Tag: featured

  • මහින්දගේ ලංසුවට ප්‍රමිත එකගවෙලා – සැගවුනු කතාවක් කරලියට…

    ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණේ මැයි රැලියට සහභාගි වන්නට තිරණය කළ බව ප්‍රමිත බංඩාර මාධ්‍යයට ප්‍රකාශ කර ඇත..රට ගොඩනැගිමේ අරමුණින් මෙය සිදුකරන බවයි ඔහු පවසා ඇත්තේ. කෙසේ නමුත් ‍මෙම කාරණාව මුදල් මත පදනම් වු තිරණයක් බව කරලිය පිටුපසින් අප ලද සාධක තුලින් මේ වනවිටත් ඔප්පු වි ඇත. තම මලයන්ඩිය වු බැසිල්ගෙන් මුදල් ලබාදෙන පොරොන්දුව මත ප්‍රමිත තම එහෙයියන් පිරිසක්ද පිරිවරා ගාලුමුවදොර ඒමට සුදානම් වුවත් මෙයට දඹුල්ලේ වැඩි පිරිසක් විරෝධය පා ඇති බව සදහන්..

    නිදහස් පක්ෂය රැකගැනිමට වෙනත් පක්ෂ සමග යන්නේ කුමක් සදහාදැයි යන්න මේ වනවිට ජනතාව අතර විශාල කතිකාවතක් නිර්මාණය වි ඇති අතර ඉදිරියේදි නිදහස් පක්ෂ නායකත්වය සමගින් පලාත් පාලන නියෝජිතයින් ඇතුලු ප්‍රබලයන් සුදානමින් සිටින බව සදහන්.

    [rns_reactions]

  • යුධ උණුසුම මැද ඇමරිකාව උතුරු කොරියාවට පීඩනය වැඩිකරයි

    උතුරු කොරියාව තම හමුදාවේ 85 වැනි සංවත්සර උළෙල හමුදා අභ්‍යාස ද කරමින් අඟහරුවාදා   දිනයේදී සමරනු ලැබීය. කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙන අවස්ථාවකදී තම හමුදා බලය පෙන්වමින් උතුරු කොරියාව හමුදාව 85ක් ගෙවීමේ සතුට සමරද්දි ඇමෙරිකාව දකුණු කොරියාව වෙත සබ්මැරීනයක් එවීය.

    ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා 100කට වැඩි සංඛ්‍යාවක් රැගෙන යා හැකි ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුඑස්එස් කාල් වින්සන් නෞකාව මේ වනවිට කොරියානු අර්ධද්වීපය වෙත ළඟා වෙමින් තිබේග දකුණු කොරියාව වෙත ළඟා වූ සබ්මැරීනය යු එස්එස් මිචිගන් බව පැවසෙන අතර ඊට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ද තිබේ. ඒ අතරවාරයේදී උතුරු කොරියාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන දකුණු කොරියාවේල ජපානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිලධාරීහු ටෝකියෝවලදී හමු වී සාකච්ඡා පැවැත්වූහ.

    එක්සත් ජාතීන්ගේ සම්බාධක නොසලකා හරිමින් උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික හෝ දිගු දුර මිසයිලයක් අත්හදා බලනු ඇතැයි පසුගිය සති කිහිපයේදී ජාත්‍යන්තරය තුළ බියක් ඇති කර තිබිණි. විශේෂයෙන්ම අඟහරුවාදා දිනයේදී ඔවුන් එවැනි අත්හදා බැලීමක් කරනු ඇතැයි ඇමෙරිකාව සහ දකුණු කොරියාව පසුගිය දින කිහිපයේදී නිරන්තරයෙන් පැවැසීය.

