Tag: featured

  • අරවින්ද නොකියාම යන්න ගිය සැඟවුණු හේතු මෙන්න…

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කි‍්‍රකට් කමිටුවේ සභාපති ධුරයෙන් අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ මතවාද පලවනවා.  

    ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළේ ඉල්ලා අස්වීමට ක‍්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර අර්බුදයක් බලපා ඇති බවයි. 

    ක‍්‍රීඩකයින් සම්බන්ධයෙන් පූර්ණකාලීන අවධානය යොමුකරන ලෙස අරවින්ද සිල්වාට දන්වා තිබුණ ද ඔහු එය සිදුකර නොමැති බවටයි වාර්තා වන්නේ.

    එමෙන්ම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස ඇලන් ඩොනල්ඞ් කැඳවීම සම්බන්ධයෙන් ද ඔහු සිය අකමැත්ත ප‍්‍රකාශකර තිබූ බව ද වාර්තා වනවා. 

    [rns_reactions]

  • බොරු පතුරන අන්තරේ මන්දමානසිකත්වය යලිත් කරලියට… රන්ජන් නීති ක්‍රියාමාර්ග ගැනීමට පෙරට…

    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තමනට අපහාස කරන අන්දමින් අන්තරේ ලහිරුලා විසින් පවත්වාගෙන යන ව්‍යාජ මුහුණු පොතකට  එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට  පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර තමන්ගේ මෙන් ට්විටර් ගිණුමක් සකස් කර ව්‍යාජ ට්විටර් පණිවිඩයක් සමාජ ගත කල බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

    මාලබේ නැමැති FB පිටුවට එරෙහිව මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පැමිණිලි කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගෙන් තමන් සමාව ඉල්ලන බව සඳහන් අසත්‍ය ට්විටර් පණිවිඩයක් සකසා ප්‍රචාරය කර ඇති බව පවසමින්.

    සකසන ලද ව්‍යාජ ට්විටර් පණිවිඩය සහ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  ඒ සම්බන්ධයෙන් තබා ඇති ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.

    [rns_reactions]

  • YouTube භාවිතා කලාට මේ ට්‍රික්ස් ඔබ දන්නවද?

    අද කාලේ ෆෝන් එකක් ටැබ් එකක් අතේ තියාගෙන ඉන්න කෙනෙක්, එහෙමත් නැතිනම් අන්තර්ජාලය භාවිතා කරන්නෙක් youtube ගැන නොදැන ඉන්න විදියක් නැහැ. ඒ තරමට අපේ තරුණ ජනතාව අතරේ මේ අපුරු අන්තර්ජාලයේ වීඩියෝ නිධානය ජනප්‍රියයි.

    වෙනදා සර්ච් බාර් එකේ ටයිප් කරලා වීඩියෝ බලලා සෑහීමට පත්වෙන ඔබට ඉන් ඔබ්බට ගිය youtube වැඩ කිඩ ටිකක් ගැන කියලා දෙන්න තමයි අපි මේ හදන්නේ.

     

    1. ට්‍රාන්ස්ලේට්

    Youtube 101

    Source – marcusoft.net

    ඔයා විදේශීය භාෂාවකින් මොනවා හරි වීඩියෝ එකක් බලනවා නම් පොඩ්ඩක් විමසලා බලන්න වීඩියෝ එකේ Menu බාර් එකේ දකුණු පැත්තේ CC ලෙස සඳහන් බට්න් එකක් තිබෙනවද කියල. එහෙම බට්න් එකක් තියනවනම්, ඒක ක්ලික් කිරීමෙන් ඔයාට ප්ලේ කරලා තිබෙන වීඩියෝ එකට වෙනත් භාෂාවකින් උපසිරසි යොදාගෙන බලන්නට හැකියාව තිබෙනවා. (මේ වීඩියෝ එකෙන් ඔබට එය උත්සහ කර බලන්නට හැකියි)

    එහෙම බට්න් එකක් නැතිනම් වීඩියෝ එක අප්ලෝඩ් කල එහි හිමිකරුවා වීඩියෝව ට්‍රාන්ස්ලේට් කිරීමට ඇති අවසරය ඉවත් කර ඇති බව කියන්නට උවමනායි.

     

    2. ට්‍රාන්ස්ක්‍රිප්ට්

    Youtube 101

    Source – hubspot.com

    Youtube වීඩියෝ එකේ Share බට්න් එකට යටින් “…More” කියලා බට්න් එකක් තියෙනවා. ඒක ක්ලික් කලාට පස්සේ Transcript නමින් ටැබ් එකක් ඔබට දකින්නට හැකිවේවි.

    මේක YouTube වෙතින් ලබාදෙන තවත් එක පහසුකමක් කිව්වොත් නිවැරදියි. ඔවුන් YouTube අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකකටම Automatically ජෙනරේට් වෙන ආකාරයට පිටපතක් සකසා ගන්නවා. ඒ වගේම වීඩියෝ එක අප්ලෝඩ් කරන කෙනෙකුට තමන්ට කැමති නම් මෙම පිටපත කියවීමේ පහසුකම සඟවා තබන්න පුළුවන්.

    මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් ක්‍රියාවලියේ තවත් පහසුකමක් තිබෙනවා. හිතන්න ඔබට යම්කිසි අවස්ථාවක වීඩියෝ එකේ යම් තැනක් නැවත නරඹන්නට උවමනා වෙනවා කියලා. එහිදී ඔබට පහසුවෙන්ම ඔබට ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඔස්සේ තෝරාගත් අවශ්‍ය කොටස නරඹන්නට පුළුවන් කම තිබෙනවා. මුලු වීඩියෝවම නරඹලා මේ තැන හොයාගන්න අවශ්‍ය වෙන්නේ නෑ.

