Tag: featured

  • නවකයන්ට අමානුෂික නවක වදය දුන් පේරාදෙණියේ මන්දමානසිකයන්ට අදත් ඇප නෑ…

    ආන්දෝලනාත්මක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ   නවක වද සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා ලබන 24  වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර  ප්‍රධාන  මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා අද (11) නියෝග කළේය.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස්  නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බවට  සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඔවුහු පෙබරවාරි 20 වැනි දා සිට රිමාන්ඩ් බාරයේ සිටිති.

    සිසුන් සඳහා ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අද (11) අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද මහේස්ත්‍රාත්වරයා අප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.-

    [rns_reactions]

     

  • මිනිස්සු එක්ක පෝලීමේ ඉඳල ටිකට් අරන් බස් එකේ යන අරුම පුදුම ලංගම සභාපති මෙන්න..

    මෙවර  අලුත් අවුරුදු නිවාඩුවට ගම බිම් බලා යන මගී ජනතාවට නිසි සේවාවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා මේ දිනවල වැඩි වෙලාවක් සිටිනුයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රයේ වන අතර ඊට අමතරව සාමාන්‍ය මගියකු ලෙසද ඔහු බස් රථ වල ගමන් ගන්නවා.

    [rns_reactions]

  • පෝයදා අනියම් පෙම නිසා ලිංගික අවයව නැතිකරගත් පොලිස් නිලධාරියාගේ කතාව මෙන්න..

    සිය පෙම්වතා වෙනත් කාන්තාවක් හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම නිසා කෝපයට පත් හිඟුරක්ගොඩ ජන උදානගම ප්‍රදේශයේ කාන්තාවක් විසින් ඊයේ (10) බක් පුර පසළොස්වක පෝයදා පොළොන්නරුව මින්නේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ ශිෂ්ණය තියුණු ආයුධයකින් කපා දමා තිබෙනවා

    මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ  කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.

    අදාල කාන්තාව වැන්දඹුවක් වන අතර කොස්තාපල්වරයා අවිවාහකයෙක්. ඊයේ (10) සවස 2.30 ට පමණ හිගුරක්ගොඩ, පාලුවැව,ජන උදානගම ප්‍රදේශයේ පිහිටි කාන්තාවගේ නිවසේදී මෙම අපරාධය සිදුව තිබෙනවා.

    කාන්තාව විවාහ කර ගැනීමේ පොරොන්දුව මත කොස්තාපල්වරයා දැනට වසරක පමණ කාලයක සිට ඇය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත. මේ අතර එම කොස්තාපල්වරයා වෙනත් කාන්තාවක් සමගද ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවට ලද තොරතුරක් මත ඊට උරණවූ කාන්තාව ඉන් දැඩි ලෙස කෝපයට පත්ව ඇති කාන්තාව පෙරේදා සවස් කාලයේ තම නිවසට පැමිණි කොස්තාපල්වරයා මෙම අපරාධයට ගොදුරුව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කාන්තාව හිඟුරක්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    [rns_reactions]

  • කුරුණෑගල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු හා දිස්ත‍්‍රික් සංවිධායකවරු මෙන්න..

    කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා ශ‍්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් තිදෙනක් අද පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

    ඒ අනුව නව පත්වීම් පහත පරිදි වේ.

    නව ආසන සංවිධායක ධූරයන්

    01. බිංගිරිය ආසනය – ධර්මසිරි දසනායක මහතා
    02. පඩුවස්නුවර ආසනය – දයාසිරි ජයසේකර මහතා
    03. පොල්ගහවෙල ආසනය – ජයරත්න හේරත් මහතා
    04. කුරුණෑගල ආසනය – ලක්ෂ්මන් වෙඩරුව මහතා

    නව දිස්ත‍්‍රික් සංවිධායක ධූරයන්

    01. ගුණදාස දෙහිගම මහතා
    02. අනුරාධ සම්පත් හේවගේ මහතා
    03. එම්.එස්.එම් ෆාහිම් මහතා

    මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා ද එක්ව සිටියේය.

