ෂෙරටන් නමැති හෝටල් ව්‍යාපෘතියකට මුදල් ආයෝජනය කිරීම සම්බන්ධව විමර්ශන කටයුත්තක් සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වන තිරුකුමාර් නඬේසන් මහතා ඉකුත් අප්‍රේල් 27 දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇත.
[rns_reactions]
ෂෙරටන් නමැති හෝටල් ව්‍යාපෘතියකට මුදල් ආයෝජනය කිරීම සම්බන්ධව විමර්ශන කටයුත්තක් සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වන තිරුකුමාර් නඬේසන් මහතා ඉකුත් අප්‍රේල් 27 දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇත.
[rns_reactions]
සමරේ & සමරේ ගැන අපට අමුතුවෙන් කිවයුතු වන්නේ නෑ. හැමෝම ඉදිරිපිට ඔහු දෙන පට්ටම ආතල් කතන්දර ඔබ මේ වනවිටත් නරබා ඇත.
මේ ඔහු ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව වන වස්සානේ හීනේ ගීතයට ලබා දුන් අපුරු ආතල් එක….
[rns_reactions]
රජය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගාධයට පත් නොවන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසනවා.
ප්‍රිමියර් ඉන්ටර්නැෂනල් සමාගමේ ව්‍යාපාරික සමුළුව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවැති අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ,
“ආණ්ඩුව අගාධයට යන්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගාධයට යන්නෙත් නැහැ. ඔන්න ඔය වගේ කට්ටිය අගාධයට යනවා. කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන මහින්ද රාජපක්ෂ ආවොත් එයා ගාවට යන්නයි… මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්නවා නම් එයාගාව ඉන්නයි.
රත්නපුරේට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ සමග මාස ගණනකින් යනවයි කියන… මෙහෙට ඇවිත් ඇමැතිකම් කරන… ඔන්න ඔය වගේ කට්ටියට නම් බොහෝම අමාරුයි. රාජපක්ෂ පවුලේ ලණු කාපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර ඇමැතිවරුනුත් ගිනි අරගෙන තිඛෙනවා.
ඇමැතිවරු වශයෙන් පිටකොන්දක් තිඛෙන්න ඕන කැබිනට් මණ්ඩලයේ කථා කරපු දේවල් හරි කියන්න. දැන් ජනාධිපතිතුමා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගේනවා වගන්තියක්…. කැබිනට් එකේ වෙන සියළුම දේවල් මාධ්‍යට ලබාදෙන්න කියලා. ඒ නිසා මම ප්‍රකාශ කරන්නේ කැබිනට් ප්‍රකාශක විදිහට මේ සිදු වුන දේවල්. මම වගකීමෙන් තොරව කථා කරන්නේ නැහැ. ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයාගෙත් අවබෝධය ඇතිවයි මම ප්‍රකාශ කරන්නේ.”
[rns_reactions]
ඉඳහිට කථාබහට ලක් වන ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි පිළිබඳ කතිකාවක් ගෙවුණු සතියේ රටේ ඇතිවුණේ, ඛනිජ තෙල් සංස්ථා සේවකයන් දියත් කළ එක්දින වැඩ වැරුමත් සමඟය. වර්ජනයට විෂය වූ කරුණු කාරණා අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ කාරණයක් ද විය. නැඟෙනහිර පළාතේ පිහිටි ත්‍රිකුණාමලය අතිශය වැදගත් මර්මස්ථානයක් වී ඇත්තේ මූලිකවම එහි භූදේශපාලනික වැදගත්කම නිසා ය. මේ වැදගත්කම අද ඊයේ ඇතිවූවක් නොවේ. සියවස් ගණනක් ආපස්සට ගමන්කරන්නකි. ත්‍රිකුණාමලයේ අයිතිය ඇත්තා ඉන්දියන් සාගරය හසුරුවන බවට ප්‍රබල මතයක් සමාජගත වී පැවතීමෙන් මෙහි ඇති භූ දේශපාලනික වැදගත්කම මනාව පිළිබිඹු වෙයි. ඒ නිසාම ඍජුව කෙසේ වෙතත් වක්‍රාකාරයෙන් හෝ ත්‍රිකුණාමලය තම පාලනය යටතේ තබා ගැනීමට බොහෝ දෙනා උනන්දු වූහ. ඒ සම්බන්ධව අපගේ අසල්වැසි ඉන්දියාවට තිබූ උනන්දුව අතිශය තාර්කික වූවක් ම විය. වෙනෙකක් තබා උතුරේ සිට වෙනම රාජ්‍යයක් බිහි කිරීමට සිහිනදුටු ප්‍රභාකරන් පවා තම ඊලාම් රාජ්‍යයේ අගනුවර ලෙස තෝරාගෙන තිබුණේ ත්‍රිකුණාමලය ය.
ත්‍රිකුණාමලයේ භූ දේශපාලනික වැදගත්කම ඉහළ නංවන ප්‍රධානතම කාරණය වනුයේ, එහි ඇති වරාය ය. කිලෝමීටර් 56ක් පුරා පැතිරුණු වෙරළ තීරයක් සහිත ත්‍රිකුණාමල වරාය, ලොව හොඳම හා විශාලතම ස්වාභාවික වරායන් අතරින් එකක් ලෙස සැලකෙයි. නැඟෙනහිර පළාතේ අගනුවර සේ සැලකෙන ත්‍රිකුණාමලයට විශේෂත්වයක් ගෙනෙන තවත් කාරණයක් වනුයේ චීන වරායෙහි පිහිටි තෙල් ගබඩා සංකීර්ණය ය. බටහිර ආසියාව හා සිංගප්පූරුව අතර ඇති විශාලතම තෙල් ගබඩා සංකීර්ණය එයයි. ඓතිහාසික හා ඉහළ උපායීක වටිනාකමක් සහිත ත්‍රිකුණාමල තෙල් ගබඩා සංකීර්ණය දෙවැනි ලෝක යුද්ධයේ දී මිත්‍ර හමුදා විසින් දකුණු හා අග්නිදිග ආසියාවේ මෙහෙයුම් සඳහා ප්‍රයෝජනයට ගැනීමට මනා සැලැස්මක් යටතේ ඉදිකරනු ලැබූ අතර, 1924 වසරේ දී පමණ ඉදිකිරීම් වැඩ අරඹා නවසිය තිහේ දශකයේ අගභාගය වන විට තෙල් ගබඩා සංකීර්ණයේ වැඩකටයුතු අවසන්ව ඇත. මුල් සැලැස්මට අනුව තෙල් ටැංකි 102ක් ඉදිකිරීමට නියමිතව පැවති මුත්, මිථ්‍යා විශ්වාස පෙරදැරිව 100 වන ටැංකිය ඉදිකර නොමැත. දැවිතෙල් ඩීසල් හා භූමිතෙල් ගබඩා කළ හැකි මෙහි එක් ටැංකියක ඉන්ධන ටොන් 12000 ක් පමණ ගබඩා කිරීමේ හැකියාව පවතී. ඒ අනුව එහි සමස්ත ධාරිතාව මිලියන 1.2 සීමාව ඉක්මවයි. එම ඉහළ ඉලක්කම්, ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන ගබඩා පහසුකම් අඟුටුමිට්ටෙකු බවට පත් කර ඇත. අක්කර 850ක වපසරියක් පුරා පැතිර ඇති ගබඩා සංකීර්ණය Lower Tank හා upper Tank යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වන අතර, ජැටියේ සිට කිලෝමීටර් දෙකක් ඇතුළත upper Tank හී අවසන් තෙල් ටැංකිය පිහිටා ඇත. සෙස්ස ඇත්තේ ඇතුළට වන්නට ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති, අප්‍රිකානු රටවල්වල කම්කරුවන්ගේ ශ්‍රම දායකත්වය මතින් ගොඩනැඟුණු ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය II ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය භාරයේ පැවති විශාලතම තෙල් ගබඩාව විය. මිත්‍ර හමුදාවන් හා සම්බන්ධ අතිශය තීරණාත්මක සැපයුම් හා මෙහෙයුම් මධ්‍යස්ථානයක් වූ නිසාම මෙය II ලෝක යුද්ධයේදී ප්‍රධාන සතුරු ඉලක්කයක් බවට නිතැතින්ම පත්විණි.