    එහෙත් න්‍යෂ්ටික හෝ මිසයිල අත්හදා බැලීම් වෙනුවට උතුරු කොරියාව නැගෙනහිර වෙරළ තීරයේ වොන්සැන් පළාතේ දිගු දුර කාලතුවක්කු ඒකක ස්ථාපිත කරමින් සජිවී යුද අභ්‍යාසකය නිරත වූ බව දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කළේය. වොන්සන් හි උතුරු කොරියාවට අයත් ගුවන් කඳවුරක් තිබෙන අතර එහි මිසයිල ද අත්හදා බලයි.

    [rns_reactions]

  • ඇමරිකාවට තරගයක් දෙන්න චීනයත් යුද නැව් නිෂ්පාදනය⁣ට පිවිසෙයි…

    චීනය එරට නිෂ්පාදිත ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ උණුසුම් වාතාවරණයක් පවතින අවස්ථාවක හා දකුණු චීන මුහුදේ බලය තහවුරු කරගැනීමට චීනය උත්සහ ගන්නා අවස්ථාවක මෙම නෞකාව දියත් කර තිබේ.

    ඩේලියන්හී ඊසාන වරායේ දී නිෂ්පාදනය කර ඇති එම නෞකාව 2020 වන තුරු සේවයට එක් නොවනු ඇතැයි එරට හමුදා ප්‍රකාශකයෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේය.

    මෙම පියවර චීනයේ දේශීය ගුවන් යානා ප්‍රවාහන නෞකා නිර්මාණ හා ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ විශාල පියවරක් ලෙස චීන මාධ්‍ය වාර්තා කරයි. චීනයේ බලවත්ම මධ්‍යම හමුදා කොමිසමේ උපසභාපති ෆෑන් චන්ග්ලොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නෞකාව දියත් කිරීමේ උළෙල පැවැත්විණි.

    මෙම නෞකාව සම්බන්ධ වැඩසටහන රාජ්‍ය රහසක් ලෙස චීනය සලකන බවද වාර්තා වෙයි.

    නමුත් මෙම නෞකාව නිෂ්පාදනය කිරීම සඳහා චීනය සතුව තිබූ ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් අත්දැකීම් ලබා ගත් බව එරට රජය පවසයි.‘ලියෝනින්‘ නැමැති එම නෞකාව 1998දී යුක්රේනයෙන් මිලදී ගෙන චීනයේදී අලුත්වැඩියා කරන ලද එකකි.

    [rns_reactions]

  • "ෆේස්බුක් මර්දන බලය මට හොඳින් පුරුදුය" සමනලී තැබූ facebook සටහන…

    රංගන ශිලිපිනි සමනලී ෆොන්සේකා share කල  මෙම post සම්බන්දව බොහෝ කතා බහ ඇතිවුනා. 

    ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් පවා  ඉල්ලා සිටීයා…

    මේ පිළිබඳව සමනලී තම facebook පිටුව මත මෙසේ අදහස් පලකොට තිබෙනවා.

    “ෆේස්බුක් මර්දන බලය මට හොඳින් පුරුදුය.

