Tag: breaking post

  • පළාත් සභා පරණ මනාප ක්‍රමයටමයි

    පළාත් සභා පරණ මනාප ක්‍රමයටමයි

    ලබන වර්ෂය අවසන් වෙද්දී පැවැත්වීමට නියමිත පළාත් සභා සියල්ලෙහි මැතිවරණය පැරණි මනාප ක්‍රමය යටතේ පවත්වන ලෙස ලබන 24 දා පැවැත්වෙන සීමානිර්ණ වාර්තාව පිළිබඳ විවාදයේදී පක්ෂ ගණනාවක් ඉල්ලා සිටීමට තීරණය කර ඇත.
    2019 දෙසැම්බර් 31 දා ට පෙර පැවැත්වීමට නියමිත සියලු පළාත් සභා මැතිවරණ පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව පක්ෂ නායකයන් බොහෝමයක ගේ අදහස බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අප කළ විමසිමක දී සඳහන් කළේය.

    පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්වීම සඳහා ලබන 24 දා පැවැත්වෙන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව තුනෙන් දෙකකින් සම්මත කර ගත යුතුය. එම නිසා පැරණි පනතට සංශෝධනයක් ගෙනවිත් මෙම මැතිවරණ පමණක් පැරණි මනාප ක්‍රමයට පවත්වා ඉන් පසු පැවැත්වෙන මැතිවරණ නව ක්‍රමයකට පැවැත්වීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවට මෙහිදී 16 කණ්ඩායම යෝජනා කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    පළාත් සභා මැතිවරණ (සංශෝධන) නව පනත අනුව සීමා නිර්ණ කොමිෂන් සභා වර්තාවද තුනෙන් දෙකක වැඩි ඡන්ද සංඛ්‍යවකින් සම්මත විය යුතු බවට වගන්තියක් පවතියි. එම නිසා පැරණි ක්‍රමයට මෙම ඡන්දය පවත්වා ඉදිරියේදී නව ක්‍රමයට මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ද ඒ මහතා කීවේය.

    ලබන 24 දා සීමානිර්ණ වාර්තාව පිළිබඳ විවාදය තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට සිදුවන අතර එහිදී සුළු සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීම තුළ පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය හැකිවේ. ඒ අනුව පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට බොහෝ ඉඩ කඩ ඇති බවත් එය ජනවාරි මාසයේදී පළමු සතියේදී පැවැත්වෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභාවන්හි නිල කාලය ඉකුත් වසරේ අවසන් වූ අතර වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභාවන් හි නිල කාලය ලබන මාසයේ දී අවසන් වේ. දකුණු පළාත් සභාවේ නිල කාලයද ලබන වසරේ මුල අවසන් වීමට නියමිතය. ජනවාරි මාසයේදී මැතිවරණය පැවැත්වුවහොත් 2018 ඡන්ද හිමි නාම‍ලේඛනය යටතේ මැතිවරණය පැවැත් වෙනු ඇත.

  • බස් සේවය හැමදාමත් අකුරට වැඩ කරනවානම් හොඳයි

    බස් සේවය හැමදාමත් අකුරට වැඩ කරනවානම් හොඳයි

    දින දෙකක් කෙරුණු වැඩවර්ජනය අවසන් කර පෞද්ගලික බස්රථවල සේවකයන් ඊයේ (17) මධ්‍යම රාති‍්‍රයේ සිට අකුරට වැඩ කිරීමට පටන්ගත් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසයි. එහෙත් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් මාර්ගයේ හදුනාගත නොහැකි බවයි ක්‍ෂේත‍්‍ර චාරිකාවන්හි යෙදුණු  වාර්තාකරුවන් පැවසන අතර බස්රථවල සේවකයන් අකුරට වැඩකිරීම යනු කුමක් දැයි මගීන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ඇත.
    ඒ අනුව මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය සිදුවන්නේ කෙසේ දැයි  සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමයෙන්ද විමසා සිටි අතර එහි ප‍්‍රධාන සංවිධායක යූ කේ කුමාරරත්න රේණුක පැවසුවේ බස්රථවල සේවකයන්ට පවා ඒ පිළිබද පැහැදිලි වැටහීමක් නොමැති බවයි.
    මෙහිදී ප‍්‍රකාශ කෙරුණු සියළු කරුණු වෙනත් පාර්ශවයක් විසින් ඉටුකළ යුතු ඒවායි. එහෙත් අකුරට වැඩ කිරීමකදී එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට එළඹෙන අය විසින් ඉටුකරන දේ ද තිබෙනවා. බස් රථ සේවකයන් එලෙස කරන්නේ මොනවා දැයි  මෙහිදි වැඩිදුරටත් ප‍්‍රශ්න කල අතර ඊට පිළිතුරු දෙමින් යූ කේ කුමාරරත්න රේණුක පැවසුවේ ලොග් පත‍්‍රවල සටහන් තැබීම සහ නිල ඇදුමක් ලබාදී ඇත්නම් එය අනිවාර්යයෙන් ඇද සිටීම වැනි කරුණු බස් රථ සේවකයන් විසින් සිදුකරන බවයි. 
    කෙසේවෙතත් රටපුරා බස් ධාවනය මේ දක්වා සාමාන්‍ය පරිදි සිදුවන බව  නිරීක්‍ෂණය විය.
    ඒ අනුව සලකා බලන වාට මෙසේ බස් රථ අකුරට වැඩ කිරීම හෙඳ වඩක් ලෙස සැල කිය හැක.
  • හිටපු ඉන්දීය අගමැති වජ්පායී මහතාගේ අවසන් කටයුතු අද

