Tag: featured

  • බැටරියක ආලෝක ධාරාවකින් බයිපාස් සැත්කමක් සිදු කළ කරාපිටියේ හිත හොඳ දොස්තර

    බැටරියක ආලෝක ධාරාවකින් බයිපාස් සැත්කමක් සිදු කළ කරාපිටියේ හිත හොඳ දොස්තර

    ඒ ඉකුත් (08 දා) හිමිදිරියයි. කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය වෙනදා මෙන් රෝගීනගේ හිත සුව සඳහා ක්‍රියාත්මක වෙමින් තිබිණ. මොර සූරන මහ ධාරානිපාත වර්ෂාවක් ගාල්ල හා කරාපිටිය හබරාදුව මතු නොව මාතර පුරවරයට ද වේගයෙන් ඇදහැලෙන්නට විය. දිවයිනේ වෙනත් ප්‍රදේශ ද මේ මහ වැස්සෙන් තෙතබරිත වී ගිය බව පසුව දැනගන්නට ලැබිණ. විටින් විට අහසේ නැගුණු රිදී එළි හා ගොරබිරම් හඩ සමග බක් මහ අකුණු දස අත නැ‍ගෙන්නට වීය. රෝහල අසල ට්‍රාන්ස්ෆෝමරය ද රෝහලේ ජෙනරේටර් ද මේ අකුණු පහරින් මුළුමනින්ම අක්‍රීය විය. හෙණ හඩ නගන අකුණු ශල්‍ය වෛද්‍ය ඒකකය ඉස්මත්තේ ද පුපුරන්නට වීය.

    කීර්තිමත් හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා එදා උදෑසන වැඩ ආරම්භ කළේ පාන්දර 3 ට පමණය. ඒ වන විටත් එතුමා හෘද රෝගියකු වෙනුවෙන් මහත් කැපවීමක් කරමින් සිටියේය. රෝගියා මුස්ලිම් ජාතික මහතෙකි. අවුරුදු 55 ක් පමණ වයසය. ඔහුගේ උරහිස පලා දෙපැත්තට වන්නට කපා තිබුණු මොහොතක විදුලිය විසන්ධි වී ශල්‍ය වෛද්‍ය ඒකකය ද අඳුරේ ගිලුණේය. ඒත් හීපොක්‍රටීස් ප්‍රතිඥාව අනුව නියම ජීවකයා තමා වෙත ආ රෝගියා අත්හරින්නේ නැත. මිනීමරුවකු වුව පොලීසියටවත් තමා

    සන්තකයේ සිටි රෝගියා ගෙන යන්නට ඉඩ නොදුන් ඇතැම් ජීවකයන් පිළිබඳ පුවත් මම අසා ඇත්තෙමි.

    වෛද්‍ය නාමල් ගමගේ බැටරියක දුබල ආලෝකය ඇසුරු කැර රෝගියාගේ උරහිස මැස්ම පටන් ගත්තේය. ඒ වන විට කරන්නට තිබුණේ ද ඒ ටික පමණය. විදුලි එළියෙන් කරන කාර්යභාරයටත් වඩා පරිස්සමින් වසර 16 ක ක අත්දැකීම් හා පරිචය ඇසුරුකොට එතුමා සාර්ථකව ශල්‍යකර්මය නිමා කළේය. මෙය ලෝක වාර්තාවක් බව අප දන්නා වුවත් වෛද්‍ය නාමල්ට එය ගණනක් නැතිය. ඒ නිසා එතුමා ඉන් උදම් නොවේ.

    ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. හදිසි අවස්ථාවක ක්‍රියා කරන්න මා පුරුදු වෙලා ඉන්නවා. ඔය වෙලාව වෙනකොට ඔපරේෂන් එකේ ගොඩක් කරලා ඉවරයි. කරන්න තිබුණෙ දෙකට කපා පැලු උරහිස නැවත මැසීමයි. අකුණක් වැදිලා ට්‍රාන්ස්පෝමර් හා ජෙනරේටර් දෙකම පිච්චිලා ගියා. රෝහල අඳුරේ ගිලුණා. මං බයිෆාස් සැත්කම නැවැත්තුවෙ නෑ. එහෙම වුණානම් අනතුරුදායකයි. එදා උදේ 3 ට විතර වැඩ පටන් ගත්තේ. මේ සිද්ධිය වෙනකොට උදේ 5.45 ට විතර ඇති. මං සීරුවට පුංචි බැටරියක ආලෝක ධාරාවකින් මැස්ම කළා. රෝගියා දැන් සුවෙන් ඉන්නවා. වෛද්‍යතුමා මට එසේ කීවේ එය ඉතා සුළු සිද්ධියක් ලෙස සලකමිනි.

    එහෙත් අපට එය බරපතළ පාඩමකි. චැනල් කරමින් අතිවිශාල මුදල් නියම කරන ඔපරේෂන්වලට තම හත්මුතු පරම්පරාවක් හම්බ කළ සල්ලි ඉල්ලන ඉන්ෂුවරන්ස් එක ඉවරනම් තම පෞද්ගලික රෝහලින් ලෙඩා රජයේ රෝහලට ගෙන යන්නට නියම කරන, ඔපරේෂන් කරන අතර වෙනත් බහුවිධ කාරණාවලට හිත යොමු කරන ඇතැම් ජීවක පරම්පරාවක් සිටින මේ රටේ එතුමා අපට පරමාදර්ශයකි. හිපොක්‍රටිස් නියමය රකින සැබෑ වෛද්‍යවරයෙකි.

    ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ගැන මම අතිශයෝක්ති වර්ණනයක් නොකරමි. ප්‍රායෝගික ලෝකයෙන්ම එතුමා වීර්යවන්ත සැබෑ මානවවාදියකු බවට ඕනෑතරම් නිදර්ශන රෝගීන් අතරින්ම සොයා ගත හැක්කේය. එතුමා 98 වසරේ සිට 2015 මේ දක්වා ජීවිත 12,000 ක් ශල්‍ය වෛද්‍යකර්ම සිදුකැර සුවකළ ජීවකයෙකි. පුරා අවුරුදු 16 ක් හරිහැටි නින්දක් පවා නොලබා රජයේ වැටුපට කටයුතු කරන්නෙකි. පොරොත්තු ලේඛනයේ සිටින සුවහසක් ලෙඩුන් වෙනුවෙන් කඳුළක් හලන එකම වෛද්‍යවරයා බව මම දනිමි. එනිසා මුල් කාලයේ ඔහුට කිසිඳු ඉඩක් විශ්‍රාමයක් නොලැබුණේය.

    එහෙත් දැන්නම් ඔහු සමග මහන්සිව කටයුතු කරන තවත් වෛද්‍යවරු දෙදෙනෙක් කරාපිටිය හෘද හා උරස් ශල්‍ය ඒකකයේ සිටිති. මුල් කාලේ යාපනයෙන්, ත්‍රිකුණාමලයෙන්, ‍කොළඹින් මතු නොව මහනුවරින් ද ලෙඩ්ඩු මෙහි ගෙන ආහ. ඒ මෙහි ඔපරේෂන් කටයුතුවල වේගවත්කම හා පරිස්සම නිසාය. පෞද්ගලික රෝහලක ලක්ෂ ගණනකට ඔපරේෂන් කිරීමට වඩා තම මවගේ අභිප්‍රාය අනුව අහිංසක දුප්පතුනට සේවය කිරීම මේ වෛද්‍යවරයාගේ පැතුමය. මේ සිදුවීමත් එක්කම එතුමන්ගේ අතීත කතාව ස්මරණය කිරීම වැදගත්ය. 2010 වසරේදී සිළුමිණ ජාතික පුවත්පතට මා ලියූ ‘මගේ අම්මා’ නම් හෘදයාංගම ලිපි සරණියේදී මෙතුමන් ගැන කියැවුණු කොටසක් නැවත ලියමි.

    දුප්පතුනට සේවය කරන්ට මට උගැන්නුවෙ මගේ අම්මා. මං වෛද්‍ය විද්‍යාලයයට ඇතුළුවන කාලෙත් මගේ අම්මාගේ අතේ මැණික් කටුවේ ඇදයක් තිබුණා. ඒ ඇදය කෙසේ හෝ හරිගස්සන්ට ඕනෑ කියලා හිතලා මං ප්‍රාර්ථනා කළා. මට ‍ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්ට ලැබේවා` යි කියලා. අම්මත් ඒ පැතුමෙන් හිටියෙ. මගේ ජීවිතේ බොහෝ පිරිසක් අම්මලා පුංචි දරුවන් මං ඔපරේෂන් කරලා සුව කරපු අවස්ථා තිබුණා. තිඛෙනවා. එහෙත් මගේ වෛද්‍ය ජීවිතයේ මා වඩාත්ම සතුටු වෙච්ච දවස මගේ අම්මාගේ අත ඔපරේෂන් කරලා අර පුංචි කාලෙ දුටු ඇදය හරිගැස්සු දවසයි.

    ඇයි` මේ ලෙඩා හෙණ ගහන වැස්සේ කළුවරේ ඔපරේෂන් කරලා ගලවාගත්ත එක ගැන සතුටු නැද්ද? මම ඇසුවෙමි. මොකෝ නැත්තෙ, මම හරිම සතුටුයි. ඒත් වෛද්‍යවරයෙක් වශයෙන් ඒක මගේ රාජකාරිය. මේක ඒ අතරින් එක අවස්ථාවක් විතරයි.

    ඔබතුමා වඩාත්ම සසල වූ දවස් ඇද්ද?

    අපේ වෛද්‍ය කර්ම‍යන්ගේ ප්‍රතිඵල නැතිව ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි. පුංචි දරුවන් ගැන අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා. ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්. ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි. 1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ. සමහර දිනට මා කියනවා අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා ඒ ලිපිනයට ලියුම් යවන්ඩ. දුරකථන ඇමතුමක් දෙන්ට කියලා. සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම ඒ ඥාතින් මා හමුවෙලා කියනවා ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ‍ඉවරයි කියලා. අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා. මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්, ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා. එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්‍රමාණයට ඔක්කොම ඔපරේෂන් කරගන්ඩ බෑ. ඒකට කාලයක් යනවා.