කොළඹට බෝම්බ හෙළා දින 04කට පසු ත්‍රිකුණාමලය තම ඉලක්කය විය යුතු බවට ජපනුන් තීරණය කළේය. ඇතැම්විට කොළඹ ප්‍රහාරය, ත්‍රිකුණාමල ප්‍රහාරයේ පෙරහුරුවක් ලෙස අනුමාන කළ හැකි ය. ත්‍රිකුණාමල ප්‍රහාරය තුළ දී ජපනුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ වරාය හා තෙල් ටැංකි සංකීර්ණය ය. ඒ අනුව 1942 අප්‍රේල් නමවැනිදා, ජපන් ප්‍රහාරක යානාවක් තෙල් ටැංකි සංකීර්ණයට ප්‍රහාර එල්ල කළ මුත්, ප්‍රතිප්‍රහාර සඳහා ද සූදානමක් තිබූ බැවින් එය අසාර්ථක විය. ප්‍රතිප්‍රහාර දරුණුවෙත් ම ජපන් යානාවේ නියමුවා වූ ෂිජෙනෝරී වටනාබේ, තම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු ද සමඟින් 91 වන ටැංකියේ තම යානය හැප්පවීමට කටයුතු කළ බව කියවෙයි. එය එක්තරා ආකාරයක සියදිවි නසාගැනුමක් විය හැකි බව බොහෝදෙනාගේ අදහසයි. ගුවන් යානය කඩා වැටීමත් සමඟ වනාන්තරයේ කෙළවරට වන්නට පිහිටා තිබූ 91 වන ටැංකියට දරුණු හානි ගෙන දෙමින් විනාශයට පත්විය. ඒ නිසා ඇතිවූ ගින්න දින 07ක් අල්ලාගෙන සිටිමුත් මේ ටැංකි ඉදිකිරීමේදී එහි සැලැස්ම එකිනෙකට වෙනස් වූ බැවින් එක් ටැංකියක් ගිනි ගත්තාය කියා එය අනෙක් ඒවා කරා පැතිරුණේ නැත. අඟලක් පමණ වන ඝන වානේ තහඩුවක් සහිතව ටැංකි ඉදිකර තිබූ අතර වරාය ආසන්නයේ ඇති ටැංකි අඩියක් පමණ ඝන කොන්ක්‍රිටි කවයකින් වැසිය හැකි ආකාරයට නිර්මාණය කර තිබිණි. අප මේ සියලු ඉතිහාස විස්තර ඔබට ඉදිරිපත් කරනුයේ මෙහි ඇති උපායික වැදගත්කම විස්තර කෙරුමට ය.
බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වූ පසු මෙහි අයිතිය ලංකාවට හිමි වුවත් එහි සම්පූර්ණ ධාරිතාව භාවිතා කිරීමට තරම් විභවතාවක් අවශ්‍යතාවක් කිසිදා අපට තිබී නොමැත. මුහුදට ළංව පිහිටි තෙල් ටැංකි හැරුණු විට සෙස්ස භාවිතයට නොගැනීම තුළ සැබවින් ම සිදුවූයේ ස්වභාවධර්මය විසින් එය ආක්‍රමණය කෙරුම ඇරඹීමය. ගුවනේ සිට බලන විට පවා තෙල් ටැංකි සංකීර්ණය, පහසුවෙන් හඳුනාගත නොහැකි ආකාරයට ලඳු කැලෑවකින් වැසී තිබීම එම ආක්‍රමණයේ තරම පෙන්වන කදිම සාක්ෂියකි. තමන්ගේ පරණ පිනකට කඩාවැටුණු මෙම තෙල් ටැංකි සංකීර්ණය මහා ධන උල්පතක් වුවද එය කළමනාකරණය කරගැන්ම සම්බන්ධව ශ්‍රී ලංකාවට තිබූ උනන්දුව, සතුටුදායක මට්ටමක නොවුණි. විශේෂයෙන් ම මෙහි සමස්ත ධාරිතාව අපේ අවශ්‍යතාවන්ට වඩා සෑහෙන ඉහළින් පැවතීම තුළ තමනට අවශ්‍ය දේ පමණක් ඉටුකරගෙන මෙය පවත්වාගෙන යෑම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකා රජයට නොවුණි.
