ඉදිරි ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් යම් කිසි මත විමසීමක් කළ යුතු නම් එය කිරීමේ නීතිමය බලතල ඇත්තේ ජනාධිපතිවරයාට පමණයි. එසේ තිබියදීත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට පවත්නා ව්‍යවස්‌ථාව අනුව නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාව ඇති දැයි ඔහුගේ පාර්ශ්වය විසින් ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් කිරීමට උත්සාහ දරන්නේ මහින්ද රාජපක්ෂ මහතා තවමත් රටේ ජනාධිපතිවරයා ලෙස ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් සිතාගෙන සිටීම නිසා විය හැකි යෑයි අධිකරණ ඇමැතිනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (21) ප්‍රකාශ කළාය.
දෙවරක් ජනාධිපති ධුරය දැරූ අයකුට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට තිබූ නීතිමය අවසරය 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් අහෝසි කොට තිබියදීත් හිටපු ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් මත වීමසීමක් කිරීමට මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ශ්වය දරන උත්සාහය පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරිය එලෙස ප්‍රකාශ කළාය.
විශේෂ මහාධිකරණය විවෘත කිරීමේ අවස්‌ථාට එක්‌වූ අවස්‌ථාවේදී මාධ්‍යවේදියකු අධිකරණ අමාත්‍යවරියගෙන් එම ප්‍රශ්නය ඇසුවේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමයි 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස් කළේ එතුමාට තුන්වන වරටත් ජනාධිපති ධුරයක් දැරීමට අවශ්‍ය ලෙස. නමුත් අපේ රජය එම අවස්‌ථාව 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් වෙනස් කළා. නීතිමය තත්ත්වය එහෙම වුණත් මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ශ්වය එවැනි මත විමසීමක් කිරීමට උත්සාහ දරන්නේ ඇයි දැයි කියන එක තමයි තේරුම් ගන්න බැරි. සමහර විට එතුමාගේ අනුගාමිකයන් මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස තවමත් හිතාගෙන ඉන්නවාද දන්නේ නෑනේ.
Tag: breaking post
-

මහින්ද හිතාගෙන ඉන්නෙ එයා තාමත් ජනාධිපති කියලයි
-

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරු ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අභාවප‍්‍රාප්ත වේ
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.
ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ හා දන්දිනා දිසානායක සමරසිංහ මහත්මියගේ සිව්වන දරුවා ලෙස ජන්මලාභය ලැබ කීර්තිමත් වැවිලිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලු ඒ මහතා මිය යන විට 70 වන වියෙහි පසු විය.
අකුරැස්සේ රම්‍යා ගුණසේකර හෙට්ටිආරච්චි මහත්මියගේ ස්වාමියා වූද, චමින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ යන අයගේ සහ නැසිගිය ගාන්ධිණී රාජපක්ෂ හා ජයන්ති රාජපක්ෂ යන අයගේ සොහොයුරා විය.
චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහය තංගල්ල මැදමුලන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.
-

ඇෆ්ගන් ජනාධිපති මන්දිරයට මෝටාර් ප්‍රහාරයක්
මඳ වේලාවකට පෙරාතුව යම් අන්තවාදී ත‍්‍රස්ත සාමාජික කණ්ඩායමක් විසින් ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මැදුර ඉලක්ක කර මෝටාර් ප‍්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඒ ජනාධිපති අෂ්රෆ් ඝානි හෙට දිනට නියමිත ‘ඊද් අල් හදා‘ හෙවත් ‘හජ්ජි උත්සවය‘ වෙනුවෙන් සිය ‘ඊද් පණිවුඩය‘ සජීවීව රූපවාහිනී මාධ්‍ය මඟින් නිකුත් කරමින් සිටිය දී ය.
තවමත් සිදුවූ හානි හා මරණ පිළිබඳ වාර්තාවක් නිකුත් වී නැත. මෙම ප‍්‍රහාරයට වග කිව යුතු පාර්ශවය තලෙයිබාන් ත‍්‍රස්තයින් ද නැද්ද යන්න ද තවමත් සොයා ගෙන නැත. කෙසේවෙතත් මෙම ප‍්‍රහාරය එල්ල වූවා යැයි සැලකෙන කාබුල්හි ඊද් ගා පල්ලියට පිටුපස ගොඩනැඟිල්ලේ සැඟව සිටින ත‍්‍රස්තයින් සමඟ ආරක්ෂක අංශ සටන් වදිමින් සිටියි.
-

