Tag: featured

  • රිජ්වේ ළමා රෝහළේ දැඩි තදබදයක් – එක ඇදේ ළමුන් 3ක්

    කොළඹ රිජ්වේ ළමා රෝහල මේ වන විට දැඩි තදබදයෙන් හා අත්‍යවශ්‍ය වූ බෙහෙත් රැසක් හිග කමින් මිහිපිට අපායක් තත්වයට පත්ව ඇති බව එහි ගිය අපහට දැකගන්නට ලැබුණි.
    මේ දිනවල අධික ලෙස උණ හා වෙනත් ළමා රෝග රැසක් ව්‍යාප්තව ඇති බැවින් අදාල වාට්ටුවල ප‍්‍රතිකාර ගත හැකි රෝගීන්ගේ ධාරිතාවද ඉක්මවා දෙතුන් ගුණයක රෝගීන් එකම වාට්ටුවක් තුල කිසිදු පහසුකමකින් තොරව ප‍්‍රතිකාර කිරීමට කටයුතු කර ඇති අතර එකම ඇදක රෝගී දරුවන් තිදෙනෙක් රදවා ඇති අවස්ථාද රැසක් දක්නට ලැබුණි. විශේෂයෙන් බෝවන රෝග ඇති දරුවන් හා වෙනත් දරුවන් එකම ඇදක තබා තිබීමෙන් රෝග ව්‍යාප්තිය තව තවත් වැඩිවීමට ඇති ඉඩ කඩද වැඩිවේ.

    රෝගී දරුවන් මෙලෙස අපහසුවෙන් ඇදන් මත සිටීමෙන් දැඩි ශාරීරික පීඩාවක් විදින බවද අපට තෙරුම් ගිය අතර සෑම දරුවෙක් සමගම මව හෝ පියා රැදී සිටින බැවින් තදබදය තවත් වැඩිවී වැසිකිළි කැසිකිලි හා සනීපාරක්ෂක පහසුකම් පවා අවම මට්ටමක පවතින බවද පෙනෙන්නට තිබුණි.

    එලෙසම රෝහලේ වගකිවයුත්තන් කිහිප දෙනෙකු හා කතාබහනේ දැනගන්නට ලැබුණේ සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍යය ඉදිරියේ මොනවා කිව්වත් අත්‍යවශ්‍ය බෙහෙත් රැසක දැඩි හිඟයක් පවතින බවයි. අඩුම තරමේ දරුවන් ප‍්‍රතිකාර ලබන රෝහල හෝ තදබදයෙන් හා බෙහෙත් හිගයෙන් තොරව දරුවන්ට සැප පහසු ලෙස ප‍්‍රතිකාර ලබා ගැනීමට තවත් වාට්ටු කිහිපයක් හෝ ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රමුඛ බලධරීන්ගේ අවධානය යොමු විය යුතුය.

  • මුදල් නිසා විභාග අහිමිවු සිසුවන්ගේ කදුළු කතාව…

    අප රටේ ඇත්තේ නිදහස් අධ්‍යාපණ ක්‍රමයක්. එහෙත් පසුගිය දිනෙක එයට අභියෝග කරන මට්ටමේ සිදුවිමක් අපට වාර්තා විය.  පාසල් සංවර්ධන සමිතියට අදාළ මුදල් එකවර නොගෙවීම හේතුවෙන් සිසුන් සිව්දෙනෙකුට මෙවර වාර විභාගයට පෙනී සිටීමට පාසල් බලධාරීන් අවස්ථාව ලබානොදුන් පුවතක් මහනුවර ප්‍රසිද්ධ පාසලකින් වාර්තා විම එම සිදුවිමයි.

    සිසුන්ගේ දෙමව්පියන් පැවසුවේ වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන අවස්ථාවේ මුදල් නොගෙවූ සිසුන් පන්ති කාමරවලින් ඉවත් කර ඇති බවයි.  පාසල් සංවර්ධන සමිතියේ ගාස්තු ලෙස එක් සිසුවෙකු එකවර රුපියල් හයදහස් දෙසිය පනහක මුදලක් ගෙවිය යුතු බව විදුහල්පතිවරයා දැනුම්දී ඇති බවද දෙමව්පියන් සදහන් කළා. 

