Tag: featured

  • පෙම්වතා ඝාතනය කර රුසියානු පෙම්වතිය දූෂණය කළ තංගල්ලේ හිටපු ප්‍රා.සභාපතිගේ අභියාචනය ඉවතට

    පෙම්වතා ඝාතනය කර රුසියානු පෙම්වතිය දූෂණය කළ තංගල්ලේ හිටපු ප්‍රා.සභාපතිගේ අභියාචනය ඉවතට

    2011 වසරේ දෙසැම්බර් මස 25 තංගල්ල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් තුළදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දුෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පනවා ඇති දඬුවම් 2014 වසරේ ජූලි 18 වන දා සිට ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

    Tangalle Rape Victim Has Spoken For The First Time - Colombo Telegraph

    තමන්ව එම දඬුවම්වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (19) එම නියෝගය නිකුත් කළේය.

    2011 වසරේ දෙසැම්බර් මස 25 තංගල්ල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් තුළදී කුරාම් ෂයික් නමැති 32 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරු කළ කොළඹ මහාධිකරණය 2014 වසරේදී ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කර තිබුණේය.

  • වෛද්‍යවරුන් 209කට කොරෝනා – GMOA

    වෛද්‍යවරුන් 209කට කොරෝනා – GMOA

    මේ වන විට දිවයින පුරා වෛද්‍යවරු 209 දෙනකුට කාරෝනා ආසාදිත වී ඇති අතර කොරෝනා වයිරසයේ සංකූලතා හේතුවෙන් මේ වන විට වෛද්‍යවරු තිදෙනකු මියගොස් ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    කොරෝනා ආසාදිත වෛද්‍යවරුන් අතර, කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනකු සහ හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 17 දෙනකු ද සිටින බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

    ‘‘මේ වන විට වෛද්‍යවරු 30ත් 40ත් අතර ප්‍රමාණයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, එක් වෛද්‍යවරයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර ලබනවා. වෛද්‍යවරුන්ට කොරෝනා රෝගය වැළැදීම ඉතාමත් වේගයෙන් සිදු වෙනවා. වෛද්‍යවරුන් ලෙඩවීමෙන් ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කළ යුතුයි. මේ තත්ත්වය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් සේවාවලින් ඉවත් විම තුළ විශාල අර්බුදයක් මතුව තිබෙනවා‘

    ෙගාල්ල කරාපිටිය රෝහලේ හදීසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඉඳුරුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එසේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා‘ යැයි ද ඔහු සදහන් කළේය.

    මේ අතර අද (19) දිනමිණ පුවත්පත මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් වාර්තා කර තිබුණේ කොළඹ ජාතික රෝහලේ පමණක් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා 250කට අධික පිරිසක් කොවිඩ් අසාදනයට ලක්ව ඇති බවයි. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ අගෝස්තු මස ආරම්භයේදී තිබුණු තත්වයට වඩා වේගයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද වෛරස් ආසාදනයට ගොදුරුවී ඇති බවය. රට පුරා රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන් 1000ක් පමණ මේ වන විට ආසාදනයට ලක්වී ඇති බව ද අදාළ ප්‍රවෘත්තියෙන් හෙළිකර තිබිණි.

    සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. ඩී. මැදවත්ත උපුටා ගනිමින් එම ප්‍රවෘත්තිය පළකර තිබුණි.

  • රට වසා දැමීම – මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ජනපතිගෙන් ලිඛිතව කළ ඉල්ලීම

    රට වසා දැමීම – මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ජනපතිගෙන් ලිඛිතව කළ ඉල්ලීම

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියකට රට වහන්නැයි මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ලිපියක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නා හිමියන්ගේ සහ  වරකාගොඩ ශ්‍රී ඥානරතන  අස්ගිරි පාර්ශවයෙන් මහ නාහිමියන්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් මහා නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කර ඇත.

    මහා නාහිමිවරුන් ජනපතිට යැවූ ලිපිය පහත දැක්වේ

    ඉහත ඡායාරූපය හා ලිපියේ අන්තර්ගතය අතර සම්බන්ධයක් නැත. – ප්‍රධාන සංස්කාරක

  • කණ්ඩායම් 9කට සංචරණ සීමා යළි රිවස් කරයි

    කණ්ඩායම් 9කට සංචරණ සීමා යළි රිවස් කරයි

    සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීමත් සමග පළාත් අතර ගමන් කිරීමට අවසර ලැබෙන කණ්ඩායම්  9ක්  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (19) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    මෙම කණ්ඩායම්වලට පළාත් අතර ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ  මහජන සේවා යථා පරිදි පවත්වාගෙන යෑම සඳහා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

    මේ අනුව, සෞඛ්‍ය සේවා, පොලිසිය, ත්‍රිවිධ හමුදාව , රාජ්‍ය නිලධාරීන් අත්‍යවශ්‍ය නිල චාරිකාවල නිරත වන්නන්, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින්නන්, උපයෝගීතා සේවාවල නිරතවන්නන්, පවුලේ සමීපතම මරණයක් සඳහා ගමන් කරන පුද්ගලයන්  සහ වරාය හා ගුවන් තොටුපොළ  සඳහා ගමන් කරන්නන්  යන කණ්ඩායම්වලට පළාත් අතර සංචරණය කිරීමට අවස්ථාවට හිමි වෙනවා.

    පවුලේ සමීපතම පුද්ගලයකුගේ මරණයක් සඳහා ගමන් කරන පුද්ගලයන් සහ  වරාය ඔහු ගුවන්තොටුපොළ සඳහා යන පුද්ගලයන්  ඒ සඳහා සාක්ෂි ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව  සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.

  • සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන් 23 දා සිට ඉහළට

    සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන් 23 දා සිට ඉහළට

    සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (23 වැනිදා) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය‍.

    නව මිල සංශෝධනය අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ද, රෝස්පාන්, බනිස්, කිඹුලා බනිස් සහ මාළුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනයන් රුපියල් 10 බැගින් ද, කේක් කිලෝවක් රුපියල් 100 කින් ඉහළ දැමූ බව ජයවර්ධන මහතා පැවසීය.

    මෙම මිල ඉහළ දැමීමට විශේෂයෙන්ම මේ වන විට සීනි මිල ඉහළ යෑම මෙන්ම කිලෝ 37.5 විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල මාස දෙකට පමණ පෙර රුපියල් 900 කින් පමණ ඉහළ දැමීම දැඩි බලපෑමක් කළ බවත් පාන් පිටි මිල සුළු වශයෙන් ද ඉන්ධන සහ මාගරින් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන සඳහා වන අමුද්‍රව්‍යවල මිල ගණන් ද සැලකිය යුතු ඉහළ ගොස් ඇති බවත්.

    බේකරි කාර්මාන්තයට සම්බන්ධ බොහෝ දේවල්වල මිල ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කරමින් කර්මාන්තයේ අනාගතය දෙස බලා මිල ඉහළ දැමූ බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කළේය.

  • රට වසා දැමීම – පොහොට්ටුවේ පක්ෂ 10කින් ජනපතිට යෝජනාවලියක්

    රට වසා දැමීම – පොහොට්ටුවේ පක්ෂ 10කින් ජනපතිට යෝජනාවලියක්

    රට අගුළු දැමීමට යෝජනා කරමින් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10ක් විසින් ජනපතිවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

    ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙම අවස්ථාව ජාතික ආපදාවක් ලෙස සලකා එයට මුහුණ දීමට සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් සකසන ලෙස යෝජනා කර ඇත.

    මේ වන විට ජනාධිපතිවරයා විසින් රට වසා නොදමන බවට දැඩි ස්ථාවරයක සිටියත් පොදු ජනතාව විසින් ස්වයං -අඟුලු දැමීමක් සිදුකරමින් යන නිසා සමස්ථ යාන්ත්‍රණයම අකර්මන්‍ය වී ඇතැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    මෙම සම්පූර්ණ ලිපිය පහත පළ වේ.

  • ස්වේච්ඡාවෙන් වසා දැමූ නගර සංඛ්‍යාව 58 දක්වා ඉහළට

    ස්වේච්ඡාවෙන් වසා දැමූ නගර සංඛ්‍යාව 58 දක්වා ඉහළට

    කොවිඩ්-19 අවදානම හේතුවෙන් අද (18) සිට තවත් නගර 24 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් හිමියන් සහ නාගරික වෙළෙද සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කිරීම සමග දිවයින පුරා මෙසේ වසා දැමූ නගර සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගියා.

    මෙම නගර ස්වේච්ඡාවෙන් වසා දැමුව ද මෙම නගරවල ඖෂධ අලෙවිසැල් සහ ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් සදහන් කරයි.

