Tag: featured

  • ලිංගික ගොදුරු පිලිබදව හයිටියෙන් ලංකා හමුදාවට චෝදනාවක්..

    එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා විසින් හයිටියේ සිදුවීයයි කියනු ලබන ලිංගික අපචාර හා අපරාධ වලට හමුදා යැවූ සියලුම රටවල් තමන්ගේ සොල්දාදුවන් සම්බන්ධයෙන් වගවිය යුතු බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකී හේලි මේ බව පවසා ඇත්තේ   ඒ.පී පුවත් සේවය මගින් කරන ලද විමර්ශනයකින් හෙළිදරව් කෙරුණු ශ්‍රී ලංකා සාම සාධක හමුදා, හයිටියේදී ළමා අපචාර හා ලිංගික හිරිහැර සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

    කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් විසින් හයිටියේ කරනු ලැබූ මැදිහත්වීම් එළඹෙන ඔක්තෝම්බර් මස සිට අත්හිටුවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇති අතර එකී යෝජනාව ඒකමතිකව සම්මත වූ බැව් විදෙස් පුවත් වාර්තා උපුටා දක්වයි.

    මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන  කිසිදු රටකට තම සොල්දාදුවන් සම්බන්ධයෙන් වගවූයේ නැතිනම් ඔවුන් යළි සිය රටවලට යවා ගෙවීම් නතර කිරීමට පියවර ගත යුතු බව නිකී හේලි පෙන්වාදෙයි.

    සාම සාධක හමුදාවන් විසින් සත්‍යවශයෙන්ම හයිටියේ පීඩාවට පත් දරුවන් ආරක්ෂා කළාද යන්න ප්‍රශ්නයක් පැන නඟින බවත්, හමුදාවන් හයිටි වලින් ඉවත්වීම සාර්ථකත්වයක් ලෙස දකින නමුත් හයිටි වල ජනයාගෙන් බොහෝ දෙනෙකුට මෙය නරක හීනයක අත්දැකීමක් බවත් ඇය අවධාරණය කර තිබේ.

    මන්ද යත් සිදුවූ අවාසනාවන්ත තත්ත්වය විසින් ඇති කළ කැළැල් ඔවුනට අමතක කර දැමීමට අපහසු බැව් ඇය පෙන්වාදෙයි.

    2004-2007 කාලයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා නියෝජනය කරමින් ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් 134 දෙනෙකු හයිටියේ සේවයට ගොස් ඇති බවත්, හයිටි කුඩා දරුවන් නව දෙනෙකු ඔවුන්ගේ ලිංගික ගොදුරු බවට පත්ව ඇති බව සඳහන්ය.

    එහෙත් එක්සත් ජාතීන්ගේ මෙහෙවර අනුදත් රටක් ලෙස ශ්‍රී ලංකාව මෙලෙස චෝදනා ලැබූ කිසිදු සොල්දාදුවෙකුට එරෙහිව හෝ නීතිමය ක්‍රියා මාර්ග ගෙන නොමැති බව ඇය වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

    [rns_reactions]

  • කොටදෙණියාවේ කත මැරූ රහස මෙන්න..

    කොටදෙණියාව ප්‍රදේශයේදී කාන්තාවක කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 12 වනදා කොටදෙණියාව ප්‍රදේශයේ නිවසත් තුළදී තියුණු ආයුධයකින් පහරදී 68 හැවිරිදි කාන්තාවක ඝාතනය කර තිබියදී  පොලිසිය විසින් සොයාගෙන තිබුණි.
     
    ඒ පිළිබඳ සිදුකළ විමර්ශනවලට අනුව එම නිවසේ  සේවය සදහා පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම්වලදී ඔහු විසින් මෙම ඝාතනය සිදු කරන ලද බවට තොරතුරු අනාවරණය වී තිබේ..

    ඒ අනුව අදාළ කාන්තාවගේ ගෙල පැළඳි රන් මාලය කොල්ලකෑම සඳහා සැකකරු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පවසයි.

    අදාළ සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
    [rns_reactions]

  • මීතොටමුල්ල සිදුවීමෙන් විපතට පත් පාර්ශව වලට ජනපති නියමයෙන් කඩිනම් සහන..

    කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සේවා සදහා කඩිනමින් කි‍්‍රයා කරන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ති‍්‍රවිධ හමුදාවටට, පොලීසියට සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා. 

    ඒ අනුව අදාළ සියලූ පාර්ශව මේ වනවිටත් බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා ආරම්භ කර ඇති බවයි ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා පැවසුවේ.

    ගිනි ගැනීම් ඇතිවුවහොත් ඒවා පාලනය කිරීම සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ යානයක්ද මීතොටමුල්ල කසල කන්ද ප‍්‍රදේශයට යවා තිබෙනවා. 