අපේ පාලකයන් එසේ මේ සම්බන්ධයෙන් දෙලොවක් අතර සිටි මුත් අසල්වැසි ඉන්දියාව නම් මේ වෙත නිරන්තර බැල්ම යොමා තිබුණි. ඉන්දියාවේ එම උනන්දුව කාරණා කිහිපයක් මත නිර්මාණය වී තිබිණි. ඉන්දියාව සැලකෙනුයේ ආසියාවේ විශාලතම තෙල් ආනයනය කරන රටක් ලෙස ය. විශාල නැව්වලින් රැගෙන එන ඉන්ධන ගබඩා කිරීමට හා කුඩා නැව් ඔස්සේ ඒවා රටේ විවිධ ස්ථාන වෙත යැවීමට ත්‍රිකුණාමලය ඉන්දියාවට කදිම තේරීමක් විය. අනෙක් අතට මේ පිටුපස හමුදාමය අවශ්‍යතාවක් ද විය. ත්‍රිකුණාමලයේ උපායික පිහිටීම තුළ තම “සතුරන්” එහි රිංගනු දැකීම ඉන්දියාව නොරිස්සුවේය. අසූව දශකයේ ආරම්භයේදි එල්ටීටීඊය නැඟිටීමට සැරසෙද්දී එය මර්දනය කිරීම සඳහා එවකට පැවති ජයවර්ධන රජය පාකිස්තානයෙන් හා ඊශ්‍රායලයෙන් සහාය ලබා ගත්තේය. ඊට අමතරව ඇමරිකාව සමඟ සහයෝගයෙන් වැඩ කළ ජයවර්ධන රජය “ඇමරිකා හඬ” ගුවන්විදුලි මධ්‍යස්ථානයක් හලාවත ආසන්නයේ ඇති ඉරණවිල ප්‍රදේශයේ ඉදිකිරීමට අවසර දීම වෙනුවෙන් ගිවිසුමක් ද අත්සන් කළේය. ගුවන්විදුලි මධ්‍යස්ථානයක ලේබලය යටතේ බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීමක් ලෙස ඉන්දියාව එය සැලකුවේය. මේ අතර, ඇමරිකාවේ මැදිහත්වීම පිළිබඳ සැක උපදවන තවත් සිදුවීමක් එම කාලයේ දීම සිදුවුණි. ඒ, ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය අලුත්වැඩියා කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක ඇමරිකානු එක්සත් ජනපද ආවරණ සංවිධානයකට ලබාදීමය. මෙම කොන්ත්‍රාත්තුව ලබා ගැන්ම වෙනුවෙන් ඉන්දියාව ද මහත් උනන්දුවක් දැක්වූ අතර ඒ සඳහා ඇමරිකානු සමාගමට වඩා අඩු ලංසුවක් ද තමන් ඉදිරිපත් කළ බව ඉන්දීය බලධාරිහු එකල පවසූහ. එබඳු පසුබිමක් තුළ තමනට කොන්ත්‍රාත්තුවක් නොලැබීම ඉන්දියාවේ “රතු කට්ට” පැන්නවීමට සමත්විය. ඉන්දියාවේ එම අසහනයට පිළියමක් දෙමින් ත්‍රිකුණාමලය තෙල් ගබඩා කිරීමේ සංකීර්ණය නඩත්තු කිරීමේ අවස්ථාවක් ඉන්දියාවට ලබාදෙන බවට පසුව ශ්‍රී ලංකා රජය ප්‍රතිඥාවක් 1985 දී ලබාදුන් මුත් 1987 තෙක්ම එය ප්‍රායෝගික ඇත්තක් බවට පත් වූයේ නැත. ඒ නිසාම ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය පිළිබඳ ඇති තම අභිලාෂයන් ආන්දෝලනාත්මක ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ සාධනය කරගැනුමට ඉන්දියාව පිඹුරුපත් සැකසුවේය. එම කුප්‍රකට ගිවිසුමේ ඇමුණුමේ කොටසක් ලෙස ත්‍රිකුණාමලයෙහි ඇති තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගැනීම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වූ හවුල් ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක කරනු ඇත, යනුවෙන් සඳහනක් ඇතුළත් කරමින් ඔවුහු එය ඉටුකරගත්හ. 1987 ජූලි 29 වැනි දින ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය වෙත ප්‍රවේශවීම සම්බන්ධව නෛතික අනුමැතියක් හිමිවුවද එය ගිවිසුමකට පමණක් සීමා කරමින් ඔවුහු වසර පහළොවක් කල් මැරූහ.
ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් ප්‍රතිපාදන අනුව යමින් 2003 වසරේදී හවුල් ව්‍යාපාරයක් ලෙස ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීම ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඇරඹුවේය. 2002 වසරේදී ඉන්දියානු සංචාරයක නිරත වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ඉන්දියාවට විවෘත ආරාධනයක් සිදු කළේය. සුපැහැදිලිවම එය ඉදිරි අනාගතය දෙස බලමින් කළ ඉල්ලීමක් ම විය. ඒ වන විට සටන්විරාම ගිවිසුමක් ක්‍රියාත්මක වෙමින් පැවති මුත්, අනාගත යුද්ධයක් පිළිබඳ අවධානය යොමු කරමින් එල්ටීටීඊ ය පාලනය කරගැනීමේ අරමුණින් එය සිදුකළා විය හැකිය. ත්‍රිකුණාමලය වෙත එල්ටීටීඊ ය ලබා දී තිබූ ඉහළ වටිනාකම පිළිබඳ තක්සේරුවක් වික්‍රමසිංහ මහතා තුළ විය. ඒ නිසාම ඔහු උපායික ගනුදෙනුවකට ඉන්දියාවට ඇරැයුම් කළේය. රිලයන්ස් වැනි පෞද්ගලික සමාගමක් ඔස්සේ තෙල් ටැංකි හැසිරවීෙම් බලය ලබා ගැනීමට ඉන්දීය රජය මුලදී උනන්දු වුවද එරට ආණ්ඩුව හා සම්බන්ධ අයි.ඕ.සී, සමාගම ගනුදෙනුව සඳහා ඇතුළුවීම වඩාත් යෝග්‍ය බවට වික්‍රමසිංහ මහතා අවධාරණය කළ කාරණය අවසානයේ ඉන්දියාව පිළිගත්තේය. ඒ අනුව 2003 පෙබරවාරි හත්වැනිදා අස්සන් කළ ගිවිසුමක් මත තිස්පස් වසරක බදු පදනමක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය අයි.ඕ.සී. සමාගම වෙත ලබාදීම සිදුවිණි. ගිවිසුම ප්‍රකාරව වාර්ෂිකව ඩොලර් ලක්ෂයක මුදලක් සමාගම ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු විය. ජාතික හා ආරක්ෂක අවශ්‍යතාවලදි ශ්‍රී ලංකා රජයට ප්‍රවේශ වීමේ හැකියාව සහිතව පරිශ්‍රය බදු දී තිබුණි. මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා අයිඕසීය ගිවිසුමට අත්සන් කර තිබූ අතර ඒක පාර්ශ්වීය ගිවිසුම අවලංගු කළ නොහැකිවීම විශේෂත්වයක් විය.
ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය පැවරීම සම්බන්ධයෙන් චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය ඒ හැටි ප්‍රසාදයක් නොවූ අතර මුළුමනින්ම එය ඉන්දියාවට ලබාදෙනවා වෙනුවට සිංගප්පූරුව, ජපානය, ඉන්දියාව වැනි රටවල් කිහිපයක් ඒ සඳහා සම්බන්ධ කර ගැනීම වඩාත් සුදුසු බව ඇගේ තර්කය විය. නමුත් ගිවිසුම අස්සන් කර වසර 14ක් ගතව තිබියදීත් එය අවලංගු කිරීමට කිසිවකු කටයුතු කළේ නැත. දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් මත ඉන්දියාවේ සහාය හා පිළිගැනුම අන්තර්ජාතික තලයේ දී තමන්ට අහිමිවීම තුළ ඇතිවූ “විරහ වේදනාව” තුළ, තම පාලනයේ අවසන් සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම පැවරීම පිළිබඳ කඳුළු සැලුමුත් ගිවිසුම අහෝසි කිරීමට ඔහු කටයුතු කළේ නැත. ඒ සඳහා නෛතික හැකියාවක් අන්තර්ජාතික පර්යාය තුළ නොමැති බව ඔහු හොදින් දැන සිටියේය. ගිවිසුම අහෝසි කරන බව පිටතට කියමින් වාර්ෂිකව අයිඕසී සමාගමෙන් රුපියල් ලක්ෂය බැගින් ගාස්තු ලබාගැන්ම ඔහුගේ රජය ද කරගෙන ගියේ ය.
ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයේ සම්පූර්ණ ධාරිතාව අපට භාවිත කළ නොහැකි පසුබිමක එය ඔහේ පැත්තකට කර තබනවා වෙනුවට ඒ සඳහා විභවතාවක් සහිත කණ්ඩායමකට අපට අවාසි නොවන කොන්දේසි යටතේ බදු දීමෙහි වරදක් අපට නම් නොපෙනේ. අයිඕසී සමාගම පසුගිය 2016 – 2017 වසරේදී පමණක් රුපියල් බිලියන 30ක් බදු වශයෙන් ගෙවා තිබේ. ඒ රුපියල් බිලියන 80ක ආදායමක් උපයමිනි. අයිඕසී සමාගම රටේ තෙල් බෙදාහැරීමේ කටයුත්තට එක්වූ පසු ඉන්ධන පිරවුම්හල්හී ඇතිවූ වෙනස “ප්‍රශස්ත” මට්ටමක පවතී, ඒ වෙනසට අනුගතවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්දන පිරවුම්හල්වලට ද අවසානයේ සිදු විණි. රෙට් මුළු ඉන්ධන පිරවුම්හල්වලින් 1/3ක් පමණක් වන අයිඕසීය රුපියල් බිලියන 30ක් වාර්ෂිකව රජයට බදු ගෙවද්දි එම තෙල්ම ගෙන්වන මුළු සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට වඩා ප්‍රමාණයක් ඉන්ධන පිරවුම්හල් සහිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවමත් වාර්ෂිකව බිලියන ගණනින් පාඩු පිට පාඩු ලබයි. මරාගෙන මැරීමට සූදානම් වෘත්තිය සමිති එම පාඩුව අවම කරගැනීමට උනන්දු නොවීම ගැටලුසහගතය.
[rns_reactions]
හෙටට (01) යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශ කිහිපයක සහ මහනුවර ගැටඹේ නගරය ආශ‍්‍රිතව විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ක‍්‍රියාත්මක කෙරෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ කොළඹ නගරයේ මාර්ග රැසක් හෙට පෙරවරුවේ සිට පස්වරුව දක්වාම වසා දැමෙන බවයි.
ඇතැම් මාර්ග පැය කිහිපයක් සඳහා පමණක් වසා දැමෙන අතර තවත් මාර්ග කිහිපයක රථ වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කෙරෙණු ඇති.
එමෙන්ම පිට පළාත්වලින් මැයි දින පෙළපාලි සඳහා ජනතාව රැගෙන කොළඹ නගරයට පැමිණෙන බස් රථ සහ වාහන ගාල්කර තැබීම සඳහා ද කොළඹ නගරයේ ස්ථාන 11ක් වෙන්කර තිබෙනවා.
මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ද එලෙස වාහන ගාල් කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මැයි දින පෙළපාලි පැවැත්වෙන විට ප‍්‍රධාන මාර්ග වසා දැමෙන අතර ඒ සඳහා විකල්ප මාර්ග නම්කර තිබෙනවා.
(එලෙස වසා දැමෙන මාර්ග සහ ඊට අදාල සියලු විස්තර පහතින් දැක්වෙයි.)








මහින්ද පිලේ මැයි රැලිය පැවැත්වීම සඳහා ඉල්ලා තිබූ ගාලුමුවදොර පිටියේ වේදිකාව ඉදිකිරීමට ලබා දී තිබූ සීමාව පසුකරමින් පිටිය මැදට ගෙන එය ඉදිකිරීමට තැත් කර ඇතැයි වාර්තා වේ.
මැයි රැලියට පැමිණෙන සෙනග පිරවීම සඳහා ගොල්පේස් පිටිය සම්පූර්ණයෙන් යොදා නොගෙන එහි භාගයක් පමණක් යොදා ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස මෙලෙස පිටිය මැදට ගෙන වේදිකාව ඉදිකිරීමට ඔවුන් කටයුතු කර ඇත.
කෙසේ නමුත් ගාලුමුවදොර පිටියේ වගකීම භාරව කටයුතු කරන වරාය කලමණාකරණ සහ උපදේශනසේවා පෞද්ගලික සමාගම විසින් එම පිටිය ලබාදීමේදී එකඟතාවට පැමිණ ඇති ගිවිසුමේ කොන්දේසි කඩකරමින් නියමිත ස්ථානයට පිටින් වේදිකාව ඉදිකිරීමට විරෝධය දක්වා ඇත.
එහිදී එම වේදිකාව ඉදිකිරීමේ කටයුතුවල නිරත සේවකයන් පවසා ඇත්තේ ප්‍රසන්න රණතුංග මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පැමිණ මෙම වේදිකාව පිටය මැදට ගෙන ඉදිකිරිමට නියෝග කළ බවය.
[rns_reactions]
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
නමුත් ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් තවමත් එය පිළිගැනීමට අපොහොසත්ව ඇත,. යථාර්තය ඔවුන් තේරුම් හොදහැටි දන්නා නමුත් තම අනුගාමිකයන් මුලාවේ දැමීමට මෙසේ ඔවුන් රංගනයක යෙදේ..
වර්තමානයේදී පවා සමහර අවස්ථාවලදී මහින්ද රාජපක්ෂ මහතා තම facebook ගිණුමේ පවා සටහන් කරන්නේ ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ ලෙසය.
ගෝල්ෆේස් පිටියට පැමිණෙන ලෙස කරන ආරාධනාපත්‍රයේ මහින්ද රාජපක්ෂ මහතා තමන්ව හදුන්වා ගන්නේ “පස්වන විධායක ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්” යනුවෙනි…
ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන මැයි රැලිය පොහොට්ටුවට අයත් එකකි. පොහොට්ටුවේ නායකයා වන්නේ ජි.ඇල් පිරිස් මහතායි. ඒ අනුව ගෝල්ෆේස් මැයි රැලිය පැවැත්විය යුත්තේ ජි.ඇල් පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙනුයි. නමුත් ආරාධනාපත්‍රයේ සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යනුවෙනි.
