Tag: featured

  • හැත්තෑ හත් වසරක් මාධ්‍යයේ සිටි එස්.පියසේන සමුගනී

    පුරා හැත්තෑ හත් වසරක ලේඛක සහ මාධ්‍යවේදී දිවියකට හිමිකම් කියූ ප්‍රවීණ මාධ්‍යවේදී එස්.පියසේන මහතා අද (05) අළුයම අභාවප්‍රාප්ත විය. 1940 වසරේ පුවත්පත් කලාවට සම්බන්ධ වූ ඔහු මිය යන තෙක්ම පුවත්පත් කලාව සහ ජනමාධ්‍යය සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර 1951 දී ලංකා ගුවන් විදුලි සේවයට බැඳුණු ඔහු 1964 වසරේ සිට ඉන්දියාවේ ආකාශ්වාහිනී ගුවන් විදුලියේ සිංහල අංශයේ ප්‍රධානියා ලෙස වසර 11 ක් කටයුතු කර ඇත.

    ඉංග්‍රීසි සිංහල ‍භාෂා දෙකම ව්‍යක්ත ලෙස හැසිරවිය හැකි ඒ මහතා පාර්ලිමේන්තු කතා පරිවර්තකයකු ලෙසද කලක් සේවය කොට තිබේ.

    දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ සමීපතම හිතවතෙකු වූ පියසේන මහතා 1978 ජනාධිපති ප්‍රවෘත්ති ලේකම් පදවියටත් 1983 ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් (මදුරාසි) ලෙසද සේවය කොට ඇත. එහිදී ඔහු මදුරාසියේ ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ කටයුතු වෙනුවෙන්ද වි‍ශිෂ්ඨ මෙහෙයක් කළ බව ප්‍රකට කරුණකි.

    අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

    [rns_reactions]

     

  • අනියම් යුවලගේ රහස් ප්‍රදේශ එකට ඇලිලා…(video)

    හෝටලයක් තුල ලිංගිකව එකතු වූ අනියම් පෙම්  යුවලකට අරුම පුදුම වැඩක් සිදු වෙලා. හැබැයි මේ සිදුවීම ලංකාවේ නම් නෙවේ. මෙය සිදුවී තිබෙන්නේ කෙන්නියාවේ.

    මොවුන් ලිංගිකව එක්වූ පසු ඔවුන්ගේ රහස් ප්‍රදේශ එකට ඇලී තිබෙනවා. අනතුරුව හෝටල් සේවකයන්ගෙන්  උදව් ඉල්ලා ඇති නමුත් ඔවුනටද කිසිදු දෙයක් කරගත නොහැකි වී තිබෙනවා. මේ නිසා කාන්තාවගේ මුහුණ අවරණය කර  කරත්තයක දමාගෙන නගරය මැදින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන ගොස් තිබෙනවා.

    මෙම සිදුවීමට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය කරගෙන නැහැ.

    නමුත් මෙම අනියම් සම්බන්දතාවය හසුකරගැනීම සඳහා මෙම අනියම් යුවලගේ  නිත්‍යානුකුල බිරිඳ හෝ ස්වාමිපුරුෂයා ඔවුන්ගේ රහස් ප්‍රදේශවලට  යොදන ලද රසායනික ද්‍රව්‍යක් නිසා මෙසේ එකට ඇලී ගියාද යන්න සැක මතුවී තිබෙනවා.

    රෝහලට රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝව….පහතින්

     

    [rns_reactions]

  • බංගලාදේශය පැරදවූ ශ්‍රී ලංකා පිලට දඩ…

    අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා.

    ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (04) පැවති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබාගැනීම හේතුවෙන්.

    ඒ අනුව නායක උපුල් තරංගට තරග මුදලින් සියයට 20 ක දඩ මුදලක් නියම කිරීමටයි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේ.

    ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට තරග මුදලින් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා.

    දෙරට අතර අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට (06) පැවැත්වීමට නියමිතයි.

    [rns_reactions]

  • සයිටමයේ තිබු අස්ථි කොටස් තාජුඞීන්ගේ නොවන බව තවුරුවෙයි.

    මාලඹේ සයිටම් ආයතනයේ තිබී රහස් පොලිසිය භාරයට ගෙන ඞී එන් ඒ පරීක්ෂණය සදහා යොමුකළ, ඝාතනයට ලක්වූ බව කියන රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ට අයත් යැයි සැක කෙරෙන අස්ථි කොටස් සහ කලවා කොටස් අතර තාජූඩීන්ගේ අස්ථි කොටස් අඩංගු නොවන බවට තහවුරු වී ඇතැයි රහස් පොලිසීය අද(05) අධිකරණයට දැනුම් දුන්නේය.

