Tag: featured

  • සුපිරි ගේම් දුන්න හෙර සොයා පොලිස් පරීක්ෂණ…

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ සැකකර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
    මෙම කාන්තාව විවිධ වෙළෙඳ ආයතනවලින් ජංගම දුරකථන තොග වශයෙන් චෙක්පත් මගින් මිලදී ගෙන එම චෙක්පත් අගරුවීමට ඉඩහැර රුපියල් තිස්දෙලක්ෂ හැටහතරදහස් හත්සීය හතළිහක මුදලක් වංචා කිරීමේ සිදුවීමට මිනුවන්ගොඩ අධිකරණයේ මෙම නඩුව විභාග වෙමින් පවති.
    ඒ අනුව මෙම සැකකාරිය පිළිබඳ තොරතුරු වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    විශේෂ විමර්ශන අංශය – 077 3 890 959
    077 3 890 959

    සැකකාරිය පිළිබඳ විස්තරය පහතින් දැක්වේ.

    නම – මුහුදු ගමගේ මාරඹගේ ලක්මාලී ප්‍රියදර්ශනී
    ජා.හැ.අ. – 915502717V
    උපන් දිනය – 1991.02.19
    විදේශ ගමන් බලපත් අංකය – N. 5627745
    ලිපිනය – (01) අංක 141 බණ්ඩාරනායකපුර,
    මල්කඩුවාව, කුරුණෑගල.

    (02) 2/ ඒ 12, බිල්සිටි, පිල්වත්ත,
    යටියන.

    [rns_reactions]

  • අගමැතිට අමු තිත්ත කුණුහරපෙන් බනි..මේවා TV එකේ යන්නේ නෑ..(video)

    ඊයේ (19) දිනයේ අගමැතිතුමා කොලොන්නාව ප්‍රදේශයට පැමිණ අසරණ වූ ජනතාවගේ සුව දුක් විමසුවා. 

    අගමැති එම ප්‍රදේශයෙන් පිටව ගිය පසු ජනතාව දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයක්. මෙහි අසභ්‍ය වචන ඇති බවත් ඒ පිටවන්නේ ජනතාවගේ වේදනාව බවත් කරුණාවෙන්  සලකන්න.

    එම ජනතාව නිතරම කියා සිටියේ ඔවුන්ගේ කදුළු කතාවට  මාධ්‍ය තුල නිසි ඉඩක් නොමැති බවත්  සත්‍ය වසන් කර වෙනත් කරනා උපුටා දැක්වීමට රජය උත්සහා දරන බවත්ය.
    [rns_reactions]

  • වැරදි තැන අත තබා සිටි ට්‍රම්ට තම බිරිඳගෙන් ඉඟි..(video)

    එම අවස්ථාව සම්බන්ධයෙන් ට්විටර් ගිණුම ඔස්සේ බොහෝ දෙනෙකු අදහස් පළකර තිබුණු අතර  (17) සිදුවූ එම සිදුවීම කැමරාවේද සටහන්ව තිබුණා.

    කෙසේ නමුත් එය යම් අතපසුවීමක් යැයිද ඇතැමුන් පවසා සිටි අතර එම අවස්ථාවේ වීඩියෝවයි මේ. 

    [rns_reactions]

  • විපතට පත්ව නිවාස අහිමි වූ මීතොටමුල්ල ජනතාවට නිවාස ලබාදීම හෙට සිට…

    මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව, නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදුවූ නිවාස අහිමි පවුල් 98 කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ හෙට (20) දින ආරම්භ කිරීමට ජනධිපතිතුමා උපදෙස් ලබාදුන්නේය.
     
    විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබද අද (19) පෙරවරුවේ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේය. 
     
    මීතොටමුල්ල ප්‍රදේශයේ අවදානම් කලාපයේ සිටින පිරිස ඉවත් කිරීමට මූලිකත්වය ලබාදෙමින් ඔවුන්ට අවශ්‍ය යටිතළ පහසුකම් සැලසීමේ කටයුතු ශක්තිමත් කරන ලෙසට ද ජනාධිපතිතුමා නියෝග කළේය.
     
    ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ මෙහෙයවීමෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත ප්‍රදේශයේ කුණු ඉවත් කිරීමේ කටයුතු සිදුකිරීමට හා අනවසර පදිංචි කිරීම් තහනම් කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නේය.
     
    එමෙන්ම විපතට පත් ජනතාවට වන්දි ලබාදීමේ කටයුතු පිළිබදව ද දැඩි අවධානය යොමුකරමින් අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා මේ දක්වා සියලූ ආයතන මගින් ලබාදුන් සහය ඉදිරියටත් බලාපොරොත්තුවන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. 
     
    මීතොටමුල්ල හදිසි ආපදා තත්වය පිළිබද මීළග ප්‍රගති සමාලෝචන රැස්වීම ලබන 21 වනදා පෙරවරුවේ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ දී නැවත පැවැත්වීමට නියමිතය.
     
    මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, සාගල රත්නායක, වජිර අබේවර්ධන, ඒ.එච්.එම් ෆවුසි, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, මහත්වරුන් ද ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුඑ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. 
    [rns_reactions]
  • විමල් තමන්ගේ වෙබ් අඩවියත් රැගෙන එජාපයට කරනම් ගසයි!

    ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්කිරීමට අවශ්‍ය කටයුතු මේවනවිට ක්‍රියාත්මක අතර විමල් වීරවංශ මහතා මේ වන විට එජාපයට එක්වීම සඳහා රහස් සාකච්ඡා කිහිපයකටම සහභාගී වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    ජාතික නිදහස් පෙරමුණු නිර්මාතෘ සහ එම පක්ෂයේ නායකයා මෙලෙස ඉතිහාසගත පිම්මකට සැරසෙන්නේ තම බිරියගේ ඇවටිලි බස් අසා බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

    මේ අතර විමල් වීරවංශගේ වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ පළවන පුවත් ද එජාපයට වාසිසහගතවන සහ අගමැතිගේ ගුණ වර්ණනා කරමින් පළවන බව මේ වන විට පෙනෙන්නට තිබේ.

    එමෙන්ම එජාප හෝමාගම ආසන සංවිධායක ලෙස විමල් වීරවංශ මහතා පත්කිරීමේ කථිකතාවතක් පවතින බවත් වාර්තා වෙයි

     

    [rns_reactions]

  • ජෝන් නිසා රෝස් ප්‍රනාන්දු තනතුරු අතහරි…!

    බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි එජාප කටාන ආසන සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මහත්මිය එජාපයේ ඇය විසින් දරනු ලබන සියලු තනතුරු වලින් අස්වු බවට සදහන් ලිපියක් දැනටමත් පක්ෂ නායකත්වය වෙත යවා ඇතැයි අද කියා සිටියාය.
    ඇය මේ බව කියා සිටියේ ඇගේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි විශේෂ පුවත්පත් සාකච්ජාවකදිය.
    කටුනායක ගුවන්තොටුපලේ කුලී රථ කවුලුවක් නිත්‍යාණුකුල ටෙන්ඩරයක් මගින් ලබාගෙන තිබියදි එයට ඇවැසි සංවාරක බලපත්‍රය නිකුත් කිරිම සදහා සංවාරක ඇමති ජෝන් අමරතුංග මහතාගේද ආධාරකරුවන් හට ද කුලි වාහන ධාවන බලපත් දෙන ලෙස ඉල්ලා සිටිමත් සමගින් මේ ගැටුම මතුව තිබේ.


    ඇමතිවරයාගේ මේ යහපාලන විරෝධි ක්‍රියාව නිසා තමන් මෙසේ ඉල්ලා අස්විමට තින්දු කළ බවත් ජනනාධිපතිතුමා සහ අගමැති තුමා මේ සිදුවන යහපාලන විරෝධි ක්‍රියා වහා මැදිහත්විම සාධාරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් තමන් ඉල්ලා සිටින බව කියා සිටියේය.මේ අවස්ථාව සදහාඅදාල කුළි රථ සංගමයේ නියෝජිතයන්ද එක්ව සිටියහ.

    [rns_reactions]

     

  • කොළොන්නාවේ කඳුළු කන්ද මැද හිරුණිකා තේ බොමින් මහ සතුටෙන් පත්තරේ බලයි.(video)

    මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

    කොලොන්නාව ජනතාව අතර ඇයගේ මේ  ක්‍රියා කලාපය, දැඩි දෝෂාරෝපණයකට ලක්ව ඇත. මේ වන තුරුත් ඇය එම ප්‍රදේශයට අඩියක් තබා නොමැත.

    මේ අතර කුණු කන්දට අතුරුදහන් හිරුණිකා හදිසියේම සියත රුපවහිනේයෙන් මතුවී ඇත.

    මුළු කොලොන්නවම එකම මළගෙයක් වී තිබෙන මොහොතක ඇය තේ බොමින් බොහෝ සතුටට පත්ව පත්තරේ බලන හැටි ඔබටද නැරබිය හැක. 

    හිරුණිකාට ඡන්දය දුන් බොහෝ පිරිසක් මේ වන විට පොළොවට පස් වී ගොස් ඇත.

    [rns_reactions]

  • ඔබ කෝපයට පත්වෙනවාද? එසේනම් මේ ලිපිය ඔබ වෙනුවෙන්

    කෝපයට පත්වීම තුලින් එහෙම නැත්තං තරහායාම තුලින් අපගේ IQ level එක පහල යන බව විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා..

    IQ (intelligence quotient) කියන්නේ සම්මත ගැටළු ප්‍රමාණයක් සඳහා ලකුණු ලබාදීමක් තුලින් අපේ බුද්ධි මට්ටම මනින්න භාවිතාකරන ක්‍රමවේදයක්..

    ලෝක ජනගහනයෙන් 70%ක්ම ඉන්නේ ඔය කියන IQ 85 – 115 අතර මට්ටමේ.. IQ 130ට වැඩිනම් එයා සුපිරි බුද්ධි මට්ටමක් තියෙන කෙනෙක්.. ඇල්බට් අයින්ස්ටයින් 160+ සහ අයිසැක් නිවුටන් 190+ වගේ IQ තත්ත්ව වල හිටියා කියනවා..

