Tag: featured

  • ශ්‍රී ලංකාවේ අට දෙනකුගෙන් එක්‌ අයෙකුට මානසික රෝගයක්…..

    ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් අට දෙනකුගෙන්ම එක්‌ අයෙකු කුමන හෝ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මානසික සෞඛ්‍ය නිලධාරි සුවීන් තිරපති මහතා පැවැසීය.

    මෙම මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයගෙන් සියයට 60 ක්‌ ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවන අතර ප්‍රතිකාර ලබාගනුයේ සියයට 40 ක්‌ පමණකැයි වෛද්‍ය තිරපති කීවේය.

    මෙරට වැඩි වශයෙන් ම පැතිර පවතින මානසික රෝගී තත්ත්වය වනුයේ විශාදය හෙවත් ඩිප්‍රෙෂන් වන අතර වාර්ෂිකව 80,000 ක්‌ පමණ දෙනා මෙරට විශාදය රෝග තත්ත්වයට ගොදුරු වන බවත් දැනට මෙරට 800,000 කට අධික පිරිසක්‌ විශාදයෙන් පෙළෙන බව හෙතෙම සඳහන් කළේය.

    මෙරට ජනගහනයෙන් සියයට 2 ක්‌ දරුණු ඝනයේ විශාදය ඇතුළු උග්‍ර මානසික රෝගවලට ගොදුරු වී සිටින බව අනාවරණය වී තිබේ.

    විශාදය පුද්ගලයකු දුබල බවට පත් කරන ලොව ප්‍රධානතම හේතුව බව අනාවරණය වී ඇති අතර ඕනෑම වයසක අයෙකුට එය වැළඳීමේ හැකියාව පවතින බව (29 දා) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක්‌ අමතමින් වෛද්‍ය තිරපති කීවේය.

    ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය වශයෙන් ද විශාදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණයවී ඇති අතර, පිරිමින්ට වඩා වැඩි වශයෙන් කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වන බව වෛද්‍ය මතය වී තිබේ.

    විශාදය සැදුණු අයෙකුට මුල් අවස්‌ථාවේදී බෙහෙත්වලින් තොරව රෝගය සුවපත් කළ හැකි අතර, රෝගයටද ප්‍රතිකාර පමා වීමෙන් වර්ධනය වූ විට චර්යාත්මක ප්‍රතිකාර ඇතුළු මානසික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා දිය යුතු බව මානසික රෝග විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මෙහිදී කීවේය.

    රෝගය මුල් අවස්‌ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර කිරීම සෘන ආකල්ප ධනාත්මක ආකල්ප බවට පත් කිරීම, සිය හැඟීම් පවුලේ සාමාජිකයකුට සමීප මිතුරෙකුට පැවසීම, දිනපතා ව්‍යායාමයක නිරත වීම, ඵලදායී ක්‍රියාවක නිරත වීම හරහා ම විශාදය රෝගය සුපවත් කළ හැකි බව හෙතෙම සඳහන් කළේය.

  • එස්‌.එස්‌.සී. පිටිය තීරණාත්මක තරගය සදහා සුදානම්….

    ආසියාවේ සියලුම කණ්‌ඩායම්වලට එරෙහිව එක්‌දින තරගාවලි ජය ගෙන තිබුණද ශ්‍රී ලංකාවට එරෙහිව එම හපන්කම දැක්‌වීමට, නොනිමි ආශාවෙන් පෙළෙන බංග්ලාදේශය අද (01 දා) මෝඩයන්ගේ දිනයේදී ශ්‍රී ලංකාව සමග තීරණාත්මක තරගයකට පිවිසෙයි. දිවා තරගයක්‌ වන මෙය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතය.

    කාලගුණයේ බාධාවක්‌ හේතුවෙන් තරගය සේදී ගියද තරගාවලි ජය බංග්ලාදේශය සතුවන බැවින් ශ්‍රී ලංකාව අද පරස්‌සමින් බංග්ලාදේශය ‘මට්‌ටු’ කිරීමට සූදානම් විය යුතුය. ඊයේ බංග්ලාදේශ කණ්‌ඩායම එස්‌.එස්‌.සී. පිටියේ පුහුණුවීම් කළද ශ්‍රී ලංකා පිල පුහුණුවීම් කරනු ලැබුවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.

