Tag: featured

  • ‘මම මුස්ලිම්, එත් වළගම්බා රජුගේ වාසස්ථානය කඩන්න දෙන්නේ නැහැ’

    ‘මම මුස්ලිම්, එත් වළගම්බා රජුගේ වාසස්ථානය කඩන්න දෙන්නේ නැහැ’

    ගලේවෙල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් පුවක්පිටිය වේරගල වත්ත  ග්‍රාම සේවා  වසමේ පිහිටා ඇති වළගම්බා  රජු දවසේ සිට පැවත එන බව කියන කැති  ගාන ගල සහ වන  සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක්  පිරිසක්  විනාශ කිරීමේ උත්සාහයක නිරතවන බව ප්‍රදේශවාසීහු පවසති.

    මෙම ප්‍රදේශය සිංහල සහ මුස්ලිම් ජාතික වර්ග දෙකම ජීවත් වන ප්‍රදේශයක් බවත් මුස්ලිම් ජනතාව මෙන්ම  සිංහල ජනතාව ද මෙම ඓතිහාසික බෞද්ධ නටඹුන් සහ රක්ෂිතය කාලයක් තිස්සේ ආරක්ෂා කර ගෙන එන බව ඔවුහු පවසති.

    එවැනි පරිසරයක පසුගිය 28 දින පස්වරුවේ  දිවයිනේ නමගිය  කොන්ත්‍රාත් සමාගමක යන්ත්‍ර සූත්‍ර යොදාගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම කැති ගාන ගල ආසන්නයේ මහා පරිසර විනාශයක් කරන  බවට ප්‍රදේශවාසීන්ට  ලැබුණු තොරතුරක් මත ඔවුහු එම ස්ථානයට ගොස් තිබේ.

    පසුව ඔවුන් තම ජංගම දුරකථන වලින් මෙම ස්ථානයට ගෙනවිත් තිබූ යන්ත්‍ර උපකරණ සහ පැමිණි වාහන නිලධාරීන් පටිගත කරගෙන ඔවුන් සමග කෑකෝ ගසමින් මෙම පරිසර විනාශය සිදු කිරීමට මෙන්ම බෞද්ධ නටඹුන් සහිත කැති ගාන ගල ගල්කොරිවලට කිසිදු ආකාරයකින් ලබා නොදෙන බව පැවසූහ.

    පසුව ප්‍රදේශ්වාසීන් විසින් අදාළ ග්‍රාම නිලධාරි වරිය මෙන්ම ගලේවෙල වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කළ බව ද ගම්මුන් පවසති.

    ග්‍රාම නිලධාරි වරිය මෙන්ම වන සංරක්ෂණ නිලධාරීන් පැමිණ මෙම රක්ෂිතය ඩෝසර් කරමින් සිටී රියදුරු සහ  ඩෝසර් රථය ඔවුන් භාරයට ගෙන තිබිණි.

    පසුව  ප්‍රදේශවාසීන් කියා සිටියේ විසින් 29 දින පස්වරුවේ ද තවත් කණ්ඩායමක් ඉඩමක් මනින මුවාවෙන් එම ස්ථානයට පැමිණ නැවත වරක් එතට ඇතුළු වන බවය. ඒ අනුව ප්‍රදේශවාසීන් ජනමාධ්‍යවේදීන්ට ද මේ බව දැනුවත් කරමින් එම ස්ථානයට ගොස් ඩෝසර් රථවලින් රක්ෂිතයට සිදුකර ඇති විනාශය පෙන්වන්නට වූහ.

    තම ගම් ගම්මානයේ  ජනතාව මුස්ලිම් ජාතිකයන් වුවද වළගම්බා රජු දවසේ සිට පැවත එන ඉපැරණි නටඹුන් සහිත මෙම කැති ගාන ගල ඉතා සූක්ෂම ලෙස ගල් කොරියකට ලබා  ගැනීමට  සැලසුමක් පවතින බවත් එම සැලසුම දියත් කර ගැනීම් සඳහා රජයේ රක්ෂිතය මේ ආකාරයෙන් විනාශ කිරීම් සිදුකරන බව ඔවුහු චෝදනා කරන්නට විය.

    කිසිදු ආකාරයකින් මෙම වන විනාශසයට හෝ  පෞරාණික  ගලට හානි වීමට ඉඩ ලබා නොදෙන බවද  මුස්ලිම් සහ සිංහල ජනතාව අප සමග පැවසූහ.

    අප එම් ස්ථානයට යන විට මිනින්දෝරුවරුන්   බව පවසන පිරිසක් සහ මෙම ඉඩම බදු  පදනම මත ලබාගත් බව කියන පිරිසක් එහි සිටියහ. මෙම ගල ආසන්නයේ රක්ෂිතය ආසන්නයේ ඇති ඉඩම යම්කිසි කට කටයුත්තක් සඳහා අයිති අයිතිකරුවන්ගෙන්  ලබා ගෙන ඇති බව ය.ඒ අනුව ඉඩම මිනුම් කර ගැනීම සඳහා මායිමක් සෙවීමට යන්ත්‍රසූත්‍ර දමා මේ ආකාරයෙන් කැලෑව හෙළි පෙහෙළි කළ බව ඔවුහු පැවසූහ.

    කෙසේ වෙතත් ගම්මුන් දැඩි ලෙස කියා සිටියේ එවැන්නක් මේ ස්ථානයේ සිදුවී නැති බවය. මෙම රක්ෂිතයේ මායිම් ඉඩම ආසන්නයේ ගලක පෙර මිනින්දෝරුවන් විසින් සලකුණු කොට ඇති ඇයි ගම්මු පෙන්වා  දෙන්න ද විය.

    කෙසේ වෙතත් ඊට යාබද ඉඩමේ අයිතිකරු බව කියන අයෙකු ද එම ස්ථානයට පැමිණ කියා සිටියේ තමා ගෙන් ද කිසිදු අවසරයක් හෝ දැනුම්  දීමකින් තොරව මෙම පිරිස තමන්ගේ ඉඩම ඉළින් පිහිටි කොටස යන්ත්‍රසූත්‍ර දමා විනාශ කොට ඇති බව ය. එසේ විනාශ කර ඇත්තේ කුමක් අරමුණු කරගෙනද යන්න තමන් ද  නොදන්නා බව ඒ මහතා සඳහන් කළේය.

    එවිට මෙම ඉඩම මැනුම් කටයුතු සඳහා බව පවසමින් පැමිණ සිටි පිරිස කියා සිටියේ එම ඉඩම් හිමියා තමන්ගේ ඥාතියෙකු නිසා එවැන්නක් අවසරයක්  ලබා නොගත් බවය.

    කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුවේ බව පැවසූ නිලධාරියාගෙන් ද අප විමසීමක් කිරීමේ දී කියා සිටියේ පෙර දිනයේ ගම්මුන්ගෙන් ලද තොර තොරතුර මත පරික්ෂා කොට පෞද්ගලික ආයතනයකට අයත්  රථයක් තමන් භාරයට ගත් බවය. කෙසේ වෙතත් ඉඩම මැන රජයේ කොටස් වේනම් රක්ෂිතයට හානි සිදුකර ඇත්නම් වහාම එම පිරිසට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

    සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

  • සහල් මිල යළිත් රුපියල් 10-30 අතර ගණනකින් ඉහළට

    සහල් මිල යළිත් රුපියල් 10-30 අතර ගණනකින් ඉහළට

    නාඩු සහ සම්බා ඇතුළු සියලුම සහල් වර්ග වල මිල ගණන් නැවතත් රුපියල් 10ත් 30ත් අතර ගණනකින් ඉහළ දැමීමට පියවර ගත් බව පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගමක ප්‍රකාශකයෙක් පැවසුවේය.

    ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් තවත් රුපියල් 30 කින්ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් තවත් රුපියල් 10කින්ද, ඉහළ දැමූ බවයි ඔහු ප්‍රකාශ කළේ.

    නව මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා සහල් කිලෝවක නව සිල්ලර මිල රුපියල් 225ක්ද සම්බා සහල් කිලෝවක නව මිල රුපියල් 165ක්ද නාඩු සහල් කිලෝවක නව මිල රුපියල් 140ක්ද වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

    සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක්ද රුපියල් 05කින් ඉහළ දැමීමත් සමඟ සුදු කැකුළු කිලෝවක නව මිල රුපියල් 125ක්ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 110ක් දක්වා ද ඉහළ ගොස් ඇත

  • ‘රතු බිල නොගෙවුවොත් විදුලිය කපනවා‘ – විදුලිබල ඇමැති

    ‘රතු බිල නොගෙවුවොත් විදුලිය කපනවා‘ – විදුලිබල ඇමැති

    මාස ගණනාවක් තිස්සේ එක දිගට විදුලි බිල්පත් නොගෙවා සිටින පාරිභෝගිකයන් වෙත රතු බිල්පත නිකුත් කර තව දුරටත් ගාස්තු ගෙවීම් පැහැර හරින අයගේ විදුලි සම්බන්ධතාව නතර කිරිමට තීරණය කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා රජයේ පුවත්පතක් සමග ප්‍රකාශ කර ඇත.

    කොරෝනා වසංගතයත් සමඟ ආදායම් අහිමිවීම සැලකිල්ලට ගෙන විදුලි බිල්පත් ගෙවීම සඳහා යම් කිසි සහනයක් දීමට රජය තීරණය කර මුත් මාසික බිල්පත ගෙවීමට හැකි පිරිස පවා එක දිගටම එය පැහැර හැරීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව විදුලිබල ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

    ඉකුත් මාස කිහිපයේදි වරින් වර විදුලි බිල්පත් ගෙවා ඇති පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි නොකරන බවත් එක දිගටම බිල්පත් ගෙවීම් පැහැරහැර ඇති අයගේ විදුලි සම්බන්ධතාව අක­ැමැත්තෙන් වූවද තාවකාලිකව විසන්ධි කිරීමට සිදු වී ඇතැයි ලොකුගේ මහතා සඳහන් කර ඇත.

    කෙසේ වෙතත් විදුලි විසන්ධි කිරීමට පෙර රතු බිල්පත් නිකුත් කරන බවද ඇමැතිවරයා තව දුරටත් පවසා ඇත.

  • සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණය කර අවසන්

    සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණය කර අවසන්

    මෙරට සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණයට ලක් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා යුරෝපානු සංගමයේ නිලධාරීන් පිරිසක් හමුවේ අද (29) පැවසීය. එමෙන්ම අවුරුදු 30 ඉක්මවූ ජනගහනය මුළුමනින්ම පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පෙනවා දුන්නේය.

    ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනෙනේ යුරෝපානු සංගමයේ තානාපති ඩෙනී චයිබි (Denis Chaibi)  මහතා ඇතුළු පිරිසක් අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා හමු වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව කීය.

    මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධීකරණයෙන් යුරෝපානු සංගමය මගින් මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා යුරෝ මිලියන 02 ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ ලබා දීම සිදු කෙරිණි. ඒ අතර පල්ස් ඔක්සිමීටර, ඊසිජී යන්ත්‍ර,ඔක්සිජන් රෙගියුලේටර්ස්,රෝහල් ඇඳන් ආදිය වේ.

    යුරෝපානු ආයෝජන බැංකුව හරහා කොවිඩ් වසංගතය පාලනය සඳහා යුරෝ මිලියන 100 ක විශේෂ සහන ක්‍රමයක ණය ආධාරයක් ලබා දීම පිළිබඳවද මෙහිදී ශ්‍රී ලංකාවේ යුරෝපානු සංගමයේ  තානාපතිවරයා සාකච්ඡා කළේය.

    එන්නත්කරණයෙන් ලොව ඉහළ මට්ටමක සිටින ශ්‍රී ලංකාවේ අවුරුදු 20-29 තරුණ ජනගහනයෙන් 60%ට ආසන්න ප්‍රමාණයක් මේ වන විට එන්නත්කරණයට ලක් කර ඇතැයිද අවුරුදු 15-19 පාසල් මට්ටමේ ළමුන් 32% එන්නත්කරණයට ලක්කර ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    බූස්ටර් එන්නතක් මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරෙන බවත් එහිදී සෞඛ්‍ය,ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු ඉදිරි පෙළ පිරිස් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවත්  රඹුක්වැල්ල මහතා කීය. එම වැඩපිළිවෙෙළ ආරම්භ කිරීම සඳහා මිලියනයක එන්නත් තොගයක් තිබෙන බවත් සෑම සතියකම ලක්ෂ 04 ක එන්නත් ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    විවිධ ආගමික මෙන්ම සම්ප්‍රදායිික මත නිසාවෙන් එන්නත්කරණයට යොමු නොවූ පිරිස් ඒ සඳහා යොමු කරවීමට එවැන්නන් සොයා ගෙයින් ගෙට ගොස් එන්නත්කරණයට යොමු කෙරෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    එන්නත්කරණය හා කොවිඩ් පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය උපරිම වැඩපිළිවෙලක් ගෙනයන බවත් අන් සියල්ල ජනතාව සතු වගකීම බවත් ඒ මහතා කීය.

    ප්‍රංශය, ජර්මනිය,ඉන්දියාව වැනි රටවල පිරිස් ඔවුන්ගේ විවාහ මංගල්‍ය උත්සව මෙරටදී පැවැත්වීම සඳහා සැලැසුම් කර ඇතැයිද ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව සලකා බලමින් සිටින්නේයැයිද අමාත්‍යවරයා පැවසීය.

    එන්නත්කරණ කාඩ්පත මෙරට අනිවාර්ය කිරීම ගැන සාකච්ඡා කෙරෙමින් පවතින බවත් තරුණ පිරිස්  එන්නත්කරණයට යොමු කිරීමට එය ඉතා වැදගත් වනු ඇති බවත් අමාත්‍යවරයා කීය.

  • කොවිඩ් මර්දන කමිටුව ගත් තීන්දු: අ.පො.ස සාමාන්‍ය පෙළ/ උසස් පෙළ පංති ඇරඹීමේ තීරණයක්

    කොවිඩ් මර්දන කමිටුව ගත් තීන්දු: අ.පො.ස සාමාන්‍ය පෙළ/ උසස් පෙළ පංති ඇරඹීමේ තීරණයක්

    • අ.පො.ස සාමාන්‍ය පෙළ/ උසස් පෙළ පංති ඇරඹීමේ තීරණයක්
    • පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත
    • පවතින තත්ත්වය පාලනයට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට
      වැඩි වගකීමක්
    • සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් තීරණ රැසක්
    • එන්නත්කරණය පිළිබඳ ජනතාව බිය ගන්වන සංවිධානගත කණ්ඩායම් පිළිබඳ සොයාබලන්නැයි පොලිස්පතිට උපදෙස් 
    • දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරේ.

    නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේය. ඒ අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ය.

    කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බව ද මෙහිදී අනාවරණය කෙරෙණි. ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැණුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නේය.

    පොදු ස්ථාන, වෙළඳ සැල්, ආපන ශාල ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බැලීමට ද තීරණය කෙරිණි.

    එන්නත ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීහු ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ද සඳහන් කළහ.

    පාසල් දරුවන් එන්නත්කරණය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය ද ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක් කෙරිණි.

    කොවිඩ් මරණ අනුපාතය සහ ආසාධිතයින් අඩු කර ගැනීමට එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා දුෂ්කර ප්‍රදේශවල එන්නත්කරණයට ජංගම රථ යොදවමින් සියලු ජනතාවට එන්නත ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලෙස උපදෙස් දුන්නේය. මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ ද සහාය ඒ සඳහා ලබා ගන්නා ලෙස දැනුම් දෙනු ලැබීය.

    එන්නත්කරණය පිළිබඳ විවිධ කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු ජනාධිපතිතුමා වෙත කරුණු හෙළි කළහ. එන්නත්කරණය පිළිබඳ ජනතාව තුළ අනවශ්‍ය බිය ගැන්වීම් ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සංවිධානගත කණ්ඩායම් පිළිබඳ වහාම සොයා බලන්නැයි ද ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දෙනු ලැබිණ.

    පවතින තත්ත්වය පාලනය කරමින් රට සාමාන්‍යකරණයට ගෙන ඒමේ ක්‍රියාවලියේ දී පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් වැඩි වගකීමක් ගත යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු අංශ සම්බන්ධීකරණය කරමින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථක කර ගැනීමට කැපවන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

    කොරෝනා හමුවේ අභියෝගයට ලක්වූ ආර්ථිකය යලි පණ ගැන්වීමේ ප්‍රමුඛ අංශය ලෙස සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබේ. ඊට අදාළ නව තීරණ රැසකට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාවය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ. සෞඛ්‍ය විශේෂඥ උපදෙස් වලට  යටත්ව සංචාරක කර්මාන්තය ඉහළට ගැනීමට වඩාත් උනන්දුවෙන් සියලු දෙනා සහයෝගය දිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    ඉදිරියේ දී මෙරට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි මෙරටට පැමිණ නැරඹීමේ අවස්ථාව විදේශ ප්‍රේක්ෂකයින්ට ලබාදීම කෙරෙහි ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. ඔවුන් ජීව බුබුළ තුළ රඳවා ගනිමින් පහසුකම් සැපයීමේ හැකියාව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දුන්හ.

    ඉදිරියේ දී මෙරට පැවැත්වෙන LPL තරගාවලිය ඇතුළු තවත් බොහෝ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව සළසා දෙන ලෙස දෙස්, විදෙස් තරග සංවිධායකවරුන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබී ඇති බවත්, එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

  • චීන අසාදුගත කිරීම ගැන මහජන බැංකුවෙන් විශේෂ කරුණු පැහැදිලි කිරීමක්

    චීන අසාදුගත කිරීම ගැන මහජන බැංකුවෙන් විශේෂ කරුණු පැහැදිලි කිරීමක්

    මහජන චීන සමූහාණ්ඩුවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ගත කළ බවට මාධ්‍යවල ප‍්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහජන බැංකුව විසින් අද (29) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

    එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.  

    මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් සඳහා ගෙවීම් නොකිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශකවරයා විසින් බැංකුව අසාදු ලේඛනගත කර ඇති බව අපගේ අවධානයට ලක් වී ඇත.

    • එම ණයවර ලිපියට අදාළ ගෙවීම් සිදුකිරීම තාවකාලික අත්හිටුවා ඇත්තේ අදාළ වෙළඳ ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයකට අනුව බව මහජන බැංකුව දැනටමත් චීන තානාපති කාර්යාලයේ අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.
    • මෙම ගෙවීම් ප‍්‍රමාදයට එකම හේතුව වනුනේ වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස මෙරට අධිකරණ නියෝගවලට අනුකුලව කටයුතු කිරීමට මහජන බැංකුව බැඳී සිටින බැවිනි.
    • දැනට කි‍්‍රයාත්මක වන නීතිමය බාධක ඉවත් කළ පසු, සාමාන්‍ය වෙළඳ පරිචයන් අනුව ණයවර ලිපි සඳහා ගෙවීම කඩිනමින් කෙරෙනු ඇත.
  • ෆේස්බුක් මව් සමාගමේ සන්නාමය Meta ලෙස වෙනස් කරයි

    ෆේස්බුක් මව් සමාගමේ සන්නාමය Meta ලෙස වෙනස් කරයි

    සිය සන්නාමය වෙනස් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස ෆේස්බුක් තම මව් සමාගමේ නාමය Meta (මෙටා) ලෙස වෙනස් කර ඇත්තේ ය. සමාගම පැවසුවේ තම සමාගම සමාජ මාධ්‍යවලින් ඔබ්බට, යථා ස්වභාවය තාත්විකව නිරූපනය කිරීම (virtual reality) වැනි ක්ෂේත්‍රයන් දක්වා පුළුල් කරන බැවින්, නව සන්නාමය මඟින් තම සමාගමේ ක්‍රියාකාරකම් වඩාත් හොඳ “ආවරණය” කරන බවයි.

    මව් සමාගමේ සන්නාමය වෙනස් කිරීම Facebook, Instagram සහ Whatsapp වැනි එක් එක් වේදිකා සඳහා අදාළ නොවන අතර එම සමාජ ජාලා පැරණි නම් වලින්ම දිගටම ක්‍රියාත්මක වේ. නව නම මව් සමාගම පමණක් භාවිතා කරනු ඇත.

    හිටපු සේවිකාවක විසින් කාන්දු කරන ලද ලේඛන තොගයක් මත පදනම්ව ෆේස්බුක් පිළිබඳ සෘණාත්මක ප්‍රවෘත්ති මාලාවක් ප්‍රචාරය වීමෙන් අනතුරුව සමාගම මෙම පියවර ගෙන ඇත.

    ෆ්‍රැන්සිස් හෝගන් නම් ඇය චෝදනා කළේ, සමාගම “ආරක්ෂාවට වඩා ලාභයට මුල්තැන” ලබා දෙන බවයි.

    2015 දී, ගූගල් (Google) සමාගම ප්‍රතිව්‍යුහගත කරමින් එහි මව් සමාගමේ නම ‘ඇල්ෆාබෙට්’ ලෙස නම් කරන ලදී, කෙසේ වෙතත්, එම නම මෙතෙක් ජනතාව අතර ප්‍රචලිත වී නැත.

    ෆේස්බුක් ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් “මෙටාවර්ස්” එකක් (එනම් මිනිසුන්ට ඔන්ලයින් ක්‍රීඩා කිරීමට, වැඩ කිරීමට, සහ තාත්වික පරිසරයක සන්නිවේදනය කළ හැකි, බොහෝ විට VR හෙඩ්සෙට් භාවිතා කළ හැකි ඔන්ලයින් ක්‍රමවේදය) ගොඩනැගීමේ සැලසුම් එළිදක්වන අතරතුර සමාගමේ නව නම ප්‍රකාශයට පත් කළේ ය.

    පවතින සන්නාමයට “අනාගතයේ දී පමණක් නොව, අද දවසේ දී අප කරන සෑම දෙයක්ම නිරූපණය කළ නොහැකි” බවත්, එම නිසා සන්නාමය වෙනස් කළ යුතු බවත් ඔහු පැවසීය.https://bbc.com/ws/av-embeds/cps/sinhala/world-59074993/p0b100b1/siවීඩියෝ ශීර්ෂ වැකිය,

    ෆේස්බුක් මෙටා බවට පත් වූ මොහොත නරඹන්න

    “කාලයත් සමගම, අපි මෙටාවර්ස් සමාගමක් ලෙස දකිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අපගේ කාර්යභාරය සහ අපගේ අනන්‍යතාවය අපගේ අනාගත සැලසුම් මත ස්ථාපිත කිරීමට මට අවශ්‍යයි,” ඔහු අන්තර්ජාලය හරහා විකාශය කළ සම්මන්ත්‍රණයක දී පැවසීය.

    “අපි දැන් අපගේ ව්‍යාපාරය කොටස් දෙකක් ලෙස සලකා වාර්තා කරනවා. එකක් අපගේ යෙදවුම් පවුල, සහ අනෙක අනාගත වේදිකාවල අපගේ ක්‍රියාකාරකම්.

    “මෙහි කොටසක් ලෙස, අප කරන සෑම දෙයක්ම විදහා දැක්වීමට, අප කවුරුන්ද යන්න සහ අප ගොඩනැගීමට බලාපොරොත්තු වන දේ පිළිබිඹු කිරීමට සමාගමට නව සන්නාමයක් හදුන්වාදීමට කාලයයි.”

    සමාගම බ්‍රහස්පතින්දා කැලිෆෝනියාවේ මෙන්ලෝ පාර්ක් හි පිහිටි සිය මූලස්ථානයේදී එහි මෙතෙක් පැවති නිල ලාංඡනය වූ “thumbs-up” ලකුණ, ‘අනන්තය’ නිරූපණය කරන නිල්පැහැ හැඩයකින් ප්‍රතිස්ථාපනය කිරීම එළිදැක්වී ය.

    කාලයාගේ ඇවෑමෙන්, සමාගමේ අනෙකුත් සේවාවන් භාවිතා කිරීම සඳහා ෆේස්බුක් භාවිතා කිරීමට පරිශීලකයින්ට සිදුනොවීම මේ නව නමෙන් පිළිබිඹු වෙතැයි සකර්බර්ග් පැවසීය.

    People in a metaverse

    “මෙටා” යන වචනය පැමිණෙන්නේ “ඔබ්බට” යන අර්ථය දෙන ග්‍රීක වචනයෙනි.

    පිටස්තරයෙකුට, metaverse VR තාක්ෂණයේ අනුවාදයක් ලෙස පෙනිය හැකි වුවත්, සමහරුන් විශ්වාස කරන්නේ එය අන්තර්ජාලයේ අනාගතය විය හැකි බවයි.

    පරිගණකයක රැඳී සිටීම වෙනුවට, මෙටාවර්ස් එකක සිටින පුද්ගලයින්ට සියලු වර්ගවල ඩිජිටල් පරිසරයන් සම්බන්ධ කරන තාත්වික ලෝකයකට ඇතුළු වීමට VR හෙඩ්සෙට් එකක් භාවිතා කළ හැකිය.

    අතථ්‍ය ලෝකය (virtual world) රැකියාව, ක්‍රීඩා සහ ප්‍රසංගවල සිට, මිතුරන් සහ පවුලේ අය සමග කතාබහෙන් කාලය ගත කිරීම දක්වා ප්‍රායෝගිකව ඕනෑම දෙයක් සඳහා භාවිතා කළ හැකි යැයි බලාපොරොත්තු වේ.

    ෆේස්බුක් සමාගම පවසන්නේ, දෙසැම්බර් 1 වනදා සිට සමාගමේ නව නම වන MVRS ටිකරය යටතේ එහි කොටස් කොටස් වෙළදපොළට නිකුත් කිරීම ආරම්භ කිරීමට අදහස් කරන බවයි.

    කාන්දු වූ ලේඛන

    වසංගතය අතරතුර එන්නත පිළිබඳ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ෆේස්බුක් විසින් ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් වසන්කළ බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කිරීම ද ඇතුළුව, සමාගමේ කීර්ති නාමයට පහර කීපයක් එල්ල වී ඇත.

    එය, හිටපු සේවිකාවක් වන හෝගන් මාධ්‍ය වෙත කාන්දු කරන ලද අභ්‍යන්තර ලේඛන මත පදනම් වූ වාර්තා මාලාවක නවතම හෙළිකිරීමයි.

    ඉන්ස්ටග්‍රෑම් නව යෞවනයන්ගේ මානසික සෞඛ්‍යයට හානි කරන බවට පර්යේෂණ ප්‍රතිපලයන්ගෙන් පෙන්වා දී ඇතත් ෆේස්බුක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත්, එක්සත් ජනපදයෙන් පිටත දී එහි වේදිකාවලට එකතුවෙන වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට එතරම් ප්‍රමුඛතාවක් නොදෙන බවත් එම වාර්තා පවසයි.

    සකර්බර්ග් එම වාර්තා විස්තර කර ඇත්තේ “සිය සමාගම පිළිබඳ ව්‍යාජ චිත්‍රයක් ඇඳීම සඳහා කාන්දු වූ ලේඛන තෝරා බේරා භාවිතා කිරීමේ සැලසුම් කළ ප්‍රයත්නයක්” ලෙසය.

    Analysis box by James Clayton, North America technology reporter

    සමාගමකට නමක් තැබීමමේ උත්සාහය දුෂ්කර ය. සකර්බර්ග් පවසන්නේ ඔහු ‘මෙටා’ නම් නම තෝරාගෙන ඇත්තේ එහි ග්‍රීක භාෂාවේ අර්ථය වන “ඔබ්බට” නිසා බවය. එය ඔහුට ගොඩනැගීනීමට අවශ්‍ය ජාලගත තාත්වික ක්ෂේම භූමිය වන “Metaverse” වෙත ද යොමු කරයි.

    Facebook Meta ලෙස ඇමතීම ගැටලුවක් විය වන්නේ හැකි මෙන්න මේ නිසයි

    පළමුවෙන්ම, මෙම පියවර මඟින් ෆේස්බුක් සමාගම තමාට එල්ලවී ඇති සෘණාත්මක කථාවලින් අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන බවක් පෙනේ. විචාරකයින් විශ්වාස කරන්නේ ෆේස්බුක් මෙය සිදු කර ඇත්තේ තම වෙළඳ නාමයට ඇතිවී තිබෙන හානිය නිසා බවයි. මේ නම වෙනස් කිරීමේ ක්‍රියාව සෙනෙට් සභිකයින් විසින් නොසලකා හැර ඇති බවට දැනටමත් දක්නට හැකි ය. එක් සෙනෙට් සභිකයෙකු මෙම පියවර “බාහිර” වෙනස්කමක් ලෙස විස්තර කර තිබුණි.

    දෙවනුව, “Metaverse” යනු තවමත් පිහිටුවා නැති සමාගමකි. එය දිගුකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වනු ඇතැයි අවධාරණය කිරීමට සකර්බර්ග් උනන්දු විය. තමාගේ ප්‍රධාන කාර්යභාරයට සම්පූර්ණයෙන්ම අසම්බන්ධ නමක් තිබීම මඳක් අසාමන්‍යයැයි කීමට හැකිය. Facebookහි සියලුම ආදායම පාහේ ලැබෙන්නේ Facebook සහ Instagramහි ප්‍රචාරණය වන වෙළද දැන්වීම් මගිනි.

    තෙවනුව, අනෙකුත් විශාල තාක්ෂණික සමාගම් විසින් සිදුවූ නව නාමකරණයන් අසාර්ථක වී ඇති බව අපි දනිමු. 2015 දී Google සමාගම “Alphabet” ලෙස නැවත සන්නාමගත කරන ලද නමුත්, කිසිවෙකුත් Google සමාගම එම නමින් හඳුන්වන්නේ නැති තරම් ය.

    මෙහි පැහැදිලි කරුණ වන්නේ, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ක්‍රියාත්මක කිරීම තවදුරටත් සකර්බර්ග්ගේ ආශාව නොවන බව ය. ඔහු උනන්දු වී සිටින්නේ, මිනිස් අත්දැකීම් පරිවර්තනය කරනබැව් විශ්වාස කරන අතථ්‍ය ලෝක නිර්මාණය සඳහා යි. ඔහු සමාජ මාධ්‍ය සමාගම් පවත්වාගෙන යන ආකාරය පිළිබඳ එල්ලවන නිරන්තර විවේචන වෙහෙසකාරී වනවා විය හැකි ය. මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මඟින්, සමාගමේ ඔහු උනන්දුවක් දක්වන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ හැකියාව ඔහුට ලබාදී ඇත.

    මෙම බෙදා වෙන්කිරීම ඒ කෝණයෙන් බැලූකල අර්ථවත්යැයි කීමට පුළුවන. කෙසේ වෙතත්, ජනතාව එය පිළිගනු ඇත්ද යන්න දැකීම සඳහා ඉවසිල්ලෙන් බලා සිටීමට අපට සිදුවනු ඇත.

    බී.බී.සී සන්දේශය ඇසුරිනි

  • යූරියාවලට මේ තරම් බය ඇයි ?

    යූරියාවලට මේ තරම් බය ඇයි ?

    යූරියා  යනු ස්වාභාවිකව ජනිත වූ ‘විශ්වකර්‍ම’ අණුවකි.  ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත  කිරීමය. ඒ නිසා, යූරියා ඉතා විශාල ප්‍රමාණයක් ලෝකය පුරා කෘත්‍රිමව නිපදවේ. මෑතක් දක්වා, ගෝලීය නිෂ්පාදනයෙන් 0.1% ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙමින් පැවතුණි. ඉතිරි 99.9% ක් භාවිත කළ කිසිම රටකින් යූරියා විසවීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නැත.’

    යූරියා හි කාබන් අඩංගුවේ. එබැවින් එය ‘කාබනික’ සංයෝගයකි. යූරියාවල රසායනික සූත්‍රය CH4 N2 O ය. එනම්, යූරියා අණුවක, කාබන් පරමාණුවක්, හයිඩ්‍රජන් හතරක්, නයිට්‍රජන් දෙකක් සහ ඔක්සිජන් එකක් බැගින් ඇත. යූරියා අණුවේ බරෙන් දළ වශයෙන් 20%ක් කාබන් අඩංගු වේ. නයිට්‍රජන් අන්තර්ගතය බර අනුව 46%කි.

    හදිසියේම කෘත්‍රිම රසායනික’ පොහොර ආනයනය තහනම් කිරීමත්, ඒ පිළිබඳව රටපුරා ඇතිවුණ විද්වත් සාකච්ඡා සහ ගොවීන්ගේ විරෝධතා සමූහයක් රටේ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා බහුලව ප්‍රචාරය වෙමින් පවතී. එහෙත්, මේ වන තුරු ඒ සියලු‍ දේ ‘බීරි අලින්ට වීනා වාදනය කිරීමක්’ බවට පත්වී ඇත. මෙම ලිපියත් එවැනි නිෂ්ප්‍රභ උත්සාහයක් විය හැකි වුවත්, තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකාව ගොදුරුවන අවාසනාවන්ත ඉරණම පිළිබඳව අනතුරු ඇඟවීමක් කිරීම අප සතු වගකීමක් මෙන්ම යුතු කමක්ද නිසා, යූරියා පිළිබද රසායන විද්‍යාත්මක කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම උචිතය.

    ඉතා වැදගත් වචන, කිසිම අවබෝධයකින් තොරව ‘නිදැල්ලේ’ භාවිත කිරීම අඥායන්ගේ ලකුණකි. එය ඉතා භයානක කාරණයකි. මන්ද, රටේ ආහාර සුරක්ෂිතභාවය පමණක් නොව මුළු මහත් ජනතාවගේ අනාගතයම බිඳ වැටීමට හේතුවිය හැකිය.

    රසායනික’ සහ ‘කාබනික’ යන වචන මෙසේ වැරැදි ලෙස භාවිත කරන දෙකකි.

    ‘රසායනික පොහොර’ ආනයනය මුළුමනින්ම තහනම් කරන බව ප්‍රකාශ කෙරුණි. මෙලොව ඇති සියලු‍ පොහොර සෑදී ඇත්තේ රසායනික මූල ද්‍රව්‍ය වලිනි. එමනිසා, රසායනික නොවන කිසිම පොහොරක් නැත! ‘කෘත්‍රිම’ යන වචනය වෙනුවට රසායනික’ යන වචනය යෙදීමෙන් වැළකිය යුතුය.

    ‘කාබනික’ යන්නෙහි අර්ථය ‘කාබන් අඩංගු’ යන්නය. ඉහත සඳහන් කළ පරිදි යූරියා අණුවක කාබන් 20%ක් අඩංගුය. ඒ නිසා එය සැබැවින්ම කාබනික ද්‍රව්‍යකි. එහෙත්, යූරියා පොහොර, කෘත්‍රිමව නිපදවන නිසා එය කෘත්‍රිම පොහොරක් කියාත්, ‘කොම්පොස්ට්’ ක්‍රමයට නිපදවන පොහොර ස්වාභාවික පොහොර’ කියාත් නම් කිරීම නිවැරදිය.

    අත්තනෝමතික අතළොස්සක් විසින් රට වනසාලන තුරු පැත්තකට වී බලා සිටීම නිවැරැදි විකල්පයක් ලෙස සිතන විද්වත්හු දහස් ගණනක් රට තුළ සිටිති. එහෙත්, කාගේත් වාසනාවකට මෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය මණ්ඩලය විසින් මේ කාරණය බලධාරීන්ට වටහා දීම සඳහා ඉමහත් වෙහෙසක් දරා ඇත.

    එලැඹෙන ‘මහ’ කන්නයට කල් වේලා ඇතිව යූරියා නොලැබුණ හොත්, ලබන අලු‍ත් අවුරුද්ද සමයේ දී රටේ ආහාර සුරක්ෂිත භාව සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇත.

    කොරෝනා වයිරසයේ දැඩි පීඩනයට හසුව දිගු කාලයක් තෙරපුණු රටවැසියන්ට, ආහාර හිඟයක දුෂ්කරතාවකට මුහුණ දීම ඉතා අපහසු වනු ඇත.

    යූරියා යනු ඉතා සරල, පරිසරයේ බොහෝ සුලභව පැතිර ඇති දෙයකි. සෑම මිනිසකුම දිනකට යූරියා ග්‍රෑම් 25-30 අතර ප්‍රමාණයක් මුත්‍ර මගින් පිට කරයි. එම යූරියා ශරීරය තුළ නිපදවෙන්නේ අප ආහාරයට ගන්නා ප්‍රෝටීන දිරවීමේදීය. මව්කිරි, රුධිරය සහ දහඩියවල ද යූරියා අඩංගුය. තව ද, යූරියා සියයට 40 ක් දක්වා අඩංගු මුහුණු සහ ශරීර ආලේප ද වෙළෙඳ පොළේ බහුලය. මෙයින් පෙනී යන්නේ, යූරියා යනු ශරීරයට විශකාරී දෙයක් නොවන බවයි. එහෙත්, වෙනත් බොහෝ දෑ මෙන්ම අධික ලෙස යූරියා ශරීරගතවීම අහිතකරය.

    යූරියා යනු ස්වභාවිකව ජනිත වන කාබනික සංයෝගයකි. එය ප්‍රථම වරට 1777වසරේ දී මුත්‍ර වලින් වෙන් කොට හඳුනා ගන්නා ලද අතර මේ වන විට පොහොර සඳහා වසරකට මෙට්‍රික් ටොන් මිලියන 220ක් පමණ කෘතිම ලෙස ලෝකය පුරා නිෂ්පාදනය කෙරේ. එයින්, දල වශයෙන් මෙට්‍රික් ටොන් 250,000ක්, එනම් ලෝක ධාරිතාවෙන් 0.1%ක් පමණ ලංකාවට ආනයනය කෙරේ.

    නිසිලෙස භාවිත කිරීමෙන් යූරියා විෂවීමක් පිළිබඳව ලෝකයේ කිසිම රටකින් මෙතෙක් වාර්තා වී නැත. එසේ නම්, 0.1%ක් භාවිත කළ අපේ රටට පමණක් යූරියා විෂකාරකයක් වූයේ කෙලෙස දැයි අදහාගත නොහැකිය.

    මෙම සියලු කාරණ කෙටියෙන් සඳහන් කළොත් එය මෙසේය.

    යූරියා යනු ‘විශ්වකර්ම’ අණුවකි! හෙට ලෝකය පුරාම යූරියා තහනම් කළොත්, තව වසරක් ඇතුළත ලෝකයේ ජනග්‍රහණයෙන් අඩක් හාමතේ මියයනු ඇති බව විද්වත් මතයයි. එනම්, ලංකාවේ ජනගහනය මිලියන 10කට බසිනු ඇත.

    පිරිසුදු යූරියාවල බැර ලෝහ අඩංගු වීමට කිසි ඉඩක් නැත. මන්ද, යූරියා නිපදවනු ලබන්නේ වායු දෙකක් ප්‍රතික්‍රියා කිරීම නිසාය.

    යූරියාවල ඇති නයිට්‍රජන් සියයට 46 ප්‍රමාණයම ඉතා පහසුවෙන් ශාකවලට උරා ගත හැකිය. වෙනත් කිසිම පොහොරක (ඇමෝනියා වායුව හැර) මෙතරම් නයිට්‍රජන් ප්‍රමාණයක් අඩංගු නැත. බොහෝ කොම්පෝස්ට් පොහොරවල නයිට්‍රජන් ඇත්තේ 4-6% කි. එයද, පසට කාන්දුවන්නේ ඉතා සෙමින්ය.

    යූරියා කැට, වගාවලට යෙදීම ඉතා පහසුය. ඇමෝනියා දියර වැනි දෑ පාවිච්චිය ඉතා අසීරුය.

    ලංකාවේ දැනට භාවිත කරන්නේ ‘සරල’ (බාල) යූරියාය. එම යූරියා, වගාවකට යෙදූ විගස එයින් සියයට 40-50 පමණ පොළොවේ ඇති බැක්ටීරියා මගින් විනාශ කරයි. මෙය වැලැක්වීමට, බොහෝ රටවල ප්‍රතිකාර කරන ලද’ (treated) යූරියා යොදනු ලැබේ. මෙම නව යූරියා යෙදිය යුත්තේ පැරණි යූරියා මාත්‍රාවෙන් සියයට 30-40 ක් පමණි. එම නිසා මේ දෙකටම යන වියදම ආසන්න වශයෙන් සමානය.

    ලංකාවේ ගොවියා පොහොර සහ වල් පැලෑටි/කෘමි නාශක ඉතා වගකීමකින් යුතුව භාවිත කිරීමට නැඹුරු විය යුතුය.

    යූරියා භාවිතයෙන් පොළොව නිසරු වෙන බව කියන වැරැදි අදහසක් ජනගතවී ඇත. එය මුසාවකි. නිතරම එක දිගට එකම දෙය වගා කිරීමෙන් පස නිසරුවේ. ඒ නිසා, බෝග මාරු කිරීම හෝ කොම්පෝස්ට් ද්‍රව්‍ය විටින් විට යෙදීම කළ යුතුය.

    යූරියා භාවිතයෙන් තොරව, බොහෝ භෝග සාර්ථකව වැවිය නොහැක. ගොයම්, තේ, බුලත්, මල් වර්ග, එළවළු, පලා වර්ග, හරිතාගාර වගා ආදිය මෙයින් සමහරකි.

    ස්වාභාවික සහ කෘත්‍රිම පොහොර යන දෙකෙන් ශාකවලට ඇති ප්‍රයෝජන එක සමාන නොවේ. මේ දෙකම විද්‍යාත්මක සම්මිශ්‍රනයක් ලෙස භාවිත කළ යුතු බව විද්වතුන්ගේ අදහසයි.

    ආචාර්ය නිමල් රාජපක්ෂ – එඩ්මන්ටන්, කැනඩාව. (ලංකාදීප පුවත්පත ඇසුරිනි)

  • යුගදනවි කැබිනට් පත්‍රිකාව පිළිබඳ හදිසි තීරණයක්

    යුගදනවි කැබිනට් පත්‍රිකාව පිළිබඳ හදිසි තීරණයක්

    යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන්  ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ  ඉදිරිපත් කිරීමට ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ(28) පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව පළවිය.

    ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ පැවති හමුවේ දී මේ සම්බන්ධ කරුණු සාකච්ඡාවට ලක් කෙරිණි.

    මෙයට අමතරව කොවිඩ්-19 වසංගතයේ සහ ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවේ වර්තමාන තත්ත්වය, කොවිඩ් -19 හමුවේ සංචාරක ව්‍යාපාරය මුහුණපාන ගැටලු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බටහිර හා නැගෙනහිර ජැටි සංවර්ධනය, රජයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය, බඩු මිල හා කාබනික කෘෂි වගාව සහ පොහොර සම්බන්ධව ද පක්ෂ නායකයන්ගේ අවධානය යොමු විය.

  • ලොව ඉහළම විද්‍යාඥයන් 2% අතරට ශ‍්‍රී ලාංකිකයන් 24ක්

    ලොව ඉහළම විද්‍යාඥයන් 2% අතරට ශ‍්‍රී ලාංකිකයන් 24ක්

    ඇමරිකා එක්සත් ජනපදයයේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප‍්‍රකාශකයන් එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් 2% ප‍්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔවුන්ගේ පර්යේෂණ, ප‍්‍රකාශන, පර්යේෂණවල ප‍්‍රතිඵල අනිකුත් විද්‍යාඥයන් යොදාගෙන ඇති ආකාරය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට බඳුන් කර ඇත.

    මෙම ලැයිස්තුවට ශ‍්‍රී ලාංකිකයන් 24 දෙනෙක් ද ඇතුළත්ව ඇත. එහි ඉහළින්ම සිටින්නේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියයි. පේරාදෙනිය (6, කැලණිය (5, කොළඹ (4, ශ‍්‍රී ජයවර්ධනපුර (3, රජරට (2, යාපනය (1, වයඹ (1* ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල 7ක් නියෝජනය කරමින් විද්‍යාඥයන් 22 ක්ද අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය ( IWMI) නියෝජනය කරන විද්‍යාඥයන් 2 ක් ද මේ අතරට එක්ව ඇත.

    රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම ලැයිස්තුවට අයත්වීම විශේෂත්වයකි. ඔහු ශ‍්‍රී ලාංකිකයන් අතර 11 වන ස්ථානයේ පසු වේ. නිමල් සේනානායක, ජනක ද සිල්වා, එස්.ඒ.එම්. කුලරත්න, අසිත ද සිල්වා, නිලන්ති ද සිල්වා, සේනක රාජපක්ෂ, නීලිකා මලවිගේ, සුනෙත් අගම්පොඩි, සරෝජ් ජයසිංහ, නදීර කරුනාවීර,කාමිණී මෙන්ඩිස් යන වෛද්‍ය විද්‍යා ක්ෂේත‍්‍රයේ මහාචාර්යවරු මෙම 24 දෙනාට අයත්වීම ද විශේෂත්වයකි.

  • චීන පොහොර ගනුදෙනුව පිටුපස ඉන්නේ කවු ද?

    චීන පොහොර ගනුදෙනුව පිටුපස ඉන්නේ කවු ද?

    චීන සමාගම මේ වනවිට රැගෙන ඒමට උත්සාහ කරන නැවේ පොහොර සාම්පල කිසිදු හේතුවක් මත නැවත පරීක්ෂා නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළේ ය.

    නමුත් ඔහු කියා සිටියේ මෙරට පිළිගත් ප්‍රමිතියට අනුකූලව සකස්කර අලුතෙන් එවන පොහොර සාම්පල දෙපාර්ශ්වය පිළිගන්නා තුන්වන පාර්ශ්වයකට යොමුකර පරීක්ෂා කරන බවයි.

    චීනයේ චින්දාඕ සී වින් බයෝටෙක් සමාගමේ නිෂ්පාදනය කරන කාබනික පොහොර සාම්පල දෙකක් අවස්ථා දෙකකදී පරීක්ෂා කළ මෙරට ජාතික ශාක නිරෝධායන සේවය ඒවායේ අහිතකර බැක්ටීරියා ඇතැයි තහවුරු කළේ ය.

    නමුත් සැප්තැම්බර් 23 වනදා චීනයේ චින්දාඕ වරායෙන් හිපෝ ස්ප්‍රිට් නමැති නැව පොහොර මෙට්‍රික් 20,000 ක් රැගෙන කොළඹ වරාය බලා ගමන් ආරම්භ කළේ ය.

    අහිතකර බැක්ටීරියා හේතුවෙන් මේ පොහොර මිලදී ගැනීම කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළ අතර නැව වරායට ඇතුල් කර නොගන්නා ලෙස ද නියෝග කෙරිණ.

    නමුත් මේවන විට හිපෝ ස්ප්‍රිට් නැව එහි නම සෙයියෝ එක්ස්ප්ලෝර් ලෙස වෙනස්කර ශ්‍රී ලංකාවේ හම්බන්තොට ආසන්න කුඩා රාවන හා මහාරාවන ප්‍රදීපාගාර සමීපයේ යාත්‍රා කරමින් තිබේ.

    මේ බව ජාත්‍යන්තර නාවුක ගමනාගමන දත්ත පද්ධති විමසා බැලීමේදී ද තහවුරු වේ.

    නැවේ නම වෙනස් කළ ද එහි ජාත්‍යන්තර හඳුනා ගැනීමේ අංකය වෙනස් කළ නොහැකි නිසා එය තවදුරටත් හඳුනාගත හැකියි.

    දැන් මේ නැව භාරගන්නවා ද?

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කර සිටින්නේ, නැව රට තුළට අතුළු කර නොගන්නා බව ත් එහි සාම්පල පරීක්ෂා නොකරන බවත් ය.

    ”මට කියන්න තියෙන්නේ අපි මේ ඇවිල්ලා තියෙන නැව ඇතුළට ගන්නෙත් නෑ. මේ ෂිප්මන්ට් එකෙන් සාම්පල් ටෙස්ට් කරන්නෙත් නෑ මේ ෂිප්මන්ට් එකට පෙමන්ට් කරන්නෙත් නෑ.මේ අපේ ගිවිසුමට ටෙන්ඩර් එකට අනුව නැවත ආපහු ගිහිල්ලා හරි පොහොර ටික හදලා අපේ ස්පෙෂිපිකෙෂන් එකට ආවොත් අපි පොහොර ටික ගන්නවා. මුදල් ගෙවනවා කතාව එතනින් අවසානයි”

    එහෙත් චින්දාඕ සීවින්ග් බයෝ ටෙක් සමාගම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ තුන්වන පාර්ශ්වයක් මගින් නැවත සාම්පල පරීක්ෂා කළ යුතු බවයි.

    එහිදී අහිතකර බැක්ටීරියා නැතැයි, තහවුරු වුවහොත් කොන්දේසි විරහිතව නෞකාවේ ඇති පොහොර ශ්‍රී ලංකාව භාරගත යුතු බව ද සමාගම අවධාරණය කර තිබේ.

    මේ අතර චීන සමාගම පවසන්නේ මේ වනවිට මෙම පොහොර තොගයට අදාළව ණයවර ලිපි විවෘත කර ඇති මහජන බැංකුව අදාළ ගෙවීම් පැහැර හැරිය හොත් අසාදු ලේඛනගත කරන බවයි.

    කෙසේවෙතත් අදාළ ණයවර ලිපි සඳහා ගෙවීම් සිදුකිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය මේ වනවිට අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

    මේ අතරවාරයේ පසුගිය දා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා එහි ලේකම්වරයා හා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කැඳවා මේ ගැන කරුණු විමසා තිබිණ.

    කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ද සහභාගී වූ අද පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙලෙස අදහස් පළ කළ අතර එහිදී මාධ්‍යවේදීහු ද අමාත්‍යවරුන් වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළහ.

    ”මේ ආපු ෂිප්මන්ට් එක US මිලියන 8 ක ෂිප්මන්ට් එකක්. මෙට්‍රික් ටොන් 20,000 හා එතකොට මේකෙන් 75% යි තමයි තමයි එල් සී එකට අනුව ගෙවෙන්නේ , US මිලියන 5 ක ඩිපොසිට් එකක් මෙහේ තියලා තියෙනවා. එතකොට මේ US මිලියන එකයි දශම ගාණක ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. මේ උසාවි ගියොත් මේ 1.7 නවත්තා ගන්න. අපිට තියෙන්නේ ඒ ඔක්කොටම වැඩිය මේ ඉන්න බැක්ටිරියා එක අපේ රටට ගෙන්න බෑ” 

    මාධ්‍යවේදී ප්‍රශ්නය :- නමුත් මෙතන දැන් ආබිට්‍රේෂන් එකක් ගියොත් ඔය කියන ගාණට වඩා වැඩි ගාණක් ගෙවන්න

    පිළිතුර (අමාත්‍ය මහින්දානන්ද) :- ඉතින් ඒ ගොල්ලෝ ආබිට්‍රේෂන් එකට ගියාට අපිට ප්‍රශ්නයක් නෑ. අපේ ස්පෙෂිපිකෙෂන් එක ඇතුළෙ මේ පොහොර නැත්නම්. මොකක්ද අපිට තියෙන ප්‍රශ්නය.

    මාධ්‍යවේදී ප්‍රශ්නය :- ඇමතිතුමා ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමා දැන් ඔබතුමා මෙතෙන්දි කටයුතු කරලා තියෙන්නේ රාජ්‍ය තාන්ත්‍රීක පිළිවෙතින් බැහැරව නේද? සමාන්‍යයෙන් තනාපති වරයෙක් කැඳවන්නේ නෑ නේ අමාත්‍යවරයෙක්ව තමන්ගේ තනාපති කාර්යාලයට

    පිළිතුර (රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ) :- ඒක මේ කැඳවීමක් කළේ නෑ. අපිට ඕනේ වෙලා තිබුනේ සුහදව මේ ප්‍රශ්නේ විසඳාගන්න විතරයි. මේට තිබුණේ, මේක පැහැදිලි කිරීම විතරයි. මොකද මේක පැහැදිලි කරන්නේ නැතුව චීන රජය කියන්නේ අපිට අමතක කරන්න බෑ අපිට රටක් හැටියට මේ පොහොර විතරක් නෙවෙයි මේ හැමදේටම ඉන්න රටක් එන්නත උනත් අපිට ලබාදෙන්න ඒ අය ඉතා උනන්දු වුණා. ඒ හින්දා අපේ වගකීමක් තියෙනවා. අපේ පැත්ත පැහැදිලි කරලා දෙන්න.

    මාධ්‍යවේදී ප්‍රශ්නය :– දැන් ඒ ලෙටර් එකෙම තියෙනවා. මහජන බැංකුව බැක්ලිස්ට් කරනවා කියලා. තර්ජනාත්මක

    පිළිතුර (අමාත්‍ය මහින්දානන්ද) :- කවු ද ඒක එවලා තියෙන්නේ?

    මාධ්‍යවේදී ප්‍රශ්නය:- ඒ සමාගම

    පිළිතුර (අමාත්‍ය මහින්දානන්ද) :- සමාගමට පුළුවන්ද මහජන බැංකුව බැක්ලිට් කරන්න. ඒ ගොල්ලන්ට අපිට තර්ජනය කරන්න පුළුවන් මෙතන වෙලා තියෙන්නේ මේක තෙරුම් ගන්න ඒ ගොල්ලෝ ප්‍රධාන සමාගමක් ඒ ගොල්ලන්ට ක්‍රෙඩිබිලිටි ප්‍රශ්නයක් මෙතන තියෙනවා.

    මෙරට ජාතික ශාක නිරෝධායන සේවය අහිතකර බැක්ටීරියා ඇතැයි දෙවරක් තහවුරු කරද්දීත් චීන පොහොර නැවතත් තුන්වන පාර්ශ්වයකින් පරීක්ෂා කිරීමට එකඟ වුණේ ඇයි?

    අද පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙලසෙ ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළේ ය.

    ”ඒ දැන් ගෙනාපු නැවෙන් තියෙන දෙවල් තුන්වෙනි පාර්ෂවයකට දෙන්නේ නෑ.  අපි කිව්වා දැන් එකෙන් ගන්න බෑනේ අපිට ඒක රිජෙක්ට් වෙලා ඉවරයි. අපි කිව්වා ආයේ හදන්න මං මේක සරලව කියන්නම් අපි මේක ටෙලර් ෂොප් එකකට ගිහිල්ලා මගේ මෙෂමන්ට් එක අරන් මෙතුමාගේ සයිස් එකට ෂර්ට් එකක් මැහුවොත් මං මේක ගන්නේ නෑ. නේ මට අඳින්න බෑ. එතකොට මං කරන්නේ මොකක්ද ආපහු මේක දියලා තියෙනවා. මට ඔනේ විදිහට මහන්න කියලා ඒ වැඩේ තමයි අපි කිව්වේ”

    මාධ්‍යවේදී ප්‍රශ්නය : – මේ එවන නිවේදනයෙන් ඒ ගොල්ලෝ ඉතාම බරපතළ විදිහට අපේ අපේ ශාක පැළෑටී නිරෝධායන ක්‍රමවේද විවේචනය කරනවා. මේකට යුරෝපියන් ස්ටෑන්ඩ් එකක් තියෙන්නේ ලංකාවේ ආයතනයක්

    පිළිතුර (අමාත්‍ය මහින්දානන්ද) :- ඉතින් ඒ සමාගමට ඕනේ ලියුමක් ලියන්න කියන්න අපිට ප්‍රශ්නයක් නෑ

    මාධ්‍යවේදී ප්‍රශ්නය :- දැන් ඔබතුමාලා මේ පැළෑටි නිරෝධායන එකට උතත්ර දෙන්නේ කවුද?

    පිළිතුර (අමාත්‍ය මහින්දානන්ද) :- නෑ අපි උත්තර දෙන්න බැඳිලා නෑ. අපේ කොරන්ටයින් එක අපි උතත්ර දෙන්නෙත් නෑ.  අපි උතත්ර දෙන්න බැඳිලත් නෑ.

    මේ අතර තම ආයතනය මගින් නිසි විධිමත් පරීක්ෂණයක් සිදු කර තිබියදී වෙනත් ජාත්‍යන්තර ආයතනයකින් චීන කාබනික පොහොර පරීක්ෂාවට ලක්කිරීමට තීරණය කිරීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපකීර්තියට ලක්වන්නක් බවත් ඒ සම්බන්ධයෙන් කනගාටුවන බවත් ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය පවසයි.

    ඔවුන් පෙන්වාදෙන්නේ එය ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ද සෘජු බලපෑමක් එල්ලකරනු ඇති බවයි.

    ජාතික ශාක නිරෝධායන සේවයේ තීරණය පවා අභියෝගය ලක්කරමින් චීන පොහොර ගෙන්වීමේ උනන්දුවට හේතුව කුමක් ද?

    මේ ගනුදෙනු පිටුපස ඉන්නේ කවු ද?

    සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය සැප්තැම්බර් 19 වනදා වාර්තා කලේ චීනයේ චින්දාඕ සීවින් බයෝ ටෙක් සමාගමේ ශ්‍රී ලංකාවේ දේශීය ඒජන්තතවරයා ලෙස චෙලීනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගම නමින් ආයතනයක් කටයුතු කරන බවයි.

    චීන සමාගම ඔක්තෝබර් 22 වනදා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යැවූ ලිපියකින් මේ දේශීය ඒජන්ත ආයතතනයේ කටයුතු කරන පුද්ගලයින් කවුරුන්දැයි තහවුරු වේ.

    එහි සඳහන් වන ආකාරයට චීන සමාගමේ දේශීය ඒජන්තයා වන චෙලීනා කැපිටල් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ලෝලිත අබේසිංහ නමැත්තායි.

    දේශීය ඒජන්ත සමාගමේ සභාපතිවරයාගේ ඥාති සබඳතා පිළිබඳව සමීපව විමසා බැලීමේදී මේ ගනුදෙනුවල ඇති දේශපාලන හා අනෙකුත් බලපෑම් පිළිඹිබු වේ.

    නිවුස් ෆස්ට් ඇසුරිනි

  • එක් රටක්-එක නීතියක් හදන ජනපති කාර්ය සාධක බළකායේ මුල්පුටුව ‘ඥානසාර හිමියන්ට‘

    එක් රටක්-එක නීතියක් හදන ජනපති කාර්ය සාධක බළකායේ මුල්පුටුව ‘ඥානසාර හිමියන්ට‘

    එක් රටක් සහ එක නීතියක් සඳහා වූ  සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බලතල අනුව නම් කළ මෙම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද මෙම කාර්ය සාධක බලකාය සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත ය.

    • පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි
    • මහාචාර්ය දයානන්ද බණ්ඩා
    • මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ
    • මහාචාර්ය සුමේද සිරිවර්ධන
    • එන්. ජී. සුජීව පණ්ඩිතරත්න
    • නීතිඥ ඉරේෂ් සෙනවිරත්න
    • නීතිඥ සංජය මාරඹේ
    • එරන්ද නවරත්න
    • පානි වෑවල
    • මව්ලවි මොහොමඩ් (ගාල්ල උලමා සභාව)
    • කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්
    • කලීල් රහුමාන්
    • අසීස් නිසාර්දීන්

    කාර්ය සාධක බලකායේ කාර්යභාරය

    නව කාර්ය සාධක බලකායට ඉහත සාමාජිකයින් පත්කර ගැනුනේ, ජනපතිවරයා ඔවුන්ගේ “විචක්ෂණභාවය, සාමාර්ථය සහ විශ්වාසවන්තභාවය කෙරෙහි මහත් වූ භක්තිය සහ විශ්වාසය තබමින් බව” සඳහන් වන අතර, නව කාර්ය සාධන බලකාය විසින් ක්‍රියාත්මක විය යුතු කාර්යයන් ද්විත්වයක් ද ඒ සම්බන්ධයෙන් නිකුත් වූ ඇති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

    1. ශ්‍රී ලංකාව තුළ එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම.

    2. අධිකරණ අමාත්‍යංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස්කර ඇති නීති කෙටුම්පත් හා සංශෝධනයන් අධ්‍යනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන වේ නම්, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝජනා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම.

    කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

    මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

  • චීන කාබනික පොහොර සමාගමෙන් තර්ජනයක්

    චීන කාබනික පොහොර සමාගමෙන් තර්ජනයක්

    චීනයෙන් මෙරටට ගෙන්වීමට ඇනවුම් කර ඇති කාබනික පොහොර තොගය පිළිබඳවම දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බව එම පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අදපෙ (26) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

    එම පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් තමන් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් කර එම තොගය ආනයනයට පියවරගත යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    මෙම කාබනික පොහොර තොගය සඳහා සැප්තැම්බර් 17 වැනිදා ණයවර ලිපිය විවෘත කර තිබූ බවත්, ණයවර ලිපියේ සඳහන් භාරදීමේ දිනයට අනුකූලව සැප්තැම්බර් 23 වැනිදා තොගය නැව්ගත කිරීම සිදු වූ බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. පොහොර තොගය නියමිත පරිදි බාරගැනීම වැළැක්වීම සඳහා ගැණුම්කරු කෘත්‍රිම බාධාවක් නිර්මාණය කළේ යැයි සැකකිරීමට හැකි සාධාරණ හේතු තමන්ට පවතින බවද එම සමාගම පවසයි.

    එසේම පොහොර තොගයේ බැක්ටීරියාව නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත් පළකිරීම ගැන නීතිමය තත්ත්වය සොයාබලන බවත් එම නිවේදනයේ දැක්වේ.

    මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම්, එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා යෝජනා කරන බව ද ක්න්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම සිය නිවේදනයේ දක්වා ඇත.

    එම කරුණ සුදුසු ලෙස නොවිසඳුණහොත් එය ශ්‍රී ලංකා රජයෙ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කීර්තිනාමයටද බල පා හැකි බවත්, එය ඉදිරියේදී චීන සමාගම් සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධ අවදානමක් ගෙන දිය හැකි බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

    ලංකාදීප ඊ පුවත්පත ඇසුරිනි – ශිර්ෂ පාඨය සංශෝධනය කර ඇත.

  • චීන කාබනික පොහොර නැව හොර පාරෙන් ලංකාවට ඇතුළු වුණා ද ?

    චීන කාබනික පොහොර නැව හොර පාරෙන් ලංකාවට ඇතුළු වුණා ද ?

    චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමුකර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද (26) කොළඹ පැවැති වැඩසටහනකදී ප්‍රකාශ කළේ ය.

    ඒ අනුව පොහොර අධ්‍යනය කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වන පාර්ශ්වයකට දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    චීනයේ චින්දාවෝ සිවින්ග් බයෝ ටෙක් සමාගමේ නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටිරියා අඩංගු බව අවස්ථා දෙකකදී මෙරට ශාක නිරෝධායන සේවය තහවුරු කළේ ය. එම පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වීමට ඉඩ නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රකාශ කර තිබියදී මෙට්‍රික් ටොන් 20,000 ක පොහොර තොගයක් රැගත් නැවක් මේ වන විට මෙරට මුහුදු සීමාවට සමීප වී තිබේ.

    චීන කාබනික පොහොර නැව කොළඹට ළඟා වන බවට වාර්තා පළවෙද්දී දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනකට යොමු කර එම පොහොර නැවත පරීක්ෂා කිරීමට මෙරට බලධාරීන් එකඟතාව පළ කර තිබේ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ඊයේ චීන තානාපතිවරයා සහ සමාගම් නියෝජිතයින් හමුවූ අවස්ථාවේ මෙම එකඟතාව පළ කළ බවයි.

    චීනයේ චින්දාඕ සීවින්ග් බයොන්ටෙක් සමාගමට මෙවර කන්නය සඳහා කාබනික පොහොර සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවරගෙන තිබිණ. ඒ අනුව චීන සමාගමෙන් මිලදී ගැනීමට නියමිත කාබනික පොහොර සාම්පල අවස්ථා දෙකකදී ජාතික ශාක නිරෝධායන සේවය විසින් පරීක්ෂාකරනු ලැබූ අතර එම අවස්ථා දෙකේම අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු විය. නමුත් පසුගිය දා මෙරට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිපියක් යවමින් චීන සමාගම පැවසුවේ, දෙපාර්ශ්වයට පිළිගත හැකි පාර්ශ්වයකින් නැවතත් සාම්පල පරීක්ෂා කළ යුතු බවයි. ඔවුන් මේ ලිපිය යවා තිබුණේ, කාබනික පොහොර රැගත් නැව මෙරටට සමීප වෙමින් තිබියදීයි.

    කෙසේවෙතත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ස්ථාවරයවී තිබුණේ, නැවට ඇතුළුවීමට හෝ පොහොර රට තුළට ගෙනඒමට ඉඩ නොදිය යුතු බවයි. නමුත් ඊයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සමග අමාත්‍යාංශ ලේකම්වරයා සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා චීන නියෝජිතයින් හමුවී සාකච්ඡාකර තිබේ.

    ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ චීන සමාගමේ නියෝජිතයින් සහභාගිවූ මෙම සාකච්ඡාවේදී අවසානයේ එකඟතාව පළවී ඇත්තේ දෙපාර්ශ්වය එකගවන පාර්ශ්වයකින් යළිත් පොහොර සාම්පල පරීක්ෂා කිරීමටයි.

    ”ඒ ගොල්ලන් ඉල්ලිමක් කළේ, අපේ රටේ තියන විද්‍යාගාරවල කරන පර්යේෂණ කරපු දේවල් පිළිගන්න බැහැ මොකද ඇක්ක්‍රෙඩිටට් ඒවා නෙවෙයි එතකොට අපි දෙපාර්ශවයටම බලපෑමක් නෙවෙයි. ඉල්ලීමක් කළේ, නැව හරවලා යවනවා මෙහේ බාන්නත් එපා මේහේ ගේන්නත් බෑ කියලා ඉල්ලීමක් කළා මේක ලෝකයේ රටවල් ප්‍රධාන ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව කැනඩාව වගේ ප්‍රධාන රටවල් 16 කට පොහොර ගෙනියන පොහොර නිෂ්පාදනය කරන ආයතනයක් ඒ නිසා මේකේ ප්‍රමිතිය පිළිබඳව අපට අවබෝධයක් ගන්න කියලා. අපි කිව්වා. අපි දෙගොල්ලොම කැමති වෙන තුන් වෙනි පාර්ශ්වකට දෙමු මේ පොහොර අධ්‍යයනය කරන්න කියලා ඊට පස්සේ අපි තීරණයක් ගමු කියලා”

    මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ, තුන්වන සාම්පලය ලබා ගන්නේ, පොහොර ගෙන එන බව කියන නැවෙන්ම ද යන්නයි. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එය සිදුකරන ආකරය පිළිබඳව අදහසක් නොමැති බවත් තවම එය තීරණය කර නාමැති බවත් ය.

    ”තවම අපි ඒක තීරණය කළේ නැහැ. අපට අදහසක් නැහැ. මේක කරන විදිහ චීන මහකොමසාරිස් තුමාට මම ඊයේ ඒක පැහැදිලි කරලා දුන්නා අපිට තරහට කරපු දෙයක් නෙවෙයි. මට ඕන වුණත් ගෙන්වන්න බෑනේ මේ රටේ කොරන්ටයින් නිතීයක් තියනවා. ඒ අය ලෑස්ති ඒ පාඩුව විඳ දරාගෙන නැවත ප්‍රෝසස් කරලා අපට පෙන්වන්න. අපි කිව්වා එතනදී අපි බලමු කියලා ගැටලුවක් නෑ කියලා. අපි ඇත්තටම ගියේ මේක ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වලට හානියක් වේවි පාඩුවක් වෙයි කියන එක පිළිබඳව අපි නෙවෙයි මොකද? වෙලාවට මේ චීන එක එපා කියලා ගත්තේ ඉන්දියාවේ එකනේ එතකොට ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක් විසඳන්න තමයි මම ගියේ අපේ ප්‍රශ්නයක් විසඳන්න නෙවෙයි මොකද අපි කරේ වෙළඳාමක්”

    චීනයේ චින්දාඕ වරායෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 රැගෙන පිටත්වූ හිපෝ ස්පිරිට් නැව පිහිටි ස්ථානය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිවැරදිව සොයා ගැනීමට නොහැකි වන අයුරින් කොළඹට යාත්‍රා කරමින් ඇතැයි, පසුගිය දින කිහිපයේම වාර්තා විය. නැව පිහිටි ස්ථානය පිළිඹිබු නොවුණ ද නාවික ගමනාගමන දත්ත පද්ධතිවල අවසන්වරට සටහන්ව තිබුණේ, මෙම නැවේ ගමනාන්තය කොළඹ ලෙසත් එය ඊයේ පස්වරුව වනවිට කොළඹට ළඟා වන බවත් ය.

    මේ අතර ෂිප් ඉන්ෆෝ නමැති ජාත්‍යන්තර නාවික දත්ත සටහන් අනුව හිපෝ ස්ප්‍රිට් නෞකාව පෙර භාවිතා කළ වෙනත් නමකින් ශ්‍රී ලංකා මුහුදට ඇතුළුවී ඇතැයි අනාවරණය වේ. අන්තර් ජාතික දත්තවලට අනුව එම නම දැක්වෙන්නේ සෙයියෝ එක්ස්ප්ලෝර් ලෙසයි.

    නෞකාවක නම හෝ ධජය හෝ හිමිකරු වෙනස් වුවද එහි හඳුනා ගැනීමේ අංකය වෙනස් කළ නොහැකි අතර මෙම නම් දෙකෙන්ම දැක්වෙන නෞකා දෙකම එකම හඳුනා ගැනීම් අංකයක් යටතේ දැක්වේ. එම තොරතුරුවලට අනුව නම වෙනස් කළ නෞකාව පොහොර තොගය ද සමග ශ්‍රී ලංකාවට පැමිණ අවසන් ය. ඊයේ එම නෞකාව ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ පැවතිණ.

    මේ පිළිබඳව අප කළ විමසීමකදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසුවේ, නෞකාව ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 12 ක් ආසන්නයේ තිබෙන බවට තමන්ට තොරතුරු වාර්තා වූ බවයි.

    පෙරේදා ගිනිකොණදිග මුහුදු තීරයේ එනම් කුඩා රාවණා කොටුව සහ මහා රාවණා කොටුව යන ප්‍රදීපාගාරවලට ආසන්නව මෙම නෞකාව ජී.පී.එස්. දත්ත පද්දතිවල දැක්වෙන බවට තමන්ට තොරතුරු වාර්තාවුව ද එය මේ වන විට දක්නට නැතැයි කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා ද ප්‍රකාශ කළේ ය. හාබර් මාස්ටර්වරයා අද දහවල් පැවසුවේ, තවමත් නෞකාව කොළඹ වරායට ඇතුළුවීමට අවසර ඉල්ලා නොමැති බවටයි.

    මේ අතර අද පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, ප්‍රමිතියෙන් අඩු පොහොර භාරගැනීමට රජය සූදානම් නොමැති බව පැහැදිලිව දැනුම් දී ඇති බවයි.

    ”ප්‍රමිතියෙන් අඩු මෙම තාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල් කිරීම වලක්වන ලෙස දැනටමත් වරාය අධිකාරියේ සභාපතිතුමා නිහාල් කැප්පිටිපොල මහතා දැනුම්දීලා තියෙනවා. ඒ නිසා එම නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුලත් කිරීම දැනට නවත්වලා තියෙනවා. මෙම ප්‍රමිතියෙන් අඩු පොහොර භාරගැනීමට ශ්‍රී ලංකා රජය සුදානම් නොමැති බව පැහැදිලිව මේ වන විට අපි දැනුම් දීලා තියෙනවා”

    මේ අතර චින්දාඕ සීවින්ග් බයෝ ටෙක් චීන සමාගම අද නිවේදනය කළේ, තම පොහොරවල අර්වීනියා ඇත්දැයි නැවත පරීක්ෂා කිරීමට ලෝකයේ පිළිගත් තුන්වන පාර්ශ්වයේ පරීක්ෂණ සමාගමක් වන ස්විස් එස්ජීඑස් සමූහයට මෙම සාම්පල යොමුකරන්නැයි ඉල්ලීමක් කරන බවයි. ඔවුන් ලබාදෙන පරීක්ෂණ ප්‍රතිඵලය දෙපාර්ශ්වයම කොන්දේසි විරහිතව පිලිගත යුතු බව ද චීන සමාගම අවධාරණය කරයි. ඔවුන් පවසන්නේ එම සාම්පලවලත් අර්වීනියා ඇතැයි තහවුරු වුවහොත් කොන්දේසි විරහිතව පොහොර තොගය සැපයුම්කරු ආපසු රැගෙන යන බවයි.

    අර්වීනියා නැතැයි, තහවුරු වුවහොත් කොන්දේසි විරහිතව මුදල් ගෙවා මෙම පොහොර තොගය ලබාගැනීමට පියවර ගත යුතු බව ද චින්දාඕ සීවින්ග් බයෝටෙක් සමාගම පවසයි. තම සමාගම විසින් මේ පිළිබඳව මාධ්‍ය හරහා පළ වී ඇති අසත්‍ය හා අපහාසාත්මක වාර්තා හා විවේචන විමර්ශනය කිරීමටත් ඒවාගේ නීතිමය වගකීම සොයා බැලීමටත් සැපයුම්කරු ලෙස තමන්ට හිමිකමක් ඇති බවයි.

    මේ අතර චින්දාඕ සී වින් බයෝටෙක් සමාගමට එරෙහිව වාණිජ මහාධිකරණය විසින් අද (26) තවත් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ. අදාළ වාරණ නියෝගය නිකුත් කෙරුණේ චින්දාඕ බයෝ ටෙක් වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් කළ නොහැකි වන පරිදියි.

    මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා , කෘෂිකර්ම අමාත්‍යංශයේ දරූ සියලු තනතුරුවලින් ඉවත් කළ බව කාෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය නිවේදනය කළේ, ඒ අනුව බුද්ධි මාරඹේ මහතා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් සහ කුඩා ව්‍යාපාර කෘෂි සහභාගිත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් ඉවත් කළ බවයි.

    කෙසේ වෙතත් මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ, එවැනි ඉවත් කිරීමක් සම්බන්ධයෙන් තමා ලිඛිතව දැනුවත් කර නොමැති බවයි.

    ”මම කෘෂිකර්ම අමාත්‍යංශය හා සම්බන්ධ කිසිදු ආයතනයක රැකියාවක නිරත වන නිලධාරියෙක් නෙවෙයි. ගිය වසරේ දෙසැම්බර් මාසය වනකොට වර්තමාන කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ආරාධනයෙන් මට ආරාධනයක් ලැබුණා ඇත්තටම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් නිර්මාණයක් කරලා තියෙන වෙලාවේ ඒ කමිටුවේ සාමාජිකයෙක් හැටියට සේවය කරන්න කියලා. ඉතින් අපිට භාර දීලා තියෙන රාජකාරිය වන්නේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවශ්‍යය කරන කෙටුම්පත සම්පාදනය කරලා ගරු අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීම. ඇත්තටම කිව්වොත් මට මේ දක්වා කිසිදු ලිඛිත ලියවිල්ලක් ලැබිලා. ඒ සම්බන්ධව මාව කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කළා කියලා. ඇත්තටම මේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදන කමිටුව ගිය මාසයෙන් ඉවරයි. එතකොට මේ මාසේ මාව ඉවත් කරනවාද ? නැද්ද කියන එකත් ප්‍රශ්නාර්ථයක් වෙන්න විදියක් නෑ. කියන එක තමයි මං නම් දකින්නේ”

    නිවුස් ෆස්ට් ඇසුරිනි

  • නොවැම්බර් 01 දා සිට මෙරට ජනතාවට බුස්ටර් එන්නත‍

    නොවැම්බර් 01 දා සිට මෙරට ජනතාවට බුස්ටර් එන්නත‍

    එළඹෙන නොවැම්බර් 01 වන දා සිට මෙරට පුරවැසියන්ට බුස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.මේ යටතේ කොව්ඩ් මර්දනයේ ඉදිරිපෙල පිරිස් සඳහා එය මුලිකව ලබා දීමට සැලසුම් කෙරෙන බවද අමාත්‍යවරයා කීය.‍

    මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට මිලියන දෙකක එන්නත් තොගයක් මේ වන විට තිබෙන බවද රඹුක්වැල්ල මහතා පැවසීය.

    අද (26) සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීය.

    ඉදිරි එන්නත්කරණ කටයුතු සඳහා තවත් මිලියන 14 ½ ක එන්නත් තොග ඇනවුම් කර ඇතිබවත් එම එන්නත් ක්‍රමානුකූලව මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ මහතා කීය. ඉදිරි මාස තුන හතර ඇතුළත බුස්ටර් එන්නත්. මෙරට අවශ්‍ය ජනතාව උදෙසා ලබා දීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා කීය. රටෙහි ජනතාවට එන්නත් මාත්‍රා තුනම ලබා දීමට රජය කිසිදු මුදලක් ජනතාවගෙන් අය නොකල බවද, එහෙත් ඇතැම් රටවල් මුදල් අය කරමින් එන්නත් ලබා දී ඇති බවද හෙතෙම පැවසීය.

  • කොවිඩ් නිසා කෝටි 2700ක සුරාබදු ආදායමක් ආණ්ඩුවට අහිමි වෙලා

    කොවිඩ් නිසා කෝටි 2700ක සුරාබදු ආදායමක් ආණ්ඩුවට අහිමි වෙලා

    පවතින කොවිඩ් තත්ත්වය නිසා මේ වසර තුළ මේවන විට රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් M.J ගුණසිරි මහතා පසුගියදා (22) පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුවේදී) පැවසීය.

    සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160ක් වුවද පවතිත තත්ත්වය හමුවේ ඊට ළගා වීම අපහසු බවත් සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට පෙන්වා දුන්නේය.

    ඒ මහතා මේබව පැවසුවේ සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළව 2019 වර්ෂය සදහා වූ විගණාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද විමසා බැලීම සදහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව  පසුගියදා (22) රැස්වූ අවස්ථාවේදීය.

    සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්ත‍මේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව එකිනෙකට සම්බන්ධ වන පරිඝණක පද්ධතියක් සැකසීම සම්බන්ධයෙන් 2019 වසරේදී පැවති කෝපා කමිටු රැස්වීමවකදී නිර්දේශ ලබාදී තිබුණද එය මේ දක්වා ක්‍රියාත්මක කර නොතිබීම පිළිබදව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

    තවද දෙපාර්තමේන්තුවේ සුරාබදු ආදායම ගණනය කිරීමේ ක්‍රියාවලිය නිවැරදි කිරීමට අදාළව පරිඝණක මෘදුකාංග පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද කමිටුව අවධාරණය කළ අතර   2016 වර්ෂයේ සිට 2018 වර්ෂය සදහා අයවැය සහ පරිපූරක  මගින් ප්‍රතිපාදන වෙන් වී තිබුණද එම ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොතිබීම පිළිබදව ද ‍අවධානය මෙහිදී යොමු විය. මේ අනුව දෙපාර්තමේන්තුව අයත් සියලුම ආයතන ඒකාබද්ධ කරමින් ද  ඉතා කඩිනමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙන ලදී.

    මේවන විට පරිඝණක පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා කටයුතු ආරම්භ කර ඇති බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට දන්වා සිටියේය. එහිදී කමිටුව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර සිටියේ මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීමට අදාළ කාලරාමුව නිශ්චිත සැලැස්මක් සහිතව  නොවැම්බර් 05 වනදාට පෙර කඩිනමින් කෝපා කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

    රජයේ ආදායම් වර්ධනය කිරීම සදහා මත්පැන් බෝතල් හා මත්පැන් බෝතල් ආශ්‍රිත නිෂ්පාදන සදහා වන ආරක්ෂිත ස්ටිකර් සැපයීම හා ආරක්ෂිත ස්ටිකර් කළමණාකරණ පද්ධතියක් සැකසීමේ කටයුතු ප්‍රමාද වීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. ප්‍රධාන නිෂ්පාදන සමාගම් විසින් ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබීම, පවතින කොවිඩ් තත්ත්වය  ඇතුළු කරුණු කාරණා නිසා මෙම ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසූ අතර මෙම කටයුතු කඩිනම් කරන ලෙස කෝපා කමිටු සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්න අලගියවන්න මහතා පෙන්වා දුන්නේ රජයට තෙවැනි ඉහළම ආදායම ලබා දෙන සුරා බදු දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු නිසි ආදායම ලබා ගැනීමට නම් උක්ත සදහන් කළ ව්‍යාපෘති කඩිනම් කළ යුතු බවයි. මීට පෙර ද කෝපා කමිටුව විසින් ලබාදී ඇති මෙම නිර්දේශ තවදුරටත් ප්‍රමාද නොකොට කඩිනමින් ඉටුකිරීමේ අවශ්‍යතාව කමිටුවේදී දැඩිව අවධාරණය කෙරිණි.