Tag: featured

  • සමන්තභද්‍ර හිමියන් ඩුබායි රටට වඩියි..(photos)

    සිරි සමන්තබද්‍ර හිමියන්ගේ පසුගියදා ඩුබායි සංචාරයක නිරත වූ අතර එය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වූ පුවතක් බවට පත්වුණා. මේ පිළිබඳව අප විසින් මොයා බැලූ අතර එහිදී අනාවරණය වූය‍ේ සමන්තබද්‍ර හිමියන් මෙම ඩුබායි සංචාරය සිදුකර ඇත්තේ ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකියන්ට සිංහල හා දෙමළ අලුත් අවුරුදට සුබ පැතීම සදහා බවයි.

    එහිදී සමන්තබද්‍ර හිමියන් විසින් සකක් කරන ලද කිරිබත් හා පිරිත් පැන්ද ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ලබාදී තිබෙන බව සඳහන්.

    එම සංචාරයේ ජායාරූප කිහිපයක්..

    [rns_reactions]
  • ලොව පුරා ඇති අසාමාන්‍ය නීතී 15 ක්

    මේ පැවසීමට යන්නේ ලොව පුරා ඇති අසාමාන්‍ය නීතී 15 ක් සම්බන්ධවයි…මේවා දැන ගෙන නිවාඩුවක් ගත කිරීමට යාම තුලින් නිකරුනේ ඔබට සිරගත වී ඔබේ නිවාඩුව අපතේ යවා ගැනීමට අවශ්‍ය වෙන්නේ නෑ….

    1.එක්සත් අරාබි එමිර් රාජ්‍යන් තුල ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රේමාලිංගනයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදකි.

    dont-1

    2.සිංගප්පුරුවේ හුවමාරු ස්ථාන වලදි චුයින් ගම් හැපීම සපුරා තහනම්ය..

    dont-2

    3.කැනඩාවේ කාසි වලින් ගනුදෙනු කිරීම් සිදු කල නොහැක.

    dont-3

    4.සැන් ෆ්‍රැන්සිස්කෝ හි පරෙවියන්ට කෑම දැමීම සිදුකල නොහැක.

    dont-4

    5.පිහිනුම් ඇඳුම් හෝ නාන ඇඳුම් අඳිමින් මුහුද අවට හෝ පිහිනුම් තටාක අසල ස්පාඟහ්යේ බාසිලෝනා හි සිටිය නොහැක.

    dont-5

    6.ප්‍රාශ්වාස වාතයේ මධ්‍යසාර ඒකකය මනින උපකරණය ක් නිරතුරුව භවිතා කිරීම ප්‍රංශයේ අනිවාර්ය වේ.

    dont-6

    7.ජර්මනියේ ඔටෝබාන් අධිවේගි මාර්ගයේ සෙමින් ගමනේ ධාවනය විය නොහැක.ඔබේ ඉන්ධන අඩු වුවද එය සිදුකල නොහැකිය.

    dont-7

    8.ස්පාන්ඝයේ පාවහන් පැළඳ රිය ධාවනය සිදු කල නොහැක.

    dont-8

    9.තායිලන්තයේ තායි කාසි ඇති තැන්වල නතර නොවන්න.එහි ඇති භුමිබෝල් නම් රජුගේ රූපය ඔවුන් දෙවියන්සේ අදහයි.එය පයට පෑගිම එයට දැක්විය හැකි විශාල අගෞරවයක් බව ඔවුන්ගේ මතයයි.

    Coins of Thailand. King Bhumibol Adulyadej of Thailand depicted in the Thai baht coins.

    Coins of Thailand. King Bhumibol Adulyadej of Thailand depicted in the Thai baht coins.

    10.ෆිජි හි ප්‍රසිද්ධ ස්ථාන වල නග්නව සිටිය නොහැක.ඒ සඳහා වෙන්වු පෞද්ගලික හෝටල් ඇත.

    dont-10

    11.මහජනයා ගැවසෙන කසකස්ස්ථාන ගුවන් ගොඩනැගිලි වල ඡායාරූප ගැනීම තහනම්ය.

    dont-11

    12.මාලදිවයින තුල ඔබේ ආගමික විශ්වාස පල කල නොහැක.. එහි ඇති එකම ආගම මුස්ලිම් ආගමයි.

    dont-12

    13.මැලේසියාවේ ප්‍රසිද්ධ ස්ථාන වල දුරියන් පලතුර විවෘත කිරිම තහනම්ය.

    dont-13

    14.ජැමෙයිකාවේ ප්‍රසිද්ධියේ දුම් බීම සපුරා තහනම්ය.

    dont-14

    15.පෙසියිඩෝෆෙඩරින් නම් ඖෂධය ජපානයේ තහනම් කොට ඇත.

    dont-15

    [rns_reactions]
  • සර්පයෙක් දෂ්ට කලවිට කල යුතු හා නොයුතු දේවල්.

    ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වන බැවින් ස්වභාවික පරිසරයේ සර්පයන් බහුලව දක්නට ලැබේ. ගොඩබිම සහ මුහුදු සර්පයන් විශේෂ 104 ක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන අතර, ඉන් ගොඩබිම සිටින සර්පයන් විශේෂ 6 ක් උග්‍ර විෂ සහිත වේ. සර්පයන් විශේෂ 70 කට අධික ප්‍රමාණයක්, විෂ රහිත වන බැවින් මිනිසාට හානියක් නොමැත. කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ හමුවන මුහුදු සර්පයන් සියල්ලම උග්‍ර විෂ සහිත වේ. නමුත්, වාසනාවකට මෙන් මුහුදු සර්ප දෂ්ට කිරීමක් වාර්තා වන්නේ ඉතාම කලාතුරකිනි.

    සර්ප දෂ්ට කිරීම් බොහොමයක් විෂ රහිත වන අතර, උග්‍ර විෂැති සර්පයෙකුගේ දෂ්ට කිරීමක් සැමවිටම විෂ වන්නේද නැත. සර්ප දෂ්ට කිරීම් වලින් 10% ක් පමණ මාරාන්තික විය හැක. නාගරික පරිසර වලට වඩා, ගම්බද පරිසර වල සර්ප දෂ්ට කිරීම් සිදුවන වාර ගණන වැඩිය. නමුත්, මෑතකදී නාගරික සහ අර්ධ නාගරික පරිසර වලදී සිදුවන සර්ප දෂ්ට කිරීම් සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. එමෙන්ම, බොහොමයක් සර්පයන් නිශාචර බැවින්, දිවා කාලයට වඩා රාත්‍රී කාලයේදී වැඩි සර්ප දෂ්ට කිරීම් ප්‍රමාණයක් සිදුවේ. සර්ප දෂ්ට කිරීම් නිසා සිදුවන බොහොමයක් මරණ සිදුවන්නේ, තිත් පොළඟා (දාර පොළඟා), නයා, සහ කරවලා දෂ්ට කිරීමෙනි.

    ශ්‍රී ලංකාවේ හමුවන උග්‍ර විෂැති සර්පයන්

    නයා (නාගයා)
    තෙල් කරවලා (මග මරුවා)
    දුනු කරවලා (පොලොන් කරවලා)
    තිත් පොළඟා (දාර පොළඟා)
    වැලි පොළඟා
    පොලොන් තෙලිස්සා (කුණකටුවා) – මෑතකදී උග්‍ර විෂැති සර්පයෙකු ලෙස නම් කරන ලදි.

    සර්ප දෂ්ට කිරීමකදී කල යුත්තේ කුමක්ද?

    සර්ප දෂ්ට කිරීමට ලක්වූ තැනැත්තාගේ සිතෙහි බිය නැතිවනසේ කතා කරන්න.
    බොහොමයක් සර්පයන් විෂ රහිත බව පවසන්න.
    විෂ සහිත සර්පයෙක් දෂ්ට කලද, විෂ ඇතුළු නොවීමට හැකියාව ඇතිබව පවසන්න.
    දෂ්ට කල ස්ථානයේ දළ පහරවල් තිබූ පමණින් විෂ ශරීරගත වී ඇතැයි අදහස් නොවන බව පවසන්න.
    විෂ ශරීරගත වුවත්, ඵලදායී ප්‍රතිකර්ම රෝහල් වල පවතින බවත්, සම්පූර්ණයෙන්ම සුවවීමට හැකියාවක් ඇති බවත් පවසන්න.
    දෂ්ට කල ස්ථානය සබන් සහ ජලයෙන් මදක් සෝදා, පිරිසිදු සහ වියලි ගෝස් කැබැල්ලකින් හෝ රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න.
    හැකිනම්, දෂ්ට කරන ලද ප්‍රදේශය, හදවත පවතින මට්ටමේ තබන්න.
    සර්ප දෂ්ට කිරීමට ලක්වූ ප්‍රදේශය හැකිතරම් සෙලවීමෙන් වලකින්න. එමගින්, තවදුරටත් විෂ ශරීරය පුරා පැතිරීම වළකින අතර, වේදනාව අඩුවේ. එමනිසා, රෝගියාට ඇවිදීමට ඉඩ නොදෙන්න.
    දෂ්ට කිරීමට ලක්වූ අත හෝ පාදය ඉදිමීමට ඉඩ ඇති බැවින්, මුදු , වළළු, නූල්, තද ඇඳුම්, ඔරලෝසු ආදිය ගලවා ඉවත්කරන්න.
    රෝගියාට වේදනාව ඇත්නම්, පැරසිටමෝල් (Paracetamol) පමණක් ලබාදෙන්න.
    ඉක්මනින් රෝගියා ලඟම ඇති රජයේ රෝහලට ගෙන යන්න.

    සර්ප දෂ්ට කිරීමකදී නොකල යුතුදේ කුමක්ද?

    පළපුරුදු වෛද්‍යවරයෙකුට, දෂ්ට කල සර්පයා නොමැතිව වුවද රෝගියාගේ ලක්ෂණ අනුව, දෂ්ට කරන ලද සර්පයා හඳුනාගත හැකි බැවින්, දෂ්ට කරන ලද සර්පයා මරන්න එපා.
    එකවරම කලබල වෙන්න එපා.
    රෝගියාට කිසිවිටෙකවත් මත්පැන් හෝ කෝපි, තේ වැනි කැෆේන් (Caffeine) අඩංගු පානයන් දෙන්න එපා. එමගින්, සර්ප විෂ ශරීරගතවන වේගය වැඩිවේ.
    වේදනාව අඩුකිරීම සඳහා කිසිවිටෙකවත් ඇස්පිරින් (Aspirin) හෝ ඩයික්ලොෆෙනැක් (Diclofenac), ඉබියුප්‍රොෆන් (Ibuprofen), මෙෆෙනමික් ඇසිඩ් (Mefenamic acid) වැනි ස්ටෙරොයිඩ් නොවන ප්‍රතිප්‍රදාහ ඖෂධ (Non-steroidal anti-inflammatory drugs or NSAIDs) දෙන්න එපා.
    නස්න කිරීමට යන්න එපා. එමගින්, පෙනහලු වල ආසාදන හෝ ස්ථිර බිහිරිබව ඇතිවිය හැකිය.
    තැඹිලි, කුරුම්බා, හෝ පළතුරු යුෂ රෝගියාට දෙන්න එපා. එවැනි දියර වල පොටෑසියම් බහුලව අඩංගු බැවින්, සර්ප දෂ්ට කිරීමකට පසුව වකුගඩු වල ක්‍රියාකාරීත්වයට බලපෑමක් වුවහොත්, එය උග්‍ර වීමට ඉඩ ඇත.
    පටක වලට හානි සිදුවිය හැකි බැවින්, කොන්ඩිස් වතුරෙන් තුවාලය සෝදන්න එපා.
    ශරීරයේ දෂ්ට කල කොටස සොලවන්න එපා. එමගින්, සර්ප විෂ ශරීරගතවන වේගය වැඩිවේ.
    දෂ්ට කල ප්‍රදේශය හදවත පවතින මට්ටමට ඉහලින් හෝ පහලින් තබන්න එපා. දෂ්ට කරන ලද ප්‍රදේශය ඔසවා තැබීමෙන්, විෂ ශරීරගතවන වේගය වැඩිවිය හැකි අතර, හදවත පවතින මට්ටමට වඩා පහළින් තැබීමෙන්, ඉදිමීම තවදුරටත් වැඩිවිය හැක.
    දෂ්ට කල තුවාළය කපන්න හෝ විෂ උරා ඉවත්කරන්න උත්සාහ කරන්න එපා. දෂ්ට කරන ලද තුවාළය කැපීමෙන්, විෂ ශරීරගතවන වේගය වැඩිවිය හැක. එමෙන්ම, විෂ උරා ඉවත්කිරීමට යාමෙන්, එසේ කරන්නාගේ මුඛයේ මෘදු පටක හරහා විෂ ශරීරගතවීම සිදුවිය හැක.
    විෂ ඉවත්කිරීම සඳහා තුවාලය මිරිකා ලේ ඉවත්කිරීම කරන්න එපා. එමගින්, සර්ප විෂ ශරීරගතවන වේගය වැඩිවේ.
    දෂ්ට කරන ලද තුවාළයට අයිස් තබන්න එපා.
    විෂ ශරීරගතවීම වැළැක්වීමට යැයි කියා දෂ්ට කරන ලද ස්ථානයට උඩින් ගැටගසන්න එපා. එමගින් ඉදිමීම වැඩිවිය හැකි අතර, රුධිර සංසරණයට බාධා පැමිණීම නිසා දෂ්ට කරන ලද අත හෝ පාදය කපා ඉවත්කිරීමට සිදුවන අවස්ථාද ඇතිවිය හැක.
    දෂ්ට කරන ලද සර්පයා මරා ඇත්නම්, කිසිවිටෙක සර්පයා ස්පර්ශ කරන්න එපා. ඇතැම්විට සර්පයා මිය නොගොස් සිටියහොත්, නැවත දෂ්ට කිරීමට හැකියාව ඇත. එමෙන්ම, සර්පයා මියගොස් පැයක් පමණ ගතවනතුරු ප්‍රතීක ක්‍රියාවක් මගින්, ඉබේ දෂ්ට කිරීමකට ලක්විය හැක.