    වසර හයකට පසුව එස්‌.එස්‌.සී ක්‍රීඩාංගණයේදී එක්‌දින තරගයක්‌ පැවැත්වෙන අතර අවසන් වරට මෙහි එක්‌දින තරගයක්‌ පවත්වා ඇත්තේ 2011 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතරයි. කෙසේ වෙතත් බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහද එස්‌.එස්‌.සී. තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක්‌ බව හොඳින් දන්නා අයෙක්‌ වීම බංග්ලාදේශයට අතිරේක වාසියක්‌ බවට එය පත්ව තිබේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහද එස්‌.එස්‌.සී. තණතීරුව පිළිබඳව ඉතාමත් සුබවාදී අදහස්‌ ඊයේ (31 දා) පැවැති මාධ්‍ය හමුවේදී දැක්‌වීය.

    ”එස්‌.එස්‌.සී. තණතීරුව ඉතාමත් හොඳ තණතීරුවක්‌. පළමු පැය එකහමාර විතරක්‌ වේග පන්දු යවන්නන්ට සහයක්‌ ලැබෙනවා. නමුත් ඊට පස්‌සෙ පිතිකරුවන්ට බැට්‌ එකටම පන්දුව එනවා. අපි ගහන කාලෙ ඉඳලම එස්‌.එස්‌.සී තණතීරුව මේ වගේ.” යෑයි පැවසීය.

    ඒ අනූව අද තරගය ජය ගැනීමට නම් ලකුණු 300 ක්‌ වුවද ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව තිබේ. ශ්‍රී ලංකා සංයුතියේ වෙනසක්‌ මෙහිදී දක්‌නට නොලැබෙන බව අසංක ගුරුසිංහ තවදුරටත් පැවසීය.

    ”අපේ කණ්‌ඩායමේ වෙනසක්‌ නැහැ. මොකද දඹුල්ලේදී ගහපු එකොළොස්‌ දෙනා සහ අතිරේක හිටපු සීක්‌කුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයන්ගෙන් තමයි මේ තරගයේදීත් අපි ක්‍රීඩා කරන්න සැලසුම් කරල තියෙන්නෙ. තවම අවසන් 11 කියන්න බැහැ. ඒක හැම දෙනාත් එක්‌කම කතා කරල ගන්න ඕන තීරණයක්‌.”

    ශ්‍රී ලංකාව මේ වන විට පිට පිටම එක්‌දින තරග හයක්‌ පරාජය වී තිබේ., ”ඔව් පරදින කොට පීඩනය වැඩියි. අපි ගහන කාලේ පැරදුනහම පත්තරෙනුයි රූපවාහිනියෙනුයි විතරයි විවේචන එල්ල වෙන්නෙ. දැන් ෙµaස්‌a බුක්‌ සහ එක එක වෙබ් අඩවි වලිනුත් විවේචන එල්ල වෙනවා. කොහොම වුණත් මම ක්‍රීඩකයන්ට කියල තියෙනවා මේ දේවල් ඔයාල බලාපොරොත්තු වෙන්න ඕන ඒකට හැඩගැහෙන්න ඕන කියලා. මොකද හොඳට කරන කොට හොඳ වගේම නරකට කරන කොට නරක අහන්න වෙනවා. නමුත් අපේ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනා හොඳින් පුහුණුවීම් කරල හොඳ මානසිකත්වයකින් ඉන්නවා.” යෑයි ගුරුසිංහ පැවසීය.

    ශ්‍රී ලංකාව එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී තරග වැදුන අවස්‌ථා 32 කදී ජයග්‍රහණ 22 ක්‌ ලබද්දී පරාජයන් 11 ක්‌ ලබා තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ප්‍රතිශතය 66.66% ක්‌ ලෙස සටහන් වේ. බංග්ලාදේශයද මෙහිදී තරග වැදුන අවස්‌ථා 10 න් නවයක්‌ම පරාජයට පත්ව තිබේ. නමුත් ඔවුන් 2004 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී මෙම ක්‍රීඩාංගණයේදි හොංකොං පිල පරාජය කිරීමට සමත්ව ඇත.

    අද තරගය බංග්ලාදේශය ජය ගතහොත් ඔවුන් එක්‌දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 95 දක්‌වා ඉහළ නංවා ගන්නා අතර ශ්‍රී ලංකාව පරාජය වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 96 දක්‌වා පල්ලම් බසී. එහෙත් ශ්‍රී ලංකාවට හයවැනි තැන සහ බංග්ලාදේශයට හත්වැනි තැන ස්‌ථිරව තිබේ.

  • රෝම සම්මුතියට ලංකාව නෑ – රජයෙන් දැඩි තීන්දුවක්……

    රෝම සම්මුතිය අත්සන් කිරීම ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර ඇති බව අපට වාර්තා වේ.  එයට අත්සන් කළහොත් ශ්‍රී ලංකාව යුද අපරාධ චෝදනා උගුලට හසුවීමේ දැඩි අවදානමක්‌ පවතියි.