    හිටපු ඉන්දීය අගමැති වජ්පායී මහතාගේ අවසන් කටයුතු අද

    ජුනි 11 වන දා සිට දිල්ලියේ AIMS රෝහලේ වෛද්‍ය ප‍්‍රතිකාර ගනිමින් සිටි අතල් බිහාරී වජ්පායි මහතා ඊයේ (16) සවස 5 ට පමණ හටගත් වකුගඩු හා හෘදය අකර්මන්‍ය වීමෙන් මිය ගොස් ඇත.

    අද දින පැවැත්වීමට නියමිත ‘අවමංගල්‍ය උපහාර’ එතුමන්ගේ රාජකාරී ස්ථානය වූ ක‍්‍රිෂ්ණ මෙනන් හි සහ භාරතීය ජනතා පක්ෂ මූලස්ථානයේත් දැක්වීමට නියමිත ය. ඉන් අනතුරුව  සවස 1 ට පක්ෂ මූලස්ථානයෙන් පිටත් වන අවමංගල්‍ය රථ පෙරහැර අවසන් වත් පිළිවෙත් රාෂ්ටී‍්‍රය ස්මෘති ස්ථාල් හි කටයුතු සම්පාදනය කර ඇත.

    මේ වන විටත් මුළු ඉන්දියාවේ ම සතියක ශෝක කාලයක් ප‍්‍රකාශ කර ඇත. බොහෝ ජන නායකයින් සිය ශෝකය ප්‍රකාශ කර ඇත.

    නිදහස් ඉන්දියාවේ තෙවරක්  අගමැති ධූරය හෙබවූ ඒ මහතා භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට සහය දැක්වූ  පුරෝගාමියෙකු ද වෙයි. මෙතුමාගේ පාලන සමය තුළ ප‍්‍රථම වරට ඉන්දියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලීය. දක්ෂ කථිකයෙකු මෙන් ම කාව්‍ය රචකයෙකු වූ මෙතුමා මිය යන විට 93 වැනි වියේ පසු විය.

  • මොන වර්ජන කළත් දඩ අඩු කරන්නේ නෑ

    මොන වර්ජන කළත් දඩ අඩු කරන්නේ නෑ

    රථවාහන සඳහා වැඩි කළ දඩ ගාස්තු ඉවත් කිරීමට හෝ අඩු කිරීමට කිසිසේත්ම නොහැකි බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍යාංශයේ ඊයේ (16 ) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
     
     එම දඩ ගාස්‌තු වැඩි කිරීමේ යෝජනාව පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් බවත් ඒ පිළිබඳව විවිධ සාකච්ඡා පවත්වා කැබිනට්‌ සහ පාර්ලිමේන්තු අනුමැතියද ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 15දා සිට රටේ නීතියක්‌ බවට පත්ව ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය. 
     
     රථවාහන වැරදි සඳහා දඩ ගාස්‌තු වැඩි කළේ 2005 වසරින් පසුව බවත් විවිධ අවශ්‍යතා හා නව ප්‍රවණතා සලකා මෙලෙස දඩ ගාස්‌තු ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් ඇමැතිවරයා කීය. එබැවින් වසර 13 කට පසුව සිදු කළ දඩ ගාස්‌තු සංශෝධනය හකුළා ගන්නා ලෙස බල කරමින් විරෝධතා දැක්‌වීමෙන් කිසිම ප්‍රයෝජනයක්‌ නොලැබෙන බවද ඊයේ පෞද්ගලික බස්‌ සේවක සංගම් සිදු කළ වැඩ වර්ජනය අසාර්ථක බවද හෙතෙම සඳහන් කළේය.
     
     වර්ජකයන්ගේ මෙම ඉල්ලීම වංචා, දූෂණ සිදු කොට ඒවාට දඬුවම් නොකරන ලෙස ඉල්ලා සිටීම වැනි දෙයක්‌ බවත් රටේ නීතියක්‌ බවට පත්ව ඇති නව දඩ ගාස්‌තු වර්ජනයකින් ඉවත් කර ගැනීම දැන් කළ නොහැකි බවත් ඇමැතිවරයා පැවසීය.
     
     එබැවින් මෙම බස්‌ වර්ජනයට ආණ්‌ඩුව නොබියව මුහුණ දෙන බවත් ලංගම බස්‌ රථ වැඩිපුර යොදවා මගී අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කර ඇති බවත් පැවසූ ඇමැතිවරයා අවශ්‍ය වුවහොත් හමුදාවට අයත් බස්‌ රථ යොදවා ප්‍රවාහන පහසුකම් අඛණ්‌ඩව සපයන බවත් කීය.
     