    මේ මාගේ සිව්වන ෆේස්බුක් ගිණුමය. ගැහැණියක ලෙසත්, රංගන ශිල්පිණියක ලෙසත් මා යම් මතයක් දැරීම බහුතරයකට ඉවසිය නොහැක. ඔවුන්ගේ ෆැන්ටසි නිළියන් සෙල්ෆී වලට පමණක් සීමාවී සිටීම ඔවුන්ට සහනයක් ගෙනදෙයි. ඔවුනගේ ෆැන්ටසිය බිඳ දමමින් වෙනස් මතයක් දැරීම ඒ මතයට දක්වන විරුද්ධත්වයකට වඩා එහා ගිය පිරිමි සංවාදයට එක්වන ගැහැණියකට දක්වන විරුද්ධවයකි. වෙනස් මත දරණ තවත් පිරිස් සිටිය ද මාගේ ගිණුමට විරුද්ධව පමණක් වාර්තා කොට මාගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට මොවුන් කටයුතු කරන්නේ මන්දැයි මම නොදනිමි. කෙසේ වෙතත් මාගේ ප්‍රකාශන මාධ්‍ය හුදෙක් ෆේස්බුක් පමණක් නොවන බව ඔවුන් නොදන්නවා යැයි මම නොසිතමි. මේ වන විටත් මාගේ ෆේස්බුක් ගිණුමට විරුද්ධව වාර්තා පැමිණෙමින් ඇති බව මට ඊමේල් මගින් දැනුම් දී ඇත. එහි මට කිසිඳු ගැටලුවක් නැත. එහෙත් මාගේ මෙම ෆේස්බුක් ගිණුම අත්හිට වුවහොත් මේ වන විට පාඩු සිදුවිය හැකි පාර්ශවයන් බොහෝ පිරිසක් සිටී. ඔවුනට අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමටත්, මට මඩ ප්‍රහාර එල්ල කිරීමටත්, අදැහිය නොහැකි පරුෂ වචන යොදා පෝස්ට් සාදා ඒවාට මා ටැග් කිරීමටත්, නින්දිත වදන් ලියා මැසෙන්ජර් පණිවිඩ එවීමටත්… ඔවුන්ට ඒ මගින් නොහැකි වේ. එබැවින් මාගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට මේ මොහොතේ වාර්තා කරමින් සිටින්නනි, ඔබ මේ ක්‍රියාවෙන් අවාසියක් සිදු කරන්නේ මට විරුද්ධව ක්‍රියාකරමින් සිටින ඔබේ සගයන්ටයි!”

    – සමනලී ෆොන්සේකා.

    [rns_reactions]

  • මහින්ද රූකඩය නටවපු හැටි අතේ මාට්ටු.(video)

    ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පල කිරීමක් ලෙස තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසුවා.

    ඔහු මේ බව පැවසුවේ අභාවප්‍රාප්ත සිය මෑණියගේ අවසන් කටයුතු සඳහා හිටපු ජනපති, මහින්ද රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේ.

    මාධ්‍ය ඉදිරිපිට  ඔහු තම අදහස් දක්වන විට හිටපු ජනපති  ඔහු පසු පස හිදිමින් ඔහුගේ කතාවට අමතරව යම් කොටස්  එකතු කරන අයුරු අපට දැක ගන්නට ලැබුනා..

    රාජපක්ෂලාගේ රූකඩයක් ලෙස  කියන කරන ඕනෑම දේකට යටත්ව වහලෙකු සේ සේවය කිරීමට තමන් සැදී පැහැදී සිටින බව එමගින් ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් අවබෝධකරගත හැක. 
    [rns_reactions]

  • මෛත්‍රි ජනපතිගෙන් කම්කරු දිනය වෙනුවෙන් සේවකයන්ට සුවිශේෂි සහන මල්ලක්…

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි මැයි දිනය වෙනුවෙන් වැඩ කරන ජනතාවට සහන රැසක් ලබා දීමට බලාපොරොත්තුවන බව කම්කරු වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

    පෞද්ගලික අංශයට දැනට ක්‍රම දෙකකින් ලබාදෙන ප්‍රසූත නිවාඩුවේ සාප්පු හා කාර්යාල සේවක  පනතින් ආවරණය වන සේවිකාවන්ට ලැඛෙන වැඩ කරන දින 84 ක ප්‍රසුත  නිවාඩුව පඩි පාලක සභා ආඥාපනතින් ආවරණය වන සේවකයින්ටත් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීවේය.

