Tag: featured

  • ලොව වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී

    ලෝක එක්දින පිටියේ වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන ඕස්ටේ‍්‍රලියාවේ ශෝන් ටේට් සියලූ ක‍්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබෙන අතර වේගවත්ම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමිව ඇත්තේ 03 වන ස්ථානයයි.

    පැයට කිලෝමීටර් 161 යි දශම එකක වේගයකින් පන්දුවක් යවමින් ශෝන් ටේට් විසින් 2010 දී මෙම වාර්තාව පිහිටවනු ලැබු අතර එක්දින තරග 35ක දී කඩුලූ 62ක් සහ පන්දුවාර විස්ස තරග 21ක දී කඩුලූ 28ක් බිඳ හෙළා ඇති ඔහු 2011 වසරෙන් පසුව කිසිදු එක්දින තරගයකට ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ක‍්‍රීඩා කර නොතිබිමද සුවිශේෂි සිදුවිමකි.
    ශෝන් ටේට් මේ වනවිට තිස්හතර වන වියේ පසුවනවා.

  • බලපිටිය මහාධිකරණයට හොරු පනී – අපරාධ රැසක ලිපි ගොනු අතුරුදන්

    බලපිටිය මහාධිකරණයේ ලේඛණගාරයට කිසියම් පිරිසක් නීති විරෝධීව ඇතුළු වී එහි තිබූ ලිපි ලේඛන සොරාගෙන ගොස් තිබෙන බව අපට වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ ලේඛනාගාරයේ මිනී මැරුම් සහ අපරාධ රැසකට සම්බන්ධ වැදගත් ලිපි ගොනු රැසක් තිබූ බවයි. ඒවායින් කොටසක් සොරා ගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. එහෙත් එම ලිපි ලේඛන සම්බන්ධ නිවරැදි තොරතුරක් මෙතෙක් අනාවරණ වී නැහැ.

    සොරා ගෙන ගොස් ඇති ලිපි ලේඛන සම්බන්ධයෙන් මේ වනවිට අම්බලන්ගොඩ පොලිසිය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා පොලිස් සුනඛයින්ගේද සහය ලබා ගැනීමටයි පියවර ගැණුනේ.

    මහාධිකරණය පිටුපස පිහිටි තාප්පයෙන් පැන ලේඛනාගාරයේ ජනේලයකින් ඊට ඇතුළු වී මෙම ලිපිගොනු පැහැර ගෙන ඇති බවටයි මේ දක්වා සිදු කර ඇති මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

  • කොළඹට ජලය නෑ – සැපයුම අත්හිටුවන වේලාව මෙන්න

    අනිද්දා (29) පෙරවරු නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව අපට වාර්තා වන අතර ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

    මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ ද මෙන්ම කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශය මෙන්ම රත්මලාන ප‍්‍රදේශයද ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ අතරට අයත්. අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් මීට හේතුව බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

  • පොලිසි‍යේ වැඩ නැති 300කට මාරුවීම්

    නිසි රාජකාරියකින් තොරව ඇමැති ආරක්ෂක අංශ සංචිතයේ (එම්.එස්.ඩී) සේවයේ නියුතු නිලධාරීන් 500 කින් 200 දෙනෙක් අප්‍රේල් 1වැනිදා සිට විවිධ පොලිස් ස්ථානවලට මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත.

    එලෙසම පැවරුණු රාජකාරීවලින් තොර තවත් නිලධාරීන් 100 කට පමණ ඉදිරියේ දී ස්ථාන මාරුවීම් දීමට කටයුතු සිදුවෙමින් පවතින බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව පොලිස් නිලධාරීහු 1300ක් පමණ සේවයේ නිරතව සිටීන අතර මෙසේ ස්ථානමාරුවීම් ලබන පොලිස් නිලධාරීන් අතර ඇතැමුන් වසර 25 කට අධික කාලයක් ඇමැති ආරක්ෂක අංශයේම සේවය කරමින් සිටින බවත්, පොලිස් කොස්තාපල් නිලයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දක්වාවූ නිලයන්වල අය සිටින බවත් වාර්තාවේ.

  • මාමයි බෑනයි නිසා ඊපීඑෆ් පාඩුව කොටි 950යි.

    සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් සේවක අර්ථසාධක අරමුදලට රු. කෝටි 950 ක පමණ අතිවිශාල අලාභයක්‌ සිදුව ඇතැයි මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩල ආරංචි මාර්ග පවසයි.

    ඉකුත් මාර්තු 23 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමට අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත්ව ඇති අතර එම වාර්තාව මගින් එම අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනුවලින් රු. කෝටි 950 ක පමණ අලාභයක්‌ සිදුව ඇතැයි මුදල් මණ්‌ඩලයට නිල වශයෙන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

    මහ බැංකුවේ සහකාර අධිපති කුමුදුනී සරවනමුත්තු මහත්මියගේ නායකත්වයෙන් යුතුව මෙම විශේෂ අභ්‍යන්තර පරීක්‍ෂණය සිදුකෙරුණු අතර එමගින් 2015 සහ 2016 යන වසර දෙකේ රජයේ සුරැකුම්පත්වල අර්ථසාධක අරමුදල විසින් සිදුකළ ගනුදෙනු පිළිබඳව පරීක්‍ෂණ සිදුකරන ලදී.