    සර්ප දෂ්ට කිරීම් වළක්වාගන්නේ කෙසේද?

    වගාබිම්, ගොවිපල, සහ වතු ආදී මිනිස් වාසස්ථාන අසල සර්පයන් බහුලව ගැවසේ. එමනිසා, සර්ප දෂ්ට කිරීම් වලින් වැළකීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග නිර්දේශ කල හැක.

    වැඩි වශයෙන් සර්ප දෂ්ට කිරීම් සිදුවන්නේ පාදවලට බැවින්, සර්පයන් බහුල ප්‍රදේශ වල ගැවසෙන විට, සපත්තු හෝ බූට් සපත්තු පැළඳීම කලහැක. එයට අමතරව, දිග කලිසම් (ඝනකම් රෙද්දකින් මසන ලද ඒවා නම් වඩා උචිත වේ.) හැඳීමද කලහැක.
    රාත්‍රී කාලයේ ගමන් කරන්නේ නම්, සැමවිටම විදුලි පන්දමක් දල්වාගෙන ගමන් කරන්න.
    ගමන් කරන විට, ලී කැබැල්ලක් රැගෙන ගමන් කරන මාවතේ බිමට සහ පඳුරු වලට තට්ටු කරමින් ගමන් කරන්න. එමෙන්ම, පාද පොළවේ හොඳින් ගැටෙන සේ, අඩි තබමින් ගමන් කරන්න. සර්පයන් බිහිරි වන මුත්, කම්පන හොඳින් දැනේ. එබැවින්, එසේ කිරීමෙන්, සර්පයන් ඔබ ගමන්කරන මාර්ගයෙන් ඉවත්වීම සිදුවේ.
    කූඹි ගුල්, වේ හුඹස්, ගස් බෙන, ඝන පඳුරු, ලී කොට හා ගල් තුළට හෝ යටට අත දැමීමෙන් වළකින්න.
    ඔබේ වත්තේ ඇති කූඹි ගුල්, වේ හුඹස් ආදිය ඉවත්කරන්න. ගස් බෙන වසා දමන්න. වත්තේ තැන තැන ලී කොට, දර, හෝ ඇද වැටුණු ගස් ආදිය තිබෙන්නට ඉඩහරින්න එපා. ලී කොට, දර, ගල් ආදිය ඉවත්කිරීමේදී, සැමවිටම ප්‍රවේශම් වන්න.
    ගොවිතැන් කරන විට විමසිලිමත්ව, ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අවසන් ලියැදි වල වැඩ කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන්න. මක්නිසාද, මුලින් අස්වනු නෙලන ලද ලියැදිවල සිටි සර්පයන්, අවසන් ලියැදි වලට ගොස් තිබීමට ඉඩ ඇත.
    වත්තේ සහ නිවසේ කුණු කසල නිසි පරිදි බැහැර කරන්න. නැතහොත්, සර්පයන්ගේ ගොදුරු වන ගෙම්බන්, කටුස්සන්, මීයන් ආදී සතුන් බෝවීම සිදුවේ.
    කිසිවිටෙක, නිවස තුළ වී ගබඩා කර තබන්න එපා. එමගින්, මීයන් බෝවීම වැඩිවන බැවින් සර්පයන් ආකර්ෂණය වීම සිදුවිය හැක.
    හැකි සෑමවිටම, බිම නිදාගැනීමෙන් වළකින්න.
    සැමවිටම, භාවිතයෙන් පසු ඔතන ලද පැදුරු බිම තිබෙන්නට හරින්න එපා. ඒවා ඉහලින් එල්ලා තබන්න. නැතහොත්, කරවලුන් වැනි සර්පයන් පැදුරු තුළට හෝ යටට ඇතුළුවීමට පුළුවන.
    කිසිවිටෙක මියගොස් ඇති හෝ සජීවී සර්පයෙකු ඇල්ලීමට යන්න එපා.
    සර්පයන් ගැවසීමට ඉඩ ඇති පරිසර වල කුඩා දරුවන්ට සෙල්ලම් කිරීමට හෝ ගැවසීමට ඉඩදෙන්න එපා.
    ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ නම්, කිසිවිටෙකවත් දැල් වලට හසුවූ මුහුදු සර්පයන් අල්ලන්න එපා.

    [rns_reactions]
  • "මාධ්‍යයෙන් ඉඩක් නැති නිසා මම මගේ ෆෝන් එක මාධ්‍ය කරගත්තා".. අලුත් වීඩියෝව ගැන ඉරාජ් කී කතාව.

    ඉරාජ් මොකක්ද මේ අලුත් සිංදුව වස්සානේ හීනේ

    වස්සානේ හීනේ විෂුවල් එක මාස දෙකක් තිස්සේ තිබිච්ච හීනයක්. සිංදුව ලිව්වේ සම්පත් ප්‍රනාන්දුපුල්ලේ. මියුසික් කළේ මම. තනුව නිර්මාණය කළේ සමන් සංගීත් කියන මල්ලී කෙනෙක් . මේ සිංදුව කියන්නේ ජනේන්ද්‍ර කියන අලුත් මල්ලි කෙනෙක්.

    විෂුවල් එකට සමන්ත භද්‍ර හාමුදුරුවන්ව යොදාගත්තේ ඇයි ?
    මට මේ වෙලාවේ වෙනස් දෙයක් කරන්න ඕන වුණා. ඉතින් මේකේ කතාවත් එක්ක ඕන වුණා සමන්ත භද්‍ර හාමුදුරුවන්ව සම්බන්ධ කරගන්න. ඉතින් ඒ නිසා මම මේකට හාමුදුරුවන්ව සම්බන්ධ කරගත්තා.

    මේක ප්‍රේම ගීතයක්ද? නැත්නම් බොදු බැති ගීතයක් ද?
    නෑ මේක බොදු බැති ගීතයක් නෙමෙයි. ඒත් අවසානයේදී අපේ මිනිසුන්ට යම් පණිවිඩයක් මේ ගීතයෙන් විෂුවල් එක හරහා ලබලා දෙනවා.

    හාමුදුරුවන්ට විෂුවල් එකට එන්න කීව ගමන් හා කීවද?
    නෑ අපි හාමුදුරුවන්ට කතා කරලා විෂුවල් එක ගැන කිව්වා. මෙහෙමයි වෙන්නේ, මේක පණිවිඩයක් මිනිසුන්ට ලබලා දෙනවා කියලා. ඒ දේවලුත් එක්ක තමයි ස්වාමීන්වහන්සේ මේකට කැමැති වුණේ.

    සමන්තභද්‍ර හාමුදුරුවෝ හා ඉරාජ් අතර තියෙන්නේ කොහොම සම්බන්ධයක්ද? ගණුදෙනුවක්ද?

    දැන් අවුරුදු දහයක් වගේ කාලයක් තිස්සේ සමන්ත භද්‍ර හාමුදුරුවන් එක්ක දැනහැඳුනුම්කමක් මට තියෙනවා.

    ගීතයේ වීඩියෝ එක බැලුවට පස්සේ හාමුදුරුවෝ මොකද කිව්වේ?

    මේක සම්පූර්ණයෙන්ම වෙනස් ගීතයක් කිව්වා. මේක අනිවාර්යයෙන්ම කතාබහට ලක්වෙන ගීතයක් සමාජයේ වෙන දේවල් තමයි මේ විෂුවල් එකේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේත් කිව්වා මෙක ලස්සනයි කියලා.

    ඉරාජ් කරන නිර්මාණ හුඟක් ආන්දෝලනාත්මකලු. ඉරාජ් නිර්මාණශීලීත්වය කියලා හිතන්නේ සංස්කෘතියට පහර ගහන එකටද?

    අපේ මිනිස්සු හංග හංග හොරෙන් කරන දේවල් මම නිර්මාණයක් හරහා එළිපිට කරනවා. මේවා තමයි උඹලා කරන්නේ අපි මේවා හදාගන්න ඕන කියලා ඒකට ගොඩක් දෙනෙක් කෑ ගහනවා. ඕවා කරන එක හරි නෑ කියලා. අපි හංගන යථාර්ථය තමයි මම මේ මියුසික් වීඩියෝවල පෙන්නන්නේ.

    මේ වගේ දේවල් කරන්නේ අමුතු පොරක් වෙන්නද?

    මට එහෙම පොරක් වෙන්න ඕනේ නෑ. මම පොරක් නෙමේ. අලුත් නිර්මාණ කරන්න කැමැති කෙනෙක්.. මම කාටවත් බය නෑ. කවුරු කෑ ගැහුවත් මම බය නෑ. මම මට ඕන දේ තමයි කරන්නේ. ඒක නිසා තමයි මගේ නිර්මාණ සාර්ථක වෙන්නේ.

    සේකරලා …මානවසිංහලා අදටත් පවතින නිර්මාණ කළේ සංස්කෘතික වටිනාකම්වලට පහර ගහලා කෑගහලා පොර ටෝක් දීලා නෙවෙයි. ඔයා හිතනවද අද පරම්පරාව කෑ ගහලා දඟලලා කරන නිර්මාණවලට ඒ වගේ පැවැත්මක් තියෙයි කියලා?

    මම කියන්නේත් මේ මම කරන නිර්මාණත් අවුරුදු ගාණක් පවතීවි. මිනිස්සු මම කරන නිර්මාණ දැකලා දැන් කෑගැහුවට මම දන්නවා මේ නිර්මාණත් මිනිස්සු දවසක පිළිගනීවි.

    සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ Facebook එක මේන්ටේන් කරන්නේ ඉරාජ්ලු නේද?

    නෑ අනේ ..ඒක බොරු. මම එහෙම මේන්ටේන් කරන්නේ නෑ. සමන්ත භද්‍ර හාමුදුරුවන් කියන දේ කෙලින් කියන හාමුදුරු නමක්.මම ඒකයි හාමුදුරුවන්ට කැමති වුණේ. මම ඔය යල් පැන ගිය බුද්ධාගමට ආස නෑ . අපේ සමහර මිනිස්සු බෞද්ධ බෞද්ධ කියලා බෞද්ධකම ඉස්සරහට දාලා ජරා වැඩ කරනවා. Google ඒකේ Sex Search කරලා දැන් අවුරුදු පහක් දිනපු රට අපියි. ඉතින් මේ හැම ජරාවක්ම කරලා බොරු බෞද්ධකමක් ඉස්සරහට දානවා.

    එතකොට සමන්ත භද්‍ර හාමුදුරුවන්ව නළුවෙක් කරන්න හිටපු ගමන් ඉරාජ්ට ඇතිවෙච්ච කැක්කුම මොකක්ද?

    කාලයක් එක එක හේතු නිසා ඒ හාමුදුරුවන්ට සමහර චැනල්වල දොරවල් වැහුණා. 2008 දී 2009 දී විතර සමන්තභද්‍ර හාමුදුරුවන්ට කිව්වා internet එකට එන්න. ඒ ආවට පස්සේ කාටවත් හාමුදුරුවන්ව නවත්වන්න බෑ කියලා. ඒ අනුව තමයි මම සමන්තභද්‍ර හාමුදුරුවන්ට internet හරහා උන්වහන්සේගේ හඬට තැනක් ලබලා දුන්නේ.

    ඉරාජ් මාධ්‍ය එක්ක තරහා මාධ්‍ය ඉරාජ්ව විවේචනය කරනවා කියලා හිතන හින්දද?