    බොරැල්ල ජින් ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා මේ බව දැන්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ වැඩබලන අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසාද් සිල්වා මහතාට දැනුම් දුන්නේය.

    මෙම සිද්ධියට අදාළවම සාක්ෂි වසන්කර කුමන්ත‍්‍රණය කළැයි සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසද නියෝග කෙරිණ.

    මෙම අස්ථි කොටස් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එහි උදෘත ඉකුත් පෙබරවාරි මස 5 වැනිදා නිතිපතිවරයා වෙත උපදෙස් පතා යොමුකර ඇතැයි ද රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

  • මෙවර සිංහල-හින්දු අවුරුදු නැකැත් දෝෂ සහිතද..?

    වසර 2017 සඳහා සකස් කරන ලද නැකත් පත්‍රයේ කිසිදු අඩුපාඩුවක් හෝ දෝෂයක් නොමැති බව පෙන්වා දෙන ජ්‍යෙතිෂවේදීන් එම නැකත් පත්‍රයට අනුව නව වසරේ කටයුතු ආරම්භ කරන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.නැකත් කමිටුවේ එක් සාමාජිකයෙකු කමිටුවේ සාමාජික වගකීම පැහැර හරිමින් නැකත් කමිටුවට දෝෂාරෝපනය කරමින් පුවත්පතකට යොමු කර ඇති ලිපියක් මගින් ජ්‍යොතිෂ කරුණු විකෘති කරමින් මහජනයා නොමග යැවීමට උත්සාහයක් ගෙන ඇතැයිද ඊයේ (04) සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

    ජනාධිපතිවරුන් ගණනාවක් පාලන සමයේ සිට පත් කර සිටින 31 දෙනෙකුගෙන් සමන්විත නැකත් කමිටුව සඳහා කිසිදු සාමාජිකයෙකු දේශපාලනයෙන් බඳවාගෙන නොමැති බවත් සාමූහික තීරණ වලට එකඟතාවක් නොමැති සාමාජිකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී සිතා බලන බවත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල මහත්මිය මෙහිදී පැවසුවාය.

    වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා කතා කරමින් මෙසේද කීය.

    නැකත් කමිටුව සකස් කරන නැකත් සම්බන්ධයෙන් තමා දන්නා තවත් ජ්‍යොතිෂවේදීන් කැඳවා වැඩිදුර තහවුරු කරගත් නව අවුරුදු නැකත් සඳහා කමිටු සාමාජිකයින් 31 දෙනා අත්සන් කර ඇති එම නැකත් පත්‍රයට අනුව මේ වන විට 2017 අවුරුදු නැකත් ක්‍රියාත්මකවෙලා පංචාංග ලිත පවා හදා අවසන්.

    ්‍යොතිෂවේදීන් මොනව කිව්වත් රටේ ජනතාව පංචාංග ලිත බලලයි වසර කොහොමද කියලා කටයුතු කරන්නේ.

    රටේ හාමුදුරුවරුන්,දේශපාලඥයින් මෙන්ම හැම ජන කොටසකම අදහස් වෙනස් අය සිටිය හැකියි. එකමුතු තීන්දුවක් අවශ්‍යයි. එකමුතුවෙලා වැඩ නොකලොත් ජ්‍යොතිෂයට අවනම්බුවක්.

    පැවැති පාලන සමයේදී ඇතැම් ජ්‍යෙතිෂවේදීන් පළ කළ අනාවැකි සමග අවසානයේ ඒ අය සොයාගන්නවත් බැරි තත්වයක් උදාවුණා.

    [rns_reactions]

  • තරගය අතරතුර පැමිණි මංගල යෝජනාවට රසල්ගේ පිළිතුර මෙන්න.

    පළමු විස්සයි විස්ස තරඟයේ උණුසුම මෙතෙක් පහව ගොස් නැත. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ඊයේ තරඟය අතරතුර සයිටම් විරෝධී පුවරු කිහිපයක් ප්‍ර‍ර්ශණය කිරීමය..මේ පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි වල දැඩි කතා බහක් ඇතිවෙමින් පවතී.

    මේ අතර ඊයේ තරඟයේදී වූ තවත් සිදුවීමක් පිළිබඳ සමාජ ජාලා වෙබ් අඩවි වල කතා බහක් ඇතිවිය.ඒ ඊයේ තරඟය නැරඹීමට පැමිණි තරුණියක් විස්තර විචාරක රසල් ආනල්ඩ්ට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරමින් පුවරුවක් ප්‍ර‍දර්ශණය කිරීම හේතුවෙනි.