    මෙම අභ්‍යන්තර පරීක්‍ෂණයේදී මෙම ගනුදෙනුවලට මහ බැංකුවේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ වී ඇති බව හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනොගේ නම් ද අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව මගින් මුදල් මණ්‌ඩලය වෙත වාර්තා කර තිබේ. එම නිලධාරීන් දෙදෙනාගෙන් එක්‌ අයකු මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන අතර අනිත් නිලධාරියා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි.

    මේ නිලධාරීන් දෙදෙනා එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ සමඟ අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමට සෘජුවම සම්බන්ධ වී ඇති බවත් එම ගනුදෙනුවලින් සේවක අර්ථ සාධක අරමුදලට විශාල අලාභ සිදුව ඇති බවත් මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව මගින් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට දැනුම් දී තිබෙන බව ද දැනගන්නට ඇත.

    මෙම වාර්තාව මගින් හෙළිකර ඇති අර්ථසාධක අරමුදලේ දැවැන්ත අලාභයට සෘජුවම වගකිවයුතු බවට නිලධාරීන් දෙදෙනකු හඳුනාගෙන ඇති බැවින් වහාම එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කොට විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට ඉකුත් බ්‍රහස්‌පතින්දා (23 දා) මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී නිහාල් ෆොන්සේකා සහ ක්‍රිෂාන්ත පෙරේරා යන මුදල් මණ්‌ඩල සාමාජිකයන් ඉල්ලීම් කර තිබුණත් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා සහ එම්. රාමනාදන් මහත්මිය මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කර ඇති බව ද මුදල් මණ්‌ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. අවසානයේ රටේ සේවක ප්‍රජාවගේ විශාලතම අරමුදලට සිදුකළ දැවැන්ත අලාභයක්‌ හමුවේ පවා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් සැහැල්ලු පිළිවෙතක්‌ අනුගමනය කිරීමට තීරණය කර ඇතැයි ද ඒ අනුව අදාළ සහකාර අධිපතිවරයාගේ සහ අර්ථසාධක අරමුදලේ නිලධාරියාගේ වැඩ තහනම් නොකර ඔවුන් එම තනතුරුවලම තබාගෙන ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

    මෙතරම් විශාල මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ බවට මහ බැංකුවේම අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවකින් පැහැදිලිව චෝදනා එල්ල වී තිබියදීත් වත්මන් මහ බැංකු අධිපතිවරයා මෙවැනි පිළිවෙතක්‌ අනුගමනය කිරීම මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඉමහත් විමතියට හේතු වී ඇති බව ද මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ‘දිවයින’ ට වාර්තා වේ.

  • ලොව පළමුවරට වයසට යාම වළක්වන ඖෂධයක් සොයාගැනේ..

    වයස්ගත වීම වැළැක්වීම සඳහා නව පෙරළිකාර සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. නව ඖෂධය මඟින් හානි වූ ඩී.එන්.ඒ අණු ආශ්චර්යමත් ලෙස නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා අභ්‍යවකාශගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව ඇතැයි පැවැසේ.

    ඩී.එන්.ඒ ප්‍රකෘතිමත් කිරීම සහ සෛල වයස්ගත වීම තුළ තිබෙන සංඥා ක්‍රියාවලියක් අනාවරණය කරගැනීමෙන් අනතුරුව මෙම නව ඖෂධය සංවර්ධනය කිරීමට පර්යේෂක කණ්ඩායමක් සමත්වී තිබේ. පර්යේෂණාගාර මීයන් යොදාගනිමින් මෙම නව ඖෂධය අත්හදා බලා ඇති අතර එහිදි නව ඖෂධය වයස් ගතවීම නිසා හෝ විකිරණවලට නිරාවරණය වීම නිසා හෝ හානිවන ඩී.එන්.ඒ අණුව සෘජුවම ප්‍රකෘතිමත් (නැවත පිළිසකර) කරන බව අනාවරණය වී ඇත.

    ‘සතියක ප්‍රතිකාරවලින් පසු තරුණ මීයන්ගේත් වයස්ගත මීයන්ගේත් සෛල හඳුනාගත නොහැකි’ යැයි ප්‍රධාන කර්තෘ මහාචාර්ය ඩේවිඩ් සින්ක්ලෙයාර් ප්‍රකාශ කර ඇත. මාස හයකට මෙම නව ඖෂධය මිනිසුන්ට ලබා දී පර්යේෂණ සිදුකිරීමට නියමිතය. ‘වයස්ගත වීම වළක්වන ආරක්ෂාකාරී ඖෂධයක් සොයාගත් ආසන්නම අවස්ථාව මෙයයි. ඉදිරි පර්යේෂණ සහ අත්හදා බැලීම් සාර්ථකව වුවහොත් තවත් වසර තුනත් හතරත් අතර කාලයකදී මෙම නව ඖෂධය වෙළෙඳපොළට ලබාදිය හැකියි’ යැයි මහාචාර්ය සින්ක්ලෙයාර් පැවැසීය.

