Tag: featured

  • 12 හැවිරිදි දියණිය දුෂණය කිරීමට පිරිමි දරුවාට පහර දී නිවසෙන් එළවලා

    අවුරුදු නැකතට සිය දොළොස් හැවිරිදි දියණිය දුෂණය කරන ලද පියෙකු හලාවත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

    හලාවත නගරයේ වඩේ වෙළදාමේ නිරත මෙම පුද්ගලයාට දැරියන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ.

    මීට පෙර අවස්ථාවකදී ද මොහු වැඩිමහල් දැරියව අපයෝජනය කර ඇති අතර පසුව අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව වසරක සිර දඬුවමක් ලබා දී ඇති අතර එය වසර පහකට අත්හිටුවා තිබෙනවා.

    දරුවන්ගේ මව විදේශගතව සේවය කරන අතර මව මීට පෙර අවස්ථාවක මෙරටට පැමිණි පසු දරුවන්ගේ අනාරක්ෂිත බව පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමටද කටයුතු කර තිබෙනවා.

    අවුරුදු උදාවත් සමග සිය නැගණිය ගේ විලාපයට අවදි වී ඇති සහෝදරයා මෙම සිද්ධිය දැක ඇති අතර එහිදී පියා විසින් මෙම තම වැඩිමහල් පිරිමි දරුවාට පහර දී නිවසෙන් එලවා තිබෙනවා.

    පියාගෙන් බේරී පළාගොස් ඇති මොහු පොලිසිය හමුවේ සිද්ධිය අනාවරණය කර තිබෙනවා. ඒ අනුව හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ පිලිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    [rns_reactions]

  • කොලොන්නාව ටෙරන්ස් විදුහලේ අවතැන්ව සිටින අපේම මිනිසුන්ට සවියක් වෙමු.. අවශ්‍ය ද්‍රව්‍ය මෙන්න…

    අසරණ මිනිසුන්  පැදුරක් කොට්ටයක් ගන්න සිය ගණන් පෝලිම් වල පැයගණන් පොරකති..
    මීතොටමුල්ල ව්‍යසනයෙන් දැනට 1080 ක් පමණ පිරිසක් අවතැන්ව ඇති අතර මේ වන විට කොලොන්නාව ටෙරන්ස් විදුහලේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර ඔවුන්ට දැනට පහත ද්‍රව්‍යය අවශ්‍යයව ඇති බව එම විදුහලේ විදුහල්පතිනී රුවනි පතිරණ දනුම් දෙයි..


    ඇඳුම් ( පාවිච්චි කරන ලද ඇඳුම් ලබා දීමෙන් වැලකී සිටින්න)
    දත් බුරුසු
    ටූත් පේස්ට්
    කොට්ට
    පැදුරු
    සබන්
    කාන්තා සනීපාරක්ශක ද්‍රව්‍යය
    විශබීජ නාසක
    පිරිසිදු කාරක
    පැනඩෝල්
    කිරිපිටි (ළදරු කිරිපිටි)
    සීනි
    තේකොල..


    දැනට අවශ්‍යය කරන ආහාර පොලිසිය හමුදාව හා ප්‍රාදේශීය ලේඛම් කාර්‍යයාලය මගින් ලබාදෙනු ලබයි..
    මේ පිලිබඳව වැඩි දුර විස්තර විදුහල්පතිනිය හෝ පහත අංක අමතා ලබාගත හැක..


    (විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය මේ කඳවුරේ වගකිවයුතු නිලධාරීන් බැවින් ඔබේ ආධාර මේ අංක අමතා පමණක් සම්බන්ධ කරන්න)

    විදුහල්පති රුවනි පතිරණ මිය – 071-4484213
    නියෝජ්‍ය විදුහල්පති ගීතිකා මිය – 0727397902

  • මාස දෙකින් කුණු කන්ද අයින් කරනවා.. 2016.08.30 මාධ්‍ය ඉදිරියේ මරික්කාර් වහසි බස් කියූ වීඩියෝව මෙන්න…

    තමන් මාස දෙකෙන් කසල කන්දේ ගැටලුව විසදන බවට එස්.එම් මරික්කාර් පුරසාරම් කියවන අපුරු වීඩියෝවක් අපට ලැබී ඇත.

    ඔහු කියූ ලෙසට මාස දෙක අවසන් වන්නේ 2016.10.30 දිනය… එදින එම ගැටලුව අවසන් වුයේ නම් අද මෙලෙස ව්‍යසනයක් සිදුවන්නේද නැත.

