Tag: featured

  • ඉතිහාසයට එක්වූ පාර්ලිමේන්තුවේ මවුකිරි දුන් සෙනට් මන්ත්‍රීවරිය මෙන්න…

    ඔස්ට්‍රේලියාවේ සෙනට් සභික ලැරිසා වෝටර්ස් පාර්ලිමේන්තුවේදී මව්කිරි දුන් පළමුවැන්නා පත්වීමට සමත්වූවාය. ලැරිසා වෝටර්ස් අඟහරුවාදා (9) පාර්ලිමේන්තුවේදී තම දෙමස් වියැති ආලියා ජෝයි දියණියට මව්කිරි දුන්නාය.

    ලැරි වෝටර්ස් ඔස්ට්‍රේලියාවේ වාමාංශික ‘ග්‍රීන්ස’ පක්ෂය නියෝජනය කරන අතර මීට පෙර ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේදී එවැනි සිදුවීමක් වාර්තා වී නැත. ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පසුගිය වසරේදී සභාව තුළ මව්කිරි දීම අනුමත කළේය.

    එම තත්ත්වය උද්ගත වූයේ 2015 වසරේ ඇතිවූ විවාදයක ප්‍රතිඵලයක් හේතුවෙනි. ඔස්ට්‍රේලියා ආණ්ඩුවේ අමාත්‍යවරියක වූ කෙලි ඕ ඞ්වයර් 2015 වසරේදී මවක් වූ අතර තම බිළිඳාට මවුකිරී දීමට සිදුවීම හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමට නොහැකි විය. ඒ අනුව ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සිටින මවුවරුන් වන මන්ත්‍රීවරියන්ට තම බිළිඳන්ට මවුකිරි හෝ ආහාර දීම අනුමත කරමින් ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුව පසුගිය වසරේදී නව පනතක් සම්මත කරගත්තේය.

    ඒ අනුව ඔස්ට්‍රේලියාපාර්ලිමේන්තුව තුළ දී තම දරුවාට මවුකිරි දුන් පළමු වැන්නා බවට පත්වීමට සෙනට් සභික ලැරිසා වෝටර්ස් සමත්වූවාය.

    “තව තවත් කාන්තාවන් සහ මාපියන් පාර්ලිමේන්තුවට පැමිණිය” යුතු යැයි තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලැරිසා වෝටර්ස් කීවාය.

    “අපට පවුලේ සාමාජිකයන්ට හිතවත් පරිසරයක් තිබෙන සේවා ස්ථාන අවශ්‍යයි. නම්‍යශීලි සේවා ස්ථාන අවශ්‍යයි. තමන්ගේ දරුවන් රැගෙන හා හැකි සේවා ස්ථාන අවශ්‍යයි” ලැරිසා තවදුරටත් සඳහන් කර තිබිණි.

    මෙම සිදුවීම අගය කළ යුතු බව කම්කරු පක්ෂය නියෝජනය කරන සෙනට් සභික කැති ගැලැගර් ප්‍රකාශ කළාය.

    “ලෝකයා පුරා කාන්තාවන් පාර්ලිමේන්තුවේදී මවුකිරි දී තිබෙනවා. කාන්තාවන් වෘත්තිය ක්ෂේත්‍රයට පිවිසිය යුතුයි. ඔවුන් විවාහ වෙනවා. ඔවුන් මාතෘත්වයට පත්වෙනවා. ඒ නිසා ඔවුන්ගේ වෘත්තියේ නියැලීමටත් තමන්ගේ දරුවන් බලාගැනීමටත් අවස්ථාවක් හිමිවිය යුතුයි. ඒ සඳහා සුදුසු වෘත්තීය පරිසරයක් නිර්මාණය විය යුතුයි. ඒ සඳහා පහසුකම් සැලැසිය යුතු” යැයි කැති ගැලැගර් ප්‍රකාශ පැවැසුවාය.

    [rns_reactions]

  • කුමන්ත්‍රණ පරාදයි… අද සවස 5:30ට මෝඩි ලංකාවට

    අන්තර්ජාතික වෙසක් උත්සවයට සහභාගි වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝඩි මහතා අද (11දා) පස්වරු 5.30ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වෙයි.


    කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට සපැමිණෙන අග්‍රාමාත්‍ය මෝඩි මහතා රාත්‍රි 7ට අරලියගහ මන්දිරය හා ගංගාරාම විහාරස්ථානය ඒකාබද්ධව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමඟ එක්වෙයි. අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෝඩි අගමැතිවරයා වෙනුවෙන් පිරිනමන රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගි වෙයි.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට (12දා) උදේ ඇරැඹෙන අන්තර්ජාතික වෙසක් සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන අග්‍රාමාත්‍ය මෝඩි මහතා හෙට දහවල් ඉන්දීය රජයේ ආධාර ඇතිව ඉදිකළ හැටන්, දික්ඔය රෝහලේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමටත් අනතුරුව හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රැස්වීමක් ඇමැතීමටත් නියමිතය.


    ඉන් අනතුරුව මහනුවර බලා යන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සවස් වරුවේ ශ්‍රී දළදා මාලිගයේදී විශේෂ දළදා පූජාවකට සහභාගිවීමෙන් පසු කොළඹ බලා පැමිණ පසුදා සවස නවදිල්ලිය බලා පිටත්ව යෑමට නියමිතය.

    [rns_reactions]

  • ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල මෙරට පැවැත්වීමට හේතුව ජනපති හෙළි කරයි

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගමට හිමි ස්ථානය එලෙසින්ම ආරක්ෂා කරමින් අනෙකුත් ආගම් සදහා ද සාධාරණත්වය ඉටු කිරීම රජයේ වැඩපිළිවෙළ බව පැවසූ ජනාධිපතිතුමා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව මෙන්ම සුරක්ෂිතතාවය පිළිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුවම රජයේ වගකීම් ඉටු කිරීමට කැපවී සිටින බව අවධාරණය කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (10) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති රණවිරු නිවාස හා ඉඩම් හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

    ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල ද මෙවර ශී‍්‍ර ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නේ බෞද්ධ දර්ශනය පිළිබද උතුම් පණිවිඩය ලොව පුරා ගෙන යාමේ අරමුණින් බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    වීරෝදාර රණවිරුවන් රට සහ ජාතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මේ රටේ ජනතාවට කිසිදිනක අමතක කළ නොහැකි බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඔවුන් වෙනුවෙන් දැනට ලබාදෙන වරප‍්‍රසාද තවදුරටත් ඉහළ නංවමින් ඔවුන්ගේ සුබසාධනය සදහා ඉටුකළ යුතු යුතුකම් ඉටු කිරීමට ඉදිරියේදී ද රජය වගකීමෙන් කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.

    තමන් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු රණවිරු සුබසාධනය සදහා ගෙන ගිය වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ සුබසාධනය සදහා ව්‍යාපෘති රැුසක් කි‍්‍රයාවට නංවා තිබෙන බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    ‘අපි වෙනුවෙන් අපි’ රණවිරු නිවාස වැඩසටහන යටතේ රණවිරු නිවාස 90 ක් බෙදා දීමට අදාළ හිමිකම් පත‍්‍ර පිළිගැන්වීම මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය.
    ‘සත්විරු සංහිද’ ව්‍යාපෘතිය යටතේ අර්ධ නිවාස ස`දහා රුපියල් හත්ලක්ෂ පනස්දාහස බැගින් රණවිරුවන් 503 දෙනෙකු වෙත මුදල් ප‍්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
    රණවිරුවන් ස`දහා ඉඩම් හිමිකම් පත‍්‍ර 65 ක් බෙදාදීම, විරු සිසු ප‍්‍රදීප ශිෂ්‍යත්ව පිරිනැමීම ආදි වැඩසටහන් රැුසක් ද මෙහිදී කි‍්‍රයාත්මක කෙරිණි.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    [rns_reactions]

  • මෝදි එනවාට මහින්දගේ විරෝධතාවක් නෑ – බුරන ගෝලයන්ට මහින්දම කියයි…

    ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් තමාගේ කිසිඳු  විරෝධයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    රුවන්වැල්ල විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    එමෙන්ම මෝදි මහතා සහභාගී වන උත්සව සඳහා සම්බන්ධවීමේ ගැටළුවක් නොමැති බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේය.

