Tag: featured

  • ටොලමි ගහන පදේට පියුමි අහු වෙයිද?

    පියුමි බොතේජු මේ දවස්වල Hiru Mega Stars රියැලිටි තරගයේ සූර්යන්ස් කණ්ඩායම සමඟ තරග වදිනවා.ඇයව සුනෙත් විවාහකරගෙන සිටියට හිරු රියලිටි වේදිකාවෙ නටවන්නේ නම් ටොලමි කියලයි වාර්තා වෙන්නේ.

    මේ කියන්නෙ ලංකාව මුලින්ම සිතියම්ගත කළ ටොලමි එහෙම නෙවෙයි. මේ ටොලිමි කරන්නෙ වැඩසටහන් අධ්‍යක්ෂණය කිරීමයි.

    ටොලමි හොඳ බෙරවායෙක් නිසා පියුමිව වේදිකාවෙ පමණක් නොවෙයි වේදිකාව පිටුපස්සෙත් නටවනව කියල කේෂත්‍රය පුරාම කතාවක් පැතිරිලා තියෙනවා.

    ටොලමි අනුන්ගේ බිරියන් නැටවීමට තරමක් නම් දැරූ අයෙක්. මීට කලින් ටොලමිගේ පදයට නැටුවේ ඇමති මනූෂ නානායක්කාරගේ කලින් බිරිය රොෂානා ඔන්ඩච්චි බව වාර්තා වෙනවා.

    රොෂානාව ටොලමි කොයිතරම් නටවලා තිබුණද කියතොත් ඇය වරක් ABC (හිරු නාලිකාවේ ප්‍රධාන කාර්යාලය) එක තියෙන වර්ල්ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල ඉදිරිපිටට ඇවිල්ල ගිණිතියාගන්න ගියා කියලත් කියනවා.

    ටොලමිගේ පදේට නටල හම්බකරගන්න සොච්චමත් සුනෙත් උදුරගන්නව කියල පියුමි හැම තිස්සෙම එක එක්කෙනා එක්ක කියකිය අඬ අඬා යනව කියලත් අපිට වාර්තා වුණා.

  • ආනමඩුව තැපැල් කන්තෝරුවේ තාමත් ජනපති මහින්ද රාජපක්ෂ.(photos)

    මේ ආනමඩුව තැපැල් කාර්යාලය තුල රටේ ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කර ඇති ආකාරයයි.

    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති වී දැනට අවුරුදු දෙකක් ඉක්මවා ගොස් ඇති  නමුත් ආනමඩුව තැපැල් කාර්යාලය තුල මේ වන විටත් වර්තමාන ජනපතිගේ ඡායාරුපයක් ප්‍රදර්ශනය කර නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මෙවන් දෙයක් සිදු වුනානම් මේ වන විටත් තැපැල් ස්ථානාධිපතිවරයා ගෙදරට වී විවේක සුවයෙන් සිටිනු ඇත.

  • ජනපතිට අපහාස කරන්න ගිහිං ගම්මන්පිලට බලය වැඩසටහනේදී වෙච්ච දේ..(video)

    තමන්ට විරුද්ධවාදී ඕනෑම පුද්ගලයෙකුට ඉතා අපහාසාත්මක ලෙස කතා කිරීම ගම්මන්පිලගේ ජම්මගතියක් වී ඇත.

    මෙසේ පහත් ලෙස හැසිරෙන ගම්මන්පිල, ජනාධිපතිවරයා අගවිනිසුරු වෙත යැවූ ලිපියේ සඳහන් වුයේ “හෙට සිට ශිරාණි එනු ඇත. ඔබ ආයේ නාවත් කම් නෑ ඉතිං” යනුවෙන් ගල් පැලෙන කෙබරයක් පැවසීමෙන් පසු ඊයේ(30) පැවති බලය වැඩසටහන උණුසුම් තත්වයක් හට ගැනුනි.

    තමාගේ වැරැද්ද වසා ගැනීමට ඔහු එම සභාවෙන් නැගිට යාමටද උත්සහා කළේය.