    නෑ … මම එහෙම මාධ්‍ය එක්ක තරහා නෑ. ඒත් ..මමත් මගේ නිර්මාණවලට සමහර මාධ්‍යයන් ඉඩ දුන්නේ නෑ. ඒ නිසා මගේ ෆෝන් එක මම මාධ්‍යයක් හැටියට පත් කරගත්තේ ටී.වී චැනල්වලින් බොහෝම පොඩි ගණනක් තමයි මගේ නිර්මාණවලට තැනක් දෙන්නේ.

    සමන්ත භද්‍ර හාමුදුරුවෝ චීවරය දරාගෙන කරන්නෙ මහායාන කොන්ත්‍රාත් එකක් කියලත් චෝදනාවක් එල්ල වෙනවා. ඉරාජ් කියන්නේත් ඒකේ හවුල් කාරයෙක්ද?.

    අනේ මම ඒවා නම් දන්නේ නෑ. මම එහෙම බුදුදහම ගැඹුරට හදාරලා නෑ. අපිට පොඩි කාලේ පත පොතේ කියපු දේවල් එක්ක මම දැන් බුදුදහම internet එක හරහා යම් අධ්‍යයනයක් කරනවා. එතකොට සමහර වෙලාවට මට හිතෙනවා අපි ඉගෙන ගෙන තියෙන්නෙ, අපිට ඇහිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම බුදු හාමුදුරුවෝ කියපු දෙයක් නෙමේ වෙනත් දෙයක් කියලා. මම කියන්නේ නෑ සමන්තභද්‍ර හාමුදුරුවෝ හරි කියලා.මම බුදුදහම ගැන ගැඹුරින් දන්නේ නෑ . මම ඒ කිසි දේක හවුල්කාරයෙක් නෙමේ.

    ඔය කීවට අරහෙන් මෙහෙන් ලොකු ලොකු කුට්ටි ඉරාජ්ටත් ලැබෙනවා ඇති නේද?

    අනේ නෑ. මට නම් කාගෙන්වත් ඔය කියන කුට්ටි ලැබෙන්නේ නෑ.

    [rns_reactions]

  • "කුණු ටික මට දෙන්න. කොළඹ කසල ප්‍රශ්නය මාස 3න් ඉවර කරනවා" (video)

    දිනකට කසල ට්‍රැක්ටර් ට්‍රේලර් 300ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් යන්ත්‍රයක් විකුම් සම්පත් නිපදවයි.

    මෙමගින් සියලුම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට පුළුවන් කමක් තිබීම තවත් විශේෂත්වයයි

     කසල ප්‍රතිචක්‍රීකරණයට විසදුම් සෙවීමට ලෝකයේ රටවල් වල සවාරි  ගිහින්, ෆන් අරන් හිස් අතින් ආපු ලොකු  ලොක්කන්ට  පේන්න හැකිතාක් Share කරමු
    [rns_reactions]

  • අන්තර්ජාලය කැලඹු ජෝන් සීනා සහ පෙම්වතියේගේ නිරුවත් වීඩියෝව මෙන්න..

    ලෝක ප්‍රසිද්ධ තරු යුවලක් නිරුවතින් කළ අමුතුම වැඩක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

    wrestling ක්‍රීඩක ජෝන් සීනා සහ ඔහුගේ පෙම්වතිය වන wrestling ක්‍රීඩිකා Nikki Bella මෙලෙස නිරුවතින් රංගනයක නිරත වන්නේ.

    එම අවස්ථාව පහතින්.

    [rns_reactions]

  • ගුවන්තොටුපලේදී ලැබෙන මේ වරප්‍රසාද ගැන ඔබ දැනුවත්ද?

    විදේශ ශ්‍රමිකයන්ට ලංකාවට එනවිට ගුවන් තොටුපලේදී ලැබෙන වරප්‍රසාද  රට ගිහින් එනකොට Airport එකේදී ඔබට ලැබෙන වරප්‍රසාද ගැන දන්නේ නෑ නේද?

    මෙන්න හැමෝම අනිවා බලන්න රට ගිහින් එන අයගෙන් 90% පමණ මේවා දන්නේ නෑ අනිත් යටත් දැනගන්න Share කරන්න

    [rns_reactions]

  • කෑම දෙන දැරියට තෑගී ගෙනෙන අපුරු කපුටෝ…

    කුරුල්ලන්ට ආහාර ලබාදීම බෝහෝ පුද්ගලයන් සිදුකරන කටයුත්තක් ලෙසින් හැදින්විය හැකියි.

    එහෙත් ඒ වෙනුවට ආහාර ලබා දෙන තැනැත්තාට කුරුල්ලන් විසින් දිනපතා තෑගි ගෙන එන බවත් ඔබ අසා තිඛෙනවාද ? සුරංගනා කතාවල පමණක් එවන් දේ සිදුවිය හැකි බවට අප විශ්වාස කළද එවන් සැබෑ පුවතක් අමෙරිකාවේ වොෂින්ටන් නගරයෙන් වාර්තාවනවා. මේ එම විස්මිත පුවතයි.

    [rns_reactions]

  • අලුත බැදපු ජෝඩු වලට වෙන සුපිරි ප්‍රශ්න 6ක්..

     

    [rns_reactions]
  • අරුන් මෝලී ලසිත් මාලිංගට මැජික් පෙන්නන්න ගිහින් උන කැත වැඩේ ..(video)

    අරුන් මෝලි කියන්නේ කාඩ් කුට්ටමෙන් මැජික් පෙන්වන  දක්ෂ මැජික් ශිල්පියෙක්.

    පළමු වතාවේ වැඩේ වැරදුනාට දෙවන වතාවේ නම් මාලිංගට අරුන් මෝලි ලස්සනට කොලේ වැහුවා…

    [rns_reactions]
  • රාජ්‍ය ආයතනවල කටයුතු නව මුහුණුවරකින් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට ඉදිරි සති දෙක තුළ නව වැඩපිළිවෙළක් … තනතුරුවල ද වෙනසක් ..

    ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා සියලු දේශපාලනඥයන්ට සහ නිලධාරින්ට නිශ්චිත දින ඇතුළත් චක‍්‍ර ලේඛයක් ..

     මීතොටමුල්ල සිදුවීම පිළිබඳ ස්වාධීන පරික්ෂණයක් සිදු කිරීමට ඉදිරි සතියේදී විශ‍්‍රාමික විනිසුරුවරයෙකුගෙන් යුත් කමිටුවක් …

     සියලු අමාත්‍යාංශවල විගණන කටයුතු සිදු කිරීම සොයා බැලීමට ජනපතිගේ සෘජු මැදිහත්වීම ලබන මැයි මාසයේ සිට ….

    ජනපති මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට කියයි.

    රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාවය සහ අඩු පාඩු මග හරවමින් එම කටයුතු වඩා විධිමත් කර, නව මුහුණුවරකින් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමේ වැඩසටහනක් ඉදිරි සති දෙක තුළ ආරම්භ කරන බව ජනාධිපතිතුමා පවසයි.

    එහිදී ආයතනික ව්‍යූහයන් මෙන්ම තනතුරු ද වෙනස්වීම්වලට ලක්විය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේ අද (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප‍්‍රධානින්, කතුවරුන් හා අධ්‍යක්ෂවරුන් සමග පැවති හමුවේදී ය.

    ඇතැම් විවේචකයින් සහ රජයට විරුද්ධ දේශපාලනඥයින් පවසන ආකාරයේ බරපතළ ආර්ථික අර්බුදයක් හෝ ගැටලුවක් අද රට හමුවේ නොමැති බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා අද ආණ්ඩුවක් ලෙස වත්මන් රජය ඉතා ශක්තිමත් ගමනක් යමින් රටේ ආර්ථිකය ගොඩනැංවීමට කැපවී සිටින බව කියා සිටියේය.

    මාධ්‍ය ආයතනවලින් තමා ඉල්ලා සිටින්නේ රට තුළ ඇතිවන ඇතැම් ගැටලුකාරී අවස්ථාවලදී රජය ආරක්ෂා කිරීමට නොව රටේ ජනතාව වෙනුවෙන් සිතා සිය මාධ්‍ය මෙහෙවර ඉටු කරන ලෙස බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    වත්මන් රජය පසුගිය වසර දෙක හමාර තුළ රටේ ආර්ථිකය පිළිබඳ ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් අද දවස වන විට මෙරට විදේශ වත්කම් ඩොලර් බිලියන 05 කට වැඩි ඉහළ අගයක පවතින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ එම තත්ත්වය තවත් වර්ධනය වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා මහා ආර්ථික අර්බුදයක් මවා ගනිමින්, සියල්ල අසුබවාදීව දකිමින් ආර්ථිකය කඩා වැටෙනවායැයි බලා සිටීමට කිසිවෙකුට අද සාධක නොමැති බව ද පැවසීය.

    2016 වසරේ මෙරට කෘෂිකර්මාන්තයේ කඩාවැටීමක් පිළිබඳ අද දින එක්තරා ජාතික පුවත්පතක පිටුවක් පුරා පළවී තිබූ වාර්තාව පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද දවසේ මෙරට තේවලට සහ රබර්වලට හොඳ මිලක් ලැබෙන අතර තේ, රබර් ඇතුළු අනෙකුත් කෘෂි භෝග ද ඇතුළත් වන්නේ කෘෂිකර්මාන්තයට නමුත් රටට සුබවාදී මෙම තත්ත්වයන් පිළිබඳ කිසිවෙකු ආර්ථික විග‍්‍රහයන් නොකිරීම කනගාටුවට කරුණක් බවත් ය.

    කිසිදු රජයක් අත නොගැසූ ඖෂධ මිල පහත දැමීම ඇතුළු රටේ අහිංසක ජනතාව වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රැසක් ගත් බවත්, හෘද ශල්‍යකර්ම සඳහා භාවිතා කරන උපකරණ නොමිලේ ලබාදීම, අක්ෂි කාච ජාවාරම නවතා දමා අක්ෂි කාච නොමිලේ ලබාදීම වැනි කි‍්‍රයාවන් පිළිබඳව ද කිසිවෙකු කථා නොකරන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    වත්මන් රජය බලයට පත්වන විට ලංකා ගමනා ගමන මණ්ඩලය සේවක අර්ථසාධක වෙනුවෙන් රුපියල් බිලියන 12 ක මුදලක් ගෙවීමට තිබූ අතර ඒ පිළිබඳ පැවරී ඇති සියලු නඩු අවසන් කරමින් මේ වන විට රුපියල් බිලියන 06 ක මුදලක් ගෙවා තිබෙන බවත්, සෑම ආණ්ඩුවක්ම ගැටලුකාරී තත්ත්වයක් බවට පත් කරගත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් පිළිබඳ ගැටලු සියල්ල ද නිරාකරණය කර ගනිමින් අද එම ඉඩම් පිළිබඳ අයිතිය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති එක් ආයතනයකට පවරා තිබෙන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති තීරුබදු නිදහස් වෙළෙඳසැල් තමන්ගේ හිතවතුන්ට පමණක් බෙදා දුන් යුගය අවසන් කර ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඒ සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් සිදු කිරීම හේතුවෙන් සියයට 24 ක් ව තිබූ එහි ආදායම අද සියයට 40 දක්වා වර්ධනය කර ගැනීමට හැකිව තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    මේ රටේ ඉතිහාසයේ දැවැන්තම රටට අවාසි සහගත ගිවිසුම සිදුවූයේ පෝ(ර්)ට් සිටි ව්‍යාපෘතිය තුළින් බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා කිසිදු රාජ්‍ය නායකයෙකු සිදු නොකළ අන්දමින් රටෙන් කොටසක් සින්නක්කරව පවරාදීම පිළිබඳ ගිවිසුමකට එහිදී අත්සන් කර තිබූ බවත්, චීනය සමග හොඳ හිත ද පවත්වාගෙන යමින් අවශ්‍ය වෙනස්කම්වලට එළැඹෙමින් බදු පදනම මත එම කටයුතු පවත්වාගෙන යාමට වත්මන් රජයට හැකිවූ බවත් කියා සිටියේය.