    ආපදාව නැරඹීම සදහා එම ප‍්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසයි අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා සෙසු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ. 

    එලෙස අනවශ්‍ය පිරිස් පැමිණීම බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවාවලටද බාධාවක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
     
    මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටුණේ අද පස්වරු 3 ට පමණයි. 

    නිවාස කිහිපයකට එයින් හානි සිදුවී තිබෙනවා. 

    තුවාල ලැබූවන් හත් දෙනෙකු ප‍්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ. 

     

    [rns_reactions]

     

  • ජනපති වෑයම සාර්ථකයි.. උත්සව සමයේ සතොස ආදායම දෙගුණයකින් ඉහළට

    ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කල විශේෂ වැඩසටහන් නිසා  මෙවර අලූත් අවුරුදු උත්සව සමයේදී ලංකා සතොස ආයතනයේ ආදායම පසුගිය වසර දෙක හා සැසදීමේදී දෙගුණයකින් වැඩිවී ඇති බව අපට වාර්තා වේ.. 

    ජනාධිපතිවරයාගේ සංකලපයකට අනුව භාණ්ඩ කිහිපයක් සඳහා ක‍්‍රියාත්මක කරනු ලැබූ උපරිම මිළ සීමාව සාර්තකව ක‍්‍රියාත්මක කිරීමට ද හැකියාව ලැබුණු අතර පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව උදෙසා අඛණ්ඩව වැටලීම් සිදු කරන බවද සදහන්.

    https://www.facebook.com/srilankarupavahini/videos/1287406654628483/

    [rns_reactions]

  • අවුරුදු සමයේ අකිල වේවැල අතට ගන්නා ලකුණු..

    වහාම ක්‍රියාත්මක වන පරිදි  ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීම සහ ඉවත් කිරීම ඇතුළු කාර්යභාරයන් දහයක්‌ තමන්ගේ පූර්ව අනුමැතියකින් තොරව ක්‍රියාත්මක නොකළ යුතු බවට අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

    මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම, චක්‍රලේඛ නිකුත් කිරීම, පාසල් ගොඩනැගිලි හා අදාළ වෙනත් අධ්‍යාපනික උපකරණ ලබාදීම සඳහා එලෙස පූර්ණ අනුමැතිය ලබාගත යුතු වනවා..

    එමෙන්ම පාසල්වල තාක්‍ෂණික විද්‍යාපීඨ පිහිටුවීම හා අදාළ කාර්යයන්, අධ්‍යාපනයට සම්බන්ධ විවිධ ගිවිසුම් අත්සන් කිරීම් සහ අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවලට අදාළ සියලු කටයුතු සඳහා ඇමැතිවරයාගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වනවා..

    අමාත්‍යංශයේ ප්‍රතිපත්තීන්ට අනුකූල නොවන ලෙස කටයුතු සිදුවන බව සඳහන් කරමින් ඇමැතිවරයා මෙම ලිපිය නිකුත් කර තිබෙන බව සදහන්.

     

    [rns_reactions]

  • මිරිස්ස/හික්කඩුව වෙරලාරක්ෂකයොත් වැඩ අල්ලයි.. ගිලෙන්න ගිය දෙදෙනෙක් බේරාගැනේ…

    සිංහල අවුරුදු යෙදුනු අද දින මිරිස්ස සහ හික්කඩුව වෙරළ තීරයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ දිය නෑමට ගොස් ජල පහරකට හසුව ගිලෙමින් සිටි විදේශිකයෙකු සහ ශ‍්‍රී ලාංකිකයෙකු බේරා ගෙන තිබෙන බව අපට වාර්තා වේ.

    ඒ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් වන අතර මෙලෙස බේරා ගැණුනේ 54 හැවිරිදි ඉරාන ජාතිකයෙක් සහ ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. 

    එමෙන්ම හික්කඩුව වෙරළ තීරයට ඔබ්බෙන් හෝ මුහුදු ප‍්‍රදේශයේ දිය නාමින් සිටි ඉන්දීය ජාතිකයෙකු ද දියේ ගිලී තිබෙනවා. 

    හික්කඩුව වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් ඔවුන් ද බේරා ගෙන තිබෙනවා. 

    [rns_reactions]

  • ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් පළමු ඇමරිකාණු මුස්ලිම් විනිසුරුවරියගේ මළ සිරුර ගඟකින් හමුවෙයි..

    විදෙස් පුවත් වාර්තා වලට අනුව  අමෙරිකාවේ නිව්යෝර්ක් ප‍්‍රාන්ත අධිකරණයේ විනිසුරුවරියක් ලෙස කටයුතු කළ ශීලා අබ්දූස් සලාම්ගේ මළ සිරුර හඞ්සන් ගංගාවේ තිබී සොයා ගෙන තිබෙන බව අපට වාර්තා වේ.

