Tag: featured

  • විදේශ සේවා නියුක්තිකයින්ගේ ඩොලර් වලට අමතර රුපියල් 10ක අමතර දිරි දීමනාවක්

    විදේශ සේවා නියුක්තිකයින්ගේ ඩොලර් වලට අමතර රුපියල් 10ක අමතර දිරි දීමනාවක්

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් “විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනටමත් ලබා දෙන එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ ප්‍රේෂණය කර දෙසැම්බර් මස .01 සිට දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා එ.ජ. ඩොලරයකට රුපියල් 8.00ක අමතර දිරි දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

    ඒ අනුව, 2021 දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා ලැබෙන මුළු දිරි දීමනාව එ.ජ. ඩොලරයකට රු. 10.00කි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබන අතිරේක දිරිගැන්වීම් හේතුවෙන් විධිමත් බැංකුකරණ මාර්ග ඔස්සේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් රටට ආකර්ෂණය වනු ඇතැයි ද, එමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

    ඒ අතරම, අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් පියවර ගනිමින් සිටින අතර, එමගින් සංක්‍රමණික සේවකයින් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය විධිමත් මාර්ග ඔස්සේ තම යැපෙන්නන් වෙත ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිමත් වනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.

    ඒ අතරම, අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පියවර ගනිමින් සිටින අතර, එමඟින් සංක්‍රමණික සේවකයින් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය විධිමත් මාර්ග ඔස්සේ තම යැපෙන්නන් වෙත ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිමත් වනු ඇතැ යි මහ බැංකුව නිවේදනය කළේ ය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සඳහන් කළේ, බැංකුවලට ප්‍රේෂණ ගෙන්වා ගැනීමට පොළඹවාලීම සඳහා මුංමුලා වූ මහ බැංකුව ඩොලරයකට අමතර රුපියල් 10ක් ගෙවමින් “කැරට් පෙන්වීමක්” කර ඇති බවයි.

    නීතිවිරෝධී විදේශීය මුදල් මාරුකිරීම් සඳහා භාවිතා කරන ගිණුම් අත්හිටුවීමේ තර්ජනය පිළිබඳව ද අදහස් දක්වමින් ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සඳහන් කළේ, පළමුව මෙය 1977ට පෙර පැවති මිල අධික බහු විනිමය හුවමාරු භාවිතයන් වෙත ආපසු යාමක් බවයි. එවැනි මුදල් එවීම් අනාවරණය කළ නොහැකි බැවින්, මෙවැනි තර්ජන බලාත්මක කිරීමට අපහසු පියවරක් වනු ඇතැ යි ද හිටපු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේය.

  • උතුරේ විදුලි ව්‍යාපෘති තුනක් චීනය අත්හිටුවයි

    උතුරේ විදුලි ව්‍යාපෘති තුනක් චීනය අත්හිටුවයි

    උතුරු පළාතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් දූපත්වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති 03 අත්හිටුවීමට තීරණය කර බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.

    මෙම ව්‍යාපෘති ජාත්‍යන්තර ටෙන්ඩරයක් මගින් ලබා ගත් බව ද තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බවයි එම පණිවුඩයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී චීන තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමූව ද අදාළ සමාගම මාලදිවයිනේ දූපත් 12ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා එරට රජය සමග පසුගිය 29 වැනිදා ගිවිසුම් අත්සන් කර කළ බවයි.

    චීන සමාගම විසින් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අතහැර දැමීමට ගත් තීන්දුව ගැන අප සමග අදහස් දැක්වූ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිි නායකයෙක් ප්‍රකාශ කළේ අදාළ ව්‍යාපෘති ගැන ඉන්දීය රජය දැඩි කණස්සල්ලෙන් පසු වූ බවයි.

    ‘මේ ව්‍යාපෘති අතහැර දැමීම සිදුවන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අවස්ථාවක වගේම එල්.එන්.ජී බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විදුලිබල වෘත්තීය සමිති දැඩි සටනක් දියත්කර ඇති අවස්ථාවකදීයි. මේ ගැන අපි වඩාත් සංවේදී විය යුතුයි‘ ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

    ඉහළ ඡායාරූපය – චීන තානාපති කාර්යාල නිවේදනයේ සදහන් මලදිවයින සමග ගිවිසුම අත්සන් තැබීම

  • මුදල් ඇමති බැසිල් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවෙයි

    මුදල් ඇමති බැසිල් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවෙයි

    දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (02) නවදිල්ලි නුවරදී ඉන්දීයජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහතා හමුවිය.

    ජාතික ආරක්‍ෂක උපදේශක දොවාල් මහතා අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා උණුසුම් ලෙස පිළිගෙන ඔහු සමඟ අතිශයින් සුහදකතාබහක නිරත වූ අතර දෙරටේ අන්‍යෝන්‍ය උපාය මාර්ගික අවශ්‍යතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළේය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ මුදල් ලේකම් එස් ආර් ආටිගල අමාත්‍යවරයා සමඟ මෙම හමුවටඑක්ව සිටියහ.

    ශ්‍රී අජිත් කුමාර් දොවාල් ඉන්දියාවේ පස්වන ජාතික ආරක්ෂක උපදේශක වේ. ඔහු කැබිනට් අමාත්‍යවරයෙකුගේ නිලයක් දරයි.

  • ඔමික්‍රොන් ප්‍රභේදය: දියවැඩියා රෝගීන්නට විශේෂ අනතුරු ඇඟවීමක්

    ඔමික්‍රොන් ප්‍රභේදය: දියවැඩියා රෝගීන්නට විශේෂ අනතුරු ඇඟවීමක්

    රට දැන් පවතින්නේ සිංහල අවුරුද්දට පෙර පැවති තත්ත්වය මෙන් අනතුරුදායක තත්ත්වයක බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

    ‘ඔමික්‍රොන්’ ප්‍රභේදය සමග යළි කොරෝනා රැල්ලක් ඇති වුවහොත් ඉන් වැඩි බලපෑමක් දියවැඩියාව රෝගීන්ට ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

    මේ අතර අවුරුදු 60ට වැඩි සියලු දෙනා රජය මගින් ලබා දෙන ෆයිසර් ‘බූස්ටර්’ එන්නත ලබා ගන්නා ලෙසත්, මිත්‍යා මතවල නොසිට අනෙක් ජනතාව තමන්ට නියමිත එන්නත ලබා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මෙහිදී ඉල්ලීමක් කළාය.

    රට දැන් පවතින්නේ සිංහල අවුරුද්දට පෙර පැවති තත්ත්වය මෙන් අනතුරුදායක තත්ත්වයක බව ද වෛද්‍ය සුමනිතිලක මහතා වැඩි දුරටත් පැවසුවේය.

  • ‘මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා’

    ‘මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා’

    මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්.
    අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ.
    අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා.
    හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා.
    මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මේ බව ප්‍රකාශ කළේය.

    අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    ‘‘මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි’’ යැයි කී අග්‍රාමාත්‍යතුමා, ‘‘ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා’’ යැයි ද පැවසීය.

    රක්ෂණලාභී මාධ්‍යවේදීන් පස් දෙනෙකු සඳහා අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණු අතර ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ඇමතිවරු ද රක්ෂණ හිමිකම් ඔප්පු ප්‍රදානයට එක්වූහ.

    “ඇසිදිසි රක්ෂණාවරණය” ඔස්සේ ජනමාධ්‍යවේදීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට රක්ෂණාවරණය ලබාදීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇති අතර රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ඒ සඳහා ඉදිරිපත්ව සිටියි.

    “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය කිරීමේ උත්සවයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    අද මේ රටේ මාධ්‍යවේදීන්ට ඇසිදිසි රක්ෂණ ආවරණය ලබා දෙන දවස. ඇසිදිසි රක්ෂණ ආවරණය වාගේ දෙයක් දෙන්න මේ තරම් ප්‍රමාද වුණේ ඇයි කියන්න මම දන්නේ නෑ. මම හිතනවා අපි සුදුස්සාට සුදුසු දේ දීලා තියෙන නිසයි අද මාධ්‍ය ඇසිදිසි රක්ෂණය ඔබට ලැබුණේ කියලා. ඩලස්ට මාධ්‍ය භාර ගන්න කියලා මීට කාලෙකට කලින් අපි ඉල්ලා සිටියා. මාධ්‍යවේදිනුත්, රටත් ඉල්ලා සිටියා. අපි දෙන්න හදපු කාලේ භාර ගත්තා නම් මේ රක්ෂණය මීට කලින් ලැබෙන්න තිබුණා කියලා මම කියන්න ඕනෑ. මේ අපි සුදුස්සාට සුදුසු දේ දීලා තියෙන බව දැන් ඔබට තේරෙනවා ඇති.

    මිත්‍රවරුනි, වෘත්තීය වශයෙන් නීතිඥවරු ඇරුණාම මම වැඩිපුරම සමීප උනේ මාධ්‍යවේදීන්ට. මට මතකයි එදා, මම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට එනකොට එදා ජනාධිපතිතුමිය කිව්වා ඔන්න රිපෝටර් එනවා කියලා. මම කිව්වා මම රිපෝටර් නෙවෙයි, එඩිටර් කියලා. මම පත්තරවලට තොරතුරු දුන්නේ සංස්කරණය කරලා. පක්ෂයටවත්, මටවත් හානි නොවන විදියට. ඒ නිසායි මම කිව්වේ මම එඩිටර් කියලා.

    මිත්‍රවරුනි, මාධ්‍යයට භීෂණය එල්ල වුණ හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා. සමහර කාලවල මාධ්‍යවේදීන්ගෙ අතේ කහ නූල් බැඳලා අපි ඔවුන් එක්ක ඉන්න බව කිව්වා. දේශපාලන මැරයෝ ගහලා, මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ කඩා දැම්මාම, අපි මාධ්‍යවේදීන්ට ඒවා අරන් දුන්නා. 88/89 භීෂණ යුගයේ රිචඩ් ද සොයිසා දකුණට ඇවිත් දකුණේ අපිත් එක්ක වැඩ කළා.

    මිත්‍රවරුනි, මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි මාධ්‍යයට ශක්තියක් වුණොත් මාධ්‍යය අපිව ශක්තිමත් කරනවා. අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ.

    මාධ්‍යයට යමක් හංගන්න හංගන්න රටේ ජනතාව ඒ ගැන තියෙන උනන්දුව වැඩියි. හංගන්න හංගන්න හැදෙන බොරු කතා වැඩියි. අද පාර්ලිමේන්තු සංවාද රූපවාහිනියෙන් විකාශය වෙනවා. හැබැයි කවුරුවත් ඒවා බලන්නේ නෑ. මොකද ඒක විවෘත නිසා. අද කැබිනට් එකට විතරයි මාධ්‍යවේදීන් යන්නේ නැත්තේ. ඒ නිසාම කැබිනට්ටුවේ වුණ දේවල් කියලා අමුතු අමුතු කතා ගොඩ නැගෙනවා. ඒක තමයි මාධ්‍යයේ හැටි.

    මිත්‍රවරුනි, අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා. අපිව බලයට ගේන්න මාධ්‍යවේදීන් ලොකු සේවයක් කළා. නමුත් දැන් අපි චෝදනා කරනවා මාධ්‍ය දැන් අපිත් එක්ක නෑ කියලා. මේක අමුතු දෙයක් නෙවෙයි. අපේ ජීවිත කාලය තුළ අපි අත්දුටු දෙයක්. මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා.

    මිත්‍රවරුනි, හැමදාම ආණ්ඩු මාධ්‍යයට කළ චෝදනාවක් තමයි ආණ්ඩුවේ සංවර්ධන කටයුතු මාධ්‍යයේ දාන්නේ නෑ කියලා. රටේ වෙන හොඳ දේවල් පත්තරවල දාන්නේ නෑ කියන චෝදනාව හැමදාම තිබුණා. අපිට නෙවෙයි අනගාරික ධර්මපාලතුමාටත් ඒ ප්‍රශ්නෙ තිබුණා. එතුමා වතාවක් කිව්වා “රටේ කොපමණ හොඳ දේ වුණත් ඒවා පත්තරවල පල වෙන්නේ නෑ. කරොංචි හාමි නොන්නො හාමිට පිහියෙන් ඇන්නොත් මේකා ඒක පත්තරේ මුල් පිටුවේම දමාපි” කියලා. ධර්මපාලතුමා එහෙම චෝදනා කළා. ඒ නිසා මාධ්‍යවේදීන්ට දොස් කියලා වැඩක් නෑ. ඒ කාලෙ ඉඳලාම මාධ්‍යවල හැටි තමයි ඒ.

    ජනතාවත් එහෙමයි. රූපවාහිනි ප්‍රවෘත්තිවල සංවර්ධන පුවත් කියලා හෙඩිම කියපු ගමන් ප්‍රේක්ෂකයො නාට්‍යයක් බලන්න වෙන චැනල් එකකට මාරු වෙනවා. මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට, මේක තේරෙනවා. අපිට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.

    මිත්‍රවරුනි, මේවා ඉතාම සාමාන්‍ය දේවල් හැටියට අපි භාර ගන්න ඕනෑ. අපිට විතරක් නොවෙයි, ලෝකයත් අද මාධ්‍ය නිසා කැලඹිලා.

    මට මතකයි කොරෝනා වසංගතය ආව දවස්වල සමාජ මාධ්‍යවල ගිය දේවල්. මේක රටක ලැබ් එකක හදාපු වයිරසයක් කිව්වා. බලවත්ම රටවල් ඒ ඒ රටවලට චෝදනා කර ගන්න තරමට සමාජ මාධ්‍යවල මේ ප්‍රචාර බලවත් වුණා. ඊට පස්සේ කොරෝනාවලට අලුතින් සොයා ගත්ත එන්නත ගැන නොයෙක් ප්‍රචාර ගෙනිච්චා.

    අපේ රටේ විතරක් නෙවෙයි දියුණු රටවලත් තරුණයෝ ඉන්ජෙක්ෂන් ගහගන්න ආවේ නෑ. ඒවා සමාජ මාධ්‍යවලින් යවාපු ප්‍රචාර නිසා ලෝකෙ මුහුණ දීපු දේවල්. අන්තිමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥයෝ කිව්වා වසංගතයට වඩා දරුණුයි කියලා තොරතුරු වසංගතය.

    ඒගොල්ලො මේකට කිව්වා Intro Demic (ඉන්ට්‍රො ඩෙමික්) කියලා. මේ තොරතුරු වසංගතේ ලෝකෙ යටවෙලා කියලා ඒගොල්ලන්ටත් පිළිගන්න වුණා.

    මිත්‍රවරුනි, අපේ රටටත් මේ ඉන්ට්‍රො ඩොමික් එක ආවා. කොරෝනාවලට එන්නත ගන්න අපි උත්සාහ කරනකොට එන්නත වේලපහ ගෙන්නා ගත්තේ නැත්තේ අපේ වරදයි කිව්වා. එන්නත ගෙන්නුවහම ෆයිසර් ගෙන්වන්න පුළුවන්කම තියෙද්දී අපි ලාභෙට චීන එන්නත ගෙනාවා කීවා. චීන එන්නත ගහල වැඩක් නෑ කිව්වා. සමහරු කිව්වා මොඩර්නා තමයි හොඳ, ඒකම ගේන්න කියලා. මේ සෙල්ලම් කළේ රටේ ජීවිතත් එක්ක.

    ඊට පස්සේ ගෙයක් ගානේ කොරෝනා මරණ වෙනවා කියලා විශාල භීතියක් ඇති කළා. දොස්තරලා කියන ගාණට වඩා මැරෙන ගාණ වැඩියි කිව්වා. අන්තිමට රට වහන්න, විසඳුම ඒකයි කියලා බල කළා. රට වැහුවේ නැතොත් ස්වයං ලොක්ඩවුන් කරගන්නවා කිව්වා. රට වහලා අපි ඇඟලුම් කර්මාන්තශාලා විවෘත කරලා තිබ්බා. ඒක වැහුවේ නැතොත් ඇඟලුම් පොකුරක් එයි කිව්වා. ඒ තරමට රට වහන්න බලකරපු උදවිය ඊළඟට දහස් ගණන් අරගෙන පාරේ පෙළපාලි ගියා. ඒ මහා ආර්ථික විනාසෙ කරලා දැන් රට ඇරියාම කියනවා රට බංකොළොත් කියලා. මේ තමයි තොරතුරු වාර්තා වුන විදිය.

    මාධ්‍යට මේවා නොපෙන්වා බෑ. වාර්තා නොකර ඉන්න බෑ. හැබැයි මාධ්‍යයට නොතේරී මාධ්‍යයෙන් ප්‍රයෝජන ගන්නත් රටට එරෙහි බලවේගවලට පුළුවන් වෙලා තියෙනවා. මේවා රටට ආදරේ, වගකීමක් ඇති මාධ්‍ය තේරුම් ගන්න ඕනෑ.

    මිත්‍රවරුනි, මේ රටේ මාධ්‍යවේදීන් තේරුම්ගත යුතු තවත් දෙයක් තියෙනවා. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා. යුද්ධ කරන කාලේ ඉඳන්ම අපිට ඒ අත්දැකීම් තියෙනවා. අද මේ රටේ මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කරන්න උත්සාහ කරනවා.

    එදා යුද්දෙදි මැරුන සන්නද්ධ ත්‍රස්තවාදීන්ව ජාත්‍යන්තරයට පෙන්නුවේ අහිංසක දෙමළ ජනතාව කියලයි. ඒ දේවල් යොදාගෙන යුද මෙහෙයුම් නතර කරන්න උත්සාහ කළා.

    තමුන්නාන්සේලාට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුන ගමන්ම මේ රටේ එක්තරා තානාපති කාර්යාලයක රස්සාව කළ කාන්තාවක් තමන්ව පැහැරගෙන ගියා කියලා ලොකු සිද්ධියක් මැව්වා. ආරක්ෂක අංශවලින් පැහැරගෙන ගියා කියලා මහා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. ජනාධිපති වුණ ගමන්ම මෙහෙම වුණාම මේ රටේ තානාපති කාර්යාල හැම එකක්ම ලොකුවට කලබල වුණා. සමහර රටවල් ඇයගේ ආරක්ෂාව තහවුරු කරනු කියලා නිවේදන පවා නිකුත් කළා. අපිට ලෝකෙට උත්තර දෙන්න සිද්ධ වෙන සිද්ධියක් මැව්වා.

    නමුත් රටේ හොඳ වෙලාවට ඒ කාන්තාව ඒ දවසේ ආගිය හැම තැනක් ගැනම සීසීටීවී (CCTV) කැමරාවල තිබුණා. සී.අයි.ඩී. (CID) එක අපක්ෂපාතීව පරීක්ෂණය කළා. අන්තිමට ඒ සිද්ධිය බොරු මවාපෑමක් බව ලෝකෙටම ඔප්පු කරගන්න අපිට පුළුවන් වුණා. හැබැයි ඒක බොරුවක් බව ඔප්පු වුණාම අපිට විරුද්ධව චෝදනා කළ අය කනගාටුවවත් පළ කළේ නෑ.

    මිත්‍රවරුනි, මේවායින් අපි තේරුම් ගන්න ඕනෑ මොකක්ද? මේ රටේ ජනතාවගේ නිදහස, රටේ අයිතිය උදුරා ගන්න ඉතාම සූක්ෂමව කටයුතු කරන බලවේග මාධ්‍ය වාසියට ගන්නවා.

    ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු, අසීරු තීන්දු ගන්න වෙන යුගයකට තමයි අපේ ආණ්ඩුව දැන් පත්වෙලා ඉන්නේ. ඒ අමාරු තීන්දු ගන්න අපි සූදානම්. රට වෙනුවෙන් ඒ තීන්දු ගන්න වෙන්නේ දේශපාලන අනාගතය උකස් තියලා. එහෙම තීන්දු ගන්නකොට රට වෙනුවෙන් මේ රටේ මාධ්‍ය ඉතාම වගකීමෙන් ක්‍රියා කරයි කියලා අපි හිතනවා.

    මේ වාගේ වැඩපිළිවෙළවල් අපි කරන්නේ ඔබගේ අනාගතය ගැන හිතලා. ඔබේ අනාගතය අපි සුරක්ෂිත කරනකොට මාධ්‍යවේදීන් වන ඔබ රටේ සුරක්ෂිත අනාගතයකට කැප වෙයි කියලා අපි විශ්වාස කරනවා.

    ඔබ සැමට තෙරුවන්සරණයි! යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

  • ගෑස් අනතුරු ගැන ලිට්රෝ සමාගමේ කැකිල්ලේ නිවේදනය

    ගෑස් අනතුරු ගැන ලිට්රෝ සමාගමේ කැකිල්ලේ නිවේදනය

    ගෑස් සිලින්ඩර සඳහා ඇති වූ අධික ඉල්ලුම නිසා ප්‍රමිතියෙන් තොර, පළුදු වූ ගෑස් සිලින්ඩර වෙළඳ පොළට නිකුත් කර ඇති බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පැවසූ බව බී.බී.සී සිංහල සේවය කියයි.

    ගෑස් සංයුතියේ වෙනසක් සිදු කිරීම පීඩනය වෙනස් වීමට හේතු වුව ද එය ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දු වීමට තරම් හේතුවක් නොවන බව ඔහු පවසයි.

    මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ අනතුරු ගැන අදහස් පළ කරමින් මහාචාර්ය එස්.ඩී.එම් චින්තක පෙන්වා දෙන්නේ සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදු වන්නේදැයි විමසිලිමත් වීම, ප්‍රමිතියෙන් යුතු නලයක් සහ රේගුයුලේටරයක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය බවයි.

    ගෑස් ආශ්‍රිත පිපිරීම් ජනතාවගේ නොසැලකිල්ල නිසයි – ලිට්‍රෝ ගෑස් කියයි

    මේ අතර ලිට්රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෑතකදී ඇති වූ සිද්ධි සහ ගැටලු සිදුවී ඇත්තේ LP ගෑස් සඳහා භාවිත නොවන ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ රේගියුලේටර්, නළ සහ උදුන් භාවිතයේදී සිදුවන නොසැලකිල්ල හේතුවෙන් බවයි.

    කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය සිදුවීම් වලට නිශ්චිත හේතුව හඳුනා ගැනීම සඳහා රජය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

    මේ අතර මේ දිනවල සුලභව වාර්තා වන ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවන්නේ ජනතාවගේ නොසැලකිල්ල නිසා බව රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම පුවත්පත් දැන්වීමක් පල කරමින් සඳහන් කරයි. ‘‘වැදගත් නිවේදනයක්‘ ලෙස පල කර ඇති එහි, මේ දිනවල සිදුවන ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් දැක්වෙන්නේ “මෑතකදී ඇති වූ සිද්ධි සහ ගැටලු සිදුවී ඇත්තේ LP ගෑස් සඳහා භාවිතා නොවන ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ රෙගියුලේටර්, නළ සහ උඳුන් භාවිතයේදී සිදුවන නොසැලකිල්ල හේතුවෙනි.” යනුවෙනි.

  • අකුරුට වැඩ කරන විදුලි ඉංජිනේරුවරු නඩත්තු කටයුතුවලිනුත් ඉවත් වෙති

    අකුරුට වැඩ කරන විදුලි ඉංජිනේරුවරු නඩත්තු කටයුතුවලිනුත් ඉවත් වෙති

    මේ වනවිට අකුරට වැඩකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරු අද (01) සිට නඩත්තු කටයුතුවලින්ද ඉවත් වීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතියේ ලේකම් ධම්මික විමලරත්න පවසයි.

    ඒ අනුව අද පස්වරු 4.30 සිට විදුලි ඉංජිනේරුවරු සියලුම නඩත්තු කටයුතුවලින් ඉවත් වී ඇත.

    මේ වනවිට විදුලි බල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේක්ෂණ අංශය භාර ජ්‍යෙෂ්ඨ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔවුන් මෙලෙස අනිවාර්ය නිවාඩු යැවීමට කිසිදු සාධාරණ හේතුවක් නැති බවත් විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතියේ ලේකම්වරයා පවසයි.

    විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යවූ අතිරේක ලේකම්වරු දෙදෙනාගෙන් සම්ප්‍රේක්ෂණ භාර අතිරේක සමාන්‍යාධිකාරීවරයා ඉතාම වගකීමෙන් අවංකව රාජකාරි කරන නිලධාරියෙකු බවත් ඔහු පැවසුවේය.

  • මුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් හමුවෙයි

    මුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් හමුවෙයි

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත අතර ඊයේ (දෙසැ 01) පස්වරුවේ ඉන්දියාවේ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන්  මහත්මිය නවදිල්ලි නුවරදී හමුවිය.

    එහි දී  ද්විපාර්ශ්වික ආර්ථික  සහයෝගීතාවයට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඉන්දියාව සිය ආර්ථික සහයෝගීතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳව  බැසිල් රාජපක්ෂ මහතා මුදල් මුදල් අමාත්‍යවරියට ස්තූතිය පුද කළේය.

    දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා වැඩසටහන් තවදුරටත් වර්ධනය කර වැඩිදියුණු කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වුහ.

    ආර්ථික විද්‍යාඥවරියක් වන ශ්‍රී නිර්මලා සීතාරාමන් මහත්මිය 2019 මැයි මාසයේ සිට ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත. ඇය 2017 සිට 2019 දක්වා ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. සීතාරාමන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ලෙස ද කටයුතු කර ඇත බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හෙට (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා මුණ ගැසීමට ද නියමිතව ඇත.

  • රිය අනතුරුවලින් මියයන පුද්ගලයන්ගේ යැපෙන්නන්ට ගෙවන වන්දි මුදල ඉහළට

    රිය අනතුරුවලින් මියයන පුද්ගලයන්ගේ යැපෙන්නන්ට ගෙවන වන්දි මුදල ඉහළට

    හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක්  දක්වාත්, බරපතල තුවාල ලබන  වින්දිතයින්ට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වාත් වැඩි කිරීමට මාර්ග  ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන ඇතිබව ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කරයි.

    ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබාදුන් උපදෙස් මත මෙම නව වන්දි ක්‍රමය 2022 වසරේ සිට ක්‍රියාත්මක වේ.

    • අපරික්ෂාකාරි රිය   ධාවනය
    • මත්පැන් ,මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය
    • ජංගම දුරකථන භාවිතය
    • අනාරක්ෂිත ලෙස මාර්ගයේ ගමන් කිරිම
    • ප්‍රමිතියකින් නොමැති හිස් ආවරණ පැලඳීම

    ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු බහුල වීමට හේතුවී ඇත.

    • මාරක රිය අනතුරු වලට වගකිවයුතු වාහන අතර 42%ක් යතුරුපැදි වන අතර, 12% ක් ලොරි සහ ටිපර් රථ වේ.‍
    • එමෙන්ම දිනකදී මියයන පුද්ගලයින්ගෙන් 40% ක් යතුරුපැදි කරුවන් වන අතර 30% ක් පදිකයන් හා 9%ක් පාපැදි කරුවන් බව දත්ත වලින් හෙලිවී ඇත.
    • මේ අතර අනතුරු වලින් 47%ක් සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ සිදුව ඇත.

    මෙම කරුණු හෙලිවූයේ මාර්ග අනතුරු වලට ලක්වූ වින්දිතයන් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයකදීය.

    ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 01(අද) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන  මධ්‍යස්ථානයේදී පැවති මෙම සැමරුම් උත්සවයේදී මාර්ග ආරක්ෂාව, රිය අනතුරු අවම කරගැනීම හා පදිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් කටයුතු කල ක්‍රියාකාරී පුද්ගලයින්ට සමරු සහ මුල්‍ය සහන ලබාදීම සිදුකරන ලද අතර ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු 50% කින් අඩු කිරිම සඳහා මාර්ග ආරක්ෂාව පිලිබඳව ජාතික සභාව විසින් සකසන ලද ක්‍රියාකාරී සැලැස්ම එලි දැක්වීමද සිදුකරන ලදී.එමෙන්ම හඳුනානොගත් රියඅනතුරුවලින් මියගිය පුද්ගලයින්ගෙන් යැපෙන්නන් වෙනුවෙන් සහ බරපතල ලෙස අනතුරුවලට පත්වූවන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

    මෙම උත්සවයේදී කරුණු දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය :-“මෝටර් සයිකල්වල තියෙන අනතුරු සංඛ්‍යාව තමයි වැඩිම දායකත්වයක් ලබාදෙන්නේ. මේ රටේ රියඅනතුරුවලින් දවසකට අටදෙනෙකු මියයනවා. මේ සඳහා ජාතික වශයෙන් වැඩපිලිවෙලක් සැකසිය යුතුයි…………”

  • ආබාධිත රණවිරුවා වසර 13ක් තිස්සේ ‘රෝගී බිරිඳ ජීවත් කරවන්න කරන මහා සටන‘

    ආබාධිත රණවිරුවා වසර 13ක් තිස්සේ ‘රෝගී බිරිඳ ජීවත් කරවන්න කරන මහා සටන‘

    තම බිරිඳ සුදුසු වෛද්‍ය වරයෙකුට හෝ වෙනත් රටකට හෝ රැගෙන ගොස් ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා සිටින විජේරත්න මහතා බිරිඳගේ ලේ  මාරු කිරීම් සඳහා යන වියදම හෝ සොයා ගැනීම අපහසු නිසා මේ පිළිබඳව ජනමාධ්‍ය හරහා වර්තමාන හමුදාපතිතුමාට  කරුණා සිත් ඇති ධනපතියන්ට ආරාධනා කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.

    වසර 22ක් රට වෙනුවෙන් කැපකිරීම් කර යුද  හමුදාවෙන් විශ්‍රාම ගිය ආබාධිත සෙබළෙකු වසර  13ක් පුරා වකුගඩු රෝගයෙන් පීඩා විඳින තම ආදරණීය බිරිඳගේ  දිවි රැක ගැනීමේ සටනක නිර්තව සිටින පුවතක් ගලේවෙල අළුත්වැව බඹරගස්වැව ප්‍රදේශයෙන් වාර්තා විය.

    දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන එච්. එම්. සී. ටී. විජේරත්න නම් රණවිරුවා වසර  හතක කාලයක් දැඩිව යුද්ධය පැවති අවස්ථාවේදී රට වෙනුවෙන් එක් පාදයක කොටසක්,  හිස සහ ශරීරයේ ස්ථාන රැසක මස් ලේ පූජා කළ අයෙකි.

    යුද හමුදාවේ නම වෙනි  සිංහ රෙජිමේන්තුවේ සේවය කළ ඔහු එකල යුද හමුදාවේ තුළ “අලි පැටියා “නමින් සියලු නිලයන් අතර ජනප්‍රිය ක්‍රියාශීලී අයෙකි. යාපනයේ පැවති යුද්ධය උණුසුම් අවස්ථාවක දී ඔහුගේ පාදය මෙන්ම හිසට ද වෙඩි වැදී මේ වන විට ආබාධිත තත්ත්වයේ පසුවේ.

    වසර   විසි දෙකක සේවා කාලයෙන් පසුව දරු තිදෙනා සහ බිරිඳ සමඟ සතුටෙන් ජීවත් වීමට  වීශ්‍රාම ගිය මෙම යුධ හමුදා සෙබලාට නොසිතූ දෙයකට මුහුණ පාන්නට  සිදුව තිබේ. එනම් තම ආදරණීය බිරිඳ කේ.ජී. ශ්‍රියානි කුමාරි (40) යන අය තුන්වැනි දරුවා  බිහි කිරීමට සූදානම් වෙද්දී වකුගඩු රෝගියෙකු බව හඳුනා ගැනීම නිසාවෙනි.

    දැනට  වසර  දහ තුනක කාලයක් වකුගඩු රෝගයෙන් පෙළෙන ඇය වසර පහක පමණ කාලයක සිට සතියට දෙවතාවක් ලේ මාරු කර ගැනීම් මෙන් ජීවිතය බේරා ගෙන සිටින බව ආබාධිත රණවිරු විජේරත්න මහතා අප සමඟ පැවසීය.

    තමන් මුහුණ දී සිටින අභියෝගාත්මක තත්ත්වය ගැන අප හමුවේ කරුණු පැහැදිලි කළ ඔහු මෙසේ පැවසුවේය.

    ‘අපි ජීවත් වන ගලේවෙල, අළුත්වැව, බඹරගස්වැව ප්‍රදේශයේ සිට බිරිදව මහනුවර මහ රෝහලට සතියකට අවස්ථා දෙකක් ලේ මාරු කිරීම සඳහා  රැගෙන යා යුතුයි. ඒ සඳහා එක් අවස්ථාවකට රුපියල් 5000 ක පමණ මුදලක් වැයවන වෙනවා. මගේ විශ්‍රාම වැටුපෙන් මේ වියදම් දරා ගැනීමට බැහැ. ඒ නිසා මම මේ වන විට ගමේ බොහෝ දෙනකුට ණය වී අවසානයේ මා සන්තකව තිබූ ත්‍රිරෝද රථයද උකසට තබා තිබෙනවා. මම වසර පහක පමණ කාලයක් එක දිගටම මේ ආකාරයෙන් අති විශාල මුදලක් වියදම් කරමින් බිරිඳ ජීවත් කරවීමට උත්සාහ කරනවා. ඒ නිසා දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සමග තව දුරටත් එය සිදු කර ගැනීම්ට නොහැකි තරම් අසරණ තත්ත්වයකටයි මා පත්ව සිටින්නේ. එනිසාම කළ හැකි අන් යමක් නැති නිසයි මම අද මහජනතාවගෙන් සහ යුද හමුදාවෙන් සහයෝගයක් ඉල්ලා සිටින්නේ‘‘දැඩි වේදනාවෙන් යුතුව විජේරත්න මහතා පැවසීය.

    පසුගිය යුධ සමයේ තමා මුහුණ දුන් අත්දැකීම් රැසක් හෙළි කරමින් ඔහු කියා සිටියේ තමා සමග එකට යුද හමුදාවේ සිටි මිතුරා තමන් ඉදිරියේම ‍ ත්‍රස්තවාදී  ප්‍රහාරයකට ලක්ව මිය ගිය බවය.

    ‘‘ඒක හරිම අනුවේදනීය අවස්ථාවක්. ඊට පස්සේ මම මගේ මිතුරාගේ නිවසට ගියා. ඒ අවස්ථාවක මිතුරාගේ මව කරන ලද ඉල්ලීමකටයි ඇයගේ දියණිය, ඒ කියන්නේ මගේ මිතුරාගේ නැගණිය මම විවාහා කර ගත්තේ. මම විවාහ වන තෙක් ශ්‍රියානිව දැකලා තිබුණෙත් නැහැ. මගේ මිතුරාට තිබුණු ආදරය නිසා ඔහුගේ නැගණිය පණ මෙන් ආරක්ෂා කරමින් රැක ගත්තා‘‘ ඔහු දැඩි සංවේගයෙන් යුතුව අප සමග පැවසීය.

    තමන් යුද හමුදාවෙන් ගත් ආභාෂය නිසාම මෙම බරපතළ ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටින බවත් එසේ නොවන්නට මේ වන විට වෙනත් අයකු නම් තම බිරිඳ ජීවත්  කරවීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

    තම බිරිඳ සුදුසු වෛද්‍ය වරයෙකුට හෝ වෙනත් රටකට හෝ රැගෙන ගොස් ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා සිටින විජේරත්න මහතා බිරිඳගේ ලේ  මාරු කිරීම් සඳහා යන වියදම හෝ සොයා ගැනීම අපහසු නිසා මේ පිළිබඳව ජනමාධ්‍ය හරහා වර්තමාන හමුදාපතිතුමාට  කරුණා සිත් ඇති ධනපතියන්ට ආරාධනා කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.

    මෙම දෙපළගේ වැඩිමහල්මහල් දියණිය උසස් පෙළ දෙවැනි වර පෙනී සිටීම සඳහා  සූදානම් වන අතර දෙවැනි පුතා දහ වැනි වසරේ ඉගෙනුම ලබයි. තුන්වෙනි දියණිය තවමත් හත්වැනි වසරේ අධ්‍යාපනය ලබන දියණියකි.

    මෙම ආබාධිත රණවිරු පවුල පවතින ජීවිත අවදානම පිළිබඳව සොයා බලා හැකි ආකාරයෙන් උදව් කරන්නැයි  ඔහු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

    ඔවුන්ගේ ලිපිනය එච්. එම්. සි. ටි. විජේරත්න, අලුත්වැව ,බඹරගස්වැව, ගලේවෙල, දුරකථන අංකය  076 1263 394- බැංකු ගිණුම් අංකය 00000 21 88 602

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

  • මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ සැබෑ අරමුණ කුමක්ද ?

    මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ සැබෑ අරමුණ කුමක්ද ?

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේඑක්  පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ .

    ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ්‍රිත තෙත් බිම් මේ ආකාරයෙන් විනාශ කිරීමට ලක් කෙරින. වගුරු බිම් පද්ධතියක පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ව අවබෝධයක් නොමැති මෙම ආයතන විසින් වගුරු බිම්වලට සිදු කළ විනාශය හේතුවෙන් අද වන විට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කර ගංවතුර පාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සිදු වී ඇත. වගුරු බිම් ගොඩ කිරීම, වගුරු බිම් පද්ධති ඛණ්ඩනය කිරීම, වගුරු පද්ධති ජලාශ බවට පත් කිරීම මෙන්ම වගුරු බිම් හා ඇළ මාර්ග පද්ධති දෙපස කළු ගල් ඇතිරීම හේතුවෙන් බොහෝ තෙත් බිම් ආශ්‍රිත ජීවීන්ට වාසස්ථාන හා බෝවීමේ ප්‍රදේශ අහිමි වී ඇත.

    නාගරික සංවර්ධනය හා නගර අලංකරණය යන වචන භාවිත කර සිදු කළ මෙම තෙත් බිම් පද්ධති විනාශය හේතුවෙන් අද වන විට තෙත් බිම් ආශ්‍රිත ජෛව ප්‍රජාවට දරුණු බලපෑම් එල්ල වී ඇත. කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන තෙත් බිම් ආශ්‍රිත සංක්‍රමණික පක්ෂි විශේෂවලට ද මේ හේතුවෙන් වාසස්ථාන අහිමි වී තිබේ. එපමණක් නොව වගුරු පද්ධති කැණීම් කර විශාල ගැඹුරු ජලාශ ඉදි කිරීම හේතුවෙන් අනාගතයේ දී මුහුදු ජලය රට අභ්‍යන්තර ප්‍රදේශවලට කාන්දු වීම වර්ධනය හේතුවෙන් පස ලවණීකරණයට ලක් වී ගැටළු බොහොමයක් උද්ගත විය හැකි ය.

    නගර අලංකරණයේ නාමයෙන් වගුරු බිම් පද්ධති විනාශ කිරීම සිදු කරන අතරතුර කොළඹ ආශ්‍රිත ව සංවර්ධනය කරන නගර සියල්ල ක්‍රොන්ක්‍රීට් වනාන්තර ලෙස ගොඩනගමින් පවතී. අලුතින් ඉදි කරන හා පුළුල් කරන මාර්ග සියල්ල ශාක ආවරණවලින් තොර විවෘත නිරුවත් මාර්ග ලෙස ඉදිකර තිබේ. නගර සියල්ල ම ශාක ආවරණයන්ගෙන් තොර විවෘත ප්‍රදේශ ලෙස නාගරික සංවර්ධන අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදි කර ඇත. මේ නිසා සූර්යය තාපය සෘජුව භූමියට පතිත වීම හේතුවෙන් සන්නයනය, සංවහනය හා විකිරණයෙන් අවට ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යාම ඇතුළු ගැටළු ගණනාවක් නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මුහුණ දීමට සිදු වී ඇත. එපමණක් නොව වර්ෂා කාලයේ දී නාගරික ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය පසට උරා ගැනීමට ක්‍රමවේදයක් නොපැවතීම හා එම ජලය ක්‍රොන්ක්‍රීට් ආවරණ මතුපිටින් ගලා ගොස් තෙත් බිම්වලට වැඩි ප්‍රමාණයක් යොමු වීම හේතුවෙන් කෙටි කාලීනව ගංවතුර තර්ජන ඇති වේ. මේ නිසා විශාල මුදලක් වැය කර වැසි ජලය භූගත උමං පද්ධතියක් තුළින් මුහුදට යොමු කිරීමට හා වැසි ජලය පොම්ප මගින් කැළණි ගඟට යොමු කිරීමට සිදු වී ඇත.

    මේ සියල්ලට ම හේතුව නාගරික සංවර්ධන අධිකාරියට හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට 1971 වසරේ තෙත් බිම් සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර රැම්සාර් ප්‍රඥප්තිය හෝ 2006 ඔක්තොම්බර් මස ප්‍රකාශිත ජාතික තෙත් බිම් ප්‍රතිපත්තිය හා උපායමාර්ගික සැලැසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව කිසිදු අවබෝධයක් නොමැති වීම ය. එපමණක් නොව තෙත් බිම්වල ජෛව පද්ධති කළමනාකරණය පිළිබඳ ව නිවැරදි දැක්මක් හා තාක්ෂණික අවබෝධයක් මෙම ආයතනවලට නොතිබීම විශාල අඩුපාඩුවකි. එවන් තත්ත්වයක් තුළ මෙරට සුවිශේෂී තෙත් බිමක් වන මුතුරාජවෙල කළමනාකරණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම යනු දැවැන්ත විනාශයකට මඟපාදා දීමකි. කොළඹ ආශ්‍රිත තෙත් බිම්වල පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම් විනාශ කළ ආකාරයෙන් ම මුතුරාජවෙල තෙත් බිම සහ ඒ හා සම්බන්ධ මීගමුව කලපුව ද මෙම අධිකාරියෙන් කෙටි කාලයක දී විනාශ කර දමනු ඇත. මෙය නිවැරදි ව තේරුම් ගත යුතු ය. මාදිවෙල පිහිටි තෙත් බිම් කුරුලු උද්‍යානයක් සඳහා නීති විරෝධී ලෙස සමාගමකට ලබා දුන් ආකාරයෙන් ම මුතුරාජවෙල තෙත් බිම ද මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගමට ලබා දීමට මෙම සැලැසුම සකස් කර ඇති බව අද වන විට තහවුරු වී ඇත.

    මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ විනාශකාරී සැලැසුම

    මීගමුව කලපුව හා සම්බන්ධ ව ඇති සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් වන මුතුරාජවෙල මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කර ඇත්තේ 1980 අංක 2 දරන නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනතට අනුව ය. මෙම පනතේ 2 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පවරා ඇති බලතල මත මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 15 ක පිහිටි හෙක්ටයාර 1926.6 ක භූමි ප්‍රදේශයක් 2021 ඔක්තොම්බර් මස 7 වන දින අංක 2248/44 දරන ගැසට් නිවේදනය මගින් නාගරික සංවර්ධන ව්‍යාපෘති ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    මෙලෙස ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩම් කොටස් අනවසරයෙන් පිරවීම හා අල්ලා ගැනීම වැළැක්වීම, මෙම තෙත් බිම සංරක්ෂණය හා තිරසර භාවිතය මෙන් ම රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ය.

    නමුත් නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇත්තේ නාගරික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් ඉඩම් ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමට ය. එවන් පනතක් මගින් මුතුරාජවෙල ප්‍රකාශයට පත් කර නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් සංරක්ෂණ කාර්යයක් සිදු කරනු ඇතැයි කිසිදු ආකාරයකින් විශ්වාස කළ නොහැකි ය. වත්මන් ආණ්ඩුව විසින් වනාන්තර සමාගම්වලට පවරාදෙමින් සිදු කරන දැවැන්ත විනාශය හා ඒ සඳහා ගත් ප්‍රතිපත්තිමය තීරණවලට අනුව පෙනී යන්නේ සංරක්ෂණයේ මුවාවෙන් තෙත් බිම් පද්ධති ද සමාගම්වලට ලබා දී විනාශ කිරීමට පිඹුරුපත් සකස් කරන බව ය. ඊට හොඳ ම සාක්ෂිය මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන ආකාරයට ම අනවසර පිරවීම් හා අනවසර අල්ලා ගැනීම් වැළැක්වීම සඳහා මෙම තෙත් බිම් ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට පවරන බව ය. එහි යටි අරුත වන්නේ අවසර මත මෙම තෙත් බිම පිරවීම් කර සංවර්ධනය කිරීමට අවස්ථාව ලබා දෙන බව ය. එසේ නොමැති ව මුතුරාජවෙල තෙත් බිම ගොඩ කිරීම වළක්වා සංරක්ෂණය කිරීමට පියවර ගැනීම නොවන බව ගැසට් නිවේදනයේ සඳහන් කරුණු මත ඉතා ම හොඳින් පෙනී යයි.

    එපමණක් නොව ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ මෙම තෙත් බිම තිරසර භාවිතය සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව ය. නමුත් ඒ සඳහා වන සැලැසුම සකස් කෙරුනේ මීට වසර 27 කට ප්‍රථම 1994 වසරේ දී ය. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිම කොටස් තුනකට වෙන් කර තිරසර කළමනාකරණය සඳහා සැලැසුමක් සකස් කෙරින. එම සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන ගැටළු මතු වූයේ දේශපාලන බලපෑම් මත රාජ්‍ය ආයතනවලට මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා ය. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය වන්නේ අදාළ ආයතනවලට බලපෑමකින් තොරව නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් රට තුළ ඇති කිරීම හා නීතියේ ආධිපත්‍යය මෙන් ම අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම ය. එසේ සිදු නොකර දැනට පවතින ව්‍යුහය තුළ ම මෙම තෙත් බිම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීම යනු සංරක්ෂණය වෙනුවට සංවර්ධනය සඳහා මෙම තෙත් බිම යොදා ගැනීමට පිඹුරුපත් සැකැසීමකි.

    මෙම ගැසට් නිවේදනයේ මුතුරාජවෙල තෙත් බිම රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කරන බවට සාවද්‍ය කරුණු සඳහන් කර තිබේ. මුතුරාජවෙල තෙත් බිම අන්තර්ජාතික රැම්සාර් සම්මුතියට අනුව රැම්සාර් තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති අතර ඒ සඳහා යෝජනාවලියක් ද ඉදිරිපත් කර නොමැත. එවන් තත්ත්වයක් තුළ මුතුරාජවෙල රැම්සාර් තෙත් බිමක් ලෙස සංවර්ධනය කරන බවට සාවද්‍ය කරුණු ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් ජනතාව මුලා කිරීමට උත්සාහ දරන බව පෙනී යයි.

    සංරක්ෂණය කළ තෙත් බිම් සංවර්ධනය කිරීමට පිඹුරුපත් සැකැසීම

    හෙක්ටයාර 3068 ක් පමණ වන මුතුරාජවෙල තෙත් බිමේ කොටසක් පළමුව සංරක්ෂණය කෙරුනේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව ය. මෙම පනතේ ප්‍රධාන අරමුණ වන සතුන් හා වෘක්ෂලතා සහ ඒවායේ වාසභූමි වාණිජ ලෙස ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම හා ජෛව විවිධත්ව සංරක්ෂණය කිරීම ය. මෙම පනතේ 2(2) උප වගන්තියට අනුව 1996 ඔක්තෝම්බර් මස 31 වන දින අංක 947/13 දරන අති විශෙෂ ගැසට් පත්‍රයට අනුව තෙත් බිමේ හෙක්ටයාර 1028.62 කක භූමි ප්‍රදේශයක් මුතුරාජවෙල අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කෙරිනි.

    දෙවනුව මුතුරාජවෙල තෙත් බිමට ආරක්ෂාව හිමි වූයේ ජාතික පාරිසරික පනතෙනි. මෙම පනතේ ප්‍රධාන අරමුණ වන්නේ පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ අභිවර්ධනය කිරීම සඳහා පාරිසරික තත්ත්වය විධිමත් කිරීම, පවත්වාගෙන යාම සහ එය පාලනය කිරීම සඳහා පරිසර දූෂණය වැළැක්වීම, නතර කිරීම සහ පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වීම ය. මෙම පනතේ 24ඇ හා 24ඈ උප වගන්ති වලට අනුව 2006 ඔක්තෝම්බර් මස 13 වන දින අංක 1466/26 දරන ගැසට් නිවේදනයෙන් මුතුරාජවෙල තෙත් බිමේ හෙක්ටයාර 206.678 ක තෙත් බිම් ප්‍රදේශයක් ලංකාවේ ප්‍රථම පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඉන් පසුව 2018 සැප්තැම්බර් 25 වන දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය මඟින් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හෙක්ටයාර 162.10 ක් දක්වා අඩු කර තිබේ.

    මුතුරාජවෙල තෙත් බිමට අයත් ඉතිරි භූමි ප්‍රදේශ මෙම පනත් දෙක යටතේ ප්‍රකාශයට පත් කර සංරක්ෂණය කිරීම වෙනුවට මෙම තෙත් බිම් පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් පෙනී යන්නේ සංරක්ෂණය වෙනුවට සංවර්ධනය සඳහා සැලැසුම් කරන බව ය.

    මුතුරාජවෙල අභය භූමියට හා පාරිසරික ආරක්ෂක ප්රදේශයට ඇති ආරක්ෂාව

    වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත මුතුරාජවෙල අභය භූමියේ වනජීවීන්ගේ පැවැත්මට හා තෙත් බිම් පද්ධතියේ පැවැත්මට බලපෑම් වන ඕනෑ ම හානි කර ක්‍රියාවක නිරත වීම 7(1)(ආ) උප වගන්තියට අනුව නීති විරෝධී වේ. එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු පනතේ 63 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමෙන් පසුව වරදකරුවකු කරණු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. එම වැරදි පනතේ 67ආ1 උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි සංඥ්ය වැරදි ලෙස ද දක්වා ඇත. මෙම නීති ක්‍රියාත්මක කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිමට අයත් අභය භූමි සීමාව තුළ කිසිදු සංවර්ධන ක්‍රියාකාරකමක් සිදු කළ නොහැකි ය.

    ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ ක්‍රියා පටිපාටියෙන් තොර ව කිසිදු රාජ්‍ය ආයතනයකට අභය භූමියකට අයත් හෝ මායිමේ සිට මීටර 100 ක් ඇතුළත පිහිටන තෙත් බිම් සංවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමට අවසර ලබාදිය නොහැකි ය. මෙම පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව මුතුරාජවෙල අභය භූමියේ මායිමේ සිට මීටර 100 ක් ඇතුළත නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    ජාතික පාරිසරික පනතේ 24ඇ හා 24 ඈ වගන්තිවලට අනුව ප්‍රකාශයට පත් කර ඇති මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක කලාපයක් තුළ පනතේ 24ඈ(4) උප වගන්තියට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමකින් තොරව කිසිදු පුද්ගලයකු විසින් සංවර්ධන සැලැසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම නොකළ යුතු වේ. එවන් ක්‍රියාවක යෙදෙන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මෙම නීති ක්‍රියාත්මක කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත.

    නමුත් මෙම තෙත් බිම් පද්ධතිය නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනතෙන් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් එම අධිකාරියට මුතුරාජවෙල තෙත් බිමට හෝ එහි ජෛව ප්‍රජාවට ඇති කරන බලපෑම් වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු නීිතිමය ප්‍රතිපාදනයක් මෙම පනතට අනුව නොමැත. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමෙන් සිදු වන්නේ සංරක්ෂණය වෙනුවට දැවැන්ත විනාශයකට ගොදුරු කිරීම ය. මෙය ජනාධිපතිවරයා විසින් ගත් ඉතා ම අඥාන තීරණයක් වන අතර එය පිටුපස මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය අත්පත් කර ගැනීමට පිඹුරුපත් සකසමින් සිටින මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගම සිටින බව ඉතා ම හොඳින් තහවුරු වේ.

    මුතුරාජවෙල තෙත් බිම අත්පත් කර ගැනීමේ මැල්වත්ත සමාගමේ සැලැසුම්

    පසුගිය 2018 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406 ක භූමි ප්‍රදේශයක් ගොඩ කර නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබුණි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්, සහකාර කොමසාරිස් එම්. එන්. එල්. සදමාලි මහත්මියගේ සහයෝගය හා මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා ගොවිජන සේවා කොමසාරිස් වරයාගේ අනුමැතිය ලබා ගෙන ඇත. ඒ අනුව වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 165ඒ තුඩුව – බෝපිටිය හා 166ඒ කුංජවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි ව්‍යාප්තව ඇති අභය භූමියට අයත් පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින තෙත් බිම් ගොඩ කිරීම සඳහා ඉඩම් මැනීමට පර්චසයකට රුපියල් පන්සියය බැගින් පර්චස් 65102 ක් සඳහා රුපියල් 3,25,51000 ක මුදලක් මෙම සමාගමෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබුණි. මේ සියල්ල සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස ය.

    මැල්වත්ත සමාගමේ අජිත් පණ්ඩිතරත්න මහතාගේ හා එම්. එන්. එල්. සදමාලි මහත්මියගේ බලපෑම මත ගොවිජන සේවා කොමසාරිස් තුමා විසින් ගොඩකිරීම සඳහා අනුමැතිය ලබා දී තිබුණේ පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම් ය.

    ඉන් පසුව 2020 වසරේ ජුනි මාසයේ දී මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට අයත් ජා – ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, වෑවල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අට්ටික්කගහවත්ත කුඹුරට හා වැටකෙයාගහ කුඹුරට යාව පිහිටි තෙත් බිම් අක්කර 50 ක් ගොඩ කිරීම සඳහා මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගම සූදානම් විය. එලෙස සැලැසුම් කෙරුනේ ඕලන්ද ඇල, බලි ඇල හා වෑවල පල්ලි ඇලට මායිම් ව පිහිටන මෙම තෙත් බිමේ අක්කර 50 ක භූමියකි. එම භූමිය මායිම් කණු යොදා සලකුණු කර තිබුණි. ඒ සඳහා ජා – ඇල, ගොවිජන සේවා දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ද සහයෝගය ලැබී තිබේ. මෙම ඉඩම් වෙන් කිරීමෙන් අනතුරු ව ගොඩ කර ලොරි රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදි කිරීමට සැලැසුම් කර ඇති බවට වාර්තා විය.

    මේ අතරතුර 2020 වසරේ දී ම මෙම තෙත් බිම් පද්ධතියේ අක්කර 700 ක භූමියක ගොල්ෆ් ක්‍රිඩා පිටියක් හා හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට අභය භූමියට අයත් පුවරු ඉවත් කර ඉඩම් වෙන් කිරීම සිදු කෙරින. මේ ආකාරයෙන් මැල්වත්ත සමාගම මුතුරාජවෙල තෙත් බිම් අත්පත් කර ගැනීමට අඛණ්ඩ උත්සාහයක නිරත වේ. දේශපාලන හා ආර්ථික බලය භාවිතා කර මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ කරමින් සිටී.

    නාගරික සංවර්ධන අධිකාරිය අනතුරේ හෙළන මුතුරාජවෙලේ ජෛව ප්රජාව

    මෙම සියළු ආයතන හා සමාගම් එක්ව විනාශ කිරීමට සැලැසුම් කරන්නේ සුවිශේෂී තෙත් බිම් සංකීර්ණයකි. මුතුරාජවෙල වගුරු බිම, මීගමුව කලපුව, ඕලන්ද ඇළ, හැමිල්ටන් ඇළ හා මුතුරාජවෙල වගුරු බිම තුළින් ගලා ගොස් මීගමුව කලපුව හා එක් වන දඬුගම් ඔය ඇතුළු තෙත් බිම් ගණනාවකින් මෙම පද්ධතිය සමන්විත ය. මේ නිසා ම මෙම තෙත් බිම් පද්ධතිය නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන සාගර මත්ස්‍ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂ වල ප්‍රධාන බෝවීමේ ප්‍රදේශයකි. මේ නිසා මීගමුව කලපුවේ මත්ස්‍ය විශේෂ වල පැවැත්ම මෙන්ම සුළු පන්න ධීවරයින්ගේ පැවැත්ම ද මෙම තෙත් බිම මත රදා පවතී.

    දැනට සිදු කර ඇති අධ්‍යයන වලට අනුව ජෛව විද්‍යාත්මක ව ඉතා වටිනා තෙත් බිම් පරිසරයක් වන මෙහි විවිධ පරිසර පද්ධති රාශියක් දැක ගත හැකි ය. එනම් කඩොලාන බිම්, ලවණ වගුරු බිම්, ලවණ ජලය හා මිරිදිය ජලය සහිත ඇළ මාර්ග, තෘණ භූමි, පදුරු වනාන්තර, ගංගාශ්‍රීත වනාන්තර ඒ අතර වේ. මීට අමතර ව වසරේ විවිධ කාල වල දී ලවණ ජලයෙන් පිරී යාම නිසා විශේෂිත පරිසර පද්ධති නිර්මාණය වී ඇත. මෙම විවිධ වූ පරිසර පද්ධති වලට අනුවර්තනය වූ ජීවී විශේෂ ගණනාවක් තෙත් බිම් පද්ධතියේ ජීවත් වේ. මෙම විවිධ වූ පරිසර පද්ධති වල ශාක කුල 66 කට අයත් ශාක විශේෂ 194 ක් වාර්තා වේ.

    අති විශාල සත්ත්ව ප්‍රජාවකට වාසස්ථාන සපයන මේ තෙත් බිමේ සිදු කර ඇති අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ සමනළුන්, බත්කූරන්, මත්ස්‍යයන්, උභයජීවීන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ 7 ට අයත් විශේෂ 449 ක් පමණ වාර්තා වී ඇති බව ය. ඉන් විශේෂ 27 ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වේ. පක්ෂීන්ගේ සුවිශේෂී ගොදුරු බිමක් හා ලැගුම් පොළක් වන මුතුරාජවෙළ තෙත් බිමේ නේවාසික පක්ෂි විශේෂ 86 ක් පමණ ජීවත් වන අතර සංක්‍රමණික පක්ෂි විශේෂ 43 ක් පමණ වාර්තා වී තිබේ. විශේෂයෙන් බටහිර සංක්‍රමණික මාර්ගයෙන් ලංකාවට පැමිණෙන පක්ෂි විශේෂ බහුල ව මෙම තෙත් බිමෙන් වාර්තා වේ. දුර්ලභ සංක්‍රමණික පක්ෂීන් වන දම් සිළුටු දෑතුඩුවා (Glossy Ibis), දම් පිළිහුඩුවා (Black – capped Purple Kingfisher) හා පළගැටි හම්බු කුරුල්ලා (Pallas`s Grasshopper Warbler) වැනි පක්ෂීන් මෙහි වාර්තා වී තිබීම සුවිශේෂත්වයකි. මෙවන් වටිනා තෙත් බිම් පද්ධතියක් සමාගමක අවශ්‍යතා මත විනාශ කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට ඉඩදිය යුතු නැත.

    මුතුරාජවෙල තෙත් බිමෙහි වාර්තා වන සත්ත්ව විශේෂවල විවිධත්වය

    සත්ත්ව කාණ්ඩය විශේෂ ගණන ආවේණික විශේෂ ගණන
    සමනළුන් 67 1
    බත්කූරන් 34 8
    මත්ස්‍යයන් 133 4
    උභයජීවීන් 15 5
    උරගයන් 37 5
    පක්ෂීන් 129 2
    ක්ෂීරපායීන් 34 2
    එකතුව 449 26

    මැල්වත්ත සමාගම අනතුරේ හෙළන මුතුරාජවෙල තෙත් බිමේ සංරක්ෂණ ඉතිහාසය

    මෙරට විශාලත ම වෙරළාශ්‍රිත ලවණ වගුරු බිම වන මුතුරාජවෙල තෙත් බිම කැළණි ගගේ සිට මීගමුව කලපුව දක්වා විහිදී ඇත. මෙහි බටහිර මායිම මුහුදු තීරය වන අතර නැගෙනහිර මායිම මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයයි. නාගරික හා කාර්මික ප්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්ත ව ඇති මෙම තෙත් බිම වගුරු පරිසර හා කඩොලාන පරිසර වලින් සමන්විත වේ. අතීතයේ සශ්‍රීක කුඹුරු යායක් ලෙස ප්‍රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙල නම් වූ බව ජනශැති වල සඳහන් වේ.

    ඕලන්ද යුගයේ දී කැළණි ගගේ සිට භාණ්ඩ ප්‍රවාහනය සඳහා මීගමුව – කොළඹ මාර්ගයට සමාන්තර ව මීගමු කලපුව දක්වා මුතුරාජවෙල වෙල් යාය හරහා ඇළ මාර්ගයක් සකස් කර ඇත. එය ඕලන්ද ඇළ ලෙස හැදින්වේ. පසුව ඉංග්‍රීසීන් විසින් භාණ්ඩ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා කැළණි ගගේ සිට මුහුදු වෙරළට සමාන්තරව මුතුරාජවෙල වෙල් යාය හරහා මීගමුව කලපුව දක්වාත් එතැන් සිට පුත්තලම දක්වාත් හැමිල්ටන් ඇළ සකසන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලවණ ජලය මුතුරාජවෙලට ගලා ඒම සිදු වීම නිසා වී වගාවට නුසුදුසු තත්ත්වයක් උද්ගතවී ගොවිතැන අභාවයට පත් වී ඇත. වඩදිය අවස්ථාවේ දී ලවණ ජලය ගලා ඒම පාලනය කිරීම සඳහා හැමිල්ටන් ඇළ හා ඕලන්ද ඇළ යා කරමින් දොරටු සහිත කුඩා ඇළ මාර්ග 20 කට අධික ප්‍රමාණයක් සකස් කළ ද ඉන් ප්‍රතිඵලයක් ලැබී නැත. මේ නිසා මෙම තෙත් බිම් පද්ධතිය ලවණ වගුරු පද්ධතියක් බවට ක්‍රමයෙන් පරිවර්ථනය වී ඇත.

    මේ හේතුව නිසා බොහෝ දෙනෙකු හෙක්ටයාර 3068 ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති මුතුරාජවෙල වගුරු බිම වැඩකට නොමැති හිස් භූමියක් ලෙස සලකයි. මේ නිසා පසුගිය ඉතිහාසය තුළ සමහරුන් මෙම ප්‍රදේශය ගොඩ කර නිවාස යෝජනාක්‍රම ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සැකසූහ. තවත් සමහරු කර්මාන්තපුරයක් බවට පරිවර්තනය කිරීමට ව්‍යාපෘති වාර්තා සකස් කළහ. 1965 වසරේ දී පැවති රජයේ සැලැසුම වූයේ මුතුරාජවෙල තෙත් බිම ගොඩ කර කොළඹ පැල්පත්වාසීන් මේ ප්‍රදේශයේ පදිංචි කිරීමට ය. නමුත් පරිසරය පිළිබඳ ව අවබෝධයක් ඇති සුළු පිරිසකගේ මඟපෙන්වීම යටතේ මෙම තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කර ගෙන එය තිරසර ලෙස භාවිතයට ගත යුතු ආකාරය පිළිබඳ ව සැලැසුම් සකස් කෙරිනි. 1991 වසරේ දී මහ කොළඹ ආර්ථික කොමිසම මඟින් සකස් කළ මෙම සැලැසුම 1992 වසරේ දී රජයේ අනුමැතියට යටත් ව ක්‍රියාත්මක කිරීමේ අවකාශය හිමි විය. මෙය මුතුරාජවෙල හා මීගමුව කලපු මහ සැලැසුම නම් වේ. 1994 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරියේ, තෙත් බිම් සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් මුතුරාජවෙල හා මීගමුව කලපුව සඳහා සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුමක් ද සකස් කෙරිනි.

    මෙම සැලැසුම් වලට අනුව මුතුරාජවෙල කොටස් තුනකට වෙන් කරන ලදී. එනම් කොළඹ ආශ්‍රිත දැඩි නාගරික සීමාවේ පිහිටි තෙත් බිම් ප්‍රදේශය උප කාර්මික කලාපය ලෙසත්, මීගමුව කලපුව ආශ්‍රිත ව පිහිටි කොටස මුතුරාජවෙල අභය භූමිය ලෙසත්, ඒ අතර කොටස ස්වාරක්ෂක කලාපය හෙවත් ප්‍රේරක කලාපය ලෙසත් වෙන් කෙරිනි. ස්වාරක්ෂක කලාපය වෙන් කිරීමේ අරමුණ වූයේ උප කාර්මික කලාපය හා අභය භූමිය අතර ඝට්ටනයන් අවම කිරීමට ය.

    මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය සඳහා සැලැසුම් සකස් කිරීමට ප්‍රථම 1989 වසරේ දී සකස් කෙරුනු ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තරව වැදගත් වන ලංකාවේ තෙත් බිම් 41 අතුරෙන් එකක් ලෙස ද මුතුරාජවෙල වගුරු බිම නම් කෙරිනි. එපමණක් නොව මෙය ලංකාවේ ප්‍රමුඛ තෙත් බිම් පද්ධති 12 න් එකක් ලෙස ද හඳුනාගෙන තිබේ.

    මුතුරාජවෙල වැනසීමේ අදුරු ඉතිහාසය

    මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට දේශපාලකයන් හා නිලධාරීන් මින් පෙර ද අවස්ථා බොහොමයක කටයුතු කර ඇත. පසුගිය කාලයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීල් රූපසිංහ මහතා විසින් මුතුරාජවෙල තෙත් බිමේ විශාල භූමි ප්‍රදේශයක් ගොඩකර නිල්සිරිගම නමින් ගම්මානයක් බිහි කළේ ය. මෙහි අහිතකර ප්‍රතිඵල බුක්ති විඳින්නේ එහි වත්මන් පදිංචි ජනතාවයි. වර්ෂා කාලයේ දී ගොඩ කළ තෙත් බිම් මත ගොඩනැඟූ නිවාස දින ගණනාවක් ජලයෙන් යට වී පවතී. එම කාලයට වසංගත රෝග බෝවීම ප්‍රදේශයේ උග්‍ර මට්ටකට පත් වේ. දේශපාලනඥයින් ගේ අඥාන තීරණවල අහිතකර ප්‍රතිඵල අවසානයේ බුක්ති විඳින්නේ මෙහි පදිංචි වූ අහිංසක, අසරණ ජනතාව ය.

    2003 වසරේ දී මෙවැනි ම ඉඩම් බෙදා දීමක් ප්‍රදේශයේ දේශපාලඥයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඕලිත ප්‍රේමතිරත්න මහතා විසින් සිදු කෙරින. ඔහු විසින් මුතුරාජවෙල තෙත්බිමේ කිදිගොඩ ප්‍රදේශයේ අක්කර 100 ක පමණ තෙත්බිම් ප්‍රමාණයක් ජනතාව අතර බෙදා දී විශාල මුදලක් උපයා ගත්තේ ය.

    2009 වසරේ දී හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ගේ සොහොයුරු ටෙනිසන් පෙරේරා මහතා විසින් මුතුරාජවෙල අභය භූමිය තුළ පිහිටි දඩුගම් ඔය මීගමුව කලපුව හා සම්බන්ධ වන මෝය ආශ්‍රිත ව පිහිටි අක්කර 10 ක් පමණ වන විශාල කඩොලාන දූපතේ අක්කර පහක මහ පරිමාණ හෝටලයක් ඉදිකිරීම සඳහා ක්‍රියාත්මක විය. ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියකින් ද සහයෝගය ලබා ගැණිනි.

    2012 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝපේ, නිල්සිරිගම ආශ්‍රිත ව පිහිටි තෙත්බිම් අක්කර 50 ක් වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.ජේ.එම්.ඩී. රූබන් මහතා විසින් පර්චස් දහයේ ඉඩම් කුට්ටිවලට වෙන්කර විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කෙරිනි. ඒ සඳහා අනුග්‍රහය ලබා දුන්නේ එවකට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා විසිනි.

    අභය භූමියේ පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් වෙන්කර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් අය කර එම භූමිය මැනීම් කර ඔප්පු සැකසීමට හා ශාක ඉවත් කර භූමිය සැකසීම සඳහා රුපියල් 40,000 ක පමණ මුදල ක් ලබා ගන්නා ලදී. මේ ඉඩම් බෙදා දීමෙන් අනතුරු ව බෙදා දුන් තෙත් බිම්, අභය භූමියෙන් ඉවත් කර ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීමට ද යෝජනා වී තිබුණි.

    මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට සිදු කළ සමහර හානි කර ක්‍රියා අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි වුව ද සමහර නීති විරෝධී ක්‍රියා තව ම ඒ ආකාරයෙන් ම සිදු වෙමින් පවතී. ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දඩුගම ග්‍රාම නිලධාරි වසමේ බණ්ඩත්තරවෙල ප්‍රදේශයේ මුතුරාජවෙල අභය භූමිය තුළ තෙත් බිම් ගොඩ කරමින් මාර්ගයක් ඉදි කර තිබේ. දඩුගම් ඔයේ වම් ඉවුරේ සිට මීටර් දෙකක් තුනක් පමණ දුරින් තනා ඇති මෙම මාර්ගයේ පළල මීටර් 5 ක් හා දිග කිලෝමීටර් 1.2 ක් වේ. මෙම මාර්ගය ඉදිකර ඇත්තේ අභය භූමිය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් දෙකක් වන දැනට අතහැර දමා ඇති පොල් වත්තකට හා සත්ත්ව ගොවිපළකට ළඟාවීම සඳහා ය. මෙම ගොඩ කිරීම සිදු කළ පුද්ගලයන් ජා-ඇළ ප්‍රාදේශීය සභාවේ ද මුදල් ප්‍රතිපාදන වෙන් කර ගෙන මෙම මාර්ගය ඉදි කරන ලද්දේ නීති විරෝධී ලෙස ය. මෙම මාර්ගය ආසන්නයේ අභය භූමිය තුළ ගුරුගේ වත්ත ලෙස හැඳින්වෙන අක්කර 30ක තෙත් බිමක් ඇතුළු ව අක්කර 99ක භූමියක් වෙන් කර ගෙන සිටින ප්‍රදේශයේ ප්‍රබල පුද්ගලයෙකු විසින් එම ඉඩම එළිපෙහෙලි කිරීම් වල වරින් වර නිරත වේ.

    එපමණක් නොව ජා-ඇළ හා හැමිල්ටන් ඇළ අතර දැලතුර, තාරකුලිය ප්‍රදේශයේ අභය භූමියේ විශාල තෙත් බිම් ප්‍රදේශයක් ගොඩකර කන්ටේනර් බහාලුම් අංගනයක් ඉදි කර තිබේ. වල්ඩ් එක්ප්‍රස් සමාගම මගින් සිදු කළ මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට අක්කර ගණනාවක තෙත් බිම් ගොඩ කර ඇති අතර ජා-ඇළ හා සම්බන්ධ කිරීමට නව ඇළ මාර්ගයක් ද අභය භූමිය තුළ සකස් කර තිබේ. මේ නීති විරෝධී ක්‍රියා තව ම පාලනය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමෙන් පෙනී යන්නේ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන රාජ්‍ය නිලධාරීන් තම වගකීම නිසි ලෙස ක්‍රියාත්මක නොකරන බව ය. එවන් රාජ්‍ය ආයතන අපගේ මුදල් වලින් නඩත්තු කිරීමෙන් ඵලක් තිබේ ද යන්න ජනතාව තේරුම් ගත යුතු ය.

    මේ අතරතුර මුතුරාජවෙල තෙත් බිමේ ස්ථාන ගණනාවක විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මේ වන විට රාජ්‍ය ආයතන විසින් ම ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මෙම තෙත් බිමේ අක්කර 5 ක භූමියක් ගොඩ කර දිනකට කසළ මෙටි්‍රක්ටොන් 400 ක් බැහැරලන සනීපාරක්ෂණ කසළ රැඳවුමක් ස්ථාපිත කිරීමට 2017 අප්‍රේල් මස 25 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි. මීට අමතර ව මෙම තෙත් බිමේ අක්කර 10 ක භූමියක ඝන අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2016 අගෝස්තු මස 30 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

    පසුගිය දින වල මීතොටමුල්ල කසළ රැඳවුම කඩා වැටීමත් සමඟ ම කොළඹ නාගරික බල ප්‍රදේශයෙන් එක් රැස් කරන කසළ රැඳවීම සඳහා භාවිතා කළේ ද මුතුරාජවෙළ තෙත් බිම ය. මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය හා කළමනාකරණය සඳහා විශාල මුදලක් වැය කර සැලසුම් සකස් කළ ද ඒ සියල්ල අතහැර දමා කටයුතු කරන බව ය.

    රැම්සාර් සම්මුතිය උල්ලංඝනය කිරීම

    මුතුරාජවෙල රැම්සාර් තෙත් බිමක් ලෙස නම් කර නොතිබුණ ද 1971 වසරේ දී ඉරානයේ රැම්සාර් නුවර දී සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ රැම්සාර් ප්‍රඥප්තියට 1987 වසරේ ශ්‍රී ලංකාව අත්සන් තබන ලද අතර 1990 ඔක්තෝබර් මස 15 වන දින සිට එය බලාත්මක වූ රටක් වශයෙන් මෙන් ම හෙක්ටයාර 1,98,172 ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ ජාත්‍යන්තරව පිළිගත් රැම්සාර් තෙත් බිම් 6 ක් හිමි රටක් වශයෙන් හා 2018 වසරේ දී කොළඹ රැම්සාර් තෙත් බිම් නගරය ලෙස රටේ ප්‍රධාන වාණිජ නගරය ජාත්‍යන්තර ව පිළිගත් තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති රටක් වශයෙන් තෙත් බිම් ආරක්ෂා කිරීමට අප අන්තර්ජාතිකව ද බැදී සිටී.

    1990 ජුනි 15 වන දින ලංකාවේ ප්‍රථම රැම්සාර් තෙත් බිම ලෙස දකුණු පළාතේ බුන්දල ජාතික වනෝද්‍යානය (6210 ha) නම් කරන ලදී. ලංකාවේ දෙවන රැම්සාර් තෙත් බිම වයඹ පළාතේ ආනවිලුන්දාව අභය භූමිය (1397 ha) යි. එය 2001 අගෝස්තු මස 03 වන දින ප්‍රකාශයට පත් කළ අතර, දකුණු පළාතේ මාදුගඟ අභය භූමිය (915 ha) 2003 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තුන් වන රැම්සාර් තෙත් බිම ලෙස නම් කරන ලදී. ලංකාවේ සිවු වන රැම්සාර් තෙත් බිම ලෙස 2010 ජූලි 12 වන දින මන්නාරම දිස්ත්‍රික්කයේ වාන්කාලේ අභය භූමිය (4839 ha) ද ලංකාවේ පස් වන රැම්සාර් තෙත් බිම ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ කුමන ජාතික වනෝද්‍යානය (19011 ha) 2010 ඔක්තෝබර් 29 වන දින ප්‍රකාශයට පත් කර ඇත. 2012 පෙබරවාරි 2 වන දින ලංකාවේ රැම්සාර් තෙත් බිම් අතරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ද (165,800 ha) එක් විය. ඒ අනුව ලංකාවේ හෙක්ටයාර් 198,172 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු රැම්සාර් තෙත් බිම් 6 ක් පිහිටා ඇති අතර එය ලෝකයේ සමස්ත රැම්සාර් තෙත් බිම් අතුරින් 1% ක ප්‍රමාණයකි. කුඩා දිවයිනක් වන අප රට මෙවන් තත්ත්වයකට පත් වීම පිළිබඳ ව අප ආඩම්බර විය යුතු අතර ම ඒවා සංරක්ෂණය සඳහා ද සැබෑ දායකත්වයක් ලබාදිය යුතු ය.

    ක්රියාත්මක කළ යුතු මුතුරාජවෙල සංරක්ෂණ සැලැසුම

    මීගමුව කලපුව හා මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය කළ යුතු වන්නේ සමස්ත පද්ධතියක් ලෙස ය. ගංවතුර පාලනය, ජෛව විවිධත්ව සංරක්ෂණය, සුළුපන්න ධීවරයන්ගේ සුරක්ෂිතතාව, තෙත් බිම අවට ජීවත් වන ජනතාවගේ යහපත් දිවි පැවැත්ම රැදී ඇත්තේ මෙම සමස්ත තෙත් බිම් පද්ධතිය මත ය. එය විනාශ කිරීමට සමාගම්වලට හෝ කිසිදු රාජ්‍ය ආයතනයකට අයිතියක් නොමැත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්‍ෂා කර සුරක්‍ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. මේ අනුව කිසිදු රාජ්‍ය ආයතනයකට සමාගමක වුවමනාවන් වෙනුවෙන් මුතුරාජවෙල තෙත් බිම විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වීමට හැකියාවක් නොමැත.

    එපමණක් නොව රාජ්‍ය ආයතන හෝ සමාගම් විසින් සිදු කරන මුතුරාජවෙල තෙත් බිම් විනාශය නතර කිරීමට මැදිහත් වීමේ බලය සෑම පුරවැසියකුට ම ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිමේ සියලූ ම විනාශකාරී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමේ බලය අප වෙත ලබා දී ඇත. එම බලය භාවිත කර සංවර්ධනයේ නාමයෙන් ජනාධිපතිවරයා විසින් මුතුරාජවෙල විනාශ කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය.

  • නීත්‍යානුකූල අන්තර්-ආගමික විවාහවලට ඉන්දිය රජයෙන් අවසර

    නීත්‍යානුකූල අන්තර්-ආගමික විවාහවලට ඉන්දිය රජයෙන් අවසර

    “ලව් ජිහාද්” වැනි ප්‍රශ්න බටහිර මාධ්‍ය විසින් පුන පුනා වාදනය කර ඇති අතර ඔවුන් එය කර ඇත්තේ ඉන්දියාවේ වත්මන් දේශපාලන ව්‍යාප්තිය ඉලක්ක කර ගැනීම සඳහා පමණි.

    ‘ඉන්දියාවේ හින්දු ජාතිකවාදී නැඟීම මධ්‍යයේ අන්තර් ආගමික ප්‍රේමය අවදානමක්’ යන මෑත ලිපියක, එක්සත් ජනපද මාධ්‍ය ආයතනයක් වන ඇසෝසියේටඩ් ප්‍රෙස් මෙසේ පැවසීය: “ලව් ජිහාද්” ප්‍රශ්නය, ආගමික නිදහස පිළිබඳ ව්‍යවස්ථාපිත සහතිකවලට වලකන බවට අනතුරු අඟවන ලෞකික ක්‍රියාකාරීන්ට එරෙහිව භාරතීය ජනතා පක්ෂය තල්ලු කර ඇත. 2014 දී ප්‍රථම වරට තේරී පත් වූ දා සිට මුස්ලිම්වරුන්ට එරෙහිව නැඟී එන ප්‍රහාර ගැන වැඩි වශයෙන් මුනිවත රකින අගමැතිවරයකු විසින් ධෛර්යමත් වූ හින්දු ජාතිකවාදීන්ගේ හරස්කඩේ සිටින මුස්ලිම්වරු.”

    ඇසෝසියේටඩ් ප්‍රෙස් එවැනි කථා ගෙන යන අතරතුර විනිශ්චයකාර ලෙස පෙනී සිටියි; එය ප්‍රවෘත්ති විශ්වසනීයත්වය සඳහා භූමියේ ඇති කරුණු පරීක්ෂා කළ යුතුව තිබුණි.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සුළු ජාතික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කිහිප වතාවක්ම කතා කර ඇත.

    හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට අනුව, අග්‍රාමාත්‍ය මෝදි සෑම පුද්ගලයෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමට සහ රඳවා ගැනීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට තම රජය කැපවී සිටින බව කිහිප වතාවක්ම ප්‍රකාශ කර ඇත. 2015 දී ඔහු සුළුතර ප්‍රජාව කෙරෙහි තම රජයේ ප්‍රවේශය ගැන දීර්ඝ ලෙස කතා කළේය. “මගේ රජය විශ්වාසයේ සම්පූර්ණ නිදහස ඇති බව සහතික කරන අතර බලහත්කාරයෙන් හෝ අනිසි බලපෑමකින් තොරව තමා කැමති ආගම රඳවා ගැනීමට හෝ පිළිගැනීමට සෑම කෙනෙකුටම ප්‍රතික්ෂේප කළ නොහැකි අයිතියක් ඇති බව සහතික කරයි,” අගමැති මෝදි පැවසීය.

    මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර පසුබිමේ, ඔහු 2015 හි හින්දුස්ථාන් ටයිම්ස් විසින් උපුටා දක්වන ලදී: “බහුතරයට හෝ සුළුතරයට අයත් කිසිදු ආගමික කණ්ඩායමකට, අන් අයට එරෙහිව විවෘතව හෝ රහසිගතව වෛරය ඇති කිරීමට මගේ රජය ඉඩ නොදේ. මගේ රජය සියලු ආගම්වලට සමාන ගෞරවයක් දෙන රජයක් වනු ඇත.

    එහෙයින්, ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව නැඟී එන ප්‍රහාර ගැන අගමැති මෝදි බොහෝ දුරට මුනිවත රකින බව පැවසීම සත්‍යය බොරු කිරීම හා සමාන වනු ඇත. ආගමික නිදහස පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අගමැති මෝදිගේ මෙතෙක් ප්‍රබලම ප්‍රකාශය එක්සත් ජනපද මාධ්‍ය ආයතනයට හමු වන්නට ඇත. අවිනිශ්චිත වචන වලින් ඔහු පැවසුවේ, “අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑම පුරවැසියෙකුටම ආගමික නිදහස සහතික කරන අතර එය සාකච්ඡා කළ නොහැක. මම මෙය කලින් පවසා ඇති අතර මම එය නැවත කියමි: ඕනෑම ප්‍රජාවකට එරෙහි ඕනෑම වෙනස් කොට සැලකීමක් හෝ ප්‍රචණ්ඩත්වයක් නොඉවසන්නේ ය.

    හින්දු, සීක් හෝ ක්‍රිස්තියානි ගැහැණු ළමයින් ඉස්ලාම් ආගමට හරවා ගැනීමේ රැවටිලිකාර මාධ්‍යයක් ලෙස බොහෝ දුරට සැලකෙන “ලව් ජිහාඩ්” සම්බන්ධයෙන් අගමැතිවරයා ඊට එරෙහිව කතා කර ඇත. කෙසේ වෙතත්, බීබීසී වැනි බටහිර මාධ්‍ය හෝ පිව් පර්යේෂණ මධ්‍යස්ථානය වැනි ජාත්‍යන්තර චින්තන හිතන්න ඔවුන්ගේ සමීක්ෂණවලින් සොයාගෙන ඇත්තේ ඉන්දියානුවන් විශාල වශයෙන් ආගමික ඉවසිලිවන්ත අය බවයි. එහෙත් ඔවුන්ට අවශ්‍ය වන්නේ තම ප්‍රජාවෙන් පිටත විවාහ වීමේ උවදුරට තිත තැබීමටය.

    ජූනි 29 වැනි දින BBC විසින් ප්‍රකාශයට පත් කරන ලද පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ සමීක්ෂණයට අනුව, ඉන්දියාව පුරා භාෂා 17 කින් සම්මුඛ සාකච්ඡා කළ මුළු 30,000ක් දෙනාගෙන් සියයට 80 ක් මුස්ලිම්වරුන් තම ප්‍රජාවේ පුද්ගලයින් වෙනත් ආගමකට විවාහ වීම වැළැක්වීම වැදගත් බව හැඟී ය. හින්දු භක්තිකයන්ගෙන් සියයට 65 කට පමණ එයම දැනුනි. අධ්‍යයනය තවදුරටත් මෙසේ පැවසීය: “ඉන්දියානුවන් එකවර ආගමික ඉවසීම සඳහා උද්‍යෝගය ප්‍රකාශ කරන අතර ඔවුන්ගේ ආගමික ප්‍රජාවන් වෙන් වූ ක්ෂේත්‍රවල තබා ගැනීමට නිරන්තර කැමැත්තක් දක්වයි – ඔවුන් වෙනම එකට ජීවත් වෙති.”

    ඇසෝසියේටඩ් ප්‍රෙස් වැඩිදුරටත් පැවසුවේ එවැනි සබඳතා නැවැත්වීමට අවශ්‍ය දැඩි මතධාරී හින්දු ජාතිකවාදීන් විසින් ඉන්දියාවේ අන්තර් ආගමික විවහක යුවලවලට එරෙහි ප්‍රචණ්ඩත්වය මෑත වසරවලදී ඉහළ ගොස් ඇති බවයි. සිය ගණනක් මුස්ලිම් පිරිමින්ට පහර දී ඇති අතර බොහෝ විවහක යුවලවලට සැඟවී සිටීමට බල කෙරී ඇත. සමහරු මරා දමා ඇත.

    අවාසනාවකට මෙන්, එක්සත් ජනපද මාධ්‍ය ආයතනය සත්‍ය පින්තූරය ඉදිරිපත් කර නැත. ඉන්දියාවේ අන්තර් ආගමික විවහක යුවලවලට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඔක්තෝම්බර් මාසයේදී, දකුණු ඉන්දීය ප්‍රාන්තයක් වන කර්නාටක ප්‍රාන්තයේ බෙලගාවි ප්‍රදේශයේ අන්තර් ආගමික යුවලකට පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ප්‍රහාරයේ අපරාධකරුවන් හින්දු නොවන ප්‍රජාවට අයත් විය.

    ඉන්දියාවේ, ඇසෝසියේටඩ් ප්‍රෙස් ලියා ඇති පරිදි අන්තර් ආගමික ජෝඩුවලට පහර දීම භයානක නොවේ. එහෙම තිබුණා නම් මේ තරම් අන්තර් ආගමික විවාහ රටේ ඇති වෙන්නේ නැහැ. 2020 ඔක්තෝබර් 22 වන දින, ඉන්දියන් එක්ස්ප්‍රස් ඉන්දියාවේ අන්තර් ආගමික විවාහයන් පිළිබඳ දර්ශනයක් ඉදිරිපත් කළ අධ්‍යයනයක් සමඟින් එළියට ආවේය. මෙම අධ්‍යයනයට අනුව වයස අවුරුදු 15-49 අතර විවාහක කාන්තාවන්ගෙන් සියයට 2.21ක් තම ආගමෙන් බැහැරව විවාහ වී ඇත.

    අන්තර් ආගමික විවාහයන් නාගරික ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් අතර ග්‍රාමීය ප්‍රදේශවලින් සියයට 1.8 ට සාපේක්ෂව සියයට 2.9 ක් වැඩි ය. එම අධ්‍යයනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ තම ආගමට පිටින් විවාහ වන කාන්තාවන්ගේ ප්‍රවණතාවය කිතුනුවන් අතර ඉහළම අගයක් ගන්නා අතර කාන්තාවන්ගෙන් සියයට 3.5ක් මිශ්‍ර විවාහ සිදු කරන බවයි. සික් ජාතිකයින් සියයට 3.2 ක්, හින්දු ජාතිකයින් සියයට 1.5 ක් සහ මුස්ලිම්වරුන් සියයට 0.6 ක් ලෙස දෙවන ස්ථානයට පත්වේ. එවැනි දත්ත මගින් අන්තර්-ආගමික විවාහයන් බහුලව පවතින බව පෙන්නුම් කරන අතර, ඇසෝසියේටඩ් ප්‍රෙස් සිය වාර්තාවේ දක්වා ඇති පරිදි භීතියේ වාතාවරණය තුළ එය සිදු නොවනු ඇත.

    indianewsnetworrk

  • ඉන්දියාවේ ජාතික ආරක්ෂාව අර්බුදයක

    ඉන්දියාවේ ජාතික ආරක්ෂාව අර්බුදයක

    පකිස්ථානයට යාබඳ සමඟ දේශසීමා දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

    පසුගිය සතියේ ජම්මු හා කාශ්මීරයේ ජජ්ජර් කොට්ලිහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 52 අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රදේශයේ ඩීජීපී ඩිල්බාග් සිං ප්‍රකාශ කළේ, “පකිස්ථානය නපුරු චේතනාවන් සැලසුම් සහගතව ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සඳහා විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තල්ලු කරමින් අපගේ තරුණයින් උවදුරට සම්බන්ධ කර ගනිමින් එය තෘප්තිමත් කරයි..”

    ඔහු සතියකට පෙර බරමුල්ලා, පූන්ච්, කුප්වාරා සහ අනෙකුත් දේශසීමා ප්‍රදේශවල මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශ කර ඇත්තේ, “ඔවුන් (පකිස්තානය) පන්ජාබ්හි සිදු කළ එකම අපිරිසිදු ක්‍රීඩාව නැවත නැවතත් කරමින් සිටින බවයි. මුලින්ම ආයුධ පුහුණුව දී පසුව මත්ද්‍රව්‍යවලින් තරුණයන් නරක් කරනවා යනුවෙනි.”

    මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ජාත්‍යන්තර දිනයේදී එවකට පන්ජාබ් මහ ඇමති අමරින්දර් සිං පවසා ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ සිට හර්යානා, ජම්මු-කාශ්මීරය, රාජස්ථාන්, දිල්ලි සහ නේපාලය වැනි මායිම් ප්‍රාන්ත හරහා ඇෆ්ගනිස්ථානයේ සිට පන්ජාබ් වෙත බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවයි. ඔහු එය පන්ජාබ් තරුණයන් දුර්වල කිරීමේ පාකිස්තාන කුමන්ත්‍රණයක් ලෙස නම් කර තිබුණි.

    ඔක්තෝම්බර් මාසයේදී, ඇසෑම් පොලිසිය විසින් ප්‍රාන්තයේ නාගොන් දිස්ත්‍රික්කයේදී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ NSCN (IM) සාමාජිකයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. උතුරු-නැගෙනහිර කැරලි බොහොමයක් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා අරමුදල් රැස් කරන බවට ද වාර්තා තිබේ. මත්ද්‍රව්‍ය සාමාන්‍යයෙන් මියන්මාරය හරහා උතුරු-නැගෙනහිර කලාපයට ඇතුළු වේ. ඇසෑම් ප්‍රධාන අමාත්‍ය හිමන්ත බිස්වා සර්මා ප්‍රකාශ කළේ, “පසුගිය මාස දෙක තුළ ඔබ අල්ලා ගත් රුපියල් කෝටි 163 ක් වටිනා මත්ද්‍රව්‍ය 12 න් වැඩි කළහොත් එය වසරකට කෝටි 800-900 කට ආසන්න වනු ඇත. කෙසේ වෙතත්, මෙය මුළු පරිමාවෙන් 20% ක් පමණි. ඇසෑම් හරහා සිදුවන මත්ද්‍රව්‍ය ගනුදෙනු වාර්ෂිකව රුපියල් කෝටි 5000කට නොඅඩු වේ.

    තලේබාන් සංවිධානය ඔවුන්ගේ මෙහෙයුම් සඳහා අරමුදල් සපයන ලද්දේ බොහෝ දුරට මත්ද්‍රව්‍ය අරමුදල් වලින් බව දන්නා කරුණකි. බීබීසී වාර්තාවක දැක්වෙන්නේ තලේබාන් සංවිධානය අබිං ගොවීන් සඳහා 10% වගා බද්දක් පනවා ඇති අතර එය ඩොලර් මිලියන 100-400 ක් විය. එය ඔවුන්ගේ ආදායමෙන් 60%ක් පමණ සැපයීය. නේටෝවේ පූර්ව වාර්තාවක සඳහන් වන්නේ, “තලිබාන් සංවිධානය නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම, නීතිවිරෝධී පතල් කැණීම් සහ අපනයනවල ලාභය වැඩි කිරීම හරහා මෑත වසරවලදී එහි මූල්‍ය බලය පුළුල් කර ඇති බව වාර්තාව පවසයි,

    ඉන්දියාව පිහිටා ඇත්තේ විශාලතම අබිං නිෂ්පාදන පටි දෙක වන ගෝල්ඩන් ක්‍රෙසන්ට් සහ රන් ත්‍රිකෝණය අතර ය. ගෝල්ඩන් ක්‍රෙසන්ට් ඇෆ්ගනිස්ථානය, ඉරානය සහ පාකිස්තානයේ නීති විරෝධී අබිං නිෂ්පාදන ප්‍රදේශවලින් සමන්විත වන අතර රන් ත්‍රිකෝණය සමන්විත වන්නේ තායිලන්තය, මියන්මාරය සහ ලාඕසයේ දේශසීමා හමුවන ප්‍රදේශයයි. ISI සිය මූල්‍යවලින් වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාම හරහා බව තහවුරු වූ කරුණකි. මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ වාර්තාවකට අනුව, ඉන්දියාවේ ත්‍රස්තවාදයට ආධාර කිරීම සඳහා අරමුදල්වලින් 25% ක් ගලා එන්නේ ISI විසින් තල්ලු කරන ලද මත්ද්‍රව්‍ය වෙළඳාමෙනි. මේ නිසා ලෝකයේ ඒක පුද්ගල හෙරොයින්වලට ඇබ්බැහි වූ ප්‍රතිශතය ඉහළම රට බවට පාකිස්තානය පත්ව ඇත.

    ඔක්තෝබර් 14 වන දින ප්‍රකාශයට පත් කරන ලද නිවුස් 18 වාර්තාවක් 2018 ඉන්දියානු හමුදා අධ්‍යයනයක් උපුටා දක්වයි ජම්මු සහ කාශ්මීරයේ තරුණයින්ගෙන් 40% ක් යම් ආකාරයක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් පෙළෙන බව. 2008 දී මෙම අගය 5% ට වඩා අඩු විය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සඳහා අරමුදල් සැපයීම සඳහා ඇතැමුන් ත්‍රස්තවාදයට යොමු වෙති. මෙය ඊසානදිග ප්‍රදේශයේ ද එවැනිම තත්ත්වයකි. ඔඩිෂා, ජාර්කන්ඩ් සහ බිහාර් ප්‍රාන්තවල වාම අන්තවාදීන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය වගා කරන බව ද එම ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන් වේ.

    2019 දී, අගමැති මෝදි ප්‍රකාශ කළ විට, “අපේ අසල්වැසියාට ත්‍රස්තවාදීන් සහ ආයුධ යවා එහි නින්දිත සැලසුම් සාර්ථක කර ගැනීමට නොහැකි වූ විට, එය අපේ තරුණයින් විනාශ කිරීමට අපේ රටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කළේය,” ඔහු නිවැරදිය. පකිස්ථානය සමඟ දේශසීමා දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. පසුගියදා ගුජරාට් ප්‍රාන්තයේ මුන්ද්‍රා වරායේදී හෙරොයින් කිලෝග්‍රෑම් 3000ක් අත්අඩංගුවට ගැනීම ප්‍රාන්තයේ නව වාර්තාවක් විය. මීට පෙර විශාලතම අත්අඩංගුවට ගැනීම 2017 දී කිලෝග්‍රෑම් 1500 කි.

    පාකිස්තානය ත්‍රස්තවාදයට සහ ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම්වලට අරමුදල් සැපයීම සඳහා මත්ද්‍රව්‍ය රැගෙන යයි. හවාලා මාර්ගය අනුගමනය කරනවාට වඩා මෙය ඉතා පහසුයි, විශේෂයෙන්ම රජයේ පරීක්ෂාව වැඩිවෙමින් පවතින බැවින්. තවද, ඖෂධ කුඩා ප්රමාණවලින් අරමුදල් විශාල පරිමාවක් ලබා දෙයි. මෙම වසරේ අප්‍රේල් මාසයේදී ජම්මු හා කාශ්මීරයේ පොලිසිය විසින් ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී මොඩියුලයක් සොයාගෙන ජාත්‍යන්තර වෙළඳපොලේ රුපියල් කෝටි 50-60 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 9 ක් සොයා ගන්නා ලදී. මත්ද්‍රව්‍යවලින් ලැබෙන ආදායම තරුණයන් සටන්කාමී කණ්ඩායම්වලට බඳවා ගැනීමට යොදා ගැනිණි.

    ජර්මනිය පදනම් කරගත් දකුණු ආසියාවේ විශේෂඥයෙකු වන සීග්ෆ්රිඩ් වුල්ෆ්(Siegfried Wolf) 2020 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කළේ “ජාත්‍යන්තර නිරීක්ෂකයින් පාකිස්තානය ත්‍රස්තවාදී රාජ්‍යය ‘Narco-state’ ලෙස විස්තර කිරීමට පටන් ගෙන ඇති බවයි. – ISI සහ හමුදාව විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය අනුග්‍රහය මත පදනම්ව. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ, ත්‍රස්තවාදී සංවිධානවල සහ පකිස්තාන රාජ්‍ය ආයතනවල ඒකාබද්ධ ක්‍රියාකාරකම් ඉන්දියාවේ රාජ්‍යයට සහ සමාජයට උත්සන්න වන අනතුරකි.” ත්‍රස්තවාදය හරහා ජාතිය අස්ථාවර කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් ද දුර්වල කිරීම ඉන්දීය විරුද්ධවාදීන්ගේ අභිප්‍රාය වේ. එබැවින් ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සමාන ශක්තියකින් කටයුතු කළ යුතුය.

    අන්තර්වාර ඇෆ්ගන් ආන්ඩුව විසින් දෙන ලද නොපැහැදිලි පොරොන්දු නොතකා, තලෙයිබාන් ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමත් සමඟ මත්ද්‍රව්‍ය ගලායාම වැඩි වනු ඇත. ඉන්දියාව විසින් සත්කාරකත්වය දැරූ ජාතික ආරක්ෂක උපදේශක සමුළුව ඇතුළුව ඇෆ්ගනිස්ථානයේ වත්මන් සහ අනාගත තත්ත්වය පිළිබඳ සෑම සමුලුවක්ම, ගොඩබිමෙන් අගුලු දමා ඇති රටෙන් මත්ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදය පිටතට ගලා යාම සම්බන්ධයෙන් සමාන සැකයක් මතු කර ඇත. රට තුළට අරමුදල් ගලා ඒම නොමැති නම්, දෝහාහිදී ඔවුන් මෙය පිළිගෙන තිබුණද, පවතින නීති විරෝධී පොපි වගාවන් විනාශ කිරීමට තලේබාන් රජයට කිසිදු දිරිගැන්වීමක් නොලැබෙනු ඇත. වත්මන් ඇෆ්ගන් ආන්ඩුවට එකම ආදායම් මාර්ගය වනු ඇත්තේ තවදුරටත් මත්ද්‍රව්‍ය වේ.

    තත්ත්වයෙහි බරපතළකම ඉන්දීය රජය වටහාගෙන තිබේ. කෙසේ වෙතත්, එහි ප්‍රතිපත්ති මූලික යථාර්ථයන් සමඟ සමපාත නොවේ. ග්ලෝබ් ඒෂියා සඳහා ලියන සරෝජ් කුමාර් රත් පවසන්නේ, “1985 මත්ද්‍රව්‍ය හා මනෝවිද්‍යාත්මක ද්‍රව්‍ය පිළිබඳ පනත පරිපාලනය කිරීම සඳහා ආදායම් දෙපාර්තමේන්තුව වගකිව යුතු නමුත්, එම පනතම මෙම කාර්යය ඉටු කිරීම සඳහා මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය නිර්මාණය කළේය.

    ඉන්දියාව සම්බන්ධයෙන් ගත් කල, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගන්නා නාලිකා, කුරියර්, ඩ්‍රෝන, ජාවාරම්කරුවන් හෝ අසල්වැසි රටවල් හරහා ආයුධ ගෙනයාම සඳහා යොදා ගන්නා නාලිකාවලට බොහෝ දුරට සමාන වේ. එබැවින් ත්‍රස්තවාදීන්ට සහාය දක්වන අය මත්ද්‍රව්‍ය ජාවාරමට, විශේෂයෙන් ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට සහාය දක්වයි. බුද්ධි එක්රැස් කිරීම, දේශසීමා කළමනාකරණය සහ එක් අයෙකුගේ චලනය පාලනය කිරීම සඳහා අදහස් කරන ලද ජාවාරම්-විරෝධී පියවර අනෙකට සමානව අදාළ වේ.

    මීට අමතරව, ඇබ්බැහිවීම් ඉවත් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම, තරුණයින් දැනුවත් කිරීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් තරුණයින් ඈත් කිරීමේ උත්සාහයන් වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍යයන් සම්බන්ධ විය යුතුය. අවසාන වශයෙන්, මධ්‍යස්ථානයේ පැහැදිලිවම ප්‍රකාශිත ජාතික ප්‍රතිපත්තියක් සමඟ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම නිරීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු එක් ආයතනයක් තිබිය යුතුය. මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදී පෙරමුණ සම්බන්ධයෙන් රජය බැරෑරුම් විය යුතු කාලයයි මෙය වේ.

    ***ලේඛකයා උපාය මාර්ගික කටයුතු පිළිබඳ විශේෂඥයෙකි; ප්‍රකාශිත අදහස් ඔහුගේම ය.

    INDIANEWSNETWORK

  • මංජු ලලිත් වර්ණ කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

    මංජු ලලිත් වර්ණ කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

    වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ අද (01) දිවුරුම් දුන්නේය.

    නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

    කළුතර මැතිවරණ කොට්ඨාශයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා මෙලෙස පත් කර තිබේ. බුලත්සිංහල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන හෙතෙම 2020 මහ මැතිවරණයේදී මනාප ඡන්ද 46,361ක් ලබා ගත්තේය

  • ‘සෝටීස් වලට කුණු අල විකුණන‘ මහා පරිමාණ ජාවාරමක්

    ‘සෝටීස් වලට කුණු අල විකුණන‘ මහා පරිමාණ ජාවාරමක්

    • කාන්තාවෝ 25 ක් දිනපතා වැඩ
    • කිලෝ 45 000ක් පමණ ගබඩාවේ
    • වරායෙන් නිදහස් කල විදිහක් නෑ
    • රට පුරා හෝටල් වලට අඩු මිලට

    ඉන්දියාවෙන්  ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම ) නිෂ්පාදනය සඳහා රට පුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කර ගැනීම්ට දඹුල්ල නගරාධිපති  ජාලිය ඕපාත මහතාට පසුගිය 28 වැනි දින පස්වරුවේ හැකි වී තිබේ.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සංවිධානාත්මක කණ්ඩායමක් කාලයක් තිස්සේ ඉන්දියාව, පාකිස්ථානය සහ වෙනත් රටවලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින වරායෙන් ඉවත් කරන අර්තාපල් අල කන්ටේනර් රථ පිටින් දඹුල්ලට රැගෙන විත් ඒවා  නැවත කාන්තාවන් යොදා සුද්ධ පවිත්‍ර කරමින් සූක්ෂම ලෙස  රට පුරා මහා පරිමාණ සහ කුඩා හෝටල් වල කෑම  නිෂ්පාදනයට අලෙවි කිරීම සිදුවන බවට  ලද තොරතුරක් මත මෙය අනාවරණයය කර ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා  පැවසීය.

    ඒ අනුව තමන් පසුගිය 28 දින පස්වරුවේ  ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක් පරික්ෂා කිරීමෙන් මෙය හෙළිදරව් කර ගැනීමට හැකිවූ බව දඹුල්ල නගරාධිපතිවරයා සඳහන් කළේය.

    එදින නිවාඩු දිනයක් නිසා නගරාධිපතිවරයා සහ දඹුල්ල පහළවැව  ග්‍රාම සේවා වසමේ නාගරික මන්ත්‍රී චරිත විජේරත්න යන දෙදෙනා සමඟ මෙම අනාවරණය සිදු කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වූහ.

    ගබඩාවේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම වසා පිටුපස කොටසේ කාන්තාවන් 25ක් පමණ  යොදවාගෙන ඉන්දියාවෙන් ගෙනා තිබූ මෙම අර්තාපල් අල මුල් බැස ගෝනිවලින් ගලවා  එහි ඇති මුල් සහ අලවල හටගෙන ඇති තවත් කුඩා අල ඉවත් කරමින් සිටින අයුරු අනාවරණය කර ගැනීමට හැකි විය.

    නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරයා එම ස්ථානයට ගමන් කරනවාත් සමග සේවයේ යොදවා සිටි කාන්තාවෝ හිස් ලූ ලූ අත දිව යන්නට වූහ. කෙසේ වෙතත් නගරාධිපතිවරයා එම සේවයේ යෙදෙමින් සිටි කාන්තාවන්ට කියා සිටියේ තමන්ට ගැටලුවක් නොවන නිසා දිව යෑමෙන් වළකින ලෙස ය.

    ොවිශාල ගබඩාව තුළ අර්තාපල් අල කිලෝ 45,000ක පමණ ප්‍රමාණයක් ගොඩගසා ඇති අයුරු තිබෙන බවත් ඒවා සියල්ල බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.‍

    මෙම අර්තාපල් අල ගෙන් වූ බව කියන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක් බදු පදනම මත පවත්වාගෙන යන පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී ගෙන්වා ගැනීමට නාගරික මන්ත්‍රී  චරිත විජේරත්න  මහතා පියවර ගත්තේය.

    ඒ අනුව එම ස්ථානයට පැමිණි  ව්‍යාපාරිකයාගෙන් නගරාධිපති ජාලිය ඕපාත මහතා   ප්‍රශ්න කිරීම් වලදී මේවා ඉන්දියාවේ සිට රැගෙන ආ බවත් දඹුල්ලට සහ වරායෙන් පිට කළ කිසිදු ලියකියවිල්ලක් තමන් සතුව නොමැති බවද ව්‍යාපාරිකයා පැවසීය.

    එමෙන්ම මෙම අර්තාපල් අල හෝටල් සඳහා ලබා දෙන බව පිළිගත් මෙම ජාවරම්වරු තමන් ඇතුළු කණ්ඩායම කිසිසේත් මෙම අර්තාපල් ආහාරයට නොගන්නා බවද පිළිගැනීම් විශේෂත්වයකි.

    පසුව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා වහාම මෙම සිද්ධිය පිළිබඳවව දුරකථනය හරහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දැනුවත් කළේය.

    ඒ අනුව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල පොලිසියට මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව  දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායම්ක් එම ස්ථානයටට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.

    එම ව්‍යාපාරිකයාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම අර්තාපල් මෙරටට ගෙන්වූ කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කර ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.

    නාගරාධිපතිවරයා ව්‍යාපාරිකයාට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ මින් ඉදිරියට දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ විදේශ  රටවලින් ගෙන්වා අලෙවි කරන සෑම ආහාර ද්‍රව්‍යයකට ම  මෙරටට ගෙන්වූ දිනය වරාය පිටත් කළ දිනය සහ ආහාරයට සුදුසු බවට වරාය මහජන සෞඛ්‍යය පරීක්ෂක අංශයෙන් ලබා දුන්  ලියකියවිල්ලක් නොමැතිවව අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බවය.

    එමෙන්ම මෙම මහා පරිමාණ නරක් වූ කුණු අල ජාවාරම් සඳහා නගර සභාවක් ලෙස තමන්ට පමණක් වගකීම් බාරගැනීමට නොහැකි බවත් මේවා ඉන්දියාවේ සිට නැව් මගින් වරායට ලැබීමෙන් අනතුරුව වරායේ පවතින නීති පද්ධතියෙන් එළියට පැමිණ රට මැදට එන්නේ කෙසේදැයි වෙනම පරික්ෂා කළ යුතු බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත මහතා පැවසීය.

    රට පුරාම ජනතාව දැඩි  සෞඛ්‍ය ප්‍රශ්නයකට  මුහුණ දෙන බවත් මේවා දඹුල්ලට ගෙන ඉන්නේ කෙසේදැයි සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බවත් පාකිස්තානය, ඉන්දියාව ඇතුළු කණ්ඩායම් වල නියෝජිතයන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා රට පුරා අලෙවි කර ගැනීම සිදුකරන බවද මෙම අර්තාපල්, ලොකු ළූණු ආදී සියල්ල මෙරටට ගෙනවිත් වියදමට වඩා අඩු  මුදලක් යටතේ අලෙවි කරන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

    දඹුල්ල පොලීසිය සහ මහ නගර සභාව එක්ව මෙම අර්තාපල් අල ගබඩාව සම්පූර්ණයෙන්ම සීල් තබා 29 දින ඉතිරි  රාජකාරි කටයුතු සිදු කරන බව දඹුල්ල පොලීසිය පැවසීය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • ගෑස් සිලින්ඩර් පුපුරායාම් පිළිබඳ විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

    ගෑස් සිලින්ඩර් පුපුරායාම් පිළිබඳ විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

    මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරු පත් කර ඇත.

    අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යනයන් හා විවිධ අදහස් විමර්ශනය කර, සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දී තිබේ