Tag: featured

  • රට ගිණිතියන්න පච හලන තුම්මුල්ලේ විමලෙට තවත් චෝදනාවක්…

    මහජනයාට හිරිහැර වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධාන කළ බවට චෝදනා එල්ල වූ  විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකුට අධි චෝදනා ගොනු කෙරුණා. 

    ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට අද කළ නියෝගයකට අනුවයි. 

    ඒ අනුව සිද්ධියට අදාළ නඩුව සැප්තැම්බර් මස 18 වනදා කැඳවීමට නියමිතයි. 

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරුගේ ශ‍්‍රී ලංකා සංචාරයට එරෙහිව විමල් වීරවංශ ඇතුළු පිරිස මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා. 

    [rns_reactions]

  • කොරියාවෙන් නිකං දෙන්න හදපු මැෂිමටත් කොමිස් ඉල්ලුවා – සෝලංගආරච්චි සියල්ල හෙලිකරයි…

    කොලොන්නාව කුණු කන්ද සමගින් තමන්ට එල්ල වු චෝදනා වලට ප්‍රසන්න සෝලංගආරච්චි ආන්දෝලනාත්මක හෙලිදරවුවක් සිදුකර ඇත. එහිදි ඔහු පවසා ඇත්තේ කුණු කන්ද පවතින්නේ කොලොන්නාව නගර සභා සිමාව තුල බවත් එයට තමන් සභාපති ලෙස කටයුතු කල කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවටද එහි සැලකිය යුතු බලපෑමක් තිබු බවයි.

    තමන් මහින්ද රජය පැවැති සමයේ එනම් 2005දි තමන්ට පරිත්‍යාගයක් ලෙස ලැබුණු කුනු දහණය කරන යන්ත්‍රයක් ලංකාවට ගෙන ඒමට කටයුතු සංවිධානය කල බවත් එවක රජයට සම්බන්ධ එක්තරා පුද්ගලයෙක් අදාල සමාගමට මේල් පණිවිඩයක් යොමුකර කොමිස් ඉල්ලා ඇති අතර අවසන එම ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස එම යන්ත්‍රය වෙනත් රටකට හිමිවු බවද සෝලංගආරච්චි පවසයි.

    2013 වසරේදි නැවතත් තමනට නොමිලේ ලැබුණු කුණු දහනය කිරිමේ මැෂිම එවකට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් යම් ප්‍රබලයෙකුගේ නියෝගය පරිදි දිගින් දිගටම ඉඩම් ලබානොදි ප්‍රමාද කල අතර අවසානයේ ජපානයෙන් නියෝජිත පිරිසක් ලංකාවට ගෙන්වාගෙන මෙම ගැටලුව පිළිබදව ව්‍යාපෘතියක් ජනාධිපතිතුමාට ලබාදුන්නද එයද මේ වනවිට ඇනහිටි ඇති බව ඔහු පවසයි..

    මෙම තත්වය පිළිබදව තමන් ඉතා කණස්සල්ලට පත්ව සිටින අතර සමහරක්ට අවශ්‍ය මෙම ප්‍රශ්ණය විසදනවාට වඩා මෙය විකුණගෙන කෑම පමණයි. කොළඹ කුණු එපා කියලා සමහරක් දැගලුවට කොළඹ තියෙන්නේ කොළඹ කුණු වලට වඩා කොළඹින් පිට කුණු. අපි ඒ තත්වය වටහාගන්න අවශ්‍යයි. මාධ්‍ය සංදර්ශණ අවශ්‍ය නෑ. කෙසේ හෝ මෙම ගැටළුව විසදිමයි මගේ ඉලක්කය.

    සමහරක් කියනවා මම මිතොටමුල්ලේ හිටියේ නෑලු.. පොඩ්ඩක් හොයලා බලන්න.. මම එතන හිටියා මිනිස්සු එක්ක.. මට කැමරාව වැඩක් නෑ. මිනිස්සුන්ට වැඩකරන්න මාධ්‍ය සංදර්ශණ අවශ්‍ය නෑ.. අසරණ ජනතාවට පිහිටක් වෙන්න සෝලංගආරච්චි සුදානම්.

    [rns_reactions]

  • තෙල් ඇමති වැඩ වර්ජකයින් හමුවන සාකච්ඡාව අද සවස…

    ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතව සහ විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි අතර අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව දෙපාර්ශවයේම එකඟතාව මත පස්වරුව දක්වා කල් දමා තිබෙන බව අපට වාර්තා වේ…

     [rns_reactions]

  • දන්න දේවල් කියන්න කෝප් කමිටු හිටපු ලොක්කා අද මාධ්‍ය ඇමතිමට සුදානම්..

    බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ තමන් අද (24) දිනයේ පෙනී සිටින්නේ කිසිදු කැමැත්තකින් නොවන බව හිටපු කෝප් කමිටු සභාපති ඞ්ව් ගුණසේකර පවසනවා. 

    අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ කොමිසම හමුවට පැමිණ සාක්ෂි ලබාදෙන ලෙසට ලැබුණු දැනුම් දීමකට අනුව තමන් ඊට සහභාගී වන බවයි. 

    සාක්ෂි ලබාදීමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බවද හිටපු කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළා. 

    මහ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති විමර්ශන කොමිසන් සභාව අද සිය කටයුතු යළි ආරම්භ කරනවා. 

    ඒ, අලූත් අවුරුදු නිවාඩු සමය අවසන් වීමෙන් පසුවයි. ඒ අනුව අද දිනයේ දී හිටපු කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර සාක්ෂි ලබාදෙනු ඇති. 

    හෙට දිනයේ දී වත්මන් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති සහ අනිද්දා දිනයේ දී කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි. 

    [rns_reactions]

  • රට පුරාවට එජාප පාක්ෂිකයින් මැයි දින වර්ජනයක – අළු යට ගිණි කරලියට…

    එක්සත් ජාතික පක්ෂය විසින් පාක්ෂිකයන් අසරණ කර ඇති බවත් එම පාක්ෂිකයන් වෙනුවෙන් මෙවර මැයි දිනය වර්ජනය කරන මෙන් සියළුම පාක්ෂිකයන්ගෙන් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත රැසක් මෙවර මැයි දිනය වර්ජනය කිරිමේ සුදානමක සිටින බව අපට වාර්තා වේ…

    පළාත් සභා නියෝජිතයින් මෙන්ම පලාත් පාලන නියෝජිතයින් රැසක්ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව මෙම ක්‍රියාමාර්ගයට එලැඹි බව අපට වාර්තා වේ. කොළඹ දිස්ත්‍රික් එජාප ප්‍රබලයෙක් මහනුවර පැවැත්වෙන නිදහස් පක්ෂ මැයි දින රැලියට එක්වෙන ලෙස තම පාක්ෂිකයන්ට පත්‍රිකා බෙදා ඇතියිද සදහන්..

    [rns_reactions]

  • අවුරුද්දක දරුවාට බෙන්ස් කාර් එකක් දුන්න අපේ කාලේ දේශපාලනඥයා..(video.photos)

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ කුඩා දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා ඇගේ පළමු උපන්දිනය සමරනු ලැබූවා.

    ඒ වෙනුවෙන් ඇගේ දෙම්පියන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ සූදානම් කල උපන්දින සාදයේ ජායාරූප මේ වන විට සමාජජාල වෙත නිකුත් වී තිබේ.

    පුංචි ජොවීන්‍යාගේ උපන්දින තෑග්ග උනේ රුපියල් කෝටි 4 පමණ වටිනා නවතම නිල් පැහැති බෙන්ස් කාර් රථයක්!

    එසේම සුරංගනා කතා තේමාවකට අනුව සකස් කල මෙම සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වැය කර තිබෙනවා.

    මෙම අවස්ථාවට කුඩා නොවීන්‍යාගේ සීයා වන හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සහ පවුලේ හිතවතුන් රැසක් සහභාගී වී සිටියා.

    කෙසේ නමුත් රටේ එක් කොටසක මිනිසුන් කසල කන්දකට යටවී මියයද්දී සහ එදා වෙලා හරි අමාරුවෙන් හොයා ගනිද්දී තවත් පසෙක දේශපාලකයන් මෙසේ සුරංගනා ලෝකවල ජිවත් වීම කොතරම් සාධාරණද?

    කෙසේ වෙතත් දේශපාලකයන් මෙම තත්වයට පත් කරන්නට මහන්සි වෙන්නෙත් අහිංසක ජනතාවම බවද මතක තබා ගතයුතු වැදගත්ම කරුණකි…!

    [rns_reactions]

  • පියුමි හංසමාලි ඇලේ කොල්ලෙක් එක්ක නාන වීඩියෝවෙන් බුකිය රත්වෙයි…

    සමාජජාල තුළපුවත් මවන පියුමි හංසමාලි තම මිතුරු මිතුරියන් සමග ඇලක බැස සතුටුවන වීඩියෝවක්  ෆේස්බුක් එකට එක්කර තිබෙනවා.