    පහතින් එය ඔබට නැරබිය හැක.

    තමා  සිරගතව සිටීමේදී  කුට්ටම ඉදිමීමෙන් තමන්ට වෙච්ච ලැජ්ජාව වසා ගැනීම සඳහා  ගම්මන්පිල මෙසේ පහත් ලෙස හැසිරෙන බව දේශපාලක විචාරකයෝ පෙන්වා දෙයි.

  • ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව නොතීසි නිකුත් කළ නොහැකියි.

    යුද සමයේදී 58වැනි සේනාංකය භාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවට කැඳවන්නැයි කළ ඉල්ලීම මුලතිව් මහේස්ත‍්‍රාත් එම්.සම්සුදීන් විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබීය. 

    ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙකු බව කියන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලිලන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළවයි.

    2009 වසරේ අවසන් යුද සමයේදී එලිලන් ඇතුළු 12 දෙනෙකු පිරිස 58 වැනි සේනාංකය හරහා ආරක්ෂක හමුදාවට බාර වූ බවත් නමුත් එම පිරිස අතුරුදන්ව ඇති බව පවසමින් එලිලන්ගේ බිරිඳ වූ වත්මන් උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි සසිදරන් විසින් මුලතිව් අධිකරණයේදී ගොනුකර තිබූ හබයාස්කෝපුස් නඩු වාරයේදී ඇය විසින් මෙම ඉල්ලීම කර සිටියාය.

    මෙම නඩු වාරය වෙනුවෙන් පෙනී සිටි 58වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාලිංග ගුණවර්ධන මුලතිව් අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටියේ යුද සමයේදී එලෙස කියන අයුරින් යුද හමුදාව වෙත බාරවූවන් පිළිබඳ තමා කිසිවක් නොදන්නා බවත්, අවසන් යුද සමයේදී 58වැනි සේනාංකය භාර ප්‍රධානියාව සිටියේ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බවත්ය.

    අනතුරුව ආනන්දි ශෂිධරන්ගේ නීතිඥ පාර්ශ්වයෙන් අදාළ එවකට සිටි සේනංකාධිපති වූ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණයට කැඳවිය යුතු යැයි අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියේය.

    පසුව අදාළ ඉල්ලීමට  බහුතර විරෝධයක් මතුවූ හෙයින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ මෙසේ බහුතර විරෝධයක් එල්ල වන හෙයින් තමාට ශවේන්ද්‍ර සිල්වාට නොතීසි නිකුත් කළ නොහැකි බවත් ඒ පිළිබඳ එළඹෙන නඩු විභාගයේදී තීරණය කිරීමට පියවර ගන්නා බවටයි.

    ඒ අනුව අදාළ නඩුව අප්‍රේල් 27වැනිදා දක්වා කල්තැබීමටදමහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

  • GSP එකට බාලගිරිදෝෂයක්!

    යුරෝපා සංගමයේ ජී.එස්.පී. බදු සහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ අවසන් තීරණය ලබන මැයි මස 15 දිනෙන් පසු ප්‍රකාශයට පත්කෙරෙන බව යුරෝපා සංගමයේ මෙරට තානාපති චුන් ලැයි මාර්ක් මහතා ප්‍රකාශ කර සිටී.

    මූලික ඇගයීම්වලින් පසු මෙම බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබාදිය යුතු බව යුරෝපා කොමිසම නිර්දේශ කළද එම නිර්දේශයට විරුද්ධත්වය දැක්වීම සඳහා යුරෝපා කවුන්සිලයට හා යුරෝපා පාර්ලිමේන්තුවට ලබන මැයි 15 දක්වා කාලය ඇති බවත් තානාපතිවරයා පවසයි.

    ලබන මැයි මස 15 දින තෙක් මෙම නිර්දේශයට විරෝධතාවක් එල්ල නොවුණහොත් නිසැකවම ජී.එස්.පී. බදු සහනය නිල වශයෙන්ම ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් තානාපතිවරයා කියයි.