    අද දින ස්වේච්ඡාවෙන් වසා දමන ලද නගර වන්නේ, බිබිල, මොනරාගල, මැදගම, සියඹලාණ්ඩුව, බුත්තල, ඇඹිලිපිටිය, අයගම, කිරිඇල්ල, බදුල්ල, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, කැප්පෙට්ටිපොල, රුවන්වැල්ල, ත්‍රිකුණාමලය, හාලිඇල, ගනේමුල්ල, තවලම, තඹුත්තේගම, කඹුරුපිටිය, පදියපැලැල්ල, ඉමදූව, හැටන් කොටගල, පදියතලාව යන නගරයි.

    ඊයේ දිනය වන විට ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බළංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, මාතලේ යටවත්තත යේලක්කරය, අනුරාධපුර, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දඹුල්ල, කහවත්ත, දිවුලපිටිය, දැරණීයගල, ඌරගස්මංහන්දිය, පල්ලේපොල, අලව්ව සහ යාපනයයන නගර ස්වේච්ඡාවෙන් වසා දැමීමට අදාළ නගරවල ව්‍යාපාරික සංගම් පියවර ගෙන තිබෙනවා.

    මේ අතර මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ (17) මෙසේ නගර වසා දැමීම ගැන ප්‍රකාශයක් කළා. එහිදී ඇමැතිවරයා කියා සිටියේ මෙසේ නගර වසා දැමීම පිටුපස ආණ්ඩුව පෙරළා දැමීමේ උත්සාහයක් පවතින බවයි.

    ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය සමාජමාධ්‍ය වල දැඩි විවේචනයටත් හාස්‍යයටත් ලක්ව තිබුණා

  • ජනතාවගේ ස්වේච්ඡා ලොක්ඩවුන් ගැන මහාචාර්ය අර්ජුන ද සිල්වා කළ ප්‍රකාශය

    ජනතාවගේ ස්වේච්ඡා ලොක්ඩවුන් ගැන මහාචාර්ය අර්ජුන ද සිල්වා කළ ප්‍රකාශය

    ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිනු ලැබුවහොත් ලබන අවුරුද්දේ මැද වනවිට කොවිඩ් පැතිරීමේ යම් පාලනයක් ඇති වනු ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා  පැවැසීය.

    මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියේ රටපුරා මහජනතාවගේ සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායක බවත් මෙම සංචරණ අඩුවීමේ ප්‍රතිඵල තව සති දෙකකින් පමණ රටට දැක බලාගත හැකිවනු ඇති බවයි.

    සංචරණ අඩු කිරීමට රජය ගෙන ඇති පියවර ගැනද සතුටු විය හැකි බව සඳහන් කළ මහාචාර්යවරයා කොවිඩ් පාලනය සඳහා මේ තත්වය දිගටම පවත්වා ගෙන යා යුතු බව ද පැවසුවේය.

    සංචරණය සීමා කිරීමට සමගාමීව කොවිඩ් එන්නත්කරණයද වේගවත් කළ යුතු බවත් රජය එන්නත්කරණයට දක්වන උනන්දුව ගැන සතුටු විය හැකි බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය.

    ‘‘එංගලන්තයේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වුවත් එරට කොවිඩ් මරණ අඩුවී ඇත්තේ එන්නත්කරණය සියයට 70ක පමණ සීමාවකට ළඟා වීම නිසයි. ශ්‍රී ලංකාවද වේගවත් එන්නත්කරණයකට යෑමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකියි. ඒ වගේම මේ වන විට දීර්ඝ කාලයක් වසා දමා ඇති පාසල් විවෘත කිරීමට පෙර වයස 12 ට වැඩි සියලුම සිසු දරු දැරියන්ට කොවිඩ් එන්නත ලබා දිය යුතුයි. එසේ නොමැතිව පාසල් විවෘත කිරීම භයානකයි. දරුවන්ට එන්නත් මාත්‍රා දෙකම ලබාදී සති දෙකක් ගතවූ පසු පාසල් විවෘත කිරීමට රජයට අවස්ථාව උදා වෙනවා‘ යැයි ද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ.

  • සංචරණ නීති දැඩි වෙයි – එක් ගෙදරකින් එළියට යා හැක්කේ එක් අයෙකුට පමණයි

    සංචරණ නීති දැඩි වෙයි – එක් ගෙදරකින් එළියට යා හැක්කේ එක් අයෙකුට පමණයි

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අද (18) නිකුත් කර තිබෙනවා.

    මෙම නව මාර්ගෝපදේශ අගෝස්තු මස 31 වන දා දක්වා බලපැවැත්වෙන බවයි එහි සදහන් වන්නේ.

    නව මාර්ගෝපදේශ අනුව නිවසකින් පිටත ට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණක් අතර රැකියාව සඳහා හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පිටත ට යනවිය එය අදාළ නොවේ.

    • සාප්පු සංකීර්ණ අද (18) සිට සම්පුර්ණයෙන් ම වසා තැබෙන අතර සුපිරි වෙළෙඳසැලක් තුළ එක් වර සිටිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් 25%කට පමණයි.
    • සති දෙකක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමීමට නියෝග කර ඇති අතර කාය වර්ධන මධ්‍යස්ථාන සහ ගෘහස්ථත ක්‍රීඩාගාර අද සිට වසා දැමීමට නියම කර තිබෙනවා.
    • ළමා උද්‍යාන, කානිවල්, සංගීත සංදර්ශන, බීජ් පාටි හා  වෙරළේ ඒකරාශී වීම ද අද සිට තහනම් වන අතර පිහිනුම් තටාක හා ස්පා අද දින සිට වසා දැමීමට නියෝග කර තිබෙනවා.
    • හෝටල් හා නිවාඩු නිකේතන විවෘත කර තැබිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් 25%කට පමණක් බවයි අදාළ මාර්ගෝපදේශවල වැඩි දුරටත් සදහන් වන්නේ.
    • සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ අදාළ සම්පූර්ණ මාර්ගෝපදේශ පහත දැක්වෙනවා.
  • ඉන්ධන හිඟයක් ගැන බලශක්ති ඇමැති අනතුරු අඟවයි

    ඉන්ධන හිඟයක් ගැන බලශක්ති ඇමැති අනතුරු අඟවයි

    බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සිය ට්විටර් ගිනුම හරහා සිදුකළ ප්‍රකාශයක් නිසා මේ වන විට ඉන්ධන සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

    “තිත්ත ඇත්ත නම්, අපි ඉන්නේ විදේශ විනිමය අර්බුදයකයි. 2021 මුල් භාගයේ ආනයන වියදමින් 18%ක් වැඩ ඉන්ධන සඳහා ය. අවසන් මාස 6දී එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ. ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු.” යනුවෙන් ඇමැතිවරයා කළ ප්‍රකාශයේ සදහන් වෙනවා.

    බල ශක්ති ඇමතිවරයාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය හරහා ගම්‍ය වන්නේ ඉදිරියේ දී රට තුළ ඉන්ධන සැපයුම බරපතළ ලෙස සීමා වීම හෝ අඩාල වීම බවයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආර්ථික විශේෂඥයින් කිහිප දෙනකුම ප්‍රකාශ කළේ.

  • ‘සංචරණ සීමා දැඩි කරන බව‘ ජනපති යළි අවධාරණය කරයි

    ‘සංචරණ සීමා දැඩි කරන බව‘ ජනපති යළි අවධාරණය කරයි

    රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි ජාතික මාධ්‍ය කිහිපයක් වාර්තා කළා.

    ජනපතිවරයා උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තාකර ඇත්තේ රට වසා දැමීමක් කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත්ය.

    කෝවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද සඳහන් කර තිබෙනවා.

    ජනපතිවරයාගේ මෙම තීරණය මේ වන විට සමාජමාධ්‍යවල දැඩිව විවේචනයට හා හාස්‍යයට ලක්ව ඇති බවක් නිරීක්ෂණය කළ හැකියි. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විටත් නගර 40කට අධික සංඛ්‍යාවක් ව්‍යාපාරික සංගම් විසින් ගත් තීරණයක් අනුව වසා දමා තිබියදී සහ රාජ්‍ය ආයතන රැසක් සහ ඇතැම් අංශයන් වසා දමා තිබියදී ජනාධිපතිවරයා යළි යළිත් අවධාරණය කරනු ලබන කතාව හාස්‍ය ජනක බවයි.

    එසේම එන්නත්කරණ වැඩපිළිවෙළ නිසි පරිදි හා ඵලදායී ආකාරයෙන් සිදු නොවන බවට ද එන්නත් දෙකම ලබා ගත් පුද්ගලයින් විශාල පිරිසක් ආසාදිතයින් වීම හෝ මිය යාම සිදු වූ බව ද ඔවුන් විසින් පෙන්වා දෙනවා.

  • ‘බ්‍රා‘ ගැන සුපිරි කතාවක්

    ‘බ්‍රා‘ ගැන සුපිරි කතාවක්

    පියයුරු යුගල දෙකක් සමාන නොවන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. එය නිවැරදි නම් කර්මාන්ත ශාලා තුළ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන තනි වර්ගයේ බ්‍රෙසියරයකින් බොහෝ දේ බලාපොරොත්තු වීම වැරදිය. අපගේ ඇඳුම් ආයිත්තම් කට්ටලයේ අප තබා ඇති බොහෝ ඇඳුම් විවිධ අරමුණු සඳහා සේවය කරයි. නියමිත නිෂ්පාදන ප්‍රමිතියෙන් යුත් බ්‍රා මගින් ශරීරයේ සමහර කොටස් වල අලංකාරය ඉහළ නංවන අතර අපගේ ඇඳුම් හොඳින් ගැලපෙන පරිදි සකස් වේ.