    මේ ගැන පියුමිගේ ෆේස්බුක් ගිණුමට විවිධ අදහස් පළ කර තිබූ අතර වැඩිපුරම එහි දැක්වුනේ පියුමි සහ එම මිතුරියන් සමග සිටින අනෙක් පිරිමි යහළුවා ගැනයි.

    එම වීඩියෝවයි මේ.

    https://www.facebook.com/piumi.hansamali.3/videos/1163409537120311/

    [rns_reactions]

     

  • ජය සමරන්න ජෝන් සීනා – නිකි බෙල්ලා සමග අමු හෙළුවෙන් – (18+)

    ජෝන් සීනා කියලා කියන්නේ රෙස්ලින් වලල්ලේ අති දක්ෂයෙක් වන අතර පසුගිය දිනවල ඔහු දෙස් විදෙස් මාධ්‍යවල පුවත් මවන්නෙක්ද වුනා.

    ජෝන්සීනා හා ඇගේ පෙම්වතිය වන නිකී බෙලාගේ යූ ටියුබ් ගිණුමේ සාමාජිකයන් ගණන ලක්ෂ 5 සම්පූර්ණ කර තිබුනා.

    ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාම තම යූ ටියුබ් සාමාජිකයන් පුදුම කරේ නිරුවත් වෙලා.

    මේ එහි ජායාරූප හා වීඩියෝ දර්ශනයයි.

     

     

    [rns_reactions]

  • මැතිව්ස‍්ගේ ආගමනයත් සමග ධනංජය ,මිලින්ද චැම්පියන්ස් කුසලාන සංචිතයෙන් ඉවතට…

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් චැම්පියන්ස් කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.පසුගිය තරඟාවලි වලට සහභාගී වූ ක්‍රීඩකයන් වන මිලින්ද සිරිවර්දන,දනංජය ද සිල්වා ලහිරු කුමාර,සජිත් පතිරණ,දනුෂ්ක ගුණතිලක  මෙම සංචිතයෙන් ඉවත් කර ඇත.

    අද නම් කල සංචිතය මෙසේය.

    ඇන්ජලෝ මැතිව්ස්,උපුල් තරංග,කුසල් ජනිත්,කුසල් මෙන්ඩිස්,චාමර කපුගෙදර,අසේල ගුණරත්න,නිරෝෂන් දික්වැල්ල,ලසිත් මාලිංග,නුවන් කුලසේකර,නුවන් ප්‍රදීප්,සුරංග ලක්මාල්,ලක්ෂාන් සඳ කැන්,දිනේශ් චන්දිමාල්,තිසර පෙරේරා,සීකුගේ ප්‍රසන්න.

    [rns_reactions]

  • කිසිදු අභියෝගයක් නෑ – මහා ජන ගංගාවක් සමගින් මෙවර දැවැන්තම මැයි රැළිය නිදහස් පක්ෂයෙන්…

     (23) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභා රැස්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික ශාන්ත බණ්ඩාර මහතා අප වෙත සඳහන් කළේය.

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළියට අදාළ කටයුතු සහ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කල අතර එහිදී එම මධ්‍යම කාරක සභා සභිකයින් ප්‍රකාශ කර සිටියේ සියලුම නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හා පළාත් සභා මන්ත්‍රී වරුන් මැයි රැලියට සහභාගි වන බවත් නිදහස් පක්ෂයට ආදරය කරනා දැවැන්ත ජනකායක් සමඟ දැවැන්තම මැයි රැලිය නිදහස් පක්ෂය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    [rns_reactions]

  • සමන්ත බඩ්ඩට මුහුණු පොතෙන් රතු එලියක්… (Video)

    මහානායක හිමිවරුන් කල යුත්තේ සමන්තබද්‍රලාගෙන් සාසනය රැකීම බවත් එසේ නොමැතිනම් උන්වහන්සේලා වැඩවසන විහාර වටලන බවත් මේ වන විට සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

    මෙම වීඩියෝව ඉරාජ් වීරරත්නටද ඉතාමත් ආවේගශීලි ලෙස විවේචනය කර තිබෙනවා.