    මේ දොස්තර සංවේදිය. අවංකය. අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට මුළුමහත් විශ්වයම අපොහොසත් යැයි වරක් නීග්‍රෝ ජාතිකයන්ගේ අසහාය නායක මාටින් ලුතර් කිං කීවේය. මේ ජීවකයා සල්ලිවලට ගන්නට බහුවිධ පෞද්ගලික වෛද්‍ය ව්‍යාපාරවලට බැරිය. ඔහු අහිංසක ජනතාව වෙනුවෙන්ම කැපවී හිඳී. එතුමාගේ අවංකකම ගැන දොරමඩලාව, අමාදහර වැනි වැඩසටහන්වලදී පේරාදෙණිය සරසවියේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා නිතර කතා කරයි.

    ඒ කාලයේ වෛද්‍ය නිවාසයේ සිට අරුණැල්ලේම පිබිද හෙතෙම බයිසිකලයක් පදිමින් තම කුඹුරට ගියේය. අද එතුමා පදිංචිව සිටින්නේ ද ඒ කුඹුරු යාය අද්දරමය. කෘමිනාශක පොහොර යොදා සතුන් මරනවාට විරුද්ධ මේ වෛද්‍යවරයා කාබනික පොහොර යොදා ගනිමින් වී බුසල් 12 ක වපසරියකින් යුතු අක්කර 6 ක කුඹුරක්, කුඹුරට බැස අස්වද්දන්නෙකි. ඊට ගැමියෝ ද උදව් උපකාර කරති. ඒ අනුව ලංකාවේ එකම දොස්තර ගොවියා ද නාමල් ගමගේ මහතා විය යුතුය. පැහෙන කිරි වැදෙන වී කරල් තම කුඹුරේ නැළවෙන කාලයට සකලයන් හඹා යන (කුරුල්ලන් එළවා දමන) මේ දොස්තර ජීවිතය ද නිවැරැදිවම හඹා යන්නෙකි.

    යම් හෙයකින් අඳුරේ කටයුතු කරන්නට බැරියැයි ශල්‍ය වෛද්‍යවරයා කීවානම් එය කෙතරම් බරපතළ ඛේදවාචකයක්දැයි මම ඔඛෙන් අසමි. ජාතීන් අතර සංහිඳියාව ද සුරකින මුස්ලිම් මහතකුගේ ජිවිතය වෙනුවෙන් තම රාජකාරිය අකුරට ඉටුකළ මේ වෛද්‍යවරයාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.

  • "කුණු තියෙන තරමට නගර සභාව කැමතියි" මීතොටමුල්ල කුණු කන්දේ යටගියාවේ හෙළිදරව්ව.. (video)

    මිතොටමුල්ලේ කුණු කන්දට බිලි වූ මිනිස් ජිවිත වලට සෘජුවම වගකිවයුත්තේ කවුරුද?

    ජනතාව එදා සිට මේ කසල ගොඩට විරුද්ධව විදි බැස්ස නමුත් පාලකයන් එයට නිසි පිළිතුරු ලබා දුන්නාද?

    කුණු නගර සභාවට බිස්නස් එකක්ද? කුණු තියෙන තරමට නගර සභාව කැමතිද?

    මේ වීඩියෝව සම්පුර්ණයෙන් නරබන්න
    [rns_reactions]

  • හිටපු නියෝජ්‍ය පොලිස්පති යළි රිමාන්ඩ්

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා  අප්‍රේල් 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය.

    නිතිපති වෙනුවෙන් පෙනී සිටි ඩිලාන් රත්නායක මහතා  අධිකරණයට  කියා සිටියේ  ශ්‍රී ලංකා  වෛද්‍ය සභාව මගින් හිටපු  ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර  මහතා ගැන කරනු ලබන විමර්ශනය අප්‍රේල් මස 21 දා අවසන් කරන බවයි.

    තාජුඩීන්ගේ පළමු මරණ පරික්ෂණයෙන් පසු අස්ථි කොටස් අස්ථාන ගත කිරිම සහ පළමු මරණ පරික්ෂණයේ දී සිදු වුවායි කියන අවභාවිතය සම්බන්ධව පරික්ෂණ සිදු කැරිණි.

  • උතුරු කොරියාව, ඇමරිකාවට කිති කවයි.

    ජාත්‍යන්තර විවේචන කොතරම් එල්ල වුවද ඇමෙරිකා එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර යුදමය අර්බුදකාරී තත්ත්වය තව තවත් වර්ධනය වුවද ඉදිරියටත් මිසයිල අත්හදා බලන බව උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු බී.බී.සී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

    “අපි සතිපතා , මාසිකව සහ අවුරුදු පතා මිසයිල අත්හදා බැලීම් කරනවා” යැයි උතුරු කොරියාවේ සිටින බී.බී.සී වාර්තාකරු ජෝන් සුද්වර්ත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එරට උප විදෙස් අමාත්‍ය හන් සෝන්ග් රියෝල් මහතා පැවැසීය.

    ඇමෙරිකාව කිසිදු වගකීමකින් තොරව ආයුද භාවිත කළහොත් එහි අවසන් ප්‍රතිඵලය බිහිසුණු යුද්ධයක් ඇතිවීම යැයි උතුරු කොරියා උප විදෙස් අමාත්‍යවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී කීවේය.