     වර්ජකයන් ලංගම බස්‌ රථවලට හෝ වෙනත් ප්‍රවාහන සේවාවන්ට අලාභ හානි සිදු කරමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරුණහොත් ඊට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්‌පති දැනුවත් කර ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

  • විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහලට

    විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහලට

    විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහල දැමීමට පියවර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉකුත් දා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
    නිවාඩු කාලවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගැනීමට සූදානම් වන බව දක්වමින් සමාජ ජාල මාධ්‍යවල සහ වෙබ් අඩවි කිහිපයක පල වී තිබූ අසත්‍ය පුවත පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටි අතර දරුවන් වෙනුවෙන් දහසක් කැපකිරීම් සිදුකරන ගුරුවරුන්ගේ පහසුකම් හා වරප්‍රසාද ඉහළ නැංවීමට මිස පහළ දැමීමට  කිසිවටකත් තමන් කටයුතු නොකරන බව  අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.වත්මන් රජය විසින් ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින්ගේ වැටුප රු.10,000 කින් ඉහල දැමීමට පියවර ගත් බවත්  විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන දීමනාව රු.750 සිට 6,500 දක්වා ඉහල නැංවීමට පියවර ගත් බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන ලදී.
    එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත ව්‍යාපෘතින් මෙන්ම ඒ හරහා අත්වන ප්‍රගතිය පිළිබඳ ද්වේශ සහගතව දකින කණ්ඩායම් පටු මඩ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් තමා සහ අමාත්‍යාංශය අපහසුතාවට පත්කිරීම සඳහා මෙවැනි දේවල් සිදුකරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
  • ලංකාවට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 39ක යුද ආධාර

    ලංකාවට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 39ක යුද ආධාර

    ශ්‍රී ලංකාව සඳහා විදේශ හමුදා මූල්‍ය වැඩසටහන යටතේ ඩොලර් මිලියන 39ක ආධාර ප්‍රදානය කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    ඇමරිකානු කොංග්‍රසයේ අනුමැතියට යටත් වූ එම මූල්‍යාධාරය පරිහරණය කළ යුතු ආකාරය පිළිබදව ලක් රජය සමඟ සාකච්ඡා කරන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. 

    බෙංගාල බොක්කේ ආරක්ෂක ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවේ මානුෂීය හා ආපදා ප්‍රතිචාර වැඩසටහන සඳහා අදාළ මූල්‍යාධාරය යොදා ගනු ඇති බව ඇමරිකාවේ අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.

  • රොෂානා ඔන්ඩච්චිට ලක්ෂ 10ක කාර් පොල්ලක් තැබූ චිත්‍රපටි අධ්‍යක්ෂකට වැඩ වරදී

    රොෂානා ඔන්ඩච්චිට ලක්ෂ 10ක කාර් පොල්ලක් තැබූ චිත්‍රපටි අධ්‍යක්ෂකට වැඩ වරදී

    සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයන කර දෙන බව පවසා රංගන ශිල්පිනි රොෂානා ඔන්ඩච්චි ගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළ බව කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු අද (13) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් වාර්ථා වේ.

    රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළැයි චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට විරුද්ධව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට 2017.10.28 වැනි දා කරන ලද පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවු බව පවසමින් රොෂානා විසින් බස්නාහිර පළාත දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිලි කල අතර ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලද නියෝග අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් සිදු කළ පරික්ෂණ වලින් පසුව සැකකාර චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා කොහුවල ඔහුගේ කාර්යාලයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

  • ගෝඨාභය මගෙ නෑයෙක් තමයි ඒත් බැසිල් තමයි හැබෑ දක්ෂයා

    ගෝඨාභය මගෙ නෑයෙක් තමයි ඒත් බැසිල් තමයි හැබෑ දක්ෂයා

    බැසිල් රාජපක්ෂ මහතා ඉතා දක්ෂයෙක් බවත් ඔහු නිසා අද තමන් ඇතුළු මන්ත්‍රීවරුනට අද කොන්ද කෙළින් තියාගෙන සිටිය හැකි තත්වයක් ඇතිව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    තමන්ගේ මතය නම් බැසිල් රාජපක්ෂ මහතා ඉතා මහන්සි වී පක්ෂයක් ගොඩ නගා මේ අද තිබෙන ජයග්‍රහණය ලබාගත් බව යැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ඥාතියෙක් වන බවත් ඔහු සමග කිසිදු අමනාපයක් අකමැත්තක් නැති බවත් ඔහු සඳහන් කළේය.

     

  • ඥාණසාර හිමියන් අද ශල්‍යකර්මයට

    ඥාණසාර හිමියන් අද ශල්‍යකර්මයට

    සිර දඩුවම් නියමවී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිර්දේශ කර තිබෙන ශල්‍යකර්මය අද සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 6 ක සිර දඩුවම් නියමවූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබයි.

