවනයන් අතර විද්‍යාව සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනු ලබන ආයතනයකි.
මෙය රිෆාත්ගේ පළමු නිර්මාණය නොවේ.
පහළොස් වියේ දී ඔහු විසින් ජාතික මට්ටමේ තරුණ විද්‍යාඥයන්ගේ තරගයකට ඉදිරිපත් කිරීම සඳහා කාලගුණය නිර්ණය කිරීමට යොදා ගනු ලබන හීලියම් බැලුනයක් නිර්මාණය කළේය.
(BBC)
[rns_reactions]
-
සැවොම හඩවමින් පිලියන්දලදී වෙඩි වැදුණු සිසුවිය අවසන් ගමන් යයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල මොරටුව පාරේදී ඉකුත් 9 වැනි දා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කොළඹ රත්නාවලී බාලිකාවේ 12 හැවිරිදි සිසුවිය අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ දී මිය ගියාය.
මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් බවට සැකකරන පිරිසක් එල්ල කළ එම වෙඩි ප්‍රහාරයේ දී සිය පියාගේ ව්‍යාපාරික ස්ථානයේ දී මෙම සිසුවිය ඇගේ වැඩිමහල් සහෝදරයා සහ බාල සහෝදරිය තුවාල ලැබුවාය. වැඩිමහල් සහෝදරයා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබයි.
[rns_reactions]


