Tag: featured

  • අංශබාග රෝගීන් දවස් 20න් නැඟිට්ටවන බුද්ධදාස පරපුරේ බුල්නෑවේ ඉසිවරයා….

    ඔවුහු විස්මයජනක වෙදැදුරෝය. තුවාලවලට, ගෙඩිවලට, කැඩුණු අත්පාවලට, ඔවුහු දින කිහිපයකින් සුවය ලබා දෙන්නට සමත් වෙති. පිළිකා අපට සුවකළ නොහැකි රෝගයක් වූවාට ඔවුනට එසේ නොවේ. ඔවුහු පිළිකා දින අටකින් සුව කරති. සමෙහි හෝ බාහිර කැළැලක් වූවා නම් එය කලින් එතැන තිබුණාදැයි සොයාගත නොහැකි වන තරමටම කැළැල් සුව කරති. මා මෙම දිවයිනේ සිටි කාලය තුළදී හමුදා සොල්දාදුවන්, කපිතාන්වරුන් ඔවුන්ගේ ප්‍රතිකර්මවලින් සුවය ලබනු දැක ඇත. වඩාත් විස්මයජනක වන්නේ ඔවුන් එය එතරම්ම සැහැල්ලුවෙන් කරන අන්දමය.

    (ජොආ රිබෙයිරෝ, 1641-1658 කාලය තුළ ලංකාවේ සේවය කළ පෘතුගීසි සොල්දාදුවෙක්)
    හෙළ වෙදකම පිළිබඳව විස්මයට පත් පෘතුගීසිකාරයෙක් කීවේ එහෙමය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ රටේ පාරම්පරික දේශීය වෙදකම අසිරිමත්ය. විමතිය දනවනසුලුය. ප්‍රත්‍යක්ෂය. අප රට වෙදකමේ ඉතිහාසය අන් කිසිදු රටකට සම කළ නොහැකි තරම්ය. ලෝකයේ ප්‍රථම අංග සම්පූර්ණ රෝහල වන මිහින්තලේ රෝහල, ව්‍යුහයෙන් වත්මන් නවීන රෝහලකට සමානය.

    හෙළ වෙදකමේ අනුහස් අපමණය.

    ඒ බව තහවුරු කරගන්නට කිසිවකුට අවශ්‍ය නම් යා යුතුව තිබෙන තැනක් වෙයි. මේ කතාව ඒ ගැනය. අනුරාධපුරය මෙරට පාරම්පරික වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පතළ කීර්තියක් තිබෙන ප්‍රදේශයක්ය. (ක්‍රි.ව 340-368) වකවානුවේ මෙරට රජකම් කළ බුද්ධදාස රජු වනාහි ගමක් ගමක් පාසා වෙදහල් ඉදිකළ, සතුනට පවා ප්‍රතිකාර කළ රජෙකි. වෙදෙකි!

    ඔබ අසා තිබෙන ඉතිහාස කතාව තරම්ම අපූරු කතාවක් අනුරාධපුර බුල්නෑවෙන් ඔබට අසන්නට පිළිවන. ඒ ස්වකීය විස්මිත දේශීය වෛද්‍ය විද්‍යාවේ අනුහසින් සුවහසක් රෝගීන්ට ජීවිතය ගෙනැත් දෙන වෙදැදුරෙක් පිළිබඳවය.

    “බුල්නෑවේ ඉන්නවා පුදුම වෙද මහත්තයෙක්. මරණාසන්න අංශබාග රෝගියෝ දවස් 20න් දෙයියනේ කියලා නැඟිට්ටුවන්න වෙද මහත්තයාට පුළුවන්. කතා කරන්න දෙයක් නෑ බුද්ධදාස රජුජුරුවන්ගෙ අවතාරේ ඔන්න. මම මේ කියන්නේ ඇත්දැකීමෙන්”

    අරුමෝසම් වුවමනා නැත. මංචපරායනව යහනට වන්ව සිටි වියපත් මිනිසා ඉන් මිදී සුවපත් වූ පී්‍රතියෙන් මුසපත්ව කී ඒ කතාවම ප්‍රමාණවත්ය. දැන් කළ යුත්තේ මේ විස්මිත වෛද්‍යවරයා සොයා යෑමය.

    ළා කහපාට ඉර එළිය තවරාගත් කලා වැවේ ඉසිහින් දියරැලි රළපනාවෙහි වදින අරුණැල්ලේ බුල්නෑවට යා යුතුය. රෝගීපත් දහස් ගණන් දනන් නිතිපතා පැමිණෙන හෙයින් වෙද මැඳුර නිරන්තර කාර්යබහුලය. වර්ජන නැතිව, අරගල නැතිව, ඉල්ලීම් නැතිව හැම තත්ත්පරයක්ම රෝගීන් වෙනුවෙන් වෙන්කරන වෛද්‍යාචාර්යතුමා අවිවේකීය. ප්‍රසිද්ධිය හෝ ප්‍රචාරය නොබලා වසර ගණනාවක් මුළුල්ලේ ලක්ෂ ගණන් රෝගීන් සුවපත් කළ හෙතෙම ඉදිරියටත් මහා ලොකු “මීඩියා පබ්ලිසිටි” බලාපොරොත්තු වන්නේද නැත. එහෙත් මේ ආශ්චර්යවත් ජීවකයා ගැන කියන්නට “මව්බිමේ අපට” වගකීමක් තිබේ.

    වෑ කණ්ඩිය කෙළවර ඉහත්තාවෙන් කළු පාට තාර පාරය. ඉර එළිය රළුව එකවර බිමට කඩා වැටෙන්නට ඉඩ නොදී බිඳෙන් බිඳ පෙරා බිමට පාත් කරන්නේ, වීර, කුඹුක්, කොහොඹ ආදී තුරින් සැදි වියනක්ය. ධාතුසේන රජුගේ නැඟණියක විසින් තනවන ලදුව පසු කලෙක කලා ඔයට අෑඳනු ලැබූ බලලු වැව ඊට යාබදවය. කලාවැව, අවුකන ගම ඉහත්තාවේ පිහිටි බුල්නෑව ගම හරිත වියනක් තරම් අසිරිමත් ගමක්ය. අපි සොයාගිය ජීවකයා සිටින්නේ එහිය. විසල් වපසරියක පිහිටි වෙද මැඳුර පන්සලක් තරම් සංසුන්ය.

    “බුල්නෑවේ වෙද මහත්තයා ඉන්නේ කොහෙද…?”