    මෝදිගේ මෙරට සංචාරය රටට අහිතකර නොවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කිරීම පමණක් රටට අහිතකර වන බවයි.

    [rns_reactions]

  • සුඛෝපභෝගී ඩිෆෙන්ඩරයකින් කුඩු ඇද්ද කුඩු ලොක්කා කරලියට…..

    හෙරෝයින් කිලෝ ග්‍රෑම් 198 ක් සමග සැකකරුවෙකුව පුත්තලම නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    11 වැනිදා අළුයම හලාවත – මුතුපන්තිය දූපතේදී මෙම වැටලීම සිදු කර ඇත.

    අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇත.

    මුහුදු මාර්ගය ඔස්සේ මුතුපන්තිය දූපතට ගෙනවිත් එතැන් සිට සුඛෝපභෝගී ඩිපෙන්ඩර් වර්ගයේ රථයකින් කොළඹ දක්වා මෙම හෙරෝයින් මත් කුඩු තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

    සැකකරු සහ හෙරෝයින් මත්කුඩු තොගයද,ඩිෆෙන්ඩර් රථයක හලාවත පොලීසියට බාර දී ඇත.

    පුත්තලම නියෝජ්‍යය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර ඇත.

    [rns_reactions]

  • සයිට්ම් සටනේ ආන්දෝලනාත්මක පාදෙණිය – රංජන් හමුවෙයි! (PHOTOS)

    වෙසක් පොහොය නිමිති කොට ගනිමින්  කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විශේෂ වැඩසටහනක් පැවැත්විණි.  එම උත්සවයේදී ඉතා සුන්දර සිදුවීමක් දක්නට ලැබුනා.

    පසුගිය දිනවල පැවති වෛද්‍ය වර්ජනය අතර තුර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ නි. අමාත්‍ය රංජන් රාමනායක අතර දැඩි මතගැටුමක් පැවති අතර එය මාධ්‍ය තුල දැඩි ලෙස කතා බහට ලක්විය.

    නමුත් සම්බෝධි විහාරයේ උත්සවයට මෙ දෙදෙනාම සහභාගී වූ අතර ඔවුන් එහිදී ඉතා සුහදව කටයුතු කලා.

    එහිදී ගත් ජායාරූපයක්  රංජන් රාමනායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ ආකාරය පහතින් දැක්වේ.

    [rns_reactions]

  • ඩොනල් ට්‍රම්ප්ගෙන් තවත් ආන්දෝලනාත්මක තීරණයක්

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් එරට එෆ්.බී.අයි හෙවත් මධ්‍යම විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂවරයා සේවයෙන් පහ කර තිබෙනවා.

    ඒ ජනාධිපතිවරණයේ සිය ප‍්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවිඩ පිළිබඳ පරීක්ෂණය මුල් කර ගනිමින්.

    කෙසේ වෙතත් ඩිමොක්ක‍්‍රටික් පක්ෂය චෝදනා කරන්නේ ට‍්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය හා රුසියාව අතර පැවතුණු බව කියන සබඳතා සම්බන්ධයෙන් එෆ්.බී.අයි. ආයතනය විසින් සිදු කරන ලද පරීක්ෂණ එහි අධ්‍යක්ෂවරයා ධුරයෙන් පහ කිරීමට හේතු වී ඇති බවයි. 

    [rns_reactions]

  • නන්දසේන ඉවතට, හේරත් බණ්ඩා ඇතුලට, හිතේ දුකට රංජිත් ඉල්ලා අස්වේ…

    කේ.එච්. නන්දසේන මහතා විසින් මෙතෙක් දරණ ලද උතුරු මැද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස සහ පළාත් සභා කටයුතු අමාත්‍ය  ධූරයෙන් ඔහු ඉවත් කර තිබේ.

    එම විෂයන් භාර නව ඇමතිවරයා වශයෙන් එම්. හේරත් බණ්ඩා මහතා පත් කර ඇත.

    එමෙන්ම එස්.එම්. රංජිත් මහතා තමන් දැරු උතුරු මැද පළාතේ ප්‍රවාහන, ක්‍රීඩා, යෞවන කටයුතු, සමූපකාර, වෙළද, ආහාර සහ කර්මාන්ත සංවර්ධන ඇමති ධූරයෙන් ඉල්ලා අස් විය.

    ඔහු පවසන්නේ තමන් ඉල්ලා අස්වූයේ කේ.එච්. නන්දසේන මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පල කරමින් බවයි.

    තමන් ශ්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් ලෙස ස්වාධීනව කටයුතු කරන බවද ඔහු කියා සිටී.

    [rns_reactions]

     

  • "මමයි මගේ සැමියයි තාම ඒ හීනය දකින්නේ නැහැ" ගීතිකා කියූ කථාව

    ගීතිකා කොහොමද ජීවිතේ?

    වරදක් නැහැ. හොඳින් ඉන්නවා.

    මේ දවස්වල පුංචි තිරයේ නම් පේන්න නැහැනේ?

    මම සම්බන්ධ වුණ “මගේ ආදර අවනඩුව” ටෙලි නාට්‍යයත් විකාශය වෙලා ඉවරයි. හැබැයි මම තවත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. ටෙලි නාට්‍යය “තුරුම්පු ආසියා”. ඒකත් මම ආස කරන විදිහේ චරිතයක්. චින්තක පීරිස් අයියා තමයි එහි තිරපිටපත ලියන්නේ. එයා තමයි මාව ඒ නාට්‍යයට සම්බන්ධ කර ගත්තේ.

    ඒ කියන්නේ පේන්න නොහිටියට ගීතිකා වැඩ නේද?
    ඔව්. හැබැයි මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමැති නැහැ. ඉස්සර නම් ෂූටින් අතරතුර නිදහසේ ඉන්න කාලයක් හොයා ගත්තා. හැබැයි දැන් නිදහසේ ඉද්දී ෂූටින් යනවා. දැන් ඉතින් නිදහසේ හිටියා ඇති. ආයෙත් වැඩ පටන් ගන්න ඕන.

    විවාහයෙන් පස්සේ ගීතිකාට ලැබෙන අවස්ථා අඩුද?

    මෙහෙමයි. සමහර නිර්මාණකරුවන් රංගන ශිල්පිනියන් විවාහ වුණාම ඔවුන්ව වැඩවලට සම්බන්ධ කරගන්න කැමැති නැහැ. මොකද එයාලා විවාහ වෙලා අම්මා කෙනෙක් වුණොත් නිර්මාණය වෙනස් කරන්න වෙයි, නිර්මාණයේ ගලා යෑමට හානියක් වෙයි කියලා ඒ අය හිතනවා. විවාහ වුණාම වැඩවලට ගන්න සමහර නිර්මාණකරුවෝ බය වෙන්නේ ඒ නිසා. මටත් ඒ වගේ ලැබෙන්න තිබ්බ නිර්මාණ තුන හතරක්ම නැති වුණා. මම නම් වැඩක් භාර ගත්තොත් ඒක විනාශ කරලා මගේ හීනවලට යන්නෙ නෑ.

    එතකොට ගීතිකා මවක් වෙන හීනය තාම දකින්නේ නැද්ද?