     

     

     

    3. Playlist හදන්න ශෙයා කරන්න

    Youtube 101

    Source – youtube.com

    අපි කැමති වීඩියෝස් සෝෂල් මීඩියා වල ශෙයා කරනවා වගේ අපට පුළුවන් අපේ කැමැත්තට හදපු ප්ලේ ලිස්ට්ස් යුටියුබ් ඇතුලේ හදන්න. ඒවගේම ඒවා අනිත් අයට පෙනෙන්න ශෙයා කරන්නත් හැකියාව තිබෙනවා. ඒවගේ ම මේ ප්ලේලිස්ට්ස් තමන්ට විතරක් පෙනෙන්න හෝ එහෙම නැතිනම් තමන්ගේ මිතුරන්ට පමණක් පෙනෙන්න වුනත් සෙටින්ග්ස් වලින් හදන්න හැකියාව තිබෙනවා. ඒ විදිහට ප්ලේ ලිස්ට් එකක් නිර්මාණය කරගන්න ආකාරය ගැන පහත වීඩියෝවෙන් බලාගන්න පුලුවන්.
     

     

     

    4. කැමති වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න

    Youtube 101

    Source – techriff.com

    ඔබ කැමති යම් වීඩියෝවක් Youtube හි තිබෙනවා නම් ඔබට පහසුවෙන්ම එය භාගත කරන්නට හැකියාව තිබෙනවා. එය ඔබට වීඩියෝ විදිහටත් එහෙමත් නැතිනම් mp3 විදිහටත් එහෙමත් නැතිනම් වෙනත් ෆෝර්මැට් එකක් විදිහටත් භාගත කර ගන්න පුළුවන්.

     

    • SS යෙදීම
      ඔබ කැමති වීඩියෝ URL එකේ http://www. යන කොටස ඉවත් කර ඒ වෙනුවට ss යෙදීමෙන්         (උදා- ssyoutube.com/xxxxxxxxxxxx ) save from net වෙබ් අඩවියට ගොස් ඔබට අවශ්‍ය වීඩියෝව භාගත කරන්නට හැකියාව තිබෙනවා.
    • Youtube to MP3
      ඔබ “Youtube to MP3” ලෙසට ගූගල්හි සෙවුමක් දමා බැලුවොත් යුටියුබ් වෙතින් MP3 කොපි කරගන්නට ඕනෑ තරම් වෙබ් අඩවි ඔබට හමුවේවි. එයිනුත් YOUTUBE CONVERTER නම් වෙබ් අඩවියෙන් කිසිදු POPUP ලෝඩ් වීමකින් තොරව ඔබට කැමති ගීතය ඕඩියෝ ලෙස භාගත කරන්නට පුළුවන්.

     

    5. Subscribe වුනොත් ඔයාව අලුත්ම දේවල් ගැන දැනුවත් කරාවි

    Youtube 101

    Source -amazonaws.com

    ඔබට ඔබේ ජීමේල් එකෙන් පහසුවෙන් ම YOUTUBE හි ලියාපදිංචි වන්නට හැකියාව තිබෙනවා, එහිදී ඔබට YOUTUBE CHANNELS වලට SUBSCRIBE වීමේ පහසුකම සපයා තිබෙනවා. මෙහි වාසිය තමයි, එම අදාළ චැනලයෙන් අලුත් වීඩියෝවක් අප්ලෝඩ් වුනොත් ඔබට ඒ මොහොතේම එය ඊමේල් මගින් දන්වා සිටිනවා.

     

    6. GIF හදමුද?

    Youtube 101

    Source – giphy.com

    අපි අනිවා ලිපිවල පල කරන gifs බොහොමයක් තනා ගන්නේ YouTube හරහා තමයි. අපි ඊට භාවිතා කරන්නේ Giphy.com , gifs.com, makeagif.com වගේ වෙබ් අඩවි සේවා කිහිපයක්. ඔබට කරන්නට තිබෙන්නේ මෙවැනි වෙබ් අඩවියකට ගොස්, YouTube වීඩියෝවෙන් GIF එකක් නිර්මාණය කරගන්න අපට අවශ්‍ය වන කොටස ආරම්භ වෙන වෙලාව සහ අවසන් වෙන වෙලාව සටහන් කිරීමයි, ඉන්පසුව ඔවුන් විසින් අදාල වීඩියෝ කොටසින් GIF එකක් නිර්මාණය කොට අපට එය භාගත කර ගන්නට හෝ වෙනත් අඩවියක පළකරන්නට හැකියාව ලබා දෙනවා.

     

    7. කැමති තැනකින් පටන් අරගෙන බලමුද?

    Youtube 101

    Source – hubspot.com

    හිතන්න අපිට කෙනෙක්ට යම් YouTube වීඩියෝ එකක විනාඩි 10 ඉඳන් ඉස්සරහට වෙන දේවලුයි පෙන්නන්න ඕනෙ කියලා. එවිට අපි කල යුත්තේ Share බට්න් එක ඔබලා, එහි ෂෙයාරින් බට්න් වලට පහතින් තිබෙන කෙටි url එක කොපි කරගන්නට ඇති ඉඩ යටින් ඇති කොටසේ Start at කියන තැන “ටික්” කර, අපට අවශ්‍ය වෙලාව එතන සඳහන් කිරීම පමණයි.

    ඉන් පසුව ඒ වීඩියෝ ලින්ක් එක ලෝඩ් කල විට එය ප්ලේ වන්නේ අපි නියම කල තැන සිටයි.