     

     [rns_reactions]
  • ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලුත් සහල් මංගල්‍යය ජනපති සහභාගීත්වයෙන්..

    ලාංකීය ගොවියා සිය කෙත්බිමෙන් නෙළාගත් අස්වැන්නේ අග‍්‍ර කොටස ත‍්‍රිවිධ රත්නයට පූජාකිරීමේ ඉපැරණි චාරිත‍්‍රයක් වන අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ගල්විහාර පුදබිමේදී  (10) පෙරවරුවේ පැවැත්විණි.

    ඓතිහාසික ගල්විහාර පුදබිමට පැමිණි ජනාධිපතිතුමා, සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ශ‍්‍රී පාද දෝවනය කර පිරිකර පූජාකිරීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ලක්ෂ උයන ගම්මානයේ තම කුඹුරෙන් නෙලාගන්නා ලද අස්වැන්නේ අග‍්‍ර කොටස පූජා කරනු ලැබීය.

    බුද්ධ භෝගයක් ලෙස සළකන වී වගාවෙන් නෙලාගන්නා අස්වැන්නේ මුල් කොටස අපේ ගොවිජනතාව දෙවියන් බුදුන් වෙනුවෙන් වෙන්කරනු ලැබීම ඓතිහාසිකව පැවත එන පූජාවක් ලෙසින් ප‍්‍රකටය.

    ජනාධිපතිතුමා මෙහිදී අලුත් සහල් මංගල්‍යයට එක්වූ ගොවි ජනතාව සමග සුහද කථා බහක නිරත වූ අතර එහිදී ශ‍්‍රවණාබාධිත දැරියක් කළ ඉල්ලීම පරිදි ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සියලු පහසුකම් සලසා දීමට කටයුතු කරන බව පැවසීය.

    සොළොස්මස්ථානාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍ය පුංචිබණ්ඩාර රත්නායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ඉන් අනතුරුව පරාක‍්‍රම සමුද්‍රය අසළට පැමිණි ජනාධිපතිතුමා විවේකීව ටික වේලාවක් එහි රැඳී සිටී අතර එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලහි ලහියේ සූදානම් වන ජනතාව සමග සුහද කථා බහක ද නිරත විය.

    [rns_reactions]

  • සුපිරි ඩිවිලියස් පරදා අම්ලා – මැක්ස්වෙල් පන්ජාබ් පිලට ජය ගෙනෙති..

    පන්දු 38 කදී ලකුණු 58 ක් රැස්කළ හසීම් අම්ලාගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් ඇතුළත් විය.

    පළමු කඩුල්ල සදහා පන්දු 36 කදී ලකුණු 62 ක සම්බන්ධතාවයක් පැවැත්වූ හසීම් අම්ලා තෙවැනි කඩුල්ල සදහා ග්ලේන් මැක්ස්වෙල් සමගින්ද පන්දු 38 කදී ලකුණු 72 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීය.

    වේගවත් පිතිහරඹයක නිරතවූ ග්ලේන් මැක්ස්වෙල් හතරේ පහර තුනක් සහ හයේ පහර හතරක් සමගින් පන්දු 22 කදී නොදැවී ලකුණු 43 ක් රැස්කිරීමට සමත්විය.

    පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148 ක් පමණි.  ඒ.බී. ඩිවිලියර්ස් අවසන් ඕවර කිහිපයේදී වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින් පන්දු 46 කදී හයේ පහර නවයක් සහ හතරේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 89 ක් රැස්කිරීමට සමත්විය. සිවුවැනි කඩුල්ල සදහා පන්දු 41 කදී ලකුණු 80 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඒ.බී. ඩිවිලියර්ස් සහ ස්ටුවර්ට් බිනී සමත්වූහ.

    පළමු ඕවර 15 තුළදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 71 ක් වුවද අවසන් ඕවර 5 තුළදී ලකුණු 77 ක් රැස්කිරීමට සමත්විය.