    මෙම නව සොයාගැනීම නාසා ආයතනයේ අවධානයට ද යොමු ව ඇත. අඟහරු මත කෙරෙන සිවු අවුරුදු මෙහෙයුමදී අභ්‍යාවකාශගාමීන්ගේ සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණදීම සඳහා නාසා ආයතනය මෙම නව ඖෂධය සලකා බැලීමට නියමිතය. අභ්‍යාවකාශ විකිරණ (කොස්මික් විකිරණ) හේතුවෙන් ඉතා කෙටි මෙහෙයුම්වලදී පවා අභ්‍යාවකාශගාමීන්ගේ වයස්ගතවීමේ වේගය ඉක්මන් වන අතර එම විකිරණවලට නිරාවරණය වීම නිසා මාංශපේශී දුර්වල වීම, මතකය අහිමි වීම සහ අනෙකුත් රෝගාබාධවලට ඔවුහු ගොදුරුවෙති. අඟහරු ග්‍රහයාට ගිය අවස්ථාවකදී එය වෙනස්වීමට ඉඩ ඇත. අභ්‍යවාකාශගාමීන්ගේ සෛලවලින් සියයට පහක් විනාශ වන අතර ඔවුන්ට පිළිකා ඇතිවීමේ අවදානම සියයට සියයකි.

    ඉකුත් දෙසැම්බර් මාසයේදී නාසා ආයතනය සංවිධානය කළ ‘නාසා අයිටෙක්’ තරගයේ ජයග්‍රහකයන් වූයේ ද මහාචාර්ය සින්ක්ලෙයාර් සහ ඔහුගේ මිතුරා වන ආචාර්ය ලින්ඩ්සේ වූ ‘ජීව විද්‍යාත්මක ගැටලුවකට අපි පිළියම් සොයාගත්තා. ඒ නිසා 300ක් අතරින් අපට ජයග්‍රහණය හිමිවුණා’ යැයි ආචාර්ය වූ පැවැසීය.

    අභ්‍යාවකාශ විකිරණ (කොස්මික් විකිරණ) ගගනගාමීන් මුහුණ දෙන ගැටලුවක් පමණක් නොවේ. ගුවන් ගමන්වලදී විකිරණවලට නිරාවරණය වන අතර ලන්ඩන් – සිංගප්පූරුව – මෙල්බන් යන ගුවන් ගමනකදී අපි සියලු දෙනා පපුවට ගමන් කරන එක්ස් කිරණ විකිරණයකට මුහුණ දුන්නා හා සමානය.

    න්‍යායාත්මකව නව වයස්ගත වීම වළක්වාලන ඖෂධය නිතර ගුවන් ගමනවල යෙදීමෙන් ඩී.එන්.ඒ අණුවලට බලපෑම් එල්ල වූ මඟීන්ට ද ප්‍රතිකාර කිරීමට භාවිත කළ හැකිය. ළමා වියේදී පිළිකාවලින් බේරෙන පිරිස මෙම නව ඖෂධයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි තවත් කොට්ඨාසයකි.

    ළමා වියේදී පිළිකාවලින් බේරෙන පිරිස්වලින් සියයට 96කට ආසන්න පිරිසකට වයස අවුරුදු 45 පමණ වන විට නිදන්ගත රෝගවලින් පීඩා විඳින බව ආචාර්ය වූ පැවැසීය. ඔවුන්ගෙන් බොහෝ දෙනා හදවත් රෝග, දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගී තත්ත්වය, ඇල්ෂයිමර් රෝගී තත්ත්වය, මුල් තත්ත්වයට වඩා වෙනස් පිළිකා රෝග තත්ත්වලට ගොදුරු වෙති. ‘ඔවුන්ගේ වයස්ගත වීමේ වේගය ද ඉක්මන් වනවා. එය ඉතා බරපතළ තත්ත්වයක්’ යැයි ආචාර්ය වූ පැවැසීය. ‘අපට ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් එය විශිෂ්ටයි. මේ අණුවලින් අපට යමක් කරන්න පුළුවන්. අපට එය විශ්වාසයි. මීයන් යොදාගනිමින් නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේදී කරන ලද පර්යේෂණ සාර්ථකයි. නව ඖෂධය ඔස්සේ කලින් කී රෝගවලටත් ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා’ ආචාර්ය වූ සඳහන් කළේය.

    ස්වභාවිකවම අපගේ සෛලවල සූර්ය නිසාත් විවිධ හේතු නිසාත් හානිවන ඩී.එන්.ඒ අණු නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කරගත හැකි වුවත් වයස් ගත වීමත් සමඟ එම හැකියාව නැති වී යනවා. සිරුරේ තිබෙන සෑම සෛලයකම ස්වභාවිකම තිබෙන සෛල සංඥා සපයන NAD+ අණුව ඩී.එන්.ඒ අණු ප්‍රකෘති තත්ත්යට පත් කරන ප්‍රෝටීන අන්තර් ක්‍රියාවලියේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව සොයාගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබේ. මීයන්ට NAD+ අණුව , වර්ධකයක් (එන්.එම්.එන්, තමන්ගේ සෛල වර්ධනයක්) යොදා ගනිමින් ප්‍රතිකාර කර ඇති අතර එහිදි වයස්ගත වීම නිසා හෝ විකිරණවලට නිරාවරණය වීම නිසා හෝ හානි වූ ඩී.එන්.ඒ අණු ප්‍රකෘතිමත් කිරීමේ හැකියාව ඇති බව සොයාගෙන ඇත.