    එම වීඩියෝව ඔබට නරඹන්න..

    https://www.facebook.com/794584414014500/videos/948120598660880/

     

    [rns_reactions]

  • ලංකාවේ පොලිස් ඇදුමත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වෙනස්වන ලකුණු…

    ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇදුම ඉදිරියේදී තද නිල් පැහැයට වෙනස් කරන බව බදුල්ලේදී පැවැති උත්සවයකට එක්වෙමින්  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ප්‍රකාශ කළා.
    ශ්‍රී ලංකා පොලිසියේ මෙන්ම ජාත්‍යන්තර පොලිසියේ වර්ණ සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි පොලිස්පතිවරයා කියා සිටියේ.

    [rns_reactions]

  • අයි.පි.එල් පසුබෑමත් සමගින් මාලිංග ක්‍රිකට් වලින් සමුගන්නා දවසත් කරලියට….

    ලොව සිටින විශිෂ්ටතම වේග පන්දු යවන්නන් අතර සිටින ලසිත් මාලිංග 2004 වසරේ සිට ශ්‍රීලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

    ලසිත් මාලිංග පසුගියදා ඔහුගේ සමුගැනීම පිළිබඳව මාධ්‍ය වෙත අදහසක් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ “තමන් සහ නුවන් කුලසේකර එකට ජාතික පිලට පැමිණි බවත් දෙදෙනාම එකටම ක්‍රිකට් පිටියෙන් සමු ගනීවි ” යනුවෙනි.
    ආබාධයක් හේතුවෙන් පසුගිය වසරක පමණ කාලයක් ලසිත් මාලිංගට ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදු වුණා.

    මාලිංග වැඩිදුරටත් මාධ්‍යට පවසා ඇත්තේ එම කාලය තුල ඔහු පෙර ක්‍රීඩා කළ තරගවල වීඩියෝ නරඹමින් ඒ පිළිබඳව වැඩිපුර අධ්‍යයනය කිරීම් කළ බවයි.

    දක්ෂතා නොමැතිව කණ්ඩායම තුල රැඳී සිටීමට අදහසක් නොමැති බවද මාලිංග මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.
    [rns_reactions]

     

  • ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා යොවුන් තරඟාවලියේ වැඩිම ලකුණු වාර්තාව ශ්‍රී ලංකා පිතිකරුවෙකුට…

    සංචාරක ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 4-1 කින් ජය ලැබීමට ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ අද (23) සමත් වූහ.  හෝබර්ට්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී  (23) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල ලකුණු 23 ක ජයක් ලැබීය.

     ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 48.5 කදී ලකුණු 221 කට සීමා කෙරිණ. ශ්‍රී ලංකා පිල 43 වැනි ඕවරය අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 198 ක් රැස්කරමින් ප්‍රබල තත්ත්වයක පසුවුවද පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

    මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකා යොවුන් පිලේ ගැලවුම්කරු බවට පත්වූ ජෙහාන් ඩැනියල් මෙම ඉනිමේදී පන්දු 89 කදී හතරේ පහර 4 ක් සමගින් ලකණු 75 ක් රැස් කිරීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල වෙනුවෙන් මැක්ස් බ්‍රයන්ට් (67) සහ මැතිව් ස්පර්ස් (නොදැවී 65) අර්ධ ශතක රැස්කළහ. ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 47 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.

    කෙසේ වෙතත් මෙම තරඟාවලියේ පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියල් සමත් වුනේ තරඟ 5 තුල නොදවීම් එකක් සමඟ ලකුණු 202 ලබාගනිමිනි.ඔහුගේ තරඟයක සාමන්‍යය දැක්වුණේ ලකුණු 50.50 ලෙසිනි.

    [rns_reactions]

  • බළන්ගොඩින් අලුත් දිය ඇල්ලක් කරලියට…

    බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට අයත් පහළ වලේබොඩ ප්‍රදේශයේ රක්ෂිතයක වන ලැහැබක මෙතෙක් දෙස් විදෙස් සංචාරකයන්ගේ ඇස නොගැටුණු ඉතාම සුන්දර අඩි සියයක් පමණ උසින් යුතු සැඟවුණු දිය ඇල්ලක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.

    සමනල රක්ෂිතයෙන් පෝෂණය වී පහළට ගලා බසින බුදුගේ ඔයේ ගල් පොත්තකින් නිර්මාණය වී ඇති මේ සොඳුරු දිය ඇලි මනාලිය පහළ ඇති කළුගල් වලින් නිර්මාණය වුණු අපූරු ජල තටාකය මතට ගලා බසී.

