Tag: featured

  • අයි.පි.එල් පිටියේ අපේ මාලි වේග පන්දුවෙන් සියල්ලන් පරදා තිබු වාර්තාව මෙන්න…

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කඩුලු 150 සීමාව පසුකළ පළමු පන්දු යවන්නා බවට පත් වෙමින් IPL වාර්තා අතරට එක් වීමට ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග සමත්වුණා.

    දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැති තරඟයේදී තමන් යැවූ පන්දුවාර 02 තුලදී ලකුණු 05ක් පමණක් ලබා දී  දිල්ලි කණ්ඩායමේ කඩුලු දෙකක් බිද දමමින් මාලිංග මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.
    ඒ අනුව මාලිංග සිය IPL කඩුලු සංඛ්‍යාව 151ක් බවට පත්කරගත් අතර තරඟ 105ක දී ඔහු මෙම දක්ෂතාවය දැක්වීම විශේෂත්වයක්.

    IPL තරගාවලියේ වැඩිම කඩුලු දවාගැනීම් අතර දෙවන ස්ථානය ඉන්දියාවේ අමිත් මිශ්රා පසුවන්නේ කඩුලු 133ක් දවා ගනිමින්.

    එම සටහනේ තුන්වන ස්ථානය හිමිකර ගැනීමට කඩුලු 127ක් බිදහෙළා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං සමත්ව සිටිනවා.
    [rns_reactions]
  • මැතිවරණ ඉතිහාසය කුණු කූඩෙට යවමින්, ප්‍රංශ සටනින් මැක්‍රොන් ජය ගනියි..!

    මධ්‍යස්ථ මතධාරී අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයෙන් වාර්තාකර තිබේ.ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල අනුව එම්මානුවෙල් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 66.06%කි.

    ඔහුගේ ප්‍රතිවාදිනිය ලෙස තරග කළ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලි – පෙන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 33.94%කි.

    මේ අනුව 39 හැවිරිදි එම්මානුවෙල් මැක්‍රොන් එරට ලාබාලතම ජනාධිපතිවරයා ලෙස ජනපති පුටුවට හිමිකම් කියනු ඇති.

    තව ද 1958 වසරේ ජනරජය බිහිවීමෙන් පසු බලයට පත් වූ ප්‍රධාන පක්ෂ දෙකෙන් පරිභාහිර අපේක්ෂකයෙකු ජනාධිපති ධුරයට පත්වන පළමු අවස්ථාව ද මෙය වේ.

    ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු මැක්‍රෝ පැවසුවේ, මෙම ජයග්‍රණයෙන් ප්‍රංශ ඉතිහාසයේ නව පිටුවක ආරම්භය සනිටුහන් කෙරුණු බවයි.

    ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද වීමසීම පැවැත්වුණේ, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ය.

    විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ජයග්‍රහණය සැමරීම සඳහා මැක්‍රෝන් ආධාරකරුවන් දහස් ගණනක් පැරිස් නුවරට එක්රැස් ව සිටින බවයි.

    මේ අතර සිය ආධාරකරුවන් අමතමින් අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකා මරීන් ල-පෙන් තමා වෙත ඡන්දය ප්‍රකාශ කළ එක්කෝටි දස ලක්ෂයක් ප්‍රංශ ජනතාවට ස්තුති පළ කළා ය.

    [rns_reactions]

  • සුනිල් නරීන්ගේ ඉතිහාසගත ඉනිමෙන් කොල්කටාවට පහසු ජයක්….

    ඉන්දිය ප්‍රිමියලීග් තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් හා කොල්කටා නයිට්රයිඩර්ස් පිළ අතර ඊයේ පැවති තරඟයෙන් කඩුළු 6ක පහසු ජයක් ලබා ගැනීමට කොල්කටා පිළ සමත් වුනා. 

    පලමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් පිළ සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 158ක් ලබා ගැනීමට සමත් වුනා. එහිදී ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 75ක් සහ මන්දීප් සිං ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුනා. පන්දුයැවීමෙදී උමේෂ් යාදව් ලකුණු 36කට කඩුළු 3ක් ලබා ගැනීමට සමත් වුනා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා පිළ පන්දුවාර 15කදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී අයි පී එල් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 15කින් ලකුණු 50ක් රැස් කිරීමට සුනිල් නරීන් සමත් වුනා. ක්‍රිස් ලින් ලකුණු 50ක් ලබා ගැනමටත් සමත් වුනා. 

    [rns_reactions]

  • ශ්‍රී ලනිප ප්‍රබලයෝ පිරිසක් හදිසියේම සන්ධාන ලේකම්ගේ ගෙදරටම ගියේ ඇයි?

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත්්, ඇමැති මණ්ඩල සංශෝධනය තවත් ප්‍රමාද නොකර සිදු කිරීමත් කළයුතු බව ශ්‍රී ලනි පක්ෂයේ ඇමැතිවරු පිරිසක් පක්ෂයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර සමඟ ඔහුගේ කොළඹ නිවෙසේ පෙරේදා (6දා) පැවැති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත.

    දැනට පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව තවත් කඩා වැටෙන බව කරුණු සහිතව පෙන්වා දී ඇති එම ඇමැති කණ්ඩායම ඡන්ද දායකයන් අතරට යා නොහැකි වටපිටාවක් නිර්මාණය වෙමින් පවතින බවද සඳහන් කර තිබේ.
    කැබිනට් ප්‍රකාශක වශයෙන් දැනට කටයුතු කරන රාජිත සේනාරත්න ඇමැතිවරයා එම තනතුරෙන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයකු ලෙස අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා ඒ සඳහා පත්කළ යුතු බවට යෝජනා කර ඇති බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා හමුවී කරුණු දක්වන බවත් එහිදී සඳහන් වී තිබේ.
    පැවැති සාකච්ඡාවේදී සඳහන් වූ කරුණු මහින්ද අමරවීර ඇමැතිවරයාගේද පිළිගැනීමට ලක්වූ බවද දැනගන්නට ඇත.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති කණ්ඩායම අද (8දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් කර සියලු කරුණු ඉදිරිපත් කර ඉදිරි දින කිහිපය තුළ ඇමැති මණ්ඩල සංශෝධනය සිදු කරන ලෙස ඉල්ලා සිටීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.
    ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා සහ ලසන්ත අලගියවන්න යන ඇමැතිවරු මහින්ද අමරවීර ඇමැතිවරයාගේ කොළඹ නිවෙසේදී මේ සාකච්ඡාව පවත්වා ඇති බව දැනගන්නට ඇත.