    මමයි මගේ සැමියයි තාම ඒ හීනය දකින්නේ නැහැ. හැබැයි අපිට කලින් වෙන අය ඒ හීනය දැකලා. ඒ නිසා මට වැඩ කිහිපයක් නැති වුණා.

    විවාහයෙන් පස්සේ සමහර රංගන ශිල්පිනියන් කැමැත්තෙන්ම ක්ෂේත්‍රයෙන් අයින් වෙනවා. නැත්නම් සැමියා බිරිදව ක්ෂේත්‍රයෙන් ඉවත් කරනවා. ගීතිකාට එහෙම ප්‍රශ්න ආවේ නැද්ද?

    සමහර අවස්ථාවල වැඩ බැලන්ස් කරගන්න බැරි වුණාම අවස්ථා මඟහරින්න වෙලා තියෙනවා. ඉතිං මම කැප කිරීම් කළා කියලා හිත හදාගන්නවා. මට වේදිකා නාට්‍යවල වැඩ ලැබුණා. ඒත් ඒවට කාලය දෙන්න බැරි වුණ ප්‍රශ්නයක් නිසා ඒ වැඩේ අතහරින්න වුණා. විවාහ වුණාට පස්සේ කැප කිරීම් කරන්නත් සිද්ධ වෙනවා. හැබැයි සැමියා මට රංගනයෙන් අෑත් වෙන්න කියලා නැහැ.

    අවස්ථා ගිලිහෙන එක ගැන දුකක් නැද්ද?

    ඉස්සර නම් මට හම්බෙන්න තිබ්බ දෙයක් නැති වුණාම දුක හිතිලා තියෙනවා. හැබැයි දැන් එහෙම නැහැ. දෙයක් නැති වුණොත් තව හොඳ දෙයක් හම්බෙයි කියලා මම හිත හදාගන්නවා. ඒ වගේම මට දැන් පවුල් ජීවිතයෙත් වගකීම් තියෙනවනේ.

    ගීතිකා වැඩිබර දෙන්නේ පවුලටද? වෘත්තියටද?

    මම පවුල් ජීවිතයයි, වෘත්තියයි දෙකම සමබර කරගෙන යනවා. ගොඩනඟාගත්ත දේවල් මට නැති කරගන්න බෑ. ඉතිං මට මගේ සැමියාගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා.

    ගීතිකාට ලැබෙන රංගන අවස්ථා භාරගන්නේ සැමියාගේ එකඟත්වයත් බලලද?

    මට තිරපිටපතක් ලැබුණොත් ඒක මට කලින් එයා කියවලා බලනවා. එයාට ඩ්‍රාමා ගැන දැනුමක් තියෙනවා. ඉතිං එයාගෙන් ලැබෙන උපදෙස් මට වටිනවා.

    ෂූටින් යද්දී දැන් සැමියා ගීතිකා පස්සෙන්ම කියන්නේ ඇත්තද?

    මෙහෙමයි එයයි මමයි එක වාහනේ වැඩවලට යන්නේ. එයා මාව ෂූටින් දාලා ආයෙත් ගන්නත් එනවා. ඉස්සර නම් මම තනියම තමයි ෂූටින් ගියේ. හැබැයි දැන් එයත් නිදහස් වෙලාවක නම් ෂූටින් තියෙන තැනට ඇවිත් ඉන්නවා.

    සැමියා තනි නොතනියට එක්ක යන්නේ ආරක්‍ෂාවටද?

    මට ඉස්සරත් ආරක්‍ෂාව තිබුණා. මම ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන් මට හම්බුණ හැමෝම පවුලේ අය වගේ. ඉතිං මට මේ ක්ෂේත්‍රයේ එදත් ආරක්‍ෂාව තිබුණා. අදත් ආරක්‍ෂාව තියෙනවා.

    පුංචි තිරයෙන් එළියට යන්න අදහසක් නැද්ද?

    සිනමාවට එකතුවෙන්නත් හීනයක් තියෙනවා. දැනට ඒ ගැන පොඩි සේයාවකුත් තියෙනවා. බලමු ඉදිරිය කොහොම වෙයිද කියලා. ඒ වගේ වේදිකාවටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

    ගත්ත උපාධියෙන් වැඩක් ගත්තොත් නරකද?

    අපේ අම්මත් කියනවා ගත්ත උපාධියෙන් වැඩක් ගන්න කියලා. මට තියෙන්නේ විද්‍යා උපාධියක්. ඉතිං ඒකට සුදුසු රැකියාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා. ඊට අමතරව කලාව පැත්තෙන් හැදෑරිමක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ

    [rns_reactions]

     

  • ලෝකේ අනිත් රටවල් වෙසක් සමරන්නේ මෙහෙමයි….

    බුද්ධ වර්ෂ 2493 (ක්‍රිස්තු වර්ෂ 1950) දී පාලි භාෂාව පිළිබඳ විද්වතෙකු වූ ආචාර්ය ගුණපාල මළලසේකර මහතාගේ අදහසකට අනුව ලොව පුරා බෞද්ධ රටවල් 27 ක් නියෝජනය කරමින් නියෝජිතයන් 129 දෙනෙකු ලෝක බෞද්ධ මිත්‍රත්වය (World Fellowship of Buddhists) පිහිටුවමින් මැයි 25 – ජූනි 6 දක්වා කොළඹ දී රැස් වන්නේ සියවස් ගණනාවක් තිස්සේ රට රටවල බෞද්ධයන් විසින් සමරන ලද වෙසක් උළෙල විධිමත් කිරීමේ අරමුණ ඇති ව යි.

    1950 වසරේ කොළඹ දී පැවැත්වූ මුල් ම ලෝක බෞද්ධ මිත්‍රත්ව සමුළුව  (wfbhq.org)

    එහි දී වෙසක් පොහොය දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් නේපාලයේ මහ රජුට ස්තූතිය පුද කරන ලද අතර, ලෝක සාමය සඳහා ඉමහත් මෙහෙයක් ඉටු කළ බුදුන් වහන්සේට සිදු කරන ගෞරවයක් ලෙස වෙසක් පොහොය දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස නම් කරන ලෙස සෑම රටක ම රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටීම ද සිදු කෙරුණා. 1999 දී ජාත්‍යන්තර වශයෙන් වෙසක් පොහොය සැමරීම සංකේතවත් කරමින් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ප්‍රථම වරට වෙසක් උත්සවයක් සංවිධානය කර තිබුණා.

    2010 වසරේ කොළඹ දී පැවැත් වූ 25 වැනි ලෝක බෞද්ධ මිත්‍රත්ව මහා සභාව සහ එහි 60 වැනි සංවත්සරය (wfbhq.org)

    හින්දු දින දර්ශනයේ අප්‍රේල්-මැයි කාලය අතරතුර ගත වන චන්ද්‍ර මාසයට අනුව නම් කරන ලද වෙසක් උත්සවයේ දී ලොව පුරා බෞද්ධයින් සමරන්නේ බුදු වහන්සේගේ උපත, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යි. දඹදිව් තලයෙන් ඔබ්බට බුදු දහම ව්‍යාප්ත වී ගිය අවධියේ පටන් ම සැමරීම ඇරඹුණු වෙසක් උත්සවය විවිධ රටවල දී විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබන අතර එය සමරන ආකාරය රටින් රටට වෙනස් වෙනවා. ශ්‍රී ලංකාව හැරුණු විට අනෙකුත් බෞද්ධ රටවල දී වෙසක් උළෙල සමරන ආකාරය ගැන තොරතුරු යි මේ.