    කොහොමහරි ඉතිං අධික තරහක්, කෝපයක් ඇතිවෙනකොට අපේ, බුද්ධිමත් තීරණය ගැනීමේ හැකියාව පහල යනවළු.. හදිසි කෝපය නිසා සමහරු මිනීමැරීමට පවා පෙළඹෙන්නේ අන්න එහෙමයි, සමහරු සියදිවි හානිකරගන්නවා.. හදිසි කෝපය නිසා මිනී මරන අය, කෝපය අඩු වුනාම මැරෙනකං පසුතැවෙනවා..

    කියන්න තියෙන්නේ.. තරහෙන් ඉන්න වෙලාවට, කෝපයෙන් ඉන්න වෙලාවට තීරණ ගන්න එපා.. ඒ වගේ වෙලාවට ගන්න තීරණ කවදාවත් බුද්ධිමත් තීරණ වෙන්නේ නෑ…

    කෙටියෙන් කිව්වොත්, තරහෙන් ඉන්න වෙලාවට අපි ගන්නේ මෝඩ තීරණ… එච්චරයි..

    උපුටා ගැනීම –  ප්‍රදීප් ප්‍රේමලාල් ෆේස්බුක් පිටුව ඇසුරෙන්

    [rns_reactions]

  • ක්‍රිකට් තරු කිහිපයක් මීතොටමුල්ලට(photos)

    මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තරු කිහිපයක් මේ වන විට මීතොටමුල්ල ප්‍රදේශයට ගොස් තිබේ.

    රංගන හේරත්,තිසර පෙරේරා , ඩිල්ෂාන් මුණවීර ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

    ඔවුන් විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාරද ලබාදීමට නියමිත බවද දැනගන්නට ලැබේ.

    yyyy yyyyyyyyyyyyyyyyyt yyyyyyyyyyyyyyyyyyyyy yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy

    [rns_reactions]

  • වැඩ බැරි ඇමති චම්පිකගේ මඩ ගැසීමේ සහ ගසා ඇනගත් පසු ගැලවීමේ කලාව

    වත්මන් යහපාලන රජය යටතේ අළුත් අමාත්‍යංශයක් නිර්මාණය කරගෙන වසර දෙක හමාරයක් ගත වුවද දැනෙන එකඳු වැඩක්වත් කරගත නොහැකි වැඩ බැරි ටාසන් කෙනෙකු වූ මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පිකගේ තවත් කුප්‍රකට පාදඩ වැඩක් අතේ මාට්ටු වී ඇත.

    ඒ ඇමති චම්පිකගේම කලාවියේ එකෙකුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක චම්පිකගේ මාධ්‍ය(මඩ) ඒකකය විසින් චම්පිකගේ ඊනියා දේශපාලන සිහිනයට අභියෝගයක් වන සහ ඔහුගේ කොමිස් ගැසීමට බාධාවක් වන වෙනත් ව්‍යාපෘතීන් ඉදිරිපත් කරන රජයේම මැති ඇමතිවරුන්ට මඩගැසීම සිදුවේ. ඊට ඇති හොඳම සාක්ෂිය නම් චම්පිකගේ “හරි ගොසිප්” වෙබ් අඩවිය විසින් තම හාම්පුතාගේ නියෝග මත සැලසුම් සහගතව (සාක්ෂි සහිතයි) බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාට එරෙහිව එල්ල කරන ලද මඩ ප්‍රහාරයයි.

    බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය ගෙන එන ලද කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය හරහා තමාට කොමිස් මුදලුත්, කීර්තියත් නොලැබෙන බව අවබෝධ කරගත් නමට මෙගා පොලිස් අමාත්‍යංශයේ ඇමති පාඨලී චම්පික විසින් තම මාධ්‍ය සට්ටැඹියාට නියෝග කොට මහ ඇමති ඉසුර දේවප්‍රියට එරෙහිව 2016 ඔක්තෝම්බර් 18 වනදා මෙම මඩ මාධ්‍ය මෙහෙයුම අරඹා ඇත.

    ඊට අදාළව එදා චම්පිකගේ ගොසිප් අඩවියේ පළකළ පුවත මෙම කුණු කන්දේ නායයාම පත්තු වීමත් සමඟම මේ වන විට ගලවා ඉවත්කොට ඇත. එහෙත් අපි සංරක්ෂණය කරගත් එම සම්පුර්ණ පුවත කිසිඳු සංස්කරණයකින් තොරව පහත පළකර ඇත. මීතොටමුල්ලේ කුණු කන්ද ඉවත් කිරීම වෙනුවෙන් මහ ඇමති ඉසුර දේවප්‍රිය ගෙන ලද එම කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය එදා ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදුන්නානම් අද මෙම ව්‍යසනය නොවන්නට ඉඩ තිබුණි.