මෙමගින් අදහස් වන්නේ ජි.ඇල් පිරිස් මහතා යනු පබයෙක් ගානට වැටි ඇති රාජපක්ෂලාගේ රූකඩයක් ලෙසද?


[rns_reactions]
කොතරම් විශාල ධනස්කන්ධයක් ඉපැයුවත් එය අරපරිස්සමින් පාවිච්චියට නොගතහොත් පරිහානියට ලක්වනු ඇත. එසේ ධන පරිහානියට හේතුවන නීති විරෝධී කම්සැප ලැබීම, මත්ද්‍රව්‍ය හා මත්වතුර ගැනීමථ සූදුවෙහි යෙදීම, පවිටු මිතුරන් ඇසුර ආදී දුශ්චරිත වලින් වෙන්විය යුතු ය. මේ අන්දමට මෙලොව ජීවිතයේ දියුණුව සලසා ගැනීමට අදාළව කැරෙන මඟ පෙන්වීම් බුද්ධ දේශනාව පුරාම දැක්වෙයි.
බුදුදහම පරලොව දියුණුව පමණක් අරමුණූ කරගත් දහමක් නොවේ. එහි මෙලොව දියුණුවට මුල් තැනක් හිමිවේ. මෙලොව දියුණුව ගැන සාකච්ඡා කිරීමේදී,ආර්ථික (භෞතික) දියුණුවෙන් පමණක් ලබන දියුණුව අංග සම්පූර්ණ එකක් නොවන බව කිව යුතුය. ආධ්‍යාත්මික දියුණුවට එහිදී වැදගත් තැනක් හිමි වෙයි. ආධ්‍යාත්මික දියුණුවෙන් තොර භෞතික දියුණුව පමණක් සැබෑ දියුණුවක් නොවේ.
භෞතික හා ආධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින් අංග සම්පූර්ණවූත්, සාර්ථක වූත් දිවි පැවැත්මක් සඳහා බුදු දහම මාහැඟි මග පෙන්වීමක් කරයි. එහිදී මහා මංගල සූත්‍ර දේශනාවට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. මිනිසාගේ භෞතික හා ආධ්‍යාත්මික දියුණුව සඳහා මහා මංගල සූත්‍ර දේශනාව ලබා දෙන උපදෙස් මාලාවකි. පස්, පව්, දස අකුසල් ආදියෙන් වැළකී මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ෂා පරිත්‍යාගය , සහජීවනය ආදී ගුණාංග වලින් පරිපූර්ණ වීම සඳහා පුද්ගලයාට එය ප්‍රබල පිටු බලයකි. එම උපදෙස් මාලාව තුළ අධ්‍යාපන දියුණුවට , චර්යාමය දියුණුවට , ආධ්‍යාත්මික දියුණුවට සහ සමාජයීය දියුණුවට අදාළ කරුණු ඇතුළත් වෙයි.
බුදු දහම ප්‍රඥාවන්තයන් සඳහා ය. මිනිසාගේ ප්‍රඥා වර්ධනය සඳහා අධ්‍යාපනය ලබා දිය යුතු ය.
බාහු සච්චංච – බහුශ්‍රැතයකු වීම
සිප්පං – ශිල්ප ඥානය
එහි දැක්වෙන මූලික කරුණු දෙකකි. බහුශ්‍රැත භාවය යන්නෙන් අදහස් කෙරෙන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ය. අතීතයේ පොතපත සුලභ නොවී ය. එබැවින් අධ්‍යාපනය ලැබීමට සිදු වූයේ ගුරු බසට සවන් දීමෙනි. ගුරු බසට අවනතව හොඳින් සවන් දී මෙන්,බොහෝ දේ අසා දැන ගැනීම තුළින් මිනිසාට උගතකු බහුශ්‍රැතයකු වීමේ වාසනාව උදාකර ගත හැකි වෙයි. පොතපත කියවීම මගින්ද එය ලබා ගත හැකි ය. මෙයින් අවධාරණය කැරෙන්නේ මෙලොව දියුණුව සඳහා ශාස්ත්‍රීය දැනුම හා ශිල්පීය ඥානය ලැබීම ය. ඊට කලා ශිල්ප දෑතේ හුරු බව වෘත්තීය පුහුණුව ශිල්පීය දැනුම ආදිය අවශ්‍ය වෙයි. අපේක්ෂා කරන අධ්‍යාපන දියුණුව සලසා ගැනීමට නම්, චර්යාමය දියුණුවක්ද ලබා තිබිය යුතුය. නැණවත්, ගුණවත් සමාජයක් නිර්මාණය කිරීමට නම් අධ්‍යාපන මෙන්ම චර්යා ධර්ම වල ආධ්‍යාත්මික ගුණවල වර්ධනයක් අවශ්‍යය.
එසේ සමාජයේ චර්යාමය දියුණුව සලසා ගැනීම සඳහාම ඉවහල් වන කරුණූ රාශියක් මහා මංගල සූත්‍ර දේශනාවේදී දේශනා කර වදාළහ. ඒවා නම්
1. විනයොච සුසික්ඛිතො – විනයගරුක මනා හික්මීමකින් යුක්ත වීම
2.සුභාසිතාච යා වාචා- යහපත් වූ වචන කතා කිරීම
3.අනාකුලාච කම්මන්තා – නිරවුල් කර්මාන්ත ව්‍යාපාර ආදියෙහි නිරතවීම
4. ධම්ම චර්යාව – ධර්මානුකූ®ල හැසිරීම
5. අනවජ්ජානි කම්මානි – නිවැරැදි ක්‍රියාකාරිත්වය
6.ආරති විරති පාපා – පාප ක්‍රියාවලින් මිදීම
7. මජ්ජපානාච සඤ්ඤමො – මත්ද්‍රව්‍ය මත්වතුර, නොගැනීම
8. කාලෙන ධම්ම සාකච්ඡා – සුදුසු කල්හි දහම් ඇසීම
9. කාලෙන ධම්ම සාකච්ඡා – සුදුසු කල්හි ධර්මය සාකච්ඡා කිරීම
10. සන්තුට්ඨි – ලද පමණින් සතුටට පත්වීම
11. පුබ්බේච කත පුඤ්ඤතා – පෙර භවයේ කළ පින් ඇති බව
මෙම මංගල කරුණු තුළින් අපේක්ෂා කරනුයේ සිත කය වචනය යන තිදොරින් සිදුවිය හැකි දුශ්චරිතවලින් තොරවූ යහපත් චර්යා ධර්මවලින් අනුන යහපත් සමාජයක් බිහි කිරීම ය. මානව සංවර්ධනය සඳහා දුසිරිත් වලින් දුරුවීමට සමගාමීව සුසිරිත් හුරු කිරීමද අවශ්‍ය වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයා විසින් දුරු කළ යුතු ලාමක ධර්ම මෙන්ම හුරු කළ යුතු සුසිරිත් ද දේශනා කර වදාළහ.