     ඇය අතුරුදන්ව ඇති බව මීට දින කිහිපයකට පෙර ඇගේ සැමියා නිව්යෝර්ක් පොලිසියට පැමිණිලි කර තිබුණු අතර පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනූව ඇගේ මළ සිරුර හඞ්සන් නදියේ තිබී සොයා ගෙන තිබෙනවා. 

    කෙසේ වෙතත් මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නැහැ. 

    [rns_reactions]

  • ජනපති මෛත්‍රී සුබ නැකතට නව අවුරුදු සිරිත් සිදුකල ආකාරය මෙන්න.. (Video)

    සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි මෙලවීමේ නැකත් චාරිත්‍රයට ගරු කරමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ ජයන්ති සිරිසේන මැතිණිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා හෙළ චාරිත්‍රයට අනුව අවුරුදු සැමරීම ජනාධිපති නිල නිවසේදි..

    https://www.facebook.com/maithripalas/videos/10155017573681327/

    සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ යෙදී තිබෙන ආහාර අනුභවය,වැඩ ඇල්ලීම සහ ගනුදෙනු කිරීමේ නැකත් චාරිත්‍රයන්ට ගරුකරමින් ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ ජයන්ති සිරිසේන මැතිනිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා හෙළ චාරිත්‍රයට අනුව එම නැකත් ඉටුකිරීම.

    https://www.facebook.com/maithripalas/videos/10155017598876327/

    මුල් පුරවැසි පළමු අවුරුදු සුබ පැතුම …..

    https://www.facebook.com/srilankarupavahini/videos/1287406654628483/

    [rns_reactions]

  • නව වසරේ කුමාර් සංගක්කාරට තානාපති තනතුරක් – කියවන්න දැනගන්න බෙදාහරින්න

    ජූනි මස 01 වැනිදා ආරම්භ වන මෙවර පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස කුමාර් සංගක්කාර පත්කර තිබෙන බව අපට වාර්තා වේ.

    අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ක‍්‍රීඩකයින් අට දෙනෙකු ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සන්නාම තානාපතිවරු ලෙස නම් කර තිබෙනවා. 

    ඔස්ටෙ‍්‍රලියාවේ මයික් හසී, දකුණු අප‍්‍රිකාවේ ග‍්‍රෑන්ස් ස්මිත් , පකිස්තානයේ සියිඞ් අෆ්රිඩි, ඉන්දියාවේ හර්බජාන් සිං, එංගලන්තයේ ඉයන් බෙල් සහ බංග්ලාදේශයේ හබිබුල් බෂාර් මෙලෙස සන්නාම තානාපතිවරු ලෙස නම්කර තිබෙනවා. 

    මෙම තරගාවලියට එක්වන්නේ අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ මුල් අට අතර සිටින කණ්ඩායම් වන අතර ඒ අනූව බංග්ලාදේශය මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර ශූරයින්ගේ කුසලානයට සහභාගි වීමට අවස්ථාව හිමිව නැහැ. 

    තරගාවලියේ දී ඒ ඛාණ්ඩයෙන් ඔස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය සහ නවසීලන්තය තරග වදිනවා. 

    බී කාණ්ඩයෙන් තරග වදින්නේ ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප‍්‍රිකාවයි.

    [rns_reactions]

  • Impact Wrestling වල මේ සතියේ මොකද උනේ? වීඩියෝව මෙන්න…

    මේ පුවත රෙස්ලින් ක්‍රීඩාවට ලැදියාවක් දක්වන ඔබ වෙනුවෙනි. මේ සතියේ Impact Wrestling වැඩසටහනේ සිදුවූ දේවල් වීඩියෝවක් ලෙස ඇප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

    https://www.youtube.com/watch?v=WmzNJNElKSA

    [rns_reactions]

  • ඊයේ පැවතී KXIP vs KKR තරගයේ වෙච්ච දේ මෙන්න.. (වීඩියෝ)

    මෙවර අයි.පි.එල් තරගාවලියේ  ඊතරගයට මොකද උනේ? ක්‍රිකට් වලට ලදී ඔබ සොයන  වීඩියෝව මෙන්න..

    https://www.youtube.com/watch?v=dzfJCj5j2uM

    https://www.facebook.com/amuthumalokaya/videos/671094879741144/

    [rns_reactions]

  • අපේ නව වසරට ඇමරිකානු ජනපති ට්‍රම්ප් වැඩ අල්ලපු හැටි මෙන්න..

    මෙවර නව වසර වෙනුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද සුබ නැකතට වැඩ අල්ලා ඇති බව අපට වාර්තා වේ. ඒ අයි.එස්.අයි.එස් සටන්කාමින් බහුතරයක් වෙසෙන ඇෆ්ගනිස්තානය කේන්ද්‍රකොටගෙන වීමද විශේෂත්වයකි.

