Tag: featured

  • ඉන්න කියද්දී පලාගිය ත්‍රිරෝධ රියට කල්එළියේදී පොලිසියෙන් වෙඩි…

    අණ නොතකා ධාවනය කළ ත‍්‍රීරෝද රථයකට පොලිසිය ඊයේ (09) රාත්‍රියේ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙන අතර මෙම සිදුවීම සිදුවි ඇත්තේ   කල්එළිය – මැදගම්පිටිය මාර්ගයේ මුද්දරගම හන්දිය ප‍්‍රදේශයේදීයි.

    අධික වේගයෙන් පැමිණි ත‍්‍රීරෝද රථය නැවැත්වීමට එම ප‍්‍රදේශයේ රාත‍්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අණකර තිබෙන අතර එහෙත් ඔවුන් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙලෙස වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

    වෙඩි තැබීමෙන් ත‍්‍රීරෝද රථයට හානි සිදුව ඇති අතර එහි ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙන අතර සැකකරුවන් සතුව තිබී කාන්තා මුදල් පසුම්බියක් ද පොලිස් භාරයට ගැණුනා.

    [rns_reactions]

  • බක්පුර පසලොස්වක පොහොය දිනය අදයි.. (වීඩියෝ)

    බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන සිදු වූ බක්පුර පසලොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙන අතර බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් අභිනිෂ්ක‍්‍රමණය කිරීම සඳහා හේතු වූ සතර පෙර නිමිති දැකීම ඇතුළු ශාසනික ඉතිහාසයේ තවත් වැදගත් සිද්ධීන් රැසක් අද වන් බක් පුර පසලොස්වක පොහෝ දිනකදී සිදුව තිබෙනවා.

     

    [rns_reactions]

  • මාලිංග සමගින් මුම්බායි ඉන්දියන්ස් සිය පළමු ජය ලබයි (VIDEO)

    මෙවර IPL ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (09) රාත‍්‍රියේ සමත් වු අතර ඔවුන් හමුවේ පරාජය වූයේ සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

    ලසිත් මාලිංග ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගයට ක‍්‍රීඩා කළ අතර ඔහු එහිදී ලකුණු 36 කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 178 ක් රැස් කළා.

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම එම ඉලක්කය හඹා යමින් තරගයේ ජය වාර්තා කළේ ඉණිමේ එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි. බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාව 06ක්. මහේල ජයවර්ධනගේ පුහුණුව යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තා කළ පළමු ජයග‍්‍රහණය ද මෙය වන අතර  මෙම තරගය මුම්බායිහි වන්කඬේ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. 

    මීට පෙර මුම්බායි ඉන්දියන්ස් පිළ IPL තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කළ අතර එම තරගය පරාජයට පත් වු අතර එම තරගය සඳහා ලසිත් මාලිංග එක්ව සිටියේ නැහැ.

    https://www.facebook.com/newsalbum/videos/1269182563136495/

     

    [rns_reactions]

  • තිස්හයකට මරු කැඳවූ ඊජිප්තු අගනුවර දේවස්ථානයේ පිපිරුමේ කැමරා දර්ශන මෙන්න..

    පාස්කු ඉරිදා දේව මෙහෙය පැවති අවස්ථාවේදී  ඊජිප්තුවේ කයිරෝ අගනුවරට උතුරෙන් පිහිටි ශාන්ත ජෝර්ජ් කෝප්ටික් දේවස්ථානයේ අද (09) සවස සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිකත්ෂයට පත් වුණා.

    ඊජිප්තු නගරයේ සියයට දහයක් වන ක‍්‍රිස්තියානි ජනතාවට ප‍්‍රහාර එල්ල කරන බවට මිට පෙර අයි එස් ත‍්‍රස්තයන් අනතුරු අඟවා තිබුණු අතර කෙසේ වෙතත් මෙම ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකුත් භාරගෙන නැහැ.

    https://www.youtube.com/watch?v=W4XPfhUfkzk

    [rns_reactions]

  • මින් පසු මා එනවිට සල්ලි දීලා සෙනග ගේන්න එපා – කු.පා.මා මහින්ද ඉල්ලයි..

    මා එනවිට ඔබතුමන්ලා සල්ලි වියදම් කරලා සෙනඟ ගේනවා. සෙනඟ ගෙනල්ලා ගෙනල්ලා අවසානයේ ඔවුනටම එන්න එපා වෙනවා. පළාත් පාලන ආයතනයන් වල අපේ අය අපිව හැර යනවා. සියලු කටයුතු ඉටුවීම ප‍්‍රමාදවී තිබෙනවා. ඒ නිසා මින්පසුව මා එනවිට සල්ලි ගෙවලා සෙනඟ ගේන්න එපා යැයි  කු.පා.ම මහින්ද රාජපක්‍ෂ මහතා රත්නපුරදී පැවසුවේය. 

    [rns_reactions]

  • කොරියා අර්ධද්විපයෙන් ලෝක යුද්ධයක පෙර නිමිති මතුවෙයි… අලුත්ම තත්වය මෙන්න..

    ඇමෙරිකානු ප්‍රහාරක යානා සහිත යුද නැවක් කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරමින් සිටින බවට ඇමෙරිකානු නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

    උතුරු කොරියාවේ නවීන ආයුධ අත්හදාබැලීමේ වැඩසටහන ගැන අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ. මේ මාසය ආරම්භයේදී උතුරු කොරියාව නවීන මිසයිල කිහිපයක් අත්හදා බැලීය.

    ගුවන් යානා අංගනයකින් සමන්විත ‘කාර්ල් වින්සන්‘ නම් මෙම නෞකාව සිංගප්පූරුවේ සිට කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරමින් සිටින බව මාධ්‍යට ප්‍රකාශ කිරීමට රාජකාරී මට්ටමෙන් අවසර නොලත් නිලධාරියකු පැවසීය. එම ප්‍රහාරක යානා සමූහය උතුරු කොරියාව ආසන්නයට යාමට බලාපොරොත්තු වන බව කී ඇමෙරිකානු නාවික හමුදාවේ තුන්වැනි බලඇණිය එය ගමන් ගන්නා නිශ්චිත ස්ථානය හෙළි නොකළේය.