    කාසියේ වාසිය ලැබූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ නායක ෂේන් වොට්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

    රෝයල් චැලේන්ජර්ස් – ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 148
    (ඒ.බී. ඩිවිලියර්ස් නොදැවී 89, මන්දීප් සිං 28, වරුන් ඒරන් 21/2)

    කිංග්ස් XI පන්ජාබ් – ඕවර 14.3 කදී කඩුලු2 ක් දැවී ලකුණු 150
    (මනන් වෝරා 34, හසීම් අම්ලා නොදැවී 58, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 43)

    https://www.facebook.com/SriLankanTVnews/videos/1447207925336757/

    [rns_reactions]

  • සදුදා Raw එකේ මොකද උනේ? සැමට කලින් වීඩියෝව අපෙන්..

    2017.04.10 wwe Monday Night Raw එකේ මොකද උනේ?

    මෙම වීඩියෝව ඔබ වෙනුවෙන්මයි….

    https://www.youtube.com/watch?v=LcCYVy6cLzo

    [rns_reactions]

  • ආරක්ෂාව ගැන අවධානය ගන්න මහින්ද කරපු තවත් වැඩක් වතුරේ ගිහින්..

    පසුගිය දිනෙක  නිල රථයට වෙට්‌ටුවක්‌ දමාගෙන ගියා යයි පවසමින් මහා ගාලගෝට්ටියක් නාටමින් පොලිසියේදී මාධ්‍ය සන්දර්ශනයක නිරත වූ මහින්ද තම බොරුව හෙළිවූ පසුව නිරුවත වසාගැනීමේ අරමුණින් තවදුරටත් ඒ පිළිබඳ පරීක්‍ෂණ අවශ්‍ය නැතැයි  දිවයින පුවත්පතට අදහස් දක්වමින් පවසා තිබෙනවා.

    ඉකුත් 06 වැනිදා දහවල් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිට නිදහස්‌ චතුරශ්‍රය දක්‌වා සිය නිල රථයෙන් ගමන් කරමින් සිටියදී රාජගිරිය ප්‍රදේශයේදී මෝටර් රථයක්‌ ඔහුගේ නිල රථය හරස්‌ කරමින් ධාවනය කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් කු.පා.ම මහින්ද  වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ පොලිසිය එම මෝටර් රථය අත්අඩංගුවට ගෙන එය පැදවූ තරුණයාට  අවවාදකර මුදාහැරුණා.

    මෙය අවධානය ලබාගැනීම උදෙසා මහින්ද විසින්ම සැලසුම් කරන ලද්දක් බව ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහාගත හැකි බව දේශපාලන විශ්ලේෂක මතවාදය වී ඇත.

    [rns_reactions]

  • කාන්සියෙන් ඉන්න බේබි නාමල්ට සැපදෙන්න මහින්ද කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..

    ඊයේ 10 වනදාට යෙදුණ බේබි  නාමල්ගේ  උපන්දිනය වෙනුවෙන් නැවතත් නාමල්ට තමන්ගේ කාන්සිය නැතිකරගැනීමට තරුණියන් ලබාගැනීම උදෙසා මහින්දගේ මුලිකත්වයෙන් නිල්බලකායේ වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යෙදුණ බව දේශපාලන ආරංචි හෙළි කර ඇත. මෙය රහසිගතව කිරීමට ඔවුන් දරු උත්සාහය ව්‍යර්ථ වී ඇති අතර පසුගිය රජය සමයේ ශ්‍රිලනිප තරුණ සංවිධානය මේ නමින් හැඳින්වූ අතර නාමල් මුල්වී එහි විවිධ කටයුතු සංවිධානය කරනු ලැබීය.

    එහිදී විවිධ ප්‍රදේශ වල තරුණියන් රැකියා දෙන්නේ යයි පවසමින් සුපිරි හෝටල් වලට රැගෙන ගොස් දුෂණය කිරීම් වලට අදාළ චෝදනා රැසක්ද නාමල්ට එල්ලවී ඇත.
    කෙසේ වෙතත් නව රජය යටතේ නාමල්ගේ නිල බලකාය  විසුරුවා හරිනා ලද අතර එහි ඇතැම් ක්‍රියාකාරින්දදුෂණ චෝදනා හේතුවෙන් අත්අඩංගුවට ගැනීමද සිදුවිය. මෙතෙක් අනර්කලී වැනි නලගණන් මගින් හා මහින්දගේ ගිණුම් වලින් නිල බලකායට මුදල් ලබාගත්තද මෙවර එහි බරපැන සියල්ල බැසිල් විසින් දැරීමට නියමිත බවද අපට වාර්තා වේ.