    ඔබ අනුරාධපුර කොහේ සිට විමසුවත් ඔහු සිටිනා ඉසව්ව කියන්නට ඉදිරිපත් නොවන කෙනෙක් නැත. ඉඳින් අපට මඟ සොයා ගැනීම අපහසු නැත. ඔබටද එසේමය. කවුරුන් හෝ ඔබට කීවොත් ඔහු “‍ෙදාරවේ වෙදමහත්තයා” කියා ඔබ නොසන්සුන් නොවන්න. ඔහු එහෙමද ප්‍රකටය. එහෙත් ඔහු ඉන්නේ බුල්නෑවේය. වෙද මහතාගේ සැබෑ නම ඒකනායක මුදියන්සේලාගේ තෙන්නකෝන් බණ්ඩාය.

    ළා කහපාට හිරු එළිය එබිකම් කරද්දී අපට ඇස ගැටෙන වෙද මැඳුර රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. අංශබාග රෝගීන්, මොළේ උණ රෝගීන්, නහර සිහින් වීමෙන් වේදනා විඳින රෝගීන්, මස් මාංස දියවීමේ භයානක රෝගයෙන් පෙළෙන්නන්, මාරාන්තික ස්නායු ආබාධ රෝගීන් මතු නොව පිළිකා රෝගීන් පවා වෙද මැඳුර පුරා විසිරී සිටී.

    මරණය පිටත බවත් ජීවිතය මෙතැන බවත් විශ්වාස කරන රෝගීන්ගේ විශ්වාසය යථාවත් කිරීමට බුල්නෑවේ ජීවකයාණන් සමත්ය.

    එක් පසෙකින් නේවාසික රෝගී වාට්ටුවය. තැන තැන පිළිවෙළට සැකසූ ප්‍රතිකාර කුටිය. බෙහෙත් ඔරු කිහිපයක්ය. මූලික ප්‍රතිකාර ධූමයෙන් පංචකර්ම ප්‍රතිකාරයේදී සුව පහසු කරවන ලෙඩුන් අහවර බෙහෙත් ඔරුවේ ලා ප්‍රතිකාර සිදුකෙරේ. ගිමන් හරින්නට තැන තැන බංකුය. රූස්ස කොහොඹ සෙවණ ගතට සිසිලක්ය.

    “ජීවිතේ ඉවරයි කියලා හිත හදා ගන්න කියලා ඉස්පිරිතාලෙන් ගෙදර එව්වා. අසාධ්‍ය වෙලා ඉන්නකොට පුතාලා හාමුදුරුවෝ වඩම්මලා පිරිතුත් කියෙව්වා. මම හිටියේ මරණය පෙනි පෙනී. මේ ජීවකයාණන් ගැන කියලා තිබුණේ පුතාගේ යාළුවෙක්. ඉතින් එයාලා මාව මෙහෙට ගෙනත් දවස් විස්සක් ප්‍රතිකාර කරලා මාව ගොඩගත්තා. මේ දෙවියෙක් මහත්තයෝ!”

    එහෙම කියන්නේ මාතලේ සිට පැමිණි කමලාවතීය. අංශබඩාගයෙන් පීඩා විඳි ඕ දැන් බෙහෙවින් සුවපත්ය. වෙද මහතාගෙන් ප්‍රතිකාර ගන්නා පිරිස අතර දේශීය සේම විදේශීය රෝගීන්ද වෙයි. තමන් සුවපත් වීම පිළිබඳව දැඩි විශ්වාසය යථාර්ථයක් වී තිබේ.

    වත්මන් ලෝකය මුදල පිටුපස හඹා යන මිනිසුන් පිරී ඉතිරී සිටින ලෝකයක්ය. එහෙව් ලෝකයක පරෝපාකාරය වෙනුවෙන් කැපවූ මිනිසුන් දුලබය. තෙන්නකෝන් වෙදමහතා සහමුලින්ම පරෝපාකාරයට කැපවූ ජීවකයෙක්ය. තමා දැන උගත් පාරම්පරික විස්මය හෙතෙම උපයෝගී කරගන්නේ නෙක දනන්ගේ ජීවිත ගොඩදැමීමේ පින්කම උදෙසාය. උඩුකය තුවායකින් පොරවාගෙන හේ රෑ දවල් නැතිව මෙහෙවරේ යෙදෙයි. කුරුණෑගල කුඹුක්ගැටේ ඉපිද පාරම්පරික හෙළ වෙදකමේ මහිමය පියාගෙන් සේම කිරි අත්තාගෙන්ද ලබාගත් ඔහු එය අද මෙතෙර සේම එතෙර රෝගීන් සුවපත් කිරීමටද යොදවා තිබේ.

    මරණාසන්නව ගිලන්හලට ගෙනැවිත් දැමූ අඩපණ රෝගීන් කෙමෙන් ඇස් අරින තැන සිට හිස යාන්තමට ඔසවා අනතුරුව වැටි වැටී නැඟිටින්නටත්, එතැන් සිට සවිබලව ඇවිදින්නටත් ඉක්බිති නිරෝගී මිනිසකු කරන්නටත් මේ ජීවකයාණන් සමත්ය.

    රට පුරා ඇවිද ප්‍රතිකාර සොයා සුව නොලද තැන මෙහි පැමිණි දහස් ගණනක් රෝගීන් සුවපත් කරන්නට තෙන්නකෝන් වෙද මහතාගේ ප්‍රතිකාරවලට ශක්තිය තිබිණි. යන්ත්‍ර කිසිවක් පාවිච්චි නොකර මිනිස් ශ්‍රමයෙන් සියලු ඔෟෂධ සකසන වෙද මහතා ඒ සියල්ලම පෞද්ගලිකව සොයා බලයි. අංශබාගයෙන් පීඩිත, වකුගඩු රෝගයෙන් අසාධ්‍ය, පිළිකා රෝගයෙන් මරණාසන්න රෝගීන් 150ක් පමණ නේවාසිකව තබාගෙන හෙතෙම ප්‍රතිකාර සේම උවටැන්ද කරයි.

    “බුලත් දීලා දිවුරුම් දීලා ආව හැමෝම රෝගියෝ එක වගේ. හැමෝටම ප්‍රතිකාර කරන එක මගේ යුතුකම. දෙන මුදල වැඩක් නෑ. බුලත් කොළේ අස්සේ තියෙන මුදල ගැන හිතුවොත් මේ වෙදකම කරන්න බෑ. රෝගියයි වැදගත්. මේ අය ඉක්මනින් සුවපත් වෙනවා දකින්නයි මගේ බලාපොරොත්තුව” යැයි ජීවකයාණෝ පවසති.

    “මහා කරුණා ඇති ඒ රජ තෙමේ සැත්ක මිටිය ඉණ තබාගෙන හැසිරෙන්නේ දුටු දුටු රෝගාතුර ජනයා රෝ දුකින් මිදී” (සිංහල මහාවංසය _ 169 පිටුව) කියා බුද්ධදාස රජු ගැන මහාවංසය තතු කියයි. තෙන්නකෝන් වෙද මහතාගේ අත්ගුණය ලබන සකල රෝගීන් සුඛී සුවපත් භාවයට පත් වෙති.