    අපෙන් බොහෝ දෙනෙක් වසංගතයේදී නිවසේ ම ගත කිරීම නිසා බ්‍රා ඇදීම අත්හැර දැමීම හෝ අවම කිරීම කළේය. එහෙත් එය සැමදා කළ නොහැකි අතර යළි එළිය, සාදවලට, කාර්යාලයට යා යුතු කාලය පැමිණ ඇත.

    ඔබත් නව ප්‍රවණතා හා මුසු වූ බ්‍රා වලට කැමති කෙනෙක් නම් ඔබට වඩාත්ම සුසුදු බ්‍රා එක ගැන අලුත්ම තොරතුරු දැන ගන්න.

    ටී-ෂර්ට් බ්‍රා – T-Shirt Bras

    ඇඩ්‍රියානා ලීමා - ටී -ෂර්ට් බ්‍රා

    ටී ෂර්ට් බ්‍රා එකක් සිනිඳුය. ලේස් සැරසිලි හෝ වෙනත් සැරසිලි නොමැතිව මැහුම් රහිත කප් හැඩගස්වා ඇත. එමගින් යට ඇඳුම් ඇඳීම පරිපූර්ණ වන අතර සුමට නිමාවක් ලබා දේ.

    ඉඟිය: මෙය සෑම කාන්තාවකගේම ඇදුම් ආයිත්තම් කට්ටලයක තිබිය යුතුම කොටසකි. එදිනෙදා භාවිතය සඳහා හොඳම බ්‍රා වර්ගය එයයි.

    Half Arm

    නිධි සුනිල් - ඩෙමී බ්‍රාස්

    ඩෙමී (Demi) යන්නෙන් අදහස් කරන්නේ බ්‍රා එකේ හැඩයයි. මෙම බ්‍රා පියයුරු වලින් අඩක් පමණක් ආවරණය කරයි. ඒවා ස්වාභාවික පෙනුමක්/ ආකර්ෂණයක් ලබා දෙන අතර ඉතා පැහැදිලිව නොපෙනෙන ලෙස මෘදු පෙනුමකට ඉඩ සලසයි.  ලේස් ආවරණයක් සමග හෝ ඒවා රහිතව සරල පෙනුමකින් මෙම බ්‍රා නිර්මාණය කර ඇත.

    ඉඟිය: ටී ෂර්ට් බ්‍රා මෙන්, මෙයද අල්මාරියේ තිබිය යුතුම දෙයකි, විශේෂයෙන් ඔබ කර රහිත ඇදුම්වලට කැමති නම් එය වඩාත් සුදුසුය. විවිධ ආකාර හා වර්ණවලින් මෙම බ්‍රා නිර්මාණය කර ඇත. ඔබට වඩාත් සුදුසු එකක් පහසුවෙන් තෝරා ගත හැකිය.

    පටි රහිත බ්‍රා Strapless Bras

    කෙන්ඩල් ජෙනර් - පටි රහිත බ්‍රා

    නමින්ම පෙනෙන පරිදි මෙම බ්‍රා එන්නේ පටියක් නොමැතිව ය.   tube dresses, off-shoulder tops ඇඳුම් ඇඳීම සඳහා ඒවා විශිෂ්ටය..

    ඇලන්නා පාණ්ඩේ - පටි රහිත බ්‍රා

    ඉඟිය: මෙම බ්‍රා පටි රහිතව එන හෙයින්, බ්‍රා එකේ මුදුන හොඳින් නොගැලපෙන පෙනුමක් ඇති බැවින් හොඳ ගැලපීමක් (වඩාත් සුදුසු ප්‍රමාණයෙන් කුඩා) මිලදී ගැනීම වැදගත්ය.

    Plunging Bras

    රිහානා - බ්‍රා ඇදගෙන යාම

    මෙම බ්‍රා වල කර වටා මායිම අඩු වන අතර ඒවා ද සම්පූර්ණ ආවරණයක් ලබා නොදේ. ඔබට ගැඹුරු කරක් සහිත ඇඳුමක් හෝ හැට්ටයක් ඇඳීමට අවශ්‍ය වූ විට ඒවා භාවිතා කිරීම ඉතා සුදුසුය.. ඒවා ලේස්, පෑඩ් නොකළ සහ පෑඩ් ප්‍රභේද වලින් ලබා ගත හැකිය.

    Balconette Bras

    ඩවුට්සන් ක්‍රෝස් - බැල්කනට් බ්‍රා

    ටී-ෂර්ට් බ්‍රා එකක් හෝ ඩෙමී බ්‍රා එකක් හා සසඳන විට Balconette Bras එකක් සුළු ආවරණයක් සපයයි, එබැවින් කුඩා පපුව ඇති කාන්තාවන්ට වඩාත් ගැලපේ. බ්‍රා කප් එක මුදුනේ තිරස් කැපුමක් ඇති අතර එමඟින් පියයුරු ඔසවන අතර ස්වාභාවික පෙනුමක් ලබා දීමට උපකාරී වේ.

    ඉඟිය: මෙම බ්‍රා වල ගැඹුරු හා හතරැස් කප් නිසා ගැඹුරු කරක් සහිත ඇඳුම් සමඟ භාවිතා කිරීම වඩාත් සුදුසුය.

    Arm Bralette

    කියාරා අද්වානි - බ්‍රැලේට් බ්‍රා

    Arm Bralette යනු ස්වල්ප වශයෙන් පෑඩිං සමඟ එන බ්‍රා වර්ගයකි. එය සාමාන්‍යයෙන් දිගු රේඛා ප්‍රභේදයෙන් යුක්ත වන අතර (පටිය වඩා ඝන වන අතර ඉණ දක්වා පහළට විහිදේ) සහ ලේස් හෝ වෙනත් මෘදු ද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇත. මෙම බ්‍රා වලට යට ඇඳුම් නොමැති අතර ඒවා සුපිරි සුවපහසු සහ විවේක අවස්ථාවන් සඳහා සුදුසු වේ. කෙසේ වෙතත්, ඒවා මගින් ඔබට ලබා දෙන්නේ ඉතා සුළු සහයෝගයකි.

    ඉඟිය: culottes, flared leg, mom pants, underneath sheer tops to zhuzh වැනි ඇදුම් ඇඳීමට බ්‍රැලේට් භාවිතා කළ හැකිය.

    Push-up Bras

    කැන්ඩිස් - පුෂ් -අප් බ්‍රා

    නමින්ම පෙනෙන පරිදි පියයුරු ඔසවා ඉතා කැපී පෙනෙන පෙනුමක් ලබා දීමට මෙම බ්‍රා භාවිතා වේ.

    ඉඟිය: මෙම බ්‍රා පියවුරු අතර බෙදීම සමානුපාතික ලෙස වැඩි කරන හෙයින්, මධ්‍යම සිට තද හා කුඩා පපුව ඇති කාන්තාවන්ට ඒවා වළක්වා ගැනීම සුදුසුය. (විශේෂයෙන් ඔවුන්ට ස්වාභාවික පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය නම්_

    Sports Bras

    කරීනා කපූර් ඛාන් - ක්‍රීඩා බ්‍රා

    ක්‍රීඩා කිරීමේදී හෝ වෙනත් දැඩි ශාරීරික ක්‍රියාකාරකම් වලදී සාමාන්‍ය බ්‍රා වලට ප්‍රමාණවත් සහයක් ලබා දිය නොහැක. එවැනි අවස්ථාවන්හි දී පියයුරු නිසි පරිදි තබා ගැනීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ක්‍රීඩා බ්‍රා  අවශ්‍ය වේ. ඒවා පෑඩ් කර ඇති අතර බොහෝ විට ඒවා දහඩිය අවශෝෂණය කර පහසුවෙන් වියලි ද්‍රව්‍ය වලින් සාදා ඇත. ඒවා භාවිතා කරනුයේ කුමන ආකාරයේ ක්‍රියාකාරකමක්ද යන්න මත පදනම්ව, ඒවා අඩු බලපෑම්, මධ්‍යම බලපෑම් සහ විවිධ වර්‍ගයේ පැඩිං වලින් සමන්විත ඉහළ බලපෑම් සහිත ප්‍රභේද වලින් ලබා ගත හැකිය.

    බ්‍රා ගැන නිතර අසන ප්‍රශ්න:

    ප්‍රශ්නය – මම මගේ බ්‍රා එකේ ප්‍රමාණය මැනිය හැක්කේ කෙසේද?