     

    8. කැමති වීඩියෝ සේව් කරගෙන පස්සෙ බලන්න

    Youtube 101

    Source – stack.imgur.com

    සමහර වෙලාවට YouTube එකේ ඔයා කැමති වීඩියෝවක් ඔයාගෙ ඇස ගැටුනත් ඒක බලන්න වේලාවක් නැති වෙන්න පුලුවන්. මේ වගේ වෙලාවට කරන්න පුලුවන් හොඳම වැඩක් තමයි පස්සෙ බලන්න ඒ වීඩියෝ එක සේව් කරගන්න එක. මේක කරන්න හරිම ලේසියි. යූටියුබ් වීඩියෝවට යටින් වම්පැත්තට වෙන්න තියන Add to කියන එක ක්ලික් කරල Watch later කියන එක තෝරන්න විතරයි තියෙන්නෙ. එහෙම කලාම ඒ ප්ලේ ලිස්ට් එක යටතට අදාල වීඩියෝව සේව් වෙනවා. ඊට පස්සෙ නිවාඩු පාඩුවේ YouTube බලන වෙලාවක වම්පස කෙළවරේ පෙන්වන Watch Later ප්ලේ ලිස්ට් එක ක්ලික් කරල තමන් සේව් කරගත්ත වීඩියෝව නරඹන්න පුලුවන්.

    [rns_reactions]

  • "මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ" රනිල් කියන කතාව

    කොහොමද රනිල්?

    හොඳින්, සතුටින් වැඩ කරගෙන ඉන්නවා. මම සම්බන්ධ වෙන සල්සපුනා ටෙලි නාට්‍යයේ සුරේන්ගේ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතනවා මම ඒ චරිතයට සාධාරණයක් කළ නිසා මේ ප්‍රතිඵලය ලැබෙනවා ඇති කියලා.

    දැන් රනිල්ට ආරාධනා ගලාගෙන එනවලු නේද?

    අවස්ථා නම් ලැබෙනවා. මගේ අරමුණ අධ්‍යක්ෂවරයෙක් වීම නිසා මම මගේ ප්‍රතිරූපයත් මේන්ටේන් කරනවා. ඉතිං මේ වෙද්දී මම තවත් ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙනවා.

    සල් සපුනාහි සුරේන් නිසාද වැඩිපුර අවස්ථා ලැබෙන්නේ?

    මම මුලින්ම කළේ දූවිලි මල් ටෙලි නාට්‍යයේ භානුගේ චරිතය. ඉතිං ඒ චරිතය ලොකු පරාසයක විහිදෙන චරිතයක්. නමුත් මාව ජනප්‍රිය වුණේ සල් සපුනා නාට්‍යයේ සුරේන් විදියට. ඉතිං ඒ චරිත දෙක නිසාම මට අවස්ථා ලැබෙනවා ඇති. නමුත් මම කැමතියි සුරේන්ගේ චරිතයෙන් ගැලවිලා ඊට වෙනස් වුණු චරිත කරන්න. මම හොඳ අවස්ථා ලැබෙනකල් බලාගෙන ඉන්නවා. මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා දැනෙනවා.

    පුංචි තිරයෙදි අමායයි, රනිලුයි ගැළපුණා. ආයෙත් අමායයි රනිලුයි ගළපන්න අධ්‍යක්ෂවරු උත්සාහ කරනවා නේද?

    අලුතින් කරන නාට්‍යයටත් අපි දෙන්නාවම සම්බන්ධ කරගත්තා. සමහර විට සල්සපුනා ටෙලි නාට්‍යයෙන් අපි දෙන්නව දැක්ක නිසා අධ්‍යක්ෂවරයාටත්, නිෂ්පාදකවරයාටත් අපි දෙන්නවම ගන්න ඕන වෙන්න ඇති.

    තිරයේදී සුරේන්ට වඩාත් ගැළපෙන්නේ අමායා කියලා හිතනවාද?

    එහෙම විශේෂයක් නැහැ. අමායා කියන්නෙත් දක්ෂ රංගන ශිල්පිනියක්. අපි දෙන්නම රංගනයට අලුත්. මම එහෙම රංගන ශිල්පිනියන් විශේෂ කරගෙන නැහැ. මට මොන රංගන ශිල්පිනිය දුන්නත් මම චරිතයට සාධාරණයක් කරනවා.

    රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ?

    ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා.

    මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද?

    ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා.

    රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ?

    එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා.

    මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද?

    අනිවාර්යයෙන්ම. මේනකා හොඳ බිරියක් වෙයි. ඒකේ කතා දෙකක් නෑ.

    රංගනයේදී මේනකා රනිල්ට වඩා ප්‍රවීණයි. කොහොමද ඇගෙන් රනිල්ට ලැබෙන සහයෝගය?

    අපි අපේ ජීවිතේ හැම දෙයක්ම කතාබහ කරනවා. මම එයාට එයාගේ කලා කටයුතුවලට නිදහස දීලා තියෙනවා. එයා මට කලා කටයුතුවලට නිදහස දීලා තියෙනවා. කලාවේදී එයාට මට වඩා අත්දැකීම් තියෙනවා. ඉතිං කලාවේදී යම් යම් දේ ගැන එයාගේ අත්දැකීම් මට දෙනවා. කලාවේදී රනිල් කියන නළුවා මේනකා කියන නිළියට ගොඩක් ගරු කරනවා.

    දෙන්නා නිර්මාණයකට පෑහුණොත් නරකද?

    මේ වෙනකල් අපි දෙන්නා එකට රඟපාලා නැහැ. අපිට ආරාධනාවක් නම් ලැබුණා. නමුත් ඒ වැඩේ කල් ගියා. කොහොම වුණත් හොඳ පිටපතකට හොඳ වැඩක් ලැබුණොත් අපි දෙන්නම ඒකට සම්බන්ධ වෙනවා.

    රනිල්ට අධ්‍යක්ෂණ හීනයකුත් තියෙන නිසා මේනකාවත් එකතු කරගෙන නිර්මාණයක් කළොත් නරකද?