    “බල්ලා පිඳුරු කන්නෙත් නැහැ; කන ගොනාට දෙන්නෙත් නැහැ” කියන්නාක් මෙන් වැඩ නොකරන ඇමති චම්පික තම 2020 -2025 දේශපාලන සිහිනයට අභියෝගයක් වන පුද්ගලයින්ට මඩ ගසමින් ජනතාවගේ ජීවිතත් ආණ්ඩුවේ පැවැත්මත් අනතුරේ හෙලමින් සිටී.

    [pdfviewer width=”640px” height=”849px” beta=”true/false”]http://supirigossip.com/wp-content/uploads/2017/04/%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB-%E0%B6%B8%E0%B7%84-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A-Exclusive-HARI-GOSSIP.pdf[/pdfviewer]

    [rns_reactions]

  • අභ්‍යන්තර ගැටුමක් හේතුවෙන් කිංස්ලි රත්නායක සිරසෙන් ඉවත්වෙයි!

    සිරස FM නාලිකාවේ ප්‍රධානී ජ්‍යේෂ්ට මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා ඊයේ (18) තමන් දැරූ තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වූ බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම ඉල්ලා අස් වීමට හේතු වී ඇත්තේ සිරස මාධ්‍ය ජාලයේ සමුහ අධ්‍යක්ෂිකා ශාන්ති බගිදරන් මහත්මිය සමඟ ඇති වූ මත ගැටුමක් හේතුවෙන් බව වාර්තා වේ. 

    එකී මත ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස කිංස්ලි රත්නායක මහතා තම ඉල්ලා අස්වීම ආයතනයේ පාලන අධිකාරිය වෙත භාර දී, තමන් සතු බඩු බාහිරාදිය රැගෙන ආයතන පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් ඇති බව වැඩි දුරටත් වාර්තා වේ. 

    කිංස්ලි රත්නායක මහතා 1993 වසරේ සිට සිරස මාධ්‍ය ජාලය ආරම්භ කිරීමෙහි ලා පුරෝගාමී වූ කිහිපදෙනා අතරින් ප්‍රමුඛයෙකි.

    ඔහුගේ සමකාලීනයකු වන සිරස FM නාලිකාවේ සංගීත අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන නිහාල් වික්‍රම එදිරිසූරිය මහතා ද ළඟදී ම විශ්‍රාම ගැනීමට නියමිත බව සිරස ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කර සිටී.

    [rns_reactions]

  • සකර්බර්ග් මිනිසාගේ මනස කියවීමට යයි…

    නවතම සොයාගැනීම් සහ නවතම මෘදුකාංග එකතුවීමත් සමඟ ෆේස්බුක් වෙත ලොව පුරා ඇති ජනප්‍රියතාව වර්තමානයේ වැඩිවෙමින් පවතිනවා.

    කෙසේ වෙතත් මේ ලොවක් උඩුයටිකුරු කළ සමාජ මාධ්‍ය ජාලයේ නිමැවුම්කරුගේ විශේෂ ප්‍රකාශයක් වෙත ලොව පුරා විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

    පසුගියදා පැවති උත්සව අවස්ථාවකට එක්වූ මාර්ක් සකර්බර්ග් ගෙන් පැමිණ සිටි අයෙක් විමසන පැනයකට ලබාදුන් අමුතු පිළිතුරක් වෙතයි මේ අයුරින් විශේෂ අවධානයක් යොමුව ඇත්තේ.

    එහිදී ඔහුගෙන් එම පුද්ගලයා විමසන්නේ මනස කියවිය හැකි මෘදුකාංගයක් නිපදවීම පිළිබඳව මේ වනවිට ෆේස්බුක් අත්හදාබැලීම් සිදුකරනවාද යන්නයි.

    එය සත්‍ය බවත් ඉදිරියේදී ඒ පිළිබඳව ලොවට හෙළිකරන බවත් එහිදී සකර්බර්ග් පිළිතුරැ දෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

    ඒ අනුව පුද්ගලයෙකුගේ මනස කියවිය හැකි සකර්බර්ග් සොයාගන්නා මේ නවතම මෘදුකාංගය පිළිබඳව ලොවම මේ වනවිට විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

    [rns_reactions]

  • ඩයනාගේ පුතු අවුරුදු 20ක් මානසික බිදවැටීමක

    සිය මව වූ ඩයනා කුමරියගේ අභාවයෙන් අනතුරුව විසි වසරක් මුළුල්ලේ ඇය පිළිබඳව “කිසිවක් නොසිතා සිටීමට” දැරූ උත්සාහය අසාර්ථක වූ බවත් ඉන් අනතුරුව  මානසික උපදේශන සේවාවල පිහිට පැතූ බව හැරී කුමරු පවසනවා.

    ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව අනාවරණය කළ  හැරී කුමරු, විසි වැනි වියේ අගභාගයට පමණ එළැඹෙන තුරුම ඒ වේදනාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත් සඳහන් කළා.

    ඒ අතරවාරයේ තමන්ගේ ජිවිතයේ  වසර දෙකක් “තනිකරම අවුලක්” වූ බවත් ඔහු පැවසුවා.

    තමන් එක් අවස්ථාවක  “සම්පූර්ණ මානසික බිඳවැටීමක” ආසන්නයටම පැමිණි බවත් හැරී මෙහිදී පිළිගත්තා.