  • ‘ආවා’ ඇතුළු මී හරක් කල්ලි මැඩලීමට විශේෂ හදිසි ඇමතුම් අංකයක්

    ‘ආවා’ ඇතුළු මී හරක් කල්ලි මැඩලීමට විශේෂ හදිසි ඇමතුම් අංකයක්

    යාපනයේ විවිධ නම් වලින් පෙනී සිටිමින් නීතිය හා සාමය බිඳ දැමීමට කටයුතු කරන කඩුවලින් සන්නද්ධ කල්ලිවල සාමාජිකයෝ අත්අඩංගුවට ගැනීම සඳහා යාපනයේ ජනතාවට පොලීසියට සහය වීම සඳහා විශේෂ වූ හදීසි ඇමතුම් අංකයක් ලබා දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ දිනවල යාපනය පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

    එම දුරකතන අංකය 076-6093030 වන අතර මේ දිනවල යාපනයේ වීදිවල ඇවිදින උසස් පොලිස් නිලධාරීන් මේ දුරකතන අංකය සහිතව විස්තර ඇතුළත් පත්‍රිකාවක් ජනතාවට බෙදමින් ඔවුන්ගේ සහයෝගය තව දුරටත් ඉල්ලා සිටියි.

    යාපනයේ ක්‍රියාත්මක කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා මහජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබෙන බව පවසන පොලීසිය මහජනතාව විසින් ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම පිණිසත් එම තොරතුරු ඉතා කඩිනමින් ලබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

    ඒ වෙනුවෙන් යාපනයේ උසස්ම පොලිස් නිලධාරියාගේ සිට පහත්ම නිලධාරියා දක්වා වූ පිරිස මේ දිනවල යාපනයේ පාරට බැස තිබේ.

    දැඩි ආරක්ෂක පියවරක් යාපනයේ අනුගමනය කර ඇති අතර පොලීසියේ වාහන නිරන්තරයෙන්ම යාපනය පුරා සෝදිසි මෙහෙයුම්වල නිරත කර තිබේ.

    උසස්ම පොලිස් නිලධාරීන් යාපනයේ වීදිවල ඇවිදිමින් ජනතාව දැනුවත් කරමින් කියා සිටින්නේ කල්ලිවලට හෝ ඔවුන්ගේ සාමාජිකයින්ට කිසි විටකත් උදව් නොකරන ලෙසත් ඔවුන් තර්ජනය කරමින් කප්පම් ඉල්ලා සිටින විට ඒ පිළිබදව පොලීසිය දැනුවත් කරන මෙන් යාපනයේ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා ඇත.

    එම නිලධාරීන් මහජනතාවගෙන් එම ඉල්ලීම කරනු ලබන්නේ ඔවුන් ළගටම ගොස් බැවින් යාපනයේ ජනතාවට පොලීසිය කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇත.

    යාපනයේ උසස් පොලිස් නිලධාරීන් සියළුම දෙනා කියා සිටින්නේ මේ වනවිට යාපනයේ කල්ලිකරුවන් විසින් ඇති කර තිබූ භීෂණකාරී තත්ත්වය මේ වන විට වැඩි ප්‍රමාණයකින් සමතයකට පත්කර ඇති බවයි.

  • වැලිකඩ කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලය මත විරෝධතාවයක

    වැලිකඩ කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලය මත විරෝධතාවයක

    වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් අද (13) උදෑසන සිට වහලය මත නැගී විරෝධතාවක නිරතව සිටිති.

    මෙම පිරිස 15ක් පමණවෙතැයි පැවසෙන අතර ඔවුන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි.

  • ඒකාබද්දෙ ස්වාධීන වුනත් විපක්ෂනායක් කමදෙන්නෙ නෑ … දුමින්ද අමරවීර එක්මතිකව තීරණය කරයි

    ඒකාබද්දෙ ස්වාධීන වුනත් විපක්ෂනායක් කමදෙන්නෙ නෑ … දුමින්ද අමරවීර එක්මතිකව තීරණය කරයි

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවද ඔවුනට විපක්ෂ නායක ධූරය ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී ඒකාබද්ද විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ හැකියාවක් නැති බවයි.

    ඔවුන් විසින් කළයුතුව ඇත්තේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම දේශපාලන පක්ෂයකින් තරඟ කර පාර්ලිමේන්තුව විසින් එහිදී විපක්ෂනායක ධුරය හෝ වෙනත් තනතුරු ඉල්ලා සිටීම බවද ජාතික සංවිධායක වරයා පෙන්වා දෙයි.

    2015 වසරේ දී නිමල් සිරිපාල ද සිල්වා මහතාට විපක්ෂ නායක ධුරය ලබා දීම වැරදි බවත් ඉතිහාසයේ සිදු කළ වරදවල් පූර්වාදර්ශ ලෙස ඉදිරියට ද කළ යුතු නැති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

    ඔහු මෙම අදහස් පල කලේ මල්වතු අස්ගිරි මහනාහිමිවරු හමුවීම සඳහා එහි පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.

    සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතාද ජනහමුවක් අමතමින් කියා සිටියේ මේ ආකාරයේම අදහසකි.

  • දින පහට දුම්රියට කෝටි 10ක පාඩුවක්‌

    දින පහට දුම්රියට කෝටි 10ක පාඩුවක්‌

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ කළමනාකරණ වෘත්තීය සමිති සන්ධානය පවසයි. 
     
     දැනට අත්හිටුවා තිබෙන අමාත්‍ය මණ්‌ඩල තීරණය වහාම ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයා අදාළ අංශවලට නියෝග කිරීමෙන් පසුව මේ තීරණයට එළැඹි බව එන්ජින් රියෑදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවැසීය.
     
     දුම්රිය වැඩවර්ජනය අවසන් කිරීමට ජනාධිපතිවරයා විසින් ඊයේ සාකච්ඡාවක්‌ ලබාදීමට එකඟවීම නිසා දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ අලුයම වෑන් රථ දෙකකින් පොළොන්නරුවේ ජනපති නිවසට ගොස්‌ පැය එකහමාරක පමණ කාලයක්‌ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇත.
     
     එහිදී ජනාධිපතිවරයා දුම්රිය බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට වෘත්තීය සමිතිවලට වේලාවක්‌ වෙන්කර දීමට උත්සාහ කළද ජනාධිපතිවරයාගෙන්ම විසඳුමක්‌ ලැබීම නිසා දුම්රිය බලධාරීන් සමඟ සාකච්ඡාවක්‌ නොපැවැත්වූ බවද ඒ මහතා කීය. ජනාධිපතිවරයා සහ දුම්රිය වෘත්තීය සමිති අතර සාකච්ඡාව සම්බන්ධීකරණය කර ඇත්තේ මාධ්‍යවේදියකු විසිනි.
     
     මේ සාකච්ඡාව සඳහා දුම්රිය අධීක්‍ෂණ කළමනාකරණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න, දුම්රිය එන්ජින් රියෑදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ, දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් ජී. එම්. ජී. පීරිස්‌ යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක්‌ සහභාගි වූහ.
     
     වැඩවර්ජනය අවසන් වීමත් සමඟ තැපැල් දුම්රිය ධාවනය ඊයේ රාත්‍රි සිට ආරම්භ කිරීමට පියවර ගත් බවත් සෙසු දුම්රිය ධාවනය අද (13) පෙරවරුවේ සිට සාමාන්‍ය පරිදි සිදුකරන බවත් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කළහ. 
     
     මේ අතර දුම්රිය සේවකයන් දින පහක කාලයක්‌ සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 100 කට (කෝටි 10 කට) අධික පාඩුවක්‌ සිදුවී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ඊයේ (12) පැවැසීය.
     
     මීට අමතරව කුපිත වූ දුම්රිය මගීන් කොටුව දුම්රිය ස්‌ථානයට පහරදීමෙන් රුපියල් ලක්‍ෂ ගණනක හානියක්‌ සිදුවී ඇතැයි ද හෙතෙම කීය.
     
     දුම්රිය රියෑදුරන්, ස්‌ථානාධිපතිවරුන්, හා පාලකවරුන් ඇතුළු දුම්රිය ක්‍ෂේත්‍ර කීපයක වෘත්තිය සමිති පූර්ව දැනුම් දීමකින් තොරව ඉකුත් 8 දා සිට මෙම අඛණ්‌ඩ වැඩ වර්ජනය ආරම්භ කර තිබිණි.
     
     මගී සහ භාණ්‌ඩ ප්‍රවාහනව මෙන්ම ගමන් සේවා කීපයකින් ලැබෙන මුදල් පවා මෙම වර්ජනය හේතුවෙන් අහිමි වූ බව හෙතෙම කීය.
     
     සාමාන්‍යයෙන් දිනකට දුම්රිය ගමන් වාර 300 කට ආසන්න ප්‍රමාණයක්‌ සිදුවන බවත්, එමගින් ලක්‍ෂ 5 කට අධික මගීන් පිරිසක්‌ දිනපතා දුම්රියේ ගමන් පහසුව සලසාගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

  • අපි එදා කිව්වේ මෙම ඇතිව ඇති තත්ත්වයන්ට නපුංසක ආණ්ඩුවේ නිලධාරීන් වගකියන්න ඕනෑ කියන එක විතරයි…. සිරගත වූ ඥානසාර හිමි මුල්ම වරට කියූ කතාව!

    අපි එදා කිව්වේ මෙම ඇතිව ඇති තත්ත්වයන්ට නපුංසක ආණ්ඩුවේ නිලධාරීන් වගකියන්න ඕනෑ කියන එක විතරයි…. සිරගත වූ ඥානසාර හිමි මුල්ම වරට කියූ කතාව!

    පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් වසර අටක සිර දඬුවම පිළිබදව කතාබහට ලක්ව තිබේ. සිර දඬුවම පිළිබද ඥානසාර හිමියන් සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් තොරතුරු හෙළිකර තිබුනි,

    එම සංවාදය පහතින්,

    ප‍්‍රශ්නය – අවසරයි අපේ හාමුදුරුවනේ. මෙම නඩු තීන්දුව ගැන ඔබ වහන්සේගේ අදහස කෙබඳුද?

    පිළිතුර – උසාවියේ නඩු තීන්දුව පිළිගන්නවා සහ ඊට අපි ගරු කරනවා.

    ප‍්‍රශ්නය – මෙම නඩුව පිළිබඳව ගැටලූවක් ඇත්තෙම නැද්ද?

    පිළිතුර – මෙම නඩුව පිළිබඳව ගැටලූවක් ඇතැයි මම සිතනවා. එම නිසා මගේ නීතිඥ මහත්වරුන් ඉහළ අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් අභියාචනයක් ඉදිරිපත් කරාවි.

    ප‍්‍රශ්නය – ඇත්තෙන්ම ඔබ වහන්සේ උසාවියට අපහාසයක් කළේ නැතිද?

    පිළිතුර – පැහැදිලිව නැහැ. එහෙම අරමුණක් මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ. මම අධිකරණයට අපහාස කළේ නැහැ. මම කතා කළේ කුමක්ද යන්න එතන හිටපු ඕනෑම කෙනෙක්ගෙන් හරියට දැන ගන්න පුළුවන්. ඒ වගේම එතන පැවැති නඩු කටයුත්තට මම බාධා කළේ නැහැ. එම නඩුව අවසන් වෙලා පිරිස එළියට ගිය පසු මම නඩුකාරතුමාගෙන් විමසා සිටියේ ස්වාමිනී මට කතා කරන්න පුළුවන්ද යන්න කියලයි. එතුමා මට එපා කිව්වේවත් නවත්වන්න කිව්වෙවත් නැහැ. ඉන්පසුව මම කතා කළා. මම විමසා සිටියේ ස්වාමිනී මේ අයට ඇප දෙන්න බැරිද කියලා පමණයි.

    ප‍්‍රශ්නය – නමුත් හාමුදුරුවනේ මෙම නඩුවට අදාළ චෝදනා පත‍්‍රයේ සඳහන්ව තිබෙන්නේ ඔබ වහන්සේ ඇප දෙන්න බල කළා කියලා නොවේද?

    පිළිතුර – මම එහෙම බල කිරීමක් කළේ නැහැ. මම විමසා සිටියේ ස්වාමීනි මේ අයට ඇප දෙන්න ක‍්‍රමයක් නැද්ද කියලයි. මම නඩුකාරවරයා සමග විනාඩි දෙක තුනක් කතා කළා. එතනදී මා වැරදියැයි කොහෙවත් කිව්වේ නැහැ. එතුමා අවසානයේ කිව්වේ ඔබ වහන්සේ හාමුදුරු කෙනෙක් නිසා අවස්ථාව ලබාදුන් බවත් වෙනත් අයෙක් වූයේ නම් මීට වඩා තත්ත්වය වෙනස් බවයි. ඒ වගේම තමන් කටයුතු කරන්නේ නීතියේ ප‍්‍රතිපාදනයන්ට යටත්ව බවත් ඔහු සඳහන් කළා. එතුමාගේ දෑත් බැඳ ඇති බවද එතුමා සඳහන් කළා.

    ප‍්‍රශ්නය – ඔබ වහන්සේ පවතින නීතිය වෙනස් කළ යුතු බව එහිදී දැඩි ලෙස ප‍්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තියෙනවා.

    පිළිතුර – ඔව් අපි මෙම රෝම ලන්දේසි නීතිය වෙනස් කළ යුතු බව කියන්නේ මීට බොහෝ කාලයකට පෙර සිටයි. නමුත් මෙහිදී මෙයට වැරදි අර්ථකථනයක් ලැබී තිබීමයි ප‍්‍රශ්නයට මුල. අපි තීන්දුව හෝ නීතිය පිළිගන්නේ නැහැ කියලා කිව්වෙ නැහැ. මේ රටේ මිනිස්සුන්ට නීතිය වෙනස් විය යුතු යැයි කීමට බැරි කමක් නැහැ. අපි කිව්වේ ඒ අර්ථයෙන්. නමුත් උසාවිය මෙය වැරදි ලෙස අර්ථකථනය කරගෙන තියෙනවා.

    ප‍්‍රශ්නය – දිලීප පිරිස් මහත්මාට ඔබ වහන්සේ නපුංසකයා යැයි සඳහන් කළ බව චෝදනා පත‍්‍රයේ තිබෙනවා.

