Tag: featured

  • ආදරය කරද්දී වයස 18 යි – රූකාන්තගේ විරෝධය මැද ආදරය ජයගත් හැටි රයිනි මුල්‍වරට හෙළිකරයි

    රයිනි චාරුකා කියලා කියන්නේ මෙරට සංගිතයේ දීප්තිමත් අනාගතයක් ඇති චරිතයක් කිව්වොත් එය වඩාත් නිවැරැදි වේවි.

    ඒ ඇයගේ පියා රූකාන්ත ගුණතිලක වීම නිසා හෝ මව චන්ද්‍රලේකා පෙරේරා වීම නිසානම් නොවෙයි.

    රයිනිට ලයාන්විත හඬක් හිමි නිසායි.

    රයිනි විවාහ වී සිටින්නේ කලක් තම පියාගේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා වූ අකිල සමගයි.

    තම පෙම් කතාව පිළිබදව රයිනි මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

    අකිලව මම අදුන ගත්තේ 2007 අවුරුද්දේ. එතකොට අකිල තාත්තගේ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ගනහවා. ඒත් මමනම් ඒ වෙද්දී එම කණ්ඩායමේ ගීත ගායනා කලේ නෑ. අපි අතර සම්බන්ධයක් ඇතිවුනේ 2009 අවුරුද්දේ. අපි ආදරවන්තයො වුනාට පස්සේ අපි ලංකාවට ඇවිත් “රූ සඳ රූ” ප්‍රසංගය කලා. ඒකේ ඩ්‍රම්ස් ගැහුවෙත් අකිලමයි. මම ඒ ප්‍රසංගයේදී තමයි පළමුවරට නීල කඳුගැටේ ගීතය ගායනා කලේ. අපි 2015 අවුරුද්දේ තමා විවාහ වුනේ.

    මේ ආදරයට ප්‍රශ්ණ ආවේ නැද්ද?

    බාධක ගොඩක් ආවා. මොකද අපේ සම්බන්ධය පටන් ගන්න කොට මට වයස 18. මගේ පාර්ශවයන් තමයි දිගින් දිගටම ප්‍රශ්ණ ආවේ. ඒ ප්‍රශ්ණ නිසා අකිල මට කිවුවා තීරණයක් ගන්න කියලා. ඒත් මම කැමති වුනේ නෑ අකිලගේ ආදරේ නැතිකර ගන්න.

    රයිනිට වැඩියෙන්ම බාධක ආවේ අම්මගෙන්ද තාත්තගෙන්ද?

    අම්මා තමයි මගේ පැත්තේ හිටියේ. මම සාමාන්‍යයෙන් යමක් ඉල්ලන කෙනෙක් නෙමෙයි. ඒත් රණ්ඩුකරල අඬ අඬා මේ ආදරයම ඉල්ලන කොට අම්මා ඒක තේරුම් ගත්තා. අම්මා හැම වෙලාවෙම තාත්තට පැහැදිලි කරන්න උත්සහ කලා.

    රයිනිගේ සහකරු විදියට අකිල කොයිතරම් ගැලපෙනවද?

    එයා තමයි මගේ කළමණාකරු. මට ලැබෙන සංදර්ශන භාරගන්නේ, ඒවායේ මිළ ගණන්, ප්‍රවාහන වගේ දේවල් බලන්නේ එයා. ඒවගේම ප්‍රසංගයේදී මම අඳින ඇදුම පවා තිරණය කරන්නේ අකිල. ඒ දෙවල් වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ. ඒක මට ශක්තියක්. අකිල මට ලොකු හයියක්.

    [rns_reactions]

  • පිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල නෑ – අමරවීරගෙන් එස්‌.එම්.ට කණ පැලෙන පිළිතුරක්…

    උතුරුමැද පළාත් සභාව සතියක්‌ ඇතුළත පෙරළා දමා තමන්ගේ බලය පෙන්වන ලෙස එස්‌. එම්ට තමන් අභියෝග කරන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර මහතා  පැවසීය. සමහර අය පිස්සන් මෙන් දගලුවාට තමන් ඒවාට කලබල නොවන බවත් ප්‍රශ්න විසදාගන්න එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලින් නොහැකි බවත් කී  ඇමතිවරයා මෙසේ ද පැවසීය.
    නියෝජනය කරන මන්ත්‍රීවරුන් විටින් විට රටම හිනස්‌සන විහිළු කතා කියනවා. උතුරු මැද පළාත් සභාව පෙරළා දැමීමත් ඒ වගේම විහිළුවක්‌ ලෙසයි මම දකින්නේ. සතියකින් අපි බලමු කොහොමද පළාත් සභාව පෙරළන්නේ කියලා.

    ඇමැතිකම් නැති වුණාම සංවිධායකකම් නැති වුණාම එක එක්‌කෙනා හිතේ දුකට, තරහට කතා කියනවා. ඒවා ගැන පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කලබල වන්නේ නෑ

    [rns_reactions]

  • පන්දු 72. ලකුණු 277. ලංකාවේ පතිරණ කැනඩා ජාතික කණ්ඩායමට…

    ලන්කර්ශයර් හි පැවති තරඟයකදී , 2007 වසරේදී පන්දු 72 කින් ලකුණු 277 ලබාගෙන T20 වාර්තා පොතට එක්වූ ධනුක පතිරණ කැනඩා ජාතික ක්‍රිකට් සංචිතයට තෝරා ගෙන ඇති බව වාර්තා වේ.ඉදිරි තරඟාවලි සදහා නම් කල 15 දෙනෙකුගෙන් යුතු කැනඩා සංචිතයට අමතරව නම් කල අතිරේක ක්‍රීඩකයන් දෙදෙනා අතරටද ශ්‍රී ලංකාවේ උපත ලැබූ ක්‍රීඩකයෙක් ඇතුලත් වේ. ඔහු ශ්‍රීමන්ත විජේරත්නයි.

    [rns_reactions]

  • මුදල් නිසා ඉන්දියාව ක්‍රිකට් වලින් ඉවතට? ගවස්කාර්ගෙන් දැඩි ප්‍රකාශයක්.

    ජූනි මස 1 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශුරයන්ගේ ක්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමේ හැකියාව ඉන්දියාවට ඇතැයි ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර් මහතා කියයි. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට දක්වන සහයෝගයක් ලෙසින් ලෝකයේ සෙසු කණ්ඩායම්ද ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමේ අවස්ථාවක් ඇති බවද ගවස්කාර් මහතා පවසන බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

    අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය බදාදා (26 වැනිදා) ගත් තීරණයට එකට එක කිරීමක් වශයෙන් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඉන්දියාව කරුණු සලකා බලමින් සිටී.

    අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය 26 වැනිදා එහි නව මූල්‍ය සැලසුම් අනුමත කළේ වසර 2014 දී සිටි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති එන්. ශ්‍රීනිවාසන් මහතාගේ නායකත්වයෙන් යුත් සැලසුම් සියල්ලම බල රහිත කරමිනි. 2014 මූල්‍ය සැලැස්මට අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ආදායම් වලින් විශාල කොටසක් මහ බලවතුන් තිදෙනා යනුවෙන් හැඳින්වූ ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතරේ බෙදී යා යුතුව තිබිණ.