    මගේ අරමුණ අධ්‍යක්ෂවරයෙක් වෙන එක. ඒකට මේනකාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම තව කාලයකින් කරන්න හිටපු අධ්‍යක්ෂණ කටයුත්ත මේනකාගේ හමුවීම නිසා කරන්න ඉක්මන් වෙයි. මම නිර්මාණයක් අධ්‍යක්ෂණය කළොත් මම රඟපාන එකක් නැහැ. සමහර විට මේනකා ඒ නිර්මාණයේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. කොහොම වුණත් අපි දෙන්නා කලාවට දෙන්න පුළුවන් හොඳ ප්‍රඩක්ෂන් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

    හිත ගියපු කෙනා සහකාරිය කරගන්නේ කවද්ද?

    තාම ඒකට දිනයක් යොදාගෙන නැහැ. අපිට ලැබෙන මුල්ම අවස්ථාවේ දිනය විවාහයට ලෑස්ති කරගන්නවා. බොහෝ විට ඒ දවස ලබන අවුරුද්දේ උදාවෙන්න පුළුවන්.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ

    [rns_reactions]

  • මීතොටමුල්ල කුණු කන්ද තුනිකිරීමට සෑම මසකම බැකෝ වලට ගෙවපු මුදල ඇහුවොත් ඔබ පුදුම වේවි

    පසුගිය මාර්තු මාසය සදහා මීතොටමුල්ල කුණු කන්ද තුනීකිරීමට කොළඹ නගර සභාව විසින් කුලියට ලබාගත් යන්ත්‍රොපකරණ 14ක් සදහා රුපියල් 26,796,306ක් ගෙවීමට නිර්දේශ කර ඇත.

    එක්ස්කැවේටර් යන්ත‍්‍ර සදහා ඒවා සේවයේ යොදවා තිබූ පැය ගණනට අනුව මෙම මුදල් ගෙවීමට නිර්දේශ කර ඇති අතර එක් යන්ත‍්‍රයක් සදහා මසකට ගෙවා ඇති වැඩිම මුදල රුපියල් 3162155කි.

    කුණු කන්ද තුනී කිරීමට කුලියට ගන්නා යන්ත්‍රෝපකරණවලට සෑම මසකදීම රුපියල් කෝටි තුනකට අධික මුදලක් ගෙවා ඇති බවද සදහන්ය.

    මේ මුදල් කාගේ ගිනුම්වලටද ගියේ…….

    [rns_reactions]

     

  • සේවකයන් 3000ක් යොදවා සකබර්ග් අලුත් වැඩක් කරයි.

    ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පළකෙරෙන සමාජ විරෝධී ප්‍රකාශන සහ දර්ශන අධීක්ෂණය කිරීම සඳහා තුන්දහසක පිරිසක් යොදවන බව එහි නිර්මාතෘ මාර්ක් සකබර්ග් පවසයි.

    ඉදිරි වසරක කාලය ඇතුළත මෙම කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට නියමිතය.

    ෆේස්බුක් ජාලයේ පළකෙරෙන වෛරී ප්‍රකාශන, ළමා අපචාර සහ ස්වයං හානිකර දර්ශන මෙම මෙහෙයුම් කණ්ඩායම විසින් අධීක්‍ෂණයට ලක් කරනු ලැබේ.

    ෆේස්බුක් ජාලයේ කළමනාකරුවන් මෙම තීරණය ගෙන ඇත්තේ මිනීමැරුම් සහ සිය දිවි හානිකර ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය දා සජීවීව විකාශනයවීමෙන් අනතුරුවය.

    අප්‍රේල් මාසය තුළ පමණක් මෙවැනි සිදුවීම් දෙකක් වාර්තා විය.

    ඉන් එක් සිදුවීමක් වන්නේ, තායි ජාතිකයෙකු සිය බිලිඳු දියණිය මරණයට පත්කරමින් තමන් ද දිවි හානිකරගන්නා ආකාරය සජීවීව විකාශනය කිරීමයි. අනෙක් සිදුවීම පුද්ගල ඝාතනයකි.

    නව අධීක්ෂණ සැලැස්ම දියත්කරන ආකාරය පැහැදිලි කරමින් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර තිබේ.

    නීතියට පටහැනි මෙන්ම වෙනත් පුද්ගලයන්ට හානිකර පුවත් පළකරනු ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා නිරන්තරයෙන් විවේචනයට ලක්වෙමින් පවතී.

    ෆේස්බුක් මාධ්‍ය ජාලයේ පළවන හානිකර දෑ අධීක්ෂණය සඳහා පත්කරන ලද 4500ක කාර්ය මණ්ඩලයක් දැනටමත් සේවයෙහි යොදවා ඇත.

    [rns_reactions]

  • උතුරු කොරියානු නායකයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක

    උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ඝාතනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණය කරමින් සිටින බවට උතුරු කොරියාවේ රාජ්‍ය ජනමාධ්‍ය චෝදනා කරයි.

    සිය නායකයාට රසායනික ප්‍රහාරයක් එල්ලකිරීම පිණිස CIA ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ සහ දකුණු කොරියානු රාජ්‍ය රහස් ඔත්තු සේවයේ අනුග්‍රහය ලබන “ත්‍රස්තවාදී කණ්ඩායමක්” දැනටමත් රට තුළට ඇතුල් වී සිටින බවත් උතුරු කොරියාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    [rns_reactions]

  • සේවක විරෝධය මුල්ලකට දමා ඇමති චම්පික වෙසක් කුඩුවකට ලක්ෂ 80ක් වෙන්කරයි.

    නාගරික සංවර්ධන අධිකාරිය භාර ඇමැති චම්පික රණවකගේ වුවමනාව මත වෝටර්ස් ඒජ් ආයතනය රුපියල් ලක්ෂ 80ක් වැය කොට වෙසක් ප්‍රදර්ශන කුටියක් ඉදි කරන බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ වසන්ත සමරසිංහ අනාවරණය කරයි.

    නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන වෝටර්ස් ඒජ් ආයතනයේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් යොදවමින් මේ වෙසක් ප්‍රදර්ශන කුටිය ඉදිකිරීමට අවශ්‍ය සියල්ල සූදානම් කර ඇතැයි සමරසිංහ මහතා පෙන්වා දෙයි.