    මේ වසරේදීම බ්‍රිගහම් සහ බොස්ටන් හි පිහිටි කාන්තා රෝහලේදී මිනිසුන් යොදාගෙන මෙම නව සොයාගැනීම අත්හදා බැලීමට නියමිතය.

  • ජනාධිපතිවරණ සමයේ රත්නපුර වේදිකා මිනීමැරුම් නඩුවේ සාක්කි විභාගය හෙට සිට

    2015 ජනපතිවරණ සමයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රචාරක රැළියකට කඩාවැද සැරසිලි කඩා දමා වෙඩි තබා පුදගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභාවේ වත්මන් මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයසිංහ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි මීනීමැරුම් නඩුවේ සාක්කි විභාගය හෙට (27 වැනිදා) සිට ඉදිරියට රත්නපුර මහාධිකරණයේ දී පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව මාර්තු 27, 28 සහ 29 යන දින තුනේදී නඩු විභාගය පැවැත්වීමට නියමිතය.

  • ජනපති හදිසියේම මහඇමතිවරු කොළඹට කැඳවයි.

    එක්සත් ජනතා නිදහස් සන්දානයට බලය හිමි පළාත් සභා 7හි මහඇමතිවරුන් හදිසියේම කොළඹට කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී 7 ට පැවැත්වෙන විශේෂ සාකච්ජාවක් සඳහා මෙම මහ ඇමතිවරුන් කැඳවා ඇතැයි වාර්තා වේ.

    ඉදිරි මැතිවරණ කටයුතු සහ පලාත් සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ කරුණු කිහිපයක් මෙහිදි සාකච්ජා කිරීමට නියමිතව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

  • වායු සමන තාක්ෂණයෙන් තේ දළු වියළන ක්‍රමවේදයක් කරලියට…..

    අධික උෂ්ණත්වය භාවිත කර තේ වියළීම වෙනුවට වායු සමීකරණ තාක්ෂණය යටතේ තේ දළු වියළීමේ අලූත් යන්ත‍්‍රයක් නිපදවීමට පාදුක්ක වටරැක නව නිර්මාණකරුවෙක් සමත්වී සිටී.

    මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරියකු වන ඔහු නමින් සෙනරත් සමන්තිලක ය. දැනට සිදුකෙරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 ත් අතර අධි උෂ්ණත්වයක් යටතේ තේ දළු වියළා ගැනීමය. එහිදී තේ දළුවල ඇති රසය, ගුණය මෙන්ම නියමිත වර්ණයද වෙනස් වෙන අතර මෙම නව වායු සමීකරණ තාක්ෂණය යටතේ නිපදවූ යන්ත‍්‍රයෙන් තේවල ඇති ගුණාංග නිසි පරිදි ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.

    ලොව කිසිම නිෂ්පාදයකයකුට සොයාගැනීමට නොහැකිවූ මෙම තාක්ෂණය තමාට සොයාගැනීමට හැකිවූයේ වසර 10 ක් පමණ සිට තේ කර්මාන්තයේ නියැළීමත් ඒ හා බැඳුණු නව පර්යේෂණ සොයායෑම බවත් සෙනරත් පවසයි.

    ‘අපනයන බෝගයක් වන තේ වලින් අපට විශාල විදේශ විනිමයක් රටට ගෙන්න පුළුවන්. එහෙත් එහි නියමිත රසය සහ ගුණාංග නොමැති විට විදේශ වෙළෙඳපොළ එය ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයට පවා පත්වෙන්න පුළුවන්. දැනට සිදුකරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 අතර ඉහළ උෂ්ණත්වය පරාසයකින් තේ දළු වියළා ගැනීමයි. එහිදී ස්වාභාවිකව නැවුම් ගුණාංගවල ගැබ් වෙලා තියෙන අතිශය සංවේදී සහ සංකීර්ණ රසායනික ලිනලෝල්, ජෙරනියල්, ෆීනයිල් වැනි සංයෝග විනාශයට පත්වෙනවා. මේ ස`දහා විසඳුමක් ලෙස වායු සමීකරණ තාක්ෂණය උපයෝගීකරගෙන තේවල සැඟවුණ රසය හා ගුණාංග එලෙසින්ම ආරක්ෂා කරගැනීමට හැකිවන යන්ත‍්‍රයක් නිපදවීමට මට හැකිවුණා‘