    [rns_reactions]

  • ක්‍රීඩාගාරයම අමන්දානන්දයට පත්කළ ඩිවිලියස්ගේ සුපිරි හය මෙන්න..

    දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ඩිවිලියස් අයි පි එල් තරගාවලියේ සියලුදෙනාගේම අවධානය තමන් වෙත නතු කරගැනීමට සමත්වූයේ ඇති දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනි. සියලුදෙනා පුදුමයට පත් කල ඩිවිලියස්ගේ 6 පහර​ මෙන්න..

    http://www.dailymotion.com/video/x5hqsu0_%E0%B6%B8-%E0%B6%B1-%E0%B6%B1-%E0%B6%86%E0%B6%AF-%E0%B6%A9-%E0%B7%80-%E0%B6%BD-%E0%B6%BA%E0%B7%83-%E0%B6%B4-%E0%B6%A7-%E0%B6%A7%E0%B6%B1-%E0%B6%BA-%E0%B6%B1-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%B1%E0%B6%B8-%E0%B6%9C%E0%B7%84%E0%B6%B4-%E0%B6%BA-%E0%B6%B0-6-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB_sport

     

    [rns_reactions]

     

     

  • සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් මියගිහින් – ඔබ නොදත් පුවත මෙන්න…..

    විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස නම් දරා සිටි , පසුකලක පුහුණුකරුවෙකු, ක්‍රිකට් විස්තර විචාරකයෙකු මෙන්ම ක්‍රිකට් රචකයෙක් ලෙස ප්‍රචලිත ව සිටි මෙරට වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා වූ බර්ට්‍රම් (බර්ටි) විජේසිංහ  ඊයේ (09.04.2017) මියගිය බවට වාර්තා පලවිය. නියුමෝනියාව හේතුවෙන් ජයවර්ධනපුර නව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බර්ටි මිය යනවිට 96 හැවරිදි විය.

    1936 වසරේ දී එවකට 15 හැවරිදි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ප්‍රථම වරට කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව දෙවිදුහල් අතර මහා ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කිරීමට ඔහුට අවකාශ ලැබිණ. 1939 වසරේ දී තෝමස් විද්‍යාලයේ නායකයා බවට පත් වූ ඔහු එම පාසල් ක්‍රිකට් සමයේ වැඩිම ලකුණු ලාභියා විය. 1918 මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ජැක් ඇන්ඩර්සන් ට පසු ප්‍රථම වරට පාසල් ක්‍රිකට් සමයක් තුල ලකුණු දහස සම්පුර්ණ කල ප්‍රථමයා ඔහු විය. එමෙන්ම ඔහු එම කාල වකවානුව තුල කඩුලු 15ක් ද බිඳ දැමීමට සමත් විය.

    එම වසරේ දීම බර්ටි, ඒකාබද්ධ පාසල් කණ්ඩායමේ නායකයා වෙමින් විශ්වවිද්යාලිය කණ්ඩායමට එරෙහිව තරඟ වැදීන. රාජකීය සාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුමට පෙර පැවති තරඟ 5 අවසානයේ දී ඔහුගේ පිතිකරණ සාමන්‍යය 97.80 ක් වූ අතර ලකුණු 580 ඉක්මවා තිබිණ. ඔහුගේ කණ්ඩායමේ අනෙක් පිතිකරුවන් පවා එක්ව රැස්කර තිබුනේ එවැනිම ලකුණු ප්‍රමාණයක් වීම ඔහුගේ පිතිකරණ හැකියාවේ විශිෂ්ටත්වය පසක් කරයි.