    උතුරේ නැවත පදිංචි කිරීමේ කටයුතු සහ අතුරුදහන්වූවන් පිළිබඳ තිබෙන තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මේ වනවිට නැවත පදිංචිකිරීම් 60% ක් අවසන්ව පවතින බවත් ඉදිරි මාස 03 තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්ය. අතුරුදහන් වූවන් පිළිබඳ ඉල්ලීම් කරන අයට නිවැරදි තොරතුරු ලබාදීම සඳහා මීට පෙර තිබූ කොමිෂන් වාර්තාවල නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින් විශේෂ වැඩසටහනක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    විගණනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉටුවිය යුතු වගකීම් පසුගිය වසර කිහිපය තුළ නිසි ලෙස ඉටු වී නොමැති අතර එම කටයුතු විධිමත් කරමින් සියලු අමාත්‍යාංශවල විගණන වාර්තා විමර්ශනය වෙනුවෙන් අදාළ ඇමතිවරුන් සහ නිලධාරින් සමග ලබන මැයි මාසයේ සිට තම සෘජු මැදිහත්වීම ඇතිව නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එමෙන්ම මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස අදාළ සියලු නිලධාරින්ට තමා උපදෙස් ලබාදී ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම ප‍්‍රමුඛ කාර්යයක් සේම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ද රට තුළ පැවතිය යුතුය යන්න රජයේ ප‍්‍රතිපත්තිය බව මෙහිදි සඳහන් කළ ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ට කිසිදු හානියක් නොවන අයුරින් සයිටම් ආයතනය පිළිබඳ රජය තීන්දු තීරණ ගෙන තිබෙන බව ද සඳහන් කළේය.

    මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව මතුව ඇති තත්ත්වයේ වගකීම, ඒ පිළිබඳ නීතිමය බලය සහ අයිතිය ඇති සියලු ආයතනවලට පැවරෙන බව ද සඳහන් කළ ජනාධිපතිතුමා ආයතනික බලය පිළිබඳ පවතින කඹ ඇදීම මෙම ඛේදවාචකයට හේතු වූ බවත් දැනට පවතින වැඩපිළිවෙළට අමතරව මෙම තත්ත්වය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා මාසයක් තුළ වාර්තා කිරීම වෙනුවෙන් විශ‍්‍රාමික විනිසුරුවරයෙක්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ලබන සතියේ කටයුතු කරන බව ද සඳහන් කළේය.

    කවුරුන් කුමන ව්වේචන සිදු කළ ද අද රටේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂමව හා සාර්ථකව ඉදිරියට ගමන් කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා සංවර්ධන කටයුතුවල ප‍්‍රගතිය සමාලෝචනය කෙරෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම්වල සහ ප‍්‍රදේශීය සංවර්ධන කමිටු රැස්වීම් සඳහා මැති ඇමතිවරු දින ලබා නොදීම හේතුවෙන් සිදුවූ ප‍්‍රමාදයන් වළක්වමින් ඒ සඳහා වාර්ෂික දින ඇතුළත් චක‍්‍ර ලේඛයක් අදාළ සියලු මැති ඇමතිවරුන් සහ නිලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කරන බව ද මෙහිදී පැවසීය.

    මාධ්‍ය ප‍්‍රධානීන් හා පුවත්පත් කතුවරුන්ගේ හමුව අමතා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
    (2017-04-20 වන දින කොටුව ජනාධිපති මන්දිරයේදී)

    සියලුදෙනාටම සුබ නව වසරක් වේවා. මැති ඇමතිවරුන් රාජ්‍ය හා රාජ්‍ය නොවන මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් නව වසරේ හමුවූ පළමු අවස්ථාව මෙයයි. ගෙවීගිය වසරවල අත්දැකීම් සමග රටේත් මහජනතාවගේත් රජයේත් යහපත් අරමුණු ඉටු කර ගැනීම සඳහා සියලුම මාධ්‍ය ආයතනවල සහයෝගයත් පසුගිය කාලයට වඩා රාජ්‍ය ප‍්‍රතිපත්ති සහ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේදී අපිට ලබා දෙන්න කියා ඉතා ගෞරවයෙන් මා සියලු මාධ්‍ය ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.
    අද මෙම හමුවීම යොදා ගත්තේ කරුණු කිහිපයක් මුල් කරගෙනයි. රජයක් විදියට කටයුතු කිරීමේදී විවේචන, චෝදනා, නින්දා, අපහාස මේ සියල්ල අපි තක්සේරු කරන්නේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක තිබෙන උපරීම නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විඳීමේ අවස්ථා ලෙසයි. මේ රටේ ජනතාව මාව බලයට පත්කර ගත්තේ ජනාධිපති ධූරයේ බලතල අවම කිරීම ද තවත් පැත්තකින් තනතුර අහෝසි කිරීමට ද යන මේ කරුණු දෙකම මුල් කර ගෙනයි. ඒ දෙකෙන් ඕන එකකට මම එදත් සූදානම් අදත් සූදානම් කිසිදු ප‍්‍රශ්නයක් නැහැ.

    අපේ රටේ එක්තරා කාලයක අත්දැකීම වූයේ මැතිවරණ නොපවත්වා පවතින ආණ්ඩුවේ කාලය දීර්ඝ කර ගැනීමයි. එම ක‍්‍රමය වෙනස් කිරීමට බලයට පැමිණි අප කුමන අභියෝගයක්, ප‍්‍රශ්නයක් ආවත් දීර්ඝ කාලයක් අත්දැකීම් තිබෙන පිරිසක් විදියට සියලු ක්ෂේත‍්‍රවල දේශපාලන අංශ වගේම උගත් බුද්ධිමත් පිරිසක් සමග මේ රට යහපත් සුබවාදී රටක් කිරීමයි අපේ පවිත‍්‍ර වූ නිර්මල වූ ශ්‍රේෂ්ඨ උතුම් අරමුණ. ඒ අරමුණ කරා අපි යනවා.

    අපේ රටේ ආර්ථිකය පිළිබඳව කරන විවේචන, විග‍්‍රහයන් තිබෙනවා. රජයක් විදියට අපිත් ආර්ථික වශයෙන් සිටින්නේ අසීරු තත්ත්වයක කියා අපි කිව්වේ විදේශ වත්කම් පහත බැසීම සහ විදේශ ණය නිසා. අලුත් අවුරුද්දේ මම ඉතා පැහැදිලිව සහ නොබියව රටට දෙන පණිවුඩය තමයි, ඉදිරි කාලය තුළ එවැනි බරපතළ ආර්ථික අර්බුදයකට අපි යන්නේ නැහැ. අපි ආර්ථික වශයෙන් හොඳ ගමන් මගකට වැටී තිබෙනවා. අගමැතිතුමාත් මමත් අමාත්‍ය මණ්ඩලයත් මහ බැංකුවේ ආර්ථික විශේෂඥයින් මේ සියලුදෙනා සමග අපි යහපත් ප‍්‍රතිඵල ලබාගත හැකි පැත්තකට අපේ ආර්ථික ගමන් මග ගෙනවිත් තිබෙනවා. අද දවසේ තත්ත්වය ගත්විට, අපේ විදේශ වත්කම් ඩොලර් බිලියන 5 කට වැඩි ප‍්‍රමාණයක් තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ එම තත්ත්වයේ ඉහළ වර්ධනයක් ඇති වෙනවා. අපේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් උපදේශකවරු විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරනවා. මුදල් ඇමතිවරයා සහ අපේ ආර්ථික විශේෂඥයින් මේ දිනවල සිටින්නේත් වොෂිංටන්වලයි. එහි තොරතුරුත් ඉතා සුබවාදීයි. මහා ආර්ථික අර්බුදයක් මවා පාගෙන අසුබවාදී ලෙස සිතා සියල්ල කඩා වැටෙන බව කිය කියා සිටින විවේචකයින්ට දීමට ඇති පිළිතුර එයයි.

    අපේ අපනයන වෙළෙඳාම විදේශ වත්කම් වැඩි කරලා. අද තේ වලට තියෙනවා ඉහළම මිලක්. තේ මිල පහළ වැටුණාම ජනතාව දේශපාලනඥයින්, මාධ්‍ය ආණ්ඩුවට ගහනවා. අද දීර්ඝ කාලයකට පසුව තේ සඳහා ඉහළ මිලක් ලැබෙනවා. හැබැයි ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. රබර්වලටත් අද ඉතා හොඳ මිලක් තිබෙනවා. 2015 මැද භාගයේ මම කළුතර දිස්ත‍්‍රික්කයේ උත්සවයකට ගිය අවස්ථාවේදී අහිංසක ජනතාව දැඩි ස්වරූපයකින් කිව්වා රබර් මිල සහ තේ මිල පහත වැටීම තුළ ඔවුන්ට ජීවත් වීම අපහසු බව. අද තේ සහ රබර් වලට ඉහළ මිලක් තිබෙනවා.

    අද උදේ මම දැක්කා එක්තරා ජාතික පුවත්පතක සම්පූර්ණ පිටුවක තිබුණා ආර්ථික විග‍්‍රහයක්. එහි සඳහන් කර තිබුණා කෘෂිකර්මාන්තය පහත වැටීම පිළිබඳව. 2016 කාර්තු හතරේම කෘෂිකර්මය සෘණ අගයන් පෙන්නුම් කරන බව සඳහන් කර තිබුණා. තේ රබර් කියන්නෙත් කෘෂිකර්මාන්තයයි. පොල් මිල ඉහළ යාම පාරිභෝගිකයාට ප‍්‍රශ්නයක් වී තිබෙනවා. නමුත් නිෂ්පාදකයාගේ පැත්තෙන් පොල්වලට හොඳ මිලක් තිබෙනවා. හැමදාම විවේචනය කරන වී වලට අද දවසේ ඉතා ඉහළ මිලක් තිබෙනවා. තෙත අමු වී, වී මෝල් හිමියන් ගන්නේ රුපියල් 40 න් ඉහළයි. වී සඳහා ගොවියාට නිෂ්පාදකයාට හොඳ මිලක් ලැබුණට පාරිභෝගිකයාට එහි බලපෑමක් තිබෙනවා. එම ප‍්‍රශ්නය දැන ගෙනයි පසුගිය මාස කිහිපයේම සහල් පිටරටින් ගෙනාවේ. ඒ වෙළෙඳපොළේ තත්ත්වය පාලනය කරන්නයි. අපි සහල් වෙළෙඳපොළ පාලනය කරගත්තා. 2016, 2017 මාස් කන්නයේ නියඟ තත්ත්වයක් ආවා. එය වී වගාකරන කාල සීමාවයි. නියඟ තත්ත්වය තුළ රටේ සහල් නිෂ්පාදනය ඇතුළු කෘෂිකර්මාන්තයේ 40% ක පහත වැටීමක් අපේක්ෂා කළා. බලාපොරොත්තු නොවූ ආකාරයට නැවත වහින්න පටන් ගත්තා. ඒ තුළ හොඳ තත්ත්වයක් ඇති වුණා. නමුත් වගා කටයුතු ආරම්භ කරන වෙලාවේ වර්ෂාව නොමැතිවීම ආර්ථිකයට බලපෑවා.

    අපි ඖෂධ මිල විශාල ලෙස පහත දැම්මා. කිසිම ආණ්ඩුවක් කිසි දවසක නොකරපු වැඩක්. කිසි කෙනෙක් අත තිබ්බේ නැති වැඩක්. මම සෞඛ්‍ය ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා ඒ පිළිබඳව නායකත්වය ගෙන රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් ඖෂධ මිල විශාල ලෙස පහත දැම්මා මෙන් තව නිදහස් සෞඛ්‍ය සේවාව තුළින් ජනතාවට සහන රාශියක් දීම පිළිබඳව. හෘද ශෛල්‍යකර්මවලදී අවශ්‍ය ස්ටෙන්ත් නොමිලේ දීම ඒ අතරට එකතු වනවා. අක්ෂි කාච පිළිබඳව අවුරුදු ගණනාවක් විශාල ජාවාරමක් තිබෙනවා. රෝහල් ඉදිරිපිට වෙළෙඳසැලක් දා ගෙන දුප්පත් මිනිහාට ගන්න බැරි විදියට අධික මිලකට විකුණුවා. නමුත් අද ඒවත් නොමිලේ දෙනවා. මෙවැනි දේ පැහැදිලිවම දුප්පත් පොදු මහජනතාවට ලබා දෙන සහනයි. බොහෝ අය කියනවා කිසි වැඩක් කරන්නේ නැහැ කියා.
    ලංකා ගමනා ගමන මණ්ඩලය බිලියන 12 ක EPF, ETF ගෙවා තිබුණේ නැහැ නඩු ඉවරයක් නැහැ. ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාගේ සිට නිලධාරීන් උසාවි ගෙනියනවා. අද ඒ නඩු සියල්ල අවසන් කර තිබෙනවා. බිලියන 12 ක් ගෙවන්න තිබුණ එක බිලියන 6 ක් මේ අවුරුදු එකහාමාර තුළ ගෙවා තිබෙනවා. නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රවාහන ඇමතිතුමා ලෙස මහ මැතිවරණයෙන් පසු පත්වුණා. සේවක සුභ සාධනය, කාර්ය සාධනවල වර්ධනය, ආයතනික ප‍්‍රගතිය සකස් කර තිබෙනවා.