    [rns_reactions]

  • හිටපු ජනපති මහින්දගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වෙයි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහතාගේ බාල සොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවාෙ.

    ඇය කොළඹ පුද්ගලික රෝහලකදී මියගොස් ඇති අතර මියයන විට ඇය 58 වැනි වියේ පසුවිය.

    දේහය නුගේගොඩ-ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු හෙට දිනයේදී සිදුකිරීමට නියමිතයි.

    [rns_reactions]

  • මරණ දඬුවම ලැබූ සිරකරුවෝ කොළඹ කරන ලොකුම වැඩක්…

    මෙවර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් කොළඹ නගර සීමාව තුළ ඉදිකෙරෙන තොරණ අතරින් විශාලතම තොරණ මරණීය දණ්ඩනය ලත් සිරකරුවන්ගේ නිර්මාණශීලීත්වයෙන් යුතුව වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා පවසයි.

    විදුලි බුබුළු පහළොස් දහසක් දැල්වෙන අඩි හැත්තෑ එකක උසින් යුතු මෙම තොරණ මෙම 10 දින සිට 15 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර රණමයුර ජාතක කතාව මෙම තොරණ මඟින් විදහා දැක්වෙයි.

    මෙම තොරණේ කතා වස්තුවට අදාළ රූප සටහන් ඇඳීම හා විදුලිය සැපයීමේ කටයුතු සියල්ල මරණීය දණ්ඩනය ලත් සිරකරුවන් විසින් සිදුකර තිබීම මෙහි විශේෂත්වයකි. එහි සෙසු ඉදිකිරීම් කටයුතු සඳහා ජිවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටින සිරකරුවන් ඇතුළු නිර්මාණශීලී හැකියාව තිබෙන සිරකරුවන් පිරිසක්ද සහාය ලබාදී තිබේ.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ උපදෙස් මත හා වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම තොරණ ඉදිකෙරෙන අතර මෙම තොරණ ප්‍රදර්ශනය කෙරෙන කාලසීමාව තුළ සිරකරුවන් සම්බන්ධ කරගෙන බත් දන්සලක්, සිසිල්බීම දන්සලක් හා දර්ශනීය කූඩු ඇතුළත් කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් ආවරණය වන පරිදි වෙසක් කලාපයක් පැවැත්වීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

    [rns_reactions]

  • රාත්‍රී කාලයේ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්න එපා ….. හේතු මෙන්න…

    රාත්‍රී කාලයේ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්න එපා මෙහෙම කියන්නෙ ඇයි කියලා බලන්නකො ඔබට අදහාගන්න බැරි වෙයි ඔබත් මෙය අදම බලන්න නැථිනම් ඔබට ගොඩක් පසු තැවෙන්න වෙයි ඔබෙට වෙනදේ දැක්කම ඔබ කවදාවත් බවිතා කරන්නෙ නම් නෑ

    [rns_reactions]

  • රෝද පුටුවක ජීවත්වෙන අනුෂා සොනාලිගේ කඳුළු කථාව…

    රුවින් හා රංගනයෙන් එදා ජන හද බැඳ ගත් අනූෂා සොනාලි අද දිවි ගෙවන්නේ රෝද පුටුවක බව කීවොත් ඔබ පුදුමයට පත්වෙන්නටත් පුළුවන්. අද අනූෂාගේ තනියට ඉන්නේ ඇගේ අම්මයි එකම පුතයි විතරයි. අනූෂාගේ අම්මත් ඉන්නේ රෝද පුටුවක. අනූෂාටයි අම්මටයි දෙන්නටම ඇප උපස්ථාන කරන්න වෙලා තියෙන්නේ අනූෂාගේ පුතාටයි. අනූෂාට යම් තරමට හෝ රැකවරණයක් වූ එකම මල්ලිත් හෘදයාබාධයකට ලක්වෙලා රෝහල් ගතවෙලා. අද වනවිට ආර්ථික අර්බුද රැසකට මැදිවෙලා ඉන්න අනූෂා හෙට දවසක් ගැන හිතන්න බැරි තරම් අසරණ වෙලා ඉන්නේ. 

    “දැන් මට ඊළඟට කරන්න තියෙන්නේ මගේ ජීවිතේ නැති කරගන්න එක විතරයි.”
    අද අනූෂාගේ මුවග නිතර රැඳිලා තියෙන්නේ ඒ වදන් වැල.

    මේ අවස්ථාවේ අනූෂා සොනාලි වෙනුවෙන් “රිද්ම” තුළින් ඉඩක් වෙන්කිරීමයි අපේ යුතුකම. ජීවිතයේ කිසිම දාක වැරැද්දක් නොකළ අයෙක්, ඒ වගේම කවදාවත් ජීවිතය වරද්දා නොගත් අයෙක් මේ ලෝකේ කොහෙවත් නෑ. ජීවිතය වරද්දාගත් තැන් අනුෂා සොනාලිටත් තියෙනවා. ඒත් ඇය නිළියක් බව, ගැහැනියක් බව, අප අමතක කළ යුතු නැහැ. 

    “සුමිත්‍රා පීරිස් මහත්මිය ‘ගැහැනු ළමයි‘ ටෙලි නාට්‍යයට මාව තෝරගන්නකොට මම සාමාන්‍ය පෙළ හදාරනවා. ඊට පස්සේ ‘ලොකු දුව‘ ‘විසි දැල’ ‘හඬන කිංකිනි’ ඇතුළු චිත්‍රපට කිහිපයකට මට ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍ය නම් ගොඩක් කළා. කලාව තුළ දිග ගමනක් යන්න ඒ කා‍ලේ මම බොහෝ හීන මැවුවා. පාසල් ජීවිතයටත් ආයුබෝවන් කියලා රංගනයටම එකතු වුණා. 1995 හොඳම නැගී එන නිළියට හිමි සම්මානය ලැබුණෙත් මටයි“ 

    අනූෂා සොනාලි අතීතය ආවර්ජනය කරමින් අපේ කතාබහට එකතු වුණා. බොහෝ අය තමන්ගේ ජීවිතයේ අඳුරු අහුමළු හෙළි කරන්න මැලිවෙනවා. ඒත් අනූෂා හෘදයාංගමව ජීවිතයේ හැමදේම අපට හෙළිදරව් කළා.