    අන්තර් මහද්වීප බැලිස්ටික් මිසයිල හෝ ඒ හා සමාන මිසයිල අත්හදා බැලීමට සැලසුම් කර ඇතැයි උතුරු කෙරියානු ජනපතිවරයා හා උතුරු කොරියා බලධාරීන් මෙම වසර ආරම්භයේ සිට වරින් වර ප්‍රකාශ කළේය. එරට පළමු ජනපතිවරයාගේ 105 වැනි උපන්දිනයට සමගාමීව අප්‍රේල් 15 පැවැත්වීමට නියමිත ‘හිරුගේ දිනය‘ නම් උත්සවය නිමිත්තෙන් මේවා අත්හදාබැලීම් කරන බවට ප්‍රකාශ විය.

    උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඉකුත් දා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා චීන ජනපති ජින්පින් මහතා අතර පැවති සාකච්ඡාවේදී ට්‍රම්ප් මහතා චීන ජනපතිවරයාට බල කර සිටියේය. ට්‍රම්ප් මහතා හා දකුණු කොරියානු වැඩ බලන ජනපති ක්වාන් ක්යෝ-හන් මහතා අතර ඉකුත් සිකුරාදා(07) දුරකතන සංවාදයක් පැවති බව ද වොෂින්ටනය නිවේදනය කළේය.

    [rns_reactions]

     

  • අර්ජුන් මහේන්ද්‍රන්ට දෙවියෝ සිහිවෙලා – ඔබ නොදත් කතාව මෙන්න..

    යාපනේ සිටි මහ බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට තමන් දුරකථනයෙන් කතා කරමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම එක්දින ද්‍රවශිලතා ණය සහ ප්‍රති ගැණුම් ණය (IPL and REPO) ගෙවා නැහැ යයි කී විට අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට එකවරටම ‘මගේ දෙයියනේ’ කියලා කියවුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශීය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතා පැවසීය.

    “මගෙයි පර්පචුවල් ටේ‍රෂරීස් එකයි අතර තියෙන සම්බන්ධදේ ඔයා දන්නවානේ ඒක නිසා ඔයා ස්වාධීන තීරණයක් ගන්න. හැබැයි ඒක මට දැනුම් දෙන්න” යැයි අර්ජුන් මහෙන්ද්‍රන් මහතා තමාට කී බවත් ඊට පසු දිනෙක පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස්  මහතා  පළිසේන මහත්මිය සහ තවත් අයෙකු සමඟ මාගේ කාර්යාලයට පැමිණි බවත් පද්ධතියේ ඇනහිටීමේ තත්වයක් (bid lock) ඇතිවීම නිසා එක්දින ද්‍රවශිලතා වෙළඳ ණය ගෙවා දැමීමට නොහැකි වු බවත් රුපියල් බිලියන 1.2ක මුදලක් වැරදියට ගණනය කොට ඇති බවද ඔවුන් ඒ අවස්ථාවේදීම කී බවත් නිහාල් රංජිත් රුද්‍රිගු මහතා කොමිසම හමුවේ පැවසීය. මේ ආකාරයට එක්දින ද්‍රවශිලතා වෙළඳ ණය ගෙවීම පැහැර හැරි අවස්ථාවන් දෙකක් තමා මීට පෙර අසා ඇතැත් එම අවස්ථා දෙකේදී නොගෙවු ණය මුදල් වලට වඩා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ගෙවීම පැහැර හැරි මුදල විසිපස් ගුණයක් පමණ වැඩි බවත් පැවසීය.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කෙරේ.

    2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.

    කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දුන් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශීය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතා මෙසේද කීය.

    විවෘත වෙළඳ පොළ කටයුතු විමර්ශණය කිරීම එක්දින ද්‍රවශීලතා කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීම ආදී දේවල් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශිය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂකවරයා ලෙස මා වෙත පැවරී තියෙනවා.

     

    ප්‍ර. මේ සම්බන්ධයෙන් බලපැවැත්වෙන්නේ මුල්‍ය නීතීයේ කවර වගන්තියද?
    පිළි. මුල්‍ය නීතීයේ 90(1) වගන්තිය.
    මේ අවස්ථාවේදී එක්දින ද්‍රවශීලතා පහසුකම ලබාගැනීම සඳහා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම සමග ඇතිකරගත් ගිවිසුම සාක්කිකරුට පෙන්වන ලඳුව,

    ප්‍ර. මෙම ලේඛණය කුමක්ද?
    පිළි. එක්දින ද්‍රවශිලතා පහසුකම ලබාගැනීම සඳහා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම සමග ඇතිකරගත් ගිවිසුමයි.

    ප්‍ර. 2016 වසරේ මුලදී ප්‍රතිගැණුම් ගිණුම (repos) නැවැත්තුවා නේද?
    පිළි. ඔව්.

    ප්‍ර. 2016 අප්‍රේල් පළමුවැනිදා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම රුපියල් බිලියන 22ක ලංසු ඉදිරිපත් කළාද?
    පිළි. ඔව්.

    ප්‍ර. ඒ වන විට ද්‍රවශිලතා පහසුකම වශයෙන් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම කොපමණ ණය ලබාගෙන තිබුණද?
    පිළි. රුපියල් බිලියන 7.5යි.

    ප්‍ර. එතකොට 2016 අප්‍රේල් පළමුවැනිදා ගණුදෙණු කාලය අවසන් වින විට පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම මෙම ණය මුදල ගෙවා තිබුණද?
    පිළි. නැහැ.

    ප්‍ර. ප්‍රාථමික ගැණුම්කරුවන් පිළිබඳ කටයුතු කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ කුමන දෙපාර්තමෙන්තුවද?
    පිළි. ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුව.

    ප්‍ර. එක්දින ද්‍රවශිලතා ණය පහසුකම පිළිබඳව බලපාන්නේ කුමන නීතීයද?
    පිළි. මුල්‍ය පණතේ 62(අ) වගන්තිය.

    ප්‍ර. මෙම මුල්‍ය පණතේ 62(අ) වගන්තියට අමතරව වෙනත් චක්‍ර ලේඛණ ඔබ කාර්යාලයෙන් නිකුත් කරනවාද?
    පිළි. ඔව්.

    ප්‍ර. 2016 අප්‍රේල් පළමුවැනිදා ගණුදෙණු කාලය අහවර වු පසුවත් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ලබාගත් එක්දින ද්‍රවශිලතා වෙළඳ ණය සහ ප්‍රති ගැණුම් ණය ගෙවා නොදැමීම සම්බන්ධයෙන් ඔබ නිලධාන්ට දැනුම් දුන්නාද?
    පිළි.  ඔව්. නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතාට සහකාර අධිපතිනි මාපිටිය මහත්මියට සහ ආචාර්ය වීරසිංහ මහතාට මේ පිළිබඳව දැනුම් දුන්නා.