    ලංගම සහ දුම්රිය ඉඩම් සෑම ආණ්ඩුවක්ම අවුලක් කර ගත්තා. ඒ තිබුණු ප‍්‍රශ්න විසඳ ගත්තේ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් කවදත් මංකොල්ලයක්. නමුත් අපේ ආණ්ඩුව යටතේ හැකියාව ලැබුණා ඒ සියල්ල නිරවුල් කර මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනයකට ඉඩම්වල අයිතිය භාර දෙන්න.

    ඒ විදියට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගැන යම් යම් විවේචන තිබුණා. මම ඒ පිළිබඳ අදාළ ආයතනවලින් විමසීමක් කළා. අද ගුවන් පථය 380 ගුවන් යානා බස්සන්න පුළුවන් තත්ත්වයට හදලා තියෙනවා. මේ ගුවන් පථය පිළිබඳ විශාල ප‍්‍රශ්නයක් තිබුණා. අපිට පුළුවන් වුණා කෙටි කාලයකින් ඒ කටයුත්ත අවසන් කරන්න. සෑම ආණ්ඩුවක්ම ගුවන් තොටුපළේ තිබෙන තීරු බදු වලින් නිදහස් වෙළෙඳසැල් ටික තමන්ගේ හිතවතුන්ට දෙන එක තමයි කළේ. පසුගිය කාලවලදී ඒ හුඟක් ඒවා ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ටයි අයිති වෙලා තිබුණේ. පළමු වතාවට ආණ්ඩුවක් මේ වෙළෙඳසැල් ටෙන්ඩර් දැම්මා. කලින් කළේ කවුරු හරි ඉන්න කෙනෙකුට අත යටින් ගාණක් අරන් ඉන්න කෙනෙකුට දෙන එක.

    අපිට කලින් ආදායම් ලැබිලා තිබුණේ ඒ ආයතනවලින් එන ආදායම්වලින් සියයට 24යි. මේ ටෙන්ඩර් ක‍්‍රමයෙන් පසුව සියයට 40 දක්වා ආදායම වැඩි කළා. රටේ සංවර්ධනය ගැන කතාකරන විට අපි කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරලා කෙටි කාලයකින් මොරගහකන්ද ව්‍යාපෘතියේ වතුර පිරෙව්වා. අද ලංකාවේ තිබෙන ඉහළම ධාරිතාවක් තිබෙන ව්‍යාපෘතියක් මොරගහකන්ද. මීට කලින් පරාක‍්‍රම සමුද්‍රය තමයි එක වෙලා තිබුණේ. අපි ඉතාම කෙටි කාලයකින් ඒ කටයුතුවල සාර්ථකත්වය පෙන්නුවා. මොරගහකන්ද ටනල් එකට අපිට කුවෙට් රජයෙන් මුදල් ලැබුණා. දැන් ඒ වැඩත් පටන් ගන්නවා.

    ලංකාවේ මෑත සිදුවු විශාලතම පාවාදීම වන පෝට්සිටි ගිවිසුමට අපි ආණ්ඩුව ගන්න කොට අත්සන් කර තිබුණේ. මීට පෙර මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම ගිවිසුමකට අත්සන් කරලා තිබුණේ නැහැ. අපි ඒක වෙනස් කළා. චීනයේ හොඳ හිත තියාගෙන චීන රජය සමග සාකච්ඡා කරලා ඒ ගිවිසුම වෙනස් කළා අපි. කෙළිින්ම හෙක්ටයාර් 200ක් සින්නක්කරව දීලා තිබුණේ. අපි ඒක බදු ක‍්‍රමයට ගත්තා. කලින් තිබුණ විදියට එතැනින් හෙලිකොප්ටර් එකක් යන්නත් චීනයෙන් අවසර ගන්න ඕන. ඒ විදියට තමයි ගිවිසුම තිබුණේ. හැබැයි ඒ ගැන කතා කරන්නේ නැහැ. රට පාවාදෙනවා කියලා තමයි කියන්නේ.

    අනෙක් පැත්තෙන් ගත්තාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 2015 මාර්තු මාසයේ එන්න තිබුණ යෝජනා බොහෝ දුර්වල කරලා අපි සැප්තැම්බර්වලට කල් දාගත්තා. අපි කිරීමට හැකි දේ පිළිබඳ පමණක් කටයුතු කරගෙන ගියා. කරන්න බැරි දේවල් අපි කිව්වා කරන්න බැහැ කියලා පැහැදිලිවම. දැන් අපිට මේ පාර පුළුවන් වුණා අවුරුදු දෙකකින් ඒ ආපු යෝජනා කල් දාගන්න. ඒවාට අපි උත්තර බඳින්න ඕන තව අවුරුදු දෙකකින් තමයි. මම හිතනවා කිසිදු ප‍්‍රශ්නයකින් තොරව රට තුළ කළ හැකි සුදුසු වෙනස්කම් කරන්න අපිට පුළුවන් කියලා. අපේ රටේ ආරක්ෂක අංශ ඇතුළු සියලු ක්ෂේත‍්‍රවලට කිසිදු ප‍්‍රශ්නයක් නොවන විදියට ඒ ගනුදෙනුව මම බේරගන්නවා. මට ඒක බොහොම පැහැදිලිිව කියන්න පුළුවන්. අද තිබෙන ජාත්‍යන්තර හොඳ හිතත් සමග.

    ඔබ මාධ්‍ය ප‍්‍රධානීන් විදියට ඔබ අපි මෙන්ම රටේ ජනතාව දකිනවා උතුරේ නැවත පදිංචි කිරීම් සහ අතුරුදන්වූවන් පිළිබඳව විවිධාකාරයේ විරෝධතා තිබෙනවා. අපි නැවත පදිංචි කිරීම් සියයට 60ක ට වැඩිය අවසන් කරලා තිබෙනවා. තව ඉතා සුළු පිරිසයි ඉන්නේ අවතැන් කඳවුරුවල. මේ ඉදිරි මාස කිහිපය තුළ මා බලාපොරොත්තු වෙනවා ඒ කටයුතු අවසන් කරන්න. ඒ වගේම අතුරුදන්වූවන් සම්බන්ධයෙන් මීට පෙර තිබුණ කොමිෂන් වාර්තා අරගෙන ඒ පිළිබඳ ඉල්ලීම් කරන අයට නිවැරදි තොරතුරු ලබාදීම සඳහා මම විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ ප‍්‍රශ්නත් අපිට විසඳගන්න පුළුවන්.

    අනෙක් පැත්තෙන් අපි එළැඹෙන ජාත්‍යන්තර වෙසක් සතිය වෙනුවෙන් ප‍්‍රධාන ආරාධනය කරලා තියෙන්නේ ඉන්දීය අග‍්‍රාමාත්‍යතුමාට. සමාප්ති උත්සවයේ ආරාධිත අමුත්තා වන්නේ නේපාලයේ ජනාධිපතිතුමා. එතුමා පැමිණෙනවා සමාප්ති උළෙලට. ඒ වගේම මේ සඳහා අපි ආරාධනා කරලා තියෙනවා ලොවපුරා බෞද්ධ රටවල රාජ්‍ය නායකයින්, බෞද්ධාගමික නායකයින් හා ජනතාවට. ඒ නිසා ජාත්‍යන්තර වෙසක් උළෙල ඉතාමත් වැදගත් වෙනවා. ඒ සඳහා ඔබතුමන්ලාගේ සහය බලාපොරොත්තු වෙනවා.

    අනෙක් පැත්තෙන් ගත්තාම රාජ්‍ය අංශයේ කටයුතු සම්බන්ධයෙන් තිබෙන නොයෙකුත් විවේචන. ඒ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන ඉදිරි සති දෙකක් ඇතුළත රජයේ කටයුතු වලට අලුත් මුහුණුවරක් දෙනවා. බොහෝ රාජ්‍ය ආයතනවල තනතුරු වෙනස් වෙන්න පුළුවන්. එහිදී අපි පුද්ගලයින්ගේ වෙනස්කම් වගේම ආයතනික වශයෙන් කළ යුතු කාර්ය සාධනයේදී කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් අලුත් වැඩපිළිවෙළක් හඳුන්වා දෙනවා. සංවර්ධන කටයුතු ප‍්‍රගති සමාලෝචනයේදී අපේ සමහර ඇමතිවරු දින ලබාදෙන්නේ නැති නිසා ප‍්‍රමාදයන් ඇතිවෙන බව මට වාර්තා වෙලා තිබෙනවා සමහර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවුරුදු කිහිපයකට එක්වරක් වත් ප‍්‍රගති සමාලෝචනය කරලා නැහැ. අදාළ නිලධාරීන් දින ලබාදී නැති නිසා. නමුත් මම දැන් උපදෙස් දීලා කාලසටහනක් හදලා සියලුම දිස්ත‍්‍රික්කවල සම්බන්ධිකරණ කමිටු රැස්වීම පවත්වන දිනයත් ප‍්‍රාදේශීය ප‍්‍රගති සමාලෝචන දින අපි මෙහෙන් දන්වා යවනවා, අදාළ නායකයින් වෙත සංවර්ධන කටයුතු නිසි ලෙස කරන්න කියලා.

    ඒ වගේම හිටපු විගණකාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා ජනාධිපතිවරයා විසින් විගණනය වෙනුවෙන් කළයුතු වගකීම් පසුගිය වසර ගණනාවක් පුරාම කෙරිලා නැති බව. ඒක මේ වසර දෙකේ මගෙන් වෙලත් නැහැ, හිටපු අයගෙන් වෙලත් නැහැ කියලා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ අමාත්‍යවරුන් පත්කළාට ජනාධිපතිවරයාගේ බලතල තුළ බොහොම පැහැදිලිව කියවෙනවා විගණනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඇති වගකීම පිළිබඳ. එවිට අදාළ අමාත්‍යාංශ තුළ විගණන කටයුතු හා ප‍්‍රගති සමාලෝචන කිරීම් ජනාධිපති විසින් කළ යුතුයි කියලා. ඒ නිසා අපේ අදාළ නිලධාරීන් සමග මම මැයි මාසයේ සිට ඒ වැඩපිළිවෙළත් සකස් කරනවා අදාළ විගණන නිලධාරීන් සහ අනෙකුත් ආයතන ප‍්‍රධානීන් ගෙන්වා ගෙන ඒ කටයුතු ක‍්‍රමවත්ව හා විධිමත්ව ඉටුකිරීම සඳහා.

    මීට අමතරව විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණු දෙකක් සම්බන්ධයෙන් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දීර්ඝ කාලයක සිට බරපතළ ප‍්‍රශ්නයක් වුණ උපවාස, විරෝධතා හා සත්‍යග‍්‍රහ සිදුවුණ හා සිදුවෙමින් පවතින සයිටම් පිළිබඳ ප‍්‍රශ්නය. සයිටම් එක පිළිබඳ ප‍්‍රශ්නයේදී උසස් අධ්‍යාපන ඇමතිතුමා හා සෞඛ්‍ය අමාත්‍යතුමා පසුගිය කාලය තුළ විශාල වෙහෙසක් හා උනන්දුවක් ගත්තා ඒ සඳහා අවශ්‍ය විසඳුම් දෙන්න. ඊට පසුව මමත් එතුමන්ලා සමග එකතු වුණා. මම ඊට අදාළ සියලු ආයතන ගෙන්වා සාකච්ඡා වට තුනක් තිබ්බා. ඊට අමතරව අපි අදාළ අංශ සමග වරින්වර සාකච්ඡා කරලා තමයි පසුගිය දිනවල වැඩපිළිවෙළක් සකස් කළේ. ඒ පිළිබඳ පුවත්පත්වල අතිරේක පළවුණා රජය ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන්.

    ඒ ඉදිරිපත් කළ කාරණා වඩාත් පැහැදිලි කිරීමට අවශ්‍ය නම් මම ඒ ගැන ඇමතිවරුන්ට අවස්ථාව ලබා දෙනවා. ඊයේ පෙරෙදා ප‍්‍රකාශ කළ කරුණුවලට අමතරව අපි තවත් අලුත් යෝජනා කිහිපයක් සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය කි‍්‍රයාත්මත කරන්න තීරණයක් ගත්තා. ඒ තීන්දු ගන්න හේතු වුණේ පසුගිය කාලවලදි කරපු සාකච්ජාවලදි ආපු අදහස් මම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමගත් කතා කළා. ඒ දරුවන් ජනාධිපති කාර්යාලයට ගෙන්වලා ඒ මම ඒ අය සමගත් කතා කළා ඒ අයගේ අදහසුත් ගත්තා. ඒ සියලු අදහස් අනුව මේ ඊයේ පෙරේදා ප‍්‍රකාශයට පත් කරපු කරණුවලට අමතරව මෙන්න මේ කාරණාත් අපි කි‍්‍රයාත්මක කරන්න ස්ථිර තින්දුවකට ඇවිත් තිබෙනවා, සයිටම් ආයතනය පිළිබඳව.

    විශේෂයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මා සමග සාකච්ජාවේ දි කීයපු කාරණාවක් තමයි මේ සයිටම් ආයතනය තනි පුද්ගලයෙකුගේ ආයතනයක්. ඒ තනි පුද්ගලයෙකුගේ ආයතනයක් විදියට ඒකාධිකාරියක් විදියට පවත්වාගෙන යන්නේ. මෙතන කිසිම පොදු බවක් සාමූහික බවක් නැහැ. ඒ නිසා අපි සයිටම් ආයතනයේ ප‍්‍රධානීන් සමගත් අපේ ඇමතිතුමන්ලා සාකච්ජා කළා. ඒවගේම මමත් තොරතුරු හුවමාරු කර ගත්තා. සම්පූර්ණයෙන්ම තනි පුද්ගලයෙකුගේ අයිතියෙන් බැහැරව මෙය කොටස් වෙළ‍ෙඳපොළට දාලා. පෞද්ගලික එහෙත් සාමූහික ආයතනයක් විදියට ව්‍යවස්ථාපිත ආයතනයක් විදියට ස්ථාපනය කරන්න. අනෙක් එක සාමාන්‍ය මහජනයාටත් කොටස් අයිතිය කැමති නම් රුපියල් 100 ක් දාලා කොටස් අයිතිය ගන්න. ඒ සඳහාත් ඉඩ කඩ ලබා දෙමින් මේ තනි අයිතියෙන් බැහැර කරලා, මෙය පොදු සාමූහික ආයතනයක් බවට පත් කිරීම කළ යුතුයි කියලා ඒ ගොල්ලන්ට නියෝග කරනවා.

    ඊළඟ කාරණා තමයි මෙහි කළමනාකාරීත්වය සහ පාලන අධිකාරියත් තනි පුද්ගල අයිතියක් මත මෙතෙක් තිබෙන්නේ. අපි සම්පූර්ණයෙන්ම ඒ ගැන ප‍්‍රතිපත්ති තීන්දුවක් මත නියෝග කරනවා පාලක මණඩලයක් පත් කළ යුතුයි කියලා. පාලක මණ්ඩලයක් යටතේ පරිපාලන කළමනාකාරීත්වය ඒ කටයුතු සියල්ල කළ යුත්තේ කියලා. ලෝකයේ විශේෂයෙන් රාජ්‍ය නොවන අධ්‍යාපනය ආයතන, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල තිබෙන සැලසුම් ක‍්‍රමවේදයන් සැලකිල්ලට අරගෙන.
    අපි රජයක් විදියට පැහැදිලිව පිළිගන්නවා නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම වගේම නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ගුණාත්මක කිරීම, විධිමත් කිරීම, ප‍්‍රමිතියෙන් උසස් කිරීම, කාර්යක්ෂම කිරීම, සම්පත් ලබාදීම, වැඩි ප‍්‍රතිපාදන ලබාදීම එය අපේ ප‍්‍රමුඛ කාර්යය වගේම ලෝකයේ ඉහළ සංවර්ධනයක් තිබෙන දියුණුම රටවල්වල ඉඳලා, අද අඩු සංවර්ධනයක් තිබෙන රටවල් පවා පිළිගත් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන අපේ රටේ තිබිය යුතුයි කියන එක අපි ප‍්‍රතිපත්තියක් විදියට පිළිගන්නවා. මේ දක්වා ඔබ දන්නවා වෛද්‍ය පීඨයක් ඇරණු කොට අනෙක් සියලු පෞද්ගලික අධ්‍යාපන අංශ මේ රටේ තිබෙනවා.

    වෛද්‍ය උපාධිය සඳහා රජය තීන්දු කරලා තිබෙන ක‍්‍රමවේදයන් තුළ වෛද්‍ය උපාධියේ අවම සුදුසුකම් රජය ප‍්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඔබ දන්නවා වාර්ෂිකව මේ රටෙන් 75000 ක්, 85000 ක් අතර දරුවන් සංඛ්‍යාවක් උසස් අධ්‍යාපනය සඳහා පිට රට යනවා. අවුරුද්දකට උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් 125000, 150000 අවශ්‍ය සුදුසුකම් ලැබුවත් 25000 කට තමයි විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙන්නේ රජයේ නිදහස් අධ්‍යාපනය ලබන්න.

    ඉස්සර නම්, පිට රට යැවුවේ පොහොසත් පවුල්වල දරුවෝ. අද එහෙම නැහැ අද ඉතාම දුප්පත් පවුල්වල දරුවෝ තමන්නේ කන කර විකුණලා, ඉඩ කඩම් විකුණලා දෙමව්පියෝ දරුවන් පිට රට යවනවා. දරුවන්ට උගන්වන්න දරුවන්ගේ අනාගතයට.

    අපි ඒ පැත්තත් අපි හිතන්න අවශ්‍යයි. ලෝකයේ දියුණු රටවල්වල තිබෙන අධ්‍යාපන සැලසුම් ක‍්‍රමවේදයන් අධ්‍යාපනය කියන එක විවෘත වෙන්න අවශ්‍යයි අධ්‍යාපනය කියන එකට වයස් සීමාවක් නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය තමයි ප‍්‍රමුඛ වෙන්නේ. ඒ තුළ අපි නිදහස් අධ්‍යාපනය පැහැදිලිව ශක්තිමත් කරමු. විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රය වඩ වඩාත් ශක්තිමත් කරමු.

    විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන දරුවන්ගේ අනාගතයට කිසිදු හානියක් නොවන විදියට ඒ අයගේ සියලු අයිතිවාසිකම් වරප‍්‍රසාද ශක්තිමත් කරමින් අපි මේ තීරණ අරන් තියෙන්නේ මේ සයිටම් ආයතනය සම්බන්ධයෙන්. සයිටම් ආයතනයේ දෙන ශිෂ්‍යත්ව ප‍්‍රමාණය වැඩි කරන්න කියලා අපි දන්වලා තියෙනවා. අන්තරේ ශිෂ්‍යයින් කියපු කාරණාවක් තමයි ඉතා අධික මුදලක් අය කරනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඒ තියෙන ආදායම් ත්ත්වයත් එක්ක ඒ තියෙන කළමනාකරීත්වයත් එක්ක ඒ අයට තීන්දුවක් ගන්න මේ ශිෂ්‍යයන් හට සහන දෙන සංශෝධනයක් ඇති කළ යුතුයි කියන කාරණාව.

    කාගේත් අවධානය යොමු වෙලා තියෙන මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව. මේ ඛේදවාචකයේ වගකීම මේ ප‍්‍රශ්නය විසඳීමට නීතිමය බලය සහ අයිතිය තියෙන සියලු ආයතන වෙත පැවරෙනවා මේ ඛේදවාචකයේ සිදු වීම. පසුගිය අවුරුදු එක හමාර ගත්තොත් මේ වෙනුවෙන්ම අදාළ ආයතන මම රැස්වීම් තුන් සැරයක් පැවැත්වුවා. මෙතුමන්ලා දන්නවා කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳව ඒ කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ඇයි ප‍්‍රමාද වීම් ඇති වෙන්නේ කියන කාරණාව. අපේ රටේ ප‍්‍රධාන වශයෙන් ආයතනික බලය පිළිබඳව තිබෙන කඹ ඇදිල්ල තමයි මේ ඛේදචාචකයට මුල. අවශ්‍ය තීන්දු තීරණ අරගෙන ඒවා කි‍්‍රයාත්මක කිරීමට උපදෙස් දුන්නහම ඒවා කි‍්‍රයාත්මක නොකර තමන්ගේ බලය සහ අයිතිය පිළිබඳව කඹ ඇදීම ප‍්‍රධාන හේතුවක්. අනෙක් පැත්තෙන් ඔබ කවුරුත් දන්නවා මේ කුණු කන්ද සමහර අයට පවත්වාගෙන යන්න උවමනාව තිබුණා. සමහර අයට මෙතන කුණු පිරෙන කොට තමයි කැමති. කුණු ලොරියක් මෙතන බ්‍රෝකර්ලාට රුපියල් 1500 දෙන්න ඕනෑ.

    ලොරියක් පිට කරන කොට රුපියල් 1000, 1500 දෙන්න අවශ්‍යයි. මෙවැනි තත්ත්වයක් මෙතන තිබිලා තියෙන්නේ. කාටත් ඇඟිලි දික් කරන්න අවශ්‍ය නෑ අපි. ප‍්‍රශ්නය විසඳිය යුතු වෙලාවේ විසඳීමක් කි‍්‍රයාත්මක නොවී තිබියදී ඒ අනුවේදීය ඛේදවාචකයක් සිදුවුණේ. මේ සිද්ධිය වගේ දේවල් අපේ රටේ නැවත ඇති නොවන්න සියලු ආයතනවල වගකීම් දරන සියලුදෙනා, රාජ්‍ය සියලු නිලධාරීන්, දේශපාලනඥයින් හැම කෙනෙක් වගබලා ගැනීම අවශ්‍ය වෙනවා.

    අපි ඒ නැති වුණ ජීවිතවලට වන්දි ගෙව්වත් ඒ මුදලින් ඒ අය නැවත උපදින්නේ නැහැ. අපි රටක් විදියට හිතන්න ඕනෑ මේවැනි දෙවල් නැවත ඇති නොවන විදියට මේ සියලු අංශවල කටයුතු කරන්න අවශ්‍යයි.

    මම ලබන සතියේ පත් කරනවා දැනට කි‍්‍රයාත්මක වෙන වැඩපිළිවෙළට අමතරව දැනට ඒ අනතුරුදායක ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීම, ඒ අයට නිවාස ලබා දිම, ඒවගේම කුණු කන්ද එතැනින් ඉවත් කිරීම සඳහා කමිටුවක් ඇමතිතුමන්ලා, අදාළ අංශ ඒ පිළිබඳව කටයුතු කරගෙන යනවා. නමුත් බලාපොරොත්තු වෙනවා මේ මීතොටමුල්ල කුණු කන්දේ පසුබිමත් එක්ක මේ ඇතිවුණ ඛේදවාචකයත් තත්ත්වය සැලකිල්ලට ගෙන මම විශ‍්‍රාමික විනිසුරුවරයෙක් පත් කරනවා මේ සිද්ධිය මේ තත්ත්වය ඇතිවීමට හේතු වාර්තාවක් ලබා ගන්න කියලා. තීන්දු තීරණ ගත්තත් කොතනද ඒක සිද්ධ වුණේ නැත්තේ කොහෙන්ද වැරුද්ද වුණේ. කරුණු ඉදිරිපත් කරන්න විවෘතව මම ඉඩ කඩ ලබා දෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ මාසයක් වගේ කෙටි කාලයකින් ඒ කටයුතු අවසන් කරන්න. ඒ තුළ අපි කාටත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි වැරැද්ද කොතනද කියන එක රටට කියන්න සිද්ධ වෙනවා හරි හැටි නීත්‍යානුකූලව විධිමත්ව කියන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාගේ කාරණික අවධානය යොමු කරන්න.

    [rns_reactions]

  • ඩෙංගු මදුරුවාට වඩා මාරාන්තික මදුරු දඟර ගැන ඔබ දැනුවත්ද?

    ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම, දේශගුණික හා පාරිසරික විපර්යාස, අක්‍රමවත් නාගරීකරණය, අවිචාරවත් මිනිස්‌ ක්‍රියාකාරකම් වැනි විවිධ හේතු නිසාවෙන් ලොවපුරා මදුරු ගහනය අති විශාල ලෙස වර්ධනය වෙමින් පවතින බවත්, එයට සාපේක්‍ෂව මදුරුවන් මගින් බෝවන භයානක රෝග රාශියකට මානව වර්ගයා ගොදුරු වෙමින් පවතින බවත් පෙනෙන්නට තිබෙන තත්ත්වයකි. වැඩි වන මදුරු ගහනය පාලනය කිරීම සඳහා, වඩා තිරසාර සහ පරිසර හිතකාමී ක්‍රමවේදයන් කෙරෙහි වන උනන්දුව පසෙකලා, ක්‍ෂණික සහ “සැෂේ” ක්‍රමවල පිහිට පැතීමට නූතන මිනිසා දක්‌වන උනන්දුව නිසාවෙන් ජනප්‍රිය සහ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‌ඩයක්‌ බවට දැන් “මදුරු කොයිල්”, “මේට්‌”, එරසෝල්” සහ විවිධ “ක්‍රීම් වර්ග” වැනි මදුරු විකර්ෂක  පත්ව ඇත. මේවා කොතෙක්‌ ජනප්‍රියද කිවහොත් ලොව පුරා ජනතාව වර්ෂයකදී ඇමැරිකන් ඩොලර් බිලියන දෙකකටත් වඩා වැඩි මුදලක්‌, මදුරු කොයිල් සඳහා පමණක්‌ පුළුස්‌සා දමති. ශ්‍රී ලංකාවේ බස්‌නාහිර පළාත තුළ පමණක්‌ දිනකට මදුරු කොයිල් කන්ටේනර් 07 ක්‌ පමණ පිළිස්‌සෙන බව සොයාගෙන ඇත.