    [rns_reactions]

  • පුරුෂයෙකු විසින් මෙය දැනගත යුතුමයි.

    ලිංගික සම්බන්ධතාවයකදී පුරුෂයෙකුගේ ශිෂ්ණය දිගු වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් කරුණු 8ක් බලපානවා. මේ සම්බන්දව ඔබ සැලකිලිමත්ද? මෙම වීඩියෝව නරබා ගැටළු ඇති තැන නිරාකරණය කර සාර්ථක පවුල් ජිවිතයක් ගෙවීමට මග පාදා ගන්න.

  • හොර වැඩට දක්ෂ සනත් නිශාන්ත හොර ලිස්ට් එක සාදා හොර පාරෙන්ම දිනුම් කණුවට..

    ආනමඩුව විවිධ සේවා සමුපකාරයේ නිළ වරණය ඊයේ දිනයේ පැවැත්විය. එහිදී ඒකාබද්ද විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන සනත් නිශාන්ත මහතාගේ බලපෑම මත ඇතැම් ඡන්ද හිමි  සාමාජිකයන්ගේ තොරතුරු  ඔවුනට වාසි දායක වන අයුරින්  කූට ලෙස වෙනස් කර ඇත. එම හේතුවෙන් ඇතැම් සාමාජිකයන්ට සිය ඡන්දය ප්‍රකශ කරගත නොහැකි වූ නිසා  සනත් නිශාන්ත මහතා  හොර පාරෙන් ඉතාමත් කුට ලෙස දිනුම් කනුව වෙත ඉතා පහසුවෙන් ලගා වී ඇත.

    ප්‍රථිපලය මෙසේයි.

    පොදුජන පෙරමුණ ආසන 180 ක්

    එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තේ ආසන 18 ක්

    ශ්‍රීලංකා නිදහස් පක්ෂය 00යි

    ජවිපෙ. 00යි.

    මෙම ප්‍රථිපල සත්‍ය නොවන බව ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර මෙම සිද්දියට අදාලව රාජ්‍ය අමාත්‍ය  රංගේ බණ්ඩාර මහතා හා සනත් නිශාන්ත මහතා අතර උණුසුම් තත්වයක්ද ඇතිවිය. 

    සමුපකාර ඡන්දයෙන් පසුව ආණමඩුව උණුසුම් වෙයි

     

     

    සනත් නිශාන්තලාගේ පැටිකිරිය අමුතුවෙන් කිව යුතුව නැත. ඉතා පහත් මානසිකත්වයකින් කටයුතු කරමින් සිටින මොවුන්   පොහොට්ටුවේ බලය පෙන්වීම සඳහා සමුපකාර ඡන්දය පවා කොල්ල කයි. අවුරුදු 10ක් රට කරපු හැටි අපට අමතක නැත. සනත් නිශාන්තගේ නිවසෙහි විදුලිබිල ලක්ෂ 10ක් පමණ වූ නමුත් එය පවා ඔහු ගෙවා නැත්තේ රාජපක්ෂ උෂ්ණය ඔලුවට ගෙනය.

    ප්‍රජාතන්ත්‍රවාදී යහපත් සමාජයක් බලාපොරොත්තුවන ජනතාව  රට බාර දිය යුත්තේ මෙවැනි සට කපටියන්ටද?

  • දැන් මොකද වෙන්නේ? ජනප්‍රිය නිලි ශලනි තාරකා කලකට පසුව මාධ්‍යයට කියයි..

    මෙවර Slim Nielsen Peopels Award ජනප්‍රියම ටෙලි නිළිය සම්මානය දිනා ගත්තේ ඔබ. ජනප්‍රිය නිළි සම්මාන එකපිට එක ලැබෙද්දී ආඩම්බරයෙන්ද ඉන්නේ?

    නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඔළුව උදුම්මා ගත්ත ආඩම්බරයක් නම් නැහැ. මම එහෙම හිටියා නම් මට මේ සම්මානය ලැබෙන්නෙත් නැහැ. මගේ වටේ ඉන්න ප්‍රේක්ෂකයෝ නිසා තමයි මට මේ සම්මානය ලැබුණේ. එයාලගේ ආදරේ අඩුවෙලා නැති එක ගැන සතුටුයි.

    ප්‍රේක්ෂක ආදරය සම්මානයකින් මේ සැරෙත් ලබාගන්න බලාපොරොත්තුවක් තිබ්බද?

    සම්මානයක් කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ. දුලිකා මාරපන, යශෝධා විමලධර්ම, උදාරි වර්ණකුලසූරිය වගේ මට වඩා ප්‍රවීණ අය එක්ක මම මේ සම්මානයට නිර්දේශ වුණේ. සම්මාන උළෙලට යන්නෙ සම්මානයක් ලැබෙයි කියලා නෙවෙයි. සම්මානයක් ලැබුණොත් සතුටක් තියෙනවා.

    තමන්ට සම්මානයක් නොලැබුණත් දුකක් නැතිව ගෙදර යන්න පුළුවන්ද?

    ඔව්. සම්මානයක් නොලැබෙන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. සම්මාන නොලැබුණත් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ මට ලැබෙනවා.

    ශලිනි ජනප්‍රිය නිළි සම්මානය ලබන්නේ තුන්වැනි වතාවට. හැබැයි ශලනිගේ හීනය තියෙන්නේ වෙන තැනක නේද?

    ඔව්. මම කැමැති හොඳම නිළිය වෙන්න.

    ඒ හීනෙ හැබෑ කරගන්න තව දුර වැඩිද?

    ඒක කොයි කාලේ ලැබෙයිද කියලා කියන්න බෑ. ඒක ලැබෙන නිර්මාණ එක්කත් තීරණය වෙනවනේ. සමහරු නම් නිර්මාණයක් කරද්දි කියනවා මේකට සම්මානයක් ලැබෙයි කියලා. විනිශ්චය මණ්ඩලය අතේනෙ ඒ තීරණය තියෙන්නේ. ලැබෙන කාලෙට ඒ සම්මානය මට ලැබෙයි. මම කැමැතියි පහුවෙලා ඒ සම්මානය ලැබෙනවට. මොකද පහුවෙලා ලැබෙන දේ අගය වැඩියිනේ.

    මේ දවස්වල නියැළෙන රංගන වැඩ කටයුතු මොනවද කියලත් කියමු?

    මුතුමලී ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඒ නාට්‍යයට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. තවත් ටෙලි නාට්‍ය දෙකක් ලබන මාසේ විකාශය වෙන්න තියෙනවා. අලුත් ටෙලි නාට්‍ය දෙකක ෂූටින් ළඟදී පටන් ගන්නවා.

    සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද?

    බෙනට් රත්නායකගේ නෙලා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී තිරගත වෙන්න තිබෙනවා. මම චිත්‍රපටයේ නිරූපණය කරන්නේ විරූපී චරිතයක්. ඒක මගේ ප්‍රේක්ෂකයන්ට වෙනස් අත්දැකීමක් වෙයි.

    ක්‍ෂේත්‍රයට ආපු කාලයේ රියැලිටිවල දැකපු ශලනි දැන් නම් රියැලිටිවල දකින්න නෑ. රියැලිටි වැඩසටහන් මඟ හරින හේතුව මොකද්ද?

    රියැලිටි වැඩසටහන්වලට ගියාම අපේ අනෙක් වැඩ කරගන්නත් කාලය මදි. එහෙම වුණාම කරන එක වැඩකටවත් හරියට දෙයක් කරන්න බෑ. ක්‍ෂේත්‍රයට ආපු ගමන් රියැලිටි කළාට කමක් නෑ. ස්ථාවරයක් ගොඩනඟා ගෙන එද්දි රියැලිටිවලට යන්න ඕන කියලා මම හිතන්නේ නෑ. ඒක මගේ අදහස. ඉතිං මට රියැලිටි වැඩසටහන් අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ වැඩසටහන්වලින් සම්පූර්ණයෙන්ම අෑත්වෙලා ඉන්න මම තීරණය කළා.