හිටපු ජනපති මහින්දටත් මතක නැතිලු
”ද නේෂන්’ පුවත්පතේ හිටපු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර ලෙස වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලබා දුන් ප්‍රකාශයේදී …
සිද්ධිය වූ දින තමන්ට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් තමන්ට මතක නැති බව ඒ මහතා ප්‍රකාශ කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනෙවිය ඊයේ (20) ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත කරුණු ඉදිරිපත් කළාය.
ඉහත සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්‌ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමග අධිකරණයේ පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය මෙම කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර සාක්‍ෂිකරුවන් මෙසේ මතක නෑ යනුවෙන් පැවසීම ඉදිරි විමර්ශනවලට බාධාවක් බවද කියා සිටියාය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අසන ලද සෑම ප්‍රශ්නයකටම පාහේ මතක නෑ යන මතය දරනු ලැබූ බවද රජයේ අධිනීතිඥවරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර සාක්‍ෂිකරුවන්ට මෙලෙස අමතකවීම සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනයක් සිදු කරන ලෙස ද මෙහිදී මහෙස්‌ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
මේ අතර මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් දොම්පේ බදුවත්තේ රඳවා සිටි නිවාසයේ තොරතුරු වර්තමාන ආරක්‍ෂක ලේකම්වරයා ගෙන් ඉල්ලා ඇතත් ඊට පිළිතුරු ලැබී නොමැති බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය.
ඇය සඳහන් කළේ තව දුරටත් ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඊට පිළිතුරු අපේක්‍ෂාවෙන් පසුවන බවයි.
මෙම සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ විශ්‍රාමික මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර මහතා ලබන 27 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණය මෙහිදී නියෝග කළේය.
-

මාතර රත්තරං කොල්ලයේ කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා හඳුනා ගනී
මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාතාල කල්ලි සාමාජිකයකු වූ කොස්ගොඩ තාරක ඇතුළු සාමාජිකයන් තිදෙනා ඊයේ (20) මාතර අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී එම නඩුවේ සාක්කිකරුවන් දෙදෙනකු විසින් හඳුනාගන්නා ලදී.
මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ. විතාරණ මහත්මියගේ නියෝග මත එහි වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ෂර්ලි ජයවීර මහතා ඉදිරියේ පැවැත්විණි.මෙම නඩුවේ සාක්ෂිකාරියක වූ එම ස්වර්ණාභරණ ආයතනයේ සේවිකාවට එම සැකකරුවන් කිසිවකු හඳුනාගැනීමට හැකි නොවීය.
එහෙත් මාතර පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක එච්.ජේ.කේ.එන්.එස්. විජේරාම මහතාට සහ එහි පොලිස් කොස්තාපල් සංජීව මහතාට අදාළ සැකකරුවන් තිදෙනාට හඳුනාගැනීමට හැකියාව ලැබුණි.ඒ අනුව පාතාල නායක කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ. විතාරණ මහත්මිය ඊයේ (20) නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ කොස්ගොඩ නානතොට නෙල්ලිගස් කැලේ පදිංචි ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක සහ ඔහුගේ සොයුරකු වූ ධර්ම කීර්ති මධුක නිර්මාල් පෙරේරා, විජේසේකර නොහොත් කොස්ගොඩ මධුක සහ අනුරාධපුරදුටුවැව හිරන්දෙණිය ගෙදර අතුල කිත්සිරි කුමාර නොහොත් නාරම්මල මලා යන සැකකරුවන් තිදෙනාය.
මීට පෙර මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට අවස්ථා කිහිපයකදීම නියමිත තිබුණද විවිධ හේතුන් නිසා කල් දැමුණද ඊයේ (20) දින පෙරවරුවේ මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්විණි.
රක්ෂිත බන්ධනාගාරගත වූ කොස්ගොඩ තාරකගේ නායකත්වයෙන් වූ මෙම පාතාල කල්ලිය පසුගිය 22 දින මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයකට කඩා වැදී ගිනි අවිපෙන්වා රන් ආභරණ මංකොල්ලකා තිබිණ.එම අවස්ථාවේ එම පාතාල කල්ලිය සමග පොලිස් වෙඩි හුවමාරුවක් සිදුවූ අතර එම කල්ලියේ වෙඩි ප්‍රහාරයකින් පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා මරුමුවට පත්වූ අතර තවත් පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකුද සිවිල් වැසියන් දෙදෙනකුටද බරපතළ තුවාල සිදුවිය.
-