    1949 – 1956 අතර කාල සිමාව තුල සිලෝන් කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට බර්ටිට හැකිවිය. 1949 වසරෙ මෙරටට පැමිණි කොදෙව්වන්ට එරෙහිව කොළඹ ඕවල් හි පැවති තරඟයේ දී ප්‍රථම ඉනිමේ ශතක ලාභී කොදෙව්වන්ගේ නමගිය ආරභක පිතිකරුවෙක් වූ ඇලන් රේ ගේ කඩුල්ල බිඳ දැමීමට සමත් වුයේ ද බර්ටි ය. එම ඉනිමේ එකම කඩුල්ල වුයේ ද එයයි. සිලෝන් කණ්ඩායමේ ප්‍රථම ඉනිම ලකුණු 122 කට සිමා වුවත් එහිදී වැඩිම ලකුණු රැස්කිරීමට සමත් වුයේ ද බර්ටි යි (28). බර්ටි කොදෙව්වන් සමඟ පැවති ඊළඟ තරඟයේ දී ද ඇලන් රේ ගේ කඩුල්ල බිඳ දැමී ය.

    එම වසරේ දීම මෙරටට පැමිණි පකිස්ථානුවන්ට බර්ටි ගේ පන්දු යැවීම නිසා අසරණ වන්නට සිදුවිය. මුල් පෙළ පිතිකරුවන් 5 ම දැවී යන්නට සිදුවුයේ බර්ටි ගේ දකුණත් මඳ වේග පන්දුවට මුහුණ දීමට නොහැකි වීමෙනි. නසාර් මොහොමඩ්, ඉම්තියාස් අහමඩ් වැනි පකිස්තානු විශිෂ්ට පිතිකරුවන් පවා ඔහුගේ පන්දුවට මෙල්ල විය.

    ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස මෙරටට සේවය ලබාදීමෙන් අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස බර්ටි මෙරට විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට සමත් විය. වෙත්තමුණි සහෝදරයින්, අනුර තෙන්නකෝන් වැන්නන් ගේ පුහුණුකරුවා වුයේ ද බර්ටි මහත්මයා යි. එමෙන්ම මෙරටින් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා වූ කුමාර් සංගක්කාර ගේ පාසල් පුහුණුකරුවා වුයේ ද බර්ටි.

    [rns_reactions]

  • සෙල්ෆි ගන්න ඉල්ලපු තරුණයින්ට සචින් දීපු අවවාදය මෙන්න – වීඩියෝව අපෙන්

    අයි පි එල් තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වී නැවත යන අතරතුර සෙල්ෆියක් ගැනීමට ආරාධනා කල තරුණයන් දෙදෙනෙකුට ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් විසින් ලබාදුන් අවවාදයක් මේ දිනවල දැඩි කතාබහට ලක්වී ඇත. සෙල්ෆියට පෙර ආරක්ෂාව ගැන සිතන්න – ආරක්ෂාවට හෙල්මට් පළදින්න යන්න එම අවවාදයයි..

    මෙන්න එම වීඩියෝව..

    https://www.youtube.com/watch?v=YZ5yk32N-0Y

    [rns_reactions]

  • නිදහස් පක්ෂ මැයි රැලියට පොලිතින්, අරක්කු නෑ – ජනපති මෛත්‍රීගෙන් නියෝගයක්..

    පොලිතින්,ප්ලාස්ටික් හා අරක්කු අනුග්‍රහය නැති මැයි රැළියක් මෙවර මහනුවරදී පැවැත්වීමට ජනාධිපතිතුමා නියෝග කල බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවිර මහතා පවසයි.
     
    මැයි රැළියට තමන්ට තරඟයක් නැති බව පැවසූ අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඉතා සාර්ථක මැයි රැළියක් මෙවර මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සූදානම් කර තිබෙන බවද කියයි.
     
    මැයි රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින්ට ද ආරාධනා කර ඇති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට වෙලා නැති බවත් “අළුත් පක්ෂ හදනවා.එහෙම හදන්න අයිතිය තියනවා.හැබයි මම දන්න තරමට ඔය අළුත්  පක්ෂයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අය තවම සමාජිකත්වය අරගෙන නැහැ.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

    [rns_reactions]

  • කොල්ලෝ මුලාකර සල්ලි කොල්ල කන්න කොළොම්පුරට ආපු අක්කලා මෙන්න..

