Tag: featured

  • අසභ්‍ය වීඩියෝ දර්ශන අනුගමනය කරමින් පවුල් කෑමට අකමැතිවූ තරුණ බිරිදට තම ස්වාමියා කරන්න ගිය දේ…

    අන්තර්ජාලයේ තිබෙන අසභ්‍ය වීඩියෝ දර්ශන අනුගමනය කරමින් පවුල් කෑමට අකමැතිවූ තරුණ බිරිද වෙඩිතබා මරා දැමිමට ගෙනා බවට සැකකරන පතුරම් තුවක්කුව සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල යුද හමුදා සෙබළෙකු මේ මස (25) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු  (15) නියෝග කලේය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ මීඇල්ලෑව ලැඹුණෝරුව හා දඹගොල්ලාව මීමින්නාවල කහටගස්දිගිලිය යන ලිපිනයන්හී පදිංචි පුදුකුඩුඉරුප්පු මුලතිව්හි පිහිටි තුන්වන ජාතික ආරක්ෂක බළමුළු සේනාංකයේ සේවයේ නිරතවන පී.ඩී.ප්‍රේමසිරි යන 35 හැවරදි යුද හමුදා සෙබළායි.

    සැකකරු මිට මාස තුනකට පමණ ඉහතදී විවාහවි තිබෙන බවත් බිරිද සමග පවතින පවුල් ආරවුල හේතුවෙන් මීට පෙර අවස්ථාවකදීත් ඇයව මරා දැමීමට මෙරට නිෂ්පාදිත කැප් තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කල බව කහටගස්දිගිලිය පොලිසිය අධිකරණයට දැන්වීය.

    සැකකරු නිවාඩු ලබා නිවසට පැමිණෙද්දී බිරියට වෙඩි තැබීම සදහා තුවක්කුවක් ගෙනවිත් සගවාගෙන සිටින බවට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවටගෙන සිදුකල ප්‍රශ්න කිරීම්වලදී නිවාඩු පැමිණෙනවිට රැගෙනවිත් දඹගොල්ල කැලෑවේ සගවා තිබූ බෝර දොළහ වර්ගයේ පතුරම් තුවක්කුවක් හා ඊට යොදන ජීව උණ්ඩ හතරක් පොලිස් බාරයට ගෙන තිබෙන බව පොලිසිය අධිකරණයට කීවේය.

    සැකකරුට තුවක්කුව ලැබුණු ආකාරය අනාවරණය කර ගැනීමට පරික්ෂණ සිදුකරන බවත් සැකකරු අන්තර්ජාලයේ සැරිසරා එහි ඇති අසභ්‍ය වීඩියෝ දර්ශන ජංගම දුරකථනයේ ගබඩා කර බිරිඳට එම දර්ශන අනුගමනය කරන ලෙස බලකිරීමට විරෝධය පෑම නිසා පවුල් ආරවුල නිර්මාණය වී තිබෙන බව පොලිසිය අනාවරණය කර ගත්තේ යැයි වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය කීවේය.

    රක්ෂිත බන්ධනාගාර ගතකල සැකකරු මානසික රෝගයකින් පෙලෙන්නේද යන්න අනාවරණය කර ගැනීම සදහා ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කර වාර්ථාවක් ලබාගෙන ඉදිරි දිනයේදී එය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර බන්ධනාගාර අධිකාරීයට විනිසුරුවරයා නියෝග කලේය.

    [rns_reactions]

  • සුපිරි ගායක ප්‍රින්ස්ගේ ජීවිතය බේරාගන්න ජනප්‍රිය ගීත දෙකක් වෙන්දේසියට..

    ගීත ලෝලීන්ගේ සිහින කුමාරයකු බවට කලක් පත්ව සිටි ගායන ශිල්පි ප්‍රින්ස් උදය ප්‍රියන්ත බරපතළ ලෙස රෝගිවෙලා දැන් ටික කාලයක් වෙනවා. ගීත ගායනා කරමින් යළිත් රසික රසිකාවින් හමුවට එන්න පුළුවන් තත්ත්වයක ‍නෙවෙයි ඔහු තවමත් ඉන්නේ. ප්‍රින්ස්ගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවෙන නිසා එම ගැටලුවට ඔහුගේ ගීතවලින්ම විසඳුමක් හොයන්න ප්‍රින්ස්ගේ නැගණිය වන ශිරෝනි ප්‍රියංගිකා සූදානමින් සිටිනවා කියලා අපට ආරංචි වුණා. ඒ ගැන වැඩිදුර තොරතුරු පාඨකයන් වෙත ගෙන එන්නයි අපි ඇයව මෙලෙස සංවාදයකට එක් කර ගත්තේ.

    ප්‍රින්ස්ගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් ඔබ තවත් ඉදිරි පියවරක් තබන්න සූදානමින් ඉන්නවා කියන්නේ ඇත්තද?
    ඔව්. මේ වෙනකොට උදාවෙලා තියෙන තත්ත්වයේ හැටියට වෙන කරන්න දෙයක් නැති නිසයි ඒ වගේ තීරණයක් ගත්තේ. අයියාගේ ප්‍රතිකාරවලට යන වියදම අපට තවදුරටත් දරාගන්න අපහසුයි. ඒ නිසා අපි තීරණය කළා “ඔබ මා හදින් සැඟවී නොයන් සහ “ඔබ හා ගෙවූ අතීතේ” කියන ගීත වැඩිම ඉල්ලුමට විකුණා දමන්න

    මතෛක් කාලයක් කරපු ප්‍රතිකාරවලින් ප්‍රින්ස්ට ස්ථිර සුවයක් නොලැබුණු නිසාද දිගටම ප්‍රතිකාර කරන්න වෙලා තියෙන්නේ?
    ඔව්. එන්සෙපලයිටිස් කියන රෝගී තත්ත්වය තමයි වසර දෙකක පමණ සිට අයියාට තියෙන්නේ. විටින් විට සිහි නැතිවෙන ගතිය තවමත් මගහැරලා ගිහින් නැහැ. එහෙම වෙලාවට එන්නත් ප්‍රතිකාර ලබාදෙන්න කියලයි වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන්නේ.

    ඒ ප්‍රතිකාරවලින් තවමත් ලැබෙන්නේ තාවකාලික සුවයක්ද?
    ඔව්. මීට මාසයකට විතර කලිනුත් අයියාට අසාධ්‍යවෙලා පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබා දුන්නා. සමහර වෙලාවට අයියා හොඳ සුවයෙන් ඉන්නවා. ඉක්මනට සනීප වෙලා ආයෙමත් ගීත ගයන්න ඕනෑ කියලා කියනවා. නමුත් හිටිහැටියේ අසනීප වුණාම අයියාට මාවවත් අඳුරගන්න බැහැ.

