Tag: featured

  • මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ හිතුමනාපෙට වැඩකරන කළමණාකරන යක්ෂණියක් ගැන තොරතුරු එලියට…

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව යනු දේශපාලණික වශයෙන් පුවත් මැවු ප්‍රසිද්ධ ස්ථානයක් බව ඔබ සැවොම දන්නා කරුණකි. එහෙත් දේශපාලණය නොමැති පසුබිමක නිලධාරිවාදය තදින්ම හිස ඔසවා ඇති මර්මස්ථානයක් ලෙස වර්තමානයේ එම රජයේ ආයතනය හැදින්වුවාට කිසිදු වරදක් නැත. එහි සිටින්නේ රජයේ නිලධාරින් වුවත් ඇතැම් නිලධාරින් උපාධි සහ තනතුරු නිසා ඔලුව උදුම්මාගෙන තම සහෝදර සේවකයන්ට කරනා නොමනා ක්‍රියා පිළිබද අපට තොරතුරු රැසක් ලැබි ඇත.. මේ සියලු තොරතුරු අපට ලබාදුන්නේ බිම් මට්ටමේ සිටින සනිපාරක්ෂක සේවකයින් විමද සුවිශේෂි සිදුවිමකි. ලැබුනු පැමිනිලි මත අප ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පුවත්පත් මාධ්‍යවේදියෙක් සමගින් ඉහත චෝදනාවල ඇත්ත නැත්ත සෙවිමේ මෙහෙයුම ආරම්භ කළෙමු..

    ප්‍රාදේශිය සභාවේ මේ සියලුම චෝදනා එල්ල වන්නේ අන් කිසිවෙකුට නොව නිවාඩු විෂය සහ ණය ලබාදිමේ විෂය සිදුකරන ලිපිකාරිණිය වෙතය. තනතුර කළමණාකරන සහකාර වුවත් ඇය තම උපාධිය නිසාවෙන් දැඩි ලෙස හිස උදුම්මාගෙන සිටින බව සදහන්. ළගදි විවාපත් වු ඇය ඩෙංගු රෝගයටද ගොදුරු වි රෝහල් ගතව සිටි බවද තොරතුරු සෙවු අපට දැනගන්නට ලැබුණි.

    මෙම ලිපිකාරිණිය අමුතු පහේ චරිතයකි. කාර්යාලයේ ලේකම්ට පවා අවනත නොවි කටයුතු කිරිමට මැය බලවත් වි ඇත. ඒ ඇය පසුපස සිටින ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායකගේ බලය නිසා බව තතුදත්තෝ අපට පැවසිය. සෝලංග සභාපතිතුමා ඉන්නකම් ඔය ගෑනි කලේ හතුරුකම්. සභාපතිතුමා ඔෆිස් ආපු හැමදවසකම ඔය ගෑනි බැල්ලියෙක් වගේ බැනුම් අහනවා. ඒ කාලේ ඒකි කලේ සැලසුම් අංශයේ වැඩ. වැඩක් කරගන්න හරි අමාරුයි. ලොකු ගැස්.. සභාපතිතුමා මිනිස්සු වෙනුවෙන් මානුෂික පදනම යටතේ කරන්න එවන වැඩ මේකි තඹ සතේකට ගනන් ගත්තේ නෑ. පොඩ්ඩ ගැස්සිච්ච ගමන් ඇගට ගොඩවෙනවා. සභාපතිතුමාව විනාශ කලේ ඔය ගෑනි. හරි උගත් ගෑනි කියලා අලි ඔලුවෙන් හිටියේ.. ඒ ජනතාව මතක් කල ඇයගේ අතිතයයි.. කෙසේ හෝ අපේ වාසනාවට උප කාරයාලයෙන් එයා ගියා.. පුදුම සහනයක්. ඒ උප කාර්යාලයේ සේවකයෙක් අපට පැවසු දෙයකි..

    අනතුරුව නිවාඩු විෂයභාර ලිපිකරු ලෙස ඇයව ප්‍රධාන කාර්යාලයට කැදවා ඇත. නිවාඩු අනුමත කරගන්නට ඇය වෙත යන සුලු සේවකයන්ට ඇයගේ පඩත්තර රෙස්පෙක්ට් බලන්නට සිදුවි ඇත. 

    මහත්තයෝ දවසක් මම ටැක්ටරේ  වැඩකරලා ඉවරවෙලා අතපය හෝදගෙන ගිය ඔය ගෑනිව හම්බවෙන්න.. මගේ දුව ලොකු ළමයෙක් වෙලා හින්දා හෙට නිවාඩුවක් ඉල්ලගන්න ගියේ. මම එතැනට ගිහින් …. මිස් කියද්දිම මේකි එහා පැත්තේ හිටපු නෝනට කියනවා මාර ගදක් නේද? කුණු කන්ද මෙතනට ඇවිත් වගේ කියලා හයියෙන් හිනාවුනා.. මහත්තයෝ අපි කුණු එක්ක තමයි ඉන්නේ. කුණු ගදයි තමයි අපේ ළග. අපිට උන් වගේ 4.15ට ගෙදර දුවන්න බෑ. ඕකුන් අද ඔතන ඉන්නේ අපි හින්දා.මම ආයෙත් … මිස් කියලා කතාකලාම අද නෑවේ නැද්ද කියලා ඇහුවා.. මම එතනට යද්දි 2. මම කිවුවා මිස් මගේ ළමයා ලොකු ළමයෙක් වෙලා. මට හෙට නිවාඩුවක් ගන්න ආවේ කියලා.එහෙම නිවාඩු දෙන්න බෑ. මේකේ නිතියක් තියෙනවා. ඔයා කොහොමද එහෙම නිවාඩු ඉල්ලන්නේ? බෑ එහෙම දෙන්න බෑ.. මම දුවගේ උත්සවේට ගියේ නිවාඩු නොදමා මහත්තයෝ.. ඒකට නෝ පේ දාලා තිබුණා ඔය ගෑනි..

    තත්වය එසේ තිබියදි මැයට ඩෙංගු වැළදිම නිසා සති දෙකක් මැය නිවාඩු ලබාගෙන ඇත. ප්‍රථම සතිය නිවසේ ගතකර ඇති මැය විවාහය සදහාද දින ගණනාවක් තමනට සිත්සේ නිවාඩු ලබාගෙන ඇත. පුවත්පත් වාර්තාකරු අපට ඒ සියලු තොරතුරු ලබාදිමට උපායශිලිව කටයුතු කලේය..

    තමනට ගොට්ට අල්ලන අයට ඉතා හොදින් සැලකිමටද මැය කටයුතු කරයි. ව්‍යාපෘති සේවකයින් 4දෙනෙකුට ඔවුන් සේවයට පැමිනියත් නැතත් වැටුප් ලබාදිමට මැය කටයුතු කරයි. පසුගිය මාසයේද එය එලෙසම කර ඇත. තමනට හිමිවු ස්ථාන මාරුව විපක්ෂනායකගේ බලපුළුවන්කාරකම් මතින් අත්හිටුවාගත් මැය සමස්ථ ප්‍රාදේශිය සබාවටම විශාල හිසරදයක් බවට පත්වි ඇත.

    රජයේ සේවකයින්ට ලැබෙන පහසුකමක් වන මාස 10න් ගෙවිය යුතු ණය මුදල ලබාදිමේදි මැයගේ යක්ෂගති යලිත් ඉතා හොදින් දැකගත හැකිවිය. තම එහෙයියන්ට ඉක්මනින් එය ලබාදුන් ඇය තමන්ට එරෙහිව අදහස් පළකල අයගේ ලිපිගොනු අස්ථාන ගතකිරිමට පවා කටයුතු කර ඇත. තමන්‍ට දරුවා ලැබිමට ආසන්න වු අවස්තාවක මුල්‍ය අවශ්‍යතා පැණ නැගුණු සේවක පියෙක් එම ණය මුදල ඉල්ලා ඇති අතර මේ වනතුරු ඔහුට එය ලබාදිමට මේ යක්සණිය කටයුතු කර නැත. පුද්ගලික කෝන්තර පිරිමැසිමට තම බලය පාවිච්චි කරනා මෙවැනි යක්ෂනියන්ව සමස්ත රාජ්‍ය සේවයෙන්ම පළවාහැරිය යුතු බව අපේ විශ්වාසයයි..