    කොලොන්නාව කසල කන්දේ ගැටලුව කටට එන නිමක් නොමැති වචන රසකර  කියමින් පුරසාරම් දොඩමින් මාධ්‍ය සංදර්ශන වල නිරත වන ඇතැම් දේශපාලකයන්ට මල් වත්තක් වී ඇති බව නම් සැබෑවකි..

    https://www.facebook.com/SriLankanTVnews/videos/1452194061504810/

     

  • ලකුණු දාගන්න ගිය මරික්කාර්ට/සාගලට එජාප නියෝජිතයන්ට ගල් වලින් හූ හඩින් ප්‍රතිචාර..

    මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් විපතට පත් වූවන්ගේ සුවදුක් බැලීමට ඇමති සාගල  හා මරික්කාර් ගිය අවස්ථාවේ එහි සිටි ජනතාව ‘හූ’ කියමින් ගල් දමාගසමින් විරෝදය පල කලහ.
    ජනතාවට ඇමතිවරයාට සහ මරික්කාර්ට  කියා සිටියේ මැරුනට පස්සෙ බලන්න ඒමෙන් වැඩක් නැති බවයි.
    මෙම ගමන සදහා නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සහ පොලිස්පති පූජිත ජයසුන්දර සහභාගී වූ අතර ජනතාවට උත්තර දීමට ගිය මරික්කාර්ට ජනතාවගෙන් අම්මා අප්පා මතක් කරන දැඩි ප්‍රතිචාර හිමිවිය.

    [rns_reactions]

  • මීතොටමුල්ලේ නිවාසවල භාණ්ඩ සොරා කන්න ගිය 18ක් අල්ලයි..

    මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

    ත්‍රිවිද හමුදාව තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම්වල නිරතව සිටින බවද  යුද හමුදා මාධ්‍ය  ප්‍රකාශකවරයා  ප්‍රකාශ කළේය.

    මේ අතර මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට තීරණය කර තිබේ.

    අද (15) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී රැස්වූ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

    මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් 13 දෙනෙකුද කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව  පොලීසිය සඳහන් ක‍ළේය.

    ඊයේ පස්වරුවේ මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් නිවාස 145කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

    පවුල් 180ට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්වී ඇති අතර ඔවුන් කොලොන්නාව ටෙරන්ස් ද සිල්වා  පාසලේ සහ අවට ප්‍රජාශාලාවල රැදී සිටින බව පොලීසිය පවසයි.

    [rns_reactions]

  • IPL සටනේ මහේලගේ මුම්බායි ඉන්දියන්ස් පෙරමුණට…

    අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ මේ දක්වා පැවති තරගවලින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වී සිටින අතර ඒ, තරග හතරකට සහභාගි වී ඒවායින් තුනක් ජය ගනිමින්.

    ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායකයෙකු වන මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරයි.

    කොල්කටා නයිට්රයිඩර්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ කිංස්ලෙවන් පන්ජාබ් යන කණ්ඩායම් මේ දක්වා තරග දෙක බැගින් ජයගෙන තිබෙනවා. 

    මේ අතර මෙම තරගාවලියේ තවත් තරග දෙකක් අද (15) පැවැත්වීමට නියමිතයි.

    පළමු තරගය කොල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

    අනෙක් තරගය පැවැත්වෙන්නේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් යන කණ්ඩායම් අතරයි.

    [rns_reactions]

     

  • ඔබ ආදරය කරන කලා ලොවේ තරු අවුරුදු සැමරූ හැටි මෙන්න..

    අලුත් අවුරුද්ද ලංකාවාසී හැමදෙනාම සැමැරුවේ සතුටු සිතින්. අවුරුද්දේ මතක සැමැරුම්,සුන්දරත්වය, උණුහුම තවමත් අපේ සිත්වලින් මැකී ගිහින් නැහැ. හැමදෙනාගේම සිත් අලුත් සිතුම් පැතුම් ,බලාපොරොත්තුවලින් පිරී ගිහින්. අදහස් ,සිතුවිලි හැමදේම අලුත්වන අලුත් අවුරුද්දේ අපි කවුරුත් ප්‍රිය කරන කලාකරුවන් අවුරුදු සැමරූ හැටි සොයා බලන්න අපි හිතුවා.

    අලුත් අවුරුදු සමරන්න ලංකාවට ආවා

    බියංකා ෆොන්සේකා කලාලොවේ සිටින සූරූපී නිළියක්. ඇය පසුගිය දවස්වල නිර්මාණයකින් නොදුටුව තරම්. අලුත් අවුරුද්දේ බියංකා ගැන අපිට අලුත් ආරංචියක් දැන ගන්නට ලැබුණා. ඒ ගැන අපි ඇගෙන්ම විමසා බැලුවා.