    කෙසේ වෙතත් පසුගියදා ඩුබායිහිදී පැවැති රැස්වීමේදී මුදල් බෙදී යාම සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීම 9-1 ක් ලෙසින් අවසන් වී ඇත්තේ ඉන්දියාව පමණක් අකමැති පාර්ශ්වය ගැනීමෙනි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම වෙනස්කම් අනුව ඉදිරි වසර 8 ක කාලයේදී ඉන්දියාවට හිමිවිය යුතු මුදලින් ඩොලර් මිලියන 277 ක් අඩුවන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේය.

    ශූරයන්ගේ කුසලාන තරගාවලියට කණ්ඩායම නම් කිරීමේ අවසන් දිනය ලෙස අප්‍රේල් මස 25 වැනිදා නියම කර තිබුණද අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ අවසන් තීරණය ලැබෙන දිනය තෙක් කණ්ඩායම නම් කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කල්මරමින් සිටියේය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම තීරණයෙන් කැළඹීමට පත්ව සිටින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා කියා සිටියේ මැයි මස 7 වැනිදා සිය සාමාජිකයන්ගේ අතිවිශේෂ මහ සභා රැස්වීමක්  කැඳවන බවත් සභාවේ තීරණය අනුව පියවරක් ගන්නා බවත්ය.

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව නැවත වරක් දෙපසට වී කඹ අදිමින් සිටිති. ඉදිරි දින කිහිපයේදී මෙම ප්‍රශ්නයට සතුටුදායක විසඳුමක් නොලැබුණහොත් ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ඉන්දියාව සූදානම් වෙමින් සිටී.

    සුනිල් ගවස්කාර් මහතා පවසන්නේ 2014 දී අත්සන් කරන ලද එකඟතාව පිළිබඳ ආදර්ශයට අදාළ සාමාජිකයන්ගේ සහභාගිවීමේ ගිවිසුම සම්බන්ධයෙන් යටහත් ඉල්ලීමක් කරමින් තරගාවලියෙන් ඉවත්වීමේ අවස්ථාව ඉන්දියාවට ඇති බවයි.

    “2014 එකඟතාව පිළිබඳ ආදර්ශය නීිත්‍යානුකූල ලියවිල්ලක්. සහභාගිවීමේ ගිවිසුම තියෙන්නේත් ඒ එකඟතාව පිළිබඳ ආදර්ශයට යටත්වයි”

    “ඔවුන් පොතේ හැටියටම කටයුතු කරනවා නම්, 2014 එකඟතාව පිළිබඳ ආදර්ශය දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑනේ. ඒ නිසා ඔවුන්ට (ඉන්දියාවට) 2014 එකඟතාව පිළිබඳ ආදර්ශය සම්බන්ධයෙන් යටහත් ඉල්ලීමක් කරලා ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත්වීමේ නීතිමය අයිතිය තියෙනවා කියන එක අපි අමතක කරන්න ඕන නෑ” යයි සුනිල් ගවස්කාර් මහතා එන්.ඩී.ටී.වී. පුවත් සේවයට පවසා තිබිණ.

    “දැන් 2014 එකඟතාව පිළිබඳ ආදර්ශය නොසලකා හැරලා. ඒ වගේම තවත් මාසයකින් නැත්නම් දෙකකින් 2017 එකඟතාව පිළිබඳ ආදර්ශයත් නොසලකාහරින්න පුළුවන්…හැම දෙයක්ම, හැම බැඳීමක්ම, හැම යාළු මිත්‍රකමක්ම සැණෙකින් වෙනස් වන ලෝකයක ඕන දෙයක් වෙන්න පුළුවන්” යයිද සුනිල් ගවස්කාර් මහතා එන්.ඩී.ටී.වී. රූපවාහිනී සේවයට පවසා තිබිණ.

    ඉන්දියාව කොන්කර දමා සෙසු ක්‍රිකට් ලෝකයට ඉදිරියට ගියහොත් එයින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට හානියක් වේය යන මතවාදය ගවස්කාර් මහතා සැහැල්ලුවෙන් බැහැර කරයි.

    වෙනත් රටවල දේශීය ක්‍රිකට් තරගාවලි වලදී ක්‍රීඩකයන්ට ගෙවනු ලබන මුදල මෙන් පස්ගුණයක් අයි.පී.එල්. තරගාවලියේදී එම ක්‍රීඩකයන්ට ගෙවන බව පැවසූ ගවස්කාර් මහතා ඉන්දියාව සහභාගි වන ද්විපාර්ශ්වික අන්තර්ජාතික තරගාවලි වලදී රූපවාහිනී විකාශය අයිතියේ ආදායමද ඒ ඒ රටවල් වලට විශාල බලපෑමක් ඇතිකරන බවත් පැවසීය.

    එබැවින් ඉන්දියාව කොන්කර දමා ක්‍රිකට් ක්‍රීඩා කරන සෙසු රටවලට ඉදිරියට යා නොහැකි බවද ගවස්කාර් මහතා පැවසීය.“හරි මොනවාද වෙන්නේ කියලා හිතල බලමු….”
    “ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතර තරගාවලිය 1877 ඉඳන්ම තියෙනවා. ඒක කිසියම් සංඛේතාත්මක තරගාවලියක්…ඒත් අනෙක් රටවල් අතර තරගාවලි බැලුවොත් ඒ තරගාවලි වලට ඒ තරම් මුදලක් ලැබෙන්නේ නෑ”

    “ඒත් ඉන්දියාව ඒ රටවල සංචාරය කරද්දී වෙනත් රටක් සමග ක්‍රීඩා කරද්දී ලැබෙන මුදල දෙගුණ වෙනවා, තුන්ගුණයක් නැත්නම් සිවුගුණයක් වෙන අවස්ථාත් තියෙනවා. ඒක කොයිතරම්ද කියන්න මා හරියට දන්නේ නෑ…ඒ නිසා කිසිම ආකාරයකින් ඉන්දියාව කොන්කර දමන්න කාටවත් පුළුවන් කමක් නෑ” යයිද ගවස්කාර් මහතා පැවසීය.

    තත්ත්වය එසේ වුවත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කිසියම් බලපෑමක් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබූ ශක්තිය හීනවී ඇති බවත් ගවස්කාර් මහතා පැවසීය.