    ප්‍ර. මේ පිළිබඳව පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමෙන් යම් විමසීමක් කළාද?
    පිළි. පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ පළිසේන මහත්මිය දුරකථනයෙන් කතා කොට මේ පිළිබඳව විමසීමක් කළා.

    ප්‍ර. ඊට පසු ඔබ මොකද කලේ?
    පිළි. මා මහා බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට දුරකථනයෙන් ඇමතීමක් කලා. ඒ වේලාවේ ඔහු හිටියේ යාපනයේ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. මහා බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට ඔබ දුරකථනයෙන් කතා කළ විට ඇතිවු කතාබහ නිවැරදිව මේ කොමිසම හමුවේ කියන්න.

    පිළි. සර්. මම මේ කතා කරන්නේ මහා බැංකුවේ දේශිය මෙහෙයුම් අධ්‍යක්‍ෂක නිහාල් රුද්‍රිගු කියලා මාව ඔහුට හඳුන්වා දුන්නා.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. කතා කළ දේවල් කියන්න.
    පිළි. ‘එක් ප්‍රාථමික ගැණුම්කරුවෙකු එක්දින ද්‍රවශිලතා ණය සහ ප්‍රති ගැණුම් ණය (IPL and REPO) ගෙවා නැහැ.’ කියා මා කියු විට ‘එලෙස ණය ගෙවා නැත්තේ කවුද?’ කියා ඔහු මගෙන් විමසුවා. මා කිව්වා ‘පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම’ කියලා. එවිට එකපාරටම ‘මගේ දෙයියනේ’ කියලා අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට කියවුණා.

    ඊට පසු අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කිව්වා ‘ඔයා දන්නවානේ මගෙයි පර්පචුවල් ටේ‍රෂරීස් එකයි අතර තියෙන සම්බන්ධදේ ඒක නිසා ඔයා ස්වාධීන තීරණයක් ගන්න. හැබැයි ඒක මට දැනුම් දෙන්න’.

    ප්‍ර. ඊට පසු ඔබ මොකද කළේ?
    පිළි. අර්ජුන් ඇලෝසියස් මහතා මට දුරකතනයෙන් කතා කළා.

    ප්‍ර. අර්ජුන් ඇලෝසියස් මහතාව ඔබ මීට පෙර හඳුනනවාද?
    පිළි. ඔව්.

    ප්‍ර. ඔබ ඔහු හඳුනන්නේ කවුරුන් හැටියටද?
    පිළි.  පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂකවරයෙකු හැටියට.

    ප්‍ර. පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂකවරයෙකු වන අර්ජුන් ඇලෝසියස්  මහතා  ඔබට දුරකථනයෙන් කතා කොට කුමක්ද කීවේ?
    පිළි. මාව හමුවිය යුතුයි කියලා ඔහු මට කීවා. මා කිව්වා සඳුදා හමුවිය හැකියි කියලා. එවිට ඔහු කීවා නැහැ හෙටම හමුවිය යුතුයි කියලා.  එවිට  මා  කිව්වා  එහෙනම්  කාර්යාලයට පැමිණේන කියලා.

    ප්‍ර. ඒ අනුව අර්ජුන් ඇලෝසියස්  මහතා  ඔබ හමුවීමට කාර්යාලයට ආවාද?
    පිළි.  ඔව්. අර්ජුන් ඇලෝසියස්  මහතා  පළිසේන මහත්මිය සහ තවත් අයෙකු සමඟ මාගේ කාර්යාලයට පැමිණියා.

    ප්‍ර. ඊට පසු මොකද වුණේ?
    පිළි. පද්ධතියේ ඇනහිටීමේ තත්වයක් (bid lock) ඇතිවීම නිසා එක්දින ද්‍රවශිලතා වෙළඳ ණය ගෙවා දැමීමට හැකිවුණේ නැහැ කියලා ඔවුන් කීවා. ඊට අමතරව රුපියල් බිලියන 1.2 ක මුදලක් වැරදියට ගණනය කොට ඇති බවද ඔවුන් ඒ අවස්ථාවේදීම කිව්වා.

    ප්‍ර. මේ ආකාරයට එක්දින ද්‍රවශිලතා වෙළඳ ණය ගෙවීම පැහැර හැරි අවස්ථාවක් ඔබ මීට පෙර අසා තියෙනවාද?
    පිළි.  මීට පෙර අවස්ථා දෙකක් තියෙනවා.

    ප්‍ර. එම අවස්ථා දෙකේදී නොගෙවු ණය මුදල් වලට වඩා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ගෙවීම පැහැර හැරි මුදල විසිපස් ගුණයක් වැඩියි නේද?
    පිළි. ඔව්.

    ප්‍ර. මේ පිළිබඳව ඔබ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට දැනුම් දුන්නාද?
    පිළි. ඔව්. ඊමේල් මඟින් දැනුම් දුන්නා.

    කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මියගේ මෙහෙයවීම යටතේ බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දුන් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශිය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතා මෙසේද කීය.

    ප්‍ර. ඔබ අලෙවි මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක්ද?
    පිළි. ඔව්.

    ප්‍ර. අලෙවි මෙහෙයුම් කමිටුවේ අරමුණ කුමක්ද?
    පිළි. විදේශ විනිමය අනුපාත නිර්දේශ කිරීම.

    ප්‍ර. ඔබ 2015 පෙබරවාරී 27 වැනි දින පැවැති අලෙවි මෙහෙයුම් කමිටුවේත් සාමාජිකයෙක්ද?
    පිළි. ඔව්.

    ප්‍ර. මෙම අලෙවි මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ අනෙක් සාමාජිකයින් කවුද?
    පිළි. අචාර්ය වීරසිංහ, කරුණාතිලක හා කරුණාරත්න යන අයයි.

    ප්‍ර. මෙම අලෙවි මෙහෙයුම් කමිටුව සඳහා පැමිණි අනෙකුත් අය කවුද?
    පිළි. කමිටුවේ රැස්වීම පෙරවරු 9.30ට පටන් ගත්තා. පෙරවරු 9.35ට පමණ මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පැමිණියා.

    ප්‍ර. ඔහු ඇවිත් මොනවද කිව්වේ?
    පිළි. එතෙක් 5්‍ර ක්ව පැවතී විශේෂ තැන්පතු අනුපාත ඉහළ දැමීමට ඔහු නියම කලා.

    ප්‍ර. මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කොහොමද කිව්වේ?
    පිළි. ඉක්මනින් ඉහළ දමන්නැයි කීවා.