    ස්‌විට්‌සර්ලන්තය, එස්‌ටෝනියාව යන රටවල් ශ්‍රී ලංකාව රෝම සම්මුතිය අත්සන් කළ යුතු යෑයි ඉල්ලා තිබිණු අතර එසේම ද්‍රවිඩ දේශපාලනඥයන් ද ශ්‍රී ලංකාව රෝම සම්මුතිය නමැති උගුලට අසු කිරීමට උත්සාහ කර ඇත.

    ශ්‍රී ලංකා රජය රෝම සම්මුතියට අත්සන් නොකරන බව රජය මානව හිමිකම් කවුන්සිලයට දන්වා තිබේ.

  • ගව ඝාතකයන්ට ජිවිතාන්තය දක්වා සිර දඩුවම්……….

    ගව ඝාතනයට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදීමේ නීතියක් ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්ත මන්ත‍්‍රී මණ්ඩලය සම්මත කර තිබෙනවා. ඒ අනුව එම නීතිය අද(01) සිට ක‍්‍රියාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඊට අනුව ගව ඝාතනය ඇප ලබානොදෙන වරදක් ලෙස ද ප‍්‍රකාශයට පත්කෙරෙනවා.

    ගුජරාට් ප‍්‍රාන්තයේ දැනට පවතින සත්ව ආරක්ෂණ පනතට සංශෝධනයක් ලෙසයි මෙම නව නීතිය ඇතුලත් කර ඇත්තේ. යම් අයෙකු ගවමස් ප‍්‍රවාහනය කිරීමේ වරදට හසුවුවහොත් වසර 10ක සිර දඩුවම් නියම කිරීමේ හැකියාව ද මෙම නීතිය යටතේ පවතිනවා.

    ප‍්‍රාන්තයේ ජනතාව සමග සාකච්ඡා කර නීතිය ගෙන ආ බවයි ප‍්‍රාන්ත අමාත්‍ය ප‍්‍රදීප් සිං ජඩේජා මාධ්‍ය හමුවේ සදහන් කර තිබෙන්නේ.

  • තරුණියන්ට නවාතැන් දුන්නේ මහින්දගේ උපදෙස් මත – නාමල් සියල්ල හෙළිකරයි…..

    නිල් බළකායේ තරුණියන්ට  පුහුණුවීම් ලබාදීමට නේවාසික පහසුකම් ලබාදුන්නේ හිටපු ජනපතිගේ උපදෙස් මත බව පුද්ගලික හෝටල් වලට නේවාසික පහසුකම් සදහා රුපියල් මිලියන ගණනක්‌ මුදල් ගෙවූ ආකාරය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂගෙන් ඊයේ (31 වැනිදා) පැයක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

    මෙහිදී ප්‍රකාශයක්‌ ලබාදෙමින් නාමල් රාජපක්‌ෂ මහතා පවසා ඇත්තේ එවකට හිටපු ජනපතිගේ උපදෙස් මත නිල් බළකායේ  තරුණියන්ට  පුහුණුවීම් සමය තුල අදාළ නේවාසික පහසුකම්  ලබාදුන් බවයි.

    නිල් බළකාය විසින් මෙම මුදල් ගෙවා දැමුවේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපති කොමිසම පරීක්‍ෂණ ආරම්භ කළ අතර ඒ අනුව නිල් බළකායේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නාමල් රාජපක්‌ෂ මහතාගෙන් මෙසේ ප්‍රකාශ ලබාගෙන තිබේ.

  • ඉත්තෑවෙකු කන්න ගියපු සර්පයෙකුට වෙච්ච දේ මෙන්න.. (VIDEO)

    ඉත්තෑවෙකු ගොදුරු කරගැනීමට ගිය බ්‍රසීලයෙන්. සර්පයෙකුට සිදූවූ ඇබැද්දියක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනෙකු මෙම වීඩියෝව නරඹා තිබුණු බව සදහන්.

  • ඉතිහාසය වෙනස් කරමින් නව මාදිලියේ සාක්ෂියක් කරලියට……

    එංගලන්තයේ යෝක්ෂර් ප්‍රාන්තයේ ගොඩනැගිල්ලක් ආශ්‍රිත කැණීම් භූමියකින් අශ්වයින් දෙදෙනෙකුගේ ඇටසැකිලි සමග අශ්ව රියක නටබුන් සොයාගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසික් සමත්වී තිබේ.