    එහිදී සෙසු විචාරකයින් මෙන්ම රසල් ආනල්ඩ්ට සිනාමුසු මුහුණින් මීට ප්‍ර‍තිචාර දැක්වූ අතර තරඟයෙන් අනතුරුව සිය ටිව්ටර් ගිණුමට සිය පවුලේ ජායාරූපයක් එක්කරිමන් රසල් කියා තිබුණේ තවත් තරඟයකින් පසුව සිය පවුල සමග එක්ව කාලය ගත කිරීමට ලැබීම සතුටක් බවය.

    කෙසේ නමුත් රසල්ගේ මෙම ජායාරූපයට අදහස් ද දක්විමින් ඇතැමුන් විහිලුවට මෙන් විමසා සිටියේ තරුණියගේ යෝජනවා නිසා මෙම ජයාරූපය පළ කළේද යනුවෙනි.

    ‘රසල් පාස්වර්ඩ් සේරම වයිෆ් ළඟද‘ යැයි තවත් ට්විටර් පරිශීලකයෙකු රසල්ගෙන් විමසා තිබුණේ සැවොම සිනා සයුරේ ගිල්වමිනි.

    [rns_reactions]

  • කුසල්ගේ පිත්ත ක්‍රියාත්මක වු ඊයේ තරගයේ විශේෂ අවස්ථා මෙන්න……

    ඊයේ දින පැවතී ශ්‍රී ලංකා බංගලාදේශ විස්සයි විස්ස තරගයේ විශේෂ අවස්ථා………

    https://www.youtube.com/watch?time_continue=556&v=5vMDYmnK0R0

    [rns_reactions]

  • සිසුවියගෙන් අමුතු සැපක් හොයන්න ගියපු සිසුවා මාට්ටු..

    පාසැල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට ඒවා මුදා හරින බව පවසා කප්පම් ලබාගත් සිසුවෙකු කිරිබත්ගොඩ අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම සිසුවියගේ පෙම්වතා වන ඔහු දුරකථන මාර්ගයෙන් එම ඡායාරූප ගෙන්වා ගෙන ඇත්තේ නැතහොත් සම්බන්ධය අත්හැර දමන බවට තර්ජනය කරමින් බවයි වාර්තා වන්නේ.

    පසුව එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව තර්ජනය කරමින් පෙම්වතා රුපියල් 20000ක් ඉල්ලා ඇති නිසා සිසුවිය නිවසේ මව්පියන් සඟවා තිබූ මුදල් සොරකම් කර එය ලබා දී ඡායාරූප මකා දමන ලෙස ඉල්ලීමක් කර තිබෙන අතර එහෙත් දිගින් දිගටම පෙම්වතා මෙම සිසුවියගෙන් මුදල් ලබාගෙන ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් දැනගත් මවුපියන් පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    [rns_reactions]

  • තෙරුණිට පෙම් ගී ගයන්න ආරාධනා කලේ කවුද?

    “සිදු” ටෙලිනාට්‍යයේ තෙරුණි මේ දවස වල ජනප්‍රිය චරිතයක්. රංගනයට මෙන්ම  ගායනයටද  දක්ෂ ඇයත් සමග කල සොදුරු කතාබහකි මේ….

    අලුත් වැඩක් කළා කියලා ආරංචියි?

    ඔව් මම සිංදුවක් කළා. අවාරෙ අවාරෙ කියන සිංදුව කළේ පූර්ණ සචින්ත අයියත් එක්ක. ඒකේ lyrics කළේ ලසිත ජයනෙත්ති ආරච්චි අයියා. ඒ වගේම music කළේ දිල්ශාන් සිල්වා. දැන් සිංදුව රිලීස් කරලා තියෙන්නෙ.

    කාලෙකට පස්සේ කරපු ආදර ගීතයට ලොකු පබ්ලිසිටියක් ලැබිලා නේද?

    ඔව් මේක මගේ පළමු ආදර ගීතය නෙමෙයි. හැබැයි ලොකු Publicity එකක් දීලා release වුණ පළමු ගීතය මේක.

    පෙම් ගීතයට ආරාධනා කළේ කවුද?

    සිංදුව ලිව්ව ලසිත අයියා තමයි මට මේ ගීතය ගායනා කරන්න ආරාධනා කළේ.

    ලැබෙන ප්‍රතිචාර කොහොමද?

    හුඟක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා මම හිතුවේවත් නැහැ.

    වෙන අයත් එක්ක ගීත ගායනා කරන්නෙ තමන්ගෙම ගීතයක් කරන්න අදහසක් නැද්ද?

    ඒකටත් අදහසක් තියෙනවා. ඒකත් ඉදිරියට කල්පනා කරලා බලන්න ඕන.

    ගීත ගායනයට අමතරව දැන් මියුසික් වීඩියෝවලත් මනීෂා පේන්න අරගෙන?

    මෙහෙමයි. මම ලොකුවට music video කරලා නැහැ. එකකට හිටියා. කොහොම වුණත් තෝරලා බේරලා තමයි මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්නෙ.

