Tag: featured

  • භාණ්ඩ 6600කට ජී එස් පී ප්ලස් බදු සහනය අද(19) සිට….

    යුරෝපා සංගමය විසින් ලබාදෙන ජී එස් පී ප්ලස් බදු සහනය අද (19) සිට ශ‍්‍රී ලංකාවට හිමි වනවා.  

    2021 වසර දක්වා මෙම බදු සහනය ශ‍්‍රී ලංකාවට හිමිවන බවයි යුරෝපා සංගමය සඳහන් කළේ. 

    මෙම සහනය නිසි ලෙස භාවිත කිරීමෙන් ශ‍්‍රී ලංකාවට තවත් සහන රැසක් ලබාගත හැකි බවද එම සංගමය සඳහන් කළා.
     
    මේ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පැවසුවේ භාණ්ඩ 6600කට ජී එස් පී ප්ලස් බදු සහනය හිමිවන බවයි. 

    මේ යටතේ පළමු වර්ෂයේ දී පමණක් ඇගළුම් ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා විසිදහසක් හිමිවන බවයි ඔහු කියා සිටියේ. 

    මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නොව මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ටද ජී එස් පී ප්ලස් බදු සහනය හරහා වාසි අත්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ජී එස් පී ප්ලස් බදු සහනයෙන් වැඩිම ප‍්‍රතිලාභ හිමි වන්නේ ධීවර ප‍්‍රජාවට බවයි. 

    [rns_reactions]

  • කිරිබත්ගොඩ තොරණ කඩා වැටෙයි – මහරගම තොරණත් අවදානම්

    කිරිබත්ගොඩ නගරයේ ඉදිකර තිබූ වෙසක් තොරණ කඩා වැටීමෙන් වාහන කිහිපයකට අලාභහානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

    අදාළ සිද්ධියෙන් කිසිඳු පුද්ගල හානියක් සිදුව නොමැති බවත් අසල තිබූ වාහන 4ට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් වාර්තා වේ.

    මේ අතර මහරගම නගරයේ ඉදිකර තිබෙන තොරණද ඇලවීමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වේ.

    මේ හේතුවෙන් ඒ අවට නවතා තිබූ වාහන ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

    [rns_reactions]

  • රන් බිස්කට් සමග පොට්ට නවුෆර්ගේ බිරිඳ අත්අඩංගුවට…

    පොට්ට නවුෆර් හෙවත් මොහොමඩ් නියාස් නවුෆර් නමැත්තාගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ පොලිසිය අද අලුයම සිදු කළ හදිසි වැටලීමකින් අනතුරුවයි.

    ඇය අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ ලක්ෂ 50ක් වටිනා රත්තරන් බ්ස්කට් 06ක් සන්තකයේ තිබූ බවයි වාර්තා වෙන්නේ.

    විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට වැරැදිකරු වී මරණ දණ්ඩනයට නියමව මේ වනවිට බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නවුෆර් වකුගඩු රෝගී තත්ත්වයකින් ද පෙළෙයි.

    [rns_reactions]

  • හොඳම කණ්ඩායම කුසලානය රැගෙන එන්න පිටත් වෙයි (PHOTOS)

    ශූරයන්ගේ කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (18) පෙරවරුවේ දිවයිනෙන් නික්ම යනවා.

    ඇන්ජිලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට ක‍්‍රීඩකයින් පහලොස් දෙනෙකු ඇතුළත්.

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සඳහන් කළේ ඉකුත් කාලයේදී ක‍්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක් වුව ද මෙවර තරගාවලියට හොඳම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට හැකිවී ඇති බවයි.

    මෙවර තරගාවලිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම තබා ඇති බලාපොරොත්තු පිළිබඳව ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල අදහස් දැක්වූවා. 

    එහිදී ඔහු සඳහන් කළේ මෙම කුසලානය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අවශ්‍ය සියලු පසුබිම මේ වන විට සකස් කර ඇති බවයි.

    [rns_reactions]

     

  • අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    අද (18) සහ හෙට (19) යන දෙදින තුළ  දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමංත්‍යංශය තීරණය කර තිබේ.

    දිවයින පුරා සීග්‍ර ලෙස පැතිර යන ඩෙංගු රෝගී තත්වය පාලනය කිරීම සඳහා මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

    ඩෙංගු අධි අනවධානම් කලාප ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 43,915ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 125ක් වාර්තා වී තිබේ.