    “මරණය පෙනි පෙනී මෙහේ ආව මට ආපහු පණ කෙන්ද රැකලා දුන්නේ වෙද මහත්තයා. දෙවියෝ ගැන අපි අහලා තියෙනවා. ඒත් මිහිපිට හැබහින් දෙවියෝ ඉන්නවා කියලා හිතෙන්නේ මෙහෙම මිනිස්සු දැක්කම. මේ මහ ආශ්චර්යවත් මනුස්සයෙක්.”

    ස්නායු රෝගයෙන් පීඩා විඳ තෙන්නකෝන් වෙද මහතාගෙන් දැන් ක්‍රමානුකූලව සුවයක් ලබා සිටින ජයතිලක එහෙම කියයි.

    සිරුරේ මස් දියවෙන භයානක රෝගයෙන් පීඩිතව සිටි වයස 15ක පමණ දරුවෙක් බේරාගන්නට නොගිය තැනක් නැති මවක් අන්තිමට නැවතුණේ මේ වෙද මැඳුරේය. දැන් දරුවා කෙමෙන් සුවපත්ය. එවකු නොව කැඩී ගිය පාද, බිඳී ගිය අස්ථි, සුවපත් කිරීම පවා මෙතැන සිදුවේ.

    එතැනට යන කෙනකුට එහෙම කතා ඕනෑතරම් හමුවේ. අහිමි වෙන්නට ඔන්න මෙන්න කියා තිබූ ජීවිතය නැවත හිමිවෙන කොට දැනෙන හැඟීම වචනවලට පෙරැළීමට කාටවත්ම පහසු නැත. බොහෝ විට එවැනි අවස්ථාවල කතා කරන්නේ හදවත හෝ දෙනෙත්ය. එහෙම කතා කරන මිනිස්සු වෙද මැඳුර පුරා වෙති.

    වෙද මහතාගේ මෑණියෝ් තාමත් යෙහෙන් සුජීවත්ව වාසය කරමින් තම පුතණුවන්ට ආශීර්වාද කරයි.

    “මම ප්‍රතිකාරයක් කරලා යම් මුදලක් ගන්නවා නම් ඒ හැම සතයක්ම මම ආපහු මේ අහිංසක රෝගීන්ට වියදම් කරනවා. මෙතැන සෑම ජාතියකම මිනිස්සු ඉන්නවා සෑම ආගමකම මිනිස්සු ඉන්නවා. පිටරටවල මිනිස්සු පවා ඉන්නවා. හැමෝම රෝගියෝ. හැමෝම සුවපත් කරන්න මම කැප වෙනවා. හැමෝගෙම ජීවිත, ජීවිත මහත්තයෝ”

    නැවතත් ඉතිහාස පොත සිහිපත් වේ.

    “…. මහා නාගය තොපගේ ඊමෙහි කරුණ මා විසින් දන්නා ලද්දේය. මහ තේජස් ඇති තෙපි වූ කලී වහා කිපෙන සුල්ලහ. එහෙයින් තා ස්පර්ශකොට තාගේ පිළිවස කරන්නට නොහැක්කෙමි….”

    උදරාබාධයකින් පීඩිතව සිටි නාගයකුට ප්‍රතිකාර කළ බුද්ධදාස රජුගේ වචන එහෙම ලියා තිබෙන්නේ මහාවංසකරුය. සියලු සත්ත්වයන් කෙරෙහි වූ අපිරිමිත දයාව, කරුණාව හේතුවෙන් මිනිසුන් පමණක් නොව සතුන්ද සුවපත් කිරීමට රජු කටයුතු කළේය. තෙන්නකෝන් වෙදමහතා රජෙක් නොව සිරිමත් ජීවකයෙකි. පනස් හතර වන වියේ පසුවන තෙන්නකෝන් වෙද මහතා මේ කෙටි කාලය තුළ සුවපත් කළ රෝගීන් ගණන ලක්ෂ ගාණකි. හැටදහසකට වැඩි ලිපින ගොන්නක් පුස්තක කිහිපයක් පුරා ලිඛිත සාක්ෂි සපයයි. අංශබාග, පිළිකා, සුෂුම්නා ආශි්‍රත රෝග ඇතුළු සර්වාංග රෝගවලට හෙතෙම ඉසිවරයෙකි. එතුමාගේ බිරිය සමඟ දරුවන් සිවුදෙනාද මේ මෙහෙවර වෙනුවෙන් කැපවී සිටී. බිරිය සියලු රෝගීන්ට මවක් සේ කරුණාබරව උවටැන් කරයි. දියණියන් විවාපත් බෑනාවරුන්ද මේ වෙනුවෙන් පේවී සිටී.

    “ඕනෑම අංශබාග රෝගියෙක් මම දවස් විස්සෙන් සුවපත් කරනවා මහත්තයෝ”

    වෙද මහතා නිරහංකාරව පවසයි. විටෙක වෙද මැඳුර පන්සලක් වැනිය. තම තමන්ගේ ආගම සිහිපත් කිරීමට කාලයක් වෙන්කොට තිබේ.

    “ලෙඩුනට උපස්ථාන කිරීම මහා පින්කමක් හැටියට මා සලකන්නෙ. ලෙඩෙක් සුවපත් වෙනවා තරම් සතුටක් කොහෙද මහත්තයෝ. මෛත්‍රි බෝධි සත්වයන් වහන්සේ මේ ලෝකෙ බුදුවන දවසෙදි උන්වහන්සේගේ ජීවකයා වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. මේ සුව වෙන හැම ලෙඩෙක්ම සුව කරලා මම ඒ ප්‍රාර්ථනය කරනවා”

    විහාරස්ථාන රැසක භික්ෂූන් 110ක් කැඳවා සංඝගත දක්ෂිණාවක් පවත්වා ඔහු ප්‍රාර්ථනා කරන්නට ඇත්තේද ඒක විය යුතුය.

    හෙළ වෙදකම මෙම වාණිජ පරමාර්ථයන් ඉක්මවා ගිය එකක් වූ අතර රටවැසියන්ගේ සුඛිත මුදිත බව රජුගේ වගකීමක් ලෙස සලකන ලද හෙයින් වෙදකමට රජය විසින් අනුග්‍රහය දෙන ලදී. රෝගීන් සුවපත් කරන වෛද්‍යවරුන්ට එම සේවය අගයනු වස් දීමනාවක් ලබාදීමට එකල රජතුමා විසින් කටයුතු කරනු ලැබීය. රජුන් විසින් වෛද්‍යවරුන්ට ඉඩකඩම් ලබාදුන් බව චුල වංසය සඳහන් කරයි.

