Tag: featured

  • මීතොටමුල්ල විපත ගැන කලින්ම කියූ මහාචාර්යවරයා මෙන්න….

    මීතොටමුල්ල කුණු කන්ද නාය යාමට ඉඩ ඇති බව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වන අනුරුද්ධ කරුණාරත්න පසුගියදා හෙළිකර තිබූ බව වාර්තා වනවා.

    අරනායක සාමසර කන්දටත් වඩා භයානක අයුරින් මෙය නාය හැකි බව විද්‍යාත්මක කරුණු මගින් සනාථ වී ඇතැයි ඔහු පෙන්වා දී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට ද ඔහු ලිපියක් සපයමින් බලධාරීන්ගේ අවදානය යොමු කර තිබුණද කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගත් බවයි වාර්තා වන්නේ.

    https://www.facebook.com/arachchimaama/photos/a.361999423926290.1073741828.361521150640784/1122666227859602/?type=3

    [rns_reactions]

  • මීතොටමුල්ල ඛේදවාචකය සිදුවූ නිමේෂය – වීඩියෝව මෙන්න..

    ආන්දෝලනාත්මක මීතොටමුල්ල ඛිෙදවාචකය ඇතිවූ අවස්ථාවේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

    එය පහතින් නැරඹිය හැකියි.

    [rns_reactions]

  • කෑම පිඟානක් නිසා දිවි බේරාගත් ‘මීතොටමුල්ල කුණු කඳු පාමුල’ පුතුගේ කතාව

    “අවුරුදු දවසේ මම අවුරුදු කෑම පිඟානක් අරගෙන මගේ යාළුවගේ ගෙදරට ගියා. ඒ ගිහින් එද්දී ගෙවල් පැත්තෙන් කෑ ගැහිල්ලක් ඇහුණා. පස් තට්ටුවකින් ගෙවල් වැහිලා. අපේ ගේ තිබුණු තැන තිබුණේ පස් තට්ටුවක් විතරයි” යැයි මීතොටමුල්ල ඛිෙදවාචකයෙන් සිය මව, පියා, මෙන්ම සොයුරන් දෙදෙනා අහිමි වූ පසිඳු සංකල්ප පතිරණ සිසුවා පවසනවා.

    මීතොටමුල්ල කසළ කන්දෙන් කොටසක් කඩාවැටීම නිසා මියගිය සිය මව, පියා සහ සොහොයුරන් දෙදෙනාගේ නිසල දේහයන් අසල සිට පසිඳු සිසුවා පැවසුවේ තම යහළුවාට අවුරුදු කෑම පිඟානක් ගෙන ගිය බැවින් තම දිවි බේරුණත් තම පවු‍ලේ සාමාජිකයන් සමග ගමේ බොහෝ දෙනකු තමාට අහිමි වූ බවයි.

    පසිඳු දෙමටගොඩ වේළුවන විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන අතර ඔහුගේ පවුලේ සිව්දෙනාගේ අවසන් කටයුතු ඊයේ සන්ධ්‍යාවේ සිදු කෙරුණා.

    [rns_reactions]

  • සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්

    මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා.

    මෙම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 26 දෙනෙක්. අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙන අතර මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් සිදු වූ දේපල හානි තක්සේරු කිරීම අද (17) ආරම්භ වනවා. තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ සහ කොලොන්නාව ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම තක්සේරු කිරීම් සිදු කරන බව සදහන්.

    සියලූ තක්සේරු කිරීම් දින පහක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වන බවද ආපදාව සිදු වූ මොහොතේ සිට අවුරුදු නිවාඩුව ද නොසලකා බේරා ගැනීමේ මෙහෙයුම්වලට සහ සහන සේවාවලට එක් වූ සියලු නිලධාරීන්ට සිය ස්තූතිය ද පුද කරන බවයි රජය නිවේදනය කර ඇත.

    [rns_reactions]

  • මහරැජිනට පමණක් වලංගු නොවන අරුම අපූරු නීති….

    සාමාන්‍ය ජනතාව එරට නීති වලට යටත්ව ජිවත් විය යුතුයි.