    ඔහු පවසන්නේ වෝටර්ස් ඒජ් ආයතනයේ සේවකයන් මීට මාස කිහිපයකට ඉහතදී ඔවුන්ගේ වාර්ෂික වැටුප් වර්ධන දීමනාවට සියයට 4ක් ඉල්ලා සිටි අවස්ථාවේ මුදල් නොමැති බව පැවැසූ පාලක මණ්ඩලය දින 3,4කට ලක්ෂ 80ක් වියදම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

    වෝටර්ස් ඒජ් ආයතනයේ සභාපතිවරයා පත් කර ඇත්තේ ඇමැති චම්පික රණවක වන අතර එම සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටින බවත් පෙන්වා දෙන ඒ මහතා විමසුවේ ඇමැතිවරුන්ගේ හා සභාපතිවරුන්ගේ හිතවත්කම් මත මෙලෙස සේවකයන්ට අයත් මුදල් කාබාසිනියා කිරීමට ඉඩ දිය යුතුද යන්නයි.
    සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසුවේ එකී ආයතනයේ සේවකයන්ගේ දැඩි විරෝධය හමුවේ එම වෙසක් ප්‍රදර්ශන කුටිය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට යාබද නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමක ඉදිරි දින කිහිපයේදී ඉදිකිරීමට නියමිත බවයි.

    [rns_reactions]

  • වෙඩි වැදුණු විජයගේ මුහුණ බලා බිරිඳ චන්ද්‍රිකා කිව්වේ කුමක්ද? …

    1988 පෙබරවාරි 16 වෙනිදා දහවල් 12.20 ට පොල්හේන්ගොඩ තම නිවසේදී සාහසිකයෙකුගේ වෙඩි පහරකට ගොදුරු වූ විජය කුමාරතුංග මුලින්ම ඇතුලත් කරන්නේ කොළඹ ජාතික රෝහලටය.

    හැබැයි එවිටත් ඔහු ජිවිතයෙන් සමු අරන්.

    දහවල් 1.45 ට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සිට විජයගේ දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට ගෙනයනවා.

    පැය හයක් විතර පැවතුණු මරණ පරීක්ෂණය සවස 7.45 ට විතර නිමාවීමෙන් පසුව මළ සිරුර බානි රේමන්ඩ් මල් ශාලාවට අරන් එන්නේ, ඒ එනකොටත් පොල්හේන්ගොඩ විජයගේ ගෙදරට රැස්වෙලා ඉන්න අයට පෙන්නන්න පුළුවන් විදිහට විජයගේ සිරුර හදන්න.

    රේමන්ඩ් මල් ශාලාවට ඒ වෙද්දී විජයගේ හිතවතුන් කිහිපදෙනෙකුත් ඇවිත් ඉන්නවා.

    විජයගේ හිස සහ ගෙල පසාරු කරමින් වෙඩි උණ්ඩ තුනක් සහ උදරයට වෙඩි උණ්ඩ දෙකක් වැදිලා නිසා මළ සිරුර සකස්කිරීම ලෙහෙසි වුණේ නැහැ.

    වඩාත්ම අසීරු වුණේ විජයගේ මුහුණ වෙඩි පහරවලින් විනාශ වී ගොස් තිබීම නිසායි.

    එදා රේමන්ඩ් මල් ශාලාවේදී ගත තීරණයට අනුව විජයගේ දේහය මහජන ප්‍රදර්ශනයට තැබුණේ හිස කොටස වසා දැමූ පෙට්ටියක තැන්පත් කිරීමෙන් අනතුරුවයි.

    මේ තීරණය ගන්න පෙර එහි සිදුවූ දේ ගැන මතකය අවදිකරන අය අතුරින් කෙනෙක් තමයි විජයගේ හිත මිතුරු එම්.එස්.එම් කබීර්. එදා මුළු රාත්‍රියම රේමන්ඩ් මල් ශාලාවේ සිටි ඔහු වසර 29 කට පෙර සිදුවූ සිදුවීම ගැන ඉරිදා ජන යුගයට හෙළි කළා.

    “විජය මහත්තයාගේ බොඩි එක මොචරියේ ඉඳන් ගෙනාවේ බානි රේමන්ඩ් එකට.එතැනදී බානි රේමන්ඩ් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු ඔවුන්ගේ කාර්යය ඉටු කළා. නමුත් විජය මහත්තයාගේ මුහුණ පෙන්වන්න බැරි තත්වයෙනුයි තිබුණේ. මෙතනට ඇවිල්ලා හිටියා කමල් අද්දර ආරච්චි.මම කමල් මහත්තයගෙන් ඉල්ලුව කොහොමහරි විජයගේ මුහුණ පෙන්වන්න හදන්න ඕන කියල. එදා ඒ වැඩේට මහන්සි වුණේ කමල් අද්දරආරච්චියි. මමත් මහ රෑ කොටුවට ගිහින් ලේස් රෙද්දක් එහෙම ගෙනාව මතකයි”

    කබීර්ට අනුව එදා විජයගේ මුහුණ සැකසීමට වෙහෙස වුණේ කමල් අද්දරආරච්චි. ඔහු විජයගේ මතකයන් සේක්කම මේ කතාව දිගහැරියා.