    ප්‍ර. මේ සම්බන්ධයෙන් කිසිවෙක් විරුද්ධ වුණාද?
    පිළි. නැහැ.

    මේ අවස්ථාවේදී භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන්  පෙනී සිටි නීතීඥ හර්ෂ  ප්‍රනාන්දු මහතා කොමිසම අමතමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශිය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතාගෙන් හරස් ප්‍රශ්න නොඅසන බව දැනුම් දුන්නේය.

    මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන්  පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා විසින් අසන ලද හරස් ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශිය මෙහෙයුම් දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් රංජිත් රුද්‍රිගු මහතා මෙසේද කීය.

    ප්‍ර. ඔබ මුලින්ම බැදුම්කර වෙන්දේසියකට සහභාගිවුණේ කවදාද?
    පිළි. 2015 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු වෙන්දේසියටයි.

    ප්‍ර. ඔබ ඊට පෙර වෙනත් වෙන්දේසි වලට සහභාගි වී තියෙනවාද?
    පිළි. ඔව්. 2015 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු වෙන්දේසියට කළින් භාන්ඩාගාර බිල්පත් වෙන්දේසිවලට සහභාගී වී තියෙනවා.

    ප්‍ර. ඔබ එම වෙන්දේසිවලදී අදහස් ප්‍රකාශ කර තියෙනවාද?
    පිළි. නැහැ.

    වැඩිදුර සාක්කි විමසීම ලබන 24 වැනිදා තෙක් කල් තබන ලදී.

     

    [rns_reactions]

  • නව තාක්ෂණය සමග බද්ධ වෙමින් අපනයන වෙළෙදපොළ ජය ගැනීමේ අවස්ථාව අද තරුණ පරපුරට උදා කර දී තිබෙනවා – ජනපති මෛත්‍රී

    මඩ ගා ගත් සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයේ නොව ජංගම දුරකතනයෙන් සහ අන්තර්ජාලය ඔස්සේ වෙළදපොළ සමග සම්බන්ධ වෙමින් අපනයන වෙළදාම හා එක්වීමේ අවස්ථාව අද මේ රටේ තරුණ පරපුරට උදා කර දී තිබෙන බව ජනාධිපතිතුමා පැවසීය.ඒ සදහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට මෙන්ම මග පෙන්වීම් සිදු කිරීමට ආයතන රාශියක් තිබෙන බව ද සදහන් කළ ජනාධිපතිතුමා මේ රටේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින් අලූත් ගමනක් යාමට අද තරුණ පරපුරට අවස්ථාව උදා වී ඇති බව ද කියා සිටියේය.ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන හා සමගාමීව ගොවි සංවිධාන වෙත නොමිලේ කෘෂි උපකරණ බෙදාදීම වෙනුවෙන්  (08) පස්වරුවේ අනුරාධපුර මහජන කි‍්‍රඩාංගනයේ පැවති උත්සවය අමතමිනි. ගොවි ජනතාව අතර නවීන තාක්ෂණය භාවිතා කිරීම ප‍්‍රචලිත කිරීමේ ආරම්භක පියවරක් ලෙස පළාත් 09 ම නියෝජනය කරන ගොවි සංවිධාන වෙත කෘෂි උපකරණ බෙදාදීම මෙහිදී සිදු විය.

    ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගනිමින්, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර රටේ කෘෂිකර්මාන්තය ගොඩනැගීමටනම් මෙරට ගොවි ජනතාව නවීන තාක්ෂණය සමග බද්ධ විය යුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට රජය සකසා තිබෙන බවද කියා සිටියේය.රටේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගත හැක්කේ සෑමවිටම රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ සැළසුම් සහ ඉලක්ක තුළින් බවද පැවසූ ජනාධිපතිතුමා තමා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටියදී ආහාර අර්බුදය සදහා මුහුණ දෙමින් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට ආරම්භ කළ අපි වවමු රට නගමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබදව ද අදහස් දැක්වීය.නමුත් 2013 වසරේ බරපතළ නියගයකට මුහුණ දීමට සිදුවූ අතර ඒ සමග පැමිණි පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ වේදිකාව උණුසුම් වුයේ නියගයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබදව බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා එහිදී හිටපු නායකයින්ගේ උපදෙස් අනුව ඡුන්ද පොරොන්දු රාශියක් ලබා දෙමින්, පත්තර පිටු පුරවා දැන්වීම් පළ කළද එම පොරොන්දු කිසිවක් මැතිවරණයෙන් අනතුරුව ඉටු නොවූ බවද කියා සිටියේය.

    පසුගිය සමයේ ඇති වූ නියං තත්ත්වය හමුවේ පීඩාවට පත්වූ ජනතාවට සහන සැළසීම වෙනුවෙන් වත්මන් රජය ඉතා සැළසුම්සහගත සහ කාර්යක්ෂම අයුරින් කටයුතු කළ බව සදහන් කළ ජනාධිපතිතුමා එය නියං තත්ත්වයක් හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැළසීමට කි‍්‍රයාත්මක වූ වැඩිම සහනදායී වැඩපිළිවෙල බව ද කියා සිටියේය.ගොවි පුතෙක් ජනාධිපති වුවත් ගොවීන්ට නොසලකන බවට එල්ල වන චෝදනා පිළිබදව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ගොවි ජනතාව සහ කෘෂිකර්මාන්තය පිළිබද අත්දැකීමක් මෙන්ම සැබෑ අවබෝධයක් තමාට තිබෙන බවත්, නවීන තාක්ෂණය සමග බද්ධ වෙමින් ණය බරින් නිදහස් වූ මෙන්ම, ආර්ථිකය ශක්තිමත් වූ ගොවි පරපුරක් රට තුළ ගොඩනැගීමට ඉතා සැලසුම් සහගත අයුරින් කටයුතු කරන බවත්ය.