    ‘මම මෙච්චර කාලයක් විදෙස් ගතවෙලයි හිටියේ. ඒ පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතු කිහිපයක් වෙනුවෙන්. පසුගිය දිනෙක අලුත් අවුරුදු සමරන්නත් බලාගෙන නැවත ලංකාවට ආවා. උලත් එකයි පිලත් එකයි‘චිත්‍රපටයට දායක වුණාට පසුව මට අලුත් නිර්මාණයකට දායක වෙන්න නොලැබුණ තරම්. ඉතින් මේ දවස්වල වැඩි වශයෙන් රූපවාහිනී නාළිකාවල අවුරුදු උළෙල සහ වැඩසටහන් වෙනුවෙන් සහභාගි වුණා. පවුලේ අයත් එක්ක අලුත් අවුරුදු සැමැරුවා. හුඟක් සතුටින් කාලය ගෙවී යනවා.

    කුරුඳු හැලප කරපු දෙයක්

    සාමාන්‍යයෙන් අලුත් අවුරුදු සමයේ විවිධ රූපවාහිනී නාළිකාවල විවිධ වැඩසටහන් දියත් වෙනවා. ඒ අතර අවුරුදු උත්සව වගේම විවිධ පුණ්‍ය කටයුතුත් සිදු වෙනවා. එවැනි පුණ්‍ය කටයුත්තකට ප්‍රවීණ කලාකරු කුමාර රණපුර පසුගිය අවුරුදු සමයේ දායක වුණා. මෙතනදී අපූරු සිදු වීමක් කුමාරට දැක ගන්න ලැබිලා.

    ‘පසුගිය දවසක එක්තරා රූපවාහිනී නාළිකාවක් සංවිධානය කරපු අවුරුදු වැඩසටහනකට සහභාගි වෙන්න මටත් ඇරියුම් ලැබුණා. එයට නව පරපුරේ නළු නිළියනුත් අැවිත් හිටියා. අපි ගියේ වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්නයි. ඉතින් වැඩිහිටි මව්පියන් සමඟ හුඟක් විනෝද වු‍ණා. මේ අතර තේපානයට අපිට අපූරු හැලප වර්ගයක් කන්න ලැබුණා. සාමාන්‍ය‍ෙයන් අපි මෙච්චර දවසක් කාලා තිබෙන්නේ කැන්ද කොළේ ඔතපු හැලපනෙ. එදා අපිට ලැබුණේ කුරුඳු කොළේ ඔතපු හැලප. ඒ හැලප හරිම රසයි. ඉතින් අපි හැමදෙනාම බොහොම ආසාවෙන් මේ හැලප කෑවා. තේ බිව්වා. ඉතින් හවස් වෙනකොට අපි වැඩිහිටි නිවාසයෙන් පිටත් වෙන්න වාහනයට ගොඩවෙන්න ආවා. මෙන්න බොලේ නවක නිළියකගේ සාක්කුවේ පිරී තිබුණු කුරුඳු හැලප ගොඩක් බිමට වැටුණා. හැමෝටම හිනා. කුරුඳු හැලපවල රස වැඩි කමට ගෙදර ගෙනිහිල්ලා කන්නත් මෙයා හැලප අරගෙන. පස්සේ ඉතින් මේ නවක නිළියට අපේ විහිළු තහළු මැද තමයි ගෙදරට යන්න වුණේ.

    රිතූ අන්ධයකුට කිරි කවලා

    රිතූ ආකර්ෂා මෙදා අලුත් අවුරුද්ද ගත කළේ හරිම අපූරු විදිහට. ඒ ගැන රිතූ කිව්වේ මේ විදිහට.‘මම හැමදාමත් අලුත් අවුරුද්දට හුඟක් බීසී වෙනවා. නමුත් මෙදා සැරේ අවුරුද්දට නම් එහෙම බිසී එකක් වුණේ නැහැ. සුපුරුදු විදිහට අවුරුදු වැඩසටහන්වලට සහභාගි වුණා. ගෙදර ඉඳන් අවුරුදු සැමැරුවා. පසුගිය මාස කිහිපයේම එක දිගට නිර්මාණ කටයුතුවල නියැළුණු නිසා අවුරුදු දිනවල කිසිම නිර්මාණයක් මම බාර ගත්තේ නැහැ. රූපවාහිනී අවුරුදු වැඩසටහන් කිහිපයකටම මමත් සහභාගි වුණා. ඒ අතර දෙරණ අවුරුදු උත්සවය නම් විශේෂයි. මොකද මම අන්ධයකුට කිරි කැවුවා. ඒ තමයි දෙනුවන්. දෙනුවන්ගේ මුළු මුණෙම කිරි. කොහොම වුණත් අවුරුදු නම් හරිම සතුටින් සැමැරුවා.