    කෙසේවෙතත් අදාළ ළමුන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව යළි ලබාදෙන ලෙස මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක‍ෂ ඩබ්ලිව් එම් විජයරත්න එම පාසලේ විදුහල්පතිවරයාට දැනුම්දීමක් කර ඇති බවද සදහන්.

  • එජාපයේ අර්බුදයක්! රංජන්ගේ කාර්යාලයේ ගුටි කෙලියක්. ගෝලයෝත් රංජන්ගේ මගම යති.

    දිවුලපිටිය ප්‍රදේශයේ තිබෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අයත් කාර්යාලයකදී පුද්ගලයින් දෙදනෙකු අතර බහින්බස් වීමක් ඇති වෙලා තියෙනවා.

    මේ බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙන අතර මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාට බරපතල ලෙස පහරදී තිබෙනවා.

    එම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඒ පුද්ගලයා දිවුලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

    පහරදුන් පුද්ගලයාව දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස ගහගත්ත පුද්ගලයින් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

    මිනුවන්ගොඩ – දමිත් තිසර

  • මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගත් වෑන් රථය අත්අඩංගුවට…

    පිළියන්දල ප‍්‍රදේශයේ කාන්තාවක් සන්තකයේ තිබියදි මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සදහා යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා මේජර් බුලත්වත්තගේ හිතවත් කාන්තාවකගේ නිවසේ තිබී මෙම වාහනය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කළේ. 

  • පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා එච් වන් එන් වන් වෛරසය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්.

    දිවයිනෙ ප්‍රදේශ කියිපයකින් වාර්තා වන ඉන්ෆ්ලූවෙන්සා එච් වන් එන් වන් වෛරසය මෙරටට ආගන්තුක වෛරසයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

    පසුගිය දිනවල දී දිවයිනේ ස්ථාන කිහිපයකින් එම වෛරසය ආසදානය වූ රෝගීන් වාර්තා වු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. සෑම වසරකම දෙසැම්බර් සිට පෙබරවාරි කාලය තුළ සහ මැයි සිට ජූලි දක්වා කාලය තුළ එම වෛරසය පැතිර යන බව එම නිවේදනයේ සඳහන්. පාරිසරික හා කාළගුණික වෙනස්වීම් මත වෛරසය පැතිර යන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. 

    මේ අතර ඉල්ෆ්ලූවෙන්සා එන් වන් එච් වන් වෛරසය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. 

  • බිළිදා නාවන්න හොඳද අහන්න ගියාම චැනල් ගාස්තුව ඉල්ලු දොස්තර නෝනෙක්….

    තරුණ මවක් තම මාස පහක් වයසැති දරු සිඟිත්තා හදිසියේ අසනීප වූ නිසා වයඹ මුහුදුබඩ ප්‍රදේශයක පිහිටි එක්තරා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටය.

    දරු පැටියා පෙන්වා ප්‍රතිකාර ලබාගත්තේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගෙනි.

    මේ විශේෂඥ වෛද්‍යවරිය ප්‍රධාන පෙළේ රජයේ රෝහලක සේවයේ නිරතව සිටින අතරවාරයේ සෑම සති අන්තයකම පාහේ වයඹ මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත එන්නේ පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරතවීම සඳහාය.

    දරුවා පරීක්ෂා කර බැලීම වෙනුවෙන් චැනල් ගාස්තුව රුපියල් 1300කි.

    ඒ මුදල ගෙවා වෛද්‍ය විශේෂඥවරිය ළඟට ගොස් දරුවා පෙන්වා බෙහෙත් ලබාගෙන ඇත.

    ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියට පෙන්වා ලබාගත් ප්‍රතිකාරවලින් පසු සුවය ලබා ඇතත් දැන්ම දරුවා නැහැවීමට හොඳදැයි දැන ගැනීමට මවට මෙන්ම දරුවාගේ ආච්චිටද අවශ්‍යවී ඇත.

    එක් දරුවෙක් පරීක්ෂාකර බැලීම සඳහා අයකරන චැනල් ගාස්තුව රුපියල් 1300කි.

    නියමිත ගාස්තුව ගෙවා දරුවා පෙන්වූ පසු ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය බෙහෙත් නියම කළාය.