    මෙය වසර 2500ක් පමණ පැරණි අැතැයි පුරා විද්‍යාඥයෝ පවසන අතර එමෙන්ම මෙම විශ්මිත සොයාගැනීම මගින් යකඩ යුගය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සොයාගැනිමට ඉවහල් වනු ඇති බවත් ඔවුන් පවසා තිබේ.

  • ජීවිතයත් මරණයත් සටනක නියැලෙමින් මී කඩන නේපාල පාරම්පරික මී දඩයම්කරුවන්ගේ කදුළු කතාව…

    ඔබ මේ දකින්නේ  මේ නේපාලයේ පාරම්පරික මී වද දඩයම්කරුවන්ගේ විශ්මිත ඡායාරූප එකතුවක් වන අතර ඔවුන් සෑම වසරකම දෙවතාවක් නේපාල කඳු ආශ්‍රීත ප්‍රදේශ වෙත ගොස් මී වද කඩති.

    ඔවුන් මේ සඳහා භාවිත කරන්නේ සිය ආදි මුතු මිත්තන් මී වද කැඩීම සඳහා භාවිත කළ, අතින් වියන ලද ලණු ඉනිමං,දිගු උණ බට වැනි මෙවලම් වන අතර අඩි සිය ගණනක් ඉහළ ලණු ඉනිමගක එල්ලී, කඩන මී වදය යටින් විශාල කූඩයක් එල්ලා, දිගු උණ බටයකින් මීවද කඩන අයුරු සැබැවින්ම ඉතා ත්‍රාසජනක ක්‍රියාවක් බව මේ ඡායාරූප නරඹන ඔබට පැහැදිලි වනු ඇත.

    නේපාලයේ වෙසෙන හිමලයානු මී මැස්සා ලොව විශාලතම මී මැස්සා බවද කියැවෙයි.ට ඔවුන් ප්‍රමාණයෙන් සෙන්ටි මීටර 3ක් පමණ විශාලය.

     

  • තම ජීවිතයට වඩා O/L වටින නිසා මාරයා තුරුලට ගිය දරුවෝ…

    අ.පො.ස. (සාපෙළ) ප්‍රතිඵලත් ආවා. ඇතැම් සිසුන් සතුටු කඳුළු හෙළුවා. තවත් අය දුකට ඇඬුවා. ඒ දෙකම කරගන්න බැරි පස් හය දෙනෙක් දිවි නහගන්න උත්සාහ ගත්තා. දෙන්නෙක් දිවි නහගත්තා. මේ ගැන දැනගත් බොහෝ දෙනා දරුවන්ටත්, මවුපියන්ටත් පොදුවේ  කියන්න ගත්තා. කරුණු කාරණා කොහොම වුණත් සෑම වසරකම නිකුත් වන මෙවැනි විභාග ප්‍රතිඵලවලදී ඔය වගේ සිදුවීම් සිදුවෙනවා. මේ පළමු අවස්ථාව නම් නොවෙයි.
    කහතුඩුව පොලිස් වසමේ කිරිවත්තුඩුව, කිතුලවිල පාරෙහි පදිංචි චලනි ලක්ෂානි එලෙස දිවි නසාගත් සිසුවියක්. 28දා රාත්‍රියේ ඇය ගෙල වැලලාගෙන දිවි හානි කරගත්තේ නිවෙස පිටුපස තිබූ ඇඹරැල්ලා ගසක අත්තක එල්ලිලා. හේතුව ගණිතය විෂය අසමත් වීම. හෝමාගම ප්‍රදේශයේ පාසලක 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චලනිගේ වයස අවුරුදු 17යි.

    ඇය කලින් වසරේදීත් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂයට පෙනී සිටියා. එහිදී ඇයට හිමිවුණේ සාමාන්‍ය සාමාර්ථයක්. ඒ හේතුව නිසාම චලනිට උසස් පෙළට වාණිජ විෂය ධාරාවන් හැදෑරීමට තිබූ ඉඩ ප්‍රස්තාව වැළකී ගියා. මේ නිසා ඇය දැඩි සිත් තැවුලකින් සිටි බවයි ආරංචි.