    උතුරු කොරියාව සම්බන්ධයෙන් අනුගමනය කළ උපායමාර්ගික ඉවසීම දැන් අවසන් වී ඇතැයි මෙම සම්මුඛ සාකච්ඡාව පළ වීමට පැය කිහිපයකට පෙර ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ජනාධිපති මයික් පෙන්ස් මහතා කීවේය. මේ වනවිට ඇමෙරිකා නියෝජ්‍ය ජනාධිපතිවරයා දකුණු කොරියාවේ සංචාරයක නිරත වී සිටියි.

    කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙන අතර උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සීතල යුද්ධය උග්‍ර වී තිබේ. ඇමෙරිකාව, රුසියාව හා චීනය ද ඊට මැදිහත් වී ඇත.

    දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති හ්වාන්ග් කියෝ අහ්න් සමඟ අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ජනාධිපති මයික් පෙන්ස් මහතා කීවේ උතුරු කොරියාව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාව පරීක්ෂා නොකළ යුතු බවයි.  

    “පසුගිය සති දෙකක කාලයේදී ලෝකය අපේ නව ජනාධිපතිවරයාගේ ශක්තිය හා ඔහුගේ ක්‍රියාකාරකම් දුටුවා. ඔහු සිරියාවේත් ඇෆ්ගනිස්තානයේත් සිදුවීම් වලට මැදිහත් වූ ආකාරය ලෝකයම දැක්කා” යැයි මයික් පෙන්ස් මහතා කීය.

    උතුරු කොරියාව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ හෝ කලාපයේ ඇමෙරිකා හමුදාවල ශක්තිය පරීක්ෂා කිරීමට උත්සාහ නොකළ යුතු බව ප්‍රකාශ කළ ඇමෙරිකා නියෝජ්‍ය ජනාධිපතිවරයා දකුණු කොරියාවට ඇමෙරිකාවේ 100% සහාය හිමිවන බව ද අවධාරණය කළේය.

    [rns_reactions]
  • කොළඹ කුණු කරදියානට ගොඩබායි

    මීතොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු දිනකට මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර දුන්නේය.

    කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත එම කසල බාරගන්නා ලෙස අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයාට නියෝග කෙරිණි.

    එහි සභාපතිනි රුවිනි ධර්මසිරි මහත්මිය විසින් එම කසල බාරගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව අධිකරණයට දන්වනු ලැබුවාය.

    [rns_reactions]

  • "චම්පික කුහකයි, අපට වැඩක් කරන්න දෙන්නෙම නෑ" මහඇමති චම්පිකගේ රෙදි ගලවයි.(video)

    මීතොටමුල්ල කුණු කන්දට යටවී මිනිසුන් ගණනාවක් මිය යන තත්වයට පත් වූයේ බස්නාහිර පළාත් සභාවේ යෝජනාවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉඩ නොදීම නිසා බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

    මීතොටමුල්ල කුණු කන්දෙන් සිදු ඛේදනීය ජන සංහාරයට වත්මන් ආණ්ඩුවේ මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක වගකිය යුතු බවට ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම දැඩි චෝදනා එල්ලවෙමින් තිබේ.

    2020 – 2025 තම පෞද්ගලික දේශපාලන සිහිනයක් වෙනුවෙන් චම්පික රණවක විසින් වත්මන් ආණ්ඩුවත්, ජනතාවත් අනතුරේ හෙලා ඇතිබවට එමඟින් චෝදනා එල්ල වන අතර ඊට අදාළ සාක්ෂි මේ වන විට ජනාධිපතිවරයාටද වාර්තා කොට ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

    තමන් විසින් යෝජනා කල ව්‍යාපෘතිය සාර්තක වුවහොත් තමනට ලකුණු වැටෙනු ඇතැයි බියවූ ඇතැමුන්ගේ කුහකකම හා ඊර්ෂ්‍යාව නිසා මෙම මහා ඛේදවාචකයට අද මුහුණු දීමට සිදුව ඇතැයිද කී ඔහු අදද මෙම කුණු කන්දේ ප‍්‍රශ්නය විසදීමට තමන්ට හැකි බවද කියා සිටී.

    නාගරික සංවර්ධන අධිකාරිය බාර ඇමතිවරයා වන්නේ චම්පික රණවක වන අතර කුණු කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් මහ ඇමතිවරයා මීට පෙරද ඔහුට සෘජුව චෝදනා එල්ල කලේය.

    [rns_reactions]

  • තොපේ වරදින් නැතිවූ අපේ උන්ගේ ජිවිත ලැබෙන තුරුම හාරපියව් තව හාරපියව්.

    මීතොටමුල්ල කුණු කන්දෙන් හානිවූ ජිවිත පිළිබඳව අතිශය  සංවේදී වැකියක් ෆේස්බුක් පිටුවක සටහන් වී තිබුනා.

    “මම මිනිසෙක් මි. හදවතක් ඇති මිනිසෙක් මි. මිනිස්කම් දැනෙන, සිත්පිත් ඇති මිනිසෙක් මි.