    හෙළ වෙදුන්ගේ ඉලක්කය වූයේ රෝගියා සුව කිරීම පමණි. ඔහු වෛද්‍ය ගාස්තුවක් බලාපොරොත්තු නොවීය. තෙන්නකෝන් වෙද මහතාද මුදලට වඩා මනුස්ස ජීවිත ගොඩදැමීම ගැන සිතන්නෙකි.

    ජීවිතය රැක දෙන්නැයි ඉල්ලා වෙද මැඳුරට එන රෝගීන් අපමණය. ඒ හින්දාම ජීවකයාණන්ද කාර්යබහුලය. හැම තත්ත්පරයක්ම ඔහුට අගනේය. ජීවිත ඉල්ලා හඬා වැටෙන මිනිසුන් වෙනුවෙන් ඔහු ස්වකීය කාලය වෙන් කරලාය.

    සියල්ල මුදල් මත නියම වන ලෝකයක සැබෑ පරෝපාකාරය කුමක්දැයි කියා දැන ගන්නට ගල්නෑව බුල්නෑව, රැස්වෙහෙර පාරේ තෙන්නකෝන් වෙදමහතාගේ ජීවක මැඳුරට යන්න යැයි අපි කියමු.

    උපුටා ගැනීම: මව්බිම

  • ලොව මවිත කල ජර්මානුවන්ගේ විශාලතම කෘතීම සූර්යයා (video)

    ජර්මානු විද්‍යාඥයන් විසින් “ලොව විශාලතම කෘතීම සූර්යයා”නිපදවීමේ විශාල ව්‍යාපෘතියක් සිදු කරගෙන යන්නේ කාලගුණ හිතකර ඉන්ධන නිපදවීම සඳහායි.
    මෙම සුවිසල් සැකැස්මෙහි සිනමා රූපණය සඳහා යොදාගන්නා spotlights 149ක් ශක්තිය කුඩා පැනලයන් වෙත යොමුකරගැනීමට භාවිතා කරයි.
    මෙම අඟල් 8×8 spotlights මගින් උෂ්ණත්වය 3,000°C (5,432°F)දක්වා ගෙන යා හැකියි.
    මෙම පරීක්ෂකයන් කණ්ඩායමට ජලය එහි අංශුන් වලට විභේදනය කර මෙම නිපදවෙන ශක්තිය මගින් පිරිසිදු හයිඩ්‍රජන් ඉන්ධනය නිපදවීම සිදු කළ හැකියි.
    මෙම පරීක්ෂණය සඳහා පැය 4ක කාලයක් තුල විදුලිය සැපයීම අවශ්‍ය වන අතර එම සපයන විදුලිය ප්‍රමාණය මිනිසුන් 4 දෙනෙක් විසින් වසරක් පුරා භාවිතා කරන විදුලි ප්‍රමාණයට සමාන වේ.

    ලොව ව්ශාලතම කෘතීම සුර්යාගෙන් ලැබෙන ප්‍රයෝජන කවර ආකාරයද ?

     

    මෙය නිපදවීමේ එක් අරමුණක් වන්නේ ගුවන්යානා සඳහා කෘතිමව ඉන්ධන ලබාගැනීමට කාර්යක්ෂම ලෙස හයිඩ්‍රජන් නිපදවාගැනීමයි.
    හයිඩ්‍රජන් යනු විශ්වාසදායකව අනාගතයේදී ගුවන්යානා සඳහා යොදාගත හැකි ඉන්ධනයක් වන්නේ එමගින් ගෝලීය උණුසුමට දායක වන කිසිදු ද්‍රව්‍යක් පිට නොකරන බැවිනි. නමුත් හයිඩ්‍රජන් එහි ස්වභාවික ආකාරයෙන්ම නොපවතී.එම නිසා එය විශාල ශක්තින් උපයෝගී කරගනිමින් ජලය මගින් විභේදනය කල යුතුයි.

    ඔවුන් විශ්වාස කරන පරිදි අනාගතයේදී එලෙස යොදාගත හැකි පහසුම හා ලාභදායීම ශක්තිය වන්නේ සූර්යශක්තියයි.

    ඔවුන් විසින් කෙටි චාප සහිත ශේනොන් ලාම්පු විශාල ප්‍රමාණයක් (8×8 inch)spot එකක් මතට යොමු කෙරිණි.එය ඊට සමාන ප්‍රමානයක් මත පතිත වන සාමාන්‍ය සූර්ය කිරණ ප්‍රමාණය මෙන් 10000 ගුණයක් විශාල බව වැඩි දුරටත් ඔවුන් පවසයි.
    මෙම පද්ධතිය ක්‍රියාත්මක කාලයින් පසු ඔබ එම පරිශ්‍රයට ඇතුළු වුවහොත් ඔබව සම්පුර්ණයෙන්ම දැවී අළු වන බව නියතය.මෙපමණ ශක්තියක් යොදාගනිමින් සිදු කරන මෙම කර්තව්‍ය ඉතාමත් සාර්ථක බවත් එමගින් ලොවටම මහගු ආයෝජනයක් සිදු කෙරෙන බවත් ඔවුන් පවසයි. වීඩියෝව පහතින්….

  • විමල් වෙනුවෙන් මහින්ද පෙනී නොසිටි..(video)

    කෝටි නවයකට ආසන්න මුදලක් වංචා කිරීම හේතුවෙන්  රක්ෂිත බන්දනාගාර ගත කර ඇති විමල් විරවංශ මහතා මේ වන විට මාරාන්තික උපවාසයක නිරත වේ. මිට පෙර අවස්ථාවකදීත් ලේමන්පෆ් කකා උපවාස කල විමල් විරවංශ මහතා බැලීමට ගිය මහින්ද රාජපක්ෂ මහතා තැබිලි වතුර පොවා එම මාරාන්තික උපවාසයෙන් බේරා ගත් බව අප ඔබ කවුරුත් හොදින් දන්නා කාරණයකි. 

    නමුත් මෙම අවස්ථාවේදී නම් එසේ නොකරන බව  මහින්ද රාජපක්ෂ මහතා අද දින ප්‍රකාශ කලා.එතුමන් කියා සිටියේ “දැන් වෙන කට්ටිය ඉන්නවනේ එතුමව නැගිට්ටවන්න” යනුවෙනි  

    එමෙන්ම තම ප්‍රචාරණ කටයුතු සඳහා  රුපවාහිනී සංස්ථාව වෙත රුපියල් ලක්ෂ 1600ක මුදලක් ගෙවීම පැහැර හැර  සිටීම සම්බන්දයෙන් එතුමා කියා සිටියේ ඒ සම්බන්දව තමන්ට කිසිදු වගකීමක් නැතැයි  යනුවෙනි.