    චලනි ප්‍රථම වතාවට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී තිබෙන්නේ 2015දී. එදා ලද ප්‍රතිඵල අනුව ඇය කලා විෂය ධාරාවෙන් කලක් උසස් පෙළ හදාරා ඇති අතර එය ඇගේ සිහිනය නොවන බව වැටහීමත් සමඟ පාසල් බලධාරීන්ට ඇය පොරොන්දුවක් දුන්නා. ගණිතය විෂයට සාමාර්ථයක් හෝ ඊට වැඩි ප්‍රතිඵලයක් ලබාදෙන බවට අදාළ නිලධාරීන්ට පොරොන්දු වී ඇය වාණිජ විෂය ධාරාව හැදෑරීමට යොමු වුණේ කෙසේ හෝ පොරොන්දුව ඉටු කරනවාය යන අදිටන පෙරදැරි කරගනිමින්. ඒ අනුවයි චලනි 2016 දී ගණිතය විෂය විභාගයට මුහුණ දුන්නේ.

    අපේක්ෂා භංගත්වය එහෙමත් නැතිනම් බලාපොරොත්තු කඩවීම ඇයට දරාගත නොහැකි වුණා. ඉන් මිදීමට ඇය තෝරා ගත් එකම මාර්ගය මෙලොවින් යෑම පමණයි. වැඩිහිටියකුගේ උපදෙසක්වත්, යාළු මිත්‍රයකුගේ අදහසක්වත් ඇසීම නොඉවසූ අෑ නොඑන ගමන් ගියා.
    අනෙක් ඛේදජනක පුවත අපට අහන්න ලැබෙන්නේ අනුරාධපුරයෙන්. ඒ 29දා. අවුරුදු 18ක් වයසැති චමෝද් ලලන්තගේ පදිංචිය අනුරාධපුරයේ වුවත් ඔහු දුම්රියට බිලි වූයේ ජාඇළ කණුවන දුම්රිය මංසන්ධිය ආසන්නයේදී. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට දැකගත හැකි වූයේ තුවාල සහිතව මියගොස් සිටි චමෝද්වයි.

    චමෝද්ට අයත් යැයි සැක කරන ජංගම දුරකතනයක්, මුදල් සහිත පසුම්බියක්, කර බෑගයක් හා ජාතික හැඳුනුම්පතද පොලිසියට සොයාගත හැකි වුණා. අදාළ ජංගම දුරකතන සිම්පත ඔස්සේ චමෝද්ගේ මිතුරකුට ලබා දුන් ඇමතුමින් දැනගත හැකිවූයේ චමෝද් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් වීම නිසා සිත්තැවුලෙන් සිටි බවයි. එසේ නම් චමෝද්ගේ දිවි නසා ගැනීමට එකම හේතුව එය වනු ඇති බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

    දුම්රිය මාර්ගයේ පීල්ලක් අසල සිසුවා මියගොස් සිටියත් අනතුරක් සිදුවීමේදී දුම්රිය එම ස්ථානයේ නැවැත්වීම සම්ප්‍රදාය වුවත් කිසිදු දුම්රියක් එම ස්ථානයේ නතර කර තිබී නැහැ.
    එමෙන්ම අනතුර සිදුවූ ස්ථානය අසල පදිංචි කාන්තාවක්ද චමෝද්ගේ මරණය පිළිබඳ කතා කළා. පාන්දර 3ට පමණ මාළු රැගෙන ඒමට තමන් යමින් සිටියදී මියගිය චමෝද් දුම්රිය හරස් මාර්ගය අසල රැඳී සිටින අයුරු දුටු බව ඇය පවසනවා. ඒ මොහොතේදී චමෝද් කිසිවකු හා දුරකතනය ඔස්සේ කතා කරමින් සිටි බවත් තමන්ට ඇසුණු බවයි එම කාන්තාව කියන්නේ.

    මීට අමතරව ගණිතය අසමත් වූ ගම්පොළ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුවියන් තිදෙනකු අධික ලෙස ඔෟෂධ භාවිත කිරීමෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කළ ආරංචිය ආවෙත් මේ අතරෙමයි. එක් සිසුවියක් පැනඩෝල් පෙති 40ක් පමණ බී ඇති බවත් තවත් සිසුවියක් ඉන්හෙලර් සඳහා භාවිත කරන ඔෟෂධ කරල් අධික ලෙස පානය කර ඇති බවත් වාර්තා වෙනවා. විභාගය අසමත් වීම තමන්ට දරාගත නොහැකි වීම නිසා දිවි නසා ගැනීමේ අරමුණින් මෙලෙස ඔෟෂධ පානය කළ බවයි මෙම සිසුවියන් පවසා තිබුණේ.
    මේ සියලු කතා ඇතුළේ හිතන්න දේ ගොඩයි. දරුවන් මේ තරම් අපේක්ෂා භංගත්වයට පත්වන්නේ ඇයි? සියලු ගැටලුවලට විසඳුම දිවි නසා ගැනීම බව හිතන්නේ ඇයි? මේ තත්ත්වයෙන් අපි මිදෙන්න නම් මවුපියන්ගේ පැත්තෙන් ඇත්තේ සුළුපටු වගකීමක් නම් නොවෙයි. තමන්ගේ දරුවා සිටින්නේ කුමන මානසික තත්ත්වයකද යන දැනීම සෑම අම්මෙක් තාත්තෙක්ටම අවශ්‍යම දෙයක්. සමාජය තුළින් තම දරුවා තෙරපීමකට ලක්වන ඕනෑම අවස්ථාවක සහනදායී මානසික වටපිටාවක් දරුවා තුළ ඇති කිරීමට අම්මාට හෝ තාත්තාට හැර වෙන කිසිවකුටත් කළ නොහැකියි. ආදරණීය අම්මේ, තාත්තේ, හිතන්න. තවත් වරක් හිතන්න. ඒ පසුපස දරුවන් හඹා නොයවන්න. ඔහුට හෝ ඇයට තම ශක්ති පමණින් පමණක් නැඟී සිටින්නට ඉඩ හරින්න.