    වගකිවයුතු බලධාරින් නිසි පියවර නොගතහොත් නුදුරේදිම මැයට එරෙහිව ප්‍රාදේශිය සභාවේ සුළු සේවකයින් සියල්ල වැඩවර්ජනයකට පවා සුදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර ඇත. සිදුවිය යුත්තේ අපට තොරතුරු ලබාදුන් සේවකයින්ව සෙවිම නොව අදාළ කළමණාකරන සහකාර තනතුරේ සිටින යක්ෂණියව හැකි ඉක්මණින් ප්‍රාදේශිය සභාවෙන් පමනක් නොව සමස්ත රාජ්‍ය සේවයෙන්ම පළවාහැරිම බව අප නිසි බලධාරින් හට අවධාරණය කරන්නෙමු.

    [rns_reactions]

  • "ගැටලු එමටය. සිදු වන්නේ කතා කිරීම පමණය. කිසිවක් විසඳෙන බවක් පෙනෙන්නටද නැත" රංගේ බණ්ඩාර ලියු ආන්දෝලනාත්මක ලිපිය මෙන්න..

    අඳුරේ අත පත ගාමින් තවත් ලත වෙන්නට කාලයක් නොමැත. පොදුවේ ගත් කල ජනතාවගේ නියෝජිතයින් ලෙස ජනතාවට සේවය කළ යුතුව තිබූ කාලය බොහෝ ගෙවී ගොස් ඇති අතර තවත් ඉතිරිව ඇත්තේ සුළු කාල පරිච්ඡේදයක් පමණි. ජනතාව අතරින්ම තේරී පත්වන දේශපාලන නායකයින් සහ සමාජය අතර පවතින දුරස් බව වහාම මකා දැමීමට පියවර ගත යුතුය. ආණමඩුව ඇතුළු පුත්තලම දිස්ති‍්‍රක්කයේ කදුළු උල්පත් දෙස බලා දේශපාලන තලයෙන් මිදී සාමාන්‍ය වැසියෙකු ලෙස ලියන මේ ලිපිය කිසිවකුගේ හෝ හිත් රිදවීමට ලියන්නක් නොව, අමතක වී ඇතැයි ද සිතිය හැකි යමක් යළි සිහිපත් කරන්නට ගන්නා උත්සාහයකි මේ.

    එදා මෙදාතුර දේශපාලනයේ පුත්තලම දිස්ති‍්‍රක්කයට ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. මේ බව විවෘතව ප‍්‍රකාශ කිරීමට මා පසුබට නොවෙමි. ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික වන පරිදි විවිධ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක වුවද පුත්තලමට උදා වූ වසන්තයක් හෝ අරුණැල්ලක් නොමැත. අදුරු හා මර්දනකාරී දේශපාලන රාමුව දෙපළු කරමින් සිදු වූ පෙරළිය දෙස ද පුත්තලමේ ජනතාව බලා සිටියේ බලාපොරොත්තු සහගතවය. බල හුවමාරු මතින් සියල්ල වෙනස් වුවද පුත්තලම තවමත් ගල් ගැසී සිටින්නාක් මෙනි.

    පුත්තලමේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලසීම ප‍්‍රමුඛ කාර්යයක් ලෙස සැලකිය යුතු වුවද එයද ගගට කැපූ ඉනි මෙන් යැයි කීමට සිදුව තිබේ. ගොවි ගැටලු විසඳීම ද, ජන ජීවිතය හා ආර්ථිකය නගා සිටුවීමද මංමාවත් පිළිසකර කිරීම මෙන්ම රැකියා අවස්ථා උදා කිරීම ද තාමත් පොරොන්දුවලට පමණක් සීමා වී තිබේ.

    පුත්තලම අධ්‍යාපන කලාපයේ පමණක් මේ වන විට පාසල් හයක් පමණ වැසී ගොස් තිබේ. ඒ මේ රටේ පාලකයින්ගේ වරදේ පිළිබිඹුවකි. එහෙත් එම පාසල් යළි විවෘත කිරීම හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා ප‍්‍රගුණ කිරීම උදෙසා විකල්ප කි‍්‍රයාවලියකට අවතීර්ණ වීම හෝ ජනතාවාදී පාලනයක අරමුණ විය යුතුය. පුත්තලම උතුර අධ්‍යාපන කලාපයට අයත් සියඹැලෑව හා මුරුක්කුවටවන යන පාසල්ද ආණමඩුවට අයත් පියසුමනගම හා ගල්කුලම යන පාසල්ද 2000 වසරේ සිට වසා දමා ඇත්තේ උගැනීමට දරුවන් නොමැති නිසා නොව, ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් ඇතුළු පහසුකම් නොමැති නිසාය. පල්ලම කොට්ඨාසයට අයත් කළුකැලේ හා වීහේන්කට්ටුව යන පාසල්වලටද එම තත්ත්වයම උදා වී තිබේ. පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල්වල පවතින ගුරු හිඟය ගණනින් 884 කි. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ගුරුවරුන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වුවද පවතින ගැටලුවට විසඳුම් ලැබී නැත. මෙම තත්ත්වයන් සමනය කරමින් පුත්තලමේ දරු දැරියන්ට අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළද ඒවාට මේ දක්වා නිසි පිළිතුරු ලැබී නොමැත. ප‍්‍රදේශයේ දරු දැරියන් වෙනුවෙන් ජාතික පාසලක් ආණමඩුවේ පිහිටුවීමට බලය ලැබුණූ දා සිට උත්සාහ කළද එයටද එල්ල වූයේ බාධා පමණි. ලිඛිතවත් වාචිකවත් විසඳුම් ඉල්ලා සිටියද මේ දක්වාම ලැබුණු විසඳුමක් නැත. එහෙත් ප‍්‍රදේශයේ ජනතාව ජාතික පාසලක සිහිනය දකිමින් සිටිති. විද්‍යාගාරයක් කිසිදා නොදැකපු, පුස්තකාලයක පහසුකම් අත් නොවිඳපු දරු දැරියන්ගේ සිහින සැබෑ වන්නේ කවදාදැයි පුත්තලමේ ජනතාව ප‍්‍රශ්න කරමින් සිටිති.

    ගොවි ආර්ථිකය හා ධීවර කර්මාන්තය ජීවිකාව කරගත් ඇත්තන්ගේ කතාවද සුන්දර නොවේ. වැව් ගොඩවෙමින් පවතින, ජල අර්බුදය උඩුදුවමින් පවතින වට පිටාවක ජීවිතය ජයගැනීමට තවමත් ගොවි ජනතාව දහදිය වගුරුවමින් දැවැන්ත උත්සාහයක නිරත වන්නේය. ප‍්‍රදේශයේ වාරි පද්ධතිය දියුණු කිරීමටත් ගොවි ජනපදවලට පහසුකම් සැලසීමටත් ගන්නා වූ සියලු කි‍්‍රයාමාර්ග කඩදාසි කොළවලට සීමාවූ ලියවිලි බවට පමණක් පත්ව තිබේ.

    මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි කී වදනේ අර්ථය පුත්තලමේ ගොවියාට සිහිනයකි. නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකරන මොහොතේ ලබා දුන් පොරොන්දුව වූයේ සියයට පණහක සහනයක් සහිතව පුත්තලමේ ගොවීන්ට විදුලිය ලබා දෙන බවයි. ඒ වගක් අද කිසිවෙකු හෝ කතා කරන්නේ නැත. එය ජනතාව විසින්ද සිහි බුද්ධියෙන් යුතුවම අමතක කර දමා ඇත්තේ වේදනාව යම් තරමකින් හෝ සමනය කර ගැනීමට විය යුතුය. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති ගොවි බිම් නිදහස් කර ගැනීමද ගලෙන් පට්ට ගැනීමේ කි‍්‍රයාවලියකට සමාන වූවකි.

    පානීය ජල ප‍්‍රශ්නයද මේ වන විට උඩුදුවමින් පවතින අර්බූදයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. ටිකෙන් ටික විසඳිය යුතු ප‍්‍රශ්න කෙරෙහි නිසි අවධානය යොමු නොකළ නිසා ඒවා අර්බුද බවට පත්වූ විට විසඳුම් ලබා දෙන්නේ කෙසේදැයි කල්පනා කර බැලිය යුතු නොවන්නේද ? ජලය හා බැඳුණු වකුගඩු උවදුරද මේ වන විට පුත්තලමද වෙලා ගනිමින් තිබේ. කර්මාන්ත ශාලාවලින් පිටකරන අපද්‍රව්‍ය අනාරක්‍ෂිත ලෙස බැහැර කිරීම ඇතුළු කරුණු ගණනාවක් මීට හේතු වී තිබේ.