    දැන් මනීෂාට මියුසික් වීඩියෝවලට ආරාධනා ගලාගෙන එනවලු නේද?

    ඔව්. වැඩිපුරම ආරාධනා ලැබෙන්නෙ මියුසික් වීඩියෝවලට තමයි. ඒකත් මම Select කරලා තමයි යන්නෙ.

    මනීෂා රංගනයෙන් සම්බන්ධ වෙන “සිඳු” නාට්‍යය ජනප්‍රියම නාට්‍ය බවට පත්වෙලා. ඒ ගැන සතුටක් ඇති?

    ඔව්. අනිවාර්යයෙන්ම ලොකු සතුටක් තියෙනවා. මම මුලින්ම වැඩ කළේ ජානක සර්ලත් එක්ක “වස්සාන සිහිනය” නාට්‍යයේ. ඒකටත් වඩා තැනක් තියෙනවා “සිඳු” නාට්‍යයට. ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම ලැබෙන්න ඕන දෙරණ ආයතනයට සහ ජානක සර් ඇතුළු සිඳු නාට්‍යයේ කණ්ඩායමටයි.

    අලුත් නිර්මාණවලට දායක වෙන්න ආරාධනා ලැබුණද?

    ආරාධනා නම් තියෙනවා. හැබැයි ටිකක් කල්පනා කරලා බලලා ඒවට සම්බන්ධ වෙන එක හොඳයි කියලා හිතුවා.

    මනීෂා සිඳු නාට්‍යයේ පෙනී හිටිය ගමන්ම ලොකු facebook ප්‍රතිචාරයක් ලැබුණා. දැන් ඒක අඩුවෙලා නේද?

    ජනප්‍රියත්වය කියන දේ හැමදාම පවතින දෙයක් නෙමෙයි. ඒ ගැන ඉතිං දුකක් නැහැ. කාලයකදී ඇතිවෙනවා කාලයකදී නැතිවෙනවා. ඒක තමයි හැටි.

    මනීෂා සීමා දාගෙන නේද ක්ෂේත්‍රයේ වැඩ කරන්නෙ. ඒවා ඔබ විසින්ම දාගත්ත සීමාද වෙන කවුරුහරි දාපු සීමාද?

    නෑ නෑ ඒවා මම විසින්ම හදාගත්ත සීමාවන්. වෙන කවුරුත් මට සීමා දාන්නේ නැහැ.

    මනීෂාගේ රූපය කවුරුවත් සිනමාවට ගළපන්න උත්සාහ කළේ නැද්ද?

    ආරාධනා ලැබුණා. ඒ දවස්වල මම අධ්‍යාපන කටයුතු කරමින් හිටියෙ. ඒ නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. මම ෆිල්ම්ස්වල පසුබිම් ගායනයට නම් එකතු වෙලා තියෙනවා. ඉදිරියේදී රංගනයට අවස්ථාවක් ලැබුණොත් හොඳ නිර්මාණයක් නම් සම්බන්ධ වෙනවා.

    ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

    [rns_reactions]

  • ත්‍රීරෝධ රියේ එකවර සිසුන් 16ක්… උත්සහය ලෝක වාර්තාවකටද? රියදුරුට උසාවියෙන් දඩ..

    කුරුණෑගල ප්‍රදේශයේ පාසල් දරුවන් 16 දෙනකු එකම ත්‍රීරෝද රියේ නංවා ගෙන අනාරක්‍ෂිත ලෙස ධාවනය කළ රියදුරකුට උසාවියෙන් දඩ නියම කර තිබෙන අතර අතිරේක මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක දඩයක්‌ නියම කර ඔහුට දැඩි ලෙස අවවාද කරනු ලැබුවා.

    අනාරක්‍ෂිත හා අමානුෂික හා පීඩාකාරී ලෙස කුඩා පාසල් සිසුන් 16 දෙනකු ත්‍රිරෝද රථයේ පටවාගෙන ධාවනයේ යෙදෙමින් සිටියදී වැල්ලව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර දරුවන් 16 දෙනකු එකම ත්‍රිරෝද රථයක පැටවූ බව දැනගැනීමෙන් පසුව විනිසුරුවරයා විමතිය පළ කළ අතර රිය පැදවූයේ කොහි සිටදැයි ප්‍රශ්න කර සිටියා.

    චූදිත රියදුරා උසාවියෙන් සමාව ඉල්ලා සිටි අතර ඉහත දඩ මුදල නියම කර නැවත එවැනි වරදකට අසුවුවහොත් සිර දඬුවම් නියම කර රියදුරු බලපත්‍රය ද අවලංගු කරන බව විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා.