    “මම ගැන පසුගිය කා‍ලේ විවිධ කට කතා පැතිරුණා. ඒ හැම එකක්ම අභූත චෝදනා කියලා මම කියන්නේ නැහැ. ඒ අතරින් සමහර ඒවා ඇත්ත. ඒත් දැන් මගේ පුතාට අවුරුදු 19යි. ඒ හින්දා හැමදේම පත්තරේකට සඳහන් කරන්න බැහැ…” 
    අනූෂාගේ හඬේ තියෙන්නේ ආයාචනාත්මක ස්වරයක්.

    අනූෂාට ජීවිතයේ වැරදුනේ කොතැනදීද? 
    පිරිමි වැරදි කරන තාක් කල් ගෑනු වරදෙ බැඳෙනවා.

    අනූෂා එහෙම කියලා දිගු කතාවකට මුල පිරුවා. 

    නිළියක් විදියට මට හොඳ කාලයක් තිබුණා. මට චිත්‍රපට, ටෙලි නාට්‍යය ලැබුණා. ඒත් අපේ පෞද්ගලික ජීවිත අපි කරන වෘත්තියට බලපෑම් කරනවා. පෞද්ගලික ජීවිතේ ගොඩක් හැලහැප්පීම් වුණා. මම දෙවතාවක් විවාහ වුණත් ඒ දෙන්නා මගේ දේවල් ගත්තට මට ඒ අයගෙන් ලැබුණු දෙයක් නැහැ. 

    ඔය අතරේ බොහෝ ගැටුම්කාරී දේවල් ජීවිතයට එල්ල වුණා. ඒ විදියට ජීවිතේ හැල හැප්පීම් සිදුවෙනකොට ජීවිතේ වෙනමම පැත්තකට ගියා. ඒත් එක්කම කලා ජීවිතයත් ඈත් වුණා.

    අනූෂා සොනාලි ලෙඩ ඇඳට වැටුණේ කොහොමද? 

    මටයි අම්මටයි දෙන්නාටම තියෙන්නේ මාංශ පේශි අක්‍රියවීමේ රෝගය. අම්මට නම් ඇඳෙන් රෝද පුටුවට යන්නවත් බැහැ. කවුරුහරි උස්සලා තමයි රෝද පුටුවෙන් තියන්න ඕන. මට නම් අල්ලගෙන රෝද පුටුවට එන්න පුළුවනි. මීට අවුරුදු හතරකට විතර කලින් තමයි මට මූලික රෝග ලක්ෂණ පහල වුණේ. කකු‍ලේ මාංශ පේශී මුලින් අක්‍රිය වුණා. ඇවිදීමේ අපහසුව, වැටෙන්න යන එක තමයි මුලදි ඇතිවුණේ. ඔය අතරේ මම වැටුණා. වැටුණට පස්සේ කකු‍ලේ අස්ථියක් බිඳිලා ගියා. ඒකට ප්‍රතිකාර කළා. ඒත් දැන් මගේ ශරීරයේ තුනටියෙන් පහළ පණ නෑ. ගේ දොර කටයුතු උයන පිහන කටයුතු ඔක්කොම කරන්නේ රෝද පුටුවේ ඉඳගෙන…
    අද වන විට ආර්ථික ගැටලු ගොඩක් ඇති

    මම ඉන්නේ කුලී ගෙදරක. කුලිය ගෙවන්න බැරිව ගෙදරින් යන්න වුණොත් යන්න වෙන්නෙ මහ පාරටයි. පිට ඉඳන් බලන අය හිතන්නේ නළු නිළියෝ සුපිරි ජීවිත ගතකරනවා කියලා. ඒත් අපේ රටේ නළු නිළියන්ට ගෙවන්නේ කීයද කියලා දන්නේ අපියි. නිළියක් විදියට ඉහළ තැනක ඉන්න කාලෙවත් රඟපාලා ලොකු ගාණක් මට ලැබිලා නැහැ. ඉතුරු කරගත්තු දෙයකුත් නැහැ. කැළුම්, ප්‍රියන්ත, සනෝජා විනෝජා, සුනිල් ටී. සර්, ජයන්ත ධර්මදාස මහතා මට උදව් කරලා තියනවා. ගෙවල් කුලී ගෙවාගන්න විතරක් නමෛයි එදා වේල කන එකටත් අද අනිත් අයගෙන් උදව් ඉල්ලන්න වෙලා.

    ඔබේ පුතා? 

    මගේ පුතා රෙහාන් දීලක. ඉගෙන ගත්තේ සාන්ත තෝමස් විදුහ‍ලේ. සාමාන්‍ය පෙළ හොඳින්ම සමත්. ඒත් උසස් පෙළට යවන්න බැරි වුණේ ආර්ථික ප්‍රශ්න හින්දා. ඒවගේ පාසලක ඉගෙන ගත්තු දරුවෙක් ඕ ලෙවල් පාස්වෙලා ආර්ථික ප්‍රශ්න හින්දා ඇඩ්වාන්ස් ලෙවල් නොකර පාසල් ගමන නතර කරලා කිවුවොත් ඔයා වුණත් විශ්වාස කරන එකක් නැහැ. ඒත් ඒ තමයි අපේ ෙදෙවය. අද පුතාව රස්සාවකට යවන්න විදියක් නැත්තේ අම්මගෙයි මගෙයි කටයුතු හින්දා. අපි දෙන්නා මැරිල ගියා නම් පුතා එයාගේ අනාගතයත් ගොඩනගා ගනියි කියලා වෙලාවකට හිතෙනවා. පුතාට වයස 19යි. අඩි 5යි අඟල් 9ක් උසයි. මට ආසයි පුතා නළුවෙක් කරන්න. ඒත් ඉතින් මට දැන් කලා ක්‍ෂේත්‍රය එක්ක සම්බන්ධයක් නැහැනේ.