    එමෙන්ම වැඩ බිම්වල දී සිදුවන අනතුරු වෙනුවෙන් දැනට ගෙවන රුපියල් 525000 ක වන්දි මුදල රුපියල් 10,50,000 ක් දක්වා වැඩි කිරීමටත්, එම මුදල රක්ෂණ ආවරණ්‍යකින් ගෙවීම සඳහා 15 දෙනෙකුට වැඩි සේවකයින් සිටින ආයතනවල සේවක රක්ෂණය අනිවාර්ය  කිරීමටත් කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

    ළමා ශ්‍රමය තුරන් කිරීමට කටයුතු යොදන බවත් දැනට කම්කරු අමාත්‍යංශ්‍ය ළමයා යනුවෙන් අර්ථ දක්වන වයස වන අවුරුදු 14 ඉදිරියේ දී අවුරුදු 16 දක්වා වැඩි කිරීමටත් සැලසුම් කොට ඇතැයි සෙනෙවිරත්න මහතා පැවැසුවේය.
    එමෙන්ම කොන්ත්‍රාත් ක්‍රමය නැති කිරීම පි‚ස රජයට කරුණු ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කළේය.

    [rns_reactions]

  • මෙවර ශූරයන්ගේ කුසලානයට අපේ මාලිංග එන සතුටට ICC එකෙන් දාපු සුපිරි වීඩියෝවක්

    මේ පාර මාලිංග ශූරයන්ගේ කුසලානයට එන සතුටට ICC එකෙන් දැම්ම සුපිරි වීඩියෝව

    අපේ රටට සම්පතක්ව සිටින ලසිත් මාලිංග කියන්නේ දැන් ලෝකප්‍රශිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව දැන් කව්රුත් දන්න කරුණක්නේ..

    මෙවර ශූරයන්ගේ කුසලානයට මාලිංග එන සතුට සමරන් ICC එකෙන් දැම්ම අපූරු වීඩියෝවක් තමයි මේ තියෙන්නේ.

    https://www.youtube.com/watch?v=VopEz2uo7Ew

    [rns_reactions]

  • අශ්ප ගණන් තැඹිලි කොහෙද?

    ලාභයි..තැඹිලි ගෙඩියක්‌ රුපියල් 120 යි.

    මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් කොළඹ නගරයේ ඇතැම් තැඹිලි වෙළෙඳුන් මෙතෙක්‌ රුපියල් 40 ත් 50 ත් අතර මිල ගණන්වලට අලෙවි කරන තැඹිලි ගෙඩියක්‌ රුපියල් 120 ක්‌ වැනි ඉහළ මිලකට අලෙවි කරනු ලබයි. ඊයේ (26 වැනිදා) කොටහේන නගරයේදී මෙලෙස තැඹිලි වෙළෙන්දකු විසින් රුපියල් 120 බැගින් වූ මිලට තැඹිලි අලෙවි කරනු අපට දැකගත හැකි විය. මේ සම්බන්ධව ඔහුගෙන් විමසූ විට දුන් පිළිතුර වූයේ තැඹිලි ගණන් බවය

    [rns_reactions]

  • ඇමති තනතුර නැතිකරගන්න බෑ – අලුත් තනතුර ගැන ෆොන්සේකා වැට උඩ….

    ආරක්ෂක අංශ මෙහෙයවීමේ වගකීම තමන් භාර ගනු ලබන්නේ අමාත්‍ය ධුරයේ වගකීම්වලට අමතරව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බවයි.

    කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ අමාත්‍ය සරත් ෆොන්සේකාට නව වගකීමක් භාර දෙන්නේ නම් ඔහු අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවයි. 

    කැබිනට් මණ්ඩලයේ දී ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් ද අමාත්‍ය සරත් ෆොන්සේකා අදහස් දැක්වූවා.

    එහිදී ඔහු සඳහන් කළේ “අමාත්‍ය ධූරයේ ඉන්න කමන් අමතර වගකීමක් හැටියට තමයි ඒ යෝජනාව ආවේ. නමුත් මේක ගැන තාම සිදු කරන ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කලේ නැහැ. ජනාධිපතිතුමා මට තාම නිශ්චිත උපදෙස් ලබාදීලා නැහැ. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ. රජයේ පරිපාලනයට බාධා වන අයුරින් නොයෙක් දේශපාලඥයන්ගේ උවමනාවට කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ.” යනුවෙනි.