  • හොරු ඇල්ලුනද..?? අපි ඇන්දුනද..?? මන්දා නේද..

    77 වන පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් ඊයේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, එජාප මහලේකම් කබීර් හෂිම් මහතා එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වු අතර හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂද ඊට සහභාගී සිටියහ.

    එහිදී හිටපු ජනාධිපතිවරයාව දුටු එජාප මහලේකම් කබීර් හෂිම් මහතා දරා ගත නොහැකි තරමේ සතුටකින් යුතුව මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් අයුරු අමාත්‍ය කබීර් හසීම් මහතාගේම ෆේස්බුක් පිටුවේ මෙසේ පළකර තිබිණ.

    මෙය දුටු අපට මතක් වූයේ පසුගිය මැතිවරණයේ එජාපයේ ප්‍රධාන මාතෘකාව වූ රාජපක්ෂ පක්ෂ රෙජීමයේ හොරු අල්ලනවා කියූ කතාවයි.

    එනිසා මෙය දකින්න යහපාලනයට ඡන්දය දුන් ඡන්ද දායකයින්ට ඔවුන්ගෙන්ම අසාගැනීමට ඇත්තේ “හොරු ඇල්ලුනද..? නැත්නම් අපි ඇන්දුනද..?” කියාය.

  • ගලවා තිබු වට්ටක්කා වැලටත් රු.5000ක දඩයක් ගහලා..

    වට්ටකා වැලක කොළවලට එකතුවන වතුර නිසා ඩෙංගු බෝ වේයැයි කියා  රිදීගම පොලිසියේ පාරිසරික පොලිස්‌ ඒකකය මඟින් සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයෙකු හට රුපියල් පන්දහසක දඩ මුදලක්‌ ගෙවන ලෙස නියම කොට ඇත.

    අදාල සිද්දිය මෙසේයි.

    ගිණිහිරිය පන්සලට නුදුරු ස්‌ථානයක සිල්ලර වෙළෙඳ සලක්‌ පවත්වාගෙන යන ඉහත කී සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයා සහ ඔහුගේ බිරිඳ ගිණිහිරිය ග්‍රාම නිලධාරී වසමේ සිවිල් ආරක්‍ෂක කමිටුවේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් සිට ඇත.

    එක්‌ දිනක්‌ රිදීගම පොලිසියේ පාරිසරික පොලිස්‌ ඒකකයේ නිලධාරීහු ප්‍රදේශයේ නිවාස පරීක්‍ෂාවේ යෙදෙන අතර අප කථානායකයාගේ වෙළෙඳ සලටද පැමිණ එහිදී සරුවට වැවී තිබූ වට්‌ටක්‌කා පරීක්‍ෂා කළ නිලධාරීන් මේ වැලේ කොළවලට වතුර පිරුණාම ඩෙංගු බෝ වෙන්න පුළුවන්. ඒ නිසා දඩ ගහන්න වෙනවා යෑයි පවසා ඇත.

    වැළ ගලවල තියෙන්නේ. අපේ කඩේ තමා සිවිල් ආරක්‍ෂක කමිටුවේ සියලු සම්බන්ධීකරණ කටයුතු ලියකියවිලි සකස්‌ කිරීම් සිද්ධ කරන්නේ අපි දෙන්නම සිවිල් ආරක්‍ෂක කමිටුවේ ඉන්නවා උදව් කරනවා.

    ආ එහෙමද? එහෙනම් දඩේ ඩබල් කරන්න ඕන. උසාවියට ගිහින් රුපියල් පන්දාහක්‌ ගෙවන්න වෙයි. සිවිල් ආරක්‍ෂක කමිටුවේ සාමාජික කියල සමාවක්‌ නෑ.

    අවශ්‍ය කටඋත්තර ලබා ගැනීමෙන් පසු උසාවියට පැමිණෙන ලෙස දිනයක්‌ ලබාදුන් නිලධාරීන් පිටව ගොස්‌ ඇත. පසුව රම්බඩගල්ල උසාවිය වෙත අදාල දිනයේ පෙනී හිටි වට්‌ටක්‌කා වැල අයිතිකරු රුපියල් පන්දහසක දඩ මුදල ගෙවා නිදහස්‌වී ඇත. පසුගියදා ගිණිහිරිය ග්‍රාම නිලධාරී නිමල් කරුණාතිලක මහතා විසින් කැඳවා තිබූ ගිණිහිරිය සිවිල් ආරක්‍ෂක කමිටු රැස්‌වීමේදී මෙම සිද්ධිය හෙළිදරව් විය.

  • ලෙමන් පෆ් විමලේ බන්ධනාගාරය තුල අමුතු සෙල්ලමක – ඇතුලාන්තය මෙන්න…

    රජයේ වාහන අව්භාවිතා කිරීමේ චෝදනාවට වරදකරු වෙමින් බන්ධනාගාර ගත කල විමල් වීරවංස මේ වනවිට බන්ධනාගාරය තුල අමුතු මාදිලියේ සෙල්ලමක් ආරම්භ කර ඇති බව අපට වාර්තා වේ.

    ජලය ප්‍රතික්ෂේප කරන විමලේ තැබිලි වතුර පානය කිරීමට දැඩි රුචිකත්වයක් දක්වන බව අපට වාර්තා වේ.තැබිලි වතුර වලට ග්ලුකෝස් මිශ්‍ර කරමින් විටින් විට පානය කරන මොහු මාධ්‍ය පැමිණි විට තම දුර්වලතාවය පෙන්වීම සදහා නිදිපෙතිද පානය කරන බව වාර්තා වේ.

    කෙසේවෙතත් මාධ්‍ය හමුවේ විමල්ගේ නෑයන් සිදුකරන රංගනය නිසාවෙන් ජනතාවට විමල්ව වඩාත් අප්‍රසාදයට පත්ව ඇත. පසුගිය දිනක ප්‍රසිද්ධ රුපවාහිනි නාලිකාවක් විමල්ගේ උපවාසය පිලිබදව ජනතාවගෙන් සිදුකල අදහස් විමසීමකදී ලබාදුන් ජනතා ප්‍රතිචාර මගින් මෙම තත්වය වඩාත් පැහැදිලි වී ඇත.

  • සෝවියට් දේශයට සපැමිණි ජනපති මෛත්‍රීට සුවිශේෂී පිළිගැනීමක්…..

    දශක හතරකට පසුව ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව (23) පස්වරුවේ සිදු විය.

    රුසියානු ජනාධිපතිවරයාගේ නිල මන්දිරය වන ක්‍රෙම්ලින් මන්දිරය වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    උණුසුම් පිළිගැනීමකින් අනතුරුව දර්ශනීය පෙරහැරකින් ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ක්‍රෙම්ලින් මන්දිරය වෙත කැඳවාගෙන යනු ලැබීය.‍

    රාජ්‍ය නායක දෙපළ අතර පැවති සුහද කථා බහෙන් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

    ශ‍්‍රී ලංකා-රුසියානු ද්වි පාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවූ මෙම හමුව පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා දෙරටේ ආර්ථික, වෙළෙඳ මෙන්ම දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය. එමෙන්ම ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.
    තම ආරාධනය පිළිගෙන රුසියාවේ නිල සංචාරයක නිරතවීම පිළිබඳව ව්ලැඩ්මීර් පුටින් මහතා මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළේය.

    ගෝවා සමුළුවේදී කෙටි වේලාවක් තුළ ගොඩනැගුණු මිත‍්‍රත්වය මත මෙවන් නිල ආරාධනයක් සිදු කිරීම පිළිබඳ මෙහිදී රුසියානු ජනාධිපතිවරයා වෙත තම ස්තූතිය පළ කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලොව බලවත් නායකයෙකුගෙන් හිමි වූ මෙම කුළුපඟ මිත‍්‍රශීලීත්වය පිළිබඳ තමා ඉතා ආඩම්බරවන බවත්, මෙම ආරාධනය දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ලැබුණු අනර්ඝතම අවස්ථාවක් ලෙස සලකන බවත් කියා සිටියේය.

    ශී‍්‍ර ලංකා-රුසියා සබඳතා ආරම්භ වූයේ තම පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ මූලිකත්වයෙන් වන අතර එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඉදිරියට ගෙන යාම තම වගකීමක් ද වන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය. මීට දශක 04 කට පෙර තමා රුසියාවට පැමිණි අවස්ථාව ද මෙහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය.

    ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර ද්වි පාර්ශ්වික සබඳතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 04 කට ද අද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබේ. රුසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ධීවර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට, තාක්ෂණික සහයෝගිතා අවබෝධතා ගිවිසුමකට, සංස්කෘතික කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ සංචාරක කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට මේ අනුව අත්සන් තැබෙනු ඇත.

  • "ගෙනා මන්නය අමතක වූ නිසා බෙල්ල කපන්න බැරි වුනා" සමයං ඝාතනය කල හැටි බන්ටි වමාරයි..

    පසුගියදා ඝාතනයට ලක්වූ සමයං මරාදැමූ කල්ලියේ ප්‍රධාන සැකකරුවෙකු (22) සෙල්ලකතරගමදී අත්අඩංගුවට පත්වීමත් සමඟ මෙම ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට පත්වූයේ බත්තරමුල්ලේ බන්ටි නම් වූ අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වන විට පාපොච්චාරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ අනුව ඔවුන් සැලසුම් කර ඇත්තේ සමයංගේ බෙල්ල කපාගෙන විත් අතුරුගිරියේ කනත්තේ තබන්නයැයි බන්ටි පවසා තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් ඔහු පවසා තිබුනේ මෙලෙසිනුයි.

    “අංගොඩ ලොක්කා එක්ක මමයි, තව දෙන්නෙකුයි සමයං සිටි බස් එකට නැගලා වෙපන් හතරකින් වෙඩි තිබ්බා. සමයංගේ බෙල්ල කපාගෙන ඇවිත් අතුරුගිරියේ කනත්තේ තියන්න. ගෙනාපු මන්නය මගහැරුණ නිසා සමයංගේ මූණට වෙඩි තියලා ෆුට් බෝඩ් එකට ඇදලා දාලා අපි වෑන් එකේ නැගලා ගියා”

    එමෙන්ම අතුරුගිරිය, ජයන්තිපුර රබර් වත්තේ දී ‍පොලිස් පරීක්ෂක නිල ඇඳුමක් හා බන්ධනාගාර නිල ඇඳුම් ඇඳ අවි ආයුධ සූදානම් කරගෙන බන්ධනාගාර බස් රථයට පහරදීමට යාමට පෙර මැදියම් රැයේ අංගොඩ ලොක්කා විසින් ආයුධ සන්නද්ධ කල්ලිය ප්‍රහාරයේ නියමුවා වූ මාකඳුරේ මධුෂ්ට වීඩියෝ දුරකථන ඇමතුමකින් පෙන්වූ බවත්, ඉන් පසු ප්‍රහාරයට ගිය බවත් ‍පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සෙල්ලකතරගම දී අත්අඩංගුවට ගත් බත්තරමුල්‍ලේ බන්ටී නමැති පාතාල සාමාජිකයා ප්‍රශ්න කිරීම්වල දී හෙළිකර ඇත.

    කලින් සැලසුම් කළ පරිදි මාකඳුරේ මධුෂ් විසින් අංගොඩ ලොක්කාගේ කල්ලිය වෙත ප්‍රහාරය සඳහා මුදල්, අවි ආයුධ හා ප්‍රහාරය සඳහා සාමාජිකයන් සිව්දෙනකු ද එවා ඇත. මෙම ප්‍රහාරය සඳහා අංගොඩ ලොක්කා, අතුරුගිරියේ ලඩියා, බත්තරමුල්‍ලේ බන්ටි ඇතුළු දස දෙනකු සහභාගි වී ඇති අතර ප්‍රහාරය සඳහා ටී-56 අවි 04ක් හා පිස්තෝලයක් යොදාගෙන ඇත.

    මරදානින් පැහැරගත් ඩොල්පින් වෑන් රථයක නැගී අංගොඩ ලොක්කා, බන්ටි ඇතුළු ප්‍රහාරකයන් අතුරුගිරියේ ඉඩමට ගොස් ප්‍රහාරය සඳහා සූදානම් වී ඇති බවත්, අතුරුගිරියේ ලඩියා රැගෙන ආ කැබ් රථය ද ප්‍රහාරයේ දී බන්ධනාගාර බස් රථවල ගමන අඩාළ කිරීමට යොදාගත් බවත් හෙළි වී ඇත.

    ප්‍රහාරය සඳහා අවශ්‍ය ඉලක්ක ගත ස්ථානය අංගොඩ ලොක්කා විසින් තෝරගෙන ප්‍රහාරය සැලසුම් කර ඇති බවත් ප්‍රහාරයට දින දෙකකට පෙර දින (25) සවස ඩොල්පින් රථයේ දමාගෙන ගොස් අතුරුගිරිය රබර් වත්තේදීම මෙහෙයුම සිදුවන ආකාරය විස්තර කර ස්ථාන පරීක්ෂාවක් ද කර ඇති බව හෙළි වී ඇත.

     

    එදින රාත්‍රියේම මෙම කණ්ඩායම ප්‍රහාරයට තෝරාගත් තැනින් වෑන් රථය නවත්වා කළුතර බන්ධනාගාර ඉදිරිපස ගේට්ටුව දක්වා ඇවිද ගොස් පැමිණ ඇති බවත් හෙළි වී ඇත. බන්ධනාගාරයේ සිට ප්‍රහාරයට තෝරාගත් තැන දක්වා තිබි ඇත්තේ මීටර් දෙසීයක දුරකි.

    මෙහි දී බන්ධනාගාර බස් රථ දෙකේ ගමන් වේගය අඩාළ කර ඉලක්කය සපුරා ගැනීම සඳහා ලඩියා ගෙන ආ කැබ් රථයේ තැඹිලි කපන මුවාවෙන් තැඹිලි වලු කිහිපයක් ද රැගෙන යාමට සැලසුම් කර ඇත.

    පසුදින (26) රාත්‍රියේ අතුරුගිරියේ රබර් වත්තට යළි එකතුවන කණ්ඩායමට එහි දී වෑන් රථයේ තිබූ නිල ඇඳුම් ඇඳගෙන කළු බෑගයක තිබූ අවි ආයුධ බෙදාගැනීමට ලොක්කා උපදෙස් දී ඇත. අංගොඩ ලොක්කා ‍පොලිස් පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමක් ඇඳ ඇති අතර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් අඳින ඇඳුම් සෙසු නවදෙනා ඇඳ ඇත.

    සියලු දෙනා අවි ආයුධ සමග ‍පෝලිම් කර වීඩියෝ දුරකථන ඇමතුමක් හරහා මාකඳුරේ මධුෂ්ට පෙන්වා දීමෙන් පසුව ප්‍රහාරය එල්ල කළ දින (27) අලුයම 1.30ට අදාළ ස්ථානයට පැමිණ ඇත.

    කඳුගැට සහිත ප්‍රදේශයේ ටී-56 අවිකරුවන් තිදෙනකු බස්රථවලට පහරදීමට යොදා අංගොඩ ලොක්කා, බන්ටි ඇතුළු සිව්දෙනකු බස් රථයට නැග පහරදීම සඳහා ගොස් ඇත්තේ සමයං රැගත් බස් රථය එන බවට අංගොඩ ලොක්කාට ලද දුරකථන ඇමතුමකින් පසුවය. ඒ මොහොතේ දී බස් රථයේ සිටි දෙමළ ජාතික නියාමකවරයා ලොක්කා ඇතුළු සිව්දෙනා සිටි දෙසට එල්ල කළ වෙඩි ප්‍රහාරය අංගොඩ ලොක්කාගේ කකු‍ලේ බූට් සපත්තුවේ වැදී ලිස්සා යාමත් සමග ලොක්කා සමග සිටි පිරිස එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇත.

    මේ වනවිටත් වෙඩිවැදී තුවාල ලබා බස් රථයේ බඩගාගෙන ආ සමයං ඇතුළු පාතාල කණ්ඩායම සොයා ලොක්කා, බන්ටි ඇතුළු සිව්දෙනකු බස් රියට නැග ටී56 අවි තුනකින් හා පිස්තෝලයකින් වෙඩි වරුසාවක් සමයංගේ හිසට හා අනෙක් පිරිසට තබා විනාඩි ගණනක් තුළ වෑන් රථයේ නැගී පලාගොස් ඇත.

    අතරමග දී එක් එක් සාමාජිකයන් බස්සවන්නට වූ බවත්, සියලු දෙනාට රුපියල් තිස්දහස බැගින් මධුෂ් එවා තිබූ බවත් සැකකරු හෙළිකර ඇත.

    තමාව පානදුරෙන් බස්සවා ගිය බවත්, ඉන් පසුව බත්තරමුල්‍ලේ නිවසට පැමිණ මධුෂ්ගේ ඇමතුමකට අනුව මාතරට ගොස් රුපියල් ලක්ෂයක් ගෙන නුවරඑළියට ගිය බවත් සැකකරු වන බන්ටි හෙළිකර ඇත.

  • අගමැතිතුමනි සුභ උපන්දිනයක්

    රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ 67 වන උපන්දිනය අදට(24) යෙදී තිබේ.

    ජාතික ආණ්ඩු සංකල්පයක් බිහිකිරීම සඳහා පුරෝගාමීව කටයිතු කල ඒ මහතා 1993,2001, හා 2015 දී දෙවතාවක් වශයෙන්  හතර වතාවක් අගමැති වි මෙරට  වාර්තා පිටු අතරට එක්ව  ඇත.

    ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට කැප වෙමින් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමේ ක්‍රියාදාමයට මෙන්ම රැකියා දස ලක්ෂයක් බිහි කරමින් රටේ තරුණ තරුණියන්ට යහපත් හෙට දිනක් බිහි කිරීමේ කර්තව්‍යයට ද අගමැති වික්‍රමසිංහ මහතා කැප වී ක්‍රියා කරයි.

    අගමැතිතුමනි සුභ උපන්දිනයක් වේවා..!

  • ජනපති පුටින්ගෙන් ශ්‍රී ලංකා ජනපතිට සුවිශේෂී ඓතිහාසික තිළිණයක් (photos)

    රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව අද (23) පස්වරුවේ සිදු වූ අතර එම හමුවේ විශේෂ මතක සැමරුමක් ලෙස ව්ලැඩ්මිර් පුටින් මහතාගෙන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා වෙත සුවිශේෂී තිළිණයක් පිරිනැමිණි.
     
    19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්තානයක් මෙලෙස ව්ලැඩ්මිර් පුටින් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර 1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති Sotheby නම් කෞතුක භාණ්ඩ වෙන්දේසියේදී රුසියාව මිලදී ගෙන තිබේ. 
     
    දෙරට අතර සමීප සබදතාවය සංකේතවත් කරමින් එම ඓතිහාසික කස්තානය ජනාධිපති වැල්ඩිමිර් පුටින් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙත මෙලෙස පිළිගන්වනු ලැබීය.

  • විමල්ට සහ දරුවන්ට අසාධ්‍යයි

    උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ජලය පානය කිරීම ද මේ වන විට ප‍්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ඔහු අද උදෑසන ආහාරය ද නොගෙන ඇති අතර මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් නිරන්තර විමසිල්ලෙන් පසුව බව ද සදහන්.

    බන්ධනාගාරයේ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ඊයේ උදෑසන සිට ආරම්භ කළ මෙම උපවාසය අඛණ්ඩව සිදු කලහොත් මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍යට බලපෑමක් වනු ඇති බවයි. 

    තම පියා මෙලෙස  උපවාසයේ යෙදෙන බැවින්  විමල් වීරවංශගේ පුතු සහ දියණියද ආහාරපාන නොගෙන රෝගී  තත්වයට පත්ව තිබෙනවා. එම නිසා  තම දරුවන් දෙපල රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව ශෂී විරවංශ මහත්මිය පැවසුවේ. විමල් වීරවංශගේ පුතු ටිකට් කපා රෝහලෙන් පිටව ගොස් ඇති අතර දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරු කර යවා ඇති බව ද  ඇය සඳහන් කලා..

    තමන්ට ඇප ලබානොදීමට විරෝධය පළ කරමින් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මෙලෙස උපවාසයේ නිරතව සිටියි.

  • පාසල් සිසුවියන් කම්සැප විදින ලැගුම්හල වටලයි..

    නිකවැරටිය නගරාසන්නයේ ලැගුම්හලක් වටලා බාල වයස්කාර  පාසල් සිසුවියක් සහ ඇය එහි රැගෙන පැමිණි 23හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනිමට නිකවැරටිය පොලිසිය සමත් වී තිබේ.

    නිකවැරටිය බුදුමුත්තාව ප්‍රදේශයේ පිහිටි මෙම ලැගුම්හල ට නිරන්තරයෙන් පාසල් සිසුවියන් රැගෙන එන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

    ඒ අනුව විමසිල්ලෙන් සිටි පොලිසිය පසුගිය දිනෙක මෙම වැටලීම සිදුකර ඇත.

    සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නිකවැරටිය රෝහලට ඇතුලත්කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර තරුණයා 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

    සැකකරු බුදුමුත්තාව ප්‍රදේශයේ ම පදිංචි  එච් පී ඩී සාලින්ද නැමැති අයෙකි.

    ලැගුම්හලේ හිමිකරු ද රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

  • ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සිංහල සිනමාවට…

    බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් මුලවරට සිංහල චිත්‍රපටයකට දායක වෙමින් රංගනයට එක්වන ‘අනුරාගිනි’ අප්‍රේල් 07 වැනිදා සිට කොළඹ රීගල් ප්‍රමුඛ සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. ‘අනුරාගිනි’ අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම් ගෙනි.

    ජැක්ලයින් සමඟ ජාත්‍යන්තර කීර්තියට පත් සංගීතඥයකු, නළුවකු මෙන්ම ශ්‍රී ලාංකිකයකු ද වන ඇල්ස්ටන් කෝච් ද මෙහි ප්‍රධාන චරිතයට දායක වේ. බිම්සරා ප්‍රේමරත්න, රයන් විජයරත්න, ගාමින් ලුඩොක්ස්, කියාන් ඕ ශ්‍රේඩි ආදි නළු නිළියන් රැසක් රඟන ‘අනුරාගිනි’ චිත්‍රපටය ඉංග්‍රීසි බසින් ‘ඒජජධපඤඪදඨ බධ ර්චබඩඥඹ’ නමින් එදිනම කොළඹ මැජෙස්ටික් සිනමාශාලාවල තිරගත කෙරේ.

    කලකට ඉහත රට කැළඹූ ආන්දෝලනාත්මක සිදුවීමක් අළලා තැණුන ‘අනුරාගිනි’ තිර රචනය, ක්‍රිස්ටි එලියසර් හා චන්ද්‍රන් රත්නම් ගෙනි. චන්දන ජයසිංහ කැමරාකරණයෙන්ද ජේම්ස් රත්නම් සංස්කරණයෙන්ද ‘අනුරාගිනි’ චිත්‍රපටයට දායත වූ සෙස්සෝ වෙති.

  • රජිනිකාන්ත් ලංකාවට..

    රජිනිකාන්ත් ගැන අපට අමුතුවෙන් කිවයුතු නෑ…ඉතිං සුවිශේෂී නළුවා ලංකාවට එන්න නියමිතයි. ලබන මාසේ 9 වැනිදා තමයි මේ විදිහට රජිනිකාන්ත් ලංකාවට එන්නේ. ඒ යාපනයට.

    ඥානම් පදනමෙන් හදපු නිවාස 150 ක් උතුරේ දමිල වැසියන්ට භාරදීමට  වගේම 10 වැනිදා වවුනියාවෙත් මේ වගේම නිවාස භාරදිමකට රජිනිකාන්ත්  යන්න නියමිතයි.

  • මහින්දට බාලගිරි දෝෂයක්…

    මහින්ද රාජපක්ෂ මහතා  ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව වෙත  ගෙවිය යුතු මුදල් නොගෙවිම  සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට(24) ජනාධිපති කොමිසම වෙත පෙනී සිටීමට නියමිතව ඇත.

    2015 පසුගිය ජනාධිපතිවරණ වෙනුවෙන් තමන්ව ඕනවට වඩා වර්ණා කර ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනතා මුදල් තමාගේ යැයි සිතා එම මුදල්  අත දිග හැර වියදම් කර තිබේ. ඒ අතර ජාතික රුපවාහිනී සංස්ථාව වෙනුවෙන් ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 1600ක් වනවා..

    මේ සම්බන්දව ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය16 වන දින කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව දන්වා තිබුනද මහින්ද රාජපක්ෂ මහතා ‍නීතිඥයකු මගින් දන්වා ඒවා තිබුනේ තමන්ට අත්‍යවශ්‍ය කාරණාවක් ඇති බැවින් කොමිසම හමුවේ පෙනීසිටිමට  නොහැකි බවයි.

    හෙට දිනයෙත්  මහින්දට බාලගිරි දෝෂයක් වේවිද?

     

  • කිරිඇල්ලගේ අසිකිත වැඩේ පත්තුවෙයි! ..චිකේයා…(video)

    ත්‍රස්තවාදීන්ට එරෙහිව රණවිරුවන් දිවිහිමියෙන් සටන් කරන මොහොතක “ඕනි ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” කියූ ලක්ෂ්මන් කිරිඇල්ල වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකි. එම ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සියල්ලන් ඉදිරියේ නොහොබිනා පහත් පෙළේ වැඩක් කරනු අයෙකුගේ කැමරාවක සටහන් ව ඇත.

    වචනයෙන් ලිවීමට පවා හිරිකැත උපද්දවන මෙම පහත් ක්‍රියාව කිරිඇල්ලගේ චරිතයේ යථාර්තය අවබෝධ කරගැනීමට ඉතා හොඳ නිදර්ශකයක් වනු ඇත.

    ඊයා කිරිඇල්ල චිකෙයා.