    නමුත් එංගලන්තේ මහරැජිනට පමණක් වලංගු නොවන අපුරු නීති පිළිබඳව ඔබ මෙතෙක් දැන සිටියාද?

    මහරැජිනගේ බලය ඔබට සිතා ගත හැකිද?

     

    [rns_reactions]

  • ඇපල් අයිතිකරුගේ සිහිනය සැබෑ වේ…(video)

    ලොව ප්‍රකට ඇපල් සමාගම පිළිබද ඔබ අසා ඇති. එහි නිර්මාතෘවරයා වූ ස්ටීව් ජොබ්ස්ගේ සිහිනය සැබෑ කරමින් ඇපල් සමාගමේ නවතම මූලස්ථානය මේ මාසයේ විවෘත කෙරෙනවා.

    මෙහි විශේෂත්වය වන්නේ මෙම ගොඩනැගිල්ලේ දැවැන්ත බව හා එහි සුවිශේෂි බවයි. එසේම ලෝකයේ අධිතාක්ෂණයෙන් යුතු හොදම මූලස්ථාන ගොඩනැගිල්ල බවටත් එය පත්වනවා. මේ එම දැවැන්ත නිර්මාණය පිළිබදයි.

    උපුටා ගැනීම —lankaanews

    [rns_reactions]
  • කොට්ටපොර ගහපු අක්කලා දෙන්නට වෙච්ච දේ.(video)

    අවුරුදු ක්‍රීඩා උත්සවයකට ගිය අක්කලා  කොට්ටපොර ගහලා මාසයකට හරියන්න නා ගත්ත හැටි ඔයාලත් බලන්නකෝ…

    [rns_reactions]

  • ජා.නි.පෙ. ඉහළ පුටු වීරවංශට අමු කුණුහරපෙන් බනි. පක්ෂය දෙකඩ වෙයි!

    තමන්ට අප ලබා දෙන  ලෙස විරවංශ කල උපවාසය හේතුවෙන් ජා.නි.පෙ.  ඉහල පුටු අතර මේ වනවිට අර්බුදකාරී තත්වයක් පවතිනවා.

    එම පක්ෂයේ ඉහලම පුටු දරන 17 දෙනෙකු අතරින් 5ස් දෙනෙක් පමණක් විරවංශට පක්ෂපාති වන අතර අනෙකුත් සියලු දෙනා වීරවංශට කුණුහරපෙන් බනින තරමටම ප්‍රශ්නය දුර දිග ගොස් තිබෙනවා.

    වීරවංශ තමාට ඇප හිමි වූ දිනයේම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්වරයා වන ප‍්‍රියන්ත විතාරණ නමැත්තාට දුරකථනයෙන් අමතා දේශපාලන මණ්ඩලය රැස් කරන්නැයි දන්වා ඇති නමුත් ප‍්‍රධාන ලේකම්වරයා එය ප‍්‍රතික්ෂේප කරමින් ඔහුට පංච නින්දාවෙන් බැන වැදී ඇත. දේශපාලන පොන්නයන් සමග දේශපාලනය කිරීමට තමන්ට තව දුරටත් අවශ්‍යතාවයක් නැතැයි ප්‍රියන්ත විතාරණ වීරවංශගේ දුරකථනයට පිළිතුරු දෙමින් කියා ඇත. 

    මේ තත්වයෙන් පසුව කෙසේ හෝ වීරවංශගේ මැදිහත්වීමෙන් ලබන 19 වෙනිදාට සිය දේශපාලන මණ්ඩලය කැඳවා තිබේ. අප අභ්‍යන්තර තොරතුරු කරුවන් පවසන්නේ වීරවංශගේ නායකත්වයෙන් පවත්වන ජාතික නිදහස් පෙරමුණේ අවසන් දේශපාලන මණ්ඩල හමුව එය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

    සාමාජිකයන් 17 ක් පමණ සිටින දේශපාලන මණ්ඩලයේ සභිකයින් පහකට අඩු ප‍්‍රමාණයක් හැර අන් සියළු දෙනා වීරවංශට අමු හිංගලෙන් තැන තැන අමතමින් සිටිති. තව දුරටත් විමල් හා ගමනක් නැති බවත් ඔහු උද්දච්ච හීනමානකාරයෙකු මිස පංති නායකත්වයකට සුදුසු නැති පිස්සෙක් බවත් ඇතැමෙක් පිටකෝට්ටේ සතොස බිල්ඩිමේ හතරවෙනි තට්ටුවේ පිහිටි ඔවුන්ගේ පක්‍ෂ මූලස්ථානයේදීම ප්‍රකාශ කර තිබේ.