    ප්‍රතිකාර සඳහා දැනට කොච්චර විතර මුදලක් වැයවෙලා තියෙනවාද?
    දැනට පස් වතාවක් පෞද්ගලික රෝහලක නවත්වලාත් ප්‍රතිකාර ලබාදුන්නා. මේ කාලය තුළ කෝටි 2ක විතර මුදලක් ඒ වෙනුවෙන් වියදම් වුණා.

    රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා දුන්නා නම් එවැනි මුදලක් වැයවෙන්නේ නැහැ නේද?
    කිහිප වරක්ම රජයේ රෝහල්වල නවත්වලා ප්‍රතිකාර ලබාදුන්නා. නමුත් රජයේ රෝහල්වලින් ලබාගන්නා ඖෂධ වලින් අයියාට තරමක සුවයක්වත් ලැබෙන්නේ නැහැ.

    කොහොමද මෙතරම් කාලයක් ප්‍රතිකාරවලට මුදල් හොයාගත්තේ?
    අයියාට ව්‍යාපාර ඉඩ කඩම් බස් ආදිය තිබුණා. ඔහුටත් මටත් අයිතිව තිබුණු දේවල් විකුණනවා හැරෙන්න වෙනත් විකල්පයක් අපට තිබුණේ නැහැ.

    ඒ අතරේ ප්‍රින්ස්ට ආදරය කරන අයගෙනුත් උදවු උපකාර ලැබෙන්නට ඇති නේද?
    අයියා මුලින්ම රෝහලක නැවතිලා ප්‍රතිකාර ලබද්දී නම් හුඟක් අය උදවු කළා. ඒ වතාවේ ලක්ෂ 15 විතර මුදලක් පරිත්‍යාග විදිහට අපට ලැබුණා. ඊට පස්සේ නම් ආධාර ලැබෙන එක ටිකෙන් ටික අඩු වුණා.

    ප්‍රින්ස්ට ආධාර පිණිස උපහාර ප්‍රසංග ආදියත් සංවිධානය කළා නේද?
    උපහාර ප්‍රසංගවලින් බලා‍පොරොත්තු වුණු තරම් මුදලක් එකතු වුණේ නැහැ. වතාවක් අයියාට උපහාර පිණිස කියලා “රජ කපටියෝ” නමින් වේදිකා නාට්‍යයක් පෙන්නුවා. මම බොහොම අමාරුවෙන් එදා අයියාවත් එක්කරගෙන ගියා. නමුත් නාට්‍යයෙන් ලැබුණු මුදලින් සත පහක්වත් අපට ලැබුණේ නැහැ. අපි අසරණ වෙලා ඉන්න වෙලාවේ ඒ වගේ කපටිකම් කරන අයත් ඉන්නවා.

    ප්‍රින්ස් නැති අතරේ සමහරු ඔහුගේ ගීත ප්‍රසංග වේදිකාවේ ගායනා කරනවා. එහෙම කරන්නේ ඔහුගෙන් අවසර අරගෙනද?
    නැහැ. සමහර සංගීත කණ්ඩායම් අයියාට උපහාර පිණිස කියල ප්‍රසංගවල ගීතයක් දෙකක් ගායනා කරනවා. ඒකට කමක් නැහැ. ඒත් අදටත් ප්‍රසංග වේදිකාවේ අයියගේ ගීත ගයලා මුදල් හම්බ කර ගන්නා පිරිසක් ඉන්නවා. ඒ අය අයියාගේ දුක සැප හොයලා සත පහකින්වත් ආධාර කරන අය ‍නෙවෙයි. එහෙම ගායකයෙක් තමයි අයියා මියගිය බවට ‍පෝස්ට් එකක් ෆේස් බුක් එකේ ප්‍රසිද්ධ කරලත් තිබුණේ.

    ඔය කියන ගැටලුවට විසඳුමක් හොයන්න හැකිවේවිද?
    අයියාට තරම් දක්ෂතාවයක් නැති වුණාට මමත් සංගීතය හදාරලා ගීත ගායනා කරපු කෙනෙක්. මම තීරණය කළා අයියා වෙනුවෙන් වේදිකාවට නැගලා අයියාගේ ගීත ගායනා කරන්න. මොකද වෙනත් අය හොරෙන් ගායනා කරනවාට වඩා මට අයිතියක් තියෙනවා අයියාගේ ගීත ගයන්න. අයියාට ප්‍රතිකාර කිරීම සඳහා මුදලකුත් එයින් උපයාගන්නට හැකි වේවි.

    ප්‍රින්ස් වෙනුවෙන් උදවු උපකාර කරන්න කැමැත්තෙන් සිටින අයට 0769111838 සහ 0777366128 යන දුරකථන අංකවලට කතා කරලා වැඩිදුර තොරතුරු දැන ගන්න පුළුවන්.

    [rns_reactions]

  • වේදනාව නැහැ දැනුනේ – මහමෙරකි දරු සෙනෙහේ – ආදර්ශමත් කතාවක්

    ඇයට සිය සිරුරේ වේදනාව දරාගත නොහැක. එහෙත් ඇය සිය දෙවන දරුවාට ලේ කිරිකරමින් පොවන්නේ සෙසු තරුණ මව්වරුන්ට පරමාදර්ශයක් වෙමිනි.

    මේ කතාව කියන ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ උපත ලද චමිකා ස්ටීවන්සන් (Schamica Stevenson) නම් කාන්තාවගේ ජීවිත කතාව කණපිට හැරුණේ දෙහැවිරිදි සිඟිති දැරියකව සිටියදී ඇය ජීවත් වූ නිවස ගිනි ගැනීමෙනි.

    ‘මිමී’යන ආදරණීය නාමයෙන් අමතනු ලබන චමිකා ස්ටීවන්සන් වයස අවුරුදු දෙකේ දැරියක් ව සිටිද්දී නිවසේ බොයිලේරුවක් පිපිරීමත් සමඟ පැතිර ගිය ගින්නෙන් අටමාසයක් වයසැති ඇගේ බාල සහෝදරයා මරණයට පත්වූ අතර නිවසේ කවුළු යකඩ කූරුවලින් ආවරණය කර තිබුණු හෙයින් දරුවන් රැගෙන ගෙයින් පිටතට පැන ගැනීමට ඔවුන්ගේ මව අසමත් වූවාය.

    ගින්නට ගොදුරුව දැවුණත් කුඩා මිමී ගේ ජීවිතය රැකුණාය.