    එහෙත් උපදේශන සේවාවල පිහිට පැතීමෙන් අනතුරුව සිය මානසික කඩාවැටීම යථා තත්වයට පත් වූ බවපැවසූ හැරී, මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව බ්‍රිතාන්‍යය වැනි සමාජයක පවතින පසුගාමී ආකල්ප බිද දැමීමේ අරමුණින් තමන් මුහුණදුන් මානසික ගැටළු පිළිබඳව විවෘතව අදහස් දැක්වීමට තීරණය කළ  බව පැවසුවා.

     

     

  • ඔබ සල්ලි කාරයෙක්ද? එසේනම් මේ ලිපිය ඔබ සඳහාමයි.

    කවදාවත් හිතලා තියෙනවද ලක්ෂ ගණනක හෝ දහස් ගණනක් වටින ඔරලෝසුවක් පාවිච්චි කරන්න? උත්තරේ ඔව් නම් ඔබ සමහරවිට මේ අපි කියන්නට යන දේ ගැන දන්නවත් ඇති, එහෙත් ඔබේ උත්තරේ නැහැ කියන එක නම් කියන්න තියෙන්නේ ඔබ අනිවා මේ ආටිකල් එක කියවන්න ඕනේ කියලා තමයි.

    විටෙක එය තමන්ගේ ජෙත්තුකාරකම, ධනවත් කම පෙන්වන ආභරණයක්, ඒ වගේම විටෙක තමන්ගේ තත්වය සහ සමාජ වටපිටාව උද්දීපනය කරන සංඛේතයක්. මේ ඔක්කොටම කලින් අපිට වෙලාව බලාගන්න පුළුවන් ඔරලෝසුවක්. මෙන්න මේ විදිහට තමන්ගේ ජීවන තත්වය, සමාජ තත්වය පෙන්වන කැඩපතක් විදිහට ඔරලෝසුවක් ගැන අවුරුද්දක් හරි කියන්න පුළුවන් වුනත්, ඔබව ලෙහෙසියෙන්ම රවට්ටන්නත් මේ දිලිසෙන අත්පලඳනයට පුළුවන්කම තියෙනවා.

     

    1. අනුකරණ? ඉතින් එහෙම එව්වට රැවටෙනවද කට්ටිය?

    Expensive Watches

    Source – altmedsales.com

    රැවටෙනවා විතරක් නෙවෙයි තමන් විහින්ම තමන්ගේ හිත රවට්ටාගෙන ඒවා මිලදී ගැනීමත් කරනවා. ඔබ දන්නවද මේ වෙනකොට ලෝකේ ඔරලෝසු පිළිබඳව අන්තර්ජාලයේ කරන සෙවුම් (search) වලින් 15-30% අතර ප්‍රමාණයක් වෙන් වෙන්නේ මේ මිල අධික ඔරලෝසු වල අනුකරණ (replica) ගැන සොයන්නට බව?

    මිල අධික ඔරලෝසු වල අනුකාරක විදියට තනපු වෙනත් ඔරලෝසු මේ වෙනකොට ලොව පුරා ම ගොඩාක් ජනප්‍රිය වෙලා. විශේෂයෙන්ම ආසියාතික රටවල් වල මේ කර්මාන්තය වැඩිපුර ම කෙරෙනවා. නිකම ට මෙහෙම කරලා බලන්නකෝ, ඔයා MC එක ට ගිහින් ඔය ඔරලෝසු තියෙන කඩවල් වලින් පොඩ්ඩක් ජනප්‍රිය වර්ගයේ ඔරලෝසුවක මිල ගණන් අහලා බලන්නකෝ. වෙළඳපොලේ එවැනි ඔරිජිනල් අත් ඔරලෝසුවක මිල ලක්ෂ ගණනක් වුනාට ඔබට පහසුවෙන්ම රුපියල් 5000 සිට 15000 අතර මුදලක් වියදම් කරලා කිසිම වෙනසක් නැති අනුකාරක ඔරලෝසුවක් මිලදී ගන්නට පුළුවන්.

    හැබැයි එකක්, මේ ඔබ මිලදී ගන්න රෙප්ලිකා ඔරලෝසුවක් කුමක් හෝ කාර්මික දෝෂයකදී රෙපෙයාර් කරන්නට නම් හිතන්නවත් එපා. මොකද එවැනි සේවයක් ඔබ එම ෆේක් ඔරලෝසු මිලදී ගන්න තැන් වලින් සපයන්නේ නැති නිසා.

    මේ ගැන දැනගෙන ඔබ මිලදී ගන්නට කලින් වගකීමේ සහතිකයක් ගැන ඇසුවොත් ඔවුන් එයට කාඩ් පතක් මාස 6 හෝ වසරක කාලයක් දමා ලබා දේවි. එහෙත් ඔබ ඔරලෝසුවක් රැගෙන ගිය තැන ඔවුන් කරන්නේ ඒ අසල තිබෙන ඔරලෝසු සේවා කරන තැනකට දීලා ආපසු ඔරලෝසු හදවලා දෙන එක විතරයි.