    පිළිතුර – වැරදි බ්‍රා පැළඳීම ඔබේ ඇඳුමේ සමස්ථ පෙනුමට පමණක් නොව ශාරීරික වශයෙන් අපහසුතාවයටද හේතු වේ. කාලාන්තරයක් තිස්සේ පැළඳ සිටින බ්‍රා වලට කාන්තාවකගේ ඉරියව්ව සදහටම වෙනස් කළ හැකිය. එය පිටුපස වේදනාව සමඟ ද සම්බන්ධ වේ. තද බ්‍රා පටි බොහෝ විට උරහිස් අවුල් කරයි. ඉතා කුඩා ඒවා ඉළ ඇටයට පීඩනයක් එල්ල කරන අතර ප්‍රමාණවත් ආධාරකයක් ලබා නොදෙන ලිහිල් බ්‍රා පියයුරු එල්ලා වැටීමට හේතු වේ. වැරදි ලෙස බ්‍රා ප්‍රමාණය පැලඳීම සහ පියයුරු පිළිකාවට ඇති සම්බන්ධය ගැන පර්යේෂණ ද සිදු වෙමින් පවතී. මේ සියලු හේතුන් නිසා ඔබේ ප්‍රමාණයේ ඇති බ්‍රා පැළඳීම වඩාත් සුදුසුය.

    ප්‍රශ්නය: දෛනික භාවිතය සඳහා වඩාත් සුදුසු කුමන බ්‍රා එකද?

    පිළිතුර – ටී-ෂර්ට් බ්‍රා එකක් එදිනෙදා කටයුතු සඳහා වඩාත් සුදුසු ය. එමඟින් නිවැරදි පෑඩිං සහ ආවරණයක් ලබා දෙන අතර යමෙකුට තෝරා ගත හැකි යට ඇඳුම් සමඟ සහ නැතිව එය පැමිණේ. මුලින් අදහස් කළේ ටී ෂර්ට් යට ඇඳීම සඳහා වුවද, මෙම බ්‍රා ෂර්ට්, ටියුනික්ස්, කුර්තා සහ එවැනි එදිනෙදා ඇඳුම් ආයිත්තම් සමග වුව ද පැළඳිය හැකිය.

    ප්‍රශ්නය – මගේ මිල අධික බ්‍රා ගැන මම සැලකිලිමත් වන්නේ කෙසේද?

    පිළිතුර – හොඳ බ්‍රා නඩත්තු කිරීමේ රහස ඒවා අඩුවෙන් හා නිවැරදිව සේදීමයි. එකම බ්‍රා එක සේදීමට පෙර දෙවරක් හෝ තුන් වරක්වත් පැළඳීමෙන් ඔබට එයින් ගැලවිය හැකිය. ඔබේ බ්‍රා සීතල වතුර බාල්දියකට දමා මෘදු ඩිටර්ජන්ට් එහි තැබීම වඩාත් සුදුසුය. රෙදි සෝදන යන්ත්‍රමගින් සේදීමට හා වියළීමට යාමෙන් වළකින්න. සිසිල් සුළග මගින් ඒවා වේලා ගැනීම වඩාත් සුදුසුය.

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • වාර්තා ගත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාවක්

    වාර්තා ගත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාවක්

    ඊයේ (16) දින කොවිඩ් ආසාදිත මරණ 171ක් සිදුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (17) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ 171ත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 6434 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මියගිය පුද්ගලයින්ගෙන් 134 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 35 දෙනකු වයස අවුරුදු 30-59 අතර වියේ පසුවෙනවා. තවත් දෙදෙනකු වයස අවුරුදු 29ට අඩු පුද්ගලයින් බවයි අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.

    මියගිය පුද්ගලයින් 171 දෙනාගෙන් 102 දෙනෙකු පිරිමින් වන අතර 69 දෙනෙක් කාන්තාවන්.

  • මීළග ලෝක මහා සංග්‍රාමය ‘ජලය‘ වෙනුවෙන් ද ? ජාත්‍යන්තර විමර්ශනයක්

    මීළග ලෝක මහා සංග්‍රාමය ‘ජලය‘ වෙනුවෙන් ද ? ජාත්‍යන්තර විමර්ශනයක්

    පෙර නොවූ විරූ පරිදි වේලි තැනීම ඉහළ යාම සහ මහා ගංගා වල ජලය වගා බිම් සහ කර්මාන්තවලට යොමු කිරීම තවදුරටත් පිපාසය වැඩි කරන අතර ජාතීන් අතර ගැටුම් ඇතිවීමේ අවදානම වැඩි කරයි.

    ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ සිට සූම් හරහා මට කතා කරමින් අලි අල්-සද්ර් වතුර වීදුරුවක් බොන්න ටිකක් නැවතිණි. උත්ප්‍රාසය උපදවන අයුරින් ඔහු සිනහවක් පෑවේය. 

    “මම ඉරාකය හැර යාමට පෙර සෑම දිනකම පිරිසිදු පානීය ජලය සෙවීම සඳහා අරගල කළා.”

    වසර තුනකට පෙර, අල් සාද්ර් තම උපන් ගම වන බාස්රා නගරයේ වීදි වල උද්ඝෝෂණවලට එක්ව සිටියේ නගරයේ වැඩෙන ජල අර්බුදය විසඳන ලෙස බලධාරීන්ගෙන් බල කරමිනි.

    “යුද්ධයට පෙර බාස්රා සුන්දර ස්ථානයක්” යැයි 29 හැවිරිදි ඔහු පවසයි.

    “ඔවුන් ඉස්සර අපිට කිව්වේ නැගෙනහිර වෙනීස් කියලා.”

    ෂැට් අල්-අරාබි ගඟේ එක් පැත්තකට මායිම්ව පිහිටි නගරය මිරිදිය ඇළ මාර්ග ජාලයකින් බොඳ වී ඇත. අල් සදර් වරක් ඔවුන් සමඟ වැඩ කිරීමට ප්‍රිය කළේය.

    ‘‘ මම යන විට ඔවුන් අමු අපජලය ජල මාර්ගවලට පොම්ප කරමින් සිටියා. අපට සෝදා ගැනීමට නොහැකි වුණා. [ගඟේ] සුවඳ මට ඉරුවාරදය ලබා දුන් අතර අවසානයේ අසනීප වූ විට මම දින 4 ක් ඇඳේ ගත කළා‘‘

    2018 ගිම්හානයේදී අපිරිසිදු ජලය බස්රාහි රෝහල් වෙත යැවීය. ඊට එරෙහිව ජනතාව උද්ඝෝෂණය කළ අතර  විරෝධතා දැක්වූවන්ට පොලිසිය වෙඩි තැබූ විට අල් සදර්ගේ දිවි බේරා ගැනීමට වාසනාවන්ත විය.

    “මාසයක් ඇතුළත මම යුරෝපය බලා පිටත් වුණා,” ඔහු පවසයි.

    ලෝකය පුරාම අල් සදර්ගේ කතා බොහෝ දුරට පොදු සිදුවීම් බවට පත් වෙමින් පවතී. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්ම දැන් අවුරුද්දෙන් අවම වශයෙන් මාසයකට වරක්වත් දැඩි ජල හිගයකට මුහුණ දෙන අතර පිරිසිදු පානීය ජලය ඉල්ලා ජනතාව කරන අරගල හා සටන් වඩාත් තීව්‍රර වී ඇත.

    නෙදර්ලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගීතා ප්‍රධානී සහ ජල දේශපාලනය පිළිබඳ ප්‍රවීණයෙකු වන කිටී වැන් ඩර් හෙයිජ්ඩන් පවසන්නේ “ජලය නොමැති නම් මිනිසුන් සංක්‍රමණය වීමට පටන් ගනී” කියා ය.

    ලෝක ජනගහනයෙන් දළ වශයෙන් 40% කට ජල හිඟය බලපාන අතර එක්සත් ජාතීන්ගේ සහ ලෝක බැංකුවේ අනාවැකි වලට අනුව 2030 වන විට නියඟය හේතුවෙන් මිලියන 700ක් පමණ ජනතාව අවතැන් වීමේ අවදානමට ලක්විය හැකිය. වෑන් ඩර් හෙයිජ්ඩන් වැනි අය මෙම අභියෝගය ජය ගැනීම වෙනුවෙන් කුමක් කළ හැකිද යන්න ගැන සැලකිලිමත් වෙති.

    “ජලය නොමැති නම්, දේශපාලනඥයින් එය අතට ගැනීමට උත්සාහ කරන අතර ඔවුන් ඒ ගැන ගැටුම් ඇතිකර ගැනීමට යොමු විය හැකියි” ඇය පවසයි.

    විසිවන සියවසේදී ගෝලීය ජල පරිභෝජනය ජනගහන වර්ධන වේගය මෙන් දෙගුණයකටත් වඩා වැඩි විය. අද, මෙම විසංවාදය බොහෝ නගර වල (රෝමයේ සිට චෙන්නායි දක්වා) සලාක ජලය සඳහා යොමු කරයි. 2012 සිට සෑම වසරකම පාහේ ලෝක ආර්ථික සංසදයේ ‘ගෝලීය අවදානම් බලපෑම් ලැයිස්තුවේ (Global Risks by Impact) පළමු ගෝලීය අවදානම් පහ අතර ජල අර්බුද ස්ථානගත වී ඇත.

    දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු 2017 දී දරුණු නියගය දරුණුතම මානුෂික අර්බුදයට දායක වූ අතර අප්‍රිකාව සහ මධ්‍යම ප්‍රදේශය පුරා මිලියන 20 ක ජනතාවක් ඉන් පීඩාවට පත්වූහ. ආහාර හිඟය සහ ගැටුම් හේතුවෙන් ඔවුන්ගෙන් බහුතරයකට තම නිවෙස් අතහැර යාමට සිදු විය.

    ඕක්ලන්ඩ් පදනම් කරගත් පැසිෆික් ආයතනයේ (Pacific Institute) ප්‍රධානී පීටර් ග්ලෙයික් පසුගිය දශක තුන තුළ ජල හිඟය, ගැටුම සහ සංක්‍රමණය අතර සම්බන්ධය අධ්‍යයනය කර ඇති අතර ජල ගැටුම ඉහළ යමින් පවතින බව විශ්වාස කරයි.

    “ඉතා දුර්ලභ අවස්ථාවකදී හැර කිසිවෙකු පිපාසයෙන් මිය යන්නේ නැහැ. නමුත් දූෂිත ජලයෙන් හෝ ජලය ලබා ගැනීමේ ගැටුමෙන් මිනිසුන් වැඩි වැඩියෙන් මිය යනවා.”ඔහු පවසයි

    තුර්කියේ වේල්ල දැමීම හේතුවෙන් ගංගා ගලා ඒම අඩුවීම නිසා දකුණු ඉරාකයේ බාස්රා අවට වැටෙන ජලයේ ගුණාත්මක භාවය උග්ර වී තිබේ (ගෞරවය: හයිඩර් මොහොමඩ් අලි/ඒඑෆ්පී/ගෙටි රූප)

    තුර්කියේ වේල්ල බැදීම හේතුවෙන් ගංගා ගලා ඒම අඩුවීම නිසා දකුණු ඉරාකයේ බාස්රා අවට ජලයේ ගුණාත්මක භාවය හීන වී තිබේ.

    ජල ගැටුම් කාලානුක්‍රමය පිටුපස ග්ලේක් සහ ඔහුගේ කණ්ඩායම සිටී : ඔවුන් බැබිලෝනියානු රජු වූ හමුරාබිගේ කාලය දක්වා විහිදෙන විශාල හා කුඩා ජල ගැටුම් 925ක් ගැන අපට සාක්ෂි හමුවී ඇත. එය කිසිඳු ආකාරයකින් සම්පූර්ණ ලැයිස්තුවක් නොවන අතර ලැයිස්තුගත කර ඇති ගැටුම් යුද්ධයේ සිට අසල්වැසියන් අතර ආරවුල් දක්වා සංකීර්ණ වේ. නමුත් ඔවුන් හෙළි කරන දෙය නම් ජලය සහ ගැටුම අතර සම්බන්ධය සංකීර්ණ එකක් බවයි.

    “අපි ජල ගැටුම් කණ්ඩායම් තුනකට වර්ගීකරණය කළා,” ග්ලෙයික් පවසයි.

    1. ගැටුමේ ‘ප්‍රකෝපයක්’ ලෙස – ප්‍රචණ්ඩත්වය, ජලයට ප්‍රවේශ වීම සහ පාලනය කිරීම පිළිබඳ ආරවුල් සමඟ සම්බන්ධ වේ.
    2. ගැටුම්වල ‘ආයුධයක්’ ලෙස – ගැටුම් වලදී ජලය හෝ ජල පද්ධති ආයුධ ලෙස භාවිතා කරන අතර, වේලි භාවිතා කර ජලය රඳවා ගැනීම ඇතුළුව ජලය හෝ ගංවතුර පහළ ප්‍රජාවන් වෙත ගලා යාම දැඩිව පාලනය කරයි.
    3. ගැටුම්වල ඉලක්කයක් ලෙස – ගැටුම් වලදී ජල සම්පත් හෝ පිරිපහදු මධ්‍යස්ථාන හෝ නල මාර්ග ඉලක්ක ලෙස ද භාවිත කිරීම හා ඒවාට හානි කිරීම ද බොහෝ විට සිදුවේ.

    කෙසේ වෙතත්, ඔහු සහ ඔහුගේ සගයන් විසින් සම්පාදනය කර ඇති වාර්තා තුළින් ජල ගැටුමේ වැඩි කොටසක් කෘෂිකර්මාන්තය හා සම්බන්ධ බව පැහැදිලි වේ. මිරිදිය භාවිතයෙන් 70%ක් කෘෂිකර්මාන්තයෙන් සිදු වන හෙයින් එය පුදුමයක් නොවේ. නිදසුනක් වශයෙන්, අප්‍රිකාවේ අර්ධ ශුෂ්ක සහෙල් ප්‍රදේශයේ, තම සතුන්ට සහ බෝග සඳහා අවශ්‍ය ජලය හිඟකම ගැන කෝපයට පත්වන ගොපල්ලන් හා ගොවීන් දැඩි ලෙස ගැටුම් ඇති කර ගන්නා අවස්ථා ගැන නිතරම වාර්තා වේ.

    නමුත් ජල ඉල්ලුම වැඩිවන විට ඇති විය හැකි ගැටුම් වල පරිමාණයද වැඩිවේ.

    ලෝක සම්පත් ආයතනයේ (World Resources Institute) ජලය පිළිබඳ ගෝලීය අධ්‍යක්ෂ චාල්ස් අයිස්ලන්ඩ් පවසන්නේ “ මෙම විෂය පිළිබඳ නවතම පර්යේෂණයෙන් ඇත්ත වශයෙන්ම ජලය හා සම්බන්ධ හිංසනය කාලයත් සමග වැඩිවන බව පෙන්නුම් කරන බවයි.

    “ජනගහන වර්ධනය සහ ආර්ථික දියුණුව නිසා ලොව පුරා ජල ඉල්ලුම ඉහළ යමින් පවතී. මේ අතර දේශගුණික විපර්යාස හේතුවෙන් ජල සැපයුම අඩු වන අතර වර්ෂාපතනය බොහෝ ස්ථානවල අස්ථායී බවක් ඇති කරයි.”

    තුර්කිය, සිරියාව, ඉරාකය සහ බටහිර ඉරානය ඇතුළත් පුළුල් ටයිග්‍රිස්-යුප්‍රටීස් ගංගා ද්‍රෝණිය තරම් ජල පීඩනයේ සහ දේශගුණික විපර්යාසයේ ද්විත්ව බලපෑම වෙන කොහේවත් දක්නට නැත. චන්ද්‍රිකා ඡායාරූප වලට අනුව, කලාපයේ ලෝකයේ කිසිදු තැනක සිදු නොවන තරම් වේගයෙන් භූගත ජලය අහිමි වෙමින් පවතී. සමහර රටවල් තම ජල සම්පාදනය සුරක්‍ෂිත කර ගැනීමට දැඩි උත්සාහයන් දරන විට, ඔවුන්ගේ ක්‍රියාවන් අසල්වැසියන්ට බලපායි.

    ඉන්දියාවේ උතුරු තැනිතලා යනු ලොව සශ්‍රීක කෘෂිකාර්මික ප්‍රදේශයක් වන නමුත් අද ද ගම්වාසීන් ජල හිඟය ගැන නිතර ගැටුම් ඇති කර ගනී

    2019 ජුනි මාසයේදී ඉරාකයේ නගර සෙල්සියස් අංශක 50ක් තරම් උණුසුම් තාප තරංගවලට මුහුණ දෙමින් සිටින අතර තුර්කිය පැවසුවේ  ටයිග්‍රීස් නදියේ මූලාරම්භයේ ඉදිකර ඇති ඉසිලු වේල්ලට ජලය පිරවීම ආරම්භ කරන බවයි. ටයිග්‍රිස් සහ යුප්‍රටීස් ආශ්‍රිතව වේලි 22ක් සහ විදුලි බලාගාර 22 ක් ඉදිකිරීම සඳහා තුර්කිය විසින් දීර්ඝ කාලීනව සිදු කරන ලද ව්‍යාපෘතියේ නවතම ව්‍යාපෘතිය මෙය වේ.

    ජලය පිළිබඳ ජාත්‍යන්තර කාර්යාලයේ වාර්තාවකට අනුව ඉරාකයේ සිට සිරියාවට ජලය ගලා ඒම සැලකිය යුතු ලෙස අඩුවී ඇත. එම වාර්තාව කියා සිටින්නේ තුර්කියේ නව සංවර්ධන සැලසුම් සම්පුර්ණ වූ විට ඒ තුළ වේලි 90ක් සහ ජලවිදුලි බලාගාර 60ක් ඇතුළත් විය හැකි බවයි.