    මිමීගේ ජීවිතයේ ඉතිරි කාලයෙන් වැඩි හරියක් ගෙවුණේ චර්ම බද්ධ කිරීම් ඇතුළත් ප්‍රතිකාරවලටයි.

    තිස් හතර වැනි වියේ පසුවෙන ඇය දැනට සහකාර සෞඛ්‍ය සේවිකාවක් හැටියට රැකියාවක නිරත වෙයි.

    මේ අතර මිමී විසිවැනි වියේ පසුවෙද්දී සිය පළමු පුතු ජොෂියා (Josia) ප්‍රසූත කළ අතර තමන් පෙළන ශාරීරික වේදනා හමුවේ බිලිඳාට මව්කිරි දීමට ඇය අසමත් වූවාය.

    “පුතා ඉපදුණ වෙලාවේ අවශ්‍ය තරම් කිරි එරුණේ නැහැ. මැෂිමකින් කිරි දොවල සිරින්ජරයක් මගිනුයි මම පුතාට කිරි පෙව්වේ. මට රෝහලේ පෝෂණය පිළිබඳ හෙදියක් උදව් කළා”

    “පුතාට කිරි දීමකින් පසු හැම පැය තුනකට වරක් මම කිරි දොවන්න සිද්ධ වුනා.ඒත් මම දැක්ක දේ තමයි – ඇති වෙන්න තරම් කිරි නොතිබුණ බව” මිමී පවසන්නීය.

    දොවන ලද කිරි සිරින්ජයකින් පෙවීම නොව කෙළින්ම දරුවාට මව්කිරි උරා බීමට සැලසිය යුතු බව පවසන මිමී සිය දෙවන දරුවාට එපරිද්දෙන් මව්කිරි දෙමින් සෙසු තරුණ මව්වරුන්ටත් ආදර්ශයක් වීමේ අධිෂ්ඨානයෙහි තමා සිටින බව පවසන්නීය.

    “මට වයස අවුරුදු විස්සේ දී උපන් මගේ පුතාට කිරි පොවන්න මට බැරි වුනා. මම අනිත් අම්මාවරුන්ට මේ කතාව කියන්නේ එදා මම කළා වගේ මව්කිරි දීම අත්හැර දමන්න එපා කියන්නයි’

    “දැන් මගේ දෙවැනි දරුවාට මව්කිරි උරා බීමට පුරුදු කිරීමේ අධිෂ්ඨානයකයි මම ඉන්නේ. මොකද? මගේ නෑනා සහ ඥාති සහෝදරිය ඔවුන්ගේ දරුවන්ට මව්කිරි පොවන හැටි මම දැක්කා. මමත් උත්සාහ කරන්න ඕන” ඇය පවසයි.

    බරපතළ ලෙස පිළිස්සීමෙන් ලද තුවාල කැළැල් දැක්වෙන සිය ඡායාරූප ප්‍රසිද්ධ කිරීමට එකඟවීම තුළින් මිමී බලාපොරොත්තු වන්නේ සෙසු මව්වරුන් ද ඔවුන්ගේ සිරුරු කෙරෙහි විශ්වාසයක් ගොඩ නැඟීමෙහි ලා දිරි ගැන්වීමයි.

    “මම මගේ ආත්ම විශ්වසනීයත්වය ගොඩ නගා ගත්තේ එක රැයකින් නොවෙයි. ඒත් මම දැන් අධිෂ්ඨානයක් තියෙනවා. ඒ ගැන මට සතුටුයි. මම මනසින් වැටිල හිටිය කාලයක් තිබුණා. මොකද? මමත් මනුස්සයෙක්! ඒත් මම නැඟී සිටිය. හරි පැත්තට. මගේ දරුවන්ට සහ දෙවියන්ට ස්තුතියි. මම දරුවන් බිහිකළා. ඔවුන් ඇති දැඩි කරනවා” මිමී පවසන්නීය.

  • කොළඹ විශාලතම තොරණ නිර්මාණය කළ සිරකරුවන්ට දළදා වඳින්න වරම්

    කොළඹ නගර සීමාවේදී නිර්මාණය කරන ලද තොරණ අතරින් විශාලතම තොරණ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට නිර්මාණය කිරීමට ඇප කැපවූ මරණීය දණ්ඩනය ලත් සහ නොලත් සියලු සිරකරුවන්ට ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දෙන බව වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා පවසයි.

    ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පැසසුමට ලක්වූ මේ තොරණ සකස් කිරීම සඳහා මේ සිරකරුවන්ට මාස දෙකකට ආසන්න කාලයක් ගතවූ බවත් එකී කාලසීමාවේදී දිවා රෑ නොතකමින් ඔවුන් කළ අගනා කාර්යභාරයට උපහාරයක් පිණිස ඔවුන්ට එසේ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දෙන බවද ඒ මහතා කීය.

    දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දීමෙන් පමණක් නොනැවතී එකී සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන ලේඛනවලට පැසසුම් ලිපි ඇතුළත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවැසීය.

    සිරකරුවන් බලපත්‍ර මත නිදහස් කිරීමට කටයුතු කරන අවස්ථාවන්හිදී එකී සිරකරුවන්ගේ එකී පැසසුම් ලිපිවලට ප්‍රමුඛතාවක් ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

    [rns_reactions]

  • ශූරයන්ගේ කුසලානය ජයගන්නේ මෙහෙමයි – මැතිවුස් සියල්ල හෙලිකරයි..

    චැම්පියන්ස් කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති දෙකකටත් අඩු කාලයකි.මේ වනවිට තරඟාවලිය ට සහභාගී වන කණ්ඩායම් තම පුහුණුවීම් අරඹා සෙසු කණ්ඩායම් පරාජය කිරීමේ උපායන් සකස් කරන කාලයයි.ශ්‍රී ලංකා කණ්ඩායමද තම පුහුණු වීම් වේලාසනින්ම අරඹා දින තුනක විවේකයක් සඳහා මේ දින වල පුහුණුවීම් නවතා ඇත.

    නුවරදී පැවති පුහුණු සැසියෙන් පසුව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තරඟාවලියට තම කණ්ඩායමේ සුදානම පිලිබන්දව මද්‍යයට අදහස් දක්වා ඇත. මැතිව්ස් මෙහිදී තම ප්‍රදානම අවිය මාලිංග බවද පවසා ඇත.

    “මේ තරඟාවලියේ ශුරත්වය දිනන්න කණ්ඩායම් අටටම එකම වගේ අවසථාවක් තියනවා.දුර්වල කණ්ඩායම් කවුරුත් නෑ.ඒ නිසා පොඩි වරදක් ඇති කණ්ඩායමක් තරඟාවලියෙන් එලියට විසි වෙන්න.”