    තරුණ මව දරු සිඟිත්තාද තුරුලු කරගෙන දොස්තර නෝනා හමුවීමට ගොස් තිබුණේ ඇයගේ මවද කැටිවය. ඒ කියන්නේ දරු සිඟිත්තාගේ ආච්චි අම්මාද සමගය.

    ඔවුන් පදිංචිව සිටින්නේ හලාවත මාදම්පේ ඉහළගම ප්‍රදේශයේය.

    රාජ්‍ය සේවයේ යෙදී සිටියදී මෑතකදී විශ්‍රාම ලැබූ දරුවාගේ ආච්චි අම්මා වූ කල්‍යාණි හේමචන්ද්‍ර මහත්මිය ඊට පසු සිදුවූ දේවල්
    ගැන කීවේ මෙවැනි කතාවකි.

    “මගේ දියණියගේ දරුවාගේ වයස මාස පහක් වෙනවා. අසනීප වූ නිසා චැනල් සෙන්ටර් එකකට අරගෙන ගිහින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකට පෙන්වා බෙහෙත් අරගෙන ආවා. ඒ බෙහෙත් වලට සුවය ලබා තිබුණා. ඒත් අපි බබාව නාවන්න බයක් ඇති වුණා. ඒ හින්දා චැනල් සෙන්ටර් එකට කෝල් එකක් දීලා දොස්තර නෝනාගේ නම කියා බබාව දැන් නාවන්න හොඳද කියා දැනගන්න ඕනෑ. කවදාද එන්නේ කියා විමසුවා. බෙහෙත් අරගෙන දවස් හතක් තවම ගිහින් නැති නිසා චැනල් ගාස්තු අවශ්‍ය නැහැ ඇවිත් ඒ දොස්තර නෝනාට පෙන්වා නාවන්න හොඳද කියා දැනගන්න පුළුවනි කියා චැනල් සෙන්ටර් එකෙන් කිව්වා. අපි එදාම බබාව අරගෙන ගියා.

    කල්‍යාණි හේමචන්ද්‍ර මහත්මිය මෙසේ ද කීවාය.

    විශේෂඥ දොස්තර නෝනා ළඟ ඉන්න සේවිකාවක් බබාට බෙහෙත් ලියා තිබූ තුණ්ඩුවක් අරගෙන චැනල් කාමරයට ගියා. එතකොට දොස්තර නෝනා සේරම ලෙඞ්ඩු බලලා ඉවර වෙලා හිටියේ. මමයි දුවයි බබා වඩාගෙන දොස්තර නෝනාගේ කාමරයේ හිටියා.

    දොස්තර නෝනා බබාට නියම කරපු බෙහෙත් වට්ටෝරුව දිහා බලලා දැන් නෑව්වාට කමක් නැහැ කියා ඒ ගොල්ලන්ට කියන්න කියා සේවිකාව එක්ක කියනවා අපටත් ඇසුණා. සේවිකාව ඇවිත් අපිට දොස්තර නෝනා කිව්ව කතාව පැවසුවා.

    බබාව පරීක්ෂාකර බලා නාන්න හොඳද නැද්ද කියා කිව්වනම් නේද හොඳ කියා මම සේවිකාවට කිව්වා. සේවිකාව ඒ ගමන්ම
    ගිහින් මේ බව දොස්තර නෝනාට කිව්වා. බබාව බලන්න ඕනෑනම් මගේ චැනල්