    මෙවර  අලුත් අවුරුදු සමයේ කොළඹට යන එන මගීන්ගේ මුදල් පසුම්බි, රන් මාල කොල්ලකෑම සඳහා හලාවත සහ පුත්තලම යන ප්‍රදේශවලින් තරුණියන් 20ක පමණ කල්ලියක් පැමිණ ඇතැයි පොලිසිය පවසන අතර ඔවුන්ගෙන් ආරක්ෂා වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මේ තරුණියන් ඉතා හොඳ ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී බස්රථවල හා මිනිසුන් ගැවසෙන ස්ථානවල ගමන් කරමින් මේ කොල්ලකෑමේ යෙදෙන බවයි පොලිසියට වාර්තා වී ඇත්තේ. ඊට අමතරව ඇතැම් කාන්තාවන් ය්හරුනයන් සමගින් නිදිවැද අනතුරුව රන් භාණ්ඩ කොල්ල කණ බව සදහන්.

    පිරිමින්ට කුලුපග වෙමින් ඇතැම් තරුණියන් ඔවුන්ව පාළු ස්ථානවලට රැගෙන ගොස් ඔවුන්ගේ වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ කටයුතුද සිදු කෙරෙනවා. පොලිස් කොස්තාපල්වරියකගේ සහ හිටපු රජයේ සේවකයකුගේ මුදල් පසුම්බි සොරකම් කිරීමේ සිද්ධියට මෙම කල්ලියේ දෙදෙනකු ඉකුත්දා බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත්තා. මේ තොරතුරු අණාවරණ වී ඇත්තෙ ඒ අනුවය.

    [rns_reactions]

     

  • පොලිසියට මත්පැන් අල්ලන්න බැහැ! – අලුත්ම නීතිය මෙන්න..

    මෙතෙක් කල් සිදුකල  සුරාබදු ආඥා පනත යටතේ පොලිසිය විසින් නඩු පැවරීම කළ නොහැකි බව කළුතර මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය එම බල ප්‍රදේශයේ සියළු පොලිස් ස්ථාන වෙත දන්වා තිබෙනවා.

    ඒ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් පවරන ලද නඩුවක් වෙනුවෙන් සැකකාර පාර්ශවය විසින් ගොනු කරන ලද අභියාචනයක් සලකා බලා කළුතර මහාධිකරණය දුන් තීන්දුවක් මත පදනම් වන අතර  මහාධිකරණ තීන්දුවෙන් දන්වා ඇත්තේ සුරාබදු ආඥාපනත යටතේ පොලිසියට නඩුපැවරිය නොහැකි බවය. එහිදී අදාල චූදිතයන් නිදොස්කොට නිදහස් කොට තිබෙනවා.

    [rns_reactions]

     

  • අලුත් අවුරුදු සමයේ ප්‍රවාහන තරගයට ලංගම සුදානම්…

    මෙවර  සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගී ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙන අතර ඒ පිළිබඳ අදහස් දක්වන එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ මේ වන විට අතිරේක බස් රථ 50 කට අධික ප්‍රමාණයක් මගී අවශ්‍යතා සඳහා යොදවා ඇති බවයි.

    එළඹෙන 15 වැනිදා දක්වා මගී අවශ්‍යතා අනුව බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන අතර යළිත් 16 වැනිදා සිට 25 වැනිදා දක්වා මගී අවශ්‍යතාව පරිදි බස් රථ යෙදවීමට ද සැළසුම් කර ඇති බවත් පැවසුවා.

    මෙම කාලසීමාව තුළ අතිරේක බස් රථ 2000කට අධික ප්‍රමාණයක් යෙදවීමට බලාපොරොත්තුවන බවද සඳහන්.

    මේ අතර  මගී ජනතාවගෙන් වැඩි ගාස්තු අය කරන ලංගම බස් රථ කොන්දොස්තරවරුන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද  ඒ පිළිබඳ පැමිණිලි ඇත්නම් වහාම සිය මණ්ඩලය වෙත දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා.

    [rns_reactions]