    ‘මෙම සුවිශේෂී යන්ත‍්‍රය ලංකාවේ නිෂ්පාදනය කළත්, බොහෝ තාක්ෂණික හා ඉලෙක්ට්‍රෝනික උපාංග විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදුවුණා. මෙම යන්ත‍්‍රයෙන් කෙරෙන්නේ ශීත සහ මද උණුසුම් වායු සම්මිශ‍්‍රණක් මගින් තේ ද`ඵවල ඇති ජලය ඉවත් කිරීම හෙවත් තේ දළු ‘විජලනය’ කිරීමයි. සෙල්සියස් අංශක 55 ට අඩු උෂ්ණත්වයක් යටතේ තේ දළු විජලනය කිරීම මෙම යන්ත‍්‍රයේ ඇති විශේෂත්වයි. මෙම යන්ත‍්‍රයෙන් පැයකට තේ දළු කිලෝ 25 ක් පමණ වියළා ගැනීමට හැකිවෙනවා. එමගින් තේවල ඇති රසය නොඅඩුව ලබාගන්න පුළුවන්. එය අප හඳුන්වන්නේ ‘වර්ජින් ටී’ ලෙසයි. පිළිකා නැසීම, දියවැඩියාව පාලනය, ආතතිය අඩුකිරීම, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක‍්‍රියාකාරීත්වයට වගේම ආහාර රුචිය වැඩිකිරීමටත් මෙම වර්ජින් ටී ඉවහල් වෙනවා.’’

    ‘මෙවැනි උසස් තාක්ෂණයක් තුළින් අපේ තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිකිරීම මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයීමට අපට හැකිවෙනවා. එමෙන්ම දැනට තේ දළු වියළීමට භාවිත කරන විශාල උදුන්වලට දර සපයාගැනීමට ඇති අපහසුතාවද ම`ග හැරෙනවා. දැව පිළිස්සීම තුළින් සිදුවන පාරිසරික විනාශයද අවම කරගැනීමට හැකිවෙනවා‘
    ‘මෙම නිර්මාණය අත්හදා බැලීමේදී තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය විශාල සහයෝගයක් ලබාදුන්නා. තායිවානය සහ ඉන්දියාව මේවන විට මෙවැනි යන්ත‍්‍රයක් නිපදවා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම වායු සමීකරණ තාක්ෂණයෙන් සහ වායු සම්පීඩක තාක්ෂණයෙන් දැව පදම් කිරීමේ යන්ත‍්‍රයක් සහ නැවුම් පිරිසුදු පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍රෝපකරණද මා නිර්මාණය කර තිබෙනවා. දැනටමත් මා නිර්මාණය කළ සමහර යන්ත්‍රෝපකරණ කර්මාන්තකරුවන් භාවිත කරනවා‘ යැයි සෙනරත් මහතා පැවැසීය.

  • තම පක්ෂය පිළිබඳව මර්වින් මොනවද කිව්වේ..(video)

    නව පෙනුමකින් පැමිණි මර්වින් සිල්වා මහතා තමා ගොඩනැගීමට බලාපොරොත්තු වන නව පක්ෂය පිළිබඳව අදහස් දැක්වුවා. එහිදී ඔහු සඳහන් කලේ බැසිල් රාජපක්ෂ තම දේශපාලන ජීවිතය විනාස කල බවත්, එක්සත් ජාතික පක්ෂය හැරයාම පිළිබඳව තමා කණගාටු වන බවත්ය

  • සැමියන්ට හා දරුවන්ට කොලේ වසා මව්වරු සූදු කෙලියේ…

    මිගමුව මුන්නක්කරය ප්‍රදේශයේ කරවල වෙළදාම කරන මව්වරු 5ස් දෙනෙක්  තම ස්වාමිපුරුෂයන්ට හා දරුවන්ට බොරු කියා මුදල් ඔට්ටුවට සුදු කෙලිමට ගොස් ඇත. කාලයක් තිස්සේ කරගෙන යන මෙම ක්‍රියාව කරවල වෙළදාමෙන් හොදට  අතමිට සරු වූ විට මෙසේ ඔවුන් රහසිගත නිවසක සුදු කෙලිමට පුරුදුව ඇත.

    පොලිසිය වටලන අවස්ථාව වන විටත් මොවුන් ලග දහස් ගණන් මුදල් තිබී ඇති අතර එම අවස්ථාවේදී මෙම කාන්තාවන් ඉතා සුක්ෂමව පොලිසියෙන් බේරී යාමට උත්සහ ගෙන ඇති නමුත්  පොලිසියෙන් ඊට ඉඩ නොලැබී ඇත.

    අත්අඩංගුවටගත් මෙම කාන්තාවන් 5ස් දෙනා හට දඩුවම් ලෙස පැය  50 බැගින් ප්‍රජා සේවයේ යෙදෙන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් දුෂ්මන්ත එපිටවල මහතා නියෝග කර ඇත.

  • රැජිනිකාන්ත් ශ්‍රීලංකා සංචාරය අවලංගු කරයි.

    ඉන්දීය සුපිරි නළු රැජිනිකාන්ත් ලබන මස 9සහ 10දිනට යෙදී තිබුණු  ශ්‍රී ලංකා සංචාර අවලංගු කර ඇත. ඒ කොටි හිතවාදීන්ගෙන් එල්ල වන දැඩි විරෝධය හේතුවෙන්.

    විදුතලෙයි චිරුතායිගල් කාචි එම්ඩ්එම්කේ පක්ෂ විසින් එල්ල කරන ලද දැඩි චෝදනා නිසා ලබන මස 9වන දින යාපනයේ පැවතෙන  උත්සවයට තමන්   සහභාගී නොවන බව නිළ වසයෙන්  ලිපියක් මගින් දැනුම් දී ඇත.