    පසුගිය කාලේ කතාවක් පැතිරුණා ශලනිට හේමාල් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් තිබුණා, ඒ ප්‍රේම සම්බන්ධය දෙදරලා ගියා කියලා. මොනවද මේ කතා?

    හේමාල්, මගේ හොඳ යාළුවෙක්. අපි ඉස්සර නිතර හම්බුණා. දැන් අපි දෙන්නම කාර්ය බහුලයි. ඉතිං නිතර හම්බෙන්න බෑ. හැබැයි අපි ඉඳල හිටලා කෝල්, මැසේජ් කරනවා. කොහේ හරි දැක්කොත් වෙනදා වගේම කතා කරනවා. අපිට කතා කරන්න බැරි ප්‍රශ්නයක් නැහැ. නිතර හමු නොවුණත් මිතුරුකමක් අපේ හිත්වල තියෙනවා.

    ඒ කියන්නේ දෙන්නා අතරේ තිබ්බෙත් මිත්‍රකමක් විතරද?

    ඔව්. අපි යාළුවෝ විතරයි.

    එහෙනම් විශේෂ කෙනෙක් ඇතිනේ?

    එහෙම කෙනෙක් ඇත්තටම නැහැ. මම බොහොම නිදහසේ ඉන්නවා. මගේ නිදහස නැති කරන්න අම්මලා නම් මට කෙනෙක්ව හොයනවා.

    හැබැයි ක්‍ෂේත්‍රයේ තරුණයෝ නම් ශලනි වටේ කැරකෙනවා කියලා ආරංචියි?

    කැරකෙන අය ඇති. හැබැයි ඒක මම ඔළුවට දාගන්නේ නෑ. ආදර යෝජනාත් ඇවිත් තියෙනවා. මම ඒවා හිමින් සීරුවේ ප්‍රතික්ෂේප කරනවා. මට අවශ්‍ය නැති නිසා. හැබැයි ඒ අය තාමත් මාත් එක්ක හිතවත්.

  • මතකද මේ සුන්දර සිනහව…

    එදා මාවිල් ආරු සොරොව්ව මූදාගැනීමේ මෙහෙයුමේ පටන් ජයග්‍රහණයේ අවසන් සටන දක්වා සටන් කරමින් දැනට අවුරුදු 18ක වැඩි සේවාකාලයක් සම්පූර්ණ කර ඇති මොහු නමින් කෝප්‍රල් රංජිත් වීරවර්ධන.

    ඉතින් මේ සටන් වලින් ස්නයිපර් වෙඩික්කරු නීරෝ ඇතුළු ගොඩක් වීරෝධාර රණවිරුවන් මොහු සමග අවසන් සටන තෙක් සටන් කරමින්, රට වෙනුවෙන් ජීවිතය පුදකර හමාරයි,

    ඇතැම් අවස්ථාවල මොහුද මියගිය බවට කටකතා පැතිරගියා, ඒදවස් වල පාරක් , පාරක් ගානේ, සෑම වාහනය කම වාගේ මේ චායාරූපය දැක්කම ඔයාටත් මටත් , අමුතුම ජවයක් ආවෙ නැතිනම් ඒක පුදුමයක්. .

    මොහුගේ බිරිදටත්, ආදරනීය දියණිය ටත් . නිදුක් නිරෝගී සුව පතනවා…. කැමතිනම් තව කෙනෙක් ට බලන්න ශෙයා කරන්න …..