    මේ ප්‍රශ්නවලට අනූෂා කොහොමද විසඳුම් හොයන්නේ? 

    ජනාධිපතිතුමාටයි සජිත් ප්‍රේමදාස මැතිතුමාටයි ඉල්ලීම් කරලා තියෙන්නේ මට ගෙයක් ලබාදෙන්න කියලා. ලයිට් නැතත් කමක් නැහැ පහනක් පත්තු කරගෙන වැටිලා ඉන්න කාමර දෙකයි කුස්සියකුයි තියෙන ‍පොඩි ගෙයක් ලැබුණොත් ඇති. බඩගින්නේ හරි වැටිලා ඉන්න පුළුවන්නේ. ඉදිරිය කොයිවගේ වෙයිද කියලා දන්නේ නැහැ කරන්නට දෙයක් නැත්නම් ජීවිතේ නැතිකරගන්න එක තමයි දැන් මට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ.

    ආරියවංශ කුලතිලක

    (උපුටාගැනීම ලක්බිම ඉරිදා සංග්‍ර‍හයෙනි)

    [rns_reactions]

  • නෙතට කඳුලක් ගෙනෙන ජනප්‍රිය ගායක සදුන් පෙරේරාගේ සංවේදී කථාව….(video)

    එදා ඒ මූසලයා මිනිස්සු බැනපු කොල්ලා අද ලංකාවේ සුපිරි ගායකයෙකි! දෙරණ මැදිරිය මළගෙයක් කල සදුන් පෙරේරාගේ සංවේදී කතාව.
    වැඩසටහන මෙහෙයවූ නිවේදිකාව වැඩසටහනට සහභාගී වූ ඉදුනිල් අඳරමානයි සදුන්ගේ කතාව අසා මළගෙයක්
    වගේ කඳුළු පෙරාගෙන අඬයි
    [rns_reactions]

  • "නිරුවත් වගේම අසභ්‍ය දර්ශන තිබෙන චරිතවලට ආරාධනා ලැබෙනවා" මැණික් විජේවර්ධන කියූ කථාව

    මැණික් විජේවර්ධන කියන්නේ සමාජ ජාලවල ජනප්‍රිය චරිතයක්. සිනමාව ඔස්සේ රංගනයට අවතීර්ණ වූ ඇය රංගන ශිල්පිණියක්. ඇයගේ රංගන ජීවිතය ගැන කළ කතා බහක් පහතින්.

    මැණික්ව රංගනයට හදුන්වලා දුන්නේ සිනමාව. නමුත් ඔබව දැන් සිනමා තිරයෙන් පවා දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇයි..?
    පහුගිය කාලේ මම චිත්‍රපටි දෙකකට සම්බන්ධ වුණා. රූගත කරලා අවසන් දැන් ඒවා. ළගදි දවසක විකාශය වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම කොහොමත් නිතරම දකින්න ඉන්න කෙනෙක් නෙමෙයි. ඉදහිටලා හොද නිර්මාණයකට සම්බන්ධ වෙනවා. ඒකයි නිතරම දකින්න නැත්තේ.

    එහෙම නැතුව ප්‍රතික්ෂේප වෙලා නෙමෙයිද ..?
    අප්පෝ මාව එහෙම ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ටෙලි නාට්‍යවලට තමයි මට ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ. ඒත් මම කැමති නැහැ ඒවාට සම්බන්ධ වෙන්න. මම සිනමාවෙන් ආව නිසා සිනමාවෙන් විතරයි දකින්න ලැබෙන්නේ.

    ඒ ලැබෙන ආරාධනා අතර වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ මොන වගේ චරිතවලටද…?
    බටහිර පන්නයට ජිවත් වෙන චරිත තමයි මට වැඩිපුරම ලැබෙන්නේ. ඒකට හේතුව මගේ භාහිර පෙනුම වෙන්න ඇති.

    ඔය ආරාධනා අතරේ නිරුවත් වෙන්න වගේම අසභ්‍ය දර්ශන තිබෙන චරිතවලට ආරාධනා ලැබෙනවත් ඇති නේද …?
    අපිට චරිත ලැබෙද්දී ඒ චරිතය පිටපතේ ලියැවිලා තියනවා. සමහර දර්ශන අධ්‍යක්ෂවරයාගේ කැමැත්ත මත ඉවත් කරලා රගපාන්න පුළුවන්. මට ලිප්කිස් කරන දර්ශන ලැබිලා තියනවා. නමුත් මම ඒවා කරේ නැහැ. අධ්‍යක්ෂ එක්ක කතා කරලා ඒවා ඉවත් කරලා රගපෑවා. ඔය රැල්ලට කැමති අය ඇති. නමුත් කවදාවත් නිරුවත් වෙන්න මට කතා කරලා නැහැ. ලැබුණත් යන්නෙත් නැහැ.

    ඔබට අධ්‍යක්ෂවරුගෙන් අයුතු යෝජනා වැඩිපුර ලැබෙනවා කියන්නේ ඇත්තද …?
    මට අධ්‍යක්ෂවරු අයුතු යෝජනා කරලා තියනවා. සමහර විට මම නිතරම ඕපන් කතා කරන නිසා මමත් ඒවාට කැමති වෙයි කියලා හිතනවා ඇති. නමුත් මම ඒ වෙලාවට කියන්න ඕන දේ කියලා ඒ පුද්ගලයන්ගෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ නිර්මානවලටවත් මට කතා කරන්නේ නැහැ. ආයේ කතා කරන්නේ නැති වෙන්න තමයි මම උත්තර දෙන්නෙත්. මට ජනප්‍රියත්වය තියා ගන්න ඕන කියලා හිතන්නේ නැහැ. මම අහම්බෙන් රංගනයට ආ කෙනෙක්. එහෙමයි කියලා ඔය දේවල් කරන්න ඕන නැහැ.

    ඔබගේ අසභ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලය පුරා ගියා. ඒ දේ කරේ හිතාමතා කතා බහට ලක් වෙන්නද..?
    ඒ සිද්ධියේ සත්‍යතාවයක් නැහැ. මගේ වරදක් නැතිව සිදුවුණ සිදු වීමක් නිසා ඊට අදාල අයට එරෙහිව මම අධිකරණයේ නඩුවක් පවරලා තියනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නඩුව විභාග වෙලා අවසන් වෙනකල්.