    “අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කිසියම් බලපෑමක් කිරීමේ ශක්තිය දිගටම රඳාවා පවත්වාගත්තා නම් ඒ එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාවයි. ඉන්දියාව මීට වසර දෙකකට තුනකට ඉහතදී තිබුණ බලය රඳවාගෙන නෑ”
    “ඒත් ඒ ගැන සිතා බැලිය යුත්තේත් ඉන්දියාවමයි. සිද්ධවුණ දේවල් නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ” යයි කී ගවස්කාර් මහතා 2014 එකඟතාව පිළිබඳ ආදර්ශය නොසලකා හැරීම තුළින් සෑම රටකටම සමාන ලෙස මුදල් බෙදී යන බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව කරන ප්‍රකාශය දඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

    “අපට ලැබෙන්න තිබුණ ඩොලර් මිලියන 590 නැත්නම් ඊට ආසන්න ගණන වැරදි නම් දැන් ඩොලර් මිලියන 290 කුයි තවත් මිලියන 100 කුත් දෙන එක හරි වෙන්නේ කොහොමද? සෑම රටකටම සම සමව මුදල් බෙදී යා යුතු නම් සෑම රටකටම එකම ගණනක් ලැබෙන්න ඕනෑනේ” යයිද ගවස්කාර් මහතා පවසා තිබිණ.

    [rns_reactions]

  • කැබිනට් මාරුව අත ළග – මොනවා වේවිද? කයිවාරුකරුවන් බියෙන් සලිත වෙයි..

    කැබිනට් මණ්ඩල සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදු වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සති අන්ත ලංකාදීප පුවත්පතට සදහන් කර ඇත.

    මේ සදහා අගමැතිවරයාද එකග වී ඇති බවත් මෙම සංශෝධනය සමග අමාත්‍යංශ ලේකම්වරුන්ගේද සංශෝධනයක් සිදු කරන බව ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

    මෙම ඇමති මණ්ඩල සංශෝධනය කරන්නේ ආණ්ඩුවේ හා රටේ යහපත සදහා විවිධ පාර්ශවයන්ගේ ඉල්ලීම මත යයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

    වෙසක් පෝය සදහා තවම බැස ගොස් නැතැයිද එය තවම හොදට පායා ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

    මෙම කැබිනට් සංශෝධනයේදී ප‍්‍රධාන පෙලේ ඇමති ධුරයක් වෙනස් වනු ඇතැයිද පුවත්පත වාර්තා කරයි.

     

    [rns_reactions]

  • ශිරන්තිගේ මුල්‍යමය වංචා නඩු ඉවත් කළොත් එකතු වෙන්න ලෑස්තියි – මහින්දගෙන් ජනපති මෛත්‍රීට පණිවිඩයක්

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දේශපාලන වශයෙන් සහයෝගය ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොන්දේසියක් ඉදිරිපත් කර ඇත. අදාළ කොන්දේසිය වන්නේ මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට, පුත්‍රයෝ වන නාමල්,යෝෂිත සහ රෝහිත රාජපක්ෂට එරෙහිව පවතින නඩු ඉවත් කිරීම ය.

    ජනාධිපතිවරයාට සමීප ප්‍රබල ඇමැතිවරයකු මඟින් මේ කොන්දේසිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉදිරිපත් කර ඇත. විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරන ආකාරයට ජනාධිපතිවරයා එම කොන්දේසියට එකඟ වීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ කොන්දේසියට එකඟ වුවහොත් තමන් 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ලබා දුන් ප්‍රධාන ම පොරොන්දුව වන දූෂිතයන්ට දඬුවම් දීම යන කරුණ අකුළා ගැනීමක් සිදු වන බවයි.එය ආණ්ඩුවේ ඉදිරි දේශපාලන ගමනට ඍජුවම බලපාන කරුණක් වනු ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

    කෙසේ වෙතත් පසුගිය සතියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු විය යුතුය යන අදහස පවසා තිබිණි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු වන ඇමැති ජෝන් සෙනෙවිරත්න පසුගිය සතියේ මාධ්‍යයට පවසා තිබුණේ මහින්ද පිල සහ මෛත්‍රී පිල එකතු කිරීමේ සාකච්ඡා සාර්ථක බවයි. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීරට අනුව අදාළ සාකච්ඡා අසාර්ථකය.

    [rns_reactions]

  • මට සමාවෙන්න.. මං දේශපාලනයෙන් ඉවත් වෙනවා.. ..- සුජීව සේනසිංහගෙන් දැඩි තීන්දුවක්…

    තමන් ඇතුළු පිරිස මහන්සි වී ගොඩනැගු  එක්සත් ජාතික පක්‍ෂය විසින් තමනට සලකන්නේ නැතිනම් දේශපාලනයෙන් ඉවත් වීමට තමන් සූදානම් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි. ඇමති පට්ටම් කුමටද වැඩක් කර නොහැකි නම්.. මේකට වඩා පළාත් සභාව හොදයි යනුවෙන් ඉකුත්දා පැවති එජාප ප්‍රබලයන්ගේ රැස්වීමේදී සුජීව අගමැති රනිල්ට බැනවැදී ඇත.

    තමනට හැකි තාක් කාලයක් දේශපාලනයේ සිටින බවත් බැරි වූ දිනෙක ඉවත් වන බවත් ඔහු කියා සිටියේ කොලොන්නාවේදී පැවති ජනහමුවක් අමතමිනි. කොලොන්නාව අද වෙද්දී වැටිලා තියෙන තැනට හේතුව කවුද? අපි හැමෝම. අවාසනාවකට එක තේරුම් ගන්න රනිල්ට මොලයක් නෑ යනුවෙන්ද ඔහු පවසා ඇත්තේ ජනතාවගේ ඔල්වරසන් හඩ මැද්දේය..

    ආණ්ඩුවක්ද ගෙන කිසිත් ජනතාවට කරගන්න නොහැකි වීම නිසා සමාව ඉල්ලා සිටින බවද ඔහු එහිදී පැවසීය.

    [rns_reactions]

  • ලෝක පුජිත ලාරා වෙනුවෙන් ඇමති අර්ජුන යලිත් ක්‍රීඩාවට…

    ලෝක ක්‍රිකට් පිටියේ මෙතෙක් බිහිවූ අග්‍රගණ්‍ය පිතිකරුවෙකු ලෙස සැලකෙන බ්‍රයන් ලාරා යනු කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම ලෝක ක්‍රිකට් පිටියේද නොමැකෙන නමක් තැබූ ක්‍රීඩකයෙකි.ලාරාගේ නම තවත් කාලයක් ක්‍රිකට් ලෝකයේ කියවෙන අයුරින් Tarouba හිදී ඉදිකළ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සමාරම්භක තරඟය සදහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගද සහභාගී වී ඇත.

    තරඟය සදහා සහභාගී වූ කණ්ඩායම් දෙක වන්නේ,

    Trinidad & Tobago කණ්ඩායම -(නායක  Brian Lara)

    Mervyn Dillon, Denesh Ramdin, Dwayne Bravo, Rayad Emrit, Evin Lewis, Kirsten Kallicharan, Tion Webster, Dinanath Ramnarine, Kevon Cooper, Jason Mohammed, Navin Stewart and Lyndon Lara.

