Tag: featured

  • එදා තැබිලි අද කිරි – ” විමල්ගේ උපවාසයට රට්ටු කිව්ව කතා මෙන්න….

    ලංකාවේම උපහාසයට ලක්වූ විමල් වීරවංශගේ  උපවාසය ගැන ෆේස්බුක් එකේ විවිධ කතා මතුවෙමින් තියෙනවා.

    මේ ඒ ගැන සඳහන් වුණු නිර්මාණාත්මක සටහන් කිහිපයක්.

     

  • ආණ්ඩුව ජනතාව වෙනුවෙන්ද..? නෙවිල්ගේ උපාධි කඩය වෙනුවෙන්ද..?

    රාජපක්ෂ ආණ්ඩුවෙන් ජනගත කර මෛත්‍රි රනිල් ආණ්ඩුවෙන් කිරි පොවමින් සිටින “සයිටම්” ආයතනය සම්බන්ධයෙන් රජය තීන්දුවක් නොගතහොත් ලබන සතියේ මහා වෘත්තීය සමිති වැඩ වර්ජනයක් හරහා නොනවතින වෘත්තීය සමිති රැල්ලක් ක්‍රියාත්මක විය හැකි බවට රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කරයි.

    තමන්ට ඡන්දය දුන්නේ මේ රටේ ජනතාවද නැති නම් “සයිටම්” මුදලාලිද කියලා හිතන්නේ නැතිව ආණ්ඩුව කටයුතු කිරීම නිසා අද වෛද්‍ය විද්‍යාල හා රෝහල් කඩා වැටෙන තත්ත්වයකට පත්ව ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක ඊයේ (29දා) වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.

    “සයිටම්” ප්‍රශ්නයට විසඳුම් ලබා නොදෙමින් ආණ්ඩුව කල්මරමින් සිටින තත්ත්වයකට පත්ව තිබෙන බවත් මේ ප්‍රශ්නයට අතරමඟ විසඳුම් නැති අතර එකම විසඳුම “සයිටම්” අහෝසි කිරීම බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක අවධාරණය කළේය.

  • ජල ගාස්තු වැඩිවෙයි!

    කුමණ ආකාරයේ බාධක පැමිණියද ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. ජලය පිරිපහදු කර ජනතාවට ලබාදීම සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    ඉදිරියේදී ජල ගාස්තු ඉහළ නැංවීමට සිදුවුවහොත් ඊට එරෙහිව විරෝධතාවල නිරත නොවන ලෙස ද අමාත්‍යවරයා එහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.

     
     
  • පක්ෂයේ ලක්ෂ ගණන් මුදල් වංචා කළ මහින්දානන්දට අධිචෝදනා….

    ශ්‍රී ලංකා  කම්කරු කොංග්‍රස් පක්ෂයට අයත් රුපියල් ලක්ෂ 39 ක්  සාවද්‍ය  හා සාපරාධි ලෙස පරිහරණය කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්දානන්ද අලුත්ගමගේට  අද (30) කොලඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා අධි චෝදනා ගොනු කළ බව අපට වාර්තා වේ.

    ඒ අනුව මැයි 22 වැනි දා  මහින්දානන්ද අලුත්ගමගේට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසී නිකුත් කරනු ලැබු අතර මහින්ද රජයේ හිටපු අමාත්‍යවරයෙක් වන මොහුට දුෂණ වංචා චෝදනා රැසක්ම එල්ලවි ඇති බව සදහන්…

     

  • එදා තැඹිලි – අද කිරි – රටම හිනැස්සු විමල්ගේ රංගනය අවසන්….

    ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටින විමල් සිය උපවාසය අත්හළ බව නිල නොවන ආරංචි පවසයි. විමල් වීරවංශ බන්ධනාගාරගතව සිටිය දී පසුගිය 21 වැනිදා උපවාසය ආරම්භ කළේය.

    මේ අතර ජාතික රෝහලට අද පෙරවරුවේ පැමිණි විමල්ගෙන් වාහන ලබාගත්  මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු පිරිසක් වීරවංශගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බවත් අපට වාර්තා වේ.

    විමල්ගෙන් සැප වාහන ලබාගත් පිරිසගේ ඉල්ලිම පරිදි මෙම උපවාසය අත්හැරිම හාස්‍යයට කාරණාවක් බව දේශපාලණ විශ්ලේෂක මතවාදය වි ඇත.

  • ජනසංඛ්‍යාව අනුව දිස්ත්‍රික් මට්ටමේ ලොකු වෙනසක් කරලියට…….