    ජපානය

    (keywordsuggest.org)

    සකුරා මල් පිපෙන සමයේ දී සමරනු ලබන ජපන් වෙසක් උත්සවය ඇතැම් අවස්ථාවල දී ‘හනා-මත්සුරි’ (මල් උත්සවය) ලෙස ද හඳුන්වනු ලබනවා. ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන අප්‍රේල් 8 වැනි දින ඒ සඳහා වෙන් කර ඇති අතර බුදු වහන්සේගේ උපන් දිනය දා අහසෙන් මතු වූ මකරෙකු උන් වහන්සේ ව හඳුනා නොගත් පැළෑටියක් නිස්සාරණයෙන් ලබා ගන්නා යුෂ මගින් සැකසූ ‘සෝම’ නම් පානයෙන් නහවන ලද බවට ඇති පුරාවෘත්තයක් මත එය පදනම් වී තිබෙනවා.

    (tokyocheapo.com)

    අනෙකුත් ජපන් උත්සව හා සසඳන කල නිහඬ උත්සවයක් වන වෙසක් දිනයේ දී සෑම පන්සලක් ඉදිරිපිට ම බුදු රුවක් සහිත පුදසුනක් දක්නට ලැබෙන අතර බැතිමතුන් විසින් එය නොයෙකු පැහැයෙන් යුතු මලින් සරසනු ලබනවා. එසේ ම බිළිඳු සිදුහත් කුමරුගේ ප්‍රතිමාවක් ‘අමාචා’ නමින් හඳුන්වන හයිඩ්‍රේන්ජියා පැළෑටියෙන් නිපදවන ඖෂධීය තේ පානයෙන් නැහැවීම ද, සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත් දින ඇය සිහිනෙන් දුටු සුදු ඇත් පැටියා ව සංකේතවත් කරනු පිණිස මංගල රථයක් මත සුදෝසුදු හස්ති රාජයෙකුගේ අනුරුවක් ඉදි කිරීම ද ජපනුන් සිදු කරනවා.

    නේපාලය

    ස්වායම්භු විහාරස්ථානය (justgiving.com)

    ‘බුද්ධ ජයන්ති’ යනුවෙන් හඳුන්වනු ලබන නේපාලයේ වෙසක් උත්සවය අතිශය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන්නේ බුදුන් උපන් ස්ථානය වන ලුම්බිණියේ දී සහ නේපාලයේ ඇති ශුද්ධ වූ පන්සලක් වන ස්වායම්භු නම් විහාරස්ථානයේ දී යි. නේපාලයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වන වෙසක් පොහොය දිනයේ දී බොහෝමයක් බැතිමතුන් කත්මණ්ඩු නිම්නයේ පිහිටි ස්වායම්භු විහාරයට එක් රැස් වන අතර, එම විහාරයේ ප්‍රධාන දොරටුව විවෘත කරනු ලබන එක ම දිනය වන්නේ ද වෙසක් පොහොය දිනය යි.

    නේපාලයේ වෙසක් උළෙල ආගමික උත්සවයකට වඩා ජාතික උත්සවයක ස්වරූපය ගන්නේ බෞද්ධයින් නොවන අනෙකුත් ආගමිකයන් ද එය සැමරීම නිසාවෙන්. සෑම දෙනෙක් ම පාහේ උදෑසනින් ම පන්සලට ගොස් පහන්, සහල්, මුදල් සහ මල් පූජා කරන අතර ම දිනය පුරාවට ම පන්සල්වල දී නොයෙක් ආකාරයේ ආශිර්වාද පූජාවන් පැවැත්වෙනවා.

    දකුණු කොරියාව

    නෙළුම් පහන් කූඩු උත්සවයේ අවස්ථාවක් (en.wikipedia.org)

    දකුණු කොරියාවේ දී බුදුන් වහන්සේගේ උපන් දිනය යන අරුතින් වෙසක් උත්සවය හඳුන්වනු ලබන්නේ ‘සොග්ගයා තන්ෂින්’ යන නාමයෙන්. කොරියානු චන්ද්‍ර දින දර්ශනයේ 8 වැනි දිනට යෙදී ඇති එය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා.

    දකුණු කොරියාවේ දී දක්නට ලැබෙන විශාලත ම සංස්කෘතික උත්සවය වන වෙසක් උළෙලේ වැදගත් ම අංගය ලෙස සැලකෙන්නේ නෙළුම් පහන් කූඩු උත්සවය (Lotus Lantern Festival) යි. මෙම චාරිත්‍රය ඇරඹී ඇත්තේ අදින් වසර 1,500 කට පමණ පෙර දී යි. මෙහි දී සෑම නිවෙසක ම පාහේ නිවසේ සිටින සාමාජිකයන් ගණනට සමාන වන ලෙස පහන් කූඩු සකස් කිරීම සිදු කරනු ලබනවා. සවස් යාමය වන විට පහන් කූඩු ආලෝකමත් කිරීම සිදු කරන අතර බොහෝමයක් දෙනා පහන් කූඩු රැගෙන යන පෙරහැර සඳහා එකතු වන අයුරු ද දක්නට හැකි යි.

    (thoughtco.com)

    වෙසක් පොහොය දිනයේ දකුණු කොරියාවේ පන්සල් බොහෝමයක් මගින් තම බැතිමතුන්ට උදෑසන සහ දහවල් ආහාරය සපයනු ලබනවා. මෙහි දී මූලික වශයෙන් පිළි ගන්වනු ලබන ආහාර වන්නේ ජිංටික්කු (බුබුළක හැඩය ගන්නා සහල් කේක්), හ්වාජොං (අසේලියා මල් යොදා ගනිමින් බඳින ලද සහල්වලින් සැකසූ කේක්), ඔච්චා (මාළු, බිත්තර සහ ළූණු යොදා ගනිමින් සකසන ව්‍යංජනයක්), ඔ-මංඩු (මස් යොදා පුරවන ලද මාළු තැම්බීමෙන් සකසන ව්‍යංජනයක්) සහ මිනැරිගෙගෝ (ගම්මිරිස්, සුදු ළූණු සහ ළූණු සමග උයන ලද පාස්ලි සමග මුසු කරන ලද අමු මාළු) යනාදිය යි.

    හ්වාජොං (en.wikipedia.org)

    ඉන්දුනීසියාව

    ‘වෛසාක්’ නමින් හඳුන්වන ඉන්දුනීසියානු වෙසක් පොහොය දිනය ඉතාමත් උත්කර්ෂවත් ලෙස සමරනු ලබන්නේ ජාවා හි බෝරෝබුදුර් විහාරස්ථානයේ දී යි. එහි දී දහස් ගණනක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා එක් රැස් වී පිරිත් සජ්ඣායනය කිරීම සහ භාවනා කිරීම සිදු කරන අතර විහාරය වටා සක්මන් කරමින් ‘ප්‍රදක්ෂිණ’ යනුවෙන් හඳුන්වන චාරිත්‍රයක යෙදෙන අයුරු ද දැක ගැනීමට ලැබෙනවා.

    බෝරෝබුදුර් හි වෙසක් සැමරුම් (en.wikipedia.org)

    මීට අමතර භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගේ නිහතමානී බව සංකේතවත් කරමින් පිරිත් පැන් බඳුන්වලට පිරවීම ද, සිදුහත් තවුසන් බුද්ධත්වයට පත් වීම සංකේතවත් කරමින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගිනි දැල් රැගෙන යාම ද සිදු කරනවා. එසේ ම වෙසක් දිනයේ දී භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩීම ද ඉන්දුනීසියාවේ දී සුලබ යි. 1983 වසරේ සිට වෙසක් දිනය ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස සැලකෙනවා.

    සිංගප්පූරුව

    (bustle.com)

    බොදු බැතිමතුන් හිමිදිරියේ ම විහාරස්ථානවලට එක් රැස් වීමෙන් ඇරඹෙන සිංගප්පූරු වෙසක් උත්සවයේ මුල් ම අංගය වන්නේ පන්සිල් සමාදන් වීම සහ පිරිත් සජ්ඣායනය යි. ඉන් අනතුරු ව බෞද්ධ කොඩිය එසවීම සිදු කරනු ලබනවා.