    ගාස්තුව ගෙවන්න ඕනෑ කියා වෛද්‍යවරිය සාත්තු සේවිකාවට කියා තිබුණා. ඇය ඒ බව අපිත් එක්ක ඇවිත් කිව්වා. දොස්තර නෝනා කිව්ව කතාව අසා අපිට පුදුම හිතුණා. නාන්න හොඳද නැද්ද කියා අසා දැන ගන්නත් දොස්තර නෝනා චැනල් ගාස්තුව ඉල්ලීම
    ගැන අපට ලොකු කනගාටුවක් ඇති වුණා. චැනල් සෙන්ටර් එකේ කිසි වරදක් නැහැ. මෙහෙමත් හිතක් පපුවක් නැති දොස්තර නෝනලාත් ඉන්නවනේ. සමහර විට ඇයත් දරුවෝ ඉන්න අම්මා කෙනෙක් වෙන්න ඇති. අපි ආයෙත් ඒ දොස්තර නෝනාව චැනල් කරන්න ගියේ නැහැ. බබාවත් අරගෙන වෙනත් දොස්තර මහත්තයෙකුට පෙන්වාගෙන ගෙදර ආවා. සමහරවිට ඒ දොස්තර නෝනා බබාට කලින් දුන්නු බෙහෙත් වට්ටෝරුව දිහා බලලා නාන්න හොඳයි කියන්න තරම් දැනුමක් අවබෝධයක් තියෙන්න ඇති. ඒත් බෙහෙත් වට්ටෝරුව බලලා නාන්න හොඳයි කිව්ව පළියට බබාව නාවන්න අපිට බයයිනේ යැයි හේමචන්ද්‍ර මහත්මිය පවසන්නීය.

    සමහර වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැන දැඩි කතාබහක් ඇතිවී තිබෙන වට පිටාවක් තුළ මේ විශේෂඥ වෛද්‍යවරියගේ ප්‍රමිතිය ගැනත් සොයා බැලුවොත් නරකද?

    මිල මුදල් ගැන නොතකා අසරණ

    රෝගීන්ට පිහිටවන වෛද්‍යවරුන්ද ඕනෑතරම් සිටින බව අපි කිසිසේත් අමතක නොකළ යුතු වන්නෙමු.

    එවැනි උතුම් වෛද්‍යවරුන්ට අපේ ප්‍රණාමය හා ගෞරවය පුද කරන්නෙමු.

  • ගෝඨාභයගෙන් වහෙන් ඔරෝ කථාවක්!

    දේශපාලනයට පිවිසීමට අකමැති වුව ද රට වෙනුවෙන් සේවය කිරීම සඳහා ලැබෙන අවස්ථාවක් බැහැර නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නනේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

    ශ්‍රී ලංකාවේ සිටින විදේශීය ප්‍රවෘත්ති වාර්තාකරුවන් සමග ඊයේ කොළඹ පැවති සාකච්ඡාවකදී ගොඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ තමන් දේශපාලනඥයෙකු නොවන බවයි.

    තමා දේශපාලන නොදන්නා අතර දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී නොමැති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි අවධාරණය කළේය.

    ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ ද යන්න පිළිබදව මෙහිදි මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාඊය රාජක්ෂ මහතා එහිදි උදාහරණයක් ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලනයට පැමිණීමට ගත් තීරණය පිළිබඳ සිහිපත් කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

    මේ අතර මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහරදීම, ඝාතනය කිරීම ඇතුළු සිද්ධීන්වලට හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් සිටි බවට හිටපු හමුදාපති, අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අදහස විමසා තිබේ.

    සරත් ෆොන්සේකා මහතාගේ අදාළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී කියා සිටියේ එම ප්‍රකාශය පදනම් විරහිත දේශපාලන අරමුණකින් සිදුකර ඇති ප්‍රකාශයක් බවයි.

    එවන් හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් සිටියේ නම් ඒ පිළිබද වගකීම හමුදාපතිවරයා භාරගත යුතු බවද ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    හමුදා බුද්ධි අංශ හමුදාපතිවරයා යටතේ නොතිබු බවට සිදුකරන ප්‍රකාශ විහිළුවක් බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කළේය.

  • කාන්තා අයිතින් වෙනුවෙන් "ඇන්ටි රෝමියෝ" කරලියට…..

    කාන්තා හිංසනයන් වැළැක්වීම සඳහා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විශේෂ පොලිස් බලකායක් පිහිටුවා තිබෙන අතර එය නම් කර ඇත්තේ ඇන්ටි රෝමියෝ ස්කොඩ් හෙවත් රෝමියෝ විරුද්ධවාදී බලකාය ලෙසයි. 

    මෙම බලකායට අනියුක්ත පොලිස් නිළධාරීනියන් රාජකාරියේ යෙදී සිටින්නේ බොහෝ විට සිවිල් ඇඳුමින් සැරසි වන අතර කාන්තාවන් හිංසනයට ලක් වන අවස්ථාවලදි ඔවුන් වහාම ක්‍රීයාත්මක වි වි හිංසන සිදු කරන අයට පියවර ගන්නවා.
     