    2016 ඡන්ද හිමි නාමලේඛණය අනුව දිස්ත්‍රික් පදනම මත පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රී ආසන සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන  අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක මන්ත්‍රී ධූර වෙනස් වී ඇති බවයි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 09 ආසන 08 දක්වා අඩු වී ඇති අතර  යාපනය දිස්ත්‍රික්කයේ ආසන 06 ආසන 07 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  • කාමරයට රිංඟු වඳුරෙකුගෙන් බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට අතවර

    මෙරට පුහුණුවක් සඳහා පැමිණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැඳීසිටින 26 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට ඇගේ නේවාසිකාගාර කාමරයට රිංඟු වඳුරෙකුගෙන් අතවරයක් සිදුව තිබේ.

    ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාවක් වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලිසියට පෙරේදා (28) පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

    විසිහය හැවරදි බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාව ඇතුළු විදේශ රටවල් කහිපයක තරුණියන් හෙද පාඨමාලාවන් හදරා ලංකාවට පැමිණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණියන් ලෙස පුහුණුව ලබන බව පොලිසිය කියයි.

    මෙම බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාව නවාතැන් ගෙන සිටින අනුරාධපුර ශික්ෂණ රෝහල ආසන්නයේ පිහිටි නේවාසිකාගාරයට හිටි හැටියේම කඩා වැදුන වඳුරන් රැළක් අතර සිටි එක් වඳුරෙකු කාමරයට ඇතුළුවී මේසය මත තිබු රුපියල් 50000ක් පමණ වටිනා නවින පන්නයේ ජංගම දුරකථනය රැගෙන පලා ගියබව සිදුකල පැමිණිල්ලේ සදහන් වෙයි. වදුරා බිය ගන්වා ජංගම දුරකථනය බේරා ගැනීමට උත්සහ කලත් එම උත්සාහය අසාර්ථක කරමින් වදුරා ගසින් ගසට පැන පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

    වදුරා පැහැරගත් ජංගම දුරකථනය නැවත තමාට ලබාදෙන ලෙස මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය පොලිසියෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඇගේ ජංගම දුරකථනය හෝ එය පැහැරගත් වදුරා හමු නොවු බව පොලිසිය පවසයි.

  • දැවැන්ත පිරමීඩ ජාවාරමක තොරතුරු එලියට – ව්‍යාපාරිකයින් 300ක් දැනටම හසුවෙලා

    මෙරට සුඛෝපභෝගී සංචාරක හෝටල්වල සිය පවුලේ සාමාජිකයින් සමග දිනක් නොමිලේ ගත කිරීමට අවස්ථාව ලබා දෙන බවට පවසා ක‍්‍රියාත්මක වූ පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වු අතර වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පල කර මෙම පිරමීඩ ජාවාරම පවත්වාගෙන යන බවයි. 

    ඒ සදහා ජාවාරම්කරුවන් ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරික සමාගමක නම භාවිත කර තිබෙනවා. 

    අදාළ සමාගමේ මෙරට නියෝජිතයින් ලෙසයි ජාවාරම්කරුවන් පෙනී සිට ඇත්තේ. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් තුන්සියයකට අධික පිරිසක් මෙම පිරමීඩ ජාවාරමට හසුවී ඇතැයි ද වාර්තා වුණා.

    රුපියල් දහසය දහස් අටසියක මුදලක් බැංකු ගිණුමකට බැර කිරීමෙන්  ඕනෑම පුද්ගලයෙකුට මෙම පිරමීඩ ජාවාරමට සම්බන්ධ වීමේ හැකියාව පවතින අතර එලෙස සම්බන්ධවන පුද්ගලයෙකු තවත් පුද්ගලයින් පහලොස් දෙනෙකු ඊට සම්බන්ධ කළ යුතුයි. 

    ඔවුන් ද රුපියල් දහසය දහස් අටසියක මුදලක් අදාළ බැංකු ගිණුමට බැර කළ යුතු වනවා. 

    එලෙස මුදල් බැර කරන පුද්ගලයින්ට සුඛෝපභෝගි හෝටලයක  සිය පවුලේ සාමාජිකයින් සමග දිනක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන බවයි ජාවාරම්කරුවන් පළමුව ප‍්‍රකාශ කර ඇත්තේ. නමුත් මුදල් තැන්පත් කරන පුද්ගලයින් වෙනුවෙන් සුඛෝපභෝගී හෝටලයක කාමරයක් වෙන් කිරීම පමණක් ජාවාරම්කරුවන් විසින් සිදු කර තිබෙනවා. 