    බොහෝ දෙනෙක්‌ තම ගෙවත්තේ අබලන් කාණු, වැසිකිළි වළවල් සහ අනෙකුත් මදුරුවන් බෝවන ස්‌ථාන පිළිසකර කර ගන්වා වෙනුවට, මදුරු කොයිල් වල පිහිට පැතීමට පුරුදුව සිටිති. ඉදින් ඒ බොහෝ දෙනකුට තම ඒකාකාරී නීරස සහ වෙහෙසකර දින චර්යාව අවසන, නිදි සුව විඳීම සඳහා පිහිටට සිටින එකම ගැලවුම්කාරයා ඉහ අද්දරින් දල්වා තබාගන්නා මදුරු කොයිල් එකය.

    මදුරු කොයිල් සහ විකර්ශක මගින් විය හැකි සෞඛ්‍ය බලපෑම

    “පර්මිත්‍රීන්”, ඇලත්‍රීන්”,  සහ “ඩී-ට්‍රාන්ස්‌ අලත්‍රීන්” වැනි “පිරිත්‍රොයිඩ” වර්ග ක්‍රියාකාරි සංඝටක ලෙස ඇති බව ලේබලයේ සඳහන්ව ඇත. මෙයට අමතරව පිරවුම් ද්‍රව්‍ය සහ දාහකයන් ලෙස ලී කුඩු, ගොම කුඩු සහ විවිධ වර්ණක සංඝටකයන් අන්තර්ගත වේ. “පිරිත්‍රොයිඩ” කාණ්‌ඩයේ රසායනික සංයෝග ක්‍ෂීරපායී සතුන්ට සෘජු බලපෑම් ඇති කරන බව සොයාගෙන ඇත. මේවා මගින් ස්‌නායු අධි උත්තේජනයට පත් කරවන බවත්  ස්‌නායු පද්ධතිය හා මොළයේ ස්‌නායු සෛල මත අසාමාන්‍ය ප්‍රතිඵල ඇති කළ හැකි බවත් පර්යේෂණ මගින් සොයාගෙන ඇත.

    මදුරු කොයිල් සහ වෙනත් මදුරු විකර්ෂක වල ඇති “ඇලත්‍රීන්” මගින් මොළයේ අභ්‍යන්තර රුධිර වහනය වීම වළක්‌වාලන බාධකයේ  පාරගම්‍යතාවය වැඩිකරන බැවින් මොළයට සිදුකරන බලපෑම සුළුපටු වන්නට නොහැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. (විශේෂයෙන් ගර්භණී මව්වරු සහ කුඩා දරුවන් දැඩි සේ අනාරක්‍ෂිත බව පැහැදිලිය) දීර්ඝ කාලීනව මදුරු කොයිල් දුමට නිරාවරණය වීමෙන් මොළයේ ස්‌නායු සෛල වල “ඇසිටයිල් කොලීන් ප්‍රතිග්‍රාහක” වල  යළි යථා තත්ත්වයට පත්කළ නොහැකි අන්දමේ වෙනස්‌වීම් ඇති කරන බව සොයාගෙන ඇති අතර මෙහි ප්‍රතිඵලය පසුකාලීනව ඇති වන හැසිරීමේ ගැටලු සහ නොසන්සුන්තාවය වැනි ආබාධයන්ය. මොළයට සිදුකරන සුළුපටු නොවන බලපෑම නිසාවෙන් මදුරු කොයිල් දල්වාගෙන නිදාගන්නෙකු දිගු නින්දක සිටීම අරුමයක්‌ නොවේ.

    විශේෂයෙන් “ඇලත්‍රීන්” සතුව ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල කිරීමේ හැකියාවක්‌ පවතින බව, විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. (ෂපපමබදඑදංසඑහ) අපේ ශරීරයට ඇතුළුවන ඕනෑම ක්‌ෂුද්‍ර ජීවී ආසාදනයකින් අපේ ශරීරය ආරක්‍ෂා කරදෙන ස්‌වාභාවික ඉටු දෙවියා වන්නේ මෙම ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය වේ. මෙම ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල අයකුට ලෙහෙසිsයෙන්ම රෝග වැළඳීමේ සහ උත්සන්න වීමේ අවදානමක්‌ ඇත. මේ අනුව ලංකාවේ මිනිසුන් දැන් දැන් ඩෙංගු= වෛරසය හමුවේ ඉතාමත් දුර්වලව පරාජයට පත්වීමත් ඩෙංගු මරණ වැඩිපුරම වාර්තා වන්නේ මදුරු කොයිල් වැඩි පුරම දහනය කරන බස්‌නාහිර ප්‍රමුඛ තදාසන්න ප්‍රදේශවලින් වීමත් පිළිබඳව සොයා බැලිය යුතුව ඇත.

    මඳ සරුභාවය සහ වඳභාවය

    ඇතැම් මදුරු කොයිල් තුළ අඩංගු වන “ඩී-ට්‍රාන්ස්‌ ඇලත්‍රීන්” නමැති රසායනිකය මිනිසාගේ හෝමෝන පද්ධතිය කෙරෙහි අහිතකර ලෙස බලපාන බව සොයාගෙන ඇත. මෙමගින් මඳ සරුභාවය පවා ඇති විය හැකි බවත්, ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව පිළිකා ඇති වීමටත් මෙය හේතු වන්නට පිළිවන් බවත් සොයාගෙන ඇත.

    මදුරු කොයිල් තුළ අඩංගු විය හැකි අහිතකර රසායනික ද්‍රව්‍යයන්

    ඇමරිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2003 වර්ෂයේදී නිකුත් කළ වාර්තාවකට අනුව, ආසියාතික රටවල් වලින් ආනයනික මදුරු කොයිල් වර්ග රාශියකම S-2 නමැති රට තුළ තහනම් කර ඇති පිළිකාකාරක රසායනිකය අඩංගුව පැවැති බව හෙළි වී ඇත. මෙය පෙනහලු පිළිකාකාරකයක්‌ බවත් මදුරු කොයිල් ලේබලය තුළ මෙම රසායනිකය අඩංගු වන බවට සඳහන්ව නොතිබුණු බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    කොළඹ සරසවියේ රසායනික විද්‍යා අංශය තුළ කර ඇති පර්යේෂණයකට අනුව, ලංකාව තුළ භාවිත කෙරෙන මදුරු කොයිල් වලින් “කාබනිල්” සහ “බහු කාබනික, බහුචක්‍රීය ඇරොමැටික හයිෙඩ්‍රාකාබන” වර්ග සැලකිය යුතු මට්‌ටමකින් නිකුත් කෙරෙන බව සොයාගෙන ඇත. මෙම සංයෝග පිළිබඳව මැලේසියාවේ රසායනාගාරයක කර ඇති වෙනත් පර්යේෂණයකදී ඇතැම් සංයෝග සුළු මාත්‍රාවකින් වුව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ශරීර ගතවීමෙන් පිළිකා ඇතුළු යළි නිවැරදි කළ නොහැකි සෞඛ්‍ය ගැටලු ගණනාවකට හේතු විය හැකි බව සොයාගෙන ඇත. (මෙම ඇතැම් සංයෝග ඇමරිකානු පාරිසරික ආරක්‍ෂණ ඒජන්සිය විසින් තහනම් කර ඇති සංයෝගයන්ය.)

    ඉන්දියානු සිවිල් හා පාරිසරික ඉන්ජිනේරු වැඩසටහන මගින් කර ඇති තවත් පර්යේෂණයකට අනුව බොහොමයක්‌ මදුරු කොයිල් තුළ ඇමරිකානු පාරිසරික ඒජන්සිය විසින් අනුමත කර ඇති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් “කැඩ්මියන්” අන්තර්ගතව තිබෙන බව හෙළිදරව් කර ඇත.

    කාමරයක්‌ තුළ දොර ජනෙල් වසාගෙන මදුරු කොයිල් එකක්‌ දල්වාගෙන සිටින්නෙකුගේ ශරීරයට දුම්වැටි 137 ක්‌ දහනය වීමෙන් පිට කෙරෙන විෂ වායු ප්‍රමාණයක්‌ ඇතුළු වන බව මැලේසියානු ළය රෝග පිළිබඳ පර්යේෂණ පදනමේ අධ්‍යක්‍ෂ “සන්දීප් සැලිටි” මහතා අවධාරණය කර ඇත.

    තායිවානයේ චුංග් ශැන් (Cයමබට Sය්බ) වෛද්‍ය සරසවියේ කර ඇති තවත් පර්යේෂණයකට අනුව, තායිවානය තුළ පෙනහලු පිළිකාවෙන් මිය යන්නන්ගෙන් සියයට පනහක්‌ම දුම්පානය නොකරන අය බවත් මේ සඳහා එරට අසීමිත මදුරු කොයිල් භාවිතය හේතු වී ඇති බවත් හෙළි වී ඇත.

    සංවර්ධනය වන රටවල මදුරු කොයිල් නිෂ්පාදකයන් අතිබහුතරයක්‌ ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව ප්‍රමිතීන් උල්ලංඝනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2003 වාර්තාව මගින් හෙළි කර ඇත.

    මදුරු කොයිල් සහ කෘමි විකර්ශක තුළ බහුලව ඇති “පර්මිත්‍රීන්” රසායනිකය භාවිත කිරීම ඕස්‌ටේ්‍රලියානු බලධාරීන් විසින් තහනම් කිරීමට සලකා බලමින් සිටින බවට වාර්තා වී ඇත.

    මදුරු කොයිල් සහ කෘමි විකර්ශක වල ඇති රසායනික ද්‍රව්‍යයන් වලට නිතර ලක්‌වන ගර්භණී මව්වරු බිහිකරන පිරිමි දරුවන්ගේ ශිෂ්ණයේ පෙර සම විවෘත නොවීමේ ආබාධය ඇතිවිය හැකි බව (Hහචදිච්dස්‌s) තවත් පර්යේෂණයකදී අනාවරණව වී ඇත.

    මදුරු කොයිල් සහ කෘමි විකර්ෂක භාවිත කිරීමේදී සැලකිය යුතු කරුණු –

    මදුරුවන් සහ ගෘහාශ්‍රිත කෘමි මර්දනයට සහ පලවා හැරීමට පරිසර හිතකාමී ක්‍රමවේදයන් අනුගමනය කරන්න. (පරිසරය පිරිසිදුව පවත්වාගැනීම, බෝවන ස්‌ථාන විනාශ කිරීම වැනි)

    හැකි සෑම විටම ස්‌වාභාවික මදුරු විකර්ෂක කෙරෙහි අවධානය යොමු කරන්න. (පැඟිරිතෙල්, කුරුඳු, කරඹුනැටි තෙල්, නීම් තෙල් වැනි)

    මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීමට මදුරු දැල් භාවිත කරන්න.

    නිවසේ කාමර තුළට මදුරුවන්ට ඇතුල් වීමට නොහැකි වන සේ සකස්‌ කරන්න. (උදාහරණ – නිවසේ සුළං කවුලු මදුරු දැල් ප්‍රමාණයේ දැල් වලින් ආවරණය කර තැබීම.)

    මදුරු කොයිල් දැල්වීම සිදු කළ යුතුමනම්, නිදා ගැනීමට පෙර මදුරු කොයිල් දල්වා ටික වේලාවක්‌ යනතුරු හොඳින් දොර ජනෙල් විවෘත කර තබන්න (එවිට මදුරුවන් පලා යනු ඇත.) පසුව මදුරු කොයිල් එක නිවා දමා දොර ජනෙල් වසා නිදාගන්න.

    ගර්භණී මව්වරුන් සහ කුඩා දරුවන් මදුරු කොයිල් දුමාරයට නිරාවරණය වීමට ඉඩ නොතබන්න.

    මදුරු කොයිල් මිනිසාට විෂ බැවින් ඇල්ලීමෙන් පසු සබන් යොදා අත් සෝදන්න. ළමයින්ට ළඟා වීමට නොහැකි ස්‌ථානයක ඒවා ගබඩා කර තබන්න.