    තරඟාවලියේ ශ්‍රීලංකාව පළමුවෙන්ම මුහුණදෙන්නේ දකුණු අප්‍රික කණ්ඩායම සමඟය එම අභියෝගය පිළිබඳව මැතිව්ස් දක්වන්නේ මෙවැනි අදහසකි.

    “ඇත්තටම දකුණු අප්‍රිකාව කියන්නේ අමාරු ප්‍රතිවාදීයෙක්,අපි ඔවුන් වෙනුවෙන්ම සැලැස්මක් හදල තියෙන්නේ,මම හිතනවා ඔවුන් පරාජය කරන්න අපිට පුලුවන් කියලා.”

    “අපිට ඊට පස්සේ ඉන්දියාවයි පකිස්ථානයයි ඉන්නවා,ඔවුන් ආසියාවේ රටවල් ව්දියට අපි එක්ක ගොඩක් තරඟ කරලා තියන නිසා අපි දන්නවා කොහොමද ඔවුන්ට එරහිව ක්‍රීඩා කරන්න ඕන කියල.’

    තරඟාවලියට තම කණ්ඩායම සුදානම් බවත් මැතිව්ස් පවසා ඇත.

    ‘අපි මෙහෙ කරන්න ඕන දේවල් ඔක්කොම කලා. දැන් තියෙන්නේ එංගලන්තයට ගිහින් එහෙ තත්වයන්ට හුරුවෙන එක.මේ තරඟාවලිය වෙනුවෙන් අපිට ගොඩක් පහසුකම් ලැබුනා ඒක අපිට ලොකු පහසුවක් වුනා.මාලිංග අපිත් එක්ක පුහුණුවීම් වලට එකතු වුනේ නැති වුනාට ඉන්දියාවේ ඉදන් තරඟාවලියට ගොඩක් මහන්සි වනවා.මාලිංග ඉන්න එක අපිට ලොකු හයියක්..”

    ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් සම්ප්‍රදායෙන් ඔබ්බට තම තරග රටාව ගෙනගොස් නැති බවට වන චෝදනාව ටද මැතිව්ස් පිළිතුරු සපයා ඇත.

    ‘මේ තරඟාවලියේදී අපි ගොඩක් ධනාත්මකව ආක්‍රමණශීලී රටාවකට ක්‍රීඩා කරන්න තමයි හිතාගෙන ඉන්නේ

    [rns_reactions]

  • ස්වාධින වීමට අවශ්‍ය නම් ලිකිතව දැනුම් දෙන්න. නැත්නම් විනය පරීක්ෂණ…

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු මන්ත්‍රිවරයකුට හිතුමතේ ස්වාධීන වීමට කිසිදු හිමිකමක් නැතැයි එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

    කිසියම් මන්ත්‍රිවරයකුට ස්වාධීන වීමට වුවමනාවක් ඇත්නම් ඒ බව ලිඛිතව මහ ලේකම්වරයාට දැන්විය යුතු බවත් මහ ලේකම්වරයාගේ පූර්ණ අනුමැතිය නොමැතිව යම් මන්ත්‍රිවරයකු ස්වාධීන වන්නේ නම් ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් උතුරු මැද පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රිවරුන් ස්වාධීන වීමට ගත් තීරණය සම්බන්ධයෙන් “මව්බිම” කළ විමසීමකදී සන්ධාන මහලේකම්වරයා සඳහන් කළේය.

    යම් මන්ත්‍රිවරයකු ස්වාධීන වනවිට පක්ෂය කඩා වැටෙන බවත් එසේ වන්නේ නම් ඉන් අසරණ වන්නේ පාක්ෂිකයන් බවත් පැවැසූ ඇමැතිවරයා සන්ධානයෙන් තරග කර පළාත් සභාවට තේරී පත්වූවන් ස්වාධීන වන්නේ කෙසේ දැයි විමසීය.

    සන්ධානයෙන් තරග කර ජනතා නියෝජිතයන් ලෙස තෝරා පත්කර ගත් අපේක්ෂකයන් නිරන්තරයෙන් ජනතා අපේක්ෂාවෙන් ඉටුකළ යුතු බවත් එසේ නොකරන ජනතා නියෝජිතයන් පිළිබඳව තද තීරණ ගැනීමට ජනාධිපතිවරයාද තීන්දු කර ඇති බවත් පැවැසූ ඇමැතිවරයා නුදුරේදීම පක්ෂය තුළ විශාල පෙරළියක් සිදුවන බවද ප්‍රකාශ කළේය.

    [rns_reactions]
  • සියල්ලන් බලා සිටි වෛද්‍ය අධ්‍යාපනයේ – රජයේ ප්‍රතිපත්තිමය තීරණය මෙන්න…

    වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා අධ්‍යාපනයේ නිදහස පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය තීරණ අද ප්‍රකාශයට පත්කෙරැණා.

    ඒ, උසස් අධ්‍යාපන හා මහා මාර්ග , සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය යන අමාත්‍යාංශ හා ජනාධිපති ලේකම් කාර්යාලය අනුබද්ධවයි. 

    වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා අනිවාර්ය මූලික සුදුසුකම් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස නීතිගත කිරීම, ලියාපදිංචි පෞදිගලික වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපන මට්ටම, පරිපාලනය හා කළමනාකාරීත්වය පිළිබඳ නිශ්විත තත්වයක් හා ප්‍රමිතියක් අනිවාර්ය කිරීම සහ සෑම ආයතනයක්ම කොළඹ කොටස් වෙළෙදපොළේ ලැයිස්තුගත සමාගමක් ලෙස, පාලක මණ්ඩලයකට යටත්ව ක්‍රියාත්මක කරවීමෙන් ජනතා හිමිකාරීත්වය සතු ආයතන බවට එම ආයතන පත්කිරීම, වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් සයිටම් සිසුන්ට හෝමාගම හෝ අවිස්සාවේල්ල රජයේ රෝහල්වල සායනික පුහුණුව දීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්විවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට සයිටම් සිසුන් පෙනී සිටීම අනිවාර්ය කිරීම, රජයේ තීරණ ක්‍රියාත්මක කරන තෙක් සයිටම් ආයතනයට නවක සිසුන් බඳවා ගැනීම අත්හිටුවීම,  වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම, රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට මෙරටදීම උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීම හා ඒ සදහා ප්‍රමිතිගත පදනමක් මත පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීම, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මගින් සිසුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීම සහ රජයේ වෛද්‍ය පීඨ සඳහා බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීම හා නව වෛද්‍ය පීඨයක් ඇරඹීම එම ප්‍රතිපත්තිමය තීරණ වේ. 

