Tag: featured

  • අනතුරු වලකමු – ජීවිත සුරකිමු – ඔබේ අවධානයට..

    අවුරුදු සමය අනතුරු වැඩි වශයෙන් සිදුවන කාලයක්.

    මේ අවුරුදු සමයේදී ප්‍රධානම අනතුරු සිදුවන ආකාර සහ වළක්වා ගැනීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් පහතින් කියවිය හැකියි.

    ගිණි කෙළි අනතුරු

    1- දැල්වීමේදී බිම තබා ගිණි දල්වන්න.
    2-නියම ප්‍රමිතියට අනුව නිපදවූ ඒවා පමණක් දල්වන්න
    3- විශාල ජනතාවක් සිටින ස්ථාන සහ අනතුරුදායක ස්ථානවල දැල්වීමෙන් වළකින්න (ඉන්ධන පිරවුම්හල් අසල මෙන්ම මාර්ග අසල )
    4-කුඩා දරුවන් මේවා දැල්වීමෙන් වළකින්න
    5-කිරි ඉතිරවීමෙන් පසුව ඉතිරිවන ගිණියම්වූ කොටස් මගින් දරුවන්ට විය හැකි අනතුරු පිළිබඳව සැලකිලිමත්වන්න
    6- උන වෙඩි දැල්වීමේදී ලංවී පිඹිමේදී රත්වූ බටය පිපිරෙන නිසා වෙනත් ක්‍රමයක් භාවිතා කරන්න

    හදිසි මාර්ග අනතුරු

    1- මත්පැන් පානය කර වාහන ධාවනය කිරීම කිසිසේත්ම නොකරන්න
    2-මාර්ග නීතියට පටහැනිව වාහන ධාවනය නොකරන්න
    3-අධික වේගයෙන් රිය ධාවනය නොකරන්න
    5- ආරක්ෂක හිස් වැසුම් නොමැතිව යතුරු පැදි ධාවනයෙන් වළකින්න
    6-වාහනයේ ඉදිරිපස ආසනවල දරුවන් රැගෙන නොයායුතු අතර හැකිනම් දරුවන් රැගෙන යාම සඳහා ගැලපෙන ආසන පිටුපස සවි කරන්න

    දිය නෑමේදී ප්‍රවේශම්වන්න

    1- නෑමටසුදුසු ස්ථානවල පමණක් දිය නාන්න
    2-මත්පැන් පානය කර දිය නෑමෙන් වළකින්න
    3-හෝටල්වල පිහිණුම් තටාකාංගනවල දී හෝ දරුවන් දිය නාන විට දෙමාපියන් සැළකිල්ලෙන් සිටිය යුතුයි

    බෙහෙත් පානය

    1- අලුත් අවුරුදු දිනයේ බෙහෙත් පානය කල හොත් සෑමදිනම බෙහෙත් බීමට සිදුවන බව ඇතැමුන් සිතුවද දීර්ඝ කාලීන රෝගී තත්ත්වය නිසා බෙහෙත් බොන පුද්ගලයන් වෛද්‍ය උපදෙස් නොමැතිව බෙහෙත් නොබී සිටීමෙන් වළකින්න.එමෙන්ම නියමිත මාත්‍රාවට අනුව බෙහෙත් ලබා ගැනීමටද සැළකිලිමත් වන්න.

    අනතුරුදායක ක්‍රීඩා

    1-අනතුරුදායක ක්‍රීඩා අවුරුදු උත්සවවලින් ඉවත් කළ යුතුයි

    අනවශ්‍ය ගැටුම්

    1- අවුරුදු සමයේ මත්පැන් බී පැරණි අමනාප යළි සිහිපත්කරමින් ගැටුම් ඇති කර නොගන්න

     

    අවුරුදු සමයේ අනතුරු සිදු වුව හොත් සිදු කල යුතු දේ

    1-අනතුරක් සිදුවුව හොත් ළඟම ඇති පහසුකම් සහිත රජයේ රෝහලකට යන්න (අවුරුදු සමයේ ද ඔබේ සේවය වෙනුවෙන් ඔවුන් කැපවී සිටී )
    2- විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක හෝ ගිලන් රථ සේවයක සහාය ලබා ගන්න.

    [rns_reactions]

  • කෝටියකට අධික වටිනා හෙරොයින් සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට..