    මේ නිසා රෙප්ලිකා සල්ලි දීලා අරගෙන ජෙනුවින් සර්විස් එකක් බලාපොරොත්තු වෙන්න එපා!

     

    2. ඔරිම ජිනල් ද? කොහොමද ෆේක්ද නැතිද කියලා හඳුනාගන්නේ?

    ඇතුලත කොටස් :

    Expensive Watches

    Source – forums.watchuseek.com

    එක එක වර්ගයේ ඔරලෝසු හඳුනා ගන්න එක එක විදියේ ක්‍රම තියෙනවා, නිදසුනක් විදියට කා’ටීර්(Cartier) වර්ගයේ ඔරලෝසුවක ෆේක්ද  නැතිද කියලා හඳුනා ගන්නට පුළුවන් ක්‍රම කිහිපයක් තිබෙනවා. තියුණු නිමාවකින් යුතු ඩයල් එක, ඇතුලත කොටස් වල Cartier නම කොටා තිබීම, පිටත ආවරණයේ අගනා නිමාව, ආදී කොටස් වලින්.

     

    3. Serial Number

    Expensive Watches

    Source – hawaiijewelrybuyers.com

    හැම මිල අධික ඔරලෝසුවක් සමගම එයටම වෙන් වූ සීරියල් නොම්මරයක් පැමිණෙනවා. එය එම ඔරලෝසුව සඳහාම නිකුත් කෙරුණු එකක් පමණයි. ඔබ සතුව මිල අධික ඔරලෝසුවක් තිබෙනවා නම් එහි Serial Number1 එක හරහා අදාළ සමාගම එම ඔරලෝසුව සේවා කර ඇති කාලයන් ගැන තොරතුරු ඔබට නොවලහා සපයාවි.

     

    4. සුපිරි නිමාව

    Expensive Watches

    Source – watchtime.com

    ඔබ ඔරලෝසුවක් ගන්නට හදනවා නම් ඔබ මිලදී ගන්නට සිතා සිටින ඔරලෝසුවේ වර්ගය ගැන පොඩ්ඩක් අන්තර්ජාලයේ සෙවුමක් දාලා බලන එක වටිනවා එවිට එහි සුපිරි නිමාව සහ එම ඔරලෝසුවට ම ආවේනික ලක්ෂණ ගැන ඔබට අවබෝධයක් ලබා ගත හැකි වේවි.

    නිදසුනක් ලෙසට අපි ඉහතදී කතා කරපු කා’ටීර් (Cartier) වර්ගයේ ඔරලෝසුවල වයින්ඩරයට අල්ලා තිබෙන මැණික් ගල එයට හොඳම උදාහරණයක් වෙනවා.

     

    5. කොහොමද ඔරලෝසුව නිසි පරිදි රැක ගන්නේ?

    පිරිසිදු කරනු

    Expensive Watches

    Source – wikihow.com

    කොහේ හරි ගිහිල්ලා ආපු ගමන් තමන්ගේ ඔරලෝසුව වෙනම රෙදි කෑල්ලකින් සුද්ද පවිත්‍ර කරලා තියෙන එක බොහොම නුවණැති වැඩක්. එයින් එහි කුණු දුහුවිලි රැඳිලා තියෙන එක වලකිනවා.

     

    කාන්දම් වානා

    Expensive Watches

    Source – gearpatrol.com

    ඕනෙම වර්ගයක ඔරලෝසුවකට කාන්දම් කියන්නේ “වස” වගේ ජාතියක් තමා. එයින් ඔරලෝසුවේ තත්වය වගේම කල්පවත්මත් බොහොම අඩු වෙනවා.

     

    පටිය ලෙදර්ද?

    Expensive Watches

    Source – youtube.com

    ඔරලෝසුවේ බෙල්ට් එක ලෙදර් වුනොත් ඒකත් ඔරලෝසුවේ ඩයල් සහ වටේ කොටස් පිරිසුදු කරනවා වගේම පිරිසිදු කරන්නට වෙනවා. මොකද සුද්ද කරන්නේ නැතුව තිබ්බොත් එය පුස් කෑමට ලක්වෙන්න පුළුවන්.

     

    වියලිව සතපන්න

    Expensive Watches

    Source – amazon.com

    ඔරලෝසු කොහේ හෝ තැන්පත් කරනවා නම් කරුණාකරලා වියලි බව රැකෙන පෙට්ටියක, වාතය ඇතුල් නොවෙන ලෙසට ගබඩා කර තබන්න.

     

    වැඩ දන්නවා වුනාට පෙන්නන්න යන්නෙපා.

    Expensive Watches

    Source – totalwatchrepair.com

    මොනම වෙලාවකවත් ඔබේ ඔරලෝසුව ඔබ විසින් විවෘත කරන්නට යන්නෙපා, ඔබ සතුව ඔරලෝසු කාර්මිකකරණය ගැන දැනුමක් නැති නම්. එය දැනුවත් ඔරලෝසු කාර්මිකයෙකුට ඉතුරු කරන්න.