    චාමිණී ගම්මන්පිල
    ඒකල – ප්‍රසංග පාවුළුහේවා
    කොළඹ – එම්.සී. පෙරේරා

  • ඒකාබද්ධය තිගැස්සෙයි. මැයි රැලියට ගෝල්ෆේස් පිටිය ලබාදෙයි!

    ඒකාබද්ධ විපක්ෂයේ මේ දින වල ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ තම මැයි රැලියට ගෝල්ෆේස් පිට්ටනිය ලබානොදීම පිළිබඳවයි.

    එම හේතුවෙන්ඒ කාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලිය පැවැත්වීම සඳහා ගෝල්ෆේස්‌ පිටිය ලබාදීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස්‌ ලබාදී ඇත.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති එම මැයි රැලිය සඳහා අවශ්‍ය අනෙකුත් සියලු පහසුකම් සපයන ලෙස ද අගමැතිවරයා උපදෙස්‌ දුන් බව සඳහන් වේ.

    ඒකාබද්ධ විපක්‍ෂයට මුළු ගෝල්ෆේස්‌ පිටියම අවශ්‍ය වන්නේ නම් එයද, ඊට අමතරව, ආරක්‍ෂාව, පානීය ජලය, ජංගම වැසිකිළි පහසුකම් ද ලබා දෙන්නැයි ද අගමැතිවරයා උපදෙස්‌ දී තිබේ.

    එම පිටිය අවට මාර්ග වසා දමමින් හෝ කිසිදු බාධාවකින් තොරව ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ද ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ට ආරක්‍ෂාව සඳහා ඉල්ලා සිටින පරිදි පොලිස්‌ ආරක්‍ෂාව ලබා දෙන ලෙස ද අගමැති වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට උපදෙස්‌ දී ඇත.

    මැයි රැලිය ගෝල්ෆේස්‌ පිටියේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ඉහළ පෙළේ පොලිස්‌ නිලධාරීන් පිරිසකට ඒකාබද්ධ විපක්‍ෂ නායකයන් හමුවන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස්‌ දී තිබේ.

  • මැතිව්ස් ලෝකයෙන්ම පළමු තැනට – චන්දිමාල් සහ කපුගෙදරත් ලැයිස්තුවට…..

    ජාත්‍යන්තර  විස්සයි විස්ස තරඟවල කිසිදු ලකුණක් නොලබා දැවී නොගිය ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ පළමු තැන ශ්‍රීලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබෙන බව අපට වාර්තා වන අතර 2009- 2017 කාල පරිච්ඡේදය තුළ විස්සයි තරඟය ක්‍රීඩා කළ තරඟ54කදී ඇන්ජලෝ මැතිව්ස් කිසිදු ලකුණක් නොලබා දැවී ගොස් නැත.

    මේ අතර මෙහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් බටහිර කොදෙව්හි මාර්ලන් සැමුවෙල්ස්ට හා සිම්බාබ්වේහි හැමිල්ටන් මසකස්සාට හිමිව තිබෙන අතර ශ්‍රී ලංකා කන්ඩායමේ දිනේෂ් චන්දිමාල්ට හා චාමර කපුගෙදරට මෙහි පස්වන හා හත්වන ස්ථාන ලැබී ඇති අතර ඔවුන් දෙදෙනා පිළීවෙලින් තරඟ 42ක් 37ක් ලකුණු 0ට නොදැවෙමින් ක්‍රීඩා කොට ඇත.