    [rns_reactions]

  • ජනපති වෑයම සාර්ථකයි – අහිමි වු GSP+ බදු සහනය සිකුරාදා සිට යලිත්..

    ජී එස් පී ප්ලස් බදු සහනය මැයි මස 19 වැනිදා එනම්, ලබන සිකුරාදා සිට ක්‍රියාත්මක වීම ඇරඹෙනවා. 

    අද කොළම පැවැති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුං ලායි මාර්ග් මහතා මේ බව කියා සිටියා.  ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් බදු සහනය ලබාදෙන යුරෝපා ප්‍රකාශනය ලබන බ්‍රහස්පතින්දා එළිදැක්වෙන අතර, සිකුරාදා සිට එහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට විවෘත කෙරෙනවා. 

    ඒ අනූව, යුරෝපයට අපනයනය කෙරෙන ශ්‍රී ලංකා නිෂ්පාදනවලින් සියයට 66ක් සඳහා සම්පූර්ණයෙන්ම බදු ඉවත් කෙරෙනවා.  ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුං ලායි මාර්ග් කියා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා බෙහෙවින් ඉවහල් වනු ඇති බවයි.

    ජී එස් පී ප්ලස් බදු සහනය යළි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ගිය වැඩපිළිවෙල අගය කළ තානාපතිවරයා කියා සිටියේ, මානව හිමිකම් සහ යහපාලනය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගෙන බදු සහනය ලබාදීමට පියවර ගෙන ඇති බවයි. 

    [rns_reactions]

     

  • ඩෙංගු මර්දන ජනාධිපති කාර්යසාධන බලකායට හදිසි කැදවීමක්….

    ඩෙංගු මර්දන ජනාධිපති කාර්යසාධන බලකාය වහාම කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබෙනවා. 

    රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හා එය පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ජා කිරීම අරමුණයි.  ඒ අනූව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධන බළකායේ රැස්වීම අද පැවැත්වීමට නියමිතයි.  ඒ ජනාධිපති කාර්යාලයේදී. 

    මේ වසරේ පමණක් රෝගීන් 44,623 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 115ක් සිදුවී තිබෙනවා.  එය පසුගිය වසරවලට වඩා ඉහළ යාමක්. 

    රෝගීන් සහ මදුරු කීටයන් හමුවීමේ දත්තවලට අනූව දිස්ත්‍රික්ක 12ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. 

    මේ බරපතල තත්වය සැලකිල්ලට ගෙන ඩෙංගු ව්‍යාප්තිය උපරිම මට්ටමින් පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද රැස්වීමේ දී සාකච්ජා කෙරෙන බව, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් නිවේදනයක දැක්වෙනවා.

    [rns_reactions]

  • වැඩ දමා අස්වු රංජිත්ගේ හිඩැසට අත්දැකිම් බහුල අලුත් මුහුණක්.. රංජිත්ට කනේ පහරක්…

    උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එස් එම් රංජිත්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සඳහා සුසිල් ගුණරත්න පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

    පළාත් ප‍්‍රවාහන, කී‍්‍රඩා, යෞවන කටයුතු සහ වෙළද අමාත්‍යවරයා ලෙසයි මෙලෙස සුසිල් ගුණරත්න දිවුරුම් දී ඇත්තේ.

    ඊට අමතරව ඔහු ආහාර හා කර්මාන්ත සංවර්ධන පළාත් අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    කෙසේවෙතත් සුසිල් ගුණරත්න මන්තී‍්‍රවරයා මීට පෙර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම සමග කටයුතු කළ අයෙක්. එහෙත් ඔහු වත්මන් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමග මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

    [rns_reactions]

  • මෙවර ශූරයෝ අපි තමයි – නායක මැතිව්ස් සතුටින් ඉපිලෙමින් කියු කතාව මෙන්න..

    ශූරයින්ගේ කුසලාන සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති දින හයක නේවාසික පුහුණු කඳවුරකට සහභාගීවූ අතර පැවැති පුහුණු තරගයෙන් පසුව සාර්ථකව නේවාසික පුහුණු කඳවුර අවසන් කෙරුණි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 18 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

    එංගලන්තය බලා යාමට පෙර පවුලේ සාමාජිකයින් සමග කාළය ගතකිරීමට සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් හට දින තුනක විවේක කාලයක් දී තිබේ.පිතිහරඹය, පන්දු යැවීම සහ පන්දු රැකීම සදහා විශේෂඥ පුහුණුව, කාය බල සහ අනුකූලතා පුහුණුව, ආකල්ප සංවර්ධනය කිරීමේ පුහුණුව, කණ්ඩායම නඟාසිටුවිම සහ පෙළඹවීම යනාදී විශේෂ පුහුණුකිරීම් රාශියක් පිළිබඳව මෙම පුහුණු කඳවුරේදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

    මෙම පුහුණු සැසිවාර සදහා ප්‍රවීණ පුහුණු කරුවන් යොදාගත් අතර කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ප්‍රශ්න ඇසිම් වලින් යුතුවූ උපායමාර්ගික සම්බන්ධීකරණ සාකච්ඡාද මෙම සැසියට ඇතුළත් විය.

    ක්‍රීඩකයින් ගැන තනි තනිව අවධානය යොමුකරමින් ඔවුන්ගේ තාක්ෂණය සහ කුසලතා වර්ධනය කිරීමට මෙම පුහුණුවේදී අවස්ථාව හිමිවිය.

    පුහුණු කඳවුර පිළිබඳව අදහස් දැක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ මෙම නේවාසික පුහුණු සැසියේදී 100 % දායකත්වයක් දීමට හැකිවීම මෙවැනි වැදගත් තරගාවලියකට සුදානම් වීමේදී අත්‍යාවශ්‍ය සාධකයක් බවය. ආබාධ සහ වෙනත් සාධක හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී කණ්ඩායමක් වශයෙන් එක්ව ක්‍රීඩා කිරීමට නොහැකිවූ බවත් එකට වැඩකිරීමත්, වැඩකිරීමට ඉගෙන ගැනීමත් එකිනෙකාව තේරුම් ගැනීමට හැකිවීමත් විශේෂ දෙයක් බවද මැතිව්ස් පැවසීය.

    “සාර්ථකව වැඩසටහන කරගෙන යාමට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති පහසුකම් බෙහෙවින් ඉවහල්වුනා. වැඩකරගෙන යාමේදී මෙම වෘත්තීමය තත්වයන් ඇත්තටම අවසන් මොහොතේ ලැබුන ප්‍රසාද දීමනාවක් වගෙයි.”