    [rns_reactions]

  • රාජ්‍ය සේවා හෙද නිලධාරින්ගේ සංගමයේ වාර්ෂික සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

    අද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගැටලූවක් බවට පත්ව ඇති හෙද කාර්ය මණ්ඩලවල හිඟය පියවීම සඳහා දිවයින පුරා හෙද විද්‍යාල පුළුල් කරමින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමටත්, එම හෙද විද්‍යාල සඳහා වැඩි පිරිසක් බඳවා ගැනීමටත් ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහරගම තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේ පැවති රාජ්‍ය සේවා හෙද නිලධාරින්ගේ සංගමයේ වාර්ෂික සමුළුව අමතමිනි.

    නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේදී මතුව ඇති ප‍්‍රබල ගැටලුවක් බවට වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල හිඟය පත්ව ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉහළ යන භෞතික සම්පත් සංවර්ධනය සමග මානව සම්පත ද සංවර්ධනය විය යුතු බව කියා සිටියේය.

    නිදහස් සෞඛ්‍ය සේවාවේ ශක්තිමත් ප‍්‍රවාහයක් වූ හෙද සේවයට එදා පටන් මානව සමාජය තුළ ඇත්තේ මහත් ගෞරවයක් සහ පිළිගැනීමක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා දිනෙන් දින දියුණුවන නවීන තාක්ෂණය සමග ලබන දැනුම සහ අත්දැකීම් තුළින් මානව සමාජයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කිරීමට ක්ෂේත‍්‍රයේ සියලු දෙනා කටයුතු කරනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

    විශිෂ්ට සේවයක නිරත හෙද නිලධාරින් වෙනුවෙන් සම්මාන ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම යන මහත්වරුන් ද රාජ්‍ය සේවා හෙද සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා ඇතුළු සංගමය් නිලධාරින් සහ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සම්මේලනය අමතා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – (2017-04-04)

    රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව පැවැත්වෙන අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ප‍්‍රබලතම ශක්තිමත් ප‍්‍රවාහයක් වගේම ගුණාත්මක වඩාත් මානුෂීයවාදී මෙහෙවරක් සිදුකරන දෙ සේවයක යෙදී සිටින ඔබට මුළු මානව සමාජය තුළම ඇත්තේ ඉමහත් ගෞරවයක් සහ පිළිගැනීමක්ය. ඒ ගෞරවය සහ පිළිගැනීම හෙද සේවය වෙනුවෙන් අද ඊයේ ආරම්භ නොවුන බව ඔබ දන්නවා.

    මිනිසාගේ ආරම්භය පරිණාමය ඒ සියල්ල සමග වෛද්‍ය සේවය සෞඛ්‍ය සේවය වෛද්‍යවරයා හා හෙද සේවය මේ සියල්ල ගත්විට ඉතා පැරණි සේවාවන් මෙන්ම තවත් පැත්තකින් වෘත්තීමය සේවාවන් බව ඔබ දන්නවා. ලෝකය වේගයෙන් වෙනස් වන විට අධි තාක්ෂණය සමග සෞඛ්‍ය සේවාවේ නව සොයා ගැනීම්, පර්යේෂණ තොරතුරු සමග දිනෙන් දින වෙනස් වන සෞඛ්‍ය සේවාවට ඔබේ දැනුම බුද්ධිය සහ අත්දැකීම් සමග ඔබ අපේ රටේ ජනතාවට ලබා දෙන්නේ ඉතාමත් විශිෂ්ට සේවයක්.

    සෞඛ්‍ය සේවාවේ තිබෙන බොහෝ ප‍්‍රශ්න සහ ගැටලු වලදි අපි රටක් ලෙස මුහුණ දෙන ප‍්‍රශ්නයක් වන්නේ්, වෛද්‍යවරුන්ගේ හිඟය, හෙද සේවයේ හිඟය තවත් පැත්තකින් පරිපූරක වෛද්‍ය සේවාවේ හිඟය, අපේ නිදහස් සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක සහ සාර්ථක කිරීම ප‍්‍රබල ප‍්‍රශ්නයක් බවට පත්වී තිබෙන බව ඔබ දන්නවා. පසුගිය සතියේ හදිසියේම මම කාටවත් නොදන්වා ත‍්‍රිකුණාමල කින්නියා රෝහලට ගියා. පසුගිය දින වල ඇති වූ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයත් සමග කින්නියා ප‍්‍රදේශයේ ඇති වූ තත්ත්වයන් නිසා මම හදිසියේ ඒ ප‍්‍රදේශයට ගියේ. එම අවස්ථාවේදී වෛද්‍ය හෙදි සියලූ රෝහල් කාර්යය මණ්ඩල මට හුරුපුරුදු යෝජනා සහ ඉල්ලීම් ඉදිරිපත් කළා.