    යාපනයේ දෙමල ජනතාව ජිවත් වන ආකාර දැකබලා ගැනීමටත්, ඉන්දියානු ධිවර ජනතාව මුනුන දෙන ගැටළු පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග  සාකච්චා කිරීමට ද තමන් බලාපොරොත්තු වූ බව රැජිනිකාන්ත් සිය ලිපිය මගින් කියා තිබෙනවා. එමෙන්න්ම ඔහු කියා සිටියේ “මම ඒ උත්සවයට සහභාගී වෙන්නේ නෑ. නමුත් තිරුමාලවන් සහ වයිකෝ කියන කාරනා වලට මං එකග නෑ” යනුවෙනි.

    ලීසා ආයතනය විසින් පසුගිය දවසක නිවේදනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ රැජිනිකාන්ත් යාපනය ප්‍රදේශයේ සංචාරයකට සහභාගී වන අතර  එහිදී දෙමළ ජනතාවට ඉදිකළ නිවාස විවෘත කිරීමේ උත්සවයකට එක්වන බවත්ය. යම් හෙයකින් රැජිනිකාන්ත් මෙම සංචාරය සඳහා එක්වුව හොත් ලීසා ආයතනය මගින් නිෂ්පාදිත චිත්‍රපට තමිල්නාඩුව තුල තහනම් කිරීමට කොටි හිතවාදී දේශපාලන විරෝධකරුවෝ ක්‍රියා කරන බවට ඔවුන් දැනුම් දී තිබේ.

  • පුත්තලම සිට පැමිණි දුම්රියක් රෝද ගැලවී පීලි පනී.(Photo)

    පුත්තලම කොටුව දෙසට තම  දුරිය ගමන් මාර්ගය අවසන් කොට නැවත දෙමටගොඩ දුම්රිය අංගනය වෙත ගමන් කිරීමේදී ඊයේ(26) රාත්‍රියේ මෙම දුම්රියේ රෝද ගැලවී පීලි පැනීමක් සිදුව ඇත. 

  • පරාජයට හේතුව පිටුපස රහසිගත සැලසුමක්!

    ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 90 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (25) රාති‍්‍රයේ සමත් වුණා.

    තරගය පැවැත්වුණේ රංගිරි දඹුලු අන්තර් ජාතික ක්‍රිකට් කී‍්‍රඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 324ක් රැස් කිරීමට සමත් වුණා.

    එම ලකුණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එක් වුණේ එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි. බංග්ලාදේශය එක්දින පිටියේ වාර්තා කළ 3 වන වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා.

    ප‍්‍රතිවාදී කණ්ඩායමක් රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවතීමද විශේෂත්වයක්.

    ලකුණු 325 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45 යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවි රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 234 ක් පමණයි.

    දිනේෂ් චන්දිමාල් ලකුණු 59 ක් රැස් කළා. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ තිසර පෙරේරා පන්දු 35 කදී හයේ පහර දෙකක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 55 ක්.

    ශතකයක් වාර්තා කළ බංග්ලාදේශ ආරම්භ පිතිකරු තමීම් ඉක්බාල් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.

    තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ එකට බින්දුවක් ලෙස මේ වන විට බංග්ලාදේශය පෙරමුණ ගෙන සිටිනවා. දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ලබන අඟහරුවාදා රංගිරි දඹුළු අන්තර් ජාතික ක්‍රිකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

  • පුවත් මවන ගයාන් – චතුරිකා – ෆර්ශිනා කතාවේ අලුත්ම තත්වය මෙන්න..

    ‘‘මට අද පිටරටක ඇවිත් අනුන්ගෙ ගේක වැඩ කරන්න වෙලා…”
    ‘‘දැන් මගෙ ලොකු පුතාගේ නම්බර් එක බ්ලොක් කරලා..”
    ‘‘සුදු අම්මි කිව්වෙ නැත්තං චතුරිකා පුතාට ගහනවලු..”

    ජනප්‍රිය රංගන ශිල්පි ගයාන් වික්‍රමතිලක මේ වන විට ජීවත් වන්නේ රංගන ශිල්පිනි චතුරිකා පීරිස් සමගින්.

    ගයාන්ට පෙර විවාහයෙන්ද දරුවන් දෙදෙනෙකු සිටින අතර තමන්ට ගයාන්ගේ සිදුවූ අසාධාරණයක් ගැන පවසමින් ගයාන්ගේ පෙර විවාහයේ බිරිඳ ෆර්ෂානා වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

    මේ අතර ගයාන්ද ඉහත වීඩියෝවට ප්‍රතිචාර දක්වා ඇති බව අපට වාර්තා වේ….

    ‘‘පාන්දර 2 ට මාව එළෙව්වා පලයං කියලා…“
    ‘‘එයාලගෙ කැමැත්තෙන් තමයි මට ළමයි දෙන්නා දුන්නෙ.“
    ‘‘දුක කියලා මිනිස්සු රවට්ටලා රට කළඹලා තියෙන්නෙ..“

    ගයාන් වික්‍රමතිලක කියන්නේ මෙරට රංගන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ගැන විටින් විට විවිධ කතා බහා ඇති වුණා. ඔහු ගැන ඔහුගේ හිටපු බිරිද වීඩියෝ හඬ පටියක් නිකුත් කර තිබුණා. ඔවුන්ගේ දරුවාව ගයාන් බලෙන් රඳවාගෙන සිටින බවට. ඇය දක්වා තිබුණු අදහස්වලට ගයාන් සුපිරි ගොසිප් වෙත උත්තර දුන්නේ මේ විදිහටයි.