    [rns_reactions]

  • මීතොටමුල්ල නිවාස අහිමිවූ තවත් පිරිසකට ජනපති අතින් නව නිවාස..

    මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 65 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සිදු විය.
    මෙහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30 ක් වෙනුවෙන් නිවාස ලබාදීම පසුගියදා සිදු කෙරිණි.

    මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920 කිි.

    එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාදීම ද සිදු කෙරේ.

    අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේ නම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබාදීමට ද රජය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

    නිවාස ලබාදීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ප‍්‍රවේශ දොරටුව අසලදීම රෝද පුටුවේ සිටි ආබාධිත කාන්තාවකට අදාළ නිවාසයට හිමි හිමිකම් පත‍්‍රය පිළිගැන්වීමට කටයුතු කළේය.

    [rns_reactions]

  • ධූර කාලය අවසන්ව සිය රට බලා පිටත්ව යාමට නියමිත සීෂෙල්ස් තානාපතිවරයා ජනපති හමු වෙයි

    ධූර කාලය අවසන්ව සිය රට බලා පිටත්ව යාමට නියමිත ශී‍්‍ර ලංකාවේ සීෂෙල්ස් තානාපති ඬේවිඞ් ක්ලෝඞ් පියර් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය. 

    සිය ධූර කාලය අවසන්ව ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගිය ද ශී‍්‍ර ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට උපරිමයෙන් කැපවන බව තානාපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    ශී‍්‍ර ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර සබඳතා වැඩිදියුණු කර ගැනීමට මෙතෙක් ලබාදුන් සහය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා තානාපතිවරයා වෙත සිය ස්තූතිය පිිරිනැමීය.

    සේවය අගයමින් ජනාධිපතිතුමා තානාපතිවරයා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර තානාපතිවරයා ද ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

    [rns_reactions]

  • වාරිමාර්ග ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

    මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක කෙරෙන වාරි ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(26) පස්වරුවේ මහවැලි අධිකාරියේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    දැනට කි‍්‍රයාත්මක සහ ඉදිරියේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත වාරි ව්‍යාපෘති පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

    කාළගුණික විපර්යාස සහ පසුගිය වසරවල වර්ෂාපතනය ලැබීම් පිළිබඳව නිසි අධ්‍යනයක් සිදුකරමින් වාරි ව්‍යාපෘතිවල ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අදාල තීන්දු තීරණ ගන්නා ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දුෂ්මන්ත මිත‍්‍රපාල යන මහත්වරුන් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් සාකච්ඡාවට එක්ව සිටියහ.

    [rns_reactions]

  • මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනපති නියමයෙන් ජනාධිපති පරීක්ෂණ කමිටුව පත් කෙරේ

    මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඒක පුද්ගල ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.

    ඒ සඳහා ජනාධිපතිතුමා විසින් විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතා පත් කර ඇත.

    [rns_reactions]

  • ජාතිය ගොඩනගන්න ආ SF ලොකු පොලිසියට කොටු කරගත්තේ මෙහෙමයි.

    කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් රථයක් …පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධව විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (26දා) අත්අඩංගුවට ගෙන තිබේ.
    ටියුෂන් ගුරුවරයකු භාවිත කළ සුඛෝපභෝගී අවුට් ලෑන්ඩර් රථයක් කල්බදු නොගෙවීම නිසා අත්පත් කර ගැනීමේ නිලධාරීන් විසින් අත්පත් කරගෙන කොළඹ ප්‍රදේශයට රැගෙන යමින් තිබියදී රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත එය පැහැරගෙන අයිතිකරුට භාරදී පොලිස් අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් දින පහක් තිස්සේ කට්ටි පනිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාර එස්.එෆ්. ලොක්කා ඔහුට අයත් පැති වීදුරු අඳුරු කරන ලද සුදු පැහැති වෑන් රථයෙන් දහයියාගම දෙස සිට ජයන්ති මාවත දෙසට ගමන් කරන බවට ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසේන යන මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ වෑන් රථය පසුපස හඹාගොස් මඟ අහුරා අනුරාධපුර දහයියාගම හන්දියේ පිහිටි ආරක්ෂිත දුම්රිය ගේට්ටුව අසලදී අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබූහ.