    මිහිපිට න්‍යෂ්ටික බෝම්බ හැරුණු කොට විශාලම බෝම්බය ලෙස සැලකෙන කිලෝග්‍රෑම් 800 බරැති විශාල බෝම්බයක් නන්ගර්හාර් ප්‍රදේශයට දමා ඇති බව අපට වාර්තා වේ. ත්‍රස්තවාදීන්ගේ උමගක් මෙහි ඉලක්කය වී ඇති බව සදහන්.

     

    [rns_reactions]

  • අවුරුදු පණිවිඩය මහින්දට වැරදිලා. පරාජිතයා අවුරුදු පණිවිඩයෙනුත් රට හිනස්සයි..

    කු.පා.ම  මහින්ද රාජපක්ෂ  ද උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් අරුම පුදුම  සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ තමන් ශ‍්‍රී ලංකාද්වීපයේ ඒකාග‍්‍රතාව බිද දැමීමට තිස් වසරක් පුරා පැවති ත‍්‍රස්තවාදය මේ වන විට සම්පූර්ණයෙන් අවසන්කර තිබෙන බවත් තම රජය යටතේ තරුණ තරුණියන්ට රැකියා ලබාදුන් වගයි.
    එමෙන්ම දේශීය ගොවියා නගා සුටුවීමෙන් කර්මාන්ත ශක්තිමත් කිරීමට ද  මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමටද තම රජය කටයුතු කර තිබුණා. 

    පුරාන රාජ පරපුරට අනුව රට පාලනය කල තාම රජයේ  සියලූ ආදර්ශයන් අතීතයට අයත් ඒවා බවත් එම කරුණු ප්‍රමුඛ කරගෙන  හෙළයේ අසිරිමත් බක් මහ මංගල්‍යය ජාතියේ උරුමය බව සමස්ථ රට වැසියන්ට සිහිපත්කර දෙන බවයි මහින්ද  සිය සුබ පැතුම් පණිවිඩය මගින් පෙන්වා දී ඇත්තේ. 

    [rns_reactions]

  • සමෘද්ධිමත් ආර්ථිකයට ජනපති මෛත්‍රීගෙන් සුබ පැතුම්..

     මෙවර සිංහල සහ දමිල නව වසරේදී සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සියලූ දෙනාට සුබාශිංසනය පල කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

    උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

    ශ‍්‍රී ලංකාව ලොව ශ්‍රේෂඨ රටක් බවට පත් කිරීම සඳහා සියලූ දෙනා ඇප කැප විය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. 

    [rns_reactions]

  • අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද? ඉන්දික තොටවත්ත සියල්ල හෙළිකරයි.. (Video)

    https://www.youtube.com/watch?v=b3laFSD2zpY

    https://www.youtube.com/watch?v=zw_-8h6bVnM

    https://www.youtube.com/watch?v=VrYm_Q8b2pE

    https://www.youtube.com/watch?v=5i8gf48O9KY

    https://www.youtube.com/watch?v=dIgZlDskQGM

    https://www.youtube.com/watch?v=rmauSYZ86Og

    https://www.youtube.com/watch?v=IJv5ZX_oFLU

    https://www.youtube.com/watch?v=4_hSOwxFobM

    https://www.youtube.com/watch?v=dxDpfV5vcEY

    https://www.youtube.com/watch?v=ZiMmMWBave4

    https://www.youtube.com/watch?v=5Y-z7gN0P7o

    https://www.youtube.com/watch?v=OZEuEwRehIs

    [rns_reactions]

  • ජනපති මෛත්‍රීගේ නිල රථය පිලිබදව පැතිර යන අපවාද වලට පිළිතුරු දෙමින් ඇමති රවී සියලු තතු පහදයි..

    ඇතැම් අන්තවාදී පාර්ශවයන් පවසන පරිදි  රුපියල් මිලියන 600 ක මුදලක් ජනාධිපතිවරයාගේ නිල රථය සඳහා වෙන් කර ඇති බවට සිදු කරනු ලබන. ප‍්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

    කවුරුන් හෝ පිරිසක් විසින් මෙම සංඛ්‍යා හිතා මතා ප‍්‍රකාශ කරන බවත් මෙවැනි දෙයක් සමාජය ඉදිරියේ ප‍්‍රකාශ කිරීම නැතිනම් අත්වැරුද්දක් විය නොහැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටින විට ඔහු විසින් සිදු කරනු ලැබු වියදම්වලින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලබන්නේ සියයට 2 ක් හෝ 3 ක් වැනි ඉතා අඩු ප‍්‍රමාණයක් බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

    [rns_reactions]