    “එයා කියලා තිබුණේ මම ලොකු පුතාව හිරකරගෙන ඉන්නවා. පුතාව ඉල්ලලා දෙන්න කියලා කියන්නේ.එයා දරුවාට ආදරේ නම් මුලින්ම කරන්න ඕන වීඩියෝ හඬ පටි ගොසිප්වල දාන එක නෙමෙයි. මුලින්ම විසා එක හදාගෙන ලංකාවට එන එක. ඇවිත් මගෙන් හරි පොලිසිය මාර්ගයෙන් හෝ උසාවිය මාර්ගයෙන් දරුවාව ලබා ගන්න එක. එහෙම නැතුව මට මඩ ගහන එක නෙමෙයි. මට කියන්න තියෙන්නේ එයාලා සල්ලි පොලියට අරගෙන ඒවා ගෙවා ගන්න බැරුව ෆර්ෂිනා රට ගියා.“

    ‘‘එයා රට යන්නෙ 2016 අවුරුද්දෙ. 2012 සැප්තැම්බර් මාසයේ එයාලා පවුලෙන් මාව එලෙව්වා. ‘‘පලයං කියලා. එතකොට පාන්දර 2.30 ට විතර ඇති. ඒයාලා මුස්ලිම් ජාතියෝ. මට ආගමට බැඳෙන්න කියලා කෙනෙහිලිකම් කළා. එක එක කට කතා හැදුවා. උඹට ඕන විදිහට ජීවත් වෙයං කියලා උදේ පාන්දර මාව එලෙව්වේ. ඒ වෙලාවේ මගේ අතේ තිබුණේ වාහනෙයි වාහනේ යතුරයි විතරයි. උප්පැන්න සහතිකෙයි, බැංකු පොත්, පාස්පෝට් එක ඒගොල්ලො තියාගත්තා.“

    ‘‘ෆර්ෂිනා එක තැනක කියලා තියෙනවා දරුවො දෙන්නා හදාගන්න වැඩට එක්කෙනක් තියා ගත්තා කියලා. මමයි වියදම් කරලා දරුවො දෙන්නව හදාගන්න වැඩට දෙන්නෙක් ගත්තෙ. එයා කියලා තිබුණා එයාගේ අම්මගෙ ව්‍යාපාර කඩාගෙන වැටුණා කියලා. කඩවත ඉන්න කාගෙන් හරි අහලා බලන්න එයාලාට මොන වගේ ව්‍යාපාරද තියෙන්නෙ කියලා. මම දන්න තරමින්නම් කිසි ව්‍යාපාරයක් නැහැ. එක දෙයයි තියෙන්නෙ ත්‍රිවිල් එකක් විතරයි. එයාලා ජීවත් වෙන්නෙ මිනිස්සුන්ගෙන් එක තැනකින් පොලියට සල්ලි අරගෙන තව තැනකට ඒක පියවලා. මගෙ නම පාවිච්චි කරලත් සල්ලි අරන් තියෙනවා.“

    ‘‘මමයි නලුවෙක් විදිහට ලැජ්ජ වෙන්නෙ. මගේ නම විකුණලා. ඔය විදිහට පොලියට ගන්න ඒවා මම නිසා කළා නම් 2007 අවුරුද්දෙ ඉඳලා 2016 වෙනකං ඒ මිනිස්සු ඇයි ඉන්නෙ. එන්න එපැයි මාව හොයාගෙන. මං ඉන්නෙ අරංගල. මං කාවවත් රවට්ටලා අනාථ කරන කෙනෙක් නෙමෙයි. ඒ ගෑණු කෙනා රට යන්නෙ 2016 මාර්තු වල. ඒ ගියාට පස්සෙ දරුවො දෙන්නා තියලා ගියේ එයාගේ අම්මයි තාත්තයි ළග. දවසක් එයාගේ තාත්තා අපේ මාතලේ ගෙදරට කෝල් කරලා දරුවො දෙන්නව අරන් යන්න කිව්වා. මම කඩවත පොලිසිය දැනුවත් කරලා ළමයි දෙන්නව මාතලේ ගෙදරට අරන් ගියා. එයාලගෙ අම්මයි තාත්තයි පොලිසියට ආවා. එයාලගෙ කැමැත්තෙන් තමයි මට ළමයි දෙන්නා දුන්නෙ කියලා පොලිසියේ සාක්ෂි දුන්නෙ.“

    ‘‘මම දරුවො දෙන්නව මාතලේ තියලා ඉගැන්නුවා. ඔය අතරතුර පොඩි පුතාට අවුරුදු 5 යි එතකොට. එයා නරක වැඩක් කරලා තියෙනවා. ඒකට අවවාද දුන්නා මම වේවැලකින් ගහලා ආයේ මේ වැඩේ කරන්න එපා කියලා. මම ළඟ ඉන්න බෑ කියලා අරගොල්ලො ළඟටම ආයෙත් ගියා. ඊට පස්සෙ මම ලොකු පුතාව කොළඹ ගෙනල්ලා චතුරිකායි මමයි ළඟයි තියා ගත්තා. ලොකු පුතාව රජයේ පාසලකට දාන්න යන්නෙ සඳුදා ඉදන් එයාට ඉස්කෝලෙ යන්න තියෙනවා.“