    විහාරස්ථාන කරා පැමිණෙන බැතිමතුන් බුදුන් සඳහා මල්, ඉටි පහන්, හඳුන්කූරු පූජා කරන අතර ඉන් නිරූපණය කරන්නේ සෑම දෙයක් මෙන් ම අවසානයේ දී ජීවිතය ද කෙළවර වන බව යි. මීට අමතර ව ලේ දන් දීම, දුප්පතුන් සඳහා ආහාර (දකුණු කොරියාවේ දී මෙන් නොව සිංගප්පූරුවේ දී වෙසක් ආහාර සියල්ල ම නිර්මාංශ යි) ලබා දීම සහ කූඩු කරන ලද සතුන් මුදා හැරීම සිදු කරනවා. සවස් යාමයේ දී වීදි සියල්ලක් ම පාහේ දල්වන ලද ඉටි පහන් මගින් අලෝකමත් කරනු ලැබීම ද සිංගප්පූරුවේ දී දක්නට හැකි යි.

    [rns_reactions]
  • දීර්ග කාලයක් ගම්මු බියගැන්වූ තඩි පිබුරා කොටු වෙයි.(video)

    මොරගහකන්ද ප්‍රදේශයේ කොන්ගාවෙල ග්‍රාමයේ ප්‍රදේශවාසීන් බියටපත්කල අඩි 16 ක් පමණ දිග විශාල පිඹුරෙකු ඇලහැර අඩවිය වනජීවී කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව අල්ලා ගෙන තිබෙනවා.

    මෙම පිඹුරා අල්ලා ගන්නා අවස්ථාවේ නරියෙකු ගොදුරක් කරගෙන සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    මේ පිඹුරා වසර කිහිපයක සිට ප්‍රදේශයේ සැරිසරමින් කුකුලන්, එළුවන් වැනි සතුන් ගොදුරු කරගනිමින් ප්‍රදේශවාසීන්ද බිය වද්දමින් සිටි බවයි ඔවුන් පවසන්නේ.

    ඇලහැර අඩවිය කාර්යාලයේ කේ. රංජිත් මහතා ඇතුළු කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවා.

    පිඹුරා අල්ලා ගන්නා අවස්ථාවේ ගොදුරක් වී සිටි නරියා මිය ගොස් සිටි අතර වනජීවී නිලධාරීන් විසින් පිඹුරා ඇලහැර රක්ෂිතයට මුදා හැරියා.

    [rns_reactions]

  • මෝදිගේ හෙලිකොප්ටර් දෙකක් හැටන් නගරයේ වහලවල් ගුවනට එක් කරයි.(photos)

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කඳුරට සංචාරය වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා දෙකක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය අවට ඊයේ (09දා) සිදුකළ පෙර පුහුණුවීම්වලදී ක්‍රීඩාංගණය අසල වූ හැටන් සමනලගම ප්‍රදේශයේ නිවාස පහක වහල සෙවිලි තහඩු සහ ඇස්බස්ටස් ෂීට් ගැලවී ගිය බව එම නිවැසියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර තිබේ.

    ඊයේ (09දා) දහවල් 12.00ට පමණ මේ පෙර පුහුණුවීම් සිදුකර ඇත. 

    මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ එම හෙලිකොප්ටර් යානා වල ගුවන් නියමුවන් විසින් ඩන්බාර් ක්‍රීඩාංගණය අසල නිවාස කිහිපයක වහලවල් මතට වැලි කොට්ට තබන ලෙසට නිවෙස් හිමියන්ට උපදෙස් දෙන ලෙස පොලිසියට පැවැසූ බවයි. 

    මෙවැනි පෙරහුරුවක් ඉදිරි දින දෙකේදී සිදු කිරීමට නියමිතය.

    /’///////////””””””””””””’








    [rns_reactions]

  • පහසුයි ලේසියි… ලස්සන වෙසක් කූඩුවක් හදන්නේ මෙහෙමයි.(video)

    වෙසක් පෝයට තවමත් වෙසක් කුඩුවක් සාදාගැනීමට ඔබට නොහැකි උනාද?

    පහසුයි ලේසියි… ලස්සන වෙසක් කූඩුවක් හදන්නේ මෙහෙමයි.

    [rns_reactions]

  • සිංයන්ට සහ කැන්ගරුවන්ටඑක්දින ගැටුමකට පකිස්ථානයෙන් ආරාධනා

    ශ්‍රී ලංකාව යුද සමයේ මුහුණ දුන් අත්දැකීමට සමාන අත්දැකීමක් දැන් පකිස්ථානය ක්‍රිකට් කණ්ඩායම් තම රටට ගෙන්වා ගැනීමේදී මුහුණ දෙමින් සිටී,ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කර සිදූ කල වෙඩි ප්‍රහාරයෙන් පසුව පකිස්ථානයට ක්‍රිකට් කණ්ඩායමක් පැමිණීමේදී දෙවරක් සිතා බලන නිසා පකිස්ථානය තුල ක්‍රිකට් තරඟාවලි පැවැත්වීම අඩු වී ඇත.මෙයට විකල්පයක් ලෙස පකිස්ථානය තමන්ගේ තරඟාවලි සංවිධානය කරන්නේ ඩුබායි ,එක්සත් අරාබි එමීර් රටවල් වලය.

    පකිස්තානය විසින් ශ්‍රී ලංකාවට සහ ඔස්ට්‍රේලියාවට 19 පහල ක්‍රිකට් තරඟාවලියක් සඳහා ආරාධනා කර ඇත.පකිස්ථාන ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී හරුන් රෂීඩ් පවසන අන්දමට තරඟාවලිය එළඹෙන 19 පහල ලෝක කුසලානයට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් යොදා ඇත.

    [rns_reactions]

     

  • දක්ෂතා පරිපූර්ණ මහේලට ක්‍රිකට් උපන් රටෙන් කැදවිමක්..

    ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම වර්තමානයේ ඉන්දියාවේ පැවැත්වෙන IPL තරඟාවලියේ කැපී පෙනෙනම දක්ෂතා දක්වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු ලෙස කටයුතු කරන   මහේල ජයවර්ධන එංගලන්තයේ විස්සයි-20 තරගාවලියේදී ලැන්කෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ. T20 බ්ලාස්ට්‘ යනුවෙන් හැඳින්වෙන මෙම තරගාවලිය එංගලන්තයේ ප්‍රාන්ත අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියයි.

    මේ වන විට 39 හැවිරිදි මහේල ජයවර්ධන 2015 දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර පසුව එංගලන්තයේ සසෙක්ස් සහ සමර්සෙට් පිල වෙනුවෙන්ද ක්‍රීඩා කළේය.

    [rns_reactions]

  • දහවලට බඩු අදින කරත්තය රාත්‍රියට රතීකෙලියට යොදාගන්නා කොළඹ නාට්ටාමිලාගේ ඔබ නොදත් කථාව….