    සැකකාර එස්.එෆ්. ලොක්කා පලා යෑමට උත්සාහ කළ හැකි නිසා ඒ අවස්ථාවේම ඔහුගේ දෙඅතට විලංගු දැමීමට පොලිසිය කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් වෑන් රථය දැඩි සෝදිසියට ලක් කළ අවස්ථාවේ යුද හමුදාව හා ත්‍රස්තවාදීන් යුද සමයේදී භාවිත කළ විදේශීය ජීව අත්බෝම්බයක් සූක්ෂ්මව රථයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

    මොහු යුද හමුදා විශේෂ කාර්ය බළකා සෙබළකු බව පැවැසුවත් ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බළමුළුවේ සේවය කරමින් සිටියදී සේවයෙන් පලා විත් සිටින්නකු බව පොලිසිය පැවැසූ අතර මූල්‍ය සමාගම රැගෙන ගිය අවුට් ලෑන්ඩර් රථය පැහැර ගැනීමට සම්බන්ධ වී පොලිසියට බියෙන් තවත් සැකකරුවන් තිදෙනකු සැඟවී සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පැවැසුවේය.

    පසුගියදා (21දා) එස්.එෆ්. ලොක්කා ඇතුළු පිරිස අනුරාධපුර මල්අතු පටුමඟ ප්‍රදේශයේදී අත්පත් කර ගැනීමේ නිලධාරීන් අත්පත් කරගෙන කොළඹට ගෙනයමින් තිබූ ජීප් රථය පැහැර ගෙන එහි හිමිකරු වන ටියුෂන් ගුරුවරයාට භාරදී තිබූ අතර ගුරුවරයා ජීප් රථය කුරුන්දන්කුලම ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී පොලිසිය අත්අඩංගුවට ගත්තේය. සැකකාර එස්.එෆ්. ලොක්කා වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීම හා ඔහුගේ රාත්‍රි සමාජ ශාලාවට පහරදී අලාභ කිරීම සම්බන්ධයෙන් හා සමාජ ශාලාවට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම යන චෝදනාවන්ට මහාධිකරණයේ දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින්නෙකි.
    සමාජ ජාල වෙබ් අඩවි වන ෆේස්බුක්, යූ ටියුබ් හරහා මොහු සිංහලයා වෙනුවෙන් පෙනී සිටින බවට හඟවමින් සමාජයේ ධාර්මික මුහුණුවරක් ගැනීමට කටයුතු කරමින් සිටින බවද පොලිසිය පවසයි.
    එහෙත් මොහු කප්පම් ගැනීම්, පුද්ගලයන්ට පහරදීම්, මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ තැනැත්තකු බවද පොලිසිය සඳහන් කරයි.

    [rns_reactions]

  • පැත්ත ගියත් ඇත්ත කියන හිරුගේ පැත්තක් ගැලවෙයි. ගම්වැසියන්ගෙන් හිරුට විරෝධය..(video)

    කුරුණෑගල දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයේ පවුල් සෞඛ්‍ය නිලධාරිණිය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ CIA වැඩසටහනෙන් අප්‍රේල් 13 වනදා ප්‍රචාරය කළ සාවද්‍ය පුවතක් නිසා එම නිලධාරිණිය දැඩි අපහසුතාවකට සහ අසාධාරණයකට ලක් සිටින බව වාර්තා වනවා.