දියුණුව සොයා යන්නා, නැවියකු විසින් හසුරුවන නැවක් වැනි ය. පරිහානියට පත්වන පුද්ගලයා නැවියකු නොමැතිව ඒ මේ අත අයාලේ පාවී යන නැවක් බඳු ය. මිනිසා මෙලොව දියුණුව අපේක්‍ෂා කරන්නේ නම් තම ජීවිතය ක්‍රමවත්ව හසුරුවා ගත යුතු ය. ගුණධර්ම ප්‍රගුණ කර ගනිමින් ශික්‍ෂාකාමීව ආධ්‍යාත්මික ගුණ වගා කර ගත යුතු ය. ඒ සඳහා මහා මංගල සූත්‍ර දේශනාව මාහැඟි මඟ පෙන්වීමක් කරයි. ඒ මෙසේ ය.
1.තපො – තපස
2. බ්‍රහ්මචරිය – බඹසර දිවි පෙවෙත
3. අරිය සච්චානදස්සනං – චතුරාර්ය සත්‍ය වටහා ගැනීම.
4.නිබ්බාන සච්චිකිරියාච – සදා සැපත වූ නිවන් අවබෝධය.
5. පුට්ඨස්ස ලෝක ධම්මෙහි, චිත්තං යස්ස න කම්පති – අටලෝ දහමෙහි නොසැලීම.
6.අසෝ කං – ශෝකයට පත් නොවීම
7. විරජං – කෙලෙස් රහිත බව
8. ඛේමං – බිය රහිත නිදහසකට පත් වීම
9. අප්පමාදොච ධම්මේසු – කුසලෙහි නොපමා බව
මෙකී මංගල කාරණා මැනවින් අවබෝධ කොට ගෙන, ඒවා තම ජීවිත තුළ වර්ධනය කරගත් පුද්ගලයා, මෙලොව සතුට ළඟා කර ගනියි. ඒ තුළින්, නිවන තෙක් ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගැනීමට ක්‍රියා කරයි. මිනිසාට හුදෙකලාව ජීවත් විය නොහැකි ය. ඔහුට සමාජයේ විවිධ පුද්ගලයන් හා ආයතන සමඟ දැහැමි සම්බන්ධතා පවත්වා ගනිමින්, ජීවිත සාර්ථකත්වය ලබා ගැනීමට සිදුවෙයි.ඒ සඳහා මඟ පෙන්වන, මංගල කරුණු රාශියක් මහා මංගල සූත්‍ර දේශනාවේ දැක්වෙයි. සමාජයීය අභිවෘද්ධිය සලසන, මංගල කරුණු ලෙස ඒවා මෙසේ දැක්විය හැකි ය.
1. අසේවනාච බාලානං – බාලයන් ආශ්‍රය නොකිරීම.
2. පණ්ඩිතානංච සේවනා – නුවණනැත්තන් ආශ්‍රය කිරීම
3. පූජාච පූජනීයානං – පිදිය යුත්තන් පිදීම
4. පතිරූප දේස වාසෝච – සුදුසු පරිසරයක වාසය
5. මාතාපිතූ උපට්ඨානං – මවුපියන් රැක බලා ගනිමින් උවටැන් කිරීම
6. පුත්තදාරස්ස සංගහො – අඹුදරුවන් පෝෂණය
7. දානං – දන් දීම, පරිත්‍යාගය
8. ඥාතකානංච සංගහො – ඥාතීන්ට සංග්‍රහ කිරීම
9. – ගාරවොච – ගරු කළ යුතු අයට ගරු කිරීම
10. නිවාරතාච – නිහතමානී බව
11. කතඤ්ඤුතා – කෘත ගුණ සැලකීම
12. ඛන්ති – ඉවසීම
13. සෝවචස්සතා – කීකරු බව
14. සමණානංච දස්සනං – සංඝරත්නය දැකීම
මෙලොව දියුණූව අරභයා මහා මංගල සූත්‍ර දේශනාව තුළින් මෙන්ම, ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව තුළින් ද ලබා දී ඇති උපදෙස් රාශියකි. භාග්‍යවතුන් වහන්සේ විසින් මහා මංගල සූත්‍ර දේශනාව පවත්වනු ලැබ ඇත්තේ, දීඝජානු නම් කෝලිය සිටු පුත්‍රයා විසින් නගන ලද, පැනයකට පිළිතුරු වශයෙනි. දීඝජානුගේ පෙළපත් නාමය ව්‍යග්ගපජ්ජ යනුවෙනි. දිනක් ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, මෙසේ විමසී ය. ‘ස්වාමීනී’ භාග්‍යවතුන් වහන්ස ගිහියෝ මෙලොව පස්කම් සැප අනුභව කරමින් අඹුදරුවන් පෝෂණය කරමින් විවිධ කරදර බාධක කම්කටොලු මධ්‍යයේ ජීවත් වෙති.එසේ කරදර බාධක මැද ජීවත්වන ගිහියා කෙරෙහි අනුකම්පාවෙන් මෙලොව පරලොව හිතසුව පිණිස වූ ධර්ම උපදෙස් වදාරන සේක්වා. මෙම ආයාචනය කාරුණිකව ඉවසා වදාළ භාග්‍යවතුන් වහන්සේ, මෙලොව දියුණුවට අතිශයින් ඉවහල්වන කරුණු හතරක් ප්‍රථමයෙන් දේශනා කර වදාළහ. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සමජීවිකතා යනු ඒ හතර යි.
එක් එක් පුද්ගලයා සාර්ථක දිවි පෙවෙතක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් ධනයක් උපයා ගත යුතු ය. ඊට යෝග්‍ය වෘත්තියක් තෝරාගෙන අනලස්ව ධාර්මිකව ක්‍රියා කළ යුතු ය.
ඒ උට්ඨාන සම්පදාවයි. එසේ උපයා ගන්නා ධන සම්පත් සොර සතුරු, ගිනි හෝ ස්වාභාවික විපත් ආදියෙන් විනාශවීම වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂාකාරී වීම, ආරක්‍ඛ සම්පදාවේ. තුන්වැන්න නම් තමන් පවින් වළක්වන, සුමගට යොමු කරන බුද්ධිමත්, ගුණවත්, ත්‍යාගශීලී, අවංක කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමයි. (කල්‍යාණ මිත්තතා) අයවැය විමසා දැන නොමසුරුව, නමුත් අර පරිස්සමින් ක්‍රියා කිරීම, ‘සමජීවිකතා’ යනුවෙන් දැක්වෙයි. ගිහි ජීවිතයේ විවිධ අවශ්‍යතා සඳහා ධනය ඉතිරි කළ යුතු ය. ඒ ගැන දැක්වෙන සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ, ආදායමෙන් හතරෙන් එක් කොටසක් දෛනික දිවි පැවැත්ම සඳහා දෙකොටසක් ආයෝජනය සඳහා ද ඉතිරි කොටස හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ද යෙදීම යෝග්‍ය බව දැක්වෙයි.