    [rns_reactions]

    💕💕💕💕💞💞❤️
    උපුටා ගැනිමකි…

  • විමලේට ඇප දුන්නොත් බලාගෙනයි – බන්ධනාගාරවල උපවාස රැල්ලක්…

    මහින්ද පාලන සමයේ වාහන අවභාවිත කල තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් උපවාස කරන විමල්  ඇප මත මුදාහැරියොත් තමන්ද නිදහස් කරන ලෙස බල කරමින් උපවාස කිරීමේ සූදානමක් ඇති බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර සරත් ෆොන්සේකා, එස්.බී. දිසානායක වැනි බොහෝ පිරිස් තමා ලද සිර දඬුවම වෙනත් සිරකරුවන් සමඟ මිත්‍රශීලීව බෙදාගෙන දඬුවම හමාර කළ බවත් මන්ත්‍රී විමල් වීරවංශට, ඔවුන්ට තරම් ශක්තිමත් මානසික දරා ගැනීමක් නොමැති බවත් ඔවුන් සඳහන් කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    [rns_reactions]

  • සිංහයන් ගරුත්වය රැකගැනීමේ සටනක – හෙට වැරදිලා හරි පැරදුනොත් වෙන දේ මෙන්න…

    වැරදිලා හරි  ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් එක්දින තරගයේදී ලංකාව පරාජයට පත්වුවහොත් ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුකර යෑමේ අවස්ථාවක් බංග්ලාදේශයට ලැබී තිබෙන බව අපට වාර්තා වේ.  එසේ වුවහොත් බංගලාදේශ කණ්ඩායමක් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුකළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

    දෙරට අතර තරග තුනකින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රේණිගත ලකුණු 98ක් ලබා ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයේත්, ශ්‍රේණිගත ලකුණු 91ක් ලබා බංග්ලදේශය හත්වැනි ස්ථානයේත් පසුවූ අතර, පළමු තරගය පරාජය වීම හේතුවෙන් මේ වනවිට ලංකාවට එක් ශ්‍රේණිගත ලකුණක් අහිමි වී ඇති නමුත් බංග්ලාදේශයට ශ්‍රේණිගත ලකුණු 2ක් එකතු වී ඔවුන්ගේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 93 දක්වා වැඩි වී ඇත.

    ඒ අනුව මේ වනවිට එක්දින තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි බංග්ලාදේශ කණ්ඩායම හෙට තරගය ජයගතහොත් ඔවුන්ගේ ශ්‍රේණිගත ලකුණු 95 දක්වා වැඩිකර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබෙන අතර, මෙම පරාජය හේතුවෙන් ශ්‍රේණිගත ලකුණු 2ක් අඩු වී ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත ලකුණු 95 දක්වා අඩු වීමට නියමිතය.

    කෙසේ වෙතත් බංග්ලාදේශය 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීම හේතුවෙන් ශ්‍රේණි සටහනේ ලංකාවට ඉහළින් ස්ථානගත වීමට අවස්ථාව උදාවනු ඇත.

  • අබුද්ධස්ස කාලේ නයාත් මොඩ් වෙලා – අමුතු තාලයේ වීඩියෝවක් කරලියට……

    කෙතරම් බිහිසුනු විෂඝෝර සර්පයෙකු වුණත් නාගයාට අපේ සමාජයේ මිනිස්සු අතර තිබෙන්නේ ගෞරවය මිශ්‍ර බියක් වන අතර මේ සිදුවීම එසේ මෙසේ නාගයෙකු නම් නෙමෙයි. අඩි 12ක් පමණ දිග නාගයෙක් පිලිබදව.

    පහුගිය දවසක ඉන්දියාවේ ගමකට මේ නාග රාජයා ඇවිත් තිබුණේ වතුර හොයාගෙන වන අතර නිර්භීත වන ජීවි නිළධාරියෙකු මේ නාගයාට පිපාසය නිවන්න ඉදිරිපත් වෙලා.

    ඒ විතරක් නෙමෙයි හැමෝම බලන් ඉද්දි මේ නාගයා ඒ වතුර බෝතලෙන් වතුර බීවේ හැමෝවම පුදුම කරමින් වන අතර මේ වගේ සිදුවීමක් කිසිදිනෙක දැකලා නෑ කියලයි එතැන හිටපු අය කියලා තිබුණේ.

    https://www.youtube.com/watch?v=-n9tx4fXzRY

  • සුවසැරියෙදී තවත් දරු උපතක්..