    ගොවි සංවිධාන වෙත පාරිතෝෂිත මුදල් පිරිනැමීම, පසු අස්වනු තාක්ෂණ ආයතනයේ සේවකයින්ට දීර්ඝ සේවා උපහාර තිළිණ පිළිගැන්වීම, පසු අස්වනු තාක්ෂණ ආයතනය මගින් කි‍්‍රයාත්මක පුහුණු වැඩසටහන්වල ප‍්‍රතිලාභින්ට සහතික පත් ප‍්‍රදානය, කාබනික පොහොර නිෂ්පාදනය සදහා උපකරණ බෙදාදීම, සාර ලංකා ණය ප‍්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් රැුසක් මෙහිදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.
    කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඞී. විජයරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    [rns_reactions]

  • නිදහස් පක්ෂය සමගින් ජනපති මෛත්‍රී නව දේශපාලන ගමනකට සැරසෙයි..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව දේශපාලන ගමනක් සඳහා වූ ප්‍රවේශයක් ගන්නා වූ බවට ඉඟියක් ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් සමඟ සිදුකළ සංවාදයකින් අනාවරණයවේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද වන අතර එම සංවාදයේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ශක්තිමත් ඉදිරි ගමනක් සඳහා ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සලකා කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කරන අතර රජයට එල්ල වන ඇතැම් චෝදනා නිවැරැදි කිරීමට එයම ප්‍රමාණවත් නොවන හෙයින් තවත් පියවර කිහිපයක්ම ගන්නා බවත්ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අලුත් අවුරුදු උදාවත් සමඟ අඩුපාඩු ප්‍රමාදදෝෂ ඉවත්කර රට ඉදිරියට ගන්නා ශක්තිමත් වැඩ පිළිවෙළකට තමන් අවතීර්ණ වන බවත් තමා බලයට පත්කළ ජනතාව මේ ආණ්ඩුවෙන් ප්‍රශ්න විසඳා ගැනීම කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා සිටින අතර ඒ විශ්වාසය කඩ වෙන්නට පෙර නව වැඩපිළිවෙළකින් අලුත් ගමනක් අරඹන බවත්ය.

    එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිළිබඳව වූ බලාපොරොත්තු උද්දීපනය කරමින් ශ්‍රීලනිපයේ නායකයාද වන වත්මන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක පිපාසයෙන් ශ්‍රී ලංකාව පෙළෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරුණ ජවය එක්කොට ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා නායකත්වය දෙන බවත්ය.

    එසේම වත්මන් රජය මුහුණදී ඇති අභියෝග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, අතීතය සම්බන්ධයෙන් කිසිවෙකුට ඇඟිල්ල දිඟුකිරීමෙන් පලක් නොමැති බවත්, එම ප්‍රශ්න කෙතරම් කටුක වුවත් ඒවා විසඳීම තම රජයේ යුතුකම සහ වගකීම වන බවත්ය. එම නිසා ඒ වෙනුවෙන් වූ ජනතා බලාපොරොත්තු ඉටු කරන්න සම්මුතිවාදී ආණ්ඩුව විදියට කැපවෙන බවත් පවසා ඇත.

    [rns_reactions]

  • මා යුතුකම් ඉටුකළ පසු මා උන්නද මලාද කියා නොබැලු අය අද මට බනිනවා – වික්ටර් කියයි..

     

    • ගෙවල් දොරවල් ලස්සන කරලා මෙදා සැරේ අලුත් අවුරුද්ද ජයටම සමරන්නද සූදානම් වෙන්නේ?

    හෂිනි – අවුරුදු කියලා විශේෂයක් නෑ. කොහොමත් මහත්තයා පිළිවෙළට ඉන්න කැමැතියි. හුඟකාලෙකින් ගෙදර අලුත්වැඩියා කරලත් නොතිබුණු නිසායි මේ වැඩකටයුතු පටන් ගත්තේ.

    • නව යුවළක් විදිහට ගතකරන මුල්ම අලුත් අවුරුද්ද නේද මේ එළැඹෙන්නේ?

    හෂිනි – ඒකනම් ඇත්ත තමයි. ඒත් අපේ ඇසුරට විවාහයේ අත්සන කියන්නේ ‍පොඩි දෙයක් විතරයි. ඒ නිසා සාමාන්‍ය විදිහට තමයි මේ අලුත් අවුරුද්දත් සමරන්න හිතාගෙන ඉන්නේ.

    • විවාහ වුණේ මෑතකදි වුණාට දෙන්නාගේ ඇසුර නම් ටිකක් පැරණියි නේද?

    හෂිනි – ඔව්. අපි මුලින්ම මුණගැහුණේ 2006 වසරේදියි. ප්‍රසංගයකදී හමුවෙලා ඇතිකරගත් හිතවත්කම විවාහය දක්වා දුරදිග ගියා.

    • විවාහය සිදුවුණේ කොයි කාලයේදීද?

    හෂිනි – පසුගිය පෙබරවාරි මාසයේදී තමයි අපේ විවාහය සිද්ධ වුණේ.

    • විවාහයට හෂිනිගේ දෙමාපියන් කැමැති වුණාද?

    හෂිනි – මුලින් කැමැති වුණේ නැහැ. ඔවුන්ගේ ආශීර්වාදය ලැබිලා දැන් සති දෙකක් විතර ඇති.

    • වික්ටර් රත්නායක නැවත විවාහ වේවි කියලා කවුරුවත් බලා‍පොරොත්තු වුණේ නැහැ. ඒ නිසා මෑත කාලයේ අපේ රටේ වඩාත්ම කතාබහට ලක්වූ විවාහය බවට මෙය පත්වුණා?

    වික්ටර් – පළමු විවාහයේ බිරිඳ නැතිවෙලා ගතවුණු පසුගිය අවුරුදු 13 පුරාම මම කන්නේ, බොන්නේ කොහොමද මගේ වෙනත් අවශ්‍යතා ඉටුකරගන්නේ කොහොමද කියලා කවුරුවත් මගෙන් ප්‍රශ්න කරලා නැහැ. මම හිටියේ තනිවෙලයි. කවුරුත් මගේ අවශ්‍යතා ගැන හෙව්වේ නැහැ. ඒත් අද ඔවුන් මට මඩගහනවා. මට ආදරය කරන සහ මමත් ආදරය කරන කෙනෙක් එක්ක නැවත ජීවිතය ගොඩනගාගන්න මා උත්සාහ දරපු එකේ වරදක් මම දකින්නේ නැහැ.

    • අවුරුදු 40කටත් වැඩි වයස් පරතරයක් ඔබ දෙදෙනා අතරේ තියෙනවා. ඒ නිසයි මේ විවාහය බොහෝ අයට අමුත්තක් වුණේ?

    හෂිනි – අපේ බැඳීමට වයස් පරතරය කියන සාධකය කොහෙත්ම අදාළ නැහැ. කවුරුහරි කීවොත් විතරයි මට ඒ ගැන මතක්වෙන්නේ.