    කෙසේ වෙතත් මෙම පොලිස් බලකාය සම්බන්ධයෙන් ඇතැම් අය තුළ පවතින්නේ විරෝධ ආකල්පයක්. 

    කාන්තා හිංසනයන්ට කිසිසේත් අදාළ නොමැති පුද්ගලයින්ගෙන් පවා මෙම බලකායට අනියුක්ත නිළධාරීන් අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරන බව ඇතැම් කාන්තාවන්ද කියා සිටි අතර එය පුද්ගලයන්ගේ නිදහසට බාධාවක් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. 

  • මත්ද්‍රව්‍ය ජාවාරම් වල මහ මොළයක් වන සිද්ධීක් යළි ඇතුලට……

    අදාළ නඩුව අද (28)කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙහොමඩ් සිද්ධීක් නැමැත්තා ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.
    හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදල් සන්තකයේ තබා ගනිමින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ වැරදි සිදු කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
     සැකකරු වෙනුවෙන්  පෙනීසිටි නිතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා තම  සේවා දායකයා වැලිකඩ  බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති විශේෂ අධිකරණයක ඉදිරිපත් නොකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන්වේ.
    එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකරු ලබන 11 වන දා  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන  ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර තිබේ.
  • ඔබේ සැමියා පිළිබඳව අන් අයගෙන් වසන් කලයුතු කරුණු 7ක්..

    1) ඔහු බිය වන දේවල්

    සාමාන්‍යයෙන් කාන්තාවන් නම් තමන්ට භය හිතෙන දේවල් පිළිබඳ අන් අය සමග පැවසීමට මැලි කමක් නොදක්වයි. එහෙත් පිරිමින් එසේ නොවේ. පිරිමින් එය තමන්ගේ දුර්වලකමක් ලෙස සළකයි. ඔබේ සැමියා අකුණු ගැසීම, විශාල බල්ලන් හෝ මකුළුවන් ආදී මේ දේවල්වලට බියක් දක්වන්නේ නම් ඒ පිළිබඳ අන් අයට පැවසීම සුදුසු නැත. විශේෂයෙන්ම ඔහු මේ දේවල් ඔබට පවසන්නේ ඔබ පිළිබඳ විශ්වාසයෙනි. අන් අය සමග ඒවා පැවසීමෙන් ඔබ එම විශ්වාසය කඩ කරයි. දෙදෙනෙකු අතර විශ්වාසය බිඳී යාමට මෙය ප්‍රධාන හේතුවකි. එනිසා ඔබ අන් අය සමග සැමියා පිළිබඳ යමක් පැවසීමට පෙර එය ඔහුට කෙසේ බලපාන්නේ ද යන්න සිතා බලන්න.

    02) ඔබගේ සැමියාගේ බාහිර ස්වරූපය

    ඕපාදුප කියවමින් පුද්ගලයන්ව විහිලුවට ලක් කරමින් රසවත් දෑ හුවමාරු කරගැනීම කාන්තාවන්ගේ පුරුද්දක්. ඒත් ඔබේ සැමියාගේ සිරුරේ ප්‍රමාණය, බාහිර ස්වරූපය හා හැසිරීම ආදිය ගැන කියවීම නම් එතරම් නුවණට හුරු නැහැ. කාන්තාවන් ඔවුනගේ පෙනුම පිළිබඳ බොහෝ සැලකිලිමත් වෙනවා. ඉතින් හිතල බලන්න ඔබේ සැමියා යහළුවන්ට කීවොත් ඔබ මහත් වෙලා, එහෙම නැත්නම් ඔබ ගොඩක් වයසට ගිහිල්ල කියල ඔබ කැමති නැහැ නේද? එනිසා ඔබත් යහළුවන් සමග සැමියා පිළිබඳ කතාකරන විට ධනාත්මකව කථා කිරීමට පුරුදු වන්න.