    මදුරු විකර්ෂක ක්‍රීම් වර්ග, ලෝෂන් වර්ග ශරීරයේ ගැල්වීමට ගන්නවානම්, “ඩීට්‌” (DEEඔ) නමැති කෘත්‍රීම රසායනිකය අන්තර්ගත නොවන වර්ගයක්‌ මිලදී ගන්න. “ඩීට්‌” විශේෂයෙන් කුඩා ළමුන්ට හානිකර බව සොයාගෙන ඇත.

    මදුරුවන් වැනි කෘමි සතුන් ඉක්‌මනින්ම පාරිසරික තත්ත්ව සහ කෘමිනාශක වලට අනුවර්ථනය වන බැවින් එකම රසායනික සංයෝගයක්‌, එකම මාත්‍රාවකින් දිගින් දිගටම මදුරුවන් පලවා හරින්නට හෝ මරා දැමීමට භාවිත කළ නොහැකි වනු ඇත. තරගකාරී වෙළෙ¹ම තුළ එක්‌ හෝ මදුරු කොයිල් වර්ගයේ ක්‍රියාකාරී සංඝටකය හෝ එහි සාන්ද්‍රණය වෙනස්‌ කළ යුතු වේ. නොඑසේනම්, විෂ අධික රසායනික ද්‍රව්‍යයක්‌ එක්‌ කළ යුතුව ඇත. (කෘමිනාශක වලට ආසනික්‌, කැඩ්මියම් සහ සයිනයිඩ් එක්‌ කර ඇතැයි යන ප්‍රකාශය සැලකිල්ලට ගන්න.) එසේ නොකරන්නේනම් අදාළ මදුරු කොයිල් සංනාමය කිසිවකු මිලදී නොගන්නවා ඇත. මෙම විෂම චක්‍රය මහජන සෞඛ්‍යට කිසිසේත් හිතකර නොවන්නක්‌ බව පැහැදිලිය.

    එබැවින් කෙටිකාලීන සංකූලතා වන හුස්‌ම ගැනීමේ අපහසුතා, ඇස්‌ දැවිල්ල, කැස්‌ස, හිසරදය, ඇදුම, ස්‌වසන පද්ධතියේ දැවිල්ල, කැසීම, නාසයේ සහ උගුරේ ඇති වන වේදනාව, වමනය, ඔක්‌කාරය වැනි සෞඛ්‍ය ගැටලු මෙන්ම මඳ සරුභාවය, ඇදුම, පෙනීමේ ආබාධ, අක්‌මාවට හානි සිදුවීම, ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල වීම සහ පිළිකා ඇති වීම වැනි දීර්ඝ කාලීන පලපෑම් රාශියකට හේතු විය හැකි මදුරු කොයිල් දැල්වීම, මදුරුවන්ටත් වඩා භයානක විය හැකිය යන්න හුදු හිතළුවක්‌ නොවන බව පැහැදිලි කර ගැනීමට මෙය ප්‍රමාණවත් වෙතැයි සිතමි.

    [rns_reactions]

  • "අරණායක නාය යනකොට මුලින්ම කෝල් එක දුන්නේ මං" චතුරගෙන් තවත් සත්‍ය කතාවක්(video)

    චතුර සේනාරත්න පිළිබඳව අපට අමුතුවෙන් ඔබව දැනුවත් කිරීමට අවශ්‍ය නෑ.

    අරණායක නාය යෑම සම්බන්දයෙන් ඔහු කල මේ කතාවත් අහලම බලන්න.

    [rns_reactions]

  • අපේ මාලිංගට රිදෙන්න ගුටි වැදුනු MI vs KXIP තරගයේ විශේෂ අවස්ථා මෙන්න – (විඩියෝ)

    කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම කඩුලූ 08කින් පරාජය කරමින් අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ තවත් ජයග‍්‍රහණයක් හිමි කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

    පළමුවෙන් පන්දුවට පහර දුන් පංජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 04ක් දැවී ලකුණු 198ක් ලබා ගත්තා.

    මුම්බායි කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 03කදී කඩුලූ 02ක් පමණක් දැවී ලකුණු 199යි.

    නිතීෂ් රාණා පන්දු 34කදී නොදැවී ලකුණු 62ක් ලබා ගත්තා.

    ඊට හයේ පහර 07ක් ද ඇතුළත්. පන්දුවාර විස්සයි විස්ස තරගයකදී පිතිකරුවෙකු විසින් එල්ල කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාව ද එය වනවා.

    මීට පෙර ජෝස් බට්ලර් විසින් ද පන්දුවාර විස්සයි විස්ස තරගයකදී හයේ පහර 07ක් එල්ල කර තිබුණා.

    ඊයේ තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පවර් ප්ලේ පන්දුවාරවලදී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 82ක්.

    එය අයි පී එල් තරගයකදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පවර් ප්ලේ පන්දුවාරවලදී රැස් කර ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා.

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ලසිත් මාලිංග ද ඊයේ ක‍්‍රීඩා කළ අතර ඉහළ දක්ෂතා දැක්වීමට ඔහු සමත් වූයේ නැහැ.

    ලසිත් මාලිංග විසින් යැවූ පන්දුවාර 04දී ලකුණු 58ක් ලබා ගැනීමට පංජාබ් ක‍්‍රීඩකයින් සමත් වුණා.

    එයින් ලකුණු 51ක්ම ලබා ගත්තේ හෂීම් අම්ලා විසින්. එය අයි පී එල් තරගයකදී කිසියම් පන්දු යවන්නෙකුට එරෙහිව පිතිකරුවෙකු ලබා ගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා.

     

    https://www.facebook.com/IPL/posts/10154556595438634

    https://www.facebook.com/IPL/posts/10154556609133634

    https://www.facebook.com/IPL/posts/10154556506118634

     

    https://www.facebook.com/1839283823002745/videos/1840092339588560/

    [rns_reactions]

  • ගූ චන්ඩියන්ට එරෙහිව ජනපති හෙන්ඩුව අතට ගනී.

    මීතොට මුල්ල සිද්ධියෙන් පසු දිවයිනේ කුණු බැහැර කරන සෑම ස්ථානයකටම පාහේ කුණු බැහැර කිරීම වළක්වමින් දේශපාලන හෙංචයියන් විසින් උද්ඝෝෂනය කිරීම් ආරම්භ කර තිබිණ.

    ඒ හේතුව නිසා කුණු බැහැර කිරීමේ ක්‍රියාවලිය අඩපණ වී රටම ගඳ ගසන තත්ත්වයට පත්වීමේ අනතුරක් පැන නැගී තිබිණ.

    කුණු වලින් දේශපාලන වාසි ගන්නෝ වරෙන්තුවකින් තොරව අත් අඩංගුවට ගැනීමටත් 21  මධ්‍යම රාත්‍රියෙන් පසු කොළඹ නගරයේ කුණු ඉවත් කිරීම  අත්‍යවශ්‍ය සේවා ලෙස  නියෝග කර ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද නියෝගයක් අනුව, ඕනෑම පළාත් පාලන ආයතනයක් විසින් ක්‍රියාත්මක කරන හා පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම, සහ මහාමාර්ග වල ඇති අපද්‍රව්‍ය, නිවෙස් වලින් බැහැර කරන අපද්‍රව්‍ය හා ඊට සමාන කාර්යයන් පිලිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග මෙම නියෝගයට අදාළ වේ.

    එමෙන්ම මේවා අත්‍යාවශ්‍ය සේවා බවට එමගින් නියම කර ඇත. එමගින් පහත සඳහන් ක්‍රියාමාර්ග ආවරණය වේ.

    1. යම් කිසිවෙකු පුද්ගලයෙකුට හෝ දේපල වලට වාචිකව හෝ ලිඛිතව හිංසනයක් සිදු කිරීමෙන් එනම් තර්ජනය කිරීම, බලහත්කාරයෙන් හෝ කුමන අන්දමකින් හෝ අපහාසයකින් හෝ අන් ක්‍රමයකින් එම කාර්යයන්හි යෙදීම වැළැක්වීම, බාධා කිරීම, ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදකි. එමෙන්ම එවැනි ක්‍රියාවන් සඳහා බලපෑම, ජනතාව ප්‍රකෝප කිරීම, අන් අන්දමකින් පෙළඹවීම මගින් එවැනි සේවා පවත්වාගෙන යෑමට යමෙකුට බාධා කිරීම රැකියාවෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීම නීති විරෝධී වේ. තවද මෙවැනි කාර්යයන් සඳහා රැකියා අවස්ථාවන් සැපයීම හෝ රැකියාවන් බාර ගැනීම වැළැක්වීමද එසේම වරදකි.

    මෙකී ක්‍රියාවන් සඳහා කිසිවෙකු ශාරීරිකව හෝ වාචිකව හෝ ලිඛිතව හෝ බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

    2. මෙම පනතේ විධි විධාන අනුව උක්ත ක්‍රියාවන් කළ හෝ කරන හෝ කෙළේ යැයි සැක කිරීමට සාධාරණ හේතු ඇතිවිට ඕනෑම පොලිස් නිලධාරියෙකුට වරෙන්තු රහිතව ඕනෑම අවස්ථාවක එවැන්නෙකු අත් අඩංගුවට ගත හැකිය.

    3. මෙවැනි වරදකට හසු වූ කෙනෙකු මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරිපිට නඩු විනිශ්චයකින් පසුව බරපතල වැඩ සහිත සිර දඬුවමකට යටත් කළ හැකි වේ.

    ජනාධිපති මාධ්‍ය අංශය

     

  • රෝස්ගේ ඉල්ලා අස්වීම එජාපයට කිසි ප්‍රශ්නයක් නෑ…

    රෝස්ගේ ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්ෂයට කිසි සේත්ම ප්‍රශ්නයක් නොවන බවත් එක්කෙනෙක් ඉල්ලා අස් වුණාට තවත් දහදෙනෙක් ඉදිරිපත් වීමට සිටින බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාපැවසිය.

    ලංකාවේ දේශපාලනය කිරීමට සුදුසුකම් ඇති අය ඕනෑ තරම් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා තමන් හෙට අස්වුණොත් තමන්ගේ තැන ගැනීමට ඕනෑ තරම් පිරිසක් සිටින බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් අවධාරණය කළේය.

    ගුවන් තොටුපොළේ රියදුරන්ගේ ගමන් බිමන් පිළිබඳ අවසර ලබා දීමේ බලපත්‍රය ලබාදීම ප්‍රමාදවීම නිසා විශාල පාඩුවක් සිදුවූ බවට පසුගිය දිනවල මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

    ‘ ගුවන් තොටුපොළේ රියදුරන්ගේ ගමන් බිමන් පිළිබඳ අවසර ලබා දෙන බලපත්‍රය ලබා දීම ප්‍රමාදවීම නිසා විශාල පාඩුවක් වුණා කියලා වැඩියෙන්ම කෑ ගහන්නේ දේශපාලනඥයෝ. ඒක රියදුරන්ගේ ප්‍රශ්නයක් මිස දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් නෙවේ. දේශපාලනඥයෝ ඒකෙන් ගසා කන්න හදනවා නම් ඒක අසාධාරණයි. වැරැදියි.

    ඒ නිසා මම රියදුරන් ගේ සංගමයේ ලේකම්තුමා සහ සභාපතිතුමා ගෙන්වා, ඔවුන්ට අවවාද කර, දේශපාලනඥයන්ට මේකට පැටලෙන්න දෙන්න එපා කියලා කිව්වා. මම දන්නේ නෑ දේශපාලනඥයෝ රියදුරන්ගෙන් කප්පම් ගන්නවාද කියලා. එහෙම කරනවා නම් ඒක වැරැදියි. ඒ අහිංසක මිනිස්සු බොහොම මහන්සියෙන් වාහනයක් හොයා ගෙන ඒක ධාවනය කරලා හම්බ කරන එකෙන් මුදල් කොල්ල කනව නම් ඒක අතිශයින්ම වැරැදි දෙයක්. ඒ නිසායි මම මේ පියවර ගත්තේ.

    ඒ වගේම ගුවන්තොටුපොළේ යම්කිසි පිළිවෙළක් තියෙන්න ඕනෑ. අපට ලැබෙනපැමිණිලිවලට අනුව අපට පේනවා වාහන දා ගන්න මිනිස්සු පොර කන හැටි. ඒ වගේ දේවල් වෙනත් රටවල වෙන්නේ නෑ. ලංකාවේ මෙහෙම වෙන එක ගැන අපි කනගාටු වෙනවා.

    ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් වන කුණු ප්‍රශ්නය පිළිබඳව ජනාධිපතිතුමා සහ අගමැති තුමා විශාල ප්‍රයත්නයක් දරණ බව ද ඒ සඳහා යතා කාලයේ දී හොඳ විසඳුමක් ලැබෙනු ඇති බව විශ්වාස කරන බව ද ජෝන් අමරතුංග අමාත්‍යවරයා පැවසීය.

    [rns_reactions]