    කොළඹ දෙවැනි තුන්වැනි හරස් වීදිවලදී අපි ඔවුන් මුණගැසුණෙමු. වෘත්තියෙන් ඔවුන් නාට්ටාමීන්ය. එහෙත් ඔවුන්ද ඔබ හා මා අයත් මනුසත් කුලයට අයත් වූවන්මය. කශේරුකාව තුදුස්වක ගැසෙන තෙක් ඔවුන් ඉසිලිය නොහැකි තරම් බරක් උසුලන්නේ එකෙකු පරයා එකෙකු ලෝක වාර්තා තැබීමට නොවේ. ඔවුන් දෙඅතින් ගත් බර කොඳු කැඩෙන තුරු උසුලන්නේ ජීවන බරට උරදෙනු පිණිසය. දරුවන් අඹුවන් මවුපියන් රකින යුතුකම් වගකීම් කොටස අවමයෙන් හෝ ඉටුකිරීමේ යුතුකමට වගවෙනු පිණිසය. මන්දිර තනන හීන ඔවුන්ගේ ජීවන අවශ්‍යතා ලැයිස්තුවේ නැති වුවත් වේල පිරිමසාලීමේ වගකීම, තමන්ට දිනාගත නොහැකි වූ ලෝකය දරුවන් අබිමුවේ හෝ යථාවක් බවට පත්කිරීමේ අභිලාෂ ඔවුන්ගේ පපු කැනැත්තේද නොතිබෙන්නට හැටියක් නැත.
    කුඩු, ගංජා, මත්පැන් මෙන්ම ගණිකා ඇසුරටද රුසියන් වූ නාට්ටාමින් ඔවුන් අතර එමටය. නට්ටාමින් ලෙස ගිනිදන නගරයේ ඇවිලෙන මද්දහනේ නොහිම් ජීවන අරගලයක කොටස්කරුවන් වූ ඔවුන්ගේ ජීවිතවල පත්ල හදවතින් ස්පර්ශ කරද්දී හමුවන ඉසියුම් සංවේදී නිම්නයන්ද එමටය. ආත්මීය දුක්කඳු සිරස දරාගත් ඔවුන්ගේ කට්ට කෛරාටිකකම්ද එමටය. එහෙත් ජීවිතය විඳින ඉසිඹුන් සොයා කුඩු ගංජා මත්පැන් ගණිකාවන්ට ලොල්වන මානසිකත්වය විනිවිද ඔවුන් වෙතින් දැනෙන නිරායාස මනුෂ්‍යත්වයේ ඉසව්ද කොතෙකුත්ය.

    කිලෝ ගණන් බර උසුලන ඒ සිරුරු තර කරන්නට පෝෂ්‍යදායී ආහාර පාන, පාන වර්ග තබා පිඟානක් පිරෙන්නට බත් පතක්වත් ඔවුන්ට නැති දවස් නැතුවාම නොවේ. දුක ආත්මකොටගත් ඒ මිනිසුන්ගේ ජීවිත අස්සට එබෙන්නට අපි යත්න දැරැවේද එහෙයින්මය. සැබෑ කම්කරුවන් වූ ඔවුන්ගේ ජීවිත උදෙසා පෙරවදන් ලියන්නට අපි උත්සුක නොවෙමු. අප උත්සාහ කළේ ඒ ජීවිත උන්ගේ දහඩිය සුවඳ සමඟ කියැවීමට පමණි.

    මළු වලින් තැලී පොඩිවුණ තක්කාලි, මාළු මිරිස් වැනි එළවළුවලින් ගලනා ඉස්ම නාට්ටාමිගේ උරහිස පුරා ගලාගෙන ගියේය. බෙල්ල පුරා ගලාගෙන ගියේය. දෙකඩ තුනට කුදු ගැහුණු නාට්ටාමින්ගේ ජවිතේ සතුටට වඩා දුකේ මායිම ළංව තිබුණේය. සතුට ඔවුන්ගේ හිත් මායිමෙන් ඈතට විහිදී ගියේය.

    මැනිං වෙළෙඳපොළ අවට හුඟ දෙනෙකුට සුරපුරක් වූයේ නැත. කොළඹ නගරයට එන බොහෝ පිරිසක් ප්‍රධාන බස් නැවතුමට, දුම්රිය පොළට දිවයන්නේ නියමිත ගුවන් යානය පිටත්ව යාමට ආසන්නයේ ගුවන් තොටුපොළ දිවයන මගියකු සේය. මොවුන් අතරින් විශාල මලු උසුලාගෙන නාට්ටාමින් දිවයන්නේ මුළු පිටකොටුවම තමන් සතු බූදයක් සේ කෑගසාගෙනය. කරත්ත තල්ලු කරන නාට්ටාමින් තම කරත්තය තල්ලු කර පාරේ දිවයන්නේ හදිසි ගිනි නිවීමේ රථයක් රැගෙන යන පරිද්දෙනි.

    නාට්ටාමින්ගේ ජීවිත කටුකය. ඔවුන්ගෙන් බහුතරය මත්පැනට, මත්කුඩට, ගංජාවට පුරුදු වූවන්ය. බොහෝ නාට්ටාමි තම රාජකාරි කටයුතු පටන්ගන්නේ සුපුරුදු පරිදි සූස්තියක් හෝ මත්කුඩු පැකට්ටුව සප්පායම් වීමෙන් පසුවය. කුඩු පැකට්ටුව නැත්නම් ඔවුන් බොහෝමයකට ත්‍රිලක් නැත. ගැම්මක් නැත. ඇඟට ෆිට් එකක් නැත. බර උසුලන්නට ශරීර කූඩුව ෆිට් නැත. කුඩු ගංජා මහිමයෙන් ඒ බොහෝ දෙනා රොබෝවරුන් සේ වැඩකරති. නමුත් ඇඟේ හයිය කුඩු පැකට්ටුවෙන් නාට්ටාමිලාට පැමිණියත් බොහෝ නාට්ටාමිලාගේ මනුස්සකම් කුඩු පැකට්ටුව විසින් උදුරා ගනී.

    ඇතැම් නාට්ටාමිලා කරත්තය තල්ලු කරගනිමින් යද්දී ඕනෑකමින්ම ගැහැනුන්ගේ ඇඟේ හැපේ. එසේත් නැතිනම් කාන්තාවන්ට විසිල් ගහයි. මෙවැනි දේවලින් ඔවුහු පහත් මානසික සතුටක් විඳිති. තම ඇඟේ පතේ අමාරුව නිවා ගැනීමේ එක් මාර්ගයක් ලෙස ඔවුහු ගණිකා ඇසුරට ඇබ්බැහි වී සිටිති. ඉහළ පැළැන්තියේ ඇතැම් මහත්තුරු රට සවාරිවල යෙදෙමින් නැතහොත් තරුපහේ හෝටල්වල කාමර තුළ ටොප් ලෙවල් ගණිකාවන් සමඟ කරන ක්‍රියාවම ඔවුන් උදේට බඩු අදින කරත්තය තුළ හෝ ඕනෑම අගුපිලක කරන්නට සූදානම්ය. මේ යථාවයි. මේ සියල්ල අප මෙලෙස සටහන් කරන්නේ යථාර්ථය නොසඟවා හෙළිදරව් කිරීමේ අභිප්‍රායෙන් මිස චෝදනා මුඛයෙන් නොවන බවත් මේ කරුණු සියලු නාටාමින්ට එකසේ වලංගු නොවන බවත් අපි ඒ අතරම අවධාරණය කරමු.

    කොළඹ පිටකොටුව මැනිං වෙළෙඳපොළේ මහා දවලේදීද නාට්ටාමිවරු තම රාජකාරියේ නිරත වෙති. පරිප්පු හොද්දක පොඟවා ගත් පාන් බාගයකින් කුස පුරෝගන්නා ඇතැම් නාට්ටාමිවරු පෝෂ්‍යදායී ආහාර වේලකට වඩා මත් පැකට්ටුවකට මුදල් වැය කරති. මේ නිසාම බොහෝ නාට්ටාමිවරු එදත් අදත් බොහෝදුරට හෙටත් දිළින්දෝය.

    නාට්ටාමින් දවසකට රුපියල් හත්සිය පනහක් පමණ අවම මුදලක් උපයති. බොහෝවිට ඔවුහු දෙදාහක් තුන්දහක් පමණ දවසේ වැටුපක්ද සොයා ගනිති. නමුත් ඒ හොයන රුපියල් ඔවුන් බොහෝ දෙනා ගිනිවතුරට යට කරති. එමෙන්ම නාට්ටාමින්ගේ පහස ලබන්නට වීදි ගණිකාවන් නිතර නිතර මේ කරත්ත වටා එක්රොක් වෙති. ඔවුන්ට කතා කරන්නට දුරකථන තිබුණේ නැත. තිබුණත් දුරකථනයෙන් කතා කොට වෙලාවක් වෙන්කරගන්නට තරම් අවශ්‍යතාවයක්ද ඔවුන්ට නැත. ඉඟිබිඟි පාන්නට ඔවුන්ට වෙනමම සංඥාවන්ද තිබුණේ නැත. තිබුණේ එකම එක වාග් රටාවකි.