    “අපට ගෘහස්ථ පුහුණුවීමේ තාක්ෂණය නියම වෙලාවට ලැබීම මගින් අපගේ හැකියාවන් වර්ධනය කරගැනීමට හැකිවුනා” යැයි මැතිව්ස් වැඩිදුරටත් පැවැසීය.

    [rns_reactions]

  • අපේ සංගක්කාරගෙන් තවත් ශතකයක් – සුභපතන්න ෂෙයා කරන්න..

    ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර තම ලිස්ට් A තරඟවල ලබා ගත් 38 වන ශතකය වාර්තා කරමින් පසුගියදා පැවති  රෝයල් ලන්ඩන් එක්දින තරගාවලියේ හැම්ප්ෂියර් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 66ක ජයක් සරේ කණ්ඩායමට ලබා දීමට සමත් වුනා.

    ජයග‍්‍රහණය සදහා ලකුණු 272ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සරේ කණ්ඩායම අයහපත් කාළගුණය නිසා තරගය නතර කරන විට පන්දුවාර 38ක් තුළ කඩුලු 02ක් දැවී ලකුණු 238ක් ලබා ගත් අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 38ක් තුලදි ලබාගත යුතු ලකුණු සංඛයාව වූයේ 178කි.

    එහිදී සුපිරි ඉනිමක් ක‍්‍රීඩා කළ කුමාර් සංගක්කාර පන්දු 121කදී  ලකුණු 124ක් රැස් කළ අතර ඊට හතරේ පහර 2ක් හා හයේ පහර 13ක් ඇතුළත්.සරේ කණ්ඩායම වෙනුවෙන් මාර්ක් ස්ටොන්මන් ලකුණු 53ක්ද රොරී බර්න්ස් ලකුණු 39ක්ද රැස් කිරීමට සමත් වුනා.

    කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් හැම්ප්ෂියර් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08කට ලකුණු 271ක් රැස් කිරීමට සමත් වුනා.

    පන්දුවාර 22කදී ලකුණු 89ක් පමණක් ලබදෙමින් හැම්ප්ෂියර් මුල් පෙළ පිතිකරුවන් 07 දෙනෙකු ක‍්‍රිඩාගාරය වෙත යැවීමට සරේ පන්දුයවන්නන් සමත් වූ නමුත් 08වන කඩුල්ල සදහා ජොර්ජ් බේලි හා කේල් ඇබොට් අගනා ලකුණු 152ක් එක්කරමින් හැම්ප්ෂියර් කණ්ඩායම ප‍්‍රබල තත්වයකට ඔසවා තැබුවා

    එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ජොර්ජ් බේලි පන්දු 132කදී වේගවත් ලකුණු 145ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමගින්.බේලි ට අනගි සහයක් ලබා දුන් කේල් ඇබොට් ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුණා

    හැම්ප්ෂියර් කණ්ඩායමේ මුල් පෙළ අසරණ කළ රවී රාම්පල් ලකුණු 61කට කඩුලු 4ක් දවා ගත්තා.

    [rns_reactions]

  • ගීතාගේ දිවිත්ව පුරවැසි නාඩගමේ තිරය පිටුපස පොතේගුරා මාට්ටු. (video)

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධූරය අහිමි කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ ඇපෑලේදී සිකුරාදා(12) ලබා දුන් වාරණ නියෝගය දීර්ඝ කරමින්, මෙම ඇපෑල විභාග කර අවසන්වනතුරු ඇයට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවන්නැයි ඊයේ(15) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු තීන්දු කළහ. එක් අයෙකු ඊට විරුද්ධ විය.

    ගීතා වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥයන් ගෙන ආවේ ගොං තර්කයකි. ගීතාට ස්විට්සර්ලන්ත පුරවැසි භාවය හිමි වුනේ ඇය ඉල්ලා සිටීමෙන් නොව ඇය ස්විට්සර්ලන්ත ජාතිකයෙකු කසාද බැඳීම නිසා ඉබේ ලැබුණු එකක් බව එම තර්කයයි. එයින්ම ගීතා ස්විට්සර්ලන්ත පුරවැසියෙකු බව ඔප්පු වන අතර පුරවැසි භාවය ලැබුනේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද යන්න මැතිවරණ නීතියේදී අදාල භාවයක් නැත.  එවැනි ගොන් තර්කයක් වුවද උපාලි සහ ඊවා අනුමත කිරීමෙන් තීන්දුවේ පක්ෂග්‍රාහී භාවය මොනවට පැහැදිලි වේ. 

    ගීතාගේ නඩුවේ තීන්දු කවුරුන් විසින් ලබා දුන්නද එය පසුපස සිටින්නේ කව්දැයි හෙළිවන අපූරු සංවාදයක් පසුගිය නඩුවාරයේදී කැමරාවක සටහන් විය. පසුගිය නඩු තීන්දුවෙන් පසු ඇය ඒ කළ උදව්වට ස්තූතිය පළ කර සිටියේ අන් කිසිවෙකුට නොව මහින්ද රාජපක්ෂට ය. ඇය අධිකරණයෙන් එළියට එනවාත් සමග අසල සිටි මහින්ද රාජපක්ෂගේ ගෝලයෙකුට ලැබුණු මහින්දගේ දුරකථන ඇමැතුම ඔහු ගීතාට යොමු කළ අතර ගීතා “තෑන්ක් යූ සර්“ කියමින් ඔහුට ස්තූති කරනු පහත දැක්වෙන වීඩියෝවේ සඳහන් වේ. මෙය මේ නාඩගමේ තිරය පිටුපස පොතේගුරා ඉතා හොඳින් හෙළිවීමකි

    [rns_reactions]
  • ඩඩ්ලි, රමේෂ් අමුතු කසුකුසුවක.

    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙකු වන ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන අතර විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

     

    ඒ ගාල්ල උණවටුන හෝටලයක පසුගියදා ව්‍යාපාරික මහේන්ද්‍ර විජේසේකරගේ පැවත් වු උත්සව අවස්ථාවක දී ය.

    මෙම අවස්ථාවට දේශපාලන හිතවතුන් මෙන්ම ව්‍යාපාරික හිතවතුන් රැසක් ද සහභාගී වී තිබේ.

    එහිදී ජනාධිපතිගේ මල්ලි ඩඩ්ලි සිරිසේන සහ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා උත්සවය අතරතුර වෙනත් පැත්තකට ගොස් දිගු වේලාවක් රහස් කතා බහක යෙදී ඇති බව අනාවරණය වේ.

    එබැවින් ඔවුන් දෙදෙනාගේ මෙම රහස් කතා බහ කාගෙත් කුතුහලයට ලක් වී ඇත.