කොළඹ නගරාධිපති නිළ කාමරයේ වසර 50කට අධික කලක් තිස්සේ පැවති ඓතිහාසික බුද්ධ ප්‍රතිමාව රෝසි ආ පසු අතුරුදහන් වෙයි
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල කාමරයේ තිබී ඉවත් කරන ලද ඓතිහාසික ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරුදන්ව ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි.
රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කර ඇතැයි පෙරේදා (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. කොළඹ මහ නගර සභාවේ තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නැවත එම ස්‌ථානයේ තැන්පත් කළ බව රෝසි සේනානායක මහත්මිය තමාට එම අවස්‌ථාවේම දුරකථනයෙන් දැනුම් දුන් බව අගමැතිවරයා එහිදී සිය කතාවේදී කියා සිටියේය.
එහෙත් ඊයේ (20) පෙරවරුව වන විටත් නගරාධිපති නිල කාමරයෙන් ඉවත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ සොයා ගැනීමට නොහැකිව සිටියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණ ඇත. එම අවස්‌ථාවේ නගරාධිපතිනිය කලබල වී ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක නිල කාමරයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නගරාධිපති නිල කාමරයේ තැන්පත් කර ජනාධිපති කාර්යාලය නොමග යෑවූ බව කොළඹ නගර සභා සේවකයෝ පැවසූහ.
රෝසි සේනානායක මහත්මිය විසින් සිය නිල කාමරයේ දැනට තැන්පත් කර තිබෙන සුදු පැහැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සහ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූප බැලුවහොත් එය වටහා ගැනීමට අපහසු නොවන බවද ඔවුහු කියති.
ඓතිහාසික වටිනාකමක් ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ වසර 50 කට අධික කලක සිට නගරාධිපති නිල කාමරයේ තැන්පත් කර තිබී ඇත. එම කාලය තුළ සිරිසේන කුරේ, හුසේන් මොහොමඩ්, රත්නසිරි රාජපක්‍ෂ, කේ. ගනේෂලිංගම්, කරු ජයසූරිය, ඕමාර් කාමිල්, ප්‍රසන්න ගුණවර්ධන, උමේස් ඉමිටියාස්, ඒ. ඡේ. එම්. මුසම්මිල් යන මහත්වරුන් නගරාධිපතිවරුන් ලෙස කටයුතු කළ ද ඒ කිසිවකුත් මෙම ප්‍රතිමා වහන්සේ ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට කටයුතු නොකළ බව සේවකයෝ පවසති.
-

දුම්රිය හරස් මාර්ග සංඥා නොතකන රියදුරන්ට දඩය 25,000යි
දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා නොතකමින් කටයුතු කරන රියැදුරන්ට රුපියල් 25,000ක මුදල් දඩයක් නියම කිරීමට නීති විධි විධාන මේ වන විටත් සකස් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා දින (19) හික්කඩුවේදී පැවැසීය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු මාධ්‍යයට හෙළිකළේ දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා පද්ධති 10ක් දුම්රිය සේවාව සඳහා විවෘත කිරීමෙන් අනතුරුවය. ප්‍රධාන දුම්රිය හරස් මාර්ග ඇති ස්ථානවලට සී.සී.ටී.වී. කැමරා සවිකර මාර්ග නීති කඩන්නන් හඳුනාගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසීය.
මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය මාර්ග විදුලි සංඥා පද්ධති 200ක් ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු වටිනාකම ඇ.ඩො. මිලියන 6.4ක් වන අතර, තනි දුම්රිය මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 175ක් සහ ද්විත්ව මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 25ක් ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත. මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ පෞද්ගලික සමාගමක් වන යුනි කන්සල්ටන්සි සර්විස්ආයතනය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ හරස් මාර්ග 1337ක් පවතින අතර, ඉන් හරස් මාර්ග 526ක් සඳහා නිසි ආරක්ෂාව සපයා ඇති අතර තවමත් අනාරක්ෂිත හෙවත් බම්බු ගේට්ටු මගින් ආරක්ෂාව සපයනු ලබන හරස් මාර්ග සංඛ්‍යාව 626කි. මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමගම එම අනාරක්ෂිත හරස් මාර්ග ගේට්ටු ප්‍රමාණය අවම කිරීමට හැකිවන බව ඇමැතිවරයා පැවැසීය.
-

ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක් නව මැතිවරණ ක්‍රමයට විරෝධය
ඇමැතිවරුන් වන රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක් නව මැතිවරණ ක්‍රමයට විරෝධය පළකර ඇති නිසා ඊට කිසි ලෙසකත් එකඟ නොවන බව අගමැතිවරයා දැනුම් දී තිබේ.
එමෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ද මෙම නව මැතිවරණ ක්‍රමයට අකැමැති බව පක්‍ෂ නායකත්වයට දැනුම් දී ඇත.
පළාත් සභා මැතිවරණය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට ලබන 27 වැනිදා ඒ පිළිබඳ විශේෂ විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කරනු ලැබූහ.
ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, ජාතික හෙළ උරුමයත් නව මැතිවරණ ක්‍රමය අවශ්‍ය බවට දැනටමත් ප්‍රකාශ කර ඇති අතර ඉක්‌මණින් මැතිවරණයක් පැවැත්විය හැකි ක්‍රමයකට සහාය දක්‌වන බවට ඒකාබද්ධ විපක්‍ෂය දැනුම් දී ඇත.
ඇමැතිවරුන් වන රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ කිහිපයක් නව මැතිවරණ ක්‍රමයට විරෝධය පළකර ඇති නිසා ඊට කිසි ලෙසකත් එකඟ නොවන බව අගමැතිවරයා දැනුම් දී තිබේ.
එමෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ද මෙම නව මැතිවරණ ක්‍රමයට අකැමැති බව පක්‍ෂ නායකත්වයට දැනුම් දී ඇත.
පළාත් සභා මැතිවරණය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට ලබන 27 වැනිදා ඒ පිළිබඳ විශේෂ විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කරනු ලැබූහ.
ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, ජාතික හෙළ උරුමයත් නව මැතිවරණ ක්‍රමය අවශ්‍ය බවට දැනටමත් ප්‍රකාශ කර ඇති අතර ඉක්‌මණින් මැතිවරණයක් පැවැත්විය හැකි ක්‍රමයකට සහාය දක්‌වන බවට ඒකාබද්ධ විපක්‍ෂය දැනුම් දී ඇත.
ඒ අනුව ආණ්‌ඩුව Rජු රැකියා අවස්‌ථා හාරලක්‍ෂ තිස්‌දහසක් බිහිකර ඇති අතර විදේශීය රැකියා සහ ස්‌වයං රැකියා ද සමග රැකියා ලක්‍ෂ 7 ක් පමණ බිහිකර ඇතැයි අගමැතිවරයා කියා සිටියේය.
2015 වසරේදී මෙරට රැකියා නියුක්‌තිකයන්ගේ ප්‍රමාණය මිලියන 7.8 ක් වූ අතර එය 2017 අවසන් වන විට මිලියන 8.23 දක්‌වා ඉහළ ගොස් ඇතැයි ද අගමැතිවරයා කීය.
එම ප්‍රමාණයෙන් සෑහීමකට පත් නොවන බවත් ඉහළ ආදායම් ලබන රැකියා මෙරට බිහිකිරීම තම අභිප්‍රාය බවත් පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කඩාවැටී තිබූ ආර්ථිකය නැවත නඟාසිටුවීමට ආණ්‌ඩුව ක්‍රියා කළ නිසා මෙසේ රැකියා ලක්‍ෂ 07 ක් පමණ බිහිකිරීමට හැකි වූ බවද ඉදිරියේදී රටේ ණය අඩුකර ගැනීමට ක්‍රියාකරන බවද වැඩිදුරටත් කියා සිටියේය.
-

1 වැනිදා සිට දුම්රිය ගාස්තු 15%කින් වැඩිවේ
ඔක්තෝබර් 01 වැනිදා සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩිවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික‍්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (19 වැනිදා* පැවසීය.
ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිදුවන පාඩුව වළක්වා ගැනීමට මෙලෙස දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව කී ඒ මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපයේදී ප‍්‍රකාශයට පත්කරන බවද සඳහන් කළේය.
මීට පෙර දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුව ඇත්තේ 2008 වසරේදී බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
-