    මෙතෙක් වීරවංශගේ පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් මුසම්මිල්ද වීරවංශව ප‍්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටින අතර ඔහු චෝදනා කරන්නේ වීරවංශගේ බිරිඳ හා දරුවන් පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයන් වහලුන්, දාසයින් සේ සලකා බැණ වදින බවයි. 

    ඇමති ධූරය දැරූ සමයේ වීරවංශ විසින් වංචා කරන ලද රාජ්‍ය මුදල් කෝටි 500 කට වැඩි මුදල්, වංචා කළ ආකාරය, සඟවන ලද ස්ථාන, මිලට ගන්නා ලද මෙරට හා පිටරට දේපොල සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සහ සාක්‍ෂි මේ වන විටත් දේශපාලන මණ්ඩලයේ බහුතර සාමාජිකයින් අතර හුවමාරු වෙමින් ඇත.
     
    තම බිරිඳ ශෂී වීරවංශට හෝකන්දර ගෙදර කොල්ලන් බල්ලන් සමග සිත් සේ නිදිවදින්නට අතහැර දමා බම්බලපිටියේ වෙනම නිවසක ජීවත්වන විමල් වීරවංශ විසින් සිදු කරමින් සිටින අමු තිරිසන් ක‍්‍රියාවක් ගැන තොරතුරුද ප‍්‍රධාන ලේකම්වරයාගේ පාර්ශවය සතුවන බව පැවසෙන අතර තම නායකයාගේ පාපතර නීච අසම්මත ලිංගික සබඳතා ගැනද දේශපාලන මණ්ඩලය දැඩි පිළිකුලින් පෙළෙති.

    පක්‍ෂයේ ලේකම් ප‍්‍රියන්ත විතාරණ ඇතුළු පිරිසක් මේ වන විටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසී සාකච්ඡා කර ඇති අතර 19 වැනිදා පැවැත්වෙන දේශපාලන මණ්ඩල හමුවේදී වීරවංශ විසින් තමන් සිදුකළ දේශපාලන වැරදි සහ පවුලේ අය විසින් පක්ෂ නායකයන්ට එරෙහිව සිදුකරන අත්තනෝමතික ක්‍රියා පිළිගන්නේ නැතිනම්  වීරවංශ විරෝධී බහුතර දේශපාලන මණ්ඩල නායක පිරිස ජනාධිපතිවරයා හා එක් වනු ඇතැයිද ඒ ජාතික නිදහස් පෙරමුණේ අයිතියද සමග බවද පැවසේ. ඉන්පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂයක් ලෙස වීරවංශ නොමැති ජාතික නිදහස් පෙරමුණ කටයුතු කරනු ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර තොරතුරු කරුවෝ වැඩිදුරටත් පවසති.

    [rns_reactions]

  • ගින්දරත් සමග බුලත්විට කන්නේ මෙහෙමයි.(video)

    ඉන්දියාවෙත් ඉන්නේ හරිම අපුරු මිනිස්සු. සාමාන්‍යයෙන් බුලත්විට කනවට වඩා  ගින්දරත් සමග බුලත්විට කනකොට කොහොම රසට තියෙයිද?
    [rns_reactions]

  • කුණු කන්දෙන් අසරණ මිනිස්සුන්ට මේ වන විට අත්‍යාවශ්‍යම ද්‍රව්‍ය මෙන්න.

    මීතොටමුල්ල කුණු කන්දෙන් මේ වන විට අහිමි වූ මිනිස් ජිවිත ගණන 25 බව වාර්තා වෙනවා.

    අසරණ වූ මිනිසුන් හට මේ වන විට පහත සඳහන් ද්‍රව්‍ය කඩිනමින් අවශ්‍ය වී තිබෙනවා. ඔබත් හැකි පමණින් උපරිම උදව් ලබා දීමට කාරුණික වන්න.