    අල්ලපු වැටේ පිහිටි කුරුණෑගල හෙද අතිරික්තය 100 ඉක්මවයි. එහෙත් පුත්තලමේ ඇත්තේ උග‍්‍ර හෙද හිගයකි. වෛද්‍යවරුන් මෙන්ම රසායනාගාර පහසුකම්ද පුත්තලමට ප‍්‍රමාණවත්ව ලැබී නැත. මෙම අඩුපාඩු මගහරවා දෙන ලෙසට කර ඇති ඉල්ලීම් සඳහා ලැබෙන ප‍්‍රතිචාරද අතිශය මන්දගාමීය. හලාවත,මාරවිල, ආණමඩුව, නවගත්තේ්ගම, අලූත්ගම, පුත්තලම ඇතුළු සෑම රොහලකම ගුණාත්මක සේවාවකට අවශ්‍ය වන්නා වු පහසුකම් නොමැත.

    ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට සම්බන්ධ ආයතනයක් පුත්තලමේ පිහිටුවීමටත් හෝටල් පාසලක් හා සාගර විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කළේ ප‍්‍රදේශයේ තරුණ පරපුරටද යමක් උරුම කිරීමේ අභිප‍්‍රාය ඇතිවය. වෘත්තීය පුහුණුව මනා ලෙස ලැබීමට උචිත ආයතනයක් පුත්තලම දිස්ති‍්‍රත්තයේ නොමැත. එබැවින් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට සම්බන්ධ ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය ඉඩමක් පවා වෙන් කර දීමට පියවර ගෙන තිබියදී ඊට රජයෙන් ඉටු විය යුතු යුතුකම් නිසි පරිදි ඉටු වී නැත. හෝටල් පාසලටද සාගර විශ්ව විද්‍යාලයටද අත්වූයේ එම ඉරණමමය. මේ සියලූ ඉදිකිරීම් අවශ්‍ය ව්‍යාපෘති යෝජනා සකස් කර අවශ්‍ය ඉඩම් නිදහස් කර දායක වුවද එම ඉල්ලීම් සඳහා මෙතෙක් ප‍්‍රතිචාරයක් නොලැබීමට තරම් පුත්තලමේ තරුණ පරපුර අවාසනාවන්ත දැයි මදකට කල්පනා කර බැලූවෙමි.

    මිරිදිය හා කරදිය ධීවර කර්මාන්තය එක ලෙස පවතින පුත්තලම වැනි ප‍්‍රදේශක සාගර විශ්ව විද්‍යාලයක් පිහිටුවීම ඉතා වැදගත් බව තතු දත් සියලු දෙනාගේම විශ්වාසයයි. එහෙත් ඔවුන් ඒ දෙසවත් හැරී නොබලන්නේ ඇයිදැයි වටහා ගැනීම අපහසුය. තරුණ පරපුරට ඇත්තේ ආණමඩුව වෘත්තීය පුහුණු ආයතනය පමණකි. එම ආයතන දියුණු කරමින් ප‍්‍රදේශයේ තරුණ පරපුරට අත දීමට උත්සාහ කළද ඊට අවශ්‍ය කැබිනට් සංදේශය පවා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකිරීමට තරම් ඇතැමුන් අකාරුණික වීම පිළිබඳ මම හදවතින් ප‍්‍රශ්න කර සිටින්නෙමි. ඒ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට හරවා යවන්නට ඉඩ දීම ජනතා සේවයේ කොටසක් වන්නේ නම් අපට කියන්නට සිදු වන්නේ අනාගතයට දෙයියන්ගේ පිහිටයි කියාය.

    ධීවර කර්මාන්තය වෙනුවෙන් නවීන පහසුකම් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයකි. පුත්තලමේ ධීවර කර්මාන්තයේ යෙදී සිටි පවුල්වලට තාක්‍ෂණික ඥානය ලබා දීම කර්මාන්තයේ යහ පැවැත්මටත් මතු දියුණුවටත් හේතු වන්නේය. අනාදිමත් කාලයක සිටි ධීවර කර්මාන්තය කි‍්‍රයාත්මක වන පුත්තලමට ශීතාගාරයක් ලබා දීමටවත් මේ දක්වා පියවර ගෙන නොමැත. ආණ්ඩු කළ කවුරු කවුරුත් එහි වගකීම බාර ගත යුතු වුවද කිසිවකුට ඇඟිලි දිගු නොකර වර්තමානයේ වගකීම ඉටු කිරීම නුවණට හුරු බව මාගේ විශ්වාසයයි. ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා ලියවිලි ලෙසින් පමණක් විවිධ ස්ථානවල තැන්පත් වී තිබෙන්නේය.

    මේ අතර පුත්තලමට මෙන්ම රටටම වැදගත් වන්නාවූ විල්පත්තුව පරිසර පද්ධතියද විනාශ කරමින් තිබේ. මෙම විනාශය නතර කිරීමට නොහැකි තරමටම ප‍්‍රබල වී ඇත්තේ ඊට සෘජු මැදිහත්වීමක් සිදු නොවන නිසාවෙනි.

    පුත්තලමට ලැබුණු සියල්ලම පාහේ ලැබුණු කර්මාන්තද හොඳ තත්ත්වයේ ඒවා නොවේ. කල්අඩිය යකඩ උණු කිරීමේ කර්මාන්තය, පුත්තලම සිමෙන්ති කර්මාන්තය හා මාදම්පේ කි‍්‍රයාත්මක බැට්රි සඳහා ඊයම් උනු කිරීමේ කර්මාන්තයද එවැනි කර්මාන්ත ලෙස හදුන්වා දිය හැකිය. වායුගෝලයද, ජල මූලාශ‍්‍රද, පරිසරයද විනාශවන අන්දමින් සිදුවන මෙම කර්මාන්ත පිළිබඳ ඇගයීමක් සිදු කිරීමට හෝ නිසි අවදානයක් යොමු නොවීම කණගාටුවට කරුණකි. ජලමූලාශ‍්‍රවලින් ද වාතාශ‍්‍රයෙන්ද පරිසරයට බලපෑම් එල්ලවීම හමුවේ පුත්තලම ජනතාවට උරුම වී ඇත්තේ ලෙඩ රෝග පමණකි. ඒවා ඇති වූ විට ප‍්‍රතිකාර ගැනීමට අවශ්‍ය පහසුකම් හෝ රෝහල්වල නොවීමෙන් පුත්තලම ජනතාව කෙරෙහි දක්වා ඇති කරුණාව මනාව පෙනෙන්නට තිබේ.

    මේ අතර තවත් යෝජනාවක් යළි කරළියට පැමිණෙමින් තිබේ. කොළඹ එක්රැුස්වන ටොන් ගණනක් වන කුණු පුත්තලමේ අරුක්කාලූව ප‍්‍රදේශය මුදා හැරීමට මාන බලමින් සිටී. මෙය සිදු කරන්නේ නම් වඩාත් ක‍්‍රමවත්ව හා තාක්‍ෂණික භාවිතාවන්ට අනුව සිදු කළ යුතුය. එසේ නොවන්නේ නම් මහ විනාශයක් සිදු වීම වළක්වාලිය නොහැකිවා සේම එයද පැලැස්තර විසඳුමක් වනු නිසැකයි. පුත්තලමේ සිට යාපනය දක්වාම හුණුගල් පාෂාණයක් ඇති බව පරිසරවේදීන් පෙන්වා දී තිබේ. අරුක්කාලූව ප‍්‍රදේශයේ වළවල් හෑරී ඇත්තේ මෙම හුණු ගල් සිමෙන්ති නිෂ්පාදනය සඳහා යොදා ගැනීම හේතුවෙනි. දැන් යෝජනාව වන්නේ මෙම වළවල් පිරවීමට කසල යොදා ගැනීම යෝග්‍ය බවයි.