    පිළිතුර – එහෙම දෙයක් චෝදනා පත‍්‍රයට දාපු එක ගැනම අපිට තියෙන්නේ මහ කනගාටුවක්. මොකද එතුමා එහෙමද නැද්ද යන්න නොදැන අපි කොහොමද එතුමාට නපුංශකයා යැයි කියන්නේ. ඇත්තටම එතුමාට අපහාසයක් වෙලා තියෙන්නේ අපි නොකී දෙයක් චෝදනා පත‍්‍රයට දැමීම තුළින් කියලයි මාගේ වැටහීම. අපි එදා කිව්වේ මෙම ඇතිව ඇති තත්ත්වයන්ට නපුංසක ආණ්ඩුවේ නිලධාරීන් වගකියන්න ඕනෑ කියන එක විතරයි. දැන් ඉතිං හැමදෙයක්ම අනිත් පැත්තට යන එකේ මේකත් වෙලා තියෙන්නේ ගොරක දඩ මස් වෙලා තියෙනවා වගේ දෙයක් තමයි.

    ප‍්‍රශ්නය – ඔබ වහන්සේ අධිකරණය තුළ හැසිරුණේ අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳ නොදැන නෙවෙයි නේද?

    පිළිතුර – ඒක මෙහෙමයි. අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳ අපේ වැටහීමක් තියෙනවා. නමුත් අපි වටහාගෙන සිටියේ එම අධිකරණයේ නඩුකාරතුමා සංවේදි පුද්ගලයකු ලෙසයි. අපට හිතුණා එතුමා සමග කතා කරන්න පුළුවන් කියලා. අපි කතා කළ විට එතුමා අපිව නොවළක්වා සිටියා. ඉන් අනතුරුව තමයි දිලීප පීරිස් මහත්මා අධිකරණය තුළට ඇවිත් ගිරිය පුප්පා කෑ ගහලා ගැටුමක් ඇති කර ගත්තේ. එහිදී තමයි මම සඳහන් කළේ නපුංසක ආණ්ඩුවේ නිලධාරීන් මේ තත්ත්වයන්ට වගකියන්න ඕනෑ වග. එහෙම නැතිව එකම පුද්ගලයකු ඉලක්ක කරගෙන මම අදහස් ප‍්‍රකාශ කළේ නැහැ. කොටින්ම කියනවනම් මම ඒ වෙලාවේ හිතුවේ දෑත්වලට මාංචු දාගෙන කඳුළු පිරි දෑසින් කූඩුවෙන් බිමට බහින අපගේ වීරෝධාර බුද්ධි අංශ සාමාජිකයන් ගැන පමණයි.

    ප‍්‍රශ්නය – සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ වැරදිකරු වූ ඔබ වහන්සේ මේ මොහොත වන විට ඉන්නේ ඇප මතයි. එම නඩුවේ තත්ත්වය කෙබඳු වේද?

    පිළිතුර – එම නඩුවත් අභියාචනාධිකරණයට යොමු කර තිබෙන්නේ. නඩුව ඉදිරියේදී විමසාවි. ඒ ගැන අපි බලාගෙන ඉන්නවා.

    ප‍්‍රශ්නය – ඔබ වහන්සේට මේ වන විට සිරද`ඩුවම් නියම වී හමාරයි. ජනාධිපති සමාවක් අපේක්‍ෂාවෙන් පසුවන්නේද?

    පිළිතුර – මේ ටිකට කතා කළ බොහෝ දෙනෙක් සඳහන් කළේ ජනාධිපතිතුමාගෙන් ජනාධිපති සමාව ඉල්ලූවොත් හොඳයි කියලා තමා. බොදුබල සේනා සංවිධානයේ අය ඒ ගැන සාකච්ඡා කරලා හරි තීන්දුවක් ගනීවි.

    ප‍්‍රශ්නය – ඔබ වහන්සේව සිරගත කිරීමෙන් අනතුරුව ඔබවහන්සේ කරගෙන ආ ජාතික කාර්යභාරයට අත්වන ඉරණම මොකක්ද?

    පිළිතුර – මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මට හිතෙනවා එළියේ හිටපු ඥානසාර හිමිට වඩා සිරගතව සිටින ඥානසාර හිමි ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න ප‍්‍රබල සාධකයක් වේවි. අපේ ස්වාමීන් වහන්සේලාගෙන් හා දේශපේ‍්‍රමි බලවේගයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුව දවසින් දවස එක එක සිදුවීම් නිර්මාණය කරනවා. ඒවා පාදක කරගෙන මොවුන් රටේ දැවෙන ප‍්‍රශ්න යටපත් කරනවා. එම උගුලට අසු නොවී ඇත්ත මතු කිරීමට කටයුතු කරන්නයි.

    ප‍්‍රශ්නය – ඔබ වහන්සේ සංඝනුභාවේන නමින් සංවිධානය කර තිබූ කටයුත්තට මොකද වෙන්නේ?

    පිළිතුර – මම අපේ ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ ඒ මහා පිංකම යථාර්ථයක් කරගන්න ඔබ වහන්සේලාගේ සියලූ සහය දෙන ලෙසයි. රටේ පිරිහුන අධ්‍යාත්මිකත්වය සුවපත් කිරීමේ අරමුණින් තමයි සංඝානුභාවේන නමින් ජාතික චීවර පූජාව සංවිධානය කළේ. අධර්මය පරදවා ධර්මය දිනවන ඒ මහා කර්තව්‍යයට සහය දෙන්නැයි නැවතත් ඉල්ලා සිටිනවා.