    මදුරු දැල්
    පිරිමි ඇඳුම්
    කාන්තා ඇඳුම්
    ළමා ඇඳුම්
    පිරිමි හා කාන්තා යට ඇඳුම්
    කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍යය
    වතුර බෝතල්
    බෙහෙත්

    ඔබේ ආදාර කොලොන්නාව ටෙරන්ස් විදුහලට ගෙනැවිත් බාර දෙන්න

    විදුහල්පති රුවනි පතිරණ මිය – 071-4484213
    නියෝජ්‍ය විදුහල්පති – 0727397902

    [rns_reactions]

  • කුරුදු පොලු කල්ලියෙන් පසු එජාපයෙන් ඉගුරු කල්ලියක්

    පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ අසුන් ගැනීමට යන එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමේ නායකත්වට සම්බන්ධ සුදුසු මන්ත්‍රිවරයකු තෝරාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව දැනගන්නට ඇත.

    මෙම මන්ත්‍රි කණ්ඩායමට මන්ත්‍රිවරු විසිදෙනකු පමණ අයත් වන බවට තොරතුරු වාර්තා වේ.
    ඩඩ්ලි සේනානායක මහතාගේ 1965 ආණ්ඩුව කාලයේ එ.ජා.ප. මන්ත්‍රිවරුන් අතර ට්ඪදඨඥප ට්පධභන (ඉඟුරු කල්ලිය) නමින් කණ්ඩායමක් සංවිධානය වී තිබූ අතර එදා එහි නායකයා ලෙස පෙනී සිටියේ පෙස්ටස් පෙරේරා මන්ත්‍රිවරයායි.

    දැනට මාස කිහිපයක් තිස්සේ පැවැති සාකච්ඡා අවසාන කඩඉමට පැමිණ ඇතැයි ද කණ්ඩායම සඳහා නායකත්වය ලබා දීමට සුදුසු මන්ත්‍රිවරයකු තෝරාගත් වහාම එම කණඩායමේ ක්‍රියාකාරිත්වය සිදු කෙරෙන ආකාරය පිළිබඳ සැලසුම් සකස් කෙරෙන බවද පැවසේ.
    කණ්ඩායමේ නායකත්වයට මන්ත්‍රිවරු සිවුදනකුගේ නම් යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.
    මේ අතර රාජ්‍ය ඇමැතිවරයකුගේ නමක්ද සාකච්ඡාවට භාජන වී ඇති අතර ඔහු මෙම මන්ත්‍රි කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට ඉදිරිපත් වුවහොත් සිය ඇමැති තනතුර අත්හැරීමට සිදුවන බැවින් එසේ කිරීමට ඉඩ නොහැරිය යුතු බවට අදහස් පළ වී තිබේ.

    තම ඇමැතිවරයා සමඟ අමාත්‍යාංශයේ කටයුතු කිරීමට අපහසුකම් නිසා එම රාජ්‍ය ඇමැතිවරයා දැඩි කලකිරීමට පත්ව සිටින බවට පසුගියදා ප්‍රසිද්ධියේ අදහස් පළ කර තිබිණි.
    විපක්‍ෂයේ අසුන් ගැනීමට අපේක්‍ෂා කරන මන්ත්‍රි කණ්ඩායමේ නායකත්වයට අතුරලියේ රතන හිමි, නලීන් බණ්ඩාර ජයමහ, රංජිත් අලුවිහාරේ සහ අජිත්
    මාන්නප්පෙරුම යන මන්ත්‍රිවරුන්ගේ නම් යෝජනා වූ බවද දැනගන්නට ඇත.
    මෙම කණ්ඩායම එ.ජා.ප. විකල්ප කණ්ඩායම වශයෙන් හැඳින්විය යුතු බවටද යෝජනා වී ඇති
    බව ද දැනගන්නට තිබේ.