    පාවහන් තුළ සුක්ෂමව සඟවා ලංකාව තුලට රැගෙන එන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් කටුනායකදී සොයාගෙන තිබෙන අතර මෙලෙස හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම්156 ක්  රැගෙන පැමිණ ඇත්තේ පාකිස්ථාන ජාතිකයෙක්.

    ඔහුව කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා

    [rns_reactions]

  • නායකයා මාරු වාඩුව ගන්න සමයං පිල වැඩ අල්ලයි – (Exclusive)

    කඩුවෙල – කොතලාවල ප‍්‍රදේශයේ අද (13) උදෑසන සිදු වූ වෙඩි තැබීම සමයං සහ අංගොඩ ලොක්කා නැමති පාතාල කල්ලි සාමාජිකයින්ගේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

    මෙම සිදුවීම ඉදිරියේ සිදුවිය හැකි විශාල සිද්ධි දාමයක ආරම්භක සිදුවීම බව මේ පිලිබදව පරීක්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් වල මතවාදය වී ඇත.

    මෙම  වෙඩි තැබීම සිදුකර ඇත්තේ උර්ජුවා නැමති පාතාල කල්ලි සාමාජිකයෙක්. ඔහු සමයං නැමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

    තුෂාර නැමති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුකර තිබෙන අතර ඔහු අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ හිතවතෙකු බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

    මීට පෙර තුෂාර නැමැත්තාගේ නිවසට ද කිසියම් පිරිසක් විසින් ගිණි තබා ඇති බව පොලිසිය පැවසු අතර පසුගියදා බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සමයං නැමැති පාතාල කල්ලි සාමාජිකයා ඝාතනයට ලක් වුණා. එම වෙඩි තැබීම සිදු කරන ලද්දේ අංගොඩ ලොක්කා විසින් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණේ.

    [rns_reactions]

  • පුණ්‍ය කාලය උදාවෙයි – ආගමික වතාවත්වල නිරතවීම සුබයි..

    මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය මේ වන විට උදා වී තිබෙන අතර මෙවර නැකැත් පත‍්‍රය අනුව අපරභාර 7.40 ට පුණ්‍ය කාලය උදා වුණා.

    14 වැනි සිකුරාදා පූර්ව භාග 8.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අද දින අපරභාග 7.40 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි නැකැත් පත‍්‍රයේ සඳහන් වන්නේ.

    අද පස්වරු 7.40ට උදා වූ පුණ්‍ය කාලයේදී ආගමික කටයුතුවල යෙදීම සුබ පල ගෙන දෙන්නක් බව විද්වතුන්ද පවසනවා.

    හෙට (14) පූර්ව භාග 2.04ට සිංහල අලුත් අවුරුද්ද උදා වනවා.

    ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ පූර්ව භාග 5.41ටයි. රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිණි මොලවා ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරි බතක් ද අග්ගලා සහ කැවිලි වර්ගයක් ද පිළියෙලකර ගැනීම සුදුසු බවයි නැකැත් පත‍්‍රයේ සඳහන් වන්නේ.

    වැඩ ඇල්ලීම, ගණු දෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ හෙට පූර්ව භාග 07.05ටයි. සුදු සහ නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බව නැකත් පත‍්‍රයේ සඳහන් වනවා.

    [rns_reactions]

  • පුවත් මවන රන්ජන් රාමනායකගේ වීඩියෝවක් ලීක් වෙලා – (Exclusive)

    දිනෙන් දින පුවත් මවනා  ලංකාවම දන්නා  මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කිසිවෙක් නොදුටු  රහස්‍ය වීඩියෝවක් අපට ලැබී ඇත.

    බලන්න මෙම වීඩියෝව…

    https://www.facebook.com/SriLankanTVnews/videos/1449639108426972/

     

    https://www.facebook.com/SriLankanTVnews/videos/1449640291760187/

    [rns_reactions]

     

  • එජාපයේ වෙනස්කම් රැසක් – රගපෑ මරික්කාර්ගේ කොලොන්නාව හිරුණිකාට..

    එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 86ක් පත් කිරීම මෙවර මැයි දිනයෙන් පසුව සිදු කෙරෙන් බව අපට වාර්තා වේ. මෙහි විශේෂත්වය වන්නේ කොලොන්නාව ආසනයේ මරික්කාර්ගෙන් එම ආසනය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හට ලබාදීමට යෝජනාවක් සම්මත වී තිබීමයි. දිගින් දිගටම අප්‍රසාදයට පත්ව සිටින මරික්කාර් නිසා කොලොන්නාව එජාපය පසුබෑමකට ලක්ව ඇති බව සමීක්ෂණ වාර්තා මගින් සොයාගෙන ඇත.

    එම සමීක්ෂණ වාර්තා අනුව නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංග 54% ප්‍රතිශතයක් සමගින් ඉදිරියෙන් සිටින අතර මරික්කාර්ට හිමිව ඇත්තේ 32% පමණි. මෙම ප්‍රතිපලයත් සමගින් සිරිකොත කලබල වී ඇති අතර හැකි ඉක්මනින් මෙය යථාතත්වයට පත්කිරීමට ඔවුනට උපදෙස් ලැබී ඇත.

    උතුරු, නැ‍ඟෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියලුම පළාත් ආවරණය වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් 116ක් තෝරා ගැනීම සම්පූර්ණයෙන් අවසන් කර තිබේ. තවත් ආසන සංවිධායකවරු 86ක් තෝරා ගැනීම අවසන් කර මැයි දිනයෙන් පසුව සියලු ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි භාරදීමට නියමිතය.

    [rns_reactions]

     

  • දේශප්‍රේමිත්වයෙන් මිනීමැරුම් වසාගන්නට වෙරදරන තවත් අපරාධකරුවෙක් – එස්.එෆ්.ලොකු..

    SF ලොකූ නමැති පාතාල කල්ලි නායකයා සහ චීවරධාරියෙකු එක්ව අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අභියස සිට අන්තර්ජාලයට මුදාහරින ලද වීඩියෝවක් මේ වන ව්‍යාප්ත වෙමින් පවතිනවා.

    SF ලොකූ නමැති පුද්ගලයා මිනීමැරුම් චෝදනා මත ඇප මත නිදහස්වී සිටින පුද්ගලයෙකි.

    https://www.facebook.com/1287113354687229/videos/1313773385354559/

    [rns_reactions]

  • අයි.පි.එල් තරගාවලියේ එතෙක් මෙතෙක් වටිනාම ක්‍රීඩකයා මාලිංග – වීඩියෝව මෙන්න..

    මෙතෙක් ඉන්දීය IPL ක්‍රිකට් ඉතිහාසයේ වටිනාම ක්‍රීඩකයින් පස්දෙනා(5) අතරින් පළමු තැන හිමිව ඇත්තේ අපේ ලසිත් මාලිංගට බව ඔබ දන්නවාද?

    වීඩියෝව මෙන්න..

     

    https://www.youtube.com/watch?v=ykyVC4I2aeo

    [rns_reactions]

  • ප්‍රයිවට් – ලංගම බස් දෙකක ගැටුමක් – ලංගම රියදුරුට බස් දෙකේම මගීන් පහරදෙයි (PHOTOS)

    හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ෂැනන් ප‍්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අද (12) දහවල් අනතුරක් සිදුවු අතර මේ අනතුරින් පසු බස් රථ දෙකේම මගීන් කුපිතවී ශ‍්‍රී ලංගම බස් රථයේ රියදුරාට පහරදී ඇති බව සදහන්.

    පසුව බස් රථ දෙකේම රියදුරන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.

    ශ‍්‍රී ලංගම බස් රථය අධික වේගයෙන් පැමිණ පෞද්ගලික බස් රථය ඉස්සර කර නතර කළ බවයි සිද්ධිය දුටුවන් කියා සිටියේ.

    එම අවස්ථාවේ පෞද්ගලික බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව ශ‍්‍රී ලංගම බස් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව තිබෙනවා. බස් රථ දෙකටම අලාභ සිදුව ඇතත් මගීන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

     

    [rns_reactions]

  • වැඩ අල්ලන මොහොතේ අන්තරේ කොළඹට.. පොලිසිය වැඩ අල්ලන්න සුදානමින්..

    කොළඹ අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවක දී අදහස් දැක්වමින් අන්තරේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවසුවේ  මෙවර අලුත් අවුරුදු උදාවේ ප‍්‍රධාන චාරිත‍්‍ර යෙදී ඇති ලබන 14 වැනිදා කොළඹදී උද්ඝෝෂණයක් සිදුකිරීමට තමන් සුදානම් බවයි.