    මේ දිය ඇල්ල සොයාගත් ප්‍රදේශවාසීන් දැක්වූ අදහස්.

    ඉමුලපේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති එස්. ඒ. රත්නපාල වලේබොඩ මහතා,

    මේ දිය ඇල්ල බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට අයත් උතුරු වලේබොඩ හා කට්ටඩිකන්ද ග්‍රාම සේවා වසම් දෙකට අයත් පහළ වලේබොඩ ප්‍රදේශයේ බුදුගේ ඔයෙන් නිර්මාණය වී තිබේ. දිය ඇල්ල මෙතෙක් දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වී නැහැ. මේක අපි අලුතෙන් සොයා ගත් දිය ඇල්ලක්. මේ දිය ඇල්ල බුදුගේ ඔයෙන් ගලා බසින නිසා අපි “බුදුඔය ඇල්ල” ලෙස නමක් යෝජනා කරනවා.

    පැණි පංගුව උප තැපැල් ස්ථානාධිපති එස්. ඒ. ජයසේකර මහතා,

    මේ දිය ඇල්ල අඩි සියයක් පමණ උසින් යුක්තයි. අඩි හැටක් පමණ පළලයි. දිය ඇල්ල පිහිටා තිබෙන ප්‍රදේශයට පහසුවෙන් ගමන් කිරීමට හැකියාවක් තිබේ. සිත් ගන්නාසුලු ආකාරයේ රමණීය දිය ඇල්ලක් කියලා මේ අලුත් දිය ඇල්ල හඳුන්වන්න පුළුවන්. බළන්ගොඩ නගරයේ සිට ගුරුබැවිල හරහා පහළ වලේබොඩ මාර්ගයේ හෝ බළන්ගොඩ සිට සීතගල හරහා පහළ වලේබොඩ මාර්ගයේ කිලෝමීටර් විස්සක් පමණ ගමන් කළ විට මෙම දිය ඇල්ල නැරැඹීමට හැකියාව තිබේ.

    වලේබොඩ ධර්මදාස මුණින්කුඹුර මහතා,

    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති අනිත් දිය ඇලි බොහෝමයක් නරඹන්න තියෙන්නේ දිය ඇල්ලේ ඉහළ ප්‍රදේශයේ සිටයි. ඒත් මේ දිය ඇල්ලේ විශේෂත්වය තමයි මේක. ඕනෑම සංචාරකයකුට මෙන්ම කුඩා දරුවකුට වුවත් පහසුවෙන් පහළ සිට නැරැඹීමේ හැකියාව තිබෙනවා. මෙතන ඉතා ආරක්ෂිත ස්ථානයක්. මේ දිය ඇල්ල පහළ ඇති කළුගල් වලින් නිර්මාණය වුණු අපූරු ජල තටාකයකට එකතු වෙයි.

    ඩබ්ලිව්. වී. ජයසේකර මහතා,

    කැන්ද, නා, හොර, රුක්අත්තන, අෑ නෙත් තුරුලතා වලින් පිරි මේ දිය ඇල්ල සමීපය පිහිටි පරිසරයද අතිශයින්ම චමත්කාරය. ගිරාමලිත්තන් කහකුරුල්ලන්, පිළිහුඬුවන්, දඬුලේනුන්, වඳුරන් වැනි වන සතුන් සහ පක්ෂීන් වෙසෙන මේ ප්‍රදේශයේ මේ දිය ඇල්ල නැරැඹීම සඳහා සංචාරකයන්ට ඉඩ පහසුකම් සලසා දෙනමෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ප්‍රදේශයට සංචාරකයන් පැමිණීමත් සමඟ ප්‍රාදේශීය සභාවට ආදායමක් ලබා ගැනීමට හැකියාව තිබේ.

    [rns_reactions]

  • මහේලගේ පිළෙන් මාලිංගට කැපිල්ලක්….

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර  (22) පැවති තරගයේ දී මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේ ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානය අහිමි වු අතර ඔහු වෙනුවට මිචෙල් ජොන්සන් ඊයේ පැවැති තරගයට ක්‍රීඩා කළා.
    මෙවර තරගාවලියේදී ලසිත් මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්වෙන අයුරු දැකගත හැකි වුණා.
    කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා පසුගියදා පැවැති තරගයේදී මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර එහිදී ඔහුගෙන් ලකුණු 58ක් ප්‍රතිවාදීන් උදුරා ගත්තා.
    මුම්බායි ඉන්දියස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි
    [rns_reactions]