    අවුරුද්දේ තුන්දෙනාම එකට

    සුන්දර රංගන ශිල්පිනියන් අතර තරුෂි පෙරේරා අමතක කරන්න බැහැ. තරුෂි නිතරම විදෙස් ගත වෙනවා. ඒ ඇගේ සැමියා විදෙස් රටක සේවය කරන නිසයි. එනිසාම තරුෂිට බෙහෝ වසරවල අලුත් අවුරුද්ද සමරන්න විදේශගත වෙන්න සිදු වුණා. ඒත් මෙවර නම් තරුෂිට ලංකාවේ ඉඳගෙනම අලුත් අවුරුද්ද සමරන්න හැකි වෙලා. ඇය ඒ ගැන අපිත් එක්ක කිව්වේ මේ විදිහට.

    ‘මෙවර අලුත් අවුරුද්ද මමත් මගේ මහත්තයත් පුංචි පුතත් එකට එකතුවෙලා අවුරුදු සමැරුවා. මෙවර සුමේධ ලංකාවට ආවේ දිගු නිවාඩුවකට. එනිසා අවුරුද්ද වෙනදට වැඩිය සතුටින් වගේම චාරිත්‍ර සමඟ ඉටුකරන්න අපි දෙන්නට හැකි වුණා. මගේ අතින්ම සුමේධ වෙනුවෙන් විවිධ කෑම වර්ග කැවිලි සැකසුණා. පුතාට දැන් අවුරුදු 2ක් වෙන නිසා එයාටත් දැන් පොඩිපොඩි දේවල් තේරෙනවා. ඒ හින්දා අවුරුද්ද හරිම විශේෂව මෙවර සැමැරුවා.

    අලුත් අවුරුද්දට අලුත් ගීත

    ඉන්දිකා උපමාලි ගැන අටුවාටිකා අවශ්‍ය නැහැ. ඇය කලා ලොවේ සිටින දක්ෂතම ප්‍රවීණ ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක්. මෙදා සැරේ අවුරුද්දට ඉන්දිකාගෙන් අලුත්ම ගීත එකතුවක් නිර්මාණය වී ඇති බව අපිට දැන ගන්නට ලැබුණා. ‘අලුත් අවුරුද්ද සැමැරුවේ මගේ අලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කරමින්. එනිසා මෙවර අලුත් අවුරුද්ද මට වගේම මගේ රසිකයන්ටත් විශේෂ වුණා. ඉදිරියේ දී මේ ගීත ඇතුළත් කරලා සංයුක්ත තැටියක් එළිදක්වන්න මම සූදානම්. ඒ වගේම දැන් මගේ පුංචි පුතාට අවුරුදු 2ක්. එයත් එක්ක අවුරුදු චාරිත්‍ර ඉටුකරමින් අවුරුදු සමරන්න මට හැකි වුණා. ‘

    අවුරුදු දවසේ ගෙදර තනි කළේ නැහැ

    ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අනූෂා දමයන්ති අවුරුද්දට කතරගම වන්දනාවේ ගියා කියල අපිට දැන ගන්නට ලැබුණා. බුදුන්, දෙවියන් සිහිකරමින් අවුරුදු සමරන්න ලැබුණු එක ගැන අනූෂා අපිත් එක්ක කතා කළා. ‘පසුගිය දවස්වල කලා කටයුතු නිසා බොහොම කාර්ය බහුලව තමයි කාලය ගත කළේ. කොහොමත් අවුරුද්දකට වතාවක් කතරගම යන්න මම අමතක කරන්නේ නැහැ. එනිසා පරණ අවුරුද්දේ කතරගම ගිහින් කිරිවෙහෙර වැඳලා, කතරගම දෙවියන් වැඳලා ආවා. ඒ වගේම අවරුදු දිනයේ ගෙදරම ඉඳගෙන චාරිත්‍ර වාරිත්‍ර ඒ ආකාරයෙන්ම ඉටුකළා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි අලුත් අවුරුදු දිනයේ තමන් ජීවත් වෙන නිවෙස හිස් කරන්න හොඳ නැහැ කියන එක. එදාට ගෙදර කිරි උතුරුවලා, කිරිබතක් පිළියෙල කළ යුතුමයි. එනිසා ඒ දේවල් අකුරටම ඉටුකළා. ඊට පසුවදා මම නුවර එළි ගියා. ඒ මගේ පවුලේ හැමදෙනාම සමඟ.

    රොෂානාට මේ අලුත් අවුරුද්ද විශේෂයි.

    රොෂානා මේ දවස්වල කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක්. රොෂානාට මෙවර අලුත් අවුරුද්ද හරිම විශේෂයි. ඒ ගැන අපි ඇගෙන්ම විමසුවා. ‘මෙවර අවුරුද්ද මගේ ජීවිතයට හුඟක් විශේෂයි. මොකද පසුගිය අලුත් අවුරුදු මම සැමැරුවේ තනිවම. එත් මෙවර මගේ අලුත් පවුලේ හැම දෙනා එක්කම සමරන්න මට අවස්ථාව ලැබුණා. මගේ පෙම්වතා සමඟ මෙවර අලුත් අවුරුද්ද සමරන්න ලැබුණු එක ගැන විශාල සතුටක් හිතේ තිබෙනවා.