    ප‍්‍රශ්නය – ඔබ වහන්සේගේ අසනීප තත්ත්වය ගැන නොයෙකුත් කටකතා ප‍්‍රචාරය වෙනවා. අධිකරණ තීන්දුව පිළිබඳව දැනගෙනද රෝහල් ගත වුණේ.

    පිළිතුර – කොහොමත්ම නැහැ. මීට කාලයකට පෙර සිට කොඳු ඇට පෙළේ වේදනාවක් තිබුණා. ඒ පිළිබඳව පරීක්‍ෂා කරගන්න තමයි රෝහලට ආවේ. එහිදී ඔවුන් මාව රෝහල් ගත කළා. ඊට පෙරත් 2016 අවුරුද්දෙ මැද භාගයේ කළුබෝවිල රෝහලේ ශල්‍යකර්මයක් කළා. ඒ මුත‍්‍රාශයේ ගල් සම්බන්ධව. එහිදී සඳහන් කළේ වකුගඩුවේ ගල් තවදුරටත් තිබෙන බවයි. ඒ පිළිබඳව ශල්‍යකර්මයක් සඳහායි රෝහල් ගතවීම සිදුවූයේ.

    ප‍්‍රශ්නය – ඔබ වහන්සේ සිරගත කිරීමත් සමග රට තුළ මේ පිළිබඳව මහත් කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබ වහන්සේ රටට දෙන පණිවුඩය කුමක්ද?

    පිළිතුර – මෙම තීන්දුව උපේක්‍ෂා සහගතව සහ ඉවසීමෙන් බාර ගන්නා ලෙස මම සියලූ ස්වාමීන් වහන්සේලා ඇතුළුව රටේ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සදහා ශික්ෂණය අප සතුව තිබිය යුතුයි.

  • රට ගොඩ නගන්න නම් වත්මන් දේශපාලනය වෙනස් කළ යුතුයි… එදා කිව් කටින් ඒ ලෙසම අදත් අනුර විලාප දෙයි

    රට ගොඩ නගන්න නම් වත්මන් දේශපාලනය වෙනස් කළ යුතුයි… එදා කිව් කටින් ඒ ලෙසම අදත් අනුර විලාප දෙයි

    රට ගොඩනැගීමට නම් වත්මන් දේශපාලන තත්ත්වය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
    ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ මෙතෙක් රට පාලනය කළ කිසිදු පක්ෂයක් රට ගොඩනැගීම වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.
    රත්නපුර ගොඩකවෙල  ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
  • හොඳ හොඳ සෙල්ලං එළිවෙන්නෙ පස්සටලු…. දුම්රිය වර්ජනයේ අදිසි හස්තය බැසිල්

    හොඳ හොඳ සෙල්ලං එළිවෙන්නෙ පස්සටලු…. දුම්රිය වර්ජනයේ අදිසි හස්තය බැසිල්

     

    අද දක්වා පැවති දුම්රිය වැඩවර්ජනයේ ක්‍රියාකාරී නායකයකු වන දුම්රිය ලොකොමෝටිව් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වල සඳහන් වේ. 

    එබැවින් දුම්රිය වැඩවර්ජනයේ අදිසි හස්තය බැසිල් රාජපක්ෂක මහතා බව අමුතුවෙන් කිවයුතු නැත.

    කවදත් ඩීල් පප්පකු සේ ප්‍රස්ද්ධිය උසුලන බැසිල් රාජපක්ෂ යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජපක්ෂ නමටත් නිගාවක් බව අමුතුවෙන් කියන්නට දෙයක් නෑ කියල ඔබට මට අලුත් දෙයක් නොවන නිසා බැසිල් ගැන අලුත් දෙයක් ලියන්න දෙයක් නැත.

    එහෙත් අසරණ දුම්රිය සේවයින් ගැන කියන්නට ඇත්තේ අප්‍රමාණ දුකකි අභිමානයෙන් රස්සාවට ගෙදර එන ඔවුනට අද ගෙර යන්න වෙන්නේ රටේ සුවහසක් මිනිසුන්ගේ කටින් ඔවුන්ගේ දරු මුණුපුරන්ට මාය්යන්ට ඉල්ලූ හෙන ගෙඩිත් කරපින්නාගෙනය.දේශපාලන වාසි තකා රටේ වැඩකරන ජනතාවත් ඔවුන්ගේ දරුමුණුපුරුණුත්ටත් හෙන ඉල්ලවන  මෙවන් දෙශපාලුවන් හා මෙවන් දොඩංතැන්න වැන් වේසාහුත්තීයසමිතිනායකයිනුත් අපේමේ ලක්දෙරණින් භංගවේවා යයි ඒකායන පැතුමින් මේ ලිපිය ලියමි…

    – රටට ආදරේ සුපිරි ගොසිප් පාඨකයෙක්