    ඉලිසු වේල්ල පිටුපස ජල මට්ටම ඉහළ යත්ම ගංගා ජලය ඉරාකයට ගලා ඒව 50%කින් අඩුවිය. අල් සද්ර් සහ ඔහුගේ අසල්වැසියන් වන බාස්රාහි කිලෝමීටර් දහස් ගණනක් ඈතින් ජලයේ ගුණාත්මකභාවය පිරිහෙන අයුරු දුටුවේය. හියුමන් රයිට්ස් වොඩ් සංවිධානයට අනුව අගෝස්තු මාසයේදී සිය ගණනක් මිනිසුන් බාස්රාගේ රෝහල්වලට කුෂ්ඨ රෝග, උදර වේදනාව, වමනය, පාචනය සහ කොලරාව වැනි රෝගවලින් පීඩා විඳිති.

    “බාස්රාහි ජනතාව මුහුණ දෙන මෙම ගැටලුවේ ඇත්ත වශයෙන්ම කොටස් දෙකක් තිබේ. පළමුවෙන්ම, කිසිදු පිරිපහදු කිරීමකින් තොරව අපජලය දේශීය ජල මාර්ගවලට බැහැර කිරීම සිදු වේ. නමුත් තුර්කි මායිමේ ඇති වේල්ල ද බරපතළ ගැටලු ඇතිකර හමාරය. ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගා හරහා ගලා යන මිරිදිය අඩු වීම නිසා පර්සියානු බොක්කේ සිට කරදිය ඉහළට ගලා යාම වේගවත් වේ. කාලයත් සමඟ එය බෝග විනාශ කරන අතර මිනිසුන් රෝගාතුර කරයි”

    එය සංකීර්ණ චිත්‍රයක් වන නමුත් බැලූ බැල්මට අතර අසමානකම් අතර සම්බන්ධකම් දැකීමට ඇති මෙම හැකියාව නිසා නෙදර්ලන්ත රජය විසින් අරමුදල් සපයන ‘ජල, සාමය සහ ආරක්‍ෂාව‘ Water, Peace and Security (WPS)  නම් ලාබ නොලබන හවුල්කාරිත්වය සමඟ ඇමරිකානු සහ යුරෝපීය රාජ්‍ය නොවන සංවිධාන හයක කණ්ඩායමක් (පැසිෆික් ආයතනය සහ ලෝක සම්පත් ආයතනය) කටයුතු කරයි. ඔවුන් ‘ගෝලීය පූර්ව අනතුරු ඇගයීමේ මෙවලමක්  (Global Early Warning Tool) සකස්කර ඇත.

    ගැටුම් ඇතිවීමට පෙර පුරෝකථනය කිරීමට පියවර ගනී.  වර්ෂාපතනය, බෝග හානි, ජනගහන ඝනත්වය, ධනය, කෘෂිකාර්මික නිෂ්පාදනය, දූෂණ මට්ටම්, නියඟය සහ ගංවතුර වැනි තොරතුරු දත්ත ඒකාබද්ධ කර ගැටුම් අනතුරු ඇඟවීම් ලබා දෙයි. ඒවා පරිපාලන දිස්ත්‍රික්ක මට්ටම දක්වා රතු-තැඹිලි මර්කේටර් ප්‍රක්ෂේපණයක ප්‍රදර්ශනය කෙරේ. දැනට 86%ක නිරවද්‍යතා අනුපාතයක් ඇති විය හැකි ගැටුම් පවතින ස්ථාන 2000 ක් පමණ ගැන අනතුරු අඟවමින් සිටී.

    ඉන්දු ගඟ උතුරු ඉන්දියාවට සහ පකිස්ථානයට ඉතා වැදගත් ජල මූලාශ්‍රයක් වන නමුත් එය ආරම්භ වන්නේ චීනය විසින් පාලනය කරනු ලබන ටිබෙට් කඳුකරයේ ය (ගෞරවය: නදීම් ඛවාර්/ගෙටි රූප)

    ඉන්දු ගඟ උතුරු ඉන්දියාවට සහ පකිස්ථානයට ඉතා වැදගත් ජල මූලාශ්‍රයක් වන නමුත් එය ආරම්භ වන්නේ චීනය විසින් පාලනය කරනු ලබන ටිබෙට් කඳුකරයේ ය.

    ජලය පිළිබඳ ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇති ස්ථාන හඳුනා ගැනීමට WPS මෙවලම භාවිතා කළ හැකි අතර, ජල හිඟය හේතුවෙන් මේ වන විටත් ගැටුම් පවතින ප්‍රදේශවල සිදුවන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන අයට දැනුම් දීමට ද එය උපකාරී වේ.

    උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ උතුරු තැනිතලා භූමිය ලෝකයේ ඉතාමත් සාශ්‍රීක කෘෂිකාර්මික ප්‍රදේශයක් වන නමුත් අදත් ගැමියෝ ජල හිගය ගැන නිතරම ගැටුම් ඇතිකර ගනිති. දත්ත වලින් හෙළි වන්නේ ජනගහන වර්ධනය සහ ඉහළ වාරි මට්ටම් පවතින භූගත ජල සැපයුම් අභිබවා ගොස් ඇති බවයි. ප්‍රදේශයේ සශ්‍රීක වගාබිම් තිබියදීත්, WPS සිතියම උතුරු ඉන්දියාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ මූලික ජල ආතතිය අනුව “අතිශයින් ඉහළ” ලෙස ශ්‍රේණිගත කර ඇත.

    ප්‍රදේශය පෝෂණය කරන ප්‍රධාන ගංගා කිහිපයක් (ඉන්දු, ගංගා සහ සට්ලෙජ්) ආරම්භ වන්නේ ඉන්දීය දේශසීමා මායිමේ පිහිටි චීනය විසින් පාලනය කරන ටිබෙට් දේශයෙන් වන නමුත් ඉන්දියාවේ සහ පකිස්ථානයේ ජල සැපයුම සඳහා ඒවා අත්‍යවශ්‍ය වේ. මෙය ද ගැටලුව සංකීර්ණ කරයි. ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ගැටුම් කිහිපයක් මෑතකදී ඇති විය.

    ගෝලීය පූර්ව අනතුරු ඇඟවීමේ මෙවලම මඟින් ග්‍රහණය කරගත් දත්ත මඟින් අමුතු ප්‍රවණතා කිහිපයක් ද හෙළි වේ. ලෝකයේ බොහෝ ජල පීඩනයට ලක්ව ඇති සමහර ප්‍රදේශවලට ශුද්ධ සංක්‍රමණය වීමේ ජනගහනයක් සිටින බව පෙනේ. නිදසුනක් වශයෙන්, ඕමානය ඉරාකයට වඩා ඉහළ නියඟයකින් පීඩා විඳින නමුත් වසංගතයට පෙර වසරකට ඉරාක සංක්‍රමණිකයන් ලක්ෂ ගණනක් ඕමානයට සංක්‍රමණය විය. එයට හේතුව රාජ්‍ය පාලනයේ දූෂණය, ජල යටිතල පහසුකම්, ජනවාර්ගික භේදය සහ ජල දේශපාලනික ආතතිය අනුව ඕමානයේ තත්ත්වය ඉරාකයට වඩා යහපත් වීමයි.

    ජල හිඟය නියඟයෙන් පමණක් නොව දූෂණය හේතුවෙන් ජලයේ ගුණාත්මක භාවය පහත හෙලීම කෙරෙහි ද හේතු වේ (ගෞරවය: කලීඩ් ඩෙසෞකි/ඒඑෆ්පී/ගෙටි රූප)

    ජල හිඟය නියඟයෙන් පමණක් නොව ජල දූෂණය හේතුවෙන් ජලයේ ගුණාත්මක භාවය පහත හෙලීම කෙරෙහි ද හේතු වේ

    ජල හිඟය සහ ගැටුම් අතර සම්බන්ධය පෙනෙන තරම් සරල නැත. දැඩි නියඟයක් පැවතුනද, එය ගැටුමකට තුඩු දෙයිද යන්න සංකීර්ණ සාධක රැසක් විසින් තීරණය කරනු ඇත: සමාජ සමගිය ඉතා වැදගත් එකකි. උදාහරණයක් ලෙස ඉරාකයේ කුර්දිස්තාන් ප්‍රදේශය ගන්න: එය 2011 මාර්තු මාසයේදී සිරියානු ගොවීන් මිලියන එකහමාරක් නාගරික මධ්‍යස්ථාන කරා තල්ලු කළ එම පස් අවුරුදු නියඟයෙන් පීඩා විඳි ප්‍රදේශයකි. මෙම සංක්‍රමණයට නියගය පමණක් නොව වාර්ගික ගැටුම් හා ආතතිය ද පැහැදිලිව හේතු විය.