    අලුත් අවුරුදු සැමරුවේ නුවරඑළියේ

    ලැබූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පූජා උමාශංකර්ට නම් විශේෂ අවුරුද්දක් වුණා. ඒ ඇය විවාහයෙන් පසුව සමරන පළමු අලුත් අවුරුද්ද මෙය වීමයි. කොහොම වුණත් පූජා අලුත් අවුරුද්ද සමරන්න නුවරඑළි ගියා කියලා අපිට දැන ගන්නට ලැබුණා. ‘අලුත් අවුරුද්දට මගේ පවුලේ හැමදෙනාමත් මගේ සැමියාගේ පවුලේ හැමදෙනාමත් එකතු වුණා. විශේෂයෙන්ම මගේ මල්ලී එයාගේ බිරියත් දරුවනුත් සමඟ ලංකාවට ආවා. ඉතින් අපි කට්ටියම නුවරඑළි ගියා. පුංචි පැටව් දෙන්න එක්ක ගත කරපු ඒ කාලය නම් හරිම අපූරුයි. නුවරඑළියේ සුන්දර තැන් නරඹමින් හරිම සතුටින් තමයි කාලය ගත කළේ

    [rns_reactions]

  • මීතොටමුල්ල කුණු කන්දේ අනතුර බලන්න එන්න එපා…

    කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්ද කඩාවැටීමෙන් අවතැන් වූ පිරිස් ආරක්‍ෂිත ස්ථාන කිහිපයක රඳවා සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය සහ සෞඛ්‍ය පහසුකම්ද නොඅඩුව සපයන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ.

    කසල කන්දට යටවූ පිරිස් තවත් සිටිය හැකි බවට විශ්වාස කෙරෙනවා. ඔවුන් බේරා ගැනීම සඳහා ති‍්‍රවිධ හමුදාවේද සහායෙන් තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බව සදහන්.

    මෙම ආපදා තත්ත්වය නැරඹීම සඳහා මීතොටමුල්ල ප‍්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය සෙසු මහජනතාවගෙන් නැවත ඉල්ලා සිටිනවා.

    අදාළ නොවන පිරිස් එහි පැමිණීම සහන සේවා සහ බේරා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වන බවයි පොලීසිය වැඩිදුරටත් කියාසිටියේ.

    [rns_reactions]

  • අසනීප තත්වය පසෙකලා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනතාවට උපරිම සහන දෙනවා – සෝලංගආරච්චිගෙන් ප්‍රකාශයක්..

    මේ දිනවල තමන් අසනීප තත්වයෙන් පෙළුනද කොළොන්නාවේ ජනතාව ව්‍යසනයකට ගොදුරු වූ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් තම උපරිමයෙන් සහන සැලසීමට කටයුතු කරන බව කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි පවසයි.

    අප පුවත් අංශය කල විමසීමකදී ඔහු දැක්වූ අදහස් මෙසේය..

    මෙම සිදුවීම වෙද්දී මම අසනීප තත්වයෙන් නිවසේ හිටියේ. සිද්ධිය සැලවූ විගස මම ජනාධිපතිතුමා අමතා සහය ඉල්ලා සිටියා.හමුදා සහය බැකෝ ලැබුනේ එම ඉල්ලීමේ ප්‍රතිපලයක් ලෙස. මිනිස්සු මේවා දන්නේ නෑ. මේවා කියලා මාධ්‍ය සංදර්ශන කරන්න මට අවශ්‍යයත් නෑ.

    මොන පක්ෂේ උනත් මේ අසරණ වෙලා ඉන්නේ මම හැදුනු වැදුණු කොළොන්නාවේ මගේ මිනිස්සු. ඊයේ හවස අපි කොලොන්නාව විමලාරාම විහාරයේ විශේෂ සාකච්චාවක් තිබ්බා. කවිදජ හිමියන්ගේ මුලිකත්වයෙන් පැවතී එම සාකච්චාවේ තීරණාත් අපි අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා..

    සමහරු වගේ කුණු කන්ද ඉදිරියට ගිහින් මයික් කටවල් වලට යටිගිරියෙන් කෑගහලා කරන මාධ්‍ය සංදර්ශන මට අවශ්‍ය නෑ. මාගේ අසනීප තත්වය නොවන්නට මම ඊයේ ඉදන් ඔය ස්ථානයේ. මේක මගේ ගම. ගමේ මිනිස්සුන්ට කරදරයක් උනාම මට රිදෙන තරම් ඔය පිටින් ඇවිත් දගලන ඔය මිනිස්සුන්ට දැනෙන්නේ නෑ. එකයි වෙනස..

