රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නඩු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත නඩු දැමීමට තමන් සූදානම් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලිපියක් යොමු කරමින් දන්වා තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෙත යොමු කර ඇති එම ලිපියෙන් කියැවෙන්නේ කරුණු කිහිපයක් මුල් කරගෙන රජයේ…
උ/පෙළ හා ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ ලංගම බස් සේවාවක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අදාළ විභාග කාලසීමාව තුළ දී විශේෂ බස් රථ සේවා යොදවන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරයි. ඒ වෙනුවෙන් බස් රථ 770ක් යෙදවීමට…
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන විද්වත් වාර්තාවක් ජනපතිගෙන් එස්බී ඉල්ලයි

කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අත්සන් කළ බව කියන ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත්කර වාර්තාවක් ලබා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමක්…
වැටුප් වැඩි වනවාට පක්‍ෂවල නායකයෝ ඒකමතිකව එකඟ වුනා

මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පසුගිය මස (ජුලි) 17 දා පැවති පක්‍ෂ නායක රැස්‌වීමේදී ඒකමතිකව අනුමත වූ බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසයි.    එම රැස්‌වීමට පැමිණ සිටි ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්‌ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මෙන්ම ජනතා…
“ආවා” එපා… යාපනය ග්‍රාමසේවක වරු වර්ජනයක

ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් යාපනය කෝපායි බලප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවක වරුන් ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වලින් ඉවත්ව (01) උදෑසන සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු වල නිරතව සිටිති. පසුගිය 29 වනදා යාපනයේ නිවාස 4කට පහරදීමක් සිදු වූ අතර එම පහරදීම සිදු වූ නිවාසවලින්…
ගාමිණි සෙනරත් ඇතුළු 4කට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්න සිතාසි

රජයට අයත් රුපියල් මිලියන 500 ක මුදලක්‌ සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 24 ක්‌ යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට ලබන 24 වැනිදා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින…
මහරගමට බයිසිකලයෙන් ආ අයට එරෙහි පෙත්සම අකුලා ගනී…

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මෝටර් සයිකලය ලකුණින් තරග කර මහරගම නගර සභාව සඳහා තේරීපත් වූ නාගරික මන්ත‍්‍රීවරුන් 23 දෙනාගේ ධුර අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණු රීට් පෙත්සම ඉවත් කර ගෙන ඇත. මහරගම ප‍්‍රදේශයේ ඡන්ද දායකයෙකු…
රටපුරා වෛද්‍ය සායන 12,000ක්

වත්මන් රජයට වසර තුනක් සම්පූර්ණ වන අගෝස්තු 15දා සිට වසරක කාලයක් තුළ රටපුරා සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි වෛද්‍ය සායන 12,000ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. ඒ අනුව සෑම…
වෛද්‍යවරයකුගෙන් පගාව ගන්න ගිය කම්කරු නිලධාරීහු 2 කට වැඩ වරදී…

වෛද්‍යවරයකුගෙන් රුපියල් නවදහසක අල්ලසක්‌ ලබා ගැනීමට උත්සාහ කළ කම්කරු කොමසාරිස්‌ කාර්යාල නිලධාරීන් දෙදෙනකු අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය කම්කරු කොමසාරිස්‌ කාර්යාලයට අනුයුක්‌තව රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරියෙකු සහ…
නීති විරෝධී ප්‍රදේශවල සරුංගල් යවන්න එපා… එය දඬුවම් ලැබිය හැකි වරදක්

නීති විරෝධී ප්‍රදේශවල සරුංගල් යැවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂක විසින් ජනතාවට දැනුම් දී ඇත. ගුවන් තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී හා දඩුවම් ලැබිය හැකි ක්‍රියාවක් බවයි මෙහිදී ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසන්නේ.  ගුවන්…
ජීඑල් ගෙන් මැතිවරණ කොමිසමට නඩු

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබියදී එය මගහරින මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කඩිනමින් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්‌ මහතා ඊයේ (30) පැවැසීය. ශේ්‍රෂ්ඨාධිකරණයේ සැසිය මේ සතියේ අවසන් වනබවත් එහි අලුත්…
ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිංසා වික්‍රමතුංගගෙන් සී.අයි.ඩී.යට ප්‍රකාශයක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඒ මහතාගේ දියණියගෙන් නැවත වරක් ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධ නඩුව මේ වන විට ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් පවතියි. ඒ මහතාගේ…
හිටපු ඇමැතිගේ ගෙදර හොර අරක්කු තැබෑරුමක්

හිටපු  ඇමැතිවරයකුට අයත් කොළඹ 7 ප්‍රදේශයේ සුවිසල් නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කැරොකේ සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට සුදානම් කර තිබූ බියර් කෑන් 121 කොළඹ නගරය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) සොයාගන්නා ලදී. කොළඹ නගරයේ ප්‍රසිද්ධ…
ගුරුවරු දෙදෙනා එකතු වී 16 හැවිරිදි සිසුවිය අතරවරයට ලක් කල හැටි

මීට දින කිහිපයකට පෙර නිර්ණාමික පෙත්සමක් හා අසභ්‍ය වීඩි‍යෝ පට කිහිපයක් මොණරාගල පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණි. පොලිස් අධිකාරීවරයා ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර ඒ සමඟ කාලයත් සමඟ වැළලී යන්නට තිබූ තවත් එක ඛේදවාචකයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් විය.…
Macquarie Group හි ප්‍රධාන විධායක ධූරය පළමු වරට ලාංකික කතකට

ඔස්ට්‍රේලියාවේ (Macquarie Group) මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පළමු වතාවට ශ්‍රි ලංකාවේ කාන්තාවක් පත් කර තිබේ. ඒ ෂිමාරා වික්‍රමණායක මහත්මියයි. එම මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ධුරයට පළමුවර කාන්තා නියෝජනය මෙය විමද විශේෂත්වයකි. (Macquarie Group) මුල්‍ය සමාගමේ සේවකයික් 14…
ජනපති මෛත්‍රී මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  (29) පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය. මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නෑන්ඩු සහ පරිපාලක පියතුමා වන එමිලියානුන්පිල්ලෙයි පියතුමන්ලා විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගත් අතර, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ පියතුමන්ලා…