    International XI

    Herschelle Gibbs, Devon Malcolm, Gladstone Small, Arjuna Ranatunga, Johnson Charles, Andre Fletcher, Ramnaresh Sarwan, Terryne Sunil Fray, Imran Khan, Curtly Ambrose, Ricardo Powell, Courtney Browne, Kirk Edwards, Corey Collymore and Ian Bradshaw

    [rns_reactions]

  • අරන් හදාගත්ත දුවගේ බහට බෝසත් පියාව මරාගත් හැඳල නොමිනිස් දරු පවුල

    මව සහ දරුවා අබිරහස් ලෙස කපාකොටා සිය නිවෙස තුළදීම මරා දැමීම, සැමියා විසින් බිරියට පහරදී මරා දැමීම, බිරිය විසින් කර ආකාරයේ සැලසුමකට සැමියා ඝාතනය කිරීම, අනියම් බිරිය පහරදී මරා දමා සිය බිරියගේ මළ සිරුර ලොරියක තබාගෙන ගෙන යාම ආදී සිත්කම්පා කරවන ගෘහආශ්‍රිත ඝාතන රැසක් ගෙවී ගිය සතිය තුළදී දිවයින පුරා ප්‍රදේශ රැසකින් වාර්තා විය. එමෙන්ම ඉකුත් සතියේ ඝාතන අතර පාතාලයට සම්බන්ධ ඝාතනද විය. මේ ඝාතන රැල්ල අතර වත්තල හැඳල ඝාතනය දැඩි කතාබහකට ලක්වූ ඝාතනයක් විය. බිරිය හදාගත් දියණිය සහ ඇගේ සැමියා බව කියන පුරුෂයා සමඟ එක්ව කුමන්ත්‍රණය කොට සැමියා ඝාතනයට ලක්කළ ආන්දෝලනාත්මක ඝාතනය වත්තල කෙරවළ පිටියම දෙදරුම් කවන්නට සමත්විය.

    කොළඹ වරායේ බර යන්ත්‍ර උපකරණ ක්‍රියාකරුවකු වශයෙන් කටයුතු කළ හෙට්ටිතන්ත්‍රිගේ වෝල්ටර් (65) මහතා වරාය අධිකාරියේ සේවයෙන් විශ්‍රාම ලබන විට දොඹකර ක්‍රියාකරුවෙක් වශයෙන් කටයුතු කරමින් සිටියේය. සැපවත් දිවියක් ගතකරන්නට තරම් යහපත් ආර්ථික මට්ටමක් ගොඩගාගෙන සිටි වෝල්ටර් මහතා වත්තල කෙරවළපිටිය සමගි මාවතේ අංක 128/1 දරන ලිපිනයේ පදිංචිව සිටියේය.

    සහෝදරියන් දෙදෙනකු සහ සහෝදරයන් දෙදෙනකු ඇතුළු පවුලේ වැඩිමලා වූ වෝල්ටර්ගේ බාල සොහොයුරකු කලකට ඉහතදී මිය ගියද සොහොයුරියන් දෙදෙනා අසල්වැසි නිවෙස්වල පදිංචිව සිටිති. එක් සොහොයුරෙක් දෙල්ගොඩ ප්‍රදේශයේ කල් ගෙවයි. අර්ධ නාගරීකරණයට ලක්ව ඇති කෙරවළ පිටියේ ඉඩම් හිඟ නිසාම වෝල්ටර්ගේ නිවෙසේ භූමිය පර්චස් 20කට සීමා විය. නමුත් ආසන්නයේ පිහිටි කුඩා නිවස හා ඉඩම සිය මෑණියන් වෙනුවෙන් වෙන්කර තබන්නටත් ඇයට එහි නිදහසේ කල් ගෙවන්නටත් පහසුකම් සලසා තිබුණි.

    කලකට ඉහතදී වෝලටර් විවාහ ගිවිස ගත්තද මිල මුදල් ආදී සියලු සැප සම්පත් නොඅඩුව ලැබුණද තමන්ට දාව දරුවෙකුගේ සුරතල් බල්නනට තරම් වාසනාවන්ත වූයේ නැත. මේ හේතුවෙන් වෝල්ටර් මෙන්ම සිය බිරියත් කල්ගෙවුයේ සිත් තැවුලෙනි. එම කරුණ මුල්කොටගෙන වාද විවාද ඇති වුවද කිසි විටෙකවත් ඒවා පිටස්තරයන්ට දැනගන්න ඉඩ නොතබන්නට වෝල්ටර් වග බලා ගත්තේය. මෙසේ කල් ගෙවෙද්දී වෝල්ටර් මහතාට වයස අවුරුදු 40 පමණ කාලයේදී එම යුවළගේ තීරණයෙන් තම දරුවකු මෙන් ඇති දැඩි කරගන්නා බවට සපත වෙමින් කුඩා දැරියක සිය නිවෙසට කැඳවාගෙන ආවේය. එදා එසේ නිස ලෙයින් උපන් දැරියක සේ නිවෙසට ගෙන ආ ඩිස්නා දිල්රුක්ෂි නම් වූ ඇය දැන් අවුරුදු 25ක තරුණියකි. නන්නාඳුනන දැරිවියකට මව් පිය සෙනෙහස ලබාදෙමින් ආදරය කරුණාව පමණක් නොව ඇවැසි සියලු පහසුකම් නොඅඩුව ලබාදෙන්නට වෝල්ටර් උත්සාහ ගත්තේය. දියණිය හදාගැනීමට කැටුව ආ බව දැනෙන්නට කිසි විටෙකත් වෝල්ටර් ඉඩ තැබුවේ නැත. මේ බව දරුවා දැන ගනීවිදෝ සැකයට ඇයට අවශ්‍ය සැප පහසුකම් සපයා කොළඹ නගරයේ ප්‍රධාන පාසලකින් අධ්‍යාපනය ලබාදෙන්නට පියවර ගෙන තිබුණි.