උසස් පෙළ ඇගයීම් වෙනුවෙන් පාසල් 37ක් වසා තැබේ
අපොස උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 37ක් ලබන 23වනදා සිට සැප්තැම්බර් 05වනදා දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා.අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 03වන පාසල් වාරය වෙනුවෙන් මෙම පාසල් සැප්තැම්බර් 06වනදා විවෘත කරන බවයි. සෙසු පාසල් 03වන වාරය සඳහා විවෘත කරන්නේ සැප්තැම්බර් 03වනදායි. -

ඇමති කිරිඇල්ලගේ අරුම යහපාලනය… අහිංසක ග්‍රාමසේවිකාවක් රස්සාවෙන් දොට්ට දමයි
මහනුවර දිස්ත්‍රික්කයේ, හසලක ග්‍රාම සේවක නිලධාරිනියකගේ රැකියාව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ අණින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ. දියබුබුල වසමේ කොට්ඨාශ අංක 938 හි ග්‍රාම නිලධාරිනිය වශයෙන් කටයුතු කල ප්‍රියංගිකා සජීවනී ජයසිංහ නම් ග්‍රාම සේවා නිලධාරිනියගේ රැකියාව මේසේ අහිමි කොට ඇත.
මේ සබැඳිව සේවයෙන් පහ කිරීමේ ලිපියක් හෝ ඇය හට ලබා දී නොමැති අතර, ආසන්න හේතුවක් වශයෙන් දක්වා ඇත්තේ ඇය සේවය පැහැර හැරීමක් පිලිබඳව හා කාර්යාලයේ නොසිටීමක් පිළිබඳව වුවද ඇය රාජකාරී දිනයන්හි මෙන්ම අමතර දිනවලද සේවය කර ඇති බව වාර්තා වල සඳහන් වේ. එසේම ඇය කිසි දිනක රාජකාරිය පැහැර හැර නොමැති බවද අප කල විමසුමකදී ගම් වැසියන් සඳහන් කලා
ඇය සේවයෙන් පහ කිරීම පිළිබඳව මහියංගන ප්‍රාදේශීය ලේකම් විසින් ඇය හට දැනුම් දී ඇති අතර, ඒ අවස්තාවේදී ඇය විමසා ඇත්තේ හේතුව කුමක්ද කියාය. එවිට ප්‍රාදේශීය ලේකම් පවසා ඇත්තේ එය ඉහලින් පැමිණි නියෝගයක් බවත්, ලිපියක් ඉදිරියේදී එවන බවත්ය. නමුත්, අැයගේ රැකියාව අහිමිකොට මේ වන විට මාස 03 ක් පමණ වන අතර, මේ වන තෙක් ඇයට කිසිඳු ලියවිල්ලක් හෝ යම් සාධාරණයක් ඉටු වී නොමැත.
ගම්වාසීන් පවසන ආකාරයට එයට ආසන්නතම සිදුවීම වනුයේ ඇය හා අමනාපකම් ඇති ඥාතීන් විසින් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල යටතේ සේවයේ නියුතු නිශ්ශංක නැමැත්තෙකු මාර්ගයෙන් මැයගේ රැකියාව අහිමි කොට ඇති බවයි. නිශ්ශංක නැමැත්තා අවස්තා කිහිපයකදී ඇයගේ දුරකථනය අමතා රැකියාව අහිමි කරන බවටද තර්ජනය කොට ඇත. මේ සබැඳිව ප්‍රදේශවාසීන් විසින් පෙත්සමක් ඉදිරිපත් කර ඇය නැවත රැකියාවට අනුයුක්ත කරන ලෙස ඉල්ලා ඇතත්, ඒ සියලු ලිපි ඇයගෙන් සඟවන බව දැනගන්නට ඇත.
යහපාලනය මුවාවෙන් ඇමතිලා සහ හෙංචයියලා විසින් සිදුකරනු ලබන මෙවන් අකටයුතු කම් නැවතිය යුතුව ඇත.
-

එජාපයෙන් ජනාධිපති අපේක්ෂක කම දුන්නොත් අභියෝගය භාරගෙන ජයගන්නවාමයි
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තමන්ට බාර දිමට එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂ නායකත්වයත් තීරණය කළහොත් එම අභියෝගය බාර ගන්නා බවට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවසීය.
එය පක්ෂය විසින් ගත යුතු තීරණයක් බවත් තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා ගත් තමා ඉදිරියටත් රට සහ රටේ ජනතාව වෙනුවෙන් අවංකව කැප වෙන බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
තම පක්ෂය ගන්නා තීරණයකට තමාද එකඟවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
-