    තවම තනිකඩද …?
    ඔව්. තවම පෙම්වතියක් නම් නෙමෙයි. නමුත් ලබන අවුරුද්දෙවත් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම මනමාලයෝ හොයන එක නතර කරා. ගැලපෙන කෙනෙක්ව අම්මා හොයනවා මේ දවස්වල. ගොඩක් හොද කෙනෙක් අවංක ආදරයක් තියන කෙනෙක්ව තමයි මට ඕන. ඒ හැමදෙයක් වගේම අවබෝධය තියෙන්නත් ඕන. නැත්තම් පවුල් කන්න අමාරුයි.

    කීදෙනෙකුට ආදරේ කරලා තියනවද ..?
    මම තුන්දෙනෙකුට ආදරේ කරලා තියනවා. තුන්දෙනෙකුගේ පෙම්වතිය වුණා.

    නළුවෝ ආදරේ ඉල්ලගෙන ඇවිත් නැද්ද ..?
    නැහැ. කවදාවත්ම.

    රූපය ලස්සනට තියාගන්න කීයක් වියදම් කරනවද ..?
    ඇත්ත කිව්වොත් කවුරුවත්ම පිළිගන්න එකක් නැහැ. මම අඩුතරමින් පේෂල් එකක්වත් දන්නේ නැහැ. ක්‍රීම් වර්ග ආලේප කරන්නෙත් නැහැ. නමුත් මම හොදට වතුර බොනවා. මගේ සම ටිකක් වෙනස් වෙන්න පටන් ගත්ත නිසා අම්මා මට ළගදි විටමින් එකක් අරන් දුන්නා. එච්චරයි මම පාවිච්චි කරන්නේ.

    ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
    මම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණත් ප්‍රතිචාරවල නම් කිසිම අඩුවක් නැහැ. මට නිවුන් සහෝදරියක් ඉන්නවා. මම වගේමයි. සමහර අය මම කියලා රැවටිලා එයත් එක්ක කතා කරනවලු. එයා ඉතින් බේරෙන්නේ ඒ මම නෙමෙයි මගේ අක්කා කියලයි. මම නිසා එයත් අපහසුතාවයට පත් වෙනවා.

    [rns_reactions]

  • 5000 නෝට්ටුවක් අරන් බන්දුල උසාවි යයි!

    මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්සනින් යුත්  මුදල් නෝට්ටු සඳහා වලංගු භාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් නීතිමය අර්ථකථනයක් ලබා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. 

    මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ වත්මන් මහබැංකු අධිපතිවරයාට ශ‍්‍රී ලාංකීක පුරවැසි භාවයක් නොමැති වීම හේතුවෙන් මෙම ගැටළුව මතුවන බවයි. 

    ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරියට ලබා දුන් අධිකරණ තීන්දුවත් සමග මෙම ගැටළුව තවත් උග‍්‍ර වූ බවයි ඔහු සඳහන් කළේ. 

    මේ වනවිට සංසරණයේ පවතින රුපියල් පන්දහසේ සහ රුපියල් සියයයේ මුදල් නෝට්ටුවලට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් තබා තිබෙනවා. 

    එම නිසා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීමක් සිදු කරන බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ. 

    [rns_reactions]
  • "අවුරුදු 16ක් එකට හිටපු සමිතටත් අතුල අයියව හරියට තේරුණේ නැති එකේ මේ වෙච්ච දේ පුදුමත් නෑ" අමායා කියූ කථාව

    අතුල සමිතාගෙන් වෙන් වෙද්දි සමිතා තනිවුණේ ළමයි දෙන්නෙක් එක්ක. ලොකු වයස් පරතරෙකුත් එක්ක අමායා එක්ක අතුල යුග දිවියට පිවිසිලා සතුටින් කාලය ගත කලා. දෙන්නට දෙන්නා නැතුවම බැරි වුණා. කාලයත් එක්ක අමායා, සමිතා වගේම තනි වුණේ හුරතල් දියණියක් එක්ක. ඇතිවෙන නැතිවෙන බැඳීම් සහ ජීවිතේ වැරදුණු තැන් ගැන අමායා අධිකාරි මාධ්‍යයට කියලා තිබුණේ මෙන්න මේ විදියට.

    දුව අතුලවත් නිතරම හොයනවද?
    ඇත්තම කතාව දුවට දැන් අතුල ගැන මතක් වෙන්නේ නැති තරම් කියන එක. මොකද අතුල අයියා අපිත් එක්ක එක ගෙදර හිටියේ දුවට අවුරුදු දෙකක් වෙනකල් විතරයි. එයා දැන් තනියම ගෙදරක ඉන්නේ. දුව එයාව දකින්නේ මාසෙකට සැරයක් විතර. අතුල අයියා ගෙදරින් ගියපු මුල් දවස්වලට තාත්ති කෝ කියලා දුව එයාව හෙව්වා. දැන් ගාණක් නැහැ.

    අතුල, අමායයි දුවයි ගැන හොයලා බලනවද?
    හොයලා බලනවා. කතාත් කරනවා. හැබැයි ඉස්සර වගේ නිතර කතා කරන්නේ නැහැ. ඒත් අපි වෙන්වෙලාවත් දික්කසාද වෙලාවත් නැහැ.

    එතකොට ඇයි අතුල එකපාරටම යන්න ගියේ?
    අතුල අයියා හැමදාම පවුල් ජීවිතේට වඩා එයාගේ සංගීත වැඩවලට මුල්තැන දීපු කෙනෙක්. වැඩවලට ‍ලේසි වෙන්න කියලා තමයි ගෙදරින් ගියේ. බඳින්න කලින් නම් මාව නැතිව බැරි වුණා. හැමදාම ළඟ ඉන්නකොට අගේ අඩුවෙනවා කියලා හිතුණද දන්නේ නැහැනේ.

    අමායා කැමැති වුණාද අතුල ගෙදරින් යනවාට?
    මට අතුල අයියව නැතිව ඉන්න බැරි කාලයක් තිබුණා. ඒ කා‍ලේ එයා එක දවසකට රට යනවා කිව්වත් මම පෙරළි පෙරළී ඇඬුවා. ඒත් දැන් හැමදේම හරි ගිහින් එයාට වෙනම ඉන්න ඕන කිව්වම මම එයාගේ කැමැත්තට ඉඩදුන්නා.