    මෙම ස්ථානවලට කසළ බැහැර කිරීම සුදුසු නොවන බව දැනුම්වත් පුද්ගලයින් විසින් ප‍්‍රකාශ කර තිබේ. හුණුගල් තට්ටුවට එකතුවන විෂ රසායන ජල මූලාශ‍්‍රවලට එකතු වීම, කඩොලාන විනාශ වීමට ප‍්‍රබල හේතුවක් වීම සහ ඒ ආශ‍්‍රිත මත්ස්‍ය ප‍්‍රජාව විනාශ වීම, වකුගඩු උවදුර, පිළිකා වැනි රෝග පැතිර යාම ඇතුළු කරුණු කාරණා රැසක් පෙන්වා දෙමින් පරිසරවේදීන් ද විද්‍යාඥයින්ද මේ පිළිබඳ අනතුරු අඟවා තිබේ. පරිසරවේදීන්ගේ කාර්ය පරිසරවේදීන්ටත් විද්‍යාඥයින්ගේ කාර්ය විද්‍යාඥයින්ටත් පවරා සත්‍ය තේරුම් ගෙන නිවැරදි දේ කරනවා වෙනුවට සියල්ල දත් පුද්ගලයින් ලෙස දේශපාලනඥයාම කටයුතු කිරීම ගැටලු ප‍්‍රශ්න බවටත්, ප‍්‍රශ්න අර්බූද බවටත් පත්ව තිබේ.

    ගැටලු එමටය. සිදු වන්නේ කතා කිරීම පමණය. කිසිවක් විසඳෙන බවක් පෙනෙන්නටද නැත. මිනිසුන් පැමිණිලි කරයි. කළ යුතු දෙයක් නොමැති තැන අපි ඒවා සාවදානව අසා සිටිමින් විදගෙන සිටිමු. පුත්තලම මෝඩයන්ගේ පාරාදීසයක් නොවේ. එලෙස සිතමින් කටයුතු කරන්නේ නම් ඒ සෑම කෙනෙකුගෙන්ම ඉල්ලීමක් කළ යුතුය. එනම් එසේ සිතීමෙන් පසුව ආපසු හැරී බලන ලෙසයි. බුද්ධියෙන් විමසා බලන්නේ නම් සැබෑවටම මෝඩ මනසක් ඇත්තේ කාටදැයි තේරුම් ගැනීමද අපහසු නොවනු ඇත. එහෙත් එදාට ආපසු හැරීමට තරම් කාලයද ඉතිරිව නොතිබීමට පුළුවන. එතෙක් බලා සිටින්නේ නම් පුත්තලමේ ජනතාවද සියල්ලන් වෙනුවෙන් පිං අනුමෝදන් කරනු නිසැකයි.

    පාලිත රංගේ බණ්ඩාර

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය
    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

    [rns_reactions]

     
  • මෙම සැකරුවන් හදුනන්නේනම් පොලිස්පතිගෙන් ඔබට වටිනා තෑග්ගක්…

    පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමට වෙඩි තබන්නට පැමිණි පුද්ගලයන් ආ යතුරුපැදිය වෙඩි ප්‍රහාරයට පැය කිහිපයකට පෙර මිලදී ගැනීමට පැමිණි සැකකරුවන් දෙදෙනකු පිළිබඳව ලද විස්තර අනුව ඔවුන්ගේ හැඩරුව පොලිස් චිත්‍ර ශිල්පීන් විසින් චිත්‍රයට නඟා තිබේ.

    සිද්ධිය වූ දිනයේ පස්වරුවේ දෙල්ගොඩ ප්‍රදේශයේ යතුරුපැදි අලෙවිසලකින් මොවුන් දෙදෙනා මෙම යතුරුපැදිය මිලදී ගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

    සී.සී.ටී.වී. කැමරා දර්ශන උපයෝගි කර ගනිමින් එම සැකකරුවන් දෙදෙනාගේ රුව මෙලෙස චිත්‍රයට නඟා ඇති අතර ඔවුන් පිළිබඳ තොරතුරු වෙතොත් පහත දැක්වෙන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    එසේම එම සැකකරුවන් පිළිබඳ සාර්ථක තොරතුරක් ලබාදෙන පුද්ගලයකුට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විශේෂ මුදල් ත්‍යාගයක් ලබා දීමටද කටයුතු යොදා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

    පොලිස් අධිකාරි නුගේගොඩ කොට්ඨාසය
    ජංගම දුරකතනය _071 _ 8591641
    ස්ථාවර දුරකතනය _011 _ 2852555

    අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය (CCD)
    ජංගම දුරකතනය _071 _ 8591727

    ස්ථාවර දුරකතනය 011 _ 2662323

    24 Hour Hot Line  – 011 _ 2685151

    01 වැනි ඡායාරූපය

    වයස අවුරුදු 30 _ 35 අතර අඩි 05 අඟල් 03ක් පමණ උස කළු පැහැති කෙට්ටු සිරුරකින් යුත් මුහුණ තරමක් දිගැටි පුද්ගලයෙකි. මෙම පුද්ගලයාගේ එක් පාදයක ආබාධයක් පවතින අතර තරමක් කොර ගසන ආකාරයක් පෙන්නුම් කරයි.

    02 වැනි ඡායාරූපය
    වයස අවුරුදු 38 _ 42ත් අතර අඩි 5 අඟල් 06ක් පමණ උස සුදු පැහැති සාමාන්‍යයෙන් මහත සිරුරකින් යුත් පුද්ගලයෙකි.

    [rns_reactions]

     
  • සංවිධානාත්මක කල්ලි රටේ අතිශය බිහිසුණු තත්ත්වයක් ඇතිකිරීමට උත්සාහයක යෙදෙන බවට තොරතුරු…

    සංවිධානාත්මක කල්ලි අපේ රටට සරණාගතයන් ලෙස පිරිස් යොමු කරමින් නොදුරු අනාගතයේ රටේ අතිශය බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කරන වාතාවරණක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
    එම නිවේදනය මෙසේය.
    අපේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ විශාල පිරිසකගෙන් යුතු බෝට්ටුවක් පසුගිය 30 වෙනිදා ත්‍රිකුණාමලයේ වෙරළින් අත්අඩංගුවට ගත් බව නාවික මාධ්‍ය ප්‍රකාශක විසින් ප්‍රකාශයට පත්කරන ලදී. මාධ්‍යයන්හි වාර්තා වූ පරිදි මේ පිරිස මියන්මාර් (බුරුම) ජාතිකයන් බවත් එහි බෞද්ධ, මුස්ලිම් ගැටුම නිසා මීට වසරකට පමණ පෙර ඉන්දියාවට පලා ඇවිත් බවත් හෙළි විය. ඒ අනුව ඉන්දියාවෙන් ලංකාවට මොවුහු පැමිණ ඇත්තාහ.
    මීට කළින් වාර්තා වූ පරිදි බංග්ලාදේශයෙන් මෙලෙස පැමිණි පිරිසක් බූස්සේදීද නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වූහ. තවද වසරකට පමණ පෙර එක්දහස් පන්සියයක පමණ පිරිසක් සරණාගතයන් ලෙස අප රටට පැමිණ අනවසරයෙන් මීගමුවේ සැරිසරති.
    එසේම පකිස්ථානයෙන් පැමිණි මූලධර්මවාදීන් පිරිසක් ස්වකීය ආගම ප්‍රචාරය කරමින් සිටින බවත් වාර්තා වී ඇත.
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිවිසුම් ප්‍රකාරව මෙලෙස සරණාගතයන් ලෙස පැමිණි සැමට රැකවරණය සැලැස්වීමට බැඳී ඇති බැවින් මොවුන් මෙහෙයවන සංවිධානාත්මක කල්ලි එහි උපරිම වාසිය සලසා ගනිමින් නොදුරු අනාගතයේ අපේ රටේ අතිශය බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කරනු ලැබේ. එම නිසා සරණාගතයන්ගේ වේශයෙන් අප රටට ඇතුළු වන මේ පිරිස් පිළිබඳ දැඩි අවධානයෙන් ක්‍රියා කරමින් අනාගතයේ සිදුවිය හැකි මහා ව්‍යසනයෙන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර රජය ගත යුතුයි.

    [rns_reactions]

  • "මංගල,චමල් ,කබීර් හෂීම්, තලතා,සුජීව ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම වාහන හොරු" ඇග හිරි වැටෙන මේ කතාව ඔබ ඇසුවාද?