    මාළඹේ සයිටම් ආයතනයට එරෙහිව සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් ගැටළු කිහිපයකට විසදුම් ඉල්ලා මෙම උද්ඝෝෂණය සිදු කරන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

    විශ්ව විද්‍යාල සිසුන් මේ වනවිටත් ස්ථාන හයකදී අට්ටාල ඉදිකර ගෙන සත්‍යග‍්‍රහයන්හි යෙදී සිටින බවයි ළහිරු වීරසේකර වැඩිදුරටත් පැවසුවේ.

    මේ අතර මෙම උද්ගෝෂණ වලට මුහුණදීමට පොලිසිය සුදානම් වන බව අපට වාර්තා වේ. බොහෝදුරට වැඩ අල්ලන නැකතට පොලිසියට මෙම සිදුවීමට මුහුණදීමට සිදුවනු ඇති.

    [rns_reactions]

  • ආන්දෝලනාත්මක සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිට නිදහස ලැබූ ලාංකිකයින් මව්බිමට..

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් මීට සුථ මොහොතකට පෙර මෙරටට පැමිණි අතර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප‍්‍රාණ ඇපයට ගෙන සිට පසුව නිදහස ලද ශ‍්‍රී ලාංකික නාවිකයින් අට දෙනා අද පස්වරු 05.12 ට පමණ මෙලෙස යළි මව්බිමට පැමිණි බව සදහන්.

    දෝහා සිට පැමිණි යානයකින් ඔවුන් මව්බිමට පැමිණියා.

    ඔවුන් පිළිගැනීමට ඥාතීන් ගුවන් තොටුපලට පැමිණ සිටි බව ද සඳහන්.

    [rns_reactions]

  • ඔලුව උදුම්මා නොගත් ප්‍රවීන ගායක දයාන් විතාරනගේ සත් ක්‍රීයාවක් කරලියට..

    නුවරඑළියේදී පදික වේදිකාවක ගීත ගායනා කල අසරණයෙකුගේ ගායන හැකියාව ඇගයීමට එම ස්ථානයේ නතරවූ දයාන් විතාරණ ඒ පිලිබදව මුහුණු පොතේ සටහනක්ද තබා ඇත.

    [rns_reactions]

  • ඇමරිකාවේ නාසා පිටසක්වල ජීවීන් ගැන දැවැන්ත හෙළිදරව්වකට සැරසෙයි..

    සුප්‍රකට  නාසා ආයතනය මෙම සති අගදී දැවැන්ත හෙළිදරව්වකට සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරන අතර අභ්‍යවකාශය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල නවතම ප්‍රගතිය පිළිබඳ හෙළි කිරීම වෙනුවෙන් මෙම විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සුදානම් බවයි වාර්තා වෙන්නේ.

    එහිදී සෞරග්‍රහ මණ්ඩලයේ පවතින ග්‍රහලෝකවල මුහුදු පිළිබඳව නවතම අනාවරණයන් සිදුවිය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

    මෙම විශේෂ මාධ්‍ය හමුව වෙනුවෙන් විද්‍යාඥයන් රැසක් ද සහභාගී වීමට නියමිත අතර අමරිකාවේ වොෂිංටන් නුවර පිහිටි නාසා ආයතන ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව ලොව පුරා සජීවිව විකාශය කිරීමට ද නියමිතව තිබෙනවා.

    කෙසේවෙතත් මෙතෙක් සිදු වූ පරීක්ෂණවලදී පිටසක්වල ජීවීන් පිළිබඳවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කරන්නේද යන්න පිළිබඳව පැහැදිළිව සඳහන් කර නැහැ.

    [rns_reactions]

  • සරාගයේ වීඩියෝවට තම පියා ජාතිය ඇමතු හැටි සනුක හෙළිකරයි…

    සනුක යනු  මෑත කාලිනව අතිශය ජනප්‍රියත්වයට පත්වුණු ගීත කිහිපයකම අයිතිකාරයෙක් වන අතර ඒ අතරින් සරාගයේ හා  සංසාර සිහිනයේ යන ගීත සුවිශේෂයි.මීට සති කිහිපයකට පෙර නිකුත් වුණ සරාගයේ මියුසික් වීඩියෝව කා අතරත් කතා බහට ලක්වු අතර සරාගයේ වීඩියෝව පිළිබඳ සනුක පසුගිය දිනෙක පුවත්පතකට දැක්වූ අදහස් මෙසේය.