  • මියෙන්නට පෙර මොහොතක් ජීවත් වන්න – සාරංග උමාලිට කියයි…..

    ආන්දෝලනාත්ම දේපලක් වන සාරංග සහ උමාලිගේ විවාහ ජීවිතය ගැන  වැඩි වශයෙන් සමාජයේ කතා බහක් ඇති කාලෙක සාරංග FB හි සටහනක්  තබා තිබෙනවා.

    උමාලි රංගනයෙන් සහ ගායනයෙන් දායක වන ‘ඔබේ ආදරය’ සංගීත රූප රචනය අන්තර්ජාලයට මුදා හැරුණු  අතර සාරංග එම වීඩියෝව සිය ෆේස්බුක් ගිණුමට හුවමාරු කරමින් ‘මියෙන්නට පෙර මොහොතක්වත් ජීවත්වෙන්න…’ යනුවෙන් වූ ගීතයේම කොටසකුයි  මෙලෙස  සටහනක් ලෙස යොදාඇත්තේ.

  • ජනපති නායකත්වය යටතේ සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර – ඇමති රාජිත

    දකුණ සහ  උතුරු පළාත ඇතුළු සියලු පලාත්වල සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    උතුරු පළාතේ පවතින සෞඛ්‍ය ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන 02දා සහ 03දා එම පළාත තුළ නිරීක්ෂණ සංචාරයක නිරතවීමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළ අතර වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය, මාමඩුව වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ මන්නාරම රෝහලේ වෛද්‍ය  නිල නිවාස  සංකීර්ණය  විවෘත කිරීම ද එහිදී රාජිත සේනාරත්න මහතා අතින් සිදු කිරීමට නියමිතය.
     
    මන්නාරම, යාපනය, කිලිනොච්චි, හා මුලතිව් යන දිස්ත්‍රික්කවල පවතින සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන්  රාජිත සේනාරත්න අමාත්‍යවරයා අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
  • ‘තිරසර ලංකා’ ජාතික මංගල්‍යයේ සමාරම්භය ජනපති ප‍්‍රධානත්වයෙන්….

    දේශපාලන බලාධිකාරය ලෙස අප කළ යුත්තේ විවේචන සහ චෝදනාවලට පිළිතුරු බදිමින් ඒවා පසුපස යාම නොව රටේ සහ ජාතියේ අනාගතය සදහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීම බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ,තිරසර ලංකා, ජාතික මංගල්‍යයේ සමාරම්භක උත්සවයට  පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක්වෙමිනි.

    ස්වඋත්සාහයෙන් නැගී සිටීම සංවර්ධනයේ මූලික පදනම බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ලෝකයේ සෑම රටක්ම අද සංවර්ධන ඉලක්ක කරා ගමන් කර ඇත්තේ ස්ව උත්සාහයෙන් සහ ස්වඅභිමානයෙන් කටයුතු කිරීම තුළින් බවද කියා සිටියේය.අපටද රටක් ලෙස ද නැගී සිටීමට ආකල්පමය වෙනසක් අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා තිරසර සංවර්ධන ඉලක්ක සහ සහස‍්‍ර සංවර්ධන ඉලක්ක සපුරාගත් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස අප ඉදිරියට යා යුතු බව ද කියා සිටියේය.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව කි‍්‍රයාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තිරසර සංවර්ධනය සදහා ප‍්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව ,තිරසර ලංකා, ජාතික මංගල්‍යය අද (31) සිට අපේ‍්‍රල් 04 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්වේ.