    මම මිනිසුන්ට ආදරය කරමි. එබැවින් දසමසක් කුසේ දරා මා හැදු, ලේ කිරිකර පොවා මා වැඩු, ඇකයේ හොවා මා නැළවූ මගේ ආදරණීය අම්මා, කුණුකන්දක් යට අවසන් ගමන් යනවා දකින්නට මම අකැමැත්තෙමි. දෑතේ කරගැට එනතුරු, දෙපයේ නහර ඉලිප්පෙන තුරු, දහදිය හෙළා මා පෝෂණය කළ මගේ තාත්තා කැලෑ සතෙකු සේ අමතක කර දමනු ලබනවාට අකැමැත්තෙමි. එක බඩවැල කඩාගෙන ආ මගේ සොහොයුරා, සොහොයුරිය කුණු බෑග් එකක් ලෙස වළලා දමනවාට අකැමැත්තෙමි. ආදරයෙන් මා වැළඳගත් මගේ පෙම්බර සැමියා, බිරිඳ, කාත් කවුරුවත් නැති කුණු පිඬක් ලෙස සඟවා දමනවාට මම අකැමැත්තෙමි.

    මීතොටමුල්ල ඛේදවාචකය, අනතුරක් නොව මිනීමැරුමකි. කොළඹ කුණු කන්ද දැක දැකම, ඒ නුදුටුවා සේ දෑස වසාගෙන සිටි, කුණු කන්දෙන් මුදල් ඉපයූ, කොමිස් ගැසූ කාලකන්නින් විසින් මරාදමන ලද මිනිස් ජීවිත ගණන තවමත් නිශ්චිත නැත… කුණු කන්දෙන් මරාදමන ලද මිනිස් ජීවිත ගණන 20-30 පමණ බව ආණ්ඩුව කියති. එහෙත් කන්දට යට වී කඩාවැටුණු ගෙවල් ගණනම 100කට වැඩි ය. මේ ගෙවල් 100යේ සිටියේ මිනිස්සු 40ක් ද? නැත!

    අතුරුදන් වූවන් සොයාගැනීමට තව ඉතිරිව ඇත්තේ 10ක් පමණක් බව ද, ඒ 10 දෙනාගේ මළසිරුරු සොයාගත් පසුව මළසිරුරු සෙවීම නවතා දමන බව ද ආණ්ඩුව පවසයි. දෙවියන්ගේ නාමයෙන් තොප මරාදමන ලද ඒ අහිංසකයන්ට අවසන් ගෞරව වත් දක්වන්නට අපට අයිතියක් නැද්ද? අපේ අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියන් මේ නරාවලේ ජීවත්ව ඉන්නා තාක් කල් තොපි උන් දෙස ඇහැක් අර නොබැලු බව ඇත්ත ය. දැන් උන් මළගම් ගිය පසුව වත් අපට උන්ගේ මුහුණු බැලීමට වත් අයිතියක් නැද්ද? නැත! තොපිට එහෙම ලේසියෙන් ගැළවෙන්න අයිතියක් නැත! අපේ උන්ගේ ජීවිත අපට ආපසු දෙන්නට තොපට බැරි බව අපි දනිමු. එහෙත් අඩු වශයෙන් බදාගෙන හඬන්නට වත් අපේ ලේ නෑයන්ගේ මළකඳ වත් අපට දීපියවූ! තොපේ මුළුමහත් ශක්තියම යොදවා හෝ හාරපියවූ! රෑ දවල් නොබලා, නොකා නොබී හෝ හාරපියවූ! අපෙන් උදුරාගත් අපේ උන්ගේ මළකඳ වත් අපට ලැබෙන තුරු හාරපියවූ!

    ආණ්ඩුව අප්‍රසාදයට පත්වීම වළක්වනු පිණිස ආණ්ඩුවේ කුණු කල්ලිය, පවු කන්දට යටවී මළගියවුන්ට අවසන් ගෞරව වත් නොදක්වා මිහිදන් කරන්නට සැරසෙන මේ මහා අපරාධයට එරෙහිව මේ සටහන මම මගේ වෝලය මත තබමි. ඔබත් හදවතක් ඇති මිනිසෙක් නම් කරුණාකර මට සහය දෙන්න. ෂෙයාර් නොකරන්න. කොපි කර පේස්ට් කරන්න. හැකිතාක් හඬ නගන්න. අනුන්ගේ පවුවලට යටවී මියගියවුන්ට ඔබට දිය හැකි හොඳම අවසන් ගෞරවය ඒ ය.”

    උපුටා ගැනීම Prasad Welikumbura ෆේස්බුක් පිටුව ඇසුරෙන් 

  • මිතොටමුල්ලට ආණ්ඩුව සලකා ඇත්තේ ලෑලි ගැලවෙන මිනී පෙට්ටිවලින්!

    මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් ජිවිත ගණනාවක් රටට අහිමි වුනා.

    මේ මල සිරුරු, ආණ්ඩුවේ මැදිහත්වීම මත  අවසන් කටයුතු සිදු කර ඇත. නමුත් ජනතාව පවසන්නේ ආණ්ඩුවෙන් ලබා දී ඇති මිනි පෙට්ටි ඉතාමත් බාලම තත්වයේ පවතින බවයි.