    වික්ටර් – අපේ සංස්කෘතිය තුළ තිබෙන අටුවම් බැහැපු සමහර දේවල්වලින් පිටට ඇවිල්ලා ජීවත්වෙන්න මිනිස්සු උත්සාහ දරන්නේ නැහැ. ආදරයට වයස් පරතරය බාධකයක් ‍නෙවෙයි. ආදරය කියන්නේ දෙදෙනාගේ අනේ‍යාන්‍ය අවබෝධය සහ කරුණාව, දයාව, මෛත්‍රිය ආදිය එකතුවෙලා බැඳෙන බැම්මක්. ඒ නිසා මේ විවාහයේ කිසිදු වරදක් මා දකින්නේ නැහැ.

    • දෙමව්පියන්ගේ විරෝධතා නොතකා යුගදිවියට පිවිසීම තරුණ වයසේ අය අතරේ නම් සාමාන්‍ය දෙයක්. නමුත්, වයසින් පරිණත වූ කෙනෙකු විදිහට ඔබ එවැනි පියවරක් ගත්තේ ඇයි?

    වික්ටර් – මගේ පළමු විවාහයටත් බිරිඳගේ පාර්ශ්වයෙන් විරෝධතා ආපු අවස්ථා තිබුණා. පසුකාලීනව ඒවා විසඳගෙන අපි විවාහ ජීවිතය ගතකළා. විවාහයකදී නොගැළපීම කියන සාධකය ගැන කොහොමත් දෙමව්පියන් සොයා බලනවා. නමුත්, දෙදෙනාගේ සිතුම් පැතුම් සහ ආකල්ප ගැළපෙනවා නම් ඒ අවබෝධය හරහා එක්වෙනවා මිස කාගේවත් කැමැත්ත හෝ අකමැත්ත ගැන වදවෙන්න වුවමනා නැහැ.

    හෂිනි මේ විවාහයට කැමැති වුණේ වික්ටර් රත්නායක මහතාගේ බැංකු ගිණුම්වල ඇති මුදල් සහ ඔහුගේ දේ‍පොළවලට තිබෙන කෑදරකමටයි කියලා රාවයක් තියෙනවා. මොකක්ද ඒකට දෙන්න තියෙන පිළිතුර?

    හෂිනි – මම හොඳට මිල මුදල් තියෙන පවුලක කෙනෙක්. අනෙක, ගැහැනු කෙනෙක් සල්ලිවලට තමන්ගේ ජීවිතය උකස් කරාවිද? ඔය ගැන විමසන්න සුදුසුම කෙනා තමයි වික්ටර්.

    වික්ටර් – මගේ බැංකු ගිණුම්වල තියෙන මුදල් ගැන ඇය දන්නේ නැහැ. ඇය මගේ තදබල රසිකාවක් විදිහට මට ළංවුණා මිස මගේ මුදල් හෝ දේ‍පොළවලට ආසාවෙන් ‍නෙවෙයි ඇය මා සමග විවාහ වුණේ. ඕවා මට විරෝධය පාන්න ඕනෑකම තිබූ අය විසින් නිර්මාණය කරන කරුණු විතරයි.

    • අවුරුදු 75ක් වගේ වයසක පසුවන කෙනෙක් විදිහට ආදරය විඳින්නේ මොනවිදිහටද?

    වික්ටර් – ආදරයට සීමා මායිම් පනවන්න බැහැ. තරුණවියේදී විඳින නොමේරූ සමනල් ආදරය වගේ ‍නෙවෙයි වයසින් මුහුකුරා යද්දී ආදරය පිළිබඳ ගැඹුරින් සිතන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙනවා. කෙනෙක් වයස්ගතවෙලා ආදරය සොයනවා නම් ඔහු හෝ ඇය එහෙම කරන්නේ මොනවිදිහේ හේතු නිසාද කියලා සොයාබැලිය යුතුයි. තමන්ගෙන් විය යුතු යුතුකම් ඉටුනොකර, ආදරයට වහල්වීම නම් අනුමත කරන්න බැහැ.

    • වික්ටර් රත්නායක කියන්නේ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකළ පියෙක්ද?

    වික්ටර් – මා තරම් දරුවන්ට යුතුකම් ඉටුකළ පියෙක් මුළු සංගීත ක්‍ෂේත්‍රයේම නැතුව ඇති. මා ගැන දන්නා සමීපතම යාළු මිත්‍රයෝ මට කියනවා ‘උඹ දරුවන්ට කළා වැඩියි’ කියලා.

    • ඇයි එහෙම කියන්නේ?

    වික්ටර් – මගේ සංගීත දැනුම, ජනප්‍රියත්වය විතරක් ‍නෙවෙයි මම ඔවුන්ට දුන්නේ. නුගේගොඩ සුපිරි වෙළෙඳසලක තිබුණු ව්‍යාපාරයක් මම ලොකු පුතා ජයන්තට බාර දුන්නා. මගේ මව සහ පියා පදිංචිව සිටි නිවස පිහිටා තිබූ ඉඩම විකුණා ලැබුණු මුදලුත් ඔහුට දුන්නා. දියණියන් දෙදෙනාට ජීවත්වෙන්න ගෙවල් දෙකක් දුන්නා. මහගෙදර අයිතිය ලියාදුන්නේ බාල පුතා ලෙලුම්ට. ඊට අමතරව ඔවුන්ගේ හැම ගැටලුවකදීම සහ අවශ්‍යතාවකදීම මම මුදලින් උදවු උපකාර කළා.

    • දරුවනුත් ඔබ වෙනුවෙන් පෙරළා යුතුකම් ඉටුකරන්න ඇති?

    වික්ටර් – දරුවන්ගෙන් එහෙම විශේෂ දෙයක් ලැබුණා කියලා මට කොහොමටවත් කියන්න බැහැ. එහෙම නම් අම්මාගේ මරණින් පස්සේ තාත්තා තනිවුණා නේද කියලා මා ගැන බලන්න එපායැ. එහෙම හොයන්න බලන්න ඒ කවුරුවත් ආවේ නැහැ.

    • ඔබේ බාල පුතා ලෙලුම් ‘මගේ පියා මිය ගියා’ කියන අදහස ඇති සටහනක් ෆේස්බුක් ගිණුමට එක්කිරීමත් සමගයි ඔබේ දෙවැනි විවාහය ගැන රටම දැනගත්තේ. සමාජ ජාල පරිහරණය නොකළත් ඔබට මේ ගැන ආරංචි වෙන්න ඇති?

    වික්ටර් – ඔව්. මටත් ඔය කතාව ආරංචි වුණා. එහෙම කියන්න තරම් සාහසික වුණු පුතෙක් මගේද කියලා මට හිතාගන්න බැහැ. ඒකෙන්ම තේරෙනවනේ ඔහු අද වැටිලා ඉන්නේ මොනවගේ තැනකටද කියලා.