    [rns_reactions]
  • පාවෙන දුම්රිය පිළිබඳව ඔබ මේ දේවල් දන්නවද?

    පාවෙන කෝච්චි යනු චුම්බක ක්‍ෂේත්‍ර භාවිතා කරමින් සිදුකරන ප්‍රවාහන ක්‍රමයක් වේ. මෙම කෝච්චි සාමාන්‍ය කෝච්චි මෙන් බිම ස්පර්ශ කිරීමකින් තොරව ගමන් කරයි. මෙහිදී කෝච්චිය චුම්බක බලය භාවිත කරමින් රේල් පීලි දිගේ ගමන් කරයි. මෙයින් ඝර්ෂණය අඩුවී අධික වේගයක් ලබාදේ. පාවෙන කෝච්චි සඳහා විශාල බලශක්ති ප්‍රතිශතයක් අවශ්‍ය නොවේ. මේවා ලොව වේගවත්ම දුම්රීන් සඳහා වාර්තා තබා ඇත. මේවා හඳුන්වන්නේ Magnet Trains හෙවත් Maglev ලෙසයි.

    ඉතිහාසය

    flipboard.com

    • 1913 දී ඇමරිකා එක්සත් ජනපදයේ මවුන්ට් වෙරෝන්හි එමිල් නම් පුද්ගලයෙක් චුම්බක දුම්රිය කාර් මුලාකෘතියක් ඉදිරිපත් කරන ලදී.
    • 1968 දී ඇමරිකා එක්සත් ජනපදයේ බ්රුක්හෙවන් ජාතික පර්යේෂණාගාරයේ සේවය කළ ජේම්ස් පවෙල් නමැති පර්යේෂකයාට කාන්දම් බලයෙන් ක්‍රියාකරන ගමනාගමන පද්ධතියක් ගැන අදහසක් පහළ වී ඇත.
    • කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන බලපත්‍ර සහිත ප්‍රථම දුම්රිය නිපදවන ලද්දේ 1979 ජර්මනිය විසිනි. මෙහිදී මීටර 908 දිග දුම්රිය පථය පළමු ජාත්‍යන්තර ප්‍රවාහන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන ලදී.
    • ප්‍රථම වරට වානිජමය ලෙස කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය පද්ධතිය නිපදවූයේ 1984දී බ්‍රිතාන්‍යයන් විසිනි. එහි දුම්රිය පථයේ දිග මීටර 600 විය. මෙය අවුරුදු 11ක් ක්‍රියාත්මක වූ අතර පද්ධතියේ ඇතිවූ දෝෂ නිසා 1995දි වසා දමන ලදී.

    youtube.com

    • 1984 දී ට්‍රාන්ස්රැපිඩ් නමැති ජර්මන් සමාගම, කිලෝමීටර් 31.5 දිග දුම්රිය පර්යේෂණ පථයක කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රියක් පර්යේෂණයට ලක් කරන ලදී. මෙම දුම්රිය ධාවනය නිතිපතා 420 km/h දක්වා වේගයකින් සිදු විය. පරීක්ෂණ පහසුකම් ඉදිකිරීම 1980 දී ආරම්භ කරන ලද අතර එය 1984 දී නිමවිය. 2006 දී පුද්ගලයින් 23 දෙනෙකු මරණයට පත් කරමින් මෙම දුම්රිය අනතුරට ලක්විය. 2011 අවසන් වන විට එම මෙහෙයුම බලපත්‍රය කල් ඉකුත් වූ අතර එය අලුත් නොකරන ලදී. මේ නිසා 2012 මුල් භාගයේ දී මෙය කඩා දමන අවසරය නිකුත් කරන ලදී.
    • 1980 අග භාගයේදී බටහිර බර්ලිනයේ දී, M-Bahn නමැති කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය නිමවන ලදී.  එය ස්ථාන තුනක් සම්බන්ධ වන කිලෝමීටර 1.6 ක දිගින් යුතු දුම්රිය ධාවන පථයකි. මගී ප්‍රවාහනය සහිත පරීක්ෂණ 1989 අගෝස්තු මාසයේ දී ආරම්භ කළ අතර, නිරන්තර මෙහෙයුම් කටයුතු 1991 ජුලි මස ආරම්භ විය.
    • 1993දි කොරියාව විසින් කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රියක් නිපදවන ලදී. මෙහි 2006 සංවර්ධන කටයුතු වලින් පසු පැයට කිලෝමීටර් 110ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව පවතී.

    කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය සදහා භාවිතා කර ඇති තාක්ෂණය

    energy.gov

    මේ සඳහා භාවිතා කරන්නේ ඉතාමත් සරල විද්‍යාත්මක ක්‍රමයක්. කාන්දම් දෙකක් එකට ලංවූ විට ඒවා එකිනෙකින් ඈත් වෙනවා ඔබ දැක තිබේද? කාන්දම් දෙකේ එකිනෙක විරුද්ධ අග්‍ර ලංකර විට ඒවා එකට ඇලේ. සමාන අග්‍ර ලංකරන විට ඒවා එකිනෙකාගෙන් ඈත් වේ. පාවෙන කෝච්චි වල යොදාගෙන ඇත්තේ මෙම උපක්‍රමයයි. කෝච්චියේ ඇති පීලි දෙකේ එක දිගට තිබෙන්නේ තඹ කම්බි වලින් සැදුණු විද්‍යුත් චුම්බකයන්ය. විද්‍යුත් චුම්බක යනු විදුලිය ලබා දුන්විට පමණක් චුම්බක ලක්ෂණ ඇතිකරන තාවකාලික චුම්බකය. පීලිවල ඇති මෙම චුම්බක වලට විදුලිය ලබා දුන් පසු ඒවා විද්‍යුත් චුම්බක බවට පත්වේ. සෑම කෝච්චි පෙට්ටියකම යට පැත්තේද විශාල චුම්බක සවිකර ඇත.

    youngzine.org

    පීලි වල ඇති විද්‍යුත් චුම්භක වලින් ඇතිවන්නේ කෝච්චි පෙට්ටිවල වල යට සවි කර ඇති චුම්භක අග්‍ර වලට සමාන අග්‍ර වන හෙයින් කෝච්චි පෙට්ටිත් දුම්රිය පීලිත් එකිනෙකාගෙන් ඈත් වීමට උත්සාහ කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය ලබා දුන් පසු කෝච්චිය මඳක් ඉහළට එසවේ. සාමාන්‍යයෙන් 1cm – 10cm අතර ප්‍රමාණයක් පීලි වලින් කෝච්චිය ඉහලට එසවේ. එවිට එම විදුලිය ලබා දෙන දිශාවට දුම්රිය පාවෙමින් ගමන් කරයි. මෙලෙස ගමන් ආරම්භ කරන විට පීලි වලින් මදක් එසවෙන දුම්රිය නැවත පිලි මත පතිත වන්නේ ගමනාන්තයට ලඟාවූ පසුයි. 2015 අප්‍රේල් මාසයේදී චීනයේ ෂැන්හයි මැඩිලින් දුම්රිය පැයට කිලෝමීටර් 603 ක වේගයෙන් ගමන් කර ලෝක වාර්තාවක් තබන ලදී. සම්පූර්ණයෙන්ම විදුලියෙන් ගමන් කිරීම නිසා මේ දුම්රිය වලින් දුම් පිටවන්නේ නැත.