     

    මේවායින් ඈත්කර තබන්න

    Expensive Watches

    Source- cartier.ae

    තද හිරු එලියට නිරාවරණය වීම සහ රසායනික ද්‍රව්‍ය වලට විවෘත වීමෙන් වලක්වන්න. ඔරලෝසු කියන්නේ බොහොම සංවේදී කාර්මික නිර්මාණයක්. එහි පැවතීමට නිශ්චිත පරිසරයක ගබඩා කිරීම වැදගත්.

     

    6. පරණ වෙන්න, වෙන්නද වටින්නේ?

    Expensive Watches

    Source – watchhunter.org, luxurylaunches.com

    සාමාන්‍යයෙන් අපි භාවිතා කරන ඔරලෝසුවක භාවිතාවෙන් පසු එතරම් වටිනා කමක් නො තිබුනත්, මෙම මිල අධික ඔරලෝසු වල මිල කල් යන්න යන්න ඉහල යනවා. මෙයට හේතුව තමයි මේ ඔරලෝසු සියල්ලක් ම පාහේ නිෂ්පාදනය කරන්නේ මිනිස් අතින් (Hand made) වීම. ඒ වගේම මේ සියල්ලම වගේ බොහෝ අවස්ථා වල වෙළඳපොළට එන්නේ සීමා සහිත (Limited Edition) ප්‍රමාණයක් ලෙසයි. මෙන්න මේ සාධකයත් එහි පවතින ඉහල ගණයේ තත්වය, පවත්වාගෙන යන ලොග් සටහන්,  සේවා කරන සමාගම සහ අයිතිකරුවන් සතුව පවතින ඔරලෝසුව පිලිබඳ මිල තීරණය කරන්නට හේතුවක් බවට පත් වෙනවා.

    ඉතින් මේ හේතු නිසා එවැනි ඔරලෝසුවක් භාවිතා කිරීම ඔබේ සමෘධිමත් ඉතිහාසය ගැන නිහඬව කියාපාන්නක් වෙන බව නම් නොකියා ම බැහැ.

     

    7. ලංකාවේ කොහෙද මේ වගේ සේවා දෙන්නේ?

    Expensive Watches

    Source – colomboo.lk, vimeo.com, colomboo.lk, imgleak.com, galleria-lebensart.de, discount365.lk

    මෙවැනි ඔරලෝසු වලට විමලධර්ම සහෝදරයෝ සහ සමාගම , Colombo Jewelry Stores , ඩබ්ලිව්. ඒ. ද සිල්වා,  Chatham Luxury watches යන සමාගම් සේවා ලබාදෙනවා. මෙයට අමතරව Galleria, Turret වැනි ආයතනත් මේ සේවා ලබා දෙන බව කියන්නට පුළුවන්.

     

    8. ඔරලෝසුවක් මිලදී ගැනීම ආයෝජනයක් ද?

    Expensive Watches

    Source – wavestamil.com

    ඔබ පිටරටක වෙසෙනවා නම් මේ වාගේ ඔරලෝසුවක් මිලදී ගන්න එක නියත වශයෙන්ම ආයෝජනයක් තමයි. ලංකාවේ රන් ආභරණ බැංකු වල සහ උකස් වෙළඳ සල් වල ගන්නවා වගේ පිටරටවල් වල මෙවැනි අධික වටිනාකමක් ඇති ඔරලෝසුවක් උකස් තබා ඔබට හදිසියකට මුදලක් ගන්න පුළුවන්. ඒ වගේම පැරණි ඔරලෝසු විවිධ වෙන්දේසි වලට ඉදිරිපත් කරලා අධික මිලකට ලංසු ලැබීමේ ප්‍රවණතාවකුත් තියෙනවා. මේ නිසා, ඔව්…! හොඳ ඔරලෝසුවක් කියන්නේ හොඳ ආයෝජනයක් තමයි. ඒ ඔබ පිටරටක වෙසෙනවා නම් පමණයි.

     

    9. ඔබ මිලදී ගන්නවා නම්,

    Expensive Watches

    Source – bearwrist.com

    ඔබ අලුතින් මෙවැනි ඔරලෝසුවක් මිලදී ගන්නට සිතනවා නම් පාරම්පරික නමක් සහිත එහෙත් නිරතුරුව නව්‍යකරණය වෙන වෙළඳ නාමයකින් යුතු ඔරලෝසු මිලදීගන්න එක බොහොම වැදගත් වෙනවා.

    ටැග් හෝයා ( ) කියන්නේ එවැනි ප්‍රචලිත ඔරලෝසු නාමයකට හොඳ උදාහරණයක් ඔවුන් සතුව වසර 150ක ඉතිහාසයක් තිබෙනවා වගේ ම ඔවුන් පාරම්පරික ස්විස් (swiss) ඔරලෝසු කාර්මිකයින් (watchsmith) ද වෙනවා. මෙම ඔරලෝසුවට අමතරව Rado, Rolex, Hublot, Raymond Weil, Patek Philippe, Tissot, Breitling, Omega, Corum, IWC, Longines වැනි වර්ගත් එවැනි සේවා ඉතිහාස පවතින ඔරලෝසු නිෂ්පාදන සමාගම්.