    අදළා කාමරයේ නවාතැන් ගන්නා පුද්ගලයින් ඉන් පිටව යාමේ දී ඊට අදාළ ගාස්තු ගෙවීමට සිදුවීමෙන් මෙම ජාවාරම පිළිබද තොරතුරු හෙළි වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම ජාවාරමට හසුවූ පුද්ගලයින් පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පොලිසියට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවයි. 

  • ගිරා ජෝඩු විකුණන අයට වැඩ වරදින හැටි

    මාලගිරා ජෝඩුවක් කූඩුවක දමා හිර කරගෙන අන්තර්ජාලය ඔස්සේ විකිණීමට ගිය අයකු පෙරේදා (28දා) නුවරඑළිය වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් පනස් දහසක ශරීර ඇපමත නිදහස් කොට ඇත. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙලම්බොඩ, ධර්මාපුර පදිංචි අයෙකි.

    එම ස්ථානයට උපක්‍රමශීලීව ගිය වනජීවී නිලධාරීන් රුපියල් 7000ක මිලකට අලෙවි කිරීමට සූදානම් කොට තිබූ ගිරා ජෝඩුව හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

    අධිකරණ නියෝග මත ගිරා ජෝඩුව නුවරඑළිය ගැල්වේස් ජාතික වන උද්‍යානය වෙත මුදාහැරිණි. ගැල්වේස් ලෑන්ඩ් ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු එම්.ජී. විමලරත්න, වනසත්ත්ව නියාමක ලාල් රත්නායක, රාජිත, කේෂ්ත්‍ර සහායක සරත්, රියැදුරු චන්ද්‍රලාල් යන නිලධාරීහු වැටලිම සඳහා සහභාගි වූහ.

  • රැජිනගේ ලොකුම රත්තරන් කාසිය හොරු උස්සලා

    ජර්මනියේ බර්ලින් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබු ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක් වටිනා, එලිසබත් රැජිනගේ උඩුකය රුව සහිත දඹ රන් කාසියක් සොරුන් කල්ලියක් සොරකම් කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කැනඩාවේ නිෂ්පාදිත මෙම කාසියෙහි මුද්‍රණය කර ඇති අගය ඩොලර් මිලියන 1ක් නමුත්, කිලෝ ග්‍රෑම් 100ක් බර කැරට් 24 සුපිරිසිදු රනින් තනා ඇති නිසා එය සත්‍ය වශයෙන්ම එම අගයට වඩා බෙහෙවින් වටිනා බව සඳහන් වෙයි.

    මෙම සොරකම 27දා අළුයම 3.30ට පමණ සිදුවී ඇති නමුත් සොරුන් විසින් ස්වයංක්‍රිය අනතුරු ඇඟවීම් පද්ධතිය අක්‍රිය කළ ආකාරය හෝ මීටර් බාගයක් පමණ දිගු කාසිය කෞතුකාගාරයෙන් පිටතට රැගෙන ගිය ආකාරය පිළිබඳව නිසි පැහැදිලිකිරීමක් මෙතෙක් සිදුකොට නොමැත.

    කාසිය තනි පුද්ගලයෙකුට එසවිය නොහැකි තරම් බරකින් යුක්ත වන අතර එරට පොලිසිය පවසන පරිදි සොරුන් ජනේලයකින් කෞතුකාගාරයට ඇතුළුවන්නට ඇත. ඒ සඳහා යොදාගත් ඉනිමග අසල පිහිටි දුම්රිය මාර්ගයක තිබී සොයාගෙන ඇත.

    ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත කියා සිටියේ කාසිය වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කර තිබු බව පමණකි. එම අවස්ථාවේ කෞතුකාගාරයේ සේවයේ නියුතු ආරක්ෂක නිළධාරීන් සහ අනතුරු ඇඟවීමේ පද්ධතිය පිලිබඳ අදහස් දැක්වීම ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

    මංකොල්ලකෑ කාසිය “big maple leaf” යන නමින් හඳුන්වනු ලබන අතර සෙන්ටිමීටර් 3ක ගනකමකින් සහ සෙන්ටිමීටර් 53ක විශ්කම්භයකින් යුතු වේ. එහි එක් පසෙක කැනේඩියානු ජනපදයේ ප්‍රධානියා වූ දෙවන එලිසබත් රැජිනගේ රුව සහ අනෙක් පස කැනඩාවේ ජාතික සංකේතය වන මේපල් කොලය මුද්‍රණය කර තිබේ.