කොතරම් විශාල ධනස්කන්ධයක් ඉපයුවත් එය අරපරිස්සමින් පාවිච්චියට නොගතහොත් පරිහානියට ලක්වනු ඇත.
එසේ ධන පරිහානියට හේතුවන නීති විරෝධී කම්සැප ලැබීම මත්ද්‍රව්‍ය හා මත්වතුර ගැනීම සූදුවෙහි යෙදීම පවිටු මිතුරන් ඇසුර ආදී දුශ්චරිත වලින් වෙන්විය යුතු ය. මේ අන්දමට මෙලොව ජීවිතයේ දියුණුව සලසා ගැනීමට අදාළව කැරෙන මඟ පෙන්වීම් බුද්ධ දේශනාව පුරාම දැක්වෙයි. එම මඟ පෙන්වීම් අනුව, බුද්ධිමත්ව ජීවිතය සකස් කරගෙන ,නොපසුබට උත්සාහයෙන් අධිෂ්ඨානශීලීව ක්‍රියාකිරීම තුළින්, මෙලොව, දියුණුව සලසා ගත හැකි වෙයි.
ලිපිය සකස්කළේ – එස්.ඩබ්ලිව්. ගුණරත්න
විශේෂ රාජකාරියකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් හම්බන්තොට අවන්හලකින් කෑම මිලදීගෙන තිබුනා.
නිලධාරීන් කෑම සඳහා ෆ්රයිඩ් රයිස් 16ක් ගෙන ඇති අතර එම කෑම පාර්සල් විවිර කර බැලීමේදී එහි පනුවන් සිටින අයුරු දැක ගන්නට ලැබී ඇත.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා දැනුවත් කිරීමෙන් පසු අවන්හලේ හිමිකරු අදාල සිද්දිය සම්බන්දයෙන් ලබන අගහරුවදා අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට දැනුම් දී තිබෙනවා..
[rns_reactions]
ගල්නෑව – බුලන්කඩුව වැවේ දිය නාමින් සිටිය දී වයස අවුරුදු 13ක දැරිය රැගෙන ගිය කිඹුලා වෙඩි තබා මැරීමෙන් පසු දැරියගේ සිරුර කිඹුලාගේ බඩේ තිබියදී සොයා ගැනුණා.
කිඹුලා දැරිය රැගෙන යාමෙන් පසු ඇගේ සිරුර සොයා ගැනීම සදහා ඊයේ දිනය තුල මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. මෙම කිඹුලන් සිටින ස්ථානයන් බැකෝ යන්ත්‍ර මගින් හාරා පරීක්ෂා කළ ද ඊයේ පස්වරු වන විටත් සොයා ගැනීමට නොහැකි වුණා. එහෙත් තවදුරටත් ප්‍රදේශවාසීන් කිඹුලා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර එම උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු ප්‍ර දේශවාසීන් කිඹුලා සෙවීම අතහැර දමා තිබෙනවා.
ඉන් පසු දැරියගේ බාප්පා විසින් අද අළුයම කිඹුලා සොයාගැනුණු අතර එහිදී මෙම විසින් කිඹුලාව වෙඩි තබා මාරූ බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් පසු කිඹුලා පරීක්ෂා කිරීමේ දී දැරියගේ සිරුර කිඹුලාගේ බඩ තුළ තිබී සොයා ගැනුණා.
ඊයේ සවස 6.30ට පමණ දැරිය දිය නෑමට ගොස් ඇත්තේ මව, පියා සහ වැඩිමහල් සහෝදරයා සමගයි. එක්වරම දැරිය අතුරුදන්ව තිබෙනවා. ඇගේ පාවහන් යුගල දිය මත පාවෙමින් තිබූ බවයි පසුව නිරීක්ෂණය වී ඇත්තේ.
දිය නෑමට පෙර එහි කිඹුලෙකු සිටි බවට ඔවුන් දැක තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ එහි කිඹුලන් කිහිප දෙනෙකු සිටින බවයි. ගල්නෑව පොලිස් නිලධාරීන් යුද හමුදාව සමග එක්ව දැරිය සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ගල්නෑව විදුහලේ 07 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පවුලේ එකම ගැහැණු දරුවායි.
[rns_reactions]
සරත් මනමේන්ද්‍ර මහතා පක්ෂ නායකත්වය දරණ නව සිහල උරුමය නම් පක්ෂයේ ලිපි ශීර්ෂයෙන් යුතුව නිකුත් කරන ලද වැලි ලබාගැනීම සදහා වන ලිපි දෙකක් මගින් ඔහු වැලි ව්‍යාපාරය පක්ෂ නිළ නාමය යොදගෙන සිදුකරගෙන යන බවට හෙළිදරව් වී ඇත.
ඒ අනුව ජි.එස්.එම්.බී. තාක්ෂණික සේවා (පුද්) සමාගම වෙත යොමු කරන ලිපි දෙකක් මගින් එම සමගම සතුව පවතින වැලි කැනීම් ව්‍යාපෘති දෙකක් වෙත දිනකට වැලි කියුබ් 12 බැගින් වන ලෙස වැලි නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.
එම සමාගමේ වැළිකන්ද වැලිකැලීමේ ව්‍යාපෘතිය වෙත 12ක්ද අරණගංවිල නිදන්වල වැලි කැනීම් ව්‍යාපෘතියෙන් කියුබ් 12ක් වන ලෙස දිනකට වැලි නිකුත් කරන ලෙස ඉල්ලා ලිපි යවා ඇත
අදාළ ලිපි යවා මුදල් ගෙවීම් සිදුකරනු ලබන්නේ රාජ්‍ය භාගය සමග වැලි කියුබ් 03ක් 10500ක් වන ලෙස නිකුත් කරනු ලබන වැලි ලබාගැනීමට වන අතර ඔහු මෙය මාස 03ක් දක්වා ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
ඉදිරිකීරීමක් සිදු කරන්නේ නම් ඒ සදහා වන වැලි කියුබ් ප්‍රමාණය ඔහුගේ පක්ෂයේ ශක්තිය අනුව වටහා ගත හැකි වන අතර මේ සිදුකරමින් පවතින්නේතම දේශපාලන බලය හා ජනාධිපතිවරණයට තරග කිරීම පදනම් කොටගෙන බලය යොදවා වැලි ව්‍යාපාරයක් කරගෙන යාමය. ඒ සදහා ඔහු අදාළ නාමයන් භාවිතා කොට ව්‍යාපෘතියේ නිලධාරීන්ට නිසි වෙලාවට වැලි නිකුත් කරන ලෙස දන්වමින් බැන වැදීම්ද සිදුකොට ඇති බව වාර්තාවේ.