    03) ඔහුගේ කරදරකාරී හැසිරීම්

    ඔබේ සමියාගේත් යම් කරදරකාරී පුරුදු තියනවද? සපත්තු, ඇඳුම් ගලවා තැන තැන දැමීම ඔබට රුස්සන්නේ නැතිද? මේ පුරුදු ඔහුට ආවේ ඔහුගේ පවුලේ අයගෙන් යැයි සිතමින් ඔබ ඔහුගේ පවුලේ අය සමගද කේන්තියෙන් ඇති. ඒත් මේ දේවල් යහළුවන් සමග කීවා කියල මේවා විසඳෙන්නේ නම් නැහැ. එයින් සිදු වන්නේ ඔබේ පවුලේ ප්‍රශ්න අනික් අයත් දැනගැනීම පමණයි. ඒ නිසා මේ දේවල් ගැන අනික් අය එක්ක කථා කරනකොට සීමාවක් තියාගෙන කතා කරන එක වඩා හොඳයි. ඔබේ සැමියා සමග කතා කිරීමටත් පෙර යහළුවන් සමග මේ දේවල් පැවසීම ඔහු උරණ වීමටද හේතුවකි. එනිසා මෙවැනි ප්‍රශ්න පළමුව සැමියා සමග කතා කිරීමටත් යහළුවන් සමග මේවා කථා කිරීමේදී සීමාවන් තබා ගනීමටත් ප්‍රවේසම් වන්න.


    04) ඔහුගේ අඩු ආදායම හෝ වැඩවල අසාර්ථක බව

    ඔබේ සැමියා රැකියාවේ එතරම් සාර්ථක නැති බව හෝ ලැබෙන ආදායම ප්‍රමාණවත් නැති බව හෝ ඔහුට උසස්වීම් නොලැබෙන බව හෝ ඔබේ යහළුවන් සමග පැවසීම ඔබේ සැමියාගේ පමණක් නොවේ ඔබේ මුළු පවුලේම ප්‍රතිරූපයට හානිදායක වේ. එනිසා මෙවැනි අවස්ථාවල ඔබ ඔහුගේ නොහැකියාව ගැන ප්‍රචාරය කිරීමට වඩා ඔහුට සහය වීම ඉතා වැදගත් වේ. සැමියා රැකියාවක් සොයනවා නම් එය ධනාත්මක ලෙස යහළුවන්ට පවසන්න. ඔහු නව අවස්ථාවන් කරා යෑම සඳහා නව රැකියාවක් සොයන බව පවසන්න. එයින් ඔහු ඔබ පිළිබඳව ද පැහැදෙන අතර ඔබේ බැඳීම ද ශක්තිමත් වේ.

    05) ඔහුගේ නොහැකියාවන්

    ඔබේ සැමියාත් නිවසේ අලුත්වැඩියාවක් කරද්දී වැඩේ දෙක කරනවද? එහෙම නැත්නම් තමන්ගෙ වැඩක්වත් හරියට කර ගන්නේ නැද්ද? ඒත් මේ දේවල් ඔබේ යහළුවන් දැනගත යුතු නැහැ. අපේ සමාජයේ තියන මතයක් තමයි පිරිමියෙක් වුනාම ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන කියන එක. ඒත් හිතල බලන්න ඒක ප්‍රායෝගික නැහැ නේද? හැම පිරිමියෙකුටම හැම දෙයක්ම කරන්න බෑ. ඔබේ සැමියාට යම් යම් දේ කරන්න බෑ කියල අනික් අයට කියන එකෙන් ඔබ ඔහුගේ පෞරුෂ්‍යත්වයට තවත් හනි කරනවා. ඒ වගේම ඔබ මේවා අන් අයට පැවසීමෙන් ප්‍රශ්න තවත් වැඩි වීම මිසක් ප්‍රශ්න අඩු වන්නේ නැහැ. මේ නිසා සැමියාගේ නොහැකියාවන් ගැන අන් අයට නොපැවසීමට වග බලා ගන්න.