    මාතෘ සායන මධ්‍යස්ථානයේ අලංකරණය සදහා ගැබිණි මව්වරුන්ට මල් පෝච්චි රැගෙන ඒමට එහි පවුල් සෞඛ්‍ය නිලධාරිණිය නීතියක් පනවා තිබෙන බවත්, එම නීතිය කඩකරන මව් වරුන්ට රජයෙන් නොමිලේ ලබා දෙන ත්‍රී පෝෂ පැකට්ටුව ලබා නොදීමට ඇය කටයුතු කරන බවත් එම වැඩසටහනෙන් චෝදනා කර තිබිණි.

    නමුත් මේ පිළිබදව  මාතෘ සායනයට පැමිණෙන මව්වරුන් සහ, ප්‍රදේශවාසීන් පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. කුරුණෑගල දිස්ත්‍රිකයේ අති දුෂ්කර ප්‍රදේශයක් වූ දේවගිරිය, දඹහැර, පහළ දඹහැර, දිද්දෙනිය ඇතුළු ගම්මාන කිහිපයක්ම මාතෘ සායන වෙනුවෙන් සේවාව සැපයෙන්නේ දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයෙනි. ප්‍රදේශයේ පවතින දුෂ්කරතාව නිසාම පිට ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන් මෙහි පැමිණිමට මැලිකමක් දක්වන අතර, දැනට එහි සේවයේ නියුතුව සිටින එකම සෞඛ්‍ය නිලධාරිනිය ද සිය රාජකාරි කටයුතු කරනුයේ දැඩි දුෂ්කරතාවන් මධ්‍යයේයි.

    සෞඛ්‍ය අමාත්‍යංශය හෝ රජයේ වෙනක් කිසිදු වගකිව යුතු ආයතනයක් විසින් දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයේ විදුලි බිල හෝ ගෙවා ගැනීමට මුදල් වෙන් කර නොමැති අතර කිසිදු නඩත්තු කටයුත්තක් හෝ සිදු නොකරන පසුබිමක වසර එක හමාරක් පමණ මධ්‍යස්ථානයේ විදුලි බිල පවා ගෙවා ඇත්තේ චෝදනාවට ලක් කරන පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ පෞද්ගලික මුදලිනි.

    මාතෘ සායන මධ්‍යස්ථානයේ අලංකාරය සදහා මල් පෝචිචි තැබීමට සායනයට පැමිණෙන මව්වරුන් යෝජනා කර ඇති අතර, මල්පෝච්චි ගෙන එන්නැයි සෞඛ්‍ය නිලධාරිනිය විසින් අනිවාර්ය නිතීයක් පනවා නොමැති බවද එම මව්වරුන් පවසයි. හිරු CIA වැඩසටහනේ ප්‍රචාරය කළ වීඩියෝ පට සංස්කරණය කර සාවද්‍ය පුවතක් නිර්මාණය කරමින් ප්‍රචාරය කර ඇති බවද මව්වරුන් චෝදනා කරයි.

    මාතෘ සායනයට පැමිණෙන මව්වරුන්ගේ ජල අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව තිබෙන අතර, මධ්‍යස්ථානයේ කොතෙකුත් අඩුපාඩු තිබියදී, ඒවා පෙන්වා නොදී, සාවද්‍ය තොරතුරු මත, රැකියාව සේවයක් කොට සලකමින් මහත් දුෂ්කරතා මධ්‍යයේ සේවය කරන මෙවැනි නිලධරීන්ට මඩ ප්‍රහාර එල්ල කර, ඔවුන් සහ තවත් එවැනි නිලධාරීන් අපහාසයට සහ අධෛර්යයට පත් කිරීමට වගකිය යුතු මාධ්‍ය ආයතනයක් කටයුතු කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවද එම ප්‍රදේශවාසීන් සහ මව්වරුන් පවසති.