    කෞතුකාගාරයේ කාසිය තබා තිබු කොටස තුල තවත් 540,000ක් පමණ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයට තබා තිබු නමුත් සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇත්තේ එම කාසිය පමණක් වීම විමතියට කරුණකි.

  • මහින්ද පහරදුන් මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

    පසුගිය මහින්ද රජය සමයේ විවිධ හිරිහැරවලට ලක්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමට කමිටුවක් මගින් සකස් කළ වාර්තාව අද (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව අපට වාර්තා වන අතර එම වාර්තාව වැඩිදුර අධ්‍යයනය සඳහා මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගෙන් සමන්විත ඇමැති අනුකමිටුවක් පත්කර තිබේ.

  • බැසිල් ඇතුලට යන ලකුණු… කෝටි තුනහමාරේ නඩුව මැයි 15දා සිට විභාගයට…

    දිවිනැඟුම සෙවිලි තහඩු බෙදාදීමේදී රුපියල් කෝටි 3 1/2කට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව මැයි 15 වැනිදා කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණය අද(29) නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවනු ලැබු නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමකට අනුව කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වෙත මාරු කරනු ලැබීය.

  • දැඩි බලපෑම් හමුවේ එජාපය ශ්‍රීලනිපයට යටත්වෙයි….

    සිය දැඩි බලපෑම හමුවේ එක්සත් ජාතික පක්ෂය කැබිනට් සංශෝධනය පිළිබඳ තම ස්ථාවරය වෙනස් කරගත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය ප්‍රකාශ කරයි.

    එහිදී ඔහු සඳහන් කළේ “රටේ නීතිය කරවන පාර්ශ්ව පිළිබඳව අපිට ගැටලු තිබෙනවා. අපි මේ ගැන පොලිස්පතිතුමාටත් මතක් කරන්න ඔනේ. විශේෂයෙන් බැඳුම්කර සිද්ධියේදි එහි විනිසුරු සහ සාක්ෂිකරුවන් ආරක්ෂාව ඉල්ලා යැවූ ලිපියට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ලොකු සැකයක් තිබෙනවා.” යනුවෙනි.

    ඉකුත් දා ජනාධිපතිවරයා සහ පළාත් මහ ඇමතිවරුන් අතර පැවති සාකච්ඡාවේදී ඉදිරි පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා. 

  • රණවිරුවෙකු විත්තිකරුවෙක් කිරීමට කිසිදු ඉඩක් නෑ – ජනපති මෛත්‍රී අවධාරණය කරයි…

    පසුගිය යුධ සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ සහ විරුසර වරප‍්‍රසාද කාඞ්පත් රණවිරුවන් වෙත ප‍්‍රදානය කිරීමේ උත්සවයට අද (29) පෙරවරුවේ එක්වෙමිනි.

    මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැදුණු විරෝධාර රණවිරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීම සහ යුතුකම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වීරෝධාර රණවිරුවන් පිළිබද තමා සෑම අවස්ථාවකම වගකීමෙන් කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය. මීට පෙර කිසිදා නොවූ විරූ ජාත්‍යන්තර විශ්වාසයක් සහ සහයෝගයක් මෙම යුගයේ දී ශී‍්‍ර ලංකා මාතෘ භූමියට හිමිව තිබෙන අතර එයින් ගන්නා වූ ප‍්‍රයෝජනය කුමක්දැයි ඇතැමුන් ප‍්‍රශ්න කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙම ජාත්‍යන්තර සහය සහ මිත‍්‍රශීලිත්වය තමා භාවිතා කරන්නේ රටේ, ජනතාවගේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් බවයි.