    [rns_reactions]

  • ඉරාජ්ගේ මියුසික් වීඩියෝව සඳහා අරහත් සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායක වේ.(photos)

    ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරනු ලැබූ “වස්සානේ හීනේ” සංගීත රූප රචනය නුදුරේදීම නිකුහ් වීමට නියමිතව තිබේ.
    මෙම වීඩියෝව සඳහා අරහත් සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. උන් වහන්සේ සමඟ සිරි සඳහම් ආශ්‍රමයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මෙම වීඩියෝවට එක්ව තිබේ.
    අඩ නිරුවත් දර්ශණ සහ ප්‍රේම ජවනිකා වලින් සමන්විත ගීත ඉදිරිපත් කළ ඉරාජ්ගේ මෙම ගිතය ද? ඊට සමාන වනු ඈතෑයි සමාජ ජාල ඔස්සේ මත පළවේ.
    [rns_reactions]
  • අනියම් බිරිඳ මින්නේරියේ කොස්‌තාපල්ගේ රහසඟ කපලා

    සිය අනියම් බිරිඳ විසින් පසුගිය දවසක  (10 දා) පොලොන්නරුව, මින්නේරිය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු අවිවාහක පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ රහසඟ තියුණු ආයුධයකින් කපා දමා ඇත.

    මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කොස්‌තාපල්වරයා ප්‍රතිකාර සඳහා හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා ඇත.

    එදින  (10 දා) සවස 2.30 ට පමණ හිඟුරක්‌ගොඩ, පාලුවැව, ජන උදානගම ප්‍රදේශයේ පිහිටි අනියම් බිරිඳගේ නිවසේදී මෙලෙස ඇය විසින් රහසඟ කපා ඇති බව හිඟුරක්‌ගොඩ පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    සිය පළමු විවාහයේ සැමියා මියගිය වැන්දඹු කාන්තාව විවාහ කර ගැනීමේ පොරොන්දුව මත කොස්‌තාපල්වරයා දැනට වසරක පමණ කාලයක සිට ඇය සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

    මේ අතර මීට දින කිහිපයකට ඉහතදී එම කොස්‌තාපල්වරයා වෙනත් කාන්තාවක්‌ සමඟ ද ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යන බව ලද තොරතුරක්‌ මත ඊට උරණවූ අනියම් බිරිඳ සහ කොස්‌තාපල්වරයා අතර අවස්‌ථා ගණනාවකදී බහින් බස්‌ වීමක්‌ ද සිදුවී ඇත.

    ඉන් දැඩි ලෙස කෝපයට පත්ව සිටි අනියම් බිරිඳ  (10 දා) සවස්‌ කාලයේ තම නිවසට පැමිණි කොස්‌තාපල්වරයා සමඟ ලිංගික ඇසුරකට සූදානම් වූ අවස්‌ථාවේ ඔහුගේ රහසඟ කපා ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.

    අනතුරුව මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කොස්‌තාපල්වරයාගේ අනියම් බිරිඳ හිඟුරක්‌ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය  (11 දා) හිඟුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    [rns_reactions]
  • අවුරුදු සැමරුවානම් මේ ටිකත් ඔබ දැනගන්නම ඕනේ….

    “හෙළයේ බක් මහ උළෙල සමරන්නට සැරසෙමි” යනුවෙන් ශ්‍රී නිමල් පද්මකුමාර මහතා අපුරු සටහනක් තම ෆේස්බුක් පිටුව මත ලියා තිබෙනවා.

    [rns_reactions]
  • අද සුදනා වෙන්න හදන දුමින්දලා/ගොටභයාලා මීතොටමුල්ලේ මිනිස්සුන්ට ගහපු විදිය මෙන්න…

    එදා විසදුම් ඉල්ලපු මිනිස්සුන්ට අද සුදනන් වෙන්න හදන මහින්දලා ගොටභයලා දුමින්දලා පොලිසිය දම්මල්ලා ගහපු විදිය මෙන්න…

    https://www.facebook.com/LankaTrueNews.LTN/videos/1444445722274687/

    [rns_reactions]

     

  • මීතොටමුල්ල ඛේදවාචකයේ ඔබ නොදුටු දසුන් මෙන්න – (Exclusive)

    මීතොටමුල්ල ඛේදවාචකයේ ඔබ නොදුටු දසුන් මෙන්න – (Exclusive)

     

     


    [rns_reactions]