    අසල්වැසියන් අප හා පැවසූ පරිදි එකා යකායැයි කියන්නා සේ ආදරයේ නාමයෙන් හදාගත් ඒ දියණිය මුරණ්ඩුය. හිතූ මනාපෙට හැසිරුණේ කිසිදු අවවාදයක් මායිම් නොකරය. මේ නිසා තරුණ දියණිය විවිධ තරුණයන් හා ගොඩනගා ගත් ප්‍රේම සම්බන්ධතා රැසක් පැවැත්වූ බව අසල්වැසියෝ අප හා පැවසූහ. ඒ එකක් හෝ තමන්ට තියා පවුලටවත් නොගැළපෙන ඒවා වූ බවද ඔවුහු කියති. රැකියාවට මූලිකත්වය දෙමින් රැකියා ස්ථානයත් නිවසත් අතර ගත කළ වෝල්ටර් මහතාට සියල්ල නොවුණත් තරමක තොරතුරු දියණිය පිළිබඳව ආරංචි වී තිබිණි. ඒ සම්බන්ධයෙන් කළ අවවාද වලින් පලක් නොවුයෙන් වෝල්ටර් මහතා කනගාටුවෙන් පසුතැවිලි විය. මේ අතරතුර හාද වූ තරුණයෙක් හා ඩිස්නා දිල්රුක්ෂි විවාහ ගිවිසගෙන තිබුණේ හදාගත් පියාට හොර රහසේය. එහෙත් එම විවාහය එතරම් කලක් පැවතියේ නැත. පළමු විවාහය කැඩී ගිය ඇය වැඩි දිනක් නොයා යළි සබඳතාවයක් ගොඩනගා ගත්තාය. මෙසේ ඇසුරු කරන තරුණයන් රාශියක් අතර වීරප්පන් ඇන්ටනී විනෝ ප්‍රකාශ් දිල්රුක්ෂිට වඩාත් ළං වූවේය. ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උපන් අයෙක් වුවද වෝල්ටර් මහතා පදිංචි සමගි මාවතට නුදුරු කොළණිය නමින් හදුන්වන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. අල්ලපු ගමේ ජීවත්වන ඔහු කැලණිය ප්‍රදේශයේ තේ ඇසුරුම් කම්හලක සේවකයෙකි. ඩිස්නා දිල්රුක්ෂි ඔහු සමඟ විවාහ ගිවිසගෙන තිබුණේ මීට මාස කීපයකට ඉහතදි වෝල්ටර් මහතාට රහසෙනි. නමුත් ඔහුගේ බිරිය මේ බව දැනගෙන සිටි අතර ඇගේ ආශිර්වාදයද ලැබී තිබිණ. විවාහ ගිවිසගෙන තිබුණත් ඩිස්නා සිය නිවසේ කල් ගෙවූ අතර වෝල්ටර් මහතා නොමැති අවස්ථාවලදී ඇන්ටනී විනෝ ප්‍රකාශ් එම නිවසට පැමිණ යාමට පුරුදු විය.

    මේ බව වටින් ගොඩින් වෝල්ටර් මහතාට ආරංචි වී තිබුණු අතර ටික කලකින් ඒ මහතා රැකියාවෙන් විශ්‍රාම ලැබීය. තමාට හොර රහසේ සිදුවන මේ ක්‍රියා පිළිබඳව කනගාටුවෙන් පසු වූ වෝල්ටර් මහතා දියණිය වන දිල්රුක්ෂිගේ නිදහසට බාධාවක් බව ඇය හැඳින සිටියාය. ගමේ කා සමගත් හිතවත් චරිතයක් වූ වෝල්ටර් නොදන්නා කෙනෙක් කෙරවල පිටිය ප්‍රදේශයේ නොවීය. එතරම් ඔහු සමාජශීලීය. එහෙත් සිය බිරිය හා දියණිය මිනිසුන් හා ආශ්‍රයක් නොමැති තරමය. කල් ගෙවූයේ දැඩි උද්දච්ච ස්වරූපයකටය. වෝල්ටර් මහතා ඔහුගේ ඥාති හිතවතුන් හා ආශ්‍රය වළකන්නට පෙරැත්ත කළේද ඔහු හදාගත් දියණිය විසින්ය. වෝල්ටර් මහතා ගම්වාසීන් හා කොතෙකුත් හිතවත් වුවද මෑතකදී ඔහුගේ විශ්‍රාම යාමත් සමඟ හිමි වූ ලක්ෂ 90ක පමණ මුදලත් සමඟ දියණියගේ හැසිරීම තව තවත් මුරණ්ඩු බව පෙන්වමින් තිබිණ. නමුත් සියල්ල ඉවසනවා හැරෙන්නට කළ හැකි යමක් හෝ සිය අදහස් ප්‍රකාශ කරන්නට කෙනෙක් නොවීය.

    මෙසේ කල් ගෙවෙමින් තිබියදී දින ගණනක් තිස්සේ වෝල්ටර් මහතා පෙනෙන්නට නොවීය. ඥාති ගම්මුන්ට හිතවත් වෝල්ටර් අයියා රූපය දකින්නට නොලැබෙන නිසාම ඔවුහු තැන තැන වෝල්ටර් අයියා පිළිබඳ කතිකා කළෝය. මේ අතර වෝල්ටර් මහතාගේ නැගණියගේ ඥාති පුත්‍රයකුත් ඒ මහතාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තද ප්‍රතිචාර දක්වා තිබුණේ ඔහුගේ බිරිය විසිනි.

    වෝල්ටර් ඕස්ට්‍රේලියාවේ ගියා යනුවෙන් ඔවුන් දෙදෙනාටම පවසා තිබුණද තමුන්ට නොදන්වා අයියා රට නොයන බව නැගණිය තරයේ විශ්වාස කළාය. මේ අතර වෝල්ටර් අයියාගේ හදිසි අතුරුදන්වීම පිළිබඳ සැක සිතූ අය අතර සිටි මෙරිල් ඇතුළු කීප දෙනෙක් සිදුවීම වත්තල පොලීසිය වෙත දන්වා සිටියහ.

    ඒ සම්බන්ධයෙන් සොයාබලන ලෙස දන්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතා නිලධාරියෙක් පිටත් කර හැරීය. එම නිලධාරියා නිවැසියන්ගෙන් ප්‍රශ්න කළත් වෝල්ටර් රට ගිය කතාව කියා මඟ හැරියේය. ඒ වචනවල ගැබ් වූ සැකය හේතුවෙන් වෝල්ටර් මහතාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලන්නට පොලිස් නිලධාරියා ක්‍රියාකළද දියණිය පවසා තිබුණේ ඔහුගේ ලිපිගොනු නිවසේ නොමැති බවත් තමා විසින්ම පියා ගුවන්තොටුපොළ වෙත ගොස් ඇරලූ බවත්ය. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ එරික් පෙරේරා මහතා වෙනත් පොලිස් නිලධාරියෙකු කෙරවළපිටිය ග්‍රාමසේවක මහතා හමුවට යවා වෝල්ටර් මහතාගේ හැඳුනුම්පත්‍ර අංකය මෙන්ම අවශ්‍ය තොරතුරු රාශියක් ලබාගත්තේය. පසුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඔස්සේ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූයේ හෙට්ටිතන්ත්‍රිගේ වෝල්ටර් නැමැත්තකු විදෙස් ගත වී නොමැති බවය. මේ බව රහසක් සේ රඳවා තබාගත් පොලීසිය උපක්‍රමශීලි විය.