    ඔය තීරණේ ගත්තේ දෙන්නගේ හිත් අමනාපකමක් නිසාද?
    අතුල අයියා ක්ෂණිකව ගොඩක් තරහා ගන්න කෙනෙක්. එයාගේ ඒ විදිහත් එක්ක තනි ජීවිතේ එයාට හොඳ ඇති. අපි එක ගෙදර නොහිටියට තරහක් නම් අපි අතර නැහැ.

    අමායා අතුලව ළං කරගත්තේ අමාරුවෙන්. ඇයි ‍ලේසියෙන්ම යන්න දුන්නේ?
    මම අතුල අයියට ළං වෙද්දී මට ගොඩක් ප්‍රශ්න ආවා. මගේ ගෙදරින් පවා අකැමැති වුණා. සමාජය මට නොකියපු දෙයක් නැහැ. මම මගේ තනි කැමැත්තට හැමදේම කළේ. අද මම ඉඩ දීලා තියෙන්නේ අතුල අයියගේ කැමැත්තට. එයා මගෙන් ඈත් වුණු එක ගැන මට දුකයි. ඊටත් වඩා දුකයි එයා මගේ දරුවාගෙන් ඈත් වුණු එකට.

    අතුල අමායවත් අත්හැරලා කිව්වම ආයෙත් අමායාට කතා හැදෙයිනේ?
    දැනටමත් එක එක්කෙනා එක එක කතා කියනවා. මොකද දැනටමත් සමහර අය දන්නවා අතුල අයියා ඉන්නේ වෙනම කියලා. දැන් ඔය කතා අහලා මට හොඳට පුරුදුයි. අනික ඔය කතා අහලා මම උත්තර දෙන්න යන්නෙත් නැහැ.

    අන්තිමේදී අමායට වුණේ සමිතාට වුණු දේමද?
    එයා මාව අතහැරලාම නැහැ. ඒ වුණත් මේ යන විදිහට මම තනිවේවී. මගේ දරුවා එක්ක. එයාට වැඩි ආසාව තියෙන්නේ තනියම ඉන්න වෙන්න ඇති. ගෙදර හිටියත් එයා තනියම ඉන්න තමයි කැමැති වුණේ. බඳින්න කලින් එයාගේ ඔය තනිවෙන පුරුද්ද ගැන මම දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියා නම් බඳින්නෙත් නැහැ.

    ඔය දෙන්නා අතරේ තියෙන්නේ වයස ප්‍රශ්නයක්?
    මම ඉස්සරනම් කිව්වේ මගෙයි අතුල අයියගෙයි වයස්වල වෙනසක් නෑ කියලා. ඒ වුණාට මට නම් දැනෙනවා වයස ප්‍රශ්නයක් තියෙනවදෝ කියලා. අතුල අයියට 51යි. මට 28යි. ඇත්තටම අපි දෙන්නගේ හැඟීම් වෙනස්. මම තාම තරුණයි.

    අතුලගේ වෙනසට පවු‍ලේ වගකීම් වැඩි වුණු එකත් හේතුවක්ද?
    අතුල අයියා සමිතාව තනි කළෙත් දරුවෝ දෙන්නෙකුගේ වගකීම දීලා. එයා මටත් දරුවකුගේ වගකීම දුන්නා. එයා මේ කරන වැඩේ වගකීම්වලින් පැනලා යාමක් වගේ. එයාට ඕන කරන තනිකඩ ජීවිතේ වෙනුවෙන් එයා හැමදේම අත්හරිනවා.

    අතුල නිසා සමිතාට වුණු දේම අමායාටත් වුණා කිව්වොත්?
    අතුලගෙයි සමිතගෙයි පවුල කැඩුණේ මම නිසා නෙමෙයි. ඒ දෙන්නගේ පවුල කැඩෙන්න ඇත්තම හේතුව ඒ දෙන්නා කියන්නේ නැහැනේ. මට නම් වුණේ අතුල අයියා අමුතු ගති තියෙන කෙනෙක් බව දැන දැනම අමාරුවක වැටුණු එක.

    අමායා අතුලව දැනගෙන කොච්චර කල්ද?
    දැන් අවුරුදු 10ක් වෙනවා. එයා හැරෙද්දී මට කියන්න පුළුවන් එයා කරන්න යන දේ. මට හිතෙනවා අතුල සමිතා කියන බැඳීමට වඩා අතුල අමායා බැඳීම හයියයි කියලා.

    බැඳීම හයියනම් දාලා ගියේ කාගේ වරදින්ද?
    තාම අපි වෙන්වෙනවා කියලා තීරණය කරලා නැහැ. ඒත් අපේ බැඳීම්වලට වඩා එයාට එයාගේ වැඩ ලොකු වෙලා.

    දෙන්නා අතරේ වැරදි වැටහීමක්වත් ද?
    අපි හරි විවෘතව හැමදේම කතා කළා. හොරෙන් කරන දේවල් අපි අතරේ තිබුණේ නැහැ. එයාට මේ දේවල් ඇති කියලා හිතෙන්න ඇති. සමහර විට ජීවිතේ වගකීම් දරාගන්න බැරිකමක් වෙන්නත් පුළුවන්.

    අතුල සමිතා ආයේ එකතු වුණොත්?
    අතුල සමිතා එක්ක ආයේ දීග කන්න ගියත් මට කමක් නැහැ. මට දුක මගේ දුව ගැන. අතුල අයියා සමිතාව අත්හැරියේ දරුවෝ ලොකු කා‍ලේ. ඒත් මගේ දුව තාම නොතේරෙන වයසේ. මට ඒ ගැන තරහකුයි දුකකුයි තියෙනවා.

    අමායාට තනියම ජීවත් වෙන්න පුළුවන්ද?
    මම අහසින් කඩා වැටුණු කෙනෙක් නෙමෙයි. මට මගේ හැකියාවලින් රස්සාවක් කරලා මගේ ජීවිතේ වැටෙන්නේ නැතිව තියාගන්න පුළුවන්. මම තාම තරුණයි.