    හවසට වරෙං කරත්තේ උඩට…… (හිස් තැන සම්පූර්ණ වන්නේ පොදු සමාජය තුළ කුණුහරුපයක් යැයි සම්මත වූ වචනයකිනි)

    නාට්ටාමිවරු වීදි ගණිකාවන් කුලී කාමරවලට රැගෙන යන්නේ නැත. දෙනෝ දාහක් දෙනා ගැවසෙන නොනිදන පිටකොටුව රෑ ජාමයට නිශ්ශබ්ද වෙද්දී පාළුවට ඇරුණු පාරක් තුළ නාට්ටාමින් හා වීදි ගණිකාවෝ නිරාවරණ මහපාරේම කොහේ හෝ අස්සක මුල්ලක රති ක්‍රීඩාවේ නිරත වෙති. ඔවුන් හිතේ හැටියට තම අවශ්‍යතා සපුරා ගන්නේ සුව සයන මත නොවේ. දවස තිස්සේ හම්බකරගන්නට ‍ෙයාදාගත් කරත්ත මතය. උදේට කරත්තය රාත්‍රියට සයනයකි. උදේට එළවළුවලින් වැගිරෙන ඉස්මෙන් තෙත් වන කරත්ත රෑට තෙත් කරන්නේ රති ක්‍රිඩාවේ ශේෂයන් විසිනි. බිරිය ළිපේ ගින්දරත් එක්ක ඔට්ටු අල්ලද්දී නාට්ටාමින්ගේ මුදල් සියල්ල එක මොහොතකින් වීදි ගණිකාවන් නතු කර ගන්නා අවස්ථාද විරල නොවේ.

    සිරිමානකරම් තොටළඟ ප්‍රදේශයෙන් ආ පිටකොටුව මැනිං වෙළෙඳසලේ නාට්ටාමියෙකි. අවුරුදු පහළොවක් තිස්සේ මෙම රාජකාරියේ සිටි ඔහුගේ පියා ඇඳුම් මසන්නෙකි. නමුත් අවාසනාවකට සිරිමානකරම්ට තාත්තාගේ රැකියාව උරුම වූයේ නැත. පාසල් කාලයේදීම කට්ටි පනිමින් සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ ඔහු එදා පිටකොටුවට ගොඩවැදුණේ කීයක් හෝ හම්බ කරගන්නටය. තම පියා ගමේ මිනිසුන්ට හැඩකාර ඇඳුම් මසද්දී සිරිමානකරම් කුණු ගෑවුණු අපිරිසිදු ඇඳුමක් ඇඳ අදද පිටකොටුවේ බඩු අදී. සිරිමානකරම් විවාහකයෙකි. දූවරු තිදෙනෙකුගේ පියෙකි. වැඩිමහල් දියණියට වයස අවුරුදු විසිතුනකි. දියණියන් දෙදෙනකුම දීග දුන් මේ තාත්තා අද බාල දියණිය හා බිරිය සමග තොටළඟ ජීවත් වේ. උදේ පාන්දර හතරට පමණ පිටකොටුවට පැමිණෙන සිරිමානකරම් හවස පහමාර වනතුරු බඩු කඳන් සමඟ ඔට්ටු අල්ලයි. ඔහු ඇතැම් දිනවල දෙදාස් පන්සියයක් සෙවූ කාලයක්ද ජීවිතේ මතක ඇත. අධික වර්ෂාව ඇති කාලයකදී ඔහු දවසකට හයසීයක් පමණ ඉපැයූ දිනද ඇත.

    හැමදාමත් හවසට මත්පැන් වඩියකට ඔට්ටුවීම ඔහුගේ දින චරියාවකි. දවසේම මහන්සියෙන් වැඩ කර ඇඟේ පතේ අමාරැවට පොඩි අඩියක් ගන්නා බව ඔහු අප සමඟ පැවසුවේය.

    මම එහෙම ලොකුවට බොන්නේ නෑ. මේක අමාරු රස්සාවක්. ලේසි නෑ. ඒත් මොනව කරන්නද තාත්තාගේ රස්සාව ඉගෙන ගත්තානම් අද මම මේ කිළිටි ඇඳුම් ඇඳන් ඉන්නේ නෑනේ. මොනව කරන්නද…. හම්බ කරගත්තු සල්ලිවලින් හවසට පොඩි අඩියක් ගහනවා. ඉතුරු සල්ලි ගෑනිට දෙනවා. ඒක තමයි ජීවිතේ. ගෝවින්දරාජන් නවගම්පුර ප්‍රදේශයේ ජීවත්වන නාට්ටාමියෙකි. අවුරුදු තිස් තුනක් පමණ එක්තරා වෙළඳසලක ඔහු ගෝලයෙක් ලෙස සේවය කළේය. නමුත් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් ගෝවින්දරාජන්ට එම රැකියාව අහිමි විය. අධ්‍යාපනයක් නොලත් කිසිම කාර්මික දැනුමක් නොලත් ගෝවින්දරාජන්ගේ එකම හයිය වූයේ හිතේ හයියයි. අවසානයේදී ගෙදර දරු පැටව් කුසගින්නේ කෑගසද්දී කිසිවකු ඔහුට රැකියාවක් නොදෙද්දී ඔහු නිවසේ බරත් එක්කම තවත් බරක් තම කරමතට ගත්තේය. බර දරාගන්නට ලේසි වූයේ නැත. නමුත් කරන්නට දෙයක් නැත. මේ බර දෙකෙන් එකක් හෝ බිම තියන්නට අද ඔහුට නුපුළුවන.

    මේක ඇත්තටම පුදුම දුකක්. මගේ මේ කකුලකුත් අමාරුයි. උදේ පාන්දර ඇවිත් මේ බර උස්සනවා. සමහර වෙලාවට එකපාර කිලෝ හැත්තෑව අසූව උස්සගෙන පිටකොටුවේ අර කෙළවර ඉඳන් මේ කෙළවර එන්න ඕනේ. ඉතින් උස්සගෙන එනවා. ඊට පස්සේ මම පිටකොටුවේ කඩේකත් වැඩ කරනවා. ඒ කඩේ වළං හෝදනවා. පිඟන් හෝදනවා. ඒකත් පුදුම දුකක්. කල්දේරම් වැනි විශාල වළං…. මොනවා කරන්නද?

    මට ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නම් කසාද බැඳලයි ඉන්නේ. තව අවුරුදු තිහක විතර පුතෙක් ඉන්නවා. එයාට අසනීපයක් වෙලයි ඉන්නේ. ඉස්සර හොඳට හිටියා. ඒත් යාළුවෝ එක්ක බීලා රණ්ඩුවක් වෙලා එයාට කිසිදෙයක් මතකත් නෑ. ඔහේ ඉන්නවා. කතාබහ කරනවා. බීඩි බොනවා. බුලත් විට කනවා. සින්දු දාගෙන තමයි ඉන්නේ. වැඩක් කරන්නෙත් නෑ. අනේ මන්දා නෝනා… දැන් ඒ කොල්ලවත් බලන්නේ මම. හිතේ දුකට මම කරන්නේ බොන එක තමයි. හැබැයි වෙන කිසිම ජරා වැඩක් කරන්නේ නෑ. බොන එක විතරයි මගේ තියෙන වැරැද්ද….