    ශී‍්‍ර ලංකාවේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට මෙන්ම රණවිරුවන් පිළිබද මතුවන ගැටලූසහගත තත්ත්වයන්වලදී තමන් ඝෘජුවම ශී‍්‍ර ලංකාව සමග සිටින බවට ලෝකයේ ප‍්‍රබලම රාජ්‍ය නායකයින් තමාට මේ වන විට පෞද්ගලිකවම සහතික වී තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. යුද්ධය පැවති කාලයේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව සටන්කළ හමුදා නිලධාරින්, කාර්ය මණ්ඩල සහ රණවිරුවන් පිළිබද මතුවන ඕනෑම ගැටලූවක් වෙනුවෙන් තමා වගකියන බව සියලූදෙනා හමුවේ පැහැදිළිව ප‍්‍රකාශ කරන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේය.එසේම ජාතික ආරක්ෂාවට අදාළ නොවූ කරුණුවලදී එනම් මාධ්‍යවේදීන්, කී‍්‍රඩකයින් ඝාතනය කිරීම්, පහරදීම් වැනි සිදුවීම්වලට අදාළව සිදු කරන පරික්ෂණවලදී යමෙක් වැරදිකරුවෙක් වේ නම් ඔහු කුමන තරාතිරමකට අයත් වුවද එම පුද්ගලයින් ආරක්ෂා කිරීමට තමාට හැකියාවක් නොමැති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    අද පෙරවරුවේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
    විද්‍යාලයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂතා දැක්වූ සිසුන්ට සම්මාන හා තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. කී‍්‍රඩා කුසලතා දැක්වූ සිසුන් වෙනුවෙන් ද තිළිණ ප‍්‍රදානය කෙරිණි.විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට ශිෂ්‍යත්වය ලබා දීම, ඉංගී‍්‍රසි අධ්‍යාපනය සහ ස්වයං රැුකියා පාඨමාලා සදහා ශිෂ්‍යත්ව ලබාදීම ඇතුළු වැඩසටහන් රැුසක් ද කි‍්‍රයාත්මක කෙරිණි.

  • ඌරෙකුගේ පහරදීමෙන් ගොවියෙක් මරුට.(video)

    උඩුනුවර වෙලම්බඩ වෙරවිල ගම්මානයේ පුද්ගලයෙක් වල් ඌරෙකුගෙ ප්‍රහාරයකට ලක් වූ අතර එම අවස්ථාවේ බියට පත් එක් අයෙකු සිය දිවි බේරා ගැනිමට අසළ ඇති ගහකට නැග ගත් අතර අනෙක් අය වල් ඌරාගේ ප්‍රහාරයෙන් තුවාලකරු ගලවා ගැනීමට උත්සහ කර ඇත. සිදුවීමෙන් බරපතල තුවාල ලැබු වයස අවුරුදු 67ක් වු එම ගොවි මහතා බරදෙණිය මුලීක රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල් ගත කරන විටත් තුවාලකරු මිය ගොස් ඇත. සිදුවීමෙන් පසු ගම්වාසීන් විසින් එම වල් ඌරා මරා දමා ඇති බවද අනාවරණය වෙනවා…

  • තිරසර ලංකා ජාතික මංගල්‍යය BMICH හිදී ආරම්භයට සියල්ල සුදානම්…

    ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන්අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා – ජාතික මංගල්‍යය 2017 මාර්තු 31 සිට අප්‍රේල් 01 02 03 04 දිනයන්හි පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදි පැවැත්වීමට නියමිතයි.

    2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ මහ සමුළුවේදී ප්‍රකාශයටපත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක වන දුප්පත්කම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාවන්ට සැලකීම,ජලය, බලශක්තිය, රැකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගර,ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙලක් සැකසීම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තිරසර ලංකා ජාතිකමංගල්‍යය පැවැත්වීමට නියමිතය. එක් එක් අමාත්‍යංශ සහ විවිධ ආයතන විසින් ඉහත සඳහන් එම ඉලක්ක සඳහා වන සිය ක්‍රියාවලිය විදහා දැක්වෙන ආකාරයට ප්‍රදර්ශණ කුටි සැකසීමට නියමිතව ඇත.

    ප්‍රදර්ශනයේ දින 5 එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලට වෙන් කර ඇති අතර ඒ එක් එක්දිනය සඳහාවෙන්වූ තේමාවන් ද විවිධ වෙයි. මේ අනුව පළමු දිනය “යහපත් දිවියක්” යන තේමාව යටතේ පැවැත්වෙන අතර ඊටඅයත් වන්නේ නිරෝගී ජනතාවක්, ගැහැණු පිරිමි භේදයක් නැහැ සහ සකසුරුවම් පුරවැසියෙක් යන එක්සත්ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් ය. මෙහි දෙවන “තිරසර ජීවනෝපායක්” යන තේමාව යටතේ පැවැත්වෙනඅතර , දුප්පතුන් නැති ලෝකයක්, හරිත රැකියා සහ තිරසර කර්මාන්ත යන තිරසර සංවර්ධන ඉලක්ක සඳහා එදිනප්‍රමුඛත්වය ලබාදෙයි.

    තිරසර ලංකා – ජාතික මංගල්‍යය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සහ එහි නිල වෙබ් අඩවිය වනwww.thirasaralanka.com වෙබ් අඩවිය ජනගත කර ඇත.

     

     

    https://www.youtube.com/watch?v=VPFt0miTF8k