    මේ අතර නිවසේ සිටි දියණිය සහ මව පල්ලියේ මංගල්‍යට සහභාගි වී සුපුරුදු පරිදි සිටියද නැවත පොලිස් නිලධාරින් නිවසට යන විට ඔවුහු අතුරුදන්ව සිටියහ. මේ නිසා අධිකරණ නියෝග මත දොර විවෘත කරන්නට පොලීසිය පියවර ගත්තේය. එහිදී හුරතලයට ඇති කළ සුනඛයෙක් නිවෙසේ පෙනෙන්නට විය. නිවෙසේ කාමරය තුළ ලේ පැල්ලම් බවට සැක කළ හැකි සළකුණු කීපයක් පෙනෙන්නට විය. ඒ සියල්ල බිත්ති ආශ්‍රිතවය. ගෙමිදුල පිරික්සීමේදී නිවෙස පසුපස ගිනි ඇවිලුණු බවට තරමක සාධක විය. මේ වන විටත් නිවෙස තුළ ඝාතනයක් සිදුවන්නට ඇති බවට සැකකළ පොලීසිය එලා තිබූ සූෂ්ම දැලට අනුව වෝල්ටර් මහතා හදාගත් දියණියගේ ස්වාමිපුරුෂයා බව කියන තරැණයා වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. එය සිදු කළේද ඔහුගේ මිතුරකු මාර්ගයෙන් දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසුවය. ඔහුගේ තොරතුරු මත ඔහුගේ බිරිය බව කියන ඩිස්නා දිල්රැක්ෂි සහ මව රෙජිනා නැමැත්තිය මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

    එහිදී අනාවරණය වූයේ මෙවැන්නකි. වෝල්ටර් මහතා සුපුරුදු පරිදි නිවසේ කල් ගෙවූ අවසන් දිනය ඉකුත් 23 වැනි ඉරිදාය. ඉතා සැහැල්ලුවෙන් කල් ගෙවමින් සිටි වෝල්ටර් සවස් යාමයේ නින්දට වැටී සිටියේ තමාගේම කාමරයේ ඇඳ මතය. මේ නිසා සිදුවන කිසිදු දෙයක් වෝල්ටර් දන්නේ නැත. මේ වන විටත් සැලසුම් කරගත් පරිදි ඩිස්නාගේ ස්වාමිපුරුෂයා වූ ඇන්ටනී මේ නිවසට පැමිණ හමාරය. කතා කොට ගත්තාටත් වඩා වැඩේ පහසුයැයි හැඟුනේ වෝල්ටර් නින්දට වැටී සිටින නිසාය. ඇන්ටනී රැගෙන ආ උල්පිහිය ඇසිපිය හෙලන සැණෙන් නිදියහනේ සිටි වොල්ටර්ගේ ගෙල පපුව හා උදරය පසාරු කරගෙන ගියේ කල්ප කාලයක පැවති වෛරයක් පිරිමසන පරිද්දෙනි. පහර කෑමෙන් බේරෙන්නට වෝල්ටර් දඟලද්දී පිහි පහර කිහිපයක් ඇදේ මෙට්ටටද එල්ල විය. මරණීය තුවාල හමුවේ වේදනාවෙන් කෑගසන්නට හදන වෝල්ටර්ගේ මුවගට රෙදි කැබැල්ලක් තබා ශබ්දය පිටවීම වැලකුවේ ඔහු හදාගත් දියණිය වූ දිල්රුක්ෂිය.

    බරපතළ තුවාල හමුවේ මියගිය වෝල්ටර්ගේ ගෙල, පපුව සහ උදරය ප්‍රදේශයට එල්ල වූ ගැඹුරැ තුවාල 7කි. ඝාතනය කළ වෝල්ටර් සැඟවීම ඔවුන්ගේ ඊළඟ පියවරය. ඒ සඳහා වෝල්ටර්ගේ විවාහක බිරියද උපකාර වූවාය. ඇය රුගෙන ආවේ විශාල ඇඳුම් බෑගයකි. වෝල්ටර්ගේම සරම් දෙකක් ගෙන එතූ සිරැර දෙකට නවා සූට්කේසයේ රඳවා පසෙක තැබු ඔවුහු නිවෙස පුරා ගැලූ ලේ දහර වතුර දමා සෝදා හැරියහ. බියෙන් සැකයෙන් තොරව 24, 25 දෙදින දියණියගේ සැමියා වූ ඇන්ටනී එම නිවසේ සිට රුකියාවටද ගියේය.

    පැය 72ට ආසන්න කාලයෙක් වෝල්ටර්ගේ මළ සිරුර සූට්කේසය තුළය. ඇන්ටනීගේ අදහස වූයේ එය නිවෙස පිටුපස මිදුලේ වළ දැමිය යුතු බවය. 25 වැනි අඟහරුවාදා සවස් යාමයේ ඔහු ගෙමිදුලේ වළක් හාරන්නට විය. ඔහු බිරියත් මවත් සමඟ එක්ව වෝල්ටර්ගේ සිරුර වලට දමා කිසිවක් නොවූ විලස පස්වලින් වසා දැමුවේය. අනතුරුව සූට්කේසය, වෝල්ටර් නිදාගත් මෙට්ටය සහ ලේ තැවුරුණු ඇඳුම් රාශියක් එතැනම බිම දමා ගිනි දැල්වූහ. තිදෙනාම සිතුවේ දැන් අපි නිදහස්… යන්නය.

    සියල්ල එකිනෙක හෙළිකර ගත් පොලීසිය සැකකරුවන් තිදෙනා කැටුව 9 වැනිදා පෙරවරුවේ එම නිවසට පැමිණියේ වෝල්ටර් වළදමා ඇතැයි කී ස්ථානයෙන් ගොඩනැගීමටය. මේ අතරට වත්තල මහේස්ත්‍රාත් පූර්ණිමා ගමගේ මහත්මිය, රාගම අධිකරණ වෛද්‍යවරයා මෙන්ම අධිකරණ වෛද්‍ය සිසුහුද සහභාගි වී සිටියාය. ගොඩ ගත් දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රාගම රෝහල වෙත රුගෙන යනු ලැබීය.

    මේ අවස්ථාවේ විරෝධතා දැක්වූ ප්‍රදේශවාසීහු කපා මරා වල දැමූ තොපිට සතුටුද දැන්, ඕස්ට්‍රේලියාවේ ගැඹුර අඩි තුනද?, වෝල්ටර් ඔබ රත්තරන් මිනිසෙක් යන පුවරු අත දරා සිටියහ.

    වෝල්ටර් මගේ අයියා… ගෑනියි හදාගත්ත ළමයයි නිසා අයියා අපිත් එක්ක වැඩි සම්බන්ධයක් තිබුණෙ නෑ. නමුත් හිතවත්. අයියා දවස් ගණනක් පේන්න හිටියෙ නෑ. මම කතා කරලා ඇහුවම ඕස්ට්‍රේලියාවේ ගියා කීවා. මුං මගේ අයියා මරා දාලා… මම ඉන්නෙ එහා පැත්තේ ගෙදර. 25 හවස පස් කපන ශබ්දයක් ඇහුණා. රෑ වෙලා ලොකු ගිනිගොඩක් තිබුණා. වෙනදත් එයාලා එතන රොඩු පුච්චනවා. මුං එදා පුච්චලා තියෙන්න් අයියාගේ මිනී වල උඩ තියලා එයාගෙ රෙදි ටික. දැන් අයියට බොරු චෝදනාවක් කරනවා ඒ හදාගත්ත ළමයට අයියා ශාරිරික පීඩා කරා කියලා. ඒවා දැන් නිදහස් වෙන්න කියන පට්ටපල් බොරු කතා. අයියා එහෙම කෙනෙක් නෙවේ. නමුත් ඒ ගෑනු ළමයගේ චරිතය නරකයි කියලා මේ වටේ මිනිස්සු ඔක්කොම දන්නවා. යැයි වෝල්ටර් මහතාගේ නැගණියක් වූ මේරි ඇසෙන්ටා මහත්මිය පැවසුවාය.