    දිස්ත්‍රික්ක 13ක ඩෙංගු පැතිරයාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

    කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මඩකළපුව, කල්මුණේ , කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, යාපනය, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබේ.

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව පළාත් පාලන ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ සහය ඇතිව අද සහ හෙට මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    [rns_reactions]

  • 30 වසරක ඓතිහාසික යුධ ජය සමරණ ජාතික යුධ විරු සැමරුම හෙට…

    ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

    ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කළේය.

    [rns_reactions]

  • එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීමේ උත්සවයට අධිකරණය තහනම් නියෝග..

    මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ අද (18) පැවැත්වීමට නියමිත මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීමේ උත්සවය එම ස්ථානයේ පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා.

    ඒ අනූව අදාළ උත්සවය එම වෙරළ තීරයේ නොපවත්වා එය ආසන්නයේ ඇති දේවස්ථානයේ පවත්වන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

    ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.  

    යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාව සිහි කරමින් සංවිධාන කරන ප‍්‍රධාන සැමරුම් වැඩසටහන මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී අද පැවැත්වීට සූදානම් කර තිබෙන්නේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප‍්‍රධානත්වයෙන්.

    මීට සමගාමීව මිය ගිය දෙමළ ජනතාව සිහිපත් කරමින් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ යුධ ස්මාරකයක් ඉදි කිරීම ආරම්භ කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

    අද පෙරවරු 9.30 ට සමරුම් වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් කර තිබෙන බව උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ සිවාජිලිංගම් සඳහන් කරයි. යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාවගේ නම් ගල් පුවරු 500 ක සටහන් කර එයින් සැමරුමක් ඉදි කිරීමටද සැළසුම් කර තිබෙනවා. 

    [rns_reactions]

  • මිතුරන් සමග සැලසුම් සාදා පෙම්වතිය බිය ගැන්වීමට වස පානය කල තරුණයාට වෙච්ච දේ…

    මේ ලෝකේ විවිධ පුද්ගලයින් එක එක විදියට ආදරය හොයාගෙන යනවා. ඒ ආදරේ නිසා ජීවිතේ ජයගන්න මිනිස්සු වගේම ජීවිතේ නැතිකරගන්න අයත් ඉන්නවා.

    තරුණ කාලයේදී මේ ආදරේ ගැන ප්‍රශ්න ගොඩ දෙනෙකුට තියෙනවා. ඒ නිසාම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් ගන්න සමහර හිතුවක්කාර තීරණ නිසා ජීවිත කාලේම දුක් විඳින්නේ ඔවුන් විතරක් නෙවෙයි. තමන්ගේ දෙමාපියන් වගේම ඔහුට ආදරේ කරපු හැමෝම මේ හින්දා පසු තැවෙනවා.

    ඒ විදියට තමන් ආදරේ කරපු පෙම්වතිය බය කරන්න හිතාගෙන වස පානය කරපු තරුණයෙන් අවාසනාවන්ත විදියට මියගිය පුවතක් ගැන අපිට අහන්න ලැබුණා. ගෙදර හිටපු එකම පුතා තමයි ඔහු. අම්මා තාත්තගේ ආදරේ එක්ක හැදුණේ ඉගෙනීමටත් උපන් හපන්කම් දක්වමින්.

    අපොස සාපෙල වගේම උසස්පෙලත් ඉහළින්ම සමත්වෙලා තිබුණු මේ තරුණයා පහුගිය දවසක තමන්ගේ පෙම්වතිය බය කරන්න හිතලා ඒ ගැන යාලුවොත් එක්ක සැලැස්මක් හැදුවා. හැබැයි මේ වැඩේ කලේ විහිළුවකට නෙවෙයි, පෙම්වතිය එක්ක තිබුණු ප්‍රශ්නයක් හින්දා ඒක විසඳගන්න හිතාගෙන කියලා තමයි ඔහුගේ ළඟම මිතුරෙක් අපිට කීවේ.

    ඒ විදියට වැඩේ සැලසුම් කරලා වහ ටිකක් කටට දාගත්තේ මැරෙන්න හිතාගෙන නෙවෙයි, හැබැයි ඔහු දන්නෙම නැතිව ඒක ඔහුට විෂ වුණා.