    ඒ වගේම අලුතින් වෙළඳ පොලට ආ ඔරලෝසු වර්ගයක් වෙන Seven Friday ඔරලෝසුවත් හොඳ තෝරාගැනීමක් කියලා කියන්නට හැකියි.

     

    10. ඔයා ලොකු වෙලා කෝටිපතියෙක් වුනාම,

    Expensive Watches

    Source – evolutioncell.com

    අන්න එහෙම කාලෙක ගන්න නම් ඔයාට තියෙන්නේ බොහොම සිමා සහිත ඔරලෝසු ප්‍රමාණයක් තමා ඒවායේ මිල ආරම්භ වෙන්නේ ඩොලර් 500,000 පමණ මට්ටමේ සිටයි. නිදසුනක් විදිහට මේ මුදල වියදම් කරලා ඔබට ගේමක් නැතුව ලැම්බෝර්ගිනියක් මිලදී ගන්නට පුළුවන්.

     

    11. මොනවද ඒ වර්ග? කොහොමද ඒවා ගන්නේ?

    Expensive Watches

    Source – bulgari.com

    Bulgari, Choprad L.U.C, Maitres du Temps, Christophe, Frank muller එත් මදි නම් George Daniel, MB&F HM4, Audemars Piguet, Jean dunand වගේ වර්ග මිලදී ගන්න ඉතින් ඔබ එක්කෝ මාර්ක් සකර්බර්ග් ගේ දෙවෙනි ළමයා හරි, බිල්ගේට්ස් ගේ බෑණා හරි වෙන්න ම වෙනවා.

     

    12. ඔබෙන් පසුව? වෙන කාටද!!

    Expensive Watches

    Source – footage.framepool.com

    ඒ වගේම ඔබ මිලදී ගන්නා ඒ ඔරලෝසුව ඔබෙන් පසුව ඉවත් කිරීමේ කිසිම උවමනාවක් වන්නේ නැහැ. නියමිත පරිදි සේවා කර තිබෙනවා නම්, ඔබේ භාවිතයෙන් පසුව ඔබේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට වුනත් මෙවැනි ඔරලෝසු පරම්පරාවෙන් පරම්පරාවට ලබාදෙන්නට පුළුවන්. මෙයට හේතුව වෙන්නේ, අපි ඉහතින් කියූ ඉතා ඉහල තත්වයේ පවතින එම සමාගම් වල අලෙවියෙන් පසු සේවාවයි.

     

     

  • පන්සල් ගොස් මහින්ද කී අපුරු බොරුව(video)

    හිටපු ජනපති අද(18) මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි බැහැ දුටුවා…

    එහිදී ඔහු කියා සිටියේ මීතොටමුල්ල කුණු ප්‍රශ්නය විසදීමට සිටියේ 2016 වසරේ බවයි.

    මහින්ද ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ සියලුම මන්ත්‍රී වරුන් මේ වන විට අපුරු සටන් පාඨයක් යොදාගෙන තිබෙනවා. ඒ සෑම ගැටළුකාරී ක්‍රියාවකටම කියා සිටින්නේ “අපි 2015 සිට මේ සෑම දෙයක්ම කරන්න හිටියේ.. ආණ්ඩු මාරු වුන නිසා අපට එය කර ගන්න බැරි වුනා” යනුවෙනි.

    මහින්දලා පන්සල් ගොස් පන්සලේ හාමුදුරුවන්ට පවා මෙසේ  අමු බේගල් අතහරිනවානම්  ජනතාවට කියන සුරංගනා  කතා ගැන අපට අමුතුවෙන් සිතිය යුතු  නැත.

    ජනතාව තවමත් ඔවුන්ට රැවටෙයිද?
    [rns_reactions]

  • ඉසුරගේ "කුණු" කතාවට පාඨලී ලිපියකින් පිළිතුරු දෙයි…. (video)

    කොලොන්නාව කුණු කන්ද ඉවත්කිරීම සම්බන්දයෙන් තමාට වැඩකටයුතු කිරීමට පාඨලී චම්පික  කිසිදු සහයෝගයක් ලබා නොදුන් බව ඊයේ(17) පැවසුවා.

    ඔහු කියා සිටියේ තමන් විසින් යෝජනා කල ව්‍යාපෘතිය සාර්තක වුවහොත් තමනට ලකුණු වැටෙනු ඇතැයි බියවූ ඇතැමුන්ගේ කුහකකම හා ඊර්ෂ්‍යාව නිසා මෙම මහා ඛේදවාචකයට අද මුහුණු දීමට සිදු වූ බවත්  මෙම කුණු කන්දේ ප‍්‍රශ්නය විසදීමට තමන්ට හැකියාවක් ඇති බවයි.

    මෙම කතාවට පිළිතුරක් ලෙස අද(18) පාඨලී චම්පික විසින් ලිපියක් මාධ්‍යට නිකුත් කොට තිබෙනවා. මහඇමති විසින් ගෙනා ව්‍යාපෘතිය  අසාර්ථක එකක්  බවයි ඔහු ලිපිය මගින් අවධාරණය කර තිබෙන්නේ….

    [rns_reactions]