    සමහර මිනි පෙට්ටි වල ලෑලි ගැලවී ගොස් ඇත. එමෙන්ම සමහර මිනි පෙට්ටිවල ලෑලි ගැලවෙන බැවින් එම පෙට්ටි වටා රෙදි පටි පවා ඔතා ඇති බව අපට දැක ගත හැක.

    මේ සිදුවීම හරහා කාරනා දෙකක් වටහා ගත හැක.

    එනම් මේ අසරණ ජනතාව සත පහකට ගණන් නොගෙන ආණ්ඩුව  කිසිදු වගකීමකින් තොරව ඉතාමත් අඩු වටිනාකමකින් යුතු මිනි පෙට්ටියක් ඔවුන්ට සුදුසු යැයි සිතුවාද?

    එසේත් නැති නම් ආණ්ඩුව විසින් නියමිත වටිනාකමක් ලබා දුන්නත් මිනි පෙට්ටි සාප්පුව බාල මිනි පෙට්ටි සපයා අධික ලාභයක් ලැබුවාද?
    [rns_reactions]

  • සත්තුවත්තට ආ අමුත්තා…

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දී වලස් පැටවකු උපත ලබා ඇත.

    සතියක් වියැති මෙම පිරිමි පැටවා මේ වන විට මවගේ තුරුලේ හොඳ සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන බව යන එන ඕනෑම අයෙකුට  දැක ගැනීමට හැකියාව ඇත.

    සත්ත්වෝද්‍යානයේ වලස් පැටවුන්ගේ උපත ඉතාමත් විරල බව පැවසූ දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය මෙම පැටවා මේ මස 10 දින පෙරවරුවේ උපත ලැබූ බවත් එම පැටවා නිරෝගී සුවයෙන් පසුවන බවත් පැවසුවාය. 

    [rns_reactions]
  • තනිකඩයන් ජෝඩු කරන අපුරු ආණ්ඩුවක්

    ජපානයේ ජනගහනය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

    මෙම තත්වයෙන් මිදීමේ අරමුණ ඇතිව වැඩිපුර දරුවන් හදා ගැනීම සඳහා ජපන් ජනතාව දිරි ගැන්වීමට ජපන් ආණ්ඩුව විවිධ ව්‍යාපෘති දියත්කර තිබේ.

    ජපානයේ තනිකඩ තරුණ තරුණියන්ට විවාහවීම සඳහා මනාලයන් සහ මනාලියන් සොයාදීමේ වැඩසටහන එම ව්‍යාපෘති අතර එක් අංගයකි.

    ජපානයේ වත්මන් ජනගහනය මිලියන 126ක් වන අතර නවතම සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ ජපානයේ අඩසියවසක් තුළ වාර්තා වී ඇති තුන්වැනි අඩුම ජනගහන අගය මෙය බවය.

    වාර්ෂික දරු උපත් ප්‍රමාණය පහත වැටීම මේ ආකාරයෙන්ම පැවතුනහොත් වසර 2065 වනවිට ජපානයේ ජනගහනය මිලියන 88ක් දක්වා පහත වැටිය හැකිබවට අනුමාන කෙරේ.

    2050 වන විට ජපානයේ ජනගහනයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු හැටපහක් හෝ ඊටත් වැඩි වයස් කරුවන් විය හැකි බව ජනගහනය සම්බන්ධයෙන් ජපන් ආණ්ඩුව විසින් සිදු කරන ලද සමීක්ෂණ මගින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

    එවැනි ජනගහන රටාවක් ප්‍රතිවිපාකය වන්නේ මහලු වැඩිහිටි පරපුර නඩත්තු කිරීම සඳහා සිදු කරන වියදම් ඉතා අධිකවීමය

    [rns_reactions]
  • මියගිය ලොව වයස්ගතම පුද්ගලයා පිළිබඳව මේ වතගොත ඔබ දැන සිටියාද?

    ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන ඉතාලියේ එමා මොරානෝ දිවියෙන් සමුගත් බව වාර්තා වෙයි.

    මිය යනවිට වයස අවුරුදු 117ක් වූ ඇය ඉතාලියේ පීඩ්මන්ට් ප්‍රදේශයේ උපත ලබා ඇත්තේ 1899 නොවැම්බර් 29 වැනිදා ය.

    19වැනි සියවසය තුළ ඉපිද, ජීවතුන් අතර සිටි අවසාන පුද්ගලයා වශයෙන් ඇය නිල වශයෙන් වාර්තාගතවී සිටියාය.

    පරම්පරාවෙන් ඇයට උරුමවූ ජාන සහ වසර අනූවක් පුරා, දිනපතා බිත්තර තුනක් ආහාරයට ගැනීම හේතුවෙන් තමන්ට දීර්ඝායුෂ හිවිවූ බවට ඇය විශ්වාස කළාය. ඉන් බිත්තර දෙකක් ඇය ආහාරයට ගෙන ඇත්තේ පිසීමකින් තොරව ය.

    සහෝදර සහෝදරියන් අටදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ එමා මොරානෝ අවසන් හුස්ම හෙළා ඇත්තේ ඉතාලියේ වර්බානියා හි පිහිටි ඇයගේ නිවසේදී ය.