    මේ අතර අදහස් දැක්වූ ගම්වාසී ශ්‍රියානි මහත්මිය මෙසේ කීවාය. වෝල්ටර් කියන්නෙ කාටත් හිතවත්. මගේ පුතාගෙ මගුල් ගෙදරට ආරාධනා කරලා තිබුණෙ ගිය ඉරිදා පල්ලියට අවේ අම්මයි දුවයි විතරයි. මම ඇහුවා වෝල්ටර් අයියා කෝ කියලා. මළ ගෙදරක ගියා කියලයි මට කීවේ. නමුත් මුං එකතු වෙලා වෝල්ටර් අයියා මරලා යැයි ඒ මහත්මිය පැවසූවාය.

    අප සමඟ අදහස් දැක්වූ නසාලියන් මහත්මිය මෙසේ කීවාය. වෝල්ටර් අයියා කාටත් එක වගේ උදවු කරන හිත හොඳ මිනිහෙක්. නොදන්නා කෙනෙක් නෑ. ඔය ළමයා අරගෙන හදාගත්තු කෙනෙක්. පුංචි වයසේදී මෙහෙට ගෙනත් තියෙන්නේ. එයාගේ චරිතය නම් අන්තිමයි. පිරිමි ළමයි ගාණක් එක්ක යාළු වෙලා හිටියා. කසාද දෙකක් කරගෙන තියෙනවා. සමහර පිරිමි ගෙදරට ගෙන්න ගත්තා. ඔය ළමයා රෑට රෑට ගෙදර තාප්පෙන් පැනලා යනවා අපි දැකලා තියෙනවා. ගේට්ටුවෙන් යන්නේ නෑ. හොරෙන් පැනලා යනවා වගේ තමයි. මේ ළඟදි කුඩු ගහන මිනිහෙක් එක්ක විවාහ වුණාලු. එයා මේ ළමයාට වඩා බාලයි කියනවා. ඒ මිනිහයි අම්මයි දුවයි එකතු වෙලා තමා වෝල්ටර් මරලා තියෙන්නේ.

    මේ කාන්තාවන් ඇතුළු ප්‍රදේශවාසීන් රාශියක් මරණය සිදුවු නිවෙස ඉදිරිපිට පොලිස් ආරක්ෂාවද නොතකා එම නිවැසියන්ට විරෝධතාවය පෑමට විවිධ වැකි සඳහන් පුවරු රැගෙන සිටි අතර සැකකරුවන් සිරුර ගොඩගන්නා මොහොතකට රැගෙන ඒමේදී සහ නැවත රැගෙන යාමේදී හූ හඬ නංවමින්ද විරෝධතාව පෑහ.

    මේ අතර සිද්ධිය පිළිබඳව පාපොච්චාරණය කළ සැකකාර දියණිය පොලීසිය හමුවේ මෙසේ පැවසුවාය.

    මම යාළුවෙලා හිටියේ ඇන්ටනී එක්ක. තාත්තා මේකට විරුද්ධයි. අපි නොකියා විවාහ වුණා. අම්මා දන්නවා එයා කැමතියි. තාත්තාගෙන් මට විටින් විට කරදර වුණා. අම්මත් දන්නවා. මම ඇන්ටනීට මේවා සේරම කීවා. එයා කීවා මරමු කියලා. 23 වැනිදා පිහියෙන් ඇනලා මරැවා දවස් 2කට පස්සේ වළදැම්මා

    ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය කළ ඇන්ටනී නැමැත්තා පොලීසිය හමුවේ මෙසේ පැවසීය.

    මේ මරණයේ වගකීම මම බාර ගන්නවා. ඩිස්නාට ගමේ අයගෙනුත් කරදරයි කියලා තියෙනවා. මම ඒ අයගෙනුත් පළි ගන්නවා. අපි මේකෙන් පස්සේ ඉන්දියාවට යන්න හිතාගෙන හිටියේ. මරන්න ගත්ත පිහිය යන ගමන් මෝදර පාලමෙන් කැලණි ගගට දැම්මා

    කැලණිය සහකාර පොලිස් අධිකාරි එම්.පී. ජයලත් මහතාගේ උපදෙස් මත වත්තල පොලීසියේ නිලධාරින් වැඩිදුර විමර්ශන සිදුකරති.

    [rns_reactions]

  • රෙස්ලින් කියන්නෙ තනිකරම ෆිල්ම් එකක්… නෑ කියලා හිතෙනවනම් මේ වීඩියෝ එක බලන්න…

    රෙස්ලින් කියන්නෙ තනිකරම ෆිල්ම් එකක්, ප්‍රෝඩාවක් කියලා කිව්වම පිලිගත්තෙ නැති අයට රිදෙන්න ශෙයා කරන්න
    රෙස්ලින් කියන්නෙ තනිකරම බොරුවක් රෙස්ලින් වල රෙදි ගැලවූ වීඩියෝව මෙන්න
    [rns_reactions]

  • හිටපු ජනපති මහින්දගේ අසනීපය උග්‍ර අතට.. හිත හදන්න පේජ් ඇඩ්මින්ලා "ජනපති" කියා යොදයි..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මානසික රෝගී තත්වය මේ වනවිට උග්‍ර අතට පත්ව ඇති බව අපට වාර්තා වේ.  සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ මානසික වෛද්‍ය විශේෂඥ ගංගාධරන් සත්‍යදේවන් මහතා විශේෂ වෛද්‍ය වාර්තාවකට අනුව  තහවුරු වූ මෙම රෝගී තත්වය  Narcissistic personality disorder නම් වන අතර බලයට ඇති කැමැත්ත, යමක් තේරුම් ගැනීමට ඇති නොහැකියාව සහ අධිමාන්නය යන ස්වභාවයන් මෙම රෝගයේ රෝග ලක්ෂණ වේ.

    මෙම රෝගය සදහා විශේශිත වූ ඖෂධ ප්‍රතිකර්ම නොමැති බවත් හැකිතාක් දුරට මානසික පීඩනය අවම කිරීමට මහින්ද රාජපක්ෂ මහතාව ජනතාව අතරම රදවා තබමින් ඔහු තවමත් රාජ්‍ය නායකයා යැයි දැනීමට කටයුතු සලස්වන ලෙසත් එහිදී වෛද්‍යවරයා රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රකාශ කර ඇත.