    ලන්ඩනය පදනම් කරගත් ‘ජාත්‍යන්තර අනතුරු ඇඟවීමේ ස්වාභාවික සම්පත් කළමනාකරණය සහ දේශගුණික විපර්යාස‘ පිළිබද ලාබ නොවන ආයතනයේ (natural resource management and climate change at International Alert) ප්‍රධානී ජෙසිකා හර්ටෝග් පැහැදිලි කරන්නේ ‘ආහාරවලින් ස්වයංපෝෂිත වීම අරමුණු කරගත් සිරියානු රජය දිගු කලක් ඉන්ධන, පොහොර සහ භූගත ජලය ලබා ගැනීම ඇතුළුව කෘෂිකර්මාන්තයට සහනාධාර ලබා දුන් බවයි.

    නමුත් ජලය මත ගැටුම් ඇති විය හැකි උණුසුම් ස්ථාන හඳුනා ගත හැකි නම් අනාගතයේදී ඒවා නැවැත්වීමට යමක් කළ හැකිද?

    අවාසනාවකට මෙන් ජල හිඟයට එක හා සමාන විසඳුමක් නොමැත. බොහෝ රටවල පාඩු හා කාන්දු වීම අඩු කිරීමෙන් විශාල වෙනසක් සිදු කළ හැකිය. යටිතල පහසුකම් වලට හානි වීම නිසා ඉරාකයට පිරිපහදු කළ ජලයෙන් 33%ක් අහිමි වී තිබේ. උදව් කළ හැකි අනෙකුත් ප්‍රධාන ප්‍රතිපත්ති ලෙස ජල දූෂණයට මුහුණ දීම සහ කෘෂිකර්මාන්තයට අධික ලෙස ජලය ලබා ගැනීම අඩු කිරීම වැනි දේ ද WPS හවුල්කරුවන් යෝජනා කරති. අයිස්ලන්තය ජල සැපයුමේ මිල ගණන් වැඩි කරන බවට යෝජනා කරයි.

    ලෝකයේ බොහෝ ප්‍රදේශවල මිනිසුන් ප්‍රවේශම්/ සුරක්ෂිත කළ යුතු දෙයකට වඩා ලාභ හා බහුල සම්පත් ලෙස ජලය ලබා ගැනීමට පුරුදු වී සිටිති.

    මුහුදු ජලය විෂබීජහරණය කිරීම වැනි තාක්‍ෂණ මඟින් වැඩිපුර ජලය නිදහස් කිරීම තුළින් බොහෝ දේ කළ හැකිය. මෙම ක්‍රියාවලිය තුළින් සෞදි අරාබිය දැනට එහි ජල අවශ්‍යතාවයෙන් 50%ක් සපුරා ගනී.

    අපතේ යන ජලය ප්‍රතිචක්‍රීකරණයෙන් නියගයෙන් පීඩාවට පත් ගොවි ජනතාවට උපකාර කළ හැකි අඩු මිලකට, ක්‍රියාත්මක කිරීමට පහසු විකල්පයක් ද ලබා දිය හැකිය. ගෝලීය ලවණ ඉවත් කිරීම සහ අපජල පවිත්‍රකරණය පිළිබඳ එක් තක්සේරුවක් මඟින් අනාවැකි පළ කළේ මේවායේ ධාරිතාව වැඩි කිරීමෙන් දැඩි ජල හිඟය පවතින ගෝලීය ජනගහනයේ අනුපාතය 40%සිට 14% දක්වා අඩු කළ හැකි බවයි.

    ජාත්‍යන්තර තලයේ දී, ගංගා නිම්නවල ඉහළ සිටින රටවල් විසින් සිදු කෙරෙන පුළුල් වේලි තවදුරටත් ජල සැපයුමෙන් වැඩි කොටසක් සඳහා ගංගා මත යැපෙන අය සමඟ ආරවුල් ඇතිවීමේ අවදානම වැඩි කිරීමට ඉඩ ඇත. නමුත් නෙදර්ලන්තයේ අයිඑච්ඊ ඩෙල්ෆ්ට් හි ජල නීතිය හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ මහාචාර්ය සුසෑන් ෂ්මියර් පවසන්නේ මෙම ගැටුම හඳුනා ගැනීම පහසු වන අතර එය ගැටුමකට පැමිණීමට ඇති ඉඩකඩ අඩු බවයි.

    “ප්‍රාදේශීය ගැටුම් පාලනය කිරීම වඩාත් අසීරු වන අතර වේගයෙන් උත්සන්න වීමට නැඹුරු වේ. නමුත් රාජ්‍යයන් අතර සබඳතා බොහෝ විට ජල ආශ්‍රිත ගැටුම් උත්සන්න වීම සීමා කරයි” යනුවෙන් ඇය පවසයි.

    ඊජිප්තුව, සුඩානය සහ ඉතියෝපියාව නිල් නයිල් නිදියේ ජලය මත රඳා පවතින අතර ඉහළ ඉතියෝපියානු පුනරුද වේල්ල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දිගු කාලීන දේශපාලන අර්බුද නිර්මාණය කරගෙන ඇත

    ලොව පුරා ආතතීන් ඉහළ මට්ටමක පවතින උදාහරණ ඕනෑ තරම් තිබේ.

    • කසකස්තානය, උස්බෙකිස්තානය, තුර්ක්මෙනිස්තානය, ටජිකිස්තානය සහ කිර්ගිස්තානය යන අරල් මුහුදේ ගැටුම;
    • ලෙවන්ටයින් ජනපද අතර ජෝර්දාන් ගඟේ ගැටුම;
    • චීනය සහ අග්නිදිග ආසියාවේ අසල්වැසියන් අතර මෙකොං ගඟේ ආරවුල.

    නමුත් මේ කිසිවෙකු තවමත් ගැටුමකට තල්ලු වී නැත. නමුත් ෂ්මියර් ද පෙන්නුම් කළ හැකි ලකුණු පෙන්නුම් කරන එක් ආරවුලක් කෙරෙහි යොමු කරයි.

    ඊජිප්තුව, සුඩානය සහ ඉතියෝපියාව යන රටවල් නිල් නයිල් නදියේ ගලා ඒම මත රඳා පවතින අතර උස් මහා මහා ඉතියෝපියානු පුනරුද වේල්ල Great Ethiopian Renaissance Dam project ව්‍යාපෘතිය හරහා දිගු කාලයක් දේශපාලන අර්බුද නිර්මාණය කර ගත්හ.

    මෙම තර්ජන නොසලකා ඉදිරියට යාමට ඉතියෝපියානු රජය තීරණය කළ බව නිවේදනය කළ විට ඊජිප්තුව සහ සුඩානය ඒකාබද්ධ යුද අභ්‍යාසයක් මේ වසරේ මැයි මාසයේදී පැවැත්වූ අතර එය “නයිල් ගඟේ ආරක්ෂකයින් Guardians of the Nile ලෙස හැඳින්විණි.

    අද පවතින දේශපාලන වාතාවරණය තුළ ජල යුද්ධයකට ඇද වැටීමේ ඉහළම අවදානම Great Ethiopian Renaissance Dam project විය හැකි නමුත් ලොව පුරා තවත් උණුසුම් ස්ථාන කිහිපයක් තිබේ. උදාහරණයක් වශයෙන් පකිස්ථානු නිලධාරින් මීට පෙර ඉන්දියාවේ ඉහළ පෙළේ භාවිත උපායමාර්ගය “පස්වන පරම්පරාවේ යුද්ධය” ලෙස හැඳින්වූ අතර උස්බෙක් ජනාධිපති ඉස්ලාම් කරිමොව් අනතුරු ඇඟවූයේ ජලය පිළිබද කලාපීය ආරවුල් යුද්ධයකට තුඩුදිය හැක බවයි.

    “මම නිශ්චිත රටවල් නම් නොකරමි, නමුත් මේ සියල්ල බරපතල ගැටුම් පමණක් නොව යුද්ධයක් දක්වා පිරිහීමට ඉඩ ඇත,” ඔහු පැවසීය.

    නිල් ගඟේ පිහිටි ඉතියෝපියාවේ මහා පුනරුද වේල්ල ඊජිප්තුව සහ පහළ ගඟේ යැපෙන සුඩානය සමඟ ආතතීන් ඉහළ යාමට හේතු වී ඇත (ගෞරවය: එඩ්වාඩෝ සොටෙරාස්/ඒඑෆ්පී/ගෙටි රූප)

    නිල් ගඟේ පිහිටි ඉතියෝපියාවේ මහා පුනරුද වේල්ල ඊජිප්තුව සහ සුඩානය සමඟ ආතතීන් ඉහළ යාමට හේතු වී ඇත

    ජලය බෙදා ගැනීමේ ගිවිසුම් මෙවැනි ආරවුල් උත්සන්න කිරීමේ පොදු ක්‍රමයකි. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු මෙවැනි ගිවිසුම් 200කට වැඩි ප්‍රමාණයක් අත්සන් තබා ඇත. 1960 දී ඉන්දියාව සහ පකිස්ථානය අතර ‘ඉන්දු ජල ගිවිසුම‘  සහ ඊශ්රායලය සහ ජෝර්දානය අතර ගිවිසුමක් ඔවුන්ගේ සාම ගිවිසුමට පෙර අත්සන් කරන ලදි.