    එමාගේ සහෝදර සහෝදරියන් සියලු දෙනා ඇයට පෙර දිවි හැර ගොස් තිබුණි.

    සියවස් තුනක කාල පරාසය අතරතුර විහිදුනු එමා මොරානෝගේ ජීවිත කාලය තුළ ඇය ලෝක යුද්ධ දෙකම අත්දුටුවාය.

    පළමු ලෝක යුද්ධය නිමවීමෙන් අනතුරුව ඇය රක්තහීනතාවයෙන් පෙළුණු බව වෛද්‍යවරයා විනිශ්චයකර තිබුණි.

    ඉතාලි ආණ්ඩු 90ක පරිපාලන කාල පරාසයක් තුළ ඇයගේ දිවි සැරිය විහිදී තිබිණි.

    හිංසාකාරී විවාහයක දුක්බර මතක සටහන් එමාට උරුමවූවාය. ඇයට දාව උපන් එකම පුත්‍රයාද සයමස් වියැති බිළිඳෙකුව සිටියදී මිය ගියේය.

    තමන් දිගු කලක් දිවි ගෙවීමට හේතු වූ ජීව විද්‍යාත්මක සාධකය තමන්ට හිමි වී ඇති ජාන බව එමා පිළිගෙන තිබුණි. ඇයගේ මව මිය ගොස් ඇත්තේ 91වැනි වියේදී ය.

    එමාගේ සහෝදරියන් කිහිප දෙනෙකුම සියක් ආයු ලද්දෝ වූහ.

    විසිහත් වසරක් පුරා එමාගේ වෛද්‍යවරයා වූ කාලෝ බාවා AFP පුවත් සේවයට පවසා ඇත්තේ ඇය එළවළු හෝ පලතුරු ආහාරයට ගෙන ඇත්තේ ඉතා කලාතුරකින් බවය.

    “මට ඇය හමුවනවිට, ඇය දවසකට බිත්තර තුනක් ආහාරයට ගනිමින් සිටියා. උදේට බිත්තර දෙකක් අමුවෙන්. දවල්ට ඔම්ලට් එකක්. රෑට කෑවේ කුකුල් මස්.” යනුවෙන් වෛද්‍ය කාලෝ බාවා ප්‍රකාශ කළේය.

    තමන්ට දාව උපන් එකම දරුවා මියගොස් වසරක් අවෑමෙන් සැමියාගෙන් වෙන්වීමට ගත් තීරණය ද දීර්ඝායුෂ ලැබීමට හේතුවූ බව එමා ප්‍රකාශකර තිබිණි.

    පළමු ලෝක යුද්ධයට ගොදුරුවී තම පෙම්වතා මරණයට පත්වීමෙන් පසු වෙනත් කෙකෙකු විවාහකර ගැනීම එමා ප්‍රතික්‍ෂේප කළාය.

    [rns_reactions]
  • කුණු කන්ද ඉවත් කිරීමට නොහැකි වුයේ පාඨලිට කොමිස් කුට්ටිය අහිමි වූ නිසාද?(video)

    මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් මේ වන විට ජිවිත ගණනාවක් අහිමි වී දෙඅපල රැසක් විනාශ වී ගොස් ඇත.

    මේ කුණු කන්දට වගකිවයුත්තෝ කවරහුද?

    දේශපාලුවන් කොමිස් කුට්ටිවලට පොරකද්දී  මේ වනවිට මිනිස් ජිවිත ගණනාවක් වන්දි ගෙවා අවසන්.

    මේ වීඩියෝව සම්පුර්ණයෙන් අහන්න….

    [rns_reactions]

  • හිරුණිකාට මරික්කාර්ට කොලොන්නාව තහනම්!

    මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසුව මේ වනවිට මරණ සංඛ්යාව  28ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

    ප්‍රදේශයේ ජනතාව කොලොන්නාව ආසනයේ දේශපාලනඥයන් සමග ඉතාමත් වෛරයකින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

    විශේෂයෙන්  කොලොන්නාව ආසනයේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනික ප්‍රේමචන්ද්‍ර හා මරික්කාර් හට එම ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් බැලීමට පවා යා ගත නොහැකි තත්වයක් ද පවතිනවා.

    ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ ඡන්ද කාලයට පමණක් බොරු ඡන්ද පොරොන්දු ලබා දී ජනතාවගේ  කර මතින් පාර්ලිමේන්තු ගිය පසු නැවත ඔවුන්ගේ දුක් ගැහට වලට එම දේශපාලනඥයන්  පිහිට නොවන බවයි.

     

    [rns_reactions]
  • ශ්‍රී ලංකාව සෙසු රටවල් අතරින් ඉදිරියෙන්ම……

    වඩාත්ම ආගමික නැඹුරුවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටිනා බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. අමෙරිකාවේ ගැලප් සමාගම විසින් 2008, 2009 සහ 2015 යන වසර වල ලොව පුරා රටවල් හැට පහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල සැලකිල්ලට ගෙන ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරන්නේ සමීක්ෂණයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් 99% ක් ම ආගමික නැඹුරුවක් සහිත පුද්ගලයන් බවට කරුණු හෙළිව ඇති බවය.