    පාවෙන කෝච්චි හා සම්ප්‍රදායික කෝච්චි අතර වෙනස

    techxplore.com

    • Maglev සම්ප්‍රදායික දුම්රියට වඩා වැඩි ඉහළ වේගයක් ලබා දේ.
    • දැනට ක්‍රියාත්මක Maglev නඩත්තු කිරීමේ අවශ්‍යතාවය අවම වේ. සම්ප්‍රදායික දුම්රිය සදහා වැඩි නඩත්තුවක් අවශ්‍ය වේ.
    • Maglev කුඩා හිම, අයිස්, දැඩි ශීත, වැසි තද සුළං වලින් බලපෑමට ලක්වන්නේ ඉතා සුළු වශයෙනි. දුම්රිය මාර්ගයේ ඇති අවහිරතා නිසා සම්ප්‍රදායික දුම්රියට බාධා පැමිණියත් Maglev, දුම්රිය මාර්ගය සමග එකට සම්බන්ධ නොවන නිසා දුම්රිය මාර්ගයේ ඇති අවහිරතා නිසා බාධාවට පත් වන්නේ සුළු වශයෙනි.
    • සම්ප්‍රදායික දුම්රිය වැඩි බරකින් යුක්ත වේ. Maglev සම්ප්‍රදායික දුම්රියට වැඩ සැහැල්ලු ය.එම නිසා වැඩි බර ප්‍රමානයක් ගෙනයා හැක.

    bustle.com

    • Maglev සමාන වේගයකදී සම්ප්‍රදායික දුම්රියට වඩා අඩු ශබ්දයක් නිපදවයි. මෙයට හේතුව Maglev එය ගමන් කරන දුම්රිය මාර්ගය හා ස්පර්ශ නොවීමයි.
    • Maglev සඳහා ඇති සංඥා පද්ධති පාලනය වන්නේ පරිගණක ක්‍රියාවලීන් තුලින්ය. මානව ක්‍රියාකරුවන්ට අධිවේගී දුම්රිය කළමනාකරණය කිරීමට ඇති තරම් වේගයෙන් ප්‍රතික්‍රියා කළ නොහැක. නමුත් බොහෝ සාමාන්‍ය දුම්රිය පාලනය වන්නේ මානව ක්‍රියාකරුවන් හරහා වේ.
    • [rns_reactions]
  • බාල වයස්කාර පාසල් සිසුවෙකුට සෙබළ බිරියක් අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර කරලා…

    බාල වයස්කාර පාසල් සිසුවෙකුට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවරක් සිදුකල බවට චෝදනා ලැබූ යුද හමුදා සෙබළ බිරියකට චෝදනා තුනකට වසර හත බැගින්වූ බරපතල වැඩ සහිත සිර දඩුවමක් අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියම කලේය.
     
    විත්තිකාරියට නියමකල සිරදඩුවමට අමතරව එක් එක් චෝදනාවන්ට රුපියල් 500 බැගන් දඩ නියමකල විනිසුරුවරයා එම දඩමුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුන බැගින්වූ ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම කලේය.විත්තිකාරියට දරුවෙකු ලැබීමට සිටින බැවින් චෝදනා තුනට වෙන් වෙන්ව නියමකල වසර තුනක සිර දඩුවම එකවර ගෙවීයන අයුරින් ක්‍රියාමක කරන බව විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය හමුවේ පැවසුවේය.
     
    මෙසේ සිර දඩුවම් නියමවූයේ 16 කණුව අලිවංගුව පේමඩුව ලිපිනයේ පදිංචිව සිටින රන්පිට දේවයලාගේ ප්‍රියංගිකා සමන් කුමාරී 28 යන විවාහක තරුණ කාන්තාවටයි.
     
    විත්තිකාරිය විසින් 2011 මැයි මස 20 වනදා සිට 2012 මැයි මස 18 වනදා දක්වා කාලය අතර තුරදී මහවිලච්චිය පොලිස් වසමේ පදිංචිව සිටින වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් දරුවෙකුට බරපතල ලිංගික අතවරයක් සිදුකර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ)2 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් සිදුකර තිබෙන බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.
     
    දඩුවම් නියමවූ කාන්තාවගේ සැමියා යුද හමුදාවේ සේවයේ නිරතවීම නිසා මසකකට එක්වරක් පමණක් නිවසට පැමිණ ඇති බවත් විත්තිකාරීය රාත්‍රී කාලයේ නිදා ගැනීමට වින්දිත දරුවාගේ නිවසට ගොස් ඇති බවත් සමහර අවස්ථාවලදී කාන්තාව විසින් වින්දිත බාල වයස්කාර දරුවාව නිවසට කැදවාගෙන පැමිණ දරුවාට බරපතල ලිංගික අතවරයන් සිදුකර තිබෙන බව අධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී කියවුණි.
     
    විත්තිකාරිය පොලිසියට හා අධිකරණයට සාක්ෂි දෙමින් පවසා තිබුණේ බාල වයස්කරු විසින් විටින්විට තමන්ට ලිංගික හිරිහැරයන් සිදුකල බවයි.එහෙත් අධිකරණයේ පැවති නඩු විභාගයේදී විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් නගාතිබූ චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකිරීම සදහා පැමිණිල්ල සමත්වීම හේතුවෙන් විත්තිකාර කාන්තාව චෝදනා තුනටම වරදකරුබව නිගමනය කරන බව විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ පවසමින් ඇයට දඩුවම් නියම කලේය.
     
    පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ චතුරු විජේසූරිය මහත්මිය පෙනි සිටියාය.මෙම නඩුවේ මූලික සාක්ෂි විභාගය අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ අතර වැඩිදුර විභාගය සදහා විශේෂ මහාධිකරණය වෙත යොමුකර තිබුණි.  
     
    (අනුරාධපුර මධ්‍යම විශේෂ)
    [rns_reactions]