    සෞඛ්‍ය ඇමති කාලේත් මට ඒ ඉල්ලීම් හොඳට පුරුදුයි. රෝහලකට ගියාම වැඩියෙන්ම කියන්නේ හෙද නිලධාරීන් මදි කියලයි. කින්නියා රෝහලෙත් වෛද්‍යවරු ගැන කතාකළා. ඒ වගේම අවශ්‍ය භෞතික සම්පත් ගැන කතාකළා. ඒ වගේම හෙද නිලධාරීන්ගේ හිඟය ගැන දැඩි ලෙස කතාකළා. මම සියල්ලටම උත්තර දුන්නා. එහෙත් හෙද නිලධාරීන් ඉල්ලූ දෙයට මම පිළිතුරු දුන්නේ නැහැ. මම කිව්වා ඒ ගැන මම හොඳට දන්න නිසා ඒකට දැන්ම පිළිතුරක් දෙන්න බැහැ කියලා. අපේ රටේ වාර්ෂිකව විශ‍්‍රාම යන සංඛ්‍යාවත් වාර්ෂිකව විදේශගත වන සංඛ්‍යාවත් ගත්විට හෙද සේවයේ තිබෙන අඩුපාඩුව අද බරපතළ ප‍්‍රශ්නයක්. අපේ ගොඩනැගිලි වැඩිවෙනවා, නව යන්ත‍්‍රසූත‍්‍ර වැඩිවෙනවා. ඒ හා සමානව මානව සම්පත් සංවර්ධනයේ දැඩි හිඟයක් පවතින්නේ.

    ඒ නිසා අපි අපේ තිබෙන හෙද විද්‍යාල තවත් පුළුල් කිරීම, වැඩි පිරිස් බ`දවා ගැනීම, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම අත්‍යවශ්‍ය දෙයක් විදියටයි මම සලකන්නේ. ඒ නිසා අපිට ඔබේ වාර්ෂික සමුළුවේදී බොහෝ ප‍්‍රශ්න, කතා කළ යුතු දේවල් තිබෙනවා. නමුත් මම ඒවා කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාලය පිළිබඳ ප‍්‍රශ්නය නිසා. පසුගිය වසර කිහිපයේදීම ඔබේ වාර්ෂික සමුළුවට මා එක්වී තිබෙනවා. ඔබ සෑම කෙනෙක්ම මේ රටේ ජනතාව වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට ලබාදෙන විශිෂ්ට මෙහෙවර හා සේවාවන් මා ඉතාමත් අගය කරනවා. වෘත්තිය සමිති විදියට තිබෙන ගැටලු වලටත් අපි රජයක් විදියට දියහැකි විසදුම්, පිළිතුරු නිරවුල් කිරීම් සැමවිටම අපි ඉටුකරනවා.

    ඒ නිසා අද දවසේ සියලු දෙනාටම මම සුබපතනවා. සමන් රත්නප‍්‍රිය මහතා ඇතු`එ නිලධාරීන්ටත් මා සුබ පතනවා වෘත්තීය සේවාවේ ගුණාත්මක භාවය වැඩිකරමින් නිදහස් සෞඛ්‍ය සේවාව ගුණාත්මක කරන්න කරන කැපවීම මා අගය කරනවා. ඒ වගේම සියලු නිලධාරීන්ට මා සුබ පතනවා.

    ස්තූතියි.

    [rns_reactions]

  • හොර මුදල් නෝට්ටු තොගයක් මාට්ටු…

    කොළඹ පොලිස් විශේෂ ක්ෂේත්‍ර බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හොරණ වගවත්ත ප්‍රදේශයේ නිවෙසක් පෙරේදා 02දා වටලා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි 19 වියැති තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

    මීට පෙරද හොරණ පෝරුවදණ්ඩ පෙදෙසේ නිවෙසක් වටලා රුපියල් ලක්ෂ ගණනක පන්සීයේ සහ රුපියල් දාහේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් පොලිස් අත්අඩංගුවට ගත් බවද එම පොලිස් නිලධාරියා පැවැසීය.

    ඔහු සන්තකයේ තිබී රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 33ක් සහ රුපියල් 1000හේ ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් තිබී ඇත. සැකකරු සහ නඩු භාණ්ඩ හොරණ පොලිසියට භාර දුන් අතර මෙම වැටලීම පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් නෝට්ටු පරීක්ෂණ අංශය වෙත හොරණ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් දන්වා සිටියේය.

    සැකකරු හොරණ මහෙස්ත්‍රාත්වරයා වෙත බී වාර්තාවක් සමඟ ඉදිරිපත් කරන බව හොරණ පොලිස් නිලධාරියකු පැවැසීය. මීට මාස කිහිපයකට පෙරද හොරණ පෝරුවදණ්ඩ ගම්මානයේ නිවෙසක් වටලා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක තිබී රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමක් ඇති හොර මුදල් නෝට්ටු තොගයක් සහ සැකකරුවකු මුද්‍රණ උපකරණ සමඟ පොලිස් අත්අඩංගුවට ගත් බවද පොලිසියේ නිලධාරියා සඳහන් කළේය.