    සරාගයේ සහ සංසාර සිහිනේ කියන ගීත දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සරාගයේ mp3 එකට යූ ටියුබ් විව්ස් ලක්ෂ පහක් විතර තිබුණා. වීඩියෝ එක දැම්මට පස්සේ යූ. ටියුබ් විව්ස් ලක්ෂ දහහතර පැනලා. සංසාර සිහිනේ ගීතයට විව්ස් ලක්ෂ හතක් පැනලා තිබ්බා. ඉතිං මේ දේවල්වලින් මට තේරෙනවා රසිකයෝ මගේ ගීතවලට ආදරෙයි කියලා.

    ප්‍රසංගවලට ගියාම මම සරාගයේ ගීතය කියනකල් ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒ ගීතය ඉල්ලනවා. මම ගීතය ගායනා කරද්දි ඒ අය මාත් එක්කම ඒ ගීතය ගායනා කරනවා. මගේ ගීතයක් රසික රසිකාවියන්ගේ හඩින් ඇහෙද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඔවුන් මගේ ගීතයේ වචන පවා මතක තියාගෙන ඉන්නවා.

    “සරාගයේ”වීඩියෝවට ගැන කවුරුත් මගේ මූණට නම් විවේචන එල්ල කළේ නැහැ. හැබැයි ඒ වීඩියෝවේ කමෙන්ට්ස් වලට එක එක ඒවා දාලා තිබුණා. ඒ ගීතයේ තනුව මම මනු අයියට වාදනය කරලා පෙන්නුවා. ඒ වෙලාවෙම මනු අයියා ඒකට පද ලිව්වා. ඒ වචනවල තියෙන තේරුම් දුමින්ද සංජීව මියුසික් වීඩියෝවට නැඟුවා. කලාත්මකව සහ ඉතාම සංයමයකින් ඒක කරලා තියෙනවා.

    අපිට රැල්ලට යන්න ඕන වුණේ නෑ. ගීතයේ අදහස් කලාත්මකව ඉදිරිපත් කරන්න තමයි අපි කළු සුදු තේමාවකට ගියෙත්. උදාර සහ ටීනා රංගනයෙන් ඊට උපරිම සාධාරණයක් කළා. වෙනස් දෙයක් කරන්න තමයි අපි උත්සාහ කළේ. ඒක සාර්ථක වුණා කියලා හිතනවා.

    වීඩියෝව බලලා තාත්තා සනුකට දෙහි කැපුවා කියන්නේ ඇත්තද..?
    මට මතක විදිහට තාත්තා ඒකට මුකුත් කිව්වේ නෑ. එයාගෙන් බැනුම් ඇහුවද කියලත් මතක නැහැ. සමහර විට බැනලා විව්ස් කමෙන්ට්ස් වැඩි වෙද්දි බනින එක නැවතුණාද කියලා මතකත් නැ.

    [rns_reactions]

  • පිටරැටියන් අමන්දානන්දයට පත්කළ බක්මහ උළලේ තතු විත්ති මෙන්න..

    විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද (12) වෙන්නප්පුව – වයික්කාල සංචාරක හෝටලයකදී පැවැත්වු අතර එහි සුවිශේෂී නිමේෂයන් මෙන්න..  බක් මහ කුමරිය තේරීම සහ ජන ක්‍රීඩා රැසක් මෙම බක් මහ උළෙලට ඇතුළත්ව තිබුණා.

     

    [rns_reactions]

  • හදවත පිටතින් පිහිටා ඇති දියණියගේ දුක්බර වීඩියෝව මෙන්න..

    සිය සිරුරට පිටතින් හදවත පිහිටා උපත ලැබූ බිළිදියක් පිළිබදව ඉන්දියාවෙන් වාර්තා වන අතර ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් මෙම සිද්ධිය වාර්තා වී තිබෙනවා.

    මෙම දරුවාගේ මව 28 හැවිරිදි වියේ පසුවන බවයි සඳහන් වෙන්නේ.

    සෑම දරු උපත් මිලියනයකින් 8 දෙනෙකුටම මෙම ආකාරයේ තත්ත්වයක් ඇති විය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

    https://www.facebook.com/newsalbum/videos/1271466059574812/

     

    [rns_reactions]