අදාළ ව්‍යාපෘතියෙන් රුපියල් 10500ට ලබාගන්නා වැලි කියුබ් 03ක් කොළඹ දී එක් වැලි ටිපර් රථයක් අලෙවි වන මුදල වන්නේ රුපියල් 55 000ත් 60 000ත් අතර වේ . මේ අනුව නව සිහල උරුමය වැලි ව්‍යාපාරයට නතුව තම නාමය වෙනස් කරගෙන ඇති බවද තොරතුරු හෙළිකළ පිරිස් වාර්තා කොට සිටී.
ඊයේ(28) දිඅ පාර්ලිමේන්තුවේදී කොලොන්නාව කසල ප්‍රශ්නය පිළිබඳව සාකච්චාවට ලක් කළා.
එහිදී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කල සිටියේ ඔහුගේ නෝනට ගෙදර කසල වෙන් කරන එක ප්‍රශ්නයක් බවයි. නෝනා අසන ප්‍රශ්න වලට තමන්ට විසදුම් නැති බවත් ඔහු පැවසිය..
මේ කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ ගම්මන්පිල සහ ඔහුගේ නෝනා පමණි.
[rns_reactions]
ඇමති රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රකාශයන් නිසා ආණ්ඩුව අගාධයට යන බව ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.
කොලඹ ශ‍්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙසේ කීය.
ඇමති සරත් ෆොන්සේකා මහතා යොදවා වැඩ වර්ජන උද්ඝෝෂන මර්දනය කිරීම කිසිම අදහසක් ජනාධිපතිවරයා නොදරන බව තමන් සමග පැහැදිලිව කී බවත්, සාමාන්‍යයෙන් කැබිනට් ප‍්‍රකාශකයෙකු ප‍්‍රකාශ කල යුත්තේ රජයේ මතය මිස ඔහුගේ පුද්ගලික මතය නොවන බවද ඇමතිවරයා කීය.
[rns_reactions]
වාහනයක් කොල්ලකෑමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගතකළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා විසින් සිරමදිරියක් තුළදී ජංගම දුරකථනයකින් පටිගත කරන ලද දර්ශන පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
අනුරාධපුර සමාජශාලා හිමිකරුවෙකු වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා මැයි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
[rns_reactions]
ගල්නෑව – බුලන්කඩුව වැවේ දිය නාමින් සිටිය දී වයස අවුරුදු 13ක දැරිය රැගෙන ගිය කිඹුලා වෙඩි තබා මැරීමෙන් පසු දැරියගේ සිරුර කිඹුලාගේ බඩේ තිබියදී සොයා ගැනුණා.
කිඹුලා දැරිය රැගෙන යාමෙන් පසු ඇගේ සිරුර සොයා ගැනීම සදහා ඊයේ දිනය තුල මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. මෙම කිඹුලන් සිටින ස්ථානයන් බැකෝ යන්ත්‍ර මගින් හාරා පරීක්ෂා කළ ද ඊයේ පස්වරු වන විටත් සොයා ගැනීමට නොහැකි වුණා. එහෙත් තවදුරටත් ප්‍රදේශවාසීන් කිඹුලා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර එම උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු ප්‍ර දේශවාසීන් කිඹුලා සෙවීම අතහැර දමා තිබෙනවා.
ඉන් පසු දැරියගේ බාප්පා විසින් අද අළුයම කිඹුලා සොයාගැනුණු අතර එහිදී මෙම විසින් කිඹුලාව වෙඩි තබා මාරූ බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් පසු කිඹුලා පරීක්ෂා කිරීමේ දී දැරියගේ සිරුර කිඹුලාගේ බඩ තුළ තිබී සොයා ගැනුණා.
ඊයේ සවස 6.30ට පමණ දැරිය දිය නෑමට ගොස් ඇත්තේ මව, පියා සහ වැඩිමහල් සහෝදරයා සමගයි. එක්වරම දැරිය අතුරුදන්ව තිබෙනවා. ඇගේ පාවහන් යුගල දිය මත පාවෙමින් තිබූ බවයි පසුව නිරීක්ෂණය වී ඇත්තේ.
දිය නෑමට පෙර එහි කිඹුලෙකු සිටි බවට ඔවුන් දැක තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ එහි කිඹුලන් කිහිප දෙනෙකු සිටින බවයි. ගල්නෑව පොලිස් නිලධාරීන් යුද හමුදාව සමග එක්ව දැරිය සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ගල්නෑව විදුහලේ 07 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පවුලේ එකම ගැහැණු දරුවායි.
[rns_reactions]
නිවාස තුන්සියයකට අධික ප්‍රමාණයක් කඩා කිහිප විටක්‌ම විදුලි වැට කඩා දමමින් ගම්මාන රැසක ජනතාව භීතියට පත්කළ බකිනිගස්‌දෝවේ ‘කන් කබරයා’ දින පහක මෙහෙයුමකින් පසු වනජීවී ග්‍රහනයට ගැනීමෙන් පසු පෙරේදා (27 දා) සවස අනුරාධපුර හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්‌ථානයට පිටත් කළ බව මාදුරුඔය වනෝද්‍යාන භාරකාර ඩී. එස්. ජයසෝම රත්නායක මහතා පැවසීය.
බකිනිගස්‌දෝව, වීරාණගම, පදවල, මඩුපොත, විලතලාව, ළිඳගල, ගල්ඕඩේ, නාවින්න ආදී ගම්මාන රැසකට කඩාවැද නිවාස, වගාබිම් රැසක් වැනසූ මෙම අලියා කිහිප විටක්‌ම විදුලි වැටටද හානිකර ඇත. අවසාන වශයෙන් පසුගිය 26 වැනිදා මෙම අලියා නිර්වින්දනය කළ අවස්‌ථාවේද අලි වැට කඩාදමමින් වනෝද්‍යානයට පැනගොස් තිබේ.
නැගෙනහිර පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි ඩී. බී. එන්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පශු වෛද්‍ය කණ්‌ඩායමක් මෙම මෙහෙයුමට එක්‌ව සිටියහ.
හොරොව්පොතානට රැගෙන යැමට අලියා වාහනයට පැටවීමට පැය තුනකට අධික දැඩි වෙහෙසකර උත්සාහයක් දැරීමට වනජීවී නිලධාරීන්ට සිදුවිණි.
[rns_reactions]