    “මට මතක විදිහට දේශපාලනඥයන් කිහිප දෙනෙකුත් සිටියා. චන්ද්‍රිකා මැතිනියත් අපිත් එක්ක බානි රේමන්ඩ් එකේ හිටිය. එදා විජයාට වෙඩි වැදුනට ඔඅස්සේ චන්ද්‍රිකා විජයව දැකපු මුල්ම වතාව නොවුණත්, විජය පෙට්ටියක් ඇතුලේ ඉන්නවා දැක්කේ පළමු වතාවට. එදා ඒ පෙට්ටිය ඇරියම අපිට පුදුම දුකක් ඇතිවුණේ. විජය කියල යන්තම් අඳුනන්න පුළුවන් කම විතරයි තිබ්බේ. මුහුණට වෙඩි වැදිලා නිසා හිස් කබල පත්වෙලා මුහුණ ඇතුලට බැහැල මුහුණේ දෙපැත්තක් මත්වෙලා තිබ්බේ. නහය ළඟින් වෙඩි උණ්ඩයක් පිටවෙලා මුහුණ සම්පුර්ණයෙන් ම වෙනස්වෙලා තිබුණේ..”

    දේහය මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නිසා විජයගේ මුහුණ සැකසීම කමල්ට පැවරෙනවා.

    “නහය උඩ ඉඳන් කට හරියට එනකම් විජයගේ මුහුණේ පැල්මක් වගේ තිබුණා. එක මහල තිබ්බේ හරියට ගෝනි නූලකින් වගේ. දේහය කළුවෙලා තිබුණේ. මට තේරුණා මුණ ඇතුලට බැහැල, කම්මුල් දෙපැත්තේ අනවශ්‍ය මහතක් තියෙනවා කියල. අපි බැලුවා යම් හෙඩ් ඩ්‍රෙස් එකක් වගේ දාල ඒ වැඩිවෙච්ච ප්‍රමාණය අඩු කරලා විජයගේ මුහුණේ හැඩය හදන්න. නහයට දාල තිබ්බ ගෝනි නූල් තරම් මහත නූල ඒ වෙනකොටත් හයිවෙලා ගලවන්න බැහැ..”

    ඔවුන්ගේ ඊළඟ අභිප්‍රාය වූයේ ඒ මහත නූල් වසා දැමීමය.

    “ඒ ගෝනි නූල් වැහෙන විදිහට වේශ නිරුපන ශිල්පීන්  පාවිච්චි කරන පොටි එකක් දාල නහයක් නිර්මාණය කරලා විජයගේ මුහුණේ හැඩය ගන්න අපි උත්සහ කළා. මේ වැඩේට හවුල් වුණේ ඊබට් විජේසිංහ. හුත් උපරිම වෙහෙසක් ගත්තා. ඊබට් එදා හිටියේ මේ වැඩෙන් සැලිලා. එදා අපිට අද භාවිත කරන නවීන වේශ නිරූපන ආම්පන්න, අමුද්‍රව්‍ය තිබුනෙත් නැහැ. ඒ නිසා ඒ කලර් කෝඩ් එක හරියට ආවත් ඒ වැඩේ  සාර්ථක වුණේ නැහැ… අපි එදා බොහෝ වෙලාවක් ඒ වැඩේට මහන්සි වුණා.”

    කමල් සහ ඊබට් තමන්ගේ උපරිම උත්සාහයෙන් විජයගේ මුහුණ යතා තත්වයට පත්කිරිමට ගත උත්සාහය සාර්ථක වුණේ නැහැ. ඒ වෙඩි ප්‍රහාරයෙන් මුහුණට වී තිබුණු හානිය නිසයි.

     

    ” චන්ද්‍රිකා මැතිනිය අපි  කරන දේ බලන් හිටියා මිසක් වචනයක්වත් කතා කළේ නැහැ. ඇය ඒ තරම් ශෝකයෙන් හිටියේ.. අවසානයේ අපි ගත් උත්සාහය බලපු  චන්ද්‍රිකා මැතිනිය කිව්ව “මිනිස්සු විජය දැක්කේ මෙහෙම නෙමෙයි බොහොම සුන්දර විදිහට..ඒ නිසා විජයව මෙහෙම මිනිස්සුන්ට පෙන්වුවොත් එය විජයට කරන අගෞරවයක්” කියලා. අපි විජයගේ මුහුණ ආපහු හදන්න හැදුවත් ඒක සාර්ථක නොවුණු නිසා මමත් හිතුවේ විජයගේ මුහුණ නොපෙන්වන එක හොඳයි කියලයි.. ”

    ඒ අවස්ථාවේ කෙනෙක් විජයගේ මඟුල් මුද්ද ගෙනවිත් චන්ද්‍රිකා මැතිනිය ගේ අතට දුන්නේ යයි කමල් අද්දර ආරච්චි පවසයි. මේ ගැන චන්ද්‍රිකා කුමාරතුංග ගේ විජය ග්‍රන්ථයෙද සඳහන් වෙයි. ඒ මෙසේ ය. ” 

    ” මම මානසිකව විජය මැරුණා කියල පිළිගත්තේ නැහැ. මම යනකොට විජයගේ හිස වසා තිබුණා. කවුදෝ කෙන් ඇවිත් විජයගේ ඇඟිල්ලේ තිබුණු මංගල මුද්ද හා අත් ඔරලෝසුව මට ගෙනත් දුන්නා. විජය මියගිය බව මා පිළිගත්තේ එවිටයි.. ”

    කමල් අද්දර ආරච්චිගේ මතකයට අනුව චන්ද්‍රිකා අතට ඒ මුද්ද ලැබෙන්නේ මහජන ගෞරවයට ප්‍රදර්ශනය කිරිමට පෙර ඒ මුද්දෙන් විජයගේ ඇඟිලි සැරසීමට ය.

    ” කවුද ඇවිත් විජයගේ මඟුල් මුද්ද ගෙනත් දුන්න දේහයට දාන්න. ඒ වෙලාවේ චන්ද්‍රිකා මැතිනිය දේහය ලඟට ඇවිල්ල මුද්ද අතේ තියාගෙන කරකියාගණන් දෙයක් නැතුව බලාගෙන හිටියා. මුද්ද දාන්නෙත් නැහැ.. කතා කරන්නෙත් නැහැ ඒ වෙලාවේ මම චන්ද්‍රිකා මැතිනියගෙන් මුද්ද ඉල්ලලා විජයගේ ඇඟිල්ලට දැම්මා. මුද්ද දාල අපි දේහයේ මුහුණ කොටස වහලා පොල්හේන්ගොඩට දේහය ගෙනියන්න තීරණය කළා… ”

    කමල් අද්දරආරච්චි අදත් ඒ සිදුවීම සිශිපත් කරන්නේ වේදනාවෙනි.