    “ඉක්මනට යමන් ඉශාරයෝ මට ටිකක් අමාරුයි කියලා” ඔහු මිතුරෙකුට කීවේ තමන් රෝහලට අරන් යන වෙලාවේ. කොණ්ඩෙත් හද හද එහෙම ගියපු තරුණයා අන්තිමේදී පෙම්වතියට බය කරන්න බීම වස නිසා මේ ලෝකේ දාලා ගියා.

    කොහොම හරි අන්තිමේදී තමන්ව උස් මහත් කරලා අමාරුවෙන් හදපු අම්මා තාත්තට මේ තරුණයා නිසා හිමිවුනේ කඳුලු විතරයි. ආදරේ කියලා මේ වගේ හිතුවක්කාර තීරණ ගන්න කලින් දෙපාරක් හිතුවානම් අර අහිසංක අම්මා තාත්තා අදටත් හිනාවෙලා ඉන්නවා.

    [rns_reactions]

  • බොදු බල සේනාව හා මනෝ ගනේෂන් මුහුණට මුහුණ…(video)

    රටේ සිංහල බෞද්ධ ජනතාවට තමා පිළිබඳ විශ්වාසයක් ඇති බව ජාතික සහජීවනය,සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.

    බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් අද පෙරවරුවේ අමාත්‍යවරයා හමු අවස්ථාවේදී ඔහු මේ බව පවසා සිටියේය.

    මෙරටේ ජාතික සහජීවනය මෙන්ම සංහිඳියාව ඇති කිරීම පිළිබඳව දීර්ඝ ලෙස මෙමහිදී  සාකච්ඡාවූ බව පැවසූ අමත්‍යවරයාවැඩිදුරටත් මෙසේද පැවසීය

    බෞද්ධ නොවන මම බෞද්ධයෝ ගැන හොයලා බලනවා. සිංහල ජනතාව අතර ඉන්න ඔවුන් පිළිබඳ හොයලා බලන දමිළ ඇමතිවරයෙක් මම. ඒගැන මට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ රටේ කිසිම පුද්ගලයෙකුට ජාතියක් නිසාවෙන් අසාධාරණයක් නොවීමට වගබලාගැනීම මගේ වගකීමක්.

    [rns_reactions]

  • සිසුන් නිති කැඩුවොත් ගහන්න – අධිකරණයෙන් පොලිසියට උපදෙස්..

    දැන් පැවැත්වෙන සයිටම් විරෝධී පාගමන වළක්වන ලෙස පෑලියගොඩ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර මහත්මිය එම සිසුන් නීති විරෝධීව හැසිරෙන්නේ නම් පොලිස් බලතල පාවිච්චි කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නාය.

    [rns_reactions]

  • විහාර මහා දේවී උද්‍යානයටත් කඳුළු ගෑස් ප්‍රහාර..

    කොළඹ කොටුවේ සිට පැමිණි සයිටම් විරෝධීන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පිරිස පුරහල දෙසට පැමිණීමත් සමගින් පුරහල ඉදිරිපිට මාර්ගය මාර්ග බාධක යොදා වසා දමන ලදි. 

    පුරහල ඉදිරිපිට පොලිස් කැරලි මර්දන රථ නවතා ඇති අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක් පෙන්වූවේය.

    එක් මංතීරුවක කැරලි මර්දන රථ නවතා තිබූ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෙන්වූ උසාවි නියෝගය නොසලකා කැරලි මර්දන රථ මගහරිමින් පුරහල දෙසට ගමන් කිරීමට විරෝධතා කරුවෝ උත්සාහ ගත්හ.

    ඉන්පසු පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විරෝධතාකරුවෝ විහාර මහා දේවී උද්‍යානය තුළට පැනගත්හ.

    පොලිසිය මේ වන විට විහාර මහා දේවි උද්‍යානය තුළටද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී. උද්‍යානයේ සිටි සාමාන්‍ය ජනතාවද කඳුළු ගෑස් වැදීමෙන් අපහසුතාවට පත්ව සිටිති. 

    [rns_reactions]

  • අධිකරණ නියෝගය නොතකා අන්තරේ ලහිරු ප්‍රමුඛ පෙරටුගාමින් මහ පාරට..

    සයිටම් ජන සතු කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාව පස්වරු 2.00ට පමණ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතය.