    මිනිස්සුන්ට සහන සලසනවා ඇරෙන්නට ඔතන මාධ්‍ය සංදර්ශන හෝ දේශපාලනය කරන්නට මම සුදානම් නෑ.. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියන බණ්ඩාරනායක ප්‍රතිපත්තියේ සිට මම ආපදාවට පත් සියලුම ජනතාවට මගේ උපරිමයෙන් සහන ලබාදෙනවා..

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දැනට අවතැන්වී සිටින ජනතාවට ආහාර සැපයීමේ වැඩසටහනක්ක්‍ ක්‍රියාත්මක වෙමින් පවතින බවද සදහන්..

    එහි චායාරූ අපට ලැබී ඇත..

     

    [rns_reactions]

  • අපිට අහවලා ගෙවල් වලින් යන්න එපා කිවුවා – මීතොටමුල්ල ජනතාව දේශපාලකයෙකුට සාප කරති..

    රජයේ නියෝගය පරිදි තමන් තම නිවාස වලින් ඉවත්වීමට සුදානම් වෙද්දී මැතිසබය නියෝජනය කරන එක්තරා දේශපාලකයෙක් දින දෙකකට පෙර එම ස්ථානයට පැමිණ එම ස්ථාන වලින් ඉවත් නොවන ලෙස දැන්වූ බව මීතොටමුල්ල ජනතාව අහසට දෑත් දිගුකර හෙන ඉල්ලමින් පවසයි..

    එම ස්ථානයට ගිය ඇප වාර්තාකරුට එම ස්ථානයේ සිටි අයෙක් පැවසු අදහස් මෙසේය..

    මහත්තයෝ අපිට අයින්වෙන්න කියල රජයෙන් නියෝගයක් ආවා. අපි දවස් 4ක ඉදන් ගෙවල් වලින් අයින් වෙන්න ලස්තිවේවි ඉන්න කොට කොළොන්නාවේ කුණු කන්ද විකුණගෙන කණ කාලකන්නියා ආවා අපිව බලන්න. කොලොන්නාව නගර සභාවේ කිහිප දෙනෙකුත් ආව. උ කිවුව අපිට අයින් වෙන්න එපා මම ඔයාලගේ ප්‍රශ්නේ විසදනවා කියලා. ඔයාල අයින් උනොත් ඔයාලට සත පහක් හම්බවෙන්නේ නෑ කියලත් මු කිවුවා මහත්තයෝ. අපි එකයි ගියේ නැත්තේ මහත්තයෝ. නැත්නම් අපි අයින් වෙනවා. අපිව රවට්ටපු මූට හෙනගහනවා. 

    මෙම කතාව සත්‍යයක් නම් මාධ්‍ය සංදර්ශන කරමින් කුණු කන්ද විකුණගෙන කණ අදාළ දේශපාලකයා අහිමිවූ මිනිස් ජීවිත වල වගකීම භාරගතයුතු නොවේද? යන ප්‍රශ්නය ඇප ඔබ වෙත යොමුකරන්නෙමු..

    [rns_reactions]

  • මීතොටමුල්ල ඛේදවාචකයේ ඔබ මෙතෙක් නොදුටු දසුන් මෙන්න -(Exclusive Videos)

    කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඊයේ (14) පස්වරුවේ සිදුවු අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

    කොළඹ ජාතික රෝහලේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

    ඒ අතර ළමයින්ද සිටින බව අප වෙත වාර්තා වුණා. තුවාල ලැබූ තවත් 11 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලීසිය පවසන්නේ.

    ඊයේ පස්වරු 3.00 ට පමණ මෙම ඛේදවාචකය සිදුවුණා. කසල කන්දේ මීටර් 800 ක පමණ කොටසක් කඩා වැටුණු බවයි යුද හමුදාව පැවසුවේ.

    බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා තවදුරටත් කි‍්‍රයාත්මක වනවා.

    https://www.facebook.com/SriLankanTVnews/videos/1451757154881834/

    https://www.facebook.com/SriLankanTVnews/videos/1451756954881854/

    https://www.facebook.com/SriLankanTVnews/videos/1451755614881988/

    https://www.facebook.com/SriLankanTVnews/videos/1451755244882025/

    https://www.facebook.com/SriLankanTVnews/videos/1451754854882064/

     

    https://www.facebook.com/SriLankanTVnews/videos/1451754854882064/

     

    https://www.facebook.com/SriLankanTVnews/videos/1451752914882258/

     

    https://www.facebook.com/SriLankanTVnews/videos/1451752418215641/

     

    https://www.facebook.com/SriLankanTVnews/videos/1451751671549049/

     

    https://www.facebook.com/SriLankanTVnews/videos/1451751034882446/

    https://www.facebook.com/SriLankanTVnews/videos/1451750011549215/

    [rns_reactions]

  • කුණු කන්දේ ගැටලුව සහ මාධ්‍ය සංදර්ශනාත්මක දේශපාලනය – අතීත මතකයන්..