    ‘‘බොරුවට අඬලා, අම්මා කෙනෙකුගේ දුක කියලා මිනිස්සු රවට්ටලා රට කළඹලා තියෙන්නෙ. ගයාන්ව නරුමයෙක් ගානට දාලා. මට එක දෙයයි කියන්න තියෙන්නෙ මම මාසිකව නඩත්තු මුදල් ගෙවද්දිත් එයා මොකටද රට ගියේ.. ? එක කාසියක දෙපැත්ත දන්නෙ නැතුව එක පැත්තක් විතරක් දැනගෙන මිනිස්සු මට බනිනවා. එහෙම කරන්න එපා. ඇත්ත දැනගෙන කතා කරන්න.“

  • අපිට අගයක් නොමැති දේ චීනයේ තහනම් කරයි

    ෆේස්බුක් නොමැති ලොවක ජීවත් වීම ගැන වර්තමානයේ වෙසෙන ඔබට සිතන්නටවත් පුළුවන් ද? ඔබ හිතන්නවත් අකැමැති එම අත්දැකීමට මුහුණදෙන බිලියන 1.3ක ජනගහනයක් ලොව එකම රටක වෙසෙන බවත් ඔබට සිතන්නට පුළුවන්ද?

    මහජන චීන ජනරජය නැතහොත් ඔබ හොඳින් හඳුනන චීනය, ගූගල්, ෆේස්බුක් වැනි වර්තමානයේ මහජනයාට සමීප සේවා කිහිපයකටම තම රටේ වාරණයක් පනවා තිබෙනවා. එහි නවතම බිල්ල බවට පත්වී තිබෙන්නේ පින්ටරස්ට් (Pinterest) නම් සමාජ මාධ්‍ය ජාලයයි. පින්ටරස්ට් (Pinterest) හරහා පාවිච්චි කරන්නන් හට තමන් කැමැති දේ, අතථ්‍ය (virtual) බෝඩ් එකක බෙදාගන්න. නැතහොත් පින් කරන්න (අල්පෙනිත්තකින් ඔබ යම් දෙයක් බෝඩ් එකක රඳවන සේ) පුළුවන්කම ලැබෙනවා. මෙම පින්ටරස්ට් කියන නම හැදුණෙත් Pin සහ Interest යන නම් දෙක එකතු වීමෙන්.

    මීට ප්‍රථම පින්ටරස්ට් චීනයේ නිදහසේ හැසිරුණා. ගෙවල් අලංකරණය, කොණ්ඩා සැකසුම්, විලාසිතා, ඉවුම් පිහුම්, මංගල උත්සව සැලසුම් කිරීම, විලාසිතා ආදී කටයුතුවලට උපදෙස්, හෝඩුවා ලබා ගැනීම සහ ලබාදීම සඳහා මහජනතාව එය පාවිච්චි කළ නිසා, චීන රජයට එහි වාරණය කිරීමට තරම් නුසුදුසු දෙයක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ.
    චීනයේ සංචාරය කර ඇති පාඨක ඔබට හෝ ඔබේ හිතවතකුට හෝ චීනයේ දී මුහුණදෙන්නට සිදුවූ දුෂ්කරම ගැටලුව ලෙස ඇසුවොත්, බොහෝ දුරට පිළිතුර වන්නේ (වායු දූෂණය හැරුණු විට) මන්දගාමී ඉන්ටර්නෙට් සේවාවයි.

    සංචාරකයෝ මැසිවිලි නඟන චීනයේ මේ මන්දගාමී ඉන්ටර්නෙට් සේවයට හේතු වන්නේ, චීන රජය, අනතර්ජාලයේ වාරණයක් පවත්වාගෙන යෑම සඳහා මුළු චීනයම ආවරණය වන පරිදි දැවැන්ත ෆයර්වෝල් එකක් දමා ඇති බැවිණි.

    එම නිසා සංචාරකයෝ මෙය හඳුන්වන්නේ ගේ‍ර්ට් ෆයර්වෝල් ඔෆ් චයිනා (Great firewall of China) යනුවෙනුයි. චීනය එහි ඇති චීන මහා පවුර නිසා (Great firewall of China) ලොව සුප්‍රකට බැවින් මෙම වාරණය චීනය කුප්‍රකට කිරීමට මුල්වන නිසා සරදමට එම නාමය යොදා තිබෙනවා.

    පින්ටරස්ට්ට අමතරව චීනය ගූගල්, ෆෙස්බුක්, ට්විටර්, ස්නැප්චැට්, ඉන්ස්ටග්‍රෑම් වර්තමානයේ චීනයේ ඉන්ට(ර්)නෙට් භාවිත කරන්නන් මිලියන 731ක් සිටින අතර එයින් සියයට 95ක්ම වෙබ් එකට පිවිසෙන්නේ ජංගම දුරකතන හරහායි.