    ඒ කියන්නේ ඉඩ ලැබුණොත් ආයේ විවාහ වෙනවා?
    වැරදි තීරණයක් නිසා මට වැරදුණා කියලා හිත හදාගෙන හරියන කෙනෙක් ලැබුණොත් විවාහ වෙනවා. ආයේ බඳින එකේ වරදක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ.

    ආයේ වැරදුණොත්?
    ආයෙමත් වැරදෙන්න මම ඉඩදෙන්නේ නෑ. දැන් මාව රවට්ටන්නත් බෑ. රැවටෙන්නෙත් නෑ.

    ඒ කියන්නේ අතුල අමායාව රැවැට්ටුවාද?
    එහෙම නමෛයි. ඒත් අවුරුදු 10ක් දැනගෙන ඉඳලත් ඇත්ත කෙනාව හඳුනාගන්න බැරි වුණා. එක අතකින් අවුරුදු 16ක් එකට හිටපු සමිතටත් අතුල අයියව හරියට තේරුණේ නැති එකේ මේ වෙච්ච දේ පුදුමත් නෑ.

    ඉක්මනටම අමායාගෙන් අධිකාරී නම ගැලවෙයිද?
    අධිකාරි නම හම්බ වුණු නිසා තමයි ප්‍රශ්න ගොඩකට පස්සෙත් මම මෙහෙම ඉන්නේ. මට දැන් හිතෙනවා. මම ඒ නම බලෙන් ගත්තද කියලත්. ඒ නමේ අයිතිකාරයාට මාව එපා නම් මටත් ඒ නම එපා. එහෙම වුණොත් තව අලුත් දේවල් මගේ ජීවිතේට එකතු වේවී.

    අමායාගෙයි අනුජ්ගෙයි තියෙන යාළුකම කොයි වගේද?
    මම රූපවාහිනියේ වැඩසටහන කරන අනුජ් මගේ යාළුවෙක් විතරයි. අපි වැඩසටහනට අත් අල්ලගෙන හිටපු පලියට අනුජ්ටයි මටයි නම් කතා හදන්න එපා. මගේ ජීවිතේට ආවොත් එන්නේ වෙන කෙනෙක්. ඉස්සරහට වෙන දේවල් බලලා ඒ ගැන කතා කරමු.

    [rns_reactions]

     

  • "මටත් තනිකම පාළුව දැනෙනවා. ආදරේ කරන්න කෙනෙක් හිටියා නම් හොදයි" නිර්ධා කියූ කථාව…

    ‘‘මම මේක්අප් වලට වඩා ස්භාවික විදිහට ලස්සනයිලු..“
    ‘‘කවුරුත් නම් අයුතු යෝජනා කරලා නැහැ..“

    අවුරුදු විස්සක් ඇගේ රංගනය පුංචි තීරයට ලබා දුන්නා. විවිධ චරිත වලින් ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත් ඇය නිර්ධා උයන්හේවා. ආදරයට හිතක් හොයන ඇය ගැන කතා කරන්න හිතුවා. මේ ඇයත් එක්ක කළ කතා බහයි.

    කොහොමද නිර්ධා ..?
    හොඳින් සතුටින් ජිවත් වෙනවා.

    බොහෝ නළු නිලියන් රංගනය එක්ක කාර්ය බහුලයි. ඔබේ ජීවිතෙත් ගෙවෙන්නේ ඒ විදිහටද ..?
    මේ දවස් වල ටිකක් වැඩ තියනවා. නමුත් තුන්සිය හැටපස් දවසෙම වැඩ නැහැ. මම කොහොමත් ෂූටින් යන්නේ මාසෙකට දවස් දෙලහක් වගේ තමයි. කාලය හදා ගන්නවා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.

    විවේකිව ඉන්න ලොකු කාලයක් තියනවා කියන්නේ රඟපෑමට දැන් ආරාධනා නැහැ කියන එකද…?
    මම අවුරුදු විස්සක් පුරාවට රඟපානවා. මේ කාලය පුරාවටම ආරාධනා ලැබෙනවා. කිසිම විදිහකින් මාව ප්‍රතික්ෂේප වෙලා නැහැ. නමුත් මම රඟපාන්නේ තෝරා ගත් නිර්මාණවල විතරයි. ඒ නිසා මට නිදහසේ ඉන්න කාලය තියනවා.

    කලාවත් එක්ක ලොකු කාලයක් හිටපු නිර්ධා රගපාන්න ලොකු මුදලක් අය කරනවා කියලත් ආරංචියි..?
    ඔව්. මම අය කරන මුදලක් තියනවා. ඒ මුදලට වඩා අඩුවෙන් මම අය කරලා රඟපාන්න යන්නේ නැහැ. අඩු මුදලට රගපාන්න කතා කරන ගොඩක් නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා.

    බොහෝ නිර්මාණ වලට ඔබම විලාසිතා භාවිතා කරන නිසා අය කිරීම වැඩියි කියලා කියන කතාවේ ඇත්ත මොකක්ද..?
    ඇතැම් අධ්‍යක්ෂවරු නිර්මාණයට කතා කළාට පස්සේ කියනවා මුල් කාලේ ඇඳුම් හදා ගන්න. ටික දවසක් ගියාට පස්සේ ඇඳුම් ලබා දෙන්නම් කියලා. ඒ නිසා මට නිර්මාණයකට ආරාධනා කලාට පස්සේ මම කියනවා මම ඇදුම් හදාගන්න නිසා වගේම රූගත කිරීම් වලට මගේ වාහනයෙන් යන එන නිසා මගේ අය කිරීම මෙච්චරයි කියලා. ඒ අය මගේ මුදලට කැමති වුණොත් සම්බන්ධ වෙනවා. අනුන්ගේ ඇදුම් අදිනවට වඩා මම කැමතියි මගේ අදුම් මම පාවිච්චි කරනවට. සමහර චරිත වලට ඒ අයම ලබා දෙනවා ඇදුම්.

    ශරීරය නිරාවරණය වෙන විලාසිතා සහිත චරිතයක් ලැබුණොත්..?
    ටෙලිනාට්‍ය කියන්නේ ගොඩක් ඇඟ පෙන්න විලාසිතා භාවිතා කරන දෙයක් නෙමෙයි. මට ඒ චරිතයට කොටට අදින්න තිබුණොත් මට ගැලපෙනවා නම් මම ඒක භාර ගන්නවා. මම අවුරුදු දෙකකට කලින් ඒ වගේ චරිතයක් කළා.

