ජනපතිගේ මැදිහත් වීමෙන් යකඩ  යකුන්ගේ වර්ජනය අවසන්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.  දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ තම ගැටළුවලට විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව හේතුවෙන් වර්ජනය අත්හිටවූ බවයි.  
විශ්වාසය බිඳවැටුනු එජාප පාක්ෂිකයින් එ්කරාශී කර ගනිමින් නව දේශපාලන ගමනකට අරඅඳී

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තායක සූදානම් වන බවට ආරංචි ලැබී ඇත. වර්තමාන දේශපාලනයේ විශාල හිඩැසක් පවතින බවත් එය පිරවීමට නව දේශපාලන ව්‍යාපාරය හරහා කටයුතු කරන බවයි ඔහු කියා සිටී. සැප්තැම්බර් මස අවසානයේදී නව දේශපාලන ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කරන බවයි ඔහු…
තබ්බෝව ජලාශයේ ජලය හිටිහැටියේ අතුරුදහන් වෙලා

පසුගිය වර්ෂා සමයේ ගොඩබිම් රැසක් ජලයෙන් යට කරමින් අක්කර අඩි 15.400 ක ජලය රඳවාගෙන සිට පෝෂණය වූ තබ්බෝව ජලාශයේ මේ වන විට දැඩි ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇත.  පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පෙන්වා දෙන්නේ සියල්ල උඩුයටිකුරු කරමින් මාස තුනක් ගතවීමටත් මත්තෙන්…
ජාත්‍යන්තර තරුණ දිනය අදට යෙදී ඇත

ජාත්‍යන්තර තරුණ දිනය අදට (12) යෙදී තිබේ.  තරුණ තරුණියන් සඳහා සුරක්ෂිත පරිසරයක් හා වටපිටාවක් නිර්මාණය කිරීම යන්න මෙවර එහි තේමාව වන අතර ජාත්‍යන්තර තරුණ දිනය පිළිබඳ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රංග ශාලාවේ දී අද පැවැත් වේ.…
මහින්ද හොර රහසේ සාකච්ඡා පවත්වා වැඩේ නා ගනී

ආණ්ඩුවේ සුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රහස් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (09) මෙම සාකච්ඡා පවත්වා ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන සුළු පක්ෂ නායකයන් වෙන…
සැප්තැම්බර් 01 සිට හැඳුනුම්පත් අයැදුම්පතටත් ගාස්තුවක්

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු සැප්තැම්බර් මස 01 වැනිදා සිට ඉහළ දැමීමට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඊට අදාළව පසුගිය 7 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති අතර ඒ අනුව පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා…
දුම්රිය වැටුප් වැඩි කළොත් සමාන්තර සේවා 35 ක ප්‍රශ්න ඇති වෙනවා

දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කළහොත් ඊට සමාන්තර සේවාවන් තල 35 ක සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සිදුවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.    වර්ජනය කළ පමණින් වැටුප් වැඩි කිරීමට රජය බැඳී නොමැති බවත්, එසේ වැඩි කළහොත් ඒ සඳහා වැය…
සිංගප්පූරු ගිවිසුමට ජනපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත. ජාත්‍යන්තර වෙළෙඳ නීතිය හා විදේශ ප්‍රතිපත්ති යන විෂයයන් සම්බන්ධයෙන් ප්‍රවීණයන් පස් දෙනකු මෙම කමිටුවට ඇතුළත් වනු ඇත. මේ…
විපක්‍ෂ නායක සම්බන්ධන්ම තමයි; කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

ව්‍යවස්‌ථානුකූලව හා සම්ප්‍රදායානුකූලව විපක්‍ෂ නායක ධුරයේ වෙනසක්‌ කළ නොහැකි නිසා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා තවදුරටත් විපක්‍ෂ නායකයා ලෙස තීරණය කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (10 ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ සම්ප්‍ර්‍රදායට අනුව අතීතයේ සිට විපක්‍ෂ…
කරුණානිධිගේ මරණයට මුලතිව් ජනයා රතිඤ්ඤා දල්වා සතුට පළකරයි

තමිල්නාඩු හිටපු මහ ඇමැති මුත්තුවේල් කරුණානිධි මහතා ජීවිතක්‍ෂයට පත්වීමෙන් අනතුරුව මුලතිව් ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වූ බව මුලතිව් ප්‍රදේශවාසීහූ පවසති.    ඔවුන් පවසා සිටියේ උතුරේ බහුතර පිරිසක්‌ කරුණානිධි මහතා මියයැමේ පුවත ඇසීමෙන් සතුටට පත්වූ බවයි.    අවසන් යුද සමයේ…
ලක්‍ෂපති කෝච්චි ඩ‍්‍රයිවර්ලාගේ හිඟන වැඩ වර්ජනය

පෙරේදා සවස 3.00 ට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අරඹන ලද හිඟන දුම්රිය වැඩවර්ජනය නිසා මහ මඟ අනාථ වූ අසරණ මිනිසුන්ගේ සාපය දුම්රිය එන්ජින් ඩ‍්‍රයිවර්ලා ලෙස හඳුන්වන නීච කාලකණ්ණින් පිටුපස ආත්මයක් ආත්මයක් ගාණේ ඇදී එනු ඇත්තේ එන්ජිම පිටුපස ඇදී එන කෝච්චි…
දුමිරිය පඩි වැඩි නොකරන්න තීන්දු කලේ කැබිනට් මණ්ඩලයමයි

දුම්රිය සේවකයින්ගේ පඩි වැඩි නොකිරීමට ගත් තීන්දුව කැබිනට් මණ්ඩලය විසින්ම අනුමත කරන ලද්දක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවසීය. කැබිනට් මණ්ඩලයට ඕනෑම යෝජනාවක් ගෙන ඒමට හැකියාව තිබුණද එහි සියලු දෙනාගේ එකඟතාවය මත ගන්නා තීණ්දුව අවසන් තීන්දුව බව…
ජනබලසේනා කඩාකප්පල් කලේ බැසිල්

ඒකාබද්ද විපක්‍ෂය විසින් මෑතකදී කොළඹ සංවිධානය කර තිබූ විරෝධතාවය ඉතාම අසාර්ථක බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. එම විරෝධතාවය ආසාර්ථක කරවීම සදහා බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පණිවුඩ යවා තිබූ බවද ඔහු සදහන් කරයි. විමල්…
ආවා කල්ලි නායකයෙක් අල්ලයි

යාපනයේදී පුද්ගලයින්ව කඩුවලින් කපා කොටා තුවාල සිදුකරමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගන්නා කල්ලි දෙකකට අයත් සාමාජිකයින් දස දෙනෙකු යාපනයේ විවිධ ස්ථානවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අය ළග තිබී අපරාධ සඳහා භාවිත කළ යතුරු පැදියක්, කඩු, පිහි, යකඩ පොලු ආදිය…
පොලීසියේ ලොකු පුටු හතර අතට මාරු කෙරේ

නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරී සහ සහකාරා පොලිස් අධිකාරීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
පොලීසිය නිදි… ගාල්ල උසාවියේ නඩුභාණ්ඩ ගබඩාවටත් හොරු පනී….

අද (4) අලුයම දොළහයි තිහට පමණ උණවටුන පැරණි සලුසල භූමියේ පිහිටි ගාල්ල අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවට ඇතුලු වූ සොරුන් පොලීසිය පැමිණෙන විට පලා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය පවසයි. මෙම නඩු භාණ්ඩ ගබඩාවට සොරුන් ඇතුලුවී ඇති බවට ලැබුණු තොරතුරක් මත අද…