    1988 පෙබරවාරි 17 උදෑසන පොල්හේන්ගොඩ නිවසට ගෙන එන විජයගේ දේහය දින දෙකහමාරක් එතනත්, පසුව කලාභාවනෙත් තැන්පත් කර 21 වැනිදා සවස නිදහස් චතුරශ්‍රයේදී ආදාහනය කරනු ලබයි.

    විජය සමඟ කමල් රඟපෑවේ එකම එක චිත්‍රපටයක එක ජවනිකාවකටය.ඒ පාරමිතා චිත්‍රපටයේ ය.

    ” මම ලාබාල තරුණයෙකුගේ චරිතයක් රඟපෑවේ.මම විජයට යමක් කියනවා විජය අහගෙන ඉන්නවා. විජය රැවුල දාගෙන ඉන්නේ.. එදා ඒ ජවනිකාව ඉවර වුනාම විජය මගේ පිටට තට්ටු කරලා හොඳට කළා වගේ ඇඟේව්වා.”

    විජය ලෙහෙසියෙන් මිතුරුකම අතහැර දමන්නේ නැත. ඒ නිසා කමල් සමඟ ද ඔහු ඉතා සුහද වුයේ ය..

    “එකම චිත්‍රපටයක විතරක් එකට රඟපෑවට විජය මා එක්ක බොහොම සුහද වුණා. මට ඔහුගේ ගෙදරට එන්න ආරාධනා කළා. නමුත් එහෙම ගියානම් මම අනිවාර්යෙන් ම ඔහුගේ පාක්ෂිකයෙක් වෙනවා. විජය කතාකරන දේවල් අහන් ඉන්න ඕන කෙනෙක් ඔහුට ආකර්ෂණය වෙනවා. ඒ නිසා ඔහු කිව්වනම් මගේ දේශපාලනය කරන්න කියල මට එක නොකර බැරිවෙනවා. ඒ නිසයි මම නොගියේ.. ඒ නිසා ඔහු ආශ්‍රය කරන්න තිබ්බ කාලය මග හැරුණා කියල විජය මියගිය දා මට හිතුණා. අදත් හිතෙනවා. ..”

    [rns_reactions]
  • රාජපක්ෂ ආර්යාව ලක්ෂ 250ක් වියදම්කර වෙසක් සිරි නරඹයි!

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ වෙසක් දින සැමරුමට ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කණ්ඩායම දින තුනකදී රුපියල් ලක්ෂ 250 ක මුදලක් වියදම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

    2014 වසරේ මැයි මස 20 – 24 දක්වා කාලය තුළ ප්‍රංශයේ වෙසක් බැලීමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග ‘ඩේසි ආච්චි’ ද සහභාගි වී ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

    ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සමස්ත වියදම යුරෝ 63945.50 (කාමර වියදම පමණයි) බවත්, දවසක කාමර වියදම – යුරෝ -14500 බවත් පැවසු ඇමතිවරයා, ඩේසි ආච්චිගේ වියදම යුරෝ 6924 බවත්, දවසක කාමර වියදම – යුරෝ -1350 බවත් පැවසිය.

    ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ හොටෙල් කාමරයේ මිනි බාර් පාවිචිච්ය සඳහා වියදම යුරෝ 975 ක් ද ඩේසි ආච්චිගේ දුරකථන ගාස්තු සඳහා යුරෝ 1200ක් ද වැයකර ඇතැයි පැවසු ඇමතිවරයා, මේ සමස්ත වියදම දරා ඇත්තේ එදා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බව පෙන්වා දුන්නේය.

    ජාත්‍යන්තර වෙසක් දිනයක් ලෙස වෙසක් උළෙල සමරන්නට ශ්‍රී ලංකාවට ලැබුණු මෙම අවස්ථාව ඉතා පූජනීය අවස්ථාවක් බවද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

    එය ලබාගන්නට හැකිවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සමයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ උත්සාහයෙන් බව කී ඇමැතිවරයා, වෙසක් පොහෝ දිනයේදී කළු කොඩි එසවීමට බංකොලොත් දේශපාලකයන්ට ඉඩ දෙන්නේ නැතැයි අවධාරණය කර සිටියේය.

    [rns_reactions]

  • මුහුණු වසා පැමිණි ගාතකයන් දෙදෙනනා අයෙකු මරා යතුරුපැදියෙන් පැන යයි.

    ගාල්ල – ඉමදූවව දික්කුඹුර හන්දිය අසලදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි ගම්මන්පිලවත්ත අන්දුගොඩ දික්කුඹුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

    තම දරුවා සහ අසල්වැසි දරුවන් දෙදෙනෙකු ත‍්‍රීරෝද රථයකින් පෞද්ගලික පන්තියකට රැගෙන යමින් සිටියදී මුහුණු ආවරණය කර ගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම පුද්ගලයාට වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ. එහි දී තුවාල ලැබූ සැකකරු කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිට ඔහු මිය ගොස් සිටි බවයි වෛද්‍යවරුන් ප‍්‍රකාශකර ඇත්තේ.

    දෙපාර්ශවයක් අතර කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගාල්ල දිස්ත‍්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

    [rns_reactions]
  • "දොස්තරලට තෙල් ගසන්නේ නැත." ව්‍යාජ ප්‍රවෘත්තියේ ඇත්ත මෙන්න…

    සයිටම් ගැටලුව සම්බන්දයෙන් වෛද්‍යවරු අද(05) වැඩ වර්ජනයක නිරතවිය. මේ අතර එම වැඩ වර්ජනය නිසා වෛද්‍යවරුන්ට ඉන්දනහල් වලින් ඉන්දන ලබා නොදෙන බවට වීඩියෝවක් සමාජජාල හා වෙබ්අඩවි තුල හුවමාරු විය. එපමණක් නොව සමහර රුපවාහිනී නාලිකා පවා මෙම වීඩියෝව විකාශය කර තිබුණි.