    කෝටි ගණන් මහජන ධනය කොල්ල කන දේශපාලකයන් හා ඔවුන්ට උඩගෙඩි දෙන සමහරක් රාජ්‍ය නිලධාරීන් ගැන හෙළිදරව් කිරීමට පිටකොන්දක් නැති, තම පුද්ගලික අරමුණු වෙනුවෙන් මහා පරිමාණ ජාවාරම්කරුවන් රකින, තක්කඩි දේශපාලකයන් පුම්බන මාධ්‍ය ආයතන, රැකියාවට පමණක් සීමා නොවී ස්වෙච්ඡාවෙන්ම නිහඩව සේවය කරන සුළු නිලධාරීන්ට පහර දී, නැති ප්‍රවෘත්ති නිර්මාණය කරමින් මහ උජාරුවෙන් රටට පෙන්වීම ලැජ්ජා සහගතය. ඔබලාගේ මාධ්‍ය සදාචාරය මෙයදැයි හිරු මාධ්‍ය ජාලයේ පාලනාධිකාරියෙන් විමසිය යුතුය.

    ගාමිණි විජේසිංහ – මැල්සිරිපුර

    [rns_reactions]

  • බස්රථ මංතීරු ක්‍රමය අනුමතයි – ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

    මාර්ග තදබදයට මුහුණ දීම සඳහා මාර්ග කිහිපයක බස්රථ ප්‍රමුඛතා මංතීරුවක් සංකල්පය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය ගෙන තිබේ.

    පාර්ලිමේන්තු පාරේ රාජගිරිය හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා බස් රථ ප්‍රමුඛතා මංතීරුවක් වෙන් කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහ මෙම ක්ෂේත්‍රයේ වෘත්තීයමය ප්‍රවීණයන්ගේද සහාය ඇතිව පසුගිය මාර්තු 12 සිට 23 දක්වා වූ කාලය තුළ ක්‍රියාත්මක කරන ලද අතර එය මාර්ග තදබදය අඩු කිරීම සඳහා සාර්ථක විසඳුමක් බව එම සමීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරු වී ඇතැයි රජය පෙන්වා දෙයි.

    වඩාත් දියුණු පොදු ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) සහ දුම්රිය විද්‍යුත්කරණය වැනි ව්‍යාපෘති අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගත වන බැවින් කඩිනමින් විසඳුමක් සැපයිය යුතු මාර්ග තදබදයට මුහුණ දීම සඳහා පහත සඳහන් පරිදි ‘බස් රථ ප්‍රමුඛතා මංතීරු සංකල්පය’ තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට මධ්‍යම පාන්තික පිරිස් ආකර්ෂණය කරගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවන්හි තත්ත්වය ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    ඒ අනුව කාර්යබහුල වේලාවන්හිදී පහත සඳහන් මාර්ග කොටස්වල බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම:

    ගාලු පාරේ, මොරටුව සිට රත්මලාන දක්වා සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

    පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තු හංදියේ සිට රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පිටකොටුව හරහා කොළඹ කොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

    කොළඹ, චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුමේ සිට පිටකොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

    තුම්මුල්ල හන්දියේ සිට කෞතුකාගාර හන්දිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව;

    ඇස්වාට්ටුව වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා කොළඹින් පිටතට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව.

    * සාම්ප්‍රදායික බස් රථ සහ ත්‍රී රෝද රථ ආනයනය කිරීම සඳහා බදු සහන දීම වෙනුවට සහනදායී ණය ක්‍රම මඟින් මිටි පත්ල සහිත (Low floor) වායු සමීකරණය කරන ලද මගී බස් රථ ආනයනය ප්‍රවර්ධනය කිරීම;

    * බස් රථවල ඉලොක්ට්‍රොනික කාඩ්පත් මඟින් ගෙවීම් පහසුකම් සහිත පොදු ප්‍රවේශ පත්‍ර පද්ධතියක් සකස් කිරීම;

    * ත්‍රීරෝද රථ/කුලී රථ නැවතුම්පොළ පහසුකම් වැඩිදියුණු කිරීම;

    [rns_reactions]