    2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබද මහා සමුළුවේදී ප‍්‍රකාශයට පත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක ආමන්ත‍්‍රණය කෙරෙන දුප්පත්කම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාවන්ට සැලකීම, ජලය, බලශක්තිය, රැුකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගර, ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙළක් සැකසීම යන ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි තිරසර ලංකා ජාතික මංගල්‍යය පැවැත් වේ. එක් එක් අමාත්‍යාංශ සහ විවිධ ආයතන විසින් ඉහත සදහන් ඉලක්ක සදහා වන සිය කි‍්‍රයාවලිය විදහා දැක්වෙන ආකාරයට ප‍්‍රදර්ශන කුටි සකසා තිබේ. එම ප‍්‍රදර්ශන කුටි ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    ‘තිරසර සංවර්ධන ඉලක්ක එක්ව ජය ගමු’ යන උපදේශනාත්මක කෘතිය කෘෂි පර්යේෂණ නිළධාරින් වෙත පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.’දැන ගොවිතැන’ තොරතුරු පත‍්‍රිකාව ද ගොවි සංවිධාන නියෝජිතයින් වෙත පිළිගැන්විණි.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියමයට අනුව කාබනික පොහොර නිෂ්පාදනය කළ ආයතන වෙනුවෙන් සහතික පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ‘වස විස ත‍්‍රස්තවාදයට එරෙහිව දියත්කළ ගෝකන්න විල්පවයේ’ ජයග‍්‍රහණය පිළිබද සංදේශය ද ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ පි‍්‍රයන්ත පතිරණ මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. එමෙන්ම තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහිකිරීම සහ ගොවිපොළ යාන්තී‍්‍රකරණය අරමුණු කර ගනිමින් ගොයම්පැළ සිටුවීමේ යන්ත‍්‍ර 210 ක් හා ස්වයංකී‍්‍රය වල්නෙළන යන්ත‍්‍ර 1000 ක් බෙදාදීම සංකේතවත් කරමින් එම යන්ත‍්‍රවලට අදාළ ලියකියවිලි භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

  • තාජුදීන් ඝාතකයෝ සිරුරේ අස්ථි කොටස් අතුරුදහන් කරලා – ප්‍රභූ පුතෙක් කරලියට….

    ආන්දෝලනාත්මක වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණය පිණිස වැදගත් අස්ථි කොටස් කිහිපයක් මළ සිරුරෙන් අතුරුදන්ව තිබුණු බව රජයේ නීතිවේදියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය.

    ඝාතනයට අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා, සිය සේවාදායකයා වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින බවට චෝදනා කළේය.

    එය අසාධාරණයක් බැවින් පරීක්ෂණ අවසන් වන දිනය රජය අධිකරණයට දැනුම්දිය යුතු යයි ද නීතිවේදියා පැවසීය.එම ප්‍රකාශයට විරෝධය පළ කළ රජයේ නීතිවේදියා කියා සිටියේ, වෙනත් අපරාධ නඩුවලට වඩා මෙය සංකීර්ණ පරීක්ෂණයක් බවය.තාජුදීන්ගේ මළ සිරුරේ තුවාල ලැබූ, පරීක්ෂණ සඳහා වැදගත් අස්ථි කොටස් කිහිපයක්ම අතුරුදන්ව තිබූ බව සිරුර ගොඩගෙන පරීක්ෂණ සිදු කළ අවස්ථාවේ හෙළි වූ බවත් රජයේ නීතිවේදියා පැවසීය.

    මෙය සැකකටයුතු තත්වයක් බව පෙන්වාදුන් ඔහු, මෙය සාක්ෂි වසන් කළ නඩුවක් බැවින් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වෙන බව අධිකරණයට දැනුම් දුන්නේය. එබැවින් පරීක්ෂණ කටයුතු අවසාන කිරීම සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය බව ද ඔහු පැවසීය.

    මේ අතර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසිය, තාජුදීන් ඝාතනය සිදු වූ වකවානුවේ ජනාධිපති ආරක්ෂක අංශයේ පැවති දුරකථන අංක කිහිපයක් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව දැනුම් දුන්නේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 05 වෙනි දින ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළ අතර එතෙක් සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

  • අපේ රටේ හොරුන්ටත් මේ වගේ දඩුවම් දුන්නොත්?..(video)

     හොරකම් කරන පල් හොරුන්ට මේ වගේ දඩුවම් දෙන්නම ඕනේ. පිටතින් බලන අපිට නම් තරමක් දුරට සාහසිකයි වගේ පේන්නේ. අපේ රටේ පල් හොරුන්ට මේ වගේ දඩුවම් දුන්නොත් මොනවා වෙයිද?

    මේ අප්‍රිකාවේ දුෂ්කර ගමක සිදුවුණු සිදුවීමක්.  සොරකමකට චෝදනා ලද පුද්ගලයෙකුව අල්ලා ගන්නා ගම්වාසීන් පිරිසක් ඔහුට බලකරනවා මිනී වලක් හාරන්න කියල.

    ඔහුට ඉන්පස්සේ මේ වලට බහින්න කියල ඔහුගේ සිරුරෙන් කොටසක් වලදමනවා.

    ඉන් පස්සේ ඔහුට පහර දෙනවා.

    ඒ වගේම ඔහුව ගිනි තබා මරන්න උත්සහයකුත් ගැනෙනවා.

    හැබැයි ඔහුට ඒ තරම් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න වෙන්නේ නෑ.

    කෙනෙක් ඇවිත් ඔහුව බේරාගන්නවා.