    1990 ඉන්දියානු ගිලන්රථ සේවය ආරම්භ කරන කොට පාර්ශව රැසක් විරෝධය පළකර සිටියත් මේ වන විට එහි යහපත් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

    මාර්තු 20 වැලිගම ප්‍රදේශයේ 23 හැවිරිදි මවක් සිය තෙවැනි දරුවා බිහිකරේ මෙම 1990 ගිලන් රථයක් තුලදී වන අතර 
    දරු ප්‍රසූතිය සදහා ගිලන් රථයේ කාර්යමණ්ඩලය අවශ්‍ය උපකාර කර තිබෙනවා.

    දැනට 1990 ගිලන්රථ සේවය ගර්භනි මවුවරුන් 4 දෙනෙකුගේ දරු ප්‍රසූතීන් සිදු කර තිබෙන බවත් වාර්තා වේ.

    පැය 24 පුරා ක්‍රියාත්මක මේ ගිලන්රථ සේවය ලබාගැනීම වෙනුවෙන් දුරකථන අංක 1990 සමඟ ඕනෑම දුරකථන ජාලයකින් සම්බන්ධ වීමෙන් නොමිලේ සේවය ලබාගැනීමට හැකියාව සලසා තිබෙනවා.

  • හිටපු බිරිඳගේ දරුවන් සමග ගයාන්, චතුරිකා සතුටින් ඉන්න හැටි කරලියට….

    ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් හට ගයාන්ගේ හිටපු බිරිඳ ෆර්ෂිනා විවිධ චෝදනා එල්ල කර වීඩියෝවක් නිකුත් කිරීමත් සමග විශේෂ කතාබහක් මතුවිය.

    ෆර්ෂිනා කියා සිටි දෙයක් තමයි තමන්ගේ වැඩිමහල් දරුවාව ගයාන් ලඟ බලෙන් රඳවාගෙන ඇති බවට.

    කෙසේවෙතත් ගයාන්ගේ සහ ෆර්ෂිනාගේ වැඩිමහල් දරුවා ඔවුන් ලඟ සතුටින් සිටින බව දැක්වෙන ඡායාරූප කිහිපයක් ගයාන්ගේ සහ චතුරිකාගේ ෆේස්බුක් පිටු තුලින් දැකගන්නට ලැබෙනවා.

  • සනත් නිශාන්ත සහ රංගේ බංඩාර වලියක් දාගෙන(video)

    ආණමඩුව සමුපකාර ජන්ද විමසිම (30 ) දින පැවතිමෙන් තිබියදි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත හා රාජ්‍ය ඇමති පාලිත රංගේ බංඩාර මහත්වරුන් අතර ඇතිවන්නට ගිය ගැටුම ඇමති ආරක්ෂකයින් මැදිහත් විමේන් වැලකී ගියේ යාම දැකගත හැකි විනි.

    [rns_reactions]

  • අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට ට්‍රම්ප්ගේ බිරිඳ අතින් ජාත්‍යන්තර සම්මානයක්.(video)

    ඇමෙරිකා රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් හිමි කර ගෙන තිබේ.

    ඇමෙරිකා ජනපති බිරිය මෙලානියා ට‍්‍රම්ප් අතින් ඊයේ(29) වොෂින්ටන් නුවර පැවති උත්සවයකදී සන්ධ්‍යා එක්නැලිගොඩට හිමි සම්මානය පිරි නමා ඇතැයි වාර්තා විණ.

    ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප‍්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදන් වූ අය වෙනුවෙන් වෙහෙස නොබලා ගත් උත්සාහයන් වෙනුවෙන් කළ මෙහෙය අගයමින් ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුව විසින් ඇයට මෙම සම්මානය ලබා දී තිබිණ.

    ඇයට අමතරව ලොව පුරා තවත් කාන්තාවන් 13 දෙනකු ඒ සඳහා තෝරාගෙන සිටියහ.