    06) ඔබ, ඔබේ පවුල හා ඔබේ මිතුරන් පිළිබඳ ඔහු තුළ ඇති වැරදි අදහස්

    ඔබේ මිතුරන් පිළිබඳ සැමියාගේ ඇතැම් අදහස් ඔවුනට පැවසීම ඔවුන් ඔහුට අකමැති වීමට හේතුවක් වේ. එමෙන්ම මේ දේවල් ඔවුනට පැවසීමෙන් ඔවුන් ඔබ දෙදෙනා අතරට පැමිණ ගැටළු විසඳීමට උත්සහ දරයි. එයින් ඔබගේ ප්‍රශ්න තවත් වැඩි වේ. ඔබේ ඥාතියකු හෝ මිතුරකු පිළිබඳ සැමියා වැරදි අදහසක් දරන්නේ නම් ඔහු සමග කතා කොට එය නිවැරදි කරන්න. නිතරම ඔබේ සැමියාට ධනාත්මක චින්තනයක් ඇති බව සිතන්න. එවිට ඔබේ සැමියාත් ඔබේ යහලුවන් ඇතුළු සියලු දෙනාගේ ආදරයට පත් වන පුද්ගලයෙකු වේවි.

    07) පවුලේ සාමාජිකයන් සමග ඇති ආරවුල්

    ඔබේ පවුලේ කිසිවකු සමග සැමියා ආරවුලක් ඇති කරගෙනද? මෙවන් අවස්ථාවල ඔබට තරම් ඉක්මනට ඒවා විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් ඔහුට නැතිව ඇති. ඒත් ඔබේ යහළුවන් සමග මේවා පැවසීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. එයින් ඔවුන්ද ගැටලුවට මැදිහත් වී එය තවත් සංකීර්ණ වේ. එනිසා මෙවන් අවස්ථාවල යහළුවන්ව මෙයට ඈඳා නොගෙන සැමියාටම එය විසඳා ගැනීමට ඉඩ දෙන්න.ඔහුගේ ක්‍රියා පිළිවෙල ඔබට වඩා වෙනස් වුවද එයට ගරු කරන්න. එයින් ඔබගේ සම්බන්ධය ද තවත් ශක්තිමත් වේ.

  • මම මුකුත්ම දන්නේ නෑ – බබා පාට් දාන මහින්දගෙන් අධිකරණයට විරෝධතා…

    පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් තම පුද්ගලික දේපලක් මෙන් සලකමින් කටයුතු කිරිමට එරෙහිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කොළම වානිජ මහාධිකරණයේ පවරන ලද නඩුවකට එහි වග උත්තරකරුවන් වන පා.ම මහින්ද රාජපක්ෂ  ගාමිණි සෙනරත් සහ අමල් සේනාධිලංකාර යන විත්ති පාර්ශවය විසින් අද මූලික විරෝධතා ගොනු කර ඇති බව අපට වාර්තා වේ.

    ඉකුත් ජනාධිපතිවරණය සමයේදී ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් ශ්‍රී ලංගම  බස් රථ වෙනුවෙන් නියමිත ගෙවීම් සිදු නොකළ බවට වගඋත්තරකරුවන් චෝදනා නගා තිඛෙන අතර එලෙස කළ යුතුව ඇති ගෙවිම රුපියල් මිලියන 142ක්. 

    කෙසේවෙතත් ඉහත බස් රථ ලබාගැනිම සදහා අනුමැතිය ලබාදිම සිදුකරඇත්තේද මහින්ද රාජපක්ෂ විසින් වන බැවින් මෙම සිදුවිම යටගැසිමට මහින්ද විසින් දරනු ලබන උපක්‍රමයක් ලෙසද දේශපාලණ විචාරකයෝ මෙම සිදුවිම හදුන්වති.

  • දීපව්‍යාප්ත ඩෙංගු මදුරු මර්දන සතියක් හෙට සිට – සියළු කටයුතු සුදානම්..

    දීපව්‍යාප්ත ඩෙංගු මදුරු මර්දන සතියක් හෙට සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන අතර ඒ අනුව හෙට සිට අප්‍රේල් මස 04 වන දා දක්වා එම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක බව සදහන්. ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායම් 3000ක් පමණ ඩෙංගු මදුරු මර්දන සතියේ ක්‍රියාත්මක වැඩසටහන් සඳහා  සහභාගී වීමට නියමිතව තිබේ.
    කීට විද්‍ය සමීක්ෂණවලට අනුව ආයතන, පාසල්,ඉඳිකිරීම් පරිශ්‍ර හා ආගමික ස්ථාන ඩෙංගු මදුරුවන් බෝවන අවධානම් ස්ථාන බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මෙම වර්ෂයේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 24,562ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
    කොළඹ, ගම්පහ, කළුතර , මාතර, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව, ත්‍රීකුණාමලය, යාපනය, කල්මුණේ, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රීක්ක ඩෙංගු අවදානම් දිස්ත්‍රීක්ක බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය   අමාත්‍යාංශය සඳහන් කළේය. 
  • සංදර්ශණ දමන අය වැඩක් කරලා නෑ – වැඩක් කරන අපිට සංදර්ශණ වැඩක් නෑ – සෝලංගආරච්චිගෙන් සැර කථාවක්..