    පෙළපාලි පැවැත්විම සහ පා ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙක් අහඟහරුවාදා (16) තහනම් නියෝග නිකුත් කර තිබියදීත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී  කම්ටු සාමාජිකයෝ සහ පෙරටුගාමි පක්ෂයේ සාමාජිකයින්  200 පමණ සයිටම් වි⁣⁣රෝධි පා ගමන යාම සඳහා කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටිති.

    [rns_reactions]

     

  • දෝණිගේ අනපේක්ෂිත ප්‍රහාරයෙන් මහේල ප්‍රමුඛ මුම්බායි පිලේ කුසලාණ සිහිනය පමා වේ…

    අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැති අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ලකුණු 20 ක ජයක් හිමිකරගත් ස්ටීවන් ස්මිත් මෙහෙයවන  රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට  සමත්විය.
    ජයග්‍රහණය සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.
    හුදකලා සටනක නිරතවූ ආරම්භක පිතිකරු  පාර්තිව් පටෙල්ට අනෙක් පිතිකරුවන්ගෙන් නිසි සහයෝගයක් නොලැබීම හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිලට සිදුවිය. පන්දු 43 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 52 ක් රැස්කිරීමට පාර්තිව් පටෙල් සමත්විය.
    වොෂිංටන් සුන්දර් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 4 කදී ලකුණු 16 කට මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකු දවාගැනීමට සමත්විය. ශාර්දුල් ඨාකූර්ට ඕවර 4 ක් යවමින් ලකුණු 37 කට කඩුලු තුනක් දවාගැනීමට සමත්විය.
    පළමුවෙන් පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්තේය.
    ලකුණු 9 කට කඩුලු 2 ක් බිඳ වැටී පූනේ කණ්ඩායම අසරණ තත්ත්වයට පත්ව තිබූ අවස්ථාවේ ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහනේ (56) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මනෝජ් තිවාරි (58) සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබීය.
    පන්දු 43 කදී වාර්තා වූ රහනේගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 48 කදී වාර්තා වූ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.
    පූනේ ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී තරඟයේ රටාව වෙනස් කරමින් වේගවත් පිතිහරඹයක නිතර වූ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 26 කදී නොදැවී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 5 ක් සමගිනි.
    මෙම තරඟයේදී ලසිත් මාලිංග විසින් පන්දුවාර 3 ක් පමණක් යවමින් ලකුණු 14 කට නායක ස්මිත්ගේ කඩුල්ල දවාගැනීමට සමත්විය.

    පුනේ ඉනිමේ 19 වන පන්දුවාරය යැවූ මිචෙල් මක්ල්රගන් ලබාදුන් ලකුණු 26 තරඟයේ තීරණයට ඍජු වම බලපෑමක් විය.

    කොල්කටා සහ සංරයිසස් අතර තරඟයේ ජය ලබන කණ්ඩායම මුම්බායි සමඟ තරඟ වැදීමෙන් අනතුරුව පුනේ කණ්ඩායමේ අවසන් තරඟයේ ප්‍රතිවාදියා තීරණය වනු ඇත.

    [rns_reactions]

  • පොහොසත්ම 10%ට අයත් පිරිසට සමස්ත ආදායමෙන් 38%ක් අයත් වෙයි. දුප්පතුන්ට කීයද?

    මෙරට සමස්ත ජනගහනයෙන් පොහොසත්ම 10%ට අයත් පිරිස සමස්ත ආදායමෙන් 38%ක් ලබන බවත් දුප්පත්ම 20%ට හිමි වී ඇත්තේ සමස්ත ආදායමෙන් 4.5%ක් පමණ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව 2016 වසර සඳහා නිකුත් කළ නවතම වාර්තාවෙන් අනාවරණය වෙයි.

    එම තොරතුරු අනාවරණය කොට ඇත්තේ 2012-2013 කාලයට අදාළවය. එමෙන්ම සමස්ත ජනගහනයෙන් 70%ක් තරම් බහුතර පිරිසකගේ ආදායම සමස්ත ආදායමෙන් 34.5%ක අගයක් ගන්නා බවද එමඟින් හෙළි කොට තිබේ.

    කෙසේ වෙතත් ඊට පෙර වසර කිහිපයක් හා සස¼දා බැලීමේදී දශම කිහිපයකින් පමණ ආදායම් පරතරය අවම වී ඇති බවද හෙළි වෙයි.