    • මේ වනවිට දරුවන් සමග ඔබට තියෙන්නේ මොනවිදිහේ සම්බන්ධයක්ද?

    වික්ටර් – ඔවුන් කා එක්කවත් කිසිම සම්බන්ධයක් මගේ නැහැ.

    • ඔබට ඉන්නේ සංගීත ක්‍ෂේත්‍රයේ ඔබේ අඩිපාරේ යන පුතුන් දෙදෙනෙක්?

    වික්ටර් – ඔව්. වික්ටර් රත්නායකගේ පුතාලා නිසා හඳුනනවා මිස ඔවුන්ට තමන්ගේම අනන්‍යතාවක් නැති බව මුළු රටම දන්නවා.

    • නමුත්, ඉදිරි කාලයේදී සංගීත කටයුතුවලදී ඔබට පුතුන් දෙදෙනා සමග එකට වැඩකරන්න මේ විරසකය බාධාවක් ‍නෙවෙයි නේද?

    වික්ටර් – මින් ඉදිරියට මගේ සංගීත දිවියේ කිසිදු කටයුත්තකට ඔවුන් සම්බන්ධ කරගන්න මගේ බලා‍පොරොත්තුවක් නැහැ. මොකද, එහෙම කරලා ‍නෙවෙයිනේ මම ජනප්‍රිය වුණේ. මේක මම තනිවම ආපු ගමනක්.

    • හෂිනි වික්ටර් රත්නායකයන් ළංකර ගත්තේ ඉනාවක් දීලා කියලත් චෝදනාවක් එල්ල වුණා?

    වික්ටර් – ඕවා කිසිම පදනමක් නැති කතානේ.

    • විවාහය නිසා සමාජ ජාල වබේ අඩවිද ඇතුළුව සමාජයෙන් එල්ලවෙන විවිධ චෝදනා ගැන මොනවිදිහේ ආකල්පයක්ද ඔබට තියෙන්නේ?

    හෂිනි – ඒවා ගැන අපට ආරංචි වෙනවා. ඒත්, මම කරන දේ නිවැරදියි කියලා මගේ හෘද සාක්ෂියට දැනෙනවා නම් කවුරු මොන චෝදනා කළත් මම ගණන් ගන්නේ නැහැ.

    වික්ටර් – බුදුහාමුදුරුවන්ටත් ඔයිට වඩා කොපමණ චෝදනා එල්ල වුණාද? ඒවා කිසිවක් ඔප්පු වුණේ නැහැනේ. අපි වගේ අය ගැන කටකතා හදලා අභිමානය නැතිකරන්න යමෙක් උත්සාහ කරනවා නම් ඔහු හෝ ඇයටම තමයි කවදා හරි එහි විපාක ලැබෙන්නේ.

    • හෂිනි සැමියා සමග මොනවිදිහේ ඉදිරි ගමනක් යන්නද බලා‍පොරොත්තු වෙන්නේ?

    හෂිනි – වික්ටර්ගේ සංගීත ජීවිතයට උදව් කරමින් ඔහු සතුටින් තබන්නයි මට වුවමනා කරන්නේ. අපරදිග සංගීතය ගැන දැනුමක් මට තිබෙන නිසා ඔහුට සහයවීම මට පහසුයි.

    • පරණ තරහ මරහ අමතක කරලා අලුත් අවුරුද්දේ දරුවොත් එක්ක එකතුවෙන්න අදහසක් නැද්ද?

    වික්ටර් – ඒවා අපි හදාගත්තු චාරිත්‍ර විතරයිනේ. හදවත්වල සහ හිත්වල තිබිය යුතු බැඳීම පවත්වාගෙන යන්න බැරිනම් ඒ ඥාතීත්වයෙන් පලක් නැහැ. එහෙම නම් ඒක අත්හැර දමන එකයි වඩාත් සුදුසු. සුහදතාව, ආදරය කරුණාව සහ මෛත්‍රීය හිත්වල නැතුව බොරුවට ඔවුන් මා බලන්නට එන්නේ හෝ මා ඔවුන් ළඟට යන්නේ මොකටද?

    [rns_reactions]

  • කොළොන්නාවේ සෝලංගආරච්චි කතරගම ගියෙද්දී අලි හමුවෙලා – වෙච්ච දේ මෙන්න…

    කොළොන්නාවේ ප්‍රසන්න සොලන්ගාරච්චි පසුගිය දිනයක කතරගම වන්දනාමය චාරිකාවකට එක්ව ඇති අතර ඒ අතරමගදී ඔහුට සුවිශේෂි අත්දැකීමකට මුහුන දීමට සිදුව ඇති බව අපට වාර්තා වේ. එනම් අතරමගදී ඔහු ඇතුළු පිරිස ගමන් කල රථය අලි පිරිසකට කොටුවිමයි. එම අවස්ථාවේ චායාරුප පෙළක් ඔහු තම මුහුණු පොතට එක්කර ඇත.

    [rns_reactions]

  • අවුරුදු ලිතත් දැන් ඩිජිටල් වෙලා! – ඔබ නොදත් කතාව මෙන්න..

     

    ලෝකේම ඩිජිටල් වෙන කාලේ ඔන්න අලුත් අවුරුදු ලිතත් දැන් ඩිජිටල් වෙලා. අවුරුදු සිරිතට එන නැකත් ඔක්කොම අඩුවක් පාඩුවක් නැතුව අකුරටම සටහන් වෙලා තියෙන මේ ඩිජිටල් ඇප් එකට කියන්නෙ ‘අවුරුදු සොබා ලිත’ කියලයි.

    ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටම ගලපෙන්නයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.

    මේ ඩිජිටල් ලිතේ තියෙන වැදගත්ම දෙයක් තමයි එහෙම මගඇරෙන්නේ නැති විදියට නැකතෙන් නැකතට වෙලාව මතක් කරන එක. එක නැකතක් ඉවර වුන ගමන් අනිත් නැකතට තියෙන කාලය කවුන්ට්ඩවුන් එකක් විදියට මතක් කරනවා.

    ඒ වගේම පුරුද්දට නැකත් පිලිපැද්දත් ඒ නැකත් වල ඇත්ත තේරුම ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ඒ හින්දම මේ ඩිජිටල් අවුරුදු සොබා ලිතේ හැම නකතෙම තේරුම, වටිනාකම වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. මේක අද කාලේ අයට අපේ පරණ සම්ප්‍රදායික වටිනාකම් ගැන ඉගෙන ගන්නත් හොඳ අත්වැලක් වෙයි.