    කොලොන්නාව කසල ගැටලුව සමස්ත ලංකාවේම අවධානය දිනාගත් ගැටළුවක්. විවිධ දේශපාලන නායකයින් මෙම ගැටලුව තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් හිගන්නාගේ තුවාලය මෙන් පාවිච්චි කරමින් සිටින අතරතුර අවුරුදු සමයේ කසල කන්ද නායයෑමෙන් මහා ඛේදවාචකයක් නිර්මාණය විය. 

    කසල කන්ද පිලිබදව සහ විසදුම් පිලිබදව විවිධ දේශපාලකයන් සිදුකල විවිධ ප්‍රකාශයන් ඇප ඔබ වෙත මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

    වැරදුනේ කොතනද නැවතුනේ කොතනද? තීරණය නරබන ඔබට බරයි..

    https://www.facebook.com/813367968676851/videos/1594506060563034/

    https://www.facebook.com/813367968676851/videos/1576538912359749/

    https://www.facebook.com/813367968676851/videos/1575775669102740/

    https://www.facebook.com/813367968676851/videos/1572273342786306/

    https://www.facebook.com/PrasannaSolanga/videos/601194346707275/

    https://www.facebook.com/PrasannaSolanga/videos/592112360948807/

    https://www.facebook.com/PrasannaSolanga/videos/547958062030904/

     

    [rns_reactions]

  • කුණු කන්දෙන් ලකුණු දාගන්න පැමිණි මහින්දවාදීන් ප්‍රදේශවාසීන්ගේ හු හඩ මැද්දේ පලායති..

    මීතොටමුල්ල කසල කන්ද නායයෑමේ ඛේදවාචකය නිසා ජීවිත කිහිපයක් මෙන්ම විශාල දේපල හානියක්ද සිදුවී ඇත. එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අපිට එය ඉතා හොදින් දර්ශනය විය. මිනිසුන් අසරණ වී ඇත. ඔවුනට යනඑන මන් නැතිවී ඇත.

    මේ අතර සිත්පිත් නැති දේශපාලකයින් පිරිසක් විපතට පත් පිරිස් ඉදිරියේ ආණ්ඩුවේ වැරදි කියමින් අහවලා හිටියනම් මෙහෙම වෙන්නේ නෑ යනුවෙන් පවසා ඇත. එම අවස්ථාවේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය පිඩාවට පත්වූ මිනිසුන් පිරිසක් තොගේ මහා එකා තමයි මේක මෙතන හැදුවේ. ගහපිය මුන්ට යනුවෙන් පවසමින් කැඩුණු නිවසක පරාල අතට ගෙන ඇත. කෙසේවෙතත් අසල පිරිස මැදිහත් වීමෙන් ගුටිනොකා බෙරුනද ප්‍රදේශවාසීන්ගේ හු හඩ මධ්‍යයේ ඔවුනට පලායාමට සිදුවිය.

    [rns_reactions]

  • ජීවිත උදුරාගත් දේපොළ හානිවූ මීතොටමුල්ල සිදුවීමේ මෙතෙක් ඔබ නොදුටු දසුන් මෙන්න.. (Exclusive)

    කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඊයේ (14) පස්වරුවේ සිදුවු අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් දස දෙනෙකු මියගොස් තිබෙනවා.

    කොළඹ ජාතික රෝහලේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

    ඒ අතර ළමයින්ද සිටින බව අප වෙත වාර්තා වුණා. තුවාල ලැබූ තවත් 11 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලීසිය පවසන්නේ.

    ඊයේ පස්වරු 3.00 ට පමණ මෙම ඛේදවාචකය සිදුවුණා. කසල කන්දේ මීටර් 800 ක පමණ කොටසක් කඩා වැටුණු බවයි යුද හමුදාව පැවසුවේ.

    බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා තවදුරටත් කි‍්‍රයාත්මක වනවා.

     

     

     

     

    [rns_reactions]

  • සුරංග පිරිස්ගේ සොහොයුරා කප්පම් සරනගේ රෙදි ගලවයි..

    නිට්ටඹුව වෙළද සංගමයේ සභාපති ලෙස ක්‍රියා කල සුරංග පීරිස් මහතාගේ ඝාතනය සම්බන්දයෙන්  පුවත් පතකට සරණ ගුණවර්ධන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව, පිළිතුරු ලබා දීමට තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බවට සුරංග පීරිස් මහතාගේ පවුලේ සාමාජිකයන් චෝදනා කරයි. ඒ හේතුවෙන් ඔවුන්ට පිළිතුරු ලබා දීම සඳහා ඉඩක් වෙන් කර දීමට සුපිරි ගොසිප් අප තීරණය කළ අතර මේ සුරංග ගේ සොයුරා විසින් අප වෙත එවන ලද ප්‍රකාශයකි.