    එම වීඩියෝවයි මේ

    මෙම වීඩියෝව ව්‍යාජ පුවතක් නිර්මාණය කිරීම සඳහා වීඩියෝ දෙකක් එකට බද්ද කිරීමෙන් සකසන ව්‍යාජ  වීඩියෝවක් බව සිහි ඇතිව බලන ඕනෑම පුද්ගලයෙකුට වැටහේ. 

     

    පළමු වීඩියෝව,…..  පසු වෛද්‍යවරයෙකුගේ ලාංජනයක් සහිතව කුඩා කාර් එකක ඉන්දනාහල වෙත පැමිණීමත් සමග ඉන්දන නිකුත් කරන සේවකයෙකුට කිසිම සමානකමක් නොමැති ඇදුමකින් සැරසුනු පුද්ගලයෙකු ඉන්දන නිකුත් නොකරන බවට අතින් සංඥා කරයි. ඉන්දන ලබා නොදීම සම්බන්දයෙන්  කිසිම සංවාදයක් ද නොවේ.. මෙම වීඩියෝව පසුගිය සතිය තුල සිදුවූ  කනිජ සේවක වෘත්තීය වැඩවර්ජනය නිසා ඉන්දනහල්  ඉන්දන නිකුත් නොකරන අවස්ථාවේදී  ගන්නා ලද වීඩියෝවකි.

    දෙවන වීඩියෝව….. “ස්ට්‍රයික් කරන දොස්තරලට තෙල් ගසන්නේ නැත” යනුවෙන් කාඩ්බෝඩ් කැබැල්ලක ලියා කණුවක ගැටගසා ඇත.  එම කාඩ්බෝඩ් කැබැල්ල එල්ලා ඇත්තේද ඩිසල් ඉන්දන පොම්පය අසලය. නමුත් පළමු වීඩියෝවේ  කුඩා කාර් එක පැමිණෙන්නේ  පෙට්‍රල් ඉන්දන පොම්පය වෙතයි.

    වීඩියෝ දෙකක් එකට එකතු කිරීමෙන් සාදන ලද මෙම ව්‍යාජ වීඩියෝව, වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය සම්බන්දයෙන් අසත්‍ය පුවතක් නිර්මාණය කිරීමට උත්සහගත් අසාර්ථක වෑයමකි.

    [rns_reactions]

  • ‘ක්‍රිකට් රන් දෙවොලෙන්‘ සංගාට මහේලට උපහාර පුදයි (PHOTOS)

    ලෝඩ්ස් ක්‍රීඩා සමාජය විසින් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාරගේ හා මහේල ජයවර්ධනගේ රුව චිත්‍රයට නඟා ඇත. 

    මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා ඇති සංගා පවසන්නේ ලෝඩ්ස් ක්‍රීඩා සමාජයට ස්තූතිවන්න බන බවයි.

    එංගලන්තයේ ලන්ඩන් නුවර Mall Galleries හි මෙම චිත්‍ර එළි දක්වා තිබේ. 

    එම අවස්ථාවට කුමාර් සංගක්කාර එක්ව තිබේ. මහේල මේ වන විට අයි.පී.එල්. තරගාවලියට එක්ව තිබේ. ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

     

     

  • වාර්තා තැබු ඉන්දියාවේ ටජ්මහල පරදා අපේ ශ්‍රි දළදා මාළිගාව පළමු තැනට….

    ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීමේදී එකසිය හැත්තෑ තුන්වැනි ස්ථානයේ පැවැති ශ්‍රී දළදා මාලිගාව එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයට මේ වන විට පත්ව ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කරනවා.

    ශ්‍රේණිගත කිරීමෙන් ඉන්දියාවේ ටජ්මහල පවා අභිබවා යෑමට හැකියාව ලැබුණේ පරිපාලනය මෙන්ම තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම බවද ඒ මහතා ප්‍රකාශ කළා.

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තොරතුරු තාක්ෂණික ව්‍යාපෘතිය සදහා ආධාර ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේදී සිදුවුණා.

    දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත රුපියල් මිලියන දහයකින් යුත් එහි මූල්‍ය අනුග්‍රාහක ගිවිසුම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා විසින් භාරදෙනු ලැබුවා.

    ශ්‍රී දළදා මාලිගාවට සිය නිල වෙබ් අඩවියේ හිමිකාරිත්වයක් නොතිබුණු යුගය වෙනුවට එවකට පැවැති ජනප්‍රිය වෙබ් අඩවි පරදා අද වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන වෙබ් අඩවිය බවට මෙය පත්ව ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ මහතා පැවසුවා.

    තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමේදී ශ්‍රී දළදා මාලිගාව වැඩි දායකත්වයක් උසුලන බවත්, එහිදී නව තාක්ෂණය වැඩිවශයෙන් උපකාර කරගන්නා බවද ඒ මහතා සදහන් කළා.

    [rns_reactions]

  • මංඩලේ කචල් එලියට – තේරිම් කමිටු සභාපති අරවින්ද ඉල්ලා අස්වි ගෙදර යයි…

    ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයේ ක්‍රිකට්  කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අරවින්ද ද සිල්වා පවසනවා. 

    සිය ඉල්ලා අස්වීමේ ලිපිය  දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයට භාරදී තිඛෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

    ඊට අදාළ වැඩිදුර හේතු දැක්වීමක් පසුව සිදුකරන බව ඔහු කියාසිටියා.

    [rns_reactions]