    “මංගල,චමල් ,කබීර් හෂීම්, තලතා ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම වාහන හොරු” ඇග හිරි වැටෙන මේ කතාව ඔබ ඇසුවාද?

    [rns_reactions]

  • රටේ ඉඩම් විකුණපු මහින්දගේ මැයි රැලියට චීනයෙන් පකිස්තානයෙන් සල්ලි ගලපු හැටි එලියට…

    ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට චීනය පාකිස්තානය මෙන්ම තවත් රුපියල් කෝටි 18ක මුදලක් එකතු කර දුන් මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් සිදු කරමින් සිටින බව වාර්තා වී තිබේ.

    මෙරට ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් මේ වන විට බුද්ධි වාර්තාවක් ද නිකුත් වී තිබෙන අතර එම බුද්ධි වාර්තාවට අනුව මහා මාර්ග ඉදිකිරීම් සහ මෙගා පොලිස් ව්‍යාපෘතිය ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර කටයුතු කරන කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනකු මේ සඳහා රුපියල් මිලියනය බැගින් ආධාර ලබා දී ඇති අතර මෙරට මහා පරිමාණ පානීය ජල බෝතල් කර්මාන්තයේ නිරත සමාගමක් ද ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය සඳහා මූල්‍ය ආධාර වෙනුවට වතුර බෝතල් ලක්ෂයක් ලබා දී ඇත.

    එසේම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනකු බුද්ධි වාර්තාවේ නම් සඳහන් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු අමතා මේ පිළිබඳ විමසා ඇති බවත් එහි දී හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පාලන සමයේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් කළ උදව් උපකාර සිහිපත් කර මේ අවස්ථාවේ රැලිය සඳහා ආධාර කරන ලෙස දුරකථන මාර්ගයෙන් සිදු කළ ඉල්ලීමට අනුව තමන් අදාළ ආධාර මුදල් සැපයූ බව එම ව්‍යාපාරිකයන් පිළිගෙන ඇති බව ද වාර්තා වෙයි.

    මේ ආකාරයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය සඳහා චීනය සහ පාකිස්තානය ආධාර කර ඇති බවට පළව ඇති වාර්තා සම්බන්ධව වැඩිදුර විමසීම සඳහා අප විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැත.

    [rns_reactions]

  • වාසුගේ බහට නටන උතුරේ වීගිට ලබන පාර චාන්ස් නෑ – දෙමල සන්ධානයෙන් තීරණයක්…

    ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් සභා ප්‍රාධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට දෙමළ සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට එම පක්ෂය අභ්‍යන්තර තීරණයක් ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    විග්නේෂ්වරන් වෙනුවට දෙමළ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රී ධරන් මහතා ඉදිරිපත් කළ යුතු යැයි දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාවකට පත්ව සිටින බවත් දැනගන්නට තිබේ.

    විග්නේෂ්වරන් මහතා පක්ෂ මතය හා එකඟ නොවී වෙනත් සන්ධානයක් සඳහා අනුබල දීම වැනි හේතු කාරණා ගණනාවක් මෙම තීරණයට සඳහා බලපා ඇතැයි වාර්තා වෙයි.

    උතුරු පළාත් සභාවේ මීළඟ මැතිවරණය ලබන වසරේදී පැවැත්විය යුතුව ඇත.

    [rns_reactions]

  • අවුලෙන් ඉන්න හරීන්, සුජීව, හර්ෂ, රංගේ බණ්ඩාර, බුද්ධික පතිරණ, පියසේන ගමගේට ඇමති ධුර.

    රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා චීන සංචාරය නිමවා පැමිණ විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කරන බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මගින් ලෙස සනාථ කොට ඇත.

    මේ අතර විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් සඳහන් කරනුයේ එම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි මුදල්, මහාමාර්ග, පලාත් සභා හා පාලත් පාලන සහ ධීවර වෙනුවෙන් නව අමාත්‍යවරු පත්වෙන බවයි.

    මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර සඳහා වැඩි වගකීම සහිත අමාත්‍ය ධූරයන් යෝජනා කොට ඇත්තේ මෛත්‍රී පාර්ශවයෙනි.

    එමෙන්ම එජාපය ඇති වි තිබෙන ගැටුම්කාරී තත්ත්වයට පිලියමක් ලෙසින් හරීන් ප්‍රනාන්දු, සුජීව සේරසිංහ, රංගේ බණ්ඩාර, හර්ෂ ද සිල්වා සඳහා වගකිය යුතු අමාත්‍ය ධූරයන් මෙන්ම මාතර දිස්ත්‍රික්ය නියෝජනය කරන බුද්ධික පතිරණ සඳහා නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට යෝජනා වි ඇත.

    එමෙන්ම පැහැදිලිවම රවි කරුණානායක සහ ලක්ෂමන් කිරිඇල්ල සඳහා වෙනත් අමාත්‍යාංශය පැවරීමටත් ගාල්ල දිස්ත්‍රික්ය සඳහා ගිතා කුමාරසිංහ වෙනුවෙන් පත්වීමට නියමිත පියසේන ගමගේ වෙනුවෙන් වැදගත් අමාත්‍ය ධූරයක් ලබාදීමට සැලසුම් කරන බව ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශ්වයේ ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරයි.

    [rns_reactions]

  • මෝදිගේ කතාව ගැන මුරලිගේ අදහස මෙන්න… කියවන්න දැනගන්න…

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ශ්‍රී ලංකාවේ කල සංචාරයේදී කල ප්‍රකාශයක් සමබන්දයෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තම පුදුමය පල කර ඇත.

    ඉන්දීය අගමැතිවරයා ලංකාවේ සිටින ඉන්දීය සමබවයක් ඇති දමිළ පිරිසක් අමතමින් පවසා සිටියේ ක්‍රිකට් පිටියේ සුපිරි වීරයකු වූ මුරලි ඔබලාගේ නිර්මානයක් බවයි.මෙලෙස ඉන්දීය අගමැතිවරයා තමාගේ නම ප්‍රකාශ කිරීම පිළිබඳව මුරලි පුදුම වී ඇත.

    “ඇත්තටම මට පුදුමයි ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ නායකයට ඒ කතාවේදී මගේ නම මතක් වුන එක ගැන.ඇත්තටම මගේ නමත් එක්ක මගේ රටේ අනන්‍යතාවය ඉස්සරහට යන එක ගැන ගොඩක් ආඩම්බරයි මට.”

    “මට ඇත්තටම ලොකු සම්බන්දයක් තියෙන්නේ ඉන්දියාවත් එක්ක,අපේ මුතුන් මිත්තන්ට ලොකු සම්බන්දයක් තිබුනා ඉන්දියාව එක්ක මම ඒ සම්බන්දය තමයි තව දුරටත් ඉස්සරහට ගෙනියන්නේ,ඔයාල දන්නවනේ මගේ බිරිඳත් දකුණු ඉන්දීය කාන්තාවක්.”

    “ඇත්තටම ඉන්දියාව අපේ ලොකු අයිය වගේ,ඉන්දියාවට පුළුවන් අපේ රටේ දියුණුව වෙනුවෙන් ගොඩක් සහය වෙන්න,ඇත්තටම අපේ රටවල් දෙකේ ගොඩක් සමීප සම්බන්දතාවය තියන එක අපිට ගොඩක් වටිනවා”

    මුරලිදරන් පවසා ඇත්තේ මොදී යනු ගොඩක් ජනතාව ආදරය කරන නායකයෙකු බවයි.

    “ලෝකයේ ගොඩක් රටවල ජනතාව මොදිට ආදරෙයි,ඔහු ඇත්තටම ඉන්දියාවේ මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරපු නායකයෙක්.මොදී ඔහුගේ රට වෙනුවෙන් කරපු සේවයට ඔහුගේ ජනතාව කෙළෙහිගුණ සලකන විදිය බලන්න පුළුවන් වෙයි මැතිවරණයක් ආවම.”