    කොලොන්නාව කසල ගැටළුව හා සම්බන්ධ ගැටළු වලදි කොලොන්නාවේ උපන් කොලොන්නාවේ හැදුණු වැඩුණු තමන් ඉතා සංවේදිව ක්‍රියාකරන බවත් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ එම ගැටළුව විසදිම සදහා මේ වනවිටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසන්න සෝලංගආරච්චි පවසයි.. මාධ්‍ය සංදර්ශණ වල නිරත අයවලුන් මේ වනවිට මෙම ගැටළුව විසදිමට ගෙන ඇති පියවර මොනවාදැයි ඔහු විමසයි. තමන්ට සංදර්ශණ කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කොලොන්නාව ජනතාව වෙනුවෙන් කසල ගැටළුව විසදිමේ වගකිම තමා භාරගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.

  • ෆේස්බුක් නිසා විදුහල්පති පහර දුන් ශිෂ්‍යා රෝහලේ..

    දිඹුලාගල  අධ්‍යාපන කලාපයට අයත් අරනගන්විල ප්‍රදේශයට අයත් පාසලක 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා තමා මුහුනුපොතේ පළකරන ලද පොස්ට් එකක් සම්බන්දව එම විදුහලේ විදුහල්පතිතුමා මෙලෙස පහර දී ඇත. පහර දීමෙන් අනතුරුව මෙම සිසුවා නේවාසික ප්‍රතිකාර සඳහා  පොලොන්නරුව මුලික රෝහලට ඇතුලත් කිර ඇති අතර ඊයේ (27) දිනයේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත තිබු බව එම සිසුවාගේ පියා කේ.ආර්.සුගත් ප්‍රියන්ත මහතා පැවසිය.

    දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම.සංජිවනි මහත්මියගෙන් මේ පිළිබඳව විමසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ එවැනි පහරදීමක් සම්බන්දව තමන් නොදන්නා බවයි. අදාල විදුහල්පතිවරයාගෙන් මේ පිළිබඳව විමසන බවද ඇය කියා සිටියාය.

  • මෙවර ශ්‍රීල.නි.ප මැයි දින රැළිය ගැටඹේදී – කමිටුව අද රැස්වෙයි..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද(28) පක්ෂ මූලස්ථානයේ දී  රැස්වීමට නියමිතව තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය  ඉසුර  දේවප්‍රිය මහතා සඳහන් කළේය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව සදහන්.
  • ඖෂධ සංස්ථාවේ වරදින් රජයේ කෝටි 11 ක බේත් වතුරේ යන ලකුණු…

    රාජ්‍ය ඖෂධ සංස්ථාවට අයත් ගබඩාවල රුපියල් කෝටි 11 ක පමණ වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් කල් ඉකුත්වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය ඖෂධ සංස්ථාවට (එස්.පී.සී.) අයත් ගබඩා කිහිපයක ගබඩා කර තිබෙන විවිධ වර්ගවලට අයත් එම ඖෂධ තොගය කල් ඉකුත්වෙමින් තිබෙන බවට දැනටමත් ගණන් බලා තිබෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    ඖෂධ වර්ග 53ක් මාර්තු මාසය, අපේ‍්‍රල් මාසය, මැයි මාසය, ජුනි මාසය, ජුලි මාස සහ සැප්තැම්බර් මාසය යන කාලවලදී කල් ඉකුත්වීමට නියමිත බවට ගණන් බලා ඇතැයි ද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් මෙලෙස කෝටි ගණන් වටිනා ඖෂධ නිකරුණේ විනාශ වෙන බවද පැවසේ.