බොදුබලේ මහලේකම් ඥානසාර හිමිගේ සැත්කම අද
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සැත්කම අද (20දා) සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ඊයේ (19) පැවැසීය.
වකුගඩු ආශ්‍රිතව හටගත් ගලක් ඉවත් කිරීම සඳහා උන්වහන්සේට සිදු කිරීමට නියමිතව තිබූ ශල්‍යකර්මය හෘද ස්පන්දය නියමිත පරිදි සිදු නොවීම හේතුවෙන් පසුගියදා කල් දැමීමට සිදුවිය.
මේ වනවිට උන්වහන්සේ ශල්‍යකර්මය සඳහා නිර්වින්දනය කිරීමට අවශ්‍ය තත්ත්වයකින් පසුවන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වීම නිසා බරපතළ වැඩ සහිතව වසර 6ක සිරදඬුවමක් නියම වී සිටින ඥානසාර හිමියන් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනට පෙර දිනයේදී රෝහල් ගත විය. නඩු තීන්දුව ලැබුණු දිනයේදී කිරීමට තිබූ මෙම ශල්‍ය කර්මය උන්වහන්සේ හෘද ස්පන්දනයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් දිනෙන් දින කල් තැබිණි.
-

විජයකලාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කල හැකි බවට නීතිපති කථානායකට උපදෙස් දෙයි
එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි අවශ්‍ය බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කළේ යැයි කියන හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියයට අදාළව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පියවර ගත හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව කථානායකවරයාට උපදෙස් දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය කළ බව කියන ප්‍රකාශය සම්බන්ධව පොලිසිය විසින් සිදුකර ඇති විමර්ශනවලට අදාළව ගත යුතු නීතිමය පියවර පිළිබඳ පරීක්‍ෂා කළ බවද නීතිපතිවරයා කථානායකවරයා වෙත දැනුම් දී ඇතැයි හෙතෙම කීවේය.
විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය ලෙස කටයුතු කරමින් යාපනයේ පැවැති ප්‍රසිද්ධ රැස්‌වීමකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැඟිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධව විවිධ පුද්ගලයන් සහ සංවිධාන පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මේ පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ විශේෂ පොලිස් කණ්‌ඩායමේ වාර්තාව පසුගියදා පොලිස්‌පතිවරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව මේ පිළිබඳ පරීක්‍ෂණ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාද ප්‍රමුඛ කණ්‌ඩායමක් පත්කළ අතර පොලිසිය විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්තා මෙම කණ්‌ඩායම විසින් අධ්‍යයනය කර ඇත.
මේ සම්බන්ධව කථානායක කාර්යාලයෙන් අප කළ විමසීමේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේ නීතිපතිවරයා විසින් මෙතෙක් කථානායකවරයා වෙත විජයකලා මන්ත්‍රීවරිය පිළිබඳ වාර්තාවක් එවා නැති බවයි.
පොලිස්‌පතිවරයා විසින් මේ සම්බන්ධ පරීක්‍ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යවා ඇතත් මන්ත්‍රීවරිය කළ ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය වී ඇතිද යන්න සම්බන්ධව නීතිපතිවරයා විසින් කථානායකවරයා වෙත දැනුම් දීමක් කළ විට අවශ්‍ය පියවර ගත හැකි බවද හෙතෙම කීවේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට කෙළින්ම හෝ අන්‍යාකාරයෙන් ආධාර අනුබල දීම අනුග්‍රහය දැක්‌වීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවට සෑම මන්ත්‍රීවරයකුම දිවුරුම් දෙන අතර එය උල්ලංඝණය කළොත් එම මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි වන අතර වසර හතක් නොඉක්‌මවන කාලයක් සඳහා ප්‍රජා අයිතිවාසිකම්ද නොලැබේ.
-