    බාබුල්ගේ උපන්ගම දැරණියගලය. නමුත් දැන් ඔහු පදිංචි වී සිටින්නේ මට්ටක්කුලිය ප්‍රදේශයේය. 1984 සිට ඔහු පිටකොටුව නාට්ටාමියෙකි. බාබුල්ගේ මාමා කෙනෙකුද නාට්ටාමියෙකි. මාමාගේ මඟ පෙන්වීම යටතේ ඔහු මේ රැකියාවට හුරුවිය. තම කරමතින් ඔහු බඩු මළු කරගසා ගෙන එයි. බඩු මිටිවලට අනුව ඔහුට මුදල් ලැබේ.

    ඉස්සර නම් කිලෝ සීයක් එකපාර උස්සගෙන එන්න මේ ඇඟේ හයිය තිබ්බා. ඒත් දැන් අමාරුයි. ඒත් ලැබෙන මිටි කොහොමහරි මම උස්සගෙන එනවා. මේක තමයි දැන් අපේ ජීවිතේ. මම කසාද බැඳලා. ගෑනියි ළමයි දෙන්නයි මායි හිටියේ. ළමයි දෙන්නා බැඳලා. දැන් ඉතින් මායි ගෑනියි විතරයි. හවසට පොඩි කාලක් අරගෙන ගෙදර ගිහින් මම ඒක බොනවා. ඉතුරු සල්ලි ගෑනිට දෙනවා.

    නාට්ටාමියකු ලෙසින් ජීවිතය ඇරඹි සුබ්‍රමනියම් අද සාමාන්‍ය ජීවිතයක් ගත කරන නාට්ටාමියෙකි. උදෑසනම තම ත්‍රිරෝද රථයෙන් පිටකොටුවට පැමිණෙන සුබ්‍රමනියම් නාට්ටාමි රස්සාව පටන් ගනී. සවස පහට හයට පමණ ඔහුගේ රාජකාරිය හමාර වේ. ඔහු නැවතත් තම සුපුරුදු රාජකාරිය අරඹයි. ඒ තම ත්‍රිරෝද රථය කුලියට දිවීමයි. පිටකොටුව පොදු නාන කාමරෙන් නා පිරිසිදු ඇඳුමක් ඇඳගන්නා ඔහු දවස අවසන් කරනුයේ හිතේ හැටියට මුදල් හම්බ කිරීමට වෙහෙසීමෙන් පසුය. නමුත් ඔහු එම මුදල් වීදි ගණිකාවන්ට යට කළේ නැත. වසර ගණනාවක් දුක් මහන්සියෙන් හම්බ කරගත් මුදලින් ඔහු තමාටම කියා නිවෙසක් ඉදිකර ගත්තේය.

    ජීවිතේ සොඳුරුතම කාලයේදී අනුන්ගේ බර කරට ගත් සිරුර පුරා පච්ච කොටාගත් ඩෙනිම් කොට කලිසමක් පමණක් ඇඳ මහත යකඩ මාලයක් බෙල්ලේ බැඳ සිටි ඉසුරු හෙට්ටිගේ වයස අවුරුදු විසි ගණනක තරැණයෙකි.

    ඔය නාට්ටාමිලාගෙන් නාකි අයට නම් සමහරු මහත්තරු කියන හොරු බොරුව දානවා. පුදුම විදිහට කේවල් කරන්නේ. අන්තිමට බඩුව ඒ හරි තැනට අරගෙන ගියාට පස්සේ ගාණ වැඩිනැද්ද අඩු කරමුද… කියලා අහනවා. මෙකේ රඟේ දන්නේ අපිනේ. සමහරැන්ට අපිව මාර සැකයි. අපි කුඩ්ඩෝ… හොරු කියලා තමයි ඒ අය කියන්නේ. අපි බඩු මල්ල කරට ගත්ත ගමන් හයියෙන් යනවා. මේවා උස්සගෙන හෙමීට යන්න පුළුවන් ඒවා නෙමෙයි. ඉතින් ඒ අය අපි පස්සේ දුවන් එන්නේ අපි හොරැ ගාණට දාලා. ඔහු පැවසුවේ පුපුරා යන තරම් ආවේගයකිනි.

    පසුගියදා කම්කරු දිනය නිමිත්තෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නාට්ටාමිවරු 1500කට ජීවිත රක්ෂණාවරණයක් හඳුන්වා දුන්නේය.

    පිටකොටුව නාට්ටාමින් එක්දාස් පන්සියයක් පමණ සිටිනවා. වයස අවුරුදු දහඅටේ සිට අවුරැදු අසූව දක්වා වයස් සීමාවන්වල මේ නාට්ටාමින් ඉන්නවා. කරත්තවලින් බඩු අදිනවාට වඩා බොහෝ නාට්ටාමින් තම උරෙන් වැඩි වශයෙන් බර අදිනවා…

    පිටකොටුව මැනිං වෙළෙඳසැල් සංගමේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා දැක්වූ අදහස එයයි.බොහෝ වෙලාවට ගෝනියකට ලැබෙනුයේ රුපියල් තිහක මුදලකි. කරත්තයකටද ලැබෙනුයේ පටවන ඔළු ගණනටය. දවස් කුලියට ඇතැම් නාට්ටාමිවරු කරත්ත කුලියට ගනී. කෙසේ වෙතත් නාට්ටාමි වෘත්තිය යනු තවත් එක් රුකියාවකි. සමහරැන් කියන පරිදි එය පහත් පෙළේ නූගතුන්ගේ රැකියාවකි. එහෙත් වෘත්තීය ගෞරවයක් හා පුද්ගල අභිමානයක් ඔවුන්ටද හිමිය. එමෙන්ම ඔවුන්ගේ රාජකාරියේ ස්වභාවය කටුකය. දුෂ්කරය.

    බොහෝ නාට්ටාමින් රාජකාරි කරන අතරතුරම මත් මතයට සින්දු කියති. කරත්ත ඇඟේ හප්පති. මේ සියල්ල අප තේරැම් ගත යුත්තේත් විචාරයට ලක්කළ යුත්තේත් සමාජ විද්‍යාත්මක පදනමක සිට මිස සම්මතවාදී සමාජ රාමුවේ එල්ලීගෙනද නොවේ.

    පාඨලී චම්පික ඇමැතිතුමා කොළඹ පුරවරයේ ඉන්නා නාට්ටාමිවරැ 1500කට ජීවිත රක්ෂණයක් ලබලා දෙනවා. මැයි 01 වැනිදා එතුමාගේ අතින් ඒ කර්තව්‍යය ඇරඹුණා. මේ වනවිට ඉතිරි රක්ෂණයත් අපි ප්‍රදානය කරනවා. ඒ ලාල් හෙට්ටිගේ මහතා කළ තවත් සඳහනකි.

    කම්කරු දිනයදා බොහෝ දෙනෙක් කම්කරුවන්ගේ වෙනුවෙන් යැයි හඬ නැගූහ. නමුත් සැබෑ කම්කරුවා අදද මහපාරේය. අදද එදා සේම නිරත වන්ෙන් කටුක ජීවන අරගලයකය. දුෂ්චරිතවත් සමාජ දෘෂ්ටියක ගොදුරු ආකල්පයේය. අදද ඔවුන් තම ජීවන බර වෙනුවෙන් අනුන්ගේ බර උසුලන මිනිසුන් කොටසකි.

    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
    දෑතේ වීරියනි රටවල් නැගුනේ
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ

    එය එදාට වලංගුය. අදටත් වලංගුය. හෙටටත් වලංගු නොවෙතැයි නිශ්චයකට එළඹෙන්නට තරම් සාධනීය අද දවසක් අද නොදකින බව අවසන කනගාටුවෙන් වුව සඳහන් කර සිටිමු.

    දිශානි ජයමාලි කරුණාරත්න

    [rns_reactions]