    [rns_reactions]

  • උග්‍රවන උප සංස්කෘතියට එරෙහිව පිලියමක් ලෙස ත්‍රිරෝද රථ ගෙන්වීම නතර කිරීමට යයි..!

    මේවනවිට ලංකාවට ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ත්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවී ඇති බැවින් ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතු බවට රජයේ අවධානය යොමු වී ඇති බව අපට වාර්තා වේ. දේශපාලඥයන් සිය පක්ෂ, පාට මෙන්ම මැතිවරණ ජයග්‍රහණ අමතකකර තිරසර සංවර්ධනය වෙනුවෙන් දැඩි දේශපාලන තීන්දු ගතයුතු කාලය එළඹ ඇති බවද රජයේ ස්ථාවරය වී ඇත.

    ත්‍රීරෝධ රථ නිසා උද්ගතව ඇති තත්වය පිලිබදව ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසන්න සෝලංගආරච්චි විසින් ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද වාර්තාවක් අධ්‍යයනය කිරීමෙන් පසුව රජය මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

    දුම්රිය භාවිතකරන මගීන් සංඛ්‍යාව 8% සිට 12% දක්වා වැඩිකරගැනීම රජයේ ඉලක්කය වී ඇති බවත්, ඒසඳහා සුවපහසු දුම්රිය පද්ධතියක් ඇතිකිරීමේ කටයුතු මේවනවිටත් ආරම්භකර ඇත.

    ලෝකයේ බොහෝ රටවල දුම් දමන කාර්,වෑන් වෙනුවට විදුලි වාහන ආදී පරිසර හිතකාමී වාහන භාවිතකිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා. ඒසඳහා ශ්‍රීලංකාව නැඹුරු කළ යුතුයි.

    දවසකට කන්ටේනර් 94 ක් ත්‍රිකුණාමලයේ සිට පුත්තලමට ගල්අඟුරු ගෙනාවා. මුළු පරිසරයම දූෂණය වුණා. මේගැන කල්පනා කරලා දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා එය නැවැත්තුවා. ඒවෙනුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රියක් ලබාදුන්නා. තිරසර සංවර්ධනයට මම එක දායකත්වයක් එලෙස ලබාදුන්නා. ඉන්ධන ප්‍රවාහනය දුම්රිය ඔස්සේ පමණක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මහා මාර්ග තදබදය අවම කිරීමට දුම්රියෙන් යන මගී සංඛ්‍යාව වන 8% තවදුරටත් 12% දක්වා වැඩිකරගැනීමේ ඉලක්කයක් තිබෙනවා. ඒසඳහා සුවපහසු දුම්රිය පද්ධතියක් සැකසීමේ වැඩකටයුතු අපි ආරම්භ කර තිබෙනවා.

    ලංකාවේ ත්‍රිරෝද රථ ප්‍රමාණය වැඩියි. ලංකාවේ ත්‍රීවිල් ප්‍රමාණය ඇති. ලංකාවට ත්‍රීවිල් ගෙන්වීම නවත්තන්නට අවශ්‍යයි. එවැනි දැඩි තීන්දු ගත්තෙ නැතිනම් තිරසර සංවර්ධනයකට යන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ සිදුවන අනතුරු ප්‍රමාණය දෙස බලා අපි දඩ මුදල් වැඩිකළොත් පාර්ලිමේන්තුව වටලන්නට එයි. මහපාරට බහියි. කෝච්චිපාරවල්වල කෝච්චි යන්න බැරිවිදියේ වැඩ කරයි. එවැනි තත්ත්වයක් තුළ වුණත් අපි නිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කරලා මේ සමාජය වඩා නීතිගරුක සමාජයක් නොකළොත් තිරසර සංවර්ධනය ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ.

    [rns_reactions]

  • රටටම ආදර්ශයක් – මාතලේ දිසාපති වාහනය බාරදී බස් රථයෙන් ගෙදර යයි…

    දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන ඇතුළු සියලු රාජකාරි කටයුතු අංශ ප්‍රධානීන් වෙත භාර දෙමින් සිය නිල වාහනය ද රථ වාහන අංශය වෙත භාර දී මාතලේ දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි වසර 33 ක රාජ්‍ය පරිපාලන සේවය නිමාකරමින් පසුගිය දා විශ්‍රාම ලබා ගත්තා.