ශ්‍රී ලංකා IMF ගිවිසුම අවසන්.. යළි දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම මේ වසරේදී අවසන් වීමට නියමිත අතර එය යළි දීර්ඝ නොකිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු අංශ කිහිපයක් ඔස්සේ ජනතාවට සහන ලබාදීමට ද රජය තීරණය කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අත්සන් කර තිබෙන ගිවිසුම අනුව ජනතාවට සහන දීමේ සීමා පැනවී ඇති අතර වියදම් සීමා කොන්දේසිද දැනුම් දී තිබුණි. පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේ 2013 වර්ෂයේදී මෙම ගිවිසුම අත්සන් කර තිබූ අතර එය මෙම වසරේදී අවසන් වීමට නියමිතය.
ගිවිසුම් කාලය අවසන් වූ පසු දෙන සහන පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත
-

පාකිස්ථාන් නව අගමැති ලෙස ඉම්රාන් ඛාන් දිව්රුම් දෙයි
පාකිස්තානයේ නව අගමැතිවරයා වශයෙන් එරට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද (18) පෙරවරුවේ ඉස්ලාමාබාද් නුවරදී දිවුරුම් දුන්නේය.
දකුණු ආසියාවේ රටවල් අතුරින් න්‍යෂ්ඨික අවි වලින් බලසම්පන්න රටක් වන පාකිස්තානය මේ වන විට දිනෙන් දින පිරිහෙන අර්ථිකයකට මුහුණ දෙමින් මහත් වියවුල් සහගත තත්ත්වයකට පත්ව සිටින රටක් වශයෙන් අන්තර්ජාතික විචාරකයන්ගේ වර්ගීකරණයට පාත්‍රවී තිබේ.
එවන් රටක අභිමානය ගොඩනැංවීම ඉම්රාන් ඛාන්ගේ අභියෝගය වී තිබේ.
උග්‍ර ජාතිකවාදියකු වශයෙන් හැඳින්වෙන ඉම්රාන් ඛාන්, පසුගිය මාසයේදී පැවැති මැතිවරණයෙන් පහසු ජයක් ලබාගත්තේය. මිලියන 208 ක ජනගහනයකින් යුත් පාකිස්තානයේ නව නායකයා වශයෙන් අබිසෙස් ලබද්දී ඉම්රාන් ඛාන් ඇඳ සිටියේ සිය වීරයා වූත් පාකිස්තානය ස්ථාපිත කිරීමේ පුරෝගමියා වූත් මොහොමඞ් අලි ජින්නා නිතරම ඇඳි කළු පැහැති ෂර්වානියයි.
“මම සත්‍ය වශයෙන්ම පාකිස්තානය වෙනුවෙන් බැඳී සිටිමි” යයිද පාකිස්තානු ව්‍යවස්ථාව ආරක්‍ෂා කරමින් ඊට ගෞරව කරන බවද දිවුරුම් දීමේ ප්‍රකාශය කියවමින් ඉම්රාන් ඛාන් කියා සිටියේය. ඉම්රාන් ඛාන් දිවුරුම් දෙන අවස්ථාවේදී පාකිස්තානු ජනාධිපති මමූන් හුසේන් මහතා ඔහු අසළින් සිටියේය. පසුව පාකිස්තානු අගමැතිවරයාගේ නිල නිවසේ තණපිටියේදී ඔහුට හමුදා උත්තමාචාර පිරිනැමිණ.
ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීමේ උත්සවයට ඉන්දීය පිලේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම මේ වන විට ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කැබිනට් ඇමතිවරයකුද වන වන නව්ජෝත් සිං සිද්ධුද සහභාගි වී සිටියේය. සිද්ධු මහතා ඉස්ලාමාබාද් නුවරට ගියේ උතුරු පන්ජාබයෙන් ඉන්දු – පාකිස්තානු දේශ සීමාව හරහා යාමෙනි.
වසර 71 ක ඉතිහාසයක් ඇති පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීම සැලකෙන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදීව තවත් අගමැතිවරයකුට බලය හිමිවූ දෙවැනි අවස්ථාව වශයෙනි. බොහෝ අවස්ථාවලදී සිදුවූයේ හමුදා කුමන්ත්‍රණ වලින් බලය ලබාගැනීමයි. යම් හෙයකින් ඉදිරි වසර පහක කාලය පුරා සිය බලය රැකගැනීමට ඉම්රන් ඛාන්ට හැකිවුවහොත් සිය ධූර කාලය නියමාකාරයෙන් සම්පූර්ණ කරන පළමුවැනි පාකිස්තානු නායකයා වශයෙන් ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක්වනු ඇත.