    ඒ ඒ රටවල තෝරාගත් වැසියන් පිරිසකගෙන් ආගමික නැඹුරුව සම්බන්ධයෙන් විමසා බලා එක්රැස් කරගත් තොරතුරු වලට අනුව එම වාර්තාව සකස් කොට ඇති අතර ශ්‍රී ලංකාව, ඉතියෝපියාව, මලාවි, නයිජර් සහ යේමනය 99% ක ඉතාමත් ඉහල ආගමික නැඹුරුවක් ඇති රටවල් වශයෙන් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ.

    ඒ අතර බුරුන්දි, සෝමාලියාව, ජිබූටි සහ මුරුතේනියාව ආගමික නැඹුරුව 98%ක ප්‍රතිශතයක් පෙන්නුම් කළ රටවල් වශයෙන් වාර්තාගතව තිබෙනවා. ආගමික නැඹුරුව අතින් දකුණු දිග යුරෝපයේ ඉතාලිය 74% සහ ග්‍රීසිය 71% වශයෙන් වාර්තා වී ඇති නමුත් බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ආගමික නැඹුරුවක් පෙන්නුම් කර තිබෙන්නේ 30%ක් පමණි.

    ලොව පහලම ආගමික නැඹුරුවක් දක්වන රට වශයෙන් චීනය හඳුනාගෙන ඇති අතර චීන ප්‍රජාවෙන් ආගම වෙනුවෙන් නැඹුරුවක් ප්‍රදර්ශනය කොට ඇත්තේ 7%ක ප්‍රතිශතයකි. ඊට අමතරව ජපානය, එස්තෝනියාව, ස්වීඩනය, නොර්වේ සහ චෙක් ජනරජය ලොව පහලම ආගමික නැඹුරුවක් පෙන්නුම් කරන රටවල් බවත් එම සමීක්ෂණයෙන් හෙළි වේ.

    කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් ලෝකයේ තරුණ පරපුර ආගමික නැඹුරුව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බව පෙන්වාදෙන සමීක්ෂණ වාර්තාව, අනාගතයේ රටවල ආගමික නැඹුරුවක් දක්වන ප්‍රතිශතය ඉහල යා හැකි බවට අනාවැකියක් ද පළ කරතිබෙනවා.

    [rns_reactions]

  • කවුරුත් පුදුමයට පත්කළ ජනපතිගේ අපුරු කථාව.(video)

    අලුත් අවුරුදු දවසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්‍යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂාවට සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණී  අතර බුලත් අතක් දී වැඳ නමස්කාර කර ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි නිල ඇඳුමින් සිටි විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින් මෙන්ම එහි සිටි අනෙකුත් සේවකයින්ද පුදුමයට පත් විය.

    නැගිටින්න නැගිටින්න…යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා කොහේවත්..බුලත් අත දීලා යන්න” යනුවෙන් ඒ මොහොතේදී ජනාධිපතිවරයා එම විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින්ට පැවසීම නිසා තමා මෙලෙස පුදුමයට පත් වුණේ.

    ජනාධිපතිවරයා කිසිම විටෙක නිල ඇදුමෙන් සැරසී සිටින කිසිදු නිලධාරියෙකුට තමන්ට වැද නමස්කාර කිරීමට ඉඩ නොදෙන අතර සිය සමවයස් කාර්‍ය මණ්ඩල සාමාජිකයිනට සහ දේශපාලන නියෝජිතයින්ට කිසි විටෙකත් ඒ සඳහා ඉඩ නොදෙන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන බව මීට ප්‍රථමද වාර්තා වී තිබුණා.

    එහි වීඩියෝව පහතින්

    [rns_reactions]

  • අමුතු විදියට අවුරුදු සමරන්න ගිය නරුම පියාගේ කතාව මෙන්න..

    අවුරුදු නැකතට සිය දොළොස් හැවිරිදි දියණිය දුෂණය කරන ලද පියෙකු හලාවත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව අපට වාර්තා වේ.

    හලාවත නගරයේ වඩේ වෙළදාමේ නිරත මෙම පුද්ගලයාට දැරියන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ.

    මීට පෙර අවස්ථාවකදී ද මොහු වැඩිමහල් දැරියව අපයෝජනය කර ඇති අතර පසුව අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව වසරක සිර දඬුවමක් ලබා දී ඇති අතර එය වසර පහකට අත්හිටුවා තිබෙනවා.

    දරුවන්ගේ මව විදේශගතව සේවය කරන අතර මව මීට පෙර අවස්ථාවක මෙරටට පැමිණි පසු දරුවන්ගේ අනාරක්ෂිත බව පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමටද කටයුතු කර තිබෙනවා.

    අවුරුදු උදාවත් සමග සිය නැගණිය ගේ විලාපයට අවදි වී ඇති සහෝදරයා මෙම සිද්ධිය දැක ඇති අතර එහිදී පියා විසින් මෙම තම වැඩිමහල් පිරිමි දරුවාට පහර දී නිවසෙන් එලවා තිබෙනවා.

    පියාගෙන් බේරී පළාගොස් ඇති මොහු පොලිසිය හමුවේ සිද්ධිය අනාවරණය කර තිබෙනවා. ඒ අනුව හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ පිලිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    [rns_reactions]