    අපේ අයියා ත්‍රීවීල් වලින් , කඩවල් වලින් සහ බස් වලින් කප්පම් ගත්තා කියලා වගකීමෙන් යුතුව සරණ ගුණවර්ධන ප්‍රකාශ කරනවලු . මේ රජයේ ඇමතිවරයෙක් කරන ප්‍රකාශයක් . ඇත්තෙන්ම මේක විහිළු සහගතයි. සුරංග අයියා කියන්නේ ප්‍රදේශයේ ජනතාව වෙළද සංගමයේ සභාපති ලෙස තෝර ගත්ත කෙනෙක්. අපේ අයියත් ව්‍යාපාර කරපු කෙනෙක්. එහෙම නැතිව කොයිම වෙළද සංගමයකින්වත් තම වෙළද සංගමයට කප්පම් කාරයෙකුව තෝරා පත් කර ගන්නවද ? මේ අය හිතා සිටින්නේ ජනතාව කියන්නේ මෝඩයෝ කියලා මොකද මේ ජනතාව මේ වගේ අය කොයිතරම් වැරදි කලත් ඒ අයට ජන්දය ලැබෙන නිසා. අපේ අයියා එහෙම කප්පම් ගත්ත කෙනෙක් නම් එයාගේ නම කොතනක හෝ ප්‍රසිද්ධ වෙන්න ඕනි එයා කප්පම් ගත්ත කෙනෙක් කියලා. නමුත් සරණ ගුණවර්ධන කියන පුද්ගලයා නම් ප්‍රසිද්ධයි කෝටි ගණනින් කප්පම් ගන්න කෙනෙක් විදියට. අප ජීවත් වන ප්‍රදේශයේ මිනිස්සු දන්නවා අපි කප්පම් කාරයෝද එහෙමත් නැත්නම් ජපානය වගේ රටවල රැකියා කරන ගමන් ඉතා දුක සේ මුදල් උපයමින් තම ව්‍යාපාර කටයුතු කරන මිනිස්සුද කියලා. අපි ඉතාමත් දුක් මහන්සියෙන් මුදල් උපයා ව්‍යාපාර කටයුතු කරන මිනිස්සු. අපි දන්නවා මුදල් හම්බ කරන්න කොයිතරම් මහන්සි වෙන්න ඕනිද කියලා ඒක දන්න එක මිනිහෙක්වත් තව කෙනෙකුගෙන් කප්පම් ගන්නෙවත් තව මිනිහෙක් දුක් මහන්සියෙන් උපයා ගත්ත දෙයක් හොරා කන්නේවත් නැහැ. අපි මිනිස්සුන්ගේ කතිර බලෙන් මහජන නියෝජිතයෝ විදියට පත් වෙලා කොමිස් ගහගෙන , කප්පම් අරගෙන ජීවත් වෙන මිනිස්සු නෙමෙයි . ඒක ඕනෑම කෙනෙක් දන්න දෙයක් මේ අය අපේ අයියා ඝාතනය කරලා එතැනින් නතර නොවී චරිතයත් ඝාතනය කරන්නයි හදන්නේ . නමුත් ඔය කියන අවලාද අප ප්‍රදේශයේ වෙසෙන , මිනිස්සු හොදාකාරවම දන්නවා.

    [rns_reactions]

  • අනතුරු වළකන්න මීතොටමුල්ලට විදුලිය නෑ..

    ආපදාවට පත් ජනයාට සිදුවිය හැකි අනතුරු අවමකරනු පිණිස මීතොටමුල්ල ප්‍රදේශයේ විදුලිය අක්‍රීය කළ බව  විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව ප්‍රදේශවල ජනයාට අවශ්‍ය විදුලිය ලබාදීම විදුලි ජනක යන්ත්‍ර මගින් සිදුකරන බවද අමාත්‍යංශය කියා සිටියි.

    අද පස්වරුවේ මීතොටමුල්ල කුණුකන්ද නායයාමකට ලක්වූ අතර එයින් නිවාස සිය ගණනකට හානි සිදුවූ අතර මේවන විට තුවාල ලැබූවන් හය දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    නිවාස ගණනාවක් කුණු කන්දට යටවී ඇති අතර මේවන විටත් ආරක්ෂක අංශ මැදිහත්ව එලෙස යටවූ පිරිස් බේරාගනිමින් සිටින බව අපට වාර්තා වේ.

    [rns_reactions]