    සුපිරි ගොසිප් පුවත සනාථ කරමින් රෝග තත්වය උග්‍රවූ බව තහවුරු කරමින් මහින්ද රාජපක්ෂ මහතා තවමත් තමන් ලංකාවේ ජනපතිවරයා ලෙස සිතින් මවාගනිමින් මුහුණු පොතේ තමනට අතිගරු ජනපති ලෙස ආමන්ත්‍රණය කරන ආකාරය අපට දක්නට ලැබිණි. කරුණු සොයා බලු අපට දැනගන්නට ලැබුනේ මානසික අසහනයෙන් පෙලෙන මහින්දගේ හිත හැදීම සදහා මෙලෙස සිදුකරන බවයි…

    [rns_reactions]

  • තිසරපට තොගයක්අස්සේ තිබු අමුතු දෙයක් හේතුවෙන් මීතොටමුල්ල කැලබේ…

    මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන් රැඳී සිටින මීතොටමුල්ල වී ගබඩාවේ තාවකාලිකව පදිංචිව සිටින දැරියන් අතර නොමිලයේ බෙදා දුන් තිසරපට තොගයක් හේතුවෙන් ගැටලුවක් මතුව තිබෙනවා.

    ඒ එම තිසරපට තුළ පෙති වර්ගයක් හා ජෙල් වැනි ද්‍රාවණයක් අඩංගු පැකට්ටුවක් දක්නට ලැබීමයි. මෙම තිසරපට හා කාන්තා යට ඇඳුම් කාන්වක විසින් නොමිලයේ ලබා දී ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

    එම පෙති සහ ජෙල් වැනි ද්‍රව්‍ය පොලිතින් කවරයක ඇසුරුම් කර හොඳින් නිම කර තිබූ දරුවන්ගේ මව්වරුන් පවසනවා.

    [rns_reactions]
  • මහින්දගේ පාරේ යමින් කුලී හේවායින් මගින් දේශපාලනය කරන කොළොන්නාවේ සුභාසිංහගේ නිරුවත එලියට…

    අජිත් සුභසිංහ… කොලොන්නාව ආසනයේ සල්ලි විසිකරන චරිතයක්.. පළාත් සභා චන්දෙකට ලක්ෂ 200 වියදම් කරපු අරුම පුදුම චරිතයක්. මහින්ද වෙනුවෙන් කොළොන්නාවේ කොන්තරාත්තුව ඉටුකරන මොහු පිලිබදව ඒකාබද්ධ විපක්ෂයටසහය දුන් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්ම අපට සියලු තොරතුරු හෙළිකළේය.

    මේ ඔහුගේ වදන්ය…

    මල්ලි ඔය සුභසිංහ කියන්නේ සල්ලි වලින් හැමෝවම නවාගන්න චරිතයක්. අද වෙද්දී බැනට්ලට අශෝකලට මෙය පඩි ගෙවනවා. සල්ලි නැතුව හිගාකාපු අශෝකා මෙයාගෙන් මාසෙකට ලක්ෂ 02ක් පඩිගන්නවා. එයාලා මෙයාගේ සේවකයෝ. කට්ටිය නැති තැන මෙයට සර් කියලයි අශෝකා කතා කරන්නේ.අර ප්‍රාදේශීය සභාවේ ජගත් විපුල සද්ද වහගෙන ඉන්නෙත් මෙයා හින්දා. ජගත් තමයි ඊළඟ සභාපති වෙන්න හීන දැකපු කෙනා. සෝලංග නැති උනාට පස්සේ මිනිහට තරගයක් තිබුනේ නෑ. එත් බැනට් ජගත්ව විනාස කළා. නිදහස් පක්ෂයෙන් ජගතව අජිත් ගාවට ගෙනිච්චේ බැනට්.  දැන් ජගත් කියන්නෙත් අජිත්ගේ බටයෙක්…

    සල්ලි වලින් මිනිස්සු අන්දන අජිත්ට සල්ලි කොහෙන්ද? හෙළිදරවුව බලාපොරොත්තුවන්න…

     

    [rns_reactions]

  • ජාතික ආණ්ඩුව දෙදරයි… නිදහස් පක්ෂය ඉවත්වීමේ සුදානමක…

    ජාතික ආණ්ඩුවේ කොටස්කරුවෙකු ලෙස තවදුරටත් සිටිනවාද නැද්ද යන්න පිළිබද තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය සූදානම් වනවා. 

    නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පැවසුවේ ඉකුත් කාලසීමාවේදී රටේ ආර්ථීක සහ සංවර්ධන කටයුතුවල සැලකිය යුතු ප්‍රගතියක් පෙනෙන්නට නොතිබීම මීට හේතු වී ඇති බවයි.

    මේ පිළිබදව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක‍ෂ මන්ත්‍රීවරු කණ්ඩායම සූදානම් බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

    [rns_reactions]

  • කුසලානය අපි දිනනවා.. චැම්පියන්ස් ලීග් බලාපොරොත්තු ගැන අසංග/මැතිව්ස් කියන කතාව මෙන්න…..

    එංගලන්තයේදී ආරම්භවීමට නියමිත ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට පැමිණීම කණ්ඩායමේ මුල්ම අභිප්‍රාය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකරු අසංක ගුරුසිංහ මහතා පවසයි.එසේම ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලෙකැලේ පිටියේදී මේ වනවිට ආරම්භ කර ඇති පුහුණුව අනුව එංගලන්තයේ ක්‍රීඩා කිරීම පහසුවක් වනු ඇති බවද ඔහු කීය.

    අසංක ගුරුසිංහ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පල්ලෙකැලේ ආරම්භ කර තිබෙන පුහුණුවට එක්වූ අවස්ථාවේදීය.

    මෙවර නියත වශයෙන්ම ශුරයින්ගේ කුසලානය මවුබිමට ගෙන එන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍යයට පවසා ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු උපදේශක ඇලන් ඩොනල්ඩ් මහතා අවසන් වසර 10 තුළ එංගලන්තය,දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වෙනි රටවල වේග පන්දු පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කර ඇති හෙයින් එය ශ්‍රී ලංකාවට ධනාත්මක කරුණක් වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

    [rns_reactions]

  • සමන්තභද්‍ර හිමි PART 2 කැළණි විහාරයට එයි!

    තමන් බුදු වූ කෙනෙකු බව කියමින්, සුදු පැහැති ඇඳුමින් සැරසී, ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ කැළණිය විහාරයේ වෛත්‍ය රාජයාණන් අභියස සිටි පුදුගලයෙකු පිළිබඳ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් තිබෙනවා.

    ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර එසේ වැසි වැස්සවූයේ තමන් බවද, තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි අයට ප්‍රකාශ කර තිබෙනවා.

    ඒ මොහොතේ කැළණිය වැඳපුදා ගැනීමට පැමිණි අය අදාළ පුද්ගලයා විසින් පිරිත් පැන් ලබාදීමේදී ඔහුට වැඳ නමස්කාර කර තිබෙනවා.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති අතර මේ පුද්ගලයා අලුයම් කාලයේදී අතුරුදන්ව ඇති බවත් වාර්තා වනවා.

    අදාළ පුද්ගලයා බව කියමින් සමාජ ජාල තුළ හුවමාරු වන ඡායාරූප මෙන්න..

    [rns_reactions]