    අවුරුද්දෙන් අවුරුද්දට මේ ඩිජිටල් ලිත ඉබේටම අප්ලෝඩ් වෙනවා. 

    https://play.google.com/store/apps/details?id=com.wad.neketh_app



    [rns_reactions]

     

  • කුරුණෑගල ජයගන්නට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව දිස්ති‍්‍රක් සංවිධායකවරු සහ ආසන සංවිධායකවරු ජනපති අතින් පත්වීම් ලබයි..

    කුරුණෑගල දිස්ති‍්‍රක්කය සඳහා පත් කෙරුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව දිස්ති‍්‍රක් සංවිධායකවරු සිව් දෙනෙකු සහ ආසන සංවිධායකවරු හත් දෙනෙකු (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

    මේ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ති‍්‍රක් නායක ලෙස අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පත් කර තිබේ.

    සෙසු පත්කිරීම් පහත පරිදි වේ.

    01- කටුගම්පල ආසනය – අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා
    02- යාපහුව ආසනය – රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකානයක මහතා
    03- දඹදෙණිය ආසනය – ශාන්ත බණ්ඩාර මහතා
    04- කුලියාපිටිය ආසනය – අතුල විජේසිංහ මහතා
    05- ගල්ගමුව ආසනය – තාරානාත් බස්නායක මහතා
    06- දොඩම්ගස්ලන්ද ආසනය – නිමල් විජේසිංහ මහතා
    07- මාවතගම ආසනය – ඩබ්ලිව්. උපුල් පි‍්‍රයන්ත මහතා

    නව දිස්ති‍්‍රක් සංවිධායකවරු

    08- උපුලාංගනී මාලගමුව මහත්මිය
    09- නිලන්ත සුපුන් රාජපක්ෂ මහතා
    10- එස්.එම්. සෆ්රාස් මහතා
    11- සරත් රත්නායක මහතා

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් විය.

     [rns_reactions
  • හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් අභියස දී..

    ගොවියෙක් ජනාධිපති කරමින් මේ රටේ ගොවි ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට උපරිමයෙන් කැපවී සිටින බව ජනපති පවසයි.

    නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසමින් සිංහල අලුත් අවුරුදු උදාවට පෙර ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මුදල් යොමු කරන බව ජනාධිපතිතුමා පවසයි.

    හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍ය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (08) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.

    සාම්ප‍්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 50 වන වරට සංවිධානය කර තිබුණි.

    රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත‍්‍රය සඳහා රට පුරා ගොවීන් රැුසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා-කෙත්වතු සාරවත් වේවායි ප‍්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.

    අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපතිතුමා පළමුව ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.

    අනතුරුව වස විස නැති දේශීය සහල් බඳුන ජනාධිපතිතුමාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කිරීම සිදු විය.

    සියලු පළාත් ආවරණය වන පරිදි ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික වූ බීජ වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ගොවියෙක් ජනාධිපති ධූරයට පත් කරමින් මේ රටේ ජනතාව තැබු අපේක්ෂා ඉටු කිරිමට උපරිමයෙන් කැපවී සිටින බවත් එහි ප‍්‍රතිඵල ඉදිරියේදී මේ රටේ ගොවි ජනතාවට හිමිවනු ඇති බවත්ය.

    රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට සහ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වත්මන් රජය ඉටුකර ඇත්තේ වෙනත් කිසිදු රජයක් ඉටු නොකළ වැඩ කොටසක් බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම උදෙසා වත්මන් රජය කි‍්‍රයාවට නංවන ලද්දේ මීට පෙර කි‍්‍රයාත්මක නොවූ වැඩපිළිවෙළක් බවද සඳහන් කළ ජනාධිපතිතුමා එම ජනතාවට සහන සැලසීම සඳහා සිංහල අලුත් අවුරුදු උදාවට පෙර ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් යොමු කිරීම වෙනුවෙන් මේ වන විට රජය රුපියල් මිලියන 7000 ක මුදලක් වෙන් කර තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.

    රජ රට ජනතාවගේ කඳුළු කථාව නිම කරමින් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ වැඩකටයුතු ද රජය කඩිනම් ආරම්භ කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා එම ගොවි ජනතාවගේ කෘෂිකර්මාන්ත කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය ලබාදීම සඳහා තවත් වැව් දහසක ප‍්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට රජය ආරම්භ කර තිබෙන බව කියා සිටියේය.

    කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අලූත් සහල් මංගල්‍ය පිළිබඳ සමරු කලාපය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ, රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද , කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, චන්ද්‍රාණි බණ්ඩාර, තිස්ස කරලියද්ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. විජයරත්න, ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩී.වී. බන්දුසේන මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    අනතුරුව ජේතවනාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවූ අතර විහාරාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රත්නපාල නායක හිමිපාණන් වහන්සේ ද බැහැ දැක සුව දුක් විමසීය.

    ජේතවනාරාම විහාර චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා අලුතින් ඉදිකළ සතර මහා දොරටු විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    [rns_reactions]

  • මේ සතියේ Wrestling පිටියේ මොකද උනේ? මෙන්න ඔබ සොයන වීඩියෝ අපෙන්..

    https://www.youtube.com/watch?v=HB2u79r2T8k

    https://www.youtube.com/watch?v=2wfioKwdbv4

    https://www.youtube.com/watch?v=IB14PFjeuMA

    [rns_reactions]

  • මහින්ද රජයේ මනුෂ්‍ය ඝාතන හෙළි කරන්න සුදානම් – ඇමති රාජිත..

    මහින්ද රජය විසින් සිදු කළ මනුෂ්‍ය ඝාතන, දුෂණ හා වංචා පිළිබඳ සියළු තොරතුරු රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කැබිතිගොල්ලෑව මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය විවෘත කිරීමෙන් පසු සඳහන් කළා.

    එම හෙළිදරවිවෙන් පසු එකාබද්ධ විපක්ෂයේ ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන බවත් ලබන මැයි මස පළවනිදා ගෝල්ෆේස් පිටියට පැමිණීමෙන් පසු රාජ්‍ය ආයතන වටලන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ගාලුමුවදොර පිටිය ආසන්නයේ මාර්ග රැසක් ඇති බැවින් එවා වැටලීමට හැකියාවක් ඇති බව ඇමතිවරයා සදහන් කළේය.

    ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන අයුරින් ජනතාව එයට සහභාගි නොවනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

    [rns_reactions]