    මේ අතර ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුව පා ගමනින් බස්‌ නැවතුම වෙත ගොස්‌ බස්‌රියක නැගී සිය නිවෙස බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

    ඩී. පී. ජී. කුමාරසිරි අනුරාධපුර හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ලෙස ද පසුගිය කාලයේ කටයුතු කරනු ලැබුවා.

    සිය විශ්‍රාම යැම නිමිතිකොට ගෙන ලේකම් කාර්යාලයේ පැවැති සුහද හමුවකට ද එක්‌වූ ඒ මහතා එහිදී ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන්ගේ හා නිලධාරීන් ගෙන් ලද සහාය අගේ කොට සඳහන් කරමින් ඉදිරියටත් අවංක හා නොබියව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටියේය.

    [rns_reactions]

  • ඉතිහාසය උඩු යටිකුරු කරමින් බංගලියන් පරදා සිංහයන් ජයගනී…..

    සත්කාරක  ශ්‍රී ලංකා පිල සහ  සහ බංග්ලාදේශ පිල අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් ලබාගත්තේය.
    පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 158 ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු  77 යි.

    [rns_reactions]

  • වෛද්‍ය විද්‍යාව උඩු යටි කරමින් ස්ත්‍රී ප්‍රජනක පද්දතිය චිප් එකක් මතට.

    මිනිසුන්ගේ හා මීයන්ගේ පටක යොදා ගනිමින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරී අනුරුවක් නිර්මානය කිරීමට හැකි වූ බව ඇමරිකානු විද්‍යාඥයින් පවසනවා. අත්ලක තරම් වූ ප්‍රමාණයෙන් යුතු මෙම නිර්මානයේ කිසිවක් ගර්භාෂය,පැලෝපීය නාලය හෝ ඩිම්බ කෝෂ ලෙස නොපෙනුනත් පරීක්ෂකයන් පවසන්නේ මෙම නිර්මානය මගින් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත අවයව වල හා පටක රෝගී තත්වයන් හදුනාගැනීමට මෙමගින් හැකි වනු ඇති බවයි. එලෙසම ප්‍රතිකාරක්‍රම අත්හදාබැලීමේ නව ක්‍රමයක් වශයෙන් මෙය යොදාගතහැකි බවත් මෙහි පරීක්ෂකයන් පවසනවා.

    සම්පූර්ණ මිනිස් ශරීරයම එක් චිපයක් මත ගොඩනැගීමට ගන්නා උත්සහයේ එක් අදියරයක් වශයෙන් මෙමනිර්මාණය පරීක්ෂකයන් විසින් හදුන්වාදෙනවා. එමනිසා මෙම නිර්මාණයේ අවසන් ඉලක්කය වන්නේ සියම් පුද්ගලයෙකුගේ සෛල යොදාගනිමින් එම පුද්ගලයාටම විශේෂිතවූ අනුරුවක් නිර්මාණය කර එමගින් ප්‍රතිකාර ක්‍රම,ඖෂධ හෙ ඒවා මගින් ඇති වන අතුරුබලපෑම් සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්වීමයි.

    ඔසප් චක්‍රය චිපයක් මත

    මෙම ත්‍රිමාන චිපය නිර්මානය වී ඇත්තේ කැට වැනි උපකරණ කිහිපයකින් වන අතර ඒ එක් එක් කැටයක් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ එක් එක් අවයවයන් නියෝජනය කරමින් එම අවයවයන්ගේ ජීවී සෛලද දරනවා. මෙම කැට එකිනෙක කුඩා බට වලින් සම්බන්ද වී ඇති අතර ඒ බට හරහා රුධිරයට සමාන තරලයක් ගමන් කරන බවයි පරික්ෂකයන් සදහන් කරන්නේ.
    එලෙසම සාමාන්‍යයෙන් දින 28ක් තුල සිදුවන ස්ත්‍රී ඔසප් චක්‍රයේදී සිරුරේ සිදුවන හෝමොන වෙනස්වීම්ද මෙම පද්ධතියේ සිදුවෙනවා. ඒ අනුව ස්‍ත්‍රී ශරීරයක් තුල සිදුවන හෝමෝන වෙනස්වීම් වලට මෙම චිපය සංවේදී බවයි මෙය නිර්මාණය කල විද්‍යාඥයින් පවසන්නේ. ඒ අනුව ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයන් මෙන්ම,දරුඵල අහිමි වීම,ගබ්සාවීම වැනි තත්වයන් කල්තියා හදුනාගෙන ඒවාට ප්‍රතිකාර කල හැකි බවයි ඔවුන් පවසන්නේ.
    ස්‍ත්‍රී ප්‍රජනක පද්ධතියට අදාල අවයවයන්ට අමතරව ඖෂධ වල පරිවෘතීය ක්‍රියාවලිය සිදුවන අක්මාවත් මෙම චිපයට එක්කර තිබෙනවා.

    [rns_reactions]