    නිර්ධා කියන්නේ නිතරම මේක්අප් කරන කෙනෙක්ද ..?
    ගොඩක් අය කියන්නේ නම් මම මේක්අප් වලට වඩා ස්භාවික විදිහට ලස්සනයි කියලා. කොහේ හරි යනවා නම් සාමාන්‍ය මේක්අප් එකක් දානවා.

    තනිකඩ ජිවිතේට ආයුබෝවන් කියන්න ලඟයිලු නේද..?
    නැහැ. මම තවම තනිකඩයි. තවම පෙම්වතෙක් නැහැ. මට ගැලපෙන කෙනෙක් ලැබුණොත් මමත් ආදරේ කරනවා. විවාහ වෙනවා. මිට කලින් ආදරේ කරලා තියනවා. එක එක හේතු නිසා ඒ බැදීම් නැති වෙලා තියනවා. මටත් තනිකම පාළුව දැනෙනවා. ආදරේ කරන්න කෙනෙක් හිටියා නම් හොදයි කියලා හිතන වෙලාවල් තියනවා. ඒත් හිතු මතේට ආදරේ කරන්න බැහැ . විවාහ වෙන්න බැහැ. ගැලපෙන කෙනා ලැබෙනකල් ඉන්නවා.

    නළුවෝ ආදරයට ඇරයුම් කරලා නැද්ද ..?
    අනේ නැහැ. මම හරි වෙනස් විදිහට ජිවත් වෙන්නේ. ඒ නිසා කවදාවත් එහෙම යෝජනා නම් ඇවිත් නැහැ.

    ඒ කියන්නේ නිර්ධාට කලා ක්ෂේත්‍රයේ කිසි කෙනෙකුගෙන් අයුතු යෝජනාත් ඇවිත් නැහැ කියන එකද ..?
    කිසිම විදිහකින් කවුරුත් නම් අයුතු යෝජනාත් කරලා නැහැ. සමහර නවක පරපුරේ අයටනේ ඒ විදිහට ප්‍රශ්න තියෙන්නේ. ජනප්‍රිය වෙන්න තැනක් හදා ගන්න ඒ වගේ යෝජනා වලට කැමති අයත් ඇති. නමුත් මම නම් එහෙම කෙනෙකුත් නෙමෙයි මට එහෙම ප්‍රශ්නත් නැහැ.

    නිර්ධා විදෙස්ගත වෙන්න සුදානම් කියලා කතාවක් තියනවා..?
    මම පහුගිය අවුරුදු දහයට හැම අවුරුද්දකම ඇමරිකාවට යනවා. සංචාරය කරන්න. මගේ නෑදෑයෝ ගොඩක් ඉන්න නිසයි මම ඒ රටටම යන්නේ. මාස එකහමාරක්විතර ඉදලා එනවා. තවම යන්න කාලය හොයා ගන්න බැරි වුණා. දිග නිවාඩුවක් ලැබුණු ගමන් ගිහින් එනවා. එහේ පදිංචි වෙන්න අදහසකුත් තියනවා. නමුත් දැන්ම නෙමෙයි.

    Posted on

    [rns_reactions]


  • එකාබද්ධයේ රොෂාන්ට උපන් ගමෙනුත් ගල්මුල්…..

    එක්සත් ජනතා නිදහස් සන්ධාන පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා සමඟ ගමන් ගත් ආරක්ෂක ඩිපෙන්ඩර් රථයට වැලිකන්ද ප්‍රදේශයේදී රාත්‍රි 8.30 පමණ ප්‍රහාරයන් එල්ල වී ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

    මන්ත්‍රීවරයා වැලිකන්ද ප්‍රද්ශයේ අවමගුල් උත්සවයකට ගොස් අපසු නිවස බලා යමින් සිටියදී බොක්කුවක් අසළ සැඟව සිටි පිරිසක් රථයට ගල්මුල් වලින් පහර දී ඇති බවට ඔවුන් පොලිසියට පැමිණිලි කර තිබේ.

    [rns_reactions]

  • මහින්ද සමයේ ජාත්‍යන්තර සමුළුවලට විමල් පුතාවත් එක්ක ගිහින්! – ඇත්ත එලියට…

    පසුගිය රජය සමයේ පැවති අන්තර් ජාතික සමුළුවන් සඳහා විමල් වීරවංශ මහතා තම පුතනුවන්වද රජයේ ධූතයෙකු ලෙස සහභාගී කරවා ගෙන ඇති බව විදෙස් කටයුතු ඇමති මංගල සමරවීර  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    තමන් සිය පුතුව මෙම සංචාරය සඳහා කැටුව ගියේ මහින්ද තමන්ට ලබාදුන් මුදල් වලින් බව එයට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා පවසා සිටි අතර මහින්දට එම මුදල් ලැබුනේ කොහෙන්දැයි විමසු විට විමල් නිරුත්තර විය..

    [rns_reactions]

  • වැටුණු ක්‍රිකට් ගොඩනගන්න ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර මහේලට…

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා හිටපු නායක මහේල ජයවර්ධන එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිඛෙනවා. 

    ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානීන් ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි අප වෙත වාර්තා වුණේ. 

    මෙවර අයි පී එල් තරගාවලියේ මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ධුරය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුපිරි දස්කම් දැක්වීමට සමත්ව සිටිනවා. 

    ඔවුන් මේ වනවිට අයි පී එල් ප්‍රසාද ලකුණු සටහනේ තරග 10න් තරග 08ක් ජය ගනිමින් පසුවන්නේ ප්‍රථම ස්ථානයේයි. 

    මහේල ජයවර්ධනගේ අත්දැකීම් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සාර්ථකත්වයට හේතු වී තිඛෙනවා. ඒ අනුවයි ඔහුගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීම සඳහා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ. 

    2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින්, මහේල ජයවර්ධන සමග එක්ව සැලසුම් සකස් කිරීමට මෙහිදී අවධානය යොමුව තිඛෙනවා. 

    [rns_reactions]