    [rns_reactions]

     
  • කැබිනට් සංශෝධනය අත ළග.. නිදහස් පක්ෂයෙන් ඇමති සාගලට දැඩි විරෝධයක්..

    ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයට පෙර අවසන් කැබිනට් රැස්වීම කැඳවා ඇත්තේ අගමැතිවරයා සමග කැබිනට් සංශෝධනය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට හැකිවූ බැවින් හා අමාත්‍යංශවල කටයුතු අවසන් කරන ලෙස අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දීමටත් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    ඉදිරි කැබිනට් සංශෝධනයේදී  අමාත්‍ය සාගල රත්නායක මහතාට විදෙස් කටයුතු අමාත්‍යංශය ලබා දීමටත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගනු ලැබූ තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

    ශ්‍රීලනිප අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මංගල සමරවීර මහතා ඉවත් කරනවා නම් එය මහින්ද සමරසිංහ මහතාට ලබා දිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය හා එකඟ නොවන ප්‍රතිපත්ති සඳහා සහය දැක්වීමට මංගල සමරවීර මහතා කටයුතු කිරීම ඔහුව ඉවත් කිරීමට හේතුව බවත් එහෙත් ඔහුගේ විදෙස් සබඳතා ශක්තිමත් බවත් එවැනි ශක්තිමත් විදෙස් සබඳතාවයක් ගොඩ නැගිය හැකි වෙනත් පුද්ගලයෙක් වේ නම් ඒ මහින්ද සමරසිංහ මහතා බවත් ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. රවී කරුණානායක මහතාට වරාය අමාත්‍යංශය ලබා දීමට එරෙහිවද දැඩි විරෝධයක් පළ කරමින් ශ්‍රීලනිප අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ.

    මේ අතර කැබිනට් සංශෝධනයෙන් පසු අමාත්‍යංශ ලේකම්වරුන්ගේ සංශෝධනයක් හා රාජ්‍ය ආයතන ගණනාවක සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ මාරු කිරීම්ද සිදු කිරීමට නියමිතයි.

    [rns_reactions]

  • ඇමති තනතුරු වෙනස් කලොත් එජාපයේ තිදෙනෙක් දේශපාලනයෙන් ඉවත් වෙයි!

    ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළහොත් ආණ්‌ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක්‌ තීරණය කර තිබෙනවා.

    හදිසියේ සිදුකිරීමට යන ඇමැති මණ්‌ඩල සංශෝධනයට තමන් විරුද්ධ බව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට නිල නොලත් ලෙස දැනුම් දී තිබෙන මෙම ඇමැතිවරු චීන සංචාරයේ නිරතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු ඒ ගැන සාකච්ඡා කිරීමට ද සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

    මේ අතර ඇමැති මණ්‌ඩල සංශෝධනයක්‌ සිදුකරනවාට එක්‌සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ද දැඩි විරෝධය පළ වී ඇති බව වාර්තා වනවා.

    මේ සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගාල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ කුමන්ත්‍රණයකට අනුව කැබිනට්‌ සංශෝධනය සිදුකරන බවත් එය එසේ සිදුවුවහොත් අනවශ්‍ය දේශපාලන අර්බුදයක්‌ ඇතිවන බවත්ය.

    කැබිනට්‌ සංශෝධන අවශ්‍යම නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිමිව ඇති ඇමැතිධුරවල වෙනස්‌කම් සිදුකරගත හැකි බවත් එ.ජා.ප.යට හිමිව ඇති ඇමැති ධුරවල වෙනස්‌කම් සිදුකර අනවශ්‍ය අර්බුදයක්‌ නිර්මාණය නොකළ යුතු බවත් බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    ඇමැති තනතුරු වෙනස්‌ වනු ඇතැයි පැවැසෙන ඉහත ප්‍රබල ඇමැතිවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක්‌ ඊයේ (16)කියා සිටියේ තම ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළොත් ඒ තුළින් ජනතාව වැරැදි අවබෝධයක්‌ ඇතිකර ගැනීමේ ඉඩ ප්‍රස්‌ථා ඇති නිසා  සිය විරෝධය නොතකා එවැන්නක්‌ සිදු කළොත් දේශපාලනයේ ඉන්නවාද නැද්ද කියා තීරණයක්‌ ගැනීමට සිදුවන බවයි.

    (උපුටා ගැනීම දිවයින )

    [rns_reactions]