    [rns_reactions]

  • ලහිරු ඇතුළු අන්තරය පාරට ඇවිත් මාව ශක්තිමත් කරනවා – නෙවිල්ගෙන් අමුතු කතාවක්…

    තමන් තවත් විශාල පෞද්ගලික විශ්වවිදයාලයක් ආරම්භ කිරීමට ඉඩමක් මිලදී ගත් බවත් පෞද්ගලික විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාම සඳහා තමන්ට ලහිරු ඇතුළු අන්තරය පාරට විත්  සහය දෙන බවත් මාලඹේ සයිටම් ආයතනය ප්‍රමිතිගත කරගෙන  පවත්වාගෙන යන බවත්  නෙවීල් ප්‍රනාන්දු මහතා පුවත්පත් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශකර ඇත.

    “ප්‍රශ්නය :- ඔබට එරෙහිව කතා කරන අයට තවත් මාතෘකාවක්‌.

    පිළිතුර :- ඉතින් මට මොකද? ඕනෑම කෙනෙකු ඕනෑම දෙයක්‌ කියපුදෙන්. මට ප්‍රශ්නයක්‌ නැහැ. හරිනම් ඒගොල්ලෝ අපිට සහාය දෙන්න ඕන.

    ප්‍රශ්නය :- මොකද ඔබ දැන් ඉඩම් හොයන්නේ.

    පිළිතුර :- ඔව් මම විශාල ඉඩමක්‌ හොයාගෙන යනවා. මම කරන්න හදන වැඩේ අහල ඒගොල්ලෝ තවත් ප්‍රශ්න ඇති කරයි. ඒවට මං බය වෙන්නේ නැහැ. බය කරන්නත් බැහැ. ඔය හැම දෙයක්‌ම සිද්ධ වෙන්නේ ඊර්ෂ්‍යාව නිසයි. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මේ මිනිස්‌සු ‘සයිටම්’ ගැන කතා කරනවා.

    ප්‍රශ්නය :- ඔබ ඉඩම් හොයලා මොකක්‌ද කරන්න හදන්නේ.

    පිළිතුර :- සිනාසෙයි. මාධ්‍යයට හොඳ මාතෘකා. මම හදන්න යනවා විශ්වවිද්‍යාල සංකීර්ණයක්‌. ඒක හදපුවාම පිටරට උදවියත් ශ්‍රී ලංකාවට ඇවිත් ඉගෙන ගනියි. කාටද ආඩම්බර. ශ්‍රී ලංකාවට.

    ප්‍රශ්නය :- මොකක්‌ද විශ්වවිද්‍යාල සංකීර්ණයෙන් කරන්න හදන්නේ.

    පිළිතුර :- වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු පීඨ, පරිගණක ඇතුළු විවිධ අංශ සඳහා පීඨයන් ආරම්භ කරනවා. මේ වැඩ පිළිවෙළ ඉතාමත් හොඳට සාර්ථක කරගන්න. එංගලන්තයෙන් සහ රුසියාවෙන් මහාචාර්යවරු ගෙන්වාගෙන ඔවුන්ගේ සහායත් ලබා ගන්නවා. පිටරට ඉඳලා මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න එන ශිෂ්‍යයෝ සඳහා ඔවුන්ට නවාතැන් පහසුකම් පවා ලබා දෙන්න මං ක්‍රියා කරනවා. මේ විශ්වවිද්‍යාල සංකීර්ණයට අවශ්‍ය වෙළෙඳ කුටි මෙන්ම ආපනශාලා පවා ආරම්භ කරනවා.

    ප්‍රශ්නය :- ‘සයිටම්’ ප්‍රශ්නය වගේ ඔබේ විශ්වවිද්‍යාල සංකීර්ණයටත් ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ.

    පිළිතුර :- රජය සම්පූර්ණ සහාය දෙනවා. විරුද්ධ වෙන අයට කරන්න තියෙන්නේ දේශපාලන පක්‍ෂයක්‌ හදාගෙන කෑකෝ ගහන එකයි. මම කලිනුත් කිව්වේ ඊර්ෂ්‍යාවයි, කුහකකමයි මේ හැම දේකටම මුල. මගේ කැමැත්තෙන් යම්කිසි දෙයක්‌ කරනවා නම් කාටත් මොකද? ඒගොල්ලන්ට කියන්න කෑකෝ ගහන්න කියලා. මොකද මම නරක දෙයක්‌ නෙමේ. කරන්නේ හොඳ දෙයක්‌. සමහරු පිටරට ගිහින් උපාධි ගන්නවා. ඊට විශාල මුදලක්‌ වැය කරනවා. මීට පස්‌සේ පිටරට යන්න ඕන නැහැ. අපේ රටේ උපාධිය ගත්තා නම් ඒක බලගතුයි. ලෝකය පුරාම ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියක්‌ උසුලනවා.

    ප්‍රශ්නය :- ඔබේ විශ්වවිද්‍යාල සංකීර්ණයට කොපමණ විශ්වවිද්‍යාල තිබෙනවාද?

    පිළිතුර :- දහසක්‌ විතර. වෛද්‍ය පුහුණුවට විශේෂ තැනක්‌ හිමි වෙනවා. කොහොමත් මේ වසර තුළ වැඩ ඔක්‌කෝම සිදුවෙනවා. වෙන්නප්පුව පැත්තේ විශාල ඉඩමක්‌ බැලුවා. ඉඩම ගත්තා විතරයි. වැඩේ පටන් ගන්නවා.

    [rns_reactions]

  • මෝදී ආපසු යන අතරතුර සිය රථයේ සිට පටිගත කරන වීඩියෝව මෙන්න

    එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ උලෙල වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නෝර්වුඞ් ප‍්‍රදේශයේ පැවති ජන රැළියකට සහභාගී වී ආපසු යන අතරතුර සිය රථයේ සිට පටිගත කරන වීඩියෝයක් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම වෙත එක් කර තිබේ.

    වීඩියෝව පහතින්
    [rns_reactions]

  • බිරිදගේ හැසිරීම ගැන සැක සිතී නිවසේ රහසිගත කැමරාවක් සවි කල පසු එහි පටිගතව තිබු දේ…

    එක් සැමියෙක් තමන්ගේ බිරිදගේ හැසිරීම ගැන සැක සිතී නිවසේ රහසිගත කැමරාවක් සවි කලා.. එහි පටිගතව තිබු දේ දුටු ඔහු මහත් කම්පාවට පත් උනා
    බලන්න එහි සටහන්ව තිබුනේ කුමක් ද කියලා

    තමන්ගේ ගෙදර තමන්ගේම දරුවන්ට මෙහෙම සලකන මිනිසුන් අප සමාජයේ ඕන තරම් සිටීනවා මෙයත් ඒ අතරම සිටින කෙනෙක් මෙයාගේ මේ වැඩේ එරට මාද්‍ය විසින් මුළු ලොවටම පෙන්නුවා

    [rns_reactions]

  • බිල්ලෝ මවන වහල්ලු වෙන්න එපා – සද්ද දැමු ලහිරුට පොලිස් පරීක්ෂකයෙක් කියයි…

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන එක්ව ගම්පහ දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්වීමට ගිය සයිටම් විරෝධී රැළියට පොලිසියෙන් බාධා කිරීම නිසා ගම්පහ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. මහජන පීඩාවක් ඇතිවීම නිසා මෙම රැළිය පැවැත්වීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බව ගම්පහ පොලිසිය කියු අතර එවිට කට ගහගෙන ගිය ලහිරුට පැමිණි පොලිස් පරික්ෂකගෙන් ලැබුනේ ලුණු ඇබුල් සහිත පිළිතුරකි…

    පක්ෂවල වහල්ලු වෙලා මෙතන ඇවිත් බිල්ලෝ මවන්න එපා. ඔයාගේ පවුලේ කෙරුවාවත් අපි දන්නවා. මේ ප්‍රකාශයත් සමගින් ලහිරු නිහඩ වූ අතර කෙසේ වෙතත් අවසානයේ රැළිය කරගෙන යාමට අවසරදී පොලිසිය ඉවත් වූවත් කැරළි මර්දන ඒකකය සහ අතිරේක පොලිස් කණ්ඩායම් එහි කැඳවා තිබිණ

    [rns_reactions]

  • පුජනිය දළදා මැදුරට ඉහලින් පියාසර කරන්නට ගිය මෝදිගේ හෙලිකොප්ටර් දෙකක් තවමත් අස්ගිරි ක්‍රීඩාංගණයේ..

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරක්ෂාවට පැමිණි එරට ආරක්ෂක අංශයට අයත් විශේෂ හෙලිකොප්ටර් යානා දෙකක් හදිසි කාර්මික දෝශයකට ලක්ව තිබෙනවා.

    අදාල යානා දෙක අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ නවතා ඇති බවයි වාර්තාවන්නේ.

    යානා දෙක අලුවැඩියා කිරීමට ඉන්දීය ගුවන් හමුදා සාමාජිකයන් උත්සහ කළද එය සාර්ථක වී නැහැ.

    මේ වනවිට අදාල යානා දෙකේ ඇති ගැටලුව හඳුනාගෙන ඇති අතර ඉන්දීය ගුවන් හමුදා නිළධාරින් ඒ පිළිබදව ඔවුන්ගේ බළධාරීන්ට දැනුම් දී තිබෙනවා.

    ඒ අනුව යානා දෙක අලුත්වැඩියා කිරීමට අවශ්‍ය උපාංග හා කාර්මිකයන් මෙරටට ගෙන්වාගෙන යානා දෙක අලුත්වැඩියා කිරීමට නියමිතයි.

    අස්ගිරිය ක්‍රීඩාංගණයේ ඇති මෙම යානා දෙකට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.

    කිසිවෙකුටත් ඒ අසලට යාමට හෝ අවස්තාවක් නොමැති බවයි වාර්තාවන්නේ.

    අවස්ථා කිහිපයකදීම ඉන්දීය විශේෂ ආරක්ෂක ගුවන් යානා මහනුවර අහසේ පියාසර කරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.

    දළදා සමිඳුන් වැඩසිටින මාළිගාවේ රන් වියනට උඩින් හෝ දළදා මාලිගාවට ඉහලින් ගුවනේ කිසිදු යානාවක් ගමන් නොකිරීමේ පෞරාණික සම්ප්‍රදායක්ද බෞද්ධයන් තුල පවතිනවා.

    [rns_reactions]

  • වෙසක් සමයේ අමුතු දන්සල් රැසක් – අලින්ට කෑම බල්ලන්ට ෆ්‍රයිඩ්රයිස්….

    බෙදාහදාගෙන කන්නට හුරු වූ ජාතියක් වන ශ්‍රී ලාංකිකයන් තමන් හරි හම්බකරගත් දෙයින් යම් කොටසක් අන් අය වෙනුවෙන් වෙන් කරන්නේ එයින් ලබන්නා වූ අප්‍රමාණ චිත්තප්‍රීතිය නිසාය. විශේෂයෙන්ම වෙසක් පොසොන් වැනි පොහොය දිනයන්හි පාරක් පාරක් ගානේ පවත්වනු ලබන දන්සල්වලින් මෙම කරුණ තවදුරටත් ඔප්පු වන අතර මේ ආකාරයට නොමිලේ ආහාරපාන ලබාදීම අපේ රටටම පමණක් අනන්‍ය වූවක් බවද සැලකිය හැකිය.

    දන්සල් සංස්කෘතිය කවදා කොතැනකදී ආරම්භ වූවාදැයි නිශ්චිතවම කිව නොහැකි වුවද එය අද වන විට වෙසක්, පොසොන් වැනි පොහොය දිනයන්හි පවත්වනු ලබන චාරිත්‍රයක් බවටම පත් වී ඇත. බහුතරයක් නොවූවද ඇතැම් පුද්ගලයන් විශේෂයෙන්ම මෙවැනි පොහොය දිනයන්හි එළිපෙහෙළියට බසින්නේද පන්සල් යාමට නොව දන්සල් වැඳීමටය. දන්සල්වලද මූලික පරමාර්ථය ආහාරපාන ලබාදීම වුවද අද වන විට එම සංස්කෘතියද වෙනස් වී ඇත. ඒ අනුව බත්, පාන්, නුඩ්ල්ස්, කිරිකෝපි, ඔසුපැන්, මඤ්ඤොක්කා, පොල් රොටි ආදිය ලබාදීම වෙනුවට කොණ්ඩා හා රැවුල් කැපීම් දන්සල්, භූමිතෙල් දන්සල්, පෙට්‍රල් දන්සල්, හාල්, පරිප්පු, පොල් ඇතුළු වියළි ආහාර ලබාදීමේ දන්සල්, නොමිලේ ප්‍රවාහන කටයුතු සිදුකිරීමේ දන්සල්, බුදු පිළිම ලබාදීමේ දන්සල්, වයිෆයි දන්සල්, නොමිලේ සිම් කාඩ් ලබාදීමේ දන්සල්, සිනමා දන්සල් පාරැ දන්සල් ආදී අමුතු ආකාරයේ දන්සල් පැවැත්වීමටද ඇතැම් දෙනා දැන් දැන් කටයුතු කරති.

    ඒ අනුව මෙවර වෙසක් උත්සවයට සමගාමීව ප්‍රදේශ ගණනාවකම මේ ආකාරයෙන් වෙනස්ම මුහුණුවරක් ගත් දන්සල් පැවති අතර මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ පැවති කොණ්ඩා කැපීමේ දන්සල ඉන් එකකි. මෙම දන්සල් සඳහා ඇරැයුම් ලැබූ ප්‍රධාන ආරාධිත අමුත්තා වන කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ කොණ්ඩය කැපීමෙන් දන්සල ආරම්භ වූ අතර නොමිලේ කොණ්ඩය කපාගැනීම සඳහා විශාල පිරිසක් දන්සලට එක්රැස් වී සිටියහ.

    බුදු පිළිම නොමිලේ ලබාදීමද මෙවන් අපූර්ව ආකාරයේ දන්සල් ක්‍රමයක් වන අතර මෙවර වෙසක් පොහොය නිමිති කරගනිමින් මෙවැනි දන්සල් ද රටෙහි විවිධ ප්‍රදේශයන්හි පැවැත්විණි. මේ අනුව කුරුණෑගල ප්‍රදේශයේ එක් පුද්ගලයකු විසින් බුදු පිළිම 1000ක් මිනිසුන් අතර බෙදා දී ඇති අතර මෙයට පෙර අවස්ථාවකදී ගාල්ලේ ගල්වාඩුගොඩ ප්‍රදේශයේදී තිරුවානා කුඩුවලින් නිමවූ අඟල් හයක් උසැති බුදු පිළිම 250 ක් පමණ එක් ව්‍යාපාර මහතකු විසින් බෙදාහැර තිබිණි.
    මිනිසුන්ට අමතරව සතුන්ටද දන්සල් ලබාදීම මෙකල ජනප්‍රිය වී ඇති අතර මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් පින්නවල අලි අනාථාගාරයේ අලින් හටද ආහාර ලබාදීමේ දන්සලක් පැවැත්විණි. මෙම දන්සල සඳහා අලින් මහත් සංයමයකින් සහභාගි වූ අතර මීට අමතරව කඩුවෙල ප්‍රදේශයේ සුනඛයන් වෙනුවෙන් ෆ්‍රයිඩ් රයිස් දන්සලක් ද පැවැත්විණි.

    මෙම දන්සල්වලට අමතරව නොමිලේ උණ බට ලබාදීම, බයිසිකල් සඳහා හුළං ගැසීම, වෙසක් කූඩු දන්සල්, මල් දන්සල්, මෝටර් සයිකල් සඳහා නොමිලේ ස්ටිකර් ගැසීම, අච්චාරු දන්සල් ආදී විවිධ ආකාරයේ දන්සල් පැවති අතර ඒවා සඳහා ඉහළ ජනතා ප්‍රතිචාරයක්ද ලැබී තිබුණි.

    පාරැවෙන් එගොඩ කිරීම හා බස් සේවාවන් හරහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමද මෙවර වෙසක් පෝයට සමගාමීව සිදුකෙරුණු අතර අනුරාධපුර නෙළුම්කුලම ප්‍රදේශයේ බස් රථ හිමියකු තමා සතු බස් රථ කිහිපයක් වෙසක් පොහොය දිනයේ, එනම් පසුගිය 10 වැනිදා කිසිදු ගාස්තුවක් අය නොකර ධාවනය කරන්නට සැලැස්වීය.
    අනුරාධපුර සිට නෙළුම්කුලම දක්වා හා අනුරාධපුර සිට ගුවන්තොටුපොළ හරහා යහලේගම දක්වා දිවෙන බස් රථ කිහිපයක්ම පොහොය දිනය පුරාම මෙලෙස ධාවනය කිරීම නිසා අනුරාධපුර නගරයට පැමිණි ජනතාවට හා පූජා නගරයට පැමිණි බැතිමතුන් හට නොමිලේ ගමන් පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවිය. මෙය බොහෝ පිරිසකගේ පැසසුමට ලක්වූ ක්‍රියාවක් වන අතර මෙසේ නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාගත් එක් පුද්ගලයකු පවසා ඇත්තේ තමන් මේ ආකාරයට නොමිලේ බස් රියක ගමන් කළේ ජීවිතේ ප්‍රථම වතාවට බවය.

    මහනුවර ප්‍රදේශයද දන්සල් ලබාදීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර ගෙවීගිය වෙසක් පොහොයට පසුදින මහනුවර මහියංගණ මාර්ගයේ තෙල්දෙණිය ගඟසිරිගම ප්‍රදේශයේදී මුරුක්කු දන්සලක් පැවැත්විණි. මෙම දන්සල පැවැත්වූ දෙවැනි වතාව මෙය වන අතර මෙහිදී ලබාදුන් මුරුක්කු පැකට් ලෙස සකස් කර තිබුණි. එය පැවැත්වූයේ එම ප්‍රදේශයේ නිවැසියන් පිරිසක් විසිනි. එසේම මහියංගණය කුරුවීතැන්න ප්‍රදේශයේ දී භූමිතෙල් දන්සලක්ද නොච්චියාගම මුස්ලිම් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්වූ කොළ කැඳ හා මාළුපාන් දන්සල ද විෙශ්ෂිත වූ ඒවාය.

    සියලු ලෝක සත්ත්වයන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් කිරුළපන ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයක් විසින් මෙවර වෙසක් උළෙල සඳහා පැණි කොමඩු හා අන්නාසි දන්සලක් දෙනු ලැබූයේ ප්‍රථම වතාවටය. දන්සල් කලාවට අලුත් මුහුණුවරක් එක්කරමින් පැවැත්වූ මෙම දන්සල සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටිය අතර එම අායතනයේ ප්‍රධානී රංග දිසානායක මහතා පැවසූයේ රාගයෙන් ද්වේශයෙන් ෙමා්හයෙන් තොර ධාර්මික රටක් බිහිකර ගැනීමේ අරමුණෙන් මෙම කර්තව්‍යයේ නියැළෙන බවයි.

    දන්සලක දී පළතුරැ ලබාදීම දුලභ කටයුත්තක් වන අතර මේ ආකාරයෙන් පළතුරු ලබාදෙන්නට සිතුවේ ඇයිදැයි අප ඇසූ පැනයට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.
    පළතුරු කියන්නේ දෙවියන්ගේ ආහාරයක්. අපේ ශාසනය භාරව ඉන්න විෂ්ණු දෙවියන්ට අපි මේ පළතුරු පූජා කරලා ඉල්ලා සිටිනවා මේ රටේ ජීවත් වන මිනිස්සුන්ට ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබිලා මොක්සුව උදාකරගන්නට අවස්ථාව සලසා දෙන්න කියලා. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව.

    මේ ආකාරයෙන් වෙසක් උළෙලේ නිමාව සටහන් වෙද්දී අගනගරයේද දන්සල් විශාල ප්‍රමාණයක් පැවැත්විණි. කොළඹ නගර සභාව පවසන ආකාරයට කොළඹ නගරය තුළ දන්සල් 200ක් පමණ ලියාපදිංචි වී ඇති අතර ඒ අතරින්ද වැඩි දන්සල් ප්‍රමාණයක් දක්නට ලැබුණේ ගාලු පාරේය. ෆ්‍රයිඩ් රයිස්, බත්, සීනි සම්බල් පාන්, මඤ්ඤොක්කා, එළවලු සුප්, කිරිකෝපි, තැම්බූ කඩල, අයිස්ක්‍රීම් ඇතුළු දන්සල් විශාල ප්‍රමාණයක් මේ අතර විය.
    ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළදී සූපවේදීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ දන්සල හා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ඉදිරිපිට දියවන්නා වෙසක් කලාපයට සමගාමීව පැවැත්වූ දහස් ගණනක පිරිසකට සහභාගි විය හැකි මහා බත් දන්සල ද මෙවර අගනුවර දන්සල් අතර කැපී පෙනුණි.

    [rns_reactions]

  • වැද අවසර ඉල්ලා මෝදි හමුවූ මහින්දට මෝදිගෙන් දැවැන්ත දෝෂාරෝපණයක් – සියල්ල හෙළිවේ..

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි 11 දා රාත්‍රී මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමක් මත ඔහුට හමුවීමේ අවස්ථාවක් ලබා දුන් මෝදි මහතා පැවැති කුඩා සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂට දැඩි සේ අවවාද කරන ලදැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

    ජනාධිපති මෛත්‍රී විසින් මෝදි මහතාට දුන් රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුව ඉන්දීය තානාපති නිල නිවාසයේදී මෝදි මහතා හමුවීමට අවස්ථාවක් මහින්ද රාජපක්ෂට ලබා දී තිබේ. මහින්ද රාජපක්ෂ මෙම අවස්ථාව ලබා ගත්තේ ඉන්දීය තානාපතිවරයාට ඇවිටිලි කිරීමෙන් පසුවය. එසේ නමුදු මෝදි මහතාගේ සංචාරයේදී මහින්ද හමුවීමට නිල අවස්ථාවක් ලබා දී තිබුනේ නැත.

    මහින්ද රාජපක්ෂ පැමිණ ඇත්තේ ජී.ඇල්.පීරිස් සහ ගෝඨාභය රාජපක්ෂ ද සමගය. මෝදි මහතා සමග ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල් සහ විදේශ ලේකම් එස්. ජයශංකර් ඇතුළු පිරිසක් සිටියහ. 

    ජී.ඇල්. පීරිස් සහ ගෝඨාභය රාජපක්ෂ සමග වචනයක් හෝ කතා නොකළ මෝදි මහතා මහින්ද රාජපක්ෂ සමග පමණක් කතා කර තිබේ. 

    එහිදී වත්මන් ආණ්ඩුව කරගෙන යන සංවර්ධන වැඩ පිළිවෙලට බාධා නොකරන්නැයිද, එට්කා ගිවිසුමට එරෙහිව ජාතිවාදීව විරෝධතා නොපවත්වන්නැයිද, ජාතීන් අතර සංහිඳියාවක් ගොඩ නැගීමට ගෙන එන නව ව්‍යවස්ථාවට විරුද්ධව ජාතිවාදය අවුස්සා යලිත් ප්‍රශ්න අවුස්සාගන්නට එපා යයිද මෝදි මහතා විසින් මහින්ද රාජපක්ෂට දැඩි සේ අවවාද කර තිබේ. 

    මහින්ද රාජපක්ෂ පිළිතුරු දීමට යද්දී ප්‍රථමයෙන් ඊට සවන් දුන් මෝදි මහතා මහින්ද වැල්වටාරම් කියද්දී ඊට සවන් නොදී මහින්ද රාජපක්ෂගේ ගෝල්ෆේස් රැළියේදී තමාගේ ශ්‍රී ලංකා ගමනයට එරෙහිව කළු කොඩි දාන්න යැයි ජනතාව පෙළැඹවීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බව පැවසීය. 

    ලැජ්ජාවෙන් මුහුණ රතු වූ මහින්ද රාජපක්ෂ තමා එසේ නොකී බවත් තම වේදිකාවේ සිටි කථිකයෙකු පමණක් එසේ කී බවත් වරදකාරී ස්වරූපයකින් පිළිතුරු දී ඇති අතර මෝදි මහතා ඊට කිසිවක් කියා නැත.

    සාකච්ඡාව විනාඩි 30 කටත් අඩු කාලයකින් හමාර කළ මෝදි මහතා සමුදෙද්දී පවා ගෝඨාභය සමග හෝ ජී.ඇල් සමග හෝ කතා කෙළේ  නැත.

    කෙසේ වෙතත් කොටහළු මගුලකට ගියත් ‘වොයිස් කට්‘ දෙන මහින්ද රාජපක්ෂ මෝදිගේ හමුවෙන් පසු කෂාය බිව් ගොලුවා සේ ඒ ගැන කෙළ බිඳක් හෙළුවේ නැත.

    [rns_reactions]