    දේශසීමා මායිම් සහිත ගංගා සහ විල් පිළිබඳ ගෝලීය ජල සම්මුතියක් හඳුන්වා දීමට එක්සත් ජාතීන් විසින් දශකයකටත් වැඩි කාලයක් ගත කළ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස රටවල් 43ක් එයට එකග වීමට කැමැත්ත පළකර ඇත.

    හාර්තෝග් පවසන්නේ නූතන ගිවිසුම් වලට නියඟය අවම කිරීමේ ප්‍රොටෝකෝලයක් ඇතුළත් විය යුතු අතර අර්බුදයකදී සහ ආරවුල් විසඳා ගැනීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මගින් ගංගා නිම්නයේ පහළ පිහිටි රටවල බියසැක දුරු කිරීමට පියවර ගත හැකි බවයි.

    ඇත්ත වශයෙන්ම, ලෙසෝතෝ, දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ නැමීබියාව විසින් දෙන ලද ආදර්ශය එයින් පිළිබිඹු වන අතර, 2000 දී ඇතිකර ගත් Orange-Senqu River Commission – Orasecom (ඔරසෙකොම්) හරහා එම රටවල් අතර සහයෝගීතාව තීව්‍ර කළේය. එම උදාහරණයෙන්, හවුල් ජල මූලාශ්‍ර ගිවිසුම් ඇති කර ගැනීම සහ සාධාරණව භාවිතා කිරීමේ මූලධර්ම ඇතුළත් කිරීම, තත්ත්වය නරක අතට හැරීම සඳහා ප්‍රමාණවත් බව ඔප්පු විය. කෙසේ වෙතත්, අතිරේක ජලය නිදහස් කිරීම අවශ්‍ය වූ විට, පර්යේෂණයන් නිරන්තරයෙන් යෝජනා කරන්නේ ගං මෝය දිගේ ඉහළට ගලා දෙන කරදිය ඉවත් කිරීම සහ අපජල පවිත්‍රකරණය කිරීම ඉතාමත් කාර්‍යක්‍ෂම ක්‍රම දෙකක් බවයි.

    සමහර විට ඊජිප්තුව මෙම පණිවිඩයට අවනත වන්නට ඇත. ලොව විශාලතම අපජල පවිත්‍රාගාරය සමඟ නව ඩෙසලිනේෂන් කම්හල් 47ක් පමණ විවෘත කිරීම සඳහා එරට රජය පසුගිය වසරේදී ගිවිසුම් ගණනාවක්ම අත්සන් කළේය. ඊජිප්තු බලධාරීන් විසින් බලාගාර ඉදිකිරීම වේගවත් කළද, මෙම ව්‍යාපෘති වලින් වැඩි ප්‍රමාණයක් 2030 වසර වන තුරුත් නිම නොකෙරෙන අතර රටේ ජල තත්ත්වය තවදුරටත් පිරිහෙමින් පවතී.

    හාර්තෝග් විශ්වාස කරන්නේ ඊජිප්තුව, ඉතියෝපියාව සහ සුඩානය ගැටුම් වලින් වැළකී සිටීමට නම් බාහිරින් උපකාර පැතිය යුතු බවයි.

    ඇඩිස් අබාබාහි වැඩි වැඩියෙන් හුදෙකලා වන රජයට එල්ල වන පීඩනය වැඩි වෙමින් පවතින බව පවසන ඇය, “රටවල් තුනටම එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වන අතර එය උත්සන්න වීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් වේගවත් කළ යුතුයි. එක්සත් ජනපදය, රුසියාව සහ චීනය වැනි රටවලට පාර්ශ්වීය බැඳීමක් ඇති කර ගැනීමට ගිවිසුම් ගත රටවලට උපකාර කිරීම සඳහා එක්වීමට හොඳම පිවිසුම මෙය විය හැකිය.” ඇය පවසයි.

    ඔරේන්ජ්-සෙන්ක් ගංගා ද් රෝණිය සඳහා ජලය බෙදා ගැනීමේ ගිවිසුමක් 2000 දී අත්සන් කරන ලද නමුත් එහි අතු ගංගා වල වේලි මතභේදයට තුඩු දී ඇත (ගෞරවය: ජෝන් වෙසල්ස්/ඒඑෆ්පී/ගෙටි රූප)

    ඔරේන්ජ්-සෙන්ක් ගංගා ද්‍රෝණිය සඳහා ජලය බෙදා ගැනීමේ ගිවිසුමක් 2000 දී අත්සන් කරන ලද නමුත් එහි අතු ගංගා වල වේලි මතභේදයට තුඩු දී ඇත

    අභ්‍යන්තර ගැටුම් ගැන කුමක් කිව හැකිද ? ජලය හොඳින් කළමනාකරණය කර ගැනීම සඳහා කුඩා ජාතීන් කිහිපයක් තමන්ගේම මාවත්වල ගමන් කරමින් සිටිති. පේරු රාජ්‍යයට ජලය අලෙවි කිරීමෙන් උපයා ගන්නා තම ලාභයෙන් කොටසක් පර්යේෂණ, හරිත යටිතල පහසුකම්, ජල කළමනාකරණය සඳහා ඒකාබද්ධ කිරීම වෙනුවෙන් නැවත ආයෝජනය කිරීම අවශ්‍ය වේ. වියට්නාමය සිය මෙකොං ඩෙල්ටාවේ කාර්මික දූෂණය මැඩපැවැත්වීමට කටයුතු කරන අතර සාම්ප්‍රදායිකව ඉදිකරන ලද ජල යටිතල පහසුකම් සිය සිය නාගරික හා ග්‍රාමීය පදිංචිකරුවන් අතර වඩාත් සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කරයි.

    දේශගුණික විපර්යාස සහ වැඩෙන ජනගහනය ලොව පුරා නියඟය පිළිබඳ ගැටළුව තව තවත් උග්‍ර කරන හෙයින් ගැටුම් සහ සංක්‍රමණය නැවැත්වීම සඳහා එවැනි විසඳුම් වඩාත් අවශ්‍ය වනු ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී-අලි අල් සද්ර් බස්රා හැර ගොස් වසර දෙකකටත් වැඩි කාලයකට පසු-නගරයේ නිවාස වලින් පිරිසිදු පානීය ජලය ලබා ගත හැකි වූයේ 11% කටත් අඩු පිරිසකට ය.

    2020 අවසානයේදී යුනිසෙෆ් ආයතනය මඟින් ඩොලර් මිලියන 6.4ක ප්‍රතිපදන ලබා දුන් ජලය කළමනාකරණ ව්‍යාපෘති අපේ්ෂිත ඉලක්ක වෙත ළගා නොවීය. තව දුරටත් බස්රාහි ජනතාව ජල හිගයෙන් හා දුෂිත ජලයෙන් නිරන්තර පීඩාවට පත්ව සිටින අතර මහජන කැළඹීම් අඛණ්ඩව සිදුවේ. තත්ත්වය යහපත් වනු ඇති බවට කිසිදු සලකුණක් මේ දක්වා දැකගත නොහැකිය.

    “මම පිරිසිදු ජලය ඉල්ලා විරෝධය දැක්වූ විට, ඒ සියල්ල පිටුපස ඇත්තේ කුමක්දැයි මම දැන සිටියේ නැහැ” අලි පවසයි. “මට බොන්න මොනා හරි ඕන වුණා.”

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා බරපතළ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන

    ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා බරපතළ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන

    මෙරට පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ් බව හෙළි කළේය.

    ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව  පර්යේෂකයන් අනාවරණය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඇතැම් විට කොවිඩ් රෝගය පැතිර යෑම ඉහළ යෑමට එම විකෘති ප්‍රභේද හේතුවක් විය හැකි බවද පැවසු චන්න ජයසුමන මහතා, මීට පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 – 70ත් අතර වේගයකින් පැතිර යන බව ද සඳහන් කළේය.

  • මුදල් කෙටුම්පතේ වගන්ති 13ක් ව්‍යවස්ථාවට පටහැනියි

    මුදල් කෙටුම්පතේ වගන්ති 13ක් ව්‍යවස්ථාවට පටහැනියි

    පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් මුදල් පනත් කෙටුම්පතේ  වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය.

    4(1),5(1),5(2),5(3),5(4),5(5),6(1),7(1),12බී,13(1),14,20 සහ17 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කතානායකවරයා පැවසීය.

    මෙම වගන්තිවලින් 17 වැනි වගන්තිය මුළුමනින්ම ඉවත් කළ යුතු බවටත්  සෙසු වගන්තිවලට  සංශෝධන ගෙන ආ යුතු බවටත් එසේ කටයුතු කළහොත්  මෙම මුදල් පනත් කෙටුම්පත  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන තත්වයට පත්වෙන හෙයින් ඒ අවස්ථාවේදී එය  පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවද  ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දී ඇත.

    මෙම පනත් කෙටුම්පතට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණයට විවිධ පාර්ශව විසින්  පෙත්සම් ගණනාවක